10. ලොකවොලොකනසුත්තවණ්ණනා අට්ඨකථා
10. ලොකවොලොකනසුත්තවණ්ණනා
10. ලොකව්යවලෝකන සූත්‍ර වර්ණනාව
දසමෙ බුද්ධචක්ඛුනාති එත්ථ ආසයානුසයඤාණං ඉන්ද්රියපරොපරියත්තඤාණඤ්ච බුද්ධචක්ඛු නාම. යථාහ –
දසවැන්නෙහි බුද්ධ චක්ඛුනා යනු මෙහි ආසයානුසය ඤාණය හා ඉන්ද්රිය පරොපරියත්ත ඤාණය බුදු ඇස නමැයි. දෙසූ පරිදි -
“අද්දසා ඛො භගවා බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ”තිආදි (ම· නි· 1.283; 2.339).
‘භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලෝකය බලනුයේ අල්පරජස්ක, මහා රජස්ක, තීක්ෂණ ඉන්ද්රියයන් ඇති මෘදු ඉන්ද්රියයන් ඇති සත්ත්වයින් දුටු සේක යනාදියයි.
ලොකන්ති තයො ලොකා – ඔකාසලොකො, සඞ්ඛාරලොකො, සත්තලොකොති. තත්ථ –
ලොකං යනු අවකාශ ලෝකය, සංස්කාර ලෝකය, සත්ත්ව ලෝකය යැයි ලෝකත්රයයකි. එහි
“යාවතා චන්දිමසූරියා පරිහරන්ති, දිසා භන්ති විරොචනා; තාව සහස්සධා ලොකො, එත්ථ තෙ වත්තතී වසො”ති. –
යාවතා චන්දිම සුරියා පරිහරන්ති - දිසා භන්ති විරොචනා තාව සහස්සධා ලොකො එත්ථ තෙ වත්තතී වසො
යම් පමණ පෙදෙසක් සඳ හිරු කැරකෙමින් ගමන් කරත්ද? බැබලීමෙන් දිසා කම්පිත වේද? මෙහි ඔබගේ වසඟය ලෝකය තුල දහස් ආකාරයකින් පවතී.
ආදීසු (ම· නි· 1.503) ඔකාසලොකො. “එකො ලොකො – සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා, ද්වෙ ලොකා – නාමඤ්ච රූපඤ්ච, තයො ලොකා – තිස්සො වෙදනා , චත්තාරො ලොකා – චත්තාරො ආහාරා, පඤ්ච ලොකා – පඤ්චුපාදානක්ඛන්ධා, ඡ ලොකා – ඡ අජ්ඣත්තිකානි ආයතනානි, සත්ත ලොකා – සත්ත විඤ්ඤාණට්ඨිතියො, අට්ඨ ලොකා – අට්ඨ ලොකධම්මා, නව ලොකා – නව සත්තාවාසා, දස ලොකා – දසායතනානි, ද්වාදස ලොකා – ද්වාදසායතනානි, අට්ඨාරස ලොකා – අට්ඨාරස ධාතුයො”තිආදීසු (පටි· ම· 1.112) සඞ්ඛාරලොකො. “සස්සතො ලොකො, අසස්සතො ලොකො”තිආදීසු සත්තලොකො වුත්තො. ඉධාපි සත්තලොකො වෙදිතබ්බො.
ආදීන්හි අවකාශලෝකය යූ.සේයි. එක් ලෝකයකි. සියලු සත්ත්වයෝ ආහාරයෙන් පවතින්නාහ. ලෝක ද්වයයකි. නාමය හා රූපයයි. ලෝකත්රයයකි. ත්‍රිවිධ වේදනාවෝ සිව්ලෝකයකි. සිව් ආහාර පංච ලෝකයකි. පංච උපාදාන ස්කන්ධ - ෂට් ලෝකයකි. ෂට් ආධ්‍යාත්මික ආයතන සප්ත ලෝකයකි. සප්ත විඤ්ඤාණාස්ථිති. අෂ්ඨ ලෝකයකි. අටලෝදම් නව ලෝකයකි. නව සත්තාවාස දස ලෝකයකි. දස ආයතන දස ලෝකයකි. දොළොස් ආයතන දොලොස් ලෝකයකි. අටලොස් ධාතූහුය යනාදීන්හි සංස්කාර ලෝකයයි. ‘සස්සතො ලොකො අසස්සතො ලොකො යනාදීන්හි සත්ත්වලෝකය යූ.සේයි. මෙහි සත්ත්වලෝකය දතයුතුය.
තත්ථ ලොකීයති විචිත්තාකාරතො දිස්සතීති චක්කවාළසඞ්ඛාතො ලොකො ඔකාසලොකො, සඞ්ඛාරො ලුජ්ජති පලුජ්ජතීති ලොකො, ලොකීයති එත්ථ පුඤ්ඤපාපං තබ්බිපාකො චාති සත්තලොකො. තෙසු භගවා මහාකරුණාය අනුකම්පමානො සංසාරදුක්ඛතො මොචෙතුකාමො සත්තලොකං ඔලොකෙසි. කතමස්ස පන සත්තාහස්ස අච්චයෙන ඔලොකෙසි? පඨමස්ස සත්තාහස්ස. භගවා හි පල්ලඞ්කසත්තාහස්ස පරියොසානෙ පච්ඡිමයාමාවසානෙ “යදා හවෙ පාතුභවන්ති ධම්මා…පෙ… සූරියොව ඔභාසයමන්තලික්ඛ”න්ති (උදා· 1-3; කථා· 321; මහාව· 1-3) ඉමං අරියමග්ගානුභාවදීපකං උදානං උදානෙත්වා, “අහං තාව එවං සුදුත්තරං සංසාරමහොඝං ඉමාය ධම්මනාවාය සමුත්තරිත්වා නිබ්බානපාරෙ ඨිතො, හන්ද දානි ලොකම්පි තාරෙස්සාමි, කීදිසො නු ඛො ලොකො”ති ලොකං වොලොකෙසි. තං සන්ධාය වුත්තං – “අථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසී”ති.
එහි ලෝකයට අයත් වූයේනුයි විසිතුරු ආකාරයෙන් දිස්වේනුයි චක්‍රවාට සංඛ්‍යාත ලෝකය ඔකාස ලෝකයි. සංස්කාර විනාශ වේ. පලුදු වේනුයි ලෝකයි. මෙහි පින් පව් හා එහි විපාක ලෝකයට අයත් වේනුයි සත්ත්ව ලෝකයයි. ඒවා අතර, භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් අනුකම්පා කරනුයේ, සසර දුකින් මුදවනු කැමැත්තේ සත්ත්වලෝකය බැලූ සේක. කවර සත්දිනක් ඇවෑමෙන් බැලූ සේක්ද? පළමු සත්දිනයාගේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි පළමු සප්තාහයේ කෙළවර පසුයම අවසානයෙහි, යදාහවෙ පාතු භවන්ති ධම්මා - ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස විධූපයං තිට්ඨති මාරසෙනං - සුරියොව ඔභාසය මන්තලික්ඛෙ “යම්කලෙක්හි කෙලෙස් තවන වීර්ය ඇති ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට, චතුරාර්ය සත්‍ය ධර්මයන් ස්ව සන්තානයෙහි පහළ වෙත්ද, එකල්හි ඔහු අහස ආලෝකමත් කරන සූර්යයා මෙන්, කෙලෙස් මරසෙනග විනාශ කරමින් සිටී” යයි මෙම ආර්යමාර්ග ආනුභාව දක්වන උදන් අනා, මම පළමුව මෙසේ තරණයට දුෂ්කර, සසර මහ සැඩපහර, මෙම දම්නැවෙන් එතෙරවැ, නිවන් පරතෙර සිටියේ, එබැවින් දැන් ලෝකයාද එතෙර කරවන්නෙමියි ලෝකවාසීහු කවරාකාරදැයි ලෝවැස්සා බැලීමි. ඒ සඳහා, අථඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා බුද්ධ චක්ඛුනා ලොකං වොලොකෙසියි යූ.සේයි.
තත්ථ වොලොකෙසීති විවිධෙහි ආකාරෙහි පස්සි, හත්ථතලෙ ඨපිතආමලකං විය අත්තනො ඤාණෙන පච්චක්ඛං අකාසි. අනෙකෙහි සන්තාපෙහීතිආදි වොලොකිතාකාරදස්සනං. අනෙකෙහි සන්තාපෙහීති අනෙකෙහි දුක්ඛෙහි. දුක්ඛඤ්හි සන්තාපනපීළනට්ඨෙන සන්තාපොති වුච්චති. යථාහ – “දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො”ති (පටි· ම· 1.17). තඤ්ච දුක්ඛදුක්ඛාදිවසෙන චෙව ජාතිආදිවසෙන ච අනෙකප්පකාරං. තෙන වුත්තං “අනෙකෙහි සන්තාපෙහී”ති. අනෙකෙහි දුක්ඛෙහි සන්තප්පමානෙ පීළියමානෙ බාධියමානෙ. පරිළාහෙහීති පරිදාහෙහි. පරිඩය්හමානෙති ඉන්ධනං විය අග්ගිනා සමන්තතො ඩය්හමානෙ. රාගජෙහීති රාගසම්භූතෙහි . එස නයො සෙසෙසුපි. රාගාදයො හි යස්මිං සන්තානෙ උප්පජ්ජන්ති, තං නිද්දහන්තා විය විබාධෙන්ති, තෙන වුත්තං – “තයොමෙ, භික්ඛවෙ, අග්ගී – රාගග්ගි, දොසග්ගි, මොහග්ගී”ති (ඉතිවු· 93). යතො තෙ චිත්තං කායඤ්ච කිලෙසෙන්තීති කිලෙසාති වුච්චන්ති. එත්ථ ච පරිඩය්හමානෙති එතෙන භගවා රාගාදිකිලෙසානං පවත්තිදුක්ඛතං, තෙන ච සත්තානං අභිභූතතං දස්සෙති. සන්තප්පමානෙති ඉමිනා පන තෙසං කාලන්තරදුක්ඛතං, තෙන නිරන්තරොපද්දවතඤ්ච දස්සෙති.
එහි වොලොකෙසි යනු විවිධාකාරයන්ගෙන් ලෝකය බැලූ සේක. අත්තල තැබූ, නෙල්ලි ගෙඩියක් මෙන් තම ඤාණයෙන් ප්රත්යක්ෂ කළ සේක. අනෙකෙහි සන්තාපෙහි ආදිය බැලූ ආකාරය දැක්වීමයි. අනෙකෙහි සන්තාපෙහි යනු නොයෙක් ආකාරයන්ගෙන් දුක වනාහි තැවීම්, පීඩා කිරීම් අර්ථයෙන් සන්තාපයයි කියයි. දෙසූ පරිදි දුකෙහි පීඩා කිරීම් අර්ථය, ප්රත්යයකින් හටගත් අර්ථය තැවීම් අර්ථය වෙනස්වීම් අර්ථය යයි සතරාකාරයකි. එයද, දුක්ඛ දුක්ඛාදි වශයෙන්ද, ජාති ආදී වශයෙන්ද නොයෙක් ආකාරය එහෙයින් අනෙකෙහි සන්තාපෙහියි යූයේයි. නොයෙක් දුක්ඛයන්ගෙන් තවනු ලබන කල්හි පීඩාකරනු ලබන කල්හි, බාධා කරනු ලබන කල්හි පරිළාහෙහි යනු සතැව්ලියෙන් තැවෙන කල්හි, ගින්නෙන් ඉන්ධන මෙන් හාත්පස දැවෙන කල්හි, රාගජෙහි යනු රාගයෙන් හටගත්, සෙස්සෙහිද එම ක්‍රමයමැයි. රාගාදීහු වනාහි යම් සන්තානයක උපදිත්ද, හාත්පස දවන්නාක් මෙන් පීඩා කරත්. එහෙයින් ‘මහණෙනි, මේ රාගාග්නිය ද්වේෂාග්නිය, මෝහාග්නිය යැයි ගිනි ත්රයයකියි වදාළ සේක. යම්හෙයකින් ඒවා කයද සිතද කෙලෙසත්ද? එහෙයින් කෙලෙස්යයි කියති. මෙහිද පරිඩය්හමානෙ යන එයින් භාග්‍යවතුන් වහන්සේ රාගාදී කෙලෙසුන්ගේ පැවැත්මේ දුක්ඛතාවයද එයින් සත්ත්වයින්ගේ සන්තානයන් මැඩගෙන සිටීම දක්වයි. සන්තප්පමානෙ යනු මෙයින් ඔවුන්ගේ කාලාන්තරයක් විඳි දුක්ඛතාවයද, ඉන් වන නිරන්තර උපද්රවතාවයද දක්වයි.
භගවා හි බොධිරුක්ඛමූලෙ අපරාජිතපල්ලඞ්කෙ නිසින්නො පඨමයාමෙ පුබ්බෙනිවාසං අනුස්සරිත්වා මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං විසොධෙත්වා පච්ඡිමයාමෙ පටිච්චසමුප්පාදෙ ඤාණං ඔතාරෙත්වා කිලෙසමූලකං වට්ටදුක්ඛං අභිඤ්ඤාය සඞ්ඛාරෙ පරිග්ගහෙත්වා සම්මසන්තො අනුක්කමෙන විපස්සනං වඩ්ඪෙත්වා අරියමග්ගාධිගමෙන සයං විගතවිද්ධස්තකිලෙසො අභිසම්බුද්ධො හුත්වා පච්චවෙක්ඛණානන්තරං අනවසෙසානං කිලෙසානං පහීනත්තා අත්තනො වට්ටදුක්ඛස්ස පරික්ඛීණභාවදීපකං සබ්බබුද්ධානං අවිජහිතං “අනෙකජාතිසංසාර”න්ති (ධ· ප· 153) උදානං උදානෙත්වා තෙනෙව පල්ලඞ්කෙන සත්තාහං විමුත්තිසුඛපටිසංවෙදී නිසින්නො සත්තමාය රත්තියා තීසු යාමෙසු වුත්තනයෙන තීණි උදානානි උදානෙත්වා තතියඋදානානන්තරං බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො “සකලමිදං සත්තානං වට්ටදුක්ඛං කිලෙසමූලකං, කිලෙසා නාමෙතෙ පවත්තිදුක්ඛා ආයතිම්පි දුක්ඛහෙතුභූතා, තෙහි ඉමෙ සත්තා සන්තප්පන්ති පරිඩය්හන්ති චා”ති පස්සි. තෙන වුත්තං “අද්දසා ඛො භගවා…පෙ… මොහජෙහිපී”ති.
භාග්‍යවතුන් වහන්සේ වනාහි බෝ රුක් මුල නොපැරදුන පර්යංකයෙන් වැඩහුන්නේ ප්‍රථම යාමයෙහි පෙර විසූ තැන් ස්මරණය කොට, පශ්චිම යාමයෙහි ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි ඤාණය බහා කෙලෙස් මූලික සංසාර වෘත්ත දුක විශිෂ්ඨ ඥානයෙන් දැන, සංස්කාරයන් අල්වාගෙන විමසා බලනුයේ, අනුක්රමයෙන් විදර්ශනාව වඩා ආර්ය මාර්ගාවබෝධයෙන්, තෙමේ පහවූ විනාශ කළ කෙලෙස් ඇත්තේ, බුද්ධත්වයට පත්ව, ප්‍රත්‍යවේක්ෂණයට අනතුරුව ශේෂ රහිත කෙලෙසුන්ගේ ප්‍රහීණ කළ හෙයින් තමාගේ වෘත්ත දුක්ඛයාගේ ක්ෂය වූ බව දක්වන සියලු බුදුවරුන්ගේ අත්නොහල ‘අනෙකජාති සංසාරං’ යන උදන් අනා එම පර්යංකයෙන් සත්දිනක් විමුක්ති සුව විඳිමින් හුන්නේ සත්වන රාත්‍රියෙහි තෙයාමයන්හි කියන ලද ක්‍රමයෙන් ත්‍රිවිධ උදන් අනා තෙවන උදානයට අනතුරුව, බුදුඇසින් ලොව බලනුයේ, මේ සියලු සත්ත්වයින්ගේ සංසාර වෘත්ත දුක, කෙලෙස් මූලිකවය. එම කෙලෙස් නම් පැවැත්මෙහිද දුක්ය. මත්තෙහිද දුකට හේතුභූත වේ. එම කෙලෙසුන් විසින් මෙම සත්ත්වයෝ මනාව තවත් මනාව දවත් යයි දුටු සේක. එහෙයින් ‘අද්දසා ඛො භගවා -පෙ- මොහොරෙහිපි’ යි යූ.සේයි.
එතමත්ථං විදිත්වාති එතං ලොකස්ස යථාවුත්තසන්තාපපරිළාහෙහි අභිභුය්යමානතං සබ්බාකාරතො විදිත්වා. ඉමං උදානන්ති ඉමං සබ්බසන්තාපපරිළාහතො පරිනිබ්බානවිභාවනං මහාඋදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම ලෝකයාගේ කියන ලද ආකාර ඇති තැවීම් දැවීම්වලින් මඩිනු ලබන බව සර්වාකාරයෙන් දැන. ඉමං උදානං යනු සියලු තැවීම් දැවීම්වලින් නිවීම පැහැදිලි කිරීමට මෙම උදන් ඇනූ සේක.
තත්ථ අයං ලොකො සන්තාපජාතොති අයං සබ්බොපි ලොකො ජරාරොගමරණෙහි චෙව නානාවිධබ්යසනෙහි ච කිලෙසපරියුට්ඨානෙහි ච ජාතසන්තාපො, උප්පන්නකායිකචෙතසිකදුක්ඛාභිභවොති අත්ථො. ඵස්සපරෙතොති තතො එව අනෙකෙහි දුක්ඛසම්ඵස්සෙහි පරිහතො උපද්දුතො. අථ වා ඵස්සපරෙතොති සුඛාදිසඞ්ඛාතානං තිස්සන්නං දුක්ඛතානං පච්චයභූතෙහි ඡහි ඵස්සෙහි අභිභූතො, තතො තතො ද්වාරතො තස්මිං තස්මිං ආරම්මණෙ පවත්තිවසෙන උපස්සට්ඨො. රොගං වදති අත්තතොති ඵස්සපච්චයා උප්පජ්ජමානං වෙදනාසඞ්ඛාතං රොගං දුක්ඛං, ඛන්ධපඤ්චකමෙව වා යථාභූතං අජානන්තො “අහ”න්ති සඤ්ඤාය දිට්ඨිගාහවසෙන “අහං සුඛිතො දුක්ඛිතො”ති අත්තතො වදති. “අත්තනො”තිපි පඨන්ති. තස්සත්ථො – ය්වායං ලොකො කෙනචි දුක්ඛධම්මෙන ඵුට්ඨො අභාවිතත්තතාය අධිවාසෙතුං අසක්කොන්තො “අහො දුක්ඛං, ඊදිසං දුක්ඛං මය්හං අත්තනොපි මා හොතූ”තිආදිනා විප්පලපන්තො කෙවලං අත්තනො රොගං වදති, තස්ස පන පහානාය න පටිපජ්ජතීති අධිප්පායො. අථ වා තං යථාවුත්තං දුක්ඛං යථාභූතං අජානන්තො තණ්හාගාහවසෙන “මම”න්ති සඤ්ඤාය අත්තතො වදති, “මම ඉද”න්ති වාචං නිච්ඡාරෙති.
එහි අයං ලොකො සන්තාපජාතො යනු මේ සියලුම ලෝකය ජරා, රෝග මරණයන්ගෙන්ද, නොයෙක් ආකාර ව්‍යසනයන්ගෙන්ද, කෙලෙස් මැඩගෙන මතුවීම්වලින් ද හටගත් තැවීම, උපන් කායික චෛතසික දුක් මැඩ පැවැත්වීම යයි අර්ථයි. ඵස්සපරෙතො යනු එයින්ම නොයෙක් දුක් ස්පර්ශයන්ගෙන් පීඩිත වූයේ, උපද්‍රවයට පත්වූයේ වේ. නොහොත් ඵස්ස පරෙතො යනු සුව ආදී සංඛ්‍යාත ත්‍රිවිධ දුක්ඛතාවයන්ට ප්‍රත්‍යය වූ ෂට් ස්පර්ශයන්ගෙන් මඩනා ලදුයේ ඒ ඒ ද්වාරයන්ගෙන් ඒ ඒ අරමුණෙහි පැවැතීම් වශයෙන් පීඩාවට පත්වූයේ, රොග වදති අත්තතො යනු ස්පර්ශ හේතුවෙන් උපදනා වේදනා සංඛ්‍යාත ස්කන්ධ පංචකමය වූ රෝදුක් යථා පරිදි නොදන්නේ මම යන සංඥාවෙන් දෘෂ්ටි ග්‍රාහ වශයෙන්, මම සුවපත් වූයෙමි. මම දුප්පත් වූයෙමියි ආත්ම වශයෙන් කියයි. තමාගේ යයිද කියවති. එහි අර්ථය යම් ආකාර වූ මේ ලෝකයා කිසියම් දුක් ස්වභාවයකින් පෙළන ලදුයේ, නොවඩනා ලද ආතම් හෙයින් ඉවසන්ට නොහැකි වනුයේ අහෝ දුකකි. මෙබඳු දුකක් මාගේ සතුරෙකු හෝ නොවේවායි යනාදී ක්‍රමයෙන්, විලාප කියවනුයේ හුදෙක් තම රෝගය ගැන කියයි. එහි ප්රහාණය සඳහා නොපිළිපදී යයි අර්ථයි. නොහොත් කියන ලද ආකාර ඇති එම දුක තත්වූ පරිද්දෙන් නොදන්නේ තෘෂ්ණා ග්‍රාහ වශයෙන් මම යන සංඥාවෙන් ආත්ම වශයෙන් කියයි. මෙය මාගේ යයි වචනය පිටකරයි.
යෙන යෙන හි මඤ්ඤතීති එවමිමං රොගභූතං ඛන්ධපඤ්චකං අත්තතො අත්තනො වා වදන්තො ලොකො යෙන යෙන රූපවෙදනාදිනා කාරණභූතෙන, යෙන වා සස්සතාදිනා පකාරෙන දිට්ඨිමානතණ්හාමඤ්ඤනාහි මඤ්ඤති. තතො තං හොති අඤ්ඤථාති තතො අත්තනා පරිකප්පිතාකාරතො තං මඤ්ඤනාය වත්ථුභූතං ඛන්ධපඤ්චකං අඤ්ඤථා අනත්තානත්තනියමෙව හොති. වසෙ වත්තෙතුං අසක්කුණෙය්යතාය අහඞ්කාරමමඞ්කාරත්තං න නිප්ඵාදෙතීති අත්ථො. අථ වා තතොති තස්මා මඤ්ඤනාමත්තභාවතො තං ඛන්ධපඤ්චකං නිච්චාදිවසෙන මඤ්ඤිතං අඤ්ඤථා අනිච්චාදිසභාවමෙව හොති. න හි මඤ්ඤනා භාවඤ්ඤථත්තං වා ලක්ඛණඤ්ඤථත්තං වා කාතුං සක්කොති.
යෙන යෙනහි මඤ්ඤති යනු මෙසේ මේ රෝගකාරක ස්කන්ධ පංචකය ආත්ම වශයෙන් හෝ තමාගේ යයි හෝ කියන්නා වූ ලෝකයා, යම් යම් රූප වේදනාදීන්ට හේතුකාරක වූ යම් යම් ශාස්වතාදී ආකාරයෙන් තෘෂ්ණා, දෘෂ්ටි, මාන යන ත්‍රිවිධ හැඟීම්වලින් හඟියි. තතො තං හොති අඤ්ඤථානො යනු ඉන් තමා විසින් පරිකල්හිත ආකාරයෙන් ඒ හැඟීම්වලට කරුණු වූ ස්කන්ධ පංචකය, අනාත්ම, අනාත්ම නියමය වශයෙන් අන් ආකාරයකින් වේ. තම වසයෙහි පවත්වන්ට නොහැකි හෙයින් මම මාගේය යන ස්වභාවය නොනිපදවයි යන අර්ථයි. නොහොත් තතො යනු එම ස්කන්ධ පංචකය හැඟීම් මාත්‍ර ස්වභාව හෙයින් නිත්‍යාදි වශයෙන් සිතූ දෙය අන් අයුරෙකින් අනිත්‍යාදී ස්වභාවයම වේ. හැඟීම් ස්වභාවයෙහි වෙනසක් හෝ ස්වභාව ලක්ෂණයෙහි වෙනසක් හෝ කරන්ට නොහැකිය.
අඤ්ඤථාභාවී භවසත්තොති අසම්භවෙ වඩ්ඪියං හිතසුඛෙ සත්තො ලග්ගො සත්තලොකො මඤ්ඤනාය යථාරුචි චින්තියමානොපි විපරීතප්පටිපත්තියා තතො අඤ්ඤථාභාවී අහිතදුක්ඛභාවී විඝාතංයෙව පාපුණාති. භවමෙවාභිනන්දතීති එවං සන්තෙපි තං මඤ්ඤනාපරිකප්පිතං අවිජ්ජමානං භවං වඩ්ඪිං අභිනන්දති එව අභිකඞ්ඛති එව. අථ වා අඤ්ඤථාභාවීති “නිච්චො මෙ අත්තා”තිආදිනා මඤ්ඤනාය පරිකප්පිතාකාරතො සයං අඤ්ඤථාභාවී සමානො අනිච්චො අධුවොති අත්ථො. භවසත්තොති කාමාදිභවෙසු භවතණ්හාය සත්තො ලග්ගො ගධිතො. භවමෙවාභිනන්දතීති අනිච්චාදිසභාවං භවමෙව නිච්චාදිවසෙන පරාමසිත්වා, තත්ථ වා අධිමුත්තිසඤ්ඤං තණ්හාදිට්ඨාභිනන්දනාහි අභිනන්දති, න තත්ථ නිබ්බින්දති . යදභිනන්දති තං භයන්ති යං වඩ්ඪිසඞ්ඛාතං භවං කාමාදිභවං වා අභිනන්දති, තං අනිච්චාදිවිපරිණාමසභාවත්තා අනෙකබ්යසනානුබන්ධත්තා ච භවහෙතුභාවතො අතිවිය භයානකට්ඨෙන භයං. යස්ස භායතීති යතො ජරාමරණාදිතො භායති, තං ජරාමරණාදි දුක්ඛාධිට්ඨානභාවතො දුක්ඛදුක්ඛභාවතො ච දුක්ඛං. අථ වා යස්ස භායතීති භවාභිනන්දනෙන යස්ස විභවස්ස භායති , සො උච්ඡෙදසඞ්ඛාතො විභවො, තතො භායනඤ්ච දුක්ඛවත්ථුභාවතො ජාතිආදිදුක්ඛස්ස අනතිවත්තනතො ච දුක්ඛං දුක්ඛසභාවමෙවාති අත්ථො. අථ වා යස්ස භායති තං දුක්ඛන්ති යස්ස අනිච්චාදිකස්ස භායති තං නිස්සරණං අජානන්තො, තං භයං තස්ස දුක්ඛං හොති, දුක්ඛං ආවහතීති අත්ථො.
අඤ්ඤථා භාවි භව සත්තො යනු මේ භවයෙහි වර්ධනය වන හිතසුවයන්හි ඇලුණු සත්වලේකයා, විපරීත ප්‍රතිපත්තියෙන්, කැමැති පරිදි හැඟීමෙන් සිතනු ලබනුයේ, ඉන් වෙනස් ස්වභාවයකට අහිත දුක් ස්වභාවයකට පත්ව විනාශයටම පැමිණේ. භවමෙවාභි නන්දති යනු මෙසේ ඇතිකල්හිද එම හැඟීමෙන් පරිකල්පිත අවිද්‍යමාන භවයෙහි වෘද්ධිය ගැන විශේෂයෙන් සතුටු වේමය. විශේෂයෙන් කැමති වේමය. නොහොත් අඤ්ඤථා භාවි යනු මාගේ ආත්මය නිත්‍යයයි යනාදි හැඟීම්වලින් පරිකල්පිත ආකාරයන්ගෙන්, තෙමේ වෙනස් ආකාරයක් හා සමාන වූයේ අනිත්‍යය. අස්ථිරයයි අර්ථයි. භවසත්තො යනු කාමාදී භවයන්හි භව තෘෂ්ණාවෙන් ඇලුනේ, ලග්න වූයේ - ඉතා තදින් ඇලුනේ - භවමෙවාභි නන්දති යනු අනිත්‍යාදි ස්වභාව ඇති භවයම නිත්‍යාදී වශයෙන්, ස්පර්ශකොට එහි තදින් ඇලීම් සංඥාව ලැබ තෘෂ්ණා, දෘෂ්ටි භව සන්තෘප්තියෙන් සන්තෘප්ත වේ. එහි නොකලකිරේ. යදභිනන්දති තං භයං යනු යම් වෘද්ධි සංඛ්‍යාත භවය හෝ කාමාදී භවය හෝ සතුටු වේද, එය අනිත්‍යාදී ස්වභාව හෙයින්ද නොයෙක් ව්‍යසනයන් ලුහුබඳනා හෙයින්ද, භවයට හේතුවන හෙයින්ද අතිශය භයානකාර්ථයෙන් භයයි. යස්ස භායති යනු යම්හෙයකින් ජරාමරණාදියෙන් බියට පත් වේද? ජරා මරණාදී දුක් ස්ථිර හෙයින්ද, දුක් ස්වභාව හෙයින්ද දුක්ඛ දුක්ඛයයි. නොහොත් යස්ස භායති යනු භවයට සතුටුවීමෙන් යම් විෂයයකට බියවේද, එය උච්ඡේද සංඛ්‍යාත විභවයයි. ඉන් බියවීමද, දුකට හේතුවන ස්වභාවයෙන් ඉපැත්ම ආදී දුක්ඛයාගේ නොඉක්මවන හෙයින්ද දුක්ය. දුක් ස්වභාවයම යයි අර්ථයි. නොහොත් යස්ස භායති තං දුක්ඛං යනු යම් අනිත්යාදියකට බිය වේදනාම නිස්සරණය නොදන්නේ එම බිය ඔහුට දුක්වේ. දුක් එළවා යයි අර්ථයි.
එත්තකෙන වට්ටං දස්සෙත්වා ඉදානි විවට්ටං දස්සෙතුං, “භවවිප්පහානාය ඛො පනිදං බ්රහ්මචරියං වුස්සතී”ති ආහ. තත්ථ භවවිප්පහානායාති කාමාදිභවස්ස පජහනත්ථාය. ඛොති අවධාරණෙ, පනාති පදපූරණෙ නිපාතො. ඉදන්ති ආසන්නපච්චක්ඛවචනං. බ්රහ්මචරියන්ති මග්ගබ්රහ්මචරියං. වුස්සතීති පූරෙස්සති. ඉදං වුත්තං හොති – එකන්තෙනෙව කාමාදිභවස්ස සමුදයප්පහානෙන අනවසෙසපජහනත්ථාය ඉදං මයා සතසහස්සකප්පාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි අතිදුක්කරානි ආචරිත්වා පාරමියො පූරෙත්වා බොධිමණ්ඩෙ තිණ්ණං මාරානං මත්ථකං මද්දිත්වා අධිගතං සීලාදික්ඛන්ධත්තයසඞ්ගහං අට්ඨඞ්ගිකමග්ගබ්රහ්මචරියං චරියති භාවියතීති.
මෙතෙකින් සංසාර වෘත්තය දක්වා දැන් (සසරට විරුද්ධ අංගය) නිවන දක්වන්ට භව විප්පහාණාය ඛො පනිදං බ්රහ්මචරියං වුස්සතියි වදාළ සේක. එහි භව විප්පහාණාය යනු කාමාදී භවයාගේ දුරුකිරීම සඳහා, ඛො යනු අවධාරණාර්ථයෙහි, පන යනු පද පූරණයෙහි නිපාතයි. ඉදං යනු ආසන්න ප්රත්යක්ෂ වචනයි. බ්රහ්මචරියං යනු මාර්ග බ්‍රහ්මචර්යාවයි. වුස්සති යනු පුරන්නේය මෙය යූ.සේයි. ඒකාන්තයෙන්ම කාමාදී භවයාගේ හටගැනීම් ප්‍රහාණයෙන් ශේෂ රහිත දුරුකිරීම් සඳහා මෙය මා විසින් සිව් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට අධික වූ, අති දුෂ්කර පිළිපැදීම් මගින් පාරමී පුරා, බෝමැඩ ත්‍රිවිධ මාරයින්ගේ මස්තකය මර්දනය කොට අවබෝධ කරන ලද, සීලාදී ස්කන්ධත්රය ඇතුලත් අෂ්ටාංගික මාර්ග බ්රහ්මචර්යායෙහි හැසිරේ. වඩනු ලැබේනුයි
එවං අරියමග්ගස්ස එකංසෙනෙව නිය්යානිකභාවං දස්සෙත්වා ඉදානි අඤ්ඤමග්ගස්ස තදභාවං දස්සෙන්තො “යෙ හි කෙචී”තිආදිමාහ. තත්ථ යෙති අනියමනිද්දෙසො. හීති නිපාතමත්තං. කෙචීති එකච්චෙ. පදද්වයෙනාපි තථාවාදිනො දිට්ඨිගතිකෙ අනියමතො පරියාදියති. සමණාති පබ්බජ්ජූපගමනමත්තෙන සමණා, න සමිතපාපා. බ්රාහ්මණාති ජාතිමත්තෙන බ්රාහ්මණා, න බාහිතපාපා. වාසද්දො විකප්පත්ථො. භවෙන භවස්ස විප්පමොක්ඛමාහංසූති එකච්චෙ කාමභවෙන රූපභවෙන වා සබ්බභවතො විමුත්තිං සංසාරසුද්ධිං කථයිංසු.
මෙසේ ආර්යමාර්ගයාගේ ඒකාන්තයෙන්ම නෛර්යාණික බව පෙන්වා, දැන් අන් මාර්ගයාගේ එය නොමැති බව දක්වනුයේ යෙහි කෙචි ආදිය වදාළ සේක. එහි යෙ යනු අනියම් නිර්දේශයයි. හි යනු නිපාත මාත්‍රයයි. කෙචි යනු ඇතැම් අය පද ද්වයයෙන්ම එබඳු වාද ඇති දෘෂ්ටිගතිකයින් අනියමයෙන් හාත්පසින් ගනියි. සමණා යනු පැවිද්දට එළැඹි මාත්‍රයෙන් ශ්‍රමණයෝ සන්සිඳවූ පාප ඇති අය නොවේ. බ්රාහ්මණා යනු උත්පත්ති මාත්‍රයෙන් බ්‍රාහ්මණයෝ. බැහැර කරන ලද පව් ඇති අය නොවේ. වා ශබ්දය විකල්පාර්ථයෙහි. භවෙන භවස්ස විප්පමොක්ඛමාහංසු යනු ඇතැම්හු කාමභවයෙන් හෝ රූප භවයෙන් හෝ සියලු භවයන්ගෙන් මිදීම සංසාර ශුද්ධිය යැයි කීහ.
කෙ පනෙවං වදන්තීති? දිට්ඨධම්මනිබ්බානවාදිනො තෙසු හි කෙචි “උළාරෙහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතො අත්තා දිට්ඨෙව ධම්මෙ පරමං නිබ්බුතිං පත්තො හොතී”ති වදන්ති. කෙචි “රූපාවචරජ්ඣානෙසු පඨමජ්ඣානසමඞ්ගී…පෙ… කෙචි “දුතියතතියචතුත්ථජ්ඣානසමඞ්ගී අත්තා දිට්ඨෙව ධම්මෙ පරමං නිබ්බුතිං පත්තො හොතී”ති වදන්ති. යථාහ –
කවරෙක් වනාහි එසේ කියත්ද? ඉහාත්ම නිර්වාණවාදීහුය. ඔවුනතර ඇතැම්හු, මහත් පංචකාම ගුණයන්ගෙන් සන්තෘප්තියට පත්වූයේ, ආත්මය ඉහාත්මයෙහිම උතුම් නිවීමට පත්වූයේ වේයයි කියති. සමහරු රූපාවචර ධ්‍යානයන්හි ප්‍රථමධ්‍යානයෙන් යුක්ත වූයේ -පෙ- සමහරු ද්විතීය -පෙ- තෘතීය -පෙ- චතුර්ථ ධ්‍යානයෙන් යුක්ත වූයේ ආත්මය ඉහාත්මයෙහිම උතුම් නිවීමට පැමිණියේ වේයයි කියති. දෙසූ පරිදි,
“ඉධ , භික්ඛවෙ, එකච්චො සමණො වා බ්රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි ‘යතො ඛො භො අයං අත්තා පඤ්චහි කාමගුණෙහි සමප්පිතො’”ති (දී· නි· 1.94) විත්ථාරො.
මහණෙනි, මෙලොව ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙබඳු කියමන් ඇත්තේ වේ. මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේ. පින්වත, යම්තැනක පටන් මේ ආත්මය පංචකාම ගුණයන්ගෙන් සන්තර්පණය කරන ලද්දේයි. විස්තරයයි.
තෙ පන යස්මා යාවදත්ථං පීතත්තා සුහිතාය ජලූකාය විය රුහිරපිපාසා කාමාදිසුඛෙහි සමප්පිතස්ස තස්ස අත්තනො කාමෙසනාදයො න භවිස්සන්ති, තදභාවෙ ච භවස්ස අභාවොයෙව, යස්මිං යස්මිඤ්ච භවෙ ඨිතස්ස අයං නයො ලබ්භති, තෙන තෙන භවෙන සබ්බභවතො විමුත්ති හොතීති වදන්ති, තස්මා “භවෙන භවස්ස විප්පමොක්ඛමාහංසූ”ති වුත්තා. යෙසඤ්ච “එත්තකං නාම කාලං සංසරිත්වා බාලා ච පණ්ඩිතා ච පරියොසානභවෙ ඨත්වා සංසාරතො විමුච්චන්තී”ති ලද්ධි, තෙපි භවෙන භවස්ස විප්පමොක්ඛං වදන්ති නාම. වුත්තඤ්හෙතං –
ඔවුහු වනාහි සමෘද්ධියට පත්හෙයින්, තෘප්තියට පත්වුයේ, ලේ පිපාසාවෙන් පීඩිත කූඩැල්ල මෙන් කාමාදි සුව ලබන්නහුට තම කාමයන් සෙවීම් ආදිය නොවන්නාහුද, එය නොමැති වීමෙන් භවයාගේ අභාවයම වේ. යම් යම් භවයන්හි සිාටියහුට මෙම ක්‍රමය ලැබේ. ඒ ඒ භවයෙන් සියලු භවයන්ගේ විමුක්තිය වේයයි කියති. එහෙයින් භවයෙන් භවයට මිදීම කීහයි යූ.සේයි. යම්කෙනෙකුන්ට, මෙතෙක් ප්‍රමාණ කාලයක් සසර සැරිසරා අඥානයෝ ද, පණ්ඩිතයෝ ද අවසාන භවයෙහි සිට සසරින් මිදෙත්යයි ලබ්ධියෙකි. ඔව්හුද භවයෙන් භවයාගේ විමෝක්ෂය කියන්නාහු නමැ. යූ.සේයි.
“චුල්ලාසීති මහාකප්පිනො සතසහස්සානි යානි බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්තී”ති (දී· නි· 1.168).
මහා කල්ප ලක්ෂයක්හුගේ ඇවෑමෙන් යම් ආකාර වූ අඥානයින්ද පණ්ඩිතයින්ද සසර ඇවිද, සැරිසරන දුක් කෙළවර කරන්නාහ.
අථ වා භවෙනාති භවදිට්ඨියා. භවති සස්සතං තිට්ඨතීති පවත්තනතො සස්සතදිට්ඨි භවදිට්ඨීති වුච්චති, භවදිට්ඨි එවෙත්ථ උත්තරපදලොපෙන භවතණ්හාතිආදීසු විය භවොති වුත්තො. භවදිට්ඨිවසෙන ච එකච්චෙ භවවිසෙසංයෙව කිලෙසානං වූපසන්තවුත්තියා ආයුනො ච දීඝාවාසතාය නිච්චාදිසභාවං භවවිමොක්ඛං මඤ්ඤන්ති, සෙය්යථාපි බකො බ්රහ්මා “ඉදං නිච්චං, ඉදං ධුවං, ඉදං සස්සතං, ඉදං අවිපරිණාමධම්ම”න්ති (ම· නි· 1.501) අවොච. තෙසමෙවං විපරීතගාහීනං අනිස්සරණෙ නිස්සරණදිට්ඨීනං කුතො භවවිමොක්ඛො. තෙනාහ භගවා – “සබ්බෙ තෙ ‘අවිප්පමුත්තා භවස්මා’ති වදාමී”ති.
නොහොත් භවෙන යනු භව දෘෂ්ටියෙන්, සිදුවේ. හැමකල්හි පවත්නා අයුරින් පවතී යයි පවත්නා හෙයින් ශාස්වත දෘෂ්ටිය භව දෘෂ්ටිය යැයි කියනු ලැබේ. මෙහි භව දෘෂ්ටියම මතු පද ලෝපයෙන් භව තණ්හා ආදීන්හි මෙන් භවයැයි යූ.සේයි. භව දෘෂ්ටි වශයෙන් ද සමහරු භව විශේෂයම කෙලෙසුන්ගේ සන්සුන් පැවැත්මෙන් ආයුෂයාගේ දීර්ඝතාවයෙන්ද නිත්‍යාදී ස්වභාව වූයේ භව විමෝක්‍ෂයැයි හඟිත්. යම්සේ නම් බක බ්‍රහ්මයා මෙය නිත්‍යය - මෙය ස්ථිරය. මෙය ශාස්වතය. මෙය නොවෙනස්වන ස්වභාවයැයි කිවූය. සසරින් නිදහස් නොවීමෙහිලා බලපාන කරුණු පිළිබඳව සසරින් නිදහස් වීමෙහිලා සලකන ඒ ආකාර වූම විපරීත ග්රාහීන්ට භව විමෝක්ෂයක් නම් කෙසේ නම් ලැබේද? එහෙයින් භාග්‍යවතුන් වහන්සේ සබ්බෙ තෙ අවිප්පමුත්තා භවස්මාති වදාමි යි වදාළ සේක.
විභවෙනාති උච්ඡෙදෙන. භවස්ස නිස්සරණමාහංසූති සබ්බභවතො නිග්ගමනං නික්ඛන්තිං සංසාරසුද්ධිං වදිංසු. තෙ හි “භවෙන භවස්ස විප්පමොක්ඛො”ති වදන්තානං වාදං අනනුජානන්තා භවූපච්ඡෙදෙන නිස්සරණං පටිජානිංසු. විභවෙනාති වා උච්ඡෙදදිට්ඨියා. විභවති විනස්සති උච්ඡිජ්ජති අත්තා ච ලොකො චාති පවත්තනතො උච්ඡෙදදිට්ඨි වුත්තනයෙන “විභවො”ති වුච්චති. උච්ඡෙදදිට්ඨිවසෙන හි සත්තා අධිමුච්චිත්වා තත්ථ තත්ථ උප්පන්නා උච්ඡිජ්ජන්ති, සා එව සංසාරසුද්ධීති උච්ඡෙදවාදිනො. වුත්තඤ්හෙතං –
විභවෙන යනු උච්ඡේද දෘෂ්ටියෙන්, භවස්ස නිස්සරණ මාහංසු යනු සියලු භවයෙන් පිටවීම, නික්මීම සංසාර ශුද්ධිය යැයි වදාළහ. ඔවුන් විසින් භවයෙන් භවයාගේ මිදීම යැයි කියනවුන්ගේ වාදය අනුමත නොකරන්නාහු භවය සිඳීමෙන් සසරින් ගැලවීම පිළිගත්හ. විභවෙන යනු උච්ඡේද දෘෂ්ටියෙන්, ආත්මයද ලෝකයද නැසේ. විනාශ වන්නේය. සිඳ දමනු ලැබේ යයි පවත්නා හෙයින් උච්ඡේද දෘෂ්ටිය කියන ලද අයුරින් විභවයැයි කියයි. සත්ත්වයෝ උච්ඡේද දෘෂ්ටි වශයෙන් තදින් ඇලී ඒ ඒ තන්හි උපන්නාහු විනාශ වෙත්. උච්ඡේදවාදීහු එයම සංසාර සුද්ධිය යැයි පිළිගනිති. යූ.සේයි.
“යතො ඛො භො අයං අත්තා රූපී චාතුමහාභූතිකො…පෙ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී”ති (දී· නි· 1.85).
පින්වත, යම්තැනක පටන් මේ ආත්මය සතරමහා භූතයන්ගෙන් හටගත්තේද -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරේද, පින්වත මෙපමණෙකින්ම මේ ආත්මය මනාව නසන ලද්දේ වේ.
තථා –
එසේම
“නත්ථි, මහාරාජ, දින්නං, නත්ථි යිට්ඨං නත්ථි හුතං…පෙ… බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති විනස්සන්ති න හොන්ති පරං මරණා”ති ච (දී· නි· 1.171).
මහරජ, දුන් දෑහි විපාක නැත. පරිත්‍යාගයෙහි ඵලයක් නැත. යාග කිරීමෙන් ප්‍රයෝජන නැත. -පෙ- අඥානයෝ ද, පණ්ඩිතයෝ ද ශරීරයාගේ භේදයෙන් විනාශ වෙති. නැසෙති. මරණින් මතු නොවෙත් යයි
තෙසම්පි එවං විපරීතගාහීනං කුතො භවනිස්සරණං. තෙනාහ භගවා – “සබ්බෙ තෙ ‘අනිස්සටා භවස්මා’ති වදාමී”ති. න හි අරියමග්ගභාවනාය අනවසෙසකිලෙසං අසමුග්ඝාතෙත්වා කදාචිපි භවතො නිස්සරණවිමුත්ති සම්භවති. තථා හි තෙසං සමණබ්රාහ්මණානං යථාභූතාවබොධාභාවතො “අත්ථි නත්ථී”ති අන්තද්වයනිපතිතානං තණ්හාදිට්ඨිවසෙන සම්පරිතසිතවිප්ඵන්දිතමත්තං, යතො තෙ දිට්ඨිගතිකා පවත්තිහෙතූසුපි සම්මූළ්හා සක්කායභූමියං සුනිඛාතෙ විපරීතදස්සනථම්භෙ තණ්හාබන්ධනෙන බද්ධා ගද්දූලබන්ධනා විය සා න විජහන්ති බන්ධනට්ඨානං, කුතො නෙසං විමොක්ඛො?
ඔවුන්ගේද මෙසේ විකෘති ග්‍රහණයන්ගේ භවයෙන් නික්මීමත් කොයින්ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ සබ්බෙ තෙ අනිස්සටා භවස්මාති වදාමියි වදාළ සේක. ආර්ය මාර්ග භාවනාවෙන් සේසරහිතව කෙලෙස් මුලින් නොඋපුටා, කිසිදිනෙක භවයෙන් ගැලවීමේ විමුක්තිය නොහට ගනී. එසේම තිබේද, නොතිබේද යන අන්ත ද්වයයට වැටුණු ඒ මහණ බමුණන්ට තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පෙරළීම් දැඟලීම් මාත්‍රයක් පමණක් විද්‍යමාන වේ. ඒ දෘෂ්ටිගතිකයෝ ප්රවෘත්ති හේතූන්හිද, මුලා වූවාහු ස්වකාය භූමියෙහි මනාව හාරා සිටුවන ලද විපර්යාස වූ දර්ශන නමැති ටැඹෙහි තෘෂ්ණා බන්ධනයෙන් බඳනා ලද්දාහු, සම්පටියෙන් කළ බන්ධනයෙන් බඳනා ලද බල්ලෙක් බඳනා ලද ස්ථානය අත් නොහරනා මෙනි. ඔවුන්ට මිදීමක් කෙසේ වේද?
යෙ පන චතුසච්චවිභාවනෙන පවත්තිආදීසු අසම්මොහතො තං අන්තද්වයං අනුපගම්ම මජ්ඣිමං පටිපදං සමාරුළ්හා, තෙසංයෙව භවවිප්පමොක්ඛො නිස්සරණඤ්චාති දස්සෙන්තො සත්ථා “උපධිං හී”තිආදිමාහ. තත්ථ උපධින්ති ඛන්ධාදිඋපධිං. හීති නිපාතමත්තං. පටිච්චාති නිස්සාය, පච්චයං කත්වා. දුක්ඛන්ති ජාතිආදි දුක්ඛං. කිං වුත්තං හොති? යත්ථිමෙ දිට්ඨිගතිකා විමොක්ඛසඤ්ඤිනො, තත්ථ ඛන්ධකිලෙසාභිසඞ්ඛාරූපධයො අධිගතා, කුතො තත්ථ දුක්ඛනිස්සරණං? යත්ර හි කිලෙසා, තත්රාභිසඞ්ඛාරසම්භවතො භවපබන්ධස්ස අවිච්ඡෙදොයෙවාති වට්ටදුක්ඛස්ස අනිවත්ති. තෙන වුත්තං – “උපධිඤ්හි පටිච්ච දුක්ඛමිදං සම්භොතී”ති.
යමෙක්හු වනාහි සිව්සස් ප්‍රකට කිරීමෙන්, පැවැත්ම ආදීන්හි නුමුලාවෙන් එම අන්තද්වයයට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවට නැගුණේ එම භවයන්ගෙන්ම මනාව මිදීම නිදහස් වීම යයි දක්වන්නා වූ ශාස්තෲන් වහන්සේ උපධීහි යනාදිය වදාළ සේක. උපධි යනු ස්කන්ධ ආදී මූලිකාංග. හි යනු නිපාත මාත්‍රයයි. පටිච්ච යනු ආධාරකොට, ප්‍රත්‍යය කොට, දුක්ඛං යනු ඉපැත්ම ආදී දුක. කුමක් කිායන ලදද යත්, යම්තැනක මෙම දෘෂ්ටි ගතිකයෝ මිදීම් සංඥා ඇත්තාහු එහි ස්කන්ධ - කෙලෙස්, කර්ම රැස් කිරීම් ආදීහු අවබෝධ කළාහු එහි දුකින් නිදහස් වීමක් කොතැනින් ලැබේද? යම්තැනක වනාහි කෙලෙස්, එහි කර්ම රැස් කිරීම හටගන්නා හෙයින්, භවයාගේ නොසිඳි පැවැත්මෙහි, අවිච්ඡේදය වේමය. වෘත්ත දුක්ඛයාගේ නොනැවැත්ම හෙයිනි. එහෙයින් උපධීහි පටිච්ච දුක්ඛමිදං සම්භොති යි යූ.සේයි.
ඉදානි යං පරමත්ථතො දුක්ඛස්ස නිස්සරණං, තං දස්සෙතුං, “සබ්බුපාදානක්ඛයා නත්ථි දුක්ඛස්ස සම්භවො”ති වුත්තං. තත්ථ සබ්බුපාදානක්ඛයාති කාමුපාදානං දිට්ඨුපාදානං සීලබ්බතුපාදානං අත්තවාදුපාදානන්ති සබ්බෙසං ඉමෙසං චතුන්නම්පි උපාදානානං අරියමග්ගාධිගමෙන අනවසෙසප්පහානතො. තත්ථ දිට්ඨුපාදානං සීලබ්බතුපාදානං අත්තවාදුපාදානන්ති ඉමානි තීණි උපාදානානි සොතාපත්තිමග්ගෙන ඛීයන්ති, අනුප්පත්තිධම්මතං ආපජ්ජන්ති. කාමුපාදානං අපායගමනීයං පඨමෙන, කාමරාගභූතං බහලං දුතියෙන, සුඛුමං තතියෙන, රූපරාගාරූපරාගප්පහානං චතුත්ථෙනාති චතූහිපි මග්ගෙහි ඛීයති, අනුප්පත්තිධම්මතං ආපජ්ජතීති වෙදිතබ්බං. නත්ථි දුක්ඛස්ස සම්භවොති එවං සබ්බසො උපාදානක්ඛයා තදෙකට්ඨතාය සබ්බස්සපි කිලෙසගණස්ස අනුප්පාදනතො අප්පමත්තකස්සපි වට්ටදුක්ඛස්ස සම්භවො පාතුභාවො නත්ථි.
දැන් යමක් පරමාර්ථ වශයෙන් දුක්ඛයාගේ නිදහස් වීමක් වේද, එය දක්වන්ට සබ්බූපාදානක්ඛයා යනු කාම, දිට්ඨි-සීලබ්බත, අත්තවාදූපාදාන යන මෙම සියලු සිව් වැදෑරුම් වූම උපාදානයන්ගේ ආර්ය මාර්ගාවබෝධයෙන් ශේෂ රහිත ප්‍රහාණයෙන් එහි දිට්ඨි, සීලබ්බත අත්තවාදූපාදාන යන මෙම ත්‍රිවිධ උපාදානයන් සෝවාන් මාර්ගයෙන් ක්ෂය වෙති. නූපදින ස්වභාවයට පැමිණෙත්. කාමූපාදානයෙහි අපාය ගමනීයත්වය ප්‍රථම මාර්ගයෙන් ද, කාමරාගයෙහි දැඩි ස්වභාවය දෙවන මාර්ගයෙන්ද, සියුම් ස්වභාවය තෙවන මාර්ගයෙන් ද, රූප රාග ප්රහාණය සිව්වන මාර්ගයෙන්දැයි සිව් මාර්ගයන්ගෙන් ක්ෂය වේ. නූපදනා ස්වභාවයට පත් වේයයි දතයුතුය. නත්ථි දුක්ඛස්ස සම්භවො යනු මෙසේ සර්වප්රකාරයෙන් තෘෂ්ණා දෘෂ්ටි ආදිය ක්ෂය කිරීමෙන් ඒ හා යෙදුන සියලු කෙලෙස් සමූහයාගේ නූපදනා හෙයින් ස්වල්පමාත්‍ර වූද වෘත්ත දුක්ඛයාගේ හටගැනීම නොමැත.
එවං භගවා හෙතුනා සද්ධිං පවත්තිං නිවත්තිඤ්ච දස්සෙත්වා “ඉමං නයං අජානන්තො අයං සත්තලොකො වට්ටතොපි සීසං න උක්ඛිපතී”ති දස්සෙන්තො “ලොකමිමං පස්සා”තිආදිමාහ. තත්ථ ලොකමිමං පස්සාති අත්තනො බුද්ධචක්ඛුනා පච්චක්ඛතො විසයභාවස්ස උපගතත්තා “ලොකමිමං පස්සා”ති භගවාදස්සනකිරියාය නියොජෙන්තො අත්තානමෙවාලපති. පුථූති බහූ, විසුං විසුං වා. අවිජ්ජාය පරෙතාති “දුක්ඛෙ අඤ්ඤාණ”න්තිආදිනා (ධ· ස· 1106; විභ· 226) නයෙන වුත්තාය චතුසච්චපටිච්ඡාදිකාය අවිජ්ජාය අභිභූතා. භූතාති කම්මකිලෙසෙහි ජාතා නිබ්බත්තා. භූතරතාති භූතෙසු මාතාපිතුපුත්තදාරාදිසඤ්ඤාය අඤ්ඤසත්තෙසු තණ්හාය රතා, භූතෙ වා ඛන්ධපඤ්චකෙ අනිච්චාසුභදුක්ඛානත්තසභාවෙ තංසභාවානවබොධතො ඉත්ථිපුරිසාදිපරිකප්පවසෙන නිච්චාදිවසෙන අත්තත්තනියගාහවසෙන ච අභිරතා. භවා අපරිමුත්තාති යථාවුත්තෙන තණ්හාදිට්ඨිගාහෙන භවතො සංසාරතො න පරිමුත්තා.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ හේතුව සමග පැවැත්මද, නැවැත්මද පෙන්වා මෙම ක්‍රමය නොදන්නා වූ, මෙම සත්ත්ව ලෝකයා සංසාර වෘත්තයෙන් හිස නොඔසවයි යයි දක්වනුයේ ලොකමිමං පස්ස යයි තමාගේ බුදු ඇසින් ප්රත්යක්ෂ වශයෙන් විෂය ස්වභාවයට එළැඹි හෙයින් මෙම ලොව බලව යයි භාග්‍යවතුන් වහන්සේ දර්ශන ක්‍රියාවෙහි යොදවනුයේ තමාම අමතයි. පුථූ යනු බොහෝ, වෙන් වෙන්ව හෝ, අවිජ්ජාය පරෙතා යනු දුක පිළිබඳ නොදැනීම යයි ආදී ක්‍රමයෙන් කියන ලද සිව්සස් වසා දමන අවිද්‍යාවෙන් මඬනා ලදුයේ. භූතා යනු කර්ම හා කෙලෙස්වලින් හටගත්තාහු, උපන්නාහු. භූතරතා යනු සත්ත්වයින් කෙරෙහි මව්පිය, පුත් අඹු ආදී හැඟීමෙන් අන්‍ය සත්ත්වයින් කෙරෙහි තෘෂ්ණාවෙන්, සතරමහා භූතයන්හි ඇතුලත් ස්කන්ධ පංචකයෙහි අනිත්‍ය, අශුභ, දුක්ඛ අනාත්ම ස්වභාවයෙහි එම ස්වභාවය අවබෝධ නොකිරීමෙන් ස්ත්‍රී පුරුෂාදී කල්පනයන් වශයෙන්ද නිත්‍යාදී වශයෙන් ද ආත්ම ග්‍රාහ වශයෙන් ද ඇලුනාහු භවා අපරිමුත්තා යනු තත් වූ පරිද්දෙන් නොදැන, තෘෂ්ණා දෘෂ්ටි ග්‍රාහයෙන් භවයෙන් සංසාරයෙන් නොමිදුනාහු,
එත්ථ ච “ලොකමිම”න්ති පඨමං තාව සකලම්පි සත්තනිකායං සාමඤ්ඤතො එකත්තං උපනෙන්තො එකවචනෙන අනොධිසො ගහණං දීපෙත්වා “ස්වායං ලොකො භවයොනිගතිඨිතිසත්තාවාසාදිවසෙන චෙව තත්ථාපි තංතංසත්තනිකායාදිවසෙන ච අනෙකභෙදභින්නො පච්චෙකං මයා වොලොකිතො”ති අත්තනො බුද්ධචක්ඛුඤාණානුභාවං පකාසෙන්තො සත්ථා පුන වචනභෙදං කත්වා බහුවචනෙන ඔධිසො ගහණං දීපෙති “පුථූ අවිජ්ජාය පරෙතා භූතා”තිආදිනා. එවඤ්ච කත්වා “ලොකමිම”න්ති උපයොගවචනං කත්වා “අවිජ්ජාය පරෙතා”තිආදිනා පච්චත්තබහුවචනනිද්දෙසොපි අවිරුද්ධො හොති භින්නවාක්යත්තා. කෙචි පන එකවාක්යතාධිප්පායෙන “අවිජ්ජාය පරෙතං භූතං භූතරතං භවා අපරිමුත්ත”න්ති පඨන්ති, විභත්තිභෙදවසෙනෙව පන පුරාණපාඨො.
මෙහිද ලොකමිමං යනු ප්‍රථමයෙන් සියලුම සත්ත්වනිකාය සමානතාවයෙන් ඒකත්වයට ගෙනහැර, ඒක වචනයෙන් අනියමෙන් ග්‍රහණය දක්වා, මෙම ලෝකය, භව, යෝනි ගති සත්තාවාසාදි වශයෙන්ද, එහිද, ඒ ඒ සත්ත්ව නිකායාදී වශයෙන් ද, නොයෙක් භේද භින්න වූයේ, මා විසින් වෙන වෙනම බලන ලද්දේ යයි තමාගේ බුද්ධ චක්ෂු ඤාණයෙහි ආනුභාව ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ නැවත වචන බිඳ, බහුවචනයෙන් නියමකොට ග්‍රහණය පුථු අවිජ්ජාය පරෙතා භූතා යනාදී ක්‍රමයෙන් දක්වයි. මෙසේද කොට ලොකමිමං යයි ද්විතියා වචනය කොට අවිජ්ජාය පරෙතා ආදී ක්‍රමයෙන් ප්‍රථම විභක්ති බහුවචන නිර්දේශයද විරුද්ධ නොවේ. බිඳුනු වාක්‍ය හෙයිනි. සමහරු වනාහි එක් වාක්‍ය අභිප්‍රායයෙන් ‘අවිජ්ජාය පරෙතං භූතං භූතරතං භවා අපරිමුත්තං යිද කියවති. පැරැණි පාඨය විභක්ති භේද වශයෙනි.
ඉදානි යෙන උපායෙන භවවිප්පමොක්ඛො හොති, තං සබ්බං තිත්ථියානං අවිසයභූතං බුද්ධගොචරං විපස්සනාවීථිං දස්සෙන්තො “යෙ හි කෙචී”තිආදිමාහ. තත්ථ යෙ හි කෙචි භවාති කාමභවාදි සඤ්ඤීභවාදි එකවොකාරභවාදිවිභාගෙන නානාභෙදභින්නා සාතවන්තො වා අසාතවන්තො වා දීඝායුකා වා ඉත්තරක්ඛණා වා යෙ හි කෙචි භවා. සබ්බධීති උද්ධං අධො තිරියන්ති ආදිවිභාගෙන සබ්බත්ථ. සබ්බත්ථතායාති සග්ගාපායමනුස්සාදිවිභාගෙන. සබ්බෙ තෙතිආදීසු සබ්බෙපි තෙ භවා රූපවෙදනාදිධම්මා හුත්වා අභාවට්ඨෙන අනිච්චා, උදයබ‍්බයපටිපීළිතත‍්තා දුක්ඛා, ජරාය මරණෙන චාති ද්විධා විපරිණාමෙතබ්බතාය විපරිණාමධම්මා. ඉතිසද්දො ආදිඅත්ථො පකාරත්ථො වා, තෙන අනත්තලක්ඛණම්පි සඞ්ගහෙත්වා අවසවත්තනට්ඨෙන අනත්තා, විපරිණාමධම්මතාය වා අවසවත්තනට්ඨෙන අනත්තාති වුත්තා.
දැන් යම් ක්‍රමයකින් භවයෙන් මිදීම වේද, එම සියල්ල, තීර්ථකයින්ට අවිෂය වූයේ, බුද්ධගෝචර විදර්ශනා වීථිය පෙන්වනුයේ යෙහි කෙචි යනාදිය වදාළහ. එහි යෙහි කෙචි භවා යනු කාම භව, සංඥී භව, එකවොකාර භව ආදී බෙදීමෙන්, නොයෙක් භේද භින්න වූ, සිසිල් යයි සම්මත, හරබුන් සිසිල් රහිත, දීර්ඝායුෂ්ක හෝ වෙනත් ලක්ෂණයන්ගෙන් හෝ යුක්ත යම් භව කෙනෙක්. සබ්බධි යනු උඩ, යට සරස ආදී බෙදීමෙන් හැමතැන. සබ්බත්තතාය යනු ස්වර්ග, අපාය, මනුෂ්‍ය, දිව්‍ය ආදී ස්වභාවයෙන් සබ්බෙතෙ ආදීන්හි එම සියලුම, භවා භවයන්, රූප වේදනාදී ධර්ම හටගෙන නැතිවන අර්ථයෙන් අනිච්චා අනිත්‍යයි. හටගැනීම් විනාශ වීම් ආදියෙන් මනාව පීඩිත හෙයින් දුක්ඛා දුක්ය ජරාවෙන්ද මරණයෙන් ද යන දෙ අයුරෙකින් වෙනස්වන ස්වභාව හෙයින් විපරිණාම ධම්මා යි. ඉති ශබ්ද මුල යන අර්ථයෙහිද, ආකාරාර්ථයෙහි වේ. කිමෙක්ද, ඉන් අනුක්ත ලක්ෂණයද, සංග්‍රහකොට සිය වශයෙහි නොපවත්නා අර්ථයෙන් අනත්තා අනාත්මයි. වෙනස්වන ස්වභාව හෙයින්ද සිය වසයෙහි නොපවත්නා අර්ථයෙන්ද අනාත්මයැයි.
එවං ලක්ඛණත්තයපටිවිජ්ඣනාකාරෙන එතං භවසඞ්ඛාතං ඛන්ධපඤ්චකං යථාභූතං අවිපරීතං සම්මප්පඤ්ඤාය සම්මා ඤායෙන විපස්සනාසහිතාය මග්ගපඤ්ඤාය පස්සතො පරිඤ්ඤාභිසමයාදිවසෙන පටිවිජ්ඣතො “භවො නිච්චො”ති ආදිනයප්පවත්තා භවෙසු තණ්හා පහීයති, අග්ගමග්ගප්පත්තිසමකාලමෙව අනවසෙසං නිරුජ්ඣති, උච්ඡෙදදිට්ඨියා සබ්බසො පහීනත්තා විභවං විච්ඡෙදං නාභිනන්දති න පත්ථෙති. එවංභූතස්ස තස්ස යා කාමතණ්හාදිවසෙන අට්ඨසතභෙදා අවත්ථාදිවිභාගෙන අනන්තභෙදා ච, තාසං සබ්බසො සබ්බප්පකාරෙන තණ්හානං ඛයා පහානා, තදෙකට්ඨතාය සබ්බස්සපි සංකිලෙසපක්ඛස්ස අසෙසං නිස්සෙසං විරාගෙන අරියමග්ගෙන යො අනුප්පාදනිරොධො, තං නිබ්බානන්ති.
එවං මෙසේ ලක්ෂණත්රයය අවබෝධ කරනා කාරයෙන්, එතං භව සංඛ්‍යාත ස්කන්ධ පංචකය. යථාභූතං යනු වෙනස් නුවූ. සම්මප්පඤ්ඤාය යනු සම්‍යක් ඥානයෙන්, විදර්ශනා සහිත මාර්ග ප්‍රඥායෙන් පස්සතො විශේෂ ඥානයෙන් අවබෝධ කිරීම් වශයෙන් අවබෝධ කරන හෙයින්, භවය නිත්‍යයැයි ආදී ක්‍රමයෙන් පැවැති භවයන්හි ස්වභාවය බලන කල්හි, තණ්හා පහීයති යනු අග්‍ර මාර්ග ප්‍රාප්ත සම කාලයෙහිම ශේෂ රහිතව ප්‍රහීණ වේ. උච්ඡේද දෘෂ්ටිය සර්වප්රකාරයෙන් ප්‍රහීණ හෙයින් විභවං විභවය, විනාශය. නාභිනන්දති යනු ප්‍රාර්ථනා නොකරයි. මේ ආකාර වූ එම කාම තෘෂ්ණාදී වශයෙන් යම් අටසියයක් භේද ඇති අවස්ථා බෙදීමෙන් අනන්ත භේද වූද, එම තෘෂ්ණාවන්ගේ සබ්බසො සර්වප්රකාරයෙන්, තණ්හානං ඛයා යනු එම තෘෂ්ණාව හා එකට යෙදුන සියලුම කෙලෙස් සහිත පක්ෂයෙහි, අසෙසං සේස රහිතව, විරාගෙන යනු ආර්ය මාර්ගයෙන් නූපදනා ආකාරයෙන් යමක් වේද, එය, නිබ්බාණං යනු
එවං තණ්හාය පහානමුඛෙන සඋපාදිසෙසනිබ්බානං දස්සෙත්වා ඉදානි අනුපාදිසෙසනිබ්බානං දස්සෙන්තො “තස්ස නිබ්බුතස්සා”තිආදිමාහ. තස්සත්ථො – යො සො සබ්බසො තණ්හානං ඛයා කිලෙසපරිනිබ්බානෙන නිබ්බුතො වුත්තනයෙන භින්නකිලෙසො ඛීණාසවභික්ඛු, තස්ස නිබ්බුතස්ස භික්ඛුනො අනුපාදා උපාදානාභාවතො කිලෙසාභිසඞ්ඛාරමාරානං වා අග්ගහණතො පුනබ්භවො න හොති, ආයතිං පටිසන්ධිවසෙන උපපත්තිභවො නත්ථි. එවංභූතෙන ච තෙන අභිභූතො මාරො, අරියමග්ගක්ඛණෙ කිලෙසමාරො අභිසඞ්ඛාරමාරො දෙවපුත්තමාරො ච චරිමකචිත්තක්ඛණෙ ඛන්ධමාරො මච්චුමාරො චාති පඤ්චවිධො මාරො අභිභූතො පරාජිතො, පුන සීසං උක්ඛිපිතුං අප්පදානෙන නිබ්බිසෙවනො කතො, යතො තෙන විජිතො සඞ්ගාමො මාරෙහි තත්ථ තත්ථ පවත්තිතො. එවං විජිතසඞ්ගාමො පන ඉට්ඨාදීසු සබ්බෙසු විකාරාභාවෙන තාදිලක්ඛණප්පත්තියා තාදී අරහා සබ්බභවානි යථාවුත්තභෙදෙ සබ්බෙපි භවෙ උපච්චගා සමතික්කන්තො, න යත්ථ කත්ථචි සඞ්ඛං උපෙති, අඤ්ඤදත්ථු අනුපාදානො විය ජාතවෙදො පරිනිබ්බානතො උද්ධං අපඤ්ඤත්තිකොව හොතීති. ඉති භගවා ඉමං මහාඋදානං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා කූටං ගහෙත්වා නිට්ඨපෙසි.
මෙසේ තෘෂ්ණාවෙන් ප්‍රහාණ මුඛයෙන් සවුපාදිසේස නිර්වාණය දක්වා, දැන් අනුපාදිසේස නිර්වාණය දක්වනුයේ තස්ස නිබ්බුතස්ස යන ගාථාව වදාළ සේක. එහි අර්ථය යම් ආකාර වූ එම භික්ෂුව තෘෂ්ණාවන්ගේ ක්ෂය කිරීමෙන්, කෙලෙස් පරිනිර්වාණයෙන් නිවුණේ කියන ලද ආකාරයෙන් බුන් කෙලෙස් ඇති රහත් භික්ෂුව. තස්ස නිබ්බුතස්ස භික්ඛුනො අනුපාදානා යනු දැඩිසේ ගැනීම් අභාවයෙන්, කෙලෙස්, කර්ම රැස්කිරීම් යන මාරයන්ගේ ග්‍රහණය නොමැති හෙයින්, පුනබ්භවො න හොති යනු මත්තෙහි ප්රතිසන්ධි වශයෙන් උත්පත්ති භවයෙක් නොමැත. මෙබඳු වූද ඔහු විසින් අභිභූතො මාරො යනු ආර්යමාර්ග ක්ෂණයෙහිදී, ක්ලේශමාර, අභිසංස්කාර මාර, දේවපුත්‍ර මාර, අවසාන චිත්තක්ෂණයෙහිදී ස්කන්ධ මාර, මෘත්‍යුමාර යන පස්වැදෑරුම් මාරයන් මැඩපවත්වන ලදුයේ, පරාජය කරන ලදුයේ වේ. නැවත හිස ඔසවන්නට නොදීමෙන් නිෂේධ කරන ලදුයේ, යම්හෙයකින් ඔහු විසින් විජිතො සංගාමො මාරයන් විසින් ඒ ඒ තන්හි පවත්වන ලද, මෙසේ දිනන ලද සංග්රාම ඇතියේ, මනා ප්‍රියකරන සියලු අරමුණුවල විකෘති අභාවයෙන්, කෙලෙස් දුරුකළ ලක්ෂණ ප්‍රාප්ත හෙයින් තාදි නම් රහතන් වහන්සේ සබ්බභවානි යනු කියන ලද ආකාර ප්‍රභේද ඇති සියලුම භවයන්හි, උපච්චගා යනු ඉක්මවනුයේ යම්කිසි තැනක තිබෙයි. ගණන් ගැනීමකට නොඑළඹේද, ඒකාන්තයෙන් දුර නොමැති ගින්න මෙන් පිරිනිවීමෙන් මත්තෙහි පුද්ගල ප්රඥප්තියෙන් විරහිත වූයේම වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම මහා උදානය අනුපාදිසේස නිර්වාණ ධාතුයෙන් කුළුගන්වා නිමකළ සේක.
දසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
නිට්ඨිතා ච නන්දවග්ගවණ්ණනා.
තෘතීය වර්ග වර්ණනාව සමාප්තයි.