යෙදුමෙන් කියවන්න

7. කස‍්සපසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

7. කස‍්සපසුත‍්තවණ‍්ණනා

7. කාශ්‍යප සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ සත‍්තාහං එකපල‍්ලඞ‍්කෙන නිසින‍්නො හොති අඤ‍්ඤතරං සමාධිං සමාපජ‍්ජිත්‍වාති එත්‍ථ කෙචි තාව ආහු “අරහත‍්තඵලසමාධි ඉධ ‘අඤ‍්ඤතරො සමාධී’ති අධිප‍්පෙතො”ති. තඤ‍්හි සො ආයස‍්මා බහුලං සමාපජ‍්ජති දිට‍්ඨධම‍්මසුඛවිහාරත්‍ථං, පහොති ච සත‍්තාහම‍්පි ඵලසමාපත‍්තියා වීතිනාමෙතුං. තථා හි භගවතා –

සත්වැන්නෙහි, සත්තාහං එක පල්ලංකෙන නිසින්නො හොති අඤ්ඤතරං සමාධිං සමාපජ්ජිත්‍වා යනු මෙහිලා සමහරු අර්හත්ඵල සමාධිය මෙහි එක්තරා සමාධිය යැයි අදහස් කරන ලදැයි කීහ. ඒ ආයුෂ්මත් තෙමේ ඉහාත්ම සුව විහරණය සඳහා බහුලව සමවතට සමවදියි. සත්දිනක් වුව ඵල සමවතින් කල්ගෙවීමට හැකියාව ඇත. එසේම භාග්‍යවතුන් වහන්සේ විසින්

“අහං, භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි විවිච‍්චෙව කාමෙහි, විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි…පෙ… විහරාමි. කස‍්සපොපි, භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති විවිච‍්චෙව කාමෙහි…පෙ… විහරතී”ති (සං· නි· 2.152) –

‘මහණෙනි, මම කාමයන්ගෙන් වෙන්වම - අකුසල ධර්මයන්ගෙන් වෙන්ව යම්තාක් කලක් විසීමට කැමති වෙම්ද ඒතාක් කල් ඒ අයුරින් වාසය කරමි. මහණෙනි, කාශ්‍යපද කාමයන්ගෙන් වෙන්වම -පෙ- වාසය කරයි

ආදිනා නවානුපුබ‍්බවිහාරඡළභිඤ‍්ඤාදිභෙදෙ උත‍්තරිමනුස‍්සධම‍්මෙ අත‍්තනා සමසමට‍්ඨානෙ ඨපිතො, න චෙත්‍ථ “යදි එවං ථෙරො යමකපාටිහාරියම‍්පි කරෙය්‍යා”ති වත‍්තබ‍්බං සාවකසාධාරණානංයෙව ඣානාදීනං අධිප‍්පෙතත‍්තාති.

යනාදී ක්‍රමයෙන් නව අනුපූර්ව විහාර, ෂට් අභිඥා ප්‍රභේද වූ උතුරු මිනිස්දම්හි කාශ්‍යපද තමා හා සම සම ස්ථානයෙහි තබන ලදි. මෙහි මෙපමණක්ම නොව තෙරහු යමක ප්‍රාතිහාර්යයද කරන්නේ යයි කිවයුතුය. ධ්‍යානාදීන්හි ලා ශ්‍රාවක සාධාරණත්වය අදහස් කළ හෙයිනි.

පොරාණා පනාහු – අඤ‍්ඤතරං සමාධිං සමාපජ‍්ජිත්‍වාති නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා. කථං පන නිරොධසමාපත‍්ති සමාධීති වුත‍්තා? සමාධානට‍්ඨෙන. කො පනායං සමාධානට‍්ඨො? සම‍්මදෙව ආධාතබ‍්බතා. යා හි එසා පච‍්චනීකධම‍්මෙහි අකම‍්පනීයා බලප‍්පත‍්තියා සමථබලං විපස‍්සනාබලන‍්ති ඉමෙහි ද‍්වීහි බලෙහි, අනිච‍්චදුක‍්ඛානත‍්තනිබ‍්බිදාවිරාගනිරොධපටිනිස‍්සග‍්ගවිවට‍්ටානුපස‍්සනා චත‍්තාරි මග‍්ගඤාණානි චත‍්තාරි ච ඵලඤාණානීති ඉමෙසං සොළසන‍්නං ඤාණානං වසෙන සොළසහි ඤාණචරියාහි, පඨමජ‍්ඣානසමාධිආදයො අට‍්ඨ සමාධී එකජ‍්ඣං කත්‍වා ගහිතො තෙසං උපචාරසමාධි චාති ඉමෙසං නවන‍්නං සමාධීනං වසෙන නවහි සමාධිචරියාහි කායසඞ‍්ඛාරො වචීසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරොති ඉමෙසං තිණ‍්ණං සඞ‍්ඛාරානං තත්‍ථ තත්‍ථ පටිප‍්පස‍්සද‍්ධියා තථා විහරිතුකාමෙන යථාවුත‍්තෙසු ඨානෙසු වසීභාවප‍්පත‍්තෙන අරහතා අනාගාමිනා වා යථාධිප‍්පෙතං කාලං චිත‍්තචෙතසිකසන‍්තානස‍්ස සම‍්මදෙව අප‍්පවත‍්ති ආධාතබ‍්බා, තස‍්සා තථා සමාධාතබ‍්බතා ඉධ සමාධානට‍්ඨො, තෙනායං විහාරො සමාධීති වුත‍්තො, න අවික‍්ඛෙපට‍්ඨෙන. එතෙනස‍්ස සමාපත‍්තිඅත්‍ථොපි වුත‍්තොති වෙදිතබ‍්බො. ඉමඤ‍්හි නිරොධසමාපත‍්තිං සන්‍ධාය පටිසම‍්භිදාමග‍්ගෙ –

අඤ්ඤතරං සමාධිං සමාපජ්ජිත්‍වා නිරෝධයට සමවැද යයි පෞරාණිකයෝ කීහ. කෙසේ වනාහි නිරෝධ සමාපත්තිය සමාධියයැ යූ.සේද යත්, එකඟ කිරීම් අර්ථයෙන්, මෙම එකඟ කිරීම් අර්ථය කවරක්ද? මනාව පිහිටුවිය යුතු හෙයිනි. සමථ බල විදර්ශනා බල යන මෙම බල ද්වයයෙන් යුක්ත වූයේ විරුද්ධ ධර්මයන්ගෙන් අකම්ප්‍ය වූයේ බලප්‍රාප්ත වූයේ වේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, නිබ්බිදා, විරාග-නිරෝධ, පටිනිස්සග්ග, විවට්ටානුපස්සනා, සිව්මග ඥානයන් සිව්ඵල ඥානයන් යන මෙම සොළොස් ඥානයන්ගේ වශයෙන් සොළොස් ඥාන චර්යාවන්ගෙන්, ප්‍රථමධ්‍යාන සමාධි ආදී අෂ්ට සමාධීන් එකක් සේ සලකා ගන්නා ලදි. ඒවාහි උපචාර සමාධියදැයි මෙම නව සමාධීන්ගේ වශයෙන් නව සමාධි චර්යාවන්ගෙන්ද, කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාරදැයි යන, මෙම ත්‍රිවිධ සංස්කාරයන්ගේ ඒ ඒ තන්හි සන්සිඳීමෙන් එසේ වසනු කැමැති කියන ලද තන්හි වසීභාවප්‍රාප්ත රහත් හෝ අනාගාමී පුද්ගලයෙකු විසින් අදහස් කරන ලද කාලය අනුව, චිත්ත චෛතසික පරම්පරාවගේ මනාකොට නොපැවැත්ම පිහිටුවිය යුතු හෙයින් එය එසේ නිශ්චල කළ යුතු හෙයින් මෙහි එක්තැන් කිරීම් යන අර්ථයි. එහෙයින් මෙම විහරණය අවික්‍ෂෙපාර්ථයෙන් සමාධි යැයි යූ.සේයි. එහෙයින් මෙයට සමවත් අර්ථයද කියන ලදැයි දතයුතුය. මෙම නිරෝධ සමාපත්තිය සඳහා පටිසම්භිදා මාර්ගයෙහි -

“කථං ද‍්වීහි බලෙහි සමන‍්නාගතත‍්තා තිණ‍්ණං සඞ‍්ඛාරානං පටිප‍්පස‍්සද‍්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසීභාවතාය සඤ‍්ඤානිරොධසමාපත‍්තියා ඤාණ”න‍්ති (පටි· ම· 1.83) –

ද්වි බලයන්ගෙන් යුතු, ත්‍රිවිධ සංස්කාරයන්ගේ සංසිඳීමෙහි, සොළොස් ඥාන චර්යාවන්ගෙන් ද, නව සමාධි චර්යාවන්ගෙන් ද, වසීභාවයෙන් වන සංඥා නිරෝධ සමාපත්තියෙහි ඥානය කෙසේදැයි?

පුච‍්ඡිත්‍වා “ද‍්වීහි බලෙහී”ති ද‍්වෙ බලානි සමථබලං විපස‍්සනාබලන‍්ති විත්‍ථාරො. සායං නිරොධසමාපත‍්තිකථා විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.867 ආදයො) සංවණ‍්ණිතාව. කස‍්මා පනායං ථෙරො ඵලසමාපත‍්තිං අසමාපජ‍්ජිත්‍වා නිරොධං සමාපජ‍්ජි? සත‍්තෙසු අනුකම‍්පාය. අයඤ‍්හි මහාථෙරො සබ‍්බාපි සමාපත‍්තියො වළඤ‍්ජෙති, සත‍්තානුග‍්ගහෙන පන යෙභුය්‍යෙන නිරොධං සමාපජ‍්ජති. තඤ‍්හි සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨිතස‍්ස කතො අප‍්පකොපි සක‍්කාරො විසෙසතො මහප‍්ඵලො මහානිසංසො හොතීති.

විචාරා, ද්වි බලකිනැයිද, සමථබල, විදර්ශනා බල යන එම ද්විබලයන්ගේ විස්තරය විශුද්ධි මාර්ගයෙහි නිරෝධ සමාපත්ති කථාවෙහි වර්ණනා කරන ලද්දේමය. කවර හෙයින් මෙම තෙරහු ඵලසමවතට සමනොවැද, නිරෝධ සමවතට සමවැදිනිද? සත්ත්වයින් කෙරෙහි අනුකම්පාවෙනි. මෙම මහ තෙරහු සියලුම සමාපත්තීන් පරිභෝග කරයි. සත්වානුග්‍රහයෙන් නිතර නිරෝධයට සමවදියි. එයට සමවැද නැගිටියහුට කරන ලද ස්වල්ප වූද සත්කාරය, විශේෂයෙන් මහත්ඵල මහානිසංස වේ.

වුට‍්ඨාසීති අරහත‍්තඵලචිත‍්තුප‍්පත‍්තියා වුට‍්ඨාසි. නිරොධං සමාපන‍්නො හි අරහා චෙ අරහත‍්තඵලස‍්ස, අනාගාමී චෙ අනාගාමිඵලස‍්ස උප‍්පාදෙන වුට‍්ඨිතො නාම හොති.

වුට්ඨාසි යනු අර්හත්ඵල සිතෙහි පැවැත්මෙන් නැගිටියේය. නිරෝධයට සමවන් රහත් තෙමේ අර්හත් ඵලය ද අනාගාමී තෙමේ අනාගාමි ඵලයට, ඉපදවීමෙන් නැගිටියේ නම් වේ.

තෙන ඛො පන සමයෙන සක‍්කො දෙවානමින්‍දො ආයස‍්මතො මහාකස‍්සපස‍්ස පිණ‍්ඩපාතං දාතුකාමො හොතීති කථං තස‍්ස දාතුකාමතා ජාතා? යානි “තානි පඤ‍්චමත‍්තානි දෙවතාසතානී”ති වුත‍්තානි, තා සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො පරිචාරිකා කකුටපාදිනියො පුබ‍්බෙ “අය්‍යො මහාකස‍්සපො රාජගහං පිණ‍්ඩාය පවිසති, ගච‍්ඡථ ථෙරස‍්ස දානං දෙථා”ති සක‍්කෙන පෙසිතා උපගන‍්ත්‍වා දිබ‍්බාහාරං දාතුකාමා ඨිතා ථෙරෙන පටික‍්ඛිත‍්තා දෙවලොකමෙව ගතා. ඉදානි පුරිමප‍්පටික‍්ඛෙපං චින‍්තෙත්‍වා “කදාචි ගණ‍්හෙය්‍යා”ති සමාපත‍්තිතො වුට‍්ඨිතස‍්ස ථෙරස‍්ස දානං දාතුකාමා සක‍්කස‍්ස අනාරොචෙත්‍වා සයමෙව ආගන‍්ත්‍වා දිබ‍්බභොජනානි උපනෙන‍්තියො පුරිමනයෙනෙව ථෙරෙන පටික‍්ඛිත‍්තා දෙවලොකං ගන‍්ත්‍වා සක‍්කෙන “කහං ගතත්‍ථා”ති පුට‍්ඨා තමත්‍ථං ආරොචෙත්‍වා “දින‍්නො වො ථෙරස‍්ස පිණ‍්ඩපාතො”ති සක‍්කෙන වුත‍්තෙ “ගණ‍්හිතුං න ඉච‍්ඡතී”ති. “කිං කථෙසී”ති? “‘දුග‍්ගතානං සඞ‍්ගහං කරිස‍්සාමී’ති ආහ, දෙවා”ති. “තුම‍්හෙ කෙනාකාරෙන ගතා”ති? “ඉමිනාව, දෙවා”ති. සක‍්කො “තුම‍්හාදිසියො ථෙරස‍්ස පිණ‍්ඩපාතං කිං දස‍්සන‍්තී”ති? සයං දාතුකාමො, ජරාජිණ‍්ණො ඛණ‍්ඩදන‍්තො පලිතකෙසො ඔභග‍්ගසරීරො මහල‍්ලකො තන‍්තවායො හුත්‍වා, සුජම‍්පි අසුරධීතරං තථාරූපිමෙව මහල‍්ලිකං කත්‍වා, එකං පෙසකාරවීථිං මාපෙත්‍වා තන‍්තං පසාරෙන‍්තො අච‍්ඡි, සුජා තසරං පූරෙති. තෙන වුත‍්තං – “තෙන ඛො පන සමයෙන සක‍්කො දෙවානමින්‍දො…පෙ… තසරං පූරෙතී”ති.

තෙන ඛොපන සමයෙන සක්කො දෙවානමින්‍දො ආයස්මතො මහා කස්සපස්ස පිණ්ඩපාතං දාතුකාමෙන යනු කෙසේ ඔහුට දෙනු කැමැත්ත හටගතිද යත්, යම් ඒ පන්සියයක් පමණ දේවතාවෝයි කියන ලද ඈලා සක්දෙව් රජහුගේ පරෙවි පා වැනි පා ඇති සේවිකාවන් අමතා මෙසේ කීය. මහා කාශ්‍යප ආර්යයන් වහන්සේ පෙරවරුයේ පිඬු පිණිස රජගහ නුවරට පිවිසේ. යව් තෙරුන්ට දන් දෙව් යයි සක්දෙව් රජ විසින් පිටත්කර හරින ලද්දේ, එළඹ දිව්‍ය ආහාර පූජාකරනු කැමැතිව සිටියාහු තෙරුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදුයේ දෙව්ලොවටම ගියහ. දැන් පළමු ප්‍රතික්‍ෂේය සිතා කවර කලෙක හෝ ගන්නේ යයි සමවතින් නැගිටි තෙරුන්ට දෙනු කැමැතියේ ශක්‍රයාට නොදන්වා තෙමේම අවුත් දිව බොදුන් එළවන්නියෝ, පළමු ක්‍රමයෙන්ම තෙරුන් විසින් ප්‍රතික්‍ෂිප්ත වූයේ දෙව්ලොව ගියෝය. ශක්‍රයා විසින් කොහි ගියහුදැයි පිළිවිසියේ එකරුණ සැළකොට, නුඹලා විසින් තෙරුන්ට පිණ්ඩපාතය දෙන ලදදැයි ශක්‍රයා විසින් විචාල කල්හි බාරගන්ට අකමැති වීයයිද, කුමක් කියන ලද්දෙහිද, දේවයිනි දුගියන්ට සංග්‍රහ කරන්නෙමියි වදාළේය. නුඹලා කවරාකාරයකින් ගියාහුද? දේවයිනි, මේ අයුරින්මය. ශක්‍ර තෙමේ නුඹලා වැනියවුන් තෙරුන්ට පිණ්ඩපාතය කුමක් සඳහා දෙන්නාහුදැයි තෙමේ දෙනු කැමැත්තේ, ජරාවෙන් දිරූ කැඩුණු දත් ඇති ඉදුනු කෙස් ඇති, මහල් රෙදි වියන්නෙකු වී සුජා නම් අසුර දියණියද බඳු වූම මැහැලියක් කොට එක් පෙහෙකම් වීදියක් මවා, නූල් දිගහරිමින් සිටියේය. සුජාතාවෝ තසරය පුරවයි. එහෙයින් තෙන ඛොපන සමයෙන සක්කො දෙවානමින්‍දො -පෙ- තසරං පූරෙති යි යූ.සේයි.

තත්‍ථ තන‍්තං විනාතීති පසාරිතතන‍්තං විනන‍්තො විය හොති. තසරං පූරෙතීති තසරවට‍්ටිං වඩ‍්ඪෙන‍්තී විය. යෙන සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමීති ථෙරො නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය “දුග‍්ගතජනසඞ‍්ගහං කරිස‍්සාමී”ති නගරාභිමුඛො ගච‍්ඡන‍්තො බහිනගරෙ සක‍්කෙන මාපිතං පෙසකාරවීථිං පටිපජ‍්ජිත්‍වා ඔලොකෙන‍්තො අද‍්දස ඔලුග‍්ගවිලුග‍්ගජිණ‍්ණසාලං තත්‍ථ ච තෙ ජායම‍්පතිකෙ යථාවුත‍්තරූපෙ තන‍්තවායකම‍්මං කරොන‍්තෙ දිස‍්වා චින‍්තෙසි – “ඉමෙ මහල‍්ලකකාලෙපි කම‍්මං කරොන‍්ති. ඉමස‍්මිං නගරෙ ඉමෙහි දුග‍්ගතතරා නත්‍ථි මඤ‍්ඤෙ. ඉමෙහි දින‍්නං සාකමත‍්තම‍්පි ගහෙත්‍වා ඉමෙසං සඞ‍්ගහං කරිස‍්සාමී”ති. සො තෙසං ගෙහාභිමුඛො අගමාසි. සක‍්කො තං ආගච‍්ඡන‍්තං දිස‍්වා සුජං ආහ – “භද‍්දෙ, මය‍්හං අය්‍යො ඉතො ආගච‍්ඡති, තං ත්‍වං අපස‍්සන‍්තී විය තුණ‍්හී හුත්‍වා නිසීද. ඛණෙනෙව වඤ‍්චෙත්‍වා පිණ‍්ඩපාතං දස‍්සාමා”ති ථෙරො ගන‍්ත්‍වා ගෙහද‍්වාරෙ අට‍්ඨාසි. තෙපි අපස‍්සන‍්තා විය අත‍්තනො කම‍්මමෙව කරොන‍්තා ථොකං ආගමයිංසු. අථ සක‍්කො “ගෙහද‍්වාරෙ ඨිතො එකො ථෙරො විය ඛායති, උපධාරෙහි තාවා”ති ආහ. “තුම‍්හෙ ගන‍්ත්‍වා උපධාරෙථ, සාමී”ති. සො ගෙහා නික‍්ඛමිත්‍වා ථෙරං පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා උභොහි හත්‍ථෙහි ජණ‍්ණුකානි ඔලුම‍්බිත්‍වා නිත්‍ථුනන‍්තො උට‍්ඨාය “කතරත්‍ථෙරො නු ඛො අය්‍යො”ති ථොකං ඔසක‍්කිත්‍වා “අක‍්ඛීනි මෙ ධූමායන‍්තී”ති වත්‍වා නලාටෙ හත්‍ථං ඨපෙත්‍වා උද‍්ධං උල‍්ලොකෙත්‍වා “අහො දුක‍්ඛං අය්‍යො නො මහාකස‍්සපත්‍ථෙරොව චිරස‍්සං මෙ කුටිද‍්වාරං ආගතො. අත්‍ථි නු ඛො කිඤ‍්චි ගෙහෙ”ති ආහ. සුජා ථොකං ආකුලා විය හුත්‍වා “අත්‍ථි, සාමී”ති පටිවචනං අදාසි. සක‍්කො, “භන‍්තෙ, ලූඛං වා පණීතං වාති අචින‍්තෙත්‍වා සඞ‍්ගහං නො කරොථා”ති පත‍්තං ගණ‍්හි. ථෙරො පත‍්තං දෙන‍්තො “ඉමෙසං එව දුග‍්ගතානං ජරාජිණ‍්ණානං මයා සඞ‍්ගහො කාතබ‍්බො”ති චින‍්තෙසි. සො අන‍්තො පවිසිත්‍වා ඝටිඔදනං නාම ඝටිතො උද‍්ධරිත්‍වා, පත‍්තං පූරෙත්‍වා, ථෙරස‍්ස හත්‍ථෙ ඨපෙසි. තෙන වුත‍්තං – “අද‍්දසා ඛො සක‍්කො දෙවානමින්‍දො…පෙ… අදාසී”ති.

එහි තන්තං විනාති යනු දිගු කළ හුය කටින්නාක් මෙන්, තසරං පූරෙති යනු යනු හරස් දණ්ඩ වඩන්නාක් මෙන්. යෙන සක්කස්ස දෙවානමින්‍දස්ස නිවෙසනං තෙනුපසංකමි යනු තෙරුන් වහන්සේ හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන දුගී ජනයාට සංග්‍රහ කරන්නෙමියි නගරාභිමුඛවැ වැඩම කරනුයේ නගරයෙන් පිටත ශක්‍රයා විසින් මවන ලද පේෂකාර වීථියට බැස බලනුයේ, දිරා හැලුණු, ගැලවී එල්ලෙන දිරාගිය සාලාවක් දුටු සේක. එහිද එම අඹුසැමියන් කියන ලද ආකාර ඇති නූල් කැටීමේ ක්‍රියාව කරනවුන් දැක, මොව්හු මහලු කල්හිද කර්මාන්ත කරති. මෙම නගරයෙහි මොවුන්ට වඩා අන්ත දුප්පතුන් නැතැයි හඟිමි. මොවුන් විසින් දෙන ලද, පලාකොළ මාත්‍රයක් වුව ගෙන මොවුන්ට සංග්‍රහ කරන්නෙමියි සිතීය. තෙරහු ඔවුන්ගේ ගෘහාභිමුඛව වැඩම කළ සේක. ශක්‍රතෙම එසේ එන්නහු දැක, සොඳුර මාගේ ආර්යයන් වහන්සේ මෙතැනින් එයි. නුඹ ඔහු නොදක්නාක් මෙන් නිශ්ශබ්ද වී හිඳුව. දුටු කෙණෙහිම පිණ්ඩපාතය දෙන්නෙමුයි සුජාට කීය. තෙරුන් වැඩමකොට ගෙයි දොරකඩ සිටියේය. ඔව්හුද නොදක්නාහු මෙන් තම කටයුත්තම කරන්නාහු ටික වේලාවක් ගත කළහ. ඉක්බිති ශක්‍ර තෙමේ ගෙයි දොරකඩ සිටියේ එක් තෙර කෙනෙකු මෙන් අයෙකි. පළමුව කවරහුදැයි සලකා බලවයි කීය. ස්වාමීනි, ඔබ ගොස් සලකා බලනු මැනවැයි කීවාය. හෙතෙම ගෙයින් නික්ම, තෙරුන් පසඟ පිහිටුවා වැඳ, දෙඅත්වලින්, දණහිස්හි එල්ලී කෙඳිරිගාමින් නැගිට ආර්යයන් වහන්සේ කවර තෙරහු කෙනෙක් දෝහෝයි මඳක් පසුබැස, මාගේ ඇස් දුම් දමන්නා සේ වැටහේයයි කියා නළලෙහි අත තබා උඩ බලා, අහෝ දුකකි. අපගේ ආර්ය මහා කාශ්‍යප තෙරහු බොහෝ කලෙකින් මාගේ කුටි දොරට පැමිණියේය. ගෙයි කිසිවක් ඇත්දැයි විචාළේය. සුජාතාව මඳක් ආකූල වූවාක් මෙන් අඟවා ස්වාමීනි, ඇතැයි පිළිවදන් දිනි. ශක්‍රතෙමේ ස්වාමීනි රූක්‍ෂ හෝ ප්‍රණීතයැයි වෙනසක් නොසිකා අපට සංග්‍රහ කරනු මැනවැයි පාත්‍රය ගත්තේය. තෙරුන්වහන්සේ පාත්‍රය දෙනුයේ, ජරාජීර්ණ වූ මෙම දුගී ජනයාටම මා විසින් සංග්‍රහ කළයුතුයයි සිතූ සේක. හෙතෙම ඇතුලට පිවිස, මුට්ටි බත නම් වූ බත් මුට්ටියෙන් බත් ගෙන පාත්‍රය පුරවා තෙරුන්ගේ අතෙහි තැබීය. එහෙයින් අද්දසා ඛො සක්කො දෙවානමින්‍දො -පෙ- අදාසි යූ.සේයි.

තත්‍ථ ඝටියාති භත‍්තඝටිතො. “ඝටිඔදන”න‍්තිපි පාඨො, තස‍්ස ඝටිඔදනං නාම දෙවානං කොචි ආහාරවිසෙසොති අත්‍ථං වදන‍්ති. උද‍්ධරිත්‍වාති කුතොචි භාජනතො උද‍්ධරිත්‍වා. අනෙකසූපො සො එව ආහාරො පත‍්තෙ පක‍්ඛිපිත්‍වා ථෙරස‍්ස හත්‍ථෙ ඨපනකාලෙ කපණානං උපකප‍්පනකලූඛාහාරො විය පඤ‍්ඤායිත්‍ථ, හත්‍ථෙ ඨපිතමත‍්තෙ පන අත‍්තනො දිබ‍්බසභාවෙනෙව අට‍්ඨාසි. අනෙකසූපොති මුග‍්ගමාසාදිසූපෙහි චෙව ඛජ‍්ජවිකතීහි ච අනෙකවිධසූපො. අනෙකබ්‍යඤ‍්ජනොති නානාවිධඋත‍්තරිභඞ‍්ගො. අනෙකරසබ්‍යඤ‍්ජනොති අනෙකෙහි සූපෙහි චෙව බ්‍යඤ‍්ජනෙහි ච මධුරාදිමූලරසානඤ‍්චෙව සම‍්භින‍්නරසානඤ‍්ච අභිබ්‍යඤ‍්ජකො, නානග‍්ගරසසූපබ්‍යඤ‍්ජනොති අත්‍ථො.

එහි ඝටියා යනු බත් මුට්ටියෙන්, මුට්ටි බතයැයි ද පාඨයි. මුට්ටි බත නම් දෙවියන්ගේ කිසියම් ආහාර විශේෂයකැයි එයට අර්ථ කියති. උද්ධරිත්‍වා යනු කිසියම් බඳුනෙකින් උදුරා, නොයෙක් ව්‍යඤ්ජන සහිත එම ආහාරයම පාත්‍රයෙහි බහා, තෙරුන්ගේ හස්තයෙහි තබන කලැ, දිළින්දන්ට ලැබෙන රූක්‍ෂාගාරයක් මෙන් පෙනුනහ. තැබූ කෙණෙහි වනාහි තමාගේ දිව්‍ය ස්වභාවයෙන්ම වීය. අනෙක සූපො යනු මං මෑ ඇට ආදී ව්‍යංජනයන්ගෙන්ද, කැවිලි වර්ගයන්ගෙන්ද යුත් නොයෙක් ආකාර ව්‍යඤ්ජන, අනෙකබ්‍යඤ්ජනො යනු නොයෙක් ආකාර සම්බල්, සලාද, බැදුම් ආදිය. අනෙක සූපරස බ්‍යඤ්ජනො යනු නොයෙක් මුං මෑ ඇට වැනි ව්‍යඤ්ජනයන්ගෙන්ද, සම්බල්, සලාද ආදියෙන්ද, (වැල්මී ආදී) මිහිරි මුල් රසයන්ගෙන්ද මිශ්‍ර රසයන්ගෙන්ද උසස් ව්‍යඤ්ජනය නොයෙක් අග්‍රරස මැල්ලුම් හා ව්‍යඤ්ජනයන්ගෙන් යන අර්ථයි.

සො කිර පිණ‍්ඩපාතො ථෙරස‍්ස හත්‍ථෙ ඨපිතකාලෙ රාජගහනගරං අත‍්තනො දිබ‍්බගන්‍ධෙන අජ‍්ඣොත්‍ථරි, තතො ථෙරො චින‍්තෙසි – “අයං පුරිසො අප‍්පෙසක‍්ඛො, පිණ‍්ඩපාතො අතිවිය පණීතො සක‍්කස‍්ස භොජනසදිසො. කො නු ඛො එසො”ති? අථ නං “සක‍්කො”ති ඤත්‍වා ආහ – “භාරියං තෙ, කොසිය, කම‍්මං කතං දුග‍්ගතානං සම‍්පත‍්තිං විලුම‍්පන‍්තෙන, අජ‍්ජ මය‍්හං දානං දත්‍වා කොචිදෙව දුග‍්ගතො සෙනාපතිට‍්ඨානං වා සෙට‍්ඨිට‍්ඨානං වා ලභෙය්‍යා”ති. “කො මයා දුග‍්ගතතරො අත්‍ථි, භන‍්තෙ”ති? “කථං ත්‍වං දුග‍්ගතො දෙවරජ‍්ජසිරිං අනුභවන‍්තො”ති? “භන‍්තෙ, එවං නාමෙතං, මයා පන අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ කල්‍යාණකම‍්මං කතං, බුද‍්ධුප‍්පාදෙ පන වත‍්තමානෙ පුඤ‍්ඤකම‍්මං කත්‍වා චූළරථදෙවපුත‍්තො මහාරථදෙවපුත‍්තො අනෙකවණ‍්ණදෙවපුත‍්තොති ඉමෙ තයො දෙවපුත‍්තා මමාසන‍්නට‍්ඨානෙ නිබ‍්බත‍්තා මහාතෙජවන‍්තතරා. අහං තෙසු දෙවපුත‍්තෙසු ‘නක‍්ඛත‍්තං කීළිස‍්සාමා’ති පරිචාරිකායො ගහෙත්‍වා අන‍්තරවීථිං ඔතිණ‍්ණෙසු පලායිත්‍වා ගෙහං පවිසාමි. තෙසඤ‍්හි සරීරතො තෙජො මම සරීරං ඔත්‍ථරති, මම සරීරතො තෙජො තෙසං සරීරං න ඔත්‍ථරති. කො මයා දුග‍්ගතතරො, භන‍්තෙ”ති? “එවං සන‍්තෙපි ඉතො පට‍්ඨාය මය‍්හං මා එවං වඤ‍්චෙත්‍වා දානමදාසී”ති. “වඤ‍්චෙත්‍වා තුම‍්හාකං දානෙ දින‍්නෙ මය‍්හං කුසලං අත්‍ථි නත්‍ථී”ති? “අත්‍ථි, ආවුසො”ති. “එවං සන‍්තෙ කුසලකරණං නාම මය‍්හං භාරො, භන‍්තෙ”ති වත්‍වා ථෙරං වන්‍දිත්‍වා සුජං ආදාය ථෙරං පදක‍්ඛිණං කත්‍වා, වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා “අහො දානං පරමදානං, කස‍්සපෙ සුප‍්පතිට‍්ඨිත”න‍්ති තික‍්ඛත‍්තුං උදානං උදානෙසි. තෙන වුත‍්තං “අථ ඛො ආයස‍්මතො මහාකස‍්සපස‍්ස එතදහොසී”තිආදි.

එම පිණ්ඩපාතය තෙරුන්ගේ අත්තල තැබූ කල්හි මුළු රජගහ නුවර එම ආහාරයෙහි පැවති දිව්‍ය සුවඳින් පැතිර ගියේය. ඉක්බිති තෙරහු, මේ මිනිසා අල්පේශාක්‍ය අයෙකි. පිණ්ඩපාත භෝජනය ඉතාමත් ප්‍රණීතය. එය සක්දෙව් රජුගේ බොදුනක් වැන්න. මෙතෙම කවරෙක්දෝහෝයි සිතීය. ඉක්බිති ඔහු සක්දෙව් රදයයි දැන, කෝසිය ඔබ දුප්පතුන්ගේ සම්පත් පැහැර ගැනීමෙන් බැරෑරුම් ක්‍රියාවක් කරන ලදි. අද මට දනක් දී කිසියම් දුගියෙක් සිටු තනතුරක් ලබන්නේ යයි වදාළේය. ස්වාමීනි, මට වඩා අතිශය පරිපීඩිත දුගියෙක් කවරෙක්ද? දිව්‍ය රාජ්‍යශ්‍රී අනුභව කරන නුඹ කෙසේ දුගියෙක් වන්නෙහිද? ස්වාමීනි, එය එසේනම් මා විසින් අබුද්ධෝත්පාද කාලයෙහි යහපත් ක්‍රියා කරන ලද්දේ වෙමි. බුද්ධෝත්පාදය පවත්නා කල්හි පුණ්‍යක්‍රියා කොට, චූලරථ, මහාරථ, අනෙකවර්ණ යන මේ තෙදෙව් පිත් මාගේ සමීපස්ථායීවැ උපන්නාහු අතිශය තෙදවත්හ. මම ඒ දෙව් පිත්හු නැකැත් කෙළින්නෙමුයි සේවකයන් ගෙන ඇතුල් වීථියට බට කල්හි පැනගොස් ගෙට පිවිසෙන්නෙමි. ඔවුන්ගේ සිරුරින් නික්මෙන තෙද මාගේ සිරුර මැඩගෙන පැතිරී යයි. මාගේ සිරුරෙහි තෙද, ඔවුන්ගේ සිරුරු මැඩගෙන නොපැතිරේ. ස්වාමීනි, මට වඩා අතිශය දුගියෙක් කවරේද? එවැනි තත්ත්වයක් පැවතියේ වී නමුත් මෙතැන් පටන්, මෙබඳු වංචනික ක්‍රියා මාර්ග තුලින් මට දන් නොදෙවව. වංචනික ක්‍රියා මාර්ග තුලින් දන් දුන් කල්හි මට කුසලයක් තිබේද, නොතිබේද? ඇවැත්නි තිබේ. ස්වාමීනි, එවැනි තත්ත්වයක් තුළ කුසල් කිරීම නම් මට භාරයැයි කියා තෙරුන් වැඳ සුජාව රැගෙන තෙරුන් ප්‍රදක්‍ෂිණා කොට අහසට පැන නැග විස්මයෙකි. කසුප් තෙරුන් කෙරෙහි සුපිහිටි දනෙකි. උතුම් දනෙකියි තෙවරක් උදන් ඇනීය. එහෙයින් අථඛො ආයස්මතො මහා කස්සපස්ස එතදහොසි ආදිය යූ.සේයි.

තත්‍ථ කොසියාති සක‍්කං දෙවානමින්‍දං ගොත‍්තෙන ආලපති. පුඤ‍්ඤෙන අත්‍ථොති පුඤ‍්ඤෙන පයොජනං. අත්‍ථීති වචනසෙසො. වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වාති පථවිතො වෙහාසං අභිඋග‍්ගන‍්ත්‍වා. ආකාසෙ අන‍්තලික‍්ඛෙති ආකාසමෙව පරියායසද‍්දෙන අන‍්තලික‍්ඛෙති වදන‍්ති. අථ වා අන‍්තලික‍්ඛසඞ‍්ඛාතෙ ආකාසෙ න කසිණුග‍්ඝාටිමාදිආකාසෙති විසෙසෙන‍්තො වදති. අහො දානන‍්ති එත්‍ථ අහොති අච‍්ඡරියත්‍ථෙ නිපාතො. සක‍්කො හි දෙවානමින්‍දො, “යස‍්මා නිරොධා වුට‍්ඨිතස‍්ස අය්‍යස‍්ස මහාකස‍්සපත්‍ථෙරස‍්ස සක‍්කච‍්චං සහත්‍ථෙන චිත‍්තීකත්‍වා අනපවිද‍්ධං කාලෙන පරෙසං අනුපහච‍්ච, සම‍්මාදිට‍්ඨිං පුරක‍්ඛත්‍වා ඉදමීදිසං මයා දිබ‍්බභොජනදානං දින‍්නං, තස‍්මා ඛෙත‍්තසම‍්පත‍්ති දෙය්‍යධම‍්මසම‍්පත‍්ති චිත‍්තසම‍්පත‍්තීති, තිවිධායපි සම‍්පත‍්තියා සමන‍්නාගතත‍්තා සබ‍්බඞ‍්ගසම‍්පන‍්නං වත මයා දානං පවත‍්තිත”න‍්ති අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතො තදා අත‍්තනො හදයබ‍්භන‍්තරගතං පීතිසොමනස‍්සං සමුග‍්ගිරන‍්තො “අහො දාන”න‍්ති වත්‍වා තස‍්ස දානස‍්ස වුත‍්තනයෙන උත‍්තමදානභාවං ඛෙත‍්තඞ‍්ගතභාවඤ‍්ච පකාසෙන‍්තො “පරමදානං කස‍්සපෙ සුප‍්පතිට‍්ඨිත”න‍්ති උදානං උදානෙසි.

එහි කොසියා යනු සක්දෙවිඳු ගොත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි. පුඤ්ඤෙන අත්‍ථො යනු පිනෙන් ප්‍රයෝජන තිබේයයි වදන් ශේෂයයි. වෙහාසං අබ්භුග්ගනත්‍වා යනු පෘථුවියෙන් අහසට මනාව නැග ආකාසෙ අන්තලික්ඛෙ යනු අහසම සමානාර්ථ ශබ්දයෙන් අන්තලික්ඛයැයි කියති. නොහොත් අන්තලික්ඛ සංඛ්‍යාත අහසෙහි කසිණය උගුලුවාලූ අහසෙහි නොවේයයි වෙන්කොට කියයි. අහො දානං යන මෙහි අහො යනු ආශ්චර්යයාර්ථයෙහි නිපාතයි. සක්දෙවිඳු නිරෝධ සමවතින් නැගී සිටි මහා කාශ්‍යප ආර්යයන් වහන්සේට, සකස්කොට සියතින් ගෞරව කොට ඉවත නොදමා සුදුසු කල්හි අනුන් නොගටා සම්‍යග් දෘෂ්ටිය පෙරටුකොට, එබඳු අයුරින් මෙම මහා දිව්‍ය භෝජන දානය දිනි. එහෙයින් ක්‍ෂේත්‍ර සම්පත්තිය දිය යුතු දෑහි සම්පත්තිය චිත්ත සම්පත්තිය යන මේ ත්‍රිවිධාකාර සම්පත්ති (සඵලතා) වන්ගෙන් යුක්ත හෙයින් මාගේ දානය ඒකාන්තයෙන් සියලු කරුණුවලින් සම්පූර්ණව පවත්වන ලදැයි ආශ්චර්ය, අද්භූත සිත් හටගත්තේ, එකල්හි තමාගේ හෘදයාභ්‍යන්තරගත වූ ප්‍රීතිය හා සොම්නස වගුරුවනුයේ ආශ්චර්ය දානයකැයි කියා, එම දානයෙහි කියන ලද ක්‍රමය අනුව උතුම් දානභාවයද, ක්‍ෂේත්‍ර සම්පත්තියට පත් බවද ප්‍රකාශ කරනුයේ පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං යයි උදන් ඇනීය.

එවං පන සක‍්කස‍්ස උදානෙන‍්තස‍්ස භගවා විහාරෙ ඨිතොයෙව දිබ‍්බසොතෙන සද‍්දං සුත්‍වා “පස‍්සථ, භික‍්ඛවෙ, සක‍්කං දෙවානමින්‍දං උදානං උදානෙත්‍වා ආකාසෙන ගච‍්ඡන‍්ත”න‍්ති භික‍්ඛූනං වත්‍වා තෙහි “කිං පන, භන‍්තෙ, තෙන කත”න‍්ති පුට‍්ඨො “මම පුත‍්තස‍්ස කස‍්සපස‍්ස වඤ‍්චෙත්‍වා දානං අදාසි, තෙන ච අත‍්තමනො උදානෙසී”ති ආහ. තෙන වුත‍්තං “අස‍්සොසි ඛො භගවා දිබ‍්බාය සොතධාතුයා”තිආදි.

භාග්‍යවතුන් වහන්සේ විහාරයෙහි සිටියේම මෙසේ උදන් අනන්නා වූ සක්දෙවිඳුන්ගේ ශබ්දය දිවකණින් අසා, මහණෙනි, සක්දෙවිඳු උදන් අනා අහසින් යන්නහු බලව් යයි භික්‍ෂූන්ට වදාරා, ඔවුන් විසින් ස්වාමීනි, ඔහු විසින් කුමක් කරන ලදදැයි විචාරන ලදුයේ, මාගේ පුත්‍ර කාශ්‍යපට වංචාකොට දනක් දිනි. එයින් තුටු සිතැතිව උදන් ඇනීයයි වදාළේය. එහෙයින් අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා ආදිය යූ.සේයි.

තත්‍ථ දිබ‍්බාය සොතධාතුයාති දිබ‍්බසදිසත‍්තා දිබ‍්බා. දෙවතානඤ‍්හි සුචරිතකම‍්මනිබ‍්බත‍්තා පිත‍්තසෙම‍්හරුහිරාදීහි අපලිබුද‍්ධා උපක‍්කිලෙසවිනිමුත‍්තතාය දූරෙපි ආරම‍්මණං ගහෙතුං සමත්‍ථා දිබ‍්බපසාදසොතධාතු හොති. අයඤ‍්චාපි භගවතො වීරියභාවනාබලනිබ‍්බත‍්තා ඤාණමයා සොතධාතු තාදිසා එවාති දිබ‍්බසදිසත‍්තා දිබ‍්බා. අපි ච දිබ‍්බවිහාරවසෙන පටිලද‍්ධත‍්තා අත‍්තනා ච දිබ‍්බවිහාරසන‍්නිස‍්සිතත‍්තාපි දිබ‍්බා. සවනට‍්ඨෙන ච සභාවධාරණට‍්ඨෙන ච සොතධාතු, සොතධාතුයාපි කිච‍්චකරණෙන සොතධාතු වියාති සොතධාතු, තාය දිබ‍්බාය සොතධාතුයා. විසුද‍්ධායාති පරිසුද‍්ධාය නිරුපක‍්කිලෙසාය. අතික‍්කන‍්තමානුසිකායාති මනුස‍්සූපචාරං අතික‍්කමිත්‍වා සද‍්දස‍්සවනෙන මානුසිකමංසසොතධාතුං අතික‍්කමිත්‍වා ඨිතාය.

එහි දිබ්බාය සොත ධාතුයා යනු දිව්‍ය සමාන හෙයින් දිබ්බයි. දෙවියන්ට වනාහි සූසිරි කමින් නිපන් හෙයින්, පිත්, සෙම්, රුහිරාදියෙන් බාධා රහිත මෙන්ම කිලුටෙන් මිදුන හෙයින්, දුර පෙදෙස්හි පවත්වා වූද අරමුණු ගන්ට සමත් දිව්‍ය ප්‍රසාද ශ්‍රොතධාතුව වේ. භාග්‍යවතුන් වහන්සේගේ මෙම දිව්‍ය ශ්‍රෝත ධාතුවද වීර්ය භාවනා බලයෙන් නිපන් හෙයින් ඥානමය ශ්‍රොත්‍ර ධාතුව එවැනිම යයි දිව්‍ය සමාන හෙයින් දිබ්බයි. තවද දිව්‍ය විහරණ වශයෙන් ලද හෙයින් තමාද දිව්‍ය විහරණ සන්නිශ්‍රිත හෙයින් දිබ්බයි. ශ්‍රවණාර්ථයෙන් ස්වභාව දැරීම් අර්ථයෙන්ද ශ්‍රොත්‍ර ධාතුයි. ශ්‍රොත්‍ර ධාතුවගේ කෘත්‍යය කිරීමෙන් ශ්‍රොත්‍ර ධාතු මෙනැවි ශ්‍රොත්‍රධාතුයි. එම දිව්‍ය ශ්‍රොත්‍ර ධාතුයෙන්, විසුද්ධාය යනු පිරිසිදු කිලිටි රහිත අතික්කන්ත මානුසකාය යනු මිනිස් සීමාව ඉක්මවා, ශබ්ද ශ්‍රවණයෙහිලා මානුසික මාංශ ශ්‍රොත්‍ර ධාතුව ඉක්මවා සිටි,

එතමත්‍ථං විදිත්‍වාති “සම‍්මාපටිපත‍්තියා ගුණවිසෙසෙ පතිට‍්ඨිතං පුරිසාතිසයං දෙවාපි මනුස‍්සාපි ආදරජාතා අතිවිය පිහයන‍්තී”ති ඉමමත්‍ථං විදිත්‍වා තදත්‍ථදීපනං ඉමං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු මනා ප්‍රතිපත්තියෙන් ගුණ විශේෂයන්හි පිහිටි උසස් පුරිෂයන් දෙවිවරුද, මිනිස්සුද ඇල්ම හටගත්තාහු අතිශයින් ප්‍රිය කෙරෙත් යයි මෙම කරුණ දැන, එම කරුණ දැක්වීමට මෙම උදන් ඇනූ සේක.

තත්‍ර පිණ‍්ඩපාතිකඞ‍්ගසඞ‍්ඛාතං ධුතඞ‍්ගං සමාදාය තස‍්ස පරිපූරණෙන පිණ‍්ඩපාතිකස‍්ස. නනු චායං ගාථා ආයස‍්මන‍්තං මහාකස‍්සපං නිමිත‍්තං කත්‍වා භාසිතා, ථෙරො ච සබ‍්බෙසං ධුතවාදානං අග‍්ගො තෙරසධුතඞ‍්ගධරො, සො කස‍්මා එකෙනෙව ධුතඞ‍්ගෙන කිත‍්තිතොති? අට‍්ඨුප‍්පත‍්තිවසෙනායං නිද‍්දෙසො. අථ වා දෙසනාමත‍්තමෙතං, ඉමිනා දෙසනාසීසෙන සබ‍්බෙපිස‍්ස ධුතඞ‍්ගා වුත‍්තාති වෙදිතබ‍්බා. අථ වා “යථාපි භමරො පුප‍්ඵ”න‍්ති (ධ· ප· 49) ගාථාය වුත‍්තනයෙන පරමප‍්පිච‍්ඡතාය කුලානුද‍්දයතාය චස‍්ස සබ‍්බං පිණ‍්ඩපාතිකවත‍්තං අක‍්ඛණ‍්ඩෙත්‍වා තත්‍ථ සාතිසයං පටිපත‍්තියා පකාසනත්‍ථං “පිණ‍්ඩපාතිකස‍්සා”ති වුත‍්තං. පිණ‍්ඩපාතිකස‍්සාති ච පිහයන‍්තීති පදං අපෙක‍්ඛිත්‍වා සම‍්පදානවචනං, තං උපයොගත්‍ථෙ දට‍්ඨබ‍්බං. අත‍්තභරස‍්සාති “අප‍්පානි ච තානි සුලභානි අනවජ‍්ජානී”ති (අ· නි· 4.27; ඉතිවු· 101) එවං වුත‍්තෙහි අප‍්පානවජ‍්ජසුලභරූපෙහි චතූහි පච‍්චයෙහි අත‍්තානමෙව භරන‍්තස‍්ස. අනඤ‍්ඤපොසිනොති ආමිසසඞ‍්ගණ‍්හනෙන අඤ‍්ඤෙ සිස‍්සාදිකෙ පොසෙතුං අනුස‍්සුක‍්කතාය අනඤ‍්ඤපොසිනො. පදද‍්වයෙනස‍්ස කායපරිහාරිකෙන චීවරෙන කුච‍්ඡිපරිහාරිකෙන පිණ‍්ඩපාතෙන විචරණතො සල‍්ලහුකවුත‍්තිතං සුභරතං පරමඤ‍්ච සන‍්තුට‍්ඨිං දස‍්සෙති. අථ වා අත‍්තභරස‍්සාති එකවචනිච‍්ඡාය අත‍්තභාවසඞ‍්ඛාතං එකංයෙව ඉමං අත‍්තානං භරති, න ඉතො පරං අඤ‍්ඤන‍්ති අත‍්තභරො, තතො එව අත‍්තනා අඤ‍්ඤස‍්ස පොසෙතබ‍්බස‍්ස අභාවතො අනඤ‍්ඤපොසී, තස‍්ස අත‍්තභරස‍්ස අනඤ‍්ඤපොසිනො. පදද‍්වයෙනපි ඛීණාසවභාවෙන ආයතිං අනාදානතං දස‍්සෙති.

එහි පිණ්ඩපාතිකංග සංඛ්‍යාත ධුතංගය සමාදන්ව එහි, සම්පූර්ණ කිරීමෙන් පිණ්ඩපාතිකස්ස යනු වේ. මෙම ගාථාව ආයුෂ්මත් මහ කසුප් තෙරුන් නිමිතිකොට වදාරණ ලද්දේ නොවේද? තෙරුන් වහන්සේද සියලු ධුතවාදයන්ගේ අග්‍ර තෙළෙස් ධුතාංගධාරියෙකි. හෙතෙම කවර හෙයින් එකම ධුතාංගයකින් ගුණ වණන ලද්දේ වේද? අර්ථෝත්පත්ති වශයෙන් මෙම නිර්දේශයයි. නොහොත් එය දේශනා මාත්‍රයකි. මෙම දේශනා ශීර්ෂයෙන් මොහුගේ සියලු ධුතංග යූ.සේයි. නොහොත් ‘යථාපි භමරො පුප්ඵං යනාදී ගාථාවෙන් යූ.සෙයින් අතිශය අල්පේච්ඡතා බැවින්ද, කුල කරුණාව බැවින්ද ඔහුගේ සියලු පිණ්ඩපාතික වත කඩනොකොට එහි අතිශයින් පැවැති ප්‍රතිපත්තියගේ ප්‍රකාශ කිරීම සඳහා පිණ්ඩපාතිකස්සයි යූ.සේයි. පිණ්ඩපාතිකයාට ප්‍රිය කරත් යන පදය අපේක්‍ෂාකොට සම්ප්‍රදාන වචනයි. එය ද්විතීයාර්ථයෙහි දතයුතුය. අත්තභරස්ස යනු අල්ප වූයේ ද, සුලභ වූයේ ද, නිරවද්‍ය වූයේදැයි මෙසේ කියන ලද, අල්ප-නිරවද්‍ය-සුලභ ස්වභාව ඇති සිව්පසයන්ගෙන් තමා පුස්නහුට, අනඤ්ඤපොසිනො යනු ආමිෂ සංග්‍රහයෙන් අන්‍ය ශිෂ්‍යාදීන් පුස්නට, අනුත්සාහී බැවින් අනුන් නොපුස්නා, පද ද්වයයෙන්ම ශරීරාක්‍ෂක සිවුරෙන්ද, කුස ආරක්ෂා කරන පිණ්ඩපාතයෙන්ද හැසිරෙන හෙයින්, සැහැල්ලු පැවතුම් පහසු පෝෂණය - උතුම් අල්පේච්ඡ සන්තුෂ්ටිතතා පෙන්වයි. නොහොත් අත්තභරස්ස යනු ඒකවචන භාවිතයේ කැමැත්තෙන් යුක්ත වූයේ, ආත්මභාව සංඛ්‍යාත හුදෙකලා වූව මේ ආත්මය පෝෂණය කරයි. මින් මත්තෙහි අනෙකක් නැතැයි අත්තභර නමැ. එහෙයින්ම තමා විසින් අන්‍ය පෝෂණය කළයුතු අයෙකුගේ අභාව හෙයින් අනඤ්ඤපොසියි. අන්‍යයා නොපුස්නා එම ආත්ම පුස්නහුට, පද ද්වයයෙන්ම ක්‍ෂීණාශ්‍රව භාවයෙන් මත්තෙහි නොගැනීම් අර්ථය දක්වයි.

දෙවා පිහයන‍්ති…පෙ… සතීමතොති තං අග‍්ගඵලාධිගමෙන සබ‍්බකිලෙසදරථපරිළාහානං වූපසමෙන පටිප‍්පස‍්සද‍්ධියා උපසන‍්තං, සතිවෙපුල‍්ලප‍්පත‍්තියා නිච‍්චකාලං සතොකාරිතාය සතිමන‍්තං, තතො එව ඉට‍්ඨානිට‍්ඨාදීසු තාදිලක‍්ඛණප‍්පත‍්තං ඛීණාසවං සක‍්කාදයො දෙවා පිහයන‍්ති පත්‍ථෙන‍්ති, තස‍්ස සීලාදිගුණවිසෙසෙසු බහුමානං උප‍්පාදෙන‍්තා ආදරං ජනෙන‍්ති, පගෙව මනුස‍්සාති.

දෙවාපිහ -පෙ- සතිමතො යනු එම අග්‍ර ඵලාධිගමයෙන් සියලු කෙලෙස්දාහ දැඩි දාහයන්ගේ සංසිඳීමෙන්, යටහපත් වීමෙන් සන්සුන් සිහියෙහි මහත් බවට පැමිණීමෙන්, නිතිකල්, සිහියෙන් යුක්තව ක්‍රියා කරනුයේ එම සිහි ඇති භාවයෙන්, එයින්ම ප්‍රිය හා අප්‍රිය අරමුණුවල මධ්‍යස්ථ ලක්‍ෂණාප්‍රාප්ත ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේට ශක්‍රාදී දෙවිවරු ප්‍රිය කරති. ප්‍රාර්ථනා කෙරෙති. ඔහුගේ සීලාදී ගුණ විශේෂයන්හි ගරුබුහුමන් උපදවන්නාහු ආදර උපදවති. මිනිසුන් ගැන කියනුම කවරේද?

සත‍්තමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සත්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.