යෙදුමෙන් කියවන්න

රාජසුත‍්තං

5. 1.

5. 1.

රාජසුත‍්තං

රාජ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල‍්ලිකාය දෙවියා සද‍්ධිං උපරිපාසාදවරගතො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො මල‍්ලිකං දෙවිං එතදවොච: “අත්‍ථි නු ඛො තෙ මල‍්ලිකෙ, කොචඤ‍්ඤො අත‍්තනා පියතරො?”ති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසේනදී කෝසල රජ මල්ලිකාදේවිය හා පහයෙහි උඩුමහල්තලයට පැමිණියේ වේ. එ කල්හි පසේනදී කෝසල රජ තෙම මල්ලිකා දේවිය බණවා, “මල්ලිකාවෙනි, තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කෙනෙක් තොපට ඇද් දැ?යි”යි ඇසී ය.

“නත්‍ථි ඛො මෙ මහාරාජ, කොචඤ‍්ඤො අත‍්තනා පියතරො”ති.

“මහරජාණනි, මට තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැත් ම ය.

“තුය‍්හං පන මහාරාජ, අත්‍ථඤ‍්ඤො කොචි අත‍්තනා පියතරො?”ති.

මහරජාණනි, මුබට වනාහි තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කිසිවෙක් ඇත් දැ?යි” මල්ලිකා දේවී ඇසුවා ය.

“මය‍්හම‍්පි ඛො මල‍්ලිකෙ, නත්‍ථඤ‍්ඤො කොචි අත‍්තනා පියතරො”ති.

“මටත් මල්ලිකාවෙනි, තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැතැ”යි පසේනදී කොසොල් රජ කීය.

2. අථ ඛො රාජා පසෙනදි කොසලො පාසාදා ඔරොහිත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන‍්තං එතදවොච:

2. ඉක්බිත්තෙන් පසේනදී කොසොල් රජ පහයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, එකත්පසෙකැ හිඳ ගත. එකත්පසෙක හුන්නාවූ ම පසේනදී කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.

“ඉධාහං භන‍්තෙ, මල‍්ලිකාය දෙවියා සද‍්ධිං උපරිපාසාදවරගතො මල‍්ලිකාදෙවිං එතදවොචං: “අත්‍ථි නු ඛො තෙ මල‍්ලිකෙ, කොචඤ‍්ඤො අත‍්තනා පියතරො?”ති. එවංවුත‍්තෙ මල‍්ලිකාදෙවී මං එතදවොච: “නත්‍ථි ඛො මෙ මහාරාජ, කොචඤ‍්ඤො අත‍්තනා පියතරො”ති. “තුය‍්හං පන මහාරාජ, අත්‍ථඤ‍්ඤො කොචඤ‍්ඤො අත‍්තනා පියතරො”ති. එවං වුත‍්තෙ අහං භන‍්තෙ, මල‍්ලිකං දෙවිං එතදවොචං: “මය‍්හං පි ඛො මල‍්ලිකෙ, නත්‍ථඤ‍්ඤො කොචි අත‍්තනා පියතරො”ති.

“වහන්ස, මෙහි මම් මල්ලිකා දේවිය හා පහයෙහි උඩුමහල්තලයට පැමිණියෙම්, මල්ලිකා දේවිය බණවා, “මල්ලිකාවෙනි, තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කෙනෙක් තොපට ඇද්දැ?යි”යි ඇසීමි. එසේ ඇසූ කල්හි මල්ලිකා දේවි මට “මහරජාණනි, මට තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැත් ම යැ”යි සැළ කළා. “මහරජාණනි, මුබට වනාහි තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කිසි කෙනෙක් ඇත් දැ?”යි ඔ ද පුළුවුත්. වහන්ස, එසේ පුළුවුත් කල්හි “මල්ලිකාවෙනි, මටත් තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැතැ’යි මම් කීමි” යනු යි.

3. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය සලකා, ඒ වෙලායෙහි මේ උදන් ඇනූ සේක:

“සබ‍්බා දිසා අනුපරිගම‍්ම චෙතසා නෙවජ‍්ඣගා පියතරමත‍්තනා ක්‍වචි, එවං පියො පුථු අත‍්තා පරෙසං තස‍්මා න හිංසෙ පරමත‍්තකාමො”ති.

“සියලු දශ දිසාවන් සෙවීම් වශයෙන් සිතින් අනුව ගොස්, තමහට වඩා ප්‍රියයකු සොයන්නේ කිසි තැනෙකත් නො දක්නේය. මෙසේ ඒ අන් සත්ත්‍වයනට වෙන වෙන ම තම තමා වඩා ම ප්‍රිය වේ. එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තේ මෙරමා නො පෙළන්නේ ය.”