යෙදුමෙන් කියවන්න

2. උද‍්ධතසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. උද‍්ධතසුත‍්තවණ‍්ණනා

2. උද්ධත සූත්‍ර වර්ණනාව

දුතියෙ කුසිනාරායන‍්ති කුසිනාරායං නාම මල‍්ලරාජූනං නගරෙ. උපවත‍්තනෙ මල‍්ලානං සාලවනෙති යථා හි අනුරාධපුරස‍්ස ථූපාරාමො, එවං කුසිනාරාය උය්‍යානං දක‍්ඛිණපච‍්ඡිමදිසාය හොති. යථා ථූපාරාමතො දක‍්ඛිණද‍්වාරෙන නගරපවිසනමග‍්ගො පාචීනමුඛො ගන‍්ත්‍වා උත‍්තරෙන නිවත‍්තති, එවං උය්‍යානතො සාලපන‍්ති පාචීනමුඛා ගන‍්ත්‍වා උත‍්තරෙන නිවත‍්තා, තස‍්මා “උපවත‍්තන”න‍්ති වුච‍්චති. තස‍්මිං උපවත‍්තනෙ මල‍්ලරාජූනං සාලවනෙ. අරඤ‍්ඤකුටිකායන‍්ති සාලපන‍්තියා අවිදූරෙ රුක‍්ඛගච‍්ඡසඤ‍්ඡන‍්නට‍්ඨානෙ කතා කුටිකා, තං සන්‍ධාය වුත‍්තං “අරඤ‍්ඤකුටිකායං විහරතී”ති. තෙ පන භික‍්ඛූ පටිසඞ‍්ඛානවිරහිතා ඔස‍්සට‍්ඨවීරියා පමත‍්තවිහාරිනො, තෙන වුත‍්තං “උද‍්ධතා”තිආදි.

දෙවැන්නෙහි කුසිනාරායං යනු කුසිනාරා නම් මල්ල රජවරුන්ගේ නගරයෙහි, උපවත්තනෙ මල්ලානං සාලවනෙ යනු අනුරාධපුරයට ථූපාරාම යම්සේද? එසේම කුසිනාරාවෙහි උයන දකුණු- බස්නාහිර දිසාවෙහි වේ. යම්සේ ථූපාරාමයෙහි දකුණු දොරින් නුවරට පිවිසෙන මාර්ගය නැගෙනහිර අභිමුඛව ගොස් උතුරෙන් නවතියි. මෙසේ සල්ගස් පෙළ දිසාභිමුඛව ගොස් උතුරින් නැවතිනි. එහෙයින් උපවර්තනයයි කියයි. ඒ උපවර්තන නම් මල්ල රජවරුන්ගේ සල්වනයෙහි, අරඤ්ඤ කුටිකායං යනු සල්ගස් පෙළට නුදුරෙහි වෘක්‍ෂ හා පඳුරුවලින් වැසුන කරන ලද කුඩා කුටියෙහි, ඒ සඳහා අරඤ්ඤ කුටිකායං විහරතියි යූ.සේයි. එම භික්‍ෂූහු වැටහීම් විරහිත වූවාහු හැරදමන ලද වීර්ය ඇත්තාහු. ප්‍රමාද විහාරීහුය. එහෙයින් උද්ධතා ආදිය යූ.සේයි.

තත්‍ථ උද‍්ධච‍්චබහුලත‍්තා අවූපසන‍්තචිත‍්තතාය උද‍්ධතා. තුච‍්ඡභාවෙන මානො නළො වියාති නළො, මානසඞ‍්ඛාතො උග‍්ගතො නළො එතෙසන‍්ති උන‍්නළා, උග‍්ගතතුච‍්ඡමානාති අත්‍ථො. පත‍්තචීවරමණ‍්ඩනාදිචාපල‍්ලෙන සමන‍්නාගතත‍්තා බහුකතාය වා චපලා. ඵරුසවාචතාය මුඛෙන ඛරාති මුඛරා. තිරච‍්ඡානකථාබහුලතාය විකිණ‍්ණා බ්‍යාකුලා වාචා එතෙසන‍්ති විකිණ‍්ණවාචා. මුට‍්ඨා නට‍්ඨා සති එතෙසන‍්ති මුට‍්ඨස‍්සතිනො, සතිවිරහිතා පමාදවිහාරිනොති අත්‍ථො. සබ‍්බෙන සබ‍්බං සම‍්පජඤ‍්ඤාභාවතො අසම‍්පජානා. ගද‍්දූහනමත‍්තම‍්පි කාලං චිත‍්තසමාධානස‍්ස අභාවතො න සමාහිතාති අසමාහිතා. ලොලසභාවත‍්තා භන‍්තමිගසප‍්පටිභාගතාය විබ‍්භන‍්තචිත‍්තා. මනච‍්ඡට‍්ඨානං ඉන්‍ද්‍රියානං අසංවරණතො අසඤ‍්ඤතින්‍ද්‍රියතාය පාකතින්‍ද්‍රියා.

එහි නොසන්සුන් බව බහුල හෙයින්, නොසන්සුන් සිතැති හෙයින් නොසන්සුන් වූවාහු, හිස් බැවින් මානය නළයක් මෙනැයි තළයි. මාන සංඛ්‍යාත උස්ව නැගි නළ ඔවුන්ටනුයි උන්නළායි. උස්ව නැගි හිස් මානය යැයි අර්ථයි. පා සිවුරු සැරසීම් ආදී වූ චපල බැවින් යුක්ත වූ හෙයින්ද බහුලව යෙදුන හෙයින් චපලායි. ඵරුස වචන හෙයින් මුඛයෙන් රළු වූයේනුයි මුඛරායි. තිරිසන් කථා බහුල බැවින් පැතිරුණි. ව්‍යාකූල වචන ඔවුන්ටනුයි විකිණ්ණ වාචායි. මුළා වූවාහු හට සිහි ඔවුන්ටනුයි මුට්ඨස්සතිනොයි. සිහි විරහිත වූවාහු ප්‍රමාද විහාරීහුයයි අර්ථයි. සියල්ලෙන් සියල්ල විමසන නුවණ අභාවයෙන් අසම්පජානායි. තන පුඩුව වරක් ඉරීම තරම් කාලයක් සිත එකඟ කිරීමෙහි යෙදීමක් නොමැති හෙයින් සමාහිත නොවූයේනුයි අසමාහිතායි. ලොල් ස්වභාව හෙයින් කම්පිත මුවන් හා සමාන ස්වභාව හෙයින් විබ්භන්ත චිත්තායි මනස සවැනි කොට ඇති ඉන්‍ද්‍රියයන්ගේ අසංවරණයෙන් අසංවර ඉන්‍ද්‍රියතාව හෙයින් පාකතින්‍ද්‍රියායි.

එතමත්‍ථං විදිත්‍වාති එතං තෙසං භික‍්ඛූනං උද‍්ධච‍්චාදිවසෙන පමාදවිහාරං ජානිත්‍වා. ඉමං උදානන‍්ති ඉමං පමාදවිහාරෙ අප‍්පමාදවිහාරෙ ච යථාක‍්කමං ආදීනවානිසංසවිභාවනං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු එම භික්‍ෂූන්ගේ උද්ධච්ච ආදී වශයෙන් ප්‍රමාද විහරණය දැන, ඉමං උදානං යනු මෙම ප්‍රමාද විහරණයෙහිද, අප්‍රමාද විහරණයෙහිද, පිළිවෙලින් ආදීනව හා ආනිසංස පැහැදිලි කිරීමට උදන් ඇනූ සේක.

තත්‍ථ අරක‍්ඛිතෙනාති සතිආරක‍්ඛාභාවෙන අගුත‍්තෙන. කායෙනාති ඡවිඤ‍්ඤාණකායෙන චක‍්ඛුවිඤ‍්ඤාණෙන හි රූපං දිස‍්වා තත්‍ථ නිමිත‍්තානුබ්‍යඤ‍්ජනග‍්ගහණවසෙන අභිජ‍්ඣාදිපවත‍්තිතො විඤ‍්ඤාණද‍්වාරස‍්ස සතියා අරක‍්ඛිතභාවතො. සොතවිඤ‍්ඤාණාදීසුපි එසෙව නයො. එවං ඡවිඤ‍්ඤාණකායස‍්ස අරක‍්ඛිතභාවං සන්‍ධායාහ “අරක‍්ඛිතෙන කායෙනා”ති. කෙචි පන “කායෙනා”ති අත්‍ථං වදන‍්ති, තෙසම‍්පි වුත‍්තනයෙනෙව අත්‍ථයොජනාය සති යුජ‍්ජෙය්‍ය. අපරෙ පන “අරක‍්ඛිතෙන චිත‍්තෙනා”ති පඨන‍්ති, තෙසම‍්පි වුත‍්තනයො එව අත්‍ථො. මිච‍්ඡාදිට‍්ඨිහතෙනාති සස‍්සතාදිමිච‍්ඡාභිනිවෙසදූසිතෙන. ථිනමිද‍්ධාභිභූතෙනාති චිත‍්තස‍්ස අකල්‍යතාලක‍්ඛණෙන ථිනෙන කායස‍්ස අකල්‍යතාලක‍්ඛණෙන මිද‍්ධෙන ච අජ‍්ඣොත්‍ථටෙන, තෙන කායෙන චිත‍්තෙනාති වා සම‍්බන්‍ධො. වසං මාරස‍්ස ගච‍්ඡතීති කිලෙසමාරාදිකස‍්ස සබ‍්බස‍්සපි මාරස‍්ස වසං යථාකාමකරණීයතං උපගච‍්ඡති, තෙසං විසයං නාතික‍්කමතීති අත්‍ථො.

එහි අරක්ඛිතෙන යනු සිහිය නමැති ආරක්ෂාව අභාවයෙන් නොරක්නා ලද. කායෙන යනු ෂට් විඤ්ඤාණ කයින්, චක්‍ෂුර් විඤ්ඤාණයෙන් රූපයක් දැක, එහි නිමිති අනුව්‍යංජන ගැනීම් වශයෙන්, විඤ්ඤාණ ද්වාරයාගේ අභිධ්‍යාදී වශයෙන් පවත්නා තත්ත්වයන්හිදී, සිහියෙන් නො රක්නා හෙයින්, ශ්‍රොත විඤ්ඤාණාදීන්හිද එම ක්‍රමයමැයි. මෙසේ ෂට් විඤ්ඤාණ කායයාගේ නොරක්නා ලද බව සඳහා වදාළහ. අරක්ඛිතෙන කායෙන යැයි. සමහරු වනාහි කායෙන යැයි අර්ථ කියති. ඒවාටද කියන ලද ක්‍රමයෙන්ම අර්ථ යෙදීම ඇතිකල්හි යෙදෙන්නේය. අනෙක් අය අරක්ඛිතෙන චිත්තෙන යැයි කියති. ඒවාටද කියන ලද ක්‍රමයම අර්ථයි. මිච්ඡා දිට්ඨිගතෙන යනු ශාස්වතාදී මිථ්‍යාදෘෂ්ටීන්හි පිහිටුවීම් වශයෙන්, ථීනමිද්ධාභි භූතෙන යනු සිතෙහි අකර්මණ්‍යතා ලක්‍ෂණය වූ ථීනයෙන්ද, කයෙහි අකර්මණ්‍යතා ලක්‍ෂණය වූ මිද්ධයෙන්ද වසා පැතිර සිටීමෙන්, එම කයින් සිතින් යයි සම්බන්ධයයි. වසං මාරස්ස ගච්ඡති යනු ක්ලේශ මාරාදි වූ සියලුම මාරයින්ට සිතැඟි පරිදි කටයුතු කළහැකි තත්ත්වයට එළැඹේ. ඔවුන්ගේ විෂය පථය නොඉක්මවතියි අර්ථයි.

ඉමාය හි ගාථාය භගවා යෙ සතිආරක‍්ඛාභාවෙන සබ‍්බසො අරක‍්ඛිතචිත‍්තා, යොනිසොමනසිකාරස‍්ස හෙතුභූතාය පඤ‍්ඤාය අභාවතො අයොනිසො උම‍්මුජ‍්ජනෙන නිච‍්චන‍්තිආදිනා විපරියෙසගාහිනො, තතො එව කුසලකිරියාය වීරියාරම‍්භාභාවතො කොසජ‍්ජාභිභූතා සංසාරවට‍්ටතො සීසං න උක‍්ඛිපිස‍්සන‍්තීති තෙසං භික‍්ඛූනං පමාදවිහාරගරහාමුඛෙන වට‍්ටං දස‍්සෙත්‍වා ඉදානි විවට‍්ටං දස‍්සෙතුං, “තස‍්මා රක‍්ඛිතචිත‍්තස‍්සා”ති දුතියගාථමාහ.

මෙම ගාථාවෙන් භාග්‍යවතුන් යම්කෙනෙක් සිහිය නමැති ආරක්ෂකයාගේ අභාවයෙන් සර්වප්‍රකාරයෙන් නොරක්නා ලද සිතැතියේ, මනා නුවණින් මෙනෙහි කිරීමට හේතු වූ ප්‍රඥාවගේ අභාවයෙන් නුනුවණින් කිඳාබැසීම් වශයෙන් අනිත්‍යයෙහි නිත්‍යයැයි ආදී වශයෙන් විපරීතග්‍රාහී වූයේ, එයින්ම කුසල් ක්‍රියාවන්හි, වීර්ය ඇරඹීම් අභාවයෙන් කුසීතකමින් මඬනා ලදුයේ සංසාර වෘත්ත දුකින් හිස නොඔසවන්නාහුයයි ප්‍රමාදීව වාසය කරන එම භික්‍ෂූන්ට ගර්හා කරන නියායෙන්, සංසාර වෘත්තය පෙන්වා, දැන් සසරින් වෙන්වීම පෙන්වන්ට තස්මා රක්ඛිත චිත්තස්ස යන දෙවන ගාථාව වදාළ සේක.

තත්‍ථ තස‍්මා රක‍්ඛිතචිත‍්තස‍්සාති යස‍්මා අරක‍්ඛිතචිත‍්තො මාරස‍්ස යථාකාමකරණීයො හුත්‍වා සංසාරෙයෙව හොති, තස‍්මා සතිසංවරෙන මනච‍්ඡට‍්ඨානං ඉන්‍ද්‍රියානං රක‍්ඛණෙන පිදහනෙන රක‍්ඛිතචිත‍්තො අස‍්ස. චිත‍්තෙ හි රක‍්ඛිතෙ චක‍්ඛාදිඉන්‍ද්‍රියානි රක‍්ඛිතානෙව හොන‍්තීති. සම‍්මාසඞ‍්කප‍්පගොචරොති යස‍්මා මිච‍්ඡාසඞ‍්කප‍්පගොචරො තථා තථා අයොනිසො විතක‍්කෙත්‍වා නානාවිධානි මිච‍්ඡාදස‍්සනානි ගණ‍්හන‍්තො මිච‍්ඡාදිට‍්ඨිහතෙන චිත‍්තෙන මාරස‍්ස යථාකාමකරණීයො හොති, තස‍්මා යොනිසොමනසිකාරෙන කම‍්මං කරොන‍්තො නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පාදිසම‍්මාසඞ‍්කප‍්පගොචරො අස‍්ස, ඣානාදිසම‍්පයුත‍්තං සම‍්මාසඞ‍්කප‍්පමෙව අත‍්තනො චිත‍්තස‍්ස පවත‍්තිට‍්ඨානං කරෙය්‍ය. සම‍්මාදිට‍්ඨිපුරෙක‍්ඛාරොති සම‍්මාසඞ‍්කප‍්පගොචරතාය විධූතමිච‍්ඡාදස‍්සනො පුරෙතරංයෙව කම‍්මස‍්සකතාලක‍්ඛණං, තතො යථාභූතඤාණලක‍්ඛණඤ‍්ච සම‍්මාදිට‍්ඨිං පුරතො කත්‍වා පුබ‍්බෙ වුත‍්තනයෙනෙව සීලසමාධීසු යුත‍්තො පයුත‍්තො විපස‍්සනං ආරභිත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො ඤත්‍වාන උදයබ‍්බයං පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු සමපඤ‍්ඤාසාය ආකාරෙහි උප‍්පාදනිරොධං වවත්‍ථපෙත්‍වා උදයබ‍්බයඤාණමධිගන‍්ත්‍වා තතො පරං භඞ‍්ගානුපස‍්සනාදිවසෙන විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අනුක‍්කමෙන අරියමග‍්ගං ගණ‍්හන‍්තො අග‍්ගමග‍්ගෙන, ථිනමිද‍්ධාභිභූ භික‍්ඛු සබ‍්බා දුග‍්ගතියො ජහෙති, එවං සො හෙට‍්ඨිමමග‍්ගවජ‍්ඣානං කිලෙසානං පඨමමෙව පහීනත‍්තා දිට‍්ඨිවිප‍්පයුත‍්තලොභසහගතචිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජනකථිනමිද‍්ධානං අධිගතෙන අරහත‍්තමග‍්ගෙන සමුච‍්ඡින්‍දනතො තදෙකට‍්ඨානං මානාදීනම‍්පි පහීනත‍්තා සබ‍්බසො භින‍්නකිලෙසො ඛීණාසවො භික‍්ඛු තිවිධදුක‍්ඛතායොගෙන දුග‍්ගතිසඞ‍්ඛාතා සබ‍්බාපි ගතියො උච‍්ඡින‍්නභවමූලත‍්තා ජහෙ, පජහෙය්‍ය. තාසං පරභාගෙ නිබ‍්බානෙ පතිට‍්ඨෙය්‍යාති අත්‍ථො.

එහි තස්මා රක්ඛිත චිත්තස්ස යනු යම්හෙයකින් නොරක්නා ලද සිතැතියේ මාරයාට සිතැඟි පරිදි කටයුතු කළ හැකි බවට පත්ව සසරෙහිම සැරිසරයි. එනිසා සිහිය නමැති සංවරයෙන් මනස සවැනි කොටැති, ඉන්‍ද්‍රියයන්ගේ රැක්මෙන්, වැස්මෙන්, රක්නා ලද සිතැතියේ වන්නේය. සිත රක්නා ලද කල්හි ඉන්‍ද්‍රියයන් රක්නා ලද්දාහුම වෙති. සම්මා සංකප්ප ගොචරො යනු මිථ්‍යා සංකල්ප ගොදුරු කොටැත්තේ නුනුවණින් කල්පනාකොට නොයෙක් ආකාර වූ මිථ්‍යා දර්ශනයන් ගනු ලබන්නේ, මිථ්‍යා දෘෂ්ටිය හා අනුගත සිතින් යුක්ත වූයේ මාරයාට සිතැඟි පරිදි කටයුතු කළහැකි වේ. එහෙයින් නුවණින් මෙනෙහි කිරීමෙන් කටයුතු කරනුයේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පාදී, සම්‍යක් සංකල්ප ගොදුරු කොටැත්තේ වන්නේය. ධ්‍යානාදිය හා සම්ප්‍රයුක්ත සම්‍යක් සංකල්පම තම සිතෙහි පවත්නා තැන කරන්නේය. සම්මා දිට්ඨි පුරෙක්ඛරො යනු සම්‍යක් සංකල්ප ගොදුරු කොටැත්තේ, කම්පා කළ මිථ්‍යා දර්ශන ඇතියේ, ප්‍රථමයෙන්ම කර්මය ස්වකීය කොටැති බැව්හි ලක්‍ෂණද ඉන්පසු යථාභූත ඤාණ ලක්‍ෂණයද සම්‍යග් දෘෂ්ටිය පෙරටුකොට පූර්වාංගම කොට පෙර කියන ලද ක්‍රමයෙන්ම සීල සමාධි සම්ප්‍රයුක්ත විදර්ශනාව අරඹා සංස්කාර සම්මශ්‍රණය කරනුයේ ඤත්‍වාන උදයබ්බයං පංච උපාදානස්කන්ධයන්හි සමපණස් ආකාරයන්ගෙන් ඉපැත්ම හා නිරුද්ධවීම විභාගකොට උදයව්‍යය ඥානය අවබෝධකොට ඉන් මත්තෙහි භංගානුපස්සනාදී වශයෙන් විදර්ශනාව ඔසවා අනුක්‍රමයෙන් ආර්යමාර්ගය ගනුයේ අග මගින්, ථීනමිද්ධාභිභූ භික්ඛු සබ්බා දුග්ගතියො ජහෙ යනු මෙසේ හෙතෙම යට මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙසුන් ප්‍රථමයෙන්ම ප්‍රහීණ හෙයින් දෘෂ්ටි විප්‍රයුක්ත ලෝභ සහගත චිත්තෝත්පාදයන්හි උපදනා ලබන ථීනමිද්ධාදීන්ගේ නැසීම අර්හත් මාර්ගාවබෝධයෙන් මනාව නසන හෙයින් ඒ හා යෙදුන මානාදීන්ගේද ප්‍රහීණ හෙයින් සර්වප්‍රකාරයෙන් හට කෙලෙස් ඇති ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව ත්‍රිවිධ දුගති සංඛ්‍යාත සියලුම උත්පත්ති ස්ථාන සිඳිනා ලද භව මුල් ඇති හෙයින් ජහෙ දුරු කරන්නේය. ඒවාහි පසුකොටසෙහි නිවනෙහි පිහිටන්නේයයි අර්ථයි.

දුතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.

3. ගොපාලකසුත‍්තවණ‍්ණනා

3. ගෝපාල සූත්‍ර වර්ණනාව

තතියෙ කොසලෙසූති කොසලා නාම ජානපදිනො රාජකුමාරා, තෙසං නිවාසො එකොපි ජනපදො “කොසලා”ත්‍වෙව වුච‍්චති, තෙසු කොසලෙසු ජනපදෙ. චාරිකං චරතීති අතුරිතචාරිකාවසෙන ජනපදචාරිකං චරති. මහතාති ගුණමහත‍්තෙනපි මහතා, අපරිච‍්ඡින‍්නසඞ‍්ඛ්‍යත‍්තා සඞ‍්ඛ්‍යාමහත‍්තෙනපි මහතා. භික‍්ඛුසඞ‍්ඝෙනාති දිට‍්ඨිසීලසාමඤ‍්ඤසංහතෙන සමණගණෙන. සද‍්ධින‍්ති එකතො. මග‍්ගා ඔක‍්කම‍්මාති මග‍්ගතො අපක‍්කමිත්‍වා. අඤ‍්ඤතරං රුක‍්ඛමූලන‍්ති ඝනපත‍්තසාඛාවිටපසම‍්පන‍්නස‍්ස සන්‍දච‍්ඡායස‍්ස මහතො රුක‍්ඛස‍්ස සමීපසඞ‍්ඛාතං මූලං.

තෙවැන්නෙහි, කොසලෙසු යනු කොසොල් නම් දනව් වැසි රජකුමරුවෝ ඔවුන්ගේ නිවාසස්ථානය වූ එක් දනව්වක් වුව කොසලයැයි කියයි. එම කොසොල් දනව්වෙහි, චාරිකං චරති යනු අතුරිත චාරිකා වශයෙන් දනවු සැරියෙහි සරයි. මහතා යනු ගුණ මහත්වයෙන්ද, නොපිරිසිඳ සංඛ්‍යා හෙයින් සංඛ්‍යා මහත්වයෙන්ද, මහත් වූ, භික්ඛු සංඝෙන යනු දෘෂ්ටි, සීල, ශ්‍රමණ භාවය යන කරුණුවලින් එක්වූ ශ්‍රමණ සමූහයා සමග, සද්ධිං යනු එකට එකතුව, මග්ගා ඔක්කම්ම යනු මාර්ගයෙන් ඉවත්ව, අඤ්ඤතරං රුක්ඛමූලං යනු ඝණ කොළ අතු රිකිලිවලින් වැසුන සෙවනැති රුක්මුලෙක්හි සමීපයෙහි,

අඤ‍්ඤතරො ගොපාලකොති එකො ගොගණරක‍්ඛකො, නාමෙන පන නන්‍දො නාම. සො කිර අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො, යථා කෙණියො ජටිලො පබ‍්බජ‍්ජාවසෙන, එවං අනාථපිණ‍්ඩිකස‍්ස ගොයූථං රක‍්ඛන‍්තො ගොපාලකත‍්තෙන රාජපීළං අපහරන‍්තො අත‍්තනො කුටුම‍්බං රක‍්ඛති. සො කාලෙන කාලං පඤ‍්ච ගොරසෙ ගහෙත්‍වා, මහාසෙට‍්ඨිස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා නිය්‍යාතෙත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා, සත්‍ථාරං පස‍්සති, ධම‍්මං සුණාති, අත‍්තනො වසනට‍්ඨානං ආගමනත්‍ථාය සත්‍ථාරං යාචති. සත්‍ථා තස‍්සෙව ඤාණපරිපාකං ආගමයමානො අගන‍්ත්‍වා, අපරභාගෙ මහතා භික‍්ඛුසඞ‍්ඝෙන පරිවුතො ජනපදචාරිකං චරන‍්තො, “ඉදානිස‍්ස ඤාණං පරිපක‍්ක”න‍්ති ඤත්‍වා තස‍්ස වසනට‍්ඨානස‍්ස අවිදූරෙ මග‍්ගා ඔක‍්කම‍්ම අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි තස‍්ස ආගමනං ආගමයමානො. නන්‍දොපි ඛො “සත්‍ථා කිර ජනපදචාරිකං චරන‍්තො ඉතො ආගච‍්ඡතී”ති සුත්‍වා, හට‍්ඨතුට‍්ඨො වෙගෙන ගන‍්ත්‍වා, සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා කතපටිසන්‍ථාරො එකමන‍්තං නිසීදි, අථස‍්ස භගවා ධම‍්මං දෙසෙසි. සො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිත්‍වා භගවන‍්තං නිමන‍්තෙත්‍වා සත‍්තාහං පායාසදානමදාසි, සත‍්තමෙ දිවසෙ භගවා අනුමොදනං කත්‍වා පක‍්කාමි. තෙන වුත‍්තං – “එකමන‍්තං නිසින‍්නං ඛො තං ගොපාලකං භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි…පෙ… උට‍්ඨායාසනා පක‍්කාමී”ති.

අඤ්ඤතරො ගොපාලකො යනු එක්තරා ගවයන් රකින්නෙක්, නමින් නන්ද නමැ, හෙතෙම වනාහි ආඪ්‍යය. මහා ධනවතෙකි. මහා භෝග ඇත්තෙකි. කෙණිාය ජටිල තෙම පැවිදි වෙසින් යම්සේද? මෙසේ අනේපිඬු සිටුහුගේ ගවරැල රකිනුයේ ගෝපාලකත්වයෙන් මහ උවදුරු බැහැර කරනුයේ තම පවුල රකියි. හෙතෙම කලින් කල පස්ගෝරස ගෙන, මහ සිටුහුගේ සමීපයට අවුත් භාරදී ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් ශාස්තෲන් වහන්සේ බලයි. දහම් අසයි. තමන් වසන තැනට ඒම සඳහා ශාස්තෲන් වහන්සේට යාඥා කරයි. ශාස්තෲන් වහන්සේ ඔහුගේ නුවණ මුහුකුරා යාම බලාපොරොත්තු වනුයේ පසුකලෙකැ, මහත් වූ භික්‍ෂු සංඝයා පිරිවරන ලදුයේ, ජනපද චාරිකාවෙහි හැසිරෙනුයේ, දැන් ඔහුගේ නුවණ මුහුකුරා ගියේයැයි දැන ඔහු වසන තැනට නුදුරෙහි මාර්ගයෙන් ඉවත්ව ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් එක්තරා රුක්මුලක වැඩහුන් සේක. නන්දද, ශාස්තෲන් වහන්සේ වනාහි, දනව් සැරි සරනුයේ මෙතැනින් වැඩමවතියි අසා තුටු පහටු වූයේ වේගයෙන් ගොස් ශාස්තෲන් වහන්සේ කරා එළැඹ වැඳ කරන ලද පිළිසඳර ඇත්තේ එකත්පසෙකැ හුනි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දම් දෙසූ සේක. හෙතෙම සෝවාන් පෙලෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේට ආරාධනාකොට සත්දිනක් කිරිබත් දන් දුනි. සත්වන දිනැ භාග්‍යවතුන් වහන්සේ අනුමෙවෙනි කොට වැඩමකළ සේක. එහෙයින් ‘එකත්පස්හි හුන්නා වූ එම ගොපල්ලාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් විස්තර කළ සේක. -පෙ- හුනස්නෙන් නැගිට වැඩම කළ සේකැයි යූ.සේයි.

තත්‍ථ සන්‍දස‍්සෙසීති “ඉමෙ ධම‍්මා කුසලා, ඉමෙ ධම‍්මා අකුසලා”තිආදිනා කුසලාදිධම‍්මෙ කම‍්මවිපාකෙ ඉධලොකපරලොකෙ පච‍්චක‍්ඛතො දස‍්සෙන‍්තො අනුපුබ‍්බිකථාවසානෙ චත‍්තාරි අරියසච‍්චානි සම‍්මා දස‍්සෙසි. සමාදපෙසීති “සච‍්චාධිගමාය ඉමෙ නාම ධම‍්මා අත‍්තනි උප‍්පාදෙතබ‍්බා”ති සීලාදිධම‍්මෙ සම‍්මා ගණ‍්හාපෙත්‍වා තෙසු තං පතිට‍්ඨපෙසි. සමුත‍්තෙජෙසීති තෙ ධම‍්මා සමාදින‍්නා අනුක‍්කමෙන භාවියමානා නිබ‍්බෙධභාගියා හුත්‍වා තික‍්ඛවිසදා යථා ඛිප‍්පං අරියමග‍්ගං ආවහන‍්ති, තථා සම‍්මා උත‍්තෙජෙසි සම‍්මදෙව තෙජෙසි. සම‍්පහංසෙසීති භාවනාය පුබ‍්බෙනාපරං විසෙසභාවදස‍්සනෙන චිත‍්තස‍්ස පමොදාපනවසෙන සුට‍්ඨු පහංසෙසි. අපිචෙත්‍ථ සාවජ‍්ජානවජ‍්ජධම‍්මෙසු දුක‍්ඛාදීසු ච සම‍්මොහවිනොදනෙන සන්‍දස‍්සනං, සම‍්මාපටිපත‍්තියං පමාදාපනොදනෙන සමාදපනං, චිත‍්තස‍්සාලසියාපත‍්තිවිනොදනෙන සමුත‍්තෙජනං, සම‍්මාපටිපත‍්තිසිද‍්ධියා සම‍්පහංසනං වෙදිතබ‍්බං. එවං සො භගවතො සාමුක‍්කංසිකාය ධම‍්මදෙසනාය සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. අධිවාසෙසීති තෙන දිට‍්ඨසච‍්චෙන “අධිවාසෙතු මෙ, භන‍්තෙ භගවා”තිආදිනා නිමන‍්තිතො කායඞ‍්ගවාචඞ‍්ගං අචොපෙන‍්තො චිත‍්තෙනෙව අධිවාසෙසි සාදියි. තෙනෙවාහ “තුණ‍්හීභාවෙනා”ති.

එහි සන්‍දස්සෙසි යනු මෙම ධර්ම කුසල්ය. මෙම ධර්ම අකුසල් යැයි යනාදී ක්‍රමයෙන් කුසලාදී ධර්මයන්ද, කර්ම විපාකයන්ද, මෙලෝ පරලෝ ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්වනුයේ පිළිවෙළින් කරන දේශනාවසානයෙහි සිව් අරිසසුන් මනාව දැක්වූ සේක. සමාදපෙසි යනු සත්‍යාවබෝධය සඳහා මෙනම් ධර්ම තමා කෙරෙහි උපදවාගත යුතුයයි සීලාදී ධර්මයන් මනාව ගන්වා ඒවාහි ඔහු පිහිට වූ සේක. සමුත්තෙජෙසා යනු එම ධර්ම සමාදන් වූවාහු, ක්‍රමයෙන් වඩනු ලබන්නාහු මනාව තෙදවත් කළ සේක. සම්පහංසෙසි යනු භාවනාවට පෙර හා පසු විශේෂ ස්වභාව දැක්වීමෙන් සිත ප්‍රමෝදයට පත්කරලීම් වශයෙන් මනාව සතුටු කළ සේක. තවද මෙහි සාවද්‍ය - අනවද්‍ය ධර්මයන්හිද දුක්ඛාදීන්හිද මුළාව දුරුකිරීමෙන් මනාකොට පෙන්වීමයි. මුළාව දුරුකිරීමෙන් මනා ප්‍රතිපත්තියෙහි සමාදන් කරවීමයි. සිතෙහි අලස බවට පැමිණීම දුරැලීමෙන් උත්තේජනය කරවීමයි. යහපත් ප්‍රතිපත්ති ඉටුවීමෙන් ප්‍රමෝදයට පත්වීම දතයුතුය. මෙසේ හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ උසස් බවට පමුණුවන ධර්මදේශනාවෙන් සෝවාන් ඵලයෙහි පිහිටියේය. අධිවාසෙසි යනු ඔහු විසින් දිටි සත්‍යයෙන් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මාගේ භික්‍ෂාව ඉවසා වදාරණ සේක්වා යනාදියෙන් ආරාධනා කරන ලදුයේ කායාංග වාචාංග නොසොලවමින් සිතින්ම ඉවසා වදාළ සේක. එහෙයින් තුෂ්ණිම්භාවයෙනැයි කීය.

අප‍්පොදකපායාසන‍්ති නිරුදකපායාසං. පටියාදාපෙත්‍වාති සම‍්පාදෙත්‍වා සජ‍්ජෙත්‍වා. නවඤ‍්ච සප‍්පින‍්ති නවනීතං ගහෙත්‍වා තාවදෙව විලීනං මණ‍්ඩසප‍්පිඤ‍්ච පටියාදාපෙත්‍වා. සහත්‍ථාති ආදරජාතො සහත්‍ථෙනෙව පරිවිසන‍්තො. සන‍්තප‍්පෙසීති පටියත‍්තං භොජනං භොජෙසි. සම‍්පවාරෙසීති “අලං අල”න‍්ති වාචාය පටික‍්ඛිපාපෙසි. භුත‍්තාවින‍්ති කතභත‍්තකිච‍්චං. ඔනීතපත‍්තපාණින‍්ති පත‍්තතො අපනීතපාණිං, “ධොතපත‍්තපාණි”න‍්තිපි පාඨො, ධොතපත‍්තහත්‍ථන‍්ති අත්‍ථො. නීචන‍්ති අනුච‍්චං ආසනං ගහෙත්‍වා ආසනෙයෙව නිසීදනං අරියදෙසවාසීනං චාරිත‍්තං, සො පන සත්‍ථු සන‍්තිකෙ උපචාරවසෙන පඤ‍්ඤත‍්තස‍්ස දාරුඵලකාසනස‍්ස සමීපෙ නිසීදි. ධම‍්මියා කථායාතිආදි සත‍්තමෙ දිවසෙ කතං අනුමොදනං සන්‍ධාය වුත‍්තං . සො කිර සත‍්තාහං භගවන‍්තං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච තත්‍ථ වසාපෙත්‍වා මහාදානං පවත‍්තෙසි. සත‍්තමෙ පන දිවසෙ අප‍්පොදකපායාසදානං අදාසි. සත්‍ථා තස‍්ස තස‍්මිං අත‍්තභාවෙ උපරිමග‍්ගත්‍ථාය ඤාණපරිපාකාභාවතො අනුමොදනමෙව කත්‍වා පක‍්කාමි.

අප්පොදක පායාසං යනු දිය රහිත කිරිබත්, පටියාදාපෙත්‍වා යනු සම්පාදනය කොට, පිළියෙල කොට, නවඤ්ච සප්පිං යනු වෙඬරු ගෙන එවේලෙහිම දියාරු කළ ඉතා පිරිසිදු ගිතෙල් පිළියෙල කරවා, සහත්‍ථා යනු ආදර හටගත්තේ සියතින්ම වළඳවනුයේ සන්තප්පෙසියු පිළියෙල කළ බොදුන වැළඳවීය. සම්පවාරෙසි යනු සෑහේ යයි වචනයෙන් ප්‍රතික්‍ෂෙප කරවීය. භුත්තාවිං යනු කරන ලද බත්කිස ඇති, ඔනීත පත්තපාණිං යනු පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇතියේ, ධොතපත්තපාණි යැයි ද පාඨයි සෝදන ලද පාත්‍රය හා අත යන අර්ථයි. නීචං යනු උස් නුවූ, අස්නක් ගෙන අස්නෙහිම හිඳීම ආර්යදේශ වාසීන්ගේ චාරිත්‍රයයි. හෙතෙම වනාහි ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි උපචාර වශයෙන්, පනවන ලද, දැව පුවරු ආසනයට සමීපයෙහි හිඳගති. ධම්මියා කථාය ආදියෙහි සත්වන දිනයෙහි කළ අනුමෝදනාව සඳහා යූ.සේයි. හෙතෙම වනාහි සත්දිනක් භාග්‍යවතුන් වහන්සේ ද, භික්‍ෂු සංඝයාද එහි වාසය කරවා මහදන් පැවැත්වීය. සත්වන දිනයෙහි දිය නුමුසු කිරිබත් දානයක් දුන්නේය. ශාස්තෲන් වහන්සේ ඔහුට එම අත්බැව්හි මතු මාර්ග සඳහා නුවණ මුහුකුරා නොගිය හෙයින් අනුමෝදනාව පමණක් කොට වැඩි සේක.

සීමන‍්තරිකායාති සීමන‍්තරෙ, තස‍්ස ගාමස‍්ස අන‍්තරං. ගාමවාසිනො කිර එකං තළාකං නිස‍්සාය තෙන සද‍්ධිං කලහං අකංසු. සො තෙ අභිභවිත්‍වා තං තළාකං ගණ‍්හි. තෙන බද‍්ධාඝාතො එකො පුරිසො තං සත්‍ථු පත‍්තං ගහෙත්‍වා දූරං අනුගන‍්ත්‍වා “නිවත‍්තාහි උපාසකා”ති වුත‍්තෙ භගවන‍්තං වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච අඤ‍්ජලිං කත්‍වා යාව දස‍්සනූපචාරසමතික‍්කමා දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජලිං සිරසි පග‍්ගය‍්හ පටිනිවත‍්තිත්‍වා ද‍්වින‍්නං ගාමානං අන‍්තරෙ අරඤ‍්ඤප‍්පදෙසෙ එකකං ගච‍්ඡන‍්තං සරෙන විජ‍්ඣිත්‍වා මාරෙසි. තෙන වුත‍්තං අචිරපක‍්කන‍්තස‍්ස…පෙ… වොරොපෙසී”ති. කෙනචිදෙව කරණීයෙන ඔහීයිත්‍වා පච‍්ඡා ගච‍්ඡන‍්තා භික‍්ඛූ තං තථා මතං දිස‍්වා භගවතො තමත්‍ථං ආරොචෙසුං, තං සන්‍ධාය වුත‍්තං “අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ”තිආදි.

සීමන්තරිතාය යනු සීමාව අතරෙහි, ඒ ගමට අතර ගම්වාසීහු එක් විලක් නිසා ඔහු සමග කලහ කළහ. හෙතෙම ඔව්හු අභිබවා එම විල ගත්තේය. ඔහු සමග ක්‍රෝධ බැඳි එක් පුරුෂයෙක් ශාස්තෲන් වහන්සේ ළඟට පත් ඔහු ගෙන දුරක් ගොස්, නවතුව උපාසකයැයි කී කල්හි, බුදුන් වැඳ ප්‍රදක්‍ෂිණා කොට, බික්සඟනද, ඇඳිලි බැඳ දර්ශන සීමාව ඉක්මවීම සමග දසනිය එකතුකොට බබලන ඇඳිලි සිරසෙහි ඔසවා, ආපසු හැරී, දෙගම් අතර වන පෙදෙස්හි තනිව යන්නහු හීයෙන් විද මැරීය. එහෙයින් ‘අචිර පක්කන්තස්ස -පෙ- චොරො මාරෙසියි යූ.සේයි. කිසියම් කටයුත්තක් සඳහා නැවතී පසුව යන භික්‍ෂූහු එසේ මළ ඔහු දැක භාග්‍යවතුන් වහන්සේට එකරුණ සැළ කළහ. ඒ සඳහා ‘අථඛො සම්බහුලා භික්ඛු’ ආදිය යූ.සේයි.

එතමත්‍ථං විදිත්‍වාති යස‍්මා දිට‍්ඨිසම‍්පන‍්නං අරියසාවකං නන්‍දං මාරෙන‍්තෙන පුරිසෙන ආනන‍්තරියකම‍්මං බහුලං අපුඤ‍්ඤං පසුතං, තස‍්මා යං චොරෙහි ච වෙරීහි ච කත‍්තබ‍්බං, තතොපි ඝොරතරං ඉමෙසං සත‍්තානං මිච‍්ඡාපණිහිතං චිත‍්තං කරොතීති ඉමමත්‍ථං ජානිත්‍වා තදත්‍ථදීපනං ඉමං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු දෘෂ්ටි සම්පන්න ආර්යශ්‍රාවක නන්ද මරන්නා වූ පුරුෂයා විසින් කල්පයක් විපාක දෙන බොහෝ වූ ආනන්තරිය අකුසලයක් රැස් කරන ලදි. සොරුන් විසින් ද සතුරන් විසින් ද යමක් කළයුතුද? එයටද වඩා ගොරතර දැයක් වරදවා පිහිටුවන ලද සිත මෙම සත්ත්වයින්ට කෙරේයයි මෙම අර්ථය දැන, එම අර්ථය පැහැදිලි කිරීමට මෙම උදන් ඇනූ සේක.

තත්‍ථ දිසො දිසන‍්ති දූසකො දූසනීයං චොරො චොරං, දිස‍්වාති වචනසෙසො. යං තං කයිරාති යං තස‍්ස අනයබ්‍යසනං කරෙය්‍ය, දුතියපදෙපි එසෙව නයො. ඉදං වුත‍්තං හොති – එකො එකස‍්ස මිත‍්තදුබ‍්භී චොරො පුත‍්තදාරඛෙත‍්තවත්‍ථුගොමහිංසාදීසු අපරජ‍්ඣන‍්තො යස‍්ස අපරජ‍්ඣති, තම‍්පි තථෙව අත‍්තනි අපරජ‍්ඣන‍්තං චොරං දිස‍්වා, වෙරී වා පන කෙනචිදෙව කාරණෙන බද‍්ධවෙරං වෙරිං දිස‍්වා අත‍්තනො කක‍්ඛළතාය දාරුණතාය යං තස‍්ස අනයබ්‍යසනං කරෙය්‍ය, පුත‍්තදාරං වා පීළෙය්‍ය, ඛෙත‍්තාදීනි වා නාසෙය්‍ය, ජීවිතා වා වොරොපෙය්‍ය , දසසු අකුසලකම‍්මපථෙසු මිච‍්ඡාඨපිතත‍්තා මිච‍්ඡාපණිහිතං චිත‍්තං පාපියො නං තතො කරෙ, නං පුරිසං පාපතරං තතො කරෙය්‍ය. වුත‍්තප‍්පකාරො හි දිසො වා වෙරී වා දිසස‍්ස වා වෙරිනො වා ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ දුක‍්ඛං වා උප‍්පාදෙය්‍ය, ජීවිතක‍්ඛයං වා කරෙය්‍ය. ඉදං පන අකුසලකම‍්මපථෙසු මිච‍්ඡාඨපිතං චිත‍්තං දිට‍්ඨෙව ධම‍්මෙ අනයබ්‍යසනං පාපෙති, අත‍්තභාවසතසහස‍්සෙසුපි චතූසු අපායෙසු ඛිපිත්‍වා සීසමස‍්ස උක‍්ඛිපිතුං න දෙතීති.

එහි දිසො දිසං යනු කෙළසන්නෙක් කෙළසන්නෙකුට, සොරෙක් සොරෙකුට, දැක යයි වචනය ගතයුතුය. යන්තං කයිරා යනු ඔහුට යම් අන්‍ය ව්‍යසනයක් කරන්නේ නම් දෙවන පදයෙහිද එම ක්‍රමයමැයි. මෙය යූ.සේයි. එක් අයෙක් එක් අයෙකුට මිත්‍රද්‍රෝහී සොරෙක් වූයේ අඹුදරු-කෙත්වතු ගවමහිෂාදීන් කෙරෙහි අපරාධ කරනුයේ (නසන්නේ) යමෙකුට අපරාධ කෙරේද? ඔහුට එසේම තමා කෙරෙහි අපරාධ කරන්නා වූ සොරහු දැක, සතුරෙක් හෝ කිසියම් කරුණකින් බද්ධ වෛරී සතුරෙකු දැක, තමාගේ කර්කශතාවයෙන් ද දාරුණ්‍යයෙන් ද ඔහුට අන්‍යව්‍යසනයක් කරන්නේය. අඹුදරුවන් හෝ පීඩාවට පත් කරන්නේය. ක්‍ෂේත්‍රාදිය හෝ විනාශ කරන්නේ. ජීවිතයෙන් හෝ තොර කරන්නේය. දස අකුසල කර්මපථයන්හි වරදවා තබන ලද හෙයින්, මිච්ඡා පණිහිතං චිත්තං පාපියොනං තතො කරෙ යනු ඉන් ඒ පුරුෂයා පාපතරයෙකු කරන්නේය. කියන ලද ආකාර ඇති, කෙළෙසන්නෙක් කෙළෙසන්නෙකුට හෝ සොරෙක් සොරෙකුට හෝ මෙම අත් බැව්හිම පමණක් දුකක් හෝ උපදවන්නේය. ජීවිතය හෝ ක්‍ෂය කරන්නේය. මෙම අකුසල කර්මපථයන්හි වරදවා තබන ලද සිත ඉහාත්ම භාවයෙහි අන්‍ය ව්‍යසනයකට පමුණුවයි. ආත්මභාව ලක්‍ෂ ගණන්හිදී ද සිව් අපායන්හි දමා ඔහුගේ හිස ඔසවන්ට නොදෙයි.

තතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.

4. ජුණ‍්හසුත‍්තවණ‍්ණනා

4. යක්ඛපහාර (ජුන්හ) සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ කපොතකන්‍දරායන‍්ති එවංනාමකෙ විහාරෙ. තස‍්මිං කිර පබ‍්බතකන්‍දරෙ පුබ‍්බෙ බහූ කපොතා වසිංසු, තෙන සා පබ‍්බතකන්‍දරා “කපොතකන්‍දරා”ති වුච‍්චති. අපරභාගෙ තත්‍ථ කතවිහාරොපි “කපොතකන්‍දරා”ත්‍වෙව පඤ‍්ඤායිත්‍ථ. තෙන වුත‍්තං – “කපොතකන්‍දරායන‍්ති එවංනාමකෙ විහාරෙ”ති. ජුණ‍්හාය රත‍්තියාති සුක‍්කපක‍්ඛරත‍්තියං. නවොරොපිතෙහි කෙසෙහීති අචිරඔහාරිතෙහි කෙසෙහි, ඉත්‍ථම‍්භූතලක‍්ඛණෙ චෙතං කරණවචනං. අබ‍්භොකාසෙති යත්‍ථ උපරිච‍්ඡදනං පරික‍්ඛෙපො වා නත්‍ථි, තාදිසෙ ආකාසඞ‍්ගණෙ.

සිව්වැන්නෙහි කපොත කන්‍දරායං යනු මෙනම් විහාරයෙහි එම පර්වත කඳුරෙහි පෙර බොහෝ පරෙවියෝ විසූහ. එහෙයින් එය නිමිතිකොට කපොත කන්‍දරා යැයි කියයි. පසුකල්හි එහි කළ විහාරයද කපොත කන්‍දර යනුවෙන්ම ප්‍රකට විය. එහෙයින් කපොත කන්‍දරා යැයි මෙනම් ඇති විහාරයෙහි. ජුණ්හාය රත්තියා යනු ශුක්ල පක්‍ෂ රාත්‍රියෙහි, නවොරොපිතෙහි කෙසෙහි යනු අලුත බූ ගෑ හිසකෙසින් යුතුව, එය ඉත්‍ථම්භූත ලක්‍ෂණයෙහි කරණ වචනයි. අබ්භොකාසෙ යනු යම්තැනක මත්තෙහි වැස්මක් හෝ වටරවුමක් නැත්ද? එවන් ආකාසංගණයෙහි

තත්‍ථ ආයස‍්මා සාරිපුත‍්තො සුවණ‍්ණවණ‍්ණො, ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො නීලුප‍්පලවණ‍්ණො. උභොපි පන තෙ මහාථෙරා උදිච‍්චබ්‍රාහ‍්මණජච‍්චා කප‍්පානං සතසහස‍්සාධිකං එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං අභිනීහාරසම‍්පන‍්නා ඡළභිඤ‍්ඤාපටිසම‍්භිදාප‍්පත‍්තා මහාඛීණාසවා සමාපත‍්තිලාභිනො සත‍්තසට‍්ඨියා සාවකපාරමිඤාණානං මත්‍ථකප‍්පත‍්තා එතං කපොතකන්‍දරවිහාරං උපසොභයන‍්තා එකං කනකගුහං පවිට‍්ඨා ද‍්වෙ සීහා විය, එකං විජම‍්භනභූමිං ඔතිණ‍්ණා ද‍්වෙ බ්‍යග‍්ඝා විය, එකං සුපුප‍්ඵිතසාලවනං පවිට‍්ඨා ද‍්වෙ ඡද‍්දන‍්තනාගරාජානො විය, එකං සිම‍්බලිවනං පවිට‍්ඨා ද‍්වෙ සුපණ‍්ණරාජානො විය, එකං නරවාහනයානං අභිරුළ‍්හා ද‍්වෙ වෙස‍්සවණා විය, එකං පණ‍්ඩුකම‍්බලසිලාසනං අභිනිසින‍්නා ද‍්වෙ සක‍්කා විය, එකවිමානබ‍්භන‍්තරගතා ද‍්වෙ මහාබ්‍රහ‍්මානො විය, එකස‍්මිං ගගනට‍්ඨානෙ ඨිතානි ද‍්වෙ චන්‍දමණ‍්ඩලානි විය, ද‍්වෙ සූරියමණ‍්ඩලානි විය ච විරොචිංසු. තෙසු ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තුණ‍්හී නිසීදි, ආයස‍්මා පන සාරිපුත‍්තො සමාපජ‍්ජි. තෙන වුත‍්තං – “අඤ‍්ඤතරං සමාධිං සමාපජ‍්ජිත්‍වා”ති.

එහි ආයුෂ්මත් සැරියුත් හිමි රන්වන්ය. ආයුෂ්මත් මහ මුගලන් හිමි නිලුපුල් වර්ණයි. මේ මහ තෙරවරු දෙනමම උසස් බ්‍රාහ්මණ ජාතිකයෝය. ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමිතා පුරන ලද්දාහු ෂට අභිඥා සහිත ප්‍රතිසම්භිදාප්‍රාප්ත, සියලු සමවත්ලාභී මහරහත්හුය. සත්සැටක් ශ්‍රාවක පාරමී ඥානයන්ගේ මස්තකප්‍රාප්ත වූවාහුය. එම කපොත කන්ද විහාරය මනාව හොබවන්නාක් මෙන්, එක් රන් ගුහාවකට පිවිසි සිංහයින් දෙදෙනෙකු මෙන් ද එක් අතපය දිගහැර ඇඟ ප්‍රාණවත් කරන (ව්‍යායාම) එක් බිමකට අවතීර්ණ ව්‍යාඝ්‍රයින් දෙදෙනෙකු මෙන්ද එක් මනාව මල් පිපුණ සල් වනයකට පිවිසි සද්දන්ත දෙ ඇත් රජහු මෙන් ද එක් ඉඹුල් වනයකට පිවිසි ගුරුළු රජහු දෙදෙනෙකු මෙන් ද එක් මිනිස් වාහන යානයකට නැගි වෙසමුනි රජවරු දෙදෙනෙක් මෙන්ද, එක් පාණ්ඩු කම්බල ශෛලාසනයක මනාව හිඳගත් සක්දෙව් රජහු දෙදෙනෙකු මෙන්ද, එක් විමනක් තුලටවත් හාරිත නම් මහ බඹුන් දෙදෙනෙකු මෙන්ද එක් ගගන ස්ථානයක සිටි චන්ද්‍ර මණ්ඩල ද්වයයක් මෙන් ද, දෙහිරු මඬලක් මෙන් ද බැබලුනහ. ඔවුනතර ආයුෂ්මත් මහ මුගලන් තෙරහු නිහඬව හුන්නේය. ආයුෂ්මත් සැරියුත් තෙරහු සමවතට සමවැදිනි. එහෙයින් අඤ්ඤතරං සමාධිං සමාපජ්ජිත්‍වායි යූ.සේයි.

තත්‍ථ අඤ‍්ඤතරං සමාධින‍්ති උපෙක‍්ඛාබ්‍රහ‍්මවිහාරසමාපත‍්තිං. කෙචි “සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්ති”න‍්ති වදන‍්ති, අපරෙ පනාහු “ආරුප‍්පපාදකං ඵලසමාපත‍්ති”න‍්ති. ඉමා එව හි තිස‍්සො කායරක‍්ඛණසමත්‍ථා සමාපත‍්තියො. තත්‍ථ නිරොධසමාපත‍්තියා සමාධිපරියායසම‍්භවො හෙට‍්ඨා වුත‍්තොව, පච‍්ඡිමංයෙව පන ආචරියා වණ‍්ණෙන‍්ති. උත‍්තරාය දිසාය දක‍්ඛිණං දිසං ගච‍්ඡන‍්තීති උත‍්තරාය දිසාය යක‍්ඛසමාගමං ගන‍්ත්‍වා අත‍්තනො භවනං ගන‍්තුං දක‍්ඛිණං දිසං ගච‍්ඡන‍්ති. පටිභාති මන‍්ති උපට‍්ඨාති මම. මන‍්ති හි පටිසද‍්දයොගෙන සාමිඅත්‍ථෙ උපයොගවචනං, ඉමස‍්ස සීසෙ පහාරං දාතුං චිත‍්තං මෙ උප‍්පජ‍්ජතීති අත්‍ථො. සො කිර පුරිමජාතියං ථෙරෙ බද‍්ධාඝාතො, තෙනස‍්ස ථෙරං දිස‍්වා පදුට‍්ඨචිත‍්තස‍්ස එවං අහොසි. ඉතරො පන සප‍්පඤ‍්ඤජාතිකො, තස‍්මා තං පටිසෙධෙන‍්තො “අලං සම‍්මා”තිආදිමාහ. තත්‍ථ මා ආසාදෙසීති මා ඝට‍්ටෙසි, මා පහාරං දෙහීති වුත‍්තං හොති. උළාරොති උළාරෙහි උත‍්තමෙහි සීලාදිගුණෙහි සමන‍්නාගතො.

එහි අඤ්ඤතරං සමාධිං යනු උපේක්‍ෂා බ්‍රහ්මවිහාර සමාපත්තියයි. සමහරු සංඥාවේදයිත නිරෝධ සමවතයැයිද යෙති. අනෙකුත් අය අරූප ධ්‍යාන පාදක ඵල සමවතැයි කීහු. මෙම ත්‍රිවිධ සමවත්හුම කය රැක්මට සමත් සමවත්හුය. එහි නිරෝධ සමවතෙහි සමාධි පිළිවෙලෙහි හටගැන්ම යට යූ.සේමය. පසුව කියන ලද අරූප පාදක ඵල සමවතම ඇදුරෝ වනති. උත්තරාය දිසාය දක්ඛිණං දිසං ගච්ඡන්ති යනු උතුරු දිසායෙහි යක්‍ෂ සමාගමට ගොස් තම භවනයට යන්ට දකුණු දෙසට යති. පටිභාති මං යනු මට වැටහේ. (හැඟේ) පටි ශබ්ද යෝගයෙන් ෂෂ්ඨාර්ථයෙහි ද්විතියා වචනයි. මොහුගේ හිසෙහි පහරක් දෙන්ට මාගේ (මට) සිතක් උපදීයයි අර්ථයි. හෙතෙම වනාහි පෙර ජාතියෙහි තෙරුන් කෙරෙහි බඳනා ලද ක්‍රෝධ ඇත්තෙකි. එහෙයින් තෙරුන් දැක දූෂිත සිතැති මොහුට මෙබඳු සිතක් විය. අනෙකා වනාහි නුවණැති ස්වභාව ඇතියෙකි. එහෙයින් ඔහු වළක්වනුයේ අලං සම්ම ආදිය කීහ. එහි මා ආසාදෙසි යනු නොගටව, පහර නොදෙවයි යූ.සේයි. උළාරො යනු උදාර, උතුම් සීලාදී ගුණයන්ගෙන් යුත්,

අනාදියිත්‍වාති ආදරං අකත්‍වා, තස‍්ස වචනං අග‍්ගහෙත්‍වා. යස‍්මා පන තස‍්ස වචනං අග‍්ගණ‍්හන‍්තො තං අනාදියන‍්තො නාම හොති, තස‍්මා වුත‍්තං – “තං යක‍්ඛං අනාදියිත්‍වා”ති. සීසෙ පහාරං අදාසීති සබ‍්බථාමෙන උස‍්සාහං ජනෙත්‍වා ආකාසෙ ඨිතොව සීසෙ ඛටකං අදාසි, මුද‍්ධනි මුට‍්ඨිඝාතං අකාසීති අත්‍ථො. තාව මහාති ථාමමහත‍්තෙන තත‍්තකං මහන‍්තො පහාරො අහොසි. තෙන පහාරෙනාති තෙන පහාරෙන කරණභූතෙන. සත‍්තරතනන‍්ති පමාණමජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස රතනෙන සත‍්තරතනං. නාගන‍්ති හත්‍ථිනාගං. ඔසාදෙය්‍යාති පථවියං ඔසීදාපෙය්‍ය නිමුජ‍්ජාපෙය්‍ය. “ඔසාරෙය්‍යා”තිපි පාඨො, චුණ‍්ණවිචුණ‍්ණං කරෙය්‍යාති අත්‍ථො. අඩ‍්ඪට‍්ඨමරතනන‍්ති අඩ‍්ඪෙන අට‍්ඨන‍්නං පූරණානි අඩ‍්ඪට‍්ඨමානි, අඩ‍්ඪට‍්ඨමානි රතනානි පමාණං එතස‍්සාති අඩ‍්ඪට‍්ඨමරතනො, තං අඩ‍්ඪට‍්ඨමරතනං. මහන‍්තං පබ‍්බතකූටන‍්ති කෙලාසකූටප‍්පමාණං විපුලං ගිරිකූටං. පදාලෙය්‍යාති සකලිකාකාරෙන භින්‍දෙය්‍ය. අපි ඔසාදෙය්‍ය, අපි පදාලෙය්‍යාති සම‍්බන්‍ධො.

අනාදියිත්‍වා යනු සැලකිලි නොකොට, ඔහුගේ එම වචනය පිළිනොගෙන ඔහුගේ වචනය පිළිනොගන්නේ ඔහු ගණන් නොගන්නේ නම් වේ. එහෙයින් එම යක්‍ෂයා ගණන් නොගෙන (බස නොතකා) යයි යූ.සේයි. සීසෙ පහාරං අදාසි යනු සියලු ශක්තියෙන් උත්සාහ උපදවා අහසේ සිටියේම හිසෙහි පහරක් දුන්නේය. හිස්මුදුනෙහි අතමිට මොළවා පහර ගැසීම කළේයයි අර්ථයි. තාව මහා යනු ශක්ති මහත්වයෙන් එපමණ මහත් වූ ප්‍රහාරයක් විය. පහාරො අහොසි තෙන පහාරෙන යනු එම ප්‍රහාරය කිරීම් හේතුවේන, සත්ත රතනං යනු මධ්‍යම ප්‍රමාණ පුරුෂයකුගේ රියනින් සත්රියනක්, සො යනු එම යක්‍ෂයා, නාගං යනු හස්ති නාගයෙක් (ඇතෙක්) ඔසාදෙය්‍ය යනු පෘථුවියෙහි කිඳවන්නේය. ගිල්වන්නේය. ඇතුල් කරන්නේය. සුණු විසුණු කරන්නේ යයි අර්ථයි. අඩ්ඪට්ඨම රතනං යනු අඩකින් අටවැන්න සම්පූර්ණ කෙරේනුයි අඩ්ඪට්ඨමානියි. අටවැන්න අඩක් වූ රියන් ප්‍රමාණය එයටනුයි අඩ්ඪට්ඨමානියි. අටවැන්න අඩක් වූ රියන් ප්‍රමාණය එයටනුයි අඩ්ඪට්ඨමරතනයි. ඒ අඩ්ඪට්ඨම රතනය (සත් රියන් වියන) මහන්තං පබ්බත කූටං යනු කෛලාසකූට ප්‍රමාණ මහත් ගිරිකුළක්, පදාලෙය්‍ය යනු වළං කැබලි ආකාරයෙන් බිඳින්නේය. පොළොවට ඇතුල් කරන්නේය. තවද පළා දමන්නේ යයි සම්බන්ධයි.

තාවදෙව චස‍්ස සරීරෙ මහාපරිළාහො උප‍්පජ‍්ජි, සො වෙදනාතුරො ආකාසෙ ඨාතුං අසක‍්කොන‍්තො භූමියං පති, තඞ‍්ඛණඤ‍්ඤෙව අට‍්ඨසට‍්ඨිසහස‍්සාධිකයොජනසතසහස‍්සුබ‍්බෙධං සිනෙරුම‍්පි පබ‍්බතරාජානං සන්‍ධාරෙන‍්තී චතුනහුතාධිකද‍්වියොජනසතසහස‍්සබහලා මහාපථවී තං පාපසත‍්තං ධාරෙතුං අසක‍්කොන‍්තී විය විවරමදාසි. අවීචිතො ජාලා උට‍්ඨහිත්‍වා කන්‍දන‍්තංයෙව තං ගණ‍්හිංසු, සො කන්‍දන‍්තො විප‍්පලපන‍්තො පති. තෙන වුත‍්තං – “අථ ච පන සො යක‍්ඛො ‘ඩය‍්හාමි ඩය‍්හාමී’ති වත්‍වා තත්‍ථෙව මහානිරයං අපතාසීති. තත්‍ථ අපතාසීති අපති.

එකෙණෙහිම ඔහුගේ ශරීරයෙහි මහා දැවිල්ලක් හටගති. හෙතෙම වේදනාවෙන් පෙළුණේ අහසෙහි සිටින්ට නොහැකි වනුයේ බිම වැටුණි. එකෙණෙහිම යොදුන් එක් ලක්‍ෂ හැට අටදාහක් අධිකකොට ඇති උසින් යුතු මහාමේරු පර්වත රාජයාණන්ද දරන්නා වූ සිව් නහුතාධික දෙලක්‍ෂයක් යොදුන් ඝණකම ඇති මහා පෘථුවිය එම පාපී සත්ත්වයා දරන්ට නොහැකි වන්නාක් මෙන් සිදුරක් හටගති. අවීචියෙන් ගිනිදැල් පැන නැග හඬන්නා වූම ඔහු වෙළා ගති. හෙතෙම විලාප නගමින් වැටුණි. එහෙයින් ‘එකල්හි එම යක්‍ෂයා දැවෙමි. දැවෙමියි කියමින් එතැන්හිදීම අවීචි මහ නිරයෙහි වැටුනියි’ යූ.සේයි. එහි අවථොසි යනු වැටුණි.

කිං පන සො යක‍්ඛත‍්තභාවෙනෙව නිරයං උපගච‍්ඡීති? න උපගච‍්ඡි, යඤ‍්හෙත්‍ථ දිට‍්ඨධම‍්මවෙදනීයං පාපකම‍්මං අහොසි, තස‍්ස බලෙන යක‍්ඛත‍්තභාවෙ මහන‍්තං දුක‍්ඛං අනුභවි. යං පන උපපජ‍්ජවෙදනීයං ආනන‍්තරියකම‍්මං, තෙන චුතිඅනන‍්තරං නිරයෙ උප‍්පජ‍්ජීති. ථෙරස‍්ස පන සමාපත‍්තිබලෙන උපත්‍ථම‍්භිතසරීරස‍්ස න කොචි විකාරො අහොසි. සමාපත‍්තිතො අවුට‍්ඨිතකාලෙ හි තං යක‍්ඛො පහරි, තථා පහරන‍්තං දිබ‍්බචක‍්ඛුනා දිස‍්වා ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො ධම‍්මසෙනාපතිං උපසඞ‍්කමි, උපසඞ‍්කමනසමකාලමෙව ච ධම‍්මසෙනාපති සමාපත‍්තිතො උට‍්ඨාසි. අථ නං මහාමොග‍්ගල‍්ලානො සරීරවුත‍්තිං පුච‍්ඡි, සොපිස‍්ස බ්‍යාකාසි, තෙන වුත‍්තං – “අද‍්දසා ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො…පෙ… අපි ච මෙ සීසං ථොකං දුක‍්ඛ”න‍්ති.

කිමෙක්ද ඔහු යක්‍ෂාත්ම භාවයෙන්ම නිරයට එළැඹියෙහිද? නොඑළඹිණි. එහි යම් දිට්ඨධම්ම වේදනීය පාපකර්මයක් වීද? එහි බලයෙන් යක්‍ෂාත්ම භාවයෙහි මහත් දුකක් අනුභව කළේය. යම් ආකාර වූ දෙවන ආත්මයේ අනිවාර්යයෙන් විපාක දෙන උපපජ්ජවේදනීය කර්මයක් වේද, එය කරණකොට චුතියට අනතුරුව නිරයෙහි උපනි. තෙරුන් වහන්සේට වනාහි සමවත් බෙලෙන් සන්සිඳුවන ලද ශරීර හෙයින් කිසි විකෘතියක් නොවීය. සමවතින් නො නැගිටි කල්හි යක්‍ෂයා පහර දිනි. එසේ පහරන්නහු දිවැසින් දැක මහ මුගලන් තෙරහු දම් සෙනෙවි සැරියුත් හිමි වෙත එළැඹියේය. එළැඹෙන කල්හිම දම්සෙනෙවි සැරියුත් හිමි සමවතින් නැගිටියේය. ඉක්බිති මහ මුගලන් තෙරහු ඔහුගෙන් එම පරිභවය පිළිබඳව විමසීය. හෙතෙම ඔහුට ප්‍රකාශ කළේය. එහෙයින් අද්දසා ඛො ආයස්මා මහා මොග්ගල්ලානො -පෙ- අපිච මෙ සීසං ථොකං දුක්ඛංයි යූ.සේයි.

තත්‍ථ ථොකං දුක‍්ඛන‍්ති ථොකං අප‍්පමත‍්තකං මධුරකජාතං විය මෙ සීසං දුක‍්ඛිතං, දුක‍්ඛප‍්පත‍්තන‍්ති අත්‍ථො. දුක‍්ඛාධිට‍්ඨානඤ‍්හි සීසං දුක‍්ඛන‍්ති වුත‍්තං. “සීසෙ ථොකං දුක‍්ඛ”න‍්තිපි පාඨො. කථං පන සමාපත‍්තිබලෙන සරීරෙ උපත්‍ථම‍්භිතෙ ථෙරස‍්ස සීසෙ ථොකම‍්පි දුක‍්ඛං අහොසීති? අචිරෙනෙව වුට‍්ඨිතත‍්තා. අන‍්තොසමාපත‍්තියං අපඤ‍්ඤායමානදුක‍්ඛඤ‍්හි කායනිස‍්සිතත‍්තා නිද‍්දං උපගතස‍්ස මකසාදිජනිතං විය පටිබුද‍්ධස‍්ස ථොකං පඤ‍්ඤායිත්‍ථ.

එහි ථොකං දුක්ඛං ස්වල්පයක් ස්වල්පමාත්‍ර මත්ද්‍රව්‍ය ශරීරගත වූ කලෙක මෙන් මාගේ හිස දුකට පත්විය. ස්වල්ප වේදනාවක් විය යනු අර්ථයි. දුක පැවති හෙයින් හිස දුකට පත්විණැයි යූ.සේයි. හිසෙහි මඳක් දුක් වේදනාවක් ඇතිවිය. සමවත් බලයෙන් උපස්ථම්භ ලද තෙරුන්ගේ ශරීරයෙහි තුළ නොපෙනෙන දුක සමවතින් නැගිට බොහෝ වේලාවක් ගත නුවූ හෙයින් දැනින. එම සමාධිය හා නිශ්‍රිත හෙයින් නින්දට එළැඹියහුට මදුරු දෂ්ට ආදියෙන් හටගත් වේදනාව පිබිදියහුට මඳක් ප්‍රකට වේ.

“මහාබලෙන යක‍්ඛෙන තථා සබ‍්බුස‍්සාහෙන පහටෙ සරීරෙපි විකාරො නාම නත්‍ථී”ති අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතෙන ආයස‍්මතා මහාමොග‍්ගල‍්ලානෙන “අච‍්ඡරියං, ආවුසො සාරිපුත‍්තා”තිආදිනා ධම‍්මසෙනාපතිනො මහානුභාවතාය විභාවිතාය සොපිස‍්ස ‘අච‍්ඡරියං, ආවුසො මොග‍්ගල‍්ලානා”තිආදිනා ඉද‍්ධානුභාවමහන‍්තතාපකාසනාපදෙසෙන අත‍්තනො ඉස‍්සාමච‍්ඡරියාහඞ‍්කාරාදිමලානං සුප‍්පහීනතං දීපෙති. පංසුපිසාචකම‍්පි න පස‍්සාමාති සඞ‍්කාරකූටාදීසු විචරණකඛුද‍්දකපෙතම‍්පි න පස‍්සාම. ඉති අධිගමප‍්පිච‍්ඡානං අග‍්ගභූතො මහාථෙරො තස‍්මිං කාලෙ අනාවජ‍්ජනෙන තෙසං අදස‍්සනං සන්‍ධාය වදති. තෙනෙවාහ “එතරහී”ති.

මහ බලැති යක්‍ෂයා විසින් සියලු ශක්තිය යොදවා පහර දුන් කල්හි ශරීරයෙහි වෙනසක් නම් නැත්තේදැයි, ආශ්චර්ය, අද්භූත සිතක් හටගත් ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් විසින්, ඇවැත්නි සාරිපුත්‍රය, ආශ්චර්යයෙකියි ආදි වශයෙන් දම්සෙනෙවි සැරියුත් තෙරහුගේ මහානුභාවතාවය දක්වන ලදි. ඔහු ද, ඇවැත්නි මොග්ගල්ලානය ආශ්චර්යයෙකැයි ආදී ක්‍රමයෙන් සෘද්ධීන්හි ආනුභාව මහත් බැව් ප්‍රකාශ කිරීම් පෙන්වන ආකාරයෙන්, තමාගේ ඊර්ෂ්‍යා මාත්සර්ය අහංකාර ආදී අපද්‍රව්‍යයන්ගේ මනාව ප්‍රහීණ කළ බව පෙන්වයි. පංසු පිසාචකම්පි න පස්සාම යනු කසල ගොඩවල් ආදීන්හි හැසිරෙන කුඩා ප්‍රේතයෙකුද නොදකිමු. මෙසේ අධිගම අල්පේච්ඡතාවන්ගේ අග්‍ර වූ මහතෙරහු එකල්හි අනාවර්ජනය හේතුවෙන් ඔවුන්ගේ නොදැක්ම සඳහා කියයි. ‘එතරහි’යි එහෙයින් කීහ.

භගවා පන වෙළුවනෙ ඨිතො උභින‍්නං අග‍්ගසාවකානං ඉමං කථාසල‍්ලාපං දිබ‍්බසොතෙන අස‍්සොසි. තෙන වුත‍්තං – “අස‍්සොසි ඛො භගවා”තිආදි, තං වුත‍්තත්‍ථමෙව.

භාග්‍යවතුන් වහන්සේ වනාහි වේළුවනයෙහි වැඩසිටි සේක්, දෑගසව්වන්ගේ මෙම කථා සල්ලාපය දිව කණින් ඇසූ සේක. එහෙයින් අස්සොසි ඛො භගවා ආදිය යූ.සේයි. එය කියන ලද අර්ථමය.

එතමත්‍ථං විදිත්‍වාති එතං ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස සමාපත‍්තිබලූපගතං ඉද‍්ධානුභාවමහන‍්තතං විදිත්‍වා. ඉමං උදානන‍්ති තස‍්සෙව තාදිභාවප‍්පත‍්තිදීපකං ඉමං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු එම ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ සමවත් බහුලව එළැඹීමද, සෘද්ධ්‍යානුභාවයෙහි මහත් බැව්ද දැන, ඉමං උදානං යනු ඔහුගේ දුක සැපෙහි නොසැලෙන බවට පත්වීම දැක්වීමට මෙම උදන් ඇනූ සේක.

තත්‍ථ යස‍්ස සෙලූපමං චිත‍්තං, ඨිතං නානුපකම‍්පතීති යස‍්ස ඛීණාසවස‍්ස චිත‍්තං එකග‍්ඝනසිලාමයපබ‍්බතූපමං සබ‍්බෙසං ඉඤ‍්ජනානං අභාවතො වසීභාවප‍්පත‍්තියාව ඨිතං සබ‍්බෙහිපි ලොකධම‍්මෙහි නානුපකම‍්පති න පවෙධති. ඉදානිස‍්ස අකම‍්පනාකාරං සද‍්ධිං කාරණෙන දස‍්සෙතුං “විරත‍්ත”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ විරත‍්තං රජනීයෙසූති විරාගසඞ‍්ඛාතෙන අරියමග‍්ගෙන රජනීයෙසු රාගුප‍්පත‍්තිහෙතුභූතෙසු සබ‍්බෙසු තෙභූමකධම‍්මෙසු විරත‍්තං, තත්‍ථ සබ‍්බසො සමුච‍්ඡින‍්නරාගන‍්ති අත්‍ථො. කොපනෙය්‍යෙති පටිඝට‍්ඨානීයෙ සබ‍්බස‍්මිම‍්පි ආඝාතවත්‍ථුස‍්මිං න කුප‍්පති න දුස‍්සති න විකාරං ආපජ‍්ජති. යස‍්සෙවං භාවිතං චිත‍්තන‍්ති යස‍්ස යථාවුත‍්තස‍්ස අරියපුග‍්ගලස‍්ස චිත‍්තං එවං වුත‍්තනයෙන තාදිභාවාවහනභාවෙන භාවිතං. කුතො තං දුක‍්ඛමෙස‍්සතීති තං උත‍්තමපුග‍්ගලං කුතො සත‍්තතො සඞ‍්ඛාරතො වා දුක‍්ඛං උපගමිස‍්සති, න තාදිසස‍්ස දුක‍්ඛං අත්‍ථීති අත්‍ථො.

එහි යස්ස සෙලූපමං චිත්තං ඨිතං නානුපකම්පති යනු යම් ක්‍ෂීණාශ්‍රවයෙකුගේ සිත, එකට ඝන වූ (තනි) ගල් පර්වතයකට උපමා වූයේ සියලු කම්පනයන්ගේ අභාව හෙයින් වසී භාවප්‍රාප්තව සිටියේ, සියලුම අටලෝ ධර්මයන්ගෙන් නානූපකම්පති කම්පා නොවේ. දැන් මෙහි කරුණු සහිතව කම්පා නොවන ආකාරය දක්වන්ට විරත්තං ආදිය යූ.සේයි. එහි විරත්තං රජනීයෙසු යනු විරාග සංඛ්‍යාත ආර්ය මාර්ගයෙන් ඇල්ම කළයුතු රාගෝත්පත්තියට හේතුකාරණා වූ සියලු ත්‍රෛභූමික ධර්මයන්හි නොඇලුනේ, එහි සර්වප්‍රකාරයෙන් සිඳ දමන ලද ඇල්මයයි අර්ථයි. කොපනෙය්‍යෙ යනු නැවත ගැටුම් ඇතිකරන සියලුම ක්‍රෝධ වස්තුයෙහි, න කුප්පති යනු දූෂ්‍ය නොවේ. වෙනසකට නොපැමිණේ. යස්සෙවං භාවිත චිත්තං යනු කියන ලද ආකාර ඇති යම් ආර්ය පුද්ගලයෙකුගේ සිාත මෙසේ කියන ලද ක්‍රමයෙන් උසස් යෝග්‍යතාවය එළවන හෙයින් වඩනා ලදද? කුතො න දුක්ඛමෙස්සති යනු එම උතුම් පුද්ගලයා කරා සත්ත්ව වශයෙන් හෝ සංස්කාර වශයෙන් හෝ කෙසේනම් දුකක් එළැඹෙන්නේ ද? එවැන්නහුට නොමැත යන අර්ථයි.

චතුත්‍ථසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සිව්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.

5. නාගසුත‍්තවණ‍්ණනා

5. නාග සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ කොසම‍්බියන‍්ති කුසුම‍්බෙන නාම ඉසිනා වසිතට‍්ඨානෙ මාපිතත‍්තා “කොසම‍්බී”ති එවංලද‍්ධනාමකෙ නගරෙ. ඝොසිතාරාමෙති ඝොසිතසෙට‍්ඨිනා කාරිතෙ ආරාමෙ. භගවා ආකිණ‍්ණො විහරතීති භගවා සම‍්බාධප‍්පත‍්තො විහරති. කිං පන භගවතො සම‍්බාධො අත්‍ථි, සංසග‍්ගො වාති? නත්‍ථි. න හි කොචි භගවන‍්තං අනිච‍්ඡාය උපසඞ‍්කමිතුං සක‍්කොති. දුරාසදා හි බුද‍්ධා භගවන‍්තො සබ‍්බත්‍ථ ච අනුපලිත‍්තත‍්තා. හිතෙසිතාය පන සත‍්තෙසු අනුකම‍්පං උපාදාය “මුත‍්තො මොචෙස‍්සාමී”ති පටිඤ‍්ඤානුරූපං චතුරොඝනිත්‍ථරණත්‍ථං අට‍්ඨන‍්නං පරිසානං අත‍්තනො සන‍්තිකං කාලෙන කාලං උපසඞ‍්කමනං අධිවාසෙති, සයඤ‍්ච මහාකරුණාසමුස‍්සාහිතො කාලඤ‍්ඤූ හුත්‍වා තත්‍ථ උපසඞ‍්කමති, ඉදං සබ‍්බබුද‍්ධානං ආචිණ‍්ණං, අයමිධ ආකිණ‍්ණවිහාරොති අධිප‍්පෙතො.

පස්වැන්නෙහි කොසම්බියං යනු කුසුම්බ නමැති සෘෂිවරයා විසින් වසන ලද තන්හි මවන ලද හෙයින් කොසම්බි යැයි මෙසේ ලද නමැති නගරයෙහි. ඝොෂිතාරාමෙ යනු ඝොෂිත සිටුහු විසින් කරවන ලද අරම්හි, භගවා ආකිණ්ණො විහරති යනු භාග්‍යවතුන් වහන්සේ තදබදයෙන් පීඩාවට පත්ව වැඩවසන සේක. කිමෙක්ද භාග්‍යවතුන් වහන්සේට පීඩාවක් හෝ ආශ්‍රයක් තිබේද? නැත. භාග්‍යවතුන් වහන්සේගේ අකමැත්තෙන් එළඹෙන්ට කිසිවෙකුට නොහැකිය. භාග්‍යවත් බුදුවරු හැමතැන නොතැවරුණු හෙයිනි. සත්ත්වයින් කෙරෙහි හිතවත් භාවයෙන් අනුකම්පා උපදවා, මිදුනේ මුදවන්නෙමියි යන ප්‍රතිඥානුරූපව සිව් ඕඝයන්ගෙන් එතෙරවීම සඳහා අටපිරිස්වලට තම සමීපයට එළැඹීම ඉවසයි. තමන් වහන්සේද මහා කරුණාවෙන් මනාව උත්සාහවත් වූයේ කල් දැන එහි වැඩම කරවති. මෙය සියලු බුදුවරුන්ට පුරුදු ක්‍රියාවකි. මේ මෙහි ආකීර්ණ විහරණයැයි අදහස් කරන ලදි.

ඉධ පන කොසම‍්බිකානං භික‍්ඛූනං කලහජාතානං සත්‍ථා දීඝීතිස‍්ස කොසලරඤ‍්ඤො වත්‍ථුං ආහරිත්‍වා, “න හි වෙරෙන වෙරානි, සම‍්මන‍්තීධ කුදාචන”න‍්තිආදිනා (ධ· ප· 5; ම· නි· 3.237; මහාව· 464) ඔවාදං අදාසි, තං දිවසං තෙසං කලහං කරොන‍්තානංයෙව රත‍්ති විභාතා. දුතියදිවසෙපි භගවා තමෙව වත්‍ථුං කථෙසි, තං දිවසම‍්පි තෙසං කලහං කරොන‍්තානංයෙව රත‍්ති විභාතා. තතියදිවසෙපි භගවා තමෙව වත්‍ථුං කථෙසි, අථඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එවමාහ – “අප‍්පොස‍්සුක‍්කො, භන‍්තෙ භගවා, දිට‍්ඨධම‍්මසුඛවිහාරමනුයුත‍්තො විහරතු, මයමෙතෙන භණ‍්ඩනෙන කලහෙන විග‍්ගහෙන විවාදෙන පඤ‍්ඤායිස‍්සාමා”ති. සත්‍ථා “පරියාදින‍්නචිත‍්තා ඛො ඉමෙ මොඝපුරිසා න දානිමෙ සක‍්කා සඤ‍්ඤාපෙතුං, නත්‍ථි චෙත්‍ථ සඤ‍්ඤාපෙතබ‍්බා, යංනූනාහං එකචාරිකවාසං වසෙය්‍යං, එවං ඉමෙ භික‍්ඛූ කලහතො ඔරමිස‍්සන‍්තී”ති චින‍්තෙසි. එවං තෙහි කලහකාරකෙහි භික‍්ඛූහි සද‍්ධිං එකවිහාරෙ වාසං විනෙතබ‍්බාභාවතො උපාසකාදීහි උපසඞ‍්කමනඤ‍්ච ආකිණ‍්ණවිහාරං කත්‍වා වුත‍්තං – “තෙන ඛො පන සමයෙන භගවා ආකිණ‍්ණො විහරතී”තිආදි.

මෙහි වනාහි කොසඹෑ නුවර කළහ හටගත් භික්‍ෂූන්ට ශාස්තෲන් වහන්සේ, දීඝිතිස්ස කොසොල් රජුගේ වස්තුව ගෙනහැර දක්වා ‘නහ වෙරෙන වෙරානි සම්මන්තීච කුදාචනං’, වෛරයෙන් වෛරය කිසිකලෙක නොසන්සිඳේ ආදියෙන් අවවාද දුන් සේක. එදින ඔවුන්ගේ කලහය කරන්නාහුම රැය පහන් විය. භාග්‍යවතුන් වහන්සේ දෙවන දිනයෙහිද එම වස්තුව වදාළ සේක. එදිනද ඔවුන්ගේ කළහය කරන්නාහුම රැය පහන් විය. තෙවන දිනයෙහිද භාග්‍යවතුන් වහන්සේ එම වස්තුවම වදාළ සේක. ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, අල්පෝත්සාහීව, ඉහාත්ම සුව විහරණයෙහි අනුයුක්තව වාසය කරන සේක්වා. අප එම කලහ කිරීමෙන්, කලහයෙන්, කෝලාහලයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වන්නෙමුයි මෙසේ කීවේය. ශාස්තෲන් වහන්සේ, මෙම හිස් පුරුෂයෝ මඬනා ලද සිතැත්තාහුය. දැන් මොවුන්ට සත්‍යය හැඟවීමට නොහැක. මෙහි හැඟවිය යුත්තක් (අවබෝධ කරවිය යුත්තක්) නැත. මම හුදෙකලා චාරිකා වාසයෙහි වසන්නේ නම් ඉතා යෙහෙකි. මෙසේ මෙම භික්‍ෂූහු කලහයෙන් පහත් වන්නාහු යයි සිතූ සේක. මෙසේ එම කලහකාරක භික්‍ෂූන් සමග එක් වෙහෙරෙහි වාසය තුළ හික්මවිය යුතු කිසිවක් නොමැති හෙයින් උපාසකාදීන්ගේ එළැඹීමද සම්බාධක විහාරයැයි සලකා, යූ.සේයි. තෙන ඛොපන සමයෙන භගවා ආකිණ්ණො විහරති ආදිය.

තත්‍ථ දුක‍්ඛන‍්ති න සුඛං, අනාරාධිතචිත‍්තතාය න ඉට‍්ඨන‍්ති අත්‍ථො. තෙනෙවාහ “න ඵාසු විහරාමී”ති. වූපකට‍්ඨොති පවිවෙකට‍්ඨො දූරීභූතො. තථා චින‍්තෙත්‍වාව භගවා පාතොව සරීරප‍්පටිජග‍්ගනං කත්‍වා කොසම‍්බියං පිණ‍්ඩාය චරිත්‍වා කඤ‍්චි අනාමන‍්තෙත්‍වා එකො අදුතියො ගන‍්ත්‍වා කොසලරට‍්ඨෙ පාලිලෙය්‍යකෙ වනසණ‍්ඩෙ භද‍්දසාලමූලෙ විහාසි. තෙන වුත‍්තං – “අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං…පෙ… භද‍්දසාලමූලෙ”ති. තත්‍ථ සාමන‍්ති සයං. සංසාමෙත්‍වාති පටිසාමෙත්‍වා. පත‍්තචීවරමාදායාති එත්‍ථාපි සාමන‍්ති පදං ආනෙත්‍වා යොජෙතබ‍්බං. උපට‍්ඨාකෙති කොසම‍්බිනගරවාසිනො ඝොසිතසෙට‍්ඨිආදිකෙ උපට‍්ඨාකෙ, විහාරෙ ච අග‍්ගුපට‍්ඨාකං ආයස‍්මන‍්තං ආනන්‍දං අනාමන‍්තෙත්‍වා.

එහි දුක්ඛං යනු සුව නොවේ. සිත් ඇඳබැඳ නොගත් හෙයින් මනාප නොවේ යන අර්ථයි. එහෙයින් න ඵාසු විහාරාමි යි යූ.සේයි. වූපකට්ඨො යනු කෙලෙස්වලින් දුරු වූයේ - දූරිභූත වූයේ, එසේ සිතා භාග්‍යවතුන් වහන්සේ උදෑසනම සිරුර පිළිදැගුම්කොට කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර, කිසිවෙක් නොඅමතා හුදෙකලාව, දෙවැන්නක් නොමැතිව ගොස් කොසොල් රටැ පාරිලෙය්‍යක වනලැහැබෙහි සොඳුරු සල්රුක මුල විසූ සේක. එහෙයින් අථඛො භගවා පුබ්බණ්හ සමයං -පෙ- භද්දසාලමූලෙයි යූ.සේයි. එහි සාමං යනු තෙමේ. සංසාමෙත්‍වා යනු තැන්පත් කොට, පත්තචීවර මාදාය යනු මෙහිද ආසන්න පදය ගෙන යෙදිය යුතුය. උපට්ඨාකෙ යනු කොසඹෑ නුවර වැසි ඝෝසිත සිටු ආදී වූ, උපස්ථායකයින්ද, විහාරයෙහි අග්‍රෝපස්ථායක ආයුෂ්මත් අනඳ තෙරුන්ද නො අමතා,

එවං ගතෙ සත්‍ථරි පඤ‍්චසතා භික‍්ඛූ ආයස‍්මන‍්තං ආනන්‍දං ආහංසු – “ආවුසො ආනන්‍ද, සත්‍ථා එකකොව ගතො, මයං අනුබන්‍ධිස‍්සාමා”ති. “ආවුසො, යදා භගවා සාමං සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරමාදාය අනාමන‍්තෙත්‍වා උපට‍්ඨාකෙ ච අනපලොකෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝං අදුතියො ගච‍්ඡති, තදා එකචාරං චරිතුං භගවතො අජ‍්ඣාසයො, සාවකෙන නාම සත්‍ථු අජ‍්ඣාසයානුරූපං පටිපජ‍්ජිතබ‍්බං, තස‍්මා න ඉමෙසු දිවසෙසු භගවා අනුගන‍්තබ‍්බො”ති නිවාරෙසි, සයම‍්පි නානුගච‍්ඡි.

මෙසේ ශාස්තෲන් වහන්සේ වැඩමකළ කල්හි පන්සියයක් භික්‍ෂූහු, ඇවැත් ආනන්දයෙනි, ශාස්තෲන් වහන්සේ හුදෙකලාවම වැඩි සේක. අපි පසුපස්සේ යන්නෙමුයි ආයුෂ්මත් අනඳ තෙරුන්ට කීහ. ඇවැත්නි, යම්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ තෙමේ සෙනසුන තැන්පත්කොට පාසිවුරු ගෙන නො අමතා, උපස්ථායකයින් බික්සඟ නොබලා දෙවැන්නක් නොමැතිව වැඩම කෙරේද, එකල්හි තනිව හැසිරෙන්ට කැමැත්ත භාග්‍යවතුන් වහන්සේගේ අදහසයි. (උසස් තත්ත්වයට පැමිණි) ශ්‍රාවකයෙක් විසින් නම් කළයුතු වන්නේ ශාස්තෲන් වහන්සේගේ අදහසට අනුව පිළිපැදීමයි. එසේ පිළිපැදිය යුතුය. එහෙයින් මෙම දිනවල භාග්‍යවතුන් වහන්සේ අනුගමනය නොකළ යුතුයයි වැළැක්වීය. තෙමේද අනුව නොගියේය.

අනුපුබ‍්බෙනාති අනුක‍්කමෙන, ගාමනිගමපටිපාටියා චාරිකං චරමානො “එකචාරවාසං තාව වසමානං භික‍්ඛුං පස‍්සිස‍්සාමී”ති බාලකලොණකාරගාමං ගන‍්ත්‍වා තත්‍ථ භගුත්‍ථෙරස‍්ස සකලං පච‍්ඡාභත‍්තඤ‍්චෙව තියාමඤ‍්ච රත‍්තිං එකචාරවාසෙ ආනිසංසං කථෙත්‍වා පුනදිවසෙ තෙන පච‍්ඡාසමණෙන පිණ‍්ඩාය චරිත්‍වා තං තත්‍ථෙව නිවත‍්තෙත්‍වා “සමග‍්ගවාසං වසමානෙ තයො කුලපුත‍්තෙ පස‍්සිස‍්සාමී”ති පාචීනවංසමිගදායං ගන‍්ත්‍වා තෙසම‍්පි සකලරත‍්තිං සමග‍්ගවාසෙ ආනිසංසං කථෙත්‍වා තෙපි තත්‍ථෙව නිවත‍්තෙත්‍වා එකකොව පාලිලෙය්‍යගාමං සම‍්පත‍්තො. පාලිලෙය්‍යගාමවාසිනො පච‍්චුග‍්ගන‍්ත්‍වා භගවතො දානං දත්‍වා පාලිලෙය්‍යගාමස‍්ස අවිදූරෙ රක‍්ඛිතවනසණ‍්ඩො නාම අත්‍ථි, තත්‍ථ භගවතො පණ‍්ණසාලං කත්‍වා “එත්‍ථ භගවා වසතූ”ති යාචිත්‍වා වාසයිංසු. භද‍්දසාලොති පන තත්‍ථෙකො මනාපො භද‍්දකො සාලරුක‍්ඛො, භගවා තං ගාමං උපනිස‍්සාය වනසණ‍්ඩෙ පණ‍්ණසාලසමීපෙ තස‍්මිං රුක‍්ඛමූලෙ විහාසි. තෙන වුත‍්තං – “පාලිලෙය්‍යකෙ විහරති රක‍්ඛිතවනසණ‍්ඩෙ භද‍්දසාලමූලෙ”ති.

අනුපුබ්බෙන යනු අනුක්‍රමයෙන්, ගම් නියම්ගම් පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙනුයේ පළමුව හුදෙකලාව වසන භික්‍ෂුවක් බලන්නෙමියි බාලකලොණකාරාමයට වැඩමකොට එහි භගු තෙරුන්ට මුළු සවස්වරුවද, තුන්යම් රාත්‍රියද හුදෙකලා වාසයෙහි අනුසස් වදාරා, දෙවන දින ඔහු පසුගමන් යන ශ්‍රමණයෙක්ව පිඬු පිණිස හැසිර ඔහු එහිම නතර කරවා සමගි විසුමක වසන තෙකුලපුතුන් දකින්නෙමියි ප්‍රාචීන වංශ මිගදායට වැඩමකොට, ඔවුන්ට, මුළු රැය පුරා, සමගි විසුමෙහි අනුසස් වදාරා, ඔවුහු එහිම නතර කරවා හුදෙකලාවම පාරිල්‍යෙ ගමට සම්ප්‍රාප්ත වූ සේක. පාරිලෙය්‍ය ගම්වාසීහු පෙරගමන්කොට භාග්‍යවතුන් වහන්සේට දන් දී පාරිලෙය්‍ය ගමට නුදුරෙහි (රාජ්‍ය) රක්‍ෂිත නම් වනලැහැබක් තිබේ. එහි භාග්‍යවතුන් වහන්සේට පන්සලක් කරවා, මෙහි භාග්‍යවතුන් වහන්සේට වසන සේක්වායි ආයාචනා කොට වාසය කරවූහ. භද්දසාලො යනු එහි එක් මන වඩන සිත්කලු සල්රුකෙකි. භාග්‍යවතුන් වහන්සේ එගම ඇසිරිකොටැ වනලැහැබ්හි පන්සල ආසන්නයෙහි එම රුක් මුලැ වාසය කළ සේක. එහෙයින් පාරිලෙය්‍යක විහරති රක්ඛිත වන සණ්ඩෙ භද්දසාලෙ මූලෙයි යූ.සේයි.

හත්‍ථිනාගොති මහාහත්‍ථී යූථපති. හත්‍ථිකලභෙහීති හත්‍ථිපොතකෙහි. හත්‍ථිච‍්ඡාපෙහීති ඛීරූපගෙහි දහරහත්‍ථිපොතකෙහි, යෙ “භිඞ‍්කා”තිපි වුච‍්චන‍්ති. ඡින‍්නග‍්ගානීති පුරතො පුරතො ගච‍්ඡන‍්තෙහි තෙහි හත්‍ථිආදීහි ඡින‍්නග‍්ගානි ඛාදිතාවසෙසානි ඛාණුසදිසානි ඛාදති. ඔභග‍්ගොභග‍්ගන‍්ති තෙන හත්‍ථිනාගෙන උච‍්චට‍්ඨානතො භඤ‍්ජිත්‍වා භඤ‍්ජිත්‍වා පාතිතං. අස‍්ස සාඛාභඞ‍්ගන‍්ති එතස‍්ස සන‍්තකං සාඛාභඞ‍්ගං තෙ ඛාදන‍්ති. ආවිලානීති තෙහි පඨමතරං ඔතරිත්‍වා පිවන‍්තෙහි ආලුළිතත‍්තා ආවිලානි කද‍්දමමිස‍්සානි පානීයානි පිවති. ඔගාහාති තිත්‍ථතො. “ඔගාහ”න‍්තිපි පාළි. අස‍්සාති හත්‍ථිනාගස‍්ස. උපනිඝංසන‍්තියොති ඝට‍්ටෙන‍්තියො, උපනිඝංසියමානොපි අත‍්තනො උළාරභාවෙන න කුජ‍්ඣති, තෙන තා තං ඝංසන‍්තියෙව. යූථාති හත්‍ථිඝටා.

හත්‍ථිනාගො යනු මහ ඇතා රැලේ ප්‍රධානියා, හත්‍ථි කලභෙහි යනු ඇත් නාම්බන්, හත්‍ථිච්ඡාපෙහි යනු කිරි බොන ළපටි ඇත්පොව්වන්, යම්කෙනෙක් භිංකායැයි ද කියති. ඡින්නග්ගානි යන ඉදිරියෙන් ඉදිරියෙන් යන එම ඇත් ආදීන් විසින් සුන් අග ඇති කා ඉතිරි වූ කනු හා සමාන තෘණ කයි. බභග්ගො භග්ගං යනු ඒ ඇත් රජු විසින් උස් තැන්වලින් බිඳ බිඳ හෙළන ලද. අස්ස සාඛා භංගං යනු ඔහු සතු බිඳින ලද අතු උන් කති. ආවිලානි යනු ඔව්හු පළමුව බැස පානය කරන කල්හි කැළඹුණු හෙයින්, කැළඹුණු මඩ මිශ්‍රිත දිය බොයි. මගාහා යනු කොටින් ඔගාහං යනුද පාලියි. අස්ස යනු ඇත් රජුගේ. උපනිසංසන්තියො යනු ගැටෙන්නියෝ. ගැටෙනු ලබන්නේ ද තම උදාරභාවයෙන් නොකිපේ. එහෙයින් ඈලා ඌ ගටත්මය. යූථා යනු ඇත්රළෙහි,

යෙන භගවා තෙනුපසඞ‍්කමීති සො කිර හත්‍ථිනාගො යූථවාසෙ උක‍්කණ‍්ඨිතො තං වනසණ‍්ඩං පවිට‍්ඨො තත්‍ථ භගවන‍්තං දිස‍්වා ඝටසහස‍්සෙන නිබ‍්බාපිතසන‍්තාපො විය නිබ‍්බුතො හුත්‍වා පසන‍්නචිත‍්තො භගවතො සන‍්තිකෙ අට‍්ඨාසි, තතො පට‍්ඨාය වත‍්තසීසෙ ඨත්‍වා භද‍්දසාලස‍්ස පණ‍්ණසාලාය ච සමන‍්තතො අප‍්පහරිතකං කත්‍වා සාඛාභඞ‍්ගෙහි සම‍්මජ‍්ජති, භගවතො මුඛධොවනං දෙති, න‍්හානොදකං ආහරති, දන‍්තකට‍්ඨං දෙති, අරඤ‍්ඤතො මධුරානි ඵලානි ආහරිත්‍වා සත්‍ථු උපනෙති, සත්‍ථා තානි පරිභුඤ‍්ජති . තෙන වුත‍්තං – “තත්‍ර සුදං සො හත්‍ථිනාගො යස‍්මිං පදෙසෙ භගවා විහරති, තං පදෙසං අප‍්පහරිතඤ‍්ච කරොති, සොණ‍්ඩාය භගවතො පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙතී”ති. සොණ‍්ඩාය දාරූනි ආහරිත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං ඝංසිත්‍වා අග‍්ගිං උට‍්ඨාපෙත්‍වා දාරූනි ජාලාපෙත්‍වා තත්‍ථ පාසාණඛණ‍්ඩානි තාපෙත්‍වා තානි දණ‍්ඩකෙහි පවට‍්ටෙත්‍වා සොණ‍්ඩියං ඛිපිත්‍වා උදකස‍්ස තත‍්තභාවං ඤත්‍වා භගවතො සන‍්තිකං උපගන‍්ත්‍වා තිට‍්ඨති, භගවා “හත්‍ථිනාගො මම න‍්හානං ඉච‍්ඡතී”ති තත්‍ථ ගන‍්ත්‍වා න‍්හානකිච‍්චං කරොති, පානීයෙපි එසෙව නයො. තස‍්මිං පන සීතලෙ සඤ‍්ජාතෙ උපසඞ‍්කමති, තං සන්‍ධාය වුත‍්තං – “සොණ‍්ඩාය භගවතො පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙතී”ති.

යෙන භගවා තෙනුපසංකමි යන එම ඇත්රජු රළෙහි විසීමෙහි කළකිරුණේ එම වන ලැහැබට පිවිසියේ එහි භාග්‍යවතුන් වහන්සේ දැක, කළ දහසකින් නිවන ලද උෂ්ණය්ක මෙන් නිවුනේව පසන් සිතැතියේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි සිටියේය. එතැන් පටන් වත් ශීර්ෂයෙහි සිට සොඳුරු සල්රුකෙහි හා පන්සලෙහි හාත්පස නිල් තණපැලෑටි නැතිකොට අතු ඉතිවලින් අතුගායි. භාග්‍යවතුන් වහන්සේට මුවදෝනා පැන් දෙයි. ස්නානෝදක ගෙන එයි. දැහැටි දඬු දෙයි. කැලයෙන් මිහිරි ඵල (පළතුරු) ගෙනවුත් ශාස්තෲන් වහන්සේට පිළිගන්වයි. ශාස්තෲන් වහන්සේ ඒවා පරිභෝග කරයි. එහෙයින් තත්‍රසුදං සො හත්‍ථිනාගො යස්මිං පදෙසෙ භගවා විහරති. තං පදෙසං අප්පහරිතං කරොති. සොණ්ඩායච භගවතො පානීයං පරිභොජනීය උපට්ඨපෙතියි යූ.සේයි. සොඬින් දර ගෙනවුත් එකිනෙක ගටා ගිනි උපදවා, දර දල්වා එහි ගල්කැබලි තවා, ඒවා දඬුවලින් පෙරලා සොඬින් දිය පිරුණු තන්හි දමා, දිය රත් වූ බැව් දැන භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට එළඹ සිටියි. භාග්‍යවතුන් වහන්සේ ඇත් රජු මාගේ දිය නෑම කැමැති වේයයි එහි ගොස් ස්නාන කෘත්‍යය කරයි. දිය පානයෙහිද එම ක්‍රමයමැයි. එය සීතල හටගත්විට එළවයි. ඒ සඳහා සොණ්ඩාය පානීයං පරිභෝජනීයං උපට්ඨපෙතියි යූ.සේයි.

අථ ඛො භගවතො රහොගතස‍්සාතිආදි උභින‍්නං මහානාගානං විවෙකසුඛපච‍්චවෙක‍්ඛණදස‍්සනං, තං වුත‍්තත්‍ථමෙව. අත‍්තනො ච පවිවෙකං විදිත්‍වාති කෙහිචි අනාකිණ‍්ණභාවලද‍්ධං කායවිවෙකං ජානිත්‍වා, ඉතරෙ පන විවෙකා භගවතො සබ‍්බකාලං විජ‍්ජන‍්තියෙව.

අථඛො භගවතො රහොගතස්ස ආදිය මහ නා රජුන් දෙදෙනාගේ විවේක සුව ප්‍රත්‍යවේක්‍ෂා දර්ශනයයි. එය කියන ලද අර්ථමය. අත්තනොච පවිවෙකං විදිත්‍වා යනු කිසිවෙකුගේ අනාකීර්ණ භවයෙන් ලද කාය විවේකය දැන අනෙක් විවේක වනාහි භාග්‍යවතුන් වහන්සේට හැමකල්හිම විද්‍යමාන වෙත්මය.

ඉමං උදානන‍්ති ඉමං අත‍්තනො හත්‍ථිනාගස‍්ස ච පවිවෙකාභිරතියා සමානජ‍්ඣාසයභාවදීපනං උදානං උදානෙසි.

ඉමං උදානං යනු මෙම තමාගේ හා ඇත් රජුගේ ද විවේක ඇල්මෙහි සමාන අදහස් ඇති බව දැක්වීමට උදන් ඇනූ සේක.

තත්‍ථායං සඞ‍්ඛෙපත්‍ථො – එතං ඊසාදන‍්තස‍්ස රථඊසාසදිසදන‍්තස‍්ස හත්‍ථිනාගස‍්ස චිත‍්තං නාගෙන බුද‍්ධනාගස‍්ස චිත‍්තෙන සමෙති සංසන්‍දති. කථං සමෙති චෙ? යදෙකො රමතී වනෙ යස‍්මා බුද‍්ධනාගො “අහං ඛො පුබ‍්බෙ ආකිණ‍්ණො විහාසි”න‍්ති පුරිමං ආකිණ‍්ණවිහාරං ජිගුච‍්ඡිත්‍වා විවෙකං උපබ්‍රූහයමානො ඉදානි යථා එකො අදුතියො වනෙ අරඤ‍්ඤෙ රමති අභිරමති, එවං අයම‍්පි හත්‍ථිනාගො පුබ‍්බෙ අත‍්තනො හත්‍ථිආදීහි ආකිණ‍්ණවිහාරං ජිගුච‍්ඡිත්‍වා විවෙකං උපබ්‍රූහයමානො ඉදානි එකො අසහායො වනෙ අරඤ‍්ඤෙ රමති අභිරමති. තස‍්මාස‍්ස චිත‍්තං නාගෙන සමෙති තස‍්ස චිත‍්තෙන සමෙතීති කත්‍වා එකීභාවරතියා එකසදිසං හොතීති අත්‍ථො.

මේ එහි සංක්‍ෂේපාර්ථයයි. එතං ඊසාදන්තස්ස රිය ඉස් වැනි දත් ඇති ඇත්රජුගේ සිත, නාගෙන යන බුද්ධ නා රජුගේ සිත හා සම වේ. සැසඳේ. කෙසේ සමවේද යත්, යදෙකො රමති වනෙ යනු බුද්ධ නා රජු ‘මම වනාහි පෙර ආකීර්ණව විසුයෙමියි පළමු ආකීර්ණ විහරණය පිළිකුල් කොට විවේක වඩනු ලබනුයේ දැන් යම්සේ එකො දෙවැන්නෙක් නැතිව වනෙ අරණ්‍යයෙහි රමති සිල් අලවයි. මෙසේ මෙම ඇත් රජුද පෙර තම ඇතුන් ආදීන්ගෙන් ආකීර්ණ විහරණය ප්‍රතික්‍ෂේප කොට විවේකය වඩනු ලබන්නේ, දැන් හුදෙකලාව, දෙවැන්නෙක් නොමැතිව වනයෙහි, අරණ්‍යයෙහි සිත් අලවයි. සතුටු වෙයි. එහෙයින් ඇත්රජුගේ චිත්තං නාගෙන සමෙති සිත බුද්ධ නාගයාගේ සිත හා සම වේයයි කොට එක් ස්වභාව ඇල්ම එක් සමාන වේයයි අර්ථයි.

පඤ‍්චමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.

6. පිණ‍්ඩොලසුත‍්තවණ‍්ණනා

6. පිණ්ඩොල සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ පිණ‍්ඩොලභාරද‍්වාජොති පිණ‍්ඩං උලමානො පරියෙසමානො පබ‍්බජිතොති පිණ‍්ඩොලො. සො කිර පරිජිණ‍්ණභොගො බ්‍රාහ‍්මණො හුත්‍වා මහන‍්තං භික‍්ඛුසඞ‍්ඝස‍්ස ලාභසක‍්කාරං දිස‍්වා පිණ‍්ඩත්‍ථාය නික‍්ඛමිත්‍වා පබ‍්බජිතො. සො මහන‍්තං කපල‍්ලං “පත‍්ත”න‍්ති ගහෙත්‍වා චරති, කපල‍්ලපූරං යාගුං පිවති, භත‍්තං භුඤ‍්ජති, පූවඛජ‍්ජකඤ‍්ච ඛාදති. අථස‍්ස මහග‍්ඝසභාවං සත්‍ථු ආරොචෙසුං. සත්‍ථා තස‍්ස පත‍්තත්‍ථවිකං නානුජානි, හෙට‍්ඨාමඤ‍්චෙ පත‍්තං නික‍්කුජ‍්ජිත්‍වා ඨපෙති, සො ඨපෙන‍්තොපි ඝංසෙන‍්තොව පණාමෙත්‍වා ඨපෙති, ගණ‍්හන‍්තොපි ඝංසෙන‍්තොව ආකඩ‍්ඪිත්‍වා ගණ‍්හාති. තං ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ ඝංසනෙන පරික‍්ඛීණං, නාළිකොදනමත‍්තස‍්සෙව ගණ‍්හනකං ජාතං. තතො සත්‍ථු ආරොචෙසුං, අථස‍්ස සත්‍ථා පත‍්තත්‍ථවිකං අනුජානි. ථෙරො අපරෙන සමයෙන ඉන්‍ද්‍රියභාවනං භාවෙන‍්තො අග‍්ගඵලෙ අරහත‍්තෙ පතිට‍්ඨාසි. ඉති සො පුබ‍්බෙ සවිසෙසං පිණ‍්ඩත්‍ථාය උලතීති පිණ‍්ඩොලො, ගොත‍්තෙන පන භාරද‍්වාජොති උභයං එකතො කත්‍වා “පිණ‍්ඩොලභාරද‍්වාජො”ති වුච‍්චති.

සවැන්නෙහි පිණ්ඩොල භාරද්වාජ යන් බත් පිඬු සිඟනුයේ, සොයමින් පැවිදි වූයේ නුයි පිඬොලොයි. හෙතෙම වනාහි පිරිහී ගිය භෝග ඇති බ්‍රාහ්මණයෙක්ව බික් සඟනට දෙන මහත් වූ ලාභ සත්කාර දැක බත් පිඬු සඳහා ගිහිගෙන් නික්ම පැවිදි වූයේ වේ. හෙතෙම විශාල ඉබි හෝ කැස්බ පොත්තෙන් සෑදූ පාත්‍රයක් ගෙන හැසිරේ. එම පාත්‍රය පුරවා කැඳ බොයි. බත් අනුභව කරයි. කැවුම් හා කැවිලි ද කයි. ඉක්බිති ඔහුගේ මෙම ස්වභාවය බුදුරදුන්ට සැල කළහ. ශාස්තෲන් වහන්සේ ඔහුට පාත්‍ර පසුම්බියක් නො අනුදත් සේක. ඇඳ යට පාත්‍රය යටිකුරු කොට තබයි. හෙතෙම තබනුයේ ද ගටමින්ම නමා තබයි. ගනුයේද ගටමින්ම ඇද ගනියි. එයද කල්ගතවන කල්හි ගැටීමෙන් ගෙවී ගොස් නැලියක් පමණ බත් ගන්නා ප්‍රමාණයට පත්විය. ඉක්බිති ශාස්තෲන් වහන්සේට සැල කළහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට පාත්‍ර පසුම්බියක් අනුදැන වදාළ සේක. තෙරුන් වහන්සේ පසුකලැ ඉන්‍ද්‍රිය භාවනාව වඩනුයේ අග්‍රඵලය වූ අර්හත්වයෙහි පිහිටියේය. හෙතෙම මෙසේ පෙර ආමිෂය සොයමින් පිඬු පිණිස යේනුයි පිඬොල නම් විය. ගෝත්‍රයෙන් වනාහි භාරද්වාජ යන දෙක එකතුකොට පිඬොල භාරද්වාජ යැයි කියයි.

ආරඤ‍්ඤකොති ගාමන‍්තසෙනාසනපටික‍්ඛිපනෙන අරඤ‍්ඤෙ නිවාසො අස‍්සාති ආරඤ‍්ඤකො, ආරඤ‍්ඤකධුතඞ‍්ගං සමාදාය වත‍්තන‍්තස‍්සෙතං නාමං. තථා භික‍්ඛාසඞ‍්ඛාතානං ආමිසපිණ‍්ඩානං පාතො පිණ‍්ඩපාතො, පරෙහි දින‍්නානං පිණ‍්ඩානං පත‍්තෙ නිපතනන‍්ති අත්‍ථො. පිණ‍්ඩපාතං උඤ‍්ඡති තං තං කුලං උපසඞ‍්කමන‍්තො ගවෙසතීති පිණ‍්ඩපාතිකො, පිණ‍්ඩාය වා පතිතුං චරිතුං වතමෙතස‍්සාති පිණ‍්ඩපාතී, පිණ‍්ඩපාතීයෙව පිණ‍්ඩපාතිකො. සඞ‍්කාරකූටාදීසු පංසූනං උපරි ඨිතත‍්තා අබ‍්භුග‍්ගතට‍්ඨෙන පංසුකූලං වියාති පංසුකූලං, පංසු විය වා කුච‍්ඡිතභාවං උලති ගච‍්ඡතීති පංසුකූලං, පංසුකූලස‍්ස ධාරණං පංසුකූලං, තං සීලං එතස‍්සාති පංසුකූලිකො. සඞ‍්ඝාටිඋත‍්තරාසඞ‍්ගඅන‍්තරවාසකසඞ‍්ඛාතානි තීණි චීවරානි තිචීවරං, තිචීවරස‍්ස ධාරණං තිචීවරං, තං සීලං එතස‍්සාති තෙචීවරිකො. අප‍්පිච‍්ඡොතිආදීනං පදානං අත්‍ථො හෙට‍්ඨා වුත‍්තොයෙව.

ආරඤ්ඤකො යනු ග්‍රාමාන්ත සෙනසුන් ප්‍රතික්‍ෂේපයෙන් අරණ්‍යයෙහි විසීම වන්නේනුයි ආරඤ්ඤකොයි. ආරණ්‍යක ධුතංගය සමාදන්ව පවතින්නහුට එය නාමයයි. එසේම භික්‍ෂා සංඛ්‍යාත වූ ආමිෂ පිණ්ඩයන්ගේ වැටීම පිණ්ඩපාතයයි. අනුන් විසින් දෙන ලද පිණ්ඩයන්ගේ පාත්‍රයෙහි වැටීමයයි අර්ථයි. පිණ්ඩපාතය සිඟයි. ඒ ඒ කුලවලට එළඹෙමින් සොයතියි පිණ්ඩපාතිකොයි. පිඬුවල වැටෙන්ට හෝ හැසිරෙන්ට වන ක්‍රියාව ඔහුටනුයි පිණ්ඩපාතියි. පිණ්ඩපාතීව පිඬපාතිකොයි. කසල ගොඩවල් ආදීන්හි පස් මතුයෙහි සිටි හෙයින් උස්ව උස්ව නැගි අර්ථයෙන් පංසුකූලංයි. පස් මෙන් පිළිකුල් බවට පත්වේ. යේනුයි පංසුකූලංයි. පංසුකූලයාගේ දැරීම හෝ පංසුකූලය හේ වන ස්වභාවය ඔහුටනුයි පංසුකූලිකොයි. දෙපට සිවුර - උතුරු සලුව, අඳනය සංඛ්‍යාත චීවරත්‍රයය තිචීවරංයි. තිචීවර ධාරණය හෝ තිචීවර ස්වභාවය ඔහුටනුයි තෙචීවරිකොයි. අප්පිච්ඡො ආදීන්ගේ අර්ථය යට යූ.සේයි.

ධුතවාදොති ධුතො වුච‍්චති ධුතකිලෙසො පුග‍්ගලො, කිලෙසධුනනකධම‍්මො වා. තත්‍ථ අත්‍ථි ධුතො, න ධුතවාදො, අත්‍ථි න ධුතො, ධුතවාදො, අත්‍ථි නෙව ධුතො, න ධුතවාදො, අත්‍ථි ධුතො චෙව, ධුතවාදො චාති ඉදං චතුක‍්කං වෙදිතබ‍්බං. තෙසු යො සයං ධුතධම‍්මෙ සමාදාය වත‍්තති, න පරං තදත්‍ථාය සමාදපෙති, අයං පඨමො. යො පන සයං න ධුතධම‍්මෙ සමාදාය වත‍්තති, පරං සමාදපෙති, අයං දුතියො. යො උභයරහිතො, අයං තතියො. යො පන උභයසම‍්පන‍්නො, අයං චතුත්‍ථො. එවරූපො ච ආයස‍්මා පිණ‍්ඩොලභාරද‍්වාජොති. තෙන වුත‍්තං “ධුතවාදො”ති. එකදෙසසරූපෙකසෙසවසෙන හි අයං නිද‍්දෙසො යථා තං “නාමරූප”න‍්ති.

ධුතවාදො යනු කම්පා කළ කෙලෙස් ඇති පුද්ගලයා ධුතයැයි කියයි. කෙලෙස් කම්පා කරන ක්‍රියාව හෝ එහි ධුතයක් ඇත. ධුතවාදයක් නැත. ධුතයක් නැත. ධුතවාදයක් ඇත. ධුතයක්ද නැත. ධුතවාදයක්ද නැත. ධුතයක්ද ඇත. ධුතවාදයක්ද ඇත. යන මෙම චතුෂ්කය දතයුතුය. ඒවා අතර යමෙක් තෙමේ ධුත ධර්මයන් සමාදන්ව (සිටී.) පවතී. අන්‍යයා ඒ සඳහා සමාදන් නො කරවයි. (නො යොදවයි) මේ පළමුවැන්නයි. යමෙක් තෙමේ ධුත ධර්මයන් සමාදන්ව නො පවතී. අන්‍යයා ඒ සඳහා යොදවයි. මේ දෙවැන්නයි. යමෙක් දෙ අයුරින්ම තොරද මේ තෙවැන්නාය. යමෙක් දෙ අයුරින්ම යුක්තද මේ සිව්වැන්නාය. ආයුෂ්මත් පිඬොල භාරද්වාජ හිමිපාණන් මෙබඳු ආකාර වේ. එහෙයින් ධුතවාදී යැයි යූ.සේයි. එක් දෙයක් ගැනීමෙන් ඒ හා සමානව යෙදෙන අනෙක් සියල්ලම ගැනීම වශයෙන් මෙම නිර්දේශයයි. රූපං යන්න මෙනි.

අධිචිත‍්තමනුයුත‍්තොති එත්‍ථ අට‍්ඨසමාපත‍්තිසම‍්පයොගතො අරහත‍්තඵලසමාපත‍්තිසම‍්පයොගතො වා චිත‍්තස‍්ස අධිචිත‍්තභාවො වෙදිතබ‍්බො, ඉධ පන “අරහත‍්තඵලචිත‍්ත”න‍්ති වදන‍්ති. තංතංසමාපත‍්තීසු සමාධි එව අධිචිත‍්තං, ඉධ පන අරහත‍්තඵලසමාධි වෙදිතබ‍්බො. කෙචි පන “අධිචිත‍්තමනුයුත‍්තෙන, භික‍්ඛවෙ, භික‍්ඛුනා කාලෙන කාලං තීණි නිමිත‍්තානි මනසි කාතබ‍්බානීති එතස‍්මිං අධිචිත‍්තසුත‍්තෙ (අ· නි· 3.103) විය සමථවිපස‍්සනාචිත‍්තං අධිචිත‍්තන‍්ති ඉධාධිප‍්පෙත”න‍්ති වදන‍්ති, තං න සුන්‍දරං. පුරිමොයෙවත්‍ථො ගහෙතබ‍්බො.

අධිචිත්ත මනුයුත්තො යනු මෙහි අටසමවත් සම්ප්‍රයෝගයෙන්, අර්හත් ඵල සමවත් සම්ප්‍රයෝගයෙන් හෝ සිතෙහි අධිචිත්ත භාවය දතයුතුය. මෙහි අර්හත් ඵල සිතයි. ඒ ඒ සමවත්හි සමාධියම අධිචිත්තයයි මෙහි වනාහි අර්හත්ඵල සමාධිය දතයුතුය. සමහරු වනාහි ‘මහණෙනි, අධි චිත්තයෙහි යෙදුන භික්‍ෂුව විසින් කලින් කල නිමිති ත්‍රයයක් මෙනෙහි කළ යුතුය’ එම අධිචිත්ත සූත්‍රයෙහි මෙන් සමථ විදර්ශනා චිත්තය අධිචිත්ත යැයි මෙහි අදහස් කරන ලදැයි කියති. එය නොමනාය. පළමු අර්ථයම ගතයුතුය.

එතමත්‍ථං විදිත්‍වාති එතං ආයස‍්මතො පිණ‍්ඩොලභාරද‍්වාජස‍්ස අධිට‍්ඨානපරික‍්ඛාරසම‍්පදාසම‍්පන‍්නං අධිචිත‍්තානුයොගසඞ‍්ඛාතං අත්‍ථං සබ‍්බාකාරතො විදිත්‍වා. එවං “අධිචිත‍්තානුයොගො මම සාසනානුට‍්ඨාන”න‍්ති දීපෙන‍්තො ඉමං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු එම ආයුෂ්මත් පිඬොල භාරද්වාජ තෙරුන්ගේ පරිෂ්කාරාධිෂ්ඨාන සම්ප්‍රදා සම්පන්නතාවය, අධි චිත්තයෙහි යෙදීම් සංඛ්‍යාත අර්ථය සර්වප්‍රකාරයෙන් දැන මෙසේ අධි චිත්තයෙහි යෙදීම් සංඛ්‍යාත අර්ථය සර්වාකාරයෙන් දැන මෙසේ අධි චිත්තයෙහි යෙදීම මාගේ සස්නයැයි දක්වනුයේ මෙම උදන් ඇනූ සේක.

තත්‍ථ අනූපවාදොති වාචාය කස‍්සචිපි අනුපවදනං. අනූපඝාතොති කායෙන කස‍්සචි උපඝාතාකරණං. පාතිමොක‍්ඛෙති එත්‍ථ පාතිමොක‍්ඛපදස‍්ස අත්‍ථො හෙට‍්ඨා නානප‍්පකාරෙහි වුත‍්තො, තස‍්මිං පාතිමොක‍්ඛෙ. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං අවීතික‍්කමලක‍්ඛණො සංවරො. මත‍්තඤ‍්ඤුතාති පටිග‍්ගහණපරිභොගවසෙන පමාණඤ‍්ඤුතා. පන‍්තඤ‍්ච සයනාසනන‍්ති විවිත‍්තං සඞ‍්ඝට‍්ටනවිරහිතං සෙනාසනං. අධිචිත‍්තෙ ච ආයොගොති අට‍්ඨන‍්නං සමාපත‍්තීනං අධිගමාය භාවනානුයොගො.

එහි අනූපවාදො යනු වචනයෙන් කිසිවෙකුට උපවාද නොකිරීමද, අනූපසාතො යනු කයින් කිසිවෙකුට පීඩා නොකිරීමද, පාතිමොක්ඛො යන මෙහි පාතිමොක්ඛ යන පදයට අර්ථය යට නොයෙක් ආකාරයෙන් යූ.සේයි. එහි ප්‍රාතිමෝක්‍ෂයෙහි, සත්වැදෑරුම් ආපත්ති ස්කන්ධයන්ගේ නොඉක්මවීම් ලක්‍ෂණය සංවරයයි. සංවරොයි මත්තඤ්ඤුතා යනු ප්‍රතිග්‍රහණ, පරිභෝග වශයෙන් පමණ දැනීමයි. පන්‍ථඤ්ච සයනාසනං යනු ජනශූන්‍ය ගැටුම් විරහිත සෙනසුන්, අධිචිත්තෙව ආයොගො යනු අෂ්ඨ සමාපත්තීන්ගේ අධිගමය සඳහා භාවනාවෙහි යෙදීමයි.

අපරො නයො – අනූපවාදොති කස‍්සචිපි උපරුජ‍්ඣනවචනස‍්ස අවදනං. තෙන සබ‍්බම‍්පි වාචසිකං සීලං සඞ‍්ගණ‍්හාති. අනූපඝාතොති කායෙන කස‍්සචි උපඝාතස‍්ස පරවිහෙඨනස‍්ස අකරණං. තෙන සබ‍්බම‍්පි කායිකං සීලං සඞ‍්ගණ‍්හාති. යාදිසං පනිදං උභයං බුද‍්ධානං සාසනන‍්තොගධං හොති, තං දස‍්සෙතුං – “පාතිමොක‍්ඛෙ ච සංවරො”ති වුත‍්තං. චසද‍්දො නිපාතමත‍්තං. පාතිමොක‍්ඛෙ ච සංවරොති පාතිමොක‍්ඛසංවරභූතො අනූපවාදො අනූපඝාතො චාති අත්‍ථො.

වෙනත් ක්‍රමයක් අනුපවාදො යනු කෙනෙකුට විනාශකාරී වචන නොකීමයි. එයින් සියලුම වාචසික සීලය ඇතුලත් කරයි. අනුපඝාතො යනු කයින් කිසිවෙකු නැසීමට අන්‍යයා වෙහෙසීමට ක්‍රියා නොකිරීමයි. ඉන් සියලුම කායික සීලය සංග්‍රහකරයි. යම් ආකාර වූ මේ ද්වයය වනාහි බුදුවරුන්ගේ සාසනයන්ට ඇතුලත් වේ. එය දැක්වීමට ‘පාතිමොක්ඛෙච සංවරො’යි යූ.සේයි. ච ශබ්දය නිපාත මාත්‍රයකි. පාතිමොක්ඛෙච සංවරො යනු විනාශකාරී වචන නොකියනුයේ, අනුන් නසන ක්‍රියා නොකරනුයේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවර වූයේ යයි අර්ථයි.

අථ වා පාතිමොක‍්ඛෙති අධිකරණෙ භුම‍්මං. පාතිමොක‍්ඛෙ නිස‍්සයභූතෙ සංවරො. කො පන සොති? අනූපවාදො අනූපඝාතො. උපසම‍්පදවෙලායඤ‍්හි අවිසෙසෙන පාතිමොක‍්ඛසීලං සමාදින‍්නං නාම හොති, තස‍්මිං පාතිමොක‍්ඛෙ ඨිතස‍්ස තතො පරං උපවාදූපඝාතානං අකරණවසෙන සංවරො, සො අනූපවාදො අනූපඝාතො චාති වුත‍්තො.

නොහොත් පාතිමොක්ඛෙ යනු හේත්වර්ථයෙහි සත්තමීයි. ප්‍රාතිමෝක්‍ෂයෙහි නිශ්‍රය වූ සංවරයයි. එය කිමෙක්ද? විනාශකාරී වචන නොකීම, කයින් අන්‍යයෙකු පීඩාවට පත් නොකිරීම, විශේෂයෙන් උපසම්පදා වේලාවෙහි ප්‍රාතිමෝක්‍ෂ සීලය සමාදන් වූයේ නම් වේ. එම ප්‍රාතිමෝක්‍ෂ සීලයෙහි පිහිටියහුට ඉන් මත්තෙහි උපවාද, උපඝාතයන්ගේ නොකිරීම් වශයෙන් සංවරය වේ. එය අනුපවාද, අනුපඝාත යැයි යූ.සේයි.

අථ වා පාතිමොක‍්ඛෙති නිප‍්ඵාදෙතබ‍්බෙ භුම‍්මං යථා “චෙතසො අවූපසමො අයොනිසොමනසිකාරපදට‍්ඨාන”න‍්ති (සං· නි· 5.232). තෙන පාතිමොක‍්ඛෙන සාධෙතබ‍්බො අනූපවාදො අනූපඝාතො, පාතිමොක‍්ඛසංවරසඞ‍්ගහිතො අනූපවාදො අනූපඝාතොඉච‍්චෙව අත්‍ථො. සංවරොති ඉමිනා පන සතිසංවරො , ඤාණසංවරො, ඛන‍්තිසංවරො, වීරියසංවරොති ඉමෙසං චතුන‍්නං සංවරානං ගහණං, පාතිමොක‍්ඛසාධනං ඉදං සංවරචතුක‍්කං.

නොහොත් ප්‍රාතිමෝක්‍ෂයෙහි, නිපදවිය යුත්තෙහිා යයි සත්තමීයි. යම්සේ සිතෙහි නොසන්සුන්කම නුනුවණින් මෙනෙහි කිරීම ආසන්න කරුණනුයි එම ප්‍රාතිමෝක්‍ෂයෙන් අනුපවාදය, අනූපඝාතය සම්පූර්ණ කරගත යුතුය. අනූපවාදය - අනූපඝාතය ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙහි සංග්‍රහ කරන ලද්දේම යැයි අර්ථයි. සංවරොච යන මෙයින් වනාහි සති, ඥාන-ක්‍ෂාන්ති, වීර්යය යන මෙම සංවර සතරෙහි ග්‍රහණයයි. මෙම සංවර චතුෂ්කය ප්‍රාතිමෝක්‍ෂ සංවර සාධකයි.

මත‍්තඤ‍්ඤුතා ච භත‍්තස‍්මින‍්ති පරියෙසනපටිග‍්ගහණපරිභොගවිස‍්සජ‍්ජනානං වසෙන භොජනෙ පමාණඤ‍්ඤුතා. පන‍්තඤ‍්ච සයනාසනන‍්ති භාවනානුකූලං අරඤ‍්ඤරුක‍්ඛමූලාදිවිවිත‍්තසෙනාසනං. අධිචිත‍්තෙ ච ආයොගොති සබ‍්බචිත‍්තානං අධිකත‍්තා උත‍්තමත‍්තා අධිචිත‍්තසඞ‍්ඛාතෙ අරහත‍්තඵලචිත‍්තෙ සාධෙතබ‍්බෙ තස‍්ස නිප‍්ඵාදනත්‍ථං සමථවිපස‍්සනාභාවනාවසෙන ආයොගො. එතං බුද‍්ධාන සාසනන‍්ති එතං පරස‍්ස අනූපවදනං, අනූපඝාතනං, පාතිමොක‍්ඛසංවරො , පරියෙසනපටිග‍්ගහණාදීසු මත‍්තඤ‍්ඤුතා, විවිත‍්තවාසො, යථාවුත‍්තඅධිචිත‍්තානුයොගො ච බුද‍්ධානං සාසනං ඔවාදො අනුසිට‍්ඨීති අත්‍ථො. එවං ඉමාය ගාථාය තිස‍්සො සික‍්ඛා කථිතාති වෙදිතබ‍්බා.

මත්තඤ්ඤුතාච භත්තස්මිං යනු සෙවීම, පිළිගැනීම, පරිභෝග වියදම වශයෙන් භෝජනයෙහි ප්‍රමාණය දැනීම, පන්‍ථඤ්ච සයනාසනං යනු භාවනාවට යෝග්‍ය අරණ්‍ය, රුක්මුල් ආදී ජනයාගෙන් තොර සෙනසුන. අධිචිත්තෙච ආයොගො යනු සියලු සිත්වලට අධික හෙයින්ද, උතුම් හෙයින්ද, අධිචිත්ත සංඛ්‍යාත අර්හත්ඵල සිතෙහි සාධනය සඳහා එහි නිෂ්පාදනය සඳහා සමථ විදර්ශනා භාවනා වශයෙන් උත්සාහය. එතං බුද්ධානං සාසනං යනු එම අන්‍යයාට උපවාද නොකිරීම, කායික පීඩා නොකිරීම යන ප්‍රාතිමෝක්‍ෂ සංවරය පර්යේෂණ, ප්‍රතිග්‍රහණ, මාත්‍රඥතා විවේක වාසය කියන ලද ආකාර ඇති අධි චිත්තානුයෝගයද බුදුවරුන්ගේ සාසනයයි. අවවාදයයි. අනුසාසනාවයැයි අර්ථයි. මෙසේ මෙයින් ත්‍රිවිධ ශික්‍ෂාව කියන ලදැයි දතයුත්තාහ.

ඡට‍්ඨසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.

7. සාරිපුත‍්ත සුත‍්තවණ‍්ණනා

7. ශාරීපුත්‍ර සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ අපුබ‍්බං නත්‍ථි. ගාථාය අධිචෙතසොති අධිචිත‍්තවතො, සබ‍්බචිත‍්තානං අධිකෙන අරහත‍්තඵලචිත‍්තෙන සමන‍්නාගතස‍්සාති අත්‍ථො. අප‍්පමජ‍්ජතොති න පමජ‍්ජතො, අප‍්පමාදෙන අනවජ‍්ජධම‍්මෙසු සාතච‍්චකිරියාය සමන‍්නාගතස‍්සාති වුත‍්තං හොති. මුනිනොති “යො මුනාති උභො ලොකෙ, මුනි තෙන පවුච‍්චතී”ති (ධ· ප· 269; චූළනි· මෙත‍්තගූමාණවපුච‍්ඡානිද‍්දෙස 21) එවං උභයලොකමුනනෙන මොනං වුච‍්චති ඤාණං, තෙන අරහත‍්තඵලඤාණසඞ‍්ඛාතෙන ඤාණෙන සමන‍්නාගතත‍්තා වා ඛීණාසවො මුනි නාම, තස‍්ස මුනිනො. මොනපථෙසු සික‍්ඛතොති අරහත‍්තඤාණසඞ‍්ඛාතස‍්ස මොනස‍්ස පථෙසු සත‍්තතිංසබොධිපක‍්ඛියධම‍්මෙසු තීසු වා සික‍්ඛාසු සික‍්ඛතො. ඉදඤ‍්ච පුබ‍්බභාගප‍්පටිපදං ගහෙත්‍වා වුත‍්තං. පරිනිට‍්ඨිතසික‍්ඛො හි අරහා, තස‍්මා එවං සික‍්ඛතො, ඉමාය සික‍්ඛාය මුනිභාවං පත‍්තස‍්ස මුනිනොති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. යස‍්මා ච එතදෙව, තස‍්මා හෙට‍්ඨිමමග‍්ගඵලචිත‍්තානං වසෙන අධිචෙතසො, චතුසච‍්චසම‍්බොධපටිපත‍්තියං අප‍්පමාදවසෙන අප‍්පමජ‍්ජතො, මග‍්ගඤාණසමන‍්නාගමෙන මුනිනොති එවමෙතෙසං තිණ‍්ණං පදානං අත්‍ථො යුජ‍්ජතියෙව. අථ වා “අප‍්පමජ‍්ජතො සික‍්ඛතො”ති පදානං හෙතුඅත්‍ථතා දට‍්ඨබ‍්බා අප‍්පමජ‍්ජනහෙතු සික‍්ඛනහෙතු ච අධිචෙතසොති.

සත්වැන්නෙහි පෙර නොකියන ලද්දක් ඇත. ගාථාවෙහි අධිචෙතසො යන අධි චිත්තවත් භාවයෙන්, සියලු සිත්වලට අධික වූ (උසස් වූ) අර්හත්ඵල චිත්තයෙන් යුක්ත වූවහුට යන අර්ථයි. අප්පමජ්ජතො යනු ප්‍රමාද නොවීමෙන් අප්‍රමාදයෙන් නිරවද්‍ය ධර්මයන්හි නිතර ක්‍රියා කිරීමෙන් යුක්ත වූවහුට යැයි යූ.සේයි. මුනිනො යනු යමෙක් දෙලොව අවබෝධ කරයිද, එහෙයින් ඔහු මුනි යයි කියයි. මෙසේ දෙලොව අවබෝධ කිරීමෙන් හෝ, ඤාණයට ‘මොන’ යයි කියයි. ඒ අර්හත්ඵලය ප්‍රඥා සංඛ්‍යාත ඤාණයෙන් යුක්ත වූ හෙයින් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ මුනි නමැ. එම මුනිහුගේ. මොනපථෙසු සික්ඛතො යනු අර්හත් ඤාණ සංඛ්‍යාත මෝනයාගේ මාර්ගයන්හි සත්තිස් බෝධි පාක්‍ෂික ධර්මයන්හි, ත්‍රිවිධ ශික්‍ෂාවන්හි හෝ හික්මෙන, මෙය ද පූර්වභාග ප්‍රතිපදාව සඳහා යූ.සේයි. රහතන් වහන්සේ නිමකරන ලද ශික්‍ෂා ඇත්තේය. එහෙයින් මෙසේ නික්මෙන මෙම ශික්‍ෂාවෙන් මුනිභාවයට පත් මුනිහුගේ යැයි මෙසේ මෙහි අර්ථ දතයුතුය. යම්හෙයකින් එයම වේද? එහෙයින් යට මාර්ගඵල චිත්තයන්ගේ වශයෙන් අධිචෙතසොයි චතුස්සත්‍ය අවබෝධ ප්‍රතිපත්තියෙහි අප්‍රමාද වීම් වශයෙන් අප්පමජ්ජතොයි. මාර්ග ඥානය හා යුක්ත වීමෙන් මුනිනොයි මෙසේ එම තෙපදයන්ගේ අර්ථය යෙදේමය. නොහොත් අප්‍රමාදීව හික්මෙන්නහුටයැයි, ප්‍රධාන හේතු අර්ථතාවය දතයුතුය. අප්‍රමාදී වන හේතුවද හික්මෙන හේතුවද අධිචෙතසයි.

සොකා න භවන‍්ති තාදිනොති තාදිසස‍්ස ඛීණාසවමුනිනො අබ‍්භන‍්තරෙ ඉට‍්ඨවියොගාදිවත්‍ථුකා සොකා චිත‍්තසන‍්තාපා න හොන‍්ති. අථ වා තාදිනොති තාදිලක‍්ඛණසමන‍්නාගතස‍්ස එවරූපස‍්ස මුනිනො සොකා න භවන‍්තීති අයමෙත්‍ථ අත්‍ථො. උපසන‍්තස‍්සාති රාගාදීනං අච‍්චන‍්තූපසමෙන උපසන‍්තස‍්ස. සදා සතීමතොති සතිවෙපුල‍්ලප‍්පත‍්තියා නිච‍්චකාලං සතියා අවිරහිතස‍්ස.

සොකා න භවන්ති තාදිනො යනු එබඳු ක්‍ෂීණාශ්‍රව මුනිහුගේ අභ්‍යන්තරයෙහි ඉෂ්ඨ වියොගාදී වස්තුක වූ සෝක වීම් සිත් තැවුල් නොවෙත්. නොහොත් තාදිනො යනු අටලෝ දහමින් නොසැලෙන ලක්‍ෂණයෙන් යුක්ත වූ මෙබඳු මුනිහුට සෝක හට නොගනිත් මේ මෙහි අර්ථයයි. උපසන්තස්ස යනු රාගාදීන්ගේ අත්‍යන්ත ව්‍යපසමනයෙන් සන්සුන් වූ, සදා සතී මතො යනු සිහියෙහි මහත් බවට පැමිණීමෙන් හැමකල්හි සිහියෙන් තොර නොවූවහුට,

එත්‍ථ ච “අධිචෙතසො”ති ඉමිනා අධිචිත‍්තසික‍්ඛා, “අප‍්පමජ‍්ජතො”ති එතෙන අධිසීලසික‍්ඛා, “මුනිනො මොනපථෙසු සික‍්ඛතො”ති එතෙහි අධිපඤ‍්ඤාසික‍්ඛා. “මුනිනො”ති වා එතෙන අධිපඤ‍්ඤාසික‍්ඛා, “මොනපථෙසු සික‍්ඛතො”ති එතෙන තාසං ලොකුත‍්තරසික‍්ඛානං පුබ‍්බභාගපටිපදා, “සොකා න භවන‍්තී”තිආදීහි සික‍්ඛාපාරිපූරියා ආනිසංසො පකාසිතොති වෙදිතබ‍්බං. සෙසං වුත‍්තනයමෙව.

මෙහිද මුනිනො අධිචෙතසො යන මෙයින් අධි චිත්ත ශික්‍ෂාවද, අප්පමජ්ජතො යන එයින් අධිසීල ශික්‍ෂාවද, මුනිනො මොන පථෙසු සික්ඛතො යන ඒවායින් අධිප්‍රඥා ශික්‍ෂාවද, මුනිනොයි යන එයින් අධිප්‍රඥා ශික්‍ෂාවද, මොන පථෙසු යන එයින් එම ලෝකෝත්තර ශික්‍ෂාවන්ගේ පූර්වභාග ප්‍රතිපදාවද, සොකා න භවන්ති යන ආදීන්ගෙන් ශික්‍ෂා සම්පූර්ණ කිරීමෙහි අනුසස් ප්‍රකාශ කරන ලදැයි දතයුතුය. සෙස්ස යූ.සේමය.

සත‍්තමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සත්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.