යෙදුමෙන් කියවන්න

8. පිණ‍්ඩපාතිකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

8. පිණ‍්ඩපාතිකසුත‍්තවණ‍්ණනා

8. පිණ්ඩපාතික සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ පච‍්ඡාභත‍්තන‍්ති එකාසනිකඛලුපච‍්ඡාභත‍්තිකානං පාතොව භුත‍්තානං අන‍්තොමජ‍්ඣන‍්හිකොපි පච‍්ඡාභත‍්තමෙව, ඉධ පන පකතිභත‍්තස‍්සෙව පච‍්ඡතො පච‍්ඡාභත‍්තන‍්ති වෙදිතබ‍්බං. පිණ‍්ඩපාතපටික‍්කන‍්තානන‍්ති පිණ‍්ඩපාතතො පටික‍්කන‍්තානං, පිණ‍්ඩපාතං පරියෙසිත්‍වා භත‍්තකිච‍්චස‍්ස නිට‍්ඨාපනවසෙන තතො නිවත‍්තානං. කරෙරිමණ‍්ඩලමාළෙති එත්‍ථ කරෙරීති වරුණරුක‍්ඛස‍්ස නාමං. සො කිර ගන්‍ධකුටියා මණ‍්ඩපස‍්ස සාලාය ච අන‍්තරෙ හොති, තෙන ගන්‍ධකුටීපි “කරෙරිකුටිකා”ති වුච‍්චති, මණ‍්ඩපොපි සාලාපි “කරෙරිමණ‍්ඩලමාළො”ති. තස‍්මා කරෙරිරුක‍්ඛස‍්ස අවිදූරෙ කතෙ නිසීදනසාලසඞ‍්ඛාතෙ මණ‍්ඩලමාළෙ. තිණපණ‍්ණච‍්ඡදනං අනොවස‍්සකං “මණ‍්ඩලමාළො”ති වදන‍්ති, අතිමුත‍්තකාදිලතාමණ‍්ඩපො “මණ‍්ඩලමාළො”ති අපරෙ.

අටවැන්නෙහි පච්ඡාභත්තං යනු උදෑසනම අනුභව කළ, ඒකාසනිකංග - ඛලු පච්ඡාභත්තිකයින්ට මධ්‍යාහ්නය තුළද පසු බතමැයි. මෙහි වනාහි සාමාන්‍ය ආහාර අනුභවයෙන් පසු, පසුබතයැයි දතයුතුය. පිණ්ඩපාත පටික්කන්තානං යනු පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණි පිණ්ඩපාතය සොයා බත් කිස නිමවීම් වශයෙන් ඉන් නැවතුනවුන්ගේ, කරෙරි මණ්ඩල මාලෙ යන මෙහි කරෙරි යනු ලුණුවරණ වෘක්‍ෂයට නමකි. එය ගඳකිළි මණ්ඩපයත් ශාලාවත් අතරත වේ. එහෙයින් ගඳකිළියද කරෙරියි. කුඩා කුටිය යැයි කියයි. මණ්ඩපයද, ශාලාවද කරෙරි මණ්ඩල මාලයැයි කියයි. එහෙයින් ලුණුවරණ වෘක්‍ෂයට නුදුරෙහි කළ හිඳින ශාලා සංඛ්‍යාත මණ්ඩලමාලයෙහි, තෘණ හා කොළවලින් වසන ලද නොතෙමෙන ස්ථානය මණ්ඩලමාලයැයි කියති. කෝඹු ආදියෙන් කළ ලතා මණ්ඩපයද මණ්ඩලමාලයැයි අනෙකෙක් කියති.

කාලෙන කාලන‍්ති කාලෙ කාලෙ අන‍්තරන‍්තරා, තස‍්මිං තස‍්මිං සමයෙති අත්‍ථො. මනාපිකෙති මනවඩ‍්ඪකෙ, පියරූපෙ ඉට‍්ඨෙති අත්‍ථො. ඉට‍්ඨානිට‍්ඨභාවො ච පුග‍්ගලවසෙන ච ද‍්වාරවසෙන ච ගහෙතබ‍්බො. එකච‍්චස‍්ස හි ඉට‍්ඨාභිමතො එකච‍්චස‍්ස අනිට‍්ඨො හොති, එකච‍්චස‍්ස අනිට‍්ඨාභිමතො එකච‍්චස‍්ස ඉට‍්ඨො . තථා එකස‍්ස ද‍්වාරස‍්ස ඉට‍්ඨො අඤ‍්ඤස‍්ස අනිට‍්ඨො. විපාකවසෙන පනෙත්‍ථ විනිච‍්ඡයො වෙදිතබ‍්බො. කුසලවිපාකො හි එකන‍්තෙන ඉට‍්ඨො, අකුසලවිපාකො අනිට‍්ඨො එවාති. චක‍්ඛුනා රූපෙ පස‍්සිතුන‍්ති ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨො උපාසකෙහි ගෙහං පවෙසෙත්‍වා පූජාසක‍්කාරකරණත්‍ථං උපනීතෙසු ආසනවිතානාදීසු නානාවිරාගසමුජ‍්ජලවණ‍්ණසඞ‍්ඛාතෙ රජනීයෙ අඤ‍්ඤෙ ච සවිඤ‍්ඤාණකරූපෙ චක‍්ඛුද‍්වාරිකවිඤ‍්ඤාණෙහි පස‍්සිතුං. සද‍්දෙති තථෙව ඉස‍්සරජනානං ගෙහං පවිට‍්ඨො තෙසං පයුත‍්තෙ ගීතවාදිතසද‍්දෙ සොතුං. ගන්‍ධෙති තථා තෙහි පූජාසක‍්කාරවසෙන උපනීතෙ පුප‍්ඵධූමාදිගන්‍ධෙ ඝායිතුං. රසෙති තෙහි දින‍්නාහාරපරිභොගෙ නානග‍්ගරසෙ සායිතුං. ඵොට‍්ඨබ‍්බෙති මහග‍්ඝපච‍්චත්‍ථරණෙසු ආසනෙසු නිසින‍්නකාලෙ සුඛසම‍්ඵස‍්සෙ ඵොට‍්ඨබ‍්බෙ ඵුසිතුං. එවඤ‍්ච පඤ‍්චද‍්වාරිකඉට‍්ඨාරම‍්මණප‍්පටිලාභං කිත‍්තෙත්‍වා ඉදානි මනොද‍්වාරිකඉට‍්ඨාරම‍්මණප‍්පටිලාභං දස‍්සෙතුං “සක‍්කතො”තිආදි වුත‍්තං. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව.

කාලෙන කාලං යනු කලින් කලැ - අතරින් පතර, ඒ ඒ කාලයෙහි යැයි අර්ථයි. මනාපිකෙ යනු මන වඩන, ප්‍රිය රූපයන්හි, ප්‍රිය වූ මනෝඥ රූපයෙහි යන අර්ථයි. ප්‍රිය අප්‍රියභාවය පුද්ගල වශයෙන්ද, ද්වාර වශයෙන්ද ගතයුතුය. ඇතැමෙකුට මනෝඥ කැමැති දෑ, ඇතැමෙකුට අමනෝඥ වේ. ඇතැමෙකුට අමනෝඥ අකැමැති දෑ ඇතැමෙකුට මනෝඥ වේ. එසේම එක් ද්වාරයකට (ඉන්‍ද්‍රියයකට) මනෝඥ දෑ අනෙක් ඉන්‍ද්‍රියයට අමනෝඥ වේ. මෙහි විපාක වශයෙන් ද විනිශ්චය දතයුතුය. කුසල විපාකය ඒකාන්තයෙන් මනෝඥය. අකුසල විපාකය අනිෂ්ටමය. චක්ඛුනා රූපෙ පස්සිතුං යනු ගමට පිඬු පිණිස පිවිසියේ උපාසකයින් විසින් ගෙට ප්‍රවේශ කරවා, පූජා සත්කාර කිරීම සඳහා එළවන ලද, ආසන වියන් ආදීන්හි, නොයෙක් ආකාර සිත් අලවන වීම්වලින් බබලන වර්ණ සංඛ්‍යාත ඇල්ම කළයුතු, අන්‍ය වූද, සවිඤ්ඤාණක රූපයන් කෙරෙහි ද, චක්‍ෂුද්වාරික විඤ්ඤාණයන්ගෙන් දක්නට, සද්දෙ යනු එසේම ධනවත් ජනයන්ගේ ගෙට පිවිසියේ ඔවුන් විසින් යොදන ලද ගීත හා වාදනය කළ ශබ්දයන් ශ්‍රවණය කිරීමට, ගන්‍ධෙ යනු එසේම ඔවුන් විසින් පූජා සත්කාර වශයෙන් එළවන ලද, පුෂ්ප දුම් ආදී සුවඳ ආඝ්‍රාණය කරන්ට, රසෙ යනු ඔවුන් විසින් දෙන ලද ආහාර පරිභෝග කිරීමෙන් නොයෙක් ආකාර අග්‍රරසයන් රසවිඳින්ට, පොට්ඨබ්බෙ යනු මහානර්ඝ පසතුරුණු සහිත ආසනයන්හි හිඳිනා කල්හි ස්පර්ශයන් ස්පර්ශ කරන්ට, මෙසේ පංචද්වාරික ඉෂ්ටාරම්මණ ප්‍රතිලාභයන් වර්ණනාකොට, දැන් මනෝද්වාරික ඉෂ්ටාරම්මණ ප්‍රතිලාභය දක්වන්ට සක්කතො යනාදිය යූ.සේයි. එය යට යූ.සේමය.

කිං පන අපිණ‍්ඩපාතිකානං අයං නයො න ලබ‍්භතීති? ලබ‍්භති. තෙසම‍්පි හි නිමන‍්තනසලාකභත‍්තාදිඅත්‍ථං ගාමං ගතකාලෙ උළාරවිභවා උපාසකා තථා සක‍්කාරසම‍්මානං කරොන‍්තියෙව, තං පන අනියතං. පිණ‍්ඩපාතිකානං පන තදා නිච‍්චමෙව තත්‍ථ පූජාසක‍්කාරං කරියමානං දිස‍්වා, සක‍්කාරගරුතාය අනිස‍්සරණමග‍්ගෙ ඨත්‍වා, අයොනිසොමනසිකාරවසෙන තෙ භික‍්ඛූ එවමාහංසු. තෙනෙවාහ – “හන්‍දාවුසො, මයම‍්පි පිණ‍්ඩපාතිකා හොමා”තිආදි.

කිමෙක්ද, පිණ්ඩපාතයේ නොයෙදෙනවුන්ට මෙම ක්‍රමය නොලැබේද? ලැබේ. ඔවුන්ටද, ආරාධනා කොට දෙනු ලබන දන්නා සලාක බත් ආදී කාර්යයක් සඳහා ගමට ගියකල්හි, මහත් සම්පත්තියෙන් යුතු උපාසකාදීහු එසේ සත්කාර සම්මාන කෙරෙත්මය. එය වනාහි අනියතය. පිණ්ඩපාතිකයන්ට වනාහි එකල්හි නිත්‍යයමය. එහි පූජා සත්කාර කරනු ලබන්නාහු දැක, සත්කාර ගරුත්වයෙන්, සසරින් නිදහස් වීමේ මාර්ගයෙන් බැහැරව සිට නුනුවණින් මෙනෙහි කිරීම් වශයෙන් එම භික්‍ෂූහු මෙසේ කීහ. ‘හන්‍දාවුසො මයං පිණ්ඩපාතික හොම’ ආදිය

තත්‍ථ හන්‍දාති වොස‍්සග‍්ගත්‍ථෙ නිපාතො. ලච‍්ඡාමාති ලභිස‍්සාම. තෙනුපසඞ‍්කමීති තත්‍ථ සුරභිගන්‍ධකුටියං නිසින‍්නො තෙසං තං කථාසල‍්ලාපං සුත්‍වා “ඉමෙ භික‍්ඛූ මාදිසස‍්ස නාම බුද‍්ධස‍්ස සාසනෙ පබ‍්බජිත්‍වා මයා සද‍්ධිං එකවිහාරෙ වසන‍්තාපි එවං අයොනිසොමනසිකාරවසෙන කථං පවත‍්තෙන‍්ති, සල‍්ලෙඛෙ න වත‍්තන‍්ති, හන්‍ද තෙ තතො නිවාරෙත්‍වා සල‍්ලෙඛවිහාරෙ නියොජෙස‍්සාමී”ති මණ‍්ඩලමාළං උපසඞ‍්කමි. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

එහි හන්‍ද යනු අත්හැරීම් අර්ථයෙහි නිපාතයි. ලච්ඡාම යනු ලබන්නෙමු. තෙනුපසංකමි යනු සුවඳැති ගඳකිළියෙහි වැඩහුන් සේක්, ඔවුන්ගේ එම එකට එකතු වී කථා කිරීම අසා, මෙම භික්‍ෂූහු මා වැනි වූ බුදු කෙනෙකුන්ගේ සස්නෙහි පැවිදිව මා සමග එක විහාරයෙහි වාසය කරන්නාහුද මෙසේ නුනුවණින් මෙනෙහි කිරීම් වශයෙන් කථා පවත්වති. කෙලෙස් තුනී කිරීමෙහි ක්‍රියාවල නොපවතිත්. එබැවින් ඔව්හු එයින් බැහැර කරවා කෙලෙස් තුනී කිරීමෙහි විහරණයන්හි යොදවන්නෙමියි රවුම් ශාලාවට එළැඹියේය. සෙස්ස යට කියන ලද ක්‍රමයමය.

එතමත්‍ථං විදිත්‍වාති “අප‍්පිච‍්ඡතාසන‍්තුට‍්ඨිතාසල‍්ලෙඛානං වසෙන කිලෙසෙ ධුනිතුං තණ‍්හං විසොසෙතුං පටිපන‍්නොති පිණ‍්ඩපාතිකස‍්ස සතො දෙවා පිහයන‍්ති, තස‍්ස පටිපත‍්තියා ආදරජාතා පියායන‍්ති, න ඉතො අඤ‍්ඤථා”ති ඉමමත්‍ථං විදිත්‍වා තදත්‍ථදීපනං ඉමං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු අල්පේච්ඡතා, සන්තුෂ්ටිතා, සල්ලෙඛතා වශයෙන් කෙලෙස් කම්පා කරන්ට, තෘෂ්ණාව වියලවන්ට පිළිපන්නේ යයි පිණ්ඩපාතිකයාට දෙවියෝද ප්‍රිය කරත්. ඔහුගේ ප්‍රතිපත්තියෙහිලා ඇල්ම හටගත්තාහු ප්‍රිය කෙරෙත්. මෙයින් අන් ක්‍රමයක් නැතැයි මෙම කරුණ දැන එම අරුත දැක්වීමට මෙම උදන් ඇනූ සේක.

තත්‍ථ නො චෙ සද‍්දසිලොකනිස‍්සිතොති “අහො අය්‍යො අප‍්පිච‍්ඡො සන‍්තුට‍්ඨො පරමසල‍්ලෙඛවුත‍්තී”තිආදිනා පරෙහි කිත‍්තිතබ‍්බසද‍්දසඞ‍්ඛාතං සිලොකං. තණ‍්හාය නිස‍්සිතො න හොති චෙති අත්‍ථො. සද‍්දො වා සම‍්මුඛා වණ‍්ණභණනථුතිඝොසො, සිලොකො පරම‍්මුඛභූතා පසංසා පත්‍ථටයසතා වා. සෙසං අනන‍්තරසුත‍්තෙ වුත‍්තනයමෙව.

එහි නො චෙ සද්දසිලොක නිස්සිතො යනු විශ්මයකි. ආර්යයන් වහන්සේ අල්පේච්ඡය. ලද දෙයින් සතුටු වන්නෙකි. උතුම් කෙලෙස් තුනී කිරීම් කාර්යයෙහි නියුක්තව සිටී යයි අන්‍යයන් විසින් කීර්ති ඝෝෂා ශබ්ද සංඛ්‍යාත ශ්ලෝක තෘෂ්ණා නිශ්‍රිත නොවේයයි අර්ථයි. සද්දො යනු හමුයෙහි ගුණ කියන ස්තුති ඝෝෂාව. සිලොකො යනු තමා ඉදිරියෙහි නැති තැන ප්‍රශංසාව, පැතිරුණ කීර්තිය. සෙස්ස අතරත සූත්‍රයෙහි යූ.සේයි.

අට‍්ඨමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අටවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.

9. සිප‍්පසුත‍්තවණ‍්ණනා

9. ශිල්ප සූත්‍ර වර්ණනාව

නවමෙ කො නු ඛො, ආවුසො, සිප‍්පං ජානාතීති, ආවුසො, අම‍්හෙසු ඉධ සන‍්නිපතිතෙසු කො නු ජීවිතනිමිත‍්තං සික‍්ඛිතබ‍්බට‍්ඨෙන “සිප‍්ප”න‍්ති ලද‍්ධනාමං යංකිඤ‍්චි ආජීවං විජානාති? කො කිං සිප‍්පං සික‍්ඛීති කො දීඝරත‍්තං සිප‍්පාචරියකුලං පයිරුපාසිත්‍වා ආගමතො පයොගතො ච හත්‍ථිසිප‍්පාදීසු කිං සිප‍්පං සික‍්ඛි? කතරං සිප‍්පං සිප‍්පානං අග‍්ගන‍්ති සබ‍්බසිප‍්පානං අගාරය‍්හතාය මහප‍්ඵලතාය අකිච‍්ඡසිද‍්ධියා ච කතරං සිප‍්පං අග‍්ගං උත‍්තමං? යං නිස‍්සාය සුඛෙන සක‍්කා ජීවිතුන‍්ති අධිප‍්පායො. තත්‍ථෙකච‍්චෙති තෙසු භික‍්ඛූසු එකච‍්චෙ භික‍්ඛූ. යෙ හත්‍ථාචරියකුලා පබ‍්බජිතා තෙ. එවමාහංසූති තෙ එවං භණිංසු. ඉතො පරම‍්පි “එකච‍්චෙ”ති වුත‍්තට‍්ඨානෙ එසෙව නයො. හත්‍ථිසිප‍්පන‍්ති යං හත්‍ථීනං පරිග‍්ගණ‍්හනදමනසාරණරොගතිකිච‍්ඡාදිභෙදං කත‍්තබ‍්බං, තං උද‍්දිස‍්ස පවත‍්තං සබ‍්බම‍්පි සිප‍්පං ඉධ “හත්‍ථිසිප‍්ප”න‍්ති අධිප‍්පෙතං. අස‍්සසිප‍්පන‍්ති එත්‍ථාපි එසෙව නයො. රථසිප‍්පං පන රථයොග‍්ගානං දමනසාරණාදිවිධානවසෙන චෙව රථස‍්ස කරණවසෙන ච වෙදිතබ‍්බං. ධනුසිප‍්පන‍්ති ඉස‍්සාසසිප‍්පං, යො ධනුබ‍්බෙධොති වුච‍්චති. ථරුසිප‍්පන‍්ති සෙසආවුධසිප‍්පං. මුද‍්දාසිප‍්පන‍්ති හත්‍ථමුද‍්දාය ගණනසිප‍්පං. ගණනසිප‍්පන‍්ති අච‍්ඡිද‍්දකගණනසිප‍්පං. සඞ‍්ඛානසිප‍්පන‍්ති සඞ‍්කලනපටුප‍්පාදනාදිවසෙන පිණ‍්ඩගණනසිප‍්පං. තං යස‍්ස පගුණං හොති, සො රුක‍්ඛම‍්පි දිස‍්වා “එත‍්තකානි එත්‍ථ පණ‍්ණානී”ති ගණිතුං ජානාති. ලෙඛාසිප‍්පන‍්ති නානාකාරෙහි අක‍්ඛරලිඛනසිප‍්පං, ලිපිඤාණං වා. කාවෙය්‍යසිප‍්පන‍්ති අත‍්තනො චින‍්තාවසෙන වා පරතො පටිලද‍්ධසුතවසෙන වා, “ඉමස‍්ස අයමත්‍ථො, එවං නං යොජෙස‍්සාමී”ති එවං අත්‍ථවසෙන වා, කිඤ‍්චිදෙව කබ‍්බං දිස‍්වා, “තප‍්පටිභාගං කබ‍්බං කරිස‍්සාමී”ති ඨානුප‍්පත‍්තිකපටිභානවසෙන වා චින‍්තාකවිආදීනං චතුන‍්නං කවීනං කබ‍්බකරණසිප‍්පං. වුත‍්තඤ‍්හෙතං භගවතා –

නවවැන්නෙහි කොනුඛො ආවුසො සිප්පං ජානාති යනු ඇවැත්නි, අප මෙහි රැස්වූ කල්හි ජීවත්වීම නිමිතිකොට උගතයුතු හෙයින් ශිල්පයැයි ලද නම් ඇති යම්කිසි ජීවන මාර්ගයක් කවරෙක් දනීද? කො කිං සිප්පං සික්ඛි යනු කවරෙක් දීර්ඝ කාලයක් ශිල්ප ආචාර්ය කුලයක් ආශ්‍රයකොට, දැනීම් ලැබීම් වශයෙන්ද, ප්‍රයෝග වශයෙන්ද, අශ්ව හස්ති ශිල්පයක් උගත්තේද, කතර සිප්පං සිප්පානං අග්ගං යනු සියලු ශිල්පයන් අතර ගෘහත්වතාවය සඳහාද මහත්ඵල සඳහා ද, නිදුකින් සිදුවීම සඳහාද කවර ශිල්පයෙක් උතුම්ද? යමක් ඇසිරිකොට සුවසේ ජීවත්විය හැකියයි අදහසයි. තත්‍ථෙකච්චෙ යනු එම භික්‍ෂූන් අතර ඇතැම් භික්‍ෂූහු හස්ති ශිල්ප ගුරු කුලයෙන් පැවිදි වූවාහු වෙත්ද? තෙ එව මාහංසු ඔව්හු මෙසේ කීහ. මින් මත්තෙහිද එකච්චෙ යයි සඳහන් තන්හි එම ක්‍රමයමය. හත්‍ථි සිප්පං යනු හස්තීන්ගේ පරීක්‍ෂා කිරීම, දමනය-හැසිරවීම, රෝග ප්‍රතිකාරාදි ප්‍රභේද ඇති කටයුතු කළයුතුය. ඒ උදෙසා පැවැති සියලුම ශිල්ප මෙහි හස්ති ශිල්පය යැයි අදහස් කරන ලදි. අස්සසිප්පං යන මෙහිද එම ක්‍රමයමැයි. රථසිප්පං රථ ශිල්පය වනාහි ගොනුන් විසින් ඇදගෙන යනු ලබන රථයන්හි දමනය හැසිරවීම අණකිරීම් ආදී වශයෙන්ද, රථ නිමැවුම් වශයෙන්ද දතයුතුය. ධනු සිප්පං යනු දුන් ශිල්පය. එය ධනුර්වේදයයි කියයි. ථරුසිප්පං, සෙසු ආයුධ ශිල්ප. මුද්දාසිප්පං යනු හස්තමුද්‍රා ශිල්පයයි. ගණනසිප්පං හිඩැස් නොමැති ගණන් කිරීමේ ශිල්පය, සංඛානසිප්පං යනු එකතුකිරීම් අඩුකිරීම් වශයෙන් පිඩු වශයෙන් ගණන් කිරීමේ ශිල්පයයි. එය යමෙකුට ප්‍රගුණ වේද, ඔහු වෘක්‍ෂයක් දැක මෙම වෘක්‍ෂයෙහි මෙපමණ කොල සංඛ්‍යාවක් ඇතැයි කියන්ට දනියි. ලෙඛා සිප්පං යනු නොයෙක් ආකාරයන්ගෙන් අකුරු ලිවීමේ ශිල්පයයි. නුවණ හෝ වේ. කාවෙය්‍ය සිප්පං යනු තම සිතීම් වශයෙන් හෝ අන්‍යයාගෙන් ලද ශ්‍රවණය වශයෙන් හෝ මෙහි මේ අර්ථයයි. මෙසේ යොදන්නෙමියි මෙසේ අර්ථ වශයෙන් හෝ කිසියම් කළයුත්තක් දැක එයට සමාන කළයුත්තක් කරන්නෙමියි ස්ථානෝත්පත්තික වැටහීම් වශයෙන් හෝ චින්තා, කවි ආදී සිව් කවීන්ගේ කළයුතු කරුණු ශිල්පයයි. භාග්‍යවතුන් වහන්සේ විසින්

“චත‍්තාරොමෙ, භික‍්ඛවෙ, කවී – චින‍්තාකවි, සුතකවි, අත්‍ථකවි, පටිභානකවී”ති (අ· නි· 4.231).

‘මහණෙනි, මේ චින්තා කවි, සුතකවි, අත්‍ථකවි, පටිභාග කවියයි පණ්ඩිතයෝ සතරදෙනෙකියි යූ.සේයි.

ලොකායතසිප‍්පන‍්ති “කාකො සෙතො අට‍්ඨීනං සෙතත‍්තා, බලාකා රත‍්තා ලොහිතස‍්ස රත‍්තත‍්තා”ති එවමාදිනයප‍්පවත‍්තං පරලොකනිබ‍්බානානං පටිසෙධකං විතණ‍්ඩසත්‍ථසිප‍්පං. ඛත‍්තවිජ‍්ජාසිප‍්පන‍්ති අබ‍්භෙය්‍යමාසුරක‍්ඛාදිනීතිසත්‍ථසිප‍්පං. ඉමානි කිර ද‍්වාදස මහාසිප‍්පානි නාම. තෙනෙවාහ තත්‍ථ තත්‍ථ “සිප‍්පානං අග‍්ග”න‍්ති.

ලොකායත සිප්පං යනු ඇට සුදු බැවින් කපුටා සුදුය. කණකෙකිණි රතුය. ලේ රතුබැවිනි යන මේ ආදී ක්‍රමයෙන් පැවැති පරලෝ නිවන් ප්‍රතික්‍ෂේප කරන විතණ්ඩ ශිල්ප ශාස්ත්‍රයයි. ඛත්ත විජ්ජා සිප්පං යනු අංගෙය්‍ය, මාසුරක්ඛාදී රාජ්‍ය පරිපාලන විද්‍යා නීති ශාස්ත්‍ර ශිල්පයයි. මේවා වනාහි දොළොස්මහා ශිල්ප නම් වේ. එහෙයින්ම ඒ ඒ තන්හි ‘ශිල්පයන්ගේ අග්‍ර යයි කීය.

එතමත්‍ථං විදිත්‍වාති එතං සබ‍්බසිප‍්පායතනානං ජීවිකත්‍ථතාය වට‍්ටදුක‍්ඛතො අනිස‍්සරණභාවං , සීලාදීනංයෙව පන සුපරිසුද‍්ධානං නිස‍්සරණභාවං, තං සමඞ‍්ගිනොයෙව ච භික‍්ඛුභාවං සබ‍්බාකාරතො විදිත්‍වා තදත්‍ථවිභාවනං ඉමං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු එම සියලුම ශිල්පායතනයන්ගේ දැනුම ජීවත්වීම සඳහා බවත්, සසර වෘත දුකින් නොමිදිය හැකි බවත්, සීලාදීන්ගේම සුපරිශුද්ධතාවයෙන් සසර දුකින් නිදහස්විය හැකි බවත් ඉන් යුක්ත වූයේම භික්‍ෂුභාවය හැම අතින් අවබෝධ කොට අභිවෘද්ධිය සලසාගත යුතුයයි යන එම කරුණ පැහැදිලි කිරීමට මෙම උදන් ඇනූ සේක.

තත්‍ථ අසිප‍්පජීවීති චතුන‍්නං තණ‍්හුප‍්පාදානං සමුච‍්ඡෙදවික‍්ඛම‍්භනෙන පච‍්චයාසාය විසොසිතත‍්තා යංකිඤ‍්චි සිප‍්පං උපනිස‍්සාය ජීවිකං න කප‍්පෙතීති අසිප‍්පජීවී, එතෙන ආජීවපාරිසුද‍්ධිසීලං දස‍්සෙති. ලහූති අප‍්පකිච‍්චතාය සල‍්ලහුකවුත‍්තිතාය ච ලහු අබහුලසම‍්භාරො, එතෙන චතුපච‍්චයසන‍්තොසසිද‍්ධං සුභරතං දස‍්සෙති. අත්‍ථකාමොති සදෙවකස‍්ස ලොකස‍්ස අත්‍ථමෙව කාමෙතීති අත්‍ථකාමො, එතෙන සත‍්තානං අනත්‍ථපරිවජ‍්ජනස‍්ස පකාසිතත‍්තා පාතිමොක‍්ඛසංවරසීලං දස‍්සෙති පාණාතිපාතාදිඅනත්‍ථවිරමණපරිදීපනතො. යතින්‍ද්‍රියොති චක‍්ඛාදීනං ඡන‍්නං ඉන්‍ද්‍රියානං අභිජ‍්ඣාද්‍යප‍්පවත‍්තිතො සංයමෙන යතින්‍ද්‍රියො, එතෙන ඉන්‍ද්‍රියසංවරසීලං වුත‍්තං. සබ‍්බධි විප‍්පමුත‍්තොති එවං සුපරිසුද‍්ධසීලො චතුපච‍්චයසන‍්තොසෙ අවට‍්ඨිතො සප‍්පච‍්චයං නාමරූපං පරිග‍්ගහෙත්‍වා අනිච‍්චාදිවසෙන සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා තතො පරං පටිපාටියා පවත‍්තිතෙහි චතූහි අරියමග‍්ගෙහි සංයොජනානං පහීනත‍්තා සබ‍්බධි සබ‍්බත්‍ථ භවාදීසු විප‍්පමුත‍්තො.

එහි අසිප්පජීවී යනු සිව් තෘෂ්ණා උපාදානයන්ගේ නැසීම්, යටපත් කිරීම් වශයෙන්, ප්‍රත්‍යය පිළිබඳ ආශාවගේ වියලවන ලද හෙයින් යම්කිසි ශිල්පයක් ආශ්‍රයකොට ජීවත්වීම නොකෙරේනුයි අසිප්පජීවියි එයින් ආජීව පාරිශුද්ධි ශීලය දක්වයි. ලහු යනු අල්ප කෘත්‍යතාවයෙන්ද, පැහැදිලි පැවතුම් ඇති හෙයින් ද ලහුයි. බොහෝ බඩුබාහිරාදිය නොමැති බවයි. එයින් සිව් පසයෙන් සතුටුවීම ඉටුකරන පහසුවෙන් පෝෂණය කළහැකි බව පෙන්වයි. අත්‍ථකාමො යනු දෙවියන් සහිත ලෝකයාගේ අභිවෘද්ධියම ආශා කෙරේ. කැමැති වේනුයි අත්‍ථකාමොයි. ඉන් සත්ත්වයින්ගේ අවැඩ දුරුකිරීම ප්‍රකාශ කරන ලද හෙයින් ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලය දක්වයි. ප්‍රාණඝාතාදී අනර්ථ වැලැක්වීම මනාව දක්වන හෙයින්. යතින්‍ද්‍රියො යනු චක්‍ෂුරාදී ෂට් ඉන්‍ද්‍රියයන්ගේ අභිධ්‍යාදිය නොපැවැත්මෙන් සංයමයෙන් යුත් ඉන්‍ද්‍රිය ඇති. එයින් ඉන්‍ද්‍රිය සංවර සීලය යූ.සේයි. සබ්බධි විප්පමුත්තො යනු මෙසේ සුපිරිසිදු සීලයෙන් යුත් සිව්පසයෙහි සන්තෝෂයෙහි පිහිටියේ, ප්‍රත්‍යය සහිත නාමරූප විමසා බලා අනිත්‍යාදී වශයෙන් සංස්කාරයන් විමසා බලනුයේ විදර්ශනාවට නංවා ඉන් මත්තෙහි පිළිවෙලින් පැවැති සිව් ආර්ය මාර්ගයන්ගෙන් සංයෝජනයන්ගේ ප්‍රහීණතාවයට පත්හෙයින්, භවාදීන්හි හැමතැන මනාව මිදුනේය.

අනොකසාරී අමමො නිරාසොති තථා සබ‍්බධි විප‍්පමුත‍්තත‍්තා එව ඔකසඞ‍්ඛාතෙසු ඡසුපි ආයතනෙසු තණ‍්හාභිසරණස‍්ස අභාවෙන අනොකසාරී, රූපාදීසු කත්‍ථචි මමඞ‍්කාරාභාවතො අමමො, සබ‍්බෙන සබ‍්බං අනාසීසනතො නිරාසො. හිත්‍වා මානං එකචරො ස භික‍්ඛූති එවංභූතො ච සො අරහත‍්තමග‍්ගප‍්පත‍්තිසමකාලමෙව අනවසෙසං මානං හිත්‍වා පජහිත්‍වා ඉමෙ භික‍්ඛූ විය ගණසඞ‍්ගණිකං අකත්‍වා පවිවෙකකාමතාය තණ‍්හාසහායවිරහෙන ච සබ‍්බිරියාපථෙසු එකචරො, සො සබ‍්බසො භින‍්නකිලෙසත‍්තා පරමත්‍ථතො භික‍්ඛු නාම. එත්‍ථ ච “අසිප‍්පජීවී”තිආදිනා ලොකියගුණා කථිතා, “සබ‍්බධි විප‍්පමුත‍්තො”තිආදිනා ලොකුත‍්තරගුණා කථිතා. තත්‍ථ අසිප‍්පජීවීතිආදි “විභවෙ ඨිතස‍්සෙව අයං ධම‍්මො, න සිප‍්පං නිස‍්සාය මිච‍්ඡාජීවෙන ජීවිකං කප‍්පෙන‍්තස‍්ස, තස‍්මා සිප‍්පෙසු සාරග‍්ගහණං විස‍්සජ‍්ජෙත්‍වා අධිසීලාදීසුයෙව තුම‍්හෙහි සික‍්ඛිතබ‍්බ”න‍්ති දස‍්සෙති.

අනෙකසාරී අමමො නිරාසො යනු එසේ හැමතැන මිදුනු හෙයින්ම ඕක යයි කියනු ලබන ෂට් ආයතනයන්හිද, තෘෂ්ණා හැසිරීමගේ අභාවයෙන් අනෙකසාරියි. රූපාදී කිසිතැනෙක්හි මමය මාගේය යන හැඟීම් අභාව හෙයින් අවමොය. සියල්ලෙන් සියල්ල බලාපොරොත්තු නොමැති හෙයින් නිරාසොයි. හිත්‍වා මානං එකචරො සභික්ඛු යනු මේ ආකාර වූද හෙතෙම අර්හත් මාර්ග ප්‍රාප්ති සම කාලයෙහිම සේසරහිත මානය හැර, දුරුකොට මෙම භික්‍ෂූහු මෙන් ගණ සංගණිකාරාමතාවය නොකොට, විවේක කැමැත්තෙන් තෘෂ්ණා රහිත සහායකගේ විරහයෙන්ද, සියලු ඉරියව්හි හුදෙකලාව හැසිරෙනුයේ සියලු ආකාරයෙන් බුන් කෙලෙස් බැවින් පරමාර්ථ වශයෙන් භික්‍ෂු නමැ. මෙහිද ‘අසිප්පජීවි’ යනාදියෙන් ලෞකික ගුණ කියන ලදි. ‘සබ්බධි විප්පමුත්තො’ යනාදියෙන් ලෝකෝත්තර ගුණ කියන ලදි. එහි අසිප්පජීවි යන ආදි ධර්මය විභවයෙහි සිටියහුටමය. ශිල්පය නිසා මිථ්‍යා ආජීවයෙන් ජීවිකා කරන්නහුට නොවේ. එහෙයින් ශිල්පයන්හි සාර ග්‍රහණය අත්හැර අධිසීලාදීන්හිම නුඹලා විසින් හික්මිය යුතුයයි දක්වයි.

නවමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නවවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.