උපසෙනසුත්තං
4. 9.
4. 9.
උපසෙනසුත්තං
උපසේන සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති, වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො ආයස්මතො උපසෙනස්ස වඞ්ගන්තපුත්තස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, සත්ථා ච මෙ භගවා අරහං සම්මාසම්බුද්ධො. ස්වාක්ඛාතෙ චම්හි ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො. සබ්‍රහ්මචාරිනො ච මෙ සීලවන්තො කල්යාණධම්මා. සීලෙසු ච’ම්හි පරිපූරකාරී, සමාහිතො ච’ම්හි එකග්ගචිත්තො. අරහා ච’ම්හි ඛීණාසවො. මහිද්ධිකො ච’ම්හි මහානුභාවො. භද්දකං මෙ ජීවිතං භද්දකං මරණං”ති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ කල්හි එකලා වූ, චිත්තවිවේකයෙන් යුක්ත වූ වඞ්ගාන්තපුත්‍ර උපසේන තෙරුනට “අහෝ! මේ මනුෂ්යත්වාදීහු ඒකාන්තයෙන් මා ලත් ලාභයෝ ය. මා ලත් සහනැ, පැවිදි උපසපු ආදිය අහෝ! ඒකාන්තයෙන් මොනොවට ම ලද්දේ ය! භාග්‍යවත් වූ මාගේ ශාස්තෘ ද ඒකාන්තයෙන් සම්‍යක්සම්බුද්ධ ය. මොනොවට වදාරන ලද දහම් විනය ඇති කල්හි ගිහිගෙන් නික්ම සසුන් වනිමි. මාගේ සබ්රම්සරුහු ද සිල්වත්හ, කලණ දහම් ඇත්තෝ ය. මම් ද ශීලයන්හි පරිපූරකාරී වෙමි. එකඟ වූ සිතැතියෙම් සමාහිත ද වෙමි. ආස්‍රව ක්ෂීණ කළ රහතෙකිම් ද වෙමි. මහත් ඍද්ධි ඇතියෙම්, මහත් අනුභාව ඇතියෙම් ද වෙමි. මාගේ ජීවත් වීම ද මැනැවි. මාගේ මරණය (ස්කන්ධපරිනිර්වාණය) ද මැනැවි”යී මෙසේ චිත්තසංකල්පයෙක් පහළ විය.
2. අථ ඛො භගවා ආයස්මතො උපසෙනස්ස වඞ්ගන්තපුත්තස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සිය සිතින් වඞ්ගාන්තපුත්‍ර වූ උපසේන තෙරුන්ගේ චිත්තපරිවිතර්කය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යං ජීවිතං න තපති, මරණන්තෙ න සොචති, ස වෙ දිට්ඨපදො ධීරො සොකමජ්ඣෙ න සොචති.
“ජීවිතය තෙම (හෙවත් නැවැත ස්කන්ධයන්ගේ පැවැත්ම) යම් පුඟුලකු නො පෙළා ද, මරණ සඞ්ඛ්‍යාත අවසානයෙහි හෝ නො සොවී ද, දක්නා දුඃඛාදි සත්‍යපද ඇති ධීර තෙම ශෝකහෙතූන් මැද නො සොවී.
උච්ඡින්නභවතණ්හස්ස සන්තචිත්තස්ස භික්ඛුනො, වික්ඛීණො ජාතිසංසාරො නත්ථි තස්ස පුනබ්භවො”ති.
මුල් සුන් කළ භවතෘෂ්ණා ඇති, සංහුන් සිතැති මහණහුගේ ජාත්‍යාදි වූ සංසාරය වෙසෙසින් ක්ෂීණ වූයේ වේ. ඔහුට පුනර්භවයෙක් නැත.“