3. යසොජසුත්තවණ්ණනා අට්ඨකථා
3. යසොජසුත්තවණ්ණනා
3. යශොජ සූත්‍ර වර්ණනාව
තතියෙ යසොජප්පමුඛානීති එත්ථ යසොජොති තස්ස ථෙරස්ස නාමං, තං පුබ්බඞ්ගමං කත්වා පබ්බජිතත්තා විචරණතො ච තානි පඤ්ච භික්ඛුසතානි “යසොජප්පමුඛානී”ති වුත්තානි.
තෙවැන්නෙහි යසොජ පමුඛානි යන මෙහි යසොජ යනු එම තෙරුන්ගේ නාමයයි. ඔහු පූර්වාංගම කොට, පැවිදි වූ හෙයින් ද, හැසිරෙන හෙයින් ද එම පන්සියයක් භික්ෂූහු යසොජ ප්රමුඛ යැයි යූ.සේයි.
තෙසං අයං පුබ්බයොගො – අතීතෙ කිර කස්සපදසබලස්ස සාසනෙ අඤ්ඤතරො භික්ඛු ආරඤ්ඤකො අරඤ්ඤෙ පිට්ඨිපාසාණෙ කතපණ්ණකුටියං විහරති. තස්මිඤ්ච සමයෙ පඤ්චසතා චොරා ගාමඝාතකාදීනි කත්වා චොරිකාය ජීවන්තා චොරකම්මං කත්වා ජනපදමනුස්සෙහි අනුබද්ධා පලායමානා අරඤ්ඤං පවිසිත්වා තත්ථ කිඤ්චි ගහණං වා පටිසරණං වා අපස්සන්තා අවිදූරෙ තං භික්ඛුං පාසාණෙ නිසින්නං දිස්වා වන්දිත්වා තං පවත්තිං ආචික්ඛිත්වා “අම්හාකං, භන්තෙ, පටිසරණං හොථා”ති යාචිංසු. ථෙරො “තුම්හාකං සීලසදිසං පටිසරණං නත්ථි, සබ්බෙ පඤ්ච සීලානි සමාදියථා”ති ආහ. තෙ “සාධූ”ති සම්පටිච්ඡිත්වා සීලානි සමාදියිංසු. ථෙරො “තුම්හෙ ඉදානි සීලෙසු පතිට්ඨිතා, අත්තනො ජීවිතං විනාසයන්තෙසුපි මා මනං පදොසයිත්ථා”ති කකචූපමවිධිං (ම· නි· 1.222 ආදයො) ආචික්ඛි. තෙ “සාධූ”ති සම්පටිච්ඡිංසු. අථ තෙ ජානපදා තං සම්පත්තා ඉතො චිතො ච ගවෙසන්තා තෙ චොරෙ දිස්වා සබ්බෙව ජීවිතා වොරොපෙසුං. තෙ තෙසු මනොපදොසමත්තම්පි අකත්වා අක්ඛණ්ඩසීලා කාලං කත්වා කාමාවචරදෙවෙසු නිබ්බත්තිංසු. තෙසු ජෙට්ඨචොරො ජෙට්ඨදෙවපුත්තො අහොසි, ඉතරෙ තස්සෙව පරිවාරා.
ඔවුන්ගේ මේ පූර්වයෝගයයි. අතීතයෙහි කාශ්‍යප දශබලධාරීන් වහන්සේගේ සස්නෙහි එක්තරා ආරණ්‍යයක භික්ෂුවක්, ආරණ්‍යයෙහි ගල මතුපිට කරන ලද, කොළ සෙවිලි ඇති කුටියක (කුඩාගෙයක) වාසය කරයි. එසමයෙහි පන්සියයක් සොරහු ගම් පැහැරීම් ආදිය කොට සොරකමින් ජීවත් වන්නාහු, සොරකමක් කොට, දනව් වැසි මිනිසුන් විසින් ලුහුබඳින ලද්දාහු. ඉන් බේරීම සඳහා පැනයන්නාහු, අරණ්‍යයට පිවිස, එහි ගතයුතු කිසිවක් හෝ පිළිසරණක් හෝ නොදක්නාහු එම භික්ෂුව, නුදුරෙහි ගලමත හුන්නහු දැක වැඳ එපවත් කියා, ස්වාමීනි, අපහට පිහිටවුව මැනැවැයි ආයාචනා කළහ. තෙරහු ඔබලාට සීලය හා සම පිළිසරණක් නැත. සියල්ලෝ පන්සිල් සමාදන් වවු යයි කීය. ඔවුහු මැනවැයි පිළිගෙන සිල් සමාදන් වූහ. තෙරහු නුඹලා දැන් සීලයෙහි පිහිටියාහු. තව දිවි නැසෙන කල්හිද, මනස දූෂණය නොකරව් යැයි කියත් උපමා ක්‍රමය කීයේය. ඔව්හු මැනවැයි පිළිගත්හ. ඉක්බිති ඒ දනව් වැස්සෝ, එහි පැමිණියාහු, ඔබිනොබ සොයන්නාහු, එම සොරුන් දැක සියල්ලෝ ජීවිතයෙන් තොර කළහ. ඔව්හු එම දනව් වැස්සන් කෙරෙහි සිත් දූෂ්‍ය කිරීම් මාත්‍රයකුදු නොකොට නොකඩසිල් ඇත්තාහු කළුරියකොට කාමාවචර දෙවියන් කෙරෙහි උපන්හ.
තෙ අපරාපරං සංසරන්තා එකං බුද්ධන්තරං දෙවලොකෙ ඛෙපෙත්වා අම්හාකං භගවතො කාලෙ දෙවලොකතො චවිත්වා ජෙට්ඨදෙවපුත්තො සාවත්ථිනගරද්වාරෙ කෙවට්ටගාමෙ පඤ්චසතකුලගාමජෙට්ඨකස්ස කෙවට්ටස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, යසොජොතිස්ස නාමං අකංසු. ඉතරෙපි අවසෙසකෙවට්ටානං පුත්තා හුත්වා නිබ්බත්තිංසු. තෙ පුබ්බසන්නිවාසෙන සබ්බෙපි සහායකා හුත්වා සහපංසුකීළිතං කීළන්තා අනුපුබ්බෙන වයප්පත්තා අහෙසුං, යසොජො තෙසං අග්ගො අහොසි. තෙ සබ්බෙව එකතො හුත්වා ජාලානි ගහෙත්වා නදිතළාකාදීසු මච්ඡෙ බන්ධන්තා විචරන්ති.
ඔවුනතර දෙටු සොර තෙමේ සසර ඔබිනොබ සරන්නාහු, එක් බුද්ධාන්තරයක් දෙව්ලොව කල්යවා, අප භාග්‍යවතුන්ගේ කාලයෙහි දෙව්ලොවින් සැව, දෙටු දෙව්පිත් සැවැත්නුවර දොරැ කෙවුල්ගමෙහි, පන්සියයක් කුලදෙටු කෙවුලාගේ පිත්ව උපනි. ඔහුට යසෝජ යැයි නම් කළහ. අනෙක් අයද සෙසු කෙවුලන්ගේ පුත්‍රයෝ වී උපන්හ. ඔව්හු පෙර එකට වාසය කිරීමෙන් සියල්ලෝම යහලුවන් වී වැලිකෙළියෙහි පටන් ක්‍රීඩා කරන්නාහු පිළිවෙලින් වියපත් වූහ. යසෝජ ඔවුනතර ප්‍රධානියා විය. එම සියල්ලෝම එකතු වී දැල්ගෙන, ගංගා විල් ආදීන්හි මසුන් ඇල්ලීම (බැඳීම) සඳහා හැසිරෙත්.
අථෙකදිවසං අචිරවතියා නදියා ජාලෙ ඛිත්තෙ සුවණ්ණවණ්ණො මච්ඡො අන්තොජාලෙ පාවිසි. තං දිස්වා සබ්බෙපි කෙවට්ටා “අම්හාකං පුත්තා මච්ඡෙ බන්ධන්තා සුවණ්ණවණ්ණං මච්ඡං බන්ධිංසූ”ති හට්ඨතුට්ඨා අහෙසුං. අථ තෙ පඤ්චසතාපි සහායකා මච්ඡං නාවාය පක්ඛිපිත්වා නාවං උක්ඛිපිත්වා රඤ්ඤො දස්සෙසුං. රාජා තං දිස්වා “භගවා එතස්ස සුවණ්ණවණ්ණකාරණං ජානිස්සතී”ති මච්ඡං ගාහාපෙත්වා භගවතො දස්සෙසි. සත්ථා “අයං කස්සපසම්මාසම්බුද්ධස්ස සාසනෙ ඔසක්කමානෙ පබ්බජිත්වා මිච්ඡා පටිපජ්ජන්තො සාසනං ඔසක්කාපෙත්වා නිරයෙ නිබ්බත්තො එකං බුද්ධන්තරං නිරයෙ පච්චිත්වා තතො චුතො අචිරවතියං මච්ඡො හුත්වා නිබ්බත්තො”ති වත්වා තස්ස මාතුභගිනීනඤ්ච නිරයෙ නිබ්බත්තභාවං, තස්ස භාතිකත්ථෙරස්ස පරිනිබ්බුතභාවඤ්ච තෙනෙව කථාපෙත්වා ඉමිස්සා අට්ඨුප්පත්තියා කපිලසුත්තං දෙසෙසි.
එකල්හි එක් දිනක, අචිරවතී නදියෙහි දැල හෙලූ කල්හි රන්වන් මත්ස්‍යයෙක් දැල තුලට පිවිසියේය. එය දැක සියලුම කෙවුලෝ, අපගේ පුත්‍රයෝ මසුන් බඳනාහු රන්වන් මත්ස්‍යයෙකු බැන්දාහයි තුටු පහටු වූහ. ඉක්බිති එම පන්සියයක් යහලුවෝ, මත්ස්‍යයා නැවත බහා නැව ඔසවාගෙන ගොස් රජුට දැක්වූහ. රජු එය දැක භාග්‍යවතුන් වහන්සේ, එම මත්ස්‍යයාගේ පැහැපත් වීමේ හේතුව දන්නේයයි මත්ස්‍යයා අල්වාගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේට දැක්වීය. ශාස්තෲන් වහන්සේ මේ මත්ස්‍යයා කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි සස්න පිරිහීගෙන යන කාලසීමාවෙහි පැවිදිව, වැරදි මගට පිවිස ඒ අනුව කටයුතු කරනුයේ සස්න පිරිහෙවා නිරයෙහි උපන්නේ, එක් බුද්ධාන්තරයක් නිරයෙහි පැසී, ඉන් චුතව, අචිරවතී නදියෙහි මත්ස්යයෙක්ව උපන්නේ යයි වදාරා, ඔහුගේ මව්, නැගනියද, නිරයෙහි උපන් බවද, ඔහුගේ සොයුරු තෙරුන්ගේ පිරිනිවි බවද ඔහු ලවාම කියවා, මෙය අර්ථෝත්පත්ති කොට කපිල සූත්‍රයද දේශනා කළ සේක.
සත්ථු දෙසනං සුත්වා තෙ පඤ්චසතා කෙවට්ටපුත්තා සංවෙගජාතා හුත්වා භගවතො සන්තිකෙ පබ්බජිත්වා, උපසම්පන්නා හුත්වා විවෙකවාසං වසන්තා භගවන්තං දස්සනාය ආගමංසු. තෙන වුත්තං – “තෙන ඛො පන සමයෙන යසොජප්පමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානී”තිආදි.
ශාස්තෲන් වහන්සේගේ දේශනාව ශ්‍රවණයකොට, එම පන්සියයක් කෙවුල් පුත්හු සංවේගප්‍රාප්තව, බුදුරදුන්ගේ සමීපයෙහි පැවිදිව උපසම්පදා ප්‍රාප්තව විවේක වාසයෙහි වසන්නාහු භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම පිණිස ගියහ. එහෙයින් තෙන ඛොපන සමයෙන යසොජ පමුඛානි පංචමත්තානි භික්ඛු සතානි ආදිය යූ.සේයි.
තත්ථ තෙධාති තෙ ඉධ. නෙවාසිකෙහීති නිබද්ධවාසං වසමානෙහි. පටිසම්මොදමානාති නෙවාසිකභික්ඛූහි “කච්චාවුසො, ඛමනීය”න්තිආදිනා පටිසන්ථාරවසෙන සම්මොදනාය කතාය “ආමාවුසො, ඛමනීය”න්තිආදිනා , පුන සම්මොදමානා තෙහි සද්ධිං සමප්පවත්තමොදා. සෙනාසනානි පඤ්ඤාපයමානාති ආචරියුපජ්ඣායානං අත්තනො ච පාපුණකානි සෙනාසනානි පුච්ඡිත්වා තෙහි නෙවාසිකෙහි තෙසං “ඉදං තුම්හාකං ආචරියානං, ඉදං තුම්හාකං උපජ්ඣායානං, ඉදං තුම්හාකං පාපුණාතී”ති සෙනාසනානි සංවිධාපෙත්වා අත්තනා ච තත්ථ ගන්ත්වා, ද්වාරකවාටානි විවරිත්වා, මඤ්චපීඨකටසාරකාදීනි නීහරිත්වා පප්ඵොටෙත්වා යථාඨානං ඨපනාදිවසෙන පඤ්ඤාපෙන්තා ච.
එහි තෙධා යනු ඔව්හු මෙහි, නෙවාසිකෙහි යනු හැමදා වාසය කරන අය සමග, පටිසම්මොදමානා යනු නේවාසික භික්ෂූන් විසින්, ඇවැත්නි, ඉවසීම (රුචි වීම) කෙසේද? ආදි ක්‍රමයෙන් පිළිසඳර වශයෙන් සතුටුවන කථාවෙන් ‘ඇවැත්නි, එසේය රුචිවෙමියි ආදියෙන් නැවත සතුටුවෙමින් ඔවුන් සමග සමව පැවැති සතුටුවීමයි. සෙනාසනානි පඤ්ඤාපය මානා යනු ආචාර්ය උපාධ්යයාදීන්ටද තමන්ටද ලබාගන්නා ස්ථාන විමසා, එම නේවාසිකයින් විසින්, ඔවුන්ට මෙය ඔබගේ ගුරුවරයාටය, මෙය ඔබගේ උපාධ්යායාටය, මෙය ලැබේයයි සෙනසුන් සංවිධානකොට තමාම එහි ගොස්, දොරකවුළු විවරකොට ඇඳ පුටු පැදුරු ආදී සියල්ල බැහැරකොට, ගසාදමා, නිසිතන්හි තැබීම් ආදී වශයෙන්, පනවනු ලබන්නාහුද,
පත්තචීවරානි පටිසාමයමානාති, “භන්තෙ, ඉමං මෙ පත්තං ඨපෙථ, ඉදං චීවරං, ඉදං ථාලකං, ඉදං උදකතුම්බං, ඉදං මෙ කත්තරයට්ඨි”න්ති එවං සමණපරික්ඛාරං සංගොපයමානා. උච්චාසද්දා මහාසද්දාති උද්ධං ගතට්ඨෙන උච්චො සද්දො යෙසන්තෙ උච්චාසද්දා අකාරස්ස ආකාරං කත්වා. සමන්තතො පත්ථටට්ඨෙන මහන්තො සද්දො යෙසන්තෙ මහාසද්දා. කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙති කෙවට්ටා විය මච්ඡවිලුම්පනෙ. යථා නාම කෙවට්ටා උදකෙ වට්ටනතො මච්ඡග්ගහණත්ථං පවත්තනතො “කෙවට්ටා”ති ලද්ධනාමා මච්ඡබන්ධා මච්ඡග්ගහණත්ථං ජලෙ ජාලං පක්ඛිපිත්වා “පවිට්ඨො න පවිට්ඨො, ගහිතො න ගහිතො”තිආදිනා උච්චාසද්දමහාසද්දා හොන්ති. යථා ච තෙ මච්ඡපච්ඡිආදීනි ඨපිතට්ඨානෙ මහාජනෙ ගන්ත්වා “මය්හං එකං මච්ඡං දෙථ, මය්හං එකං මච්ඡඵාලං දෙථ, අමුකස්ස දින්නො මහන්තො, මය්හං ඛුද්දකො”තිආදීනි වත්වා විලුම්පමානෙ තෙසං පටිසෙධනාදිවසෙන උච්චාසද්දමහාසද්දා ච හොන්ති, එවමෙතෙ භික්ඛූති දස්සෙති. තෙතෙති තෙ එතෙ. කිංනූති කිස්ස නු, කිමත්ථං නූති අත්ථො. තෙමෙති තෙ ඉමෙ. පණාමෙමීති නීහරාමි. වොති තුම්හෙ. න වො මම සන්තිකෙ වත්ථබ්බන්ති තුම්හෙහි මය්හං සන්තිකෙ න වසිතබ්බං. යෙ තුම්හෙ මාදිසස්ස බුද්ධස්ස වසනට්ඨානං ආගන්ත්වා එවං මහාසද්දං කරොථ, අත්තනො ධම්මතාය වසන්තා කිං නාම සාරුප්පං කරිස්සථ, තුම්හාදිසානං මම සන්තිකෙ වසනකිච්චං නත්ථීති දීපෙති. එවං පණාමිතෙසු ච භගවතා තෙසු එකභික්ඛුපි “භගවා තුම්හෙ මහාසද්දමත්තකෙන අම්හෙ පණාමෙථා”ති වා අඤ්ඤං වා කිඤ්චි පටිවචනං අවත්වා බුද්ධගාරවෙන සබ්බෙ භගවතො වචනං සම්පටිච්ඡන්තා “එවං, භන්තෙ”ති වත්වා නික්ඛමිංසු. එවං පන තෙසං අහොසි “මයං සත්ථාරං පස්සිස්සාම, ධම්මං සොස්සාම, සත්ථු සන්තිකෙ වසිස්සාමාති ආගතා, එවරූපස්ස පන ගරුනො සත්ථු සන්තිකං ආගන්ත්වා මහාසද්දං කරිම්හා, අම්හාකමෙව දොසොයං, පණාමිතම්හා තතො, න ලද්ධං සත්ථු සන්තිකෙ වත්ථුං, සමන්තපාසාදිකං සුවණ්ණවණ්ණං සරීරං ඔලොකෙතුං, මධුරස්සරෙන දෙසිතං ධම්මං සොතු”න්ති. තෙ බලවදොමනස්සජාතා හුත්වා පක්කමිංසු.
පා සිවුරු තැන්පත් කරන්නාහු, ස්වාමීනි මේ මාගේ පාත්‍රය, මේ සිවුර, මේ තලිය මේ දියකලය, මේ මාගේ සැරයටිය තබනු මැනවැයි මෙසේ ශ්‍රමණ පරිෂ්කාර මනාසේ රකින්නාහු, උච්චා සද්දා මහා සද්දා යනු උඩට උස්ව නැගීම් අර්ථයෙන් උස්හඬ ඇතියේ යම් ආකාර වූ ඔවුන්ගේ උස්හඬ, අ කාරයට ආකාර කොට හාත්පස පැතිරීම් අර්ථයෙන් මහත් වූ ශබ්දයක් යම් කෙනෙකුන්ගේද එවන් මහා ශබ්ද, කෙවට්ටා මඤ්ඤෙ මච්ඡ විලොපෙ යනු මසුන් පැහැර ගැන්මෙහි කෙවුලන් මෙනි. යම්සේ නම් කෙවුළෝ දියෙහි පෙරළෙන හෙයින්ද, මසුන් ග්‍රහණය සඳහා ක්‍රියාකරන හෙයින්ද කෙවුළන් යයි ලද නම් ඇති මත්ස්‍ය බන්ධකයෝ, මත්ස්‍ය ග්‍රහණය සඳහා ජලයෙහි දැල බාන මසුන් පිවිසියේද, නොපිවිසියේද ගන්නා ලදද, නොගන්නා ලදදැයි ආදී වශයෙන් උස්හඬ මහා හඬ වෙති. යම්සේ නම් ඔවුහු මත්ස්‍ය පැස් ආදිය තබන ලද තන්හි මහජනයා ගොස්, මට එක් මත්ස්‍යයෙක් දෙනු. මට එක් මත්ස්‍ය වැලක් (එකට ඇමුණූ) දෙනු. අසවලාට විශාල මත්ස්‍යයෙකි. මට කුඩා එකෙකි ආදිය කියා පැහැර ගැනීමෙහිදී ඒවා වැළැක්වීම් වශයෙන් උස්හඬ මහ හඬ වෙති. එම භික්ෂූහු එසේයයි දක්වයි. තෙනෙතෙ යනු එම ඔව්හු කින්නු යනු කුමකටද? කවර හෙයින්දැයි යන අර්ථයි. තෙ මෙ යනු ඒ මොව්හු, පනාමෙමි යනු බැහැර කරමින් (නෙරපමි) තෙ යනු එම නුඹලා, න වො මම සන්තිකෙ වත්ථබ්බං යනු නුඹලා විසින් මාගේ සමීපයෙහි නොවිසිය යුතුය. යම් බඳු වූ නුඹලා මා වැනි බුදු කෙනෙකුන්ගේ වාසස්ථානයට පැමිණ, මෙසේ මහා ශබ්ද කරව්ද, තම ස්වභාවයෙන් වසන්නාහු කිනම් යෝග්‍ය දෙයක් කරන්නහුද? නුඹලා වැන්නවුන්ට මාගේ සමීපයෙහි කෘත්‍යයක් නම් නැතැයි දක්වයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නෙරපූ කල්හි ඔවුන් අතර, එක් භික්ෂුවක් හෝ භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මහ හඬ මාත්‍රයකින් අප බැහැර කරහුද හෝ අන්‍ය වූ කිසි පිළිවදනක් නොකියා බුද්ධ ගෞරවයෙන් සියල්ලෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගන්නාහු එසේය ස්වාමීනියි කියා නික්මුණහ. ඔවුන්ට මෙවන් අදහසක් විය. අපි ශාස්තෲන් වහන්සේ දකින්නෙමු. ධර්මය අසන්නෙමු. ශාස්තෲන් වහන්සේ සමීපයෙහි වාසය කරන්නෙමුයි පැමිණියාහු, මෙබඳු ගරු කටයුතු ශාස්තෲන් වහන්සේගේ සමීපයට අවුත් මහා ශබ්ද කළෙමු. මෙය අපගේම දෝෂයයි. එහෙයින් අප බැහැරකරන ලද්දෝ වෙමු. එහෙයින් ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි වසන්ට, හාත්පස ප්රසාදවහ ස්වර්ණ වර්ණ ශරීරය දක්නට, මධුරස්වරයෙන් දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කරන්ට නොලද්දෙමු. ඔව්හු බලවත් දොම්නස් හටගත්තෝව නික්මුණහ.
සංසාමෙත්වාති සුගුත්තං කත්වා. වජ්ජීති එවංනාමකො ජනපදො, වජ්ජී නාම ජානපදිනො රාජකුමාරා, තෙසං නිවාසො එකොපි ජනපදො රුළ්හීවසෙන “වජ්ජී”ත්වෙව වුච්චති. තෙන වුත්තං “වජ්ජීසූ”ති. වග්ගුමුදාති එවංනාම ලොකස්ස පුඤ්ඤසම්මතා එකා නදී. “වග්ගමුදා”තිපි පාඨො. අත්ථකාමෙනාති කිඤ්චි පයොජනං අනපෙක්ඛිත්වා අත්ථමෙව ඉච්ඡන්තෙන. හිතෙසිනාති අත්ථං ඉච්ඡන්තෙන, “කින්ති මෙ සාවකා වට්ටදුක්ඛා පරිමුච්චෙය්යු”න්ති තස්ස අත්ථසඞ්ඛාතස්ස අත්ථස්ස වා හෙතුභූතස්ස හිතස්ස එසනසීලෙන. තතො එව අත්තනො සරීරඛෙදං අගණෙත්වා දූරෙපි වෙනෙය්යසන්තිකං ගන්ත්වා අනුකම්පනතො අනුකම්පකෙන. තමෙව අනුකම්පං උපාදාය මයං පණාමිතා, න අත්තනො වෙය්යාවච්චාදිපච්චාසීසාය. යස්මා ධම්මගරුනො බුද්ධා භගවන්තො සම්මාපටිපත්තියාව පූජෙතබ්බා, යෙ උච්චාසද්දකරණමත්තෙපි පණාමෙන්ති, තස්මා හන්ද මයං, ආවුසො, තථා විහාරං කප්පෙම සබ්බත්ථ සතිසම්පජඤ්ඤයොගෙන අපණ්ණකප්පටිපදං පූරෙන්තා යථාගහිතකම්මට්ඨානං මත්ථකං පාපෙන්තා චතුඉරියාපථවිහාරං කප්පෙම විහරාම. යථා නො විහරතන්ති යථා අම්හෙසු විහරන්තෙසු, භගවා අත්තමනො අස්ස, සම්මාපටිපත්තියා පූජාය ආරාධිතො භවෙය්‍යාති අත්ථො.
සංඝාමෙවො යනු සුරක්ෂිත කොට, වජ්ජි යනු මෙබඳු නම් ඇති දනව්ව, වජ්ජි නමැති ජනපදයෙහි රාජ කුමාරවරු, ඔවුන්ගේ වාසස්ථානය, එක් ජනපදයක් වුව, අධ්‍යාහාර වශයෙන් එහෙයින් වජ්ජීසු යැයි යූ.සේයි. වග්ගුමුදා යනු මෙවන් නාමයෙන් යුත් ලෝකයාගේ පුණ්‍ය සම්මත එක් නදියක්, වත්තමුදා යැයි ද පාඨයකි. අත්ථකාමෙන යනු කිසි ප්‍රයෝජනයක් අපේක්ෂා නොකොට, අර්ථ සිද්ධියම කැමැත්තෙන්, හිතෙසිනා යනු වැඩ කැමැත්තහු විසින්, කිමෙක්ද මාගේ ශ්‍රාවකයෝ සසර වෘත්ත දුකින් මිදෙන්නාහු නම් යෙහෙකැයි එම අර්ථ සංඛ්‍යාත අර්ථයෙහි හෝ එයට හේතු වූ යහපත සොයනසුළු ස්වභාවයෙන්, එයින්ම තමාගේ ශරීර විනාශය ගණන් නොගෙන දුර පෙදෙස්හි වූවන්ද එවුන්ගේ සමීපයට ගොස් හික්මවන්නේය. අනුකම්පා කරන හෙයින් අනුකම්පකෙන එම අනුකම්පාවම හේතුකොට අප නෙරපන ලද්දෝ වෙමු. තමාගේ වතාවත් ආදිය අපේක්ෂාවෙන් නොවේ. යමෙක් උස්හඬ කිරීම් මාත්රයෙකින්ම නෙරපත්ද, එවන් ධර්මයට ගරු කරන භාග්‍යවත් බුදුවරු මනා ප්‍රතිපත්තියෙන්ම පිදිය යුත්තාහ. එහෙයින් හන්ද මයං ආවුසො තථා විහාරං කප්පෙම යනු හැමතැන සිහියෙන් හා විමසන නුවණින් යුක්තව නිදොස් ස්ථිර ප්‍රතිපදාව පුරන්නාහු, ගන්නා ලද පරිදි, එය මස්තකප්රාප්ත කරන්නාහු, සිව් ඉරියව් විවරණ කරමින් වාසය කරමු. යථා නො විහරතං යනු යම්සේ අප වාසය කරන කල්හි, භගවා අත්තමනො අස්ස යනු මනා ප්‍රතිපත්ති පූජාවෙන් සිත් ගන්නා ලද්දේ වන්නේ යයි අර්ථයි.
තෙනෙවන්තරවස්සෙනාති තස්මිංයෙව අන්තරවස්සෙ මහාපවාරණං අනතික්කමිත්වාව. සබ්බෙව තිස්සො විජ්ජා සච්ඡාකංසූති සබ්බෙයෙව තෙ පඤ්චසතා භික්ඛූ පුබ්බෙනිවාසානුස්සතිඤාණං දිබ්බචක්ඛුඤාණං ආසවක්ඛයඤාණන්ති ඉමා තිස්සො පුබ්බෙනිවුත්ථක්ඛන්ධප්පටිච්ඡාදකමොහක්ඛන්ධාදීනං විනිවිජ්ඣනට්ඨෙන විජ්ජා අත්තපච්චක්ඛා අකංසු. ලොකියාභිඤ්ඤාසු ඉමායෙව ද්වෙ අභිඤ්ඤා ආසවක්ඛයඤාණස්ස බහූපකාරා, න තථා දිබ්බසොතචෙතොපරියඉද්ධිවිධඤාණානීති දස්සනත්ථං විජ්ජත්තයමෙවෙත්ථ තෙසං භික්ඛූනං අධිගමදස්සනවසෙන උද්ධටං. තථා හි වෙරඤ්ජසුත්තෙ (අ· නි· 8.11) භගවා වෙරඤ්ජබ්රාහ්මණස්ස අත්තනො අධිගමං දස්සෙන්තො විජ්ජත්තයමෙව දෙසෙසි, න දිබ්බසොතඤාණාදීනං අභාවතො. එවං තෙසම්පි භික්ඛූනං විජ්ජමානානිපි දිබ්බසොතඤාණාදීනි න උද්ධටානි. ඡළභිඤ්ඤා හි තෙ භික්ඛූ. එවඤ්ච කත්වා “වග්ගුමුදාය නදියා තීරෙ අන්තරහිතා මහාවනෙ කූටාගාරසාලායං භගවතො සම්මුඛෙ පාතුරහෙසු”න්ති තෙසං භික්ඛූනං ඉද්ධිවළඤ්ජනං වක්ඛති.
තෙනෙවන්තරවස්සෙන යනු එම වස් සමය ඇතුලතදීම, මහා පවාරණය නො ඉක්මවාම, සබ්බෙව තිස්සො විජ්ජා සච්ඡාකංසු යනු සියලුම එම පන්සියයක් භික්ෂූහු පූර්වේනිවාසානුස්මෘති ඥානය, දිව්‍ය චක්ෂු ඥානය, ආශ්රවක්ෂයකර ඥානය යන මෙම ත්රයයද, පෙර විසූ කඳපිළිවෙල වසන, මෝහස්කන්ධාදීන්ගේ විනිවිද දක්නා අර්ථයෙන් දැක්වෙන විද්‍යාව තම තමා විසින් ප්රත්යක්ෂ කළහ. ලෞකිකාභිඥාවන්හි මෙම අභිඥා ද්වයය, ආශ්රවක්ෂයකර ඥානයට බොහෝ උපකාරයහ. දිව්යශ්රොත්ර, චෙතොපරිය, ඉද්ධිවිධ යන ඤාණයන් එසේ නොවේ යයි දැක්වීම සඳහා, ත්රිවිද්යාවම එම භික්ෂූන්ගේ අධිගම දැක්වීම් වශයෙන් උදුරා දක්වන ලදි. එසේම වේරඤ්ජ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බ්‍රාහ්මණයාට තමාගේ අධිගමයන් දක්වනුයේ, ත්රිවිද්යාවම දැක්වූ සේක. දිව්යශ්රොත්ර ඥානාදීෟන්ගේ අවිද්යමානතාවය නිසා නොවේ. එසේම එම භික්ෂූන්ගේ විද්‍යමාන වූද දිව්යශ්රොත්ර ඥානාදිය උදුරා නොදක්වන ලදහ. එම භික්ෂූහු ෂඩභිඥාලාභීහුය. වග්ගුමුදාය නදියා තීරෙ අන්තරහිතා මහාවනෙ කූටාගාර සාලාය භගවතො සම්මුඛෙ පාතුරහෙසුං යනු එම භික්ෂූන්ගේ සෘද්ධි භාවිතය කියයි.
යථාභිරන්තන්ති යථාභිරතිං යථාජ්ඣාසයං. බුද්ධානඤ්හි එකස්මිං ඨානෙ වසන්තානං ඡායූදකවිපත්තිං වා අඵාසුකසෙනාසනං වා මනුස්සානං අස්සද්ධාදිභාවං වා ආගම්ම අනභිරති නාම නත්ථි, තෙසං සම්පත්තියා “ඵාසුං විහරාමා”ති චිරවිහාරොපි නත්ථි. යත්ථ පන භගවති විහරන්තෙ මනුස්සා සරණෙසු වා පතිට්ඨහන්ති, සීලානි වා සමාදියන්ති පබ්බජන්ති, සොතාපත්තිමග්ගාදීනි වා පාපුණන්ති, සත්ථා තාසු සම්පත්තීසු තෙසං පතිට්ඨාපනත්ථං වසති, තදභාවෙ පක්කමති. තදා හි සාවත්ථියං කත්තබ්බබුද්ධකිච්චං නාහොසි. තෙන වුත්තං – “අථ ඛො භගවා සාවත්ථියං යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලී තෙන චාරිකං පක්කාමී”ති.
යථාභිරන්තං යනු සිත්සේ බුදුවරුන්ට වනාහි එක් ස්ථානයක වැඩවාසය කරන්නාහු, සෙවන හා දිය විපතක් හෝ අපහසු සෙනසුන් හෝ මනුෂ්‍යයින්ගේ අශ්රද්ධාදී භාවයන්ට එළඹ නොඇල්මක් නම් නැත. ඒවාහි සම්ප්‍රාප්තියෙන් පහසුවෙන් වාසය කරමුයි දීර්ඝකාලීන විහරණයක්ද නොමැත. යම්තැනක භාග්‍යවතුන් වහන්සේ වාසය කරන කල්හි මිනිස්සු තිසරණයන්හි හෝ පිහිටත්ද, සිල් හෝ සමාදන් වෙත්ද, පැවිදි වෙත්ද? සෝවාන් ආදී මාර්ගයන්ට පැමිණෙත්ද? ශෘස්තෲන් වහන්සේ එබඳු සම්පත් ඇතිකල්හි ඔවුන්ට පිහිටවීම සඳහා වාසය කරති. එය නොමැති කල්හි ඉවත්ව යයි. එකල්හි සැවැත්නුවර කළයුතු බුද්ධ කෘත්‍යයක් නොවීය. එහෙයින්, අථඛො භගවා සාවත්ථියං යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලි තෙන චාරිකං පක්කාමි යි යූ.සේයි.
චාරිකං චරමානොති අද්ධානගමනං ගච්ඡන්තො. චාරිකා ච නාමෙසා භගවතො දුවිධා තුරිතචාරිකා අතුරිතචාරිකාති. තත්ථ දූරෙපි බොධනෙය්යපුග්ගලං දිස්වා තස්ස බොධනත්ථං සහසා ගමනං තුරිතචාරිකා නාම, සා මහාකස්සපපච්චුග්ගමනාදීසු දට්ඨබ්බා. යා පන ගාමනිගමරාජධානීපටිපාටියා දෙවසිකං යොජනද්ධයොජනවසෙන පිණ්ඩපාතචරියාදීහි ලොකං අනුග්ගණ්හන්තො ගච්ඡති, අයං අතුරිතචාරිකා නාම, අයමෙව ඉධාධිප්පෙතා. තදවසරීති තෙන අවසරි, තං වා අවසරි, තත්ථ අවසරි , පාවිසීති අත්ථො.
චාරිකං චරමානො යනු දීර්ඝ ගමනක් යනුයේ, භාග්‍යවතුන් වහන්සේගේ එම චාරිකා ඉක්මන් චාරිකා, ඉක්මන් නොවූ චාරිකා වශයෙන් දෙවැදෑරුම් වේ. එහි දුර ප්‍රදේශයක වූ ද අවබෝධ කළ හැකි පුද්ගලයෙකු දැක, ඔහුට අවබෝධ කරවීම සඳහා ඉක්මන්කොට යාම තුරිත චාරිකා නමැ. එය මහා කාශ්‍යප තෙරුන්ට පෙර ගමන් යාම් ආදීන්හි දතයුත්තාහ. යම්කලෙක්හි වනාහි ගම් නියම්ගම් රාජධානි පිළිවෙලින් දිනපතා, යොදුනක් දෙයොදුනක් වශයෙන්, පිණ්ඩපාත චර්යාදියෙන් ලෝකයාට අනුග්‍රහ කරමින් වඩීද? මෙය අතුරිතචාරිකා නමි. මෙයම මෙහි අදහස් කරන ලදි. තදවසරි යනු එයින් පැමිණියේය. එයට හෝ පැමිණියේය. එසේ පැමිණියේය. පිවිසියේය යන අර්ථයි.
තත්රාති තස්සං. සුදන්ති නිපාතමත්තං. වෙසාලියන්ති තික්ඛත්තුං විසාලීභූතත්තා “වෙසාලී”ති ලද්ධනාමෙ ලිච්ඡවිරාජූනං නගරෙ. මහාවනෙති මහාවනං නාම සයංජාතං අරොපිමං සපරිච්ඡෙදං මහන්තං වනං. කපිලවත්ථුසාමන්තා පන මහාවනං හිමවන්තෙන සහ එකාබද්ධං අපරිච්ඡෙදං හුත්වා මහාසමුද්දං ආහච්ච ඨිතං. ඉදං තාදිසං න හොති, සපරිච්ඡෙදං මහන්තං වනන්ති මහාවනං. කූටාගාරසාලායන්ති තස්මිං මහාවනෙ භගවන්තං උද්දිස්ස කතෙ ආරාමෙ කූටාගාරං අන්තො කත්වා හංසවට්ටකච්ඡන්නෙන කතා සබ්බාකාරසම්පන්නා බුද්ධස්ස භගවතො ගන්ධකුටි කූටාගාරසාලා නාම , තස්සං කූටාගාරසාලායං. වග්ගුමුදාතීරියානන්ති වග්ගුමුදාතීරවාසීනං. චෙතසා චෙතො පරිච්ච මනසි කරිත්වාති අත්තනො චිත්තෙන තෙසං චිත්තං පරිච්ඡිජ්ජ මනසි කරිත්වා, චෙතොපරියඤාණෙන වා සබ්බඤ්ඤුතඤ්ඤාණෙන වා තෙහි අධිගතවිසෙසං ජානිත්වාති අත්ථො.
තත්ර යනු එහි සුදං යනු නිපාත මාත්‍රයකි. වෙසාලියං යනු තෙවරක් විශාල කරන ලද හෙයින් වෙසාලි ලද නම් ඇති ලිච්ඡවි රජවරුන්ගේ නගරයෙහි, මහා වනෙ යනු මහවනය නම් ඉබේ හටගත්, රෝපණය නොකළ සීමා නොමැති විශාල වනාන්තරයයි. කිඹුල්වත් නුවර හාත්පස ඇති මහ වනය, හිමවත සමග ඒකාබද්ධව, සීමා රහිතව මහා සමුද්‍රය ගටා සිටී. සීමා රහිත මහත් වූ වනයනුයි මහාවනං යි. කූටාගාර සාලායං යනු එම මහ වනයෙහි භාග්‍යවතුන් වහන්සේ උදෙසා කළ ආරාමයෙහි, කුළුගෙය ඇතුලත්කොට, හංස වටු වැස්මෙන් කරන ලද සර්වාකාර පරිපූර්ණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට කරවන ලද ගඳකිළිය කූටාගාර ශාලා නමි. එම කූටාගාර ශාලායෙහි වග්ගුමුදාතිරියානං යනු වග්ගු මුදාතීර වාසීන්ගේ, චෙතසා චෙතො පරිච්ච මනසිකරිත්වා යනු තම සිතින් ඔවුන්ගේ සිත පිරිසිඳ මෙනෙහි කොට අන් සිත් දන්නා නුවණින් හෝ සර්වඥතා ඥානයෙන් හෝ ඔවුන් විසින් අවබෝධ කරන ලද, විශේෂාධිගමයන් දැන යන අර්ථයි.
ආලොකජාතා වියාති සඤ්ජාතාලොකා විය. ඉතරං තස්සෙව වෙවචනං, චන්දසහස්සසූරියසහස්සෙහි ඔභාසිතා වියාති අත්ථො. යස්මා තෙ යසොජප්පමුඛා පඤ්චසතා භික්ඛූ සබ්බසො අවිජ්ජන්ධකාරවිධමනෙන ආලොකභූතා ඔභාසභූතා හුත්වා විහරන්ති, තස්මා භගවා තෙහි ඨිතදිසාය “ආලොකජාතා විය මෙ, ආනන්ද, එසා දිසා”තිආදිනා වණ්ණභණනාපදෙසෙන තෙ භික්ඛූ පසංසති. තෙන වුත්තං – “යස්සං දිසායං වග්ගුමුදාතීරියා භික්ඛූ විහරන්තී”ති. අප්පටිකූලාති න පටිකූලා, මනාපා මනොහරාති අත්ථො. යස්මිඤ්හි පදෙසෙ සීලාදිගුණසම්පන්නා මහෙසිනො විහරන්ති, තං කිඤ්චාපි උක්කූලවිකූලවිසමදුග්ගාකාරං, අථ ඛො මනුඤ්ඤං රමණීයමෙව. වුත්තඤ්හෙතං –
ආලොක ජාතාවිය යනු හටගත් ආලෝකයක් මෙනි. අනෙක එයට පර්යාය වචනයකි. සඳ හිරු දහසකින් ආලෝකමත් වූ මෙනැයි අර්ථයි. එම සයොජ ප්රමුඛ පන්සියයක් භික්ෂූහු සර්වාකාරයෙන් අවිද්‍යා අඳුර විනාශ කිරීමෙන් ආලෝකමත් වූවාහු, බැබලීම් සහිත වූවාහු වෙසෙත්. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සිටි දිශාවට ආලොක ජාතා විය මෙ ආනනද එසාදිසා යනාදියෙන් ගුණ වර්ණනා කිරීම් පෙන්වීම් වශයෙන් එම භික්ෂූහු ප්‍රශංසා කරයි. එහෙයින් යස්සං දිසායං වග්ගු මුදාතිරියා භික්ඛු විහරන්ති යි යූ.සේයි. අප්පටිකූලා යනු නො පිළිකුල්ය. මනාපය. සිත් ඇදගන්නා සුළු යයි අර්ථයි. යම් පෙදෙසක සීලාදී ගුණ යුත් මහර්ෂිවරු වෙසෙත්ද? එය කිසිසේත්, උස් ඉවුරු ඇති, පහත් ඉවුරු ඇති විෂම දුර්ගයක ආකාර ඇත්තේද, එතෙකුදු වුවත් එම පෙදෙස මනෝඥය රමණීයමය යූ.සේයි.
“ගාමෙ වා යදි වාරඤ්ඤෙ, නින්නෙ වා යදි වා ථලෙ; යත්ථ අරහන්තො විහරන්ති, තං භූමිරාමණෙය්යක”න්ති. (ධ· ප· 98);
ගාමෙවා යදිවාරඤ්ඤෙ - නින්නෙ වා යදිවා ථලෙ යථොරහන්තො විහරන්ති - තං භූමිං රාමණෙය්යකංන්ති
ගමෙහි හෝ නොහොත් අරණ්‍යයෙහි හෝ පහත්බිම්හි හෝ ගොඩබිම්හි හෝ යන යම්තැනක රහත්හු වෙසෙත්ද? එම භූමිය සිත් අලවන සුළුය.
පහිණෙය්යාසීති පෙසෙය්යාසි. සත්ථා ආයස්මන්තානං දස්සනකාමොති තෙසං භික්ඛූනං සන්තිකෙ පහෙණාකාරදස්සනං. ඉති භගවා යදත්ථං තෙ භික්ඛූ පණාමෙසි, තමත්ථං මත්ථකප්පත්තං දිස්වා ආරද්ධචිත්තො තෙසං දස්සනකාමතං ථෙරස්ස ආරොචෙසි. එවං කිරස්ස අහොසි “අහං ඉමෙ උච්චාසද්දමහාසද්දකරණෙ පණාමෙස්සාමි, අථ තෙ භද්රො අස්සාජානීයො විය කසාභිඝාතෙන, තෙන චොදිතා සංවෙගප්පත්තා මමාරාධනත්ථං අරඤ්ඤං පවිසිත්වා ඝටෙන්තා වායමන්තා ඛිප්පමෙව අරහත්තං සච්ඡිකරිස්සන්තී”ති. ඉදානි තෙ අග්ගඵලප්පත්තෙ දිස්වා තාය අරහත්තප්පත්තියා ආරාධිතචිත්තො තෙසං දස්සනකාමො හුත්වා එවං ධම්මභණ්ඩාගාරිකං ආණාපෙසි.
පහිණෙය්යාසි යනු පිටත්කර යවන්නෙහි සත්ථා ආයස්මන්තාතානං දස්සන කාමො යනු එම භික්ෂූන්ගේ සමීපයට පණිවුඩකරුවකු යවන ආකාරයකි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ, යම් අර්ථයක් සඳහා එම භික්ෂූන් නෙරපා හැරියේද එම කරුණ මස්තකප්රාප්ත වූ බව දැක, ආරබ්ධ වීර්යයෙන් යුතු එම භික්ෂූන්ගේ දක්නා කැමැත්ත තෙරුන්ට දැනුම් දුන්නේය. බුදුරදුන්ට මෙබඳු සිතක් විය. මම උස්හඬ මහහඬ කිරීමෙහිලා මොවුන් නෙරපන්නෙමි. එකල්හි ඔව්හු කසයෙන් පහරණු ලැබූ, යහපත් ආජානේය අශ්වයකු මෙන්, ඉන් චුතව සංවේගප්‍රාප්තව, මසිත් ගැනීම උදෙසා අරණට පිවිස උත්සාහ කරනුයේ, ව්‍යායාම කරනුයේ වහාම අර්හත්වය සාක්ෂාත් කරන්නාහ. දැන් ඔවුහු අග්‍රඵල ප්‍රාප්ත වූවහු දැක, එම අර්හත්ව ප්රාප්තියෙහිලා සතුටු සිතැතියේ, ඔවුන්ගේ දර්ශනය අපේක්ෂාකොට මෙසේ ධර්ම භාණ්ඩාගාරිකට අණ කළ සේක.
සො භික්ඛූති ආනන්දත්ථෙරෙන තථා ආණත්තො ඡළභිඤ්ඤො එකො භික්ඛු. පමුඛෙති සම්මුඛෙ. ආනෙඤ්ජසමාධිනාති චතුත්ථජ්ඣානපාදකෙන අග්ගඵලසමාධිනා, “අරූපජ්ඣානපාදකෙනා”තිපි වදන්ති. “ආනෙඤ්ජෙන සමාධිනා”තිපි පාඨො. කස්මා පන භගවා තෙසං භික්ඛූනං ආගමනං ජානන්තො පටිසන්ථාරං අකත්වා සමාපත්තිංයෙව සමාපජ්ජි? තෙසං අත්තනා සමාපන්නසමාපත්තිං ජානිත්වා සමාපජ්ජනත්ථං, තෙසං පුබ්බෙ පණාමිතානං ඉදානි අත්තනා සමානසම්භොගදස්සනත්ථං, ආනුභාවදීපනත්ථං, විනා වචීභෙදෙන අඤ්ඤබ්යාකරණදීපනත්ථඤ්ච. අපරෙ පනාහු “පුබ්බෙ පණාමිතානං ඉදානි අත්තනො සන්තිකං ආගතානං අනුත්තරසුඛුප්පාදනෙන අනඤ්ඤසාධාරණපටිසන්ථාරකරණත්ථ”න්ති. තෙපි ආයස්මන්තො භගවතො අජ්ඣාසයං ඤත්වා තංයෙව සමාපත්තිං සමාපජ්ජිංසු. තෙන වුත්තං – “කතමෙන නු ඛො භගවා විහාරෙන එතරහි විහරතී”තිආදි.
සො භික්ඛු ආනන්ද තෙරුන් විසින් එසේ අණ කළ ෂඩභිඥාලාභී එක් භික්ෂුවක්, පමුඛෙ යනු හමුයෙහි, ආනෙඤ්ජ සමාදිනා යනු චතුර්ථධ්යාන පාදක අග්‍රඵල සමාධියෙන්, අරූපධ්‍යාන පාදකයෙන් යැයිද කියති. ආනඤ්ජෙන සමාධිනා යිද පාඨයි. කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන්ගේ පැමිණීම දැන, පිළිසඳර නොකොට සමවතටම සමවැදිනිද? තමාගේ සමවත දැන ඔවුන්ටද සමවැදීම සඳහා, පෙර නෙරපන ලද ඔවුන්ට දැන් තමා සමග සම එක්වීම දැක්ම සඳහා නොවේ. වාග් භේදයෙන් තොරව උසස් බව දැක්වීමටද, රහත්බව ප්‍රකාශ කිරීම දැක්වීම සඳහාද වේ. සමහරු, පෙර නෙරපන ලද, දැන් තමන්ගේ සමීපයට පැමිණියවුන්ට, ඉතා උතුම් සුව ඉපදවීමෙන් අන්‍යයන් හා සාධාරණ නොවූ පිළිසඳරක් කිරීම සඳහා යයි කීහු. එම ආයුෂ්මත්හුද භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන එම සමවතටම සමවැදුනහ. එහෙයින් කතමෙන නුඛො භගවා විහාරෙන ඒතරහි විහරති යි ආදිය යූ.සේයි.
එත්ථ ච රූපාවචරචතුත්ථජ්ඣානං කොසජ්ජාදීනං පාරිපන්තිකධම්මානං සුවිදූරභාවතො ඉද්ධියා මූලභූතෙහි අනොණමනාදීහි සොළසහි වොදානධම්මෙහි සමන්නාගමනතො ආනෙඤ්ජප්පත්තං සයං අනිඤ්ජනට්ඨෙන ආනෙඤ්ජන්ති වුච්චති. වුත්තඤ්හෙතං –
මෙහිද රූපාවචර චතුර්ථ ධ්‍යානය කුසීතතාදි උවදුරු ස්වභාවයන්ගේ ඉතා දුර බව කරන හෙයින් (දුරුකරන හෙයින්) සෘද්ධියට මූලික හේතු වූ, නො නැමෙන ආදී සොළොස් ආකාර පිරිසිදු කරන ධර්මයන්ගෙන් යුක්ත හෙයින්, කම්පා නොවන ස්වභාවයට පත්වූ තෙමේ, කම්පා නොවන අර්ථයෙන් ආනෙඤ්ජයයි කියයි. යූ.සේයි.
“අනොණතං චිත්තං කොසජ්ජෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං. අනුණ්ණතං චිත්තං උද්ධච්චෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං. අනභිරතං චිත්තං රාගෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං. අනපනතං චිත්තං බ්යාපාදෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං. අනිස්සිතං චිත්තං දිට්ඨියා න ඉඤ්ජතීති ආනෙඤ්ජං. අප්පටිබද්ධං චිත්තං ඡන්දරාගෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං. විප්පමුත්තං චිත්තං කාමරාගෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං. විසංයුත්තං චිත්තං කිලෙසෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං. විමරියාදිකතං චිත්තං කිලෙසමරියාදාය න ඉඤ්ජතීති ආනෙඤ්ජං. එකත්තගතං චිත්තං නානත්තකිලෙසෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං. සද්ධාය පරිග්ගහිතං චිත්තං අස්සද්ධියෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං. වීරියෙන පරිග්ගහිතං චිත්තං කොසජ්ජෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං. සතියා පරිග්ගහිතං චිත්තං පමාදෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං. සමාධිනා පරිග්ගහිතං චිත්තං උද්ධච්චෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං. පඤ්ඤාය පරිග්ගහිතං චිත්තං අවිජ්ජාය න ඉඤ්ජතීති ආනෙඤ්ජං. ඔභාසගතං චිත්තං අවිජ්ජන්ධකාරෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජ”න්ති.
පහතට නොනැමුණු සිත කුසීතකම්හි කම්පා නොවේනම් ආනෙඤ්ජංයි. ඉහළ නොනැගි සිත උද්ධච්චයෙහි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි. නොඇලුනු සිත ව්‍යාපාදයෙහි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි. තෘෂ්ණා දෘෂ්ටි විරහිත සිත වැරදි දෘෂ්ටියෙහි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි. කාමයන් හා සම්බන්ධ නුවූ සිත ඡන්දරාගයෙහි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි. මිදුණු සිත කාමරාගයෙහි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි. වෙන්වූ සිත ක්ලේශයන්හි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි. කෙලෙස් සීමා ඉක්මවූ සිත කෙලෙස් සීමාවන්හි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි. ඒකත්වයට ගිය සිත නානාප්‍රකාර ක්ලේශයන්හි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි. ශ්‍රද්ධාවෙන් දැඩිව අල්වාගත් සිත අශ්රද්ධායෙහි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි. වීර්යයෙන් අල්වාගත් සිත කුසීතතාවයෙහි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි. සිහියෙන් දැඩිව අල්වාගත් සිත ප්‍රමාදයෙහි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි. සිහියෙන් දැඩිසේ අල්වාගත් සිත නොසන්සුන් බැව්හි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි. ප්‍රඥාවෙන් දැඩිසේ අල්වාගත් සිත අවිද්‍යාවෙහි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි. ප්‍රඥා ලෝකයෙන් ආලෝකමත් සිත අවිද්‍යාන්ධකාරයෙහි කම්පා නොවේනුයි ආනෙඤ්ජංයි
රූපාවචරචතුත්ථජ්ඣානමෙව ච රූපවිරාගභාවනාවසෙන පවත්තිතං, ආරම්මණවිභාගෙන චතුබ්බිධං අරූපාවචරජ්ඣානන්ති එතෙසං පඤ්චන්නං ඣානානං ආනෙඤ්ජවොහාරො. තෙසං යං කිඤ්චි පාදකං කත්වා සමාපන්නා අරහත්තඵලසමාපත්ති ආනෙඤ්ජසමාධීති පොරාණා.
[missing trans] රූප විරාග වශයෙන් පැවැති, අරමුණු විභාග වශයෙන් සිව් වැදෑරුම් වූ රූපාවචර චතුර්ථ ධ්‍යානයද, අරූපාවචර ධ්‍යානයද යන එම පස්වැදෑරුම් ධ්‍යානයන්ට ආනෙඤ්ජයයි වහරයි. එම ධ්‍යානයන් අතර යම්කිසිවක් පාදකකොට, සමවන් අර්හත්ඵල සමාධිය ආනෙඤ්ජ සමාධිය යයි පෞරාණිකයෝ කීහ.
අභික්කන්තායාති අතීතාය. නික්ඛන්තෙති නිග්ගතෙ, අපගතෙති අත්ථො. තුණ්හී අහොසීති භගවා අරියෙන තුණ්හීභාවෙන තුණ්හී අහොසි. උද්ධස්තෙ අරුණෙති උග්ගතෙ අරුණෙ, අරුණො නාම පුරත්ථිමදිසාය සූරියොදයතො පුරෙතරමෙව උට්ඨිතොභාසො. නන්දිමුඛියාති රත්තියා අරුණස්ස උග්ගතත්තා එව අරුණප්පභාය සූරියාලොකූපජීවිනො සත්තෙ නන්දාපනමුඛියා විය රත්තියා ජාතාය, විභායමානායාති අත්ථො.
අභික්කන්තාය යනු ඉක්මගිය කල්හි, නික්ඛන්තෙ යනු නික්මුණු කල්හි, පහවූ කල්හි යන අර්ථයි. තුණ්හී අහොසි යනු භාග්‍යවතුන් වහන්සේ ආර්ය නිශ්ශබ්දතාවයෙන් නිශ්ශබ්ද වූයේය. උද්ධතෙ අරුණෙ යනු අරුණ නැගි කල්හි, අරුණ නම් නැගෙනහිර දිශායෙන් සූර්යෝදයට ප්‍රථමයෙන් නැගි ආලෝකයයි. නන්දිමුඛියා යනු රැය ගෙවී අරුණ උදා වූ හෙයින්, සූර්යාලෝකයෙන් දිවි ගෙවන සත්ත්වයින් අරුණාලෝකයෙන් සතුටු කරවන ආකාරයෙන් රැය හටගත් කල්හි, බැබලෙන කල්හි යන අර්ථයි.
තම්හා සමාධිම්හා වුට්ඨහිත්වාති යථාපරිච්ඡෙදං තතො ආනෙඤ්ජසමාධිතො අරහත්තඵලසමාපත්තිතො උට්ඨාය. සචෙ ඛො ත්වං, ආනන්ද, ජානෙය්යාසීති භගවා “ඉමෙ ච භික්ඛූ එත්තකං කාලං ඉමිනා නාම සමාපත්තිසුඛෙන වීතිනාමෙන්තී”ති, ආනන්ද, යදි ත්වං ජානෙය්යාසි. එත්තකම්පි තෙ නප්පටිභාසෙය්යාති ලොකියපටිසම්මොදනං සන්ධාය යදිදං තෙ “අභික්කන්තා, භන්තෙ, රත්තී”තිආදිනා තික්ඛත්තුං පටිභානං උපට්ඨිතං, තයිදං එත්තකම්පි තෙ න උපට්ඨහෙය්‍ය. යස්මා ච ඛො ත්වං, ආනන්ද, සෙක්ඛො අසෙක්ඛං සමාපත්තිවිහාරං න ජානාසි, තස්මා මං ඉමෙසං භික්ඛූනං ලොකියපටිසම්මොදනං කාරෙතුං උස්සුක්කං ආපජ්ජි. අහං පන ඉමෙහි භික්ඛූහි සද්ධිං ලොකුත්තරපටිසම්මොදනෙනෙව තියාමරත්තිං වීතිනාමෙසින්ති දස්සෙන්තො භගවා ආහ – “අහඤ්ච, ආනන්ද, ඉමානි ච පඤ්ච භික්ඛුසතානි සබ්බෙව ආනෙඤ්ජසමාධිනා නිසීදිම්හා”ති.
තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා යනු පිරිසිඳි පරිදි එම ආනෙඤ්ජ සමාධියෙන් ද, අර්හත් ඵල සමවතින් ද නැගිට, සචෙ ඛො ත්වං ආනන්ද ජානෙය්යාසි යනු භාග්‍යවතුන් වහන්සේ, මෙම භික්ෂූහු මෙතෙක් කල් මෙනම් සමවත් සුවයෙන් කල් යවත් යයි ඉදින් ආනන්ද නුඹ දන්නෙහිද? එත්තකම්පි න නප්පටිභාසෙය්යාසි යනු ලෞකික පිළිසඳර සඳහා යම් ආකාර වූ මෙම, ස්වාමීනි, ඔබ විසින් රැය ඉක්ම ගියේ යයි ආදී ක්‍රමයෙන් තෙවරක් වැටහීම එළවන ලදි. එපමණ වූ දෙයක් ද ඔබට නො වැටහෙන්නේ ය. ආනන්දය, යම්බඳු වූ නුඹ ශෛක්ෂ්ය, අශෛක්ෂ්ය සමවත් විහරණ නොදන්නෙහිය. එහෙයින් මවිසින් මෙම භික්ෂූන්ට ලෞකික පිළිසඳර කථා කරන්ට උත්සාහවත් භාවයට පැමිණියෙමි. මම වනාහි මෙම භික්ෂූන් සමග ලෝකෝත්තර පිළිසඳර කථාවෙන් තුන්යම් රැය කල්ගත කළෙමියි දක්වන්නේ, අහඤ්ච ආනන්ද ඉමානිච පඤ්ච භික්ඛු සතානි සබ්බෙව ආනඤ්ජ සමාධිනා නිසීදිම්හ යන්න භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
එතමත්ථං විදිත්වාති එතං තෙසං භික්ඛූනං අත්තනා සමං ආනෙඤ්ජසමාධිසමාපජ්ජනසමත්ථතාසඞ්ඛාතං වසීභාවත්ථං සබ්බාකාරතො විදිත්වා. ඉමං උදානන්ති ඉමං තෙසං භික්ඛූනං අනවසෙසරාගාදිප්පහානසංසිද්ධිතාදිසභාවදීපනං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු එම භික්ෂූන්ගේ තමා සමව ආනෙඤ්ජ සමාධියට සමවැදීමේ සමර්ථතා සංඛ්‍යාත වසීභාවය සර්වාකාරයෙන් දැන ඉමං උදානං එම භික්ෂූන්ගේ ශේෂ රහිත රාගාදී ප්‍රහාණ මනාව සිදුවීම් ආදී ස්වභාවය දැක්වීම සඳහා මෙම ප්‍රීති වාක්‍යය වදාළේය.
තත්ථ යස්ස ජිතො කාමකණ්ඩකොති කුසලපක්ඛවිජ්ඣනට්ඨෙන කණ්ඩකභූතො කිලෙසකාමො යෙන අරියපුග්ගලෙන අනවසෙසං ජිතො පහීනො, එතෙනස්ස අනුනයාභාවං දස්සෙති. “ගාමකණ්ටකො”තිපි පාඨො. තස්සත්ථො – ගාමෙ කණ්ටකො කණ්ටකට්ඨානියො සකලො වත්ථුකාමො යස්ස ජිතොති. ජයො චස්ස තප්පටිබද්ධඡන්දරාගප්පහානෙනෙව වෙදිතබ්බො, තෙන තෙසං අනාගාමිමග්ගො වුත්තො හොති . අක්කොසො ච ජිතොති සම්බන්ධො. වධො ච බන්ධනඤ්චාති එත්ථාපි එසෙව නයො. තෙසු අක්කොසජයෙන වචීදුච්චරිතාභාවො, ඉතරෙන කායදුච්චරිතාභාවො දස්සිතො. තෙන තංනිමිත්තකස්ස බ්යාපාදස්ස අනවසෙසප්පහානෙන තතියමග්ගො වුත්තො හොති. අථ වා අක්කොසාදිජයවචනෙන තතියමග්ගො වුත්තො හොති, අක්කොසාදීනං අච්චන්තඛමනං තත්ථ පකාසිතං හොති, උභයථාපි නෙසං විරොධාභාවං දස්සෙති. පබ්බතො විය සො ඨිතො අනෙජොති එජා වුච්චති චලනකිලෙසපරිපන්ථො, එජාහෙතූනං අවසෙසකිලෙසානං අභාවෙන අනෙජො, අනෙජත්තායෙව සබ්බකිලෙසෙහි පරවාදවාතෙහි ච අකම්පනීයත්තා ඨිතො එකග්ඝනපබ්බතසදිසො. සුඛදුක්ඛෙසු න වෙධති ස භික්ඛූති සො භින්නකිලෙසො භික්ඛු සුඛදුක්ඛනිමිත්තං න කම්පතීති හෙට්ඨා වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො. ඉති භගවා තෙසං පඤ්චසතානං භික්ඛූනං අරහත්තාධිගමෙන තාදිභාවප්පත්තිං එකජ්ඣං කත්වා එකපුග්ගලාධිට්ඨානං උදානං උදානෙසීති.
එහි යස්සජිතො කාම කණ්ටකො යනු කුසල් පස විඳින අර්ථයෙන් කටුවක් වූ ක්ලේශකාමය යම් ආර්ය පුද්ගලයෙකු විසින් ශේෂ රහිතව දිනන ලදද? ප්‍රහීණ කරන ලදද? එයින් ඔහුගේ සංයෝජනයන්ගේ අභාවය දක්වයි ගාමකණ්ටකයැයි ද පාඨයි. එහි අර්ථය සියලු වස්තු කාමය ගමෙහි කටුවක් මෙන් සිටියේ වේ. යස්ස ජිතො යනු ඔහුගේ ජය ඒ හා බැඳි ඡන්ද රාග ප්රහාණයෙන්ම දතයුතුය. එයින් ඔවුන්ගේ අනාගාමි මාර්ගය යූ.සේයි. අක්කොසොච ජිතො ඒ හා සම්බන්ධවයි. වධොච බන්ධනඤ්ච යනු මෙහිද එම ක්‍රමයමැයි. එහි ආක්‍රෝශ ජයෙන් වාග් දුශ්චරිත අභාවයයි. අනෙකෙන් කාය දුශ්චරිත අභාවය දක්වන ලදි. එයින් එයට හේතු වූ, ව්‍යාපාදයාගේ ශේෂ රහිත ප්‍රහාණයෙන් තෙවන මාර්ගය යූ.සේයි. නොහොත් ආක්‍රෝශාදී ජය වචනයෙන් තෙවන මාර්ගය යූ.සේයි. ආක්රෝශාදීන්ගේ අත්‍යන්ත සමනය එහි ප්‍රකාශ කරන ලදුයේ වේ. දෙ අයුරින්ම ඒවාහි විරුද්ධතා ස්වභාවය දක්වයි. පබ්බතො විය සොයිතො අනෙජො යනු එජා යනු සැලෙන කෙලෙස් උවදුරයි. සැලෙන කෙලෙසුන්ගේ හේතූන්ද, සෙසු කෙලෙසුන්ගේද අභාවයෙන් අනෙජයි. අනෙජ හෙයින්ම, සියලු කෙලෙසුන්ගෙන්ද අන්‍ය මිසදිටු වාද නමැති වාතයන්ගෙන්ද, කම්පා නොවන ස්වභාවයෙන් සිටියේ තනි කළුගල් පර්වතයක් හා සමානය. සුඛ දුක්ඛෙසු න වෙධති සභික්ඛු යනු ඒ බුන් කෙලෙස් ඇති භික්ෂුව, සුව දුක් නිමිතිකොට කම්පා නොවේ යයි, යට කියන ලද අයුරින්ම අර්ථය දතයුතුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ එම පන්සියයක් භික්ෂූන්ගේ අර්හත්වාධිගමයෙන් සුවදුක්හි නොසැලෙන ස්වභාව හටගැන්ම එක්තැන් කොට ඒක පුද්ගලාධිෂ්ඨාන උදානය උදන් ඇනූ සේක.
තතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
තෘතීය සූත්‍ර වර්ණනාව නිමියේ ය.