යෙදුමෙන් කියවන්න

සාරිපුත‍්තසුත‍්තං

3. 4.

3. 4.

සාරිපුත‍්තසුත‍්තං.

ශාරීපුත්‍ර සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා සාරිපුත‍්තො භගවතො අවිදූරෙ නිසින‍්නො හොති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. අද‍්දසා ඛො භගවා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං අවිදූරෙ නිසින‍්නං පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා.

1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා සමාධි අරමුණට සිහිය යොමු කොට එළවා තබා වැඩ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට තබා අරමුණට අභිමුඛ කොට සිහිය එළවා නොදුරෙහි වැඩ හුන් සැරියුත් තෙරුන් දුටු සේක.

2. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.

“යථාපි පබ‍්බතො සෙලො අචලො සුප‍්පතිට‍්ඨිතො, එවං මොහක‍්ඛයා භික‍්ඛු පබ‍්බතො’ව න වෙධතී”ති.

“යම්සේ ගල්පව්වෙක් අචල වැ මොනොවට පිහිටියේ ද, එසේ ම මහණ තෙම මෝහය ක්‍ෂීණ වීමෙන් පව්වක් මෙන් නො සැලේ.”