යෙදුමෙන් කියවන්න

1. රාජසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. රාජසුත‍්තවණ‍්ණනා

1. රාජ සූත්‍ර වර්ණනාව

මහාවග‍්ගස‍්ස පඨමෙ මල‍්ලිකාය දෙවියා සද‍්ධින‍්ති මල‍්ලිකාය නාම අත‍්තනො මහෙසියා සහ. උපරිපාසාදවරගතොති පාසාදවරස‍්ස උපරි ගතො. කොචඤ‍්ඤො අත‍්තනා පියතරොති කොචි අඤ‍්ඤො අත‍්තනා පියායිතබ‍්බතරො. අත්‍ථි නු ඛො තෙති “කිං තෙ අත්‍ථී”ති දෙවිං පුච‍්ඡති.

මහා වර්ගයෙහි පළමුවැන්නෙහි මල්ලිකාය දෙවියා සද්ධිං යනු තමාගේ අගමෙහෙසිය වූ මල්ලිකා සමග උපරිපාසාද වරගතො යනු විශාල ප්‍රාසාදයෙහි මතු මහලට ගියේ, කොචඤ්ඤො අත්තනා පියතරො යනු තමාට වඩා ප්‍රියකරන අන්කිසි කෙනෙක්, අත්‍ථිනුඛො තෙ යනු කිමෙක්ද, නුඹගේ එවැනි ප්‍රියකරන කෙනෙක් ඇත්දැයි දේවියගෙන් විචාරයි.

කස‍්මා පුච‍්ඡති? අයඤ‍්හි සාවත්‍ථියං දුග‍්ගතමාලාකාරස‍්ස ධීතා. එකදිවසං ආපණතො පූවං ගහෙත්‍වා මාලාරාමං ගන‍්ත්‍වා “ඛාදිස‍්සාමී”ති ගච‍්ඡන‍්තී පටිපථෙ භික‍්ඛුසඞ‍්ඝපරිවුතං භගවන‍්තං භික‍්ඛාචාරං පවිසන‍්තං දිස‍්වා පසන‍්නචිත‍්තා තං භගවතො අදාසි. සත්‍ථා තථාරූපෙ ඨානෙ නිසීදනාකාරං දස‍්සෙසි. ආනන්‍දත්‍ථෙරො චීවරං පඤ‍්ඤාපෙත්‍වා අදාසි. භගවා තත්‍ථ නිසීදිත්‍වා තං පූවං පරිභුඤ‍්ජිත්‍වා මුඛං වික‍්ඛාලෙත්‍වා සිතං පාත්‍වාකාසි. ථෙරො “කො ඉමිස‍්සා, භන‍්තෙ, දානස‍්ස විපාකො භවිස‍්සතී”ති පුච‍්ඡි. “අජ‍්ජෙසා, ආනන්‍ද, තථාගතස‍්ස පඨමං භොජනං අදාසි, අජ‍්ජෙව කොසලරඤ‍්ඤො අග‍්ගමහෙසී භවිස‍්සති පියා මනාපා”ති. තං දිවසමෙව ච රාජා කාසිගාමෙ භාගිනෙය්‍යෙන සද‍්ධිං යුජ‍්ඣිත්‍වා පරාජිතො පලායිත්‍වා ආගතො නගරං පවිසන‍්තො “බලකායස‍්ස ආගමනං ආගමෙස‍්සාමී”ති තං මාලාරාමං පාවිසි. සා රාජානං ආගතං පස‍්සිත්‍වා තස‍්ස වත‍්තමකාසි. රාජා තස‍්සා වත‍්තෙ පසීදිත්‍වා පිතරං පක‍්කොසාපෙත්‍වා මහන‍්තං ඉස‍්සරියං දත්‍වා තං අන‍්තෙපුරං පටිහරාපෙත්‍වා අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙසි. අථෙකදිවසං රාජා චින‍්තෙසි – “මයා ඉමිස‍්සා මහන‍්තං ඉස‍්සරියං දින‍්නං, යංනූනාහං ඉමං පුච‍්ඡෙය්‍යං ‘කො තෙ පියො’ති? සා ‘ත්‍වං මෙ, මහාරාජ, පියො’ති වත්‍වා, පුන මං පුච‍්ඡිස‍්සති, අථස‍්සාහං ‘මය‍්හම‍්පි ත්‍වංයෙව පියා’ති වක‍්ඛාමී”ති. ඉති සො අඤ‍්ඤමඤ‍්ඤං විස‍්සාසජනනත්‍ථං සම‍්මොදනීයං කරොන‍්තො පුච‍්ඡි.

කවර හෙයින් විචාරයිද? මැය වනාහි සැවැත්නුවර දුගී මල්කරුවෙකුගේ දියණියකි. එක්දිනක් වෙළඳසලින් කැවුමක් ගෙන මල් අරමට ගොස් කන්නෙමියි යන්නී විරුද්ධ මාර්ගයෙහි බික්සඟන පිරිවරන ලද භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස හැසිරීමට පිවිසෙන්නහු දැක පසන් සිතැත්තී එය භාග්‍යවතුන් වහන්සේට දුන්නාය. ශාස්තෲන් වහන්සේ එතැන වැඩසිටිනා ආකාරයක් දැක්වූ සේක. අනඳ තෙරහු සිවුරක් පනවා දිනි. භාග්‍යවතුන් වහන්සේ එහි හිඳ එම කැවුම් අනුභව කොට මුව සෝදා සිනහ පහළ කළ සේක. තෙරහු ස්වාමීනි, මැයගේ දානයෙහි කවර විපාකයක් වන්නේදැයි විමසීය. ආනන්දය, අද ඇය තථාගතයන් වහන්සේට ප්‍රථම භෝජනය දුන්නේය. අදම කොසොල් රජුගේ ප්‍රියමනාප අගමෙහෙසිය වන්නේ යයි වදාළ සේක. එදිනම රජු කාසි ග්‍රාමයෙහි බෑනා සමග යුදකොට පැරැදී පැන පැමිණියේ, නගරට පිවිසෙනුයේ සෙබල සමූහයාගේ පැමිණීම බලාපොරොත්තු වන්නෙමියි එම මල් අරමට පිවිසියේය. ඕ පැමිණි රජු දැක ඔහුට වත්පිළිවෙත් කළාය. රජු ඇයගේ වත් කෙරෙහි පැහැදී පියා කැඳවා මහත් ඓශ්වර්යය දී ඇය අන්තඃපුරයෙන් ඉවත්කරවා අග මෙහෙසුන් තනතුරෙහි තැබීය. නැවත එක්දිනක් රජු මවිසින් මැයට මහත් ඓශ්වර්යය දෙන ලදි. නුඹට කවරෙක් ප්‍රියදැයි මැයගෙන් විචාරන්නෙම් නම් ඉතා යෙහෙකැයි සිතීය. ඕ මහරජ, ඔබ ප්‍රිය යැයි කියා නැවත මගෙන් විචාරන්නේය. ඉක්බිති මම ඇයට මටද ඔබම ප්‍රිය යැයි කියන්නෙමියි මෙසේ ඔහු ඔවුනොවුන් අතර විශ්වාසය ඇතිකරලීම සඳහා සතුටුවිය යුත්තක් කරනුයේ විචාළේය.

දෙවී පන පණ‍්ඩිතා බුද‍්ධුපට‍්ඨායිකා සඞ‍්ඝුපට‍්ඨායිකා “නායං පඤ‍්හො රඤ‍්ඤො මුඛං උල‍්ලොකෙත්‍වා කථෙතබ‍්බො”ති චින‍්තෙත්‍වා යථාභූතමෙව වදන‍්තී “නත්‍ථි ඛො මෙ, මහාරාජ, කොචඤ‍්ඤො අත‍්තනා පියතරො”ති ආහ. වත්‍වාපි අත‍්තනා බ්‍යාකතමත්‍ථං උපායෙන රඤ‍්ඤො පච‍්චක‍්ඛං කාතුකාමා “තුය‍්හං පන, මහාරාජ, අත්‍ථඤ‍්ඤො කොචි අත‍්තනා පියතරො”ති තථෙව රාජානං පුච‍්ඡි යථා රඤ‍්ඤා සයං පුට‍්ඨා. රාජාපි තාය සරසලක‍්ඛණෙන කථිතත‍්තා නිවත‍්තිතුං අසක‍්කොන‍්තො සයම‍්පි සරසලක‍්ඛණෙනෙව කථෙන‍්තො තථෙව බ්‍යාකාසි යථා දෙවියා බ්‍යාකතං.

දේවිය වනාහි නුවණැතිය. බුද්ධෝපස්ථායිකාවකි. සංඝෝපස්ථායිකාවකි. මෙම ප්‍රශ්නය රජුගේ මුහුණ බලා නොකිව යුත්තේ යයි සිතා තත්වාකාරයෙන්ම කියන්නී, නත්‍ථි ඛො මෙ මහාරාජ කො චඤ්ඤො අත්තනා පියතරොති අන් කෙනෙකුට වඩා මම මට ම ප්‍රිය කරමි යි කීවාය. කියාද තමා විසින් ප්‍රකාශිත අර්ථය උපායෙන් රජුට ප්‍රත්‍යක්‍ෂ කරවනු කැමැත්තී, තුය්හං පන මහාරාජ අත්‍ථඤ්ඤො කොචි අත්තනා පියතරො යි. යම්සේ රජු ඇයගෙන් විමසන ලද ද? එසේම රජු විචාළාය. රජුද ඇගේ ස්වභාව ලක්‍ෂණයෙන් කියන ලද හෙයින් නවතින්ට නොහැකි වනුයේ, තෙමේද ස්වභාව ලක්‍ෂණයෙන්ම කියනුයේ යම්සේ දේවිය ප්‍රකාශ කළේද? එසේම ප්‍රකාශ කළේය.

බ්‍යාකරිත්‍වා ච මන්‍දධාතුකතාය එවං චින‍්තෙසි – “අහං රාජා පථවිස‍්සරො මහන‍්තං පථවිමණ‍්ඩලං අභිවිජිය අජ‍්ඣාවසාමි, මය‍්හං තාව යුත‍්තං ‘අත‍්තනා පියතරං අඤ‍්ඤං න පස‍්සාමී’ති, අයං පන වසලී හීනජච‍්චා සමානා මයා උච‍්චෙ ඨානෙ ඨපිතා සාමිභූතං මං න තථා පියායති, ‘අත‍්තාව පියතරො’ති මම සම‍්මුඛා වදති, යාව කක‍්ඛළා වතාය”න‍්ති අනත‍්තමනො හුත්‍වා “නනු තෙ තීණි රතනානි පියතරානී”ති චොදෙසි. දෙවී ‘රතනත‍්තයංපාහං දෙව අත‍්තනො සග‍්ගසුඛං මොක‍්ඛසුඛඤ‍්ච පත්‍ථයන‍්තී සම‍්පියායාමි, තස‍්මා අත‍්තාව මෙ පියතරො”ති ආහ. සබ‍්බො චායං ලොකො අත‍්තදත්‍ථමෙව පරං පියායති, පුත‍්තං පත්‍ථෙන‍්තොපි “අයං මං ජිණ‍්ණකාලෙ පොසෙස‍්සතී”ති පත්‍ථෙති, ධීතරං “මම කුලං වඩ‍්ඪිස‍්සතී”ති, භරියං “මය‍්හං පාදෙ පරිචරිස‍්සතී”ති, අඤ‍්ඤෙපි ඤාතිමිත‍්තබන්‍ධවෙ තංතංකිච‍්චවසෙන, ඉති අත‍්තදත්‍ථමෙව සම‍්පස‍්සන‍්තො ලොකො පරං පියායතීති. අයඤ‍්හි දෙවියා අධිප‍්පායො.

ප්‍රකාශකොටද මෝඩ ස්වභාව හෙයින් - “මම පෘථුවීශ්වර රජෙක්මි. මහත් පෘථුවි මණ්ඩලය දිනා වාසය කරමි. මට වඩා අන් පියකරු අනෙකෙක් නොදකිමියි කීම මට යෝග්‍යය. මැය වනාහි පහත් කුල වූවා වසලියෙකැ. මවිසින් උස්තැන තබන ලදි. ස්වාමී වූ මා එසේ ප්‍රිය නොකරයි. තමාම ප්‍රියයැයි මා හමුවෙහි කියයි. මැය ඒකාන්තයෙන් කර්කශක යැ”යි නොසතුටට පත්ව “නුඹට තෙරුවන් නම් වඩා ප්‍රිය නොවේදැ”යි චෝදනා කළේය. දේවිය, දේවයන් වහන්ස, මම තමාගේ සගමොක් සුවයන්ට හිතවත් වන්නී මනාව ප්‍රිය කරමි. එහෙයින් තමාම මට වඩාත් ප්‍රිය යැයි කීවාය. මේ මුළු ලෝකයම තමාගේ අර්ථ සිද්ධියම සලකා අනෙකාට ප්‍රිය කරයි. පුතෙකු ප්‍රාර්ථනා කරනුයේද මොහු මා දිරූ කල්හි පෝෂණයකරන්නේ යැයි අපේක්‍ෂා කරයි. දියණිය මාගේ කුලය වඩන්නේ යැයිද, භාර්යාව මාගේ පාදයන් සේවනය කරන්නේයැයිද අනෙකුත් ඤාති, මිත්‍ර බන්ධූන් ඒ ඒ කෘත්‍යය වශයෙන් මෙසේ ආත්මාර්ථයම බලන්නා වූ ලෝකයා අන්‍යයාට ප්‍රිය කරයි. මෙය දේවියගේ අදහසයි.

අථ රාජා චින‍්තෙසි – “අයං මල‍්ලිකා කුසලා පණ‍්ඩිතා නිපුණා ‘අත‍්තාව මෙ පියතරො’ති වදති, මය‍්හම‍්පි අත‍්තාව පියතරො හුත්‍වා උපට‍්ඨාති, හන්‍දාහං ඉමමත්‍ථං සත්‍ථු ආරොචෙස‍්සාමි, යථා ච මෙ සත්‍ථා බ්‍යාකරිස‍්සති, තථා නං ධාරෙස‍්සාමී”ති. එවං පන චින‍්තෙත්‍වා සත්‍ථු සන‍්තිකං උපසඞ‍්කමිත්‍වා තමත්‍ථං ආරොචෙසි. තෙන වුත‍්තං – “අථ ඛො රාජා පසෙනදි කොසලො…පෙ… පියතරො”ති.

ඉක්බිති රජු මෙසේ සිතීය. මේ මල්ලිකාව දක්ෂය. නුවණැතිය. නිපුණය. මට තමාම වඩා ප්‍රිය යැයි කියයි. මටද තමාම වඩා ප්‍රිය වී වැටහේ. එහෙයින් මම මෙකරුණ ශාස්තෲන් වහන්සේට සැළ කරන්නෙමි. යම්සේ ශාස්තෲන් වහන්සේ මට ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නෙමි. මෙසේද සිතා ශාස්තෲන් වහන්සේ සමීපයට එළඹ මෙ කරුණ සැළ කළේය. එහෙයින් අථඛො රාජා පසෙනදි කොසලො -පෙ- පියතරොති යි යූ.සේයි.

එතමත්‍ථං විදිත්‍වාති එතං “ලොකෙ සබ‍්බසත‍්තානං අත‍්තාව අත‍්තනො පියතරො”ති රඤ‍්ඤා වුත‍්තමත්‍ථං සබ‍්බසො ජානිත්‍වා තදත්‍ථපරිදීපනං ඉමං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු ලෝකයෙහි සියලු සත්ත්වයින්ට තමාම තමාට වඩා ප්‍රිය යැයි රජු විසින් කියන ලද එම කරුණ සර්වප්‍රකාරයෙන් දැන එම කරුණ පැහැදිලි කිරීමට මෙසේ උදන් ඇනූ සේක.

තත්‍ථ සබ‍්බා දිසා අනුපරිගම‍්ම චෙතසාති සබ‍්බා අනවසෙසා දසපි දිසා පරියෙසනවසෙන චිත‍්තෙන අනුගන‍්ත්‍වා. නෙවජ‍්ඣගා පියතරමත‍්තනා ක්‍වචීති අත‍්තනා අතිසයෙන පියං අඤ‍්ඤං කොචි පුරිසො සබ‍්බුස‍්සාහෙන පරියෙසන‍්තො ක්‍වචි කත්‍ථචි සබ‍්බදිසාසු නෙව අධිගච‍්ඡෙය්‍ය න පස‍්සෙය්‍ය. එවං පියො පුථු අත‍්තා පරෙසන‍්ති එවං කස‍්සචි අත‍්තනා පියතරස‍්ස අනුපලබ‍්භනවසෙන පුථු විසුං විසුං තෙසං තෙසං සත‍්තානං අත‍්තාව පියො. තස‍්මා න හිංසෙ පරමත‍්තකාමොති යස‍්මා එවං සබ‍්බොපි සත‍්තො අත‍්තානං පියායති අත‍්තනො සුඛකාමො දුක‍්ඛප‍්පටිකූලො, තස‍්මා අත‍්තකාමො අත‍්තනො හිතසුඛං ඉච‍්ඡන‍්තො පරං සත‍්තං අන‍්තමසො කුන්‍ථකිපිල‍්ලිකං උපාදාය න හිංසෙ න හනෙය්‍ය න පාණිලෙඩ‍්ඩුදණ‍්ඩාදීහිපි විහෙඨෙය්‍ය. පරස‍්ස හි අත‍්තනා කතෙ දුක‍්ඛෙ තං තතො සඞ‍්කමන‍්තං විය කාලන‍්තරෙ අත‍්තනි සන්‍දිස‍්සති. අයඤ‍්හි කම‍්මානං ධම‍්මතාති.

එහි, සබ්බාදිසා අනුපරිගම්ම චෙතසා යනු සියලුම දස දිශාවන් ශේෂ රහිතව සෙවීම් වශයෙන් සිතින් අනුව ගොස්, නෙවජ්ඣගා පියතර මත්තානා ඣචි යනු තමාට වඩා අතිශයින් ප්‍රිය අන් කිසි පුරුෂයෙක් සම්පූර්ණ උත්සාහයෙන් සොයනුයේ ක්‍වචි කිසිතැනෙක, සියලු දිශාවන්හි නො ලබන්නේ ය. එවං පියො පුථු අත්තා පරෙසං යනු මෙසේ කිසිවෙකුට තමාට වඩා ප්‍රිය වූවෙකු නොලැබීම් වශයෙන් පුථු වෙන් වෙන්ව ඒ ඒ සත්ත්වයින්ට තමා ප්‍රිය වේ. තස්මා න හිංසෙ පරං අත්තකාමො යනු මෙසේ සියලුම සත්ත්වයෝ තමාට ප්‍රිය කරයි. තම සුව කැමැති වූයේ, දුක් පිළිකුල් කරනුයේ එහෙයින් තමාට කැමැතියේ තම හිතසුව කැමැති වූයේ, දුක් පිළිකුල් කරනුයේ එහෙයින් තමාට කැමැතියේ තම හිතසුව කැමැති වනුයේ, අන්‍ය සත්ත්වයා යටත් පිරිසෙයින් කුරුකුහුඹියෙක් තරම්වත් නොසලකයි. න හිංස - නොපෙලන්නේය. නොනසන්නේය. අත්වලින්, මැටිකැට ලීදඬු ආදීන්ගෙන් ද නොවෙහෙසන්නේ ය. යමෙකුට වනාහි තමා විසින් කළ දුක් පීඩාවෙහි, එය ඉන් සංක්‍රමණය වන්නාක් මෙන් කාලයක් ගතවීමෙහිදී තමා කෙරෙහි දිස්වන්නේය. මෙය වනාහි කර්මයන්ගේ ස්වභාවයයි.

පඨමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ප්‍රථම සූත්‍ර වර්ණනාව නිමියේ ය.

2. අප‍්පායුකසුත‍්තවණ‍්ණනා

2. අප්පායුක සූත්‍ර වර්ණනාව

දුතියෙ අච‍්ඡරියං, භන‍්තෙති ඉදම‍්පි මෙඝියසුත‍්තෙ විය ගරහණච‍්ඡරියවසෙන වෙදිතබ‍්බං. යාව අප‍්පායුකාති යත‍්තකං පරිත‍්තායුකා, අතිඉත‍්තරජීවිතාති අත්‍ථො. සත‍්තාහජාතෙති සත‍්තාහෙන ජාතො සත‍්තාහජාතො. තස‍්මිං සත‍්තාහජාතෙ, ජාතස‍්ස සත‍්තමෙ අහනීති අත්‍ථො. තුසිතං කායං උපපජ‍්ජීති තුසිතං දෙවනිකායං පටිසන්‍ධිග‍්ගහණවසෙන උපපජ‍්ජි.

දෙවැන්නෙහි අච්ඡරියං භන්තෙ යන මෙයද මේඝිය සූත්‍රයෙහි මෙන් ගර්හා කිරීම් ආශ්චර්ය වශයෙන් යයි දතයුතුය. යාව අප්පායුකා යනු යම් පමණ අල්පායුෂ්ක ඉතා ස්වල්ප ජීවිතයයි. අර්ථයි. සත්තාහජාතො යන උපන් සත් දවසෙහි සත්දින උපන් - එම සත්දිනෙහි උපන්, උපන් සත්වන දිනයෙහි යැයි අර්ථයි. තුසිතං කායං උපපජ්ජි යනු තුසිත දිව්‍ය නිකායෙහි ප්‍රතිසන්ධි ග්‍රහණ වශයෙන් පැමිණියේය.

එකදිවසං කිර ථෙරො පච‍්ඡාභත‍්තං දිවාට‍්ඨානෙ නිසින‍්නො ලක‍්ඛණානුබ්‍යඤ‍්ජනප‍්පටිමණ‍්ඩිතං සොභග‍්ගප‍්පත‍්තං දස‍්සනානුත‍්තරියභූතං භගවතො රූපකායසිරිං මනසි කරිත්‍වා, “අහො බුද‍්ධානං රූපකායසම‍්පත‍්ති දස‍්සනීයා සමන‍්තපාසාදිකා මනොහරා”ති උළාරං පීතිසොමනස‍්සං පටිසංවෙදෙන‍්තො එවං චින‍්තෙසි – “විජාතමාතුයා නාම විරූපොපි පුත‍්තො සුරූපො විය මනාපො හොති, සචෙ පන බුද‍්ධානං මාතා මහාමායා දෙවී ධරෙය්‍ය, කීදිසං නු ඛො තස‍්සා භගවතො රූපදස‍්සනෙ පීතිසොමනස‍්සං උප‍්පජ‍්ජෙය්‍ය, මහාජානි ඛො මය‍්හං මහාමාතු දෙවියා, යා සත‍්තාහජාතෙ භගවති කාලකතා”ති. එවං පන චින‍්තෙත්‍වා භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා අත‍්තනො පරිවිතක‍්කිතං ආරොචෙන‍්තො තස‍්සා කාලකිරියං ගරහන‍්තො “අච‍්ඡරියං, භන‍්තෙ”තිආදිමාහ.

එක් දිනක් තෙරුන් වහන්සේ පසුබත දිවා ස්ථානයෙහි හුන්නේ, ලක්‍ෂණ අනූව්‍යඤ්ජනයන්ගෙන් ප්‍රතිමණ්ඩිත සෞභාග්‍යයට පත් දර්ශානුන්තරිය වූ, භාග්‍යවතුන් වහන්සේගේ රූපකාය ශ්‍රීය මෙනෙහිකොට විශ්මයෙකි. බුදුවරුන්ගේ රූප කාය සම්පත්තිය දැකුම්කළුයි. හාත්පස ප්‍රසාදාවහය. මනහරයැයි මහත් ප්‍රීති සොම්නසක් මනාව විඳිනුයේ, වැදූ මවට නම් විරූපී වූද පුත්‍රයා සුරූපී වූයේ ප්‍රියමනාප වේ. ඉදින් වනාහි බුදුරදුන්ගේ මව මහාමායා දේවිය ජීවත් වන්නේ නම්, භාග්‍යවතුන් වහන්සේගේ රූප දර්ශනයෙහිලා කවරාකාර වූ ප්‍රීති සොම්නසක් උපදින්නේද? භාග්‍යවතුන් වහන්සේ උපන් සත්දිනකින් යම්බඳු වූ මහාමායා දේවිය කළුරිය කළාය. ඇයට එය මහා හානියකැයි සිතීය. මෙසේ සිතා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, තමාගේ සිතිවිල්ල සැළ කරනුයේ ඇගේ කළුරිය කිරීමට ගරහනුයේ අච්ඡරියං භන්තෙ යනාදිය කීය.

කෙචි පනාහු – “මහාපජාපති ගොතමී භගවන‍්තං මහතා ආයාසෙන පබ‍්බජ‍්ජං යාචිත්‍වාපි පටික‍්ඛිත‍්තා, මයා පන උපායෙන යාචිතො භගවා අට‍්ඨගරුධම‍්මප‍්පටිග‍්ගහණවසෙන තස‍්සා පබ‍්බජ‍්ජං උපසම‍්පදඤ‍්ච අනුජානි, සා තෙ ධම‍්මෙ පටිග‍්ගහෙත්‍වා ලද‍්ධපබ‍්බජ‍්ජූපසම‍්පදා භගවතො දුතියං පරිසං උප‍්පාදෙත්‍වා චතුත්‍ථාය පරිසාය පච‍්චයො අහොසි. සචෙ පන භගවතො ජනෙත‍්ති මහාමායා දෙවී ධරෙය්‍ය, එවමෙතා චුභොපි ඛත‍්තියභගිනියො එකතො හුත්‍වා ඉමං සාසනං සොභෙය්‍යුං, භගවා ච මාතරි බහුමානෙන මාතුගාමස‍්ස සාසනෙ පබ‍්බජ‍්ජං උපසම‍්පදඤ‍්ච සුඛෙනෙව අනුජානෙය්‍ය, අප‍්පායුකතාය පනස‍්සා කසිරෙන නිප‍්ඵන‍්නමිදන‍්ති ඉමිනා අධිප‍්පායෙන ථෙරො භගවතො සන‍්තිකෙ ‘අච‍්ඡරියං, භන‍්තෙ’තිආදිමාහා”ති. තං අකාරණං. භගවා හි මාතුයා වා අඤ‍්ඤස‍්ස වා මාතුගාමස‍්ස අත‍්තනො සාසනෙ පබ‍්බජ‍්ජං අනුජානන‍්තො ගරුකංයෙව කත්‍වා අනුජානාති, න ලහුකං චිරට‍්ඨිතිකාමතායාති.

සමහරු වනාහි කීහ - මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේගෙන් මහත් උත්සාහයෙන් පැවිද්ද යාඥා කරන ලද්දේ වී නමුත් ප්‍රතික්‍ෂේප කරන ලදි. මවිසින් උපායෙන් යාඥා කරන ලදුයේ භාග්‍යවතුන් වහන්සේ අෂ්ටගරුධර්ම පිළිගැනීම් වශයෙන් ඇයට පැවිද්ද ද, උපසම්පදාවද අනුදැන වදාළ සේක. ඕ එම ධර්මයන් පිළිගෙන ලබන ලද ප්‍රවෘජ්‍යා උපසම්පදා ඇත්තේ, තෙවන පිරිස ජනිතකොට සිව්වන පිරිසට ප්‍රත්‍යය වූයේය. ඉදින් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ මව මහාමායා දේවිය ජීවත් වන්නේද? මෙසේ මෙම ක්‍ෂත්‍රිය සොහොයුරියන් දෙදෙන එක්ව මෙම සස්න හොබවන්නේය. භාග්‍යවතුන් වහන්සේද මාතෘ බුහුමනින් මාගමට සස්නෙහි පැවිද්ද ද උපසම්පදාවද පහසුවෙන් අනුමත කරන්නේය. ඇයගේ අල්පායුෂ්කතාවයෙන් මෙය ඉතා දුකසේ නිපනැයි මෙම අදහසින්, තෙරහු භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි, ස්වාමීනි ආශ්චර්යයැයි ආදියකීහ. එය පිළිගත නොහැකිය. භාග්‍යවතුන් වහන්සේ වනාහි තම සස්නෙහි පැවිද්ද අනුමත කරනුයේ (කැමැති වනුයේ) බරකොට කැමැති වේ. චිරකල් පැවැත්මේ කැමැත්ත නිසා සැහැල්ලු නොකරයි.

අපරෙ පනාහු – “දසබලචතුවෙසාරජ‍්ජාදිකෙ අනඤ‍්ඤසාධාරණෙ අනන‍්තාපරිමාණෙ බුද‍්ධගුණෙ ථෙරො මනසි කරිත්‍වා යා එවං මහානුභාවං නාම ලොකෙ අග‍්ගපුග‍්ගලං සත්‍ථාරං කුච‍්ඡිනා දස මාසෙ පරිහරි, සා බුද‍්ධමාතා කස‍්සචි පරිචාරිකා භවිස‍්සතීති අයුත‍්තමිදං. කස‍්මා? සත්‍ථු ගුණානුච‍්ඡවිකමෙවෙතං, යදිදං සත‍්තාහජාතෙ භගවති ජනෙත‍්ති කාලං කරොති, කාලකතා ච තුසිතෙසු උප‍්පජ‍්ජතීති අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතො හුත්‍වා තං අත‍්තනො විතක‍්කුප‍්පාදනං භගවතො ආරොචෙන‍්තො ‘අච‍්ඡරියං, භන‍්තෙ’තිආදිවචනං අවොචා”ති.

අනෙක් අය කීහ - දශබල, චතුර් වෛශාරද්‍යාදී වූ අන්‍යයන් හා සාධාරණ නුවූ අනන්ත අපරිමාණ බුදුගුණ, තෙරුන් මෙනෙහි කොට, යම් තැනැත්තියක් ලෝකයෙහි අග්‍ර පුද්ගල ශාස්තෲන් වහන්සේ දසමසක් කුසින් පරිහරණය කළේද, මෙය නම් තෙද බලයකි. එම බුද්ධ මාතාව කිසිවෙකුගේ රැකීම කරන්නියක් වන්නීය ය යන මෙය අයෝග්‍යතාවයකි. කුමක් හෙයින්ද? යම් ආකාර වූ භාග්‍යවතුන් වහන්සේගේ උපන් සත්වන දිනයෙහිදී මව කළුරිය කරයිද, කළුරිය කරන ලදුයේද තුසිත දෙව්ලොව උපදීය යන මෙය ශාස්තෲ ගුණයට යෝග්‍ය්‍ය. ආශ්චර්ය, අද්භූත සිත් හටගත්තේ වී එම තමාගේ විශ්මයෝත්පාදය භාග්‍යවතුන් වහන්සේට සැළ කරනුයේ ‘ස්වාමීනි, ආශ්චර්යයැ’යි ආදිය කීය.

සත්‍ථා පන යස‍්මා සත‍්තාහජාතෙසු බොධිසත‍්තෙසු බොධිසත‍්තමාතු කාලකිරියා ධම‍්මතා සිද‍්ධා, තස‍්මා තං ධම‍්මතං පරිදීපෙන‍්තො “එවමෙතං, ආනන්‍දා”තිආදිමාහ. සා පනායං ධම‍්මතා යස‍්මා යථා සබ‍්බෙ බොධිසත‍්තා පාරමියො පූරෙත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තත්‍ථ යාවතායුකං ඨත්‍වා ආයුපරියොසානෙ දසසහස‍්සචක‍්කවාළදෙවතාහි සන‍්නිපතිත්‍වා අභිසම‍්බොධිං පත‍්තුං මනුස‍්සලොකෙ පටිසන්‍ධිග‍්ගහණාය අජ‍්ඣෙසිතා කාලදීපදෙසකුලානි විය ජනෙත‍්තියා ආයුපරිමාණම‍්පි ඔලොකෙත්‍වා පටිසන්‍ධිං ගණ‍්හන‍්ති, අයම‍්පි භගවා බොධිසත‍්තභූතො තථෙව තුසිතපුරෙ ඨිතො පඤ‍්ච මහාවිලොකනානි විලොකෙන‍්තො සත‍්තදිවසාධිකදසමාසපරිමාණං මාතුයා ආයුපරිමාණං පරිච‍්ඡින්‍දිත්‍වා “අයං මම පටිසන්‍ධිග‍්ගහණස‍්ස කාලො, ඉදානි උප‍්පජ‍්ජිතුං වට‍්ටතී”ති ඤත්‍වාව පටිසන්‍ධිං අග‍්ගහෙසි, තස‍්මා සබ‍්බබොධිසත‍්තානං ආචිණ‍්ණසමාචිණ‍්ණවසෙනෙව වෙදිතබ‍්බං. තෙනාහ භගවා – “අප‍්පායුකා හි, ආනන්‍ද, බොධිසත‍්තමාතරො හොන‍්තී”තිආදි.

ශාස්තෲන් වහන්සේ වනාහි, බෝසතුන් ඉපිද සත්දිනකින් මවගේ කළුරිය කිරීම ස්වභාව සිද්ධියකි. එම ධර්මතාවය පැහැදිලිව දක්වනුයේ, එවමෙතං ආනන්‍ද ආදිය වදාළහ. මේ එම ධර්මතාවයයි. සියලු බෝසත්වරු පාරමී පුරා තුෂිත දෙව්ලොව ඉපිද, එහි ආයුෂ ඇතිතෙක් සිට ආයුෂ කෙළවර දසදහසක් සක්වල දෙවිවරු විසින් රැස්ව බුදුබව සඳහා මිනිස්ලොව ප්‍රතිසන්ධි ග්‍රහණයට ඇරයුම් කරන ලුදයේ, කාල, දීප-දේශ-කුල මෙන්ම මවගේ ආයුෂ ප්‍රමාණයද බලා ප්‍රතිසන්ධි ගනිති. මේ භාග්‍යවතුන් වහන්සේද බෝසත් වූයේ, එසේම තුෂිත පුරයෙහි සිටියේ පස්මහ බැලුම් බලනුයේ, සත්දිනක් අධික දසමස් ප්‍රමාණ වූ මවගේ ආයු ප්‍රමාණය පිරිසිඳ බලා, මේ මට ප්‍රතිසන්ධි ග්‍රහණයට කාලයයි. දැන් උපදින්ට සුදුසුයයි දැනම ප්‍රතිසන්ධි ගත්තේය. එහෙයිාන් සියලු බෝසතුන්ගේ පුරුදු කරන ලද, මනාව පුරුදු කරන ලද වශයෙන්ම දතයුතුය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අප්පායුකාහි ආනන්‍ද බොධිසත්ත මාතරො හොන්ති ආදිය වදාළහ.

තත්‍ථ කාලං කරොන‍්තීති යථාවුත‍්තආයුපරික‍්ඛයෙනෙව කාලං කරොන‍්ති, න විජාතපච‍්චයා. චරිමත‍්තභාවෙහි බොධිසත‍්තෙහි වසිතට‍්ඨානං චෙතියඝරසදිසං හොති, න අඤ‍්ඤෙසං පරිභොගාරහං, න ච සක‍්කා බොධිසත‍්තමාතරං අපනෙත්‍වා අඤ‍්ඤං අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙතුන‍්ති තත‍්තකං එව බොධිසත‍්තමාතු ආයුප‍්පමාණං හොති, තස‍්මා තදා කාලං කරොන‍්ති. ඉමමෙව හි අත්‍ථං සන්‍ධාය මහාබොධිසත‍්තා පඤ‍්චමං මහාවිලොකනං කරොන‍්ති.

කාලං කරොන්ති යනු කියන ලද ආකාර ඇති ආයුෂ ක්‍ෂයයෙන්ම කළුරිය කරති. වැදූ හේතුයෙන් නොවේ. අන්තිම ආත්ම භාවයන්හි බෝසත්වරුන් විසින් වාසය කරන ලද ස්ථාන චෛත්‍ය ගෘහයක් හා සමාන වේ. අන්‍යයන්ගේ පරිභෝගයට සුදුසු නොවේ. බෝසත් බව ඉවත්කොට අනෙකෙකුට අග මෙහෙසුන් තනතුරෙහි තබන්ට නොහැක. බෝසත් මවගේ ආයුෂ එපමණම වේ. එහෙයින් එකල්හි කළුරිය කෙරෙත්. මෙම කරුණම සඳහා මහ බෝසත්වරු පස්මහ බැලුම් කරති.

කතරස‍්මිං පන වයෙ කාලං කරොන‍්තීති? මජ‍්ඣිමවයෙ. පඨමවයස‍්මිඤ‍්හි සත‍්තානං අත‍්තභාවෙ ඡන්‍දරාගො බලවා හොති, තෙන තදා සඤ‍්ජාතගබ‍්භා ඉත්‍ථියො යෙභුය්‍යෙන ගබ‍්භං අනුරක‍්ඛිතුං න සක‍්කොන‍්ති. ගණ‍්හෙය්‍යුං චෙ, ගබ‍්භො බහ‍්වාබාධො හොති. මජ‍්ඣිමවයස‍්ස පන ද‍්වෙ කොට‍්ඨාසෙ අතික‍්කමිත්‍වා තතියකොට‍්ඨාසෙ වත්‍ථු විසදං හොති, විසදෙ වත්‍ථුම‍්හි නිබ‍්බත‍්තදාරකා අරොගා හොන‍්ති, තස‍්මා බොධිසත‍්තමාතරො පඨමවයෙ සම‍්පත‍්තිං අනුභවිත්‍වා මජ‍්ඣිමවයස‍්ස තතියකොට‍්ඨාසෙ විජායිත්‍වා කාලං කරොන‍්තීති.

කවර වයසකදී කළුරිය කෙරෙත්ද? මධ්‍යම වයසෙහිය. ප්‍රථම වයස්හිදී සත්ත්වයින්ගේ ආත්ම භාවයෙහි ඇල්ම බලවත් වේ. එහෙයින් එකල්හි හටගත් ගැබ් ඇති ස්ත්‍රීහු බොහෝ සෙයින් ගැබ රක්නට නොහැකි වෙති. ගැබ්ගත්තේ වී නමුදු බොහෝ ආබාධ වේ. මධ්‍යම වයස්හි දෙකොටසක් ඉක්ම තෙවන කොටසෙහි වස්තුව පැහැදිලි වේ. පිරිසිදු වස්තුවෙහි උපන් දරුවෝ නිරෝගි වෙති. එහෙයින් බෝසත් මව්වරු ප්‍රථම වයස්හි සම්පත් අනුභව කොට, මධ්‍යම වයසෙහි තෙවන කොටසෙහි දරුවන් ප්‍රසූතකොට කළුරිය කෙරෙත්.

එතමත්‍ථං විදිත්‍වාති එතං බොධිසත‍්තමාතු අඤ‍්ඤෙසඤ‍්ච සබ‍්බසත‍්තානං අත‍්තභාවෙ ආයුස‍්ස මරණපරියොසානතං විදිත්‍වා තදත්‍ථවිභාවනමුඛෙන අනවජ‍්ජප‍්පටිපත‍්තියං උස‍්සාහදීපකං ඉමං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු එම බෝසත් මවගේ ද අන්‍ය සියලු සත්ත්වයින්ගේ ද, ආත්මභාවයන්හි ආයුෂයෙහි මරණ කෙළවරතාවය දැන, එම කරුණ පැහැදිලි කිරීම් වශයෙන් නිරවද්‍ය ප්‍රතිපත්තියෙහි උත්සාහ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.

තත්‍ථ යෙ කෙචීති අනියමනිද‍්දෙසො. භූතාති නිබ‍්බත‍්තා. භවිස‍්සන‍්තීති අනාගතෙ නිබ‍්බත‍්තිස‍්සන‍්ති. වාසද‍්දො විකප‍්පත්‍ථො, අපිසද‍්දො සම‍්පිණ‍්ඩනත්‍ථො. තෙන නිබ‍්බත‍්තමානෙපි සඞ‍්ගණ‍්හාති. එත‍්තාවතා අතීතාදිවසෙන තියද‍්ධපරියාපන‍්නෙ සත‍්තෙ අනවසෙසතො පරියාදියති. අපිච ගබ‍්භසෙය්‍යකසත‍්තා ගබ‍්භතො නික‍්ඛන‍්තකාලතො පට‍්ඨාය භූතා නාම, තතො පුබ‍්බෙ භවිස‍්සන‍්ති නාම. සංසෙදජූපපාතිකා පටිසන්‍ධිචිත‍්තතො පරතො භූතා නාම, තතො පුබ‍්බෙ උප‍්පජ‍්ජිතබ‍්බභවවසෙන භවිස‍්සන‍්ති නාම. සබ‍්බෙපි වා පච‍්චුප‍්පන‍්නභවවසෙන භූතා නාම, ආයතිං පුනබ‍්භවවසෙන භවිස‍්සන‍්ති නාම. ඛීණාසවා භූතා නාම. තෙ හි භූතා එව, න පුන භවිස‍්සන‍්තීති, තදඤ‍්ඤෙ භවිස‍්සන‍්ති නාම.

එහි යෙ කෙචි යනු අනියම් නිර්දේශයයි. භූතා යනු උපන්නාහු (සත්ත්වයෝ) භවිස්සන්ති යනු අනාගතයෙහි උපදින්නාහ. වා ශබ්දය විකල්පාර්ථයෙහිය. අපි ශබ්දය එක්කිරීම් අර්ථයෙහිය. ඉන් උපදිනු ලබන අයද ඇතුලත් කෙරේ. මෙතෙකින් අතීතාදී වශයෙන් ප්‍රතිසන්ධීන්ට ඇතුලත් සත්ත්වයින් හාත්පසින් ගනු ලැබේ. තවද ගැබෙහි හොවින සත්ත්වයෝ, ගැබින් නික්මුණ කාලයෙහි පටන් උපන්නාහු නමැ, ඉන් පෙර වන්නාහු නමැ. සංසේදජ ඔපපාතිකයෝ ප්‍රතිසන්ධි සිතෙන් මත්තෙහි උපන්නාහු නමැ. සියල්ලෝම වර්තමාන භව වශයෙන් උපන්නාහු නමි. මතු පුනර්භව වශයෙන් වන්නාහු නමි. ක්‍ෂීණාශ්‍රවයෝ උපන්නාහු නමි. ඔව්හු උපන්නාහුම නැවත නොවන්නාහ. එයින් අන්‍යයෝ වන්නාහු නමැ.

සබ‍්බෙ ගමිස‍්සන‍්ති පහාය දෙහන‍්ති සබ‍්බෙ යථාවුත‍්තභෙදා සබ‍්බභවයොනිගතිවිඤ‍්ඤාණට‍්ඨිතිසත‍්තාවාසාදිවසෙන අනෙකභෙදභින‍්නා සත‍්තා දෙහං අත‍්තනො සරීරං පහාය නික‍්ඛිපිත්‍වා පරලොකං ගමිස‍්සන‍්ති, අසෙක‍්ඛා පන නිබ‍්බානං. එත්‍ථ කොචි අචවනධම‍්මො නාම නත්‍ථීති දස‍්සෙති. තං සබ‍්බජානිං කුසලො විදිත්‍වාති තදෙතං සබ‍්බස‍්ස සත‍්තස‍්ස ජානිං හානිං මරණං, සබ‍්බස‍්ස වා සත‍්තස‍්ස ජානිං විනාසං පභඞ‍්ගුතං කුසලො පණ‍්ඩිතජාතිකො මරණානුස‍්සතිවසෙන අනිච‍්චතාමනසිකාරවසෙන වා ජානිත්‍වා. ආතාපියො බ්‍රහ‍්මචරියං චරෙය්‍යාති විපස‍්සනාය කම‍්මං කරොන‍්තො ආතාපියසඞ‍්ඛාතෙන වීරියෙන සමන‍්නාගතත‍්තා ආතාපියො චතුබ‍්බිධසම‍්මප‍්පධානවසෙන ආරද‍්ධවීරියො අනවසෙසමරණසමතික‍්කමනූපායං මග‍්ගබ්‍රහ‍්මචරියං චරෙය්‍ය, පටිපජ‍්ජෙය්‍යාති අත්‍ථො.

සබ්බෙ ගමිස්සන්ති පහායං දෙහං යනු කියන ලද ආකාර භේද ඇති සියලු භව, යෝනි ගති, විඤ්ඤාණට්ඨිති, සත්තාවාසාදි වශයෙන් නොයෙක් භේද භින්න වූ සත්ත්වයෝ දේහය, තම ශරීරය පහාය හැරදමා පරලොව යන්නාහ. අශෛක්‍ෂ්‍යයෝ වනාහි නිවනට යෙති. මෙහි කිසි චුත නොවන ධර්මයක් නම් නැතැයි පෙන්වයි. තං සබ්බං ජානිං කුසලො විදිත්‍වා යනු සියලු සත්ත්වයාට විපත, හානිය, මරණය යන සියල්ල ගෙනදෙන බවත්, එම සත්ත්වයාගේ හානිය, විනාශය බිඳෙනසුළු ගතිය, දක්ෂ, පණ්ඩිත ස්වභාව ඇති තැනැත්තේ, මරණානුස්මෘති වශයෙන් හෝ අනිත්‍යතා මනසිකාර වශයෙන් හෝ දැන, ආතාපියො බ්‍රහ්මචරියං චරෙය්‍ය යනු විදර්ශනායෙහි ක්‍රියා කරනුයේ කෙලෙස් තැවීම් සංඛ්‍යාත වීර්යයෙන් යුක්ත හෙයින් ආතාපියොයි චතුර්විධ සම්‍යක් ප්‍රධාන වශයෙන් ආරබ්ධ වීර්ය ඇත්තේ ශේෂ රහිත මරණය ඉක්මවන උපායෙහි, මාර්ග බ්‍රහ්ම චර්යාවෙහි හැසිරෙන්නේය. පිළිපදින්නේ යයි අර්ථයි.

දුතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ද්විතීය සූත්‍ර වර්ණනාව නිමියේ ය.