9. උපසෙනසුත්තවණ්ණනා අට්ඨකථා
9. උපසෙනසුත්තවණ්ණනා
9. උපසෙන සූත්‍ර වර්ණනාව
නවමෙ උපසෙනස්සාති එත්ථ උපසෙනොති තස්ස ථෙරස්ස නාමං, වඞ්ගන්තබ්රාහ්මණස්ස පන පුත්තත්තා “වඞ්ගන්තපුත්තො”ති ච නං වොහරන්ති.
නවවැන්නෙහි උපසෙනස්ස යන මෙහි උපසෙන යනු එම තෙරුන්ගේ නාමයයි. වංගන්ත බමුණුගේ පුත් බැවින් වංගන්ත පුතුයැයි ද වහරති.
අයඤ්හි ථෙරො ආයස්මතො සාරිපුත්තස්ස කනිට්ඨභාතා, සාසනෙ පබ්බජිත්වා අපඤ්ඤත්තෙ සික්ඛාපදෙ උපසම්පදාය ද්විවස්සො උපජ්ඣායො හුත්වා එකං භික්ඛුං උපසම්පාදෙත්වා තෙන සද්ධිං භගවතො උපට්ඨානං ගතො, තස්ස භික්ඛුනො භගවතා තස්ස සද්ධිවිහාරිකභාවං පුච්ඡිත්වා ඛන්ධකෙ ආගතනයෙන “අතිලහුං ඛො ත්වං, මොඝපුරිස, ආවත්තො බාහුල්ලාය, යදිදං ගණබන්ධිය”න්ති (මහාව· 75) විගරහිතො පතොදාභිතුන්නො විය ආජානීයො සංවිග්ගමානසො “යදිපාහං ඉදානි පරිසං නිස්සාය භගවතා විගරහිතො, පරිසංයෙව පන නිස්සාය පාසංසියො භවෙය්ය”න්ති උස්සාහජාතො සබ්බෙ ධුතධම්මෙ සමාදාය වත්තමානො විපස්සනං ආරභිත්වා න චිරස්සෙව ඡළභිඤ්ඤො පටිසම්භිදාප්පත්තො මහාඛීණාසවො හුත්වා අත්තනො නිස්සිතකෙ ධුතඞ්ගධරෙ එව කත්වා තෙහි සද්ධිං භගවන්තං උපසඞ්කමිත්වා සන්ථතසික්ඛාපදෙ (පාරා· 565 ආදයො) ආගතනයෙන “පාසාදිකා ඛො ත්යායං, උපසෙන, පරිසා”ති පරිසවසෙන භගවතො සන්තිකා ලද්ධපසංසො “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං සමන්තපාසාදිකානං යදිදං උපසෙනො වඞ්ගන්තපුත්තො”ති (අ· නි· 1.213) එතදග්ගෙ ඨපිතො අසීතියා මහාසාවකෙසු අබ්භන්තරො.
ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ බාල සොයුරු වූ මේ තෙර වනාහි, සස්නෙහි පැවිදිව ශික්ෂාපද නොපැනවූ කලැ උපසපන් දෙවස්වැ, උපාධ්‍යාය වී එක් භික්ෂුවක් උපසම්පදාකොට, ඔහු සමග භාග්‍යවතුන් වහන්සේට උපස්ථානයට ගියේය. භාග්‍යවතුන් වහන්සේ විසින් එම භික්ෂුවගේ එක්ව වසන බැව් විචාරා ඛන්ධකයෙහි ආක්‍රමයෙන්, හිස් පුරුෂය, නුඹ යම් ආකාර වූ සමූහයා සමග බැඳීම් සංඛ්‍යාත බහුලතාවයට ඉතා ඉක්මණින් පෙරළිනි යයි මනාව ගර්හා කරන ලදුයේ කසයෙන් පහර ලද ආජානේය අශ්වයෙකු මෙන් සංවේගයට පත් මනසින් යුතුව යම් ආකාර වූ මම දැන් පිරිස නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් ගර්හා කරන ලද්දේ වෙමි. පිරිස නිසාම ප්රසංසාහර්ය වන්නෙම් යයි උත්සාහවත් වූයේ සියලු ධුත ධර්මයන් සමාදන්ව පවත්නේ විදර්ශනා අරඹා නොබෝ කලෙකින්ම ෂඩභිඥා සිව්පිළිසිඹියා ප්‍රාප්ත මහා ක්ෂීණාශ්රවයෙක්ව, තම ඇසිරි කරනවුන් ධුතාංගධරයින්ම කොට, ඔවුන් සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, සන්ථත ශික්‍ෂාපදයෙහි සඳහන් ක්‍රමයෙන් ‘උපසේන නුඹගේ මේ පිරිස ප්රසාදජනකයයි, පිරිස් වශයෙන්, භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙන් ලද ප්‍රශංසා ඇතියේ, “මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර, යම් මේ වග්ගන්ත පුත්‍ර උපසේන කෙනෙක් වේද? හැම ආකාර සතුට ගෙන දෙන්නවුන් අතර ඔහුම අග්‍රය”. එතදග්‍රස්ථානයෙහි තබන ලද අසූමහ ශ්‍රාවකයන් අතර ඇතුළත් වූයේ වේ.
සො එකදිවසං පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තො අන්තෙවාසිකෙසු අත්තනො අත්තනො දිවාට්ඨානං ගතෙසු උදකකුම්භතො උදකං ගහෙත්වා පාදෙ පක්ඛාලෙත්වා ගත්තානි සීතිං කත්වා චම්මක්ඛණ්ඩං අත්ථරිත්වා දිවාට්ඨානෙ දිවාවිහාරං නිසින්නො අත්තනො ගුණෙ ආවජ්ජෙසි. තස්ස තෙ අනෙකසතා අනෙකසහස්සා පොඞ්ඛානුපොඞ්ඛං උපට්ඨහිංසු. සො “මය්හං තාව සාවකස්ස සතො ඉමෙ එවරූපා ගුණා, කීදිසා නු ඛො මය්හං සත්ථු ගුණා”ති භගවතො ගුණාභිමුඛං මනසිකාරං පෙසෙසි. තෙ තස්ස ඤාණබලානුරූපං අනෙකකොටිසහස්සා උපට්ඨහිංසු. සො “එවංසීලො මෙ සත්ථා එවංධම්මො එවංපඤ්ඤො එවංවිමුත්තී”තිආදිනා ච “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො”තිආදිනා ච ආවිභාවානුරූපං සත්ථු ගුණෙ අනුස්සරිත්වා , තතො “ස්වාක්ඛාතො”තිආදිනා ධම්මස්ස, “සුප්පටිපන්නො”තිආදිනා අරියසඞ්ඝස්ස ච ගුණෙ අනුස්සරි. එවං මහාථෙරො අනෙකාකාරවොකාරං රතනත්තයගුණෙසු ආවිභූතෙසු අත්තමනො පමුදිතො උළාරපීතිසොමනස්සං පටිසංවෙදෙන්තො නිසීදි. තමත්ථං දස්සෙතුං “ආයස්මතො උපසෙනස්ස වඞ්ගන්තපුත්තස්ස රහොගතස්සා”තිආදි වුත්තං.
හෙතෙම එක් දිනක් පසුබත පිණ්ඩපාතයෙන් ඉවත්වූයේ (වැළැකුගේ) අතවැස්සන් තම තමන්ගේ දිවා ස්ථානයන්ට ගිය කල්හි දිය කලයෙන් දිය ගෙන පා සෝදා ශරීරාංග සිසිල්කොට සම්කඩ අතුරා දිවා ස්ථානයෙහි දිවා විහරණ සඳහා හුන්නේ තම ගුණයන් සිහි කළේය. ඔහුට ඒවා නොයෙක් සියදහස් ගණන් ඊයක් පසු ඊයක් මෙන් වැටහුනි. හෙතෙම, ඒ බුදුරදුන්ගේ ශ්‍රාවකයෙක් මෙබඳු ගුණ ඇතිවූයෙහි නම් එම ශාස්තෲන් වහන්සේගේ ගුණ කෙබඳු විය හැකිදැයි භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අභිමුවව මෙනෙහි කිරීම යැවීය. එහෙයින් ඔහුට එම ඤාණබල අනුරූපව නොයෙක් කෝටි ගණන් වැටහිණි. හෙතෙම මාගේ ශාස්තෲන් වහන්සේ මෙබඳු සීලයකින් යුක්තය. මෙබඳු යහපත් පැවැත්මෙන් යුක්තය. මෙබඳු ප්‍රඥායෙන් යුක්තය. මෙබඳු මිදීම්වලින් යුක්තය. ආදියෙන්ද, මේ ආකාරයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ යන ආදියෙන් ද ශාස්තෲන් වහන්සේගේ ගුණ ප්‍රකට කිරීම් ආකාරයෙන් සිහිකොට ඉක්බිති ‘මනාව කියන ලද්දේය යන ආදියෙන් ධර්මයෙහිද, ‘මනාව පිළිපන්නේය යන ආදියෙන් ආර්ය සංඝයාගේ ද ගුණ සිහි කළේය. මෙසේ මහතෙරහු තෙරුවන් ගුණයන්හි නොයෙක් ආකාර වෙනස්කම් ප්‍රකට වූ කල්හි තමා ප්‍රමුදිත වයේ මහත් ප්‍රීති සොම්නසක් මනා සේ විඳිමින් හුන්නේය. එකරුණ දැක්වීමට ආයස්මතො උපසෙනස්ස වග්ගන්ත පුත්තස්ස රහො ගතස්ස ආදිය යූ.සේයි.
තත්ථ රහොගතස්සාති රහසි ගතස්ස. පටිසල්ලීනස්සාති එකීභූතස්ස. එවං චෙතසො පරිවිතක්කො උදපාදීති එවං ඉදානි වුච්චමානාකාරො චිත්තස්ස විතක්කො උප්පජ්ජි. ලාභා වත මෙති යෙ ඉමෙ මනුස්සත්තබුද්ධුප්පාදසද්ධාසමධිගමාදයො, අහො වත මෙ එතෙ ලාභා. සුලද්ධං වත මෙති යඤ්චිදං මයා භගවතො සාසනෙ පබ්බජ්ජූපසම්පදාරතනත්තයපයිරුපාසනාදි පටිලද්ධං, තං මෙ අහො වත සුට්ඨු ලද්ධං. තත්ථ කාරණමාහ “සත්ථා ච මෙ”තිආදිනා.
එහි රහොගතස්ස යනු රහසිගත වූවහුට පටිසල්ලීනස්ස යනු හුදෙකලා වූවහුට, එවං චෙතසො පරිවිතක්කො උදපාදි යනු මෙසේ දැන් කියනු ලබන ආකාර ඇති සිතට විතර්කයක් උපනි. ලාභාවත මෙ යනු යම් ආකාර වූ මෙම මනුෂ්‍යත්වය, බුද්ධෝත්පාදය, ශ්‍රද්ධාව බෝධාදීහු විශ්මයෙකි. ඒකාන්තයෙන් මවිසින් ඒවා ලබන ලද්දෙමි. සුලද්ධං වත මෙ යනු මවිසින් භාග්‍යවතුන් වහන්සේගේ සස්නෙහි පැවිදි උපසම්පදා, තෙරුවන් ඇසුරු කිරීම් ආදියෙන් යම්කිසිවක් ලබන ලදද? විශ්මයෙකි. එය මා විසින් ඒකාන්තයෙන් මනාසේ ලබන ලදි. එහිලා සත්ථාච මෙ ආදියෙන් කරුණ කීවේය.
තත්ථ දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථෙහි යථාරහං සත්තෙ අනුසාසතීති සත්ථා. භාග්යවන්තතාදීහි කාරණෙහි භගවා. ආරකත්තා කිලෙසෙහි, කිලෙසාරීනං හතත්තා, සංසාරචක්කස්ස වා අරානං හතත්තා, පච්චයාදීනං අරහත්තා, පාපකරණෙ රහාභාවා අරහං . සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා සම්මාසම්බුද්ධොති අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.123 ආදයො) බුද්ධානුස්සතිනිද්දෙසතො ගහෙතබ්බො.
එහි මෙලෝ පරලෝ පරමාර්ථයන්ගෙන් සුදුසු පරිදි සත්ත්වයින්ට අනුශාසනා කෙරේනුයි සත්ථායි, පෙර පින් ඇති බව ආදී කාරණයන්ගෙන් භගවායි. කෙලෙසුන් කෙරෙන් දුර හෙයින්ද, සංසාර චක්‍රයෙහි දැතිරෝද නැසූ හෙයින්ද, කෙලෙස් සතුරන්ගේ නැසීම කළ හෙයින්ද, ප්‍රත්‍යය ආදීන්ට සුදුසු හෙයින්ද, පව් කිරීමෙහි රහස් නොමැති හෙයින්ද අරහංයි, මනාව තෙමේම සියලු ධර්මයන් අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධොයි මේ මෙහි සංක්ෂේපයයි. විස්තරය වනාහි විසුද්ධි මාර්ගයෙහි බුද්ධානුස්මෘති නිර්දේශයෙන් ගතයුතුය.
ස්වාක්ඛාතෙති සුට්ඨු අක්ඛාතෙ, එකන්තනිය්යානිකං කත්වා භාසිතෙ. ධම්මවිනයෙති පාවචනෙ. තඤ්හි යථානුසිට්ඨං පටිපජ්ජමානානං සංසාරදුක්ඛපාතතො ධාරණෙන, රාගාදිකිලෙසෙ විනයනෙන ච ධම්මවිනයොති වුච්චති. සබ්රහ්මචාරිනොති සෙට්ඨට්ඨෙන බ්රහ්මසඞ්ඛාතං භගවතො සාසනං අරියමග්ගං සහ චරන්ති පටිපජ්ජන්තීති සබ්‍රහ්මචාරිනො. සීලවන්තොති මග්ගඵලසීලවසෙන සීලවන්තො. කල්යාණධම්මාති සමාධිපඤ්ඤාවිමුත්තිවිමුත්තිඤාණදස්සනාදයො කල්යාණා සුන්දරා ධම්මා එතෙසං අත්ථීති කල්යාණධම්මා. එතෙන සඞ්ඝස්ස සුප්පටිපත්තිං දස්සෙති. සීලෙසු චම්හි පරිපූරකාරීති “අහම්පි පබ්බජිත්වා න තිරච්ඡානකථාකථිකො කායදළ්හිබහුලො හුත්වා විහාසිං, අථ ඛො පාතිමොක්ඛසංවරාදිං චතුබ්බිධම්පි සීලං අඛණ්ඩං අඡිද්දං අසබලං අකම්මාසං භුජිස්සං විඤ්ඤුප්පසත්ථං අපරාමට්ඨං කත්වා පරිපූරෙන්තො අරියමග්ගංයෙව පාපෙසි”න්ති වදති. එතෙන හෙට්ඨිමඵලද්වයසම්පත්තිමත්තනො දීපෙති. සොතාපන්නසකදාගාමිනො හි සීලෙසු පරිපූරකාරිනො. සුසමාහිතො චම්හි එකග්ගචිත්තොති උපචාරප්පනාභෙදෙන සමාධිනා සබ්බථාපි සමාහිතො ච අම්හි අවික්ඛිත්තචිත්තො. ඉමිනා සමාධිස්මිං පරිපූරකාරිතාවචනෙන තතියඵලසම්පත්තිමත්තනො දීපෙති. අනාගාමිනො හි සමාධිස්මිං පරිපූරකාරිනො. අරහා චම්හි ඛීණාසවොති කාමාසවාදීනං සබ්බසො ඛීණත්තා ඛීණාසවො, තතො එව පරික්ඛීණභවසංයොජනො සදෙවකෙ ලොකෙ අග්ගදක්ඛිණෙය්යතාය අරහා චම්හි. එතෙන අත්තනො කතකරණීයතං දස්සෙති. මහිද්ධිකො චම්හි මහානුභාවොති අධිට්ඨානවිකුබ්බනාදිඉද්ධීසු මහතා වසීභාවෙන සමන්නාගතත්තා මහිද්ධිකො උළාරස්ස පුඤ්ඤානුභාවස්ස ගුණානුභාවස්ස ච සම්පත්තියා මහානුභාවො ච අස්මි. එතෙන ලොකියාභිඤ්ඤානවානුපුබ්බවිහාරසමාපත්තියොගමත්තනො දීපෙති. අභිඤ්ඤාසු වසීභාවෙන හි අරියා යථිච්ඡිතනිප්ඵාදනෙන මහිද්ධිකා, පුබ්බූපනිස්සයසම්පත්තියා නානාවිහාරසමාපත්තීහි ච විසොධිතසන්තානත්තා මහානුභාවා ච හොන්තීති.
ස්වාක්ඛාතෙ යනු මනාසේ (කියන ලද) දෙසන ලද, ඒකාන්තයෙන් සසරින් නිදහස දෙන ලෙස දේශිත, ධම්ම විනයෙ යනු බුදු වදන්හි, එය වනාහි අවවාදය පරිදි පිළිපදිනවුනට සසර දුක්හි වැටීමෙන් වළක්වා දැරීමෙන්ද, රාගාදී කෙලෙස් හික්මවන හෙයින්ද ධර්මවිනය යයි කියයි. සබ්රහ්මචාරයො යනු ශ්‍රේෂ්ඨාර්ථයෙන් බ්‍රහ්ම සංඛ්‍යාත භාග්‍යවතුන් වහන්සේගේ සාසන ආර්යමාර්ග සත්‍යයෙහි සමව හැසිරෙත්. පිළිපදිත්නුයි සබ්රහ්මචාරයොයි. සීලවන්තො යනු මාර්ග සීල ඵල සීල වශයෙන් සිල්වත්හ. කල්‍යාණ ධම්මා යනු සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනාදී යහපත්, සුන්දර ධර්ම ඔවුන්ට ඇත්තේනුයි කල්‍යාණ ධම්මායි එයින් සංඝයාගේ මනා ප්‍රතිපත්තිය පෙන්වයි. සීලෙසු චම්හි පරිපූරකාරී යනු මම ද පැවිදිව තිරිසන් කථා කියන, කාය දෘඪතා බහුලව නොවිසීමි. තවද ප්රාතිමෝක්ෂ සංවර ආදී සිව්වැදෑරුම් වූද සීලය, කඩනුවූ, සිදුරු නුවූ, පුල්ලි නැති, කබර රහිත, දාසත්වයෙන් තොර, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද කෙලෙස් සපර්ශ රහිත කොට සම්පූර්ණ කරනුයේ ආර්ය මාර්ගයටම පිවිසිනැයි කියයි. ඉන් තමාගේ යට ඵලද්වයයෙහි සම්පත්තිය දක්වයි. සෝවාන් සකෘදාගාමීහු වනාහි සීලයන්හි පරිපූරකාරීහුය. සාහිතො චම්හි එකග්ග චිත්තො යනු උපචාර අර්පණා භේදයෙන් සමාධියෙහි සර්වාකාරයෙන් අවික්ෂිප්ත සිතැත්තේ සමාහිත වූයේ වෙමි. මෙම සමාධියෙහි සම්පූර්ණ කිරීම් වචනයෙන් තමාගේ තෘතීය ඵල සම්පත්තිය පෙන්වයි. අනාගාමීහු වනාහි සමාධියෙහි පරිපූරකාරීහුය. අරහාචම්හි ඛීණාසවො යනු කාමාශ්රවාදීන්ගේ සර්වප්රකාරයෙන් ක්ෂීණ හෙයින් ක්ෂීණාශ්රම නම් වේ. එයින්ම භව සංයෝජන ක්ෂය කරන ලද හෙයින් දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර දක්ෂිණෙය්යතාවයෙන් අර්හත් නම් වෙමි. එයින් තමාගේ කළයුත්ත කළ බව දක්වයි. මහිද්ධිකො චම්හි මහානුභාවො යනු අධිෂ්ඨාන විකුර්වණ ආදී සෘද්ධීණ්හි මහත් වසී භාවයෙන් යුක්ත වූ හෙයින් මහත් සෘද්ධි ඇත්තේ උදාර වූ පුණ්යානුභාවෙහිද ගුණානුභාව සම්පත්තියෙන්ද මහානුභාව වෙමි. එයින් හෙතෙම තමාගේ ලෞකික අභිඥා නව අනුපූර්ව විහාර සමවත් යෝගය දක්වයි. ආර්යයෝ අභිඥාවන්හි වසීභාවයෙන් කැමැති දැයක් නිෂ්පාදනයෙන් මහා සෘද්ධි ඇත්තෝ වෙති. පූර්ව උපනිශ්‍රය සම්පත්තියෙන් ද නොයෙක් විහාර සමාපත්තීන්ගෙන්ද පිරිසිදු කරන ලද සන්තාන හෙයින් මහානුභාව වෙති.
භද්දකං මෙ ජීවිතන්ති එවංවිධසීලාදිගුණසමන්නාගතස්ස මෙ යාවායං කායො ධරති, තාව සත්තානං හිතසුඛමෙව වඩ්ඪති, පුඤ්ඤක්ඛෙත්තභාවතො ජීවිතම්පි මෙ භද්දකං සුන්දරං. භද්දකං මරණන්ති සචෙ පනිදං ඛන්ධපඤ්චකං අජ්ජ වා ඉමස්මිංයෙව වා ඛණෙ අනුපාදානො විය ජාතවෙදො නිබ්බායති, තං අප්පටිසන්ධිකං පරිනිබ්බානසඞ්ඛාතං මරණම්පි මෙ භද්දකන්ති උභයත්ථ තාදිභාවං දීපෙති. එවං මහාථෙරො අප්පහීනසොමනස්සුප්පිලාවිතවාසනුස්සන්නත්තා උළාරසොමනස්සිතො ධම්මබහුමානෙන ධම්මපීතිපටිසංවෙදනෙන පරිවිතක්කෙසි.
භද්දකං මෙ ජීවිතං යනු මෙසේ විවිධාකාර සීලාදී ගුණ යුක්ත වූ මාගේ යම් ආකාර වූ මෙම කය දරයිද? ඒතාක් සත්ත්වයින් හිතසුවයම වඩයි. පුණ්‍යක්‍ෂේත්‍ර භාවයෙන් මාගේ ජීවිතයද යහපත්ය. සුන්දරය. භද්දකං මරණං යනු ඉදින් වනාහි මෙම ආධ්‍යාත්මික ස්කන්ධ පංචකය මෙම ක්ෂණයෙහිම දර නැති ගින්නක් මෙන් නිවී යයිද? එම ප්රතිසන්ධි රහිත පරිනිර්වාණ සංඛ්‍යාත මරණයද මට සොඳුරු යැයි දෙතන්හිම අකම්ප්‍ය භාවය දක්වයි. මෙසේ මහ තෙරහු ප්‍රහීණ නුවූ සොම්නස් අධික ප්‍රීති ස්වභාවය උත්සන්න හෙයින් එම උදාර සොම්නස් ධර්ම බුහුමනින් ධර්ම ප්‍රීති මනාව විඳීමෙන් මනාව කල්පනා කළේය.
තං සත්ථා ගන්ධකුටියං නිසින්නොව සබ්බඤ්ඤුතඤ්ඤාණෙන ජානිත්වා ජීවිතෙ මරණෙ ච තස්ස තාදිභාවවිභාවනං ඉමං උදානං උදානෙසි. තෙන වුත්තං – “අථ ඛො භගවා…පෙ… උදානෙසී”ති.
එය ශාස්තෲන් ගඳකිළියෙහි වැඩහුන්නේම සර්වඥතා ඥානයෙන් දැන ජීවිතයෙහිද මරණයෙහිද ඔහුගේ නොසැලෙන පැහැදිලි කිරීමට මෙම උදන් ඇනූ සේක. එහෙයින් අථඛො භගවා ඉමං උදානං උදානෙසි යි යූ.සේයි.
තත්ථ යං ජීවිතං න තපතීති යං ඛීණාසවපුග්ගලං ජීවිතං ආයතිං ඛන්ධප්පවත්තියා සබ්බෙන සබ්බං අභාවතො න තපති න බාධති, වත්තමානමෙව වා ජීවිතං සබ්බසො සඞ්ඛතධම්මත්තා සතිපඤ්ඤාවෙපුල්ලප්පත්තියා සබ්බත්ථ සතිසම්පජඤ්ඤසමායොගතො න බාධති. යො හි අන්ධපුථුජ්ජනො පාපජනසෙවී අයොනිසොමනසිකාරබහුලො අකතකුසලො අකතපුඤ්ඤො, සො “අකතං වත මෙ කල්‍යාණ”න්තිආදිනා විප්පටිසාරෙන තපතීති තස්ස ජීවිතං තං තපති නාම. ඉතරෙ පන අකතපාපා කතපුඤ්ඤා කල්යාණපුථුජ්ජනෙන සද්ධිං සත්ත සෙඛා තපනීයධම්මපරිවජ්ජනෙන අතපනීයධම්මසමන්නාගමෙන ච පච්ඡානුතාපෙන න තපන්තීති න තෙසං ජීවිතං තපති. ඛීණාසවෙ පන වත්තබ්බමෙව නත්ථීති පවත්තිදුක්ඛවසෙන අත්ථවණ්ණනා කතා.
එහි යංජීවිතං නතපති යනු ක්ෂීණාශ්රව පුද්ගලයා ජීවිතයෙහි මතු ස්කන්ධ පැවැත්මෙහි මුලුමනින්ම නොමැති හෙයින් න තපති නොපෙළයි. වත්මන් ජීවිතයද සියලු ආකාරයෙන් ප්‍රත්‍යයෙන් හටගත් ස්වභාව හෙයින් සිහිය හා ප්‍රඥාවගේ මහත්භාවයට පැමිණීමෙහිදී හැමතැන සිහිය හා විමසන නුවණ එක්වීමෙන් නොපෙළයි. යම් ආකාර වූ අන්ධ පෘථග්ජන තෙමේ පාපී ජන සේවනයෙන් නුනුවණින් මෙනෙහි කිරීම් බහුල වූයේ, කළ අකුසල් හා නොකල කුසල් ඇතියේ හෙතෙම මවිසින්, යහපතක් නොකරන ලදැයි ආදී ක්‍රමයෙන් විපිලිසරයෙන් තැවේනුයි ඔහුගේ එම ජීවිතය තැවෙයි නමැ. අනෙක් අය වනාහි නොකරන ලද පව් ඇත්තේ, කරන ලද පිනැත්තේ සප්ත ශෛක්ෂ්යයන් හෝ කලන පුහුදුනා සමග එකතුව කළ පිනැතියේ, තැවෙන ධර්ම දුරැලීමෙන්, නොතැවෙන ධර්මයන්ගේ යුක්ත වූයේ පශ්චාත්තාපයෙන් නොතැවෙත්නුයි ඔවුන්ගේ ජීවිත නොතැවෙති. ක්ෂීණාශ්රවයන් පිළිබඳව කිවයුත්තක්ම නැතැයි ප්රවෘත්ති දුක්ඛයාගේ වශයෙන් අර්ථ වර්ණනාව කරන ලදි.
මරණන්තෙ න සොචතීති මරණසඞ්ඛාතෙ අන්තෙ පරියොසානෙ, මරණසමීපෙ වා න සොචති අනාගාමිමග්ගෙනෙව සොකස්ස සමුග්ඝාතිතත්තා. ස වෙ දිට්ඨපදො ධීරො, සොකමජ්ඣෙ න සොචතීති සො අනභිජ්ඣාදීනං චතුන්නං ධම්මපදානං නිබ්බානස්සෙව වා දිට්ඨත්තා දිට්ඨපදො, ධිතිසම්පන්නත්තා ධීරො ඛීණාසවො සොචනධම්මත්තා “සොකා”ති ලද්ධනාමානං අවීතරාගානං සත්තානං, සොකහෙතූනං වා ලොකධම්මානං මජ්ඣෙ ඨත්වාපි න සොචති.
මරණන්තෙ නසොචති යනු සෝක නොකරයි. අනාගාමී මාර්ගයෙන්ම සෝකය මුලිනුපුටාලන ලද හෙයින් මරණ සංඛ්‍යාත අන්තයෙහි, කෙළවර මරණ සමීපයෙහි හෝ සවෙ දිට්ඨ පදො ධීරො සොකමජ්ඣෙන සොචති හෙතෙම දුක්ඛාදී සිව් ධර්ම පදයන්ගේද නිර්වාණයාගේද දිටි හෙයින් දිට්ඨපදොයි. ධෛර්යයෙන් යුක්ත හෙයින්න ක්ෂීණාශ්රවයන් වහන්සේ ධීරොයි. සෝක කරන ස්වභාව හෙයින් සෝකයැයි ලද නම් ඇති, පහ වූ රාග ඇති සත්ත්වයින්ට, සෝකයට හේතුවන ලෝක ධර්මයන්ගේ මධ්‍යයෙහි සිට ද සෝක නොකරයි.
ඉදානිස්ස සබ්බසො සොකහෙතූනං අභාවං දීපෙතුං “උච්ඡින්නභවතණ්හස්සා”තිආදිමාහ. තත්ථ යස්ස අග්ගමග්ගෙන සබ්බසො උච්ඡින්නා භවතණ්හා, සො උච්ඡින්නභවතණ්හො. තස්ස අවසෙසකිලෙසානං අනවසෙසවූපසමෙන සන්තචිත්තස්ස ඛීණාසවභික්ඛුනො. වික්ඛීණො ජාතිසංසාරොති ජාතිආදිකො –
දැන් ඔහුගේ සර්වාකාරයෙන් සෝක හේතූන්ගේ අභාවය දක්වන්ට උච්ඡින්න භව තණ්හස්ස යන ආදිය වදාළහ. එහි යමෙකු ගේ භව තෘෂ්ණාව සර්වප්රකාරයෙන් අග මගින් සිඳින ලදද? සෙසු කෙලෙසුන්ගේද ශේෂ රහිතව ව්‍යපසමනයෙන් සන්සුන් සිතැති එම භික්ෂුවගේ, වික්ඛීණො ජාති සංසාරො යන ජාතිය මුල්කොටැති -
“ඛන්ධානඤ්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ්බොච්ඡින්නං වත්තමානා, ‘සංසාරො’ති පවුච්චතී”ති. –
බන්ධානං පටිපාටි - ධාතු ආයතනානිච අබ්භොච්ඡින්නං වත්තමානං - සංසාරොති පවුච්චති
ස්කන්ධ, ධාතු, ආයතනයන්ගේ පිළිවෙළින් නොසිඳි පැවැත්ම සංසාරයැයි කියනු ලැබේ.
වුත්තලක්ඛණො සංසාරො විසෙසතො ඛීණො. තස්මා නත්ථි තස්ස පුනබ්භවොති යස්මා තස්ස එවරූපස්ස අරියපුග්ගලස්ස ආයතිං පුනබ්භවො නත්ථි, තස්මා තස්ස ජාතිසංසාරො ඛීණො. කස්මා පනස්ස පුනබ්භවො නත්ථි? යස්මා උච්ඡින්නභවතණ්හො සන්තචිත්තො ච හොති, තස්මාති ආවත්තෙත්වා වත්තබ්බං. අථ වා වික්ඛීණො ජාතිසංසාරො, තතො එව නත්ථි තස්ස පුනබ්භවොති අත්ථො යොජෙතබ්බො.
කියන ලද ආකාර ඇති සංසාරය විශේෂයෙන් ක්ෂය කරන ලදි. එහෙයින් නත්ථි තස්ස පුනබ්භවොයි. එබඳු ස්වභාව ඇති එම ආර්ය පුද්ගලයාට මතු පුනර්භවයක් නැත. එහෙයින් ඔහුට උත්පත්ති සංසාරය ක්ෂීණය. කවර හෙයින් පුනර්භවය නැත්ද? සිඳින ලද භව තෘෂ්ණා සන්හුන් සිත් ඇත්තේ වේද? එහෙයින් යැයි ආපසු හැරී කිවයුතුය. නොහොත් සසර ඉපැත්ම ක්ෂය වූයේය. එහෙයින්ම ඔහුට පුනර්භවයක් නැතැයි අර්ථය යෙදිය යුතුය.
නවමසුත්තවණ්ණනා නිට්ඨිතා.
නවවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
10. සාරිපුත්තසුත්තවණ්ණනා
10. ශාරීපුත්‍ර සූත්‍ර වර්ණනාව
දසමෙ අත්තනො උපසමන්ති සාවකපාරමීමත්ථකප්පත්තියා හෙතුභූතං අග්ගමග්ගෙන අත්තනො අනවසෙසකිලෙසවූපසමං.
දසවැන්නෙහි අත්තනො උපසමං යන ශ්‍රාවක පාරමී මස්තකප්රාප්තියට හේතු වූ අග්‍ර මාර්ගයෙන් තමාගේ ශේෂ රහිත කෙලෙස් සංසිඳවීමයි.
ආයස්මා හි සාරිපුත්තො අනුපසන්තකිලෙසානං සත්තානං රාගාදිකිලෙසජනිතසන්තාපදරථපරිළාහදුක්ඛඤ්චෙව කිලෙසාභිසඞ්ඛාරනිමිත්තං ජාතිජරාබ්යාධිමරණසොකපරිදෙවාදිදුක්ඛඤ්ච පච්චක්ඛතො දිස්වා අතීතානාගතෙපි නෙසං වට්ටමූලකදුක්ඛං පරිතුලෙත්වා කරුණායමානො අත්තනාපි පුථුජ්ජනකාලෙ අනුභූතං කිලෙසනිමිත්තං වා අනප්පකං දුක්ඛං අනුස්සරිත්වා “ඊදිසස්ස නාම මහාදුක්ඛස්ස හෙතුභූතා කිලෙසා ඉදානි මෙ සුප්පහීනා”ති අත්තනො කිලෙසවූපසමං අභිණ්හං පච්චවෙක්ඛති. පච්චවෙක්ඛන්තො ච “ඉමෙ එත්තකා කිලෙසා සොතාපත්තිමග්ගෙන උපසමිතා, එත්තකා සකදාගාමිමග්ගෙන, එත්තකා අනාගාමිමග්ගෙන, එත්තකා අරහත්තමග්ගෙන උපසමිතා”ති තංතංමග්ගඤාණෙහි ඔධිසො කිලෙසානං උපසමිතභාවං පච්චවෙක්ඛති, තෙන වුත්තං – “අත්තනො උපසමං පච්චවෙක්ඛමානො”ති.
ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ නොසන්සිඳවන ලද කෙලෙසුන් ඇති සත්ත්වයින්ගේ රාගාදී කෙලෙසුන්ගෙන් හටගත් තැවීම්, දාහ, දැවීම් ආදී දුකට හේතු වූ ක්ලේෂාභිසංස්කාර නිමිත්තද, ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව ආදී දුක්ද, ප්රත්යක්ෂ වශයෙන් දැක අතීත අනාගතයන්හිද ඒවායි සංසාර වෘත්ත මූලික දුක මනාව තුලනය කොට, කරුණා කරනුයේ තමාද පෘථග්ජන කාලයෙහි, අනුභව කරන ලද කෙලෙස් නිමිත්ත හෝ අනල්ප වූ දුකද සිහිකොට, මෙවන් මහ දුකකට හේතු වූ කෙලේස දැන් මට මනාව ප්‍රහීණ වූයේ යයි තම කෙලෙස් සන්සිඳුම නිතර ප්රත්යවේක්ෂා කරයි. ප්රත්යවේක්ෂා කරනුයේද, මෙම මෙතෙක් කෙලෙස් සෝවාන් මාර්ගයෙන් සන්සිඳවන ලදි. මෙතෙක් සකෘදාගාමී මාර්ගයෙන්, මෙතෙක් අනාගාමී මාර්ගයෙන්, මෙතෙක් අර්හත් මාර්ගයෙන් සන්සිඳවන ලදැයි ඒ ඒ මාර්ග ඤාණයන්ගෙන් - සීමා වශයෙන් කෙලෙසුන්ගේ සන්සිඳවන ලද බැව් ප්රත්යවේක්ෂා කරයි. එහෙයින් අත්තනො උපසමං පච්චවෙක්ඛමානොයි යූ.සේයි.
අපරෙ “ථෙරො අරහත්තඵලසමාපත්තිං සමාපජ්ජිත්වා තං පච්චවෙක්ඛිත්වා ‘ඉමස්ස වතායං සන්තපණීතභාවො අච්චන්තසන්තාය අසඞ්ඛතාය ධාතුයා ආරම්මණතො, සයඤ්ච සම්මදෙව කිලෙසවූපසමතො’ති එවං අභිණ්හං උපසමං පච්චවෙක්ඛතී”ති වදන්ති. අඤ්ඤෙ පන “අනවසෙසකිලෙසානං උපසමපරියොසානෙ ජාතං අග්ගඵලමෙවෙත්ථ උපසමො නාම, තං පච්චවෙක්ඛමානො නිසින්නො”ති.
වෙනත් තෙර කෙනෙක් අර්හත් ඵල සමවතට සමවැද, එය ප්රත්යවේක්ෂා කොට ඒකාන්තයෙන් මෙහි මේ ශාන්ත ප්‍රණීත භාවය අත්‍යන්තරයෙන් ශාන්ත හෙයින්, අසංඛත ධාතුයෙන් ආරම්මණ වශයෙන් තෙමේ ද මනාව කෙලෙස් සන්සිඳවූයේ යැයි මෙසේ නිතර සන්සිඳීම ප්රත්යවේක්ෂා කෙරේයයි කියයි. අන්‍යයන් වනාහි ශේෂ රහිත කෙලෙසුන්ගේ සන්සිඳීමෙන් කෙළවර හටගත් අග්‍රඵලයම සන්සිඳීම නම් වේ. එය ප්රත්යවේක්ෂා කරමින් හුන්නේ යයි කියයි.
එතමත්ථං විදිත්වාති යදිදං ආයස්මතො සාරිපුත්තස්ස මහාපඤ්ඤතාදිහෙතුභූතං සාවකෙසු අනඤ්ඤසාධාරණං කිලෙසප්පහානං අග්ගඵලං වා උපසමපරියායෙන වුත්තං, තස්ස පච්චවෙක්ඛණසඞ්ඛාතං අත්ථං සබ්බාකාරතො විදිත්වා තදනුභාවදීපකං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු යම් මේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ දිලිසෙන ප්රඥතාදීන්ට හේතු වූ ශ්රාවකයින් අතර, අනෙකෙකුට සාධාරණ නොවූ, කෙලෙස් ප්රහාණය හෝ අග්‍රඵලය හෝ සන්සිඳීම පිළිවෙලින් යූ.සේයි. එහි ප්රත්යවේක්ෂා සංඛ්‍යාත අර්ථය සර්වාකාරයෙන් දැන එහි අනුසස් දැක්වීමට මේ උදන් ඇනූ සේක.
තත්ථ උපසන්තසන්තචිත්තස්සාති උපසන්තමෙව හුත්වා සන්තං චිත්තං එතස්සාති උපසන්තසන්තචිත්තො. සමාපත්තියා වික්ඛම්භනෙන හි උපසන්තකිලෙසත්තා උපසන්තචිත්තං න සබ්බථා “උපසන්තසන්ත”න්ති වුච්චති තස්ස උපසමස්ස අනච්චන්තිකභාවතො, න තථා අග්ගමග්ගෙන. තෙන පන අච්චන්තමෙව කිලෙසානං සමුච්ඡින්නත්තා අරහතො චිත්තං පුන කිලෙසානං අනුපසමෙතබ්බතාය සමථවිපස්සනාහෙට්ඨිමමග්ගෙහි උපසන්තකිලෙසං හුත්වා අච්චන්තසන්තභාවතොව “උපසන්තසන්ත”න්ති වුච්චති. තෙන වුත්තං – “උපසන්තමෙව හුත්වා සන්තං චිත්තං එතස්සාති උපසන්තසන්තචිත්තො”ති. උපසන්තන්ති වා උපසමො වුච්චති, තස්මා “උපසන්තසන්තචිත්තස්සා”ති අච්චන්තූපසමෙන සන්තචිත්තස්සාති අත්ථො.
එහි උපසන්ත සන්ත චිත්තස්ස යනු උපශාන්ත වූම සන්සුන් සිත ඔහුටනුයි උපසන්ත සන්ත චිත්තොයි. සමවත් විෂ්කම්භනයෙන් සන්සුන් කෙලෙස් හෙයින් උපසන්ත චිත්තංයි. සර්වප්රකාරයෙන් සන්සුන් ශාන්ත භාවයැයි නොකියයි. එම සන්සුන් භාවයෙහි සීමාව ඉක්ම නොගිය බැවිනි. අග මගින් එසේ නොවේ. ඔහු විසින් අත්‍යන්තයෙන්ම කෙලෙසුන්ගේ නැසූ හෙයින් රහත්හුගේ සිත නැවත කෙලෙසුන්ගේ සන්සිඳවිය යුතු නොමැති හෙයින්, සමථ විදර්ශනා යට මාර්ගයන්ගෙන් සන්සුන් කෙලෙස්ව අත්‍යන්ත ශාන්ත භාවයෙන්ම සන්සුන් ශාන්ත යැයි කියයි. එහෙයින් සන්සුන් වූයේම වී සන්සුන් සිත ඔහුටනුයි “උපපසන්ත සන්ත චිත්තො”යි. ව්‍යපසමනය උපශාන්ත යැයි කියායි. අත්‍යන්ත ව්‍යපසමනයෙන් ශාන්ත සිතට යැයි අර්ථයි.
අථ වා සතිපි සබ්බෙසං ඛීණාසවානං අනවසෙසකිලෙසවූපසමෙ සාවකපාරමීඤාණස්ස පන මත්ථකප්පත්තිහෙතුභූතො සාවකෙසු අනඤ්ඤසාධාරණො සවිසෙසො ධම්මසෙනාපතිනො කිලෙසවූපසමොති දස්සෙතුං සත්ථා උපසන්තසද්දෙන විසෙසෙත්වා ආහ “උපසන්තසන්තචිත්තස්සා”ති.
තවද සියලු ක්ෂීණාශ්රවයන්ට ශේෂ රහිත කෙලෙස් සන්සිඳීම් ඇති කල්හිද, ශ්‍රාවක පාරමී ඥානයාගේ මස්තකප්රාප්තියට හේතු වූ, ශ්රාවකයින් තර අන්‍යයන් හා සාධාරණ නුවූ දම් සෙනෙවිහුගේ කෙලෙස් සංසිඳවීමෙහිලා විශේෂ සහිතතාවයන් දැක්වීමට “උපසන්ත සන්ත චිත්ත”යැයි ශාස්තෲන් වහන්සේ උපශාන්ත ශබ්දයෙන් වෙසෙසා වදාළ සේක.
තත්රායමත්ථො – භුසං දළ්හං වා සන්තං උපසන්තං, තෙන උපසන්තෙන උපසන්තමෙව හුත්වා සන්තං උපසන්තසන්තං , තාදිසං චිත්තං එතස්සාති සබ්බං පුරිමසදිසමෙව. තථා හෙස භගවතා – “සාරිපුත්තො, භික්ඛවෙ, මහාපඤ්ඤො පුථුපඤ්ඤො හාසපඤ්ඤො ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො”තිආදිනා (ම· නි· 3.93) අනෙකපරියායෙන වණ්ණිතො ථොමිතො. නෙත්තිච්ඡින්නස්සාති නෙත්ති වුච්චති භවතණ්හා සංසාරස්ස නයනතො, සා නෙත්ති ඡින්නා එතස්සාති නෙත්තිච්ඡින්නො. තස්ස නෙත්තිච්ඡින්නස්ස, පහීනතණ්හස්සාති අත්ථො. මුත්තො සො මාරබන්ධනාති සො එවංවිධො පරික්ඛීණභවසංයොජනො සබ්බස්මා මාරබන්ධනතො මුත්තො, න තස්ස මාරබන්ධනමොචනාය කරණීයං අත්ථි, තස්මා ධම්මසෙනාපති අත්තනො උපසමං පච්චවෙක්ඛතීති. සෙසං වුත්තනයමෙව.
එහි මේ අර්ථයි. බොහෝ සේ බලවත් සන්සුන් බව උපශාන්තයි. එම උපසමයෙන්, සංයමයෙන් සන්සුන් හෝ වූ සන්සුන් බව සන්සුන් ශෘන්තයි. එබඳු සිතක් ඔහුට නුයි සියල්ල පළමු පරිදියි. එසේම එය භාග්‍යවතුන් වහන්සේ විසින්, මහණෙනි සැරියුත් තෙමේ මහා ප්‍රාඥය. බැබලෙන ප්‍රාඥය. පැතිර සිටි ප්‍රාඥය. ධාවන ප්‍රාඥය. තීක්ෂණ ප්‍රාඥය. විනිවිද යන ප්‍රාඥයයි ආදී නොයෙක් ක්‍රමයෙන් වර්ණනා කරන ලදි. ස්තුති කරන ලදි. නෙත්තිච්ඡින්නස්ස යනු භව තෘෂ්ණාව නෙත්ති යැයි කියයි. සංසාරයාගේ ගෙනයන හෙයින් එම ගෙනයාම සිඳින ලද්දේ ඔහුගේනුයි නෙත්තච්ඡින්නොයි. එම තෘෂ්ණාව සිඳින ලද්දහුගේ ප්‍රහීණ තෘෂ්ණා ඇතියහුගේ යයි අර්ථයි. මුත්තො මාර බන්ධනා යනු හෙතෙම මේ ආකාර වූ, ක්ෂය කරන ලද බව බැඳුම් ඇතියේ සියලු මාර බන්ධනයන්ගෙන් මිදුනේ, ඔහුට මාර බන්ධනයන්ගෙන් මිදීම සඳහා කළයුතු දෙයක් නොමැත. එහෙයින් දම්සෙනෙවි තම සන්සිඳීම ප්රත්යවේක්ෂා කරයි. සෙස්ස කියන ලද ආකාරමය.
දසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
නිට්ඨිතා ච මෙඝියවග්ගවණ්ණනා.
සිව්වන වර්ග වර්ණනාව සමාප්තයි.