යෙදුමෙන් කියවන්න

2. නන්‍දසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

2. නන්‍දසුත‍්තවණ‍්ණනා

2. නන්ද සූත්‍ර වර්ණනාව

දුතියෙ නන්‍දොති තස‍්ස නාමං. සො හි චක‍්කවත‍්තිලක‍්ඛණූපෙතත‍්තා මාතාපිතරො සපරිජනං සකලඤ‍්ච ඤාතිපරිවට‍්ටං නන්‍දයන‍්තො ජාතොති “නන්‍දො”ති නාමං ලභි. භගවතො භාතාති භගවතො එකපිතුපුත‍්තතාය භාතා. න හි භගවතො සහොදරා උප‍්පජ‍්ජන‍්ති, තෙන වුත‍්තං “මාතුච‍්ඡාපුත‍්තො”ති, චූළමාතුපුත‍්තොති අත්‍ථො. මහාපජාපතිගොතමියා හි සො පුත‍්තො. අනභිරතොති න අභිරතො. බ්‍රහ‍්මචරියන‍්ති බ්‍රහ‍්මං සෙට‍්ඨං උත‍්තමං චරියං එකාසනං එකසෙය්‍යං මෙථුනවිරතිං. සන්‍ධාරෙතුන‍්ති පඨමචිත‍්තතො යාවචරිමකචිත‍්තං සම‍්මා පරිපුණ‍්ණං පරිසුද‍්ධං ධාරෙතුං පවත‍්තෙතුං. දුතියෙන චෙත්‍ථ බ්‍රහ‍්මචරියපදෙන මග‍්ගබ්‍රහ‍්මචරියස‍්සාපි සඞ‍්ගහො වෙදිතබ‍්බො. සික‍්ඛං පච‍්චක‍්ඛායාති උපසම‍්පදකාලෙ භික‍්ඛුභාවෙන සද‍්ධිං සමාදින‍්නං නිබ‍්බත‍්තෙතබ‍්බභාවෙන අනුට‍්ඨිතං තිවිධම‍්පි සික‍්ඛං පටික‍්ඛිපිත්‍වා, විස‍්සජ‍්ජෙත්‍වාති අත්‍ථො. හීනායාති ගිහිභාවාය. ආවත‍්තිස‍්සාමීති නිවත‍්තිස‍්සාමි.

දෙවැන්නෙහි නන්‍දො යනු ඔහුගේ නාමයයි. ඔහු වනාහි චක්‍රවර්ති රාජ ලක්‍ෂණයන්ගෙන් යුක්ත හෙයින් මව්පියවරු, පිරිවර ජනයා, සියලු නෑ පිරිවර සතුටු කරවමින් උපන් හෙයින් නන්ද යන නාමය ලැබීය. භගවතො භාතා යනු භාග්‍යවතුන් වහන්සේගේ එක් පිය පුත්‍රතාවයෙන් සහෝදරත්වයයි. භාග්‍යවතුන් වහන්සේට සහෝදරයෝ නූපදිත්. එහෙයින් මාතුච්ඡා පුත්තොයි යූසේයි. සුලු මව් පුතු යන අර්ථයි. මහා ප්‍රජාපතී ගෝතමියගේ පුතු, අනභිරතො යනු නො ඇලුනේ. බ්‍රහ්මචරියං යනු උසස්, ශ්‍රේෂ්ඨ උතුම් චර්යාව, එක් අස්නක හිඳ අනුභවය, එක් සයනයක නිද්‍රාව, මෛථුනයෙන් වැළැක්ම, සන්‍ධාරෙතුං යනු, ප්‍රථම සිතෙහි පටන් අවසන් සිත තෙක් මනාව සම්පූර්ණ කරන්ට, පවත්වන්ට, මෙහි දෙවන බ්‍රහ්මචරිය පදයෙන් මාර්ග බ්‍රහ්ම චර්යාවගේ ද සංග්‍රහය දතයුතුය. සික්ඛං පච්චක්ඛාය යනු උපසම්පදා ප්‍රාප්තියෙහි දී භික්‍ෂුත්වය සමග සමාදන් වන ලද ඉපදවිය යුතු බැවින් නොනිමි සිව් වැදෑරුම් වූ ද ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කොට, අත්හැර යන අර්ථයි. හීනාය යනු ගිහිබව සඳහා, ආවත්තිස්සාමි යනු පෙරළෙන්නෙමි.

කස‍්මා පනායං එවමාරොචෙසීති? එත්‍ථායං අනුපුබ‍්බිකථා – භගවා පවත‍්තවරධම‍්මචක‍්කො රාජගහං ගන‍්ත්‍වා වෙළුවනෙ විහරන‍්තො “පුත‍්තං මෙ ආනෙත්‍වා දස‍්සෙථා”ති සුද‍්ධොදනමහාරාජෙන පෙසිතෙසු සහස‍්සසහස‍්සපරිවාරෙසු දසසු දූතෙසු සහ පරිවාරෙන අරහත‍්තං පත‍්තෙසු සබ‍්බපච‍්ඡා ගන‍්ත්‍වා අරහත‍්තප‍්පත‍්තෙන කාළුදායිත්‍ථෙරෙන ගමනකාලං ඤත්‍වා මග‍්ගවණ‍්ණනං වණ‍්ණෙත්‍වා ජාතිභූමිගමනාය යාචිතො වීසතිසහස‍්සඛීණාසවපරිවුත‍්තො කපිලවත්‍ථුනගරං ගන‍්ත්‍වා ඤාතිසමාගමෙ පොක‍්ඛරවස‍්සං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා වෙස‍්සන‍්තරජාතකං (ජා· 2.22.1655 ආදයො) කථෙත්‍වා පුනදිවසෙ පිණ‍්ඩාය පවිට‍්ඨො “උත‍්තිට‍්ඨෙ නප‍්පමජ‍්ජෙය්‍යා”ති (ධ· ප· 168) ගාථාය පිතරං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙත්‍වා නිවෙසනං ගන‍්ත්‍වා “ධම‍්මඤ‍්චරෙ”ති (ධ· ප· 169) ගාථාය මහාපජාපතිං සොතාපත‍්තිඵලෙ, රාජානං සකදාගාමිඵලෙ පතිට‍්ඨාපෙසි.

කවර හෙයින් මොහු මෙසේ සැලකරන ලද්දෙහිද? මේ මෙහි අනුපිළිවෙල කථාවයි. පවත්වන ලද උතුම් දම්සක් ඇති බුදුරදහු, රජගහ නුවරට ගොස් වේළුවනයෙහි වැඩ වාසය කරනුයේ ‘මට පුතු ගෙනවුත් පෙන්වුව මැනවැයි සුදොවුන් යැවූ, ලක්‍ෂයක් පිරිවර සහිත දස දූතයින්, පිරිවර සහිතව අර්හත්වයට පත් කල්හි, සියල්ලන්ට පසුව ගොස් අර්හත්වයට පත්, කාලුදායි තෙරුන් විසින් යාමට සුදුසු කල්හි දැන, මග වැනුම් වනා, උපන් බිමට යාම සඳහා ආයාචනා කරන ලදුයේ, විසිදහසක් රහතුන් පිරිවරන ලදුයේ, කිඹුල්වත් නුවරට ගොස් ඥාතීන්ගේ එකතුවීමෙහිදී වූ පොකුරු වැස්ස, මාතෘකා කොට, වෙසතුරු දා දෙසා, දෙවන දින පිඬු පිණිස පිවිසියේ, ‘උත්තිට්ඨෙ නප්ප මජ්ජෙය්‍ය’ යන ගාථාවෙන් පියතුමා සෝවාන් ඵලයෙහි පිහිටුවා, නිවෙස්නට ගොස් ‘ධම්මංචරෙ’ යන ගාථාවෙන් මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් ඵලයෙහි ද, රජු සකෘදාගාමී ඵලයෙහිද පිහිටවූ සේක.

භත‍්තකිච‍්චාවසානෙ පන රාහුලමාතුගුණකථං නිස‍්සාය චන්‍දකින‍්නරීජාතකං (ජා· 1.14.18 ආදයො) කථෙත්‍වා තතියදිවසෙ නන්‍දකුමාරස‍්ස අභිසෙකගෙහප‍්පවෙසනවිවාහමඞ‍්ගලෙසු වත‍්තමානෙසු පිණ‍්ඩාය පවිසිත්‍වා නන්‍දකුමාරස‍්ස හත්‍ථෙ පත‍්තං දත්‍වා මඞ‍්ගලං වත්‍වා උට‍්ඨායාසනා පක‍්කමන‍්තො කුමාරස‍්ස හත්‍ථතො පත‍්තං න ගණ‍්හි. සොපි තථාගතෙ ගාරවෙන “පත‍්තං තෙ, භන‍්තෙ, ගණ‍්හථා”ති වත‍්තුං නාසක‍්ඛි. එවං පන චින‍්තෙසි, “සොපානසීසෙ පත‍්තං ගණ‍්හිස‍්සතී”ති, සත්‍ථා තස‍්මිං ඨානෙ න ගණ‍්හි. ඉතරො “සොපානමූලෙ ගණ‍්හිස‍්සතී”ති චින‍්තෙසි, සත්‍ථා තත්‍ථපි න ගණ‍්හි. ඉතරො “රාජඞ‍්ගණෙ ගණ‍්හිස‍්සතී”ති චින‍්තෙසි, සත්‍ථා තත්‍ථපි න ගණ‍්හි. කුමාරො නිවත‍්තිතුකාමො අනිච‍්ඡාය ගච‍්ඡන‍්තො ගාරවෙන “පත‍්තං ගණ‍්හථා”ති වත‍්තුං න සක‍්කොති, “ඉධ ගණ‍්හිස‍්සති, එත්‍ථ ගණ‍්හිස‍්සතී”ති චින‍්තෙන‍්තො ගච‍්ඡති.

බත්කිස අවසනැ, රාහුල මව් ගුණකථනය ඇසිරිකොටැ, සඳකිඳුරු ජාතකය දෙසා, තෙවන දිනැ, නන්ද කුමරුගේ, අබිසෙස් ගෘහ ප්‍රවේශ, විවාහ මංගල්‍යයන් පවත්නා කල්හි පිඬු පිණිස පිවිසැ, නන්ද කුමරුගේ අතට පාත්‍රය දී, මගුල්දම් දෙසා, හුනස්නෙන් නැගිට ආපසු වඩිනුයේ, කුමරුගේ අතින් පාත්‍රය නොගත් සේක. ඔහුට බුදුරදුන් කෙරෙහි පැවැති ගෞරවයෙන් ස්වාමීනි, ඔබගේ පාත්‍රය ගනුමැනවැයි කියන්ට නොහැකි විය. මෙසේද සිතීය. තරප්පු මුදුනෙහිදී පාත්‍රය ගන්නේය. බුදුරදහු එතැන්හිදී නොගත්තේය. අනෙකා තරප්පු ආරම්භක ස්ථානයෙහිදී ගන්නේයයි සිතීය. බුදුරදහු එතැන්හිදීද නොගත්තේය. අනෙකා රාජාංගනයේදී ගන්නේ යයි සිතීය. බුදුරදහු එතැන්හිදීද නොගති. කුමරු නවතිනු කැමැතියේ, නොකැමැත්තෙන් යනුයේ, ගෞරවය හේතුයෙන්, පාත්‍රය ගනු මැනවැයි කියන්ට නොහැකි වේ. මෙහිදී ගන්නේය. මෙහිදී මෙහිදී ගන්නේ යයි සිතමින් යේ.

තස‍්මිං ඛණෙ ජනපදකල්‍යාණියා ආචික‍්ඛිංසු, “අය්‍යෙ භගවා, නන්‍දරාජානං ගහෙත්‍වා ගච‍්ඡති, තුම‍්හෙහි විනා කරිස‍්සතී”ති. සා උදකබින්‍දූහි පග‍්ඝරන‍්තෙහි අඩ‍්ඪුල‍්ලිඛිතෙහි කෙසෙහි වෙගෙන පාසාදං ආරුය‍්හ සීහපඤ‍්ජරද‍්වාරෙ ඨත්‍වා “තුවටං ඛො, අය්‍යපුත‍්ත, ආගච‍්ඡෙය්‍යාසී”ති ආහ. තං තස‍්සා වචනං තස‍්ස හදයෙ තිරියං පතිත්‍වා විය ඨිතං. සත්‍ථාපිස‍්ස හත්‍ථතො පත‍්තං අග‍්ගහෙත්‍වාව තං විහාරං නෙත්‍වා “පබ‍්බජිස‍්සසි නන්‍දා”ති ආහ. සො බුද‍්ධගාරවෙන “න පබ‍්බජිස‍්සාමී”ති අවත්‍වා, “ආම, පබ‍්බජිස‍්සාමී”ති ආහ. සත්‍ථා තෙන හි නන්‍දං පබ‍්බාජෙථාති කපිලවත්‍ථුපුරං ගන‍්ත්‍වා තතියදිවසෙ තං පබ‍්බාජෙසි. සත‍්තමෙ දිවසෙ මාතරා අලඞ‍්කරිත්‍වා පෙසිතං “දායජ‍්ජං මෙ, සමණ, දෙහී”ති වත්‍වා අත‍්තනා සද‍්ධිං ආරාමාගතං රාහුලකුමාරං පබ‍්බාජෙසි. පුනෙකදිවසං මහාධම‍්මපාලජාතකං (ජා· 1.10.92 ආදයො) කථෙත්‍වා රාජානං අනාගාමිඵලෙ පතිට‍්ඨාපෙසි.

එකෙණෙහි ආර්යාවනි, බුදුරදහු නන්ද රජුන් ගෙන යේ. ඔහු ඔබගෙන් වෙන් කරන්නේ යයි ජනපද කල්‍යාණියට නිවැසියෝ කීහ. ඕ දියබිඳු වැගිරෙන, අඩක් පණා ගැසූ කෙස්වලින් යුක්තව, වේගයෙන් පහයට නැග, සීමැදුරු කවුළුවෙහි සිට, ආර්යපුත්‍රය, ඉක්මන් කොට එනු මැනවැයි කීවාය. ඇයගේ එම වචනය ඔහුගේ හෘදයෙහි හරස්ව වැටුනාක් මෙන් සිටියේය. බුදුරදහු ද ඔහුගේ අතින් පාත්‍රය නොගෙනම ඔහු විහාරයට ගෙන ගොස්, නන්ද, පැවිදි වන්නෙහිදැයි වදාළේය. හෙතෙම බුද්ධ ගෞරවයෙන් පැවිදි නොවන්නෙමියි නොකියා, එසේය පැවිදි වන්නෙමියි කීය. බුදුරදහු, එසේ නම් නන්ද පැවිදි කරව් යයි කපිලවස්තු පුරයට ගොස් තෙවන දින ඔහු පැවිදි කරවීය. සත්වන දින, මව විසින් සරසා, ශ්‍රමණය මට දායාද දෙවයි කියා යවන ලද, තමා සමග පැමිණි රාහුල කුමරු පැවිදි කරවීය. දෙවන දින මහා ධර්මපාල ජාතකය දේශනාකොට, රජු අනාගාමී ඵලයෙහි පිහිටුවීය.

ඉති භගවා මහාපජාපතිං සොතාපත‍්තිඵලෙ, පිතරං තීසු ඵලෙසු පතිට‍්ඨාපෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො පුනදෙව රාජගහං ගන‍්ත්‍වා තතො අනාථපිණ‍්ඩිකෙන සාවත්‍ථිං ආගමනත්‍ථාය ගහිතපටිඤ‍්ඤො නිට‍්ඨිතෙ ජෙතවනමහාවිහාරෙ තත්‍ථ ගන‍්ත්‍වා වාසං කප‍්පෙසි. එවං සත්‍ථරි ජෙතවනෙ විහරන‍්තෙ ආයස‍්මා නන්‍දො අත‍්තනො අනිච‍්ඡාය පබ‍්බජිතො කාමෙසු අනාදීනවදස‍්සාවී ජනපදකල්‍යාණියා වුත‍්තවචනමනුස‍්සරන‍්තො උක‍්කණ‍්ඨිතො හුත්‍වා භික‍්ඛූනං අත‍්තනො අනභිරතිං ආරොචෙසි. තෙන වුත‍්තං “තෙන ඛො පන සමයෙන ආයස‍්මා නන්‍දො…පෙ… හීනායාවත‍්තිස‍්සාමී”ති.

මෙසේ බුදුරදහු, මහා ප්‍රජාපතිය සෝවාන් ඵලයෙහිද, පියරජු ත්‍රිවිධ ඵලයන්හිද, පිහිටුවා භික්‍ෂු සංඝයා පිරිවරන ලදුයේ, නැවත රජගහ නුවරට ගොස්, ඉක්බිති අනේපිඬු සිටුහු විසින් සැවතට පැමිණීම සඳහා ගන්නා ලද ප්‍රතිඥා ඇතියේ දෙව්රම් වෙහෙර නිමි කල්හි එහි ගොස් වාසය කළ සේක. මෙසේ බුදුරදහු, දෙව්රම වාසය කරන කල්හි, ආයුෂ්මත් නන්ද භික්‍ෂුව, තම නොකැමැත්තෙන් පැවිදි වූ හෙයින්, කාමයන්හි ආදීනව නොදක්නේ ජනපද කල්‍යාණිය විසින් කියන ලද වචන සිහිකරනුයේ, කළකිරුණේ, භික්‍ෂූන්ට තම නොඇල්ම සැල කළේය. එහෙයින් කියන ලදි. තෙන ඛො පන සමයෙන ආයස්මා නන්‍දො -පෙ- හීනායාවත්තිස්සාමීති ‘එකල්හි වනාහි ආයුෂ්මත් නන්ද භික්‍ෂුව ගිහි බවට පරිවර්තනය වන්නෙමියි,

කස‍්මා පන නං භගවා එවං පබ‍්බාජෙසීති? “පුරෙතරමෙව ආදීනවං දස‍්සෙත්‍වා කාමෙහි නං විවෙචෙතුං න සක‍්කා, පබ‍්බාජෙත්‍වා පන උපායෙන තතො විවෙචෙත්‍වා උපරිවිසෙසං නිබ‍්බත‍්තෙස‍්සාමී”ති වෙනෙය්‍යදමනකුසලො සත්‍ථා එවං නං පඨමං පබ‍්බාජෙසි.

කවර හෙයින්, භාග්‍යවතුන් වහන්සේ ඔහු මෙසේ පැවිදි කරන ලද්දේ ද? ප්‍රථමයෙන්ම ආදීනව දක්වා, ඔහු කාමයන්ගෙන් වෙන් කරන්ට නොහැක. පැවිදි කරවා උපායෙන් ඉන් වෙන්කොට මතු විශේෂතා උපදවන්නෙමියි, මතු මාර්ග ඵලාධිගමලාභීන් හික්මවීමෙහි හික්මවිය යුතු ජනයන් හික්මවීමෙහි දක්ෂ වූ ශාස්තෲන් වහන්සේ මෙසේ ඔහු ප්‍රථමයෙන් පැවිදි කරවූ සේක.

සාකියානීති සක්‍යරාජධීතා. ජනපදකල්‍යාණීති ජනපදම‍්හි කල්‍යාණී රූපෙන උත‍්තමා ඡසරීරදොසරහිතා, පඤ‍්චකල්‍යාණසමන‍්නාගතා. සා හි යස‍්මා නාතිදීඝා නාතිරස‍්සා නාතිකිසා නාතිථූලා නාතිකාළිකා නච‍්චොදාතා අතික‍්කන‍්තා මානුසකවණ‍්ණං අප‍්පත‍්තා දිබ‍්බවණ‍්ණං, තස‍්මා ඡසරීරදොසරහිතා. ඡවිකල්‍යාණං මංසකල්‍යාණං නඛකල්‍යාණං අට‍්ඨිකල්‍යාණං වයකල්‍යාණන‍්ති ඉමෙහි පඤ‍්චහි කල්‍යාණෙහි සමන‍්නාගතා.

සාකියානි යනු සෑදූ, ජනපද කල්‍යාණි යනු ෂට් ශරීර දෝෂ රහිත, පස් කලණින් යුත්, රුවින් උතුම් දනව්හි කලණ, ඕ අති දීර්ඝ (උස්) නුවූයේ, ඉතා නූස්ව (මිටි) නුවූයේ, අතිශය කෘශ නුවූයේ, අතිශය ස්ථුල නුවූයේ, අතිශය කළු නුවූයේ, අතිශය සුදු නුවූයේ, මිනිස් වර්ණ ඉක්ම ගියේ, නොපත් දිව්‍ය වර්ණ වූවාය. එහෙයින් ෂට් ශරීර දෝෂ රහිත, සිවි, මස්, නිය, ඇට, වයස් යන මෙම පංච කල්‍යාණයන්ගෙන් යුක්ත වූවාය.

තත්‍ථ අත‍්තනො සරීරොභාසෙන දසද‍්වාදසහත්‍ථෙ ඨානෙ ආලොකං කරොති, පියඞ‍්ගුසමා වා සුවණ‍්ණසමා වා හොති, අයමස‍්සා ඡවිකල්‍යාණතා. චත‍්තාරො පනස‍්සා හත්‍ථපාදා මුඛපරියොසානඤ‍්ච ලාඛාරසපරිකම‍්මකතං විය රත‍්තපවාළරත‍්තකම‍්බලෙන සදිසං හොති, අයමස‍්සා මංසකල්‍යාණතා. වීසති නඛපත‍්තානි මංසතො අමුත‍්තට‍්ඨානෙ ලාඛාරසපරිකිතානි විය මුත‍්තට‍්ඨානෙ ඛීරධාරාසදිසානි හොන‍්ති, අයමස‍්සා නඛකල්‍යාණතා. ද‍්වත‍්තිංසදන‍්තා සුඵුසිතා පරිසුද‍්ධපවාළපන‍්තිසදිසා වජිරපන‍්තී විය ඛායන‍්ති, අයමස‍්සා අට‍්ඨිකල්‍යාණතා. වීසතිවස‍්සසතිකාපි සමානා සොළසවස‍්සුද‍්දෙසිකා විය හොති නිප‍්පලිතා, අයමස‍්සා වයකල්‍යාණතා. සුන්‍දරී ච හොති එවරූපගුණසමන‍්නාගතා, තෙන වුත‍්තං “ජනපදකල්‍යාණී”ති.

එහි තම ශරීරාලෝකයෙන් දස දොළොස් රියන් තැන් ආලෝකමත් කරයි. පියඟු (තණහාල්) හා සම වූයේ හෝ ස්වර්ණ සම වූයේ හෝ වේ. මේ මැයගේ සිවි කළණතාවයයි. මුව කෙළවරකොට ඇති මැයගේ සිව් අත්පා ලාකඩ රසයෙන් ලාකඩ රසයෙන් පිරියම් කරන ලද්දක් මෙන් ද, රත්පබලු රත් කම්බිලියක් හා සමාන වෙති. මේ මැයගේ මංස කල්‍යාණතාවයයි. විසි නිය මාංශයෙන් නොමුත් තන්හි ලාක්‍ෂා රසයෙන් පිරී ගියාක් මෙන්ද, මුත් තන්හි ක්‍ෂීර ධාරාවක් මෙන් වෙති. මේ මැයගේ නිය කලණතාවයයි. එකිනෙක මනා ස්පර්ශිත දෙතිස් දත් පිරිසිදු පබලු පෙළක් මෙන්ද, දියමන්ති පෙළක් මෙන්ද වැටහෙති. මේ මැයගේ අස්ථි කල්‍යාණතාවයයි. එකසිය විසි වර්ෂ වයස් ප්‍රමාණ වූයේ නමුත්, සොළොස් වයස් සොළොස් වර්ෂ වයස් සමාන වූයේ මෙන් හම රැළි නොවැටුණේ, මේ මැයගේ වයස් කල්‍යාණතාවයයි. මෙබඳු ස්වභාව ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූවා මනා පැහැපත් පෙනුමෙන් යුක්ත වේ. එහෙයින් ජනපද කල්‍යාණියයි යූ.සේයි.

ඝරා නික‍්ඛමන‍්තස‍්සාති අනාදරෙ සාමිවචනං, ඝරතො නික‍්ඛමතොති අත්‍ථො. “ඝරා නික‍්ඛමන‍්ත”න‍්තිපි පඨන‍්ති. උපඩ‍්ඪුල‍්ලිඛිතෙහි කෙසෙහීති ඉත්‍ථම‍්භූතලක‍්ඛණෙ කරණවචනං, විප‍්පකතුල‍්ලිඛිතෙහි කෙසෙහි උපලක‍්ඛිතාති අත්‍ථො. “අඩ‍්ඪුල‍්ලිඛිතෙහී”තිපි පඨන‍්ති. උල‍්ලිඛනන‍්ති ච ඵණකාදීහි කෙසසණ‍්ඨාපනං, “අඩ‍්ඪකාරවිධාන”න‍්තිපි වදන‍්ති. අපලොකෙත්‍වාති සිනෙහරසවිප‍්ඵාරසංසූචකෙන අඩ‍්ඪක‍්ඛිනා ආබන්‍ධන‍්තී විය ඔලොකෙත්‍වා. මං, භන‍්තෙති පුබ‍්බෙපි “ම”න‍්ති වත්‍වා උක‍්කණ‍්ඨාකුලචිත‍්තතාය පුන “මං එතදවොචා”ති ආහ. තුවටන‍්ති සීඝං. තමනුස‍්සරමානොති තං තස‍්සා වචනං, තං වා තස‍්සා ආකාරසහිතං වචනං අනුස‍්සරන‍්තො.

ඝරා නික්ඛමන්තස්ස යනු අනාදරයෙහි ෂෂ්ඨි වචනයි. ගෘහයෙන් නික්මෙන්නහුගේ යන අර්ථයි. සරා නික්ඛමන්තංයිද කියවත්. උපඩ්ඪුල්ලිඛිතෙහි කෙසෙහි යනු මෙසේ වූයේය යන ලක්‍ෂණයෙහි කරණ වචනයි. පීරීම අඩාල කළ කේෂයන්ගෙන් උපලක්‍ෂිතාවයයි අර්ථයි. අඩ්ඪුල්ලිඛිතෙහි යයි ද කියවති. උල්ලිඛිතං යනු නයි පෙණයක් මෙන් සෑදූ උපකරණයන්ගෙන් කෙසේ මනාසේ පිහිටුවීමයි. අද්ධුකා විධානංයි ද කියවති. අපලොකෙත්‍වා යනු ආදර රස විසුරුවීම හඟවන අඩ ඇසින් සම්බන්ධ කරන්නාක් මෙන් බලා. මං භන්තෙ යනු පෙරද මා හට යයි කියා කලකිරීමෙන් අවුල් වූ සිත් බැවින් නැවත මා හට එය කිවුයයි කීය. තුවටං යනු සීඝ්‍ර, තමනුස්සරමානො යනු ඒ ඇයගේ වචනය. ඒ ඇයගේ ආකාර සහිත වූ හෝ වචනය සිහි කරනුයේ

භගවා තස‍්ස වචනං සුත්‍වා “උපායෙනස‍්ස රාගං වූපසමෙස‍්සාමී”ති ඉද‍්ධිබලෙන නං තාවතිංසභවනං නෙන‍්තො අන‍්තරාමග‍්ගෙ එකස‍්මිං ඣාමඛෙත‍්තෙ ඣාමඛාණුමත්‍ථකෙ නිසින‍්නං ඡින‍්නකණ‍්ණනාසානඞ‍්ගුට‍්ඨං එකං පලුට‍්ඨමක‍්කටිං දස‍්සෙත්‍වා තාවතිංසභවනං නෙසි. පාළියං පන එකක‍්ඛණෙනෙව සත්‍ථාරා තාවතිංසභවනං ගතං විය වුත‍්තං, තං ගමනං අවත්‍වා තාවතිංසභවනං සන්‍ධාය වුත‍්තං. ගච‍්ඡන‍්තොයෙව හි භගවා ආයස‍්මතො නන්‍දස‍්ස අන‍්තරාමග‍්ගෙ තං පලුට‍්ඨමක‍්කටිං දස‍්සෙති. යදි එවං කථං සමිඤ‍්ජනාදිනිදස‍්සනං? තං අන‍්තරධානනිදස‍්සනන‍්ති ගහෙතබ‍්බං. එවං සත්‍ථා තං තාවතිංසභවනං නෙත්‍වා සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො උපට‍්ඨානං ආගතානි කකුටපාදානි පඤ‍්ච අච‍්ඡරාසතානි අත‍්තානං වන්‍දිත්‍වා ඨිතානි දස‍්සෙත්‍වා ජනපදකල්‍යාණියා තාසං පඤ‍්චන‍්නං අච‍්ඡරාසතානං රූපසම‍්පත‍්තිං පටිච‍්ච විසෙසං පුච‍්ඡි. තෙන වුත‍්තං – “අථ ඛො භගවා ආයස‍්මන‍්තං නන්‍දං බාහායං ගහෙත්‍වා…පෙ… කකුටපාදානී”ති.

භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ වචනය අසා “උපායෙන් ඔහුගේ රාගය සන්සිඳුවන්නෙමි”යි සෘද්ධි බලයෙන් ඔහු තව්තිසා භවනයට ගෙන යනුයේ අතරමග දැවුණු කෙතක, දැවුණු කණුවක් මත්තෙහි හුන් සිඳුණු කන් නාසා නගුට හිත එක් පුළුටු වැඳිරියක් පෙන්වා පසුව තව්තිසා භවනය පෙන්විය. පෙළෙහි වනාහි එකෙණෙහිම ශාස්තෲන් වහන්සේ තව්තිසා භවනයට වැඩම කළාක් මෙන් යූ.සේයි. ගමනේදී වූ තොරතුරු නොකියා, තව්තිසා භවනය පිළිබඳ පමණක් යූ.සේයි. වඩනා වූ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දට අතරමග එම පලුටු වැඳිරිය පෙන්වීය. එසේනම් අත් දිගු කිරීම් වක් කිරීම් ආදිය කවර හෙයින් දැක්වීද? එය අතුරුදහන් වීම දැක්වීමට යයි ගතයුතුය. මෙසේ ශාස්තෲන් වහන්සේ, ඔහු තව්තිසා භවනට ගෙන ගොස්, සක්දෙව් රදුන්ට උවටැන් සඳහා පැමිණි පරෙවි පා බඳු පන්සියයක් පමණ වූ දෙවඟනෝ, තමන් වහන්සේ වැඳ සිටියාහු පෙන්වා, එම පන්සියයක් පමණ වූ දිව්‍යප්සරාවන්ගේ රූප සම්පත්තිය, ඇසිරිකොට ජනපද කල්‍යාණියගේ විශේෂතාව විචාළ සේක. එහෙයින්, අථඛො භගවා ආයස්මන්තං නන්‍දං බාහාය ගහෙත්‍වා -පෙ- කකුට පාදානි’යි යූ.සේයි.

තත්‍ථ බාහායං ගහෙත්‍වාති බාහුම‍්හි ගහෙත්‍වා විය. භගවා හි තදා තාදිසං ඉද‍්ධාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛාරෙසි, යථා ආයස‍්මා නන්‍දො භුජෙ ගහෙත්‍වා භගවතා නීයමානො විය අහොසි. තත්‍ථ ච භගවතා සචෙ තස‍්ස ආයස‍්මතො තාවතිංසදෙවලොකස‍්ස දස‍්සනං පවෙසනමෙව වා ඉච‍්ඡිතං සියා, යථානිසින‍්නස‍්සෙව තස‍්ස තං දෙවලොකං දස‍්සෙය්‍ය ලොකවිවරණිද‍්ධිකාලෙ විය, තමෙව වා ඉද‍්ධියා තත්‍ථ පෙසෙය්‍ය. යස‍්මා පනස‍්ස දිබ‍්බත‍්තභාවතො මනුස‍්සත‍්තභාවස‍්ස යො නිහීනජිගුච‍්ඡනීයභාවො, තස‍්ස සුඛග‍්ගහණත්‍ථං අන‍්තරාමග‍්ගෙ තං මක‍්කටිං දස‍්සෙතුකාමො, දෙවලොකසිරිවිභවසම‍්පත‍්තියො ච ඔගාහෙත්‍වා දස‍්සෙතුකාමො අහොසි, තස‍්මා තං ගහෙත්‍වා තත්‍ථ නෙසි. එවඤ‍්හිස‍්ස තදත්‍ථං බ්‍රහ‍්මචරියවාසෙ විසෙසතො අභිරති භවිස‍්සතීති.

එහි බාහාය ගහෙත්‍වා යනු, අතෙහි අල්වා ගත්තාක් මෙන්, භාග්‍යවතුන් වහන්සේ එකල්හි එවැනි සෘද්ධි සැකසීමක් සම්පාදනය කළ සේක. ආයුෂ්මත් නන්දයා අත් ගෙනැ භාග්‍යවතුන් වහන්සේ ගෙන යන්නාක් මෙන් විය. භාග්‍යවතුන් වහන්සේ විසින් එම ආයුෂ්මතුන්ට දෙව්ලෝ දැක්වීම ඔහුගේ කැමැත්තෙන්ම හෝ වන්නේය. ලෝක විවරණ සෘද්ධික ලෑමෙන්, හුන් අයුරින්ම ඔහුට එම දිව්‍යලෝකය පෙන්වන්නේය. ඔහු හෝ සෘද්ධියෙන් එහි යවන්නේය. ඔහුට දිව්‍යාත්ම භාවයෙන්, මනුෂ්‍යාත්ම භාවයෙන් යම් නිහීන පිළිකුල් භාවයක් වේද? ඔහුට එය සුවසේ ග්‍රහණය සඳහා අතරතුර, එම වැඳිරිය පෙන්වනු කැමැතියේ, දෙව්ලෝ සෞභාග්‍යය ධන සම්පත්තීන්හි කිඳා බස්වා පෙන්වනු කැමැත්තේ විය. එහෙයින් ඔහු අතින් ගෙන එහි පැමිණවීය. මෙසේ ඔහුට බ්‍රහ්මචර්ය වාසයෙහි ඇල්ම වන්නේය.

කකුටපාදානීති රත‍්තවණ‍්ණතාය පාරාවතසදිසපාදානි. තා කිර සබ‍්බාපි කස‍්සපස‍්ස භගවතො සාවකානං පාදමක‍්ඛනතෙලදානෙන තාදිසා සුකුමාරපාදා අහෙසුං. පස‍්සසි නොති පස‍්සසි නු. අභිරූපතරාති විසිට‍්ඨරූපතරා. දස‍්සනීයතරාති දිවසම‍්පි පස‍්සන‍්තානං අතිත‍්තිකරණට‍්ඨෙන පස‍්සිතබ‍්බතරා. පාසාදිකතරාති සබ‍්බාවයවසොභාය සමන‍්තතො පසාදාවහතරා.

කකුටපාදානි යනු රක්තවර්ණ හෙයින් පරෙවි පාද සම පාද, ඈලා සියල්ලෝම කාශ්‍යප බුදුරජුන්ගේ ශ්‍රාවකයින්ට පා ගල්වන තෙල් දානයෙන් එබඳු සියුම් පා වූහ. පස්සසි නො යනු දක්නහුද? අභිරූපතරා යනු අති විශිෂ්ට රූපත් බවින්, දස්සනීය තරා යනු මුලු දවසම බලනවුන්ට අතෘප්තිකරණාර්ථයෙන් අතිශයින් දැකිය යුතු, පාසාදික තරා යනු සියලු අවයව බැබලීමෙන් හාත්පස ප්‍රසාද එළවන සුළු,

කස‍්මා පන භගවා අවස‍්සුතචිත‍්තං ආයස‍්මන‍්තං නන්‍දං අච‍්ඡරායො ඔලොකාපෙසි? සුඛෙනෙවස‍්ස කිලෙසෙ නීහරිතුං. යථා හි කුසලො වෙජ‍්ජො උස‍්සන‍්නදොසං පුග‍්ගලං තිකිච‍්ඡන‍්තො සිනෙහපානාදිනා පඨමං දොසෙ උක‍්කිලෙදෙත්‍වා පච‍්ඡා වමනවිරෙචනෙහි සම‍්මදෙව නීහරාපෙති, එවං විනෙය්‍යදමනකුසලො භගවා උස‍්සන‍්නරාගං ආයස‍්මන‍්තං නන්‍දං දෙවච‍්ඡරායො දස‍්සෙත්‍වා උක‍්කිලෙදෙසි අරියමග‍්ගභෙසජ‍්ජෙන අනවසෙසතො නීහරිතුකාමොති වෙදිතබ‍්බං.

කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ රාගයෙන් තෙත් වූ සිතැති ආයුෂ්මත් නන්ද තෙරුන් ලවා අප්සරාවන් බලවන ලද්දේද යත්, ඔහුගේ කෙලෙස් සුවසේ අත්හැරීමටය. යම්සේ වනාහි දක්‍ෂ වෙදැදුරු උත්සන්න දොසැති පුඟුලෙකුට ප්‍රතිකාර කරනුයේ, තෙල්, අරිෂ්ඨාදියෙන් පළමුව දොස් සංසිඳුවා පසුව, වමන විරේචනයන්ගෙන් මනාව දොස් ඉවත් කරවයි. මෙසේ හික්මවිය යුතු අය දමනයෙහි දක්ෂ භාග්‍යවතුන් වහන්සේ, කෙලෙස් උත්සන්න වූ ආයුෂ්මත් නන්දට දිව්‍යාප්සරාවන් පෙන්වා කෙලෙස් සංසිඳවිය. ආර්ය මාර්ග නමැති බෙහෙදින්, සේස රහිතව බැහැර කරනු කැමැතියේ යයි දතයුතුය.

පලුට‍්ඨමක‍්කටීති ඣාමඞ‍්ගපච‍්චඞ‍්ගමක‍්කටී. එවමෙව ඛොති යථා සා, භන‍්තෙ, තුම‍්හෙහි මය‍්හං දස‍්සිතා ඡින‍්නකණ‍්ණනාසා පලුට‍්ඨමක‍්කටී ජනපදකල්‍යාණිං උපාදාය , එවමෙව ජනපදකල්‍යාණී ඉමානි පඤ‍්ච අච‍්ඡරාසතානි උපාදායාති අත්‍ථො. පඤ‍්චන‍්නං අච‍්ඡරාසතානන‍්ති උපයොගෙ සාමිවචනං, පඤ‍්ච අච‍්ඡරාසතානීති අත්‍ථො. අවයවසම‍්බන්‍ධෙ වා එතං සාමිවචනං, තෙන පඤ‍්චන‍්නං අච‍්ඡරාසතානං රූපසම‍්පත‍්තිං උපනිධායාති අධිප‍්පායො. උපනිධායාති ච සමීපෙ ඨපෙත්‍වා, උපාදායාති අත්‍ථො. සඞ‍්ඛ්‍යන‍්ති ඉත්‍ථීති ගණනං. කලභාගන‍්ති කලායපි භාගං, එකං සොළසකොට‍්ඨාසෙ කත්‍වා තතො එකකොට‍්ඨාසං ගහෙත්‍වා සොළසධා ගණිතෙ තත්‍ථ යො එකෙකො කොට‍්ඨාසො, සො කලභාගොති අධිප‍්පෙතො, තම‍්පි කලභාගං න උපෙතීති වදති. උපනිධින‍්ති “ඉමාය අයං සදිසී”ති උපමාභාවෙන ගහෙත්‍වා සමීපෙ ඨපනම‍්පි.

පලුට්ඨ මක්කටී යනු දැවී ගිය අඟපසඟ ඇති වැඳිරිය. එවමෙව ඛො යනු ස්වාමීනි, මෙම පන්සියයක් පමණ දිව්‍යප්සරාවන් හා සැසඳීමෙහිදී ජනපද කල්‍යාණිය ඔබ විසින් මා හට පෙන්වන ලද, සිඳුණු කන් නාසා ඇති දැවී ගිය වැඳිරිය හා සමානය. පඤ්චන්නං අච්ඡරා සතානං යනු ද්විතියාර්ථයෙහි ෂෂ්ඨියි. පන්සියයක් අප්සරාවන් යන අර්ථයි. අවයව සම්බන්ධයෙහි හෝ එය ෂෂ්ඨියි. එම පන්සියයක් පමණ රූ පසුව සමානකොට යන අර්ථයි. උපනිධාය යනු සමීපයෙහි තබා සමාන කොට යන අර්ථයි. සඛ්ඛං යනු ගණනයි. කලභාගං යනු කලාවෙන් භාගය, එකක් සොළොස් කොටසක් කොට, ඉන් එක් කොටසක් ගෙන, සොළොස් අයුරකට වෙන්කොට ගත් කල්හි එහි යම් එක් එක් කොටසක් වේද? එය කල භාගයයි. අදහස් කරන ලදි. එම කල භාගය තරම්වත් ප්‍රමාණයකට නොඑළඹේ යයි කියයි. උපනිධිං යනු මෙයට මෙය සමානයැයි උපමා භාවයෙන් ගෙන සමීපයෙහි තැබීමද,

යත්‍ථායං අනභිරතො, තං බ්‍රහ‍්මචරියං පුබ‍්බෙ වුත‍්තං පාකටඤ‍්චාති තං අනාමසිත්‍වා තත්‍ථ අභිරතියං ආදරජනනත්‍ථං අභිරම, නන්‍ද, අභිරම, නන්‍දා”ති ආමෙඩිතවසෙන වුත‍්තං. අහං තෙ පාටිභොගොති කස‍්මා භගවා තස‍්ස බ්‍රහ‍්මචරියවාසං ඉච‍්ඡන‍්තො අබ්‍රහ‍්මචරියවාසස‍්ස පාටිභොගං උපගඤ‍්ඡි? යත්‍ථස‍්ස ආරම‍්මණෙ රාගො දළ‍්හං නිපති, තං ආගන‍්තුකාරම‍්මණෙ සඞ‍්කාමෙත්‍වා සුඛෙන සක‍්කා ජහාපෙතුන‍්ති පාටිභොගං උපගඤ‍්ඡි. අනුපුබ‍්බිකථායං සග‍්ගකථා ඉමස‍්ස අත්‍ථස‍්ස නිදස‍්සනං.

යමක් සඳහා නොඇලුනේ එම බ්‍රහ්මචර්යයෙහි හැසිරුණේ යයි පෙර කියන ලද්ද ප්‍රකටය. එය ස්පර්ශ නොකොට, එහි ඇල්ම, ආදරය හට ගැන්වීම සඳහා නන්දයෙනි, සස්නෙහි සිත් අලව, නන්දයෙනි සස්නෙහි සිත් අලව යනුවෙන් ආමෙණ්ඩිත වශයෙන් (දෙවරක් කීම්) යූ.සේයි. අහං තෙ පාටිභොගො යනු කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ, ඔහුගේ බ්‍රහ්මචර්ය වාසය කැමැති වනුයේ, අබ්‍රහ්මචර්ය වාසයට ඇපයට එළැඹියේද? මොහුගේ යම් අරමුණෙක්හි ඇල්ම දැඩිව වැටේද? එම ආගන්තුක අරමුණෙහි පොළඹවා පහසුවෙන් අත්හැරවීමට හැකිවේයයි ඇපයට එළැඹි සේක. පිළිවෙල කථායෙහි ස්වර්ග කථාව මෙම අර්ථයට නිදර්ශනයකි.

අස‍්සොසුන‍්ති කථමස‍්සොසුං? භගවා හි තදා ආයස‍්මන‍්තෙ නන්‍දෙ වත‍්තං දස‍්සෙත්‍වා අත‍්තනො දිවාට‍්ඨානං ගතෙ උපට‍්ඨානං ආගතානං භික‍්ඛූනං තං පවත‍්තිං කථෙත්‍වා යථා නාම කුසලො පුරිසො අනික‍්ඛන‍්තං ආණිං අඤ‍්ඤාය ආණියා නීහරිත්‍වා පුන තං හත්‍ථාදීහි සඤ‍්චාලෙත්‍වා අපනෙති, එවමෙව ආචිණ‍්ණවිසයෙ තස‍්ස රාගං ආගන‍්තුකවිසයෙන නීහරිත්‍වා පුන තදපි බ්‍රහ‍්මචරියමග‍්ගහෙතුං කත්‍වා අපනෙතුකාමො “එථ තුම‍්හෙ, භික‍්ඛවෙ, නන්‍දං භික‍්ඛුං භතකවාදෙන ච උපක‍්කිතකවාදෙන ච සමුදාචරථා”ති ආණාපෙසි, එවං භික‍්ඛූ අස‍්සොසුං. කෙචි පන “භගවා තථාරූපං ඉද‍්ධාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛාරෙසි, යථා තෙ භික‍්ඛූ තමත්‍ථං ජානිංසූ”ති වදන‍්ති.

අස්සොසුං යනු කෙසේ ඇසූහුද? භාග්‍යවතුන් වහන්සේ වනාහි, එකල්හි ආයුෂ්මත් නන්දයන් වත් දක්වා තමා දිවා වාසස්ථානයට ගිය කල්හි, උවටැනට පැමිණි භික්‍ෂූන්ට එපවත් කියා, යම්සේ නම්, දක්ෂ පුරුෂයෙක් මැඩුණු ඇණයක් අනෙක් ඇණයකින් පිටතට ගෙන නැවත එය අත් ආදියෙන් සොලවා ඉවත් කෙරේද? එපරිද්දෙන්ම පුරුදු කරන ලද විෂයයෙහි පැවැති එහුගේ රාගය ආගන්තුක විෂයයෙන් ඉවත්කොට නැවත එම බ්‍රහ්මචර්ය මාර්ගයට හේතුකොට ඉවත් කරනු කැමැතියේ, මහණෙනි, එව් නුඹලා නන්ද භික්‍ෂුවට බැළයෙක, විකුණා ගන්නා ලද්දෙක යන වචනයෙන් ද ව්‍යවහාර කරව් යයි අණ කළ සේක. මෙසේ භික්‍ෂූහු ඇසූහ. සමහරු වනාහි, භාග්‍යවතුන් වහන්සේ, යම්සේ එම භික්‍ෂූහු එම කරුණ දැනගනිත්වායි එයට සුදුසු (එබඳු) සෘද්ධි ප්‍රාතිහාර්යයක් සම්පාදනය කෙළේය.

භතකවාදෙනාති භතකොති වාදෙන. යො හි භතියා කම‍්මං කරොති, සො භතකොති වුච‍්චති, අයම‍්පි ආයස‍්මා අච‍්ඡරාසම‍්භොගනිමිත‍්තං බ්‍රහ‍්මචරියං චරන‍්තො භතකො විය හොතීති වුත‍්තං “භතකවාදෙනා”ති . උපක‍්කිතකවාදෙනාති යො කහාපණාදීහි කිඤ‍්චි කිණාති, සො උපක‍්කිතකොති වුච‍්චති, අයම‍්පි ආයස‍්මා අච‍්ඡරානං හෙතු අත‍්තනො බ්‍රහ‍්මචරියං කිණාති, තස‍්මා “උපක‍්කිතකො”ති එවං වචනෙන. අථ වා භගවතො ආණාය අච‍්ඡරාසම‍්භොගසඞ‍්ඛාතාය භතියා බ්‍රහ‍්මචරියවාසසඞ‍්ඛාතං ජීවිතං පවත‍්තෙන‍්තො තාය භතියා යාපනෙ භගවතා භරියමානො විය හොතීති “භතකො”ති වුත‍්තො, තථා අච‍්ඡරාසම‍්භොගසඞ‍්ඛාතං වික‍්කයං ආදාතබ‍්බං කත්‍වා භගවතො ආණත‍්තියං තිට‍්ඨන‍්තො තෙන වික‍්කයෙන භගවතා උපක‍්කිතො විය හොතීති වුත‍්තං “උපක‍්කිතකො”ති.

භතක වාදෙන යනු බැළයෙක යන වචනයෙන්, යමෙක් වනාහි කුළියට කටයුතු කරයිද? ඔහු කුලී කරුයයි කියයි. මේ ආයුෂ් තෙමේද. අප්සරාවන්ගේ එක්වීම හේතුකොට බඹසර සරනුයේ බැළයෙක් මෙන් වේයයි භතක වාදයෙන් යයි යූ.සේයි. උපක්කිතකවාදෙන යනු යමෙක් කහවණු ආදීන්ගෙන් යම් යම් දේ මිලදී ගනීද? එහු මිලදී ගන්නා යයි කියනු ලැබේ. මේ ආයුෂ්මත් තෙමේ ද, අප්සරාවන්ගේ හේතුයෙන් තම බ්‍රහ්මචර්යය මිලට ගනියි. එහෙයින් උපක්කිතක යැයි කියයි. හෙවත් බුදුරද අණින් අප්සරා සම්භෝග සංඛ්‍යාත කුළියට, බ්‍රහ්මචර්ය වාස සංඛ්‍යාත ජීවිතය පවත්වනුයේ, එම කුලියෙන් යැපීමෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් පෝෂණය කරනු ලබන්නාක් මෙන් වේයයි භතකයැයි යූ.සේයි. අප්සරා සම්භෝග සංඛ්‍යාත විකිණීම ගතයුත්තක් කොට, භාග්‍යවතුන් වහන්සේගේ අණෙහි සිටිනුයේ, එම විකිණීමෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් මිලට ගන්නා ලද්දක් මෙන් වේයයි යූ.සේයි.

අට‍්ටීයමානොති පීළියමානො දුක‍්ඛාපියමානො. හරායමානොති ලජ‍්ජමානො. ජිගුච‍්ඡමානොති පාටිකුල්‍යතො දහන‍්තො. එකොති අසහායො. වූපකට‍්ඨොති වත්‍ථුකාමෙහි කිලෙසකාමෙහි ච කායෙන චෙව චිත‍්තෙන ච වූපකට‍්ඨො. අප‍්පමත‍්තොති කම‍්මට‍්ඨානෙ සතිං අවිජහන‍්තො. ආතාපීති කායිකචෙතසිකවීරියාතාපෙන ආතාපවා, ආතාපෙති කිලෙසෙති ආතාපො, වීරියං. පහිතත‍්තොති කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛතාය පෙසිතත‍්තො විස‍්සට‍්ඨඅත‍්තභාවො, නිබ‍්බානෙ වා පෙසිතචිත‍්තො. න චිරස‍්සෙවාති කම‍්මට‍්ඨානාරම‍්භතො න චිරෙනෙව. යස‍්සත්‍ථායාති යස‍්ස අත්‍ථාය. කුලපුත‍්තාති දුවිධා කුලපුත‍්තා ජාතිකුලපුත‍්තා ච ආචාරකුලපුත‍්තා ච, අයං පන උභයථාපි කුලපුත‍්තො. සම‍්මදෙවාති හෙතුනා ච කාරණෙන ච. අගාරස‍්මාති ඝරතො. අනගාරියන‍්ති පබ‍්බජ‍්ජං. කසිවණිජ‍්ජාදිකම‍්මඤ‍්හි අගාරස‍්ස හිතන‍්ති අගාරියං නාම, තං එත්‍ථ නත්‍ථීති පබ‍්බජ‍්ජා අනගාරියාති වුච‍්චති. පබ‍්බජන‍්තීති උපගච‍්ඡන‍්ති. තදනුත‍්තරන‍්ති තං අනුත‍්තරං. බ්‍රහ‍්මචරියපරියොසානන‍්ති මග‍්ගබ්‍රහ‍්මචරියස‍්ස පරියොසානභූතං අරහත‍්තඵලං. තස‍්ස හි අත්‍ථාය කුලපුත‍්තා ඉධ පබ‍්බජන‍්ති. දිට‍්ඨෙව ධම‍්මෙති තස‍්මිංයෙව අත‍්තභාවෙ. සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වාති අත‍්තනායෙව පඤ‍්ඤාය පච‍්චක‍්ඛං කත්‍වා, අපරප‍්පච‍්චයෙන ඤත්‍වාති අත්‍ථො. උපසම‍්පජ‍්ජ විහාසීති පාපුණිත්‍වා සම‍්පාදෙත්‍වා වා විහාසි. එවං විහරන‍්තොව ඛීණා ජාති…පෙ… අබ‍්භඤ‍්ඤාසීති. ඉමිනා අස‍්ස පච‍්චවෙක‍්ඛණභූමි දස‍්සිතා.

අට්ටියමානො යනු පෙළනු ලබනුයේ, දුක්වනු ලබනුයේ, හරායමානො යනු ලජ්ජාවනු ලබනුයේ, පිගුච්ඡමානො යනු පිළිකුලෙන් ගරනුයේ, එකො යනු (මිත්‍රයෙකු නොමැති) හුදෙකලාව, වූපකට්ඨො යනු වස්තු කාමයන්ගෙන් ද ක්ලේශ කාමයන්ගෙන් ද කයින් ද සිතින් ද ඉවත් වූයේ, අප්පමත්තො යනු කමටහන්හි සිහිය අත් නොහරිනුයේ, ආතාපී යනු කායික චෛතසික වීර්යය නමැති අව්වෙන් තවන්නා වූ, කෙලෙස් තවයිනුයි ආතාපයි. වීර්යයයි. පහිතත්තො යනු ශරීරයෙහිද ජීවිතයෙහි ද, අනපේක්‍ෂතායෙන්, යොමුකරන ලදුයේ, අත්හළ ආත්මභාව ආශා ඇතියේ, නිවරොහි යොමුකරන ලද සිතැතියේ, නචිරස්සෙව යනු කමටහන් ආරම්භයෙහි සිට නොබෝ කලෙකින්, යස්සත්‍ථාය යනු යමක් සඳහා, කුල පුත්තා යනු ජාති, ආචාර වශයෙන් කුලපුත්‍රයෝ දෙවැදෑරුම්ය. මේ දෙ අයුරින්ම වන කුල පුත්‍රයෝ, සම්මදෙව යනු හේතුයෙන්ද, කරුණින්ද, අගාරස්මා යනු ගෘහයෙන්, අනගාරියං යනු පැවිද්දයි. කෘෂි, වණික් ආදී කර්මයන්ගෙන් ගෘහයට යහපත ගෙන දේනුයි අගාරිය නමැ. එය මෙහි නැත්තේනුයි පැවිද්ද අනගාරිය යැයි කියයි. පබ්බජන්ති යනු එළඹෙත්. තදනුත්තරං යනු ඒ නිරුත්තර වූ, බ්‍රහ්මචරිය පරියොසානං යනු මාර්ග බ්‍රහ්මචර්යාවගේ අවසානය වූ අර්හත් ඵලයයි. එම අර්ථය සඳහා කුල පුත්හු මෙ සස්නෙහි පැවිදි වෙත්. දිට්ඨෙව ධම්මෙ යනු එම අත්බැව්හිම, සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා යනු තමා විසින්ම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කොට, අන් හේතුවකින් දැනයයි අර්ථයි. උපසම්පජ්ජ විහාසි යනු පැමිණ, සම්පාදනය කොට හෝ වාසය කළේය. මෙසේ වාසය කරනුයේ ද ‘ඛීණා ජාති -පෙ- අබ්භඤ්ඤාසි යි. මෙයින් මොහුගේ ප්‍රත්‍යවේක්‍ෂණ භූමිය දක්වන ලදි.

තත්‍ථ ඛීණා ජාතීති න තාවස‍්ස අතීතා ජාති ඛීණා පුබ‍්බෙව ඛීණත‍්තා, න අනාගතා අනාගතත‍්තා එව, න පච‍්චුප‍්පන‍්නා විජ‍්ජමානත‍්තා. මග‍්ගස‍්ස පන අභාවිතත‍්තා යා එකචතුපඤ‍්චවොකාරභවෙසු එකචතුපඤ‍්චක‍්ඛන්‍ධප‍්පභෙදා ජාති උප‍්පජ‍්ජෙය්‍ය, සා මග‍්ගස‍්ස භාවිතත‍්තා අනුප‍්පාදධම‍්මතං ආපජ‍්ජනෙන ඛීණා. තං සො මග‍්ගභාවනාය පහීනකිලෙසෙ පච‍්චවෙක‍්ඛිත්‍වා කිලෙසාභාවෙන විජ‍්ජමානම‍්පි කම‍්මං ආයතිං අප‍්පටිසන්‍ධිකං හොතීති ජානනෙන අබ‍්භඤ‍්ඤාසි. වුසිතන‍්ති වුත්‍ථං පරිවුත්‍ථං කතං චරිතං, නිට‍්ඨාපිතන‍්ති අත්‍ථො. බ්‍රහ‍්මචරියන‍්ති මග‍්ගබ්‍රහ‍්මචරියං. පුථුජ‍්ජනකල්‍යාණකෙන හි සද‍්ධිං සත‍්ත සෙක‍්ඛා බ්‍රහ‍්මචරියවාසං වසන‍්ති නාම, ඛීණාසවො වුත්‍ථවාසො, තස‍්මා සො අත‍්තනො බ්‍රහ‍්මචරියවාසං පච‍්චවෙක‍්ඛන‍්තො “වුසිතං බ්‍රහ‍්මචරිය”න‍්ති අබ‍්භඤ‍්ඤාසි. කතං කරණීයන‍්ති චතූසු සච‍්චෙසු චතූහි මග‍්ගෙහි පරිඤ‍්ඤාපහානසච‍්ඡිකිරියාභාවනාවසෙන සොළසවිධම‍්පි කිච‍්චං නිට‍්ඨාපිතං. පුථුජ‍්ජනකල්‍යාණකාදයො හි තං කිච‍්චං කරොන‍්ති නාම, ඛීණාසවො කතකරණීයො, තස‍්මා සො අත‍්තනො කරණීයං පච‍්චවෙක‍්ඛන‍්තො “කතං කරණීය”න‍්ති අබ‍්භඤ‍්ඤාසි. නාපරං ඉත්‍ථත‍්තායාති “ඉදානි පුන ඉත්‍ථභාවාය එවං සොළසකිච‍්චභාවාය කිලෙසක‍්ඛයාය වා මග‍්ගභාවනාය කිච‍්චං මෙ නත්‍ථී”ති අබ‍්භඤ‍්ඤාසි. නාපරං ඉත්‍ථත‍්තායාති වා “ඉත්‍ථභාවතො ඉමස‍්මා එවංපකාරා වත‍්තමානක‍්ඛන්‍ධසන‍්තානා අපරං ඛන්‍ධසන‍්තානං මය‍්හං නත්‍ථි, ඉමෙ පන පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ‍්ඤාතා තිට‍්ඨන‍්ති ඡින‍්නමූලකා විය රුක‍්ඛා, තෙ චරිමකචිත‍්තනිරොධෙන අනුපාදානො විය ජාතවෙදො නිබ‍්බායිස‍්සන‍්ති, අපණ‍්ණත‍්තිකභාවං ගමිස‍්සන‍්තී”ති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරොති එකො. අරහතන‍්ති භගවතො සාවකානං අරහන‍්තානං අබ‍්භන‍්තරො එකො මහාසාවකො අහොසීති අත්‍ථො.

එහි ඛීණා ජාති යනු ඔහුගේ අතීත ජාති ක්‍ෂයවීමක් අදහස් නොකෙරේ. කල් ඇතිවම ක්‍ෂය වී ඇති හෙයිනි. අනාගත ජාතිද නොවේ. අතීතයෙහිද, වර්තමානයෙහිද නොපැමිණි හෙයින්මය. වර්තමානයද නොවේ. විද්‍යමාන හෙයිනි. මාර්ගයාගේ අභාවිත හෙයින් යම් ඒක චතු පංචවෝකාර භවයන්හි, ඒක චතු, පංචස්කන්ධ ප්‍රභේද ජාතීන් උපදින්නේය. ඒවා මාර්ගයාගේ වඩනා ලද හෙයින් නූපදනා ස්වභාවයට පැමිණීමෙන් ක්‍ෂය වේ. හෙතෙම මාර්ග භාවනාවෙන් ප්‍රහීණ ක්ලේශයන් ප්‍රත්‍යවේක්‍ෂා කොට, කෙලෙස් අභාවයෙන්, විද්‍යමාන වූද කර්මය මත්තෙහි ප්‍රතිසන්ධි රහිත වේයයි දැනීමෙන් අබ්භඤ්ඤාසියි, වුසිතං යනු වසන ලදි. මනාව වසන ලදි. නිමවන ලදැයි අර්ථයි. බ්‍රහ්මචරියං යනු මාර්ග බ්‍රහ්මචර්යාව, පෘථග්ජන කල්‍යාණකයා සමග සප්ත ශෛක්‍ෂයෝ බ්‍රහ්මචර්ය වාසය කෙරෙත් නමැ. ක්‍ෂීණාශ්‍රවයෝ වසන ලද වාසය ඇත්තාහු වෙති. එහෙයින් හෙතෙම තම බ්‍රහ්මචර්ය වාසය ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ බ්‍රහ්මචර්ය වසන ලදැයි දැනගති. කතං කරණීයං යන සිව්සස්හි, සිව් මාර්ගයන්ගෙන්, විශේෂ දැනීම-ප්‍රහාණ, සාක්‍ෂාත්, භාවනා වශයෙන් සොළොස් ආකාර කිස නිමවන ලදි. පෘථග්ජන කල්‍යාණකාදීහුද එම කෘත්‍යය කරත් නමැ. ක්‍ෂීණාශ්‍රවයෝ කළ කෘත්‍යයෝය. එහෙයින් හෙතෙම තමා විසින් කළයුත්ත ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ, ‘කතං කරණීයංයි දැනගති. නාපරං ඉත්‍ථත්තාය යනු නැවත රහත්බව පිණිස මෙසේ සොළොස් කිස වැඩීමෙන් හෝ කෙලෙස් ක්‍ෂය කිරීමෙන් හෝ මාර්ග භාවනාවගේ කෘත්‍යයක් මට නැතැයි දැනගති. නාපරං ඉත්‍ථත්තායා යනු රහත් බවින්, මෙයින්, මේ ආකාර වර්තමාන ස්කන්ධ පැවැත්මෙන්, අනෙක් ස්කන්ධ (පැවැත්මක්) පරම්පරාවක් මට නැත. මෙම පංචස්කන්ධ විශේෂ ඥානයෙන් අවබෝධ කරන ලද්දේ, මුල් සිඳි රුකක් මෙන් සිටිත්. ඒවා අවසන් සිත් නිරුද්ධ වීමෙන් දැඩිසේ ගැනීම් රහිතව ගින්නක් මෙන් නිවීයන්නාහ. නොපනවන ලද භාවයට යන්නාහු යයි දැනගති. අඤ්ඤතරො යනු (තනි වූ) එක්තරා, අරහං යනු භාග්‍යවතුන් වහන්සේගේ අර්හත් ශ්‍රාවකයින් අතර, අභ්‍යන්තර එක් මහා ශ්‍රාවකයෙක් විය යනු අර්ථයි.

අඤ‍්ඤතරා දෙවතාති අධිගතමග‍්ගා එකා බ්‍රහ‍්මදෙවතා. සා හි සයං අසෙක‍්ඛත‍්තා අසෙක‍්ඛවිසයං අබ‍්භඤ‍්ඤාසි. සෙක‍්ඛා හි තං තං සෙක‍්ඛවිසයං, පුථුජ‍්ජනා ච අත‍්තනො පුථුජ‍්ජනවිසයමෙව ජානන‍්ති. අභික‍්කන‍්තාය රත‍්තියාති පරික‍්ඛීණාය රත‍්තියා, මජ‍්ඣිමයාමෙති අත්‍ථො. අභික‍්කන‍්තවණ‍්ණාති අතිඋත‍්තමවණ‍්ණා. කෙවලකප‍්පන‍්ති අනවසෙසෙන සමන‍්තතො. ඔභාසෙත්‍වාති අත‍්තනො පභාය චන්‍දො විය සූරියො විය ච ජෙතවනං එකොභාසං කත්‍වා. තෙනුපසඞ‍්කමීති ආයස‍්මතො නන්‍දස‍්ස අරහත‍්තප‍්පත‍්තිං විදිත්‍වා පීතිසොමනස‍්සජාතා “තං භගවතො පටිවෙදෙස‍්සාමී”ති උපසඞ‍්කමි.

අඤ්ඤතරා දෙවතා යනු මාර්ගඵලාවබෝධ කළ එක් බ්‍රහ්ම දේවතා කෙනෙක්, ඕ තෙමේ අශෛක්‍ෂ්‍ය හෙයින් අශෛක්‍ෂ්‍ය විෂය දති. ශෛක්‍ෂ්‍යයෝ ඒ ඒ ශෛක්‍ෂ්‍ය විෂයයද, පෘථග්ජනයෝද තම පෘථග්ජන විෂයයම දනිති. අභික්කන්තාය රත්තියා යනු රැය ගෙවීගිය කල්හි, මැදියම යයි අර්ථයි. අභික්කන්ත වණ්ණා යනු ඉතා විශිෂ්ට ශරීර වර්ණයෙන්, කෙවලකප්පං යනු ශේෂ රහිත හාත්පසින්, ඔභාසෙත්‍වා යනු තම පැහැයෙන් සඳ හිරු මෙන් දෙව්රම ඒකාලෝක කොට, තෙනූපසංකමි යනු ආයුෂ්මත් නන්දගේ අර්හත්ව ප්‍රාප්තිය දැන, ප්‍රීති සොම්නස් හට ගත්තේ, එය භාග්‍යවතුන් වහන්සේට දන්වන්නෙමියි එළැඹියේය.

ආසවානං ඛයාති එත්‍ථ ආසවන‍්තීති ආසවා, චක‍්ඛුද‍්වාරාදීහි පවත‍්තන‍්තීති අත්‍ථො. අථ වා ආගොත්‍රභුං ආභවග‍්ගං වා සවන‍්තීති ආසවා, එතෙ ධම‍්මෙ එතඤ‍්ච ඔකාසං අන‍්තො කරිත්‍වා පවත‍්තන‍්තීති අත්‍ථො. චිරපාරිවාසියට‍්ඨෙන මදිරාදිආසවා වියාති ආසවා. “පුරිමා, භික‍්ඛවෙ, කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජායා”තිආදිවචනෙහි (අ· නි· 10.61) නෙසං චිරපාරිවාසියතා වෙදිතබ‍්බා. අථ වා ආයතං සංසාරදුක‍්ඛං සවන‍්ති පසවන‍්තීතිපි, ආසවා. පුරිමො චෙත්‍ථ අත්‍ථො කිලෙසෙසු යුජ‍්ජති, පච‍්ඡිමො කම‍්මෙපි. න කෙවලඤ‍්ච කම‍්මකිලෙසා එව ආසවා, අථ ඛො නානප‍්පකාරා උපද‍්දවාපි. තථා හි “නාහං, චුන්‍ද , දිට‍්ඨධම‍්මිකානංයෙව ආසවානං සංවරාය ධම‍්මං දෙසෙමී”ති එත්‍ථ (දී· නි· 3.182) විවාදමූලභූතා කිලෙසා ආසවාති ආගතා.

ආසවානං ඛයා යනු මෙහි වැගිරෙත්නුයි ආසවයි. චක්‍ෂු ද්වාරාදීන්හි පවතිත් යයි අර්ථයි. නොහොත් ගොත්‍රභූ දක්වා භවාග්‍රය දක්වා ගලත්නුයි ආසවයි. එම ධර්මයන්ද එම අවකාශයද, ඇතුලත් කොට පවතිත් යයි අර්ථයි. බොහෝකලක් පැසීම් අර්ථයෙන් ධාන්‍ය වර්ගවලින් පෙරූ මත්පැන් ආදී ආසවයන් මෙනැයි ආසවායි. ‘මහණෙනි, අවිද්‍යාවගේ පූර්ව කෙළවර නොපෙනේ’ යනාදී වචනයන්ගෙන් ඒවායි බොහෝ කලක් පැසවීම් ස්වභාවය දතයුතුය. නොහොත් දික් වූ සසර දුක ගලා යෙත්. මනාව ගලායෙත්නුයි ආසවයි. මෙහි පළමු අර්ථය කෙලෙසුන් කෙරෙහි යෙදේ. පශ්චිම වචනය කර්මයෙහි ද යෙදේ. හුදෙක් කර්ම ක්ලේශයෝම ආසවයෝ නොවෙත්. තවද, නොයෙක් ආකාර උපද්‍රවයෝ ද ආසවයි. එසේම, ‘චුන්දය මම මේ භවයටම අයත් වූ ආශ්‍රවයන්ගේ සංවරය සඳහා ධර්මය දේශනා නොකරමි යන මෙහි විවාදයන්ට මුල් වූ කෙලෙස් ආසවයයි ආවේය.

“යෙන දෙවූපපත්‍යස‍්ස, ගන්‍ධබ‍්බො වා විහඞ‍්ගමො; යක‍්ඛත‍්තං යෙන ගච‍්ඡෙය්‍ය, මනුස‍්සත‍්තඤ‍්ච අබ‍්බජෙ; තෙ මය‍්හං ආසවා ඛීණා, විද‍්ධස‍්තා විනලීකතා”ති. (අ· නි· 4.36) –

යෙන දෙවූපපත්‍යස්ස - ගන්‍ධබ්බො වා විභංගමො යක්ඛත්තං යෙන ගච්ඡෙය්‍ය - මනුස්සත්තඤ්ච අබ්බජෙ තෙ තුය්හං ආසවා ඛීණා - විද්ධස්තා විනලීකතා’ති

යමක් කරණකොට දිව්‍යෝත්පත්තිය අන් තැනක ඉපදීමට යෝග්‍යව සිටින්නාගේ ස්වභාවය පක්‍ෂියෙක් හෝ වන්නේද? යමක් කරණකොට යක්‍ෂාත්මයට, මනුෂ්‍යාත්මයට, බිජුවටින් ඉපදීමට හේතුවේද? ඔබගේ එම ආශ්‍රවයෝ ක්‍ෂීණයහ. විධ්වංශනය කරන ලදහ. විනාශ කරන ලදහ.

එත්‍ථ තෙභූමිකං කම‍්මං අවසෙසා ච අකුසලා ධම‍්මා ආසවාති ආගතා. “දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය, සම‍්පරායිකානං ආසවානං පටිඝාතායා”ති (පාරා· 39) පරූපඝාතවිප‍්පටිසාරවධබන්‍ධාදයො චෙව අපායදුක‍්ඛභූතා ච නානප‍්පකාරා උපද‍්දවා.

මෙහි ත්‍රෛභූමික කර්මය අවශේෂ අකුසල ධර්ම ආසවයැයි දක්වයි. ‘දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතාය’ යන්නෙහි අනුන් නැසීම, විපිළිසර, වධ බන්ධනාදීහු ද, අපා දුකට හේතු වූ නොයෙක් ආකාර උපද්‍රව,

තෙ පනෙතෙ ආසවා විනයෙ – “දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය සම‍්පරායිකානං ආසවානං පටිඝාතායා”ති (පාරා· 39) ද‍්විධා ආගතා. සළායතනෙ “තයොමෙ, ආවුසො, ආසවා – කාමාසවො, භවාසවො, අවිජ‍්ජාසවො”ති (දී· නි· 3.305) තිධා ආගතා, තථා අඤ‍්ඤෙසු ච සුත‍්තන‍්තෙසු. අභිධම‍්මෙ තෙයෙව දිට‍්ඨාසවෙන සද‍්ධිං චතුධා ආගතා. නිබ‍්බෙධිකපරියායෙ “අත්‍ථි, භික‍්ඛවෙ, ආසවා නිරයගාමිනියා”තිආදිනා (අ· නි· 6.63) පඤ‍්චධා ආගතා. ඡක‍්කනිපාතෙ “අත්‍ථි, භික‍්ඛවෙ, ආසවා සංවරාය පහාතබ‍්බා”තිආදිනා (අ· නි· 6.58) නයෙන ඡධා ආගතා. සබ‍්බාසවපරියායෙ (ම· නි· 1.22) තෙයෙව දස‍්සනපහාතබ‍්බෙහි සද‍්ධිං සත‍්තධා ආගතා. ඉධ පන අභිධම‍්මනයෙන චත‍්තාරො ආසවා වෙදිතබ‍්බා.

එම ආශ්‍රව විනයෙහි ‘දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරයා, සම්පරායිකානං ආසවානං පටිඝාතාය’යි දෙවැදෑරුම්ව දක්වයි. සළායතනයෙහි ‘තයො මෙ ආවුසො ආසවා කාමාසවො භවාසවො, අවිජ්ජාසවො’යි තෙවැදෑරුම්ව දක්වයි. අන්‍ය සූත්‍රාන්තයන්හිද එසේය. අභිධර්මයෙහි ඒවාම දෘෂ්ටි ආස්‍රවය සමග සිව් වැදෑරුම්ව දක්වයි. නිවෙදික පර්යායයෙහි ‘අත්‍ථි භික්ඛවෙ ආසවා නිරය ගාමිනියා’ යනාදි ක්‍රමයෙන් පස්වැදෑරුම්ව දක්වයි. ෂට්ක නිපාතයෙහි ‘අත්‍ථි භික්ඛවෙ ආසවා සංවරා පහාතබ්බා’ යනාදි ක්‍රමයෙන් ෂට් ආකාරයකින් දක්වයි. සබ්බාසව පර්යායයෙහි එ්වා දර්ශනයෙන් පහකළ යුතු කෙලෙසුන් සමග සත් අයුරෙකිාන් දක්වයි. මෙහි වනාහි අභිධර්ම ක්‍රමයෙන් සතර ආශ්‍රවයන් දතයුත්තාහ.

ඛයාති එත්‍ථ පන “යො ආසවානං ඛයො භෙදො පරිභෙදො”තිආදීසු ආසවානං සරසභෙදො ආසවක‍්ඛයොති වුත‍්තො. “ජානතො අහං, භික‍්ඛවෙ, පස‍්සතො ආසවානං ඛයං වදාමී”තිආදීසු (ම· නි· 1.15) ආසවානං ආයතිං අනුප‍්පාදො ආසවක‍්ඛයොති වුත‍්තො.

ඛයා යන මෙහි වනාහි ‘යො ආසවානං ඛයො භෙදො පරිභෙදො’ ආදීන්හි ආශ්‍රවයන්ගේ බිඳ දැමීම ආශ්‍රව ක්‍ෂයයැයි යූ.සේයි. ‘ජානතො අහං භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි’ ආදීන්හි ආශ්‍රවයන්ගේ මත්තෙහි නො ඉපැත්ම ආශ්‍රවක්‍ෂය යැයි යූ.සේයි.

“සෙක‍්ඛස‍්ස සික‍්ඛමානස‍්ස, උජුමග‍්ගානුසාරිනො; ඛයස‍්මිං පඨමං ඤාණං, තතො අඤ‍්ඤා අනන‍්තරා”ති. (ඉතිවු· 62) –

සික්ඛාය සික්ඛ මානස්ස - උජුමග්ගානු සාරිනො ඛයස්මිං පඨමඤ්ඤාණං - තතො අඤ්ඤා අනන්තරා

සෘජු මග අනුව හැසිරෙන, ශික්‍ෂාවන්හි හික්මෙනහුට ක්‍ෂයයෙහි ප්‍රථම ඥානයද, අනතුරුව ඉන් අන්‍ය ඒවාද වේ.

ආදීසු මග‍්ගො ආසවක‍්ඛයොති වුත‍්තො. “ආසවානං ඛයා සමණො හොතී”තිආදීසු (ම· නි· 1.438) ඵලං.

ආදීන්හි මාර්ගය ආශ්‍රවක්‍ෂය යැයි යූ.සේයි. ‘ආසවක්ඛයා සමණො හොති’ ආදීන්හි ඵලයයි.

“පරවජ‍්ජානුපස‍්සිස‍්ස, නිච‍්චං උජ‍්ඣානසඤ‍්ඤිනො; ආසවා තස‍්ස වඩ‍්ඪන‍්ති, ආරා සො ආසවක‍්ඛයා”ති. –

පරවජ්ජානු පස්සිස්ස - නිච්චං උජ්ඣාන සඤ්ඤිනො ආසවා තස්ස වඩ්ඪන්ති - ආරා සො ආසවක්ඛයා

නිතර දොස් සොයන හැඟීමෙන් යුතු, අන් වරද දකින, ඔහුට ආශ්‍රව වැඩෙත්. හෙතෙම ආශ්‍රවක්‍ෂයයෙන් බොහෝ දුරය ආදීන්හි නිවන දක්වයි.

ආදීසු (ධ· ප· 253) නිබ‍්බානං. ඉධ පන ආසවානං අච‍්චන‍්තඛයො අනුප‍්පාදො වා මග‍්ගො වා “ආසවානං ඛයො”ති වුත‍්තො.

මෙහි වනාහි ආශ්‍රවයන්ගේ අත්‍යන්ත ක්‍ෂය හෝ නොඉපැත්ම හෝ මාර්ගය හෝ ආශ්‍රවයන්ගේ ක්‍ෂය යැයි යූ.සේයි.

අනාසවන‍්ති පටිපස‍්සද‍්ධිවසෙන සබ‍්බසො පහීනාසවං. චෙතොවිමුත‍්තින‍්ති අරහත‍්තඵලසමාධිං. පඤ‍්ඤාවිමුත‍්තින‍්ති අරහත‍්තඵලපඤ‍්ඤං. උභයවචනං මග‍්ගෙ විය ඵලෙපි සමථවිපස‍්සනානං යුගනන්‍ධභාවදස‍්සනත්‍ථං. ඤාණන‍්ති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං. දෙවතාය වචනසමනන‍්තරමෙව “කථං නු ඛො”ති ආවජ‍්ජෙන‍්තස‍්ස භගවතො ඤාණං උප‍්පජ‍්ජි “නන්‍දෙන අරහත‍්තං සච‍්ඡිකත”න‍්ති. සො හි ආයස‍්මා සහායභික‍්ඛූහි තථා උප‍්පණ‍්ඩියමානො “භාරියං වත මයා කතං, යොහං එවං ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ පබ‍්බජිත්‍වා අච‍්ඡරානං පටිලාභාය සත්‍ථාරං පාටිභොගං අකාසි”න‍්ති උප‍්පන‍්නසංවෙගො හිරොත‍්තප‍්පං පච‍්චුපට‍්ඨපෙත්‍වා ඝටෙන‍්තො වායමන‍්තො අරහත‍්තං පත්‍වා චින‍්තෙසි – “යංනූනාහං භගවන‍්තං එතස‍්මා පටිස‍්සවා මොචෙය්‍ය”න‍්ති. සො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා අත‍්තනො අධිප‍්පායං සත්‍ථු ආරොචෙසි. තෙන වුත‍්තං – “අථ ඛො ආයස‍්මා නන්‍දො…පෙ… එතස‍්මා පටිස‍්සවා”ති. තත්‍ථ පටිස‍්සවාති පාටිභොගප‍්පටිස‍්සවා, “අච‍්ඡරානං පටිලාභාය අහං පටිභූතො”ති පටිඤ‍්ඤාය.

අනාසවං යනු සංසිඳීම් වශයෙන් සර්වාකාරයෙන් ප්‍රහීණාසවතාවයයි. චෙතො විමුත්ති යනු අර්හත්ඵල සමාධියයි. පඤ්ඤා විමුත්ති යනු අර්හත් ඵල ප්‍රඥාවයි. දෙවදන් මාර්ගයෙහි මෙන් ඵලයෙහිද, සමථ විදර්ශනාවන්ගේ එකට වෙළී පවත්නා ස්වභාවය දැක්වීම සඳහායි. ඤාණං යනු සර්වඥතා ඤාණයයි. දේවතාවාගේ වචනය අතරතුරදීම, එසේ වීදැයි ආවර්ජනා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේටද, නන්දයා විසින් අර්හත්වය සාක්‍ෂාත් කරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා ඥානය හටගනී. ඒ ආයුෂ්මත් තෙමේ යහලු භික්‍ෂූන් විසින් කවටකම් කරනු ලබනුයේ ඒකාන්තයෙන් මා විසින් බැරෑරුම් කාර්යයක් කරන ලදි. යම්බඳු මම මෙසේ ස්වාක්ඛාත ධර්ම විනයයෙහි පැවිදිව අප්සරාවන්ගේ ප්‍රතිලාභය සඳහා ශාස්තෲන් වහන්සේ ඇපකරුවකු කළෙමියි උපන් සංවේග ඇතියේ හිරි ඔතප් පිහිටුවා, උත්සාහ කරනුයේ, ව්‍යායාම කරනුයේ අර්හත්වයට පත්ව, මම භාග්‍යවතුන් වහන්සේ එම ඇපයෙන් මුදවන්නේ ඉතා යෙහෙකැයි සිතීය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ තම අදහස ශාස්තෲන් වහන්සේට සැල කළේය. එහෙයින්, අථඛො ආයස්මා නන්‍දො -පෙ- එතස්මා පටිස්සවායි යූ.සේයි. එහි පටිස්සවා යනු ඇප පොරොන්දුව, අප්සරාවන්ගේ ප්‍රතිලාභය සඳහා මම ඇපවෙමියි යන පොරොන්දුවෙන්,

අථස‍්ස භගවා “යස‍්මා තයා අඤ‍්ඤා ආරාධිතාති ඤාතමෙතං මයා, දෙවතාපි මෙ ආරොචෙසි, තස‍්මා නාහං පටිස‍්සවා ඉදානි මොචෙතබ‍්බො අරහත‍්තප‍්පත‍්තියාව මොචිතත‍්තා”ති ආහ. තෙන වුත‍්තං “යදෙව ඛො තෙ නන්‍දා”තිආදි. තත්‍ථ යදෙවාති යදා එව. තෙති තව. මුත‍්තොති පමුත‍්තො. ඉදං වුත‍්තං හොති – යස‍්මිංයෙව කාලෙ ආසවෙහි තව චිත‍්තං විමුත‍්තං, අථ අනන‍්තරමෙවාහං තතො පාටිභොගතො මුත‍්තොති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නුඹ විසින් අර්හත්වයෙන් සතුටට පත්වූයේ යයි යන එම කරුණ මා විසින් දැනගන්නා ලදි. දෙවිවරුද මට සැළකොට සිටියේය. එහෙයින් මම ඔබගේ අර්හත්ව ප්‍රාප්තිය සමගම මුදන ලද හෙයින් දැන් මිදවිය යුතුය. ඇප නොවෙමි. එහෙයින් ‘යදෙව ඛො තෙ නන්‍ද’ යනාදිය යූ.සේයි. එහි යදෙව යනු යම් කලෙක්හිම, තෙ යනු නුඹගේ මුත්තො යනු මනාව මිදුනේ, මෙය යූ.සේයි. යම්කලෙක්හි නුඹගේ සිත ආශ්‍රවයන්ගෙන් මිදුනේද? එයට අනතුරුවම මම එම ඇපයෙන් මිදුනේ වෙමි.

සොපි ආයස‍්මා විපස‍්සනාකාලෙයෙව “යදෙවාහං ඉන්‍ද්‍රියාසංවරං නිස‍්සාය ඉමං විප‍්පකාරං පත‍්තො, තමෙව සුට‍්ඨු නිග‍්ගහෙස‍්සාමී”ති උස‍්සාහජාතො බලවහිරොත‍්තප‍්පො තත්‍ථ ච කතාධිකාරත‍්තා ඉන්‍ද්‍රියසංවරෙ උක‍්කට‍්ඨපටිපදම‍්පි අගමාසි. වුත‍්තඤ‍්හෙතං –

එම ආයුෂ්මත් තෙමේද විදර්ශනා කාලයෙහිම, ඉන්‍ද්‍රිය අසංවරය නිසා ඉදින් මෙසේ මම මෙම විප්‍රකාරයට පැමිණියේ වෙමි. එයටම මනාව නිග්‍රහ කරන්නෙමියි උත්සාහවත් වූයේ, බලවත් හිරි ඔතප් ඇත්තේ, එහි කෘතාධිකාර ඇති හෙයින් ඉන්‍ද්‍රිය සංවරයෙහි උසස්ම කෙළවරට ගියේය. යූ.සේයි.

“සචෙ , භික‍්ඛවෙ, නන්‍දස‍්ස පුරත්‍ථිමා දිසා ආලොකෙතබ‍්බා හොති, සබ‍්බං චෙතසො සමන‍්නාහරිත්‍වා නන්‍දො පුරත්‍ථිමං දිසං ආලොකෙති ‘එවං මෙ පුරත්‍ථිමං දිසං ආලොකයතො න අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යු’න‍්ති, ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති.

ඉදින් මහණෙනි, නන්දට පෙරදිග දිසාව දර්ශනය කළයුතු වේද? සිතින් එක අරමුණක පිහිටුවා නන්ද පෙරදිග දිසාව බලයි. මෙසේ මා හට පෙරදිග දිසාව බලනකල්හි අභිධ්‍යා, දොම්නස් ආදී පාපී අකුසල ධර්ම අනුව ලුහුබඳීද, මෙසේ ඔහු එහි විමසන නුවණින් යුක්ත වූයේ වේ.

“සචෙ, භික‍්ඛවෙ, නන්‍දස‍්ස පච‍්ඡිමා…පෙ… උත‍්තරා… දක‍්ඛිණා… උද‍්ධං… අධො… අනුදිසා ආලොකෙතබ‍්බා හොති, සබ‍්බං චෙතසො සමන‍්නාහරිත්‍වා නන්‍දො අනුදිසං ආලොකෙති ‘එවං මෙ…පෙ… සම‍්පජානො හොතී’”ති (අ· නි· 8.9).

මහණෙනි, ඉදින් නන්දට පැසුළුදිග -පෙ- උතුරුදිග - දකුණුදිග - උඩ - යට අනුදිසාවන් බැලිය යුතු වේද? සියල්ල සිතින් එක් අරමුණක පිහිටුවා එම අනුදිසාව බලයි. මෙසේ මාගේ -පෙ- විමසන නුවණින් යුක්ත වූයේ වේ.

තෙනෙව තං ආයස‍්මන‍්තං සත්‍ථා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරානං යදිදං නන්‍දො”ති (අ· නි· 1.230) එතදග‍්ගෙ ඨපෙසි.

එහෙයින්ම එම ආයුෂ්මතුන් ශාස්තෲන් වහන්සේ විසින් ‘මහණෙනි, ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද ද්වාරයන් ඇති මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර, යම් මේ නන්දයෙක් වේද ඔහුම අග්‍රයැයි ඒතදග්‍රයෙහි තැබීය.

එතමත්‍ථං විදිත්‍වාති එතං ආයස‍්මතො නන්‍දස‍්ස සබ‍්බාසවෙ ඛෙපෙත්‍වා සුඛාදීසු තාදිභාවප‍්පත‍්තිසඞ‍්ඛාතං අත්‍ථං සබ‍්බාකාරතො විදිත්‍වා. ඉමං උදානන‍්ති තදත්‍ථවිභාවනං ඉමං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු ආයුෂ්මත් නන්දගේ සියලු ආශ්‍රවයන් ක්‍ෂයකොට සුව ආදීන්හි මධ්‍යස්ථතා ආදී ස්වභාවයන්ට පත්වීම් සංඛ්‍යාත අර්ථය සර්වාකාරයෙන් දැන. ඉමං උදානං යනු එම අර්ථය පැහැදිලි කිරීමට මෙම ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක.

තත්‍ථ යස‍්ස නිත‍්තිණ‍්ණො පඞ‍්කොති යෙන අරියපුග‍්ගලෙන අරියමග‍්ගසෙතුනා සබ‍්බො දිට‍්ඨිපඞ‍්කො සංසාරපඞ‍්කො එව වා නිබ‍්බානපාරගමනෙන තිණ‍්ණො. මද‍්දිතො කාමකණ‍්ඩකොති යෙන සත‍්තානං විජ‍්ඣනතො. “කාමකණ‍්ඩකො”ති ලද‍්ධනාමො සබ‍්බො කිලෙසකාමො සබ‍්බො කාමවිසූකො අග‍්ගඤාණදණ‍්ඩෙන මද‍්දිතො භග‍්ගො අනවසෙසතො මථිතො. මොහක‍්ඛයං අනුප‍්පත‍්තොති එවංභූතො ච දුක‍්ඛාදිවිසයස‍්ස සබ‍්බස‍්ස සම‍්මොහස‍්ස ඛෙපනෙන මොහක‍්ඛයං පත‍්තො, අරහත‍්තඵලං නිබ‍්බානඤ‍්ච අනුප‍්පත‍්තො. සුඛදුක‍්ඛෙසු න වෙධතී ස භික‍්ඛූති සො භින‍්නකිලෙසො භික‍්ඛු ඉට‍්ඨාරම‍්මණසමායොගතො උප‍්පන‍්නෙසු සුඛෙසු අනිට‍්ඨාරම‍්මණසමායොගතො උප‍්පන‍්නෙසු දුක‍්ඛෙසු ච න වෙධති න කම‍්පති, තං නිමිත‍්තං චිත‍්තවිකාරං නාපජ‍්ජති. “සුඛදුක‍්ඛෙසූ”ති ච දෙසනාමත‍්තං, සබ‍්බෙසුපි ලොකධම‍්මෙසු න වෙධතීති වෙදිතබ‍්බං.

එහි යස්ස නිත්තිණ්ණෙ පංඛො යනු යම් ආර්ය පුද්ගලයෙකු විසින් ආර්ය මාර්ග නමැති ඒදණ්ඩෙන් සියලු දෘෂ්ටි මඩ වගුර ද, සසර නමැති මඩ වගුර ද තරණය කොට නිර්වාණය නමැති පරතෙරට යාමෙන් එතෙර වූයේ වේද? මද්දිතො කාම කණ්ටකො යනු යමෙකු විසින් සන්තානය විදින හෙයින්, කාම කටුවයැයි ලද නම් ඇති සියලු කෙලෙස් කාමය. සියලු කාම නමැති කාම කටුව, මාර්ග ඥාන නමැති දණ්ඩෙන්, මඬනා ලද්දේ, බිඳින ලද්දේ ශේෂ රහිතව ප්‍රහීණ කරන ලද්දේ වේ. මොහක්ඛයං අනුප්පත්තො යනු මෙසේ වූ, දුක්ඛාදීන්ට විෂය වූ, සියලු මෝහයාගේ ක්‍ෂය කිරීමෙන්, මෝහක්‍ෂයයට පැමිණියේ, අර්හත් ඵලයටද, නිර්වාණයටද පැමිණියේ, සුඛ දුක්ඛෙසු න වෙධති සභික්ඛු යනු එම බුන් කෙලෙස් ඇති භික්‍ෂුව, ප්‍රිය අරමුණු එකතුවීමෙන් උපන් සුවයන්හිද අනිටු අරමුණු එකතුවීමෙන් උපන් දුක්ඛයන්හිද නොසැලේ. කම්පා නොවේ. ඒ හේතුයෙන් ඊට ගරු කිරීමකට නොපැමිණේ. සුව, දුක්හි යනු දේශනා මාත්‍රයයි. සියලු ලෝක ධර්මයන්හි නොසැලේ යයි දතයුතුය.

දුතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.