යෙදුමෙන් කියවන්න

8. සුන්‍දරීසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

8. සුන්‍දරීසුත‍්තවණ‍්ණනා

8. සුන්දරී සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ සක‍්කතොතිආදීනං පදානං අත්‍ථො හෙට‍්ඨා වණ‍්ණිතොයෙව. අසහමානාති න සහමානා, උසූයන‍්තාති අත්‍ථො. භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච සක‍්කාරං අසහමානාති සම‍්බන්‍ධො.

අටවැන්නෙහි, සක්කතො ආදී පදයන්ගේ අර්ථය යට වර්ණනා කරන ලද්දේමය. අසහමානා යනු නොඉවසන්නාහු ඊර්ෂ්‍යා කරන්නාහු යයි අර්ථයි. භික්‍ෂු සංඝයාටද ලැබෙන සත්කාර නොඉවසන්නාහු යයි සම්බන්ධයයි.

සුන්‍දරීති තස‍්සා නාමං. සා කිර තස‍්මිං කාලෙ සබ‍්බපරිබ‍්බාජිකාසු අභිරූපා දස‍්සනීයා පාසාදිකා පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතා, තෙනෙව සා “සුන්‍දරී”ති පඤ‍්ඤායිත්‍ථ. සා ච අනතීතයොබ‍්බනා අසංයතසමාචාරාව හොති, තස‍්මා තෙ සුන්‍දරිං පරිබ‍්බාජිකං පාපකම‍්මෙ උය්‍යොජෙසුං. තෙ හි අඤ‍්ඤතිත්‍ථියා බුද‍්ධුප‍්පාදතො පට‍්ඨාය සයං හතලාභසක‍්කාරා හෙට‍්ඨා අක‍්කොසසුත‍්තවණ‍්ණනායං ආගතනයෙන භගවතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච උළාරං අපරිමිතං ලාභසක‍්කාරං පවත‍්තමානං දිස‍්වා ඉස‍්සාපකතා එකතො හුත්‍වා සම‍්මන‍්තයිංසු – මයං සමණස‍්ස ගොතමස‍්ස උප‍්පන‍්නකාලතො පට‍්ඨාය නට‍්ඨා හතලාභසක‍්කාරා, න නො කොචි අත්‍ථිභාවම‍්පි ජානාති, කිං නිස‍්සාය නු ඛො ලොකො සමණෙ ගොතමෙ අභිප‍්පසන‍්නො උළාරං සක‍්කාරසම‍්මානං උපනෙතීති? තත්‍ථෙකො ආහ – “උච‍්චාකුලප‍්පසුතො අසම‍්භින‍්නාය මහාසම‍්මතප‍්පවෙණියා ජාතො”ති, අපරො “අභිජාතියං තස‍්ස අනෙකානි අච‍්ඡරියානි පාතුභූතානී”ති, අඤ‍්ඤො “කාලදෙවිලං වන්‍දාපෙතුං උපනීතස‍්ස පාදා පරිවත‍්තිත්‍වා තස‍්ස ජටාසු පතිට‍්ඨිතා”ති, අපරො “වප‍්පමඞ‍්ගලකාලෙ ජම‍්බුච‍්ඡායාය සයාපිතස‍්ස වීතික‍්කන‍්තෙපි මජ‍්ඣන‍්හිකෙ ජම‍්බුච‍්ඡායා අපරිවත‍්තිත්‍වා ඨිතා”ති, අඤ‍්ඤො “අභිරූපො දස‍්සනීයො පාසාදිකො රූපසම‍්පත‍්තියා”ති, අපරො “ජිණ‍්ණාතුරමතපබ‍්බජිතසඞ‍්ඛාතනිමිත‍්තෙ දිස‍්වා සංවෙගජාතො ආගාමිනං චක‍්කවත‍්තිරජ‍්ජං පහාය පබ‍්බජිතො”ති. එවං අපරිමාණකාලෙ සම‍්භතං අනඤ‍්ඤසාධාරණං භගවතො පුඤ‍්ඤඤාණසම‍්භාරං උක‍්කංසපාරමිප‍්පත‍්තං නිරුපමං සල‍්ලෙඛප‍්පටිපදං අනුත‍්තරඤ‍්ච ඤාණපහානසම‍්පදාදිබුද‍්ධානුභාවං අජානන‍්තා අත‍්තනා යථාදිට‍්ඨං යථාසුතං ධරමානං තං තං භගවතො බහුමානකාරණං කිත‍්තෙත්‍වා අබහුමානකාරණං පරියෙසිත්‍වා අපස‍්සන‍්තා “කෙන නු ඛො කාරණෙන මයං සමණස‍්ස ගොතමස‍්ස අයසං උප‍්පාදෙත්‍වා ලාභසක‍්කාරං නාසෙය්‍යාමා”ති. තෙසු එකො තිඛිණමන‍්තී එවමාහ – “අම‍්භො ඉමස‍්මිං සත‍්තලොකෙ මාතුගාමසුඛෙ අසත‍්තසත‍්තා නාම නත්‍ථි, අයඤ‍්ච සමණො ගොතමො අභිරූපො දෙවසමො තරුණො, අත‍්තනො සමරූපං මාතුගාමං ලභිත්‍වා සජ‍්ජෙය්‍ය. අථාපි න සජ‍්ජෙය්‍ය, ජනස‍්ස පන සඞ‍්කියො භවෙය්‍ය, හන්‍ද මයං සුන්‍දරිං පරිබ‍්බාජිකං තථා උය්‍යොජෙම, යථා සමණස‍්ස ගොතමස‍්ස අයසො පථවියං පත්‍ථරෙය්‍යා”ති.

සුන්‍දරී යනු ඇයගේ නාමයයි. ඕ වනාහි එකල්හි සියලු පරිබ්‍රාජිකාවන් අතර මනා රූ ඇතියේ, දර්ශනීය, ප්‍රසාදජනක උතුම් රූප සෞන්දර්යයෙන් යුක්ත වූවාය. එහෙයින්ම ඕ සුන්දරී යැයි ප්‍රකට විය. ඕද නොඉක්මවන ලද යෞවනයෙන් යුක්ත වූවා අසංවර හැසිරීම්ද වේ. එහෙයින් එම සුන්දරී පරිබ්‍රාජිකාව පව්කම්හි යෙදවූහ. එම අන්‍ය තීර්ථකයින් විසින් බුද්ධෝත්පාදයෙහි පටන් තට ලාභසත්කාර වූවාහු, යට ආක්‍රෝශ සූත්‍ර වර්ණනායෙහි සඳහන් වූ ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේටද, භික්‍ෂු සංඝයාටද මහත් අප්‍රමාණ ලාභසත්කාර පවත්වනු ඇත. ඊර්ෂ්‍යාවෙන් මඩනා ලද්දාහු එක්ව, අප ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ උපන් කල පටන් නටුයේ වෙමු. නැසුනු (හීන) ලාභ සත්කාරිකයෝ වෙමු. කිසිවෙක් අපගෙ අස්ථිත්‍වයද නොදනියි. කවර හේතුවකින් ලෝකයා ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි විශේෂ ප්‍රසන්නතාවයකින් යුක්තව මහත් වූ සත්කාර සම්මා එළවයිදැයි එක්ව සාකච්ඡා කළහ. එහිදී එක් අයෙක් මෙසේ කීය. උසස් කුලානුයුක්ත, කඩ නුවූ, මහා සම්මත පරම්මරාවෙන් උපන්නේය. අනෙකෙක් උපතෙහිදී ඔහුට නොයෙක් ආශ්චර්යයන් පහළ වූහයිද අනෙකෙක් කාලදෙවල වැන්දවීමට එළවන ලද ඔහුගේ පාද පෙරලී කාලදේවලගේ ජටාවෙහි පිහිටියේ යැයි ද, අනෙකෙක් වප්මගුල් කල දඹගස් සෙවනෙහි නිදිකරවන ලද්දහුට - මධ්‍යාහ්නය ඉක්මගිය කල්හිද දඹ සෙවන නොපෙරළී සිටියේ යැයි ද අනෙකෙක් මනා රූ ඇතියේ, දර්ශනීය ප්‍රසාදජනක රූ සපුවෙන් යුක්ත යැයිද අනෙකෙක් ජරාවෙන් දිරාගිය, රෝගී, මළ, ප්‍රවෘජ්ජිත සංඛ්‍යාත නිමිති දැක සංවේගප්‍රාප්තව ලැබීමට නියමිත (අප්‍රමාණ වූ) චක්‍රවර්ති රාජ්‍යය හැර පැවිදි වූයේ යයිද කීය. මෙසේ අප්‍රමාණ කාලයක් රැස්කරන ලද වෙනත් අයෙකුට සාධාරණ නුවූ භාග්‍යවතුන් වහන්සේගේ පුණ්‍ය සම්භාරය, ඉහළම පාරමිතා ප්‍රාප්තිය, උපමා රහිත කෙලෙස් තුනී කිරීමේ ප්‍රතිපදාව, ඉතා උතුම් ඥානය, කෙලෙස් ප්‍රහාණ සම්පත්තිය ආදී බුද්ධානුභාව නොදන්නාහු තමා විසින් දිටි පරිදි ඇසූ පරිදි ඒ ඒ කරුණින් භාග්‍යවතුන් වහන්සේට බුහුමන් කිරීම වර්ණනා කොට, බුහුමන් නොකරන කරුණු නොදක්නාහු කවර නම් වූ කරුණකින් අප ශ්‍රමණ ගෞතමයන් වහන්සේට අයසක් උපදවා ලාභ සත්කාර නසන්නෙමුදැයි සාකච්ඡා කළහ. ඔවුනතර එක් සියුම් කල්පනාවෙන් යුක්තයෙක්, පින්වත, මේ සත්ත්ව ලෝකයෙහි මාගම් සුවයෙහි නොඇලුනු සත්ත්වයෙක් නම් නැත. මේ ශ්‍රමණ ගෞතම තෙමේද මනා රූ ඇත්තේය. දෙවියෙක් හා සම වූයේ තරුණය. තමා හා සම රුවැති මාගමක් ලැබ සිත් අලවන්නේය. තවද, සිතේ නො අලවයි නම් ජනතාවට වනාහි සැක ඇතිවන්නේය. එසේනම් අපි සුන්දරී පරිබ්‍රාජිකාව, යම්සේ ශ්‍රමණ ගෞතමයන්ගේ අපකීර්තිය පෘථුවිය පුරා පැතිරෙන්නේද? එසේ පිටත්කර යවමු.

තං සුත්‍වා ඉතරෙ “ඉදං සුට‍්ඨු තයා චින‍්තිතං, එවඤ‍්හි කතෙ සමණො ගොතමො අයසකෙන උපද‍්දුතො සීසං උක‍්ඛිපිතුං අසක‍්කොන‍්තො යෙන වා තෙන වා පලායිස‍්සතී”ති සබ‍්බෙව එකජ‍්ඣාසයා හුත්‍වා තථා උය්‍යොජෙතුං සුන්‍දරියා සන‍්තිකං අගමංසු. සා තෙ දිස‍්වා “කිං තුම‍්හෙ එකතො ආගතත්‍ථා”ති ආහ. තිත්‍ථියා අනාලපන‍්තා ආරාමපරියන‍්තෙ පටිච‍්ඡන‍්නෙ ඨානෙ නිසීදිංසු. සා තත්‍ථ ගන‍්ත්‍වා පුනප‍්පුනං ආලපන‍්තී පටිවචනං අලභිත්‍වා කිං තුම‍්හාකං අපරජ‍්ඣං? කස‍්මා මෙ පටිවචනං න දෙථාති? තථා හි පන ත්‍වං අම‍්හෙ විහෙඨියමානෙ අජ‍්ඣුපෙක‍්ඛසීති . කො තුම‍්හෙ විහෙඨෙතීති? “කිං පන ත්‍වං න පස‍්සසි, සමණං ගොතමං අම‍්හෙ විහෙඨෙත්‍වා හතලාභසක‍්කාරෙ කත්‍වා විචරන‍්ත”න‍්ති වත්‍වා “තත්‍ථ මයා කිං කාතබ‍්බ”න‍්ති වුත‍්තෙ “තෙන හි ත්‍වං අභික‍්ඛණං ජෙතවනසමීපං ගන‍්ත්‍වා මහාජනස‍්ස එවඤ‍්චෙවඤ‍්ච වදෙය්‍යාසී”ති ආහංසු. සාපි “සාධූ”ති සම‍්පටිච‍්ඡි. තෙන වුත‍්තං – “අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා භගවතො සක‍්කාරං අසහමානා”තිආදි.

ගෞතම තෙමෙ අපකීර්තියෙන් උපද්‍රවයට පත්වූයේ හිස ඔසවන්ට නොහැකි වනුයේ කොතැනකට හෝ පලා යන්නේ යයි සියල්ලෝම එකමතිකව එසේ යවන්ට සුන්දරියගේ සමීපයට ගියහ. ඕ ඔවුන් දැක නුඹලා කුමක් සඳහා එකතුව ආවහුදැයි කීවාය. තීර්ථකයෝ කථා නොකරන්නාහු ආරාම කෙළවර වැසුණු පෙදෙසක හිඳගත්හ. ඕ එහි ගොස් නැවත නැවත ආමන්ත්‍රණය කරන්නී ප්‍රතිවචන නොලැබ, කිමෙක්ද මා ඔබලාට අපරාධයක් කරන ලද්දේද? කවර හෙයින් මට පිළිවදන් නොදෙව්දැයි කීවාය. කිමෙක්ද නුඹ අප වෙහෙසනු ලබන කල්හි මධ්‍යස්ථ වන්නෙහිද? කවරෙක් නුඹලා වෙහෙසයිද, කිමෙක්ද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අප වෙහෙසවා තට ලාභ සත්කාරකයින් කොට හැසිරෙන්නහු නොදක්නෙහිදැයි කීය. එහිදී මා විසින් කුමක් කළයුතුදැයි කී කල්හි එසේනම් නුඹ නිතර ජේතවන සමීපයට ගොස් මහජනයාට මේ මේ ආකාරයෙන් කියවයි කීහ. ඕ ද මැනැවැයි පිළිගත්තාය. එහෙයින් අඤ්ඤතිත්‍ථියා පරිබ්බාජිකා භගවතො සක්කාරං අසහමානා යනාදිය යූ.සේයි.

තත්‍ථ උස‍්සහසීති සක‍්කොසි. අත්‍ථන‍්ති හිතං කිච‍්චං වා. ක්‍යාහන‍්ති කිං අහං. යස‍්මා තෙ තිත්‍ථියා තස‍්සා අඤ‍්ඤාතකාපි සමානා පබ‍්බජ‍්ජසම‍්බන්‍ධමත‍්තෙන සඞ‍්ගණ‍්හිතුං ඤාතකා විය හුත්‍වා “උස‍්සහසි ත්‍වං භගිනි ඤාතීනං අත්‍ථං කාතු”න‍්ති ආහංසු. තස‍්මා සාපි මිගං වල‍්ලි විය පාදෙ ලග‍්ගා ජීවිතම‍්පි මෙ පරිච‍්චත‍්තං ඤාතීනං අත්‍ථායාති ආහ.

එහි උස්සහසි යනු හැකි වෙහිද? අත්‍ථං යනු හිතවත් කෘත්‍යයක් හෝ, කපාහං යනු කිමෙක්ද මම, එම තීර්ථකයෝ ඇයගේ ඤාතිත්වක් නොමැති වූයේ නමුදු, ප්‍රව්‍රජ්‍යා සම්බන්ධ මාත්‍රයෙන් ඇය තම වසඟයට ගන්ට ඤාතීහු මෙන්ව, උස්සහසිත්‍වං භගිනි ඤාතීනං අත්‍ථං කාතුංයි කීහ. ඕ ද වැලක පැටලුන මුවෙකු මෙන්, පාදයන්හි ලග්න වූයේ මාගේ ජීවිතය ඥාතීන්ගේ යහපත උදෙසා පරිත්‍යාග කරන ලද්දෙමියි කීවාය.

තෙන හීති “යස‍්මා ත්‍වං ‘ජීවිතම‍්පි මෙ තුම‍්හාකං අත්‍ථාය පරිච‍්චත‍්ත’න‍්ති වදසි, ත්‍වඤ‍්ච පඨමවයෙ ඨිතා අභිරූපා සොභග‍්ගප‍්පත‍්තා ච, තස‍්මා යථා තං නිස‍්සාය සමණස‍්ස ගොතමස‍්ස අයසො උප‍්පජ‍්ජිස‍්සති, තථා කරෙය්‍යාසී”ති වත්‍වා “අභික‍්ඛණං ජෙතවනං ගච‍්ඡාහී”ති උය්‍යොජෙසුං. සාපි ඛො බාලා කකචදන‍්තපන‍්තියා පුප‍්ඵාවලිකීළං කීළිතුකාමා විය, පභින‍්නමදං චණ‍්ඩහත්‍ථිං සොණ‍්ඩාය පරාමසන‍්තී විය, නලාටෙන මච‍්චුං ගණ‍්හන‍්තී විය තිත්‍ථියානං වචනං සම‍්පටිච‍්ඡිත්‍වා මාලාගන්‍ධවිලෙපනතම‍්බූලමුඛවාසාදීනි ගහෙත්‍වා මහාජනස‍්ස සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා නගරං පවිසනකාලෙ ජෙතවනාභිමුඛී ගච‍්ඡන‍්තී “කහං ගච‍්ඡසී”ති ච පුට‍්ඨා “සමණස‍්ස ගොතමස‍්ස සන‍්තිකං, අහඤ‍්හි තෙන සද‍්ධිං එකගන්‍ධකුටියං වසාමී”ති වත්‍වා අඤ‍්ඤතරස‍්මිං තිත්‍ථියාරාමෙ වසිත්‍වා පාතොව ජෙතවනමග‍්ගං ඔතරිත්‍වා නගරාභිමුඛී ආගච‍්ඡන‍්තී “කිං සුන්‍දරි කහං ගතාසී”ති ච පුට‍්ඨා “සමණෙන ගොතමෙන සද‍්ධිං එකගන්‍ධකුටියං වසිත්‍වා තං කිලෙසරතියා රමාපෙත්‍වා ආගතාම‍්හී”ති වදති. තෙන වුත‍්තං – “එවං අය්‍යාති ඛො සුන්‍දරී පරිබ‍්බාජිකා තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං පටිස‍්සුත්‍වා අභික‍්ඛණං ජෙතවනං අගමාසී”ති.

තෙනහි යනු නුඹ මාගේ ජීවිතය ද නුඹලාගේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කරන ලද්දෙමියි කියන්නෙහිය. නුඹද ප්‍රථම වයසෙහි සිටියෙහි මනා රූ ඇති අති දර්ශනීය බවට පැමිණියෙහිය. එහෙයින් යම්සේ නුඹ හේතුකොට ශ්‍රමණ ගෞතමයාට අයසක් උපදින්නේද? එසේ කරවයි කියා නිතර දෙව්රමට යව යයි යෙදවූහ. ඕද දැරියක් කියත් දත්පෙළින් මල්වැල් ක්‍රීඩාව ක්‍රීඩා කරනු කැමැතියේ මෙන්ද, බිඳිනු මදැති සැඩ ඇතෙක් පරාමර්ශනය කරන්නාක් මෙන්ද නළලින් මාරයා ගන්නාක් මෙන්, තීර්ථකයන්ගේ වචන පිළිගෙන, මල් ගඳ විලවුන් බුලත් එනසාල්, කරාබුනැටි ආදිය ගෙන, ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කොට මහජනයා නගරයට පිවිසෙන කල්හි ජේතවන අභිමුඛව යන්නී කොහි යෙහිදැයි විමසූ කල්හි ශ්‍රමණ ගෞතමයන් සමීපයටය. මම ඔහු සමග එක ගඳකිළියෙහි වසමියි කියා, එක්තරා තීර්ථකාරාමයක වාසයකොට උදෑසනම දෙව්රම් මගට බැස නුවර අභිමුඛව එන්නී කිමෙක්ද සුන්දරිය, කොහි ගියෙහිදැයි විචාරන ලද්දී, ශ්‍රමණ ගෞතමයන් සමග එක ගඳකිළියෙහි වැස ඔහු කෙලෙස් රතියෙන් රමණය කරවා පැමිණියෙමියි කියයි. එහෙයින් එවං අයපාති ඛො සුන්දරී පරිබ්බාජිකා තෙසං අඤ්ඤතිත්‍ථියානං පරිබ්බාජකානං පටිස්සුත්‍වා අභික්ඛණං ජෙතවනං අගාමාසියි යූ.සේයි.

තිත්‍ථියා කතිපාහස‍්ස අච‍්චයෙන ධුත‍්තානං කහාපණෙ දත්‍වා “ගච‍්ඡථ, සුන්‍දරිං මාරෙත්‍වා සමණස‍්ස ගොතමස‍්ස ගන්‍ධකුටියා අවිදූරෙ මාලාකචවරන‍්තරෙ නික‍්ඛිපිත්‍වා එථා”ති වදිංසු. තෙ තථා අකංසු. තතො තිත්‍ථියා “සුන්‍දරිං න පස‍්සාමා”ති කොලාහලං කත්‍වා රඤ‍්ඤො ආරොචෙත්‍වා “කත්‍ථ පන තුම‍්හෙ පරිසඞ‍්කථා”ති රඤ‍්ඤා වුත‍්තා ඉමෙසු දිවසෙසු ජෙතවනෙ වසති, තත්‍ථස‍්සා පවත‍්තිං න ජානාමාති. “තෙන හි ගච‍්ඡථ, නං තත්‍ථ විචිනථා”ති රඤ‍්ඤා අනුඤ‍්ඤාතා අත‍්තනො උපට‍්ඨාකෙ ගහෙත්‍වා ජෙතවනං ගන‍්ත්‍වා විචිනන‍්තා විය හුත්‍වා මාලාකචවරං බ්‍යූහිත්‍වා තස‍්සා සරීරං මඤ‍්චකං ආරොපෙත්‍වා නගරං පවෙසෙත්‍වා “සමණස‍්ස ගොතමස‍්ස සාවකා ‘සත්‍ථුනා කතං පාපකම‍්මං පටිච‍්ඡාදෙස‍්සාමා’ති සුන්‍දරිං මාරෙත්‍වා මාලාකචවරන‍්තරෙ නික‍්ඛිපිංසූ”ති රඤ‍්ඤො ආරොචෙසුං. රාජාපි අනුපපරික‍්ඛිත්‍වා “තෙන හි ගච‍්ඡථ, නගරං ආහිණ‍්ඩථා”ති ආහ. තෙ නගරවීථීසු “පස‍්සථ සමණානං සක්‍යපුත‍්තියානං කම‍්ම”න‍්තිආදීනි වදන‍්තා විචරිත්‍වා පුන රඤ‍්ඤො නිවෙසනද‍්වාරං අගමංසු. රාජා සුන්‍දරියා සරීරං ආමකසුසානෙ අට‍්ටකං ආරොපෙත්‍වා රක‍්ඛාපෙසි. සාවත්‍ථිවාසිනො ඨපෙත්‍වා අරියසාවකෙ යෙභුය්‍යෙන “පස‍්සථ සමණානං සක්‍යපුත‍්තියානං කම‍්ම”න‍්තිආදීනි වත්‍වා අන‍්තොනගරෙ බහිනගරෙ ච භික‍්ඛූ අක‍්කොසන‍්තා විචරිංසු. තෙන වුත‍්තං – “යදා තෙ අඤ‍්ඤිංසු තිත්‍ථියා පරිබ‍්බාජකා ‘වොදිට‍්ඨා ඛො සුන්‍දරී’”තිආදි.

තීර්ථකයෝ කිහිප දිනක් ඇවෑමෙන් ධූර්තයන්ට කහවණු දී යව් සුන්දරිය මරා ශ්‍රමණ ගෞතමයන්ගේ ගඳකිළිය නුදුරෙහි මල් කසලගොඩ අතරෙහි හාරා දමා එව් යයි කීහ. ඔව්හු එසේ කළහ. ඉක්බිති තීර්ථකයෝ සුන්දරිය නොදකනෙමුයි කෝලාහල කොට, රජුට දන්වා, නුඹලා කොතැන සැක කරව්දැයි රජු කී කල්හි මේ දිනවල දෙව්රම වාසය කරයි. එහි ඇයගේ ප්‍රවෘත්තියක් නොදනිමුයි කීහ. එසේනම් යව්. ඇය එහි සොයව් යයි රජු විසින් අනුදන්නා ලද්දාහු තම උපස්ථායකයින් ගෙන දෙව්රමැ ගොස් සොයන්නාක් මෙන් ව මල් කසල කළඹා ඇයගේ සිරුර ඇඳක නංවා නුවරට ප්‍රවේශ කරවා, ශ්‍රමණ ගෞතමයාගේ ශ්‍රාවකයෝ, තම ශාස්තෲවරයා විසින් කළ පාපකර්මය වසන්නෙමුයි සුන්දරිය මරා, මල් කසල අතරෙහි බහා තැබූහයි රජුට සැල කළහ. රජුද පරීක්‍ෂණයකින් තොරවම, එසේනම් යව්, නුවර ඇවිදිව් යයි කීය. ඔව්හු නුවර වීථීන්හි බලව්, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයින්ගේ ක්‍රියාවකැයි ආදිය කියමින් හැසිර නැවත රජුගේ නිවහන් දොරටු ගියහ. රජු සුන්දරියගේ සිරුර අමු සොහොනෙහි අට්ටාලයක නංවා රැක්විය. ආර්ය ශ්‍රාවකයෝ හැර සැවැත් වැසියෝ, බොහෝ සෙයින්, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ක්‍රියාව බලව් ආදිය කියා ඇතුල් නුවරද, නුවරින් පිටතද භික්‍ෂූන්ට ආක්‍රොශ කරමින් හැසිරුණහ. එහෙයින්, යදා තෙ අඤ්ඤිංසු අඤ්ඤතිත්‍ථියා පරිබ්බාජකා වොදිට්ඨා ඛො සුන්‍දරී යනාදිය යූ.සේයි.

තත්‍ථ අඤ‍්ඤිංසූති ජානිංසු. වොදිට‍්ඨාති බ්‍යපදිට‍්ඨා, ජෙතවනං ආගච‍්ඡන‍්තී ච ගච‍්ඡන‍්තී ච විසෙසතො දිට‍්ඨා, බහුලං දිට‍්ඨාති අත්‍ථො. පරිඛාකූපෙති දීඝිකාවාටෙ . යා සා, මහාරාජ, සුන්‍දරීති, මහාරාජ, යා සා ඉමස‍්මිං නගරෙ රූපසුන්‍දරතාය “සුන්‍දරී”ති පාකටා අභිඤ‍්ඤාතා පරිබ‍්බාජිකා. සා නො න දිස‍්සතීති සා අම‍්හාකං චක‍්ඛු විය ජීවිතං විය ච පියායිතබ‍්බා, ඉදානි න දිස‍්සති. යථානික‍්ඛිත‍්තන‍්ති පුරිසෙ ආණාපෙත්‍වා මාලාකචවරන‍්තරෙ අත‍්තනා යථාඨපිතං. “යථානිඛාත”න‍්තිපි පාඨො, පථවියං නිඛාතප‍්පකාරන‍්ති අත්‍ථො.

එහි අඤ්ඤිංසු යනු දැනගත්හ. වොදිට්ඨා යනු බහුලව දුටහ. දෙව්රමට යන්නීද ආපසු එන්නීද විශේෂයෙන් දුටුවාහු බහුලව දුටහ යන අර්ථයි. පරිඛාකූපෙ යනු දිග වළෙකැ (දිය අගලක) යා සා මහාරාජ සුන්‍දරී යනු මහරජ යම් ආකාර වූ ඕ මෙම නගරයෙහි රූපයෙන් සුන්දර බැවින් සුන්‍දරී යැයි ප්‍රකට, මනාසේ දත් පරිබ්‍රාජිකාවකි. සා නො න දිස්සති යනු ඕ අපගේ ඇස මෙන්ද, ප්‍රිය කළ යුතුය. දැන් නොදක්නේය. යථා නික්ඛිත්තං යන පුරුෂයන් අණ කරවා මල් කසල අතර තමා විසින් යම්සේ තබන ලදද? යථා නිඛාතංයිද පාඨයි. පෘථුවියෙහි සාරන ලද අයුරෙනැයි අර්ථයි.

රථියාය රථියන‍්ති වීථිතො වීථිං. වීථීති හි විනිවිජ‍්ඣනකරච‍්ඡා. සිඞ‍්ඝාටකන‍්ති තිකොණරච‍්ඡා. අලජ‍්ජිනොති න ලජ‍්ජිනො, පාපජිගුච‍්ඡාවිරහිතාති අත්‍ථො. දුස‍්සීලාති නිස‍්සීලා. පාපධම‍්මාති ලාමකසභාවා නිහීනාචාරා. මුසාවාදිනොති දුස‍්සීලා සමානා “සීලවන‍්තො මය”න‍්ති අලිකවාදිතාය මුසාවාදිනො. අබ්‍රහ‍්මචාරිනොති “මෙථුනප‍්පටිසෙවිතාය අසෙට‍්ඨචාරිනො ඉමෙ හි නාමා”ති හීළෙන‍්තා වදන‍්ති. ධම‍්මචාරිනොති කුසලධම‍්මචාරිනො. සමචාරිනොති කායකම‍්මාදිසමචාරිනො. කල්‍යාණධම‍්මාති සුන්‍දරසභාවා, පටිජානිස‍්සන‍්ති නාමාති සම‍්බන්‍ධො. නාමසද‍්දයොගෙන හි එත්‍ථ පටිජානිස‍්සන‍්තීති අනාගතකාලවචනං. සාමඤ‍්ඤන‍්ති සමණභාවො සමිතපාපතා. බ්‍රහ‍්මඤ‍්ඤන‍්ති සෙට‍්ඨභාවො බාහිතපාපතා. කුතොති කෙන කාරණෙන. අපගතාති අපෙතා පරිභට‍්ඨා. පුරිසකිච‍්චන‍්ති මෙථුනප‍්පටිසෙවනං සන්‍ධාය වදන‍්ති.

රථියාය රථියං යනු වීථියෙන් වීථිය, වීථි යනු විනිවිද යන වීථියි. සිංසාටක යනු තුන්මංසල, අලජ්ජිනො ලජ්ජා නොමැති, පව් පිළිකුල් නොකරන්නාහුයි අර්ථයි. දුස්සීලා යනු සිල් නොමැති, පාපධම්මා යනු ලාමක ස්වභාව ඇති, පහත් හැසිරීම් ඇති. මුසාවාදිනො යනු දුස්සීල වූවාහු අපි සිල්වන්තයෝ වෙමුයි මුසා තෙපන හෙයින් බොරු කියන්නා වූ, අබ්‍රහ්මචාරිනො යනු මෛථුන ප්‍රතිසේවනයෙන් ශ්‍රේෂ්ඨ නුවූ ක්‍රියාවන්හි හැසිරෙන, ඉමෙහි නාම යනු පිළිකුල් කරමින් කියති. ධම්මචාරිනො යනු කුසල්දම්හි හැසිරෙන, සමචාරිනො යනු කාය කර්මාදියෙහි සම හැසිරුම් ඇති කල්‍යාණ ධම්මා යනු සුන්දර ස්වභාව, පිළින දෙන්නාහ නමැ’යි සම්බන්ධයි. මෙහි නාම ශබ්දයෝගයෙන් පිළින දෙන්නාහයි අනාගත කාලවචනයි. සාමඤ්ඤං යනු සංසිඳවූ පව් හෙයින් ශ්‍රමණභාවය, බ්‍රහ්මඤ්ඤං යනු බහා තැබූ පව්හෙයි විශිෂ්ඨ භාවයයි. කුතො යනු කවර කරුණෙකින්, අපගතා යනු පහ වූ, ගිලිහී ගිය, පුරිසකිච්චං යනු මෙවුන්දම් සෙවුම ස‍්ඳහා කියති.

අථ භික‍්ඛූ තං පවත‍්තිං භගවතො ආරොචෙසුං. සත්‍ථා “තෙන හි, භික‍්ඛවෙ, තුම‍්හෙපි තෙ මනුස‍්සෙ ඉමාය ගාථාය පටිචොදෙථා”ති වත්‍වා “අභූතවාදී”ති ගාථමාහ. තං සන්‍ධාය වුත‍්තං – “අථ ඛො සම‍්බහුලා…පෙ… නිහීනකම‍්මා මනුජා පරත්‍ථා”ති. තත්‍ථ නෙසො, භික‍්ඛවෙ, සද‍්දො චිරං භවිස‍්සතීති ඉදං සත්‍ථා තස‍්ස අයසස‍්ස නිප‍්ඵත‍්තිං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන ජානිත්‍වා භික‍්ඛූ සමස‍්සාසෙන‍්තො ආහ.

එකල්හි භික්‍ෂූහු එපවත් බුදුරදුන්ට සැලකළහ. ශාස්තෲන් වහන්සේ, මහණෙනි, එසේනම් නුඹලාද ඒ මිනිසුන් මේ ගාථාවෙන් ආපසු චෝදනා කරව්යැයි කියා අභූතවාදී යන ගාථාව වදාළහ. ඒ සඳහා අථඛො සම්බහුලා -පෙ- නිහීනකම්මා මනුජා පරත්‍ථායි යූ.සේයි. එහි නෙසො භික්ඛවෙ සද්දො චිරං භවිස්සති යන ශාස්තෲන් වහන්සේ සත්දින අපකීර්ති ඉපැත්ම සර්වඥතා ඥානයෙන් දැන භික්‍ෂූහු අස්වසනුයේ මෙය වදාළහ.

ගාථායං අභූතවාදීති පරස‍්ස දොසං අදිස‍්වාව මුසාවාදං කත්‍වා අභූතෙන අතච‍්ඡෙන පරං අබ‍්භාචික‍්ඛන‍්තො. යො වාපි කත්‍වාති යො වා පන පාපකම‍්මං කත්‍වා “නාහං එතං කරොමී”ති ආහ. පෙච‍්ච සමා භවන‍්තීති තෙ උභොපි ජනා ඉතො පරලොකං ගන‍්ත්‍වා නිරයූපගමනෙන ගතියා සමා භවන‍්ති. ගතියෙව හි නෙසං පරිච‍්ඡින‍්නා, ආයූ පන අපරිච‍්ඡින‍්නා. බහුකඤ‍්හි පාපං කත්‍වා චිරං නිරයෙ පච‍්චති, පරිත‍්තකං කත්‍වා අප‍්පමත‍්තකමෙව කාලං පච‍්චති. යස‍්මා පන නෙසං උභින‍්නම‍්පි ලාමකමෙව කම‍්මං, තෙන වුත‍්තං – නිහීනකම‍්මා මනුජා පරත්‍ථාති. “පරත්‍ථා”ති ඉමස‍්ස පන පදස‍්ස පුරතො “පෙච‍්චා”තිපදෙන සම‍්බන්‍ධො, පෙච‍්ච පරත්‍ථ ඉතො ගන‍්ත්‍වා තෙ නිහීනකම‍්මා පරලොකෙ සමා භවන‍්තීති අත්‍ථො.

ගාථාවෙහි අභූතවාදී අන්‍යයාගේ දොසක් නොදැකම මුසාවාදයක් කොට නුවූ දෙයින්, අසත්‍යයෙන් අනෙකාට දෝෂාරෝපණය කරනුයේ යොචාපි කත්‍වා යනු යමෙක් පාපකර්මයක් කොට මම එය නොකරමියි කීය. පෙච්ච සමාභවන්ති යනු එම දෙදෙනම මින් පරලොව ගොස් නිරයට පැමිණීමෙන් ගතියෙන් සම වෙත්. ගතියම වනාහි ඔවුන්ගේ ආයුෂ පිරිසිඳින ලද්දාහුය. බොහෝ පව්කම් කොට නොපිරිසිඳි ආයුෂ ඇතිව නිරයෙහි පැසේ. ස්වල්පයක් පව්කොට ස්වල්ප මාත්‍ර වූ කලක් පැසේ. එම දෙදෙනාගේම කර්මය ලාමකමය. එහෙයින් නිහීන කම්මා මනුජා පරත්‍ථ යැයි යූ.සේයි. පරත්‍ථ යන පදයට පෙරටුව පෙච්ච යන පදයෙන් සම්බන්ධයි. පරලෙව්හි, පරලෙව්හි පහත් ක්‍රියාවන් කළ ඔව්හු මෙයින් ගොස් පරලෙව්හිදී සම වෙත්යයි අර්ථයි.

පරියාපුණිත්‍වාති උග‍්ගහෙත්‍වා. අකාරකාති අපරාධස‍්ස න කාරකා. නයිමෙහි කතන‍්ති එවං කිර නෙසමහොසි – ඉමෙහි සමණෙහි සක්‍යපුත‍්තියෙහි අද‍්ධා තං පාපකම‍්මං න කතං, යං අඤ‍්ඤතිත්‍ථියා උග‍්ඝොසිත්‍වා සකලනගරං ආහිණ‍්ඩිංසු, යස‍්මා ඉමෙ අම‍්හෙසු එවං අසබ‍්භාහි ඵරුසාහි වාචාහි අබ‍්භාචික‍්ඛන‍්තෙසුපි න කිඤ‍්චි විකාරං දස‍්සෙන‍්ති, ඛන‍්තිසොරච‍්චඤ‍්ච න විජහන‍්ති, කෙවලං පන “අභූතවාදී නිරයං උපෙතී”ති ධම‍්මංයෙව වදන‍්තා සපන‍්තියෙව, ඉමෙ සමණා සක්‍යපුත‍්තියා අම‍්හෙ අනුපධාරෙත්‍වා අබ‍්භාචික‍්ඛන‍්තෙ සපන‍්ති, සපථං කරොන‍්තා විය වදන‍්ති . අථ වා “යො වාපි කත්‍වා ‘න කරොමි’ චාහා”ති වදන‍්තා සපන‍්ති, අත‍්තනො අකාරකභාවං බොධෙතුං අම‍්හාකං සපථං කරොන‍්ති ඉමෙති අත්‍ථො.

පරියාපුණිත්‍වා යනු ඉගෙන අකාරකා යනු අපරාධ නොකරන්නෝ නයිමෙහි කතං යනු මෙසේ ඔවුන්ට අදහස් විය. යම් ආකාර වූ අන්‍ය තීර්ථකයෝ උද්ඝෝෂණය කොට මුළු නුවර ඇවිද්දාහුද? මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයින් විසින් ඒකාන්තයෙන් එම පාපකර්මය නොකරන ලදි. අප මොවුන් කෙරෙහි මෙබඳු අසභ්‍ය ඵරුෂ වචනයන්ගෙන් දෝෂාරෝපණය කරන කල්හිද කිසි වෙනසක් නොදක්වති. ඉවසීම හා සුරතභාවය අත් නොහරත්. හුදෙක් අභූතවාදී නිරයං උපෙති’යි ධර්මයම දෙන්නාහු දිවුරත්මය. මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ අප නොසලකා දෝෂාරෝපණය කරනවුන් කෙරෙහි දිවුරති. පෝෂණය කරන්නවුන් මෙන් කියති. මොව්හු තමන්ගේ නොකළ බැව් අවබෝධ කරන්ට අපට දිව්රීම කරති.

තෙසඤ‍්හි මනුස‍්සානං භගවතා භාසිතගාථාය සවනසමනන‍්තරමෙව බුද‍්ධානුභාවෙන සාරජ‍්ජං ඔක‍්කමි, සංවෙගො උප‍්පජ‍්ජි “නයිදං අම‍්හෙහි පච‍්චක‍්ඛතො දිට‍්ඨං, සුතං නාම තථාපි හොති, අඤ‍්ඤථාපි හොති, එතෙ ච අඤ‍්ඤතිත්‍ථියා ඉමෙසං අනත්‍ථකාමා අහිතකාමා, තස‍්මා තෙ සද‍්ධාය නයිදං අම‍්හෙහි වත‍්තබ‍්බං, දුජ‍්ජානා හි සමණා”ති. තෙ තතො පට‍්ඨාය තතො ඔරමිංසු.

එම මනුෂ්‍යයන්ට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ගාථාව ශ්‍රවණ අතරතුරදීම බයාදුකම බැසගත්තේය. සංවේගය උපනි. මෙය අප විසින් ප්‍රත්‍යක්‍ෂව නොදක්නා ලද්දෙමු. අසන ලද්ද නම් එසේද වේ. අන්‍යාකාරයකින්ද වේ. එම අන් තොටුවෝ මොවුන්ට අනර්ථකාමීහුය. අහිතකාමීහුය. එහෙයින් ඔවුන් සඳහා ශ්‍රමණයෝ දුර්ජනයෝයි. යන මෙය අප විසින් නොකිව යුතුය. ඔව්හු ඉන්පසු ඉන් වැළකුණහ.

රාජාපි යෙහි සුන්‍දරී මාරිතා, තෙසං ජානනත්‍ථං පුරිසෙ ආණාපෙසි. අථ තෙ ධුත‍්තා තෙහි කහාපණෙහි සුරං පිවන‍්තා අඤ‍්ඤමඤ‍්ඤං කලහං කරිංසු. තෙසු හි එකො එකං ආහ – “ත්‍වං සුන්‍දරිං එකප‍්පහාරෙන මාරෙත්‍වා මාලාකචවරන‍්තරෙ ඛිපිත්‍වා තතො ලද‍්ධකහාපණෙහි සුරං පිවසි, හොතු හොතූ”ති. රාජපුරිසා තං සුත්‍වා තෙ ධුත‍්තෙ ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙසුං. රාජා “තුම‍්හෙහි සා මාරිතා”ති තෙ ධුත‍්තෙ පුච‍්ඡි. “ආම, දෙවා”ති. “කෙහි මාරාපිතා”ති? “අඤ‍්ඤතිත්‍ථියෙහි, දෙවා”ති. රාජා තිත්‍ථියෙ පක‍්කොසාපෙත්‍වා තමත්‍ථං පටිජානාපෙත්‍වා, “අයං සුන්‍දරී තස‍්ස සමණස‍්ස ගොතමස‍්ස අවණ‍්ණං ආරොපෙතුකාමෙහි අම‍්හෙහි මාරාපිතා, නෙව ගොතමස‍්ස, න ගොතමසාවකානං දොසො අත්‍ථි, අම‍්හාකමෙව දොසොති එවං වදන‍්තා නගරං ආහිණ‍්ඩථා”ති ආණාපෙසි. තෙ තථා අකංසු. මහාජනො සම‍්මදෙව සද‍්දහි. තිත්‍ථියානං ධික‍්කාරං අකාසි, තිත්‍ථියා මනුස‍්සවධදණ‍්ඩං පාපුණිංසු. තතො පට‍්ඨාය බුද‍්ධස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච භිය්‍යොසොමත‍්තාය සක‍්කාරසම‍්මානො මහා අහොසි. භික‍්ඛූ අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතා භගවන‍්තං අභිවාදෙත්‍වා අත‍්තමනා පටිවෙදෙසුං. තෙන වුත‍්තං – “අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ…පෙ… අන‍්තරහිතො සො, භන‍්තෙ, සද‍්දො”ති.

රජුද යම් අය විසින් සුන්දරිය මරණ ලද්දේ ද, ඔවුන්ගේ දැනගැනීම සඳහා රාජපුරුෂයින් අණ කළේය. ඉක්බිති එම ධූර්තයෝ එම කහවණුවලින් සුරාපානය කරන්නාහු ඔවුනොවුන් කලහ කළහ. ඔවුනතර එකෙක් එකෙකුට නුඹ සුන්දරිය එක පහරින් මරා, මල් කසල අතර දමා ඉන් ලද කහවණුවලින් සුරා පානය කරහි. එසේ වේවා වේවායි කීවේය. රාජ පුරුෂයෝ එය අසා එම ධූර්තයන් ගෙන රජුට දැක්වූහ. රජු, නුඹලා විසින් ඕ මරන ලදදැයි එම ධූර්තයන් විමසීය. එසේය දේවයිනි. කවරහු විසින් මරවන ලද්දේද? දේවයිනි, අන් තොටුවන් විසිනි. රජ තීර්ථකයින් කැඳවා එම කරුණ එසේයයි ප්‍රතිග්‍රහණය කරවා මෙම සුන්දරිය ශ්‍රමණ ගෞතමයන්ට නුගුණ එළවනු කැමැති අප විසින් මරවන ලද්දේය. ගෞතමයන් වහන්සේගේ හෝ ගෞතම ශ්‍රාවකයන්ගේ දොසක් නොමැත. අපගේම දෝෂයැයි මෙසේ කියමින් නුවර සරහුයි අණ කළේය. ඔව්හු එසේ කළහ. මහජනයා මනාව ඇදහීය. තීර්ථකයින්ට නින්දා කළහ. තීර්ථතකයෝ මිනිස් වධ දණ්ඩනවලට පැමිණයිහ. එතැන් පටන් බුදුරදුන්ටද, බික් සඟනටද අතිශයින් සත්කාර සම්මාන විය. භික්‍ෂූහු ආශ්චර්ය, අද්භූත සිත් හටගත්තාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ තම ප්‍රීතිය දැනුම් දුන්හ. එහෙයින් අථඛො සම්බහුලා භික්ඛු -පෙ- අන්තරහිතො භන්තෙ සො සද්දොයි යූ.සේයි.

කස‍්මා පන භගවා “තිත්‍ථියානං ඉදං කම‍්ම”න‍්ති භික‍්ඛූනං නාරොචෙසි? අරියානං තාව ආරොචනෙන පයොජනං නත්‍ථි, පුථුජ‍්ජනෙසු පන “යෙ න සද‍්දහෙය්‍යුං, තෙසං තං දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය සංවත‍්තෙය්‍යා”ති නාරොචෙසි. අපිචෙතං බුද‍්ධානං අනාචිණ‍්ණං, යං අනාගතස‍්ස ඊදිසස‍්ස වත්‍ථුස‍්ස ආචික‍්ඛනං. පරානුද‍්දෙසිකමෙව හි භගවා සංකිලෙසපක‍්ඛං විභාවෙති , කම‍්මඤ‍්ච කතොකාසං න සක‍්කා නිවත‍්තෙතුන‍්ති අබ‍්භක‍්ඛානං තන‍්නිමිත‍්තඤ‍්ච භගවා අජ‍්ඣුපෙක‍්ඛන‍්තො නිසීදි. වුත‍්තඤ‍්හෙතං –

කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ තීර්ථකයන්ගේ මෙම කාර්යය භික්‍ෂූන් නොදැන්වූයෙහිද? ආර්යයන්ට දැන්වීමෙන් ප්‍රයෝජනයක් නැත. පෘථග්ජනයන් අතර යම්කෙනෙක් පිළි නොගන්නාහු නම්, එය ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ යයි දැනුම් නුදුන්නේය. තවද යම් අනාගතයෙහි මෙබඳු වස්තුවක ප්‍රකාශ කිරීමක් බුදුවරුන් පුරුදුකොට නැත. අන්‍යයා උදෙසාම භාග්‍යවතුන් වහන්සේ කිලුටු සහිත පක්‍ෂය පැහැදිලි කරයි. කළ අවකාශ ඇති කර්මයද නවතන්ට නොහැකි යයි අසත්‍ය දොස් නැගීම හා ඒ නිමිති කොට හටගන්නා තත්ත්වයන්හිදී භාග්‍යවතුන් වහන්සේ මධ්‍යස්ථ වෙමින් වැඩහුන් සේක. එහෙයින් යූ.සේයි.

“න අන‍්තලික‍්ඛෙ න සමුද‍්දමජ‍්ඣෙ, න පබ‍්බතානං විවරං පවිස‍්ස; න විජ‍්ජතී සො ජගතිප‍්පදෙසො, යත්‍ථට‍්ඨිතො මුච‍්චෙය්‍ය පාපකම‍්මා”ති. (ධ· ප· 127; මි· ප· 4.2.4);

න අන්තලික්ඛෙ නසමුද්ද මජ්ඣෙ - න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සො ජගතිප්පදෙසො - යත්‍ථට්ඨිතො න මුරිඤ්චය්‍ය පාප කම්මාති

යම්තැනක සිට කල පාප කර්මයෙන් මිදෙන්නේ ද? එබඳු තැනක් අහසෙහිද නැත. සමුද්‍රයෙහිද නැත. පර්වත කුහරයකට පිවිසද නැත. මෙලෙස පාප කර්ම විපාකයෙන් මගහැර සැඟවී යාමට සුදුසු තැනක් ලෝකයෙහි විද්‍යමාන නොවේ.

එතමත්‍ථං විදිත්‍වාති මම‍්මච‍්ඡෙදනවසෙනාපි බාලජනෙහි පවත‍්තිතං දුරුත‍්තවචනං ඛන‍්තිබලසමන‍්නාගතස‍්ස ධීරස‍්ස දුත‍්තිතික‍්ඛා නාම නත්‍ථීති ඉමමත්‍ථං සබ‍්බාකාරතො විදිත්‍වා. ඉමං උදානන‍්ති ඉමං අධිවාසනඛන‍්තිබලවිභාවනං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු මෙම ස්ථාන සිඳීම් වශයෙන් අඥාන ජනයන් විසින් පවත්වන ලද, නොමනාව කියන ලද වචන ක්‍ෂාන්ති බලයෙන් යුක්ත ප්‍රාඥයාට ඉවසීම දුෂ්කර නැතැයි මෙම කරුණ හැම අතින් දැන ඉමං උදානං යනු ඉවසීම් බල ප්‍රකට කිරීමට උදන් ඇනූ සේක.

තත්‍ථ තුදන‍්ති වාචාය ජනා අසඤ‍්ඤතා, සරෙහි සඞ‍්ගාමගතංව කුඤ‍්ජරන‍්ති කායිකසංවරාදීසු කස‍්සචිපි සංවරස‍්ස අභාවෙන අසංයතා අවිනීතා බාලජනා සරෙහි සායකෙහි සඞ‍්ගාමගතං යුද‍්ධගතං කුඤ‍්ජරංව හත්‍ථිනාගං පටියොධා විය වාචාසත‍්තීහි තුදන‍්ති විජ‍්ඣන‍්ති, අයං තෙසං සභාවො . සුත්‍වාන වාක්‍යං ඵරුසං උදීරිතං, අධිවාසයෙ භික‍්ඛු අදුට‍්ඨචිත‍්තොති තං පන තෙහි බාලජනෙහි උදීරිතං භාසිතං මම‍්මඝට‍්ටනවසෙන පවත‍්තිතං ඵරුසං වාක්‍යං වචනං අභූතං භූතතො නිබ‍්බෙඨෙන‍්තො මම කකචූපමඔවාදං (ම· නි· 1.222 ආදයො) අනුස‍්සරන‍්තො ඊසකම‍්පි අදුට‍්ඨචිත‍්තො හුත්‍වා “සංසාරසභාවො එසො”ති සංසාරෙ භයං ඉක‍්ඛණසීලො භික‍්ඛු අධිවාසයෙ, අධිවාසනඛන‍්තියං ඨත්‍වා ඛමෙය්‍යාති අත්‍ථො.

එහි තුදන්ති වාචාහි ජනා අසංයතා සරෙහි සංගාම ගතංව කුඤ්ජරං යනු කායික සංවරාදීන්හි කවරාකාර වූ සංවරයක අභාවයෙන්. අසංයතා යනු නොහික්මුණු අඥාන ජනයා. සරෙහි යනු ඊතලවලින් සංගාමගතං යනු යුදවන්. කුඤ්ජරංව ඇත්රජුට සතුරු යෝධයෝ මෙන් වචන නමැති ඊතලවලින් මෙන් තුදන්ති විදිත්. මේ ඔවුන්ගේ ස්වභාවයයි. සුත්‍වාන වාක්‍යං ඵරුසං උදීරතං අධිවාසයෙ භික්ඛු අදුට්ඨචිත්තො යනු එය වනාහි එම අඥාන ජනයන් විසින් කියන ලද මර්මස්ථාන ගැටීම් වශයෙන් පවත්වන ලද, ඵරුසං වාක්‍යං නුවූ වචනය වූ වචනයක් ලෙසින් නිරවුල් කරනුයේ, මාගේ කියත් උපමා අවවාදය සිහි කරනුයේ මඳකුදු දූෂිත නොවූ සිතැතියේව සසර ස්වභාවය එය යැයි සතර බිය දක්නාසුලු භික්‍ෂුව අධිවාසයෙ යනු ඉවසීම් ඉවසීමෙහි සිට ඉවසන්නේයයි අර්ථයි

එත්‍ථාහ – කිං පන තං කම‍්මං, යං අපරිමාණකාලං සක‍්කච‍්චං උපචිතවිපුලපුඤ‍්ඤසම‍්භාරො සත්‍ථා එවං දාරුණං අභූතබ‍්භක‍්ඛානං පාපුණීති? වුච‍්චතෙ – අයං සො භගවා බොධිසත‍්තභූතො අතීතජාතියං මුනාළි නාම ධුත‍්තො හුත්‍වා පාපජනසෙවී අයොනිසොමනසිකාරබහුලො විචරති. සො එකදිවසං සුරභිං නාම පච‍්චෙකසම‍්බුද‍්ධං නගරං පිණ‍්ඩාය පවිසිතුං චීවරං පාරුපන‍්තං පස‍්සි. තස‍්මිඤ‍්ච සමයෙ අඤ‍්ඤතරා ඉත්‍ථී තස‍්ස අවිදූරෙන ගච‍්ඡති. ධුත‍්තො “අබ්‍රහ‍්මචාරී අයං සමණො”ති අබ‍්භාචික‍්ඛි. සො තෙන කම‍්මෙන බහූනි වස‍්සසතසහස‍්සානි නිරයෙ පච‍්චිත්‍වා තස‍්සෙව කම‍්මස‍්ස විපාකාවසෙසෙන ඉදානි බුද‍්ධො හුත්‍වාපි සුන්‍දරියා කාරණා අභූතබ‍්භක‍්ඛානං පාපුණි. යථා චෙතං, එවං චිඤ‍්චමාණවිකාදීනං විකාරකිත්‍ථීනං භගවතො අබ‍්භක‍්ඛානාදීනි දුක‍්ඛානි පත‍්තානි, සබ‍්බානි පුබ‍්බෙ කතස‍්ස කම‍්මස‍්ස විපාකාවසෙසානි, යානි “කම‍්මපිලොතිකානී”ති වුච‍්චන‍්ති. වුත‍්තඤ‍්හෙතං අපදානෙ (අප· ථෙර 1.39.64-96) –

මෙහි කීහ - එම ක්‍රියාව කිමෙක්ද? අප්‍රමාණ කාලයක් සකස්ව රැස්කරන ලද පුණ්‍ය සමූහයක් ඇති ශාස්තෲන් වහන්සේ මෙසේ දරුණු අභූත දෝෂාරෝපණයකට පැමිණිනිද? කියනු ලැබේ. ඒ මේ භාග්‍යවතුන් වහන්සේ බෝසත් වූයේ අතීත ජාතියෙහි මුතාලි නම් ධූර්තව පාප ජන ආශ්‍රයට පත්වූයේ නුනුවණින් මෙනෙහි කිරීම් බහුලව හැසිරේ. හෙතෙම එක් දිනයක සුරභි නමැති පසේ බුදුරදුන් නගරයෙහි පිඬු පිණිස පිවිසීමට සිවුරු පොරවන්නහු දිටීය. එසමයෙහි එක්තරා ස්ත්‍රියාක් එතුමාණන් නුදුරෙහි යයි. ධූර්ත තෙමේ මේ ශ්‍රමණ තෙමේ අබ්‍රහ්මචාරී යැයි දේෂාරෝපණය කළේය. හෙතෙම එම පාපකර්මයෙන් බොහෝ වර්ෂ දහස් ගණනක් නිරයෙහි පැසී එම කර්මයෙහි ඉතිරි විපාක වශයෙන් බුද්ධත්වයට පත්වද සුන්දරිය හේතුකොට දෝෂාරෝපණයට පැමිණුනි. එය යම්සේද, මෙසේ චිංචිමානවිකාදී විකෘතිකාරක ස්ත්‍රීන්ගේ, භාග්‍යවතුන් වහන්සේට දෝෂාරෝපණාදී, දුක් නිපන්නාහු ඒ සියල්ල පෙර කරන ලද කර්මයාගේ අවශේෂ විපාක වශයෙන් යම් කර්ම කෙනෙක් වේද ඒවා පිලොතිකානි කියත්. අපදානයෙහි යූ.සේයි.

“අනොතත‍්තසරාසන‍්නෙ, රමණීයෙ සිලාතලෙ; නානාරතනපජ‍්ජොතෙ, නානාගන්‍ධවනන‍්තරෙ.

අනොතත්ත සරාසන්නෙ - රමණීයෙ සිලාතලෙ නානාරතන පජ්ජොතෙ - නානා ගන්‍ධ වනන්තරෙ

නොයෙක් රත්නයන්ගෙන් බබලන, නොයෙක් සුවඳැති අනවතප්ත විල ආසන්නයෙහි සිත්කලු ගල් තලාවෙක්හි.

“මහතා භික‍්ඛුසඞ‍්ඝෙන, පරෙතො ලොකනායකො; ආසීනො බ්‍යාකරී තත්‍ථ, පුබ‍්බකම‍්මානි අත‍්තනො.

මහතා භික්ඛු සංඝෙන - උපෙතො ලොක නායකො ආසිනො බ්‍යාකරී තත්‍ථ - පුබ්බ කම්මානි අත්තනො

මහ බික්සඟ විසින්, පිරිවරන ලද ලෝක නායකයාණන් වහන්සේ වැඩහුනුයේ, එහිදී තමාගේ ප්‍ර්වකර්මය ප්‍රකාශ කළසේක.

“සුණාථ භික‍්ඛවො මය‍්හං, යං කම‍්මං පකතං මයා; පිලොතිකස‍්ස කම‍්මස‍්ස, බුද‍්ධත‍්තෙපි විපච‍්චති.

සුනාථ භික්ඛවො මය්හං - යං කම්මං පකතං මයා පිලොතිකස්ස කම්මස්ස - බුද්ධත්තෙපි විපච්චති

මහණෙනි, පිලොතික කර්මයෙහි විපාක බුද්ධත්වයෙහිද විපාක දේ. මවිසින් එබඳු වූ යම් කර්මයක් කරන ලද ද එය අසව්.

“මුනාළි නාමහං ධුත‍්තො, පුබ‍්බෙ අඤ‍්ඤාසු ජාතිසු; පච‍්චෙකබුද‍්ධං සුරභිං, අබ‍්භාචික‍්ඛිං අදූසකං.

මුනාලි නා මහං ධුත්තො - පුබ්බෙ අඤ්ඤාය ජාතියා පච්චෙක බුද්ධං සුරභිං - අබ්භාචික්ඛිං අදූසක

මම පෙර අප්‍රකට (ශුද්‍ර වැනි) ජාතියෙහි මුනාලි නම් ධූර්තයෙක් වීමි. අන් අයෙකු දූෂණය නොකරන සුරභි නම් පසේ බුදුරදුන්ට අසත්‍ය දෝෂාරෝපණය කළෙමි.

“තෙන කම‍්මවිපාකෙන, නිරයෙ සංසරිං චිරං; බහූ වස‍්සසහස‍්සානි, දුක‍්ඛං වෙදෙමි වෙදනං.

තෙන කම්ම විපාකෙන - නිරයෙ සංසරිං චිරං බහු වස්ස සහස්සානි - දුක්ඛං වෙදෙමි වෙදනං

එම කර්මයෙහි විපාකයෙන් බොහෝ කලක් නිරයෙහි සැරිසැරීමි. බොහෝ දහස් ගණන් අවුරුදු දුක් වේදනා වින්දෙමි.

“තෙන කම‍්මාවසෙසෙන, ඉධ පච‍්ඡිමකෙ භවෙ; අබ‍්භක‍්ඛානං මයා ලද‍්ධං, සුන්‍දරිකාය කාරණා.

තෙන කම්මාවසෙසෙන - ඉධ පච්ඡිමකෙ භවෙ අබ්භක්ඛානං මයා ලද්ධං - සුන්‍දරිකාය කාරණා

එම කර්මයෙහි අවශේෂ විපාක වශයෙන් මේ අන්තිම භවයෙහි සුන්දරිකාව කරණකොට මා විසින් අසත්‍ය දෝෂාරෝපණ ලබන ලදි.

“සබ‍්බාභිභුස‍්ස බුද‍්ධස‍්ස, නන්‍දො නාමාසි සාවකො; තං අබ‍්භක‍්ඛාය නිරයෙ, චිරං සංසරිතං මයා.

සබ්බාභිභුස්ස බුද්ධස්ස - නන්‍දො නාමාසි සාවකො නං අබ්භක්ඛාය නිරයෙ - චිරං සංසරිතං මයා

සබ්බාභිභූ බුදුරදුන්ගේ නන්ද නම් ශ්‍රාවකයෙක් වීමි. එතුමන්ට අසත්‍ය දෝෂාරෝපණ කොට, මවිසින් බොහෝ කලක් නිරයෙහි සැරිසරන ලද්දේ වෙමි.

“දස වස‍්සසහස‍්සානි, නිරයෙ සංසරිං චිරං; මනුස‍්සභාවං ලද‍්ධාහං, අබ‍්භක‍්ඛානං බහුං ලභිං.

දස වස්ස සහස්සානි - නිරයෙ සංසරිං චිරං මනුස්සදෙහං පත්‍වාහං - අබ්භක්ඛානං බහුං ලභිං

අවුරුදු දස දහසක් පමණ දීර්ඝ කාලයක් නිරයෙහි සැරිසැරීමි. මා මනුෂ්‍යත්වයට පත්ව එහි විපාක වශයෙන් අසත්‍ය චෝදනා බොහෝකොට ලදිමි.

“තෙන කම‍්මාවසෙසෙන, චිඤ‍්චමාණවිකා මමං; අබ‍්භාචික‍්ඛි අභූතෙන, ජනකායස‍්ස අග‍්ගතො.

තෙන කම්මාවසෙසෙන - චිඤ්චමානවිකා මමං අබ්භක්ඛාසි අභූතෙන - ජනකායස්ස අග්ගතො

එම කර්ම ශේෂයෙන් චිංච මානවිකා තොමෝ ජන සමූහයා ඉදිරියෙහිදී මට අසත්‍ය දෝෂාරෝපණයක් කළේය.

“බ්‍රාහ‍්මණො සුතවා ආසිං, අහං සක‍්කතපූජිතො; මහාවනෙ පඤ‍්චසතෙ, මන‍්තෙ වාචෙමි මාණවෙ.

බ්‍රාහ්මණො සුතවා ආසිං - අහං සක්කත පූජිතො මහාවනෙ පඤ්චසතෙ - මන්තෙ වාචෙසිං මාණවේ

මම බොහෝ දෙන විසින් සත්කාර කරන ලද්දා වූ, පුදන ලද්දා වූ ශ්‍රැතවත් බමුණෙක් වීමි. මහ වනයෙහි පන්සියයක් මානවකයනට මන්ත්‍ර උගන්වමි.

“තත්‍ථාගතො ඉසී භීමො, පඤ‍්චාභිඤ‍්ඤො මහිද‍්ධිකො; තඤ‍්චාහං ආගතං දිස‍්වා, අබ‍්භාචික‍්ඛිං අදූසකං.

තත්‍ථාගතො ඉසි භීමො - පඤ්චා භිඤ්ඤො මහිද්ධිකො තඤ්චාහං ආගතං දිස්වා - අබ්භා චික්ඛිං අදූසකං

මහත් සෘද්ධි ඇති, පඤ්චාභිඥාලාභී වූ භීම සෘෂිතෙම එහි පැමිණියේය. මා එසේ පැමිණි ඔහු දැක, අනෙකා දූෂණය නොකරන ඔහුට අසත්‍ය දෝෂාරෝපණය කළෙමි.

“තතොහං අවචං සිස‍්සෙ, කාමභොගී අයං ඉසි; මය‍්හම‍්පි භාසමානස‍්ස, අනුමොදිංසු මාණවා.

තතොහං අවචං සිස්සෙ - කාමභොගී අයං ඉසී මය්හම්පි භාසමානස්ස - අනුමොදිංසු මාණවා

ඉක්බිති මම ශිෂ්‍යයන් හට මේ සෘෂිතෙම කාම භෝගියෙකැයි කීවෙමි. මානවකයෝ මාගේ කියමනට එකඟ වූහ.

“තතො මාණවකා සබ‍්බෙ, භික‍්ඛමානං කුලෙ කුලෙ; මහාජනස‍්ස ආහංසු, කාමභොගී අයං ඉසි.

තතො මානවකා සබ්බෙ - භික්ඛමානො කුලෙ කුලෙ මහා ජනස්ස ආහංසු - කාමභොගී අයං ඉසී

ඉක්බිති සියලු මානවකයෝ, කුලගෙයක් ගෙයක් පාසා පිඬු සිඟා වඩින එතුමන්ට, මේ සෘෂිතෙම කාම භෝගියෙකැයි මහජනයාට කීහ.

“තෙන කම‍්මවිපාකෙන, පඤ‍්ච භික‍්ඛුසතා ඉමෙ; අබ‍්භක‍්ඛානං ලභුං සබ‍්බෙ, සුන්‍දරිකාය කාරණා.

තෙන කම්ම විපාකෙන - පඤ්ච භික්ඛු සතා ඉමෙ අබ්භක්ඛානං ලභුං සබ්බෙ - සුන්‍දරිකාය කාරණා

එම කර්ම විපාකයෙන් මේ හැම පන්සියයක් භික්‍ෂූහු සුන්‍දරිකා පරිබ්‍රාජිකාව හේතුකොට අසත්‍ය දෝෂාරෝපණ ලැබූහ.

“වෙමාතුභාතිකං පුබ‍්බෙ, ධනහෙතු හනිං අහං; පක‍්ඛිපිංගිරිදුග‍්ගස‍්මිං, සිලාය ච අපිංසයිං.

වෙමාතුභාතිකං පුබ්බෙ - ධනහෙතු හනිං අහං පක්ඛිපිං ගිරි දුග්ගස්මිං - සිලායච අඵස්සසිං

පෙර මම එක පියෙකුට දාව දෙමවු කුසින් උපන් (වෙමාතික) සොයුරු ධන හේතුයෙන් නැසීමි. ගිරි දුර්ගයක හෙළීමි. ගලකින්ද තැළීමි.

“තෙන කම‍්මවිපාකෙන, දෙවදත‍්තො සිලං ඛිපි; අඞ‍්ගුට‍්ඨං පිංසයී පාදෙ, මම පාසාණසක‍්ඛරා.

තෙන කම්ම විපාකෙන - දෙවදත්තො සිලං ඛිපි අංගුට්ඨං ඵස්සයී පාදෙ - මම පාසන සක්ඛරා

එම කර්ම විපාකයෙන් දෙව්දතු ගලක් හෙළීය. ගල් පතුරක් මාගේ පා ඇඟිල්ල තැළීය.

“පුරෙහං දාරකො හුත්‍වා, කීළමානො මහාපථෙ; පච‍්චෙකබුද‍්ධං දිස‍්වාන, මග‍්ගෙ සකලිකං ඛිපිං.

පුරෙහං දාරකොහුත්‍වා - කීළමානො මහා පථෙ පච්චෙක බුද්ධං දිස්වාන - මග්ගෙ සංකලිකං දහිං

පෙර මම දරුවෙක්ව මහ මග ක්‍රීඩා කරමින් සිටියේ, පසේබුදුවරයෙක් දැක ගල් කැබැල්ලක් විසි කළෙමි.

“තෙන කම‍්මවිපාකෙන, ඉධ පච‍්ඡිමකෙ භවෙ; වධත්‍ථං මං දෙවදත‍්තො, අභිමාරෙ පයොජයි.

තෙන කම්මවිපාකෙන - ඉධ පච්ඡිමකෙ භවෙ අදුට්ඨං මං දෙවදත්තො - අභිචොරෙ පයොජයී

එම කර්ම විපාකයෙන් මේ අන්තිම භවයෙහි දෙව්දත් තෙමේ මට ද්වේෂ කරන ලදි. දුනුවායන් යෙදවීය.

“හත්‍ථාරොහො පුරෙ ආසිං, පච‍්චෙකමුනිමුත‍්තමං; පිණ‍්ඩාය විචරන‍්තං තං, ආසාදෙසිං ගජෙනහං.

හත්‍ථාරොහො පුරෙ ආසිං - පච්චෙක මුනි මුත්තමං පිණ්ඩාය විචරන්තං තං - ආසාදෙසිං ගජෙනහං

මම පෙර හස්ත්‍යාරෝහකයෙක් වීමි. පිඬු පිණිස හැසිරෙන උතුම් පසේබුදුරද නමක් දැක ඇතා ලවා උන්වහන්සේට හිරිහැර කරවීමි.

“තෙන කම‍්මවිපාකෙන, භන‍්තො නාළාගිරී ගජො; ගිරිබ‍්බජෙ පුරවරෙ, දාරුණො සමුපාගමි.

තෙන කම්ම විපාකෙන - භන්තො නාලාගිරී ගජො ගිරිබ්බජෙ පුරවරෙ - දාරුණො සමුපාගමී

එහි කර්ම විපාකයෙන් ගිරිබ්බජ නම් පුරවරයෙහිදී මත් වූ දරුණු නාලාගිරි ඇතු මා වෙත එළැඹියේය.

“රාජාහං පත්‍ථිවො ආසිං, සත‍්තියා පුරිසෙ හනිං; තෙන කම‍්මවිපාකෙන, නිරයෙ පච‍්චිසං භුසං.

රාජාහං ඛත්තියො ආසිං - සත්තියා පරිසං හනිං තෙන කම්ම විපාකෙන - නිරයෙ පච්චහං භුසං

මම පෙර ක්‍ෂත්‍රිය රජෙක් වීමි. උල් ආයුධයකින් මිනිසෙක් මැරීමි. එම කර්ම විපාකයෙන්, බොහෝ කලක් නිරයෙහි පැසුනෙමි.

“කම‍්මුනො තස‍්ස සෙසෙන, සොදානි සකලං මම; පාදෙ ඡවිං පකප‍්පෙසි, න හි කම‍්මං විනස‍්සති.

කම්මුනො තස්ස සෙසෙන - සොදානි සකලං මම පාදෙ ඡවිං විනාසෙසි - නහි කම්මං විනස්සති

එම කර්මයෙහි ශේෂ විපාකයෙන්, මෙකල මාගේ පාදයෙහි සිවිය සියල්ල විනාශ විය. කර්මය විනාශ නොවන්නේය.

“අහං කෙවට‍්ටගාමස‍්මිං, අහුං කෙවට‍්ටදාරකො; මච‍්ඡකෙ ඝාතිතෙ දිස‍්වා, ජනයිං සොමනස‍්සකං.

අහං කෙවට්ට ගාමස්මිං - අහු කෙවට්ට දාරකො මච්ඡකෙ ඝාතිතෙ දිස්වා - ජනයිං සොමනස්සහං

මම කෙවුල් ගමක කෙවුල් දරුවෙක් වීමි. මම ඝාතනය කරන ලද මසුන් දැක සොම්නස ඉපදවීමි

“තෙන කම‍්මවිපාකෙන, සීසදුක‍්ඛං අහූ මම; සක‍්කා ච සබ‍්බෙ හඤ‍්ඤිංසු, යදා හනි විටටූභො.

තෙන කම්මවිපාකෙන - සීස දුක්ඛං අහූ මම සක්‍යාච සබ්බෙ හඤ්ඤිංසු - යදාහනි විඩූඩහො

එම කර්ම විපාකයෙන් මගේ හිසෙහි දුක් වේදනාවක් විය. යම්කලෙක විඩූඩහ ජන සංහාරයක් කළේද, සියලුම ශාක්‍යයෝ එකල්හි නැසූහ.

“ඵුස‍්සස‍්සාහං පාවචනෙ, සාවකෙ පරිභාසයිං; යවං ඛාදථ භුඤ‍්ජථ, මා ච භුඤ‍්ජථ සාලයො.

ඵුස්සස්සාහං පාවචනෙ - සාවකෙ පරිභාසයිං යවං ඛාදථ භුඤ්ජෙථ - මාච භුඤ්ජෙථ සාලියො

ඵුස්ස බුදුරදුන්ගේ සස්නෙහි ශ්‍රාවකයින්ට යව. කවු, අනුභව කරව්, ඇල්හාල් බත් අනුභව නොකරව් යයි නින්දා කළෙමි.

“තෙන කම‍්මවිපාකෙන, තෙමාසං ඛාදිතං යවං; නිමන‍්තිතො බ්‍රාහ‍්මණෙන, වෙරඤ‍්ජායං වසිං තදා.

තෙන කම්ම විපාකෙන - තෙමාසං ඛාදිතං යවං නිමන්තිතො බ්‍රාහ්මණෙන - වෙරඤ්ජාය වසිං තදා

බමුණෙකු විසින් කරණ ලද, ආරාධනය අනුව වෙරඤ්ජාවෙහි විසීමි. එම කර්ම විපාකයෙන් තෙමසක් යව අනුභව කළෙමි.

“නිබ‍්බුද‍්ධෙ වත‍්තමානම‍්හි, මල‍්ලපුත‍්තං නිහෙඨයිං; තෙන කම‍්මවිපාකෙන, පිට‍්ඨිදුක‍්ඛං අහූ මම.

නිබ්බුද්ධෙ වත්ත මානම්හි - මල්ලයුද්ධං නියොජයිං තෙන කම්ම විපාකෙන - පිට්ඨි දුක්ඛං අහූ මම

යුද්ධයක් නොපවත්නා කල්හි, මල්ල යුද්ධය යෙදවීමි. එම කර්ම විපාකයෙන් මාගේ පිටෙහි දුක් වේදනාවක් විය.

“තිකිච‍්ඡකො අහං ආසිං, සෙට‍්ඨිපුත‍්තං විරෙචයිං; තෙන කම‍්මවිපාකෙන, හොති පක‍්ඛන්‍දිකා මම.

තිකිච්ඡකො අහං ආසිං - සෙට්ඨි පුත්තං විරෙචයිං තෙන කම්ම විපාකෙත - හොති පක්ඛන්‍දිකා මම

මම පෙර වෙදෙක් වීමි. (ධනාශාවෙන්) සිටු පුතෙක් විරේක කරවීමි. එම කර්මයෙන් මට ලේ අතීසාර රෝගය වැළඳුනි.

“අවචාහං ජොතිපාලො, කස‍්සපං සුගතං තදා; කුතො නු බොධි මුණ‍්ඩස‍්ස, බොධි පරමදුල‍්ලභා.

අච්චාහං ජොතිපාලො - කස්සපං සුගතං තදා කුතොනු බොධි මුණ්ඩස්ස - බොධි පරම දුල්ලභා

ජොතිපාල නම් මානවකයකු වූ මම, එකල්හි කාශ්‍යප බුදුරජාණන් වහන්සේට, මුණ්ඩයාට සම්බොධි ඥානයක් කොයින්ද? සම්බොධි ඥානය ඉතා දුර්ලභයැයි කීමි.

“තෙන කම‍්මවිපාකෙන, අචරිං දුක‍්කරං බහුං; ඡබ‍්බස‍්සානුරුවෙලායං, තතො බොධිං අපාපුණිං.

තෙන කම්ම විපාකෙන - අකරිං දුක්කරං බහුං ඡබ්බස්සානුරුවෙලායං - තතො බොධිං අපාපුණිං

එම කර්ම විපාකයෙන්, උරුවෙලායෙහි සාවුරුද්දක්, බොහෝ දුෂ්කර ක්‍රියා කළෙමි. ඉන්පසු සම්බෝධියට පැමිණියෙමි.

“නාහං එතෙන මග‍්ගෙන, පාපුණිං බොධිමුත‍්තමං; කුම‍්මග‍්ගෙන ගවෙසිස‍්සං, පුබ‍්බකම‍්මෙන වාරිතො.

නාහං එතෙන මග්ගෙන - පාපුණිං බොධි මුත්තමං කුම්මග්ගෙන ගවෙසිස්සං - පුබ්බ කම්මෙන වාරිතො

පෙර කර්මයෙන් වළක්වන ලදුයේ, නොමගින් උතුම් බෝධිය සොයන්නෙමි, මම ඒ මාර්ගයෙන් උතුම් බුද්ධත්වයට නොපැමිණියෙමි.

“පුඤ‍්ඤපාපපරික‍්ඛීණො, සබ‍්බසන‍්තාපවජ‍්ජිතො; අසොකො අනුපායාසො, නිබ‍්බායිස‍්සමනාසවො.

පුඤ්ඤපාප පරික්ඛීණො - සබ්බ සන්තාප වජ්ජිතො අසොකො අනුපායාසො - නිබ්බායිස්ස මනාසවො

පින් පව් ක්‍ෂය කරන ලදුයේ, සියලු තැවීම් බැහැර කරන ලදුයේ සෝක රහිත වූයේ, උපායාස රහිත වූයේ ආශ්‍රව රහිත වූයේ පිරිනිවෙන්නෙමි.

“එවං ජිනො වියාකාසි, භික‍්ඛුසඞ‍්ඝස‍්ස අග‍්ගතො; සබ‍්බාභිඤ‍්ඤාබලප‍්පත‍්තො, අනොතත‍්තමහාසරෙ”ති. (අප· ථෙර 1.39.64-96);

එවං ජිනො වියාකාසී භික්ඛු සංඝස්ස අග්ගතො සබ්බාභිඤ්ඤා බලප්පත්තො - අනොතත්තෙ මහාසරෙ

සියලු අභිඥා බලයට පත් සර්වඥයන් වහන්සේ අනවතප්ත මහවිල් කෙරෙහිදී, භික්‍ෂු සංඝයා හමුයෙහි මෙය ප්‍රකාශ කළ සේක.

අට‍්ඨමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අටවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.