1. කම්මසුත්තවණ්ණනා අට්ඨකථා
1. කම්මසුත්තවණ්ණනා
1. කර්ම සූත්‍ර වර්ණනාව
නන්දවග්ගස්ස පඨමෙ අඤ්ඤතරො භික්ඛූති නාමගොත්තෙන අපාකටො එකො ඛීණාසවභික්ඛු. සො කිර රාජගහවාසී කුලපුත්තො මොග්ගල්ලානත්ථෙරෙන සංවෙජිතො සංසාරදොසං දිස්වා සත්ථු සන්තිකෙ පබ්බජිත්වා සීලානි සොධෙත්වා චතුසච්චකම්මට්ඨානං ගහෙත්වා න චිරස්සෙව විපස්සනං උස්සුක්කාපෙත්වා අරහත්තං පාපුණි. තස්ස අපරභාගෙ ඛරො ආබාධො උප්පජ්ජි, සො පච්චවෙක්ඛණාය අධිවාසෙන්තො විහරති. ඛීණාසවානඤ්හි චෙතසිකදුක්ඛං නාම නත්ථි, කායිකදුක්ඛං පන හොතියෙව. සො එකදිවසං භගවතො ධම්මං දෙසෙන්තස්ස නාතිදූරෙ ඨානෙ දුක්ඛං අධිවාසෙන්තො පල්ලඞ්කෙන නිසීදි. තෙන වුත්තං “භගවතො අවිදූරෙ නිසින්නො හොතී”තිආදි.
නන්ද වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අඤ්ඤතරො භික්ඛූ නම් වශයෙන් අප්‍රකට වූ එක්තරා ක්ෂීණාශ්රව භික්ෂුවක් කියවේ. හෙතෙමේ වනාහි රජගහනුවර කුලපුත්රයෙකි. හෙතෙම මුගලන් තෙරුන් විසින් දෙසන ලද බණ අසා සංවේගයට පත්වූයේ, සසර දොස් දැක ‘ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි වී සිව්සස් කමටහන් ගෙන නොබෝ කලකින්ම විදසුන් වඩා අර්හත්වයට පත්විය. ඔහුට පසුකලකදී දුක් වූ ආබාධයක් හටගත්තේය. හෙතෙම ප්රත්යවේක්ෂා කිරීමෙන් ඉවසමින් වාසය කරයි. ක්ෂීණාශ්රවයන්ට චෛතසික දුකක් නම් නැත. කායික දුක පමණක් පවතී. උන්වහන්සේ එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන කල්හි ඊට නුදුරෙන් එක්තැනක සිට දුක් ඉවසමින් පර්යංකයෙන් හුන්නේය. ඒ සඳහා ‘භගවතො අවිදූරෙ නිසින්නො හොති’ යනුවෙන් කියන ලදි.
තත්ථ පල්ලඞ්කන්ති සමන්තතො ඌරුබද්ධාසනං. ආභුජිත්වාති බන්ධිත්වා. උජුං කායං පණිධායාති උපරිමං සරීරං උජුකං ඨපෙත්වා අට්ඨාරස පිට්ඨිකණ්ටකෙ කොටියා කොටිං පටිපාදෙත්වා. එවඤ්හි නිසින්නස්ස චම්මමංසන්හාරූනි න නමන්ති, තස්මා සො තථා නිසින්නො හොති. පුරාණකම්මවිපාකජන්ති පුබ්බෙ කතස්ස කම්මස්ස විපාකභාවෙන ජාතං, පුරාණකම්මවිපාකෙ වා සුඛදුක්ඛප්පකාරෙ විපාකවට්ටසමුදායෙ තදෙකදෙසභාවෙන ජාතං. කිං තං? දුක්ඛං. පුරාණකම්මවිපාකජන්ති ච ඉමිනා තස්ස ආබාධස්ස කම්මසමුට්ඨානතං දස්සෙන්තො ඔපක්කමිකඋතුවිපරිණාමජාදිභාවං පටික්ඛිපති. දුක්ඛන්ති පචුරජනෙහි ඛමිතුං අසක්කුණෙය්යං. තිබ්බන්ති තිඛිණං, අභිභවිත්වා පවත්තියා බහලං වා. ඛරන්ති කක්ඛළං. කටුකන්ති අසාතං. අධිවාසෙන්තොති උපරි වාසෙන්තො සහන්තො ඛමන්තො.
එහි පල්ලංකං යනු ඌරුබද්ධ ආසනයයි. ආභුජිත්වා බැඳ, උජුකායං පණිධාය සම්පූර්ණ ශරීරය සෘජුව තබාගනිමින්, පිටෙහි දහඅටක් වූ කොඳුඇට එකට එක සම්බන්ධ වන අයුරින් සිටින්නහුගේ සම් මස් නහර ගමන් නො කරයි. පුරාණ කම්මං විපාකජං පෙර කරන ලද කර්මයාගේ විපාක වශයෙන් සුව දුක් වශයෙන් ඇතිවන්නා වූ මේ ආබාධ කම්ම සමුට්ඨාන ආබාධ නම් වේ. උපක්‍රමයෙන් හට ගත් ඒවා හෝ සෘතු විපර්යාසයෙන් හටගත් ආබාධ ප්‍රතික්ෂේප කරයි. දුක්ඛං පෘථග්ජනයන් කෙරෙහි ඔරොත්තු නොදෙන වේදනාවයි. තිප්පං තියුණු, මැඩපැවැත්විය නොහැකි බලවත්. ඛරං රළු ගොරෝසු, කටුකං අමිහිරි, අධිවාසෙන්තො ඉවසන්නේ, සහනය පවත්නේ,
සතො සම්පජානොති වෙදනාපරිග්ගාහකානං සතිසම්පජඤ්ඤානං වසෙන සතිමා සම්පජානන්තො ච. ඉදං වුත්තං හොති – “අයං වෙදනා නාම හුත්වා අභාවට්ඨෙන අනිච්චා, අනිට්ඨාරම්මණාදිපච්චයෙ පටිච්ච උප්පන්නත්තා පටිච්චසමුප්පන්නා, උප්පජ්ජිත්වා එකන්තෙන භිජ්ජනසභාවත්තා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා”ති වෙදනාය අනිච්චතාසල්ලක්ඛණවසෙන සතොකාරිතාය සතො , අවිපරීතසභාවපටිවිජ්ඣනවසෙන සම්පජානො ච හුත්වා. අථ වා සතිවෙපුල්ලපත්තියා සබ්බත්ථෙව කායවෙදනාචිත්තධම්මෙසු සුට්ඨු උපට්ඨිතසතිතාය සතො, තථා පඤ්ඤාවෙපුල්ලප්පත්තියා පරිග්ගහිතසඞ්ඛාරතාය සම්පජානො. අවිහඤ්ඤමානොති “අස්සුතවා, භික්ඛවෙ, පුථුජ්ජනො අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජතී”ති වුත්තනයෙන අන්ධපුථුජ්ජනො විය න විහඤ්ඤමානො මග්ගෙනෙව සමුග්ඝාතිතත්තා චෙතොදුක්ඛං අනුප්පාදෙන්තො කෙවලං කම්මවිපාකජං සරීරදුක්ඛං අධිවාසෙන්තො සමාපත්තිං සමාපන්නො විය නිසින්නො හොති. අද්දසාති තං ආයස්මන්තං අධිවාසනඛන්තියා තථා නිසින්නං අද්දක්ඛි.
සතො සම්පජානො වේදනා දුරුකිරීම් වශයෙන්, සිහිනුවණින් යුක්ත වන්නේ, සති සම්පජඤ්ඤය වැඩීම ගැන සිතයි. අනිත්‍යය, අනිෂ්ට ආරම්මණ වශයෙන් සිතන්නේ, ඒකාන්ත වශයෙන් ඉපදීම හා බිඳීම, ඇතිවීම හා නැතිවීම, වේදනාවෙන් මිදීම, නිරෝධය වේදනාවේ අනිත්‍යතාවය සලකමින් සිහියෙන් යුක්තව, කළ යුතු දේ පිළිබඳව සිහිය ඇතිව, සියලුම කාය වේදනාවන් සිහියෙන් දරාගනිමින් විඳ ගනිමින්, තමන් විසින්ම අවබෝධ කරගනිමින් ප්‍රඥාවෙන් පෘථුල බවට යමින් එළඹ සිටි සිහියෙන් යුක්තව කායික වේදනාව තුනී කරයි. අවිහඤ්ඤමානො මහණෙනි, බහුශ්‍රැත නොවූ පෘථග්ජන වූ සමහරු දුක් වේදනාවන්ගෙන් යුක්ත වූයේ ශෝකවෙති. ක්ලාන්ත වෙති. හඬා වැළපෙති. විලාප දෙති. හඬති. මුළාවට පත්වෙති. කියන ලද පරිදි අන්ධ පෘථග්ජනයන් මෙන් වෙනසකට පත් නොවෙමින් හුදෙක් කර්ම විපාකයෙන් ඇති වූවක්ම බව සලකමින් ඉවසමින් සමාපත්තියට සමවදිමින් සිටී. අද්දසා ආයුෂ්මත් තෙමේ ඉවසමින් ක්ෂාන්තියෙන් එසේ සිටින බව දුටුයේය.
එතමත්ථන්ති එතං තාදිසස්සපි රොගස්ස වෙජ්ජාදීහි තිකිච්ඡනත්ථං අනුස්සුක්කාපජ්ජනකාරණං ඛීණාසවානං ලොකධම්මෙහි අනුපලෙපිතසඞ්ඛාතං අත්ථං සබ්බාකාරතො විදිත්වා. ඉමං උදානන්ති ඉමං සඞ්ඛතධම්මානං යෙහි කෙහිචි දුක්ඛධම්මෙහි අවිඝාතපත්තිවිභාවනං උදානං උදානෙසි.
එතමත්ථං මෙවැනි රෝගයකට වෙදකම්වලින් සහනයක් නොලැබෙන බව අවබෝධ කරගනිමින්ම, ක්ෂීණාශ්රවයන්ගේ ලෝකධර්මය පිළිබඳව උපක්‍රම රහිත බවම ආදී සියලු කාරණා තේරුම් ගත් බව දැන මේ උදාන වාක්‍යය පහළ කළේය. ‘ඉමං සංඛතං ධම්මානං - යෙහි කෙහි ච දුක්ඛ ධම්මෙහි අවිඝාතපත්ති විභාවනං’
තත්ථ සබ්බකම්මජහස්සාති පහීනසබ්බකම්මස්ස. අග්ගමග්ගස්ස හි උප්පන්නකාලතො පට්ඨාය අරහතො සබ්බානි කුසලාකුසලකම්මානි පහීනානි නාම හොන්ති පටිසන්ධිං දාතුං අසමත්ථභාවතො, යතො අරියමග්ගඤාණං කම්මක්ඛයකරන්ති වුච්චති. භික්ඛුනොති භින්නකිලෙසතාය භික්ඛුනො. ධුනමානස්ස පුරෙ කතං රජන්ති අරහත්තප්පත්තිතො පුබ්බෙ කතං රාගරජාදිමිස්සතාය රජන්ති ලද්ධනාමං දුක්ඛවෙදනීයං කම්මං විපාකපටිසංවෙදනෙන තං ධුනන්තස්ස විද්ධංසෙන්තස්ස, අරහත්තප්පත්තියා පරතො පන සාවජ්ජකිරියාය සම්භවොයෙව නත්ථි, අනවජ්ජකිරියා ච භවමූලස්ස සමුච්ඡින්නත්තා සමුච්ඡින්නමූලතාය පුප්ඵං විය ඵලදානසමත්ථතාය අභාවතො කිරියමත්තාව හොති.
එහි සබ්බ කම්ම ජහස්සානි සියලු කර්මයන් ප්‍රහීණ කිරීම, උසස් මාර්ගය උපදින කාලයේ පටන් සියලු කුසලා කුසල කර්මයන් ප්‍රහීණ කිරීමට අසමර්ථ භාවය පහකොට, යම්සේ ආර්ය මාර්ග ඤාණය ඉපිදවීමෙන් සියලු කර්මයන් ක්ෂය කිරීමේ අර්හත්භාවයම කියයි. භික්ඛුනො ක්ලේශයන් බිඳ දැමූ බැවින් භික්ෂු වේ. ධුනමානස්ස පුරෙකතං රජං අර්හත්වයට පෙර පැවතියා වූ රාග රජස් යයි නම් ලත් දුක් විපාක කර්ම විපාක ගෙන දෙන සිය්ලල විද්ධ්වංසනය කරමින්, අර්හත්වයට පත්වීමෙන් පසුව සාවද්‍ය ක්‍රියාවන්ගෙන් හටගැනීමක් නො මැති නිසාවෙන් භව මූලය තණ්හාව මුළුමනින්ම සිඳ දැමීමේ ක්‍රියාව පමණක්ම වේ.
අමමස්සාති රූපාදීසු කත්ථචි මමන්ති ගහණාභාවතො අමමස්ස මමඞ්කාරරහිතස්ස. යස්ස හි මමඞ්කාරො අත්ථි, සො අත්තසිනෙහෙන වෙජ්ජාදීහි සරීරං පටිජග්ගාපෙති. අරහා පන අමමො, තස්මා සො සරීරජග්ගනෙපි උදාසීනධාතුකොව. ඨිතස්සාති චතුබ්බිධම්පි ඔඝං තරිත්වා නිබ්බානථලෙ ඨිතස්ස, පටිසන්ධිග්ගහණවසෙන වා සන්ධාවනස්ස අභාවෙන ඨිතස්ස . සෙක්ඛපුථුජ්ජනා හි කිලෙසාභිසඞ්ඛාරානං අප්පහීනත්තා චුතිපටිසන්ධිවසෙන සංසාරෙ ධාවන්ති නාම, අරහා පන තදභාවතො ඨිතොති වුච්චති. අථ වා දසවිධෙ ඛීණාසවසඞ්ඛාතෙ අරියධම්මෙ ඨිතස්ස. තාදිනොති “පටිකූලෙ අප්පටිකූලසඤ්ඤී විහරතී”තිආදිනා (පටි· ම· 3.17) නයෙන වුත්තාය පඤ්චවිධාය අරියිද්ධියා අට්ඨහි ලොකධම්මෙහි අකම්පනියාය ඡළඞ්ගුපෙක්ඛාය ච සමන්නාගතෙන ඉට්ඨාදීසු එකසදිසතාසඞ්ඛාතෙන තාදීභාවෙන තාදිනො. අත්ථො නත්ථි ජනං ලපෙතවෙති “මම භෙසජ්ජාදීනි කරොථා”ති ජනං ලපිතුං කථෙතුං පයොජනං නත්ථි සරීරෙ නිරපෙක්ඛභාවතො. පණ්ඩුපලාසො විය හි බන්ධනා පවුත්තො සයමෙවායං කායො භිජ්ජිත්වා පතතූති ඛීණාසවානං අජ්ඣාසයො. වුත්තඤ්හෙතං –
අමමස්සා රූපාදී කිසිවෙක්හි මම ය මාගේය යන මමංකාර රහිත වන නිසාම වෙදුන් විසින් ශරීරය පිළිදැගුම් කිරීම් ආදිය නිරර්ථකයයි උදාසීන භාවයෙන් සලකයි. ඨිතස්ස සතර ඕඝයන් තරණයකොට නිර්වාණය නමැති ගොඩබිමෙහි සිටියහුට, ප්රතිසන්ධි ග්‍රහණයක් නොමැත්තහුට, ක්ෂීණාශ්රව සංඛ්‍යාත වූ ආර්ය ධර්මයන්හි පිහිටියහුට සසරේ දිවීමක් නම් නැත. තාදිනො ප්‍රතිකූල දෙයෙහි අප්‍රතිකූල සංඥාවෙන් වාසය කරයි ආදී වශයෙන් කියන ලද පස්වැදෑරුම් ආර්ය සෘද්ධියෙන් අෂ්ට ලෝක ධර්මයෙහි කම්පනය වීමක් නැත්තේ ය. අත්ථොනත්ථි ජනංලපෙතවෙ තමන්ට බෙහෙත් කරවන්නැයි ජනයන් ලවා කීමෙහි කියවීමෙහි ප්‍රයෝජනයක් නැත. ශරීරයාගේ නිරපේක්ෂ භාවයම සිතයි. ඉදුණු කොලයක් වැටෙන්නාක් මෙන් තමාමැ කය බිඳී යෙත්වායි ක්ෂීණාශ්රවයන්ගේ අදහස වේ.
“නාභිකඞ්ඛාමි මරණං, නාභිකඞ්ඛාමි ජීවිතං; කාලඤ්ච පටිකඞ්ඛාමි, නිබ්බිසං භතකො යථා”ති. (ථෙරගා· 606);
[missing trans]
අථ වා යංකිඤ්චි නිමිත්තං දස්සෙත්වා “කිං අය්යස්ස ඉච්ඡිතබ්බ”න්ති ජනං ලපෙතවෙ පච්චයෙහි නිමන්තනවසෙන ලපාපෙතුං ඛීණාසවස්ස අත්ථො නත්ථි තාදිසස්ස මිච්ඡාජීවස්ස මග්ගෙනෙව සමුග්ඝාතිතත්තාති අත්ථො. ඉති භගවා “කිස්සායං ථෙරො අත්තනො රොගං වෙජ්ජෙහි අතිකිච්ඡාපෙත්වා භගවතො අවිදූරෙ නිසීදතී”ති චින්තෙන්තානං තස්ස අතිකිච්ඡාපනෙ කාරණං පකාසෙසි.
යම්කිසි නිමිත්තක් දක්වා ආරාධනා වශයෙන් සිටීමට ක්ෂීණාශ්රවයන්ට අවශ්‍යතාවයක් නැත. ඒ වූ කලී විච්ඡා ජීවීන්ට අවශ්‍යතාවයයි. ස්ථවිරයන් වහන්සේ තමාගේ රෝගයට වෙදුන් ලවා චිකිත්සා කර්ම කරවීමේ අදහසක් නොමැති බවත්, භාග්‍යවතුන්ට නුදුරේම සිටින්නෙමියි සිතමින් ඔහුගේ කාරණය අදහස ප්‍රකාශ කළේය.
පඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පළමුවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.