9. විසාඛාසුත්තවණ්ණනා අට්ඨකථා
9. විසාඛාසුත්තවණ්ණනා
9. විශාඛා සූත්‍ර වර්ණනාව
නවමෙ පුබ්බාරාමෙති සාවත්ථියා පාචීනදිසාභාගෙ අනුරාධපුරස්ස උත්තමදෙවීවිහාරසදිසෙ ඨානෙ කාරිතෙ ආරාමෙ. මිගාරමාතුපාසාදෙති මිගාරමාතුයා පාසාදෙ.
නවවැන්නෙහි පුබ්බාරාමෙ යනු අනුරාධපුරයේ පෙරදිග කොටසෙහි උතුම් දේවියගේ විහාරය හා සමාන තැන්හි කරවන ලද්දා වූ සැවැත් නුවර පිහිටි ආරාමයෙහි. මිගාර මාතු පාසාදෙ යනු
තත්රායං අනුපුබ්බිකථා – අතීතෙ සතසහස්සකප්පමත්ථකෙ පදුමුත්තරදසබලං එකා උපාසිකා අඤ්ඤතරං උපාසිකං අත්තනො අග්ගුපට්ඨායිකට්ඨානෙ ඨපෙන්තං දිස්වා භගවන්තං නිමන්තෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසතසහස්සස්ස දානං දත්වා භගවතො නිපච්චකාරං කත්වා “අනාගතෙ තුම්හාදිසස්ස බුද්ධස්ස අග්ගුපට්ඨායිකා භවෙය්ය”න්ති පත්ථනං අකාසි. සා කප්පසතසහස්සං දෙවෙසු ච මනුස්සෙසු ච සංසරිත්වා අම්හාකං භගවතො කාලෙ භද්දියනගරෙ මෙණ්ඩකසෙට්ඨිපුත්තස්ස ධනඤ්ජයසෙට්ඨිනො ගෙහෙ සුමනදෙවියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි. ජාතකාලෙ චස්සා විසාඛාති නාමං අකංසු. සා යදා භගවා භද්දියනගරං අගමාසි, තදා පඤ්චහි දාරිකාසතෙහි සද්ධිං භගවතො පච්චුග්ගමනං කත්වා පඨමදස්සනෙනෙව සොතාපන්නා අහොසි.
මේ එහි අනුපිළිවෙල කථාවයි. අතීතයෙහි කල්ප සියයක් පමණ කාලයෙහි එක් උපාසිකාවක් පදුමුත්තර බුදුන් අන් එක් උවැසියක් තමාගේ අග්‍ර උපස්ථායිකා තනතුරෙහි තබනු දැක භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කර බුද්ධ ප්රමුඛ ලක්ෂයක් භික්ෂූන්ට දන් දී බුදුරදුන්ට වැදහෙව අයුරක් කොට අනාගතයෙහි ඔබවහන්සේ වැනි බුදුවරයෙකුගේ අග්‍ර උපස්ථායිකාව වන්නේ නම් යයි ප්‍රාර්ථනා කළාය. ඕ තොමෝ කල්ප ලක්ෂයක් දෙවියන් අතරද මිනිසුන් අතර ද සැරි සරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි භද්දිය නගරයෙහි මෙණ්ඩක සිටුගේ පුත් වූ ධනංජය සිටුගේ නිවසෙහි සුමනා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තාය. උපන් පසු ඇයට විසාඛා යයි නම් කළාහුය. යම්දිනෙක බුදුරදුන් භද්දිය නගරයට වැඩි සේක් ද එකල්හි ඇය දැරියන් පන්සියයක් සමග භාග්‍යවතුන් වහන්සේට පෙර ගමන් කොට පළමු දැකීමෙන් සෝවාන් වූවාය.
අපරභාගෙ සාවත්ථියං මිගාරසෙට්ඨිපුත්තස්ස පුණ්ණවඩ්ඪනකුමාරස්ස ගෙහං ගතා, තත්ථ නං සසුරො මිගාරසෙට්ඨි උපකාරවසෙන මාතුට්ඨානෙ ඨපෙසි. තස්මා මිගාරමාතාති වුච්චති. සා අත්තනො මහල්ලතාපසාධනං විස්සජ්ජෙත්වා නවකොටීහි භගවතො භික්ඛුසඞ්ඝස්ස ච වසනත්ථාය කරීසමත්තෙ භූමිභාගෙ උපරිභූමියං පඤ්චගබ්භසතානි හෙට්ඨාභූමියං පඤ්චගබ්භසතානීති ගබ්භසහස්සෙහි පටිමණ්ඩිතං පාසාදං කාරෙසි. තෙන වුත්තං “මිගාරමාතුපාසාදෙ”ති.
පසුකාලයෙහි සැවැත් නුවර මිගාර සිටු පුත්‍රයා වූ පූර්ණවර්ධන කුමාරයාගේ ගෙට ගියාය. එහිදී ඇගේ මාමණ්ඩිය වූ මිගාර සිටු තෙමේ තමාට කළ උපකාර වශයෙන් මව් තනතුරෙහි තැබුවාය. එහෙයින් මිගාර මාතා යයි කියනු ලැබේ. තමාගේ මහාලතා ප්‍රසාදන නම් ආභරණය විකුණා නවකෝටියකින් භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු සංඝයාටද වාසය පිණිස කිරියක් පමණ භූමි භාගයෙහි මතු මහලෙහි කාමර පන්සීයක, යට මහලෙහි කාමර පන්සියයකැයි කාමර දහසකින් යුත් ප්‍රාසාදයක් කරවීය. එහෙයින් ‘මිගාර මාතු පාසාදෙ” යයි කියන ලදි.
කොචිදෙව අත්ථොති කිඤ්චිදෙව පයොජනං. රඤ්ඤෙති රාජිනි. පටිබද්ධොති ආයත්තො. විසාඛාය ඤාතිකුලතො මණිමුත්තාදිරචිතං තාදිසං භණ්ඩජාතං තස්සා පණ්ණාකාරත්ථාය පෙසිතං, තං නගරද්වාරප්පත්තං සුඞ්කිකා තත්ථ සුඞ්කං ගණ්හන්තා තදනුරූපං අග්ගහෙත්වා අතිරෙකං ගණ්හිංසු. තං සුත්වා විසාඛා රඤ්ඤො තමත්ථං නිවෙදෙතුකාමා පතිරූපපරිවාරෙන රාජනිවෙසනං අගමාසි, තස්මිං ඛණෙ රාජා මල්ලිකාය දෙවියා සද්ධිං අන්තෙපුරං ගතො හොති. විසාඛා ඔකාසං අලභමානා “ඉදානි ලභිස්සාමි, ඉදානි ලභිස්සාමී”ති භොජනවෙලං අතික්කමිත්වා ඡින්නභත්තා හුත්වා පක්කාමි. එවං ද්වීහතීහං ගන්ත්වාපි ඔකාසං න ලභියෙව. ඉති රාජා අනිවෙදිතොපි තස්ස අත්ථවිනිච්ඡයස්ස ඔකාසාකරණෙන “යථාධිප්පායං න තීරෙතී”ති වුත්තො. තත්ථ යථාධිප්පායන්ති අධිප්පායානුරූපං. න තීරෙතීති න නිට්ඨාපෙති. මහාඋපාසිකාය හි රාජායත්තසුඞ්කමෙව රඤ්ඤො දත්වා ඉතරං විස්සජ්ජාපෙතුං අධිප්පායො, සො රඤ්ඤා න දිට්ඨත්තා එව න තීරිතො. හන්දාති වොස්සග්ගත්ථෙ නිපාතො. දිවා දිවස්සාති දිවසස්ස දිවා, මජ්ඣන්හිකෙ කාලෙති අත්ථො. කෙනචිදෙව කරණීයෙන ද්වීහතීහං රාජනිවෙසනද්වාරං ගච්ඡන්තී තස්ස අත්ථස්ස අනිට්ඨිතත්තා නිරත්ථකමෙව උපසඞ්කමිං , භගවති උපසඞ්කමනමෙව පන දස්සනානුත්තරියාදිප්පටිලාභකාරණත්තා සාත්ථකන්ති එවාහං, භන්තෙ, ඉමාය වෙලාය ඉධාගතාති ඉමමත්ථං දස්සෙන්තී මහාඋපාසිකා “ඉධ මෙ, භන්තෙ”තිආදිමාහ.
කොචි දෙව අත්ථො යනු කිසියම් ප්‍රයෝජනයක්. රඤ්ඤෙ යනු රජ බිසව කෙරෙහි. පටිබද්ධො යනු ඇළුනේ. විශාඛාවගේ නෑ නිවසකින් මැණික් මුතු ආදියෙන් කරන ලද එබඳු උපකරණක් ඇයට පඬුරු පිණිස එවන ලදි. එය නුවර දොර අභියසට පත් වූ විට අයබදු කරුවෝ එය පිළිබඳ බදු ගනු ලබන්නෝ එයට සුදුසු පරිදි නොගෙන වැඩිමනක් ගත්තාහුය. ඒ අසා විශාකා තොමෝ රජුට ඒ බව දන්වනු කැමැත්තී සුදුසු පිරිවර සමගින් රජ මැදුරට ගියාය. එකෙණෙහි රජු මල්ලිකා දේවිය සමග අන්තඃපුරයට ගියේ වෙයි. විශාඛාව අවකාශයක් නොලබන්නී දැන් ලබන්නෙමියි ආහාර ගනු ලබන වේලාවද ඉක්මවා සිඳුන බත් ඇත්තී වී ගියාය. මෙසේ දෙතුන් දිනක් ගොස් නමුත් අවකාශයක් නොලද්දීමය. මෙසේ රජු වෙත නොදන්වන ලද්දේ ද ඒ කරුණු විමසීමට අවකාශ ඇති කිරීමෙන් “යථා අධිප්පායං න තීරෙති” යයි කියන ලදි. එහි යථා අධිප්පායං යනු අභිලාශයට ගැලපෙන අයුරින් න තීරෙති යනු නො නිමවයි. රජු අයත් අයබදු පමණක් රජුට දී ඉතිරිය විසඳාලන්නට මහෝපාසිකාවගේ අදහස විය. ඇය රජ විසින් නොදක්නා ලද සෙයින් තීරණය නොවිය යනුයි. භන්ද යනු අත්හැරීම් අර්ථයෙහි නිපාතයකි. දිවා දිවස්ස යනු දවසෙහි දහවල්ය. මධ්‍යාහ්න වේලාවෙහි යන අර්ථයි. කිසියම් කළයුත්තක් නිසා දවසෙහි දහවල් කාලයෙහි දෙතුන් දිනක් එළඹියෙමි. භාග්‍යවතුන් වහන්සේ වෙතම එළඹී මම දැකීමෙන් වන උතුම් පින ආදිය ලැබීම වැනි කරුණු හෙයින් අරුත් සහිත යයි (දක්වන්නීම) ස්වාමීනි; මම මෙම වේලාවෙහි මෙහි පැමිණියා වෙමියි මෙම කරුණ දක්වන්නී වූ මහා උපාසිකා තොමෝ ඉධ මෙ භන්තෙ ආදිය කීවාය.
එතමත්ථන්ති එතං පරායත්තතාය අධිප්පායාසමිජ්ඣනසඞ්ඛාතං අත්ථං විදිත්වා. ඉමං උදානන්ති ඉමං පරාධීනාපරාධීනවුත්තීසු ආදීනවානිසංසපරිදීපකං උදානං උදානෙසි.
එතමත්ථං යනු මෙසේ අනුන් අයත් වූ අධිෂ්ඨානය සමෘද්ධ වීම සංඛ්‍යාත ප්‍රයෝජනය දැන ඉමං උදානං යනු මෙම අනුන් අයත් වූ පැවැත්ම ඇති අය පිළිබඳ ආදීනවයන් හා ආනිසංසයන් දක්වන්නා වූ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළේය.
තත්ථ සබ්බං පරවසං දුක්ඛන්ති යං කිඤ්චි අත්ථජාතං පයොජනං පරවසං පරායත්තං අත්තනො ඉච්ඡාය නිප්ඵාදෙතුං අසක්කුණෙය්යතාය දුක්ඛං දුක්ඛාවහං හොතීති අත්ථො. සබ්බං ඉස්සරියං සුඛන්ති දුවිධං ඉස්සරියං ලොකියං ලොකුත්තරඤ්ච. තත්ථ ලොකියං රාජිස්සරියාදි චෙව ලොකියජ්ඣානාභිඤ්ඤානිබ්බත්තං චිත්තිස්සරියඤ්ච, ලොකුත්තරං මග්ගඵලාධිගමනිමිත්තං නිරොධිස්සරියං. තෙසු යං චක්කවත්තිභාවපරියොසානං මනුස්සෙසු ඉස්සරියං, යඤ්ච සක්කාදීනං තස්මිං තස්මිං දෙවනිකායෙ ආධිපච්චභූතං ඉස්සරියං, තදුභයං යදිපි කම්මානුභාවෙන යථිච්ඡිතනිප්ඵත්තියා සුඛනිමිත්තතාය සුඛං, විපරිණාමදුක්ඛතාය පන සබ්බථා දුක්ඛමෙව. තථා අනිච්චන්තිකතාය ලොකියජ්ඣානනිබ්බත්තං චිත්තිස්සරියං, නිරොධිස්සරියමෙව පන ලොකධම්මෙහි අකම්පනීයතො අනිවත්තිසභාවත්තා ච එකන්තසුඛං නාම. යං පනෙත්ථ සබ්බත්ථෙව අපරාධීනතාය ලභති චිත්තසුඛං, තං සන්ධාය සත්ථා “සබ්බං ඉස්සරියං සුඛ”න්ති ආහ.
එහි සබ්බං පරවසං දුක්ඛං යනු යම්කිසි අභිවෘද්ධියක් ප්‍රයෝජනයක් අනුන් පිළිබඳවද අනුන් අයත් ද එය තමාගේ කැමැත්තෙන් නිපදවන්නට නොහැකි නිසා දුක්ඛං දුක් එළවන්නේ වේ යයි අර්ථයි. සබ්බං ඉස්සරියං සුඛං යනු ඓශ්චර්යය ලෞකික හා ලෝකෝත්තර යයි දෙයාකාරය. එහි රජ ඉසුරු ආදියද ලෞකික ධ්‍යාන අභිඥා ඉපදවීම වූ සිතේ ඉසුරුමත් බවද ලෞකික ඓශ්චර්යය වේ. මාර්ග ඵලාධිගමය නිරෝධ සංඛ්‍යාත ඉසුරුමත් බව ලෝකෝත්තර ඓශ්චර්යය වේ. මේවා අතර සක්විති බව අවසන් කොට ඇති මිනිසුන් අතර වූ යම් ඉසුරුමත් බවක් වේද ශක්‍ර ආදීන්ගේ ඒ ඒ දේව සමූහයා අතර අධිපති බවට හේතු වූ ඉසුරුමත් බවක් වේද, ඒ දෙක ඉදින් කර්මයේ මහිමයෙන් කැමති පරිදි ලද යුතු සැපයට හේතු වූ හෙයින් සැපයක් වේ. වෙනස්වීම් සංඛ්‍යාත දුක් ඇති හෙයින් හැම පරිද්දෙන්ම දුකක්ම වේ. අනිත්‍ය බව අවසන් කොට ඇති හෙයින් ලෞකික ධ්‍යාන ඉපදවීම සංඛ්‍යාත සිතේ ඉසුරුමත් බවද එසේමය. ලෝක ධර්මයන්ගෙන් කම්පා නොවන හෙයින්ද නොවෙනස් වන ස්වභාව ඇති හෙයින්ද නිරෝධ ඓශ්වර්යය ඒකාන්ත සැපය වේ. මේ සියළු තන්හි අපරාධීන බැවින් යම් සිතේ සුවයක් ලබයිද එය අරමුණු කොට ශාස්තෲන් වහන්සේ “සබ්බං ඉස්සරියං සුඛං” යයි වදාළ සේක.
සාධාරණෙ විහඤ්ඤන්තීති ඉදං “සබ්බං පරවසං දුක්ඛ”න්ති ඉමස්ස පදස්ස අත්ථවිවරණං. අයඤ්හෙත්ථ අත්ථො – සාධාරණෙ පයොජනෙ සාධෙතබ්බෙ සති තස්ස පරාධීනතාය යථාධිප්පායං අනිප්ඵාදනතො ඉමෙ සත්තා විහඤ්ඤන්ති විඝාතං ආපජ්ජන්ති කිලමන්ති. කස්මා? යොගා හි දුරතික්කමාති යස්මා කාමයොගභවයොගදිට්ඨියොගඅවිජ්ජායොගා අනාදිකාලභාවිතා අනුපචිතකුසලසම්භාරෙහි පජහිතුං අසක්කුණෙය්යතාය දුරතික්කමා. එතෙසු දිට්ඨියොගො පඨමමග්ගෙන අතික්කමිතබ්බො, කාමයොගො තතියමග්ගෙන. ඉතරෙ අග්ගමග්ගෙන. ඉති අරියමග්ගානං දුරධිගමනීයත්තා ඉමෙ යොගා දුරතික්කමා. තස්මා කාමයොගාදිවසෙන ඉච්ඡිතාලාභහෙතු සත්තා විහඤ්ඤන්ති, අසාධාරණෙ පන චිත්තිස්සරියෙ නිරොධිස්සරියෙ ච සති න කදාචිපි විඝාතස්ස සම්භවොති අධිප්පායො.
සාධාරණෙ විභඤ්ඤන්ති යන මෙය “සබ්බං පරවසං දුක්ඛං” යන මේ පදයට අරුත් විස්තරයයි. මේ මෙහි අර්ථය වේ. පොදු වූ ප්‍රයෝජනයක් සිද්ධ කටයුතු තන්හිදී ඔහුගේ පරාධීන බව නිසා අභිලාශ වූ පරිදි නොනිපදවන හෙයින් මෙම සත්වයෝ නසනු ලබත් විනාශයට පැමිණෙත් වෙහෙසෙත්. යෝගහී දුරතික්කමා යනු යම් හෙයකින් කාම යෝග භව යෝග දිට්ඨි යෝග හා අවිද්‍යා යෝගයන් දීර්ඝ කාලයක් භාවිතා කළාහු රැස් නොකරන ලද කුසල සම්භාරයන්ගෙන් දුරුකරන්නට නොහැකි හෙයින් ඉක්මවන්නට නොහැකි වන්නාහූ, මොවුන් අතර දිට්ඨියෝගය පළමු මාර්ගයෙන් දුරු කළ යුතුය. කාම යෝගය තෙවන මාර්ගයෙන් දුරු කළ යුතුය. අන්‍යයන් අවසන් මාර්ගයෙන් දුරු කළ යුතුය. මෙසේ ආර්යමාර්ගයෙන් අවබෝධ කිරීම අපහසු හෙයින් මේ යෝගයෝ දුරු කිරීම අපහසු වෙත්. එහෙයින් කාම යෝග ආදී වශයෙන් කැමති දෑ නොලැබීමේ හේතුවෙන් සත්ත්වයෝ නැසෙත්. පොදු නොවූ චිත්ත ඓශ්චර්යයත් නිරෝධ ඓශ්චර්යයත් ඇතිකල්හි කිසි විටෙක විනාශයක (සිතේ කරදරයක) හටගැනීමක් නොවේ යයි යන අදහස වේ.
අථ වා සබ්බං පරවසන්ති යං අත්තනො අඤ්ඤප්පටිබද්ධවුත්තිසඞ්ඛාතං, තං සබ්බං අනිච්චසභාවතාය දුක්ඛං. “යදනිච්චං තං දුක්ඛ”න්ති හි වුත්තං. සබ්බං ඉස්සරියන්ති යං සබ්බසඞ්ඛතනිස්සටං ඉස්සරියට්ඨානතාය ඉස්සරියන්ති ලද්ධනාමං නිබ්බානං, තං උපාදිසෙසාදිවිභාගං සබ්බං සුඛං. “නිබ්බානං පරමං සුඛ”න්ති (ධ· ප· 203-204) හි වුත්තං. සාධාරණෙති එවං දුක්ඛසුඛෙ වවත්ථිතෙ ඉමෙ සත්තා බහුසාධාරණෙ දුක්ඛකාරණෙ නිමුග්ගා හුත්වා විහඤ්ඤන්ති. කස්මා? යොගා හි දුරතික්කමාති යස්මා තෙ සබ්බත්ථ නිමුජ්ජනස්ස හෙතුභූතා කාමයොගාදයො දුරතික්කමා, තස්මා ත්වම්පි විසාඛෙ පරායත්තමත්ථං පත්ථෙත්වා අලභමානා විහඤ්ඤසීති අධිප්පායො.
තවද සබ්බං පරවසං යනු තමාගේ අනිකෙකු හා බැඳුන හේතුවෙන් යම් පැවැත්මක් වේද ඒ සියල්ල අනිත්‍ය ස්වභාවය ඇති හෙයින් එය දුකක් වේ. “යමක් අනිත්‍යද එය දුක යයි” කියන ලදි. සබ්බං ඉස්සරියං යනු සියළු සංස්කෘත ධර්මයන් නිස්සරණය කිරීම් නමැති ඓශ්වර්යයට තැන් වූ හෙයින් “ඉස්සරි” යයි ලබන ලද නම් ඇති නිවන ඒ උපාධිසේස ආදී වූ කොටස් ඇති සියළු සැප ‘නිවන පරම සුවයයැ’යි කියන ලදි. සාධාරණෙ යනු මෙසේ දුක - සැප වෙන් කළ කල්හි මේ සත්ත්වයෝ බොහෝ කොට පොදු වූ දුක් ගෙන දෙන කාරණයෙහි ගැලී නැසෙත්. යොගාහි දුරතික්කමා යනු යම්හෙයකින් ඔවුහු සියළු තන්හි ගිලීමට හේතු වූ කාමාදී යෝගයෝ ඉක්මවිය නොහැක්කෝ වෙති. විශාඛාවනි, එහෙයින් ඔබද අනුන් අයත් වූ ප්‍රයෝජනය ප්‍රාර්ථනා කර (එය) නොලබන්නී නැසෙන්නෙහි යයි යන අදහස යයි.
නවමසුත්තවණ්ණනා නිට්ඨිතා.
නව වන සූත්‍ර වර්ණනාව නිමියේය.
10. භද්දියසුත්තවණ්ණනා
10. භද්දිය සූත්‍ර වර්ණනාව
දසමෙ අනුපියායන්ති එවං නාමකෙ නගරෙ. අම්බවනෙති තස්ස නගරස්ස අවිදූරෙ මල්ලරාජූනං එකං අම්බවනං අහොසි, තත්ථ මල්ලරාජූහි භගවතො විහාරො කාරිතො, සො “අම්බවන”න්ත්වෙව වුච්චති. අනුපියං ගොචරගාමං කත්වා තත්ථ භගවා විහරති, තෙන වුත්තං “අනුපියායං විහරති අම්බවනෙ”ති. භද්දියොති තස්ස ථෙරස්ස නාමං. කාළීගොධාය පුත්තොති කාළීගොධා නාම සාකියානී සක්යරාජදෙවී අරියසාවිකා ආගතඵලා විඤ්ඤාතසාසනා, තස්සා අයං පුත්තො. තස්ස පබ්බජ්ජාවිධි ඛන්ධකෙ (චූළව· 330-331) ආගතොව. සො පබ්බජිත්වා විපස්සනං පට්ඨපෙත්වා න චිරස්සෙව ඡළභිඤ්ඤො අහොසි, තෙරසපි ධුතඞ්ගානි සමාදාය වත්තති. භගවතා ච “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං උච්චකුලිකානං, යදිදං භද්දියො කාළීගොධාය පුත්තො”ති (අ· නි· 1.193) උච්චකුලිකභාවෙ එතදග්ගෙ ඨපිතො අසීතියා සාවකානං අබ්භන්තරො.
දසවැන්නෙහි අනුපියායං යනු මෙනම් වූ නගරයෙහි. අම්බවනෙ යනු ඒ නගරය නුදුරෙහි මල්ල රජුන්ගේ එක් අඹ වනයක් විය. එහි මල්ල රජුන් විසින් විහාරයක් කරන ලදි. එය අඹවනය යයි කියනු ලබයි. අනුපිය අඹ වනය ගොදුරු කොට භාග්‍යවතුන් වහන්සේ එහි වාසය කරයි. එහෙයින් “අනුපියායං විහරති අම්බවනෙ” යයි කියන ලදි. භද්දියො යනු ඒ තෙරුන්ගේ නමයි. කාලිගොධාය පුත්තො යනු කාලිගෝධා නම් වූ ශාක්‍යයන් අතර යම් ශාක්‍ය රාජ දේවියක් වූවාද ඕ ආර්‍ය්‍ය ශ්‍රාවිකා වූවා ලබන ලද මාර්ගඵල ඇත්තී දන්නා ලද සසුන් ඇත්තීද වූවාය. මේ ඇයගේ පුත්‍රයායි. ඔහුගේ පැවිදි වූ අයුරු ඛන්ධකයෙහි පැමිණියේම වේ. හෙතෙම පැවිදි වී විදර්ශනා උපදවා නොබෝ කලකින්ම ෂට් අභිඥාලාභී වූයේය. කෙලෙස් ධුතාංග සමාදන් වී පවතී. භාග්‍යවතුන් වහන්සේ විසින් ද “මහණෙනි මාගේ ශ්‍රාවක වූ උසස් කුල ඇති භික්ෂූන් අතර යම් මේ කාලිගෝධාවගේ පුත් වූ භද්තිය තෙරුන් අග්‍රයයි අසූ මහා ශ්‍රාවකයන් අතර උසස් කුල ඇති බැව්හි අග්‍රස්ථානයේ තබන ලදි.
සුඤ්ඤාගාරගතොති “ඨපෙත්වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච අවසෙසං අරඤ්ඤ”න්ති වුත්තං අරඤ්ඤං රුක්ඛමූලඤ්ච ඨපෙත්වා අඤ්ඤං පබ්බතකන්දරාදි පබ්බජිතසාරුප්පං නිවාසට්ඨානං ජනසම්බාධාභාවතො ඉධ සුඤ්ඤාගාරන්ති අධිප්පෙතං. අථ වා ඣානකණ්ටකානං සද්දානං අභාවතො විවිත්තං යං කිඤ්චි අගාරම්පි සුඤ්ඤාගාරන්ති වෙදිතබ්බං. තං සුඤ්ඤාගාරං උපගතො. අභික්ඛණන්ති බහුලං. උදානං උදානෙසීති සො හි ආයස්මා අරඤ්ඤෙ දිවාවිහාරං උපගතොපි රත්තිවාසූපගතොපි යෙභුය්යෙන ඵලසමාපත්තිසුඛෙන නිරොධසුඛෙන ච වීතිනාමෙති, තස්මා තං සුඛං සන්ධාය පුබ්බෙ අත්තනා අනුභූතං සභයං සපරිළාහං රජ්ජසුඛං ජිගුච්ඡිත්වා “අහො සුඛං අහො සුඛ”න්ති සොමනස්සසහිතං ඤාණසමුට්ඨානං පීතිසමුට්ඨානං සමුග්ගිරති.
සුඤ්ඤාගාරගතො යනු ගමද ගම සමීපයද සෙසු වනයද හැර යයි කියන ලදි. වනයද ගස් මුලද හැර වෙනත් පර්වත - ගල් ගුහා ආදී වූ පැවිද්දන්ට සුදුසු වාසස්ථානය ජනයාගෙන් වන ගැහැට නොමැති හෙයින් මෙහි ශූන්යාගාරයයි අදහස් කරන ලදි. තවද වැදි - ගොවි ආදීන්ගේ ශබ්දයන් නොමැති හෙයින් විවේකී වූ යම්කිසි ගෙයක්ද ශූන්‍යාගාරය යයි දත යුතුය. එවැනි ශූන්‍යාගාරයකට ගියේ. අභික්ඛණං යනු බහුලය. උදානං උදානෙති යනු ආයුෂ්මත් උන්වහන්සේ වනයෙහි දිවා විහරණයට එළඹියේද රාත්‍රී කාලයෙහි විසීමට එළඹියේද බොහෝසෙයින් ඵල සමාපත්ති සුවයෙන්ද නිරෝධ සමාපත්ති සුවයෙන් ද ගෙවයි. එහෙයින් ඒ සුවය අරභයා පෙර තමා විඳින ලද බිය සහිත දැවීම් සහිත රජ සැප පිළිකුල් කොට. අහො සුඛං අහො සුඛං යයි සොමනසින් යුත් නුවණැති බැවින් යුතුව හටගත් ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කරයි.
සුත්වාන නෙසං එතදහොසීති නෙසං සම්බහුලානං භික්ඛූනං තස්ස ආයස්මතො “අහො සුඛං, අහො සුඛ”න්ති උදානෙන්තස්ස උදානං සුත්වා “නිස්සංසයං එස අනභිරතො බ්රහ්මචරියං චරතී”ති එවං පරිවිතක්කිතං අහොසි. තෙ භික්ඛූ පුථුජ්ජනා තස්ස ආයස්මතො විවෙකසුඛං සන්ධාය උදානං අජානන්තා එවං අමඤ්ඤිංසු, තෙන වුත්තං “නිස්සංසය”න්තිආදි. තත්ථ නිස්සංසයන්ති අසන්දෙහෙන එකන්තෙනාති අත්ථො. “යං සො පුබ්බෙ අගාරියභූතො සමානො”ති පාළිං වත්වා “අනුභවී”ති වචනසෙසෙන කෙචි අත්ථං වණ්ණෙන්ති, අපරෙ “යං සා”ති පඨන්ති, “යංස පුබ්බෙ අගාරියභූතස්සා”ති පන පාළි. තත්ථ යංසාති යං අස්ස, සන්ධිවසෙන හි අකාරසකාරලොපො “එවංස තෙ (ම· නි· 1.23; අ· නි· 6.58), පුප්ඵංසා උප්පජ්ජී”තිආදීසු (පාරා· 36) විය. තස්සත්ථො – අස්ස ආයස්මතො භද්දියස්ස පබ්බජිතතො පුබ්බෙ අගාරියභූතස්ස ගහට්ඨස්ස සතො යං රජ්ජසුඛං අනුභූතං. සා තමනුස්සරමානොති සො තං සුඛං එතරහි උක්කණ්ඨනවසෙන අනුස්සරන්තො.
සුත්වාන තෙසං එතදහොසි යනු ඒ බොහෝ භික්ෂූන්ට ඒ උදම් අනන්නා වූ ආයුෂ්මත් භද්දිය තෙරුන්ගේ “අහෝ සැපයකි අහෝ සැපයක්” යි යන ප්‍රීති වාක්‍යය අසා ඒකාන්තයෙන් නොඇලී බඹසර හැසිරෙයි යයි මෙසේ සිතුවිල්ලක් විය. ඒ පුහුදුන් භික්ෂූහු ඒ ආයුෂ්මතුන් වහන්සේගේ විවේක සුවය අරබයා කළ ප්‍රීති වාක්යයකැයි නොදන්නාහු මෙසේ සිතූහ. එහෙයින් “නිස්සංසයං” (සැක රහිතව) ආදිය කියන ලදි. නිස්සංසයං යනු සැක රහිතව ඒකාන්තයෙන් යන අර්ථයි. “යම්හෙයකින් හෙතෙම පළමුව ගිහිගෙයි වූයේම යන පෙල කියා අනුභව කළේය යන වචන වශයෙන් ඇතැම්හු අරුත් විස්තර කරති. සෙස්සෝ “යං සා” යනුවෙන්ද කියත්. “යං ස පුබ්බෙ අගාරිය භූතස්ස” යනු පෙළ වේ. එහි යංසා යනු යමක් වීද? සන්ධි වීම් වශයෙන් “අ” කාරය හා “ස” කාරය ලෝපය වේ. “එවං ස තෙ පුප්ඵං සා උප්පජ්ජි” යන තන්හි මෙනි. එහි අර්ථය: ආයුෂ්මත් භද්දිය තෙරුන්ට පැවිද්දෙන් පෙර ගිහිගෙයි වූවාහුගේ යම් රාජ සැපයක් අනුභව කරන ලද්දේ වී නම්. සො තමනුස්සරමානො යනු හෙතෙම දැන් ඒ සැපය උකටලී වීම් වශයෙන් සිහිකරමින්.
තෙ භික්ඛූ භගවන්තං එතදවොචුන්ති තෙ සම්බහුලා භික්ඛූ උල්ලපනසභාවසණ්ඨිතා තස්ස අනුග්ගහණාධිප්පායෙන භගවන්තං එතදවොචුං, න උජ්ඣානවසෙන. අඤ්ඤතරන්ති නාමගොත්තෙන අපාකටං එකං භික්ඛුං. ආමන්තෙසීති ආණාපෙසි තෙ භික්ඛූ සඤ්ඤාපෙතුකාමො. එවන්ති වචනසම්පටිග්ගහෙ, සාධූති අත්ථො. පුන එවන්ති පටිඤ්ඤාය. අභික්ඛණං “අහො සුඛං, අහො සුඛ”න්ති ඉමං උදානං උදානෙසීති යථා තෙ භික්ඛූ වදන්ති, තං එවං තථෙවාති අත්තනො උදානං පටිජානාති. කිං පන ත්වං භද්දියාති කස්මා භගවා පුච්ඡති, කිං තස්ස චිත්තං න ජානාතීති ? නො න ජානාති, තෙනෙව පන තමත්ථං වදාපෙත්වා තෙ භික්ඛූ සඤ්ඤාපෙතුං පුච්ඡති. වුත්තඤ්හෙතං – “ජානන්තාපි තථාගතා පුච්ඡන්ති, ජානන්තාපි න පුච්ඡන්තී”තිආදි. අත්ථවසන්ති කාරණං.
තෙ භික්ඛු භගවන්තං එතදවොචුං යනු උසස් කර ප්‍රකාශ කිරීමේ ස්වභාවයෙන් යුත් ඒ බොහෝ භික්ෂූහු උන්වහන්සේට අනුග්‍රහ කිරීමේ අදහසින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය. දොස් පැවරීම් වශයෙන් නොවේ. අඤ්ඤතරං යනු නම් ගොත් වශයෙන් ප්‍රසිද්ධ නැති එක් භික්ෂුවක්. ආමන්තෙසි යනු ඒ භික්ෂූන් හඟවනු කැමැත්තේ ඇනවීය එවං යනු වචන පිළිගැනීමෙහි මැනවයි යන අර්ථය, නැවත “එවං” යනු ප්‍රතිඥා කළ ඇසිල්ලෙහි. අහෝ සුඛං අහො සුඛන්ති ඉමං උදානං උදානෙසි යනු ඒ භික්ෂූහු යම් සේ කියත්ද එය එසේම යයි තමාගේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශය පිළිගනී. කිම්පන ත්වං භද්දිය යනු භාග්‍යවතුන් වහන්සේ කිමැයි විමසයි. කිම ඔහුගේ සිත නොදන්නේ ද? අප නොදනී. ඔහු ලවාම ඒ කරුණ කියවා ඒ භික්ෂූන් දැනුවත් කරන්නට විමසයි. මෙය කියන ලදි. දන්නා වූම තථාගතයන් වහන්සේලා (ඒ ඒ කරුණු පිළිබඳව) විමසත්. දන්නා වූම තථාගතයන් වහන්සේලා නොවිමසත් යයි ආදී වශයෙනි. අත්ථවසං යනු කාරණයයි.
අන්තෙපුරෙති ඉත්ථාගාරස්ස සඤ්චරණට්ඨානභූතෙ රාජගෙහස්ස අබ්භන්තරෙ, යත්ථ රාජා න්හානභොජනසයනාදිං කප්පෙති. රක්ඛා සුසංවිහිතාති ආරක්ඛාදිකතපුරිසෙහි ගුත්ති සුට්ඨු සමන්තතො විහිතා. බහිපි අන්තෙපුරෙති අඩ්ඩකරණට්ඨානාදිකෙ අන්තෙපුරතො බහිභූතෙ රාජගෙහෙ. එවං රක්ඛිතො ගොපිතො සන්තොති එවං රාජගෙහරාජධානිරජ්ජදෙසෙසු අන්තො ච බහි ච අනෙකෙසු ඨානෙසු අනෙකසතෙහි සුසංවිහිතරක්ඛාවරණගුත්තියා මමෙව නිබ්භයත්ථං ඵාසුවිහාරත්ථං රක්ඛිතො ගොපිතො සමානො. භීතොතිආදීනි පදානි අඤ්ඤමඤ්ඤවෙවචනානි. අථ වා භීතොති පරරාජූහි භායමානො. උබ්බිග්ගොති සකරජ්ජෙපි පකතිතො උප්පජ්ජනකභයුබ්බෙගෙන උබ්බිග්ගො චලිතො. උස්සඞ්කීති “රඤ්ඤා නාම සබ්බකාලං අවිස්සත්ථෙන භවිතබ්බ”න්ති වචනෙන සබ්බත්ථ අවිස්සාසවසෙන තෙසං තෙසං කිච්චකරණීයානං පච්චයපරිසඞ්කාය ච උද්ධමුඛං සඞ්කමානො. උත්රාසීති “සන්තිකාවචරෙහිපි අජානන්තස්සෙව මෙ කදාචි අනත්ථො භවෙය්යා”ති උප්පන්නෙන සරීරකම්පං උප්පාදනසමත්ථෙන තාසෙන උත්‍රාසී. “උත්රස්තො”තිපි පඨන්ති. විහාසින්ති එවංභූතො හුත්වා විහරිං.
අන්තෙපුරෙ යනු කාන්තාවන් වාසය කරන නිවසට ආවරණ ස්ථාන වූ රජගෙදර ඇතුලත රජ යම් තැනක ස්නානය අනුභව කිරීම නිදීම ආදිය කරයිද? රක්ඛා සුසං විහිතා යනු රැකවරණයෙහි නිරත පුරුෂයන් විසින් රාත්‍රී කාලයෙහිද හාත්පස යෝධයෝ තබන ලදහ. බහි අන්තෙ පුරෙ යනු ආර්ථික කටයුතු සඳහා වූ ස්ථානයන් ආදී වූ ඇතුළත නගරයෙන් පිටත වූ රජ නිවසෙහි. එවං රක්ඛිතො ගොපිතො සන්තො යනු මෙසේ රජ ගෙදර රාජධානියෙහිද රාජ්‍ය දේශයෙහි ද ඇතුළත හා පිටත බොහෝ තන්හි බොහෝ කොට සිය ගණනින් මනාව තබන ලද රැකවල් ඇත්තේ මගේම විස රහිත බව පිණිස මගේම පහසු විහරණය පිණිස ආරක්ෂා කරන ලද්දේ ගෝපණය කරන ලද්දේම ආදී පදයන් එකිනෙක වෙන් වූ වචන වේ. භීතො යනු අන්‍ය රාජ්‍යයන්ගෙන් බියපත් වන්නේ. උබ්බිගො යනු මුළු රාජ්‍යයෙහිද ස්වභාවයෙන්ම තැති ගැනීම් උපදවන සුළු බිය සංවේගයන්ගෙන් තැතිගන්වන ලද්දේ සසල කරන ලද්දේ මනාව තබන ලද රැකවරණ ඇති හෙයින් උස්සංකී යනු රජුන් විසින් නිරතුරුව අවිශ්වාසයෙන් යුක්ත විය යුතුය යන ප්‍රකාශයන් සියළු තන්හි අවිශ්වාස වශයෙන් ඔවුනොවුන්ගේ කාරණා කටයුතුවල හේතූන් සැක කරනුයේ. උත්රාසි යනු සමීපව හැසිරෙන්නන් විසිනුදු නොදන්නා වූවටම මට කිසි දිනෙක අනර්ථයක් වන්නේයයි උපන්නා වූ, සිරුරු කම්පා උපදවීමට සමත් තිගැස්මෙන් තැති ගත්තේය. උත්රසේතා යනුවෙන්ද කියත්, විහාසිං යනු මෙබඳු වී වාසය කළෙමි.
එතරහීති ඉදානි පබ්බජිතකාලතො පට්ඨාය. එකොති අසහායො, තෙන වූපකට්ඨකායතං දස්සෙති. අභීතොතිආදීනං පදානං වුත්තවිපරියායෙන අත්ථො වෙදිතබ්බො. භයාදිනිමිත්තස්ස පරිග්ගහස්ස තං නිමිත්තස්ස ච කිලෙසස්ස අභාවෙනෙවස්ස අභීතාදිතාති. එතෙන චිත්තවිවෙකං දස්සෙති . අප්පොස්සුක්කොති සරීරගුත්තියං නිරුස්සුක්කො. පන්නලොමොති ලොමහංසුප්පාදකස්ස ඡම්භිතත්තස්ස අභාවෙන අනුග්ගතලොමො. පදද්වයෙනපි සෙරිවිහාරං දස්සෙති. පරදත්තවුත්තොති පරෙහි දින්නෙන චීවරාදිනා වත්තමානො, එතෙන සබ්බසො සඞ්ගාභාවදීපනමුඛෙන අනවසෙසභයහෙතුවිරහං දස්සෙති. මිගභූතෙන චෙතසාති විස්සත්ථවිහාරිතාය මිගස්ස විය ජාතෙන චිත්තෙන. මිගො හි අමනුස්සපථෙ අරඤ්ඤෙ වසමානො විස්සත්ථො තිට්ඨති, නිසීදති, නිපජ්ජති, යෙනකාමඤ්ච පක්කමති අප්පටිහතචාරො, එවං අහම්පි විහරාමීති දස්සෙති. වුත්තඤ්හෙතං පච්චෙකබුද්ධෙන –
එතරහි යනු දැන් පැවිදි වූ කලෙහි සිට. එකො හුදෙකළා වූයේ එයින් විවේකස්ථානය දන්වයි. අභීතො යනාදී පදයන් පෙර කී පරිදි අරුත් දත යුතුය. භය ආදියට හේතු වූ පිරිවරද එයට නිමිති වූ කෙලෙස්වලද නොවීමෙන්ම අභීත ආදිය වේ. මෙයින් චිත්ත විවේකය දක්වයි. අප්පොස්සුක්කො යනු සිරුර රැකීමෙහි නිරුත්සාහී වූයේ පන්නලොමො යනු ලොමු ඩැහැ ගැනීම් උපද්දනා වූ තැති ගැනීම් නොමැති හෙයින් නොනගින ලද ලොව් ඇත්තේ. පදයන් දෙකින්ම ස්වෛරී විහරණය දක්වයි. පරද වුත්තො යනු අනුන් විසින් දෙන ලද සිවුරු ආදියෙන් පවතිනුයේ. මෙපරිද්දෙන් හැම ලෙස තෘෂ්ණා රහිත බව දැක්වීම් වශයෙන් වෙනත් බිය ඇති කරන හේතුන් රහිත බව දක්වයි. මිගභූතෙන චෙතසා යනු විශ්වසනීය වාසය කිරීම් ඇති හෙයින් මුවකුගේ මෙන් උපන් සිත් ඇතිව. මුවා වනාහි මිනිසුන් රහිත වනයෙහි වසනුයේ විශ්වාසයෙන් යුතුව සිටී. හිදී. හොවී. යම් තැනක කැමති පරිදි යයිද නොගැටුන හැසිරීම් ඇත්තේද මමද එසේ වාසය කරමි යයි දක්වයි. පසේ බුදුරජ විසින් මෙය කියන ලදි -
“මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො, යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය; විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති. (සු· නි· 39; අප· ථෙර 1.1.95);
වනයෙහි වසන්නා වූ නොබැඳුන මුවෙක් යම් සේ ගොදුරු පිණිස යම් තැනක යයි ද එලෙස නුවණැති මිනිසා ස්වෛරී බව අපේක්ෂා කරනුයේ කඟවේණෙකු මෙන් හුදෙකලාව හැසිරෙන්නේය.
ඉමං ඛො අහං, භන්තෙ, අත්ථවසන්ති, භන්තෙ, භගවා යදිදං මම එතරහි පරමං විවෙකසුඛං ඵලසමාපත්තිසුඛං, ඉදමෙව කාරණං සම්පස්සමානො “අහො සුඛං, අහො සුඛ”න්ති උදානං උදානෙසින්ති.
ඉදං ඛො අහං භන්තෙ අත්ථවසං යනු භාග්‍යවතුන් වහන්සේ දැන් මා පිළිබඳව යම් මේ උතුම් විවේක සුවය වූ ඵල සමාපත්ති සුවයක් වේද මේ වූම කරුණ දකිනුයේ අහෝ සුඛං අහෝ සුඛං යන ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළේය.
එතමත්ථන්ති එතං භද්දියත්ථෙරස්ස පුථුජ්ජනවිසයාතීතං විවෙකසුඛසඞ්ඛාතමත්ථං සබ්බාකාරතො විදිත්වා. ඉමං උදානන්ති ඉදං සහෙතුකභයසොකවිගමානුභාවදීපකං උදානං උදානෙසි.
එතමත්ථං යනු භද්දිය තෙරුන්ගේ මෙම පෘථග්ජන විෂයය ඉක්ම වූ විවේක සුවය සංඛ්‍යාත වූ කරුණ සියළු ආකාරයෙන් දැන. ඉමං උදානං යනු මේ හේතු සහිත වූ බිය ශෝක පහවීම් මහිමය දක්වන්නා වූ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළේය.
තත්ථ යස්සන්තරතො න සන්ති කොපාති යස්ස අරියපුග්ගලස්ස අන්තරතො අබ්භන්තරෙ අත්තනො චිත්තෙ චිත්තකාලුස්සියකරණතො චිත්තප්පකොපා රාගාදයො ආඝාතවත්ථුආදිකාරණභෙදතො අනෙකභෙදා දොසකොපා එව කොපා න සන්ති මග්ගෙන පහීනත්තා න විජ්ජන්ති. අයඤ්හි අන්තරසද්දො කිඤ්චාපි “මඤ්ච ත්වඤ්ච කිමන්තර”න්තිආදීසු (සං· නි· 1.228) කාරණෙ දිස්සති, “අන්තරට්ඨකෙ හිමපාතසමයෙ”තිආදීසු (මහාව· 346) වෙමජ්ඣෙ, “අන්තරා ච ජෙතවනං අන්තරා ච සාවත්ථි”න්තිආදීසු (උදා· 13, 44) විවරෙ, “භයමන්තරතො ජාත”න්තිආදීසු (ඉතිවු· 88; මහානි· 5) චිත්තෙ, ඉධාපි චිත්තෙ එව දට්ඨබ්බො. තෙන වුත්තං “අන්තරතො අත්තනො චිත්තෙ”ති.
එහි යස්සන්තරතො නසන්ති කොපා යනු යම් ආර්ය පුද්ගලයකුගේ ඇතුලතෙහි සිය සිතෙහි සිත කිළිටි කරන චිත්ත කෝපයෙන් හෝ රාගාදී ආඝාත වස්තූන් ආදියට කරුණු වූ වශයෙන් කොටස් වූ නොයෙක් ප්‍රභේදයන්ගෙන් යුත් කෝපයෝ න සන්ති මාර්ගඥානයෙන් ප්‍රහීණ කළ හෙයින් විද්‍යමාන නොවෙත්. මෙම අන්තර ශබ්දය කිසියම් මාද ඔබද කීම ඒ අරුතදැයි ආදී කාරණයන්හි පෙනේ. “අන්ත රට්ඨකෙ හිමපාත සමයේ” යන තන්හි මැද යන අරුත්හි වේ. “අන්තරාච ජෙතවනං අන්තරාච සාවත්ථිං” යයි ආදි තන්හි අවකාශාර්ථයෙහි වේ. “භයමන්තරතොජාතං” යන ආදියෙහි සිතෙහි යන අර්ථයෙහි වේ. මෙහිද සිතෙහි යන අර්ථයෙහි දත යුතුය.
ඉතිභවාභවතඤ්ච වීතිවත්තොති යස්මා භවොති සම්පත්ති, අභවොති විපත්ති. තථා භවොති වුද්ධි, අභවොති හානි. භවොති වා සස්සතං, අභවොති උච්ඡෙදො. භවොති වා පුඤ්ඤං, අභවොති පාපං. භවොති වා සුගති, අභවොති දුග්ගති. භවොති වා ඛුද්දකො, අභවොති මහන්තො. තස්මා යා සා සම්පත්තිවිපත්තිවුඩ්ඪිහානිසස්සතුච්ඡෙදපුඤ්ඤපාපසුගතිදුග්ගති- ඛුද්දකමහන්තඋපපත්තිභවානං වසෙන ඉති අනෙකප්පකාරා භවාභවතා වුච්චති. චතූහිපි අරියමග්ගෙහි යථාසම්භවං තෙන තෙන නයෙන තං ඉතිභවාභවතඤ්ච වීතිවත්තො අතික්කන්තො හොති. අත්ථවසෙන විභත්ති විපරිණාමෙතබ්බා. තං විගතභයන්ති තං එවරූපං යථාවුත්තගුණසමන්නාගතං ඛීණාසවං චිත්තකොපාභාවතො ඉතිභවාභවසමතික්කමතො ච භයහෙතුවිගමෙන විගතභයං, විවෙකසුඛෙන අග්ගඵලසුඛෙන ච සුඛිං, විගතභයත්තා එව අසොකං. දෙවා නානුභවන්ති දස්සනායාති අධිගතමග්ගෙ ඨපෙත්වා සබ්බෙපි උපපත්තිදෙවා වායමන්තාපි චිත්තචාරදස්සනවසෙන දස්සනාය දට්ඨුං නානුභවන්ති න අභිසම්භුණන්ති න සක්කොන්ති, පගෙව මනුස්සා. සෙක්ඛාපි හි පුථුජ්ජනා විය අරහතො චිත්තප්පවත්තිං න ජානන්ති.
ඉති භවභතඤ්ච වීතිවත්තො යනු යම් හෙයකින් භව යනු සම්පත්තියයි. අභව යනු විපත්තියයි. එසේම භව යනු අභිවෘද්ධියයි. අභව යනු හානියයි. භව යනු ශාස්වත (සදාකාලික) බවයි. අභව යනු උච්ඡේදයයි. භව යනු පිනයි. අභව යනු පවයි. භව යනු සුගතියයි. අභව යනු දුගතියයි. භව යනු කුඩා බවයි. අභව යනු මහත් බවයි. එහෙයින් එය සම්පත්-විපත්, අභිවෘද්ධි-හානි, ශාස්වත-උච්ඡේද, පුඤ්ඤ-පාප, සුගති-දුගති, කුඩා-මහත් වශයෙන් වූ උප්පත්ති භව වශයෙන් නන් වැදෑරුම් වූ භව-අභව බව කියයි. ආර්ය මාර්ග සතරින් යම් හට ගැනීමක් වේද ඒ ඒ ක්‍රමයෙන් එසේ යයි භව අභව බවද ඉක්මවන ලද්දේ. අතික්‍රමණය කරන ලද්දේ වෙයි. අරුත් වශයෙන් විභක්ති නියම කළ යුතුයි. තං විගත භයං යනු යට කියන ලද පරිදි වූ ගුණයන්ගෙන් සමන්විත වූ මෙබඳු ක්ෂීණාශ්රවයා චිත්ත කෝපයන් නොමැති හෙයින් මෙසේ භව - අභව ඉක්මවීමේ හේතුවෙන්ද බියට හේතූන් පහවීමෙන් විගත භය වේ. විවේක සුවයෙන්ද අග්‍රඵල සුවයෙන් ද සුවපත් වේ. පහ වූ බිය ඇති හෙයින්මය. අසොකං. දෙවා නානානුභන්ති දස්සනාය යනු අවබෝධ කරන ලද මාර්ගයන් හැර සියළු උත්පත්ති දෙවියෝ උත්සාහ කරනු ලබන්නෝද නමුත් සිත් හසර දැකීම් වශයෙන් දස්සනාය. දැකීමට නානුභවන්ති නොහැකි වෙත්. අපොහොසත් වෙත්. මිනිසුන් පිළිබඳ කියනුම කවරේද ශෛක්ෂයෝද පෘථග්ජනයන් මෙන් රහතුන්ගේ සිත් පැවැත්ම නොදනිත්.
දසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
නිට්ඨිතා ච මුචලින්දවග්ගවණ්ණනා.
මුචලින්ද වර්ග වර්ණනාව සමාප්තයි.