යෙදුමෙන් කියවන්න

යසොජසුත‍්තං

3. 3.

3. 3.

යසොජසුත‍්තං

යශොජ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන යසොජපමුඛානි පඤ‍්චමත‍්තානි භික‍්ඛුසතානි සාවත්‍ථිං අනුප‍්පත‍්තානි හොන‍්ති, භගවන‍්තං දස‍්සනාය. තෙ ච ඛො ආගන‍්තුකා භික‍්ඛූ නෙවාසිකෙහි භික‍්ඛූහි සද‍්ධිං පටිසම‍්මොදමානා සෙනාසනානි පඤ‍්ඤාපයමානා පත‍්තචීවරානි පටිසාමයමානා උච‍්චාසද‍්දා මහාසද‍්දා අහෙසුං. අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: “කෙ පනෙතෙ ආනන්‍ද, උච‍්චාසද‍්දාමහාසද‍්දා කෙවට‍්ටා මඤ‍්ඤෙ මච‍්ඡවිලොපෙ’?ති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටිහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි යසොජ තෙරුන් ප්‍රමුඛ පන්සියක් පමණ මහණහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත්නුවරට පැමිණියාහු වෙති. ඒ ආගන්තුක මහණහු ද නේවාසික භික්‍ෂූන් හා පිළිසඳරින් සතුටු වෙමින් සෙනසුන් පණවන්නාහු, පාසිවුරු සුරැකි කොට තබන්නාහු, උස්හඬ මහහඬ ඇත්තෝ වූහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා, “ආනන්‍දයෙනි, තෙල කවුරු නම් මස්වොලෝහි කෙවුළන් සේ උස් හඬ මහහඬ ඇත්තෝ දැ”යි අසා වදාළ සේක.

“එතානි භන‍්තෙ යසොජපමුඛානි පඤ‍්චමත‍්තානි භික‍්ඛුසතානි සාවත්‍ථිං අනුප‍්පත‍්තානි භගවන‍්තං දස‍්සනාය. තෙ’තෙ ආගන‍්තුකා භික‍්ඛූ නෙවාසිකෙහි භික‍්ඛූහි සද‍්ධිං පටිසම‍්මොදමානා සෙනාසනානි පඤ‍්ඤාපයමානා පත‍්තචීවරානි පටිසාමයමානා උච‍්චාසද‍්දා මහාසද‍්දා”ති.

“වහන්ස, මේ යසොජ තෙරුන් ප්‍රමුඛ තෙල පන්සියක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස සැවැතට පැමිණියාහු ය. ඒ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් හා පිළිසඳර විසින් සතුටු වෙමින් සෙනසුන් පණවන්නාහු, පාසිවුරු සුරැකි කොට තබන්නාහු, උස් හඬ මහහඬ ඇත්තාහු”යී අනඳ තෙරණුවෝ වදාළහ.

‘තෙනහානන්‍ද, මම වචනෙන තෙ භික‍්ඛූ ආමන‍්තෙහි: “සත්‍ථා ආයස‍්මන‍්තෙ ආමන‍්තෙතී’ති. ‘එවං භන‍්තෙ’ති ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො පටිස‍්සුත්‍වා යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙ භික‍්ඛූ එතදවොච: ‘සත්‍ථා ආයස‍්මන‍්තෙ ආමන‍්තෙතී’ති.

“ආනන්‍දයෙනි, එසේ වී නම් මගේ වචනයෙන් ශාස්තෘ තෙම අයුෂ්මතුන් අමතා ය යි ඔවුන් කැඳව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේය, වහන්සැයි” ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්‍ෂූන් ඒ භික්‍ෂූන් වෙත එළැඹ “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවනසේකැ”යි ඒ භික්‍ෂූන්ට කීය.

‘එවමාවුසො’ති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො ආනන්‍දස‍්ස පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නෙ ඛො තෙ භික‍්ඛූ භගවා එතදවොච: “කින‍්නු තුම‍්හෙ භික‍්ඛවෙ උච‍්චාසද‍්දා මහාසද‍්දා, කෙවට‍්ටා මඤ‍්ඤෙ මච‍්ඡවිලොපෙ”ති.

‘එසේ ය, ඇවැත්නි’යි ඒ මහණහු අනඳ තෙරුනට පිළිවදන්දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන් අමතා භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කවර හෙයින් තෙපි මස්වොලෝව්හි කෙවුළන් සේ උස් හඬ මහහඬ ඇතියවු දැ?”යි අසා වදාළ සේක.

2. එවං වුත‍්තෙ ආයස‍්මා යසොජො භගවන‍්තං එතදවොච: “ඉමානි භන‍්තෙ පඤ‍්චමත‍්තානි භික‍්ඛුසතානි සාවත්‍ථිං අනුප‍්පත‍්තානි භගවන‍්තං දස‍්සනාය. තෙ’මෙ ආගන‍්තුකා භික‍්ඛූ නෙවාසිකෙහි භික‍්ඛූහි සද‍්ධිං පටිසම‍්මොදමානා සෙනාසනානි පඤ‍්ඤාපයමානා පත‍්තචීවරානි පටිසාමයමානා උච‍්චාසද‍්දා මහාසද‍්දා”ති.

2. මෙසේ වදාළ කල්හි යසොජ තෙරණුවෝ “වහන්ස, මේ පන්සියක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස සැවැතට පැමිණියාහු ය. ඒ මේ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් හා පිළිසඳරින් සතුටු වෙමින් සෙනසුන් පණවන්නාහු පාසිවුරු සුරැකි කොට තබන්නාහු උස්හඬ මහහඬ ඇතියව් හ”යි සැළ කළහ.

“ගච‍්ඡථ භික‍්ඛවෙ, වො පණාමෙමි. න වො මම සන‍්තිකෙ වත්‍ථබ‍්බ”න‍්ති.

“යව මහණෙනි, තොප නෙරපමි. තොප මා වෙත නො විසිය යුතු” ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“එව, භන‍්තෙ”ති ඛො තෙ භික‍්ඛූ භගවතො පටිස‍්සුත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන වජ‍්ජී, තෙන චාරිකං පක‍්කමිංසු. වජ‍්ජීසු අනුපුබ‍්බෙන චාරිකං චරමානා යෙන වග‍්ගුමුදා නදී, තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා වග‍්ගුමුදාය නදියා තීරෙ පණ‍්ණකුටියො කරිත්‍වා වස‍්සං උපගච‍්ඡිංසු.

‘එසේය වහන්සැ’යි කියා ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට සෙනසුන් සුරැකි කොට තබා පාසිවුරු ගෙන වැදෑරට බලා සැරි සරා වැඩියහ. වැදෑරට පිළිවෙළින් සැරි සරන්නාහු වග්ගුමුදා නදිය කරා එළැඹියහ. එළැඹ වග්ගුමුදා නදිය තෙරැ පන්සල් කොට වස් එළඹියහ.

3. අථ ඛො ආයස‍්මා යසොජො වස‍්සූපගතො භික‍්ඛූ ආමන‍්තෙසි: “භගවතා මයං ආවුසො පණාමිතා අත්‍ථකාමෙන හිතෙසිනා අනුකම‍්පකෙන අනුකම‍්පං උපාදාය. හන්‍ද මයං ආවුසො තථා විහාරං කප‍්පෙම, යථා නො විහරතං භගවා අත‍්තමනො අස‍්සා”ති.

3. ඉක්බිති යසොජ තෙරණුවෝ වස් එළැඹියෝ භික්‍ෂූන් බණවා “ඇවැත්නි, අපට වැඩ කැමති හිත පතන අනුකම්පා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් අනුකම්පාව සඳහා අපි නෙරපන ලද්දමු. එ බැවින් අපි යම්සේ වසන අපට භාග්‍යවතුන් වහන්සේ සතුටු වන සේක් ද, එසේ විසීම කරමු”යි වදාළහ.

‘එවමාවුසො’ති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො යසොජස‍්ස පච‍්චස‍්සොසුං. අථ ඛො තෙ භික‍්ඛූ වූපකට‍්ඨා අප‍්පමත‍්තා ආතාපිනො පහිතත‍්තා විහරන‍්තා තෙනෙවන‍්තරවස‍්සෙන සබ‍්බෙව තිස‍්සො විජ‍්ජා සච‍්ඡාකංසු.

‘එසේය, ඇවැත්නි’යි කියා ඒ මහණහු යසොජ තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ඉක්බිත්තෙන් ඒ මහණහු විවික්ත වූවාහු නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා මෙහෙයූ සිතැති ව වසන්නාහු ඒ වස් සමය ඇතුළත ම සියල්ලෝම ත්‍රිවිද්‍යා පසක් කළහ.

4. අථ ඛො භගවා සාවත්‍ථියං යථාභිරන‍්තං විහරිත්‍වා යෙන වෙසාලී තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි තත්‍ර සුදං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා වග‍්ගුමුදාතීරියානං භික‍්ඛූනං චෙතසා චෙතො පරිච‍්ච මනසි කරිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: “ආලොකජාතා විය මෙ ආනන්‍ද, එසා දිසා. ඔභාසජාතා විය මෙ ආනන්‍ද, එසා දිසා. යස‍්සං දිසායං වග‍්ගුමුදාතීරියා භික‍්ඛූ විහරන‍්ති. ගන‍්තුං අප‍්පටිකූලාසි මෙ මනසි කාතුං. පහිණෙය්‍යාසි ත්‍වං ආනන්‍ද වග‍්ගුමුදාතීරියානං භික‍්ඛූනං සන‍්තිකෙ දූතං, සත්‍ථා ආයස‍්මන‍්තෙ ආමන‍්තෙති. සත්‍ථා ආයස‍්මන‍්තානං දස‍්සනකාමො”ති.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි රිසි තාක් කල් වැස විසල්පුර බලා සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරන සේක් විසල්පුරට පැමිණ වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි විසල්පුරැ මහවෙනෙහි කුළාරහල් වෙහෙරෙහි වැඩ වසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදාතීර වැසි මහණුන්ගේ සිත් සිය සිතින් පිරිසිඳ මෙනෙහි කොට අනඳ තෙරුන් බණවා, “ආනන්‍දයෙනි, යම් දෙසක වග්ගුමුදාතීරවාසී මහණහු වෙසෙත් ද, එ දෙස මට පහළ වු එළිය ඇත්තක් මෙනි. පහළ වූ ආලොකය ඇත්තක් මෙනි. යන්නට මෙනෙහි කරන්නට මට නොපිළිකුල්ය (මනාපය). ආනන්‍දයෙනි, තොප ‘ශාස්තෘ තෙම ආයුෂ්මතුන් කැඳවයි. ශාස්තෘ තෙම ආයුෂ්මතුන් දකිනු කැමැතිය’යි වග්ගුමුදාතීර වැසි මහණුන් වෙතට දූතයකු යවන්නේ”යි වදාළ සේක.

‘එවං භන‍්තෙ’ති ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො පටිස‍්සුත්‍වා යෙන අඤ‍්ඤතරො භික‍්ඛු තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා තං භික‍්ඛුං එතදවොච. “එහි ත්‍වං ආවුසො. යෙන වග‍්ගුමුදාතීරියා භික‍්ඛූ, තෙනුපසඞ‍්කමෙය්‍යාසි උපසඞ‍්කමිත්‍වා වග‍්ගුමුදාතීරියෙ භික‍්ඛූ එවං වදෙහි: සත්‍ථා ආයස‍්මන‍්තෙ ආමන‍්තෙති. සත්‍ථා ආයස‍්මන‍්තානං දස‍්සනකාමො”ති.

‘එසේය, වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, එක්තරා මහණකු කරා එළැඹියහ. එළැඹ ඒ මහණහු බණවා “ඇවැත්නි, තෙපි මෙහි එව. වග්ගුමුදාතීරවාසී මහණුන් වෙතට යව. එළැඹ වග්ගුමුදාතීරවාසී මහණුනට “ඇවැත්නි, ශාස්තෘ තෙම ආයුෂ්මතුන් කැඳවයි. ශාස්තෘ තෙම ආයුෂ්මතුන්ගේ දැක්ම කැමැත්තේ ය”යි මෙසේ කියන්නැ.

“එවමාවුසො”ති ඛො සො භික‍්ඛු ආයස‍්මතො ආනන්‍දස‍්ස පටිස‍්සුත්‍වා – සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය. එවමෙව මහාවනෙ කූටාගාරසාලායං අන‍්තරහිතො වග‍්ගුමුදාය නදියා තීරෙ තෙසං භික‍්ඛූනං පුරතො පාතුරහොසි. අථ ඛො සො භික‍්ඛු වග‍්ගුමුදාතීරියෙ භික‍්ඛූ එතදවොච: “සත්‍ථා ආයස‍්මන‍්තෙ ආමන‍්තෙති, සත්‍ථා ආයස‍්මන‍්තානං දස‍්සනකාමො”ති.

‘එසේ ය, ඇවැත්නි’යි කියා ඒ මහණ තෙම ආයුෂ්මත් අනද තෙරුන්ට පිළිවදන් දී ශක්තිමත් පුරුෂයෙක් හැකුළූ අත දිග හරින්නා සේ ම දිග හළ අත හකුළන්නා සේ ම මහවෙනෙහි කූටාගාරශාලා විහාරයෙහි අතුරුදන් ව වග්ගුමුදානදිය තෙරැ ඒ මහණුන් ඉදිරියේ පහළ විය. ඉක්බිත්තෙන් ඒ මහණ වග්ගුමුදාතීරවාසී මහණුනට “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේක. ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් දක්නා කැමැති සේකැ”යි මෙ බස් පැවැසී ය.

‘එවමාවුසො’ති ඛො තෙ භික‍්ඛූ තස‍්ස භික‍්ඛුනො පටිස‍්සුත්‍වා සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරමාදාය සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය. එවමෙව වග‍්ගුමුදාය නදියා තීරෙ අන‍්තරහිතා මහාවනෙ කූටාගාරසාලායං භගවතො සම‍්මුඛෙ පාතුරහෙසුං.

‘එසේ ය, ඇවැත්නි’යි කියා ඒ මහණහු යට කී මහණහට පිළිවදන් අස්වා සෙනසුන් සුරැකි කොට තබා පාසිවුරු ගෙන බලවත් පුරුෂයෙකු හැකුළූ අතක් දික් කරන සේ දික් කළ අත හකුළන්නා සේ ම වග්ගුමුදාතීරයෙන් අතුරුදහන් වූවාහු මහවෙනෙහි කුළාරහල්වෙහෙරෙහි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි පහළ වූහ.

5. තෙන ඛො පන සමයෙන භගවා ආනෙඤ‍්ජෙන සමාධිනා නිසින‍්නො හොති. අථ ඛො තෙසං භික‍්ඛූනං එතදහොසි “කතමෙන නු ඛො භගවා විහාරෙන එතරහි විහරතී”ති. අථ ඛො තෙසං භික‍්ඛූනං එතදහොසි: “ආනෙඤ‍්ජෙන ඛො භගවා විහාරෙන එතරහි විහරතී”ති. සබ‍්බෙව ආනෙඤ‍්ජෙන සමාධිනා නිසීදිංසු.

5. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ ආනෙඤ්ජ සමාධියෙන් (චතුර්‍ත්‍ථධ්‍යානය පාදක කොටැති රහත්පල සමවතින්) වැඩ හුන් සේක් වෙති. එකල්හි ඒ මහණුනට භාග්‍යවතුන් වහන්සේ කවර නම් විහරණයෙකින් දැන් වසන සේක් දැ”යි මේ සිත විය. ඉක්බිති ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ අනෙඤ්ජසමාධියෙන් දැන් වසන සේකැ’යි මේ සිත විය. ඉක්බිති සියල්ලෝම අනේඤ්ජසමාධියෙන් හුන්හ.

6. අථ ඛො ආයස‍්මා ආනන්‍දො අභික‍්කන‍්තාය රත‍්තියා නික‍්ඛන‍්තෙ පඨමෙ යාමෙ උට‍්ඨායාසනා එකංසං චීවරං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: “අභික‍්කන‍්තා භන‍්තෙ රත‍්ති. නික‍්ඛන‍්තො පඨමො යාමො. චිරනිසින‍්නා ආගන‍්තුකා භික‍්ඛූ. පටිසම‍්මොදතු භන‍්තෙ භගවා ආගන‍්තුකෙහි භික‍්ඛූහී”ති.

6. ඉක්බිති අනද තෙරණුවෝ රැය ගෙවුණු කල්හි පළමු යම ගත වුණු කල්හි භාග්‍යවතුන් වහන්සේ දිශාවට දොහොත් මුදුන් තබා වැඳ සිවුර එකස් කොට පෙරෙවැ භාග්‍යවතුන් වහන්සේ දසාවට ඇඳිලි බැඳ ගෙන “වහන්ස, රැය බොහෝ ඉක්ම ගියේ ය. පළමු යාමය නික්මුණේ ය. ආගන්තුක භික්‍ෂූහු බොහෝ වේලා හුන්නාහු වෙති. වහන්ස, ආගන්තුක භික්‍ෂූන් පිළිසඳරින් තුස්නකතා කෙරේවා”යි සැළ කළහ.

7. එවං වුත‍්තෙ භගවා තුණ‍්හී අහොසි. දුතියම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො අභික‍්කන‍්තාය රත‍්තියා නික‍්ඛන‍්තෙ මජ‍්ඣිමෙ යාමෙ උට‍්ඨායාසනා එකංසං චීවරං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච:– “අභික‍්කන‍්තා භන‍්තෙ රත‍්ති. නික‍්ඛන‍්තො මජ‍්ඣිමො යාමො. චිරනිසින‍්නා ආගන‍්තුකා භික‍්ඛූ, පටිසම‍්මොදතු භන‍්තෙ භගවා ආගන‍්තුකෙහි භික‍්ඛූහී”ති. දුතියම‍්පි ඛො භගවා තුණ‍්හී අහොසි. තතියම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො අභික‍්කන‍්තාය රත‍්තියා නික‍්ඛන‍්තෙ පච‍්ඡිමෙ යාමෙ උද‍්ධතෙ අරුණෙ නන්‍දිමුඛියා රත‍්තියා උට‍්ඨායාසනා එකංසං චීවරං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: “අභික‍්කන‍්තා භන‍්තෙ රත‍්ති. නික‍්ඛන‍්තො පච‍්ඡිමො යාමො. උද‍්ධස‍්තො අරුණො. නන්‍දිමුඛී රත‍්ති. චිරනිසින‍්නා ආගන‍්තුකා භික‍්ඛූ, පටිසම‍්මොදතු භන‍්තෙ භගවා ආගන‍්තුකෙහි භික‍්ඛූහී”ති.

7. මෙසේ සැළ කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වූ සේක. දෙවෙනි වරැ ද අනඳ තෙරණුවෝ රෑ බොහෝ වේලා ගත වූ කල්හි මැද යම නික්මුණු කල්හි හුනස්නෙන් නැඟී සිට සිවුර එකස් කොට පෙරෙවැ භාග්‍යවතුන් වහන්සේ දසාවට දොහොත් මුදුන් තබා වැඳ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, රැය බොහෝ ඉක්මැ ගියේ ය. මැදුම් යම නික්මුණේ ය. ආගන්තුක භික්‍ෂූහු හුන් බොහෝ වේලා ඇත්තාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආගන්තුක භික්‍ෂූන් හා පිළිසඳර කතා කතා කරන සේක්වා”යි සැළ කළහ. දෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වූ සේක. තෙවැනි වරැද අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මැ ගිය කල්හි පැසිම් යම්හි අරුණු නැගි කල්හි රැ පාන් වන කල්හි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ දසාවට දොහොත් මුදුනැ තබා වැඳ “වහන්ස, රෑ බොහෝ ඉක්මිණ. පැසිම් යම ගෙවිණ. අරුණු නැගිණ. රෑ පහන් වෙයි. ආගන්තුක භික්‍ෂූහු හුන් බොහෝ කල් ඇත්තෝය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආගන්තුක භික්‍ෂූන් හා පිළිසඳර කතා කතා කරන සේක්වා”යි සැළ කළහ.

අථ ඛො භගවා තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨහිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: “සචෙ ඛො ත්‍වං ආනන්‍ද ජානෙය්‍යාසි, එත‍්තකම‍්පි තෙ නප‍්පටිභාසෙය්‍ය. අහඤ‍්ච ආනන්‍ද, ඉමානි ච පඤ‍්ච භික‍්ඛුසතානි සබ‍්බෙව ආනෙඤ‍්ජසමාධිනා නිසීදිම‍්හා”ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැගී සිට අනඳ තෙරුන් බණවා “ආනන්‍දයෙනි,ඉදින් තෙපි දන්නහු නම්, මෙ පමණකුදු තොපට නො වැටහෙන්නේ ය. (නො සිතෙන්නේ ය). ආනන්‍දයෙනි, මමත් මේ පන්සියක් භික්‍ෂූහුත් යන අපි හැමදෙනමෝ අනෙඤ්ජසමාධියෙන් හුන්නම්හ” යි වදාළ සේක.

8. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන (සලකා) ඒ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“යස‍්ස ජිතො කාමකණ‍්ටකො අක‍්කොසො ච වධො ච බන්‍ධනඤ‍්ච, පබ‍්බතො විය සො ඨිතො අනෙජො සුඛදුක‍්ඛෙසු න වෙධතී ස භික‍්ඛූ”ති.

“යමක්හු විසින් ක්ලේශකාම නැමැති කටුව දිනන ලද්දේ (ප්‍රහත කරන ලද්දේ) වේ ද, ආක්‍රෝශ ද වධ ද බන්‍ධන ද දිනන ලද්දේ වේ ද, ඒ මහණ පර්‍වතයක් මෙන් අචල ව සිටියේ සුව දුක්හි කම්පිත නො වේ.”