1. මෙඝියසුත්තවණ්ණනා අට්ඨකථා
1. මෙඝියසුත්තවණ්ණනා
1. මෙඝිය සූත්‍ර වර්ණනාව
මෙඝියවග්ගස්ස පඨමෙ චාලිකායන්ති එවං නාමකෙ නගරෙ. තස්ස කිර නගරස්ස ද්වාරට්ඨානං මුඤ්චිත්වා සමන්තතො චලපඞ්කං හොති, තං චලපඞ්කං නිස්සාය ඨිතත්තා ඔලොකෙන්තානං චලමානං විය උපට්ඨාති, තස්මා “චාලිකා”ති වුච්චති. චාලිකෙ පබ්බතෙති තස්ස නගරස්ස අවිදූරෙ එකො පබ්බතො, සොපි සබ්බසෙතත්තා කාලපක්ඛඋපොසථෙ ඔලොකෙන්තානං චලමානො විය උපට්ඨාති, තස්මා “චාලිකපබ්බතො”ති සඞ්ඛං ගතො. තත්ථ භගවතො මහන්තං විහාරං කාරයිංසු, භගවා තදා තං නගරං ගොචරගාමං කත්වා තස්මිං චාලිකපබ්බතමහාවිහාරෙ විහරති. තෙන වුත්තං – “චාලිකායං විහරති චාලිකෙ පබ්බතෙ”ති. මෙඝියොති තස්ස ථෙරස්ස නාමං. උපට්ඨාකො හොතීති පරිචාරකො හොති. භගවතො හි පඨමබොධියං උපට්ඨාකා අනිබද්ධා අහෙසුං, එකදා නාගසමාලො, එකදා නාගිතො, එකදා උපවානො, එකදා සුනක්ඛත්තො, තදාපි මෙඝියත්ථෙරොව උපට්ඨාකො. තෙනාහ – “තෙන ඛො පන සමයෙන ආයස්මා මෙඝියො භගවතො උපට්ඨාකො හොතී”ති.
මෙඝිය වර්ගයෙහි පළමුවැන්නෙහි චාලිකා යනු මෙනම් නගරයෙහි, එම නගරයෙහි දොරටුව පිහිටි තැන හැර හාත්පස සැලෙන මඩ වේ. එම සැලෙන මඩ ඇසිරිකොට සිටි හෙයින් බලනවුනට සෙලවෙන්නාක් මෙන් වැටහෙයි. එහෙයින් චාලිකායි කියයි. චාලිකෙ පබ්බතෙ යනු එම නුවරට නුදුරෙහි එක් පර්වතයක් වේ. එයද මුලුමනින් ශ්වේත වර්ණ හෙයින් මාසේ පොහොය දින බලනවුනට සෙලවෙන්නාක් මෙන් වැටහේ. එහෙයින් චාලික පර්වතයයි යන සංඛ්‍යාවට ගියේය. එහි භාග්‍යවතුන් වහන්සේට මහා විහාරයක් කරවූහ. භාග්‍යවතුන් වහන්සේ එකල්හි එම නුවර ගොදුරුගම් කොට එම චාලික පර්වත මහ වෙහෙර වැඩ වාසය කරයි. එහෙයින් චාලිකායං විහරති චාලිකෙ පබ්බතෙයි යූ.සේයි. මෙඝියො යනු එම තෙරුන්ගේ නාමයයි. උපට්ඨාකො හොති යනු සේවකයා වේ. භාග්‍යවතුන් වහන්සේට ප්‍රථම බෝධියෙහි දී උපස්ථායකයෝ අනියමින් වූහ. එක් කලෙක නාගසමාල, එක් කලෙක නාගිත, එක් කලෙක උපවාන, එක් කලෙක සුනක්ඛත්ත, එක් කලෙක චුන්ද සමනුද්දෙස (ප්‍රවෘජ්‍යා පේක්ෂකයා) එක් කලෙක සාගත, එක් කලෙක මේඝිය, එකල්හිද මෙඝිය තෙරුන්ම උපස්ථායක විය. එහෙයින් තෙන ඛොපන සමයෙන ආයස්මා මෙඝියො භගවතො උපට්ඨාකො හොති යි වදාළහ.
ජන්තුගාමන්ති එවං නාමකං තස්සෙව විහාරස්ස අපරං ගොචරගාමං. “ජත්තුගාම”න්තිපි පාඨො. කිමිකාළායාති කාළකිමීනං බහුලතාය “කිමිකාළා”ති ලද්ධනාමාය නදියා. ජඞ්ඝවිහාරන්ති චිරනිසජ්ජාය ජඞ්ඝාසු උප්පන්නකිලමථවිනොදනත්ථං විචරණං. පාසාදිකන්ති අවිරළරුක්ඛතාය සිනිද්ධපත්තතාය ච පස්සන්තානං පසාදමාවහතීති පාසාදිකං. සන්දච්ඡායතාය මනුඤ්ඤභූමිභාගතාය ච මනුඤ්ඤං. අන්තො පවිට්ඨානං පීතිසොමනස්සජනනට්ඨෙන චිත්තං රමෙතීති රමණීයං. අලන්ති පරියත්තං, යුත්තන්තිපි අත්ථො. පධානත්ථිකස්සාති යොගෙන භාවනාය අත්ථිකස්ස. පධානායාති සමණධම්මකරණාය. ආගච්ඡෙය්යාහන්ති ආගච්ඡෙය්යං අහං. ථෙරෙන කිර පුබ්බෙ තං ඨානං අනුපටිපාටියා පඤ්ච ජාතිසතානි රඤ්ඤා එව සතා අනුභූතං උය්යානං අහොසි, තෙනස්ස දිට්ඨමත්තෙයෙව තත්ථ විහරිතුං චිත්තං නමි. ආගමෙහි තාවාති සත්ථා ථෙරස්ස වචනං සුත්වා උපධාරෙන්තො “න තාවස්ස ඤාණං පරිපාකං ගත”න්ති ඤත්වා පටික්ඛිපන්තො එවමාහ . එකකම්හි තාවාති ඉදං පනස්ස “එවමයං ගන්ත්වාපි කම්මෙ අනිප්ඵජ්ජමානෙ නිරාසඞ්කො හුත්වා පෙමවසෙන පුන ආගච්ඡිස්සතී”ති චිත්තමද්දවජනනත්ථං ආහ. යාව අඤ්ඤොපි කොචි භික්ඛු ආගච්ඡතීති අඤ්ඤො කොචි භික්ඛු මම සන්තිකං යාව ආගච්ඡති, තාව ආගමෙහීති අත්ථො. “කොචි භික්ඛු දිස්සතී”තිපි පාඨො. “ආගච්ඡතූ”තිපි පඨන්ති, තථා “දිස්සතූ”ති.
ජන්තුගාමං යනු මෙවන් නමින් යුතු එම විහාරයට අයත් වෙනත් ගොදුරුගමක් ජනගාම යැයිද පාඨයි. කිමි කාලාය යනු කලු කෘමීන්ගේ බහුලතාවය හේතුයෙන් ලත් නමැති නදියෙහි, ජංඝාවිහාරං යනු බොහෝ වේලාවක් හිඳගෙන සිටීමෙන් කෙණ්ඩාවල හටගත් වෙහෙස දුරුකිරීම සඳහා ඇවිදීම, පාසාදිකං යනු රුක් බහුලතාවයෙන් ද සිනිඳු පත්‍ර බැවින්ද, බලනවුනට සතුට එළවයිනුයි පාසාදිකංයි, ඝණ සෙවන ඇති බැවින්ද සිත්කලු භූමි බාගය බැවින්ද මනුඤ්ඤංයි ඇතුලත පිවිසියවුන්ට ප්‍රීති සොම්නස් හටගන්නා අර්ථයෙන් සිත අලවයිනුයි රමණීයංයි. අලං යනු සෑහේ. යෝග්‍යයි අර්ථයි. පධානත්ථිකස්ස යනු ජනශූන්යතාවෙන් භාවනා වඩනු කැමැතියහුට, පධානාය යනු භාවනා වඩනු සඳහා, ආගච්ඡෙය්යාහං යනු මම එන්නෙමි. තෙරුන් වහන්සේ වනාහි පෙර එම ස්ථානය ජාති තෙරුන් වහන්සේ වනාහි පෙර එම ස්ථානය ජාති පන්සියයක් අනුපිළිවෙලින් රජෙක් වූයේම පරිභෝග කරන ලද උයනක් විය. එහෙයින් ඔහුට දිටි පමණින්ම එහි වසන්ට සිත නැමිණි. ආගමෙහි තාව යනු ශාස්තෲන් වහන්සේ තෙරුන්ගේ වදන් අසා සලකා බලනුයේ මොහුගේ ඥානය මෙතෙක් මුහුකුරා නොගියේ යයි දැන ප්‍රතික්ෂේප කරනුයේ මෙසේ වදාළහ. එක්කම්භාතාව යනු මෙතෙම ගියේ වී නමුත් කටයුතු නොනිපැයෙන කල්හි, සැක නැතිව ප්‍රේම වශයෙන් නැවත පැමිණෙන්නේ යයි සිතෙහි මෘදු බව ඇතිකරලීම සඳහා මෙසේ වදාළහ. යාව අඤ්ඤොපි කොචි භික්ඛු ආගච්ඡති යනු අන්කිසි භික්ෂුවක් මා සමීපයට යම්තාක් පැමිණේද ඒ තාක් බලාපොරොත්තු වෙවයි අර්ථයි. කිසි භික්ෂුවක් පෙනේද, ආගච්ඡතුයිද කියවති. එසේ පෙනේවා.
නත්ථි කිඤ්චි උත්තරි කරණීයන්ති චතූසු සච්චෙසු චතූහි මග්ගෙහි පරිඤ්ඤාදීනං සොළසන්නං කිච්චානං කතත්තා, අභිසම්බොධියා වා අධිගතත්තා තතො අඤ්ඤං උත්තරි කරණීයං නාම නත්ථි. නත්ථි කතස්ස වා පතිචයොති කතස්ස වා පුන පතිචයොපි නත්ථි. න හි භාවිතමග්ගො පුන භාවීයති, පහීනකිලෙසානං වා පුන පහානෙන කිච්චං අත්ථි. අත්ථි කතස්ස පතිචයොති මය්හං සන්තානෙ නිප්ඵාදිතස්ස සීලාදිධම්මස්ස අරියමග්ගස්ස අනධිගතත්තා තදත්ථං පුන වඩ්ඪනසඞ්ඛාතො පතිචයො අත්ථි, ඉච්ඡිතබ්බොති අත්ථො. පධානන්ති ඛො මෙඝිය වදමානං කින්ති වදෙය්යාමාති “සමණධම්මං කරොමී”ති තං වදමානං මයං අඤ්ඤං කිං නාම වදෙය්යාම?
නත්ථි කිඤ්චි උත්තරිං කරණීයං යනු සිව් සත්‍යයන්හි, සිව් මාර්ගයන්ගෙන් පරිඥා ආදී සොළොස් කෘත්‍යයන්ගේ කොට නිමහෙයින්, අභිසම්බෝධිගේ හෝ අවබෝධ කළ හෙයින් ඉන් මත්තෙහි කළයුත්තක් නම් නැත. නත්ථි කතස්සවා පතිචයො යනු කළ දැයෙහි යලි රැස් කැරුමෙක්ද නැත. වඩන ලද මාර්ගය නැවත නොවඩනු ලැබේ. ප්‍රහීණ වූ කෙලෙසුන්ගේ හෝ නැවත ප්‍රහාණයෙහිලා කාර්යයක් නම් නැත. අත්ථි කතස්ස පතිචයො යනු මාගේ සන්තානයෙහි නිෂ්පාදිත සීලාදී ධර්මයෙහිද ආර්ය මාර්ගයෙහිද, අවබෝධ නොකළ හෙයින් ඒ සඳහා නැවත වැඩීම් සංඛ්‍යාත යළි රැස් කැරුමෙක් ඇත. කැමැති විය යුතුයයි අර්ථයි. පධානන්ති ඛො මෙඝිය වදමානං කින්ති වදෙය්යාම යනු මහණදම් කරමියි එය කියන ඔබට අපි අන් කුමක් නම් කියන්නෙමුද?
දිවාවිහාරං නිසීදීති දිවාවිහාරත්ථාය නිසීදි. නිසින්නො ච යස්මිං මඞ්ගලසිලාපට්ටෙ පුබ්බෙ අනුපටිපාටියා පඤ්ච ජාතිසතානි රාජා හුත්වා උය්යානකීළං කීළන්තො විවිධනාටකපරිවාරො නිසින්නපුබ්බො, තස්මිංයෙව ඨානෙ නිසීදි. අථස්ස නිසින්නකාලතො පට්ඨාය සමණභාවො විගතො විය අහොසි, රාජවෙසං ගහෙත්වා නාටකපරිවාරපරිවුතො සෙතච්ඡත්තස්ස හෙට්ඨා මහාරහෙ පල්ලඞ්කෙ නිසින්නො විය ජාතො. අථස්ස තං සම්පත්තිං අස්සාදයතො කාමවිතක්කො උදපාදි. සො තස්මිංයෙව ඛණෙ සහොඩ්ඪං ගහිතෙ ද්වෙ චොරෙ ආනෙත්වා පුරතො ඨපිතෙ විය අද්දස. තෙසු එකස්ස වධං ආණාපනවසෙන බ්යාපාදවිතක්කො උප්පජ්ජි, එකස්ස බන්ධනං ආණාපනවසෙන විහිංසාවිතක්කො, එවං සො ලතාජාලෙන රුක්ඛො විය මධුමක්ඛිකාහි මධුඝාතකො විය ච අකුසලවිතක්කෙහි පරික්ඛිත්තො සම්පරිකිණ්ණො අහොසි. තං සන්ධාය “අථ ඛො ආයස්මතො මෙඝියස්සා”තිආදි වුත්තං.
දිවා විහාරං නිසීදි යනු දිවා විහරණය සඳහා හිඳගති. හිඳගතුයේද, පෙර අනුපිළිවෙලින් පන්සියයක් ආත්ම රජව, උයන්කෙළි ක්‍රීඩා කරමින් නොයෙක් නළුනිළි පිරිවර සහිතව හුන් විරු මඟුල් ගල් තහඩුව යම් තැනෙක්හි වීද, එම ස්ථානයෙහිම හිඳ ගත්තේය. ඉක්බිති ඔහුට හුන් කලැ පටන් ශ්‍රමණ භාවය රහිත මෙන් විය. රජ වෙස්ගෙන නාට්‍යය පිරිවර විසින් පිරිවරන ලදුයේ සුදු කුඩය යට මහානර්ඝ පර්යංකයක හුන්නාක් මෙන් විය. ඉක්බිති ඔහුට එම සම්පත් ආශ්වාද කරන කල්හි කාම විතර්ක පහල විය. ඔහු එකෙණෙහිම බඩු සහිතව අල්වා ගත් සොරුන් දෙදෙනෙකු ගෙනවුත් ඉදිරිපස සිටියවුන් මෙන් දිටීය. ඔවුනතර එක් අයෙකු මැරවීමට අණකිරීම් වශයෙන් ව්‍යාපාද විතර්කය උපනි. එක් අයෙකු අත් පා විලංකු දමන ලෙස අණකිරීම් වශයෙන් විහිංසා විතර්කය උපනි. මෙසේ හෙතෙම වැල් ජාලාවකින් වැසුන රුකක් මෙන්ද, මැස්සන් ගැවසී ගත් මීයක් නසන මීමැසි ඝාතකයෙක් මේනද අකුසල විතර්කයන්ගෙන් වටකරන ලදුයේ, මනාව ගැවසීගත්තේ විය. ඒ සඳහා අථ ඛො ආයස්මතො මෙඝියස්ස ආදිය යූ.සේයි.
අච්ඡරියං වත භොති ගරහණච්ඡරියං නාම කිරෙතං යථා ආයස්මා ආනන්දො භගවතො වලියගත්තං දිස්වා අවොච “අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ”ති (සං· නි· 5.511). අපරෙ පන “තස්මිං සමයෙ පුප්ඵඵලපල්ලවාදීසු ලොභවසෙන කාමවිතක්කො, ඛරස්සරානං පක්ඛිආදීනං සද්දස්සවනෙන බ්යාපාදවිතක්කො, ලෙඩ්ඩුආදීහි තෙසං පටිබාහනාධිප්පායෙන විහිංසාවිතක්කො, ‘ඉධෙවාහං වසෙය්ය’න්ති තත්ථ සාපෙක්ඛතාවසෙන කාමවිතක්කො, වනචරකෙ තත්ථ තත්ථ දිස්වා තෙසු චිත්තදුබ්භනෙන බ්යාපාදවිතක්කො, තෙසං විහෙඨනාධිප්පායෙන විහිංසාවිතක්කො තස්ස උප්පජ්ජී”තිපි වදන්ති. යථා වා තථා වා තස්ස මිච්ඡාවිතක්කුප්පත්තියෙව අච්ඡරියකාරණං. අන්වාසත්තාති අනුලග්ගා වොකිණ්ණා. අත්තනි ගරුම්හි ච එකත්තෙපි බහුවචනං දිස්සති. “අනුසන්තො”තිපි පාඨො.
අච්ඡරියං වත භො යනු එය ගර්හා කිරීමේ ආශ්චර්යය නමැ. යම්සේ නම් ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ නිශ්ශබ්දතාවය දැක, ස්වාමීනි, ආශ්චර්යයෙක. ස්වාමීනි පෙර නොවූ විරියෙකැයි කීය. සමහරු වනාහි, එකල්හි මල්, ඵල, පත්රාදීන්හි ලෝභ වශයෙන් කාම විතර්කයද, ගොරෝසු ස්වර ඇති පක්ෂි ආදීන්ගේ ශබ්ද ශ්‍රවණයෙන් ව්‍යාපාද විතර්කයද, මැටි කැට ආදීන්ගෙන් එම සතුන් වෙහෙසට (පීඩාවට) පත් කිරීම් අදහසින් විහිංසා විතර්කයද, මම මෙහිම වාසය කරන්නේ නම් යෙහෙකැයි එහි අපේක්ෂතා වශයෙන් කාම විතර්කයද, එහි වනයෙහි හැසිරෙනවුන් දැක සිත (දූෂ්‍ය) ද්‍රෝහී වීමෙන් ව්‍යාපාද විතර්කයද, ඔවුන් වෙහෙසට පත්කිරීමේ අදහසින් විහිංසා විතර්කයද, ඔහුට උපදිත් යයි කියති. කවරාකාරයකින් හෝ ඔහුගේ මිථ්‍යා විතර්ක ඉපැත්මම කාරණයයි. අන්වාසත්තා යනු ලැගුණාහු, ගැවසී ගත්තාහු. තමා කෙරෙහිද, ගුරුවරයා කෙරෙහිදැයි ඒකවචනාර්ථයෙහි වුවද බහුවචනය පෙනේ. අන්වාසත්තොයි ද පාඨයි.
යෙන භගවා තෙනුපසඞ්කමීති එවං මිච්ඡාවිතක්කෙහි සම්පරිකිණ්ණො කම්මට්ඨානසප්පායං කාතුං අසක්කොන්තො “ඉදං වත දිස්වා දීඝදස්සී භගවා පටිසෙධෙසී”ති සල්ලක්ඛෙත්වා “ඉමං කාරණං දසබලස්ස ආරොචෙස්සාමී”ති නිසින්නාසනතො වුට්ඨාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ච “ඉධ මය්හං, භන්තෙ”තිආදිනා අත්තනො පවත්තිං ආරොචෙසි.
යෙන භගවා තෙනුපසංකමි යනු මෙසේ වැරැදි විතර්කයන්ගෙන් ගැවසී ගත් කර්මස්ථාන රැස් කිරීමෙහි ලා යෝග්‍යතාවයක් කරන්ට නොහැකි වනුයේ දුර දක්නා භාග්‍යවතුන් වහන්සේ, මෙය දැක ඒකාන්තයෙන් වළක්වයි යයි සලකා, මෙම කරුණු දශබලධාරීන් වහන්සේට සැළ කරන්නෙමියි හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි එළැඹියේය. එළඹ ද, ‘ස්වාමීනි, මෙහි මට ආදියෙන් තම පුවත් සැළ කළේය.
තත්ථ යෙභුය්යෙනාති බහුලං අභික්ඛණං. පාපකාති ලාමකා. අකුසලාති අකොසල්ලසම්භූතා. දුග්ගතිසම්පාපනට්ඨෙන වා පාපකා, කුසලපටිපක්ඛතාය අකුසලා. විතක්කෙති ඌහති ආරම්මණං චිත්තං අභිනිරොපෙතීති විතක්කො, කාමසහගතො විතක්කො කාමවිතක්කො, කිලෙසකාමසම්පයුත්තො වත්ථුකාමාරම්මණො විතක්කොති අත්ථො. බ්යාපාදසහගතො විතක්කො බ්යාපාදවිතක්කො. විහිංසාසහගතො විතක්කො විහිංසාවිතක්කො. තෙසු කාමානං අභිනන්දනවසෙන පවත්තො නෙක්ඛම්මපටිපක්ඛො කාමවිතක්කො, “ඉමෙ සත්තා හඤ්ඤන්තු වා විනස්සන්තු වා මා වා අහෙසු”න්ති සත්තෙසු සම්පදුස්සනවසෙන පවත්තො මෙත්තාපටිපක්ඛො බ්යාපාදවිතක්කො, පාණිලෙඩ්ඩුදණ්ඩාදීහි සත්තානං විහෙඨෙතුකාමතාවසෙන පවත්තො කරුණාපටිපක්ඛො විහිංසාවිතක්කො.
එහි යෙභුය්යෙන යනු බහුල වශයෙන් නිතර, පාපකා යනු ලාමක, අකුසලා යනු අදක්ෂතාවයෙන් හටගත්, දුගතියට පමුණුවන අර්ථයෙන් හෝ පාපකායි. කුසල් ප්රතිපක්ෂ හෙයින් අකුසලායි. විතක්කො යනු සිතා බලයි. කල්පනා කරයි. අරමුණට සිත අරමුණට යොමු කෙරේනුයි විතර්කයි. කාමය හා යුක්ත වූ විතර්කය කාම විතක්කොයි. කෙලෙස් කාම හා එකට යෙදුන, වස්තු කාම අරමුණු කොට ඇති විතර්කයයි අර්ථයි. ක්‍රෝධය හා එකට යෙදුන අදහස බ්යාපාද විතක්කොයි හිංසා සහගත විතර්කය විහිංසා විතක්කොයි. ඒවා අතර කාම වස්තූන්ට සතුටු වීම් වශයෙන් පැවතුණු, නෛෂ්ක්‍රම්‍යයට ප්රතිපක්ෂ වූයේ කාම විතර්කයි. මෙම සත්ත්වයෝ නැසෙත්වා. විනාශවෙත්වා, නොවෙත්වායි සත්ත්වයින් කෙරෙහි දූෂ්‍යවීම් වශයෙන් පැවැති මෛත්‍රී ප්රතිපක්ෂ වූයේ ව්‍යාපාද විතර්කයි. අත් මැටිගල්, දඬු ආදීන්ගෙන් සත්ත්වයන් වෙහෙසට පත්කරලීමේ රුචිකතා වශයෙන් පැවැති, කරුණාවට ප්රතිපක්ෂ වූයේ විහිංසා විතර්කයි.
කස්මා පනස්ස භගවා තත්ථ ගමනං අනුජානි? “අනනුඤ්ඤාතොපි චායං මං ඔහාය ගච්ඡිස්සතෙව, ‘පරිචාරකාමතාය මඤ්ඤෙ භගවා ගන්තුං න දෙතී’ති චස්ස සියා අඤ්ඤථත්තං. තදස්ස දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තෙය්යා”ති අනුජානි.
කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ මොහුට එහි යාම අනුදැන වදාරන ලදද යත්, සේවා ලැබ ගැන්මේ කැමැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මට යන්ට නොදේයයි, අනුදැන නොවදාරන ලද්දේ වී නමුත් (අනුමැතියෙන් තොරවද) මා හැරදා යන්නේය. එයින් ඔහුට අන්යථාභාවයක් වන්නේය. (විපිළිසර) එය ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස පවත්නේ යයි සිතා අනුදත්තෙමි.
එවං තස්මිං අත්තනො පවත්තිං ආරොචෙත්වා නිසින්නෙ අථස්ස භගවා සප්පායං ධම්මං දෙසෙන්තො “අපරිපක්කාය, මෙඝිය, චෙතොවිමුත්තියා”තිආදිමාහ. තත්ථ අපරිපක්කායාති පරිපාකං අප්පත්තාය. චෙතොවිමුත්තියාති කිලෙසෙහි චෙතසො විමුත්තියා. පුබ්බභාගෙ හි තදඞ්ගවසෙන චෙව වික්ඛම්භනවසෙන ච කිලෙසෙහි චෙතසො විමුත්ති හොති, අපරභාගෙ සමුච්ඡෙදවසෙන චෙව පටිපස්සද්ධිවසෙන ච. සායං විමුත්ති හෙට්ඨා විත්ථාරතො කථිතාව, තස්මා තත්ථ වුත්තනයෙන වෙදිතබ්බා. තත්ථ විමුත්තිපරිපාචනීයෙහි ධම්මෙහි ආසයෙ පරිපාචිතෙ පබොධිතෙ විපස්සනාය මග්ගගබ්භං ගණ්හන්තියා පරිපාකං ගච්ඡන්තියා චෙතොවිමුත්ති පරිපක්කා නාම හොති, තදභාවෙ අපරිපක්කා.
මෙසේ එහිලා තම පුවත් සැලකොට හුන් කල්හි භාග්‍යවතුන් වහන්සේ සත්ප්‍රාය දම් දෙසනුයේ අපරිපක්කාය මෙඝිය චෙතො විමුත්තියා ආදිය වදාළහ. එහි අපරිපක්කාය යනු මේරීමට නොපත්, චෙතො විමුත්තියා යනු සිත කෙලෙසුන්ගෙන් මිදීමෙහි, පූර්වභාගයෙහි තදංග වශයෙන් ද, විෂ්කම්භන වශයෙන් ද කෙලෙසුන්ගෙන් සිතෙහි විමුක්තිය වේ. පසුකලැ සමුච්ඡේද වශයෙන් ද පටිප්පස්සද්ධි වශයෙන් ද වේ. එම විමුක්තිය යට විස්තර වශයෙන් කියන ලද්දේමය. එහෙයින් එහි කියන ලද අයුරු දතයුතුය. එහි විමුක්ති මේරීම් ධර්මයන්ගෙන් සිත්හි පවත්නා අප්‍රකට කෙලෙස් ප්‍රභවයන්, මේරීමට ගිය කල්හි, ප්‍රබෝධ වූ කල්හි විදර්ශනාවෙන් මාර්ගය ගැබ් ගන්වන්නී මේරීමට යන්නී චිත්ත විමුක්තිය මේරීමට ගියේ නම් වේ. එසේ නොමැති කල්හි නොමේරුණේ නමැ.
කතමෙ පන විමුත්තිපරිපාචනීයා ධම්මා? සද්ධින්ද්රියාදීනං විසුද්ධිකරණවසෙන පන්නරස ධම්මා වෙදිතබ්බා. වුත්තඤ්හෙතං –
විමුක්ති මේරීම් කාරක ධර්ම කවරේද, ශ්රද්ධේන්ද්රියයාගේ පිරිසිදු කිරීම් වශයෙන් පසලොස් ධර්ම කෙනෙක් දතයුත්තාහ. යූ.සේයි.
“අස්සද්ධෙ පුග්ගලෙ පරිවජ්ජයතො, සද්ධෙ පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, පසාදනීයෙ සුත්තන්තෙ පච්චවෙක්ඛතො – ඉමෙහි තීහාකාරෙහි සද්ධින්ද්රියං විසුජ්ඣති.
අශ්රද්ධාවත් පුද්ගලයන් දුරුකරන කල්හි, ශ්රද්ධාවත් පුද්ගලයන් සෙවුනා කල්හි, ඇසිරි කරනා කල්හි, ප්රසාදජනක සූත්‍රාන්තයන් ප්රත්යවේක්ෂා කරන කල්හි යන මෙම කාරණාත්රයයෙන් ශ්රද්ධෙන්ද්රියය පිරිසිදු වේ.
“කුසීතෙ පුග්ගලෙ පරිවජ්ජයතො, ආරද්ධවීරියෙ පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, සම්මප්පධානෙ පච්චවෙක්ඛතො – ඉමෙහි තීහාකාරෙහි වීරියින්ද්‍රියං විසුජ්ඣති.
කුසීත පුද්ගලයන් දුරුකරනා කල්හි, ආරබ්ධ වීර්ය පුද්ගලයන් සෙවුනා කල්හි ආශ්‍රය කරනා කල්හි ඇසිරි කරනා කල්හි සම්‍යග් ප්‍රධන් වීර්යයන් ප්රත්යවේක්ෂා කරන කල්හි යන මෙම තෙ අයුරින් වීර්යෙන්ද්රිය පිරිසිදු වේ.
“මුට්ඨස්සතී පුග්ගලෙ පරිවජ්ජයතො, උපට්ඨිතස්සතී පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, සතිපට්ඨානෙ පච්චවෙක්ඛතො – ඉමෙහි තීහාකාරෙහි සතින්ද්රියං විසුජ්ඣති.
මුලා සිහි පුද්ගලයන් දුරුකරනා කල්හි, එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් සෙවුනා කල්හි, ආශ්‍රය කරනා කල්හි, ඇසිරි කරනා කල්හි සතිපට්ඨානයන් ප්රත්යවේක්ෂා කරන කල්හි යන මෙම තෙඅයුරින් සතින්ද්රිය පිරිසිදු වේ.
“අසමාහිතෙ පුග්ගලෙ පරිවජ්ජයතො, සමාහිතෙ පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, ඣානවිමොක්ඛෙ පච්චවෙක්ඛතො – ඉමෙහි තීහාකාරෙහි සමාධින්ද්රියං විසුජ්ඣති.
සන්සුන් නොවූ, පුද්ගලයින් දුරුකරනා කල්හි, සන්සුන් පුද්ගලයන් සෙවුනා කල්හි, ආශ්‍රය කරනා කල්හි, ඇසිරි කරනා කල්හි, ධ්‍යාන විමෝක්ෂයන් ප්රත්යවේක්ෂා කරන කල්හි යන මේ තෙඅයුරින් සමාධින්ද්රිය පිරිසිදු වේ.
“දුප්පඤ්ඤෙ පුග්ගලෙ පරිවජ්ජයතො, පඤ්ඤවන්තෙ පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, ගම්භීරඤාණචරියං පච්චවෙක්ඛතො – ඉමෙහි තීහාකාරෙහි පඤ්ඤින්ද්රියං විසුජ්ඣති.
දුෂ්ප්‍රාඥ පුද්ගලයින් දුරුකරනා කල්හි නැණවත් පුද්ගලයින් සෙවුනා කල්හි ආශ්‍රය කරනා කල්හි ඇසිරි කරනා කල්හි, ගැඹුරු ඥාන චර්යා ප්රත්යවේක්ෂා කරන කල්හි යන මේ තෙඅයුරින් ප්රඥෙන්ද්රිය පිරිසිදු වේ.
“ඉති ඉමෙ පඤ්ච පුග්ගලෙ පරිවජ්ජයතො, පඤ්ච පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, පඤ්ච සුත්තන්තෙ පච්චවෙක්ඛතො – ඉමෙහි පන්නරසහි ආකාරෙහි, ඉමානි පඤ්චින්ද්රියානි විසුජ්ඣන්තී”ති (පටි· ම· 1.185).
මෙසේ මේ පස්වැදෑරුම් පුද්ගලයින් දුරුකරනා කල්හි, පස්වැදෑරුම් පුද්ගලයින් සෙවුනා කල්හි, ආශ්‍රය කරන කල්හි ඇසිරි කරනා කල්හි සූත්‍රාන්ත පංචකයක් ප්රත්යවේක්ෂා කරන කල්හි යන මේ පසළොස් ආකාරයන්ගෙන් පංචෙන්ද්‍රියයන් පිරිසිදු වෙති.
අපරෙපි පන්නරස ධම්මා විමුත්තිපරිපාචනීයා – සද්ධාපඤ්චමානි ඉන්ද්රියානි, අනිච්චසඤ්ඤා දුක්ඛසඤ්ඤා අනත්තසඤ්ඤා පහානසඤ්ඤා විරාගසඤ්ඤාති ඉමා පඤ්ච නිබ්බෙධභාගියා සඤ්ඤා, කල්යාණමිත්තතා සීලසංවරො අභිසල්ලෙඛතා වීරියාරම්භො නිබ්බෙධිකපඤ්ඤාති. තෙසු විනෙය්යදමනකුසලො සත්ථා විනෙය්යස්ස මෙඝියත්ථෙරස්ස අජ්ඣාසයවසෙන ඉධ කල්යාණමිත්තතාදයො විමුත්තිපරිපාචනීයෙ ධම්මෙ දස්සෙන්තො “පඤ්ච ධම්මා පරිපාකාය සංවත්තන්තී”ති වත්වා තෙ විත්ථාරෙන්තො “ඉධ, මෙඝිය, භික්ඛු කල්යාණමිත්තො හොතී”තිආදිමාහ.
ශ්‍රද්ධාව පස්වැන්න වූ, විමුක්තිය මුහුකුරා යන (සම්පූර්ණ වන) අනෙකුත් ඉන්ද්රියයන් පසළොසකි. අනිත්‍ය සංඥාව, අනිත්‍යයෙහි දුකය යන සංඥාව, දුකෙහි අනාත්ම සංඥාව, ප්‍රහාණ සංඥාව, විරාග සංඥාව යන මේ පහ ඉතා සියුම් කොටසට අයත් සංඥායි. කල්‍යාණ මිත්රතාවය, සීල සංවරය, මනාව කෙලෙස් තුනී කිරීම, වීර්යාරම්භය, ඉතා සියුම් ප්‍රඥාව යන මෙම පසලොස ඒවා අතර හික්මවිය යුතු අය දමනයෙහි දක්ෂ ශාස්තෲන්, හික්මවිය හැකි මෙඝිය තෙරුන්ගේ අදහස් වශයෙන් මෙහි කල්‍යාණ මිත්‍රාදී විමුක්තිය මුහුකුරා යන පංචධර්මයන් මුහුකුරා යාම සඳහා පවතිත් යයි වදාරා ඒවා විස්තර කරනුයේ, ඉධ මෙඝිය කල්යාණමිත්තෙ හොති යනාදිය වදාළහ.
තත්ථ කල්යාණමිත්තොති කල්යාණො භද්දො සුන්දරො මිත්තො එතස්සාති කල්යාණමිත්තො. යස්ස සීලාදිගුණසම්පන්නො “අඝස්ස ඝාතා, හිතස්ස විධාතා”ති එවං සබ්බාකාරෙන උපකාරො මිත්තො හොති, සො පුග්ගලො කල්යාණමිත්තොව. යථාවුත්තෙහි කල්යාණපුග්ගලෙහෙව සබ්බිරියාපථෙසු සහ අයති පවත්තති, න විනා තෙහීති කල්යාණසහායො.කල්යාණපුග්ගලෙසු එව චිත්තෙන චෙව කායෙන ච නින්නපොණපබ්භාරභාවෙන පවත්තතීති කල්යාණසම්පවඞ්කො. පදත්තයෙන කල්යාණමිත්තසංසග්ගෙ ආදරං උප්පාදෙති.
එහි කල්‍යාණ මිත්තො යනු යහපත්, භද්‍ර, සොඳුරු මිත්‍රයා ඔහුටනුයි කල්‍යාණ මිත්තො. යම් සීලාදී ගුණයුත් පුද්ගලයෙක් පාපය නසනුයේ, යහපත නියම කරනුයේ වේද, එබඳු සියලු ආකාරයෙන් උපකාරී වූ, මිත්‍රයෙක් වේද, එම පුද්ගලයා කලණ මිතුරෙක්ම වේ. කියන ලද ආකාර ඇති යහපත් පුද්ගලයා සමගම සියලු ඉරියව්වන්හි සමග ගමන් කරයිද, පවතීද ඔවුන්ගෙන් වෙන් නොවේද, ඒ කල්‍යාණ සහායොයි. යහපත් පුද්ගලයින් කෙරෙහිම සිතින්ද කයින්ද නිම්නතාවයේ නම්රතාවයෙන්, ප්රවනතාවයෙන් පවතීනුයි කල්‍යාණ සම්පවංකොයි පදත්රයයෙන්ම කළණ මිතුරු ඇසුරෙහි ඇල්ම උපදවයි.
තත්රිදං කල්යාණමිත්තලක්ඛණං – ඉධ කල්යාණමිත්තො සද්ධාසම්පන්නො හොති සීලසම්පන්නො සුතසම්පන්නො චාගසම්පන්නො වීරියසම්පන්නො සතිසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො. තත්ථ සද්ධාසම්පත්තියා සද්දහති තථාගතස්ස බොධිං කම්මඵලඤ්ච, තෙන සම්මාසම්බොධිහෙතුභූතං සත්තෙසු හිතෙසිතං න පරිච්චජති. සීලසම්පත්තියා සබ්රහ්මචාරීනං පියො හොති මනාපො ගරු භාවනීයො චොදකො පාපගරහී වත්තා වචනක්ඛමො, සුතසම්පත්තියා සච්චපටිච්චසමුප්පාදාදිපටිසංයුත්තානං ගම්භීරානං කථානං කත්තා හොති, චාගසම්පත්තියා අප්පිච්ඡො හොති සන්තුට්ඨො පවිවිත්තො අසංසට්ඨො, වීරියසම්පත්තියා ආරද්ධවීරියො හොති සත්තානං හිතප්පටිපත්තියා, සතිසම්පත්තියා උපට්ඨිතස්සති හොති, සමාධිසම්පත්තියා අවික්ඛිත්තො හොති සමාහිතචිත්තො, පඤ්ඤාසම්පත්තියා අවිපරීතං ජානාති. සො සතියා කුසලානං ධම්මානං ගතියො සමන්වෙසමානො පඤ්ඤාය සත්තානං හිතාහිතං යථාභූතං ජානිත්වා, සමාධිනා තත්ථ එකග්ගචිත්තො හුත්වා, වීරියෙන සත්තෙ අහිතා නිසෙධෙත්‍වා හිතෙ නියොජෙති. තෙනාහ –
ඒ මෙහි කළණ මිතුරු ලක්ෂණයයි. මෙලොව කළණ මිතුරු තෙමේ ශ්රද්ධාවත් වේ. සිල්වත් වේ. ඇසූපිරූ තැන් ඇත්තේ වේ. ත්‍යාගී වේ. වීර්යවත් වේ. ස්මෘතිමත් වේ. එකඟ වූ සිත් ඇතියේ වේ. නැණවත් වේ. එහි ශ්‍රද්ධා සම්පත්තියෙහිලා, තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය, කර්මය හා විපාකයද විශ්වාස කරයි. එයින් සම්‍යග් සම්බුද්ධත්වයට හේතුභූත වූ සත්ත්වයින් කෙරෙහි පවත්නා හිතවත්භාවය අත් නොහරියි. සීල සම්පත්තියෙහිලා සබ්‍රම්සරුන්ට ප්‍රියමනාප වේ. සබ්‍රම්සරුන් විසින් ගරුබුහුමන් කටයුතු වේ. චෝදකයෙක් වේ. පාප ගර්හිතයෙක් වේ. වක්තෘ කෙනෙක් වේ. වදන් ඉවසන්නෙක් වේ. සෘත සම්පත්තියෙහිලා සිව්සස්, ප්‍රතීත්‍ය සමුත්පාදා දී ප්‍රතිසංයුක්ත ගැඹුරු කථාවන්ගේ කරන්නෙක් වේ. ත්‍යාග සම්පත්තියෙහිලා අල්පේච්ඡ, ලද දෙයින් සතුටුවීම විවේකයෙහි ඇලුනේ, (කුලයා සමග) නොගැටුනේ වේ. වීර්ය සම්පත්තියෙහිලා සත්ත්වයින්ගේ හිතසුව ප්‍රතිපත්තියෙහිලා ආරබ්ධ වීර්ය ඇත්තේ වේ. ස්මෘති සම්පත්තියෙහිලා එළවන ලද සිහි ඇත්තේ වේ. සමාධි සම්පත්තියෙහිලා අවික්ෂිප්ත වූයේ එකඟ වූ සිතැත්තේ වේ. ප්‍රඥා සම්පත්තියෙහිලා අවිපරීතව දැනගනී. හෙතෙම කුසල්දම්හි සිහියෙන් ද යහපත් පැවැත්මෙන් ද යුක්ත වූයේ ප්‍රඥාවෙන් සත්ත්වයින්ගේ යහපත අයහපත තත්වාකාරයෙන් දැන, සමාධියෙන් එහි එකඟ සිත් ඇත්තේ වී, වීර්යයෙන් සත්ත්වයින් කෙරෙහි පවත්නා වැරදි ක්‍රියාවන් වළක්වා නිවැරදි ක්‍රියාවන්හි යොදවයි. එහෙයින් -
“පියො ගරු භාවනීයො, වත්තා ච වචනක්ඛමො; ගම්භීරඤ්ච කථං කත්තා, නො චට්ඨානෙ නියොජයෙ”ති. (අ· නි· 7.37);
පියොච ගරු භාවනීයො - වත්තාච වචනක්ඛමො ගම්භීරඤ්ච කථං කතො - නොචට්ඨානෙ නියොජයෙ’යි
යමෙක් ශීල සම්පත්තියෙන් ප්‍රිය වන්නේද, ගල් කුඩයක් මෙන් ගරු වන්නේද? ගුරු වශයෙන් සම්භාවනා කටයුතු වන්නේ ද, ආශ්‍රිතයින්ට අවවාද කරන්නේද, විචාල ප්‍රශ්න ඉවසනසුලු වූයේද, ගැඹුරු ධර්ම කියා දෙන්නේද? ස්වකීය ආශ්‍රිතයින් අස්ථානයෙහි නොයොදවන්නේ, සුදුසු තන්හිම යොදවන්නේද? ඔහු කලණ මිතුරෙකි.
අයං පඨමො ධම්මො පරිපාකාය සංවත්තතීති, අයං කල්යාණමිත්තතාසඞ්ඛාතො බ්රහ්මචරියවාසස්ස ආදිභාවතො, සබ්බෙසඤ්ච කුසලානං ධම්මානං බහුකාරතාය පධානභාවතො ච ඉමෙසු පඤ්චසු ධම්මෙසු ආදිතො වුත්තත්තා පඨමො අනවජ්ජධම්මො අවිසුද්ධානං සද්ධාදීනං විසුද්ධිකරණවසෙන චෙතොවිමුත්තියා පරිපාකාය සංවත්තති. එත්ථ ච කල්‍යාණමිත්තස්ස බහුකාරතා පධානතා ච “උපඩ්ඪමිදං, භන්තෙ, බ්රහ්මචරියස්ස යදිදං කල්යාණමිත්තතා”ති වදන්තං ධම්මභණ්ඩාගාරිකං, “මා හෙවං, ආනන්දා”ති ද්වික්ඛත්තුං පටිසෙධෙත්වා, “සකලමෙව හිදං, ආනන්ද, බ්රහ්මචරියං, යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා”තිආදිසුත්තපදෙහි (සං· නි· 1.129; 5.2) වෙදිතබ්බා.
අයං පඨමො ධම්මො පරිපාකාය සංවත්තති යනු මෙම කල්‍යාණ මිත්රතාවය බ්‍රහ්මචර්ය වාසයට මූලික බව (මුල් කරුණ) වන හෙයින් සියලු කුශල ධර්මනය්ට ප්රධානභාවයෙන් ද මෙම පංච ධර්මයන්හි මුලදී කියන ලද හෙයින් ප්‍රථම නිරවද්‍ය ධර්මය අපිරිසිදු ශ්‍රද්ධාදීන්ගේ පිරිසිදු කිරීම් වශයෙන් චෙතෝ විමුක්තිය ගේ මේරීම සඳහා පවතී. මෙහිද කල්‍යාණ මිත්‍රයාගේ බොහෝ ක්‍රියාකාරිත්වයද, ප්රධානතාවයද සලකා ‘ස්වාමීනි, යම් මේ කල්‍යාණ මිත්රතාවයක් වේද, මෙය බ්‍රහ්මචර්ය වාසය සඳහා අඩක් ප්‍රයෝජනවත් වේයයි කියන්නා වූ ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරහුට, ආනන්ද එසේ නොකියවයි දෙවරක් වළක්වා, ආනන්ද යම් ආකාර වූ කල්‍යාණ මිත්රතාවයක්, කල්‍යාණ සහායතාවක් වේද එය සමස්ත බ්රහ්මචර්යය සඳහාම ප්‍රයෝජනවත්ව පවතී යයි ආදී සූත්‍ර පදයන්හි දතයුත්තාහ.
පුන චපරන්ති පුන ච අපරං ධම්මජාතං. සීලවාති එත්ථ කෙනට්ඨෙන සීලං? සීලනට්ඨෙන සීලං. කිමිදං සීලනං නාම? සමාධානං, කායකම්මාදීනං සුසීල්යවසෙන අවිප්පකිණ්ණතාති අත්ථො. අථ වා උපධාරණං, ඣානාදිකුසලානං ධම්මානං පතිට්ඨානවසෙන ආධාරභාවොති අත්ථො. තස්මා සීලෙති සීලතීති වා සීලං. අයං තාව සද්දලක්ඛණනයෙන සීලත්ථො. අපරෙ පන “සිරට්ඨො සීතලට්ඨො සීලට්ඨො සංවරට්ඨො”ති නිරුත්තිනයෙන අත්ථං වණ්ණෙන්ති. තයිදං පාරිපූරිතො අතිසයතො වා සීලං අස්ස අත්ථීති සීලවා, සීලසම්පන්නොති අත්ථො.
පුන චපරං යනු නැවත අන්‍ය ධර්ම කොටසක්. සීලවා හොති යනු මෙහි කවර අර්ථයෙන් සීල නම් වේද, හික්මීම් අර්ථයෙන් සීලයි. මෙම හික්මීම නම් කිම? කාය කර්මාදීන්ගේ එක්තැන් කිරීම, මනා පැවතුම් ඇතිකර ගැනීම් වශයෙන් නොවිසිරුණ භාවයයි අර්ථයි. නොහොත් ධ්‍යානාදී කුසල ධර්මයන්ට ආධාරකයක් වීම, පිහිටවීම් වශයෙන් ආධාර භාවයයි අර්ථයි. එහෙයින් සීලනය කෙරේ. සීලනය කරයිනුයි සීලංයි (සීලනය නම් සමාධානය හෝ උපධාරණයයි) මෙය ශබ්ද ලක්ෂණ ක්‍රමයෙන් සීල අර්ථයයි. සමහරු වනාහි ශීර්ෂාර්ථය, සීතලාර්ථය, හික්මීම් අර්ථය, සංවරාර්ථය, නිරුක්ති ක්‍රමයෙන් අර්ථ වර්ණනා කරති. ඒ මෙය සම්පූර්ණ කරන ලදුයේ උසස් වශයෙන් සීලය ඔහුට ඇත්තේනුයි සීලවායි. සීලයෙන් යුක්ත වූයේ යයි අර්ථයි.
යථා ච සීලවා හොති සීලසම්පන්නො, තං දස්සෙතුං “පාතිමොක්ඛසංවරසංවුතො”තිආදිමාහ. තත්ථ පාතිමොක්ඛන්ති සික්ඛාපදසීලං. තඤ්හි යො නං පාති රක්ඛති, තං මොක්ඛෙති මොචෙති ආපායිකාදීහි දුක්ඛෙහීති පාතිමොක්ඛං. සංවරණං සංවරො, කායවාචාහි අවීතික්කමො. පාතිමොක්ඛමෙව සංවරො පාතිමොක්ඛසංවරො, තෙන සංවුතො පිහිතකායවාචොති පාතිමොක්ඛසංවරසංවුතො, ඉදමස්ස තස්මිං සීලෙ පතිට්ඨිතභාවපරිදීපනං. විහරතීති තදනුරූපවිහාරසමඞ්ගිභාවපරිදීපනං. ආචාරගොචරසම්පන්නොති හෙට්ඨා පාතිමොක්ඛසංවරස්ස, උපරි විසෙසානං යොගස්ස ච උපකාරකධම්මපරිදීපනං. අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවීති පාතිමොක්ඛසීලතො අචවනධම්මතාපරිදීපනං. සමාදායාති සික්ඛාපදානං අනවසෙසතො ආදානපරිදීපනං. සික්ඛතීති සික්ඛාය සමඞ්ගිභාවපරිදීපනං. සික්ඛාපදෙසූති සික්ඛිතබ්බධම්මපරිදීපනං.
යම්සේ සිල්වත් වූයේ, සීල සම්පන්න වූයේ වේද, එය දක්වන්ට පාතිමොක්ඛ සංවර සංවුතො යනාදිය වදාළහ. එහි පාතිමොක්ඛං යනු ශික්ෂාද සීලයයි. යමෙක් එය රකීද? ආරක්ෂා කරයිද? එය අපාගත වීම් ආදී දුක්වලින් ඔහු මුදවයි. මෝචනය කරයි. එහෙයින් ප්රාතිමෝක්ෂයයි කියයි. හික්මවීම සංවරයයි. කාය වචනයන්ගේ ශික්ෂාපද නොඉක්මවීමයි. ප්රාතිමෝක්ෂයම හික්මවූයේනුයි ප්රාතිමෝක්ෂ සංවරයයි. එයින් සංවර වූයේ වසන ලද කාය වාග් ඇත්තේනුයි පාතිමොක්ඛ සංවර සංවුතො නමැ. මේ එම සීලයෙහි ඔහුගේ පිහිටි බව විදහා දැක්වීමයි. විහරති යනු ඊට අනුරූප විහරණ යුක්තතාවය විදහා දැක්වීමයි. ආචාර ගොචර සම්පන්නො යනු යට ප්රාතිමෝක්ෂ සංවරයෙහිද මතු විශේෂාධිගමයන්ට, යෝගකාරක වූ උපකාරක ධර්ම දැක්වීමයි. අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී යනු ප්රාතිමෝක්ෂ සීලයෙන් ගිලිහී නොයන ස්වභාවය දැක්වීමයි. සමාදාය යනු ශික්ෂාපදයන්ගේ හේෂ රහිතව ගැනීම දැක්වීමයි. සික්ඛති යනු ශික්ෂාවෙන් යුක්ත බව දැක්වීමයි. සික්ඛාපදෙසු යනු හික්මිය යුතු ධර්මයන් දැක්වීමයි.
අපරො නයො – කිලෙසානං බලවභාවතො, පාපකිරියාය සුකරභාවතො, පුඤ්ඤකිරියාය ච දුක්කරභාවතො බහුක්ඛත්තුං අපායෙසු පතනසීලොති පාතී, පුථුජ්ජනො. අනිච්චතාය වා භවාදීසු කම්මවෙගක්ඛිත්තො ඝටීයන්තං විය අනවට්ඨානෙන පරිබ්භමනතො ගමනසීලොති පාතී, මරණවසෙන වා තම්හි තම්හි සත්තනිකායෙ අත්තභාවස්ස පතනසීලොති වා පාතී, සත්තසන්තානො චිත්තමෙව වා. තං පාතිනං සංසාරදුක්ඛතො මොක්ඛෙතීති පාතිමොක්ඛං. චිත්තස්ස හි විමොක්ඛෙන සත්තො “විමුත්තො”ති වුච්චති. වුත්තඤ්හි “චිත්තවොදානා සත්තා විසුජ්ඣන්තී”ති (සං· නි· 3.100), “අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්ත”න්ති (මහාව· 28) ච.
වෙනත් ක්‍රමයක්:- කෙලෙසුන්ගේ බලවත් භාවයෙන්, පාප ක්‍රියාවන්හි පහසු බැවින්. පුණ්‍යක්‍රියාවන්හි දුෂ්කර බැවින්, අපායයන්හි වැටෙනසුලු වූයේනුයි පාතියි. පෘථග්ජනයා භව ආදීන්හි අනිත්යතායෙන් කර්ම වේගයෙන් විසිකළ ජලය උඩට ගන්නා යන්ත්‍රයක් මෙන්, අනවදානයෙන් කැරැකෙන ගමන් ස්වභාව යනුයි පාතියි. හැසිරීම් වශයෙන්, ඒ ඒ සත්ත්ව කොටස්වල ආත්මභාවයන්හි වැටෙනසුලු වූයේනුයි පාතියි. චිත්ත සන්තානය හෝ සිතම එම වැටීම්වලින් හා සසර දුකින් මුදවානුයි පාතිමොක්ඛංයි. සිතෙහි මිදීමෙන් සත්ත්වයා මිදුනේ යයි කියයි. යූ.සේයි. ‘සිතෙහි පිරිසිදුවෙන් පිරිසිදු වේ. තෘෂ්ණාවෙන් දැඩිකොට නොගෙන ආශ්රවයන්ගෙන් සිත මිදුණි.
අථ වා අවිජ්ජාදිහෙතුනා සංසාරෙ පතති ගච්ඡති පවත්තතීති පාති, “අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරත”න්ති (සං· නි· 2.124) හි වුත්තං. තස්ස පාතිනො සත්තස්ස තණ්හාදිසංකිලෙසත්තයතො මොක්ඛො එතෙනාති පාතිමොක්ඛො, “කණ්ඨෙකාලො”තිආදීනං විය සමාසසිද්ධි වෙදිතබ්බා.
නොහොත් අවිද්‍යාදී හේතුයෙන් සසරෙහි වැටේ. යේ. පවතීනුයි පාතියි. අවිද්‍යාදී බාධක කෙලෙසුන්ගෙන්, තෘෂ්ණා සංයෝජනයන්ගෙන් යුක්තව සසර සැරිසරන සත්ත්වයින්ගේ යයි යූ.සේයි. එසේ වැටෙන්නා වූ සත්ත්වයාගේ තෘෂ්ණාදී කෙලෙසුන්ගේ මිදීම එයින් වේනුයි පාතිමොක්ඛොයි. ‘කණ්ඨොට්ඨ කාලො’ ආදීන්හි මෙන් සමාස සිද්ධිය දතයුතුය.
අථ වා පාතෙති විනිපාතෙති දුක්ඛෙහීති පාති, චිත්තං. වුත්තඤ්හි “චිත්තෙන නිය්යතී ලොකො, චිත්තෙන පරිකස්සතී”ති (සං· නි· 1.62). තස්ස පාතිනො මොක්ඛො එතෙනාති පාතිමොක්ඛො. පතති වා එතෙන අපායදුක්ඛෙ සංසාරදුක්ඛෙ චාති පාති, තණ්හාදිසංකිලෙසා. වුත්තඤ්හි – “තණ්හා ජනෙති පුරිසං (සං· නි· 1.55-57), තණ්හාදුතියො පුරිසො”ති (ඉතිවු· 15, 105) චාදි. තතො පාතිතො මොක්ඛොති පාතිමොක්ඛො.
නොහොත් දුක්වලින් රකී. දුක් විපත් විනාශ කරයිනුයි පාතියි. මෙහිලා සිත අදහස් කරයි. යූ.සේයි. ලෝකය සිතින් ගෙන යයි. සිතින් එහා මෙහා අදින්නේය. එසේ වැටෙන්නහුගේ මිදීම එයින් වේනුයි පාතිමොක්ඛොයි. එයින් අපා දුකෙහි සසර දුකෙහි වැටයිනුයි පාතියි. තෘෂ්ණාදි කිලිටි කරන ධර්මයන්ය. යූ.සේයි. තෘෂ්ණාව පුරුෂයා හටගන්වයි. පුරුෂයා තෘෂ්ණාව දෙවනකොට ඇත ආදිය, එම දුකින් මිදේනුයි පාතිමොක්ඛොයි.
අථ වා පතති එත්ථාති පාති, ඡ අජ්ඣත්තිකබාහිරානි ආයතනානි. වුත්තඤ්හි – “ඡසු ලොකො සමුප්පන්නො, ඡසු කුබ්බති සන්ථව”න්ති (සු· නි· 171). තතො ඡ අජ්ඣත්තිකබාහිරායතනසඞ්ඛාතපාතිතො මොක්ඛොති පාතිමොක්ඛො. අථ වා පාතො විනිපාතො අස්ස අත්ථීති පාතී, සංසාරො. තතො මොක්ඛොති පාතිමොක්ඛො.
නොහොත් මෙහි වැටෙයිනුයි පාතියි. ෂට් අධ්‍යාත්මික බාහිර ආයතනයන්ය. යූ.සේයි. ලෝකය සයකින් හටගත්තේය. සයකින් එක්ව විසීම (ආශ්‍රය) සයකින් කෙරේ. එයින් ආධ්‍යාත්මික බාහිරායතන සංඛ්‍යාත වැටීමෙන් මිදීමනුයි පාතිමොක්ඛොයි. විපත්තිදායක වැටීම් ඔහුට ඇත්තේනුයි පාතියි. සංසාරයයි. ඉන් මිදීමනුයි පාතිමොක්ඛොයි.
අථ වා සබ්බලොකාධිපතිභාවතො ධම්මිස්සරො භගවා පතීති වුච්චති, මුච්චති එතෙනාති මොක්ඛො. පතිනො මොක්ඛො තෙන පඤ්ඤත්තත්තාති පතිමොක්ඛො, පතිමොක්ඛො එව පාතිමොක්ඛො. සබ්බගුණානං වා තම්මූලභාවතො උත්තමට්ඨෙන පති ච, සො යථාවුත්තට්ඨෙන මොක්ඛො චාති පතිමොක්ඛො, පතිමොක්ඛො එව පාතිමොක්ඛො. තථා හි වුත්තං “පාතිමොක්ඛන්තිආදිමෙතං මුඛමෙත”න්ති විත්ථාරො.
නොහොත් සියලු ලෝකයට අධිපතිභාවයෙන් ධර්මේශ්වර භාග්‍යවතුන් වහන්සේ පතියයි කියයි. එතුමා කරණකොට මිදේනුයි මොක්ඛොයි. පතිහුගේ මෝක්ෂය එතුමා විසින් පනවන ලද්දේනුයි පාතිමොක්ඛොයි. පති මොක්ඛය මෙසේ පාතිමොක්ඛ විය. සියලු ගුණධර්මයන්ට එතුමා මූලික වීමේ හේතුයෙන්, උතුම් අර්ථයෙන් පති වූයේද, එතුමාණෝනුයි කියන ලද අර්ථයෙන් මෝක්ෂයනුයි පතිමොක්ඛොයි. පතිමොක්ඛය මෙසේ පාතිමොක්ඛ විය. එසේම යූ.සේයි. පාති මොක්ඛං යනු එය ප්‍රමුඛය. එය ප්රධානයයි විස්තරයයි.
අථ වා පඉති පකාරෙ, අතීති අච්චන්තත්ථෙ නිපාතො, තස්මා පකාරෙහි අච්චන්තං මොක්ඛෙතීති පාතිමොක්ඛං. ඉදඤ්හි සීලං සයං තදඞ්ගවසෙන, සමාධිසහිතං පඤ්ඤාසහිතඤ්ච වික්ඛම්භනවසෙන සමුච්ඡෙදවසෙන ච අච්චන්තං මොක්ඛෙති මොචෙතීති පාතිමොක්ඛං. පති මොක්ඛොති වා පතිමොක්ඛො, තම්හා තම්හා වීතික්කමදොසතො පච්චෙකං මොක්ඛොති අත්ථො. පතිමොක්ඛො එව පාතිමොක්ඛො. මොක්ඛොති වා නිබ්බානං, තස්ස මොක්ඛස්ස පටිබිම්බභූතොති පතිමොක්ඛො. සීලසංවරො හි සූරියස්ස අරුණුග්ගමනං විය නිබ්බානස්ස උදයභූතො තප්පටිභාගො ච යථාරහං සංකිලෙසනිබ්බාපනතො. පතිමොක්ඛො එව පාතිමොක්ඛො. පතිවත්තති මොක්ඛෙති දුක්ඛන්ති වා පතිමොක්ඛං, පතිමොක්ඛමෙව පාතිමොක්ඛන්ති එවං තාවෙත්ථ පාතිමොක්ඛසද්දස්ස අත්ථො වෙදිතබ්බො.
නොහොත් පයන්නෙහි ‘ප’ කාරයෙහි අති යනු අත්යන්තාර්ථයෙහි නිපාතයි. එහෙයින් නොයෙක් ආකාරයෙන් සීමාව ඉක්මවා මුදවානුයි පාතිමොක්ඛංයි. මෙම සීලය තදංග වශයෙන් සමාධි සහිතව, ප්‍රඥා සහිතව, තෙමේ විෂ්කම්භන වශයෙන් සමුච්ඡේද වශයෙන් සීමාව ඉක්මවා නිදහස් කරයි මුදවයිනුයි පාතිමොක්ඛංයි. හිමියාගෙන් මිදේනුයි පතිමොක්ඛොයි. ඒ ඒ ව්යතික්රම (ඉක්මවා යාම්) දෝෂයන්ගෙන් වෙන වෙනම මිදීමනුයි පතිමොක්ඛොයි අර්ථයි. පති මොක්ඛයම පාති මොක්ඛංයි. මොක්ඛො යනු නිවනයි. එම මෝක්ෂයාගේ පිළිබිඹුව වූයේනුයි පති මොක්ඛොයි. සීල සංවරය වනාහි සූර්යයාට අරුණෝද්ගමනය මෙන් නිර්වාණයෙහි හටගැනීමට ආධාර වූයේ සුදුසු පරිදි, කෙලෙස් නිවන හෙයින් එයට සමාන වූයේ නුයි පතිමොක්ඛයම පාතිමොක්ඛොයි. මනාව පවතියි දුක මුදවයිනුයි පතිමොක්ඛංයි. පතිමොක්ඛයම පාතිමොක්ඛංයි. මෙසේ එතෙක් මෙහි පාතිමොක්ඛ ශබ්දයෙහි අර්ථය දතයුතුය.
සංවරති පිදහති එතෙනාති සංවරො, පාතිමොක්ඛමෙව සංවරො පාතිමොක්ඛසංවරො. අත්ථතො පන තතො තතො වීතික්කමිතබ්බතො විරතියො චෙතනා ච. තෙන පාතිමොක්ඛසංවරෙන උපෙතො සමන්නාගතො පාතිමොක්ඛසංවරසංවුතොති වුත්තො. වුත්තඤ්හෙතං විභඞ්ගෙ –
හික්මවයි. වසයි එය කරණ කොටගෙන යනුයි සංවරයි. ප්රාතිමෝක්ෂයම සංවරය වූයේ ප්රාතිමෝක්ෂ සංවරයයි. අර්ථ වශයෙන් වනාහි ඒ ඒ තැනින් ව්‍යතික්‍රමණය කළයුතු හෙයින් විරතීහුද, චේතනාද වේ. එම ප්රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූයේ ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ යයි යූ.සේයි. විභංගයෙහි යූ.සේයි.
“ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො උපාගතො සමුපාගතො උපපන්නො සමුපපන්නො සමන්නාගතො, තෙන වුච්චති පාතිමොක්ඛසංවරසංවුතො”ති (විභ· 511).
මෙම ප්රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූයේ මනාව යුක්ත වූයේ එළැඹියේ මනාව එළැඹියේ උපන්නේ මනාව උපන්නේ යුක්ත වූයේ වේද? එහෙයින් ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ යැයි කියයි.
විහරතීති ඉරියාපථවිහාරෙන විහරති ඉරීයති වත්තති.
විහරති යනු ඉරියව් විහරණයෙන් වාසය කරයි. ඉරියව් පවත්වයි. පවතී.
ආචාරගොචරසම්පන්නොති වෙළුදානාදිමිච්ඡාජීවස්ස කායපාගබ්භියාදීනඤ්ච අකරණෙන සබ්බසො අනාචාරං වජ්ජෙත්වා “කායිකො අවීතික්කමො වාචසිකො අවීතික්කමො කායිකවාචසිකො අවීතික්කමො”ති එවං වුත්තභික්ඛුසාරුප්පආචාරසම්පත්තියා, වෙසියාදිඅගොචරං වජ්ජෙත්වා පිණ්ඩපාතාදිඅත්ථං උපසඞ්කමිතුං යුත්තට්ඨානසඞ්ඛාතෙන ගොචරෙන ච සම්පන්නත්තා ආචාරගොචරසම්පන්නො.
ආචාර ගොචර සම්පන්නො යනු උණගස් දීම් ආදී මිථ්යාජීවයාගේද, කායික නොසැලකිලිමත්කම් ආදීන්ගේ නොකිරීමෙන් සියලු ආකාරයෙන් දුරුකොට කායික වාචසික නීති නොඉක්මවීමයයි මෙසේ කියන ලද භික්ෂූන්ට යෝග්‍ය ආචාර සම්පත්තියෙන් යුක්තව, වෙසඟනන් ආදීන් ගැවසෙන නුසුදුසු ස්ථාන දුරුකොට පිණ්ඩපාත ආදී කාර්යයන්ට එළඹෙන්ට සුදුසු ස්ථාන සංඛ්‍යාත ගෝචරයෙන්ද යුක්ත හෙයින් ආචාර ගෝචරයන්ගෙන් යුක්තය.
අපිච යො භික්ඛු සත්ථරි සගාරවො සප්පතිස්සො සබ්රහ්මචාරීසු සගාරවො සප්පතිස්සො හිරොත්තප්පසම්පන්නො සුනිවත්ථො සුපාරුතො පාසාදිකෙන අභික්කන්තෙන පටික්කන්තෙන ආලොකිතෙන විලොකිතෙන සමිඤ්ජිතෙන පසාරිතෙන ඉරියාපථසම්පන්නො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ ජාගරියමනුයුත්තො සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො අප්පිච්ඡො සන්තුට්ඨො පවිවිත්තො අසංසට්ඨො ආභිසමාචාරිකෙසු සක්කච්චකාරී ගරුචිත්තීකාරබහුලො විහරති, අයං වුච්චති ආචාරසම්පන්නො.
තවද යම් භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ගෞරව සහිත වූයේ, සැලකිලි සහිතව වූයේ, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව සහිත වූයේ, සැලකිලි සහිත වූයේ, ලජ්ජාව හා භය යන ද්වයයෙන් යුක්ත වූයේ, මනාව හඳනා ලද්දේ, මනාව පොරවන ලද්දේ ප්රසාදජනක ඉදිරියට යාමෙන් ආපසු යාමෙන්, ඉදිරිය බැලීමෙන්, වටපිට බැලීමෙන්, අත් පා නැමීමෙන්, දිගහැරීමෙන් යහපත් අයුරු ඉරියව් පැවැත්මෙන් යුක්ත වූයේ ඉන්ද්රියයන්හි වසන ලද දොරටු සහිත වූයේ, බොජුන්හි පමණ දතුයේ නිදිවැරීමෙහි යෙදුනේ, සිහියෙන් හා මනා නුවණින් යුතු වූයේ, අල්පේච්ඡ වූයේ, ලද දැයි තුටු වූයේ, විවේකයෙහි ඇලුනේ, ගිහියන් හා නොගැටුනේ, උසස් හැසිරීමට අදාළ වත්පිළිවෙත්හි සකස්ව ක්‍රියා කරනුයේ ප්‍රීතිය බහුල වූයේ වෙසේද, මෙය ආචාර සම්පතැයි කියයි.
ගොචරො පන උපනිස්සයගොචරො ආරක්ඛගොචරො උපනිබන්ධගොචරොති තිවිධො. තත්ථ යො දසකථාවත්ථුගුණසමන්නාගතො වුත්තලක්ඛණො කල්යාණමිත්තො, යං නිස්සාය අසුතං සුණාති, සුතං පරියොදාපෙති, කඞ්ඛං විතරති, දිට්ඨිං උජුං කරොති, චිත්තං පසාදෙති, යඤ්ච අනුසික්ඛන්තො සද්ධාය වඩ්ඪති , සීලෙන, සුතෙන, චාගෙන, පඤ්ඤාය වඩ්ඪති, අයං වුච්චති උපනිස්සයගොචරො.
ගෝචරය වනාහි උපනිස්සය, ආරක්ඛ, උපනිබන්ධ යැයි තෙයාකාරය. එහි යමෙක් දසකථා වස්තු ගුණයෙන් යුත් කියන ලද ලක්ෂණයෙන් යුත් කළණ මිතුරන් ඇසිරිකොට, නො අසන ලද්ද අසයි. අසන ලද්ද පිරිසිදු කරයි. සැක දුරුකරයි. දෘෂ්ටිය සෘජු කරයි. සිත පහදයිද, යමෙක් අනුව පුහුණු වනුයේ, ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රවණයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩේද, මෙය යෝග්‍ය ඇසුර යයි කියයි.
යො භික්ඛු අන්තරඝරං පවිට්ඨො වීථිං පටිපන්නො ඔක්ඛිත්තචක්ඛු යුගමත්තදස්සාවී චක්ඛුන්ද්රියසංවුතොව ගච්ඡති, න හත්ථිං ඔලොකෙන්තො, න අස්සං, න රථං, න පත්තිං, න ඉත්ථිං, න පුරිසං ඔලොකෙන්තො, න උද්ධං ඔලොකෙන්තො, න අධො ඔලොකෙන්තො, න දිසාවිදිසං පෙක්ඛමානො ගච්ඡති, අයං ආරක්ඛගොචරො.
යම් භික්ෂුවක් ඇතුල්ගෙට පිවිසියේ, වීථියට පිළිපන්නේ යට හෙළන ලද ඇස් ඇතියේ, විය ගසක පමණ දුර බලමින්, සංවර වූයේ ඇවිදියි. ඇතෙකු, අශ්වයකු, රථයක්, පාබල හමුදාවක්, ස්ත්‍රියක, පුරුෂයෙකු, උඩ, යට, දිසානුදිසා බලමින් නොයයි. මෙය යෝග්‍ය ආරක්ෂාවයි.
උපනිබන්ධගොචරො පන චත්තාරො සතිපට්ඨානා, යත්ථ භික්ඛු අත්තනො චිත්තං උපනිබන්ධති, වුත්තඤ්හෙතං භගවතා –
ළංව බඳනා ලද යෝග්‍යතාවය වනාහි සතර සතිපට්ඨානයෝය. යම්තැනක භික්ෂුව තම සිත ළංව බඳීද? භාග්‍යවතුන් වහන්සේ විසින් යූ.සේයි.
“කො ච, භික්ඛවෙ, භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයො, යදිදං චත්තාරො සතිපට්ඨානා”ති (සං· නි· 5.372).
භික්ෂුවට සිය පිය උරුමයෙන් හිමි වූ යෝග්‍යතාවය කිමෙක්ද? යම් ආකාර වූ සතර සතිපට්ඨානයෙක් වේද එයයි.
තත්ථ උපනිස්සයගොචරස්ස පුබ්බෙ වුත්තත්තා ඉතරෙසං වසෙනෙත්ථ ගොචරො වෙදිතබ්බො. ඉති යථාවුත්තාය ආචාරසම්පත්තියා, ඉමාය ච ගොචරසම්පත්තියා සමන්නාගතත්තා ආචාරගොචරසම්පන්නො.
උපනිශ්‍රය යෝග්‍යතාවය පෙර කියන ලද හෙයින්, මෙහි අනෙක් ඒවා වශයෙන් යෝග්‍යතාවය දතයුතුය. මෙසේ කිය ලද ආකාර ඇති ආචාර සම්පත්තියෙන්ද, මෙම ගෝචර සම්පත්තියෙන්ද යුක්ත හෙයින් ආචාර, ගෝචර සම්පන්න වූයේ.
අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවීති අප්පමත්තකත්තා අණුප්පමාණෙසු අස්සතියා අසඤ්චිච්ච ආපන්නසෙඛියඅකුසලචිත්තුප්පාදාදිභෙදෙසු වජ්ජෙසු භයදස්සනසීලො. යො හි භික්ඛු පරමාණුමත්තං වජ්ජං අට්ඨසට්ඨියොජනපමාණාධිකයොජනසතසහස්සුබ්බෙධසිනෙරුපබ්බතරාජසදිසං කත්වා පස්සති, යොපි සබ්බලහුකං දුබ්භාසිතමත්තං පාරාජිකසදිසං කත්වා පස්සති, අයම්පි අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී නාම. සමාදාය සික්ඛති සික්ඛාපදෙසූති යංකිඤ්චි සික්ඛාපදෙසු සික්ඛිතබ්බං, තං සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අනවසෙසං සම්මා ආදියිත්වා සික්ඛති, පවත්තති පරිපූරෙතීති අත්ථො.
අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි යනු අල්පමාත්‍ර බැවින්, ඉතා කුඩා වූද, නොදැන පත් සත් චාරිත්රයන්ට අයත් අකුසල සිත් ඉපැත්ම ආදී භේද ඇති දෝෂයන්හි බියදක්නා සුලුවූයේ. යම්කිසි භික්ෂුවක් වනාහි පරමාණු මාත්‍ර දොසක්, යොදුන් හැටඅට දහසකට වඩා යොදුන් දහසක් උස මහාමේරු පර්වත රාජයා හා සමානව දකියි. යමෙක් වනාහි ඉතා සැහැල්ලු දුබ්භාසිත මාත්‍ර ඇවතක් පාරාජිකාවක් හා සමකොට දක්නේද, මොහුද ස්වල්පමාත්‍ර වූද වරදෙහි බිය දක්නා සුලුවූයේ නමැ. සමාදාය සික්ඛති සික්ඛාපදෙසු යනු ශික්ෂාපදයන්හි, හික්මිය යුතු යම්කිසිවක් වේද ඒ සියල්ලෙන් සියල්ල සර්වාකාරයෙන් සියල්ල ශේෂරහිතව මනාකොට ගෙන හික්මෙයි. පවත්වයි. සම්පූර්ණ කෙරේයයි අර්ථයි.
අභිසල්ලෙඛිකාති අතිවිය කිලෙසානං සල්ලෙඛනී, තෙසං තනුභාවාය පහානාය යුත්තරූපා. චෙතොවිවරණසප්පායාති චෙතසො පටිච්ඡාදකානං නීවරණානං දූරීභාවකරණෙන චෙතොවිවරණසඞ්ඛාතානං සමථවිපස්සනානං සප්පායා, සමථවිපස්සනාචිත්තස්සෙව වා විවරණාය පාකටීකරණාය වා සප්පායා උපකාරිකාති චෙතොවිවරණසප්පායා.
අභිසල්ලෙඛිකා යනු අතිශයින් කෙලෙසුන්ගෙන් තුනී කිරීම, ඒවාහි සියුම් බව සඳහා, ප්රහාණය සඳහා යෙදුනු ආකාරය, චෙතො විවරණ සප්පාය යනු සිත වසාදමන නීවරණයන්ගේ දුර බව කිරීමෙන් සිතේ විවෘත කිරීම් සංඛ්‍යාත සමථ විදර්ශනාවන්ට සත්ප්‍රාය වූ, සමථ විදර්ශනාවම චිත්තයාගේ විවෘත කිරීමට ප්‍රකට කිරීමට සත්ප්‍රාය වූයේ උපකාරී වූයේනුයි චෙතො විවරණ සප්පායායි.
ඉදානි යෙන නිබ්බිදාදිආවහනෙන අයං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා ච නාම හොති, තං දස්සෙතුං “එකන්තනිබ්බිදායා”තිආදි වුත්තං. තත්ථ එකන්තනිබ්බිදායාති එකංසෙනෙව වට්ටදුක්ඛතො නිබ්බින්දනත්ථාය. විරාගාය නිරොධායාති තස්සෙව විරජ්ජනත්ථාය ච නිරුජ්ඣනත්ථාය ච. උපසමායාති සබ්බකිලෙසූපසමාය. අභිඤ්ඤායාති සබ්බස්සාපි අභිඤ්ඤෙය්යස්ස අභිජානනාය. සම්බොධායාති චතුමග්ගසම්බොධාය. නිබ්බානායාති අනුපාදිසෙසනිබ්බානාය. එතෙසු හි ආදිතො තීහි පදෙහි විපස්සනා වුත්තා, ද්වීහි මග්ගො, ද්වීහි නිබ්බානං වුත්තං. සමථවිපස්සනා ආදිං කත්වා නිබ්බානපරියොසානො අයං සබ්බො උත්තරිමනුස්සධම්මො දසකථාවත්ථුලාභිනො සිජ්ඣතීති දස්සෙති.
දැන් යම් නිර්වේදාදිය ගෙනඒමෙන් මෙම කථාව, මනාව කෙලෙස් තුනී කරන සිතෙහි ප්‍රකට කිරීමට සත්ප්‍රාය වූයේම නම් වේ. එය දක්වන්ට ඒකන්ත නිබ්බිදාය ආදිය යූ.සේයි. එහි එකන්ත නිබ්බිදාය යනු ඒකාන්තයෙන් සංසාර වෘත්ත දුකින් කලකිරෙනු පිණිස. විරාගාය නිරොධාය යනු ඒවායෙහිම නොඇල්ම සඳහා, නිරුද්ධ කිරීම සඳහා. උපසමාය යනු සියලු කෙලෙසුන්ගෙන් සන්සිඳීම සඳහා. අභිඤ්ඤාය සියලුම දතයුතු දෑ දැනගැනීම සඳහා. සම්බොධාය යනු සිව් මාර්ග අවබෝධය සඳහා. නිබ්බාණාය යනු අනුපදිසෙස නිවන පිණිස. ඒවායි මුල ත්‍රයයෙන් විදර්ශනාව යූ.සේයි. ද්වයයකින් මාර්ගය ද්වයයකින් නිර්වාණය යූ.සේයි. සමථ විදර්ශනා මුල්කොට නිර්වාණය අවසන්කොට ඇති මේ සියලු උතුරු මිනිස්දම්, දසකථා වස්තු ලාභීහුට හටගනී යයි දක්වයි.
ඉදානි තං කථං විභජිත්වා දස්සෙන්තො “අප්පිච්ඡකථා”තිආදිමාහ. තත්ථ අප්පිච්ඡොති න ඉච්ඡො, තස්ස කථා අප්පිච්ඡකථා, අප්පිච්ඡභාවප්පටිසංයුත්තා කථා වා අප්පිච්ඡකථා. එත්ථ ච අත්රිච්ඡො පාපිච්ඡො මහිච්ඡො අප්පිච්ඡොති ඉච්ඡාවසෙන චත්තාරො පුග්ගලා. තෙසු අත්තනා යථාලද්ධෙන ලාභෙන අතිත්තො උපරූපරි ලාභං ඉච්ඡන්තො අත්රිච්ඡො නාම. යං සන්ධාය වුත්තං –
දැන් එම කථාව බෙදා දක්වනුයේ ‘අප්පජිච්ඡකථා’ ආදිය වදාළහ. එහි අප්පිච්ඡො යනු නොකැමැති වීම. එහි කථාව අල්පේච්ඡ කථාවයි. අල්පේච්ඡතාභාව ප්‍රතිසංයුක්ත කථාව හෝ අල්පේච්ඡ කථාවයි. මෙහිද අත්‍රිච්ඡ - පාපිච්ඡ, මහිච්ඡ, අප්පිච්ඡ යයි කැමැතිවීම් වශයෙන් පුද්ගලයෝ සතර දෙනෙකි. ඔවුනතර තමා ලද ලාභය අනුව තෘප්තිමත් නුවූයේ මතු මත්තෙහි ලාභ බලාපොරොත්තු වනුයේ අත්‍රිච්ඡ නමැ. යමක් සඳහා,
“චතුබ්භි අට්ඨජ්ඣගමා, අට්ඨභි චාපි සොළස; සොළසභි ච ද්වත්තිංස, අත්රිච්ඡං චක්කමාසදො; ඉච්ඡාහතස්ස පොසස්ස, චක්කං භමති මත්ථකෙ”ති. (ජා· 1.5.103);
චතුබ්භි අට්ඨජ්ඣගමා - අට්ඨාහිච සොළස සොළසහිච ඛත්තිංස - අත්රිච්ඡං චක්කමාසදො ඉච්ඡා හස්සෙ පොසස්ස - චක්කං භමති මත්ථකෙ
සතරෙන් අටට, අටෙන් සොළසට, සොළසින් දෙතිසට වශයෙන් අත්‍රිච්ඡතා චක්‍රයෙන්, ආසාදිත වූයේ කැමැත්ත නැසුනා වූ, පුරුෂයාගේ මස්තකයෙහි චක්‍රය කැරකේ.
“අත්රිච්ඡා අතිලොභෙන, අතිලොභමදෙන චා”ති ච. (ජා· 1.2.168);
අත්‍රිච්ඡතාවය, ප්‍රමාණය ඉක්මවූ ලෝභයෙන්, ප්‍රමාණය ඉක්මවූ ලෝභ මදයෙන් යැයි ද යූ.සේයි.
ලාභසක්කාරසිලොකනිකාමයතාය අසන්තගුණසම්භාවනාධිප්පායො පාපිච්ඡො. යං සන්ධාය වුත්තං –
ලාභ, සත්කාර, කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන්, නැති ගුණ හැඟවීමේ අදහස පාපිච්ඡතාවයයි. යමක් සඳහා යූ.සේයිද?
“තත්ථ කතමා කුහනා? ලාභසක්කාරසිලොකසන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස පච්චයප්පටිසෙවනසඞ්ඛාතෙන වා සාමන්තජප්පිතෙන වා ඉරියාපථස්ස වා අඨපනා”තිආදි (විභ· 861).
එහි නැති ගුණ පෙන්වීම කවරෙක්ද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සන්නිශ්‍රිත පවිටු අදහස් ඇති පවිටු අදහසින් ගැලී, ප්‍රත්‍යය වැළැක්මෙන් හෝ, කෙළින් නොකියා කිට්ටුවෙන් කීම හෝ ඉරියව්වල හෝ මනාව තැබීම - පිහිටුවීම, මනාසේ පිහිටුවීම ආදියයි.
සන්තගුණසම්භාවනාධිප්පායො පටිග්ගහණෙ අමත්තඤ්ඤූ මහිච්ඡො. යං සන්ධාය වුත්තං –
ඇති ගුණයන්ට ගරුබුහුමන් අපේක්ෂාවෙන්, ප්‍රතිග්‍රහණයෙහි ප්‍රමාණ නොදතුයේ මහිච්ඡොයි. යමක් යූ.සේයිද?
“ඉධෙකච්චො සද්ධො සමානො ‘සද්ධොති මං ජනො ජානාතූ’ති ඉච්ඡති, සීලවා සමානො ‘සීලවාති මං ජනො ජානාතූ’ති ඉච්ඡතී”තිආදි (විභ· 851).
මෙලොව ඇතැමෙක් ශ්රද්ධාවත් වූයේ ජනතාව හා ශ්රද්ධාවත් අයෙකැයි දැනගනීවායි කැමැති වේ. සිල්වත් වූයේ ජනතාව මා සිල්වත් අයෙකැයි දැනගනීවායි කැමැති වේ ආදිය.
දුත්තප්පියතාය හිස්ස විජාතමාතාපි චිත්තං ගහෙතුං න සක්කොති. තෙනෙතං වුච්චති –
එසේම ඔහුට වැදූ මවගේද සිත ගන්ට නොහැකි වේ. එහෙයින් එය කියයි.
“අග්ගික්ඛන්ධො සමුද්දො ච, මහිච්ඡො චාපි පුග්ගලො; සකටෙහි පච්චයෙ දෙන්තු, තයොපෙතෙ අතප්පියා”ති.
අග්ගක්ඛන්දො සමුද්දොච - මහිච්ඡො චාපි පුග්ගලො සකටෙහි පච්චයෙ දෙන්තු - තයො පෙතෙ අතප්පියාති
ගිනි කන්ද, සමුදුර, මහත් ආශා ඇති පුද්ගලයාද යන එම තිදෙනට ගැල්වලින් ප්‍රත්‍යය දෙත්වා. එසේ දුන්නේ වී නමුත් අතෘප්තිකර වේ.
එතෙ පන අත්රිච්ඡතාදයො දොසෙ ආරකා පරිවජ්ජෙත්වා සන්තගුණනිගූහනාධිප්පායො පටිග්ගහණෙ ච මත්තඤ්ඤූ අප්පිච්ඡො. සො අත්තනි විජ්ජමානම්පි ගුණං පටිච්ඡාදෙතුකාමතාය සද්ධො සමානො “සද්ධොති මං ජනො ජානාතූ”ති න ඉච්ඡති, සීලවා, බහුස්සුතො, පවිවිත්තො, ආරද්ධවීරියො, උපට්ඨිතස්සති, සමාහිතො, පඤ්ඤවා සමානො “පඤ්ඤවාති මං ජනො ජානාතූ”ති න ඉච්ඡති.
එම අත්රිච්ඡතාදී දෝෂයන් දුරින්ම දුරුකොට, සන්සුන් ගුණ සඟවන අදහසින්, ප්‍රතිග්‍රහණයෙහි පමණ දන්නේ අල්පේච්ඡ නමැ. හෙතෙම තමන් කෙරෙහි විද්‍යමාන වූද ගුණයන් වසනු, කැමැත්තෙන් ශ්රද්ධාවත් වූයේ ජනතාව මා ශ්රද්ධාවත් අයෙකැයි දනීවායි නොකැමැති වේ. සිල්වත් වූයේ, බහුශ්‍රැත වූයේ -පෙ- විවේකයෙහි ඇලුනේ, ආරබ්ධ වීර්ය ඇත්තේ -පෙ- එළැඹ සිටි සිහි ඇත්තේ, සමාහිත වූයේ -පෙ- ප්‍රඥාවත් වූයේ, ජනතාව මා ප්‍රඥාවත් අයෙකැයි දැනගනීවායි නොකැමති වේ.
ස්වායං පච්චයප්පිච්ඡො ධුතඞ්ගප්පිච්ඡො පරියත්තිඅප්පිච්ඡො අධිගමප්පිච්ඡොති චතුබ්බිධො. තත්ථ චතූසු පච්චයෙසු අප්පිච්ඡො පච්චයදායකං දෙය්යධම්මං අත්තනො ථාමඤ්ච ඔලොකෙත්වා සචෙපි හි දෙය්යධම්මො බහු හොති, දායකො අප්පං දාතුකාමො, දායකස්ස වසෙන අප්පමෙව ගණ්හාති. දෙය්යධම්මො චෙ අප්පො, දායකො බහුං දාතුකාමො, දෙය්යධම්මස්ස වසෙන අප්පමෙව ගණ්හාති. දෙය්යධම්මොපි චෙ බහු, දායකොපි බහුං දාතුකාමො, අත්තනො ථාමං ඤත්වා පමාණයුත්තමෙව ගණ්හාති. එවරූපො හි භික්ඛු අනුප්පන්නං ලාභං උප්පාදෙති, උප්පන්නං ලාභං ථාවරං කරොති, දායකානං චිත්තං ආරාධෙති. ධුතඞ්ගසමාදානස්ස පන අත්තනි අත්ථිභාවං න ජානාපෙතුකාමො ධුතඞ්ගප්පිච්ඡො. යො අත්තනො බහුස්සුතභාවං ජානාපෙතුං න ඉච්ඡති, අයං පරියත්තිඅප්පිච්ඡො. යො පන සොතාපන්නාදීසු අඤ්ඤතරො හුත්වා සබ්රහ්මචාරීනම්පි අත්තනො සොතාපන්නාදිභාවං ජානාපෙතුං න ඉච්ඡති, අයං අධිගමප්පිච්ඡො. එවමෙතෙසං අප්පිච්ඡානං යා අප්පිච්ඡතා, තස්සා සද්ධිං සන්දස්සනාදිවිධිනා අනෙකාකාරවොකාරආනිසංසවිභාවනවසෙන, තප්පටිපක්ඛස්ස අත්රිච්ඡාදිභෙදස්ස ඉච්ඡාචාරස්ස ආදීනවවිභාවනවසෙන ච පවත්තා කථා අප්පිච්ඡකථා.
ඒ මෙය ප්‍රත්‍යය අල්පේච්ඡතාවය - ධුතංග, පර්යාප්ති අධිාගම අල්පේච්ඡතාවයැයි සිව් වැදෑරුම්ය. එහි සිව්පසයෙහි අල්පේච්ඡ තැනැත්තේ, ප්‍රත්‍යය දායකයාද, දාන වස්තුව ද තම ශක්තියද බලා, ඉදින් දාන වස්තුව බහුල වේද, දායකයා ස්වල්පයක් දෙනු කැමැත්තේ වේද, එහිදී දායකයාගේ අදහස් සලකා ස්වල්පයක්ම ගනියි. ඉදින් දාන වස්තුව ස්වල්ප වේද, දායකයා බොහෝ දෙනු කැමැත්තේ වේද? දාන වස්තුවගේ වශයෙන් ස්වල්පයක්ම ගනියි. දාන වස්තුවද බොහෝ වූයේ, දායකයාද බොහෝ දෙනු කැමැත්තේ වේද, තමාගේ ශක්තිය දැන සුදුසු ප්‍රමාණයම ගනියි. මෙබඳු භික්ෂුව නූපන් ලාභ උපදවයි. උපන් ලාභ ස්ථාවර කරයි. දායකයන්ගේ සිත් ගනියි. ධුතංග සමාදන්ව විසීම තමා කෙරෙහි ඇති බව නොදන්වනු කැමැතියේ ධුතංගල්පෙච්ඡයාය. යමෙක් තමාගේ බහුශ්‍රැතභාවය දන්වන්ට නොකැමැති වේද? මේ පර්යාප්ති අල්පේච්ඡයාය. යමෙක් වනාහි සෝවාන් ආදීන් අතරත එක්තරා කෙනෙකුගේ තත්ත්වයට පැමිණ සබ්රම්සරුන්ටද, තම සෝවාන් ආදී ස්වභාවයන් දන්වන්ට නොකැමැති වේද, මේ අධිගම අල්පේච්ඡතාවයක් වේද? එය සමග සන්තෝෂය ප්‍රදර්ශනය කිරීම් ආකාරයෙන් ස්කන්ධ, අනුසස් පැහැදිලි කිරීමෙන්, එයට ප්රතිපක්ෂ අධික ආශා ඇති බව ආදී ප්‍රභේද ඇති ආශාචාරයෙහි (කැමැත්ත පැවැත්මෙහි) දොස් පැහැදිලි කිරීම් වශයෙන්ද පැවැති කථාව අල්පේච්ඡ කථාවයි.
සන්තුට්ඨිකථාති එත්ථ සන්තුට්ඨීති සකෙන අත්තනා ලද්ධෙන තුට්ඨි සන්තුට්ඨි. අථ වා විසමං පච්චයිච්ඡං පහාය සමං තුට්ඨි, සන්තුට්ඨි. සන්තෙන වා විජ්ජමානෙන තුට්ඨි සන්තුට්ඨි. වුත්තඤ්චෙතං –
සන්තුට්ඨිකථා යනු මෙහි සන්තුට්ඨි යනු තමා අයත් තමා විසින් ලද ප්‍රීතිය = සන්තුට්ඨියි. නොහොත් විසම වූ ප්‍රත්‍යයන් පිළිබඳ කැමැත්ත අත්හැර සම ප්‍රීතිය සන්තුෂ්ටියයි. සන්සුන් අයුරින් පැවැති ප්‍රීතිය සන්තුෂ්ටියි. යූ.සේයි.
“අතීතං නානුසොචන්තො, නප්පජප්පමනාගතං; පච්චුප්පන්නෙන යාපෙන්තො, සන්තුට්ඨොති පවුච්චතී”ති.
අතීතං නානුසොචන්තො - නප්පජප්පමනාගතං පච්චුප්පන්නෙන යාපෙන්තො - සන්තුට්ඨොති පවුච්චති
ඉකුත් දෑ කෙරෙහි සෝක නොකරනුයේ - අනාගතයට බලාපොරොත්තු ඇතිකර නොගනිත්. වර්තමානයෙහි ලද පමණින් යැපෙනුයේ සතුටට පත්වූවෙකැයි කියනු ලැබේ.
සම්මා වා ඤායෙන භගවතා අනුඤ්ඤාතවිධිනා පච්චයෙහි තුට්ඨි සන්තුට්ඨි. අත්ථතො ඉතරීතරපච්චයසන්තොසො , සො ද්වාදසවිධො හොති. කථං ? චීවරෙ යථාලාභසන්තොසො, යථාබලසන්තොසො, යථාසාරුප්පසන්තොසොති තිවිධො, එවං පිණ්ඩපාතාදීසු.
යහපත් ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාළ ක්‍රමවලින් ප්රත්යයන්ගෙන් සතුටුවීම - සන්තුෂ්ටියයි අර්ථ වශයේ වනාහි උස් පහත් කවරාකාර හෝ ප්‍රත්‍යයෙකින් සන්තෝෂ වීමයි. එය දොළොස් ආකාර වේ. කෙසේද යත්, සිවුරෙහි යථාලාභ සන්තෝෂය යථාබල සන්තෝෂය, යථා සාරුප්ප සන්තෝෂයයි ත්‍රිවිධය. පිණ්ඩපාතාදීන්හිද එසේය.
තත්රායං පභෙදවණ්ණනා – ඉධ භික්ඛු චීවරං ලභති සුන්දරං වා අසුන්දරං වා, සො තෙනෙව යාපෙති, අඤ්ඤං න පත්ථෙති, ලභන්තොපි න ගණ්හාති, අයමස්ස චීවරෙ යථාලාභසන්තොසො. අථ පන පකතිදුබ්බලො වා හොති ආබාධජරාභිභූතො වා, ගරුං චීවරං පාරුපන්තො කිලමති, සො සභාගෙන භික්ඛුනා සද්ධිං තං පරිවත්තෙත්වා ලහුකෙන යාපෙන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස චීවරෙ යථාබලසන්තොසො. අපරො පට්ටචීවරාදීනං අඤ්ඤතරං මහග්ඝචීවරං ලභිත්වා “ඉදං ථෙරානං චිරපබ්බජිතානං, ඉදං බහුස්සුතානං අනුරූපං, ඉදං ගිලානානං දුබ්බලානං, ඉදං අප්පලාභීනං වා හොතූ”ති තෙසං දත්වා අත්තනා සඞ්කාරකූටාදිතො නන්තකානි උච්චිනිත්වා සඞ්ඝාටිං කත්වා තෙසං වා පුරාණචීවරානි ගහෙත්වා ධාරෙන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස චීවරෙ යථාසාරුප්පසන්තොසො.
එහි මේ ප්‍රභේද වර්ණනාවයි. මේ සස්නෙහි භික්ෂුව මනෝඥ වූ හෝ අමනෝඥ වූ සිවුරක් ලබයි. හෙතෙම එයින්ම යැපෙයි. අනෙකක් බලාපොරොත්තු නොවේ. ලදුයේද නොගනියි. මේ මොහුගේ සිවුරෙහි යථාලාභ සන්තෝෂයයි. එසේද වුවත් ප්‍රකෘතියෙන් දුර්වල වූයේ හෝ රෝගාබාධ ජරාවෙන් මැඩුනේ හෝ වේද? බර සිවුරක් පොරවනුයේ ක්ලාන්ත වේද? හෙතෙම සමාන පැවතුම් ඇති භික්ෂූන් සමග හුවමාරුකොට සැහැල්ලු සිවුරකිාන් යැපෙනුයේද සතුටට පත්වූයේම වේ. මේ මොහුගේ යථාබල සන්තෝෂයයි. අනෙක් භික්ෂුවක්, පටසිවුරු ආදීන්ගේ එක්තරා මහානර්ඝ සිවුරක් ලැබ මෙය පැවිදිව කලක් ගතවූ, බහුශ්‍රැත තෙරවරුන්ට සුදුසුය. මෙය ගිලන් වූ දුර්වල වූ ස්වල්ප ලාභ ලබනවුන්ට වේවායි ඔවුන්ට දී තමා කසල ගොඩවල් ආදියෙන් කඩමාලු ඇහිඳ, දෙපට සිවුරක් මසා හෝ ඔවුන්ගේ පැරැණි සිවුරු ගෙන දරනුයේ ද තෘප්තියට පත්වූයේම වේ. මේ මොහුගේ සිවුරෙහි (සිවුර පිළිබඳ) යථා සාරුප්‍ය සන්තෝෂයයි.
ඉධ පන භික්ඛු පිණ්ඩපාතං ලභති ලූඛං වා පණීතං වා, සො තෙනෙව යාපෙති, අඤ්ඤං න පත්ථෙති, ලභන්තොපි න ගණ්හාති, අයමස්ස පිණ්ඩපාතෙ යථාලාභසන්තොසො. අථ පන ආබාධිකො හොති, ලූඛං පකතිවිරුද්ධං වා බ්යාධිවිරුද්ධං වා පිණ්ඩපාතං භුඤ්ජිත්වා ගාළ්හං රොගාතඞ්කං පාපුණාති, සො සභාගස්ස භික්ඛුනො දත්වා තස්ස හත්ථතො සප්පායභොජනං භුඤ්ජිත්වා සමණධම්මං කරොන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස පිණ්ඩපාතෙ යථාබලසන්තොසො . අපරො භික්ඛු පණීතං පිණ්ඩපාතං ලභති, සො “අයං පිණ්ඩපාතො චිරපබ්බජිතාදීනං අනුරූපො”ති චීවරං විය තෙසං දත්වා, තෙසං වා සන්තකං ගහෙත්වා, අත්තනා පිණ්ඩාය චරිත්වා, මිස්සකාහාරං වා පරිභුඤ්ජන්තොපි සන්තුට්ඨොව හොති. අයමස්ස පිණ්ඩපාතෙ යථාසාරුප්පසන්තොසො.
මේ සස්නෙහි භික්ෂුව රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ පිඬු හෙළිමක් ලබයි. හෙතෙම එයින්ම යැපෙයි. අනෙකක් නොපතයි. ලැබෙනුයේ ද නොගනී. මේ මොහුගේ පිණ්ඩපාතයෙහි යථාලාභ සන්තෝෂයයි. නැවතද වනාහි රූක්ෂ දෑ ප්‍රකෘතියෙන්ම අගුණය. ලෙඩට විරුද්ධ වූයේ හෝ වේ. දැඩි රෝගාබාධවලට පැමිණෙයි. එබඳු පිණ්ඩපාතය වළඳා රෝගියෙක් වේ. හෙතෙම ඒවා සමාන පැවතුම් ඇති භික්ෂුවකට දී, ඔහුගේ අතින් සත්ප්‍රාය බොදුනක් අනුභවකොට ශ්‍රමණ ධර්මය කරනුයේද සතුටු වූයේම වේ. මේ මොහුගේ පිණ්ඩපාතයෙහි යථාබල සන්තෝෂයයි. අනෙක් භික්ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතය ලබයි. හෙතෙම මෙම පිණ්ඩපාතය පැවිදිව කලක් ගතවූවනට සුදුසු යයි සිවුරෙහි මෙන් ඔවුන්ට දී, ඔවුන්ගේ සන්තකයෙහි ඇති දැයක් ගෙන හෝ තමා විසින් පිඬු පිණිස හැසිර මිශ්‍ර ආහාරයක් පරිභෝග කරනුයේද සතුටු වූයේම වේ. මේ මොහුගේ පිණ්ඩපාතයෙහි යථා සාරුප්‍ය සන්තෝෂයයි.
ඉධ පන භික්ඛුනො සෙනාසනං පාපුණාති මනාපං වා අමනාපං වා අන්තමසො තිණකුටිකාපි තිණසන්ථාරකම්පි, සො තෙනෙව සන්තුස්සති, පුන අඤ්ඤං සුන්දරතරං වා පාපුණාති, තං න ගණ්හාති, අයමස්ස සෙනාසනෙ යථාලාභසන්තොසො. අථ පන ආබාධිකො හොති දුබ්බලො වා, සො බ්යාධිවිරුද්ධං වා පකතිවිරුද්ධං වා සෙනාසනං ලභති, යත්ථස්ස වසතො අඵාසු හොති, සො තං සභාගස්ස භික්ඛුනො දත්වා තස්ස සන්තකෙ සප්පායසෙනාසනෙ වසිත්වා සමණධම්මං කරොන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස සෙනාසනෙ යථාබලසන්තොසො. අපරො සුන්දරං සෙනාසනං පත්තම්පි න සම්පටිච්ඡති “පණීතසෙනාසනං පමාදට්ඨාන”න්ති, මහාපුඤ්ඤතාය වා ලෙණමණ්ඩපකූටාගාරාදීනි පණීතසෙනාසනානි ලභති, සො තානි චීවරාදීනි විය චිරපබ්බජිතාදීනං දත්වා යත්ථ කත්ථචි වසන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස සෙනාසනෙ යථාසාරුප්පසන්තොසො.
මේ සස්නෙහි භික්ෂුව සිතට ප්‍රිය වූ හෝ නොවූ හෝ යටත් පිරිසෙයින් තණ කුටියකට හෝ තණ අතුරන ලද ස්ථානයක් වූ සෙනසුනකට පැමිණෙයි. හෙතෙම එයින්ම සන්තෘප්ත වේ. නැවත අන්‍ය වඩා සුන්දර ස්ථානයකට හෝ පැමිණේද? එය නොගනී. මේ මොහුගේ සෙනසුන්හි යථාලාභ සන්තෝෂයයි. යම්තැනක වසනහුට අපහසුතා වේද, එබඳු ආබාධිත හෝ දුර්වලතා සහිත අයෙක් වේද, ඔහුට රෝගයට විරුද්ධ හෝ ස්වභාව විරුද්ධ සෙනසුනක් ලැබේද, හෙතෙම එය භික්ෂු සංඝයාට පරිත්‍යාගකොට, ඔහුගේ ආසන්නයෙහි පිහිටි සෙනසුනක වැස මහණදම් කරනුයේද සතුටුවූයේම වේ. මේ මොහුගේ සෙනසුන්හි යථාබල සන්තෝෂයයි. අනෙකෙක් ප්‍රණීත සෙනසුන් ප්‍රමාදයට හේතුවේයයි සලකා සොඳුරු සෙනසුන් ප්‍රාප්ත වූයේද නොපිළිගනී. මහා පිණැති බැවින් ලෙන්, මණ්ඩප, කූටාගාරාදී, ප්‍රණීත සෙනසුන් ලබයි. හෙතෙම ඒවා සිවුරු ආදියෙහි මෙන් චිර ප්රවෘජ්ජිතයින්ට ප්රදානය කොට යම්කිසි තැනක වසනුයේ ද සතුටට පත්වූයේම වේ. මේ මොහුගේ සෙනසුන්හි යථා සාරුප්ප සන්තෝෂයයි.
ඉධ පන භික්ඛු භෙසජ්ජං ලභති ලූඛං වා පණීතං වා, සො තෙනෙව තුස්සති, අඤ්ඤං න පත්ථෙති, ලභන්තොපි න ගණ්හාති, අයමස්ස ගිලානපච්චයෙ යථාලාභසන්තොසො. අථ පන තෙලෙන අත්ථිකො ඵාණිතං ලභති, සො තං සභාගස්ස භික්ඛුනො දත්වා, තස්ස හත්ථතො තෙලං ගහෙත්වා, භෙසජ්ජං කත්වා සමණධම්මං කරොන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස ගිලානපච්චයෙ යථාබලසන්තොසො. අපරො මහාපුඤ්ඤො බහුං තෙලමධුඵාණිතාදිපණීතභෙසජ්ජං ලභති, සො තං චීවරාදීනි විය චිරපබ්බජිතාදීනං දත්වා තෙසං ආභතෙන යෙන කෙනචි භෙසජ්ජං කරොන්තොපි සන්තුට්ඨොව හොති. යො පන එකස්මිං භාජනෙ මුත්තහරීතකං, එකස්මිං චතුමධුරං ඨපෙත්වා “ගණ්හථ, භන්තෙ, යදිච්ඡසී”ති වුච්චමානො සචස්ස තෙසු අඤ්ඤතරෙනපි රොගො වූපසම්මති , “මුත්තහරීතකං නාම බුද්ධාදීහි වණ්ණිතං, පූතිමුත්තභෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා, තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො”ති (මහාව· 128) වචනමනුස්සරන්තො චතුමධුරං පටික්ඛිපිත්වා මුත්තහරීතකෙන භෙසජ්ජං කරොන්තො පරමසන්තුට්ඨොව හොති, අයමස්ස ගිලානපච්චයෙ යථාසාරුප්පසන්තොසො.
මෙ සස්නෙහි භික්ෂුව රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බෙහෙත් ලබයි. හෙතෙම එයින්ම තුටු වේ. අනෙකක් නොපතයි. ලබනුයේ ද නොගනියි. මේ මොහුගේ ගිලන්පසෙහි යථාලාභ සන්තෝෂයයි. නැවත ද වනාහි තලතෙලින් අවශ්‍යතා ඇත්තෙකු උක්පැණි ලබයිද හෙතෙම එය සභාග භික්ෂුවකට දී, ඔහුගේ අතින් තලතෙල් ගෙන බෙහෙත් කොට මහණදම් කරනුයේද සතුටු වූයේම වේ. මේ මොහුගේ ගිලන්පසෙහි යථාබල සන්තෝෂයයි. අනෙකෙක් මහ පිණැතියේ බොහෝ තලතෙල් මීපැණි උක්පැණි ආදී ප්‍රණීත බෙහෙත් ලබයි. හෙතෙම එය සිවුරු ආදිය මෙන්, චිර ප්රවෘජ්ජිතයින්ට දී ඔවුන්ට ගෙන එන ලද යම්කිසිවකින් බෙහෙත් කරනුයේද සතුටු වූයේම වේ. යමෙක් වනාහි එක් බඳුනක ගෝමුත්රද එක් බඳුනක චතු මධුරද තබා, ස්වාමීනි, කැමැති දෙයක් ගනු මැනැවැයි කියනු ලබන්නේ. ඉදින් ඔහුට ඒවා අතර කවර එකකින් වුවද රෝගය සන්සිඳේ. එහෙත් මෙම ගෝමුත්රය නම් බුද්ධාදී උතුමන් විසින් ‘පූතිමුත්‍ර බෙහෙත ඇසුරුකොට පැවිද්ද පවතී. නුඹලා එම බෙහෙත පිළිබඳව (බෙහෙත සාදාගැනීම පාවිච්චිය) දිවි ඇති තෙක් උත්සාහ කටයුතු යයි වර්ණනා කරන ලද වචන සිහිකරනුයේ චතුමධුර, ප්රතික්ෂෙප කොට, ගෝමුත්‍රයෙන් බෙහෙත් කරනුයේ අතිශය සතුටට පත්වූයේම වේ. මේ මොහුගේ ගිලන්පසෙහි යථාසාරුප්ය සන්තෝෂයයි.
සො එවංපභෙදො සබ්බොපි සන්තොසො සන්තුට්ඨීති පවුච්චති. තෙන වුත්තං “අත්ථතො ඉතරීතරපච්චයසන්තොසො”ති. ඉතරීතරසන්තුට්ඨියා සද්ධිං සන්දස්සනාදිවිධිනා ආනිසංසවිභාවනවසෙන, තප්පටිපක්ඛස්ස අත්රිච්ඡතාදිභෙදස්ස ඉච්ඡාපකතත්තස්ස ආදීනවවිභාවනවසෙන ච පවත්තා කථා සන්තුට්ඨිකථා. ඉතො පරාසුපි කථාසු එසෙව නයො, විසෙසමත්තමෙව වක්ඛාම.
මෙවන් ප්‍රභේද ඇති සියලු සන්තෝෂයන් සතුටයැයි කියයි. එහෙයින් අර්ථ වශයෙන් වනාහි ලැබෙන හොඳ නරක කවර ආකාරයේ ප්රත්යයකින් වුව සතුටුවීම යැයි යූ.සේයි. එම සන්තෝෂය පැහැදිලි කිරීම් ක්‍රම සමග අනුසස් පැහැදිලි කිරීම් වශයෙන්, එයට විරුද්ධ අත්රිච්ඡතාදී භේද ඇති, ආශාවෙන් මඬනා ලද්දහුගේ ආදීනව දැක්වීම් වශයෙන් ද පැවැති කථාව සන්තුෂ්ටි කථායි. මින් මත්තෙහි කථාවන්හිද එම ක්‍රමයමැයි. විශේෂතා මාත්‍රයක්ම කියමු.
පවිවෙකකථාති එත්ථ කායවිවෙකො චිත්තවිවෙකො උපධිවිවෙකොති තයො විවෙකා. තෙසු එකො ගච්ඡති, එකො තිට්ඨති, එකො නිසීදති, එකො සෙය්යං කප්පෙති, එකො ගාමං පිණ්ඩාය පවිසති, එකො පටික්කමති, එකො අභික්කමති, එකො චඞ්කමං අධිට්ඨාති, එකො චරති, එකො විහරතීති එවං සබ්බිරියාපථෙසු සබ්බකිච්චෙසු ගණසඞ්ගණිකං පහාය විවිත්තවාසො කායවිවෙකො නාම. අට්ඨ සමාපත්තියො පන චිත්තවිවෙකො නාම. නිබ්බානං උපධිවිවෙකො නාම. වුත්තඤ්හෙතං –
පවිවෙක කථා යන මෙහි කාය, චිත්ත, උපධි යැයි විවේකත්රයයෙකි. ඒවා අතර එක් පුද්ගලයෙකු සිටී. හිඳී. සයනය කරයි. ගමෙහි පිඬු පිණිස හැසිරේ. ආපසු එයි. සක්මන් අදිටයි. හැසිරේ. වාසය කරයි යයි මෙසේ සියලු ඉරියව්හි, සියලු කෘත්‍යයන්හි, සමූහයා සමග එකට විසීමේ ආශාව අත්හැර විවේක වාසය කාය විවේක නමැ. අටසමවත් චිත්ත විවේක නමැ. නිර්වාණය උපධි විවේක නමැ. යූ.සේයි.
“කායවිවෙකො ච විවෙකට්ඨකායානං නෙක්ඛම්මාභිරතානං, චිත්තවිවෙකො ච පරිසුද්ධචිත්තානං පරමවොදානප්පත්තානං, උපධිවිවෙකො ච නිරුපධීනං පුග්ගලානං විසඞ්ඛාරගතාන”න්ති (මහානි· 57).
කෙලෙස්වලින් දුරු වූවන්ට කාය විවේකයද, නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනවුන්ට චිත්ත විවේකයද, පිරිසිදු සිත් ඇති උතුම් පාරිශුද්ධතාවයන්ට පත්වූ උපධි රහිත, ලෞකික දැයින් වෙන් වූවන්ට උපධි විවේකයද වේ.
විවෙකොයෙව පවිවෙකො, පවිවෙකප්පටිසංයුත්තා කථා පවිවෙකකථා.
විවේකයම පවිවේකයයි. විවේක ප්‍රතිසංයුක්ත කථාව පවිවේක කථාවයි.
අසංසග්ගකථාති එත්ථ සවනසංසග්ගො දස්සනසංසග්ගො සමුල්ලපනසංසග්ගො සම්භොගසංසග්ගො කායසංසග්ගොති පඤ්ච සංසග්ගා. තෙසු ඉධෙකච්චො භික්ඛු සුණාති “අසුකස්මිං ගාමෙ වා නිගමෙ වා ඉත්ථී අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා”ති, සො තං සුත්වා සංසීදති විසීදති, න සක්කොති බ්රහ්මචරියං සන්ධාරෙතුං, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති, එවං විසභාගාරම්මණසවනෙන උප්පන්නකිලෙසසන්ථවො සවනසංසග්ගො නාම. න හෙව ඛො භික්ඛු සුණාති, අපිච ඛො සාමං පස්සති ඉත්ථිං අභිරූපං දස්සනීයං පාසාදිකං පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතං, සො තං දිස්වා සංසීදති විසීදති, න සක්කොති බ්රහ්මචරියං සන්ධාරෙතුං, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති, එවං විසභාගාරම්මණදස්සනෙන උප්පන්නකිලෙසසන්ථවො දස්සනසංසග්ගො නාම. දිස්වා පන අඤ්ඤමඤ්ඤං ආලාපසල්ලාපවසෙන උප්පන්නො කිලෙසසන්ථවො සමුල්ලපනසංසග්ගො නාම. සහජග්ඝනාදීනිපි එතෙනෙව සඞ්ගණ්හාති. අත්තනො පන සන්තකං යංකිඤ්චි මාතුගාමස්ස දත්වා වා අදත්වා වා තෙන දින්නස්ස වනභඞ්ගියාදිනො පරිභොගවසෙන උප්පන්නකිලෙසසන්ථවො සම්භොගසංසග්ගො නාම. මාතුගාමස්ස හත්ථග්ගාහාදිවසෙන උප්පන්නකිලෙසසන්ථවො කායසංසග්ගො නාම. යොපි චෙස –
අසංසග්ග කථා යන මෙහි ශ්‍රවණ, දර්ශන, සමුල්ලපන, සම්භෝග, කාය යැයි සංසර්ග පහකි. ඒවා අතර මෙ සස්නෙහි ඇතැම් භික්ෂුවක්, අසවල් නම් ගමෙහි හෝ නියම්ගමෙහි හෝ මනා රූ ඇති දැකුම්කළු, උතුම් රූප සෞන්දර්යයෙන් යුතු ස්ත්‍රියක් සිටීයයි අසයි. හෙතෙම එය අසා, ගිලාබසී. පසුබසී. බඹසර (දරන්ට) නොකඩකොට පවත්වන්ට නොහැකි වේ. ශික්ෂා ප්‍රතික්ෂේප කොට ගිහිබවට පෙරැළේ. මෙසේ විසභාග අරමුණු වශයෙන් උපන් කෙලෙස් සංවාසය ශ්‍රවණ සංසර්ග නමැ. භික්ෂුව ශ්‍රවණය නොකෙරේමය. තවද ඔහු තෙමේම මනා රූ ඇති, දැකුම්කළු, උතුම් රූප සෞන්දර්යයෙන් යුතු ස්ත්‍රියක් දකියි. හෙතෙම ඇය දිටි සැණින් ගිලා බසී. පසු බසී. බඹසර (දරන්ට) නොකඩකොට පවත්වන්ට නොහැකි වේ. ශික්ෂා ප්‍රතික්සේප කොට ගිහි බවට පෙරැළේ. මෙසේ විෂභාග අරමුණු දැකීමෙන් උපන් කෙලෙස් සංවාසය දර්ශන සංසර්ග නමැ. දැක ඔවුනොවුන් අල්ලාප සල්ලාප වශයෙන් උපන් කෙලෙස් සංවාසය සතුටු කතා සංවාසය නමැ. එයට එකතුව සිනාසීම් ආදියද ඒවා සමගම සංග්‍රහ කෙරේ. තමා සතු යම්කිසිවක් කිසියම් ස්ත්‍රියකට දී හෝ නොදී, ඇය විසින් දෙන ලද කිසියම් වටිනා දැයක් පරිභෝග කිරීම් වශයෙන් උපන් කෙලෙස් සංවාසය එක්ව කටයුතු කිරීමේ සංසර්ගය නමැ. මා ගමක ගේ අත්ගැනීම් වශයෙන් උපන් කෙලෙස් සංවාසය කාර්ය සංසර්ග නමැ.
“ගිහීහි සංසට්ඨො විහරති අනනුලොමිකෙන සංසග්ගෙන සහසොකී සහනන්දී සුඛිතෙසු සුඛිතො, දුක්ඛිතෙසු දුක්ඛිතො , උප්පන්නෙසු කිච්චකරණීයෙසු අත්තනා උය්යොගං ආපජ්ජතී”ති (සං· නි· 3.3; මහානි· 164) –
යම් ආකාර වූ මෙතෙමේ සමග ශෝකවන, සමග සතුටුවන සුවපත් අය අතර සුවපත්ව, දුකට පත් අය අතර දුක් ප්‍රාප්තව වැඩකටයුතු හටගත් කල්හි තමා එහි ප්‍රධානියා වශයෙන් උද්යෝගීව ක්‍රියාකාරී වෙයි යයි කියන ලද අනුලොම් නුවූ සංසර්ගයක් වූ ගිහියන් හා එක්ව වාසය කරයි.
එවං වුත්තො අනනුලොමිකො ගිහිසංසග්ගො, යො ච සබ්රහ්මචාරීහිපි කිලෙසුප්පත්තිහෙතුභූතො සංසග්ගො, තං සබ්බං පහාය ය්වායං සංසාරෙ ථිරතරං සංවෙගං, සඞ්ඛාරෙසු තිබ්බං භයසඤ්ඤං, සරීරෙ පටිකූලසඤ්ඤං, සබ්බාකුසලෙසු ජිගුච්ඡාපුබ්බඞ්ගමං හිරොත්තප්පං, සබ්බකිරියාසු සතිසම්පජඤ්ඤන්ති සබ්බං පච්චුපට්ඨපෙත්වා කමලදලෙ ජලබින්දු විය සබ්බත්ථ අලග්ගභාවො, අයං සබ්බසංසග්ගප්පටිපක්ඛතාය අසංසග්ගො. තප්පටිසංයුත්තා කථා අසංසග්ගකථා.
මෙවන් අනුලොම් නුවූ ගිහි සංසර්ගයද, කෙලෙස් හටගැන්මට හේතුකාරණා වූ සබ්‍රම්සරුන් සමග වන සංසර්ගයද ගැන්මට හේතුකාරණා වූ සබ්‍රම්සරුන් සමග වන සංසර්ගයද යන එම සියල්ල දුරුකොට, යම් ආකාර වූ, සසරෙහි අස්ථිරතාවයද සංවේගයද, සංස්කාර සහිත දෑහි තියුණු භය සංඥාවද, ශරීරයෙහි පිළිකුල් සංඥාවද, සියලු අකුසලයන්හි පිළිකුල පෙරටු කොටැති හිරිඔතප්ද, සියලු ක්‍රියාවන්හි සිහිය විමසන නුවණ ද යන සියල්ල පිහිටුවා, නෙලුම්පත දියබිඳක් මෙන් හැමතැන නොඇලීම් ස්වභාවයක් වේද? මෙය සියලු සංසර්ග ප්රතිපක්ෂ හෙයින් අසංසග්ගයි. ඒ හා යෙදුන කථා අසංසග්ග කථායි.
වීරියාරම්භකථාති එත්ථ වීරස්ස භාවො, කම්මන්ති වා වීරියං, විධිනා ඊරයිතබ්බං පවත්තෙතබ්බන්ති වා වීරියං, වීරියඤ්ච තං අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ආරම්භනං වීරියාරම්භො. ස්වායං කායිකො චෙතසිකො චාති දුවිධො, ආරම්භධාතු, නික්කමධාතු, පරක්කමධාතු චාති තිවිධො; සම්මප්පධානවසෙන චතුබ්බිධො. සො සබ්බොපි යො භික්ඛු ගමනෙ උප්පන්නං කිලෙසං ඨානං පාපුණිතුං න දෙති; ඨානෙ උප්පන්නං නිසජ්ජං, නිසජ්ජාය උප්පන්නං සයනං පාපුණිතුං න දෙති, තත්ථ තත්ථෙව අජපදෙන දණ්ඩෙන කණ්හසප්පං උප්පීළෙත්වා ගණ්හන්තො විය, තිඛිණෙන අසිනා අමිත්තං ගීවාය පහරන්තො විය ච සීසං උක්ඛිපිතුං අදත්වා වීරියබලෙන නිග්ගණ්හාති, තස්සෙවං ආරද්ධවීරියස්ස වසෙන වෙදිතබ්බො. තප්පටිසංයුත්තා කථා වීරියාරම්භකථා.
විරියාරම්භ කථා යන මෙහි වීරයාගේ ස්වභාවය හෝ ක්‍රියාවනුයි වීර්යයි. ක්‍රමානුකූලව ගමන් කළයුතු පැවැත්විය යුතු වූයේනුයි වීර්යයයි. වීර්යයද ඒකාන්තයෙන් අකුසල්දම්හි දුරැලීම සඳහා ද කුසල් දම්හි ඉපැත්ම සඳහා ද ආධාර වන ආරම්භයකි. මෙය කායික චෛතසික යැයි දෙයාකාරය. ආරම්භ ධාතු නික්ඛම ධාතු පරක්කම ධාතුයැයි තෙයාකාරය. සම්යග්ප්රධන් වීර්ය වශයෙන් සිව්වැදෑරුම්ය. යම් භික්ෂුවකට ගමන් කිරීමෙහිදී යම් ක්ලේශයක් උපන්නෙහිද, එම සියල්ලම සිටගෙන සිටින අවස්ථාවට පැමිණෙන්ට ඉඩ නොදෙයි. සිටීමෙහිදී උපන් ක්ලේශය හිඳ ගැනීමට, හිඳීමෙහි උපන් ක්ලේශය සයනාවස්ථාවට පැමිණෙන්ට ඉඩ නොදෙයි. ඒ ඒ තන්හිදීම, එළුවෙකුගේ පා අනුව සැකසූ දණ්ඩෙන් කළු සර්පයෙකු මැඩ අල්වා ගන්නාක් මෙන්ද හිස එසවීමට නොදී වීර්ය බලයෙන් නිග්‍රහ කරයි. මෙසේ ඔහුගේ ආරබ්ධ වීර්යයාගේ වශයෙන් දතයුතුය. ඒ හා එකට යෙදුන කථා වීර්යාරම්භ කථායි.
සීලකථාදීසු දුවිධං සීලං ලොකියං ලොකුත්තරඤ්ච. තත්ථ ලොකියං පාතිමොක්ඛසංවරාදි චතුපාරිසුද්ධිසීලං, ලොකුත්තරං මග්ගසීලං ඵලසීලඤ්ච. තථා විපස්සනාය පාදකභූතා සහ උපචාරෙන අට්ඨ සමාපත්තියො ලොකියො සමාධි, මග්ගසම්පයුත්තො පනෙත්ථ ලොකුත්තරො සමාධි නාම. තථා පඤ්ඤාපි ලොකියා සුතමයා චින්තාමයා ඣානසම්පයුත්තා විපස්සනාඤාණඤ්ච. විසෙසතො පනෙත්ථ විපස්සනාපඤ්ඤා ගහෙතබ්බා, ලොකුත්තරා මග්ගපඤ්ඤා ඵලපඤ්ඤා ච. විමුත්තීපි අරියඵලවිමුත්ති නිබ්බානඤ්ච. අපරෙ පන තදඞ්ගවික්ඛම්භනසමුච්ඡෙදවිමුත්තීනම්පි වසෙනෙත්ථ අත්ථං වණ්ණෙන්ති. විමුත්තිඤාණදස්සනම්පි එකූනවීසතිවිධං පච්චවෙක්ඛණඤාණං. ඉති ඉමෙසං සීලාදීනං සද්ධිං සන්දස්සනාදිවිධිනා අනෙකාකාරවොකාරආනිසංසවිභාවනවසෙන චෙව තප්පටිපක්ඛානං දුස්සීල්යාදීනං ආදීනවවිභාවනවසෙන ච පවත්තා කථා, තප්පටිසංයුත්තා කථා වා සීලාදිකථා නාම.
සීලකථා යනාදීණ්හි සීලය, ලෞකික, ලෝකෝත්තර වශයෙන් දෙයාකාරය. එහි ලෞකිකය. ප්රාතිමෝක්ෂ සංවර ආදී සිව් පිරිසිදු සීලයයි. ලෝකෝත්තරය මාර්ග සීලය හා ඵල සීලයයි. එසේම විදර්ශනාවට පාදක වූ සහ උපචාරයෙන් අටසමවත් ලෞකික සමාධි නමැ. මෙහි මාර්ග සම්ප්‍රයුක්ත වූයේ ලෝකෝත්තර සමාධි නමැ. එසේම පඤ්ඤාපි ප්‍රඥාවද, ලෞකික වූයේ සෘතමය - චින්තාමය - ධ්‍යාන සම්ප්‍රයුක්ත විදර්ශනා ඥානයද වේ. මෙහි විශේෂයෙන් විදර්ශනා ප්‍රඥාවද, ලෝකෝත්තර මාර්ග ප්‍රඥාවද, ඵල ප්‍රඥාවද ගතයුතුය. විමුත්ති යනු ආර්යඵල විමුක්තියද, නිර්වාණයද වේ. අනෙක් අය තදංග විෂ්කම්භන, සමුච්ඡේද විමුක්තීන්ගේ වශයෙන්ද මෙහි අර්ථ වර්ණනා කරති. විමුත්තිඤාණ දස්සනම්පි යනු එකුන් විසිවැදෑරුම් ප්රත්යවේක්ෂණ ඤාණයෝය. මෙසේ මේ සීලාදීන් සමග පෙන්වීම් ආකාරයෙන් නොයෙක් ආකාර ස්කන්ධ අනුසස් පැහැදිලි කිරීම් වශයෙන්ද, එයට විරුද්ධ දුශ්ශීල්‍යාදීන්ගේ දොස් පැහැදිලි කිරීම් වශයෙන් ද පැවැති කථාවද, ඒ හා බැඳි කථා ද සීලාදී කථා නමැ.
එත්ථ ච “අත්තනා ච අප්පිච්ඡො හොති, අප්පිච්ඡකථඤ්ච පරෙසං කත්තා”ති (ම· නි· 1.252; අ· නි· 10.70) “සන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී”ති (සං· නි· 2.144; චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 128) ච ආදිවචනතො සයඤ්ච අප්පිච්ඡතාදිගුණසමන්නාගතෙන පරෙසම්පි තදත්ථාය හිතජ්ඣාසයෙන පවත්තෙතබ්බා තථාරූපී කථා, යා ඉධ අභිසල්ලෙඛිකාදිභාවෙන විසෙසෙත්වා වුත්තා අප්පිච්ඡකථාදීති වෙදිතබ්බා. කාරකස්සෙව හි කථා විසෙසතො අධිප්පෙතත්ථසාධිනී. තථා හි වක්ඛති “කල්යාණමිත්තස්සෙතං, මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං…පෙ· … අකසිරලාභී”ති.
මෙහිද ‘තමාද අල්පේච්ඡ වේ. අනෙකාට අල්පේච්ඡ කථා කරනුයේ කවරාකාර වූ හෝ සිවුරකින් සතුටු වූයේ වේ. කවරාකාර වූ සිවුරකින් සතුටුවීමෙහි ගුණ කියන්නේද වේ යනාදී වචනයෙන්ද තෙමේ අල්පේච්ඡතාදී ගුණයෙන් යුක්ත වූයේ අන්‍යයාද ඒ සඳහා හිතාධ්‍යාශයෙන් යෙදවියයුතුය. එබඳු කථා මෙහි මනාව කෙලෙස් තුනී කිරීම් ආදී වශයෙන් වෙසෙසා කියන ලදුයේ අල්පේච්ඡකථා ආදිය යැයි දතයුතුය. කාරකයාගේ වශයෙන්ම කථාව විශේෂයෙන් අදහස් කරන ලද අර්ථය සිදුකරයි. එසේම සිතයි. මේඝිය එය කල්‍යාණමිත්‍ර භික්ෂුවට කැමති විය යුතුය. -පෙ- අපහසුවකින් තොරව ලබන අයෙකියි.
එවරූපායාති ඊදිසාය, යථාවුත්තාය. නිකාමලාභීති යථිච්ඡිතලාභී යථාරුචිලාභී, සබ්බකාලං ඉමා කථා සොතුං විචාරෙතුඤ්ච යථාසුඛං ලභන්තො. අකිච්ඡලාභීති නිද්දුක්ඛලාභී. අකසිරලාභීති විපුලලාභී.
එවරූපියා යනු මෙබඳු වූ කියන ලද අයුරු, නිකාමලාභි යනු කැමැති පරිදි ලබන රුචි පරිදි ලබන, හැමකල්හි මෙම කථා අසන්ට, විචාරන්ට සුවසේ ලබනුයේ, අකිච්ඡලාභී යනු නිදුකින් ලබනුයේ අකසිරලාභී යනු මහත් සේ ලබන,
ආරද්ධවීරියොති පග්ගහිතවීරියො. අකුසලානං ධම්මානං පහානායාති අකොසල්ලසම්භූතට්ඨෙන අකුසලානං පාපධම්මානං පජහනත්ථාය. කුසලානං ධම්මානන්ති කුච්ඡිතානං සලනාදිඅත්ථෙන අනවජ්ජට්ඨෙන ච කුසලානං සහවිපස්සනානං මග්ගඵලධම්මානං. උපසම්පදායාති සම්පාදනාය, අත්තනො සන්තානෙ උප්පාදනාය. ථාමවාති උස්සොළ්හිසඞ්ඛාතෙන වීරියථාමෙන සමන්නාගතො. දළ්හපරක්කමොති ථිරපරක්කමො අසිථිලවීරියො. අනික්ඛිත්තධුරොති අනොරොහිතධුරො අනොසක්කිතවීරියො.
ආරද්ධ විරියො යනු එසවූ වීර්ය ඇති, අකුසලානං ධම්මානං පහානාය යනු අදක්ෂතාවයෙන් හටගත් යන අර්ථයෙන් වූ අකුසල පාප ධර්මයන්ගේ දුරුකිරීම සඳහා, කුසලානං ධම්මානං යනු පිළිකුල් දෑ සොලවන ආදී අර්ථයෙන් ද, නිරවද්යාර්ථයෙන්ද, කුසලයන්ගේ විදර්ශනාවන්ගේ හා මාර්ගඵල ධර්මයන්ගේ, උපසම්පදාය යනු සපයාගැනීම සඳහා, තම සන්තානයෙහි උපදවා ගැනීම සඳහා, ථාමවා යනු බලවත් උත්සාහ සංඛ්‍යාත වීර්ය බලයෙන් යුක්ත වූයේ, දළ්හ පරක්කමො යනු ස්ථිර බලය - නොලිහිල් වීර්යය, අනික්ඛිත්තධුරො යනු බහා නොහෙළන ලද වීර්ය ඇතියේ, නොපසුබස්නා වීර්යයෙන්,
පඤ්ඤවාති විපස්සනාපඤ්ඤාය පඤ්ඤවා. උදයත්ථගාමිනියාති පඤ්චන්නං ඛන්ධානං උදයඤ්ච වයඤ්ච පටිවිජ්ඣන්තියා. අරියායාති වික්ඛම්භනවසෙන කිලෙසෙහි ආරකා දූරෙ ඨිතාය නිද්දොසාය. නිබ්බෙධිකායාති නිබ්බෙධභාගියාය. සම්මා දුක්ඛක්ඛයගාමිනියාති වට්ටදුක්ඛස්ස ඛෙපනතො “දුක්ඛක්ඛයො”ති ලද්ධනාමං අරියමග්ගං සම්මා හෙතුනා ඤායෙන ගච්ඡන්තියා.
පඤ්ඤවා යනු විදර්ශනා ප්‍රඥායෙන් ප්‍රඥාවත් වූයේ, උදයත්ථ ගාමිනියා යනු පංච ස්කන්ධයන්ගේ හටගැන්මද නැස්මද අවබෝධ කරනුයේ, අරියාය යනු විෂ්කම්භන වශයෙන් කෙලෙසුන්ගෙන් දුරස්ථව දුරෙහි පිහිටි නිදොස් වූ, නිබ්බෙධිකාය යනු තියුණු අවබෝධයට අයත්, සම්මා දුක්ඛක්ඛය ගාමිනියා යනු සංසාර වෘත්ත දුක ක්ෂය කරන හෙයින් දුක්ඛයාගේ ක්ෂයයැයි ලද නම් ඇති, ආර්ය මාර්ගයෙහි යහපත් හේතුයෙන් ක්‍රමයෙන් යනුයේ,
ඉමෙසු ච පන පඤ්චසු ධම්මෙසු සීලං වීරියං පඤ්ඤා ච යොගිනො අජ්ඣත්තිකං අඞ්ගං, ඉතරද්වයං බාහිරං අඞ්ගං. තථාපි කල්යාණමිත්තසන්නිස්සයෙනෙව සෙසං චතුබ්බිධං ඉජ්ඣති, කල්යාණමිත්තස්සෙවෙත්ථ බහූපකාරතං දස්සෙන්තො සත්ථා “කල්යාණමිත්තස්සෙතං, මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛ”න්තිආදිනා දෙසනං වඩ්ඪෙති. තත්ථ පාටිකඞ්ඛන්ති එකංසෙන ඉච්ඡිතබ්බං, අවස්සංභාවීති අත්ථො. යන්ති කිරියාපරාමසනං. ඉදං වුත්තං හොති – “සීලවා භවිස්සතී”ති එත්ථ යදෙතං කල්‍යාණමිත්තස්ස භික්ඛුනො සීලවන්තතාය භවනං සීලසම්පන්නත්තං, තස්ස භික්ඛුනො සීලසම්පන්නත්තා එතං තස්ස පාටිකඞ්ඛං, අවස්සංභාවී එකංසෙනෙව තස්ස තත්ථ නියොජනතොති අධිප්පායො. පාතිමොක්ඛසංවරසංවුතො විහරිස්සතීතිආදීසුපි එසෙව නයො.
මෙම පංච ධර්මයන්හි, සීලයද, වීර්යයද, ප්‍රඥාවද, යෝගීහුගේ ආධ්‍යාත්මික අංග වේ. අනෙක් ද්වයය සෙසු සිව් ආකාරය කැමැති වේ. මෙහි කලණ මිතුරාගේම බොහෝ උපකාරවත් බව දක්වන්නා වූ, ශාස්තෲන් වහන්සේ මේඝිය එය කලණ මිතුරු ඇසුරැති භික්ෂුව විසින්ම කැමැති විය යුතුයැයි ආදියෙන් දේශනය වඩයි. එහි පටිකංඛං යනු ඒකාන්තයෙන් කැමැති විය යුතුය. ඒකාන්තයෙන් වන්නේ යයි අර්ථයි. යං යනු ක්‍රියා පරාමර්ශනයයි මෙය යූ.සේයි. සීලවා භවිස්සති යනු යම් ඒ කලන මිතුරු භික්ෂුවක් හෙයින්ද, එය ඔහුට කැමතිවිය යුතුය. ඒකාන්තයෙන් වන්නේය. ඒකාන්තයෙන්ම ඔහුගේ එහි යෙදීමෙනැයි අදහසයි. පාතිමොක්ඛ සංවර සංවුතො විහරිස්සති යනාදීන්හි එම ක්‍රමයමැයි
එවං භගවා සදෙවකෙ ලොකෙ උත්තමකල්යාණමිත්තසඞ්ඛාතස්ස අත්තනො වචනං අනාදියිත්වා තං වනසණ්ඩං පවිසිත්වා තාදිසං විප්පකාරං පත්තස්ස ආයස්මතො මෙඝියස්ස කල්යාණමිත්තතාදිනා සකලං සාසනසම්පත්තිං දස්සෙත්වා, ඉදානිස්ස තත්ථ ආදරජාතස්ස පුබ්බෙ යෙහි කාමවිතක්කාදීහි උපද්දුතත්තා කම්මට්ඨානං න සම්පජ්ජි, තස්ස තෙසං උජුවිපච්චනීකභූතත්තා ච භාවනානයං පකාසෙත්වා, තතො පරං අරහත්තස්ස කම්මට්ඨානං ආචික්ඛන්තො, “තෙන ච පන, මෙඝිය, භික්ඛුනා ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උත්තරි භාවෙතබ්බා”තිආදිමාහ. තත්ථ තෙනාති එවං කල්යාණමිත්තසන්නිස්සයෙන යථාවුත්තසීලාදිගුණසමන්නාගතෙන. තෙනෙවාහ “ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨායා”ති. උත්තරීති ආරද්ධතරුණවිපස්සනස්ස රාගාදිපරිස්සයා චෙ උප්පජ්ජෙය්යුං, තෙසං විසොධනත්ථං තතො උද්ධං චත්තාරො ධම්මා භාවෙතබ්බා උප්පාදෙතබ්බා වඩ්ඪෙතබ්බා ච.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි උතුම් කලන මිතුරු සංඛ්‍යාත තම වදන් නොසලකා වනලැහැබට පිවිස එබඳු විකෘති ආකාරයකට පත් ඇවැත් මේඝියට කලන මිතුරුතා ආදියෙන් සියලු සාසනික ධ්‍යාන, මාර්ග, නිර්වාණ ආදී සම්පත් සෑදෙන අයුරු පෙන්වා, දැන් එහි ඇල්ම හටගත් ඔහුට, පෙරයම් කාම විතර්කාදියෙන් උවදුරට පත් හෙයින් කමටහන් ප්‍රමාදයට සෘජු විරුද්ධ වූ භාවනා ක්‍රමයක් ප්‍රකාශකොට ඉන් මත්තෙහි අර්හත්වයට කමටහන් දෙසනුයේ තෙනච පන මෙඝිය භික්ඛුනා ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උත්තරිං භාවෙතබ්බා යනාදිය වදාළහ. එහි තෙන යනු මෙසේ කලන මිතුරු ආශ්‍රය සහිත, කියන ලද ආකාර ඇති සීලාදී ගුණයෙන් යුතු යමෙකු විසින්, එහෙයින් ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය යැයි වදාළහ. උත්තරිං යනු අරඹන ලද තරුණ විදර්ශනාවෙහිදී ඉදින් රාගාදී උවදුරු උපදින්නාහුද? ඒවාහි පිරිසිදු කිරීම සඳහා ඉන් මත්තෙහි, චත්තාරො ධම්මා භාවෙතබ්බා යනු ඉපදවිය යුත්තාහ. වැඩිය යුත්තාහ.
අසුභාති එකාදසසු අසුභකම්මට්ඨානෙසු යථාරහං යත්ථ කත්ථචි අසුභභාවනා. රාගස්ස පහානායාති කාමරාගස්ස පජහනත්ථාය. අයමත්ථො සාලිලායකොපමාය විභාවෙතබ්බො – එකො හි පුරිසො අසිතං ගහෙත්වා කොටිතො පට්ඨාය සාලිඛෙත්තෙ සාලියො ලායති, අථස්ස වතිං භින්දිත්වා ගාවො පවිසිංසු. සො අසිතං ඨපෙත්වා, යට්ඨිං ආදාය, තෙනෙව මග්ගෙන ගාවො නීහරිත්වා, වතිං පාකතිකං කත්වා, පුන අසිතං ගහෙත්වා සාලියො ලායි. තත්ථ සාලිඛෙත්තං විය බුද්ධසාසනං දට්ඨබ්බං, සාලිලායකො විය යොගාවචරො, අසිතං විය පඤ්ඤා, ලායනකාලො විය විපස්සනාය කම්මකරණකාලො, යට්ඨි විය අසුභකම්මට්ඨානං, වති විය සංවරො , වතිං භින්දිත්වා ගාවීනං පවිසනං විය සහසා අප්පටිසඞ්ඛාය පමාදං ආගම්ම රාගස්ස උප්පජ්ජනං, අසිතං ඨපෙත්වා, යට්ඨිං ආදාය, පවිට්ඨමග්ගෙනෙව ගාවො නීහරිත්වා, වතිං පටිපාකතිකං කත්වා, පුන ඨිතට්ඨානතො පට්ඨාය සාලිලායනං විය අසුභකම්මට්ඨානෙන රාගං වික්ඛම්භෙත්වා, පුන විපස්සනාය කම්මකරණකාලොති ඉදමෙත්ථ උපමාසංසන්දනං. එවංභූතං භාවනාවිධිං සන්ධාය වුත්තං “අසුභා භාවෙතබ්බා රාගස්ස පහානායා”ති.
අසුභා යනු එකොළොස් අශුභ කමටහන් අතර, සුදුසු පරිදි, යම්කිසි අශුභ භාවනාවක, රාගස්ස පහානාය යනු කාමරාගයාගේ දුරැලීම සඳහා මෙය ඇල්වී කපන්නාගේ උපමාවෙන් දතයුතුය. එක් පුරුෂයෙක් දෑකැත්ත ගෙන අගසිට ඇල්කෙතෙහි ඇල් වී කපයි. ඉක්බිති ඔහුගේ වැට බිඳ ගවයෝ ඇතුල් වූහ. හෙතෙම දෑකැත්ත පසෙක තබා, කෝටුවක් ගෙන එම මාර්ගයෙන්ම ගවයින් බැහැරකොට වැට ප්‍රකෘතිමත් කොට නැවත දෑකැත්ත ගෙනා ඇල්වී කැපීය. එහි ඇල් කෙත මෙන් බුදුසසුන දතයුතුය. ඇල් වී කපන්නා මෙන් යෝගාවචරයාද, දෑකැත්ත මෙන් ප්‍රඥාවද, ගොයම් කපන කාලය මෙන් විදර්ශනාවෙහි කටයුතු කරන කාලයද, කෝටුව මෙන් අසුභ කමටහන ද, වැට මෙන් සංවරයද, වැට බිඳ ගවයින්ගේ පිවිසීම මෙන් වහා නුවණින් නොසැලකීමෙන් ප්‍රමාදයට පැමිණ රාගයෙහි ඉපැත්මයි. දෑකැත්ත පසෙක තබා, කෝටුව ගෙන පිවිසි මගින්ම ගවයින් බැහැරකොට වැට නැවත ප්‍රකෘතිමත් කොට, සිටි ස්ථානයෙහි සිට ඇල් කැපීම මෙන් අසුභ කමටහනින් රාගය මැඩපවත්වා, නැවත විදර්ශනා ක්‍රියා අරඹන කාලයයි. මේ මෙහි උපමා උපමේය සංසන්දනයයි. මෙසේ වූ භාවනා ක්‍රමය සඳහා රාග ප්රහාණය සඳහා අසුභ (භාවනා) වැඩිය යුතුයයි යූ.සේයි.
මෙත්තාති මෙත්තාකම්මට්ඨානං. බ්යාපාදස්ස පහානායාති වුත්තනයෙනෙව උප්පන්නකොපස්ස පජහනත්ථාය. ආනාපානස්සතීති සොළසවත්ථුකා ආනාපානස්සති. විතක්කුපච්ඡෙදායාති වුත්තනයෙනෙව උප්පන්නානං විතක්කානං උපච්ඡෙදනත්ථාය. අස්මිමානසමුග්ඝාතායාති අස්මීති උප්පජ්ජනකස්ස නවවිධස්ස මානස්ස සමුච්ඡෙදනත්ථාය. අනිච්චසඤ්ඤිනොති හුත්වා අභාවතො උදයබ්බයවන්තතො පභඞ්ගුතො තාවකාලිකතො නිච්චප්පටිපක්ඛතො ච “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති (ධ· ප· 277; චූළනි· හෙමකමාණවපුච්ඡානිද්දෙස 56) පවත්තඅනිච්චානුපස්සනාවසෙන අනිච්චසඤ්ඤිනො. අනත්තසඤ්ඤා සණ්ඨාතීති අසාරකතො අවසවත්තනතො පරතො රිත්තතො තුච්ඡතො සුඤ්ඤතො ච “සබ්බෙ ධම්මා අනත්තා”ති (ධ· ප· 279; චූළනි· හෙමකමාණවපුච්ඡානිද්දෙස 56) එවං පවත්තා අනත්තානුපස්සනාසඞ්ඛාතා අනත්තසඤ්ඤා චිත්තෙ සණ්ඨහති, අතිදළ්හං පතිට්ඨාති. අනිච්චලක්ඛණෙ හි දිට්ඨෙ අනත්තලක්ඛණං දිට්ඨමෙව හොති. තීසු හි ලක්ඛණෙසු එකස්මිං දිට්ඨෙ ඉතරද්වයං දිට්ඨමෙව හොති. තෙන වුත්තං – “අනිච්චසඤ්ඤිනො හි, මෙඝිය, අනත්තසඤ්ඤා සණ්ඨාතී”ති. අනත්තලක්ඛණෙ දිට්ඨෙ අස්මීති උප්පජ්ජනකමානො සුප්පජහොව හොතීති ආහ – “අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාතී”ති දිට්ඨෙව ධම්මෙ නිබ්බානන්ති දිට්ඨෙයෙව ධම්මෙ ඉමස්මිංයෙව අත්තභාවෙ අපච්චයපරිනිබ්බානං පාපුණාති. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පන අසුභාදිභාවනානයො විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.102) වුත්තනයෙන ගහෙතබ්බො.
මෙත්තා යනු මෛත්‍රී කමටහනයි. බ්යාපාදස්ස පහානාය යනු කියන ලද අයුරින්ම උපන් කෝපය දුරුකිරීම සඳහා, ආනාපාන සති යනු සොළොස්වස්තුක ආනාපාන සතිය. විතක්කු පච්ඡෙදාය යනු කියන ලද අයුරින්ම උපන් විතර්කයන්ගේ සිඳ දැමීම සඳහා අස්මිමාන සමුග්ඝාතාය යනු මම වෙමියි උපදින නව වැදෑරුම් මාන මුලුමනින් සිඳලීම සඳහා, අනිච්ච සඤ්ඤිනො යනු පැවත විනාසයට පත්වන හෙයින්, හටගැනීම් විනාශවීම් ස්වභාවයන්ට අයත්, ලෙහෙසියෙන් බිඳී යන හෙයින් තාවකාලික වශයෙන් නිත්‍යය යන්න ප්‍රතික්ෂේප කරන හෙයින්, සියලු සංස්කාර අනිත්‍යයැයි පැවති අනිත්‍යය අනුව නුවණින් බැලීම් වශයෙන් අනිත්‍ය සංඥා ඇත්තහුට, අනත්ත සඤ්ඤා සණ්ඨාති යනු අසාර හෙයින් ද, සිය වසඟයෙහි නො පවත්නා හෙයින්ද, ස්වකීය නොවූ හෙයින්ද, හිස් වූයේ, ගතයුත්තක් නොමැති හෙයින්ද, හරයක් නොමැති හෙයින්ද, ශූන්‍ය හෙයින්ද සියලු ස්වභාව ධර්මයන් අනාත්මයැයි මෙසේ පවත්නා, අනාත්මානුපස්සනා සංඛ්‍යාත අනාත්ම සංඥාව සිතෙහි පිහිටයි. ඉතා දැඩිව පිහිටයි. අනිත්‍ය ලක්ෂණය දිටි කල්හි අනාත්ම ලක්ෂණය දිටියේම වේ. ත්‍රිවිධ ලක්ෂණයන්හි එකක් දිටිකල්හි අනෙක් ද්වයය දිටියේම වේ. එහෙයින් අනිච්ච සඤ්ඤිනො මෙඝිය අනත්ත සඤ්ඤා සණ්ඨාති යි යූ.සේයි. අනාත්ම ලක්ෂණය මනාව දිටි කල්හි මම වෙමියි උපදිනු ලබන මැනීම මුලිනුපුටා දමන ලද්දේම වේයයි වදාළ සේක. අනත්තසඤ්ඤී අස්මිමාන සමුග්ඝාතං පාපුනාතියි. දිට්ඨෙව ධම්මෙ නිබ්බානං යනු ඉහාත්මයෙහිම මෙම ආතම් භාවයෙහිදීම පැවතීම් විරහිත නිර්වාණයට පැමිණේ. මෙහි මේ සංක්ෂේපයයි. විස්තර වශයෙන් වනාහි අසුභ ආදී භාවනා ක්‍රම විශුද්ධි මාර්ගයෙහි කියන ලද ක්‍රමයෙන් ගතයුතුය.
එතමත්ථං විදිත්වාති එතං ආයස්මතො මෙඝියස්ස මිච්ඡාවිතක්කචොරෙහි කුසලභණ්ඩුපච්ඡෙදසඞ්ඛාතං අත්ථං ජානිත්වා. ඉමං උදානන්ති ඉමං කාමවිතක්කාදීනං අවිනොදනෙ විනොදනෙ ච ආදීනවානිසංසදීපකං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම ආයුෂ්මත් මේඝියගේ මිථ්‍යා විතර්ක නමැති සොරුන් විසින් කුසල් නමැති භාණ්ඩ විනාශ කිරීම් සංඛ්‍යාත අර්ථය දැන, ඉමං උදානං යනු මෙම කාම විතර්කාදීන්ගේ දුරු නොකිරීමෙහි ආදීනවද, දුරුකිරීමෙහි අනුසස්ද දැක්වීමට මෙම උදන් ඇනූ සේක.
තත්ථ ඛුද්දාති හීනා ලාමකා. විතක්කාති කාමවිතක්කාදයො තයො පාපවිතක්කා. තෙ හි සබ්බවිතක්කෙහි පතිකිට්ඨතාය ඉධ ඛුද්දාති වුත්තා “න ච ඛුද්දමාචරෙ”තිආදීසු (ඛු· පා· 9.3; සු· නි· 145) විය. සුඛුමාති ඤාතිවිතක්කාදයො අධිප්පෙතා. ඤාතිවිතක්කො ජනපදවිතක්කො අමරාවිතක්කො පරානුද්දයතාය පටිසංයුත්තො විතක්කො ලාභසක්කාරසිලොකපටිසංයුත්තො විතක්කො අනවඤ්ඤත්තිපටිසංයුත්තො විතක්කොති එතෙ හි විතක්කා කාමවිතක්කාදයො විය දාරුණා න හොන්තීති අනොළාරිකසභාවතාය සුඛුමාති වුත්තා. අනුගතාති චිත්තෙන අනුවත්තිතා. විතක්කෙ හි උප්පජ්ජමානෙ චිත්තං තදනුගතමෙව හොති තස්ස ආරම්මණාභිනිරොපනතො. “අනුග්ගතා”තිපි පාළි, අනුඋට්ඨිතාති අත්ථො. මනසො උප්පිලාවාති චෙතසො උප්පිලාවිතත්තකරා.
එහි ඛුද්දා යනු නීච, ලාමක, විතක්කා යනු, කාම විතර්කාදී පාප විතර්කත්රයය. සියලු විතර්කයන්ගෙන් අධම (නීච) බැවින් මෙහි කුඩා යැයි යූ.සේයි. ‘නච ඛුද්දං සමාචරේ’ ආදීන්හි මෙනි. සුඛුමා යනු සියුම් විතර්කාදීහු අදහස් කරන ලදි. ඤාති විතර්ක - ජනපද විතර්ක - අමර විතර්ක, අන් අය කෙරෙහි පවත්නා අනුකම්පා ප්‍රතිසංයුක්ත විතර්ක ලාභ සත්කාර ගු වර්ණනා ප්‍රතිසංයුක්ත විතර්ක, අනවඤ්ඤත්ති ප්‍රතිසංයුක්ත වූ හෝ විතර්කදැයි යන එම විතර්ක කාම විතර්කාදීන් මෙන් දරුණු නොවෙතියි දළ ස්වභාව නොමැති හෙයින් සියුම්යැයි යූ.සේයි. අනුගතා සිතින් අනුවර්ත වූවාහු, විතර්කයන් උපදනා කල්හි සිත ඒ හා අනුගියාහුම වෙයි. එම අරමුණට මනාකොට නංවන හෙයින්. අනුග්ගතායිද පෙලයි. අනුව සිටියේයයි අර්ථයි. මනසො උබ්බිලාපා යනු සිතෙහි මතුවීම් ඇතිකරන.
එතෙ අවිද්වා මනසො විතක්කෙති එතෙ කාමවිතක්කාදිකෙ මනොවිතක්කෙ අස්සාදාදීනවනිස්සරණතො ඤාතතීරණපහානපරිඤ්ඤාහි යථාභූතං අජානන්තො. හුරා හුරං ධාවති භන්තචිත්තොති අප්පහීනමිච්ඡාවිතක්කත්තා අනවට්ඨිතචිත්තො “කදාචි රූපෙ, කදාචි සද්දෙ”තිආදිනා තස්මිං තස්මිං ආරම්මණෙ අස්සාදාදිවසෙන අපරාපරං ධාවති පරිබ්භමති. අථ වා හුරා හුරං ධාවති භන්තචිත්තොති අපරිඤ්ඤාතවිතක්කත්තා තන්නිමිත්තානං අවිජ්ජාතණ්හානං වසෙන පරිබ්භමනමානසො ඉධලොකතො පරලොකං ආදානනික්ඛෙපෙහි අපරාපරං ධාවති සංසරතීති අත්ථො.
එතෙ අවිද්වා මනසො විතක්කෙති යනු එම කාම විතර්කාදී වූ මනෝ විතර්කයන්, ආශ්වාද ආදීනව නිස්සරණ වශයෙන්, ඤාත, තීරණ, ප්‍රහාණ යන පරිඥාවන්ගෙන් තත්වාකාරයෙන් නොදන්නේ, හුරා හුරං ධාවති භන්ත චිත්තො යනු ප්‍රහීණ නොවූ මිථ්‍යා විතර්ක හෙයින්, ස්ථිරව නොපිහිටි සිතැත්තේ කිසිකලෙක රූපයන්හිද, කිසිකලෙක ශබ්දයන්හිදැයි ආදි වශයෙන් ඒ ඒ අරමුණෙහි ආශ්වාදාදි වශයෙන් ඔබිනොබ ධාවති දුවයි. කැරකේ. නොහොත් හුරා හුරං ධාවති භන්ත චිත්තො යනු සම්පූර්ණයෙන් දැන නොගත් විතර්ක හෙයින් ඒ නිමිතීන් අවිද්‍යා තෘෂ්ණාදීන්ගේ වශයෙන් කැරකෙනු ලබන සිතැතියේ මෙලෝ පරලෝ වශයෙන් තදින් ගැනීම් බැහැර තැබීම්වලින් ඔබිනොබ දුවයි. හැසිරේයයි අර්ථයි.
එතෙ ච විද්වා මනසො විතක්කෙති එතෙ යථාවුත්තප්පභෙදෙ කාමවිතක්කාදිකෙ මනොවිතක්කෙ අස්සාදාදිතො යථාභූතං ජානන්තො. ආතාපියොති වීරියවා. සංවරතීති පිදහති. සතිමාති සතිසම්පන්නො. අනුග්ගතෙති දුල්ලභවසෙන අනුප්පන්නෙ. ඉදං වුත්තං හොති – එතෙ වුත්තප්පකාරෙ කාමවිතක්කාදිකෙ මනොවිතක්කෙ චිත්තස්ස උප්පිලාවිතහෙතුතාය මනසො උප්පිලාවෙ විද්වා විපස්සනාපඤ්ඤාසහිතාය මග්ගපඤ්ඤාය සම්මදෙව ජානන්තො, තස්ස සහායභූතානං සම්මාවායාමසතීනං අත්ථිතාය ආතාපියො සතිමා තෙ අරියමග්ගභාවනාය ආයතිං උප්පත්තිරහෙ අනුග්ගතෙ අනුප්පන්නෙ එව මග්ගක්ඛණෙ සංවරති, ඤාණසංවරවසෙන පිදහති, ආගමනපථං පච්ඡින්දති, එවංභූතො ච චතුසච්චප්පබොධෙන බුද්ධො අරියසාවකො අරහත්තාධිගමෙන අසෙසං, අනවසෙසං එතෙ කාමවිතක්කාදිකෙ පජහාසි සමුච්ඡින්දීති. එත්ථාපි “අනුගතෙ”තිපි පඨන්ති. තස්සත්ථො හෙට්ඨා වුත්තොයෙව.
එතෙච විද්වා මනසො විතක්කෙති යනු එම කියන ලද ප්‍රභේද ඇති කාම විතර්කාදී මනෝ විතර්කයන් ආශ්වාදාදී වශයෙන් තත්වූ පරිදි දන්නේ, ආතාපියො යනු වීර්යවත් වූයේ. සංවරති යනු වසයි. සතිමා යනු සිහියෙන් යුක්ත වූයේ, අනුග්ගතෙ යනු දුලබ වශයෙන් නූපන් මෙය යූ.සේයි. එම කියන ලද ආකාර ඇති කාමවිතර්කාදී මනෝ විතර්කයන්, සිතෙහි මතුවීම්වලට හේතුවන බැවින්, සිතෙහි කාම විතර්කාදීන් මතුවන කල්හි නැණවතා විදර්ශනා ප්‍රඥා සහිත මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දන්නේ, එයට සහාය වූ, සම්‍යග් ව්‍යායාම, සති ආදීන්ගේ විද්‍යමාන හෙයින් තෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූ, සිහි ඇති ඔවුහු ආර්ය මාර්ග භාවනාවෙහි ඉපැත්මට සුදුසු තත්ත්වයක් නොමැති කල්හි අනුග්ගතෙ මාර්ගක්ෂණයෙහි නූපන් කල්හිම, සංවරති යනු ඤාණ සංවර වශයෙන් වසයි. පැමිණෙන ගමන් මාර්ගය සිඳලයි. මෙසේ වූයේද, සිව්සස් අවබෝධයෙන් අවබෝධ කරගත් ආර්ය ශ්රාවකයා අර්හත්වාධිගමයෙන් අසෙසං යනු එම කාමවිතර්කයන් ශේෂ රහිතව පජහාසි මුල් සිඳලීය. මෙහි අනුගතෙයි ද කියවති. එහි අර්ථය යට යූ.සේයි.
පඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
ප්‍රථම සූත්‍ර වර්ණනාව නිමියේ ය.