සාරිපුත්තසුත්තං
4. 10.
4. 10.
සාරිපුත්තසුත්තං.
ශාරීපුත්‍ර සූත්‍රය
1. එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො භගවතො අවිදූරෙ නිසින්නො හොති, පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය අත්තනො උපසමං පච්චවෙක්ඛමානො. අද්දසා ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය අත්තනො උපසමං පච්චවෙක්ඛමානං.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ පලක් බැඳ, කය ඍජු කොට පිහිටුවා තමන්ගේ ක්ලේශව්‍යුපශමය නුවණින් සලකා බලනුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි වැඩ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තමන්ගේ ක්ලේශව්‍යුපශමය නුවණින් සලකා බලමින් වැඩ හුන් සැරියුත් තෙරුන් දුටු සේක් ම ය.
2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“උපසන්තසන්තචිත්තස්ස නෙත්තිච්ඡින්නස්ස භික්ඛුනො, වික්ඛීණො ජාතිසංසාරො මුත්තො සො මාරබන්ධනා”ති.
“උපශාන්ත වූ සංහුන් සිතැති, සුන් කරන ලද භවතෘෂ්ණා ඇති, මහණහුගේ ජාත්‍යාදි සංසාරය වෙසෙසින් ක්ෂීණ ය. හේ මරු බැම්මෙන් මිදුණේ ය.
මෙඝියවග්ගො චතුත්ථො.
සිවුවන මෙඝියවර්‍ගය යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
මෙඝියං උද්ධතං ගොපාලං ජුණ්හං නාගෙන පඤ්චමං පිණ්ඩොලො සාරිපුත්තො ච සුන්දරී භවති අට්ඨමං, උපසෙනො වඞ්ගන්තපුත්තො සාරිපුත්තො ච තෙ දසාති.
මේඝිය, උද්ධත, ගෝපාල, ජුණ්හ, නාග සූත්‍රයන් පස්වැන්න ද, පිණ්ඩෝල, සාරිපුත්ත, අටවන සුන්දරී, උපසේනවංගන්තපුත්ත, සාරිපුත්ත දැ යි ඒ සූත්‍ර දශයෙකි.