4. සාරිපුත්තසුත්තවණ්ණනා අට්ඨකථා
4. සාරිපුත්තසුත්තවණ්ණනා
4. ශාරීපුත්‍ර සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ පරිමුඛං සතිං උපට්ඨපෙත්වාති ආරම්මණාභිමුඛං සතිං ඨපයිත්වා මුඛසමීපෙ කත්වා. තථා හි විභඞ්ගෙ වුත්තං –
සිව්වැන්නෙහි පරිමුඛං සතිං උපට්ඨපෙත්වා යනු අරමුණට අභිමුඛව සිහිය තබා, මුව සමීපයෙහි කොට, එසේම විභංගයෙහි,
“අයං සති උපට්ඨිතා හොති සුපට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා, තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”ති (විභ· 537).
මෙම සිහිය නාසිකාග්‍රයෙහි හෝ මුව නිමිත්තෙහි හෝ එළඹ සිටියාහු මනාව එළඹ සිටියාහු වේ. එහෙයින් පරිමුඛං සතිං උපට්ඨපෙත්වායි කියයි.
අථ වා “පරීති පරිග්ගහට්ඨො, මුඛන්ති නිය්යානට්ඨො, සතීති උපට්ඨානට්ඨො, තෙන වුච්චති ‘පරිමුඛං සති’”න්ති. එවං පටිසම්භිදායං (පටි· ම· 1.164) වුත්තනයෙනපෙත්ථ අත්ථො වෙදිතබ්බො. තත්රායං සඞ්ඛෙපත්ථො – පරිග්ගහිතනිය්යානසතිං කත්වාති. නිය්යානන්ති ච සතියා ඔගාහිතබ්බං ආරම්මණං දට්ඨබ්බං. එත්ථ ච පුරිමො පච්ඡිමො ච අත්ථො සබ්බසඞ්ගාහකවසෙන, ඉතරො සමාපත්තියා පුබ්බභාගසමන්නාහාරවසෙන දට්ඨබ්බො. සතීති වා සතිසීසෙන ඣානං වුත්තං “යෙ කායගතාසතිං පරිභුඤ්ජන්තී”තිආදීසු (අ· නි· 1.600) විය. කතමං පන තං ඣානන්ති? රූපාවචරචතුත්ථජ්ඣානං පාදකං කත්වා සමාපන්නං අරහත්තඵලජ්ඣානං. කථං පනෙතං ජානිතබ්බන්ති? ආනෙඤ්ජසමාධියොගෙන ථෙරස්ස සවිසෙසං නිච්චලභාවං කෙනචි අකම්පනීයතඤ්ච පබ්බතොපමාය පකාසෙන්තො භගවා ඉමං උදානං අභාසීති ගාථාය එව අයමත්ථො විඤ්ඤායති. න චායං නිසජ්ජා ථෙරස්ස සච්චප්පටිවෙධාය, අථ ඛො දිට්ඨධම්මසුඛවිහාරාය. පුබ්බෙයෙව හි සූකරඛතලෙණෙ (ම· නි· 2.201) අත්තනො භාගිනෙය්යස්ස දීඝනඛපරිබ්බාජකස්ස භගවති ධම්මං දෙසෙන්තෙ අයං මහාථෙරො සච්චප්පටිවෙධකිච්චං මත්ථකං පාපෙසීති.
නොහොත් පරි යනු හාත්පසින් අල්වා ගන්නා යන අර්ථයි. මුඛං යනු ගෙන යන අර්ථයි. සති යනු වැටහීම් අර්ථයි. එහෙයින් පරිමුඛං සතිං යයි කියයි. මෙහි පටිසම්භිදායෙහි කියන ලද අයුරින් අර්ථය දතයුතුය. එහි මේ කෙටි අර්ථයයි. හාත්පසින් අල්වාගෙන සිහිය ගෙන යාම නිය්‍යාණං යනු සිහියෙන් බැසගත යුතු අරමුණ දතයුතුය. මෙහි පළමු හා අවසන් අර්ථය සියල්ල එකට එකතු කිරීම් වශයෙනි. අනෙක සමවතින්, පූර්වභාගයෙහි එක් අරමුණක සිත පිහිටුවීම් වශයෙන් දතයුතුය. එය සිහිය යන මාතෘකාවෙන් යූ.සේයි. සති යන්න යමෙක් කායගතා සතිය පරිභෝග කෙරෙත්ද යනාදී තන්හි මෙනි. එම ධ්‍යානය යනු කිමෙක්ද? රූපාවචර චතුර්ථ ධ්‍යානය පාදක කොට සමවන් අර්හත්ඵල ධ්‍යානයයි. කෙසේ වනාහි එය දතයුතුද? කම්පා නොවන සමාධි යෝගයෙන් තෙරුන්ගේ කිසියම් විශේෂතා සහිත නිශ්චල භාවයද, කම්පා නොවන ස්වභාවයද, පර්වත උපමාවකින් ප්‍රකාශ කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ, මෙම උදානය වදාළ සේකැයි ගාථාවෙන්ම මෙම අර්ථය හැඟේ. මෙම හිඳගැනීම සත්‍යාවබෝධය සඳහා නොවේ. තවද මෙය ඉහාත්ම සුව විහරණය සඳහායි. සූකර බත (ඌරන් හෑරූ) ලෙණෙහිදී තම බෑනා වූ දීඝනඛ පිරිවැජියාට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන කල්හි මේ මහ තෙරහු චතුරාර්ය සත්‍යය ප්‍රතිවේධ කෘත්‍යය කල් ඇතිවම මස්තක ප්‍රාප්ත කළේය.
එතමත්ථන්ති එතං ථෙරස්ස ආනෙඤ්ජසමාධියොගෙන තාදිභාවප්පත්තියා ච කෙනචි අකම්පනීයතාසඞ්ඛාතං අත්ථං සබ්බාකාරතො විදිත්වා තදත්ථවිභාවනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං යනු තෙරුන්ගේ අකම්ප්‍ය සමාධි යෝගයෙන්, රහත් භාවයට පැමිණීමෙහිද, කිසියම් කම්පා නොවන ස්වභාව සංඛ්‍යාත කරුණ සර්වාකාරයෙන් දැන එම කරුණ පැහැදිලි කිරීමට මෙම ප්‍රීති වාක්‍යය වදාළ සේක.
තත්ථ යථාපි පබ්බතො සෙලොති යථා සිලාමයො එකග්ඝනසිලාපබ්බතො, න පංසුපබ්බතො න මිස්සකපබ්බතොති අත්ථො. අචලො සුප්පතිට්ඨිතොති සුප්පතිට්ඨිතමූලො පකතිවාතෙහි අචලො අකම්පනීයො හොති. එවං මොහක්ඛයා භික්ඛු, පබ්බතොව න වෙධතීති මොහස්ස අනවසෙසප්පහානා මොහමූලකත්තා ච සබ්බාකුසලානං පහීනසබ්බාකුසලො භික්ඛු, යථා සො පබ්බතො පකතිවාතෙහි, එවං ලොකධම්මෙහි න වෙධති න කම්පති. මොහක්ඛයොති වා යස්මා නිබ්බානං අරහත්තඤ්ච වුච්චති, තස්මා මොහක්ඛයස්ස හෙතු නිබ්බානස්ස අරහත්තස්ස වා අධිගතත්තා චතූසු අරියසච්චෙසු සුප්පතිට්ඨිතො අසමාපන්නකාලෙපි යථාවුත්තපබ්බතො විය න කෙනචි වෙධති, පගෙව සමාපන්නකාලෙති අධිප්පායො.
එහි යථාපි පබ්බතො සෙලො යනු යම්සේ එකට තද වූ තනි සෙල්මුවා ගල් පර්වතයක් පස් සහිත හෝ විවිධ දෑ (වැලි, මඩ ආදී) මිශ්‍රිත පර්වතයක් නොවේයයි අර්ථයි. අචලො සුප්පතිට්ඨිතො යනු මුල් කොටස මනාව පිහිටියේ, ප්‍රකෘති වාතයන්ගෙන්, සෙලවිය නොහැකියේ, කම්පා නොවනුයේ වේ. එවං මොහක්ඛයා භික්ඛු පබ්බතොව නවෙධති යනු මෝහයාගේ සේස රහිත ප්‍රහාණයෙන්, මෝහ මූලික වූ, සියලු ප්රහීණතාවයට පත් දක්ෂ භික්ෂුව, යම්සේ එම පර්වතය ප්‍රකෘති වාතයන්ගෙන් නොසැලේද, කම්පා නොවේද, එසේම අටලෝ දහමින් නොසැලේ. කම්පා නොවේ. නිර්වාණයද, අර්හත්වයද මෝහක්ෂයයි කියයි. එහෙයින් මෝහක්ෂයයට හේතු වූ නිර්වාණයද අර්හත්වයද අවබෝධ කළ හෙයින් සිව් අරි සස්හි මනාව පිහිටියේ, සමවතට අසම්ප්‍රාප්ත කාලයෙහිද කියන ලද ආකාර ඇති පර්වතය මෙන් කිසිවකින් නොසැලේ. සමවතට සමවන් කාලයෙහි කියනුම කවරේද යන අදහසයි.
චතුත්ථසුත්තවණ්ණනා නිට්ඨිතා.
සිව්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
5. කොලිතසුත්තවණ්ණනා
5. කොලිත සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ කායගතාය සතියාති කායානුපස්සනාවසෙන කායෙ ගතාය කායාරම්මණාය සතියා, ඉත්ථම්භූතලක්ඛණෙ ඉදං කරණවචනං . අජ්ඣත්තන්ති ඉධ අජ්ඣත්තං නාම නියකජ්ඣත්තං, තස්මා අත්තනි අත්තසන්තානෙති අත්ථො. අථ වා යස්මා කම්මට්ඨානභූතො කෙසාදිකො ද්වත්තිංසකොට්ඨාසසමුදායො ඉධ කායොති අධිප්පෙතො, තස්මා අජ්ඣත්තන්ති පදස්ස ගොචරජ්ඣත්තන්ති අත්ථො වෙදිතබ්බො. සූපට්ඨිතායාති නියකජ්ඣත්තභූතෙ ගොචරජ්ඣත්තභූතෙ වා කායෙ සුට්ඨු උපට්ඨිතාය. කා පනායං සති, යා “අජ්ඣත්තං සූපට්ඨිතා”ති වුත්තා? ය්වායං භගවතා “අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා”තිආදිනා (දී· නි· 2.377; ම· නි· 1.110; ඛු· පා· 3.ද්වත්තිංසාකාර) අජ්ඣත්තකෙසාදිකො ද්වත්තිංසාකාරො කායො වුත්තො, තත්ථ යා පටිකූලමනසිකාරං පවත්තෙන්තස්ස උපචාරප්පනාවසෙන කායෙ උපට්ඨිතා සති, සා “කායගතා සතී”ති වුච්චති. යථා චායං, එවං ආනාපානචතුඉරියාපථසතිසම්පජඤ්ඤානං වසෙන උද්ධුමාතකවිනීලකාදිවසෙන ච මනසිකාරං පවත්තෙන්තස්ස යථාරහං උපචාරප්පනාවසෙන කායෙ උපට්ඨිතා සති “කායගතා සතී”ති වුච්චති. ඉධ පන අජ්ඣත්තං කායගතා සති පථවීආදිකා චතස්සො ධාතුයො සසම්භාරසඞ්ඛෙපාදීසු චතූසු යෙන කෙනචි එකෙනාකාරෙන වවත්ථපෙත්වා තෙසං අනිච්චාදිලක්ඛණසල්ලක්ඛණවසෙන උපට්ඨිතා විපස්සනාසම්පයුත්තා සති “කායගතා සතී”ති අධිප්පෙතා. ථෙරො පන තථා විපස්සිත්වා අත්තනො ඵලසමාපත්තිමෙව සමාපජ්ජිත්වා නිසීදි. ඉධාපි ගාථාය එවං ඉමස්ස අත්ථස්ස විඤ්ඤාතබ්බතා “න චායං නිසජ්ජා”තිආදිනා වුත්තනයානුසාරෙන යොජෙතබ්බා.
පස්වැන්නෙහි, කායගතා සතියා යනු කය අනුව බැලීම් වශයෙන් කය අනුව ගිය, කය අරමුණු කොට පැවැති සිහියෙන්, මෙය මෙසේ වූයේය යන ලක්ෂණයෙහි කරණ විභක්තියි. අජ්ඣත්තං යනු මෙහි අධ්‍යාත්මය නම් ස්වකීය අධ්‍යාත්මයයි. එහෙයින් තමා කෙරෙහි ආත්ම සන්තානයෙහි යන අර්ථයි. නොහොත් කමටහනට හේතු වූ කෙස් ආදී දෙතිස් කොටස් සමූහය මෙහි කය යැයි අදහස් කරන ලදි. එහෙයින් අජ්ඣත්තං යන පදයට ගෝචරාධ්යාත්මයැයි අර්ථය දතයුතුය. සුප්පතිට්ඨිතො යනු ස්වකීය ආධ්‍යාත්ම වූ හෝ ගෝචරධ්‍යාත්ම වූ හෝ ශරීරයෙහි මනාව එළඹ සිටි හෙයින්, මේ කවරනම් සිහියක් යම් අධ්‍යාත්මයක මනාව එළඹ සිටියේ යයි කියන ලද්දේද? ඒ මේ භාග්‍යවතුන් වහන්සේ, මෙම කයෙහි කෙස්, ලොම් ඇත යනාදී ක්‍රමයෙන් ආධ්‍යාත්මික කෙස් ආදී වූ දෙතිස් ආකාර කය යූ.සේයි. එහි පිළිකුල් වශයෙන් මෙනෙහි කිරීම පවත්වන්නහුට, උපචාර අර්පණා වශයෙන් එළඹ සිටි සිහියක් වේද, එය කායගතා සතියයි කියයි. යම් ආකාර වූ ආනාපාන සිව් ඉරියව් සති සම්ප්රජාන්යයන්ගේ වශයෙන්, උද්ධුමාතක විනීලක වශයෙන්ද, මෙනෙහි කිරීම පවත්වන්නහුට, සුදුසු පරිදි, උපචාර අර්පණා වශයෙන් කයෙහි එළඹ සිටි සිහියක් වේද, එය කායගතා සතියයි කියයි. මෙහි වනාහි අධ්‍යාත්මික කායගතා සතියද, පෘථුවි ආදී සිව් ධාතූහුද සසම්භාර සංක්ෂේපාදී සතර අතරින් යම්කිසි එකකින් එක් ආකාරයකින් විභාගකොට, ඒවාහි අනිත්‍යාදි ලක්ෂණ සැලකීම් වශයෙන් එළඹ සිටි විදර්ශනා සම්ප්‍රයුක්ත සිහිය කායගතා සතියයි අදහස් කරන ලදි. තෙරුන් වහන්සේ වනාහි එසේ විදර්ශනා කොට තම ඵල සමවතට සමවැද හුන්නේය. මෙහිද ගාථාවෙන් මෙම අර්ථය දතයුතු හෙයින් ‘නචායං නිසජ්ජාං ආදිය කියන ලද ක්‍රම අනුසාරයෙන් යෙදිය යුතුය.
එතමත්ථන්ති එතං ථෙරස්ස චතුධාතුවවත්ථානමුඛෙන කායානුපස්සනාසතිපට්ඨානෙන විපස්සනං ඔගාහෙත්වා ඵලසමාපත්තිසමාපජ්ජනසඞ්ඛාතං අත්ථං විදිත්වා. ඉමං උදානන්ති ඉමං සතිපට්ඨානභාවනාය නිබ්බානාධිගමදීපකං උදානං උදානෙසි.
එතමත්ථං යනු තෙරුන්ගේ එම සිව් ධාතු වෙන් වෙන්ව අවබෝධ කිරීම් අයුරින් කායානුපස්සනා සතිපට්ඨානයෙන් විදර්ශනාවට බැස ඵල සමවත් සමවැදීම් සංඛ්‍යාත අර්ථය දැන, ඉමං උදානං යනු මෙම සතිපට්ඨාන භාවනාවෙන් නිර්වාණාධිගමය දක්වන ප්‍රීති වාක්‍යය වදාළ සේක.
තත්ථ සති කායගතා උපට්ඨිතාති පුබ්බෙ වුත්තලක්ඛණා සති සද්ධාපුබ්බඞ්ගමානං සමාධිවීරියපඤ්ඤානං යථාසකං කිච්චනිප්ඵාදනෙන සහායභාවං ආපන්නත්තා පහීනප්පටිපක්ඛා තතො එව තික්ඛවිසදභූතා ච යථාවුත්තකායසංවරණවසෙන එකත්ථසමොසරණවසෙන ච අවිපරීතසභාවං සල්ලක්ඛෙන්තී උපගන්ත්වා ඨිතා හොති, එතෙන කායසඞ්ඛාතානං චතුන්නං ධාතූනං තන්නිස්සිතානඤ්ච උපාදාරූපානං සල්ලක්ඛණවසෙන, පච්චයෙ වවත්ථපෙත්වා තතො පරං තෙසං අනිච්චාදිලක්ඛණසල්ලක්ඛණවසෙන ච පවත්තං ඤාණපරම්පරාගතං සතිං දස්සෙති, සතිසීසෙන වා තංසම්පයුත්තං පරිඤ්ඤාත්තයපරියාපන්නඤාණපරම්පරමෙව දස්සෙති. ඡසු ඵස්සායතනෙසු සංවුතොති යථාවුත්තාය කායෙ උපට්ඨිතාය සතියා සමන්නාගතො චක්ඛාදීසු ඵස්සස්ස කාරණභූතෙසු ඡසු ද්වාරෙසු කායානුපස්සනාය අභාවිතාය උප්පජ්ජනාරහානං අභිජ්ඣාදීනං තස්සා භාවිතත්තා ඤාණප්පවත්තිං පටිවෙධෙන්තො තෙ පිදහන්තො “තත්ථ සංවුතො”ති වුච්චති, එතෙන ඤාණසංවරං දස්සෙති.
එහි සති කායගතා උපට්ඨිතා යනු පෙර කියන ලද ලක්ෂණ ඇති සිහිය, ශ්‍රද්ධාව පූර්වාංගම සමාධි, වීර්ය ප්‍රඥාවන් සුදුසු පරිදි, කෘත්‍ය නිෂ්පාදනයෙන් විරුද්ධ ධර්මයන් ප්‍රහාණ භාවය පැමිණි හෙයින්, විරුද්ධ ධර්මයන් ප්‍රහීණ වූවාහු එයින්ම, තීක්ෂණ හා ප්‍රකට වූද, කියන ලද ආකාර ඇති ශරීරයාගේ ග්‍රහණ වශයෙන් ද, එක් අර්ථයක එක්තැන් කිරීම් වශයෙන්ද, නොවෙනස් ස්වභාවය සලකන්නාහු එළඹ සිටියේ වේ. එයින් කාය සංඛ්‍යාත සිව් ධාතූන්ගේ ද එය ආශ්රිත උපාදාය රූපයන්ගේද සැලකීම් වශයෙන් ප්‍රත්‍යයන් විභාගකොට ඉන් මත්තෙහි ඒවාහි, අනිත්‍යාදි ලක්ෂණ සැලකීම් වශයෙන් පැවැති ඥාන පරම්පරාව අනුව පැමිණි සිහිය දක්වයි. සති ශීර්ෂයෙන් හෝ ඒ හා සම්ප්‍රයුක්ත විශේෂ දැනුම් ත්‍රයයට ඇතුලත් ඥාන පරම්පරාව දක්වයි. ඡසු ඵස්සායතනෙසු සංවුතො යනු කියන ලද ආකාරයෙන් කයෙහි එළඹ සිටි සිහියෙන් යුක්ත වූයේ චක්‍ෂුරාදීන්හි ස්පර්ශයට හේතු වූ ෂට් ද්වාරයන්හි කායානුපස්සනාවගේ නොවඩනා ලද හෙයින් ඉපැත්මට නුසුදුසු වූ අභිධ්යාදීන්ගේ, එය වඩනා ලද හෙයින් පැවැත්මට හේතු වලකනුයේ ඒවා වසනුයේ එහි සංවර වූයේ යයි කියයි. එයින් ඥාන සංවරය දක්වයි.
සතතං භික්ඛු සමාහිතොති සො භික්ඛු එවං උපට්ඨිතස්සති සබ්බත්ථ ච සංවුතො පුථුත්තාරම්මණෙ චිත්තං අවිස්සජ්ජෙත්වා අනිච්චාදිවසෙන සම්මසන්තො විපස්සනං උස්සුක්කාපෙත්වා ඤාණෙ තික්ඛෙ සූරෙ වහන්තෙ විපස්සනාසමාධිනා තාව සතතං නිරන්තරං සමාහිතො අනුලොමඤාණානන්තරං ගොත්රභුඤාණොදයතො පට්ඨාය. ජඤ්ඤා නිබ්බානමත්තනොති අඤ්ඤෙසං පුථුජ්ජනානං සුපිනන්තෙපි අගොචරභාවතො, අරියානං පන තස්ස තස්සෙව ආවෙණිකත්තා අත්තසදිසත්තා ච “අත්තා”ති ලද්ධවොහාරස්ස මග්ගඵලඤාණස්ස සාතිසයවිසයභාවතො එකන්තසුඛාවහං නිබ්බානං අසඞ්ඛතධාතු “අත්තනො”ති වුත්තං, තං නිබ්බානං ජඤ්ඤා ජානෙය්ය, මග්ගඵලඤාණෙහි පටිවිජ්ඣෙය්ය, සච්ඡිකරෙය්යාති අත්ථො. එතෙන අරියානං නිබ්බානෙ අධිමුත්තතං දස්සෙති. අරියා හි අධිචිත්තප්පවත්තිකාලෙපි එකන්තෙනෙව නිබ්බානෙ නින්නපොණපබ්භාරභාවෙන විහරන්ති. එත්ථ ච යස්ස සති කායගතා උපට්ඨිතා, සො භික්ඛු ඡසු ඵස්සායතනෙසු සංවුතො, තතො එව සතතං සමාහිතො අත්තපච්චක්ඛකරණෙන නිබ්බානං අත්තනො ජානෙය්යාති එවං ගාථාපදානං සම්බන්ධො වෙදිතබ්බො. එවං කායානුපස්සනාසතිපට්ඨානමුඛෙන යාව අරහත්තා එකස්ස භික්ඛුනො නිය්යානමග්ගං දස්සෙති ධම්මරාජා.
සත්තං භික්ඛු සමාහිතො යනු ඒ භික්ෂුව මෙසේ එළඹ සිටි සිහි ඇත්තේ, හැමතැන සංවර වූයේ පැතිර සිටි හෙයින් අරමුණෙහි සිත අත්නොහැර අනිත්‍යාදි වශයෙන් විමසා බලනුයේ විදර්ශනාවෙන් විමසා බලා, ඥානය තීක්ෂණ වූ කල්හි දක්ෂතාවය උසුලනුයේ, විදර්ශනා සමාධියෙන් පළමුව නිරතුරුව නිරන්තරයෙන් තැන්පත් වූයේ, අනුලෝම ඥානයට අනතුරුව, ගොත්රභූ ඥාන දර්ශනයෙහි පටන් ජඤ්ඤා නිබ්බාන මත්තනො යනු අන්‍ය පෘථග්ජනයින්ට සිහිනෙනුදු අගෝචර හෙයින්, ආර්යයන්ට වනාහි ඒ ඒ පුද්ගලයාට ආවේනික හෙයින්, ආත්ම සමාන හෙයින්, ආත්මයයි ලද ව්‍යවහාර ඇති මාර්ගඵල ඥානයෙහි උත්කෘෂ්ඨතාවයෙන් ඒකාන්ත සුව එලවන අසඛ්ඛත ධාතු සංඛ්‍යාත නිර්වාණය තමාගේ යයි යූ.සේයි. එම නිර්වාණය දැනගන්නේය. මාර්ග ඵල ඥානයන්ගෙන් ප්‍රතිවේධ කරන්නේය. සාක්ෂාත් කරන්නේ යන අර්ථයි. එයින් ආර්යයන්ගේ නිර්වාණයෙහි මිදීම් ස්වභාවය පෙන්වයි. ආර්යයෝ වනාහි සමාධි සිත පැවැති කාලයෙහිද, ඒකාන්තයෙන් ම නිර්වාණයෙහි නිම්නතාවයෙන්, නම්රතාවයෙන්, ප්‍රවණතාවයෙන් වෙසෙත්. මෙහිද යමෙකුට කායගතා සතිය එළඹ සිටියේද, ඒ භික්ෂුව ෂට් ස්පර්ශායතනයන්හි සංවර වූයේ, එයින්ම නිතර සමාධියට පත්වූයේ තමාගේ ප්රත්යක්ෂ කිරීමෙන් නිර්වාණය තම සන්තානයෙහි විද්‍යමාන වේයයි දැනගන්නේය. මෙසේ ගාථා පදයන්ගේ සම්බන්ධය දතයුතුය. මෙසේ කායානුපස්සනා සතිපට්ඨාන ද්වාරයෙන් අර්හත්වය තෙක් එම භික්ෂුව නික්ම යාමේ මාර්ගය ධර්මරාජයාණන් වහන්සේ පෙන්වයි.
අපරො නයො – සති කායගතා උපට්ඨිතාති එතෙන කායානුපස්සනාසතිපට්ඨානං දස්සෙති. ඡසු ඵස්සායතනෙසු සංවුතොති ඵස්සො ආයතනං කාරණං එතෙසන්ති ඵස්සායතනානි, තෙසු ඵස්සායතනෙසු. ඵස්සහෙතුකෙසු ඵස්සපච්චයා නිබ්බත්තෙසු ඡසු චක්ඛුසම්ඵස්සජාදිවෙදයිතෙසු තණ්හාදීනං අප්පවත්තියා සංවුතො, එතෙන වෙදනානුපස්සනාසතිපට්ඨානං දස්සෙති. සතතං භික්ඛු සමාහිතොති සතතං නිච්චකාලං නිරන්තරං වික්ඛෙපාභාවතො සමාහිතො භික්ඛු. සො චායං අවික්ඛෙපො සබ්බසො සතිපට්ඨානභාවනාය මත්ථකප්පත්තාය හොති. සම්මසන්තො හි අතීතාදිභෙදභින්නෙසු පඤ්චුපාදානක්ඛන්ධෙසු අනවසෙසතොව පරිග්ගහෙත්වා සම්මසතීති. එතෙන සෙසසතිපට්ඨානෙ දස්සෙති. ජඤ්ඤා නිබ්බානමත්තනොති එවං චතුසතිපට්ඨානභාවනං මත්ථකං පාපෙත්වා ඨිතො භින්නකිලෙසො භික්ඛු අත්තනො කිලෙසනිබ්බානං පච්චවෙක්ඛණඤාණෙන සයමෙව ජානෙය්යාති අත්ථො.
අනෙක් ක්‍රමයක්, සති කායගතා උපට්ඨිතා යනු එයින් කායානුපස්සනා සතිපට්ඨානය පෙන්වයි. ඡසු ඵස්සායතනෙසු සංවුතො යනු ස්පර්ශය උත්පත්ති ස්ථානය හේතුව වූයේ ඔවුන්ට නුයි ඵස්සායතනයි. එම ස්පර්ශායතනයන්හි, ස්පර්ශ හේතු වූ, ස්පර්ශ ප්‍රත්‍යයෙන් නිපන් ෂට් චක්ෂු ස්පර්ශාදි, විඳිනු ලබන දෑහි තෘෂ්ණාදීන්ගේ නොපැවැත්මෙන් සංවර වූයේ, එයින් වේදනානුපස්සනා සතිපට්ඨානය පෙන්වයි. සත්තං භික්ඛු සමාහිතො යනු නිතර, හැමදා, නිරන්තරයෙන් වික්ෂෙප අභාවයෙන් සිතේ එකඟතාවයට පත් භික්ෂුව, එම සමාධිය සර්වාකාරයෙන් සතිපට්ඨාන භාවනාවගේ මස්තකප්රාප්තියෙන් වේ. විමසා බලනුයේ, අතීතාදී භේද භින්න වූ, පංච උපාදානස්කන්ධයන්හි සේස රහිතව අල්වාගෙන විමසා බලයි යයි එයින් සෙසු සතිපට්ඨානයන් පෙන්වයි. ජඤ්ඤා නිබ්බාන මත්තනො යනු මෙසේ සතර සතිපට්ඨාන භාවනාව මස්තකප්රාප්ත කොට සිටියේ බුන් කෙසේ ඇති භික්ෂුව තම කෙලෙස් නිවීම ප්රත්යවේක්ෂණ ඥානයෙන් තෙමේම දැන ගන්නේ යයි අර්ථයි.
අථ වා සති කායගතා උපට්ඨිතාති අත්තනො පරෙසඤ්ච කායස්ස යථාසභාවපරිඤ්ඤාදීපනෙන ථෙරස්ස සතිවෙපුල්ලප්පත්ති දීපිතා. ඡසු ඵස්සායතනෙසු සංවුතොති චක්ඛාදීසු ඡසු ද්වාරෙසු අච්චන්තසංවරදීපනෙන සතතවිහාරිවසෙන ථෙරස්ස සම්පජඤ්ඤප්පකාසිනී පඤ්ඤාවෙපුල්ලප්පත්ති දීපිතා. සතතං භික්ඛු සමාහිතොති සමාපත්තිබහුලතාදස්සනෙන නවානුපුබ්බවිහාරසමාපත්තියො දස්සිතා. එවංභූතො පන භික්ඛු ජඤ්ඤා නිබ්බානමත්තනොති කතකිච්චත්තා උත්තරි කරණීයාභාවතො කෙවලං අත්තනො අනුපාදිසෙසනිබ්බානමෙව ජානෙය්ය චින්තෙය්ය, අඤ්ඤම්පි තස්ස චින්තෙතබ්බං නත්ථීති අධිප්පායො.
නොහොත් සති කායගතා උපට්ඨිතා යනු තමාගේ ද අන්‍යයන්ගේද ශරීරයාගේ තත් වූ පරිද්දෙන්, පිරිසිඳ දැනීම දැක්වීමෙන් තෙරුන්ගේ සිහියෙහි විශාලත්වයට පැමිණීම දක්වන ලදි. ඡසු ඵස්සායතනෙසු සංවුතො යනු චක්ෂුරාදි ෂට් ද්වාරයන්හි සීමාව ඉක්මවා ගිය සංවරය දැක්වීමෙන්, සන්සුන් විහරනාදී වශයෙන් තෙරුන්ගේ විමසුම් නුවණ ප්‍රකට කිරීමද, ප්‍රඥාවගේ විශාලත්වයට පත්වීමද දක්වන ලදි. සත්තං භික්ඛු සමාහිතො යනු සමවත්හි යෙදීමේ බහුලතාවය දැක්වීමෙන් අනුපූර්ව විහාර සමාපත්තීහු දක්වන ලදහ. මෙවන් ආකාර වූ භික්ෂුව ජඤ්ඤා නිබ්බාණ මත්තනො යනු කරන ලද කෘත්‍යයන් ඇති බැවින් මත්තෙහි කළයුත්තක් නොමැති හෙයින්, හුදෙක් තමාගේ ස්කන්ධයන් පැවැත්මේ හේතුව ඉතිරිව නොමැති නිර්වාණයම දැනගන්නේය. ඔහුට අනෙක් සිතිය යුත්තක් නැතැයි යන අදහසයි.
පඤ්චමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
6. පිලින්දිවච්ඡසුත්තවණ්ණනා
6. පිලින්දවච්ඡ සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ පිලින්දවච්ඡොති පිලින්දාතිස්ස නාමං, වච්ඡොති ගොත්තවසෙන ථෙරං සඤ්ජානන්ති. වසලවාදෙන සමුදාචරතීති “එහි, වසල, අපෙහි, වසලා”තිආදිනා භික්ඛූ වසලවාදෙන වොහරති ආලපති. සම්බහුලා භික්ඛූති බහූ භික්ඛූ. තෙ ථෙරං තථා සමුදාචරන්තං දිස්වා “අරහාව සමානො අප්පහීනවාසනත්තා එවං භණතී”ති අජානන්තා “දොසන්තරො මඤ්ඤෙ අයං ථෙරො එවං සමුදාචරතී”ති චින්තෙත්වා උල්ලපනාධිප්පායා තං තතො වුට්ඨාපෙතුං භගවතො ආරොචෙසුං. තෙන වුත්තං – “ආයස්මා, භන්තෙ, පිලින්දවච්ඡො භික්ඛූ වසලවාදෙන සමුදාචරතී”ති. කෙචි පනාහු – “ඉමං ථෙරං භික්ඛූ ‘අරහා’ති සඤ්ජානන්ති, අයඤ්ච භික්ඛූ ඵරුසවචනෙන එවං සමුදාචරති, ‘අභූතො එව නු ඛො ඉමස්මිං උත්තරිමනුස්සධම්මො’ති වාසනාවසෙන තස්ස තථා සමුදාචාරං අජානන්තා අරියභාවඤ්චස්ස අසද්දහන්තා උජ්ඣානසඤ්ඤිනො භගවතො තමත්ථං ආරොචෙසු”න්ති. භගවා ථෙරස්ස දොසන්තරාභාවං පකාසෙතුකාමො එකෙන භික්ඛුනා තං පක්කොසාපෙත්වා සම්මුඛා තස්ස “පුබ්බාචිණ්ණවසෙනායං තථා සමුදාචරති, න ඵරුසවචනාධිප්පායො”ති ආහ. තෙන වුත්තං – “අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසී”තිආදි.
සයවැන්නෙහි පිළින්දිවච්ඡො යනු පිලින්දි යන නාමයයි. වච්ඡ යනු ගොත්‍ර වශයෙන් තෙරුන් හඳුනති. වසලවාදෙන සමුදාචරති යනු එනු වසලය, ඉවත්ව යනු වසලය ආදි වශයෙන් භික්ෂූන් වසල වාදයෙන් වහරයි. අමතයි. සම්බහූලා භික්ඛු යනු බොහෝ භික්ෂූහු, ඔව්හු එසේ හැසිරෙන තෙරුන් දැක රහත්භාවයට පත්ව සිටියේ වී නමුත් පහ නුවූ පෙර අත්බැව්හි පුරුද්ද හෙයින් මෙසේ කථා කරයි යයි නොදන්නාහු මෙම තෙරහු ද්වේෂ සහගත සිතින් හැසිරේයයි සිතා, උසස්කොට කථා කරවීමේ අදහසින් ඔහු එම තත්ත්වයෙන් නැගිටුවීමට (වැළැක්වීමට) සැළකොට සිටියහ. එහෙයින් ආයස්මා භන්තෙ පිලින්දිවච්ඡො භික්ඛු වසල වාදෙන සමුදාචරති’යි යූ.සේයි. මෙම භික්ෂුව රහත්භාවයට පත්වූවෙකැයි හඳුනති. මෙම භික්ෂුව මෙසේ ඵරුෂ වචනයෙන් හැසිරේයයි පෙර පුරුද්දට අනුව එසේ හැසිරෙන්නා වූ මොහු කෙරෙහි උතුරු මිනිස්දම් නුවූයේද, ඔහුගේ ආර්යභාවය නොදන්නා වූ, නොපිළිගන්නා වූ භික්ෂූහු ඔහු පහත්කොට සලකන හැඟීමෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේට එම කරුණ දැන්වූහයි සමහරු කීහ. භාග්‍යවතුන් වහන්සේ තෙරුන්ගේ නිර්ද්වේෂභාවය ප්‍රකාශ කරනු කැමැතියේ, එක් භික්ෂුවක් ලවා ඔහු කැඳවා, ඔහු ඉදිරිපිට පෙර පුරුදු කිරීම් වශයෙන් මොහු එසේ හැසිරේ. ඵරුෂ වචන පැවසීමේ අදහසින් නොවේ යයි වදාළ සේක. එහෙයින් අථඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි ආදිය යූ.සේයි.
තත්ථ පුබ්බෙනිවාසං මනසි කරිත්වාති සත්ථා “සච්චං කිර ත්වං, වච්ඡ, භික්ඛූ වසලවාදෙන සමුදාචරසී”ති ථෙරං පුච්ඡිත්වා තෙන “එවං, භන්තෙ”ති වුත්තෙ “අයං වච්ඡො කිලෙසවාසනාය වසලවාදං න පරිච්චජති, කිං නු ඛො අතීතෙසුපි අත්තභාවෙසු බ්රාහ්මණජාතිකො අහොසී”ති ආවජ්ජෙන්තො පුබ්බෙනිවාසඤාණෙන සබ්බඤ්ඤුතඤ්ඤාණෙන වා තස්ස පුබ්බෙනිවාසං අතීතාසු ජාතීසු නිවුත්ථක්ඛන්ධසන්තානං මනසි කරිත්වා හත්ථතලෙ ඨපිතං ආමලකං විය පච්චක්ඛකරණවසෙන අත්තනො මනසි කත්වා. භික්ඛූ ආමන්තෙසීති තෙ භික්ඛූ සඤ්ඤාපෙතුං ආලපි, අභාසි. තෙන වුත්තං “මා ඛො තුම්හෙ, භික්ඛවෙ”තිආදි.
එහි පුබ්බෙ නිවාසං මනසිකරිත්වා යනු ශාස්තෲන් වහන්සේ, වච්ඡයෙනි, තොප වසලවාදයෙන් භික්ෂූන් අමතයි යනු සැබෑදැයි තෙරුන් විචාරා ඔහු විසින් ස්වාමීනි එසේයයි කී කල්හි, මෙම වච්ඡයා ක්ලේශයන්ට වසඟව සිටි පුරුද්දෙන් වසල වාදය අත් නොහරී. කිමෙක්ද අතීත ආත්මභාවයන්හිද, බ්‍රාහ්මණ ජාතිකයෙක් වූයේදැයි ආවර්ජනා කරනුයේ පූර්වේනිවාසානුස්මෘති ඥානයෙන් හෝ සර්වඥතා ඥානයෙන් ඔහුගේ පෙර විසූ අතීත ජාතීන්හි, වාසය කළ ස්කන්ධ පරම්පරාව මෙනෙහිකොට මනසිකරිත්වා යනු අත්තල තබන ලද නෙල්ලිගෙඩියක් මෙන් ප්රත්යක්ෂ කිරීම් වශයෙන් තමා විසින් මෙනෙහි කොට, භික්ඛු ආමන්තෙසි යනු එම භික්ෂූන්ට හැඟවීමට ආමන්ත්‍රණය කළේය. වදාළේය. එහෙයින් මා ඛො තුම්හෙ භික්ඛවෙ යනාදිය යූ.සේයි.
තත්ථ මාති පටිසෙධෙ නිපාතො, තස්ස “උජ්ඣායිත්ථා”ති ඉමිනා සම්බන්ධො. මා උජ්ඣායිත්ථාති මා හෙට්ඨා කත්වා චින්තයිත්ථ, ඔලොකයිත්ථාති අත්ථො. වච්ඡස්ස භික්ඛුනොති ච උජ්ඣායනස්ස උසූයනත්ථත්තා සම්පදානවචනං. ඉදානිස්ස අනුජ්ඣායිතබ්බෙ කාරණං දස්සෙන්තො “න, භික්ඛවෙ, වච්ඡො දොසන්තරො භික්ඛූ වසලවාදෙන සමුදාචරතී”ති ආහ. තස්සත්ථො – භික්ඛවෙ, අයං වච්ඡො දොසන්තරො දොසචිත්තො දොසෙන බ්යාපාදෙන දූසිතචිත්තො හුත්වා භික්ඛූ වසලවාදෙන න සමුදාචරති , මග්ගෙනෙව චස්ස බ්යාපාදො සමුග්ඝාතිතො. එවං අදොසන්තරත්තෙපි තස්ස තථා සමුදාචාරස්ස පුරිමජාතිසිද්ධං කාරණං දස්සෙන්තො “වච්ඡස්ස, භික්ඛවෙ”තිආදිමාහ.
එහි මා යනු ප්රතිෂේධාර්ථයෙහි නිපාතයි. තස්ස උජ්ඣායිත්ථ යැයි මෙයින් සම්බන්ධයි. ‘මා උජ්ඣායිත්ථ යනු පහත් තත්ත්වයෙහිලා නොසිතව් - නොබලව් යයි අර්ථයි. වච්ඡස්ස භික්ඛුනො යනු පහත් කොට සැලකීම ඊර්ෂ්‍යා කිරීම, වච්ඡ භික්ෂුවට යැයි සම්ප්රදානයි. දැන් ඔහු පහත්කොට නොසැලකිය යුතු හේතු දක්වනුයේ න භික්ඛවෙ වච්ඡො දොසන්තරො භික්ඛු වසලවාදෙන සමුදාචරතියි වදාළ සේක. එහි අර්ථය මහණෙනි, මෙම වච්ඡ තෙමේ ද්වේෂ සහගතව ද්වේෂ සිතැතිව, ද්වේෂයෙන් ව්‍යාපාදයෙන් දූෂිත සිත් ඇතිව භික්ෂූහු වසලවාදයෙන් නොහැසිරේ. මාර්ගාධිගමයෙන්ම ඔහුගේ ව්‍යාපාදය මුලිනුපුටා දැමීය. මෙසේ ද්වේෂ ස්වභාව විරහිත වූයේද ඔහුගේ එසේ හැසිරීමට පෙර අත්බැව්හි සිදුවූ කරුණු ගෙනහැර දක්වනුයේ වච්ඡස්ස භික්ඛවෙ යනාදිය වදාළහ.
තත්ථ අබ්බොකිණ්ණානීති ඛත්තියාදිජාතිඅන්තරෙහි අවොමිස්සානි අනන්තරිතානි. පඤ්ච ජාතිසතානි බ්රාහ්මණකුලෙ පච්චාජාතානීති සබ්බානි තානි වච්ඡස්ස පඤ්ච ජාතිසතානි පටිපාටියා බ්රාහ්මණකුලෙ එව ජාතානි, අහෙසුන්ති අත්ථො. සො තස්ස වසලවාදො දීඝරත්තං සමුදාචිණ්ණොති යො එතරහි ඛීණාසවෙනපි සතා පවත්තියති, සො තස්ස වච්ඡස්ස භික්ඛුනො වසලවාදො දීඝරත්තං ඉතො ජාතිතො පට්ඨාය උද්ධං ආරොහනවසෙන පඤ්චජාතිසතමත්තං කාලං බ්රාහ්මණජාතිකත්තා සමුදාචිණ්ණො සමුදාචරිතො අහොසි. බ්රාහ්මණා හි ජාතිසිද්ධෙන මානෙන ථද්ධා අඤ්ඤං වසලවාදෙන සමුදාචරන්ති. “අජ්ඣාචිණ්ණො”තිපි පඨන්ති, සො එව අත්ථො. තෙනාති තෙන දීඝරත්තං තථා සමුදාචිණ්ණභාවෙන, එතෙනස්ස තථා සමුදාචාරස්ස කාරණං වාසනාති දස්සෙති. කා පනායං වාසනා නාම? යං කිලෙසරහිතස්සාපි සන්තානෙ අප්පහීනකිලෙසානං සමාචාරසදිසසමාචාරහෙතුභූතං, අනාදිකාලභාවිතෙහි කිලෙසෙහි ආහිතං සාමත්ථියමත්තං, තථාරූපා අධිමුත්තීති වදන්ති. තං පනෙතං අභිනීහාරසම්පත්තියා ඤෙය්යාවරණප්පහානවසෙන යත්ථ කිලෙසා පහීනා, තත්ථ භගවතො සන්තානෙ නත්ථි. යත්ථ පන තථා කිලෙසා න පහීනා, තත්ථ සාවකානං පච්චෙකබුද්ධානඤ්ච සන්තානෙ අත්ථි, තතො තථාගතොව අනාවරණඤාණදස්සනො.
එහි අබ්බොකිණ්ණානී යනු ක්ෂත්රිය ආදි ජාති අතරෙහි අමිශ්‍රව අතරක් නොමැතිව, පඤ්ච ජාතිසතානි බ්රාහ්මණකුලෙ පච්චා ජාතානි යනු වච්ඡයාගේ සියලුම ඒ උපත් පන්සියයක්ම පිළිවෙලින් බ්‍රාහ්මණ කුලයෙහිම උපන්නාහු වූහ යි අර්ථයි. සො තස්ස වසලවාදො දීඝරත්තං සමුදාචිණ්ණො යනු යමක් වත්මනැ ක්ෂීණාශ්රව වූයේ වී නමුත් පවත්වාගෙන යයිද, වච්ඡ භික්ෂුවගේ එම වසලවාදය, මෙම ජාතියෙහි පටන් උඩට ආරෝහන වශයෙන් ගත් කල්හි පන්සියයක් පමණ උපත්හි බ්‍රාහ්මණ ජාතිකත්වයෙන් පුරුදු කරන ලද්දේ, නිතර පවත්වන ලද්දේ විය. බ්‍රාහ්මණයෝ වනාහි උපතින් සිදු වූ මානයෙන්, මානයෙන් තද වූවාහු අන්‍යයා වසලවාදයෙන් කතා කෙරෙති. මනාසේ පුරුදු කරන ලදැයිද කියවති. අර්ථය එයමය. තෙන යනු ඔහු විසින් දීර්ඝ කාලයක් එසේ පුරුදු කරන ලද බැවින්, එයින් ඔහුගේ එසේ හැසිරීමට හේතුව පෙර පුරුද්ද යයි දක්වයි. මෙම පෙර පුරුද්ද නම් කිම? යම් ආකාර වූ කෙලෙස් රහිත පුද්ගලයාගේ ද, සන්තානයෙහි අප්‍රහීණ කෙලෙසුන්ගේ හැසිරීම් හා සමාන හැසිරීමට හේතු වූ, අනාදිමත් කාලයක පටන් භාවිතා කරන ලද, කෙලෙසුන් විසින් ගෙන එන ලද දක්ෂතා මාත්‍රයක් වේද, එබඳු ස්වභාවය අධිෂ්ඨානය යැයි කියති. එය වනාහි අභිනීහාර සම්පත්තියෙන් දතයුතු වැළැක්වීම් ප්‍රහාණ වශයෙන් යම්තැනෙක්හි කෙලෙස් ප්‍රහීණ වූයේ ද, එහි භාග්‍යවතුන් වහන්සේගේ සන්තානයෙහි නොමැත. යම්තැනක වනාහි කෙලෙස් ප්‍රහීණ නොවීද? එහිලා ශ්‍රාවකයින්ගේ ද, පසේ බුදුවරුන්ගේ ද සන්තානයෙහි ඇත. එහෙයින් තථාගතයන් වහන්සේම අනාවරණ ඥාන දර්ශනයෙන් යුක්තය.
එතමත්ථං විදිත්වාති එතං ආයස්මතො පිලින්දවච්ඡස්ස සතිපි වසලසමුදාචාරෙ දොසන්තරාභාවසඞ්ඛාතං අත්ථං විදිත්වා. ඉමං උදානන්ති තස්ස අග්ගඵලාධිගමවිභාවනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු ඒ ආයුෂ්මත් පිලින්දිවච්ඡයන්ගේ වසලයයි කථාවෙන් හැසිරීම ඇති කල්හිද ද්වේෂ සහගත සිත්හි අභාව සංඛ්‍යාත කරුණ දැන ඉමං උදානං යනු ඔහුගේ අග්‍රඵල අධිගම දැක්වීම් වශයෙන් මෙම ප්‍රීති වාක්‍යය වදාළ සේක.
තත්ථ යම්හි න මායා වසති න මානොති යස්මිං අරියපුග්ගලෙ සන්තදොසප්පටිච්ඡාදනලක්ඛණා මායා, “සෙය්යොහමස්මී”තිආදිනා සම්පග්ගහවසෙන පවත්තො උණ්ණතිලක්ඛණො මානො ච න වසති, මග්ගෙන සමුග්ඝාතිතත්තා න පවත්තති න උප්පජ්ජති. යො වීතලොභො අමමො නිරාසොති යො ච රාගාදිපරියායවසෙන පවත්තස්ස ආරම්මණග්ගහණලක්ඛණස්ස ලොභස්ස සබ්බථා විගතත්තා වීතලොභො, තතො එව රූපාදීසු කත්ථචි මමායනාභාවතො අමමො අපරිග්ගහො, අනාගතානම්පි භවාදීනං අනාසීසනතො නිරාසො. පනුණ්ණකොධොති කුජ්ඣනලක්ඛණස්ස කොධස්ස අනාගාමිමග්ගෙන සබ්බසො පහීනත්තා පනුණ්ණකොධො සමුච්ඡින්නාඝාතො. අභිනිබ්බුතත්තොති යො එවං මායාමානලොභකොධානං සමුග්ඝාතෙන තදෙකට්ඨතාය සබ්බස්ස සංකිලෙසපක්ඛස්ස සුප්පහීනත්තා සබ්බසො කිලෙසපරිනිබ්බානෙන අභිනිබ්බුතචිත්තො සීතිභූතො. සො බ්රාහ්මණො සො සමණො ස භික්ඛූති සො එවරූපො ඛීණාසවො සබ්බසො බාහිතපාපත්තා බ්රාහ්මණො, සො එව සමිතපාපත්තා සමචරියාය ච සමණො, සො එව ච සබ්බසො භින්නකිලෙසත්තා භික්ඛු නාම. එවංභූතො ච, භික්ඛවෙ, වච්ඡො සො කථං දොසන්තරො කිඤ්චි කායකම්මාදිං පවත්තෙය්ය, කෙවලං පන වාසනාය අප්පහීනත්තා වසලවාදෙන සමුදාචරතීති.
එහි යම්හි න මායා වසති න මානො යනු යම් ආර්ය පුද්ගලයෙක් කෙරෙහි විද්‍යමාන දොස් වැසීම් ලක්ෂණ කොට ඇත. මායා යනු ශ්‍රේෂ්ඨයෙක් වෙමියි ආදී ක්‍රමයෙන් දැඩි ග්‍රහණ වශයෙන් පැවැති ඉහළ නැගීම ලක්ෂණ කොට ඇත. මානොපි න වසති යනු මාර්ගාධිගමයෙන් මනාව නසන ලද හෙයින් නොපවතියි. නූපදියි. සොඛීණ ලොභො අමමො නිරාසො යනු යම් රාගාදී ආකාර වශයෙන් පැවැති අරමුණු ගැනීම් ලක්ෂණ කොට ඇති ලෝභය සර්වාකාරයෙන් පහවූ හෙයින් වීතලොභො යි එම රූපාදී කිසිතැනෙක්හි මමය, මාගේය යන හැඟීම් තොර කිරීමෙන් අමමො යි දැඩිව අල්වා ගැනීම් රහිත වූයේ, අනාගතයේ වූද භව ආදීන්ගේ අපේක්ෂා විරහිත හෙයින්ද නිරාසොයි. පනුන්නකොධො යනු කිපීම ලක්‍ෂණකොට ඇති ක්‍රෝධය අනාගාමී මාර්ගයෙන් සර්වාකාරයෙන් ප්‍රහීණ හෙයින් පනුන්නකොධොයි. විනාශ කරන ලද ක්‍රෝධය. අභිනිබ්බුතත්තො යනු, යමෙක් මෙසේ මායා, මාන, ලෝභ, ක්රෝධාදීන්ගේ විනාශ කිරීමෙන් ඒ හා යෙදුන සියලු කෙලෙස් පක්ෂය මනාව ප්‍රහීණ කළ හෙයින් සර්වප්රකාරයෙන් ක්ලේශ පරිනිර්වාණයෙන් මනාව නිවුණු සිතැත්තේ සිසිල් වූයේ. සො බ්රාහ්මණො සො සමණො ස භික්ඛු යනු මෙබඳු එම ක්ෂීණාශ්රව තෙමේ සර්වප්රකාරයෙන් යටපත් කළ පාප හෙයින් බ්රාහ්මණොයි ඔහුම සමනය කළ පාප බැවින් ද, සමාන චර්යා හෙයින් ද සමණොයි ඔහුම සර්වාකාරයෙන් බුන් කෙලෙස් හෙයින් භික්ඛු නමැ. මහණෙනි, මේ ආකාර වූද එම වච්ඡ තෙමේ කෙසේ ද්වේෂ සහගත සිතැතිව කිසි කාය කර්මාදියක් පවත්වන්නේද, හුදෙක් පෙර පුරුද්ද අප්‍රහීණ හෙයින් වසලවාදයෙන් නිතර අනෙක් අය අමතයි.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
සයවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.