යෙදුමෙන් කියවන්න

3. සුප‍්පබුද‍්ධකුට‍්ඨිසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

3. සුප‍්පබුද‍්ධකුට‍්ඨිසුත‍්තවණ‍්ණනා

3. සුප්පබුද්ධකුට්ඨි සූත්‍ර වර්ණනාව

තතියෙ රාජගහෙ සුප‍්පබුද‍්ධො නාම කුට‍්ඨී අහොසීති සුප‍්පබුද‍්ධනාමකො එකො පුරිසො රාජගහෙ අහොසි. සො ච කුට‍්ඨී කුට‍්ඨරොගෙන බාළ‍්හවිදූසිතගත‍්තො. මනුස‍්සදලිද‍්දොති යත‍්තකා රාජගහෙ මනුස‍්සා තෙසු සබ‍්බදුග‍්ගතො. සො හි සඞ‍්කාරකූටවතිආදීසු මනුස‍්සෙහි ඡඩ‍්ඩිතපිලොතිකඛණ‍්ඩානි සිබ‍්බිත්‍වා පරිදහති, කපාලං ගහෙත්‍වා ඝරා ඝරං ගන‍්ත්‍වා ලද‍්ධආචාමඋච‍්ඡිට‍්ඨභත‍්තානි නිස‍්සාය ජීවති, තම‍්පි පුබ‍්බෙ කතකම‍්මපච‍්චයා න යාවදත්‍ථං ලභති. තෙන වුත‍්තං “මනුස‍්සදලිද‍්දො”ති. මනුස‍්සකපණොති මනුස‍්සෙසු පරමකපණතං පත‍්තො. මනුස‍්සවරාකොති මනුස‍්සානං හීළිතපරිභූතතාය අතිවිය දීනො. මහතියා පරිසායාති මහතියා භික‍්ඛුපරිසාය චෙව උපාසකපරිසාය ච.

තෙවැන්නෙහි, රාජගහෙ සුප්පබුද්ධො නාම කුඩ්ඪි අහොසි යනු රජගහ නුවර සුප්‍රබුද්ධ නම් පුරුෂයෙකු වූයේය. ඔහු කුෂ්ට රෝගයෙන් දැඩිසේ විරූපී වූ ශරීර ඇත්තේය. මනුස්ස දළිද්දො යනු රජගහනුවර යම්තාක් මිනිස්සු සිටිත්ද? ඔවුනතර සියල්ලන්ටම වඩා අතිශය දිළින්දෙකි. හෙතෙම කසල ගොඩවල් වැටවල් ආදීන්හි මිනිසුන් විසින් ඉවත දමන ලද රෙදිකඩවල් මසා අඳියි. කබලක් ගෙන ගෙන් ගෙට ගොස් ලද, බතෙක් ඉවත් කරන කැඳවතුර ඉඳුල්බත් හේතුකොට ජීවත් වේ. එයද පෙර කරන ලද කර්ම හේතුවෙන් ඇතිතාක් නොලබයි. එහෙයින් දිළිඳු මිනිසෙකැයි යූ.සේයි. මනුස්ස කපණො යනු මනුෂ්‍යයින් අතර අතිශය දිළිඳු බවට පත්, මනුස්ස වරාකො යනු මිනිසුන්ගේ පිළිකුලට හා නින්දාවට පත් හෙයින් අතිශයින් දීණ වූ. මහතියා පරිසාය යනු මහත් භික්‍ෂු පිරිසක් විසින්ද, උපාසක පිරිසක් විසින්ද,

එකදිවසං කිර භගවා මහාභික‍්ඛුසඞ‍්ඝපරිවාරො රාජගහං පිණ‍්ඩාය පවිසිත්‍වා භික‍්ඛූනං සුලභපිණ‍්ඩපාතං කත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතප‍්පටික‍්කන‍්තො කතිපයභික‍්ඛුපරිවාරො නික‍්ඛන‍්තො යෙහි දානං දින‍්නං, තෙසං උපාසකානං අවසෙසභික‍්ඛූනඤ‍්ච ආගමනං ආගමයමානො අන‍්තොනගරෙයෙව අඤ‍්ඤතරස‍්මිං රමණීයෙ පදෙසෙ අට‍්ඨාසි. තාවදෙව භික‍්ඛූ තතො තතො ආගන‍්ත්‍වා භගවන‍්තං පරිවාරෙසුං, උපාසකාපි “අනුමොදනං සුත්‍වා වන්‍දිත්‍වා නිවත‍්තිස‍්සාමා”ති භගවන‍්තං උපසඞ‍්කමිංසු, මහාසන‍්නිපාතො අහොසි. භගවා නිසීදනාකාරං දස‍්සෙසි. තාවදෙව බුද‍්ධාරහං ආසනං පඤ‍්ඤාපෙසුං. අථ භගවා අසීතිඅනුබ්‍යඤ‍්ජනප‍්පටිමණ‍්ඩිතෙහි ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණෙහි විරොචමානාය බ්‍යාමප‍්පභාපරික‍්ඛෙපසමුජ‍්ජලාය නීලපීතලොහිතොදාතමඤ‍්ජෙට‍්ඨපභස‍්සරානං වසෙන ඡබ‍්බණ‍්ණබුද‍්ධරංසියො විස‍්සජ‍්ජෙන‍්තියා අනුපමාය රූපකායසිරියා සකලමෙව තං පදෙසං ඔභාසෙන‍්තො තාරාගණපරිවුතො විය පුණ‍්ණචන්‍දො භික‍්ඛුගණපරිවුතො පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසීදිත්‍වා මනොසිලාතලෙ කෙසරසීහො විය සීහනාදං නදන‍්තො කරවීකරුතමඤ‍්ජුනා බ්‍රහ‍්මස‍්සරෙන ධම‍්මං දෙසෙති.

එක් දිනක වනාහි භාග්‍යවතුන් වහන්සේ මහ බික්සඟ පිරිවරන ලදුයේ රජගහනුවර පිඬු පිණිස පිවිස භික්‍ෂූන්ට පිණ්ඩපාත සුලභකොට පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ භික්‍ෂූන් කිහිප නමක් පිරිවරන ලදුව යම්කෙනෙකුන් විසින් දානය දෙන ලදද? එම උපාසකයන්ගේද සෙසු භික්‍ෂූන්ගේද පැමිණීම බලාපොරොත්තු වනුයේ නගරාභ්‍යන්තරයෙහිම එක්තරා මනහර පෙදෙසක සිටියේය. එකෙණෙහිම භික්‍ෂූහු ඒ ඒ තැනින් අවුත් භාග්‍යවතුන් වහන්සේ මනාසේ පිරිවැරූහ. උපාසකවරුද අනුමෝදනාවද අසා වැඳ නවතින්නෙමුයි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුනහ. විශාල ජනතා එකතුවක් විය. භාග්‍යවතුන් වහන්සේ හිඳිනා කාරයක් දැක්වීය. එකෙණෙහිම බුදුරදුන්ට සුදුසු අසුනක් පැනවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, අසූ අනූ ව්‍යඤ්ජනයන්ගෙන් ප්‍රතිමණ්ඩිත, දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් බබලන, බඹයක් පමණ වටරවුමෙහි බබලන, නිල්, කහ, රතු, සුදු, මදටිය (මිශ්‍ර) ප්‍රභාෂ්වර වශයෙන් වූ, ෂට්වර්ණ බුද්ධරශ්මීන් විහිදුවමින්, රූපකායශ්‍රීයෙන් එම මුලු පෙදෙසම බබුලුවමින් තාරා සමූහයා විසින් පිරිවරන ලද පුන්සඳක් මෙන් බික්සඟ පිරිවැරුනේ පනවන ලද, උතුම් බුද්ධාසනයෙහි වැඩහිඳ හිරියල් තලයක හුන් කේශර සිංහයෙක් සිංහ නාදය නාදකරන්නාක් මෙන් කොවුල් නද වැනි මිහිරි උතුම් ස්වරයෙන් දම් දෙසයි.

භික‍්ඛූපි ඛො අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා පවිවිත‍්තා අසංසට‍්ඨා ආරද‍්ධවීරියා පහිතත‍්තා චොදකා පාපගරහිනො වත‍්තාරො වචනක‍්ඛමා සීලසම‍්පන‍්නා සමාධිසම‍්පන‍්නා පඤ‍්ඤාසම‍්පන‍්නා විමුත‍්තිසම‍්පන‍්නා විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නා මෙඝවණ‍්ණං පංසුකූලචීවරං පාරුපිත්‍වා සුවම‍්මිතා විය ගන්‍ධහත්‍ථිනො භගවන‍්තං පරිවාරෙත්‍වා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති. උපාසකාපි සුද‍්ධවත්‍ථනිවත්‍ථා සුද‍්ධුත‍්තරාසඞ‍්ගා පුබ‍්බණ‍්හසමයං මහාදානානි පවත‍්තෙත්‍වා ගන්‍ධමාලාදීහි භගවන‍්තං පූජෙත්‍වා වන්‍දිත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිපච‍්චකාරං දස‍්සෙත්‍වා භගවන‍්තං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච පරිවාරෙත්‍වා සංයතහත්‍ථපාදා ඔහිතසොතා සක‍්කච‍්චං ධම‍්මං සුණන‍්ති. තෙන වුත‍්තං – “තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම‍්මං දෙසෙන‍්තො නිසින‍්නො හොතී”ති.

භික්‍ෂූහු ද වනාහි අල්පේච්ඡ වූවාහු ලද දෙයින් සතුටු වූවාහු, විවේකයෙහි ඇලුනාහු ගිහියන් හා නොගැටුනාහු, පටන්ගත් වීර්ය ඇත්තාහු හළ ආත්ම තෘෂ්ණාව ඇත්තේ, චෝදක වූවාහු පාපයට ගරහන්නාහු අන්‍යයාට උපදෙස් දෙන්නාහු, අන්‍යයාගේ වචන ඉවසන්නාහු සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන සම්පන්න වූවාහු කලුවන් පංශුකූල සිවුර පොරවා, මනාසේ සන්නද්ධ කළ ගඳැතෙක් බඳු භාග්‍යවතුන් වහන්සේ පිරිවරා කන්යොමා දහම් අසති. උපාසකයෝ ද පිරිසිදු වස්ත්‍ර හැන්දාහු, පිරිසිදු උතුරුසළුවලින් යුක්ත වූවාහු, පෙරවරු මහදන් පවත්වා සුවඳ මල් ආදියෙන් බුදුරදුන් පුදා, වැඳ බික්සඟනට යටහත් පහත් බව දක්වා භාග්‍යවතුන් වහන්සේද බික්සඟනද පිරිවරා සන්සුන් අත්පා ඇතියේ කන් යොමන ලදුයේ සකස්ව දම් දෙසති. එහෙයින් තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො නිසින්නොහොතියි යූ.සේයි.

සුප‍්පබුද‍්ධො පන ජිඝච‍්ඡාදුබ‍්බල්‍යපරෙතො ඝාසපරියෙසනං චරමානො අන‍්තරවීථිං ඔතිණ‍්ණො දූරතොව තං මහාජනසන‍්නිපාතං දිස‍්වා, “කිං නු ඛො අයං මහාජනකායො සන‍්නිපතිතො, අද‍්ධා එත්‍ථ භොජනං දීයති මඤ‍්ඤෙ, අප‍්පෙව නාමෙත්‍ථ ගතෙන කිඤ‍්චි ඛාදනීයං වා භොජනීයං වා ලද‍්ධුං සක‍්කා”ති සඤ‍්ජාතාභිලාසො තත්‍ථ ගන‍්ත්‍වා අද‍්දස භගවන‍්තං පාසාදිකං දස‍්සනීයං පසාදනීයං උත‍්තමදමථසමථමනුප‍්පත‍්තං දන‍්තං ගුත‍්තං සන‍්තින්‍ද්‍රියං සුසමාහිතං තාය පරිසාය පරිවුතං ධම‍්මං දෙසෙන‍්තං, දිස‍්වාන පුරිමජාතිසම‍්භතාය පරිපක‍්කාය උපනිස‍්සයසම‍්පත‍්තියා චොදියමානො “යංනූනාහම‍්පි ධම‍්මං සුණෙය්‍ය”න‍්ති පරිසපරියන‍්තෙ නිසීදි. තං සන්‍ධාය වුත‍්තං – “අද‍්දසා ඛො සුප‍්පබුද‍්ධො කුට‍්ඨී…පෙ… තත්‍ථෙව එකමන‍්තං නිසීදි ‘අහම‍්පි ධම‍්මං සොස‍්සාමී’”ති.

සුප්‍රබුද්ධ වනාහි සාගිනි දුබලතාවයෙන් පෙලුනේ අහර සොයමින් හැසිරෙනුයේ ඇතුල් වීථියට බටුයේ දුරදීම ඒ මහජන හමුව දැක මේ මහජන සමූහය රැස්වූයේ කවර කරුණකින්ද? ඒකාන්තයෙන්ම මෙහි භෝජන දෙනු ලැබේයයි හඟිමි. මෙහි ගිය කල්හි කිසියම් කෑයුත්තතක් (කැවිලි) හෝ බිඳිය යුත්තක් හෝ ඒකාන්තයෙන්ම ලබන්ට හැකියයි හටගත් රුචිකත්වය ඇත්තේ එහි ගොස් පැහැදීම ඇතිකරන, පැහැදීම ගෙනදෙන උතුම් සන්සිඳීමට පත් දැමුණු, රක්නා ලද සන්සුන් ඉඳුරන් ඇති, ඉතා සන්සුන් එම පිරිස පිරිවරන ලදුයේ ධර්මය දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක, පෙර ආත්මයන් හා යුක්ත වූ මේරුණු උපනිශ්‍රය සම්පත්තියෙන් ප්‍රබුද්ධ කරනු ලැබුයේ මම දහම් ශ්‍රවණය කරන්නේ නම් යෙහෙකැයි පිරිස් කෙළවර හිඳගති. ඒ සඳහා අද්දසා ඛො සුප්පබුද්ධො කුට්ඨ -පෙ- තත්‍ථෙව එකමන්තං නිසීදි. අහම්පි ධම්මං සොස්සාමීතියි යූ.සේයි.

සබ‍්බාවන‍්තන‍්ති සබ‍්බාවතිං හීනාදිසබ‍්බපුග‍්ගලවතං, තත්‍ථ කිඤ‍්චිපි අනවසෙසෙත්‍වාති අත්‍ථො. “සබ‍්බවන‍්ත”න‍්තිපි පඨන‍්ති. චෙතසාති බුද‍්ධචක‍්ඛුසම‍්පයුත‍්තචිත‍්තෙන. චිත‍්තසීසෙන හි ඤාණං නිද‍්දිට‍්ඨං, තස‍්මා ආසයානුසයඤාණෙන ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණෙන චාති අත්‍ථො. චෙතො පරිච‍්ච මනසාකාසීති තස‍්සා පරිසාය චිත‍්තං පච‍්චෙකං පරිච‍්ඡින්‍දිත්‍වා මනසි අකාසි තෙ වොලොකෙසි. භබ‍්බො ධම‍්මං විඤ‍්ඤාතුන‍්ති මග‍්ගඵලධම‍්මං අධිගන‍්තුං සමත්‍ථො, උපනිස‍්සයසම‍්පන‍්නොති අත්‍ථො. එතදහොසීති අයං සුප‍්පබුද‍්ධො කිඤ‍්චාපි තගරසිඛිම‍්හි පච‍්චෙකබුද‍්ධෙ අපරජ‍්ඣිත්‍වා ඊදිසො ජාතො, මග‍්ගඵලූපනිස‍්සයො පනස‍්ස පංසුපටිච‍්ඡන‍්නසුවණ‍්ණනික‍්ඛං විය අන‍්තොහදයෙයෙව විජ‍්ජොතති, තස‍්මා සුවිඤ‍්ඤාපියොති ඉදං අහොසි. තෙනාහ – “අයං ඛො ඉධ භබ‍්බො ධම‍්මං විඤ‍්ඤාතු”න‍්ති.

සබ්බාවන්තං යනු සියල්ල ඇතුලත්, හීන, මධ්‍යම, ප්‍රණීත ආදී සියලු පුද්ගලයන් සම්පූර්ණයෙන්, එහි කිසිවෙකුත් අත්නොහැර, සබ්බන්තංයිද කියවති. චෙතසා යනු බුදු ඇස හා යෙදුනු සිතින්, මෙහි චිත්ත ශීර්ෂයෙන් ඤාණය නිර්දිෂ්ටය. එහෙයින් ආසයානුසය ඤාණයෙන්ද, ඉන්‍ද්‍රිය පරො පරියත්ති ඤාණයෙන්දැයි අර්ථයි. චෙතො පරිච්ච මනසා කාසි යනු එම පිරිසෙහි සිත් වෙන වෙනම පිරිසිඳ මෙනෙහි කළේය. ඔව්හු බැලීය. භබ්බො ධම්මං විඤ්ඤාතුං යනු මාර්ගඵල ධර්මය අවබෝධ කරන්ට සමත්ය. උපනිශ්‍රය සම්පන්නයැයි අර්ථයි. එතදහොසි යනු මෙම සුප්‍රබුද්ධ තෙමේ කිසිසේත් තගර සිඛී පසේබුදුන්ට අපරාධකොට මෙබඳුව උපන්නේය. ඔහුගේ මාර්ගඵල සඳහා හේතුසම්පත් පස්වලින් වැසුන රන් නිකක් (රන් කලං 25 බර) මෙන් හෘදයාබ්‍යාපන්තරයෙහිම බබලයි. එහෙයින් පහසුවෙන් අවබෝධ කළ හැකියයි යන මෙය විය. එහෙයින් අයං ඛො ඉධ භබ්බො ධම්මං විඤ්ඤාතුං යි යූ.සේයි.

අනුපුබ‍්බිං කථන‍්ති දානානන‍්තරං සීලං, සීලානන‍්තරං සග‍්ගං, සග‍්ගානන‍්තරං මග‍්ගන‍්ති එවං අනුපටිපාටිකථං. භගවා හි පඨමං හෙතුනා සද‍්ධිං අස‍්සාදං දස‍්සෙත්‍වා තතො සත‍්තෙ විවෙචෙතුං නානානයෙහි ආදීනවං පකාසෙත්‍වා ආදීනවසවනෙන සංවිග‍්ගහදයානං නෙක‍්ඛම‍්මගුණවිභාවනමුඛෙන ච විවට‍්ටං දස‍්සෙති.

ආනුපුබ්බිකථං යනු දානයට අනතුරු සීලය, සීලයට අනතුරු ස්වර්ගය, ස්වර්ගයට අනතරු මාර්ගයැයි මෙසේ අනුපිළිවෙල කථාවයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි ප්‍රථමයෙන් හේතුව සමග ස්වර්ගය පෙන්වා, ඉක්බිති සත්ත්වයින් එහි ඇල්මෙන් වෙන් කරන්ට නොයෙක් ක්‍රමයන්ගෙන් ආදීනව ප්‍රකාශ කොට, ආදීනව වශයෙන් සංවේගප්‍රාප්ත හෘදය ඇත්තවුන්ට නෛෂ්ක්‍රම්‍ය ගුණ පැහැදිලි කිරීම් පරමාර්ථයෙන්ම සසරින් වෙන්වීම පෙන්වයි.

දානකථන‍්ති ඉදං නාම සුඛානං නිදානං, සම‍්පත‍්තීනං මූලං, භොගානං පතිට‍්ඨා, විසමගතස‍්ස තාණං ලෙණං ගති පරායණං, ඉධලොකපරලොකෙසු දානසදිසො අවස‍්සයො පතිට‍්ඨා ආලම‍්බනං තාණං ලෙණං ගති පරායණං නත්‍ථි. ඉදඤ‍්හි අවස‍්සයට‍්ඨෙන රතනමයසීහාසනසදිසං, පතිට‍්ඨානට‍්ඨෙන මහාපථවිසදිසං , ආලම‍්බනට‍්ඨෙන ආලම‍්බනරජ‍්ජුසදිසං, දුක‍්ඛනිත්‍ථරණට‍්ඨෙන නාවාසදිසං, සමස‍්සාසනට‍්ඨෙන සඞ‍්ගාමසූරො, භයපරිත‍්තාණට‍්ඨෙන සුපරිඛාපරික‍්ඛිත‍්තනගරං, මච‍්ඡෙරමලාදීහි අනුපලිත‍්තට‍්ඨෙන පදුමං, තෙසං නිදහනට‍්ඨෙන ජාතවෙදො, දුරාසදට‍්ඨෙන ආසීවිසො, අසන‍්තාසට‍්ඨෙන සීහො, බලවන‍්තට‍්ඨෙන හත්‍ථී, අභිමඞ‍්ගලසම‍්මතට‍්ඨෙන සෙතඋසභො, ඛෙමන‍්තභූමිසම‍්පාපනට‍්ඨෙන වලාහකො අස‍්සරාජා. දානඤ‍්හි ලොකෙ රජ‍්ජසිරිං දෙති, චක‍්කවත‍්තිසම‍්පත‍්තිං සක‍්කසම‍්පත‍්තිං මාරසම‍්පත‍්තිං බ්‍රහ‍්මසම‍්පත‍්තිං සාවකපාරමීඤාණං පච‍්චෙකබොධිඤාණං සම‍්මාසම‍්බොධිඤාණං දෙතීති එවමාදිදානගුණප‍්පටිසංයුත‍්තකථං.

දානකථං යනු මෙම දානය නම් සුවයන්ට නිධානයකි. සම්පත්තීන්ට මුලකි. භෝගයන්ට ප්‍රතිෂ්ඨාවකි. මෙලෝ පරලෙව්හි විසමත්‍වයට පත් සත්ත්වයින්ට ආරක්ෂාවකි. රක්‍ෂා ස්ථානයකි. ප්‍රතිෂ්ඨාවකි. පිහිටකොට ඇත දානය හා සමාන උපකාරයක්, පිහිටීමක්, එල්බගැනීමක්, ආරක්ෂාවක්, රක්‍ෂාස්ථානයක්, පිහිටක්, පිහිටකොට ඇත්තක් නැත. මෙය උපකාරක අර්ථයෙන් රත්නමය සිංහාසනයක් සමානය. ප්‍රතිෂ්ඨා (පිහිටීම්) අර්ථයෙන් මහා පෘථුවිය හා සමානය. එල්බීම් අර්ථයෙන් එල්බෙන වැලක් හා සමානය. දුකින් එතෙර කිරීම් අර්ථයෙන් නැවක් හා සමානය. සනසන අර්ථයෙන් යුද්ධයෙහි දක්‍ෂයෙකු මෙනි. බියෙන් ආරක්ෂා වීම් අර්ථයෙන් මනාව තැනූ තාප්පවලින් වටකළ නගරයක් මෙනි. මසුරුමල ආදීන්ගෙන් නොතැවරුණු අර්ථයෙන් මහනෙල් මලක් හා සමානය. මසුරුමලාදීන්ගේ මනාකොට දැවීම් අර්ථයෙන් ගින්නක් හා සමානය. ඒවාහි දැවීම් අර්ථයෙන් ගින්නක් හා සමානය. ළංවීමට අපහසු අර්ථයෙන් සර්පයෙක් හා සමානය. තැතිගැනීම් නැති අර්ථයෙන් සිංහයෙක් හා සමානය. බලවත් අර්ථයෙන් හස්තියෙකි. උතුම් මංගල සම්මත අර්ථයෙන් සුදු වෘෂභයෙකි. ක්‍ෂේම භූමියට පමුණුවන අර්ථයෙන් වළාහක අශ්වරාජයෙකි. දානය වනාහි ලොව රාජ්‍යශ්‍රීය ගෙන දේ. සක්විති සම්පත් දේ. ශක්‍ර සම්පත්තිය, මාර සම්පත්තිය, බ්‍රහ්ම සම්පත්තිය, ශ්‍රාවක පාරමී ඥානය, පසේබුදු ඥානය, සම්‍යක් සම්බෝධි ඥානය ගෙන දේ යයි මේ ආදී දානය හා සම්බන්ධ කථා.

යස‍්මා පන දානං දෙන‍්තො සීලං සමාදාතුං සක‍්කොති, තස‍්මා දානකථානන‍්තරං සීලකථං කථෙසි. සීලකථන‍්ති සීලං නාමෙතං සත‍්තානං අවස‍්සයො පතිට‍්ඨා ආලම‍්බනං තාණං ලෙණං ගති පරායණං. ඉධලොකපරලොකසම‍්පත‍්තීනඤ‍්හි සීලසදිසො අවස‍්සයො පතිට‍්ඨා ආලම‍්බනං තාණං ලෙණං ගති පරායණං නත්‍ථි, සීලාලඞ‍්කාරසදිසො අලඞ‍්කාරො, සීලපුප‍්ඵසදිසං පුප‍්ඵං, සීලගන්‍ධසදිසො ගන්‍ධො නත්‍ථි, සීලාලඞ‍්කාරෙන හි අලඞ‍්කතං සීලකුසුමපිළන්‍ධිතං සීලගන්‍ධානුලිත‍්තං සදෙවකො ලොකො ඔලොකෙන‍්තො තිත‍්තිං න ගච‍්ඡතීති එවමාදීහි සීලගුණප‍්පටිසංයුත‍්තකථං.

දන් දෙන්නේ සිල් සමාදන් වන්ට හැකි වේ. එහෙයින් දාන කථාවට අනතුරුව සීල කථාව කියයි. සීලං කථං යනු එම සීලය නම් සත්ත්වයින්ට උපකාරයකි. පිහිටීමකි. එල්බ ගැනීමකි. ආරක්ෂාවකි. රක්‍ෂා ස්ථානයකි. පිහිටකි. පිහිටකොට ඇත්තකි. මෙලෝ පරලෝ සම්පත්තීන්ට සීලය හා සමාන උපකාරයක්, පිහිටීමක්, එල්බ ගැනීමක්, ආරක්ෂාවක්, රක්ෂා ස්ථානයක්, පිහිටක්, පිහිට කොට ඇත්තක් නැත. සීලය හා සමාන අලංකාරයක්, සීල පුෂ්පය නමැති පුෂ්පයක්. සීල සුවඳ නමැති සුවඳක් නැත. සීලාලංකාරයෙන් අලංකෘත, සිල් කුසුම පැළඳූ සිල් සුවඳ ආලේප කරන ලදුයේ, (ඔහු දෙස) දෙවියන් සහිත ලෝකයා බලනුයේ තෘප්තියට නොයයි මේ ආදීන්ගෙන් සිල්ගුණ හා යෙදුන කථාව.

ඉදං පන සීලං නිස‍්සාය අයං සග‍්ගො ලබ‍්භතීති දස‍්සෙතුං සීලානන‍්තරං සග‍්ගකථං කථෙසි. සග‍්ගකථන‍්ති සග‍්ගො නාම ඉට‍්ඨො කන‍්තො මනාපො, නිච‍්චමෙත්‍ථ කීළා නිච‍්චසම‍්පත‍්තියො ලබ‍්භන‍්ති, චාතුමහාරාජිකා දෙවා නවුතිවස‍්සසතසහස‍්සානි දිබ‍්බසුඛං දිබ‍්බසම‍්පත‍්තිං පටිලභන‍්ති, තාවතිංසා තිස‍්සො වස‍්සකොටියො සට‍්ඨි ච වස‍්සසතසහස‍්සානීති එවමාදිසග‍්ගගුණප‍්පටිසංයුත‍්තකථං. සග‍්ගසම‍්පත‍්තිං කථෙන‍්තානඤ‍්හි බුද‍්ධානං මුඛං නප‍්පහොති. වුත‍්තම‍්පි චෙතං “අනෙකපරියායෙන ඛො අහං, භික‍්ඛවෙ, සග‍්ගකථං කථෙය්‍ය”න‍්තිආදි.

මෙම සීලය හේතුවෙන් මෙම ස්වර්ගය ලැබේයයි දක්වන්ට සීලයට අනතුරුව ස්වර්ග කථාව කියයි. සග්ගකථං යනු ස්වර්ගය නම් මනොඥය. සිත් අලවන සුළුය. මන වඩන්නේය. මෙහි නිතරම ක්‍රීඩාය. නිතර සම්පත් ලබත්. චාතුර්මහා රාජික දෙවිවරු අවුරුදු අනූලක්‍ෂයක් දිව සුව, දිවසම්පත් ලබත්. තව්තිසා දෙවිවරු අවුරුදු තුන්කෝටි හැටලක්‍ෂයක්ය යන මේ ආදී ස්වර්ග ගුණ හා බැඳි කථාව. ස්වර්ග සම්පත්තිය දෙසන්නා වූ බුදුවරුන්ගේ මුව නොපොහොනෝයි. එය, මහණෙනි, මම නොයෙක් ක්‍රමයන්ගෙන් ස්වර්ග කථාව දෙසන්නෙමියි ආදිය යූ.සේයි.

එවං හෙතුනා සද‍්ධිං සග‍්ගකථාය පලොභෙත්‍වා පුන හත්‍ථිං අලඞ‍්කරිත්‍වා තස‍්ස සොණ‍්ඩං ඡින්‍දන‍්තො විය “අයම‍්පි සග‍්ගො අනිච‍්චො අධුවො, න එත්‍ථ ඡන්‍දරාගො කාතබ‍්බො”ති දස‍්සනත්‍ථං “අප‍්පස‍්සාදා කාමා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො”තිආදිනා (ම· නි· 1.177; 2.42) නයෙන කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං කථෙසි. තත්‍ථ ආදීනවන‍්ති දොසං. ඔකාරන‍්ති ලාමකසභාවං, අසෙට‍්ඨෙහි සෙවිතබ‍්බං සෙට‍්ඨෙහි න සෙවිතබ‍්බං නිහීනසභාවන‍්ති අත්‍ථො. සංකිලෙසන‍්ති තෙහි සත‍්තානං සංසාරෙ සංකිලිස‍්සනං. තෙනාහ – “කිලිස‍්සන‍්ති වත භො සත‍්තා”ති (ම· නි· 2.351).

මෙසේ හේතු සමග ස්වර්ග කථාවෙහි පොළඹවා නැවත ඇතෙකු අලංකාර කොට, උගේ සොඬය සිඳ දමන්නාක් මෙන්, මෙම ස්වර්ගයද අනිත්‍යය. අස්ථිරය. මෙහි ඡන්‍දරාගයක් නොකටයුතුයැයි දැක්වීම සඳහා ‘කාමයෝ අල්ප ආශ්වාදයහ. බොහෝ දුක්ය. බොහෝ බලවත් සිත්තැවුල්ය. මෙහි දොස් බොහෝ යයි ආදී ක්‍රමයෙන් කාමයන්ගේ ආදීනව, ලාමක බවද කෙලෙස් සහිත බවද දේශනා කරයි. එහි ආදීනවං යනු දොස් - ඔකාරං යනු ලාමක ස්වභාවය ශ්‍රේෂ්ඨ නුවූවන් විසින් සේවනයකළ යුතුය. ශ්‍රේෂ්ඨයන් විසින් සේවනය නොකටයුතුය. පහත් ස්වභාවයැයි අර්ථයි. සංකිලෙසං යනු ඒවා කරණකොට සත්ත්වයින් සසරෙහි කිලිටිවීමයි. එහෙයින්ම ‘පින්වත්නි, ඒකාන්තයෙන් සත්ත්වයෝ කිලිටිවෙති’යි යූ.සේයි.

එවං කාමාදීනවෙන තජ‍්ජෙත්‍වා නෙක‍්ඛම‍්මෙ ආනිසංසං පකාසෙසි පබ‍්බජ‍්ජාය ඣානාදීසු ච ගුණං දීපෙසි වණ‍්ණෙසි. කල‍්ලචිත‍්තන‍්තිආදීසු කල‍්ලචිත‍්තන‍්ති කම‍්මනියචිත‍්තං, හෙට‍්ඨා පවත‍්තිතදෙසනාය අස‍්සද‍්ධියාදීනං චිත‍්තදොසානං විගතත‍්තා උපරිදෙසනාය භාජනභාවූපගමනෙන කම‍්මනියචිත‍්තං, කම‍්මක‍්ඛමචිත‍්තන‍්ති අත්‍ථො. දිට‍්ඨිමානාදිසංකිලෙසවිගමෙන මුදුචිත‍්තං. කාමච‍්ඡන්‍දාදිවිගමෙන විනීවරණචිත‍්තං. සම‍්මාපටිපත‍්තියං උළාරපීතිපාමොජ‍්ජයොගෙන උදග‍්ගචිත‍්තං. තත්‍ථ සද‍්ධාසම‍්පත‍්තියා පසන‍්නචිත‍්තං, යදා භගවා අඤ‍්ඤාසීති සම‍්බන්‍ධො.

මෙසේ කාමාදීනවයෙන් තර්ජනය කොට නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ප්‍රකාශකළ සේක. ප්‍රවෘජ්‍යාවෙහි ද ධ්‍යානාදීන්හිද ගුණ දැක්වීය. වර්ණනා කළේය. කල්ල චිත්තං යනාදීන්හි කල්ල චිත්තං යනු කර්මක්‍ෂම සිත යට පවත්වන ලද, දේශනාවෙන් අශ්‍රද්ධාදී චිත්ත දෝෂයන්ගේ පහවූ හෙයින් මතු දේශනාවට උපකාර වන බවට පැමිණීමෙන් කර්මක්‍ෂම වූ සිත. කර්මක්‍ෂම සිත යයි අර්ථයි. මිථ්‍යාදෘෂ්ටි මාන ආදී කෙලෙස් පහවීමෙන් මුදුචිත්තං ය. කාමච්ඡන්‍දාදිය පහවීමෙන් විනීවරණ චිත්තං යි, යහපත් ප්‍රතිපත්තියෙහි යෙදීමෙන් මහත් ප්‍රීති ප්‍රමෝද්‍ය යෙදීමෙන් උදග්ගචිත්තං යි, තුටු පහටු සම්පත්තියෙන් පසන්න චිත්තං යි ‘යම්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ දත්සේක්දැයි සම්බන්ධයි

අථ වා කල‍්ලචිත‍්තන‍්ති කාමච‍්ඡන්‍දවිගමෙන අරොගචිත‍්තං. මුදුචිත‍්තන‍්ති බ්‍යාපාදවිගමෙන මෙත‍්තාවසෙන අකථිනචිත‍්තං. විනීවරණචිත‍්තන‍්ති උද‍්ධච‍්චකුක‍්කුච‍්චවිගමෙන අවික‍්ඛිපනතො න පිහිතචිත‍්තං. උදග‍්ගචිත‍්තන‍්ති ථිනමිද‍්ධවිගමෙන සම‍්පග‍්ගහවසෙන අලීනචිත‍්තං. පසන‍්නචිත‍්තන‍්ති විචිකිච‍්ඡාවිගමෙන සම‍්මාපටිපත‍්තියා අධිමුත‍්තචිත‍්තං.

නොහොත්, කල්ලචිත්තං යනු කාමාශා පහවීමෙන් නිරෝගී සිත මුදුචිත්තං යනු ව්‍යාපාදය පහවීමෙන් නිරෝගී සිත මුදුචිත්තං යනු ව්‍යාපාදය පහවීමෙන් මෛත්‍රී වශයෙන් තදනුවූ සිත. විනීවරණ චිත්තං යනු උද්ධච්ච කුක්කුච්ච පහවීමෙන් අවික්‍ෂිප්ත වන හෙයින් වසන ලද සිත. උදග්ගචිත්තං යනු ථීනමිද්ධ පහවීමෙන් මනාව එසවීම් වශයෙන් නොහැකිලුනු සිත, පසන්න චිත්තං යනු විචිකිච්ඡාවගේ පහවීමෙන් මනා ප්‍රතිපත්තියෙහි යෙදුන සිත,

අථාති පච‍්ඡා. සාමුක‍්කංසිකාති සාමං උක‍්කංසිකා අත‍්තනාව උද‍්ධරිත්‍වා ගහිතා, සයම‍්භූඤාණෙන සාමං දිට‍්ඨා, අඤ‍්ඤෙසං අසාධාරණාති අත්‍ථො. කා ච පන සාති? අරියසච‍්චදෙසනා. තෙනෙවාහ – “දුක‍්ඛං සමුදයං නිරොධං මග‍්ග”න‍්ති. ඉදඤ‍්හි සච‍්චානං සරූපදස‍්සනං, තස‍්මා ඉමස‍්මිං ඨානෙ අරියසච‍්චානි කථෙතබ‍්බානි, තානි සබ‍්බාකාරතො විත්‍ථාරෙන විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.529) වුත‍්තානීති තත්‍ථ වුත‍්තනයෙන වෙදිතබ‍්බානි.

අථ යනු පසුව සාමුක්කංසිකා යනු තෙමේ උසස් බවට පත්වූයේ, තමා විසින් ඔසවා ගන්නා ලද, තමා තුලම හටගත් ඥානයෙන්, තෙමේම දක්නා ලද, අන්‍යයන්ට අසාධාරණයැයි අර්ථයි. එය කිමෙක්ද යත්, ආර්ය සත්‍යය දේශනාවයි. එහෙයින්ම දුක්ඛං, සමුදයං නිරොධං, මග්ගංයි වදාළ සේක. මෙය වනාහි සත්‍යයන්ගේ ස්වභාව තත්ත්වයයි. එහෙයින්, මෙතැන්හි ආර්ය සත්‍යයන් කිවයුත්තාහ. ඒවා සර්වප්‍රකාරයෙන් විස්තර වශයෙන් විසුද්ධි මාර්ගයෙහි යූ.සේයි. එහි යූ.සෙයින් දතයුත්තාහ.

සෙය්‍යථාපීතිආදිනා උපමාවසෙන සුප‍්පබුද‍්ධස‍්ස කිලෙසප‍්පහානං අරියමග‍්ගුප‍්පාදඤ‍්ච දස‍්සෙති. අපගතකාළකන‍්ති විගතකාළකං. සම‍්මදෙවාති සුට‍්ඨුයෙව. රජනන‍්ති නීලපීතලොහිතමඤ‍්ජෙට‍්ඨාදිරඞ‍්ගජාතං. පටිග‍්ගණ‍්හෙය්‍යාති ගණ‍්හෙය්‍ය, පභස‍්සරං භවෙය්‍ය. තස‍්මිංයෙව ආසනෙති තස‍්සංයෙව නිසජ‍්ජායං. එතෙනස‍්ස ලහුවිපස‍්සනකතා තික‍්ඛපඤ‍්ඤතා සුඛාපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤතා ච දස‍්සිතා හොන‍්ති. විරජං වීතමලන‍්ති අපායගමනීයරාගරජාදීනං අභාවෙන විරජං, අනවසෙසදිට‍්ඨිවිචිකිච‍්ඡාමලාපගමෙන වීතමලං. පඨමමග‍්ගවජ‍්ඣකිලෙසරජාභාවෙන වා විරජං, පඤ‍්චවිධදුස‍්සීලමලාපගමෙන වීතමලං. ධම‍්මචක‍්ඛුන‍්ති සොතාපත‍්තිමග‍්ගො අධිප‍්පෙතො. තස‍්ස උප‍්පත‍්තිආකාරදස‍්සනත්‍ථං “යංකිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බං තං නිරොධධම‍්ම”න‍්ති වුත‍්තං. තඤ‍්හි නිරොධං ආරම‍්මණං කත්‍වා කිච‍්චවසෙන එව සඞ‍්ඛතධම‍්මෙ පටිවිජ‍්ඣන‍්තං උප‍්පජ‍්ජති.

සෙය්‍යථාපි යනාදී ක්‍රමයෙන් උපමා වශයෙන් සුප්‍රබුද්ධගේ කෙලෙස් ප්‍රහානයද ආර්ය මාර්ගෝත්පාදනයද පෙන්වයි. අපගත කාලකං යනු පහවූ කළු බව, සම්මදෙව යනු මනාකොට රජනං යනු නිල්, කහ, රතු, මදටිය ආදී සායම් වර්ග රජනං යනු නිල්, කහ, රතු, මදටිය ආදී සායම් වර්ග. පටිගණ්හෙය්‍ය යනු පිළිගන්නේය. ප්‍රභාෂ්වර වන්නේය. තස්මිං යෙව ආසනෙ යනු එම හිඳීමෙහිම, එයින් ඔහුගේ වහා විදර්ශනාවට එළැඹීමද, තීක්‍ෂණ ප්‍රාඥතාවද, සුව ප්‍රතිපදා වහා අභිඥා ප්‍රාප්තියද දක්වන ලද්දේ වෙති. විරජං වීතමලං අපා ගතවන රාග දූවිලි ආදීන්ගේ අභාවයෙන් කෙලෙස් නොමැති. ශේෂ රහිතව දෘෂ්ටි විචිකිච්ඡා මල පහවීමෙන් පහවූ මල ඇති, ප්‍රථම මාර්ගයෙන් නැසිය යුතු කෙලෙස් දූවිලි අභාවයෙන් හෝ පහවූ මල ඇති, පස්වැදෑරුම් දුසිල් මල ඉවත්වීමෙන් පහවූ මල, ධම්මචක්ඛු යන සෝවාන් මාර්ගය අදහස් කරන ලදි. එහි උපදින ආකාරය දැක්වීමට යං කිඤ්චි සමුදයං ධම්මං සබ්බන්තං නිරොධ ධම්මං යි යූ.සේයි. එය වනාහි නිරෝධ අරමුණුකොට කෘත්‍යය වශයෙන් මෙසේ සංඛත ධර්මයන් ප්‍රතිවේධ කරනුයේ උපදී.

තත්‍රිදං උපමාසංසන්‍දනං – වත්‍ථං විය චිත‍්තං දට‍්ඨබ‍්බං, වත්‍ථස‍්ස ආගන‍්තුකමලෙහි කිලිට‍්ඨභාවො විය චිත‍්තස‍්ස රාගාදිමලෙහි සංකිලිට‍්ඨභාවො, ධොවනඵලකං විය අනුපුබ‍්බිකථා, උදකං විය සද‍්ධා, උදකෙන තෙමෙත්‍වා තෙමෙත්‍වා ගොමයඛාරෙහි කාළකෙ සම‍්මද‍්දිත්‍වා වත්‍ථස‍්ස ධොවනප‍්පයොගො විය සද‍්ධාසලිලෙන තෙමෙත්‍වා සතිසමාධිපඤ‍්ඤාහි දොසෙ සිථිලෙ කත්‍වා සද‍්ධාදිවිධිනා චිත‍්තස‍්ස සොධනෙ වීරියාරම‍්භො, තෙන පයොගෙන වත්‍ථෙ කාළකාපගමො විය වීරියාරම‍්භෙන කිලෙසවික‍්ඛම‍්භනං, රඞ‍්ගජාතං විය අරියමග‍්ගො, තෙන සුද‍්ධස‍්ස වත්‍ථස‍්ස පභස‍්සරභාවො විය වික‍්ඛම‍්භිතකිලෙසස‍්ස චිත‍්තස‍්ස මග‍්ගෙන පරියොදාපනන‍්ති.

එහි මේ උපමා සංසන්දනයයි. වස්ත්‍රය මෙන් සිත දතයුතුය. වස්ත්‍රයට පිටතින් පැමිණෙන අපද්‍රව්‍යවලින් කිලිටිවීම් ස්වභාවය මෙන් සිතට රාගාදී අපද්‍රව්‍යයන්ගෙන් මනාව කිලිටිවීම් ස්වභාවයයි. සෝදන පුවරුව මෙන් අනුපිළිවෙල කථාවයි. ශ්‍රද්ධාව ජලය වැනිය. දියෙහි තෙම තෙමා ගොම හා කරමැටිවලින් වර්ණ ගැන්වීමෙහි, මැඩ වස්ත්‍රයෙහි සේදීම් ක්‍රියාවෙහි යෙදීම මෙන් ශ්‍රද්ධා ජලයෙන් තෙමා, සති සමාධි ප්‍රඥාවන්ගෙන් දොස් ලිහිල්කොට, ශ්‍රද්ධාදී ආකාරයෙන් සිත පිරිසිදු කිරීමෙහිලා වීර්යාරම්භය, එම සංයෝගයෙන් වස්ත්‍රයෙහි කළුබව පහවීම මෙන් වීර්යාරම්භයෙන් කෙලෙස් යටපත් කිරීමයි. පාට වර්ග මෙන් ආර්ය මාර්ගයයි. එම පිරිසිදු වස්ත්‍රයෙහි ප්‍රභාෂ්වර භාවය මෙන් යටපත් කරන ලද කෙලෙස් සහිත සිතෙහි මාර්ගයෙන් පිරිසිදු කිරීමයි.

එවං පන සුප‍්පබුද‍්ධො පරිසපරියන‍්තෙ නිසින‍්නො ධම‍්මදෙසනං සුත්‍වා සොතාපත‍්තිඵලං පත්‍වා අත‍්තනා පටිලද‍්ධගුණං සත්‍ථු ආරොචෙතුකාමො පරිසමජ‍්ඣං ඔගාහිතුං අවිසහන‍්තො මහාජනස‍්ස සත්‍ථාරං වන්‍දිත්‍වා අනුගන‍්ත්‍වා නිවත‍්තකාලෙ භගවති විහාරං ගතෙ සයම‍්පි විහාරං අගමාසි. තස‍්මිං ඛණෙ සක‍්කො දෙවරාජා “අයං සුප‍්පබුද‍්ධො කුට‍්ඨී අත‍්තනා සත්‍ථු සාසනෙ පටිලද‍්ධගුණං පාකටං කාතුකාමො”ති ඤත්‍වා “වීමංසිස‍්සාමි න”න‍්ති ගන‍්ත්‍වා ආකාසෙ ඨිතො එතදවොච – “සුප‍්පබුද‍්ධ ත්‍වං මනුස‍්සදලිද‍්දො මනුස‍්සකපණො මනුස‍්සවරාකො, අහං තෙ අපරිමිතං ධනං දස‍්සාමි, ‘බුද‍්ධො න බුද‍්ධො, ධම‍්මො න ධම‍්මො, සඞ‍්ඝො න සඞ‍්ඝො, අලං මෙ බුද‍්ධෙන, අලං මෙ ධම‍්මෙන, අලං මෙ සඞ‍්ඝෙනා’ති වදෙහී”ති. අථ නං සො ආහ “කොසි ත්‍ව”න‍්ති? “අහං සක‍්කො දෙවරාජා”ති. “අන්‍ධබාල අහිරික, ත්‍වං මයා සද‍්ධිං කථෙතුං න යුත‍්තරූපො, යො ත්‍වං එවං අවත‍්තබ‍්බං වදෙසි, අපිච මං ත්‍වං ‘දුග‍්ගතො දලිද‍්දො කපණො’ති කස‍්මා වදෙසි, නනු අහං ලොකනාථස‍්ස ඔරසපුත‍්තො, නෙවාහං දුග‍්ගතො න දලිද‍්දො න කපණො, අථ ඛො සුඛප‍්පත‍්තො පරමෙන සුඛෙන අපාහමස‍්මි මහද‍්ධනො”ති වත්‍වා ආහ –

මෙසේ සුප්‍රබුද්ධ තෙමේ පිරිස් කෙළවර සිටියේ දම් දෙසීම අසා සෝවාන් ඵලයට පත්ව තමා ලද ගුණය ශාස්තෲන් වහන්සේට සැළකරනු කැමැතියේ පිරිස මැදට බැසගන්ට නොහැකිව මහජනයා ශාස්තෲන් වහන්සේ වැඳ පසුපස ගොස් නැවැති කල, භාග්‍යවතුන් වහන්සේ විහාරයට ගිය කල්හි තෙමේද විහාරයට ගියේය. එකෙණෙහි සක්දෙව් රජ, මේ සුප්‍රබුද්ධ කුෂ්ටි තෙමේ තමා විසින් ශාස්තෲ ශාසනයෙහි ලද ගුණය ප්‍රකට කරනු කැමැත්තේ යයි දැන, ඔහු විමසන්නෙමියි ගොස් අහසෙහි සිටියේ, සුප්‍රබුද්ධය. නුඹ දිළිඳු මිනිසෙකි. මිනිස් කාලකණ්ණියෙකි. මිනිස් අසරණයෙකි. මම නුඹට ප්‍රමාණාතික්‍රාන්ත ධනය දෙන්නෙමි. බුදුන් බුදුන් නොවේ. ධර්මය ධර්මය නොවේ. සංඝයා සංඝයා නොවේ. මට බුදුන්ගෙන් කම් නැත. ධර්මයෙන් කම් නැත. සංඝයාගෙන් කම් නැතැයි කියවයි යන මෙය කීවේය. ඉක්බිති හෙතෙම නුඹ කවරෙක්දැයි ඔහුගෙන් විමසීය. මම සක්දෙව්රජ වෙමි. අඳබාල නිර්ජලජ්ජීය, නුඹ මා සමග කථා කරන්ට නුසුදුසුය. යම් ආකාර වූ නුඹ මෙසේ නොකිව යුත්තක් කියන්නෙහිය. තවද නුඹ මා හට දුගියෙකි. දිළින්දෙකි. කාලකණ්ණියෙකියි කුමක් හෙයින් කියහිද? මම ලෝකනාථයාණන් වහන්සේගේ ඖරස පුතෙකු නොවේද, මම දුගියෙක් නොවෙමි. දිළින්දෙක් නොවෙමි. කාලකණ්ණියෙක් නොවෙමි. තවද උතුම් සුවයෙන් සුවයට පත්වූයේ වෙමි. තවද මහ ධනවතෙක් වෙමියි කියා මෙසේ ද කීවේය.

“සද‍්ධාධනං සීලධනං, හිරිඔත‍්තප‍්පියං ධනං; සුතධනඤ‍්ච චාගො ච, පඤ‍්ඤා වෙ සත‍්තමං ධනං.

සද්ධා ධනං සීලධනං - හිරි ඔත්තප්පියං ධනං සුත ධනඤ්ච චාගොච - පඤ්ඤා මෙ සත්තමං ධනං

“යස‍්ස එතෙ ධනා අත්‍ථි, ඉත්‍ථියා පුරිසස‍්ස වා; ‘අදලිද‍්දො’ති තං ආහු, අමොඝං තස‍්ස ජීවිත”න‍්ති. (අ· නි· 7.5) –

යස්ස එතෙ ධනා අත්‍ථි - ඉත්‍ථියා පුරිසස්සවා අදළිද්දොති තං ආහු - අමොඝං තස්ස ජීවිතංන්ති

ශ්‍රද්ධාව, සීලය, පාපයෙහි ලජ්ජාවීම, බියවීම ඇසූ පිරූ තැන් ඇති බව - ත්‍යාගය හා ප්‍රඥාව සත්වැන්න වූ මෙම ධනයන් යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට තිබේද ඔහු දිළින්දෙක් නොවේයයි කීහ. ඔහුගේ දිවිය නොසිස්ය.

තස‍්සිමානි මෙ සත‍්ත අරියධනානි සන‍්ති. යෙසඤ‍්හි ඉමානි ධනානි සන‍්ති, න ත්‍වෙව තෙ බුද‍්ධෙහි වා පච‍්චෙකබුද‍්ධෙහි වා ‘දලිද‍්දා’ති වුච‍්චන‍්තී”ති.

මට මෙම සප්ත ආර්ය ධනයන් තිබේ. යමෙකුට මෙම ධනයන් ඇත්ද? බුදුවරුන් විසින් හෝ පසේ බුදුවරුන් විසින් දිළින්දෝ යයි නොකියත්මය.

සක‍්කො තස‍්ස කථං සුත්‍වා තං අන‍්තරාමග‍්ගෙ ඔහාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සබ‍්බං තං වචනං පටිවචනඤ‍්ච ආරොචෙසි. අථ නං භගවා ආහ – “න ඛො සක‍්ක සක‍්කා තාදිසානං සතෙනපි සහස‍්සෙනපි සුප‍්පබුද‍්ධං කුට‍්ඨිං ‘බුද‍්ධො න බුද‍්ධො, ධම‍්මො න ධම‍්මො, සඞ‍්ඝො න සඞ‍්ඝො’ති කථාපෙතු”න‍්ති. සුප‍්පබුද‍්ධොපි ඛො කුට‍්ඨී සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සත්‍ථාරා කතපටිසන්‍ථාරො අත‍්තනා පටිලද‍්ධගුණං ආරොචෙසි. තෙන වුත‍්තං – “අථ ඛො සුප‍්පබුද‍්ධො කුට‍්ඨී දිට‍්ඨධම‍්මො”තිආදි.

ශක්‍ර තෙම ඔහුගේ කථාව අසා ඔහු අතරමග අත්හැර ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස්, සියලුම එම කීම්, හා පිළිවදන් සැළ කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට ශක්‍රය, ශක්‍රාදීන් සියයකින් හෝ දහසකින් හෝ සුප්‍රබුද්ධ කුෂ්ටියා ලවා බුදුන් බුදුන් නොවේය. ධර්මය ධර්මය නොවේය. සංඝයා සංඝයා නොවේයයි කියවන්ට නොහැකියයි වදාළේය. සුප්‍රබුද්ධ කුෂ්ටියාද ශාස්තෲන් වහන්සේ, සමීපයට ගොස් ශාස්තෲන් වහන්සේ සමග කරන ලද පිළිසඳර ඇතියේ තමා ලද ගුණ සැළ කළේය. එහෙයින් අථඛො සුප්පබුද්ධො කුට්ඨි දිට්ඨ ධම්මො පත්තධම්මොයි ආදිය යූ.සේයි.

තත්‍ථ දිට‍්ඨධම‍්මොති දිට‍්ඨො අරියසච‍්චධම‍්මො එතෙනාති දිට‍්ඨධම‍්මො. සෙසපදෙසුපි එසෙව නයො. තත්‍ථ “දිට‍්ඨධම‍්මො”ති චෙත්‍ථ සාමඤ‍්ඤවචනො ධම‍්මසද‍්දො. දස‍්සනං නාම ඤාණදස‍්සනතො අඤ‍්ඤම‍්පි අත්‍ථීති තං නිවත‍්තනත්‍ථං “පත‍්තධම‍්මො”ති වුත‍්තං. පත‍්ති ච ඤාණසම‍්පත‍්තිතො අඤ‍්ඤාපි විජ‍්ජතීති තතො විසෙසනත්‍ථං “විදිතධම‍්මො”ති වුත‍්තං. සා පනායං විදිතධම‍්මතා ධම‍්මෙසු එකදෙසෙනාපි හොතීති නිප‍්පදෙසතො විදිතභාවං දස‍්සෙතුං “පරියොගාළ‍්හධම‍්මො”ති වුත‍්තං. තෙනස‍්ස යථාවුත‍්තං සච‍්චාභිසම‍්බොධංයෙව දීපෙති. මග‍්ගඤාණඤ‍්හි එකාභිසමයවසෙන පරිඤ‍්ඤාදිකිච‍්චං සාධෙන‍්තං නිප‍්පදෙසෙනපි පරිඤ‍්ඤෙය්‍යධම‍්මං සමන‍්තතො ඔගාළ‍්හං නාම හොති, න තදඤ‍්ඤඤාණං. තෙන වුත‍්තං – “දිට‍්ඨො අරියසච‍්චධම‍්මො එතෙනාති දිට‍්ඨධම‍්මො”ති. තෙනෙවාහ “තිණ‍්ණවිචිකිච‍්ඡො”තිආදි.

එහි දිට්ඨ ධම්මො යනු දක්නා ලද ආර්ය සත්‍යය ධර්මය ඔහු විසිනුයි දිට්ඨ ධම්මොයි සෙසු පදයන්හිද එම ක්‍රමයමැයි. එහි දිට්ඨ ධම්මො යන මෙහි ධම්ම ශබ්දය සමාන වචනයෙහිය. දර්ශනය නම් ඥාන දර්ශනයෙන් අනෙකක්ද ඇතැයි එය නැවැත්වීමට පැමිණි ධර්මයයි යූ.සේයිා. පැමිණි ධර්මයෙහිද ඥාන සම්පත්තියෙන් අනෙකක්ද විද්‍යමාන වේයයි ඉන් වෙසෙසා දැක්වීමට දන්නා ලද ධර්මයැයි යූ.සේයි. ඒ මේ දන්නා ලද ධර්මතාවය ධර්මයන්හි එක් කොටසකින්ද වේයයි අවශේෂ දෙයක් නැති වශයෙන් (සියල්ල ඇතුලත් වනසේ) එය දැක්වීමට පරියොගාළ්හ ධම්මො යි යූ.සේයි. එයින් එහි කියන ලද ආකාර ඇති සත්‍යාධිගමයම දක්වන ලදි. මාර්ග ඥානය වනාහි තනිව අවබෝධ වීම් වශයෙන් විශේෂ දැනීම ආදී කෘත්‍යය සිදුකරමින් අවශේෂ දෙයක් නැති ලෙසද දතයුතු ධර්මය හාත්පසින් බැසගත්තේ නම් වේ. ඉන් අන්‍ය ඥානයක් නොවේ. එහෙයින් දක්නා ලද ආර්ය ධර්මය ඔහු විසිනුයි දිට්ඨ ධම්මොයි යූ.සේයි. එහෙයින්ම තිණ්ණ විචිකිච්ඡො යි ආදිය යූ.සේයි.

තත්‍ථ පටිභයකන‍්තාරසදිසා සොළසවත්‍ථුකා ච අට‍්ඨවත්‍ථුකා ච තිණ‍්ණා විචිකිච‍්ඡා එතෙනාති තිණ‍්ණවිචිකිච‍්ඡො. තතො එව පවත‍්තිආදීසු “එවං නු ඛො, න නු ඛො”ති එවං පවත‍්තිතා විගතා සමුච‍්ඡින‍්නා කථංකථා එතස‍්සාති විගතකථංකථො. සාරජ‍්ජකරානං පාපධම‍්මානං පහීනත‍්තා තප‍්පටිපක‍්ඛෙසු ච සීලාදිගුණෙසු සුප‍්පතිට‍්ඨිතත‍්තා වෙසාරජ‍්ජං විසාරදභාවං වෙය්‍යත‍්තියං පත‍්තොති වෙසාරජ‍්ජප‍්පත‍්තො. නාස‍්ස පරො පච‍්චයො, න පරස‍්ස සද‍්ධාය එත්‍ථ වත‍්තතීති අපරප‍්පච‍්චයො. කත්‍ථාති ආහ “සත්‍ථුසාසනෙ”ති.

එහි සොර කතරක් සදිසි සොළොස් වස්තුක වූද අෂ්ඨ වස්තුක වූද විචිකිච්ඡාව ඔහු විසින් තරණය කරන ලද්දේනුයි තිණ්ණ විචිකිච්ඡො යි. එයින්ම ප්‍රවෘත්ති ආදීන්හි එසේ වූයේද? නොවූයෙහිදැයි මෙසේ පවත්වන ලද පහවූ සිඳිනා ලද සැකය ඔහුටනුයි විගතකථං කථොයි. සාවද්‍යකර පාපධර්මයන්ගේ ප්‍රහීණ කළ හෙයින් එයට ප්‍රතිපක්‍ෂ වූ, සීලාදී ගුණයන්හිද මනාව පිහිටි හෙයින් විශාරදත්වයට, විශාරද බවට ව්‍යක්ත භාවයට පැමිණියේනුයි වෙසාරජ්ජප්පත්තොයි. ඔහුට අනෙකෙක් උපකාර නොකරයි. අන්‍යයාගේ ශ්‍රද්ධාවෙන් මෙම ශාස්තෲ ශාසනයෙහි නොපවතීනුයි අපරප්පච්චයො යි.

අභික‍්කන‍්තන‍්තිආදීසු කිඤ‍්චාපි අයං අභික‍්කන‍්තසද‍්දො ඛයසුන්‍දරාභිරූපබ‍්භනුමොදනාදීසු අනෙකෙසු අත්‍ථෙසු දිස‍්සති, ඉධ පන අබ‍්භනුමොදනෙ දට‍්ඨබ‍්බො. තෙනෙව සො පසාදවසෙන පසංසාවසෙන ච ද‍්වික‍්ඛත‍්තුං වුත‍්තො, සාධු සාධු, භන‍්තෙති වුත‍්තං හොති. අභික‍්කන‍්තන‍්ති වා අතිකන‍්තං අතිඉට‍්ඨං අතිමනාපං, අතිසුන්‍දරන‍්ති අත්‍ථො. තත්‍ථ එකෙන අභික‍්කන‍්තසද‍්දෙන භගවතො දෙසනං ථොමෙති, එකෙන අත‍්තනො පසාදං.

අභික්කන්තං ආදීන්හි මෙම අභික්කන්ත ශබ්දය ක්‍ෂය, සුන්දර, මන වඩන අනුමෝදනා ආදී නොයෙක් අර්ථයන් හි පෙනේ. මෙහි වනාහි අනුමෝදනායෙහි දතයුතුය. එනිසාම එය ප්‍රසාද වශයෙන්ද, ප්‍රශංසා වශයෙන්ද දෙවරක් යූ.සේයි. ස්වාමීනි, මැනව මැනවැයි යූ.සේයි. අභික්කන්තං යනු ඉතා සිල් අලවන, අතිශයින් ශ්‍රේෂ්ඨ, ඉතා මන වඩන, ඉතා සොඳුරුය යන අර්ථයි. එහි එක් අභික්කන්ත ශබ්දයකින් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට තුති කරයි. එක් පදයකින් තම ප්‍රසාදයයි.

අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – අභික‍්කන‍්තං, භන‍්තෙ, යදිදං භගවතො ධම‍්මදෙසනා, අභික‍්කන‍්තං, භන‍්තෙ, යදිදං භගවතො ධම‍්මදෙසනං ආගම‍්ම මම පසාදොති. භගවතො එව වා වචනං අභික‍්කන‍්තං දොසනාසනතො, අභික‍්කන‍්තං ගුණාධිගමනතො, තථා සද‍්ධාවඩ‍්ඪනතො, පඤ‍්ඤාජනනතො, සාත්‍ථතො , සබ්‍යඤ‍්ජනතො, උත‍්තානපදතො, ගම‍්භීරත්‍ථතො, කණ‍්ණසුඛතො, හදයඞ‍්ගමතො, අනත‍්තුක‍්කංසනතො, අපරවම‍්භනතො, කරුණාසීතලතො, පඤ‍්ඤාවදාතතො, ආපාථරමණීයතො, විමද‍්දක‍්ඛමතො, සුය්‍යමානසුඛතො, වීමංසියමානහිතතොති එවමාදිනයෙහි ථොමෙන‍්තො පදද‍්වයං ආහ.

මේ මෙහි අදහසයි - ස්වාමීනි, ඉතා ශ්‍රේෂ්ඨයි. යම් මේ භාග්‍යවතුන් වහන්සේගේ දහම් දෙසීමට පැමිණ මාගේ ප්‍රසාදයයි. භාග්‍යවතුන් වහන්සේගේම හෝ වචනය ඉතා ශ්‍රේෂ්ඨයි. දොස් නසන හෙයින් අතිශයින් සිත් අලවයි. යහගුණ අවබෝධ වන හෙයින්ද, එසේම ශ්‍රද්ධාව වඩන හෙයින්ද, නුවණ උපදවන හෙයින්ද අර්ථ සහිත හෙයින්ද, අක්‍ෂර සහිත හෙයින්ද, නොගැඹුරු පද හෙයින්ද, ගැඹුරු අර්ථ හෙයින්ද, කණිසුඛ හෙයින්ද සිත සතුටු කරන හෙයින්ද, තමා උසස් කොට නොසලකන හෙයින්ද, අනුන් පහත්කොට නොසලකන හෙයින්ද, කරුණාවෙන් සිසිල් හෙයින්ද, ශ්වේත ප්‍රඥා හෙයින්ද, ශ්‍රවණ සුව හෙයින්ද විමසනු ලබනුයේ යහපත පිණිස පවතී යයි මේ ආදී ක්‍රමයෙන් ස්තුති කරනුයේ පද ද්වයයක් කීවේය.

තතො පරම‍්පි චතූහි උපමාහි දෙසනංයෙව ථොමෙති. තත්‍ථ නික‍්කුජ‍්ජිතන‍්ති අධොමුඛට‍්ඨපිතං, හෙට‍්ඨාමුඛජාතං වා. උක‍්කුජ‍්ජෙය්‍යාති උපරි මුඛං කරෙය්‍ය. පටිච‍්ඡන‍්නන‍්ති තිණපණ‍්ණාදිනා ඡාදිතං. විවරෙය්‍යාති උග‍්ඝාටෙය්‍ය. මූළ‍්හස‍්සාති දිසාමූළ‍්හස‍්ස. මග‍්ගං ආචික‍්ඛෙය්‍යාති හත්‍ථෙ ගහෙත්‍වා “එස මග‍්ගො”ති මග‍්ගං උපදිසෙය්‍ය. අන්‍ධකාරෙති චතුරඞ‍්ගසමන‍්නාගතෙ. අයං තාව පදත්‍ථො.

ඉන් මත්තෙහිද උපමා සතරකින් දේශනාවම වර්ණනා කරයි. එහි නික්කුජ්ජිතං යනු යටිකුරු කර තබන ලද, යට මුව වූයේ හෝ. උක්කුජ්ජෙය්‍ය මුහුණත උඩට කරන්නේය. පටිච්ඡන්නං යනු තෘණ හා කොල ආදියෙන් වසන ලද විවරෙය්‍ය යනු විවෘත කරන්නේය. මූළ්හස්ස යනු දිසා මුළා වූවහට, මග්ගං ආචික්ඛෙය්‍ය යනු අත් ගෙන එය මාර්ග යැයි මුළා වූවහුට, මග්ගං ආචික්ඛෙය්‍ය යනු අත් ගෙන එය මාර්ග යැයි මාර්ගය පෙන්වන්නේය. අන්‍ධකාරෙ යනු අංග සතරෙකින් යුත්, මේ පදර්ථයයි.

අයං පන අධිප‍්පායයොජනා – යථා කොචි නික‍්කුජ‍්ජිතං උක‍්කුජ‍්ජෙය්‍ය, එවං සද‍්ධම‍්මවිමුඛං අසද‍්ධම‍්මෙ පතිට‍්ඨිතං මං අසද‍්ධම‍්මා වුට‍්ඨාපෙන‍්තෙන, යථා පටිච‍්ඡන‍්නං විවරෙය්‍ය, එවං කස‍්සපස‍්ස භගවතො සාසනන‍්තරධානතො පට‍්ඨාය මිච‍්ඡාදිට‍්ඨිගහනපටිච‍්ඡන‍්නං සාසනං විවරන‍්තෙන, යථා මූළ‍්හස‍්ස මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, එවං කුම‍්මග‍්ගමිච‍්ඡාමග‍්ගප‍්පටිපන‍්නස‍්ස මෙ සග‍්ගමොක‍්ඛමග‍්ගං ආවිකරොන‍්තෙන, යථා අන්‍ධකාරෙ තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය, එවං මොහන්‍ධකාරෙ නිමුග‍්ගස‍්ස මෙ බුද‍්ධාදිරතනරූපානි අපස‍්සතො තප‍්පටිච‍්ඡාදකමොහන්‍ධකාරවිද‍්ධංසනදෙසනාපජ‍්ජොතධාරණෙන භගවතා නානානයෙහි පකාසිතත‍්තා අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො.

මේ අදහස් කළ යෙදීම - යම්සේ නම් කිසිවෙක් යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, මෙසේ සද්ධර්මයට විරුද්ධ අසත් ධර්මයෙහි පිහිටි මා අසත් ධර්මයෙන් නැගිටුවන්නහු විසින් යම්සේ වැසුණු යමක් මතු කරන්නේද? මෙසේ කාශ්‍යප බුදුරදුන්ගේ සාසන අතුරුදන් වීමේ පටන්, මිසදිටු ග්‍රහණයෙන් වැසුණු සස්න විවර කරන්නහු විසින් යම්සේ මංමුළා වූවෙකුට මාර්ගය කියන්නේද? මෙසේ නොමගට වැරදි මාර්ගයට පිළිපන්නහුට සගමොක් මාර්ගය ප්‍රකට කරන්නහු විසින්, යම්සේ අඳුරෙහි තෙල් පහනක් දරන්නේද? මොහඳුරෙහි නිමග්න වූ මා හට බුද්ධාදී රත්න රූපයන් නොදක්නේ එය වසන්නා වූ, මොහන්ධකාරය විධ්වංශනය කරන දේශනා නමැති දැරීමෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයන්ගෙන් දේශනා කරන ලද හෙයින්, නොයෙක් ක්‍රමයන්ගෙන් ධර්මය ප්‍රකාශ කරන ලදි.

එවං දෙසනං ථොමෙත්‍වා තාය දෙසනාය රතනත‍්තයෙ පසන‍්නචිත‍්තො පසන‍්නාකාරං කරොන‍්තො “එසාහ”න‍්තිආදිමාහ. තත්‍ථ එසාහන‍්ති එසො අහං. භගවන‍්තං සරණං ගච‍්ඡාමීති භගවා මෙ සරණං පරායණං අඝස‍්ස ඝාතා, හිතස‍්ස විධාතාති ඉමිනා අධිප‍්පායෙන භගවන‍්තං ගච‍්ඡාමි භජාමි, එවං වා ජානාමි බුජ‍්ඣාමීති. යෙසඤ‍්හි ධාතූනං ගතිඅත්‍ථො, බුද‍්ධිපි තෙසං අත්‍ථොති. ධම‍්මන‍්ති අධිගතමග‍්ගෙ සච‍්ඡිකතනිරොධෙ යථානුසිට‍්ඨං පටිපජ‍්ජමානෙ චතූසු අපායෙසු අපතමානෙ ධාරෙතීති ධම‍්මො. සො අත්‍ථතො අරියමග‍්ගො චෙව නිබ‍්බානඤ‍්ච. වුත‍්තඤ‍්හෙතං –

මෙසේ දේශනාවට ස්තුතිකොට, එම දේශනාවෙන් තෙරුවන්හි ප්‍රසන්න සිත් ඇත්තේ ප්‍රසන්න අයුරක් කරනුයේ එසාහං ආදිය කීය. එහි එසාහං යනු ඒ මම, භගවන්තං සරණං ගච්ඡාමි යනු භාග්‍යවතුන් වහන්සේ මට පිහිටය. පිහිටකොට ඇත්තේය. පව නසන ලද්දේය. යහපත මවන ලදි. දනිමි අවබෝධ කරමියි යන මෙම අදහසින් භාග්‍යවතුන් වහන්සේ සරණ යමි. යම්කිසි ආකාර වූ ධාතූන්ගේ පැවතීම් අර්ථයක් වේද? බුද්ධියද ඒවායි අර්ථයයි. ධම්මං යනු අවබෝධ කළ මාර්ගයෙහි සාක්‍ෂාත් නිරෝධයෙහි අවවාද කළ පරිදි පිළිපදිනුයේ සිව් අපායයන්හි නොවැටෙනවුන්ට දරයිනුයි ධර්ම නමැ. එය ආර්ය මාර්ගයද නිර්වාණයද වේ. යූ.සේයි.

“යාවතා, භික‍්ඛවෙ, ධම‍්මා සඞ‍්ඛතා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො තෙසං අග‍්ගමක‍්ඛායතී”ති (අ· නි· 4.34; ඉතිවු· 90).

‘මහණෙනි, ප්‍රත්‍යයෙන් හටගත් යම්තාක් ධර්ම වේද? ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඒවා අතර අග්‍රයයි කියනු ලැබේ.

“යාවතා, භික‍්ඛවෙ, ධම‍්මා සඞ‍්ඛතා වා අසඞ‍්ඛතා වා, විරාගො තෙසං අග‍්ගමක‍්ඛායතී”ති (ඉතිවු· 90) ච –

මහණෙනි, ප්‍රත්‍යයෙන් හටගත් හෝ ප්‍රත්‍යයෙන් හටනොගත් යම්තාක් ධර්ම වේද, විරාගය (නොඇල්ම) ඒවා අතර අග්‍රයයි කියනු ලැබේ.

න කෙවලං අරියමග‍්ගො චෙව නිබ‍්බානඤ‍්ච, අපිච ඛො අරියඵලෙහි සද‍්ධිං පරියත‍්තිධම‍්මොපි. වුත‍්තඤ‍්හෙතං –

හුදෙක් ආර්යමාර්ගය හා නිවනද පමණක් නොවේ. තවද වනාහි ආර්යඵලයන් සමග පර්යාප්ති ධර්මයද වේ. යූ.සේයි.

“රාගවිරාගමනෙජමසොකං, ධම‍්මමසඞ‍්ඛතමප‍්පටිකූලං; මධුරමිමං පගුණං සුවිභත‍්තං, ධම‍්මමිමං සරණත්‍ථමුපෙහී”ති. (වි· ව· 887);

රාග විරාග මනෙජ මසොකං - ධම්ම ම සංඛත මප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං - ධම්මමිමං සරණත්‍ථමුපෙමි

ඇල්ම දුරුකළ, තෘෂ්ණා නැති, සෝක නොමැති, ප්‍රත්‍යයෙන් හට නොගත්, පිළිකුල් නුවූ, මිහිරි වූ, ප්‍රගුණ වූ, මනාව බෙදිය හැකි මෙම ධර්මය පිහිට සඳහා එළැඹෙමි.

එත්‍ථ හි රාගවිරාගන‍්ති මග‍්ගො වුත‍්තො. අනෙජමසොකන‍්ති ඵලං. අසඞ‍්ඛතන‍්ති නිබ‍්බානං. අප‍්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත‍්තන‍්ති පරියත‍්තිධම‍්මො වුත‍්තොති.

මෙහි වනාහි රාගවිරාග යනු මාර්ගය යූ.සේයි. අනෙජමසොකං යනු ඵලයයි. අසංඛත යනු නිර්වාණයයි. අප්පටිකූලං මධුර මිමං පගුණං සුවිභත්තං යනු පර්යාප්ති ධර්මය යූ.සේයි.

භික‍්ඛුසඞ‍්ඝන‍්ති දිට‍්ඨිසීලසාමඤ‍්ඤෙන සංහතං අට‍්ඨඅරියපුග‍්ගලසමූහං. එත‍්තාවතා සුප‍්පබුද‍්ධො තීණි සරණගමනානි පටිවෙදෙසි. උපාසකං මං භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති අජ‍්ජතග‍්ගෙති අජ‍්ජතං ආදිං කත්‍වා. “අජ‍්ජදග‍්ගෙ”තිපි පාඨො, තත්‍ථ දකාරො පදසන්‍ධිකරො, අජ‍්ජ අග‍්ගෙ අජ‍්ජ ආදිං කත්‍වාති අත්‍ථො. පාණුපෙතන‍්ති පාණෙහි උපෙතං, යාව මෙ ජීවිතං පවත‍්තති, තාව උපෙතං අනඤ‍්ඤසත්‍ථුකං තීහි සරණගමනෙහි සරණං ගතං රතනත‍්තයස‍්ස උපාසනතො උපාසකං කප‍්පියකාරකං මං භගවා උපධාරෙතු ජානාතූති අත්‍ථො. ඉමස‍්ස ච සරණගමනං අරියමග‍්ගාධිගමෙනෙව නිප‍්ඵන‍්නං, අජ‍්ඣාසයං පන ආවිකරොන‍්තො එවමාහ.

භික්ඛු සංඝං යනු දෘෂ්ටි, සීල සමානතාවයෙන් එක්වූ අෂ්ට ආර්ය පුද්ගල සමූහයයි. මෙතෙකින් සුප්‍රබුද්ධ සරණාගමනත්‍රයය ප්‍රකාශ කරයි. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං යනු එය අද මුල් දින කොට, අජ්ජදග්ගෙයිද පාඨයි. එහි ද කාරය පද සන්ධි කරයි. අද අග කොටයැයි අර්ථයි. ප්‍රාණයෙන් යුක්තව යම්තාක් මාගේ ජීවිතය පවතීද? ඒතාක් අනන්‍ය ශාස්තෘක යුක්තව සරණාගමනත්‍රයයෙන් සරණ ගියේ රත්නත්‍රයට එළැඹෙන හෙයින් උපාසකයෙකු කැපකරුවෙකු සේ භාග්‍යවතුන් වහන්සේ මා සලකන සේක්වා. දැනගන්නා සේක්වායි අර්ථයි. මොහුගේ සරණාගමනය ආර්යමාර්ගාධිගමනයෙන්ම නිපන්නේය. අදහස ප්‍රකට කරනුයේ මෙසේ කීවේය.

භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වාති භගවතො වචනං චිත‍්තෙන අභිනන්‍දිත්‍වා තමෙව අභිනන්‍දිතභාවං පකාසෙන‍්තො වුත‍්තනයෙන වාචාය අනුමොදිත්‍වා. අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමීති තං භගවන‍්තං පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා සත්‍ථු ගුණනින‍්නචිත‍්තො යාව දස‍්සනවිසයසමතික‍්කමා භගවන‍්තංයෙව පෙක‍්ඛමානො පඤ‍්ජලිකො නමස‍්සමානො පක‍්කාමි.

භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා යනු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සිතෙන් සතුටුව එම සතුටු වූ බව ප්‍රකාශ කරනුයේ කියන ලද ආකාරයෙන් වචනයේන අනුමෝදන්ව, අභිවාදෙත්‍වා පදක්ඛිණා කත්‍වා පක්කාමි යන ඒ භාග්‍යවතුන් වහන්සේට පසඟ පිහිටුවීමෙන් වැඳ, තෙවරක් ප්‍රදක්‍ෂිණාකොට ශාස්තෲ ගුණයෙහි නිම්න සිතැතියේ, දර්ශන සීමාව ඉක්මවන තෙක් භාග්‍යවතුන් වහන්සේම බලමින් දෙඅත් ඔසවාන නමස්කාර කරමින් ගියේය.

පක‍්කන‍්තො ච කුට‍්ඨරොගාභිභවෙන ඡින‍්නහත්‍ථපාදඞ‍්ගුලි උක‍්කාරගත‍්තො සමන‍්තතො විස‍්සන්‍දමානාසවො කණ‍්ඩූතිපතිපීළිතො අසුචි දුග‍්ගන්‍ධො ජෙගුච‍්ඡතමො පරමකාරුඤ‍්ඤතං පත‍්තො “නායං කායො ඉමස‍්ස අච‍්චන‍්තසන‍්තස‍්ස පණීතතමස‍්ස අරියධම‍්මස‍්ස ආධාරො භවිතුං යුත‍්තො”ති උප‍්පන‍්නාභිසන්‍ධිනා විය සග‍්ගසංවත‍්තනියෙන පුඤ‍්ඤකම‍්මෙන ඔකාසෙ කතෙ අප‍්පායුකසංවත‍්තනියෙන උපච‍්ඡෙදකෙන පාපකම‍්මෙන කතූපචිතෙන චොදියමානො තරුණවච‍්ඡාය ධෙනුයා ආපතිත්‍වා මාරිතො. තෙන වුත‍්තං – “අථ ඛො අචිරපක‍්කන‍්තං සුප‍්පබුද‍්ධං කුට‍්ඨිං ගාවී තරුණවච‍්ඡා අධිපතිත්‍වා ජීවිතා වොරොපෙසී”ති.

යනුයේම කුෂ්ඨ රෝගයෙන් මැඩීමෙන් සිඳිනා ලද අත් පා ඇඟිලි ඇත්තේ, අපවිත්‍ර දෑ පිරුණු ශරීරැතිව, උතුරා යන සැරව ඇත්තේ, කැසීමෙන් අතිශය පීඩාවට පත් වූයේ, අපවිත්‍ර දුර්ගන්ධ ඉතාමත් පිළිකුල් වූයේ, දකින තැනැත්තාගේ උපරිම කරුණාවට පාත්‍ර වූයේ, මෙම ශරීර, අත්‍යන්තයෙන් ශාන්ත වූ ප්‍රණීතතම ආර්ය ධර්මයට ආධාර වන්ට නුසුදුසු යයි උපන් ප්‍රවාහයක් මෙන් ස්වර්ගය සඳහා බලපවත්නා පුණ්‍ය කර්මයෙන් ඉඩ ලබාදෙන ලද අල්පායුෂ්ක සංවර්තනික රැස්කරන ලද උපච්ඡේදක පාපකර්මයෙන් දොස් නගන්නාක් මෙන් ළදරු වසුපැටවෙකුගේ දෙනක් විසින් බිම හෙළා මරණ ලදි. එහෙයින් අථඛො අචිර පක්කන්තං සුප්පබුද්ධං කුට්ඨිං ගාවි තරුණ වච්ඡා ධෙනු අධිපාතෙත්‍වා ජීවිතා වොරොපෙසියි යූ.සේයි.

සො කිර අතීතෙ එකො සෙට‍්ඨිපුත‍්තො හුත්‍වා අත‍්තනො සහායෙහි තීහි සෙට‍්ඨිපුත‍්තෙහි සද‍්ධිං කීළන‍්තො එකං නගරසොභිනිං ගණිකං උය්‍යානං නෙත්‍වා දිවසං සම‍්පත‍්තිං අනුභවිත්‍වා අත්‍ථඞ‍්ගතෙ සූරියෙ සහායෙ එතදවොච – “ඉමිස‍්සා හත්‍ථෙ කහාපණසහස‍්සං බහුකඤ‍්ච සුවණ‍්ණං මහග‍්ඝානි ච පසාධනානි සංවිජ‍්ජන‍්ති, ඉමස‍්මිං වනෙ අඤ‍්ඤො කොචි නත්‍ථි, රත‍්ති ච ජාතා, හන්‍ද ඉමං මයං මාරෙත්‍වා සබ‍්බං ධනං ගහෙත්‍වා ගච‍්ඡාමා”ති. තෙ චත‍්තාරොපි ජනා එකජ‍්ඣාසයා හුත්‍වා තං මාරෙතුං උපක‍්කමිංසු. සා තෙහි මාරියමානා “ඉමෙ නිල‍්ලජ‍්ජා නික‍්කරුණා මයා සද‍්ධිං කිලෙසසන්‍ථවං කත්‍වා නිරපරාධං මං කෙවලං ධනලොභෙන මාරෙන‍්ති, එකවාරං තාව මං ඉමෙ මාරෙන‍්තු, අහං පන යක‍්ඛිනී හුත්‍වා අනෙකවාරං ඉමෙ මාරෙතුං සමත්‍ථා භවෙය්‍ය”න‍්ති පත්‍ථනං කත්‍වා කාලමකාසි. තෙසු කිර එකො පක‍්කුසාති කුලපුත‍්තො අහොසි, එකො බාහියො දාරුචීරියො, එකො තම‍්බදාඨිකො චොරඝාතකො, එකො සුප‍්පබුද‍්ධො කුට‍්ඨී, ඉති ඉමෙසං චතුන‍්නං ජනානං අනෙකසතෙ අත‍්තභාවෙ සා යක‍්ඛයොනියං නිබ‍්බත‍්තා ගාවී හුත්‍වා ජීවිතා වොරොපෙසි. තෙ තස‍්ස කම‍්මස‍්ස නිස‍්සන්‍දෙන තත්‍ථ තත්‍ථ අන‍්තරාමරණං පාපුණිංසු. එවං සුප‍්පබුද‍්ධස‍්ස කුට‍්ඨිස‍්ස සහසා මරණං ජාතං, තෙන වුත‍්තං – “අථ ඛො අචිරපක‍්කන‍්තං…පෙ… වොරොපෙසී”ති.

මොහු අතීත ආත්මයකදී එක් සිටු පුතෙක්ව ඉපිද තම යහලු සිටු පුතුන් තිදෙනෙකු සමග ක්‍රීඩා කරනුයේ එක් නුවර ප්‍රකට රූප සුන්දරියක් වූ ගණිකාවක් උයනට ගෙනගොස් දිවාකලැ සැප අනුභවකොට හිරු අස්තයට ගියකල්හි සුප්‍රබුද්ධ අනෙක් යහලුවන්ට මෙය කීවේය. මැයගේ අතෙහි කහවණු දහසකි. බොහෝ ස්වර්ණද වටිනා පළඳනාද විද්‍යමාන වෙති. මෙම වනයෙහි අන් කිසිවෙක් නැත. රැය ඇරඹිනි. එහෙයින් අප මැය මරා සියලු ධනය ගෙන යමුයි. එම සතරදෙනම ඒකමතික වී ඇය මැරීමට උපක්‍රම කළහ. ඕ ඔවුන් විසින් මරනු ලබන කල්හි මෙම නිර්ලජ්ජි, අකරුණාවන්තයෝ මා සමග කෙලෙස් සන්‍ථවය කොටු නිරපරාධී මා හුදෙක් ධන ලෝභයෙන් මරත්. මොව්හු මා එක්වරක් මරති. මම යක්‍ෂණියක්ව නොයෙක් සියදහස් ගණන් වාර මොවුන් මරන්ට සමත් වන්නෙම් යෙහෙකැයි ප්‍රාර්ථනාකොට කළුරිය කළාය. ඔවුනතර එක් අයෙක් පුක්කුසාතී නම් කුලපුත්‍ර විය. එක් අයෙක් බාහිර දාරුචීරියයි. එක් අයෙක් තම්බදාඨික චෝර ඝාතකයාය. එක් අයෙක් සුප්පබුද්ධ කුෂ්ඨියාය. මෙසේ මේ සිව්දෙන නොයෙක් ආත්මභාව සිය ගණනකදී ඕ යක්‍ෂ යෝනියෙහි උපන්නී, ගව දෙනක් මෙන් වෙස්වලා ජීවිතයෙන් තොර කළේය. ඔවුහුද එම කර්මයෙහි විපාක වශයෙන් අතරතුර මරණයන්ට පැමිණියහ. මෙසේ සුප්පබුද්ධ කුෂ්ඨියාට ක්‍ෂණික මරණය වූයේය. එහෙයින් අථඛො අචිර පක්කන්තං -පෙ- වොරොපෙසි යි යූ.සේයි.

අථ සම‍්බහුලා භික‍්ඛූ තස‍්ස කාලකිරියං භගවතො ආරොචෙත්‍වා අභිසම‍්පරායං පුච‍්ඡිංසු. භගවා බ්‍යාකාසි. තෙන වුත‍්තං – “අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ”තිආදි.

ඉක්බිති බොහෝ භික්‍ෂූහු ඔහුගේ කළුරිය කිරීම භාග්‍යවතුන් වහන්සේට සැළකොට මරණින් මතු ජීවිතය (පරලොව) පිළිබඳ විමසූහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ සේක. එහෙයින් අථඛො සම්බහුලා භික්ඛු ආදිය යූ.සේයි.

තත්‍ථ තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයාති සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසොති ඉමෙසං තිණ‍්ණං භවබන්‍ධනානං සමුච‍්ඡෙදවසෙන පහානා. සොතාපන‍්නොති සොතසඞ‍්ඛාතං අරියමග‍්ගං ආදිතො පන‍්නො. වුත‍්තඤ‍්හෙතං –

එහි තිණ්ණං සංයොජනානං පරික්ඛයා යනු සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන මෙම ත්‍රිවිධ භව බන්ධනයන්ගේ විනාශ කිරීම් වශයෙන් ප්‍රහාණයෙන් සොතාපන්නො යනු සොත්‍ර සංඛ්‍යාත ආර්ය මාර්ගයට මුලපටන් පහතට බැස්වූ යූ.සේයි.

“සොතො සොතොති ඉදං, ආවුසො සාරිපුත‍්ත, වුච‍්චති. කතමො නු ඛො, ආවුසො, සොතොති? අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො”තිආදි (සං· නි· 5.1001).

ස්‍රොත්‍ර ස්‍රොත්‍ර යයි ඇවැත් සාරිපුත්‍රය, මෙය කියයි. ඇවැත්නි, ස්‍රොත්‍රය කවරක් හෝ වේද? මෙම ආර්ය අෂ්ඨාංගික මාර්ගයම වේ ආදියයි.

අවිනිපාතධම‍්මොති විනිපතනං විනිපාතො, නාස‍්ස විනිපාතො ධම‍්මොති අවිනිපාතධම‍්මො, චතූසු අපායෙසු උපපජ‍්ජනවසෙන අපතනසභාවොති අත්‍ථො. නියතොති ධම‍්මනියාමෙන සම‍්මත‍්තනියාමෙන නියතො. සම‍්බොධිපරායණොති උපරිමග‍්ගත‍්තයසඞ‍්ඛාතා සම‍්බොධි පරං අයනං අස‍්ස ගති පටිසරණං අවස‍්සං පත‍්තබ‍්බන‍්ති සම‍්බොධිපරායණො. එතෙන “තස‍්ස කා ගති, කො අභිසම‍්පරායො”ති පුච‍්ඡාය භද‍්දිකා එව සුප‍්පබුද‍්ධස‍්ස ගති, න පාපිකාති අයමත්‍ථො දස‍්සිතො. න පන තෙන සම‍්පත‍්තා ගති, තං පන පුච‍්ඡානුසන්‍ධිවසෙන පකාසෙතුකාමො ධම‍්මරාජා එත‍්තකමෙව අභාසි. පස‍්සති හි භගවා “මයා එත‍්තකෙ කථිතෙ ඉමිස‍්සංයෙව පරිසති අනුසන්‍ධිකුසලො එකො භික‍්ඛු සුප‍්පබුද‍්ධස‍්ස කුට‍්ඨිභාවදාලිද‍්දියකපණභාවානං කාරණං පුච‍්ඡිස‍්සති, අථාහං තස‍්ස තං කාරණං තෙන පුච‍්ඡානුසන්‍ධිනා පකාසෙත්‍වා දෙසනං නිට‍්ඨාපෙස‍්සාමී”ති. තෙනෙවාහ – “එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛූ”තිආදි. තත්‍ථ හෙතූති අසාධාරණකාරණං, සාධාරණකාරණං පන පච‍්චයොති, අයමෙතෙසං විසෙසො. යෙනාති යෙන හෙතුනා යෙන පච‍්චයෙන ච.

අවිනිපාත ධම්මො යනු නපුරු සේ වැටීම විනිපාතයි. මොහුට නපුරු සේ වැටීමක් නොවේනුයි අවිනිපාත ධර්මයි. සිව් අපායයන්හි ඉපදීම් වශයෙන් නොවැටෙන ස්වභාවයයි අර්ථයි. නියතො යනු නිවැරදි ස්වභාව නියමයෙන් නියම වූයේ සම්බොධි පරායනො යනු මතු මාර්ගත්‍රයය සංඛ්‍යාත මනා අවබෝධය සඳහා මත්තෙහි මාර්ගය වන්නේය. පිහිටට පිළිසරණට ඒකාන්තයෙන් පැමිණිය යුතුයයි සම්බොධි පරායනොයි එයින් ඔහුගේ පිහිට කිමෙක්ද මරණින් මත්තෙහි කිනම් තත්ත්වයක්දැයි විමසීමෙහිලා, සුප්‍රබුද්ධගේ උපදනා තැන යහපත්මය. පාපී නොවේයයි මෙම අර්ථය දක්වන ලදි. ඔහු විසින් උත්පත්තියකට සම්ප්‍රාප්ත නොවන ලදි. එය විමර්ශන අනුසන්ධි වශයෙන් ප්‍රකාශ කරනු කැමැති ධර්මරාජයාණන් වහන්සේ මෙපමණක්ම වදාළ සේක. මා විසින් මෙතෙක් දේශනා කළ කල්හි, මෙම පිරිසෙහිම පූර්වාපර සන්ධි ගැලපීමෙහි දක්ෂ එක් භික්‍ෂුවක් සුප්‍රබුද්ධගේ කුෂ්ඨ ස්වභාවය දිළිඳුභාවය නිමිති කොට කරුණු විමසන්නේ යයි භාග්‍යවතුන් වහන්සේ දකියි. ඉක්බිති මම ඔහුට එකරුණ එම විමසීම් අනුසන්ධි වශයෙන් ප්‍රකාශකොට දෙසුම නිමවන්නෙමි. එහෙයින් කීහ. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ආදිය. එහි හෙතු යනු අසාධාරණ කරුණයි. සාධාරණය වනාහි ප්‍රත්‍යය වේ. මේ ඒවායි විශේෂයයි. යෙන යනු යම් හේතුවකින්ද ප්‍රත්‍යයකින්ද

භූතපුබ‍්බන‍්ති ජාතපුබ‍්බං. අතීතෙ කාලෙ නිබ‍්බත‍්තං තං දස‍්සෙතුං “සුප‍්පබුද‍්ධො”තිආදි වුත‍්තං. කදා පන භූතන‍්ති? අතීතෙ කිර අනුප‍්පන‍්නෙ තථාගතෙ බාරාණසියා සාමන‍්තා එකස‍්මිං ගාමෙ එකා කුලධීතා ඛෙත‍්තං රක‍්ඛති. සා එකං පච‍්චෙකබුද‍්ධං දිස‍්වා පසන‍්නචිත‍්තා තස‍්ස පඤ‍්චහි ලාජාසතෙහි සද‍්ධිං එකං පදුමපුප‍්ඵං දත්‍වා පඤ‍්ච පුත‍්තසතානි පත්‍ථෙසි. තස‍්මිංයෙව ඛණෙ පඤ‍්චසතා මිගලුද‍්දකා පච‍්චෙකබුද‍්ධස‍්ස මධුරමංසං දත්‍වා “එතිස‍්සා පුත‍්තා භවෙය්‍යාම, තුම‍්හෙහි පත‍්තවිසෙසං ලභෙය්‍යාමා”ති ච පත්‍ථයිංසු. සා යාවතායුකං ඨත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තා. තතො චුතා එකස‍්මිං ජාතස‍්සරෙ පදුමගබ‍්භෙ නිබ‍්බත‍්ති. තමෙකො තාපසො දිස‍්වා පටිජග‍්ගි. තස‍්සා විචරන‍්තියා පාදුද‍්ධාරෙ පාදුද‍්ධාරෙ භූමිතො පදුමානි උට‍්ඨහන‍්ති. එකො වනචරකො දිස‍්වා බාරාණසිරඤ‍්ඤො ආරොචෙසි. රාජා තං ආනෙත්‍වා අග‍්ගමහෙසිං අකාසි. තස‍්සා කුච‍්ඡියං ගබ‍්භො සණ‍්ඨාසි. මහාපදුමකුමාරො තස‍්සා කුච‍්ඡියං වසි, සෙසා ගබ‍්භමලං නිස‍්සාය නිබ‍්බත‍්තා, තෙ වයප‍්පත‍්තා උය්‍යානෙ පදුමසරෙ කීළන‍්තා එකෙකස‍්මිං පදුමෙ නිසීදිත්‍වා පරිපක‍්කඤාණා සඞ‍්ඛාරෙසු ඛයවයං පට‍්ඨපෙත්‍වා පච‍්චෙකබොධිං පාපුණිංසු. තෙසං බ්‍යාකරණගාථා අහොසි –

භූත පුබ්බං යනු පෙර හටගත්, අතීත කාලයෙහි හටගත්, එය දැක්වීමට සුප්පබුද්ධො යනාදිය යූ.සේයි. කෙදින වූයේද යත්, අතීතයේ තථාගතයන් වහන්සේ නූපන් කල්හි බරණැස ආසන්නයෙහි එක් ගමක කුලදුවක් කෙතක් රකියි. ඕ එක් පසේබුදුවරයෙක් දැක පහන් සිතැත්තී එතුමන් වහන්සේට විළඳ පන්සියයක් සමග එක් නෙලුම්මලක් දී පන්සිායයක් පුතුන් පැතුවාය. එකෙණෙහිම පන්සියයක් මුව වැද්දෝ පසේබුදුරජාණන් වහන්සේට මිහිරි මස් දන් දී, ඇයගේ පුතුන් වන්නෙමු. නුඹ විසින් පැමිණි විශේෂතා ලබන්නෙමුයි ප්‍රාර්ථනා කළහ. ඕ යම්තාක් ආයුෂද ඒතාක් සිට දෙව්ලොව උපන්නී ඉන් චුත වූවා එක් ස්වාභාවික විලක පියුම්ගැබක උපන්නීය. එක් තවුසෙක් ඇය දැක පෝෂණය කළේය. ඇය හැසිරෙන කල්හි පියවර ඔසවන ඔසවන කල්හි නෙලුම් මල් නැගී සිටිත්. (මතු වෙත්) එක් වනයෙහි සරන්නෙකු මෙය දැක බරණැස් රජුට සැළ කළේය. රජු ඇය ගෙන්වා අගමෙහෙසිය කළේය. ඇයගේ කුසෙහි ගැබක් පිහිටියේය. මහ පදුම කුමරු ඇයගේ කුස්හි විසී. සෙස්සෝ ගැබ්මල ආශ්‍රිතව උපන්හ. වියපත් ඔව්හු උයනෙහි පියුම්විලෙහි ක්‍රීඩා කරන්නාහු, එක් එක් නෙලුම් මලෙහි හිඳ මුහුකුරා ගිය නුවණ ඇත්තාහු සංස්කාරයන් හි ක්‍ෂය-ව්‍යය පිහිටුවා ප්‍රත්‍යෙක බෝධියට පැමිණුනහ. ඔවුන්ගේ ප්‍රකාශ කරන ගාථාව මෙසේ වූයේය -

“සරොරුහං පදුමපලාසපත්‍රජං, සුපුප‍්ඵිතං භමරගණානුකිණ‍්ණං; අනිච‍්චතං ඛයවයතං විදිත්‍වා, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

බඹර සමූහයා විසින් ගැවැසී ගත් මනාව පිපුණු නෙලුම් මල් හා කොළවලින් ගැවැසී ගත් විල ක්‍ෂය - ව්‍යය වශයෙන් අනිත්‍යතාව දැන කඟවේනෙකු මෙන් තනිව හැසිරෙන්නේය.

එවං පච‍්චෙකබොධිං අභිසම‍්බුද‍්ධෙසු තෙසු පඤ‍්චසු පච‍්චෙකබුද‍්ධසතෙසු අබ‍්භන‍්තරො තගරසිඛී නාම පච‍්චෙකසම‍්බුද‍්ධො ගන්‍ධමාදනපබ‍්බතෙ නන්‍දමූලපබ‍්භාරෙ සත‍්තාහං නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා සත‍්තාහස‍්ස අච‍්චයෙන නිරොධා වුට‍්ඨිතො ආකාසෙන ආගන‍්ත්‍වා ඉසිගිලිපබ‍්බතෙ ඔතරිත්‍වා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය රාජගහං පිණ‍්ඩාය පාවිසි. තස‍්මිඤ‍්ච සමයෙ රාජගහෙ එකො සෙට‍්ඨිපුත‍්තො මහතා පරිවාරෙන උය්‍යානකීළනත්‍ථං නගරතො නික‍්ඛමන‍්තො තගරසිඛිපච‍්චෙකබුද‍්ධං දිස‍්වා “කො අයං භණ‍්ඩුකාසාවවසනො, කුට‍්ඨී භවිස‍්සති, තථා හි කුට‍්ඨිචීවරෙන සරීරං පාරුපිත්‍වා ගච‍්ඡතී”ති නිට‍්ඨුභිත්‍වා අපසබ්‍යං කත්‍වා පක‍්කාමි. තං සන්‍ධාය වුත‍්තං – “සුප‍්පබුද‍්ධො කුට‍්ඨී ඉමස‍්මිංයෙව රාජගහෙ…පෙ… පක‍්කාමී”ති.

මෙසේ ප්‍රත්‍යෙක බෝධිය අවබෝධ කළ කල්හි එම පන්සියයක් පසේබුදුවරුන් අතර, ඇතුලත් වූ තගරසිඛී නම් පසේබුදුරද, ගන්ධමාදන පර්වතයෙහි නන්දමූලක ගුහායෙහි සතියක් නිරෝධ සමවතට සමවැද සත්දිනක් ඇවෑමෙන් නිරෝධයෙන් නැගී සිටියේ අහසින් අවුත් ඉසිගිලි පර්වතයෙහි බැස පෙරවරු හැඳ පොරවා පාසිවුරු ගෙන රජගහ නුවර පිඬු පිණිස පිවිසියේය. එම කාලයෙහිත් රජගහ නුවර එක් සිටු පුත්‍රයෙක් මහත් පිරිවරින් උයන් ක්‍රීඩා සඳහා නුවරින් නික්මෙනුයේ, තගරසිඛී පසේබුදුන් දැක මෙම හිස් මුඩුකළ කසාවත් හඳින්නා කවරෙක්ද, කුෂ්ඨයෙක් වන්නේ යයි සිතමි. එසේම කුෂ්ඨයා සිාවුරකින් සිරුර පොරෝවා යේයැයි කාරා දමා නිගරුකොට ගියේය. ඒ සඳහා යූ.සේයි. සුප්පබුද්ධොකුට්ඨි ඉමස්මිං යෙව රාජගහෙ -පෙ- පක්කාමියි.

තත්‍ථ ක්‍වායන‍්ති කො අයං. ඛුංසනවසෙන වදති. “කොවාය”න‍්තිපි පාළි. කුට‍්ඨීති අකුට‍්ඨිංයෙව තං සෙට‍්ඨි කුට‍්ඨරොගං අක‍්කොසවත්‍ථුං පාපෙන‍්තො වදති. කුට‍්ඨිචීවරෙනාති කුට‍්ඨීනං චීවරෙන. යෙභුය්‍යෙන හි කුට‍්ඨිනො ඩංසමකසසරීසපපටිබාහනත්‍ථං රොගපටිච‍්ඡාදනත්‍ථඤ‍්ච යං වා තං වා පිලොතිකඛණ‍්ඩං ගහෙත්‍වා පාරුපති, එවමයම‍්පීති දස‍්සෙති. පංසුකූලචීවරධරත‍්තා වා අග‍්ගළානං අනෙකවණ‍්ණභාවෙන කුට‍්ඨසරීරසදිසොති හීළෙන‍්තො “කුට‍්ඨිචීවරෙනා”ති ආහ. නිට‍්ඨුභිත්‍වාති ඛෙළං පාතෙත්‍වා. අපසබ්‍යතො කරිත්‍වාති පණ‍්ඩිතා තාදිසං පච‍්චෙකබුද‍්ධං දිස‍්වා වන්‍දිත්‍වා පදක‍්ඛිණං කරොන‍්ති, අයං පන අවිඤ‍්ඤුතාය පරිභවෙන තං අපසබ්‍යං කත්‍වා අත‍්තනො අපසබ්‍යං අපදක‍්ඛිණං කත්‍වා ගතො. “අපසබ්‍යාමතො”තිපි පාඨො. තස‍්ස කම‍්මස‍්සාති තගරසිඛිම‍්හි පච‍්චෙකබුද‍්ධෙ “ක්‍වායං කුට‍්ඨී”ති හීළෙත්‍වා නිට‍්ඨුභනඅපසබ්‍යකරණවසෙන පවත‍්තපාපකම‍්මස‍්ස. නිරයෙ පච‍්චිත්‍ථාති නිරයෙ නිරයග‍්ගිනා දය‍්හිත්‍ථ. “පච‍්චිත්‍වා නිරයග‍්ගිනා”තිපි පඨන‍්ති. තස‍්සෙව කම‍්මස‍්ස විපාකාවසෙසෙනාති යෙන කම‍්මෙන සො නිරයෙ පටිසන්‍ධිං ගණ‍්හි, න තං කම‍්මං මනුස‍්සලොකෙ විපාකං දෙති. යා පනස‍්ස නානක‍්ඛණිකා චෙතනා තදා පච‍්චෙකබුද‍්ධෙ විප‍්පටිපජ‍්ජනවසෙන පවත‍්තා අපරාපරියවෙදනීයභූතා, සා අපරාපරියවෙදනීයෙනෙව පුඤ‍්ඤකම‍්මෙන මනුස‍්සෙසු තිහෙතුකපටිසන්‍ධියා දින‍්නාය පවත‍්තියං කුට‍්ඨිභාවං දාලිද‍්දියං පරමකාරුඤ‍්ඤතං ආපාදෙසි. තං සන්‍ධාය කම‍්මසභාගතාවසෙන “තස‍්සෙව කම‍්මස‍්ස විපාකවසෙසෙනා”ති වුත‍්තං. සදිසෙපි හි ලොකෙ තබ‍්බොහාරො දිට‍්ඨො යථා තං “සා එව තිත‍්තිරී, තානියෙව ඔසධානී”ති.

එහි ඣායං යනු මේ කවරෙක්ද, පරිභව කිරීම් වශයෙන් කියයි. පෙලෙයි කොචායංයි යෙදේ. කුට්ඨි යනු කුෂ්ඨයක් නැත්තෙක් වූ ම එම පසේබුදුන්ට සිටුතුමා කුෂ්ඨ රෝග අක්‍රෝශ වස්තුව පමුණුවමින් කියයි. කුට්ඨි චීවරෙන යනු කුෂ්ඨීන්ගේ සිවුරෙන්, බොහෝසෙයින් කුෂ්ඨයාට ඇටමැසි, මදුරු-සර්ප දෂ්ට වැළැක්ම සඳහාද, පිටතට පෙනෙන රෝග වැසීම සඳහාද කවරාකාර වූ හෝ දිරූ රෙදිකඩක් ගෙන පොරවයි. මොහුද මෙසේ යයි දක්වයි. පංශුකූල සිවුරු දරණ හෙයින් වැහැරුණු නොයෙක් වර්ණභාවයෙන් කුෂ්ඨ ශරීරයක් හා සමයයි පිළිකුල් කරනුයේ ‘කුෂ්ඨ සිවුරෙන්’ යයි කීය. නිට්ඨුභිත්‍වා යනු කෙල හෙළා, අප ස්වයං කරිත්‍වා යනු නුවණැත්තෝ එවන් පසේබුදුවරයෙක් දැක වැඳ ප්‍රදක්‍ෂිණා කරති. මොහු වනාහි මෝඩයකු බැවින් ඔහුගේ පරිභවය නිගරු ලෙසිාන් කොට තමාගේ නිගරු පක්‍ෂයෙහි කොට, අපබාමතොයිද පාඨයි. තස්ස කම්මස්ස යනු තගරසිඛී පසේබුදුන් කෙරෙහි මෙම කුෂ්ඨයා කවරෙක්දැයි පිළිකුල් කොට කෙළ හලා නිගරු කිරීම් වශයෙන් පැවැති පාප කර්මයට නිරයෙ පච්චිත්‍ථ යනු නිරා ගින්නේන දැවිණි. නිරාගින්නෙන් පැසී පච්චිත්‍වා නිරයග්ගිනායිද කියවති. තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන යනු යම් කර්මයකින් හෙතෙම නිරයෙහි ප්‍රතිසන්ධි ගති එම කර්මය මිනිස්ලෙව්හි විපාක නොදේ. ඔහුගේ යම් ආකාර වූ නානා ක්‍ෂණික චේතනාවන් වේද එදින පසේබුදුන් කෙරෙහි නොමනා පිළිපැදීම් වශයෙන් පැවැති අපරාපරිය වේදනීය වූයේ, එම අපරාපරිය වේදනීය පුණ්‍යකර්මයෙන් මිනිසුන් අතර ත්‍රිහේතුක ප්‍රතිසන්ධියෙන් දෙන ලද ප්‍රවෘත්තියෙහිදී, කුෂ්ඨභාවයටද දිළිඳු බවටද උතුම් කාරුණිකත්වයටද පැමිණවිය. ඒ සඳහා කර්ම සමානතා වශයෙන් එම කර්මයෙහිම ශේෂ විපාක වශයෙන් යැයි යූ.සේයි. අන් වශයෙහිද ලෝකයෙහි එම ව්‍යවහාරය දක්නා ලදි.

එත‍්තාවතා “කො නු ඛො, භන‍්තෙ, හෙතූ”ති තෙන භික‍්ඛුනා පුට‍්ඨපඤ‍්හං විස‍්සජ‍්ජෙත්‍වා ඉදානි යො “තස‍්ස කා ගති, කො අභිසම‍්පරායො”ති පුබ‍්බෙ භික‍්ඛූහි පුට‍්ඨපඤ‍්හො, තං විස‍්සජ‍්ජෙතුං “සො තථාගතප‍්පවෙදිත”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ තථාගතප‍්පවෙදිතන‍්ති තථාගතෙන භගවතා දෙසිතං අක‍්ඛාතං පකාසිතන‍්ති තථාගතප‍්පවෙදිතං. ආගම‍්මාති අධිගන‍්ත්‍වා, නිස‍්සාය ඤත්‍වා වා. “තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ”තිපි පාඨො. සද‍්ධං සමාදියීති සම‍්මාසම‍්බුද‍්ධො භගවා, ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො, සුප‍්පටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝොති රතනත‍්තයසන‍්නිස‍්සයං පුබ‍්බභාගසද‍්ධඤ‍්චෙව ලොකුත‍්තරසද‍්ධඤ‍්චාති දුවිධම‍්පි සද‍්ධං සම‍්මා ආදියි. යථා න පුන ආදාතබ‍්බා හොති, එවං යාව භවක‍්ඛයා ගණ‍්හි, අත‍්තනො චිත‍්තසන‍්තානෙ උප‍්පාදෙසීති අත්‍ථො. සීලං සමාදියීතිආදීසුපි එසෙව නයො. සීලන‍්ති පුබ‍්බභාගසීලෙන සද‍්ධිං මග‍්ගසීලං ඵලසීලඤ‍්ච . සුතන‍්ති පරියත‍්තිබාහුසච‍්චං පටිවෙධබාහුසච‍්චඤ‍්චාති දුවිධම‍්පි සුතං. පරියත‍්තිධම‍්මාපි හි තෙන ධම‍්මස‍්සවනකාලෙ සච‍්චප‍්පටිවෙධාය සාවකෙහි යථාලද‍්ධප‍්පකාරං සුතා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා චාති. චාගන‍්ති පඨමමග‍්ගවජ‍්ඣකිලෙසාභිසඞ‍්ඛාරානං වොස‍්සග‍්ගසඞ‍්ඛාතං චාගං, යෙන අරියසාවකා දෙය්‍යධම‍්මෙසු මුත‍්තචාගා ච හොන‍්ති පයතපාණී වොස‍්සග‍්ගරතා. පඤ‍්ඤන‍්ති සද‍්ධිං විපස‍්සනාපඤ‍්ඤාය මග‍්ගපඤ‍්ඤඤ‍්චෙව ඵලපඤ‍්ඤඤ‍්ච.

මෙතෙකින් කොනු ඛො භන්තෙ හෙතු යනු එම භික්‍ෂුව විසින් විචාරන ලද ප්‍රශ්නය විසඳා දැන් ඔහුට, කා ගතිකො අභිසම්පරායොයි පෙර භික්‍ෂූන් විසින් විචාරන ලද ප්‍රශ්න විසඳන්ට සො තථාගතප්පවෙදිතං ධම්ම විනයං යනාදිය යූ.සේයි. එහි තථාගතප්පවෙදිතං යනු තථාගත භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද කියන ලද ප්‍රකාශ කරන ලදනුයි තථාගතප්ප වෙදිතංයි. ආගම්ම යනු ලබා, නිසා, දැන. තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙහිද පාඨයි. සද්ධං සමාදියි යනු භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනාකොට දේශනා කරන ලදි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාව පිළිපන්නේ යයි රත්නත්‍රය හා ආශ්‍රිත පූර්වභාග ශ්‍රද්ධාවද, ලෝකෝත්තර ශ්‍රද්ධාවදැයි දෙයාකාර වූද ශ්‍රද්ධාව මනාව ගනියි. යම්සේ නැවත නොගත යුතු වේද, මෙසේ භවයෙහි ක්‍ෂයය තෙක් ගත්තේය. තම සිත් සතන්හි ඉපදවී යයි අර්ථයි. සීලං සමාධි යි යන ආදීන්හිද එම ක්‍රමයමැයි. සීලං යනු පූර්වභාග සීලය සමග මාර්ග සීලයද ඵල සීලයද, සුතං යනු පර්යාප්ති බහුශ්‍රැතත්වය, ප්‍රතිවේධ බහුශ්‍රැතත්වය දැයි දෙයාකාර වූද ශ්‍රැතය. පර්යාප්ති ධර්මයද ධර්මශ්‍රවණ කල්හි සත්‍යය ප්‍රතිවේධය සඳහා ශ්‍රාවකයින් විසින්, ලද ආකාර අනුව අසන ලද පුරුදු කරන ලද, මනසින් විමසා බලන ලද, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරන ලද්දාහු වෙති. චාගං යනු ප්‍රථම මාර්ගයෙන් නැසිය යුතු ක්ලේෂාභි සංස්කාරයන්ගේ අත්හැරීම් සංඛ්‍යාත ත්‍යාගය. යමක් කරණකොට ආර්ය ශ්‍රාවකයෝ දිය යුතු දෑහි පිරිසිදු අත් ඇත්තේ අත්හැරීමෙහි ඇලුනාහු මුදාහළ ත්‍යාග වෙත්ද? පඤ්ඤං යනු විදර්ශනා ප්‍රඥාවෙන් යුත් මාර්ග ප්‍රඥාවද ඵල ප්‍රඥාවද වේ.

කායස‍්ස භෙදාති උපාදින‍්නක‍්ඛන්‍ධපරිච‍්චාගා. පරං මරණාති තදනන‍්තරං අභිනිබ‍්බත‍්තක‍්ඛන්‍ධගහණා. අථ වා කායස‍්ස භෙදාති ජීවිතින්‍ද්‍රියස‍්ස උපච‍්ඡෙදා. පරං මරණාති චුතිතො උද‍්ධං. සුගතිං සග‍්ගං ලොකන‍්ති පදත‍්තයෙනාපි දෙවලොකමෙව වදති. සො හි සම‍්පත‍්තීනං සොභනත‍්තා සුන්‍දරා ගතීති සුගති, රූපාදීහි විසෙසෙහි සුට‍්ඨු අග‍්ගොති සග‍්ගො, සබ‍්බකාලං සුඛමෙවෙත්‍ථ ලොකියති, ලුජ‍්ජතීති වා ලොකොති වුච‍්චති. උපපන‍්නොති පටිසන්‍ධිග‍්ගහණවසෙන උපගතො. සහබ්‍යතන‍්ති සහභාවං. වචනත්‍ථො පන සහ බ්‍යති පවත‍්තති, වසතීති වා සහබ්‍යො, සහඨායී සහවායී වා. තස‍්ස භාවො සහබ්‍යතා. අතිරොචතීති අතික‍්කම‍්ම අභිභවිත්‍වා රොචති විරොචති. වණ‍්ණෙනාති රූපසම‍්පත‍්තියා. යසසාති පරිවාරෙන. සො හි අසුචිමක‍්ඛිතං ජජ‍්ජරං මත‍්තිකාභාජනං ඡඩ‍්ඩෙත්‍වා අනෙකරතනවිචිත‍්තං පභස‍්සරරංසිජාලවිනද‍්ධසුද‍්ධජම‍්බුනදභාජනං ගණ‍්හන‍්තො විය වුත‍්තප‍්පකාරං කළෙවරං ඉධ නික‍්ඛිපිත්‍වා එකචිත‍්තක‍්ඛණෙන යථාවුත‍්තං දිබ‍්බත‍්තභාවං මහතා පරිවාරෙන සද‍්ධිං පටිලභීති.

කායස්ස භෙදා තෘෂ්ණාදීන් විසින් තමාගේ යයි ගන්නා ලද ස්කන්ධ අත්හැරීමෙන්, පරම්මරණා යනු ඉන් අනතුරුව හටගත් ග්‍රහණයයි. නොහොත් කායස්සභෙදා යනු ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙන්, පරම්මරණා යනු චුතියෙන් මත්තෙහි, සුගතිං සග්ගං ලොකං යනු පදත්‍රයයෙන්ම දිව්‍යලෝකයම කියයි. එය වනාහි සම්පත්තීන්ගෙන් හොබනා හෙයින් සුන්දර උත්පත්ති ස්ථානනුයි සුගතියි. රූපාදී විශේෂයන්ගෙන් මනාව අග්‍රනුයි සග්ගොයි. හැමකල්හි මෙහි සුවයම ලෝකයට අයත් වේ. විනාශවේනුයි ලෝකයයි කියයි. උප්පන්නො යනු ප්‍රතිග්‍රහණ වශයෙන් එළැඹියේ, සහව්‍යතං යනු සමාන ස්වභාවයට, වචනාර්ථය වනාහි සමග තිබේ. පවතියි. වාසය කරයිනුයි හෝ සහබ්‍යංයි. සමග සිටියි. සමග වේ හෝ එහි ස්වභාවය සහව්‍යතාවය අතිරොචති යනු ඉක්මවා, යටපත්කොට හෝ බබලයි. මනාව බබලයි. වණ්ණෙන යනු රූසපුවෙන්, යසසා යනු පිරිවරින්, හෙතෙම අශුචි තැවරුණු දිරාගිය මැටි බඳුනක් අත්හැර, නොයෙක් රත්නයන්ගෙන් විසිතුරු වූ ප්‍රභාෂ්වර රැස් ජාලාවකින් වෙලූ පිරිසිදු ජම්බුනදියෙහි හටගත් රනිාන් කරන ලද භාජනයක් ගන්නාක් මෙන් කියන ලද ආකාර ඇති සිරුර මෙහි හැරදමා එක් චිත්ත ක්‍ෂණයකින් කියන ලද ආකාර ඇති උපන් ආත්ම භාවය මහත් පිරිවර සමග ලබයි.

එතමත්‍ථං විදිත්‍වාති එතං පාපානං අපරිවජ‍්ජනෙ ආදීනවං, පරිවජ‍්ජනෙ ච ආනිසංසං සබ‍්බාකාරතො විදිත්‍වා තදත්‍ථවිභාවනං ඉමං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු එම පාපයන්ගෙන් අත් නොහැරීමෙහි ආදීනවද, අත්හැරීමෙහි අනුසස් ද සර්වාකාරයෙන් දැන එම කරුණ පැහැදිලි කිරීමට මෙ උදන් ඇනූ සේක.

තස‍්සායං සඞ‍්ඛෙපත්‍ථො – යථා චක‍්ඛුමා පුරිසො පරක‍්කමෙ කායිකවීරියෙ විජ‍්ජමානෙ සරීරෙ වහන‍්තෙ විසමානි පපාතාදිට‍්ඨානානි චණ‍්ඩභාවෙන වා විසමානි හත්‍ථිඅස‍්සඅහිකුක‍්කුරගොරූපාදීනි පරිවජ‍්ජයෙ, එවං ජීවලොකස‍්මිං ඉමස‍්මිං සත‍්තලොකෙ පණ‍්ඩිතො සප‍්පඤ‍්ඤො පුරිසො තාය සප‍්පඤ‍්ඤතාය අත‍්තනො හිතං ජානන‍්තො පාපානි ලාමකානි දුච‍්චරිතානි පරිවජ‍්ජෙය්‍ය. එවඤ‍්හි යථායං සුප‍්පබුද‍්ධො තගරසිඛිම‍්හි පච‍්චෙකබුද‍්ධෙ පාපං අපරිවජ‍්ජෙත්‍වා මහන‍්තං අනයබ්‍යසනං ආපජ‍්ජි, එවං ආපජ‍්ජෙය්‍යාති අධිප‍්පායො. යථා වා සුප‍්පබුද‍්ධො කුට‍්ඨී මම ධම‍්මදෙසනං ආගම‍්ම ඉදානි සංවෙගප‍්පත‍්තො පාපානි පරිවජ‍්ජෙන‍්තො උළාරං විසෙසං අධිගඤ‍්ඡි, එවං අඤ‍්ඤොපි උළාරං විසෙසාධිගමං ඉච‍්ඡන‍්තො පාපානි පරිවජ‍්ජෙය්‍යාති අධිප‍්පායො.

එහි මේ සංක්‍ෂේපාර්ථයයි. යම්සේ ඇස් ඇති පුරුෂයෙක් පරක්කමෙ කායික වීර්යයෙහි, විජ්ජමානෙ ශරීරය ඇතිකල්හි, විසමානීච යනු කඳුහෙල් පවත්නා ස්ථාන හා සැඩබවින් යුත් විෂම, ඇත්, අස්, සර්ප, බලු, ගව රූපාදීන්, පරිවජ්ජයෙ මෙසේ ජීවලොකස්මිං මෙම සත්ත්වලෝකයෙහි පණ්ඩිතො යනු නැණවත් පුරුෂයා ඒ ප්‍රාඥතාවයෙන් තමාගේ හිතසුව දන්නේ පාපානි යනු ලාමක දුශ්චරිත දුරුකරන්නේය. මෙසේ මෙම සුප්‍රබුද්ධ තෙමේ තගරසිඛී පසේ බුදුරදුන් කෙරෙහි පාපකර්මය දුරු නොකොට මහත් ව්‍යසනයකට පැමිණියේය. මෙසේ පැමිණෙන්නේ යයි අදහසයි. යම්සේ සුප්‍රබුද්ධ කුෂ්ඨයා මාගේ ධර්මදේශනයට පැමිණ, දැන් සංවේගප්‍රාප්තව පව් දුරු කරනුයේ උදාර විශේෂයක් අවබෝධ කළේය. මෙසේ අනෙක් අයද උදාර විශේෂයන්ට පැමිණීමට කැමැති වන්නේ නම් පව් දුරුකරන්නේ යයි (දුරුකළ යුතුයැයි) අදහසයි.

තතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.