8. සුප්පවාසාසුත්තවණ්ණනා අට්ඨකථා
8. සුප්පවාසාසුත්තවණ්ණනා
8. සුප්‍රවාසා සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ කුණ්ඩිකායන්ති එවංනාමකෙ කොලියානං නගරෙ. කුණ්ඩධානවනෙති තස්ස නගරස්ස අවිදූරෙ කුණ්ඩධානසඞ්ඛාතෙ වනෙ.
අටවැනි සූත්‍රයේ කුණ්ඩියායං යනු මේ නම් ඇති කෝලියයන්ගේ නගරයයි. කුණ්ඩධාන වනෙ ඒ නගරය අසල කුණ්ඩධාන නම් වූ වනයක් අතීතයේ විය.
පුබ්බෙ කිර කුණ්ඩො නාම එකො යක්ඛො තස්මිං වනසණ්ඩෙ වාසං කප්පෙසි, කුණ්ඩධානමිස්සකෙන ච බලිකම්මෙන තුස්සතීති තස්ස තථා තත්ථ බලිං උපහරන්ති, තෙනෙතං වනසණ්ඩං කුණ්ඩධානවනන්ත්වෙව පඤ්ඤායිත්ථ. තස්ස අවිදූරෙ එකා ගාමපතිකා අහොසි, සාපි තස්ස යක්ඛස්ස ආණාපවත්තිට්ඨානෙ නිවිට්ඨත්තා තෙනෙව පරිපාලිතත්තා කුණ්ඩිකාති වොහරීයිත්ථ . අපරභාගෙ තත්ථ කොලියරාජානො නගරං කාරෙසුං, තම්පි පුරිමවොහාරෙන කුණ්ඩිකාත්වෙව වුච්චති. තස්මිඤ්ච වනසණ්ඩෙ කොලියරාජානො භගවතො භික්ඛුසඞ්ඝස්ස ච වසනත්ථාය විහාරං පතිට්ඨාපෙසුං, තම්පි කුණ්ඩධානවනන්ත්වෙව පඤ්ඤායිත්ථ. අථ භගවා ජනපදචාරිකං චරන්තො අනුක්කමෙන තං විහාරං පත්වා තත්ථ විහාසි. තෙන වුත්තං – “එකං සමයං භගවා කුණ්ඩිකායං විහරති කුණ්ඩධානවනෙ”ති.
ඒ වනලැහැබේ ඈත අතීතයේ කුණ්ඩ නම් වූ එක් යක්ෂයෙක් වාසය කළේය. සහල් කුඩුවලින් මිශ්‍ර වූ රොටිවලින් කරන පූජාවන්ගෙන් ඒ යක්ෂයා සතුටු වෙයි. එසේ පූජාවන් පැවැත්වූ හෙයින් මේ වනලැහැබ කුණ්ඩධාන නමින් හැඳින්වීය. එම වන පෙදෙසට නුදුරුව ඊට පසු කාලයක කෝලිය රජවරු එහි නගරයක් කරවූහ. එම නගරයද මෙම හඳුන්වාදීම පරිදිම කුණ්ඩියා නාමයෙන් හඳුන්වන ලදි. ඒ වනලැහැබෙහි කෝලිය රජවරු භාග්‍යවතුන් වහන්සේ සහිත භික්ෂු සංඝයාට වාසය පිණිස විහාරයක් ඉදිකළාහුය. එයද කුණ්ඩධාන වන නමින්ම ප්‍රකට විය. ජනපද චාරිකාවෙහි හැසිරෙන භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් එම විහාරයට පැමිණ එහි වාසය කළහ. එහෙයින් එකං සමයං භගවා කුණ්ඩියායං විහරති කුණ්ඩධාන වනෙ යන්න කියන ලදි.
සුප්පවාසාති තස්සා උපාසිකාය නාමං. කොලියධීතාති කොලියරාජපුත්තී. සා හි භගවතො අග්ගුපට්ඨායිකා පණීතදායිකානං සාවිකානං එතදග්ගෙ ඨපිතා සොතාපන්නා අරියසාවිකා. යඤ්හි කිඤ්චි භගවතො යුත්තරූපං ඛාදනීයං භොජනීයං භෙසජ්ජං වා න තත්ථ අඤ්ඤාහි සංවිධාතබ්බං අත්ථි, සබ්බං තං සයමෙව අත්තනො පඤ්ඤාය විචාරෙත්වා සක්කච්චං සම්පාදෙත්වා උපනෙති. දෙවසිකඤ්ච අට්ඨසතං සඞ්ඝභත්තපාටිපුග්ගලිකභත්තානි දෙති. යො කොචි භික්ඛු වා භික්ඛුනී වා තං කුලං පිණ්ඩාය පවිට්ඨො රිත්තහත්ථො න ගච්ඡති. එවං මුත්තචාගා පයතපාණී වොස්සග්ගරතා යාචයොගා දානසංවිභාගරතා. අස්සා කුච්ඡියං පුරිමබුද්ධෙසු කතාධිකාරො පච්ඡිමභවිකො සාවකබොධිසත්තො පටිසන්ධිං ගණ්හි. සා තං ගබ්භං කෙනචිදෙව පාපකම්මෙන සත්ත වස්සානි කුච්ඡිනා පරිහරි, සත්තාහඤ්ච මූළ්හගබ්භා අහොසි. තෙන වුත්තං – “සත්ත වස්සානි ගබ්භං ධාරෙති සත්තාහං මූළ්හගබ්භා”ති.
සුප්පවාසා යනු ඒ උපාසිකාවගේ නමයි. කෝලිය ධීතා යනු කෝලිය රාජ කුමාරිකාවකි. භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායිකාව වූ ඇය ප්රණීතව දන් දෙන්නා වූ ශ්‍රාවිකාවන් අතර ඒතදග්ග ධුරයෙහි තබන ලද සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවකි. භාග්‍යවතුන් වහන්සේලා යම් සුදුසු ඛාදනීය භෝජනීය දෙයක් හෝ ඖෂධයක් හෝ වෙනයම් දෙයක් හෝ, අන්‍ය වූ පුරුෂයන් විසින් ගෙනැවිත් සැපය දෙයක් වීනම් ඒ සියල්ල තමන්ම තමන්ගේ නුවණින් සොයා බලා මැනවින් සම්පාදනය කොට බුදුරදුන්ට පිළිගන්වයි. තව ද දිනපතා අටසියයකට සහබත් ද, තමන්ගේම ධනයෙන් සකස්කොට පුද්ගලික බත් දෙයි. යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් ඒ ගෙදරට පිඬුසිඟා වැඩියකල්හි හිස් අතින් නොයයි. මෙසේ නිතරම දෙන්න කැමැත්ත ඇති අති පිරිසිදු පින් කිරීමෙහි ඇළුණු ආයාචනයට සුදුසු දන් දීමේ සංවිධානයට ම ඇලුණ තැනැත්තියකි. ඇයගේ කුසෙහි පෙර බුදුවරුන්ගේ හමුයෙහි විවරණ ලැබ, පශ්චිම භවික, ශ්‍රාවක බෝධිසත්ත්වයෙක් පිළිසිඳ ගත්තේය. ඕ තොමෝ කිසියම් පාපකර්මයක් නිසා ‘සත්වසක් හා දස් දවසක් මූලගර්භ’ වූවාය.
තත්ථ සත්ත වස්සානීති සත්ත සංවච්ඡරානි, අච්චන්තසංයොගෙ ච ඉදං උපයොගවචනං. ගබ්භං ධාරෙතීති ගබ්භං වහති, ගබ්භිනී හොතීති අත්ථො. සත්තාහං මූළ්හගබ්භාති සත්ත අහානි බ්යාකුලගබ්භා. ගබ්භො හි පරිපක්කො සම්පජ්ජමානො විජායනකාලෙ කම්මජවාතෙහි සඤ්චාලෙත්වා පරිවත්තිතො උද්ධංපාදො අධොසිරො හුත්වා යොනිමුඛාභිමුඛො හොති, එවං සො කත්ථචි අලග්ගො බහි නික්ඛමති. විපජ්ජමානො පන විපරිවත්තනවසෙන යොනිමග්ගං පිදහිත්වා තිරියං නිපජ්ජති, සයමෙව වා යොනිමග්ගො පිදහති, සො තත්ථ කම්මජවාතෙහි අපරාපරං පරිවත්තමානො බ්යාකුලො මූළ්හගබ්භොති වුච්චති. තස්සාපි සත්ත දිවසෙ එවං අහොසි, තෙන වුත්තං “සත්තාහං මූළ්හගබ්භා”ති.
එහි සත්තවස්සානි යනු සත් වසරය. අත්‍යන්තර සංයෝගයෙහි සප්තමී චනයි. ගබ්භං ධාරෙති ගැබ උසුලයි. ගර්භනී වූවා යන අදහසයි. සත් වසරක්. මූළගබ්භා යනු සත් වසරක් නොසන්සුන් ගැබ ඇත්තීය. ගැබ මෝරා දරුවා ලැබෙන කාලය කර්මජ වාතයෙන් සොලවා පෙරලා හරවන ලද්දේ, පා උඩට ගොස් ඔලුව පහලට වී යෝනි මුඛයෙහි කිසිතැනක නොලැගී, පිටතට නික්මෙයි. ප්‍රසූත නො කරන අවස්ථාවේ යෝනි මාර්ගය වසාගෙන, හරහට නොවීය. ස්වාභාවිකවම යෝනි මාර්ගය වැසේ. කර්මජ වාතයෙන් සුදුසු පරිදි ඔබ මොබ පෙරලීම වෙයි. එය ‘මූලගර්භය’යි කියති. ඇයටද මේ අයුරින් සත්දිනක් ‘විලිරුදාව’ විය.
අයඤ්ච ගබ්භො සීවලිත්ථෙරො. තස්ස කථං සත්ත වස්සානි ගබ්භවාසදුක්ඛං, සත්තාහං මූළ්හගබ්භභාවප්පත්ති, මාතු චස්සාපි සොතාපන්නාය අරියසාවිකාය තථා දුක්ඛානුභවනං ජාතන්ති? වුච්චතෙ – අතීතෙ කාසිකරාජෙ බාරාණසියං රජ්ජං කාරෙන්තෙ එකො කොසලරාජා මහන්තෙන බලෙනාගන්ත්වා බාරාණසිං ගහෙත්වා තං රාජානං මාරෙත්වා තස්ස අග්ගමහෙසිං අත්තනො අග්ගමහෙසිං අකාසි. බාරාණසිරඤ්ඤො පන පුත්තො පිතු මරණකාලෙ නිද්ධමනද්වාරෙන පලායිත්වා අත්තනො ඤාතිමිත්තබන්ධවෙ එකජ්ඣං කත්වා අනුක්කමෙන බලං සංහරිත්වා බාරාණසිං ආගන්ත්වා අවිදූරෙ මහන්තං ඛන්ධාවාරං බන්ධිත්වා තස්ස රඤ්ඤො පණ්ණං පෙසෙසි “රජ්ජං වා දෙතු, යුද්ධං වා”ති . රාජකුමාරස්ස මාතා සාසනං සුත්වා “යුද්ධෙන කම්මං නත්ථි, සබ්බදිසාසු සඤ්චාරං පච්ඡින්දිත්වා බාරාණසිනගරං පරිවාරෙතු, තතො දාරූදකභත්තපරික්ඛයෙන කිලන්තා නගරෙ මනුස්සා විනාව යුද්ධෙන රාජානං ගහෙත්වා දස්සන්තී”ති පණ්ණං පෙසෙසි. සො මාතු සාසනං සුත්වා චත්තාරි මහාද්වාරානි රක්ඛන්තො සත්ත වස්සානි නගරං උපරුන්ධි, නගරෙ මනුස්සා චූළද්වාරෙන නික්ඛමිත්වා දාරූදකානි ආහරන්ති, සබ්බකිච්චානි කරොන්ති.
මේ ගැබෙහි වූයේ සීවලී ස්ථවිරයෝය. ඇයට කෙසේනම් සත් වසක් ගැබ දැරීමේ දුක ද, සත්දවසක් විලිරුදා පැහැරීමේ දුක ද ඇතිවූ මේ මව සෝවාන් වූ ආර්යශ්රාවිකාවියකි. එසේ වූ ඇයට මේ දුක් ඇතිවීමේ හේතුව මෙසේ කියනු ලැබේ. පෙර බරණැස් නුවර කසී රජු රජකරන අවදියේ එක් කොසොල් රජකෙනෙක් මහත් බලසේනාවක් සමග ගොස් බරණැස් නුවර ගෙන ඒ රජු මරා ඔහුගේ අගමෙහෙසිය තමන්ගේ අගමෙහෙසිය බවට පත්කළාය. බරණැස් රජුගේ පුතා පියා මරණ කල්හි, කුරුබිල්දොරින් පලාගොස් තමන්ගේ නෑ මිත්‍ර හිතවතුන් එක්රැස්කොට අනුක්රමයෙන් බලසෙනග සංවිධානය කොට බරණැසට ඇවිත් නුදුරෙහි කඳවුරු බැඳ ‘රජය හෝ දෙව යුද්ධ හෝ කරව’ කියා ඒ රජුට හසුන්පත් යැවීය. රජ කුමරුගේ මව හස්න අසා යුද්ධයෙන් වැඩෙක් නැත. සියලු දිශාවන්ගෙන් ඇතුල්වීම වළක්වා බරණැස් නුවර වටකරව. ඉක්බිති දර, දිය, ආහාර නැතිවීමෙන් ක්ලාන්ත වන නුවරවැස්සෝ යුද්ධයෙන් තොරව රජු අල්ලාගෙන දක්වන්නේ යයි හසුන්පතක් යැවීය. හෙතෙම මවගේ අනුශාසනය අසා සතර මහවාසල් රකිමින් සත්වසක් නගරය වටකරගෙන සිටියේය. නුවර මිනිස්සු සුලු දොරවලින් නික්මී, දර ජලය ආහාර ගෙන සියලු කෘත්‍යයන් කරති.
අථ රාජකුමාරස්ස මාතා තං පවත්තිං සුත්වා “බාලො මම පුත්තො උපායං න ජානාති, ගච්ඡථ, අස්ස චූළද්වාරානි පිධාය නගරං උපරුන්ධතූති වදෙථා”ති පුත්තස්ස ගූළ්හසාසනං පහිණි. සො මාතු සාසනං සුත්වා සත්ත දිවසෙ තථා අකාසි. නාගරා බහි නික්ඛමිතුං අලභන්තා සත්තමෙ දිවසෙ තස්ස රඤ්ඤො සීසං ගහෙත්වා කුමාරස්ස අදංසු. කුමාරො නගරං පවිසිත්වා රජ්ජං අග්ගහෙසි. සො තදා සත්ත වස්සානි නගරරුන්ධනකම්මනිස්සන්දෙන එතරහි සත්ත වස්සානි මාතුකුච්ඡිසඞ්ඛාතාය ලොහිතකුම්භියා වසි, අවසෙසතො පන සත්තාහං නගරූපරුන්ධනෙන සත්තාහං මූළ්හගබ්භභාවං ආපජ්ජි. ජාතකට්ඨකථායං පන “සත්ත දිවසානි නගරං රුන්ධිත්වා ගහිතකම්මනිස්සන්දෙන සත්තවස්සානි ලොහිතකුම්භියං වසිත්වා සත්තාහං මූළ්හගබ්භභාවං ආපජ්ජී”ති වුත්තං. යං පන සො පදුමුත්තරසම්මාසම්බුද්ධපාදමූලෙ “ලාභීනං අග්ගො භවෙය්ය”න්ති මහාදානං දත්වා පත්ථනං අකාසි, යඤ්ච විපස්සිස්ස භගවතො කාලෙ නාගරෙහි සද්ධිං සහස්සග්ඝනිකං ගුළදධිං දත්වා පත්ථනං අකාසි, තස්සානුභාවෙන ලාභීනං අග්ගො ජාතො. සුප්පවාසාපි “නගරං රුන්ධිත්වා ගණ්හ, තාතා”ති පෙසිතභාවෙන සත්ත වස්සානි කුච්ඡිනා ගබ්භං පරිහරිත්වා සත්තාහං මූළ්හගබ්භාජාතා . එවං තෙ මාතාපුත්තා අත්තනො කම්මස්ස අනුරූපං ඊදිසං දුක්ඛං පටිසංවෙදිංසු.
ඉක්බිති රජකුමරුගේ මව මගේ පුතා බාලයෙකි. ඔහු උපාය නො දනී. යව, සත් දවසක් නගරයේ සියලු කුඩා දොරවල්ද වසා මුරකාවල් යොදවන්නැයි කියවයි පුතාට රහස් පණිවුඩයක් යැව්වාය. හෙතෙම මවගේ අනුශාසනය අසා එසේ කළේය. නගරයෙන් නික්මීමට නොලබන්නෝ, (කෑම් බීම් නැති වූ රටවැස්සෝ) සත්වෙනි දවසේ ඒ රජුගේ හිස කපා රජකුමරුට දුන්නාහ. කුමාරයා නුවරට පිවිස රාජ්‍යය භාරගත්තේය. ඔහු එදා සත්වසක් නගර දොරටු වසා තැබීමේ අකුසල කර්මයෙන් සත්වසක් ලෝකුඹු නරකය හා සමාන වූ මව්කුසෙහි විසීය. ඉතිරි හත්දවසක් කුඩා දොරටුද වසා තැබීමේ හේතුවෙන් විළිරුදාවෙන් වේදනා විඳීමට පැමිණියේය. සත් දවසක් නගරය අවහිර කර අල්ලා ගැනීමෙහි විපාක වශයෙන් ලෝකුඹු නිරයෙහි වාසය කර සත් දවසක් ගැබ් මුළා බවට පැමිණියේ යයි ජාතකට්ඨ කතාවෙහි කියන ලදි. යම් හෙයකින් හෙතෙම පදුමුත්තර සම්බුදු පාමුලදී “ලාභීන් අතර අග්‍ර වන්නෙම්” යයි ප්‍රාර්ථනය කළේද, යම් හෙයකින් විපස්සී බුදුරදුන්ගේ කාලයෙහි නුවරුන් සමග උක්සකුරු හා දීකිරි දී ප්‍රාර්ථනයක් කළේද ඒ අනුහසින් ලාභීන් අතර අග්‍ර වූයේය. සුප්පවාසා තොමෝද “දරුව නගරය අවහිර කර අල්ලා ගනුව” යි මෙහෙය වූ බැවින් අවුරුදු හතක් ගැබ පරිහරණය කර සත්දිනක් මුළා වූ ගැබ් ඇත්තී වූවාය. මෙසේ ඒ මවු පුත්‍ර දෙදනෙ තමාගේ ක්‍රියාවට අනුරූප වූ මෙවැනි දුක් වින්දාහුය.
තීහි විතක්කෙහීති රතනත්තයගුණානුස්සතිපටිසංයුත්තෙහි තීහි සම්මාවිතක්කෙහි. අධිවාසෙතීති මූළ්හගබ්භතාය උප්පන්නදුක්ඛං සහති. සා හි භගවතො සම්බුද්ධභාවං, අරියසඞ්ඝස්ස සුප්පටිපත්තිං, නිබ්බානස්ස ච දුක්ඛනිස්සරණභාවං අනුස්සරන්තී අත්තනො උප්පජ්ජමානදුක්ඛං අමනසිකරණෙනෙව අභිභවිත්වා ඛමති. තෙන වුත්තං “තීහි විතක්කෙහි අධිවාසෙතී”ති.
තීහි විතක්කෙහි යනු තෙරුවන්හි ගුණානුස්මරණය හා බැඳුනු තෙවැදෑරුම් සිතුවිලි වලින්, අධිවාසෙති යනු මුළා වූ ගැබ් ඇති බැවින් උපන් දුක උසුලයි යනුයි. ඇය භාග්‍යවතුන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධත්වය ද ආර්ය සංඝයාගේ මනා වූ පිළිවෙතට පිළිපන් බව ද නිර්වාණයෙහි දුක් දුරලන බව ද සිහි කරන්නී තමා වෙත උපන් දුක මෙනෙහි නොකිරීමෙන් ම මැඩපවත්වා ඉවසයි. එහෙයින් “තීහි විතක්කෙහි අධිවාසෙති” යනුවෙන් කියන ලදි.
සම්මාසම්බුද්ධො වතාතිආදි තෙසං විතක්කානං පවත්තිආකාරදස්සනං. තස්සත්ථො – යො භග්යවන්තතාදීහි කාරණෙහි භගවා ලොකනාථො සම්මා අවිපරීතං සාමං සයමෙව සබ්බධම්මෙ අහො වත බුද්ධො, සො භගවා එවරූපස්ස එතරහි මයා අනුභවියමානස්ස අඤ්ඤස්ස ච එවංජාතිකස්ස සකලස්ස වට්ටදුක්ඛස්ස පහානාය අච්චන්තං අනුප්පාදනිරොධාය ධම්මං කථෙති, අවිපරීතධම්මං කථෙති. අවිපරීතධම්මදෙසනතාය හි සත්ථු සම්මාසම්බොධිසිද්ධි. තස්ස යථාවුත්තගුණස්ස භගවතො ධම්මස්සවනන්තෙ ජාතත්තා සීලදිට්ඨිසාමඤ්ඤෙන සංහතත්තා ච සාවකසඞ්ඝොති ලද්ධනාමො අට්ඨඅරියපුග්ගලසමූහො සුප්පටිපන්නො වත අහො වත සම්මා පටිපන්නො, යො අරියසඞ්ඝො එවරූපස්ස ඊදිසස්ස වට්ටදුක්ඛස්ස පහානාය අනුප්පාදනිරොධාය අනිවත්තිපටිපදං පටිපන්නො. සුසුඛං වත අහො වත සුට්ඨු සුඛං සබ්බසඞ්ඛතනිස්සටං නිබ්බානං, යස්මිං නිබ්බානෙ ඊදිසං වට්ටදුක්ඛං න උපලබ්භතීති. එත්ථ ච පටිපජ්ජමානාපි පටිපන්නා ඉච්චෙව වුත්තා පටිපත්තියා අනිවත්තිභාවතො. අථ වා උප්පන්නසද්දො විය පටිපන්නසද්දො වත්තමානත්ථොපි වෙදිතබ්බො. තෙනෙවාහ “සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො”ති.
සම්මා සම්බුද්ධො වත යි ආදිය ඒ කල්පනාවන්ගේ පැවති ආකාරය දැක්වීමයි. එහි අර්ථය (මෙසේය) උන්වහන්සේ පිනැති බව ආදී වූ කරුණින් “භගවා” නම් වූ සේක. ලෝකනාථයන් වහන්සේ සියළු ධර්මයන් නොවෙනස් ලෙස මුළුමනින් තෙමේම අවබෝධ කළේනුයි “බුද්ධ” නම් වූ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසමයෙහි මා විසින් අනුභව කරනු ලබන්නා වූ මෙවැනි දුකකට ද මෙබඳු වූ අන් සියළු සසර ද දුකහිද සන්සිඳුවීම පිණිස ද වෙසෙසින් නිරුපධිසේස පරිනිර්වාණය පිණිසද ධර්මය දේශනා කරයි. විපරිත නොවූ ධර්මය දේශනා කරන හෙයින් ශාස්තෲ නම් වන සේක. සම්මා සම්බුද්ධත්වයත් සමග කියන ලද ගුණයන්ගෙන් යුක්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මශ්රවණාවසානයෙහි (භික්ෂුත්වය) උපන් හෙයින්ද, සීලයෙන් මනා දෘෂ්ටියෙන් හා ශ්‍රමණ බැවින් ස්ථිර වූ හෙයින් ද “ශ්‍රාවකසංඝ” යයි ලබන ලද නම් ඇති අෂ්ඨාර්ය පුද්ගල සංඝ සමූහයා ඒකාන්තයෙන් “සුපටිපන්න” වේ. පුදුමයකි! මනා වූ පිළිවෙතට පිළිපන් යම් ආර්ය සමූහයෙක් වේ ද උන්වහන්සේ මෙබඳු වූ සසර දුක ප්රහාණය කිරීම පිණිස නිරුපධිසේස නිරෝධය සඳහා වූ නොනවතින ප්‍රතිපදාවට පිළිපන් සේක. ඒකාන්තයෙන් මනා වූ සැපයකි. පුදුමයකි! යම් නිවනෙක්හි මෙබඳු සසර දුක් නොලැබේද ඒ සියළු සංස්කාරයන් බැහැර කළ නිර්වාණය ඒකාන්තයෙන්ම යහපත් වූ සැපයකි. මෙහිදු “පටිපජ්ජමානාපි පටිපන්නා” යයි ප්‍රතිපදාවෙහි නොනවතින බැවින් කියන ලදි. තවද “උප්පන්න” ශබ්දය මෙන් “පටිපන්න” ශබ්දය ද වර්තමාන අර්ථයේ යැයි දතයුත්තේය.
සාමිකන්ති අත්තනො පතිං කොලියරාජපුත්තං. ආමන්තෙසීති අභාසි. මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහීති මය්හං වචනෙන චක්කලක්ඛණප්පටිමණ්ඩිතානි විකසිතපදුමසස්සිරීකානි භගවතො චරණානි තව සිරසා වන්දාහි, උත්තමඞ්ගෙන අභිවාදනං කරොහීති අත්ථො. අප්පාබාධන්තිආදීසු ආබාධොති විසභාගවෙදනා වුච්චති, යා එකදෙසෙ උප්පජ්ජිත්වාපි සකලසරීරං අයපට්ටෙන ආබන්ධිත්වා විය ගණ්හති. ආතඞ්කොති කිච්ඡජීවිතකරො රොගො. අථ වා යාපෙතබ්බරොගො ආතඞ්කො, ඉතරො ආබාධො. ඛුද්දකො වා රොගො ආතඞ්කො, බලවා ආබාධො. කෙචි පන “අජ්ඣත්තසමුට්ඨානො ආබාධො, බහිද්ධාසමුට්ඨානො ආතඞ්කො”ති වදන්ති. තදුභයස්සාපි අභාවං පුච්ඡාති වදති. ගිලානස්සෙව ච උට්ඨානං නාම ගරුකං හොති, කායෙ බලං න හොති, තස්මා නිග්ගෙලඤ්ඤතාය ලහුපරිවත්තිසඞ්ඛාතං කායස්ස ලහුට්ඨානං සරීරබලඤ්ච පුච්ඡාති වදති. ඵාසුවිහාරන්ති ඨානනිසින්නගමනසයනසඞ්ඛාතෙසු චතූසු ඉරියාපථෙසු සුඛවිහාරඤ්ච පුච්ඡාති වදති. අථස්ස පුච්ඡිතබ්බාකාරං දස්සෙන්තී “සුප්පවාසා, භන්තෙ”තිආදිමාහ. එවඤ්ච වදෙහීති ඉදානි වත්තබ්බාකාරං නිදස්සෙති.
සාමිකං යනු සිය සැමියා වූ කොළිය රාජපුත්රයාය. ආමන්තෙසි යනු කීවේය. “මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි” යනු මගේ වචනයෙන් සක් ලකුණින් හෙබියා වූ පිපි පියුමෙහි සිරියෙන් යුත් බුදුරදුන්ගේ පාදයන් ඔබගේ සිරසින් වඳුව. උත්තමංගයෙන් (හිස නමා) නමස්කාර කරව යන අර්ථයි. අප්පාබාධං යනු මුලදී රෝගයකැයි සමාන නොවූ වේදනාව කියනු ලැබේ. මෙම වේදනාව එක් පසෙක ඉපිද ද සියළු සිරුර යකඩ පටියකින් වෙළා දැමුවක් මෙන් හැඟේ. ආතංකො යනු දුක්බර ජීවිතයක් ඇති කරන රෝගයයි. නැතහොත් (දුකසේ) යැපිය යුතු රෝගයයි. ආතංකො වෙනත් ආබාධයක්. සුළු වූ රෝගය ආතංක නම් වේ. බලවත් වූයේ ආබාධ නම් වේ. අභ්‍යන්තරයේ හටගත් රෝගය ආබාධයයි ද පිටත හටගත් රෝගය ආතංක යයිද ඇතමෙක් කියත් ඒ දෙවැදෑරුම් වූ රෝගයන්ගේ නොමැති බව විමසුව යයි කියයි. ගිලන් වූවහුට නැගී සිටීම නම් බැරෑරුම් වූවක් වෙයි. ශරීර ශක්තිය නොවෙයි. එහෙයින් ගිලන් රහිත බව නිසා ඇතිවන සැහැල්ලු පැවැත්ම සංඛ්‍යාත සිරුරේ සැහැල්ලු බවද කාය ශක්තියද විමසුව යයි කියයි. ඵාසුවිහාරං යනු සිටීම, හිඳීම සැතපීම හා ගමන් කිරීම සංඛ්‍යාත වූ සතර ඉරියව් පැවැත්මෙහි ද සැප විහරණය විමසුව යනුයි. ඉක්බිති ඔහු විමසූ ආකාරය දක්වන්නී සුප්පවාසා භන්තෙ ආදිය කීවේය. එවඤ්ච වදෙහි යනු දැන් පැවසිය යුතු අයුර දක්වයි
පරමන්ති වචනසම්පටිච්ඡනං. තෙන සාධු, භද්දෙ, යථා වුත්තං, තථා පටිපජ්ජාමීති දස්සෙති. කොලියපුත්තොති සුප්පවාසාය සාමිකො කොලියරාජපුත්තො. සුඛිනී හොතූති සදෙවකෙ ලොකෙ අග්ගදක්ඛිණෙය්යො සත්ථා සුප්පවාසාය පෙසිතවන්දනං සම්පටිච්ඡිත්වා තදනන්තරං අත්තනො මෙත්තාවිහාරසංසූචකං බුද්ධාචිණ්ණං සුඛූපසංහාරං තස්සා සාමඤ්ඤතො පකාසෙත්වා පුන තස්සා පුත්තස්ස ච ගබ්භවිපත්තිමූලකදුක්ඛුප්පත්තිපටික්ඛෙපමුඛෙන සුඛූපසංහාරං නිදස්සෙන්තො “සුඛිනී…පෙ… අරොගා, අරොගං පුත්තං විජායතූ”ති ආහ.
පරමං යනු වදන් පිළිගැනුමයි. ඔහු විසින් මැනව ස්වාමීනි යම් සේ කියන ලදද එලෙස පිළිපදිමි යයි දක්වයි. කොලියපුත්තො යනු සුප්පවාසාවගේ සැමියා වූ කෝලිය රාජ පුත්‍රයාය. සුඛිනි හොතු යනු දෙවියන් සහිත ලෝකයෙහි දක්ෂිණර්හ උතුමන් අතර ප්රමුඛ වූ ශාස්තෲන් වහන්සේ සුප්පාවාස විසින් යවන ලද වැඳුම පිළිගෙන, අනතුරුව තමන් වහන්සේ ගේ මෛත්‍රී සහගත විහරණය ප්‍රකාශ කරන්නා වූ, බුදුරදුන් විසින් පුරුදු කරන ලද සුඛ විහරණය ඇයට සාධාරණ කොට වදාරා නැවත ඇයගේ පුතුටද, විපත් මුල් කොට ඇති ගැබට හෝ දුකට පත්වීම බැහැර කිරීම මුල් කොට ඇති සුඛ විහරණය දක්වන සේක් ‘සුවපත් වූවා. නිරෝගි වූවා. නිරෝගි පුතෙකු වදාවා’ යි වදාළ සේක.
සහ වචනාති භගවතො වචනෙන සහෙව. යස්මිං කාලෙ භගවා තථා අවොච, තස්මිංයෙව කාලෙ තම්පි කම්මං පරික්ඛයං අගමාසි. තස්ස පරික්ඛීණභාවං ඔලොකෙත්වා සත්ථා තථා අභාසි. අපරෙ පන වදන්ති – සචෙ තථා සත්ථා නාචික්ඛිස්සා, තතො පරම්පි කිඤ්චි කාලං තස්සා තං දුක්ඛං අනුබන්ධිස්සා. යස්මා පන භගවතා “සුඛිනී අරොගා අරොගඤ්ච පුත්තං විජායතූ”ති වුත්තං, තස්මා තස්ස වචනසමකාලමෙව සො ගබ්භො බ්යාකුලභාවං විජහිත්වා සුඛෙනෙව බහි නික්ඛමි, එවං තෙසං මාතාපුත්තානං සොත්ථි අහොසි. අචින්තෙය්යො හි බුද්ධානං බුද්ධානුභාවො. යථා හි පටාචාරාය පියවිප්පයොගසම්භූතෙන සොකෙන උම්මාදං පත්වා –
සහවචනා යනු භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකාශයත් සමගම, යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ එසේ වදාළ සේක් ද එකල්හිම එම කටයුත්තද නිමාවට පැමිණියේය. ශාස්තෲන් වහන්සේ එම කර්මයාගේ ගෙවී ගිය බව බලා එසේ කළ සේක. ඇතැමෙක් මෙසේ ද කියත් ඉදින් තථාගතයන් වහන්සේ එසේ නොකියන්නේද ඉන් පසුවද කිසියම් කාලයක් ඒ දුක ඇය ලුහුබඳින්නේය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් “සුවපත් වූවා නිරෝගී වූවා නිරෝගි වූ පුතෙකු වදාවායි කියන ලද්ද එහෙයින් ඒ වචනයට සම වූ කල්හිම ඒ ගැබ වියවුල් බව හැර පහසුවෙන්ම පිටතට නික්මුණි. මෙසේ ඒ මවු පුතුන්ට සැපත විය. බුදුවරුන්ගේ බුද්ධමහිමය නොසිතිය හැකිය. යම් සේ පටාචාරාව විසින් ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් හටගත් ශෝකයෙන් උමතු බවට පැමිණ.
“උභො පුත්තා කාලකතා, පන්ථෙ මය්හං පතී මතො; මාතා පිතා ච භාතා ච, එකචිතකම්හි ඣායරෙ”ති. (අප· ථෙරී 2.2.498) –
“මගේ දරු දෙදෙනා කළුරිය කළෝය. සැමියා මාවතෙහිදී මළේය. මවද පියාද සොහොයුරාද එකම සෑයක දැවෙත්” යයි.
වත්වා ජාතරූපෙනෙව චරන්තියා “සතිං පටිලභාහි භගිනී”ති භගවතො වචනසමනන්තරමෙව උම්මාදො වූපසමි, තථා සුප්පියාපි උපාසිකා අත්තනාව අත්තනො ඌරුයං කතෙන මහාවණෙන වුට්ඨාතුං අසක්කොන්තී සයනපිට්ඨෙ නිපන්නා “ආගන්ත්වා මං වන්දතූ”ති වචනසමනන්තරමෙව වණෙ පාකතිකෙ ජාතෙ සයමෙව ගන්ත්වා භගවන්තං වන්දීති එවමාදීනි වත්ථූනි ඉධ උදාහරිතබ්බානීති.
කියා උපන් ස්වරූපයෙන් (නිරුවතින්) හැසිරෙන්නියට “සොහොයුරිය සිහි එළවව”යි යන භාග්‍යවතුන් වහන්සේගේ වචනය සමගම උමතු බව සංසිඳුනි. එසේම සුප්පියා උවැසිය තමාම තමාගේ කලවායෙහි කරන ලද මහත් වූ තුවාලය කරණකොට නැගී සිටින්නට නොහැකි වන්නී යහන මත හුන්නී “පැමිණ වඳුව” යයි යන වචනය සමගම තුවාලය ප්‍රකෘතිමත් (සුවපත්) වූ කල්හි තෙමේම භාග්‍යවතුන් වහන්සේ වැන්දේ යැයි මෙවැනි ප්‍රවෘත්තීන් මෙහි ගෙන හැරදැක්විය යුතුය යනුයි.
එවං, භන්තෙති, භන්තෙ, යථා භගවා සපුත්තාය මාතුයා අරොගභාවං ආසීසන්තො ආහ – “සුඛිනී අරොගා අරොගං පුත්තං විජායතූ”ති, තං එවමෙව. න හි කදාචි බුද්ධානං භගවන්තානං වචනස්ස අඤ්ඤථාභාවොති අධිප්පායො. කෙචි පන “එවමත්ථූ”ති වදන්ති, අපරෙ “හොතූ”ති පදස්ස අත්ථං ආනෙත්වා වණ්ණයන්ති. අභිනන්දිත්වාති කරවීකරුතමඤ්ජුනා බ්රහ්මස්සරෙන භගවතා වුච්චමානෙ තස්මිං වචනෙ පීතිසොමනස්සපටිලාභතො අභිමුඛභාවෙන නන්දිත්වා. අනුමොදිත්වාති තතො පච්ඡාපි සම්මොදනං උප්පාදෙත්වා, චිත්තෙන වා අභිනන්දිත්වා වාචාය අනුමොදිත්වා, වචනසම්පත්තියා වා අභිනන්දිත්වා අත්ථසම්පත්තියා අනුමොදිත්වා. සකං ඝරං පච්චායාසීති අත්තනො ඝරං පටිගච්ඡි. යෙ පන “යෙන සකං ඝර”න්ති පඨන්ති, තෙසං යදිපි ය-ත-සද්දානං සම්බන්ධභාවතො “තෙනා”ති පදං වුත්තමෙව හොති, තථාපි “පටියායිත්වා”ති පාඨසෙසො යොජෙතබ්බො හොති.
එවං භන්තෙ යනු ස්වාමීනි යම් සේ භාග්‍යවතුන් වහන්සේ පුතු සහිත වූ ඇයගේ නීරෝගී බව බලාපොරොත්තු වන්නේ “සුවපත් වූවා නිරෝගී වූවා නිරෝගී පුතෙකු වදාවා යි වදාළ සේක් ද එය එසේමය කිසිදිනෙක භාග්‍යවත් වූ බුදුරදුන්ගේ වචනයේ වෙනස් බවක් නොවන්නේය යන අදහසයි. ඇතමෙක් වූ කලි ස්වාමීනි මෙසේ වේවායි! කියත් අනිකක් හෝ වේවායි වචනයට අර්ථය ගෙන වර්ණනා කරත්. අභිනන්දිත්වා යනු භාග්‍යවතුන් වහන්සේ විසින් කොවුල් හඬ මෙන් මිහිරි වූ බ්‍රහ්ම ස්වරයෙන් එම වචනයන් වදාරන කල්හි සතුටු සොම්නස් බව ලැබීමෙහි යොමුවීමෙන් සතුටු වී අනුමොදිත්වා යනු එයින් අනතුරුවද අනුව සතුටු වීම උපදවා සිතින් හෝ සතුටු වී වචනයෙන් අනුමෝදන්ව වාක්සම්පත්තියෙන් හෝ සතුටු වූ අර්ථ සම්පත්තියෙන් අනුමෝදන් වී සකං ඝරං පච්චායාසි යනු තමාගේ නිවෙස්නට පෙරළා ගියේය. යමෙක් වනාහි “යෙන සකංඝරං” යනුවෙන් ද කියත් ද ඔවුන්ගේ (ප්රකාශනයෙහි ලා) ඉදින් යං-තං යන ශබ්දයන් ගේ සම්බන්ධය නිසා “තෙන” යන පදයද කියන ලද්දේම වෙයි. එසේ වුවද “පටියායිත්වා” යන අනෙක් වචනයද යෙදිය යුත්තේ වෙයි.
විජාතන්ති පජාතං, පසුතන්ති අත්ථො. අච්ඡරියන්ති අන්ධස්ස පබ්බතාරොහනං විය නිච්චං න හොතීති අච්ඡරියං, අයං තාව සද්දනයො. අට්ඨකථාසු පන “අච්ඡරායොග්ගං අච්ඡරිය”න්ති වුත්තං , අච්ඡරං පහරිතුං යුත්තන්ති අත්ථො. වතාති සම්භාවනෙ, අහො අච්ඡරියන්ති අත්ථො. භොති ධම්මාලපනං. අභූතපුබ්බං භූතන්ති අබ්භුතං.
විජාතා යනු වදන ලද්දීය. ප්‍රසූත කරන ලද්දීය යන අර්ථයි. අච්ඡරියං යනු අන්ධයාගේ කඳු නැගීම මෙන් නිතර නොවන්නේ නුයි ආශ්චර්ය වේ. මෙ වූ කලී ශබ්දය පිළිවෙලයි. අට්ඨකථාවන්හි වූ කලී “අච්ඡරා යොග්ගං” යයි කියන ලදි. අසුරුසනක් ගැසීමට සුදුසු යයි යන අර්ථයි. වත යනු අවධාරණයෙහි වේ. පුදුමයකි ආශ්චර්යජනකය යන අර්ථයි. “භො” යනු දැහැමි ඇමතීමයි. නොවූ විරූවෙනැයි අබ්භූතං වේ.
තථාගතස්සාති අට්ඨහි කාරණෙහි භගවා තථාගතො – තථා ආගතොති තථාගතො, තථා ගතොති තථාගතො, තථලක්ඛණං ආගතොති තථාගතො, තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො, තථදස්සිතාය තථාගතො, තථවාදිතාය තථාගතො, තථාකාරිතාය තථාගතො, අභිභවනට්ඨෙන තථාගතො.
තථාගතස්ස යනු කරුණු අටකින් භාග්‍යවතුන් වහන්සේ තථාගත වේ. එසේ පැමිණියේනුයි තථාගත වේ. එසේ ගියේනුයි තථාගත වේ. ඇති ලකුණු පරිදි පැමිණියේනුයි තථාගත වේ. සත්‍ය වූ ධර්මයන් තතු පරිදි අවබෝධ කළේනුයි තථාගත වේ. ඇත්ත ඇති පරිදි දුටු හෙයින් තථාගත වේ. සත්‍යය ප්‍රකාශ කරන හෙයින් තථාගත වේ. තත් වූ පරිදි කටයුතු කරන හෙයින් තථාගත වේ. අභිභවනාර්ථයෙන් තථාගත වේ.
කථං භගවා තථා ආගතොති තථාගතො? යථා සබ්බලොකහිතාය උස්සුක්කමාපන්නා පුරිමකා සම්මාසම්බුද්ධා ආගතාති. කිං වුත්තං හොති? යෙන අභිනීහාරෙන තෙ භගවන්තො ආගතා, තෙන අට්ඨගුණසමන්නාගතෙන අයම්පි භගවා ආගතො. යථා ච තෙ භගවන්තො දානපාරමිං පූරෙත්වා සීලනෙක්ඛම්මපඤ්ඤාවීරියඛන්තිසච්චඅධිට්ඨානමෙත්තාඋපෙක්ඛාපාරමීති ඉමා දස පාරමියො, දස උපපාරමියො, දස පරමත්ථපාරමියොති සමතිංස පාරමියො පූරෙත්වා පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජිත්වා පුබ්බයොගපුබ්බචරියධම්මක්ඛානඤාතත්ථචරියාදයො පූරෙත්වා බුද්ධිචරියාය කොටිං පත්වා ආගතා, තථා අයම්පි භගවා ආගතො. යථා ච තෙ භගවන්තො චත්තාරො සතිපට්ඨානෙ…පෙ… අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙත්වා බ්රූහෙත්වා ආගතා, තථා අයම්පි භගවා ආගතො. එවං තථා ආගතොති තථාගතො.
භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් “එසේ පැමිණියේනුයි” තථාගත වේද? සියළු ලෝවැසියන්ගේ හිතසුව පිණිස උත්සාහී බවට පත් පෙර බුදුවරු යම් සේ පැමිණියහද? කිම කියන ලද්දේ වෙයි? යම් ප්රාර්ථනාවකින් ඒ භාග්‍යවතුන් වහන්සේලා පැමිණියාහුද අෂ්ට ගුණයන්ගෙන් සමන්විත වූ ඒ ප්‍රාර්ථනාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ ද පැමිණි සේක. ඒ භාග්‍යවතුන් වහන්සේලා යම් පරිදි දාන - සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා - වීර්ය ක්ෂාන්ති සත්‍ය අධිෂ්ඨානය මෛත්‍රී උපේක්ෂා යන පාරමිතාවන් දස පාරමිතා දස උපපාරමිතා දස පරමත්ථ පාරමිතා යැයි සමතිසක් පාරමිතාවන් පුරා පංච මහා පරිත්‍යාගයන් පරිත්‍යාග කර පෙර ආත්මභාවයන්හි පුරුදු කරන ලද ධර්මස්කන්ධයන්ගේ අධිගතාර්ථ චර්යාවන්ද පූරණය කර බුද්ධිචර්යාවෙහි කෙළවරට පත්ව ආවාහුද මේ භාග්‍යවතුන් වහන්සේද එසේ පැමිණි සේක. යම් සේ ඒ භාග්‍යවතුන් වහන්සේලා ද සතර සතිපට්ඨානයන් -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා වර්ධනය කර ආවාහුය. එසේ මේ භාග්‍යවතුන් වහන්සේද පැමිණි සේක. එසේ පැමිණියේනුයි තථාගත වන සේක.
කථං තථා ගතොති තථාගතො? යථා සම්පතිජාතා තෙ භගවන්තො සමෙහි පාදෙහි පථවියං පතිට්ඨාය උත්තරාභිමුඛා සත්තපදවීතිහාරෙන ගතා, සෙතච්ඡත්තෙ ධාරියමානෙ සබ්බාව දිසා අනුවිලොකෙසුං, ආසභිඤ්ච වාචං භාසිංසු ලොකෙ අත්තනො ජෙට්ඨසෙට්ඨභාවං පකාසෙන්තා, තඤ්ච නෙසං ගමනං තථං අහොසි අවිතථං අනෙකෙසං විසෙසාධිගමානං පුබ්බනිමිත්තභාවෙන, තථා අයම්පි භගවා ගතො, තඤ්චස්ස ගමනං කථං අහොසි අවිතථං තෙසඤ්ඤෙව විසෙසාධිගමානං පුබ්බනිමිත්තභාවෙන. එවං තථා ගතොති තථාගතො.
කෙසේ නම් “එසේ ගියේනුයි” තථාගත වන්නේ ද? යම් යම් පරිද්දකින් දැන් උපන්නේ ද ඒ භාග්‍යවතුන් වහන්සේලා ද සිය පාදයන්ගෙන් පොළොවෙහි පිහිටා උතුරට අභිමුඛව සත් පියවරක් ගියාහු ශ්වේතඡත්රයන් දරනු ලබන කල්හි සියළු දිසාවන් බැලුවාහුය. ශ්‍රේෂ්ඨ වූ වචනයක් ප්‍රකාශ කළාහුය. ලොව තමාගේ ජ්‍යෙෂ්ඨ බව, ශ්‍රේෂ්ඨ බව ප්‍රකාශ කරන්නා වූද මුන් වහන්සේලා ගේ ගමන තත් වූ පරිදි විය. නන් වැදෑරුම් වූ විශිෂ්ඨ අධිගමනයන්ට පූර්වන නිමිත්ත හෙයින්ම නොවෙනස් වූයේද වේ. යම් පරිද්දකින් මේ භාග්‍යවතුන් වහන්සේ ගියේ ද උන්වහන්සේගේ ඒ ගමන ද එසේම විය. ඒ විශිෂ්ඨ අධිගමයන්ට පූර්ව නිමිත්ත වන හෙයින් නොවෙනස් විය. මෙසේ “එසේ ගියේනුයි” තථාගත වේ.
යථා වා තෙ භගවන්තො නෙක්ඛම්මෙන කාමච්ඡන්දං පහාය ගතා, අබ්යාපාදෙන බ්යාපාදං, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං, අවික්ඛෙපෙන උද්ධච්චකුක්කුච්චං, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං පහාය ගතා, ඤාණෙන අවිජ්ජං පදාලෙත්වා, පාමොජ්ජෙන අරතිං විනොදෙත්වා, අට්ඨසමාපත්තීහි අට්ඨාරසහි මහාවිපස්සනාහි චතූහි ච අරියමග්ගෙහි තං තං පටිපක්ඛං පහාය ගතා, එවං අයම්පි භගවා ගතො. එවම්පි තථා ගතොති තථාගතො.
ඒ භාග්‍යවතුන් වහන්සේලා යම් පරිද්දකින් නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්දය දුරුකර අව්‍යාපාදයෙන් ව්‍යාපාදයද ආලෝක සඤ්ඤාවෙන් ථීනමිද්ධයද අවික්ෂිප්ත බැවින් උද්ධච්ච කුක්කුච්චය ද ධර්මව්යවස්ථානයෙන් විචිකිච්ඡාවද දුරුකර ගියාහුද සර්වඥතාඥානයෙන් අවිද්‍යාව දෙපළු කොට (වසනා) ප්‍රමුදිත බැවින් අරතිය දුරු කර අට්ඨ සමාපත්තීන්ගෙන්ද අටළොස් මහා විපස්සනාවන්ගෙන් ද සිව්වැදෑරුම් ආර්ය මාර්ගයෙන්ද ඒ ඒ දෙයට ප්රතිපක්ෂ වූ දේ (ධර්මතාවය) දුරු කර ගියාහුය. මෙසේ මේ භාග්‍යවතුන් වහන්සේද ගිය සේක. මෙසේ “එසේ ගියේනුයි” තථාගත වේ.
කථං තථලක්ඛණං ආගතොති තථාගතො? පථවීධාතුයා කක්ඛළලක්ඛණං, ආපොධාතුයා පග්ඝරණලක්ඛණං, තෙජොධාතුයා උණ්හත්තලක්ඛණං, වායොධාතුයා විත්ථම්භනලක්ඛණං, ආකාසධාතුයා අසම්ඵුට්ඨලක්ඛණං, රූපස්ස රුප්පනලක්ඛණං, වෙදනාය වෙදයිතලක්ඛණං, සඤ්ඤාය සඤ්ජානනලක්ඛණං, සඞ්ඛාරානං අභිසඞ්ඛරණලක්ඛණං, විඤ්ඤාණස්ස විජානනලක්ඛණන්ති එවං පඤ්චන්නං ඛන්ධානං, ද්වාදසන්නං ආයතනානං, අට්ඨාරසන්නං ධාතූනං, බාවීසතියා ඉන්ද්රියානං, චතුන්නං සච්චානං, ද්වාදසපදිකස්ස පච්චයාකාරස්ස, චතුන්නං සතිපට්ඨානානං, චතුන්නං සම්මප්පධානානං, චතුන්නං ඉද්ධිපාදානං, පඤ්චන්නං ඉන්ද්රියානං, පඤ්චන්නං බලානං, සත්තන්නං බොජ්ඣඞ්ගානං, අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස, සත්තන්නං විසුද්ධීනං, අමතොගධස්ස නිබ්බානස්සාති එවං තස්ස තස්ස ධම්මස්ස යං සභාවසරසලක්ඛණං, තං තථං අවිතථං අනඤ්ඤථං ලක්ඛණං ඤාණගතියා ආගතො අවිරජ්ඣිත්වා පත්තො අධිගතොති තථාගතො. එවං තථලක්ඛණං ආගතොති තථාගතො.
කෙසේ නම් “ඇති ලකුණු පරිදි පැමිණියේ නුයි” තථාගත වේද? පෘථුවී ධාතුවෙහි කර්කශ ලක්ෂණය වේ. ආපෝ ධාතුවෙහි වැගිරෙන ලක්ෂණය වේ. තේජෝ ධාතුවෙහි උණුසුම් සහගත ලක්ෂණය වේ. වායෝ ධාතුවෙහි පිම්බවීමෙහි ලක්ෂණය වේ. ආකාස ධාතුවෙහි ස්පර්ශ කළ නොහෙන ලක්ෂණය වේ. රූපයෙහි වෙනස් වීමේ ලක්ෂණය වේ. වේදනාවෙහි විඳීමේ ලක්ෂණය වේ. සංඥාවෙහි හඳුනා ගැනීමේ ලක්ෂණය වේ. සංස්කාරයන්හි සකස්කිරීමේ ලක්ෂණය වේ. විඤ්ඤාණයෙහි දැන ගැනීමේ ලක්ෂණය වේ යයි මෙසේ ස්කන්ධ පංචයේද දොළොස් ආයතනයන්ගේ ද අටළොස් ධාතූන්ගේ ද දෙවිස්සක් ඉන්ද්‍රියන්ගේ ද සත්‍ය සතරේද දොළොස් වැදෑරුම් වූ ප්‍රතීත්‍ය සමුප්පාදයේද සතර සතිපට්ඨානයේ ද සතර සම්‍යක් ප්රදානයේ ද සතර සෘද්ධිපාදයේ ද පංච බලයන්ගේ ද සප්ත බෝධ්යංගයේ ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේද සප්ත විශුද්ධියේ ද අමාවට බැසගත් නිර්වාණයේදැයි මෙසේ ඒ ඒ ධර්මයාගේ යම් ස්වභාව - කෘත්‍ය - ලක්ෂණයක් වේද ඒ නොවෙනස් වූ ලක්ෂණය ප්‍රඥා ස්වභාවයෙන් ලබන ලද්දේය. නොවරදවා පත් වූයේය. අවබෝධ කළේනුයි තථාගතයන් වහන්සේ මෙසේ “ඇති ලකුණු පරිදි පැමිණියේනුයි” වේ. තථාගත වේ.
කථං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො? තථධම්මා නාම චත්තාරි අරියසච්චානි. යථාහ – “චත්තාරිමානි, භික්ඛවෙ, තථානි අවිතථානි අනඤ්ඤථානි. කතමානි චත්තාරි? ඉදං දුක්ඛන්ති, භික්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙත”න්ති (සං· නි· 5.1090) විත්ථාරො. තානි ච භගවා අභිසම්බුද්ධො, තස්මා තථානං අභිසම්බුද්ධත්තා තථාගතො.
සත්‍ය වූ ධර්මයන් ඇති පරිදි අවබෝධ කළේනුයි තථාගත වන සේක් නම් කෙසේ ද තථ ධර්මයෝ නම් චතුරාර්ය සත්‍යයෝය. යම් පරිද්දකින් කියන ලද ද මහණෙනි, සත්‍ය වූත් අසත්‍ය නොවූත් වෙනස් නොවන්නා වූත් ධර්මයෝ සතර දෙනෙකි. කවර සතරක්ද? මහණෙනි, මෙය දුක යයි යන මේ කරුණු සත්‍ය වූවකි. මෙය අසත්‍ය නොවූවකි. මෙය වෙනස් නොවූවකි යනු විස්තරයයි. භාග්‍යවතුන් වහන්සේ ඒවා අවබෝධ කරන ලදි. එහෙයින් සත්‍ය වූ ධර්මයන් අවබෝධ කළ හෙයින් තථාගත නම් වේ.
අපිච ජරාමරණස්ස ජාතිපච්චයසම්භූතසමුදාගතට්ඨො තථො අවිතථො අනඤ්ඤථො…පෙ… සඞ්ඛාරානං අවිජ්ජාපච්චයසම්භූතසමුදාගතට්ඨො තථො අවිතථො අනඤ්ඤථො, තථා අවිජ්ජාය සඞ්ඛාරානං පච්චයට්ඨො…පෙ·.. ජාතියා ජරාමරණස්ස පච්චයට්ඨො තථො අවිතථො අනඤ්ඤථො, තං සබ්බං භගවා අභිසම්බුද්ධො, තස්මාපි තථානං අභිසම්බුද්ධත්තා තථාගතො. අභිසම්බුද්ධත්ථො හි එත්ථ ගතසද්දොති. එවං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො.
තවද ජරා මරණයෙන් ජාතිය හේතුකොටගෙන ඇති හෙයින් හටගත්, රැස් වූ අනර්ථ ඇත්තේය. සත්‍ය වූයේය. අසත්‍ය නොවූවේය. නොවෙනස් වූයේය. -පෙ- සංස්කාරයන් අවිද්‍යාව හේතුකොටගෙන ඇති හෙයින් හටගත් රැස් වූ අර්ථ ඇත්තේය. සත්‍ය වූයේ ය. අසත්‍ය නොවූයේ ය. නොවෙනස් වූයේ ය. එසේම අවිද්‍යාව සංස්කාරයන් හේතුකොටගෙන ඇත්තේය. -පෙ- ජාතිය ජරා මරණ ප්‍රත්‍ය කොට ඇත්තේය. සත්‍ය වූයේය. අසත්‍ය නොවූයේය. නොවෙනස් වූයේය. ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ සේක. එහෙයින් සත්‍ය වූ ධර්මයන් අවබෝධ කල හෙයින් තථාගත වේ. මෙහි අවබෝධ කළේ යන අර්ථ ඇත්තේ ගත ශබ්දයයි. මෙසේ සත්‍ය වූ ධර්මයන් තත් වූ පරිදි අවබෝධ කළේනුයි තථාගත වේ.
කථං තථදස්සිතාය තථාගතො? යං සදෙවකෙ…පෙ… සදෙවමනුස්සාය පජාය අපරිමාණාසු ලොකධාතූසු අපරිමාණානං සත්තානං චක්ඛුද්වාරෙ ආපාථමාගච්ඡන්තං රූපාරම්මණං නාම අත්ථි, තං භගවා සබ්බාකාරතො ජානාති පස්සති. එවං ජානතා පස්සතා ච තෙන තං ඉට්ඨානිට්ඨාදිවසෙන වා දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු ලබ්භමානකපදවසෙන වා “කතමං තං රූපං රූපායතනං , යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං නීලං පීතක”න්තිආදිනා (ධ· ස· 616) නයෙන අනෙකෙහි නාමෙහි තෙරසහි වාරෙහි ද්විපඤ්ඤාසාය නයෙහි විභජ්ජමානං තථමෙව හොති, විතථං නත්ථි. එස නයො සොතද්වාරාදීසු ආපාථමාගච්ඡන්තෙසු සද්දාදීසු. වුත්තඤ්හෙතං භගවතා –
සත්‍යය දුටු බැවින් කෙසේ නම් තථාගත වේද? දෙවියන් සහිත වූ -පෙ- දෙවි මිනිසුන් සහිත වූ ප්‍රජාවගේ අප්‍රමාණ ලෝක ධාතූන්හි අප්‍රමාණ සත්වයන්ගේ ඇස නම් වූ දොරටුවෙහි අභිමුඛයට පැමිණෙන්නා වූ රූපාරම්මණ ඇතිද භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ල හැම පරිද්දෙන් දනී. දකී. මෙසේ දන්නා වූ දක්නා වූ උන්වහන්සේ විසින් (ඒවා) ප්‍රිය අප්‍රිය වශයෙන් හෝ දැකීම් - ඇසීම් - ස්පර්ශ කිරීම් - දැනීම් යන තන්හි ලබනු ලබන පද වශයෙන් හෝ ඒ රූපය කවරේද? රූපායතනය කවරේද යම් රූපයක් සතර මහාභූතයන් ඇසුරු කොට ඇති වර්ණයන්ගේ බැබලීම් නිදසුන් සහිතව ගැටීම් සහිතව නිල් පැහැය ඇත්තෙක. කහ පැහැය ඇත්තෙක ආදී ක්‍රමයෙන් නොයෙක් නම් වලින් තෙලෙස් වාරයෙන් හෝ දෙපනස් ක්‍රමයෙන් හෝ පවත්නේ එයට වෙයි වෙනස් නොවෙයි. මේ පිළිවෙල සෝත (කණ) නම් වූ දොරටුව ආදී දොරටුවල අභිමුඛයට පැමිණෙන්නා වූ ශබ්ද ආදීන් කෙරෙහි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලදි -
“යං , භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස…පෙ… සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි, තමහං අබ්භඤ්ඤාසිං, තං තථාගතස්ස විදිතං, තං තථාගතො න උපට්ඨාසී”ති (අ· නි· 4.24).
“මහණෙනි, යමක් දෙවියන් සහිත ලෝකයා විසින් -පෙ- දෙවි මිනිසුන් විසින් දක්නා ලද ද අසන ලද ස්පර්ශ කරන ලද ද පැමිණෙන ලද ද සොයන ලද ද මනසින් හැසිරෙන ලද ද එය මම දනිමි. එය මම අවබෝධ කරන ලදිමි. එය තථාගතයන් වහන්සේ විසින් දන්නා ලදි. තථාගතයන් වහන්සේ විසින් වටහා ගන්නා ලදි” යයි.
එවං තථදස්සිතාය තථාගතො . තත්ථ තථදස්සීඅත්ථෙ තථාගතොති පදසම්භවො වෙදිතබ්බො.
මෙසේ සත්‍යය දක්නා ලද බැවින් තථාගත වේ. එහි සත්‍යය දක්නා අර්ථයෙහි තථාගත වෙයි. -පෙ- පදයාගේ හමුව දතයුතුයි.
කථං තථවාදිතාය තථාගතො? යං රත්තිං භගවා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි, එත්ථන්තරෙ පඤ්චචත්තාලීසවස්සපරිමාණකාලං යං භගවතා භාසිතං ලපිතං සුත්තගෙය්යාදි, සබ්බං තං පරිසුද්ධං පරිපුණ්ණං රාගමදාදිනිම්මථනං එකසදිසං තථං අවිතථං. තෙනාහ –
ඇත්ත ඇති පරිදි ප්‍රකාශ කරන හෙයින් කෙසේ නම් තථාගත වන සේක් ද? යම් රාත්‍රියකදී භාග්‍යවතුන් වහන්සේ නිරුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරන ලදද? යම් රාත්‍රියක දී නිරුපධිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පාන ලදද මේ අතර පන්සාළිස් වසරක් පමණ වූ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් සුත්ත ගෙය්ය ආදී යමක් දේශනා කරන ලදද ප්‍රකාශ කරන ලදද ඒ සියල්ල පිරිසිදුය පිරිපුන්ය. රාග - මද ආදිය මැඩලන්නේය. එක හා සමානය. සත්‍යය. අසත්‍ය නොවේ. එහෙයින් කියන ලදි.
“යඤ්ච, චුන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථෙව හොති, නො අඤ්ඤථා, තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (දී· නි· 3.188).
චුන්දය යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ නිරුත්තර සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරන ලද ද යම් රාත්‍රියක නිරුපධිසේස පරිනිර්වාණයෙන් පිරිනිවන්පානා සේක් ද මේ අතරදී යමක් දේශනා කරයි ද ප්‍රකාශ කරයි ද දක්වයි ද ඒ සියල්ල එසේම වේ. වෙනස් නොවේ. එහෙයින් තථාගත යයි කියනු ලැබෙයි.
ගදඅත්ථො එත්ථ ගතසද්දො. එවං තථවාදිතාය තථාගතො.
මෙහි “ගත” ශබ්දය ප්‍රකාශන අර්ථය ඇත්තේ වේ. මෙසේ ඇත්ත ඇති පරිදි දේශනා කරන හෙයින් තථාගත වේ.
අපිච ආගදනං ආගදො, වචනන්ති අත්ථො. තථො අවිතථො අවිපරීතො ආගදො අස්සාති දකාරස්ස තකාරං කත්වා තථාගතොති එවමෙත්ථ පදසිද්ධි වෙදිතබ්බා.
තවද ප්‍රකාශ කරනුයේ ආගදො වේ වචනය යන අර්ථයි. එම අර්ථය ඇති කල්හි ඒ සියල්ල ඇති පරිද්දෙන් නොවෙනස්ව විපරීත නොවී පැමිණියේ මෙතැන්ට යැයි අර්ථයෙන් “ද” කාරයට “ත” කාරය ආදේශ කර “තථාගත” වෙයි. මෙහි පද සිද්ධිය මෙසේ දත යුතුයි.
කථං තථාකාරිතාය තථාගතො? භගවතො හි වාචාය කායො අනුලොමෙති, කායස්සපි වාචා, තස්මා යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී ච හොති. එවංභූතස්ස චස්ස යථාවාචා, කායොපි තථා ගතො පවත්තොති අත්ථො. යථා ච කායො, වාචාපි තථා ගතා පවත්තාති තථාගතො. තෙනාහ –
එසේ කරන හෙයින් කෙසේ නම් තථාගත වේද? භාග්‍යවතුන් වහන්සේ වූ කලී වචනයෙහි කය තවරයි. කයෙහි වචනය තවරයි. එහෙයින් යම් සේ කියයි ද එසේ කරයි. යම් සේ කරයිද එසේ කියයි ද වේ. මෙසේ වූ උන්වහන්සේ ගේ වචනය යම් පරිදි වේද කයද එසේ පැවතියේය යන අර්ථයි. කය යම් පරිදි ද වචනයද එසේ ගියේනුයි තථාගත වේ. එහෙයින් කියන ලදි.
“යථාවාදී , භික්ඛවෙ, තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23).
“මහණෙනි, තථාගතයන් වහන්සේ යමක් ප්‍රකාශ කරන්නේද එසේ කරන්නේ වෙයි. යම් සේ කරන්නේද එසේ කියන්නේ වෙයි. මෙසේ යථාවාදී තථාකාරීද යථාකාරී තථාවාදී ද වෙයි. එහෙයින් ‘තථාගත’ යයි කියනු ලැබේ යනුයි.
එවං තථාකාරිතාය තථාගතො.
මෙසේ “එසේ කරන හෙයින් තථාගත” වේ.
කථං අභිභවනට්ඨෙන තථාගතො? යස්මා උපරි භවග්ගං හෙට්ඨා අවීචිං පරියන්තං කරිත්වා තිරියං අපරිමාණාසු ලොකධාතූසු සබ්බසත්තෙ අභිභවති සීලෙනපි සමාධිනාපි පඤ්ඤායපි විමුත්තියාපි විමුත්තිඤාණදස්සනෙනපි , න තස්ස තුලා වා පමාණං වා අත්ථි, අථ ඛො අතුලො අප්පමෙය්යො අනුත්තරො දෙවදෙවො සක්කානං අතිසක්කො, බ්රහ්මානං අතිබ්රහ්මා සබ්බසත්තුත්තමො, තස්මා තථාගතො. තෙනාහ –
අභිභවනාර්ථයෙන් කෙසේ නම් තථාගත වේද? යම් හෙයකින් මත්තෙහි භවාග්‍රයෙහි සිට යටින් අවීචිය කෙළවර කර සරසට සියළු ලෝකධාතූන්හි සියළු සත්ත්වයන් සීලයෙන්ද සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන්ද විමුක්ති ඥාන දර්ශනයෙන්ද යටපත් කරයි ද උන්වහන්සේ පිළිබඳව කිරීම් හෝ මිනීම් හෝ නොමැත. (සමාන නැත) තවද අසමානය. පමණ කළ නොහැක. නිරුත්තරය. දෙවියන්ට දෙවිය. ශක්‍රයන්ට මහා ශක්රයෙකි. බ්‍රහ්මයන්ට මහා බ්‍රහ්මයෙකි. සියළු සත්ත්වයන්ට උතුමෙකි. එහෙයින් තථාගත වේ. එහෙයින් කියන ලදි.
“සදෙවකෙ, භික්ඛවෙ, ලොකෙ…පෙ… සදෙවමනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්ති, තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23).
“මහණෙනි, තථාගතයන් වහන්සේ දෙවිායන් සහිත ලෝකයෙහි -පෙ- මිනිසුන් අතර මැඩ පවත්වන්නෙකි. නොමැඩුනෙකි. අන් තැනක නොදැකිය හැක්කෙකි. ලොවම තමා වසඟයෙහි පවත්වන්නෙකි. එහෙයින් තථාගත යයි කියනු ලැබේ යනුයි.
තත්රායං පදසිද්ධි – අගදො විය අගදො, දෙසනාවිලාසො චෙව පුඤ්ඤුස්සයො ච. තෙන සො මහානුභාවො භිසක්කො විය දිබ්බාගදෙන සප්පෙ සබ්බපරප්පවාදිනො සදෙවකඤ්ච ලොකං අභිභවති. ඉති සබ්බලොකාභිභවනෙ තථො අවිතථො අවිපරීතො යථාවුත්තොව අගදො එතස්සාති දකාරස්ස තකාරං කත්වා තථාගතොති වෙදිතබ්බො. එවං අභිභවනට්ඨෙන තථාගතො.
මේ එහි පද සිද්ධියයි. දේශනා විලාසයද පින් මහිමයද බෙහෙතක් මෙනි. එහෙයින් උන්වහන්සේ මහ තෙදැති වෛද්‍යවරයකු මෙන් දිව්‍යමය ඖෂධයෙන් සර්පයන් දමනය කරන්නාක් මෙන් සියළු අන්‍ය මතවාදීන්ද දෙවියන් සහිත ලෝකයාද මැඩපවත්වයි. මෙසේ සියළු ලෝකයා මුළුමනින්ම මැඩ පවත්වන හෙයින් කියන ලද පරිදි වූ දේශනා විලාශයෙන් ම හටගත්තා වූද පින් මහිමයෙන් හටගත්තා වූද බෙහෙත මුන්වහන්සේට වූයේනුයි වේ. “ද” කාරයට “ත” කාරය ආදේශ කර “තථාගත” යයි දතයුතුය. මෙසේ අභිභවනාර්ථයෙන් තථාගත වේ.
අපිච තථාය ගතොති තථාගතො, තථං ගතොති තථාගතො. තත්ථ සකලලොකං තීරණපරිඤ්ඤාය තථාය ගතො අවගතොති තථාගතො. ලොකසමුදයං පහානපරිඤ්ඤාය තථාය ගතො අතීතොති තථාගතො. ලොකනිරොධං සච්ඡිකිරියාය තථාය ගතො අධිගතොති තථාගතො. ලොකනිරොධගාමිනිං පටිපදං තථං ගතො පටිපන්නොති තථාගතො. වුත්තඤ්හෙතං භගවතා –
තවද එසේ ගියේනුයි තථාගත වේ. එහිදී තථාගතයන් වහන්සේ සියළු ලෝකය විනිශ්චය කිරීමේ විශේෂ නුවණින් අවබෝධ කළේනුයි තථාගත වේ. තථාගතයන් වහන්සේ ලොව හටගැනීම ප්රහාණය කිරීමේ විශේෂ නුවණින් ඉක්ම වූයේනුයි තථාගත වේ. තථාගතයන් වහන්සේ ලෝක නිරෝධය ප්රත්යක්ෂ කිරීමේ නුවණින් අවබෝධ කළේනුයි තථාගත වේ. තථාගතයන් වහන්සේ ලෝක නිරෝධගාමිනී පටිපදාවට පැමිණියේනුයි තථාගත වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කියන ලදි.
“ලොකො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකස්මා තථාගතො විසංයුත්තො. ලොකසමුදයො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකසමුදයො තථාගතස්ස පහීනො, ලොකනිරොධො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො. ලොකනිරොධගාමිනී පටිපදා , භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධා , ලොකනිරොධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා. යං, භික්ඛවෙ , සදෙවකස්ස ලොකස්ස…පෙ… සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23).
“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලෝකය අවබෝධ කරන ලදි. තථාගතයන් වහන්සේ ලෝකයා හා නොයෙදුනේය. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලොව හට ගැනීම අවබෝධ කරන ලද්දේය. තථාගතයන් වහන්සේ ලෝක සමුදය ප්‍රහීණය කරන ලදි. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලෝක නිරෝධය අවබෝධ කරන ලද්දේය. තථාගතයන් වහන්සේ ලෝක නිරෝධය සාක්ෂාත් කරන ලදි. මහණෙනි තථාගතයන් වහන්සේ විසින් ලෝක නිරෝධගාමිනී පටිපදාව අවබෝධ කරන ලදි. තථාගතයන් වහන්සේ ලෝකනිරෝධගාමිනී පටිපදාව වඩන ලදි. මහණෙනි, යමක් දෙවියන් සහිත ලෝකයාගේ -පෙ- ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදි. එහෙයින් තථාගත යයි කියනු ලැබේ යනුයි.
අපරෙහිපි අට්ඨහි කාරණෙහි භගවා තථාගතො – තථාය ආගතොති තථාගතො, තථාය ගතොති තථාගතො, තථානි ආගතොති තථාගතො, තථා ගතොති තථාගතො, තථාවිධොති තථාගතො, තථා පවත්තිතොති තථාගතො, තථෙහි අගතොති තථාගතො, තථා ගතභාවෙන තථාගතො.
වෙනත් වූ කාරණා අටකින්ද භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වන සේක. ඇති පරිදි ආවේ නුයි. තථාගත වේ. ඇති පරිදි ගියේ නුයි. තථාගත වේ. තථ වූ ධර්මයන් අවබෝධ කළේ නුයි තථාගත වේ. එසේ අවබෝධ කළේනුයි තථාගත වේ. එසේ වූයේ නුයි තථාගත වේ. එසේ පැවතියේ නුයි තථාගත වේ. තථ ධර්මයන් ගෙන් පැමිණියේ නුයි තථාගත වේ. එසේ ගිය හෙයින් තථාගත වේ.
කථං තථාය ආගතොති තථාගතො? යා සා භගවතා සුමෙධභූතෙන දීපඞ්කරදසබලස්ස පාදමූලෙ –
කෙසේ ඇති පරිදි ආවේනුයි තථාගත වේද? යම් සේ සුමේධ තාපස නම් වූ භාග්‍යවතුන් විසින් දීපංකර බුදුරදුන්ගේ පාමුලදී
“මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, හෙතු සත්ථාරදස්සනං, පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්දතා; අට්ඨධම්මසමොධානා, අභිනීහාරො සමිජ්ඣතී”ති. (බු· වං· 2.59) –
“මිනිසත් බව, ලිංග සම්පත්තිය, වාසනා ගුණය, ශාස්තෲ දැක්ම, පැවිද්ද, ගුණ සම්පත්තිය, ප්‍රාර්ථනය හා කැමැත්ත ඇති බව යන අටවැදෑරුම් ධර්මයන් ගේ එකතුවෙන් ප්‍රාර්ථනාව සමෘද්ධ වේ” යනුයි.
එවං වුත්තං අට්ඨඞ්ගසමන්නාගතං අභිනීහාරං සම්පාදෙන්තෙන “අහං සදෙවකං ලොකං තිණ්ණො තාරෙස්සාමි, මුත්තො මොචෙස්සාමි, දන්තො දමෙස්සාමි, සන්තො සමෙස්සාමි, අස්සත්ථො අස්සාසෙස්සාමි, පරිනිබ්බුතො පරිනිබ්බාපෙස්සාමි, බුද්ධො බොධෙස්සාමී”ති මහාපටිඤ්ඤා පවත්තිතා. වුත්තඤ්හෙතං –
මෙසේ කියන ලද අටවැදෑරුම් ගුණයන්ගෙන් යුක්ත වූ ප්‍රාර්ථනය සම්පාදන කරන්නාහු විසින් ලොව තරණය කළ මම දෙවියන් සහිත ලෝකයා තරණය කරවන්නෙමි. මිදුනෙම් මුදවන්නෙමි. දමනය වූවෙම් දමනය කරවන්නෙමි. සන්සිඳුනෙම්, සන්සිඳුවන්නෙමි. අස්වැසුනෙමි. අස්වසවන්නෙමි. පිරිනිවුනෙම්. පිරිනිවන් පාවන්නෙමි. අවබෝධ කළෙමි අවබෝධ කරවන්නෙමි යි මහා ප්‍රතිඥාවක් පවත්වන ලදි. මෙසේ කියන ලදි.
“කිං මෙ එකෙන තිණ්ණෙන, පුරිසෙන ථාමදස්සිනා; සබ්බඤ්ඤුතං පාපුණිත්වා, සන්තාරෙස්සං සදෙවකං.
වීර්යවන්ත පුරුෂයෙකු ලෙස හුදෙකලාව සසර තරණය කිරීමෙන් මට කවර ප්‍රයෝජනයක් ද? සර්වඥතාඥානයට පත් වී දෙවියන් සහිත ලෝකයා තරණය කරවන්නෙමි.
“ඉමිනා මෙ අධිකාරෙන, කතෙන පුරිසුත්තමෙ; සබ්බඤ්ඤුතං පාපුණිත්වා, තාරෙමි ජනතං බහුං.
වීර්යවන්ත පුරුෂයෙකු ලෙස මවිසින් මේ ප්‍රාර්ථනයෙන් සර්වඥතාඥානයට පත් වී බොහෝ ජනයා තරණය කරමි.
“සංසාරසොතං ඡින්දිත්වා, විද්ධංසෙත්වා තයො භවෙ; ධම්මනාවං සමාරුය්හ, සන්තාරෙස්සං සදෙවකං.
සසර නමැති සැඩ පහර සිඳ තුන් භවය පිළිබඳ ආශාව වනසා ධර්මය නමැති නැවට නැග දෙවියන් සහිත ලෝ වැස්සන් තරණය කරවන්නෙමි.
“කිං මෙ අඤ්ඤාතවෙසෙන, ධම්මං සච්ඡිකතෙනිධ; සබ්බඤ්ඤුතං පාපුණිත්වා, බුද්ධො හෙස්සං සදෙවකෙ”ති. (බු· වං· 2.55-58);
මෙහිලා අප්‍රසිද්ධ වේශයෙන් ධර්මය අවබෝධ කිරීමෙන් කවර ප්‍රයෝජනයක්ද? සර්වඥතා ඥානයට පත් වී දෙවියන් සහිත ලෝකයෙහි බුදුවන්නෙමි.
තං පනෙතං මහාපටිඤ්ඤං සකලස්සාපි බුද්ධකරධම්මසමුදායස්ස පවිචය පච්චවෙක්ඛණසමාදානානං කාරණභූතං අවිසංවාදෙත්වා ලොකනායකො යස්මා මහාකප්පානං සතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි සක්කච්චං නිරන්තරං නිරවසෙසතො දානපාරමිආදයො සමතිංසපාරමියො පූරෙත්වා, අඞ්ගපරිච්චාගාදයො පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජිත්වා, සච්චාධිට්ඨානාදීනි චත්තාරි අධිට්ඨානානි පරිබ්රූහෙත්වා, පුඤ්ඤඤාණසම්භාරෙ සම්භරිත්වා, පුබ්බයොගපුබ්බචරියධම්මක්ඛානඤාතත්ථචරියාදයො උක්කංසාපෙත්වා, බුද්ධිචරියං පරමකොටිං පාපෙත්වා, අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣි, තස්මා තස්සෙව සා මහාපටිඤ්ඤා තථා අවිතථා අනඤ්ඤථා, න තස්ස වාලග්ගමත්තම්පි විතථං අත්ථි. තථා හි දීපඞ්කරදසබලො කොණ්ඩඤ්ඤො මඞ්ගලො…පෙ… කස්සපො භගවාති ඉමෙ චතුවීසති සම්මාසම්බුද්ධා පටිපාටියා උප්පන්නා “බුද්ධො භවිස්සතී”ති බ්යාකරිංසු. එවං චතුවීසතියා බුද්ධානං සන්තිකෙ ලද්ධබ්යාකරණො යෙ තෙ කතාභිනීහාරෙහි බොධිසත්තෙහි ලද්ධබ්බා ආනිසංසා, තෙ ලභිත්වාව ආගතොති තාය යථාවුත්තාය මහාපටිඤ්ඤාය තථාය අභිසම්බුද්ධභාවං ආගතො අධිගතොති තථාගතො. එවං තථාය ආගතොති තථාගතො.
සියළු බුද්ධකාරක ධර්ම ම සමූහයට හේතූන් සොයා බැලීම ගැනීමට කාරණයන් වූ ඒ මේ ප්‍රතිඥාව නොවලහන්නා වූ ලෝකනායක වූ බෝසත් තෙමේ යම්හෙයකින් මහා කල්ප ලක්ෂයක් අධික වූ අසංඛ්‍ය කල්ප සතරක් මනාව නිරන්තරයෙන් මුළුමනින් දාන පාරමිතා ආදී සමතිසක් පාරමිතාවන් පුරා අවයව පරිත්‍යාගය කිරීම් ආදී මහා පරිත්‍යාගයන් පරිත්‍යාග කර සත්‍ය අධිෂ්ඨානාදී සතර අධිෂ්ඨානයන් වඩා පුණ්‍යමය ඤාණ සම්භාරය සම්පූර්ණ කර පුබ්බයෝග පුබ්බචර්යා ධර්මාඣාන ඤාතාර්ථචර්යාවන් උපරිමයට ගෙන බුද්ධිමය චර්යාව පරම නිමාවට පමුණුවා නිරුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළේය. මෙසේ උන් වහන්සේගේ මෙම ප්‍රතිඥාව එලෙසම වීය. නොවෙනස් විය. ඒ ප්‍රාර්ථනාවේ අස්ලොමක් පමණද වෙනසක් නොමැත. ඒ එසේමැයි දීපංකර බුදුරජ, කොණ්ඩඤ්ඤ කස්සප -පෙ- කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ යැයි මේ සූවිසි බුදුවරු පිළිවෙලින් උපන්නාහු බුදුවන්නේ යයි ප්‍රකාශ කළාහුය. මෙසේ සූවිසි බුදුවරුන්ගේ සමීපයෙහි ලබන ලද වියරණ ඇත්තේ කරන ලද ප්‍රාර්ථනා ඇති බෝධිසත්ත්වයන් විසින් ඒ මේ යමක් ලද යුත්තේද ඒ ප්‍රතිඵල ලැබම පැමිණියේ නුයි, කියන ලද පරිදි වූ මහා ප්‍රතිඥාවෙන් බුද්ධත්වයට පැමිණියේ අවබෝධ කළේනුයි මෙසේ ඇති පරිදි ආවේනුයි තථාගත වේ.
කථං තථාය ගතොති තථාගතො? යාය මහාකරුණාය ලොකනාථො මහාදුක්ඛසම්බාධප්පටිපන්නං සත්තනිකායං දිස්වා “තස්ස නත්ථඤ්ඤො කොචි පටිස්සරණං, අහමෙව නමිතො සංසාරදුක්ඛතො මුත්තො මොචෙස්සාමී”ති සමුස්සාහිතමානසො මහාභිනීහාරමකාසි. කත්වා ච යථාපණිධානං සකලලොකහිතසම්පාදනාය උස්සුක්කමාපන්නො අත්තනො කායජීවිතනිරපෙක්ඛො පරෙසං සොතපථාගමනමත්තෙනපි චිත්තුත්රාසසමුප්පාදිකා අතිදුක්කරා දුක්කරචරියා සමාචරන්තො යථා මහාබොධියා පටිපත්ති හානභාගියා සංකිලෙසභාගියා ඨිතිභාගියා වා න හොති, අථ ඛො උත්තරුත්තරි විසෙසභාගියාව හොති, තථා පටිපජ්ජමානො අනුපුබ්බෙන නිරවසෙසෙ බොධිසම්භාරෙ සම්පාදෙත්වා අභිසම්බොධිං පාපුණි. තතො පරඤ්ච තායෙව මහාකරුණාය සඤ්චොදිතමානසො පවිවෙකරතිං පරමඤ්ච සන්තං විමොක්ඛසුඛං පහාය බාලජනබහුලෙ ලොකෙ තෙහි සමුප්පාදිතං සම්මානාවමානවිප්පකාරං අගණෙත්වා විනෙය්යජනස්ස විනයනෙන නිරවසෙසං බුද්ධකිච්චං නිට්ඨපෙසි. තත්ථ යො භගවතො සත්තෙසු මහාකරුණාය සමොක්කමනාකාරො, සො පරතො ආවිභවිස්සති. යථා ච බුද්ධභූතස්ස ලොකනාථස්ස සත්තෙසු මහාකරුණා, එවං බොධිසත්තභූතස්සපි මහාභිනීහාරකාලාදීසූති සබ්බත්ථ සබ්බදා ච එකසදිසතාය තථා අවිතථා අනඤ්ඤථා, තස්මා තීසුපි අවත්ථාසු සබ්බසත්තෙසු සමානරසාය තථාය මහාකරුණාය සකලලොකහිතාය ගතො පටිපන්නොති තථාගතො. එවං තථාය ගතොති තථාගතො.
ඇති පරිදි ගියේනුයි කෙසේ නම් තථාගත වේද? යම් සේ ලෝකනාථයන් වහන්සේ මහා කරුණාවෙන් බලන්නේ මහත් වූ දුක් ගැහැටට පිළිපන් සත්ත්ව සමූහයා දැක ඔහුට අන් කිසි පිළිසරණක් නැත. මේ සසර දුකින් මිදුනු මම ද ම ඔහුවද මුදවන්නෙමිය උත්සාහී සිත් ඇත්තේ මහත් වූ ප්‍රාර්ථනා කළේය. එසේ කර ප්‍රාර්ථනය යම් සේද (එසේ) සියළු ලෝවැස්සන් වෙත හිතසුව සම්පාදනය සඳහා උත්සාහී බවට පැමිණියේ තමාගේ ජීවිතය පිළිබඳ අපේක්ෂාව අත් හරනා ලද්දේ අන්‍යයන්ගේ සවන් මඟට පැමිණි පමණින්ද සිත්හි තැති ගැන්ම උපදවන්නා වූ අතිශයින් දුෂ්කර වූ දුෂ්කර චර්යාවන් සම්පූර්ණ කරන්නේ (එහි හැසිරෙන්නේ), යම් සේ මහා බෝධියට ප්රතිපක්ෂ වූ පිරිහෙලන සුළු වූ කෙලෙස් බර වූ සසර පැවැත්මට හේතු වූ (සාධක) නොවේද, තවද මතුමත්තේ අධිගමය ලබා දෙන සුළු වූයේද වෙයිද එසේ පිළිපදිනු ලබන්නේ පිළිවෙලින් සියළු බෝධිසම්භාර ධර්මයන් සම්පූර්ණ කර බුද්ධත්වයට පත් වූයේය. ඉන් අනතුරුවද ඒ මහා කරුණාවෙන්ම මෙහෙයවන ලද සිත් ඇත්තේ විවේකයෙහි ඇල්ම කෙළවර කර ඇති ශාන්ත වූ විමුක්ති සුවය අතහැර අඥාන ජනයන් බොහෝ කොට ඇති ලෝකයෙහි ඔවුන් විසින් එළඹවනු ලබන විකාරයන් ගණන් නොගෙන හික්මවිය යුතු ජනයා හික්මවීමෙන් බුද්ධ කාර්යය මුළුමනින්ම නිමවිය. එහිලා සත්ත්වයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාවෙහි යම් සමව බැස ගැනීමේ ස්වභාවයක් වේද එය පිටතට ප්‍රකාශ වේ. බුද්ධත්වයට පත් ලෝකනාථයන්ගේ සත්ත්වයා පිළිබඳ යම් සේ මහා කරුණාවක් වේද මෙසේ බෝසතුන් වූවහුගේ ද මහා ප්‍රාර්ථනා භූමියන්හිද සියළු තැන සැමදා එක හා සමාන වේ. එසේම ඒ මහා කරුණාව වෙනස් නොවේ. අන් පරිදි නොවේ. එහෙයින් තුන් වැදෑරුම් අවස්ථාවන්හිදී සියළු සත්වයන් කෙරෙහි සමාන වූ ඇති පරිදි වූ මහා කරුණාවෙන් සියළු ලෝ වැස්සන්ගේ හිතසුව පිණිස ගියේය. පිළිපන්නේ යයි තථාගත වේ.
කථං තථානි ආගතොති තථාගතො? තථානි නාම චත්තාරි අරියමග්ගඤාණානි. තානි හි ඉදං දුක්ඛං, අයං දුක්ඛසමුදයො, අයං දුක්ඛනිරොධො, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති එවං සබ්බඤෙය්යධම්මසඞ්ගාහකානං පවත්තිනිවත්තිතදුභයහෙතුභූතානං චතුන්නං අරියසච්චානං දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො, සමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සංයොගට්ඨො පලිබොධට්ඨො, නිරොධස්ස නිස්සරණට්ඨො විවෙකට්ඨො අසඞ්ඛතට්ඨො අමතට්ඨො, මග්ගස්ස නිය්යානට්ඨො හෙත්වට්ඨො දස්සනට්ඨො ආධිපතෙය්යට්ඨොතිආදීනං තබ්බිභාගානඤ්ච යථාභූතසභාවාවබොධවිබන්ධකස්ස සංකිලෙසපක්ඛස්ස සමුච්ඡින්දනෙන පටිලද්ධාය තත්ථ අසම්මොහාභිසමයසඞ්ඛාතාය අවිපරීතාකාරප්පවත්තියා ධම්මානං සභාවසරසලක්ඛණස්ස අවිසංවාදනතො තථානි අවිතථානි අනඤ්ඤථානි, තානි භගවා අනඤ්ඤනෙය්යො සයමෙව ආගතො අධිගතො, තස්මා තථානි ආගතොති තථාගතො.
කෙසේ නම් තත් පරිදි වූ ධර්මයන් අවබෝධ කළේනුයි තථාගත වේද? තථ නම් වනුයේ ආර්යමාර්ග ඤාණයන්ය. ඒවා වූ කලී මෙය දුකය, මෙය දුකට හේතුවය, මෙය දුක්ඛ නිරෝධය ය, මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව යැයි මෙසේ සියළු දතයුතු ධර්ම සමූහයන්ගේ පැවැත්ම, නැවැත්ම හා ඒ දෙකට හේතු වූ සිව්සස්හි, දුක්ඛ ආර්ය සත්‍යයේ පීලනාර්ථය. හේතූන් නිසා හටගත් අර්ථය තාපනාර්ථය විපරිනාමාර්ථය ද සමුදය ආර්ය සත්‍යයේ රැස් කිරීමේ අර්ථය හේත්වර්ථය. සංයෝගාර්ථය පළිබෝධාර්ථය ද නිරෝධ සත්‍යයේ නිස්සරණාර්ථය විවේකාර්ථය හේතූන් නිසා නොහටගත් අර්ථය අමෘතාර්ථයද මාර්ග සත්‍යයේ නෛර්යාණිකර්ථය හේත්වර්ථය දර්ශනාවර්ථය අධිපති අර්ථයදැයි මේ අයුරින් ඒ හා බැඳුන කොටස්වල තත් වූ පරිදි අවබෝධය, බැඳීම් සහිත කෙලෙස් හි මුලින් උපුටා දැමීමෙන් ලබන ලද, එහිලා නුමුලාව අවබෝධ කිරීම් සංඛ්‍යාත විපරීත නොවූ අයුරින් පැවැති ධර්මයන්ගේ ස්වභාවය ස්වකීය කෘත්‍යය ලක්ෂණය යන මොහුගේ නොමුලාවෙන් තත් වූද අවිතථ වූද නොවෙනස් වූද යම් ධර්මයෝ වෙත්ද ඒවා භාග්‍යවතුන් වහන්සේ අනිකෙකුගෙන් අවබෝධ කොට නොව තෙමේම අවබෝධ කරන ලදි. එහෙයින් තත් වූ ධර්මයන් අවබෝධ කළේනුයි තථාගත වේ.
යථා ච මග්ගඤාණානි, එවං භගවතො තීසු කාලෙසු අප්පටිහතඤාණානි චතුපටිසම්භිදාඤාණානි චතුවෙසාරජ්ජඤාණානි පඤ්චගතිපරිච්ඡෙදඤාණානි ඡඅසාධාරණඤාණානි සත්තබොජ්ඣඞ්ගවිභාවනඤාණානි අට්ඨමග්ගඞ්ගවිභාවනඤාණානි නවානුපුබ්බවිහාරසමාපත්තිඤාණානි දසබලඤාණානි ච තථභාවෙ වෙදිතබ්බානි.
යම් සේ මාර්ග ඤාණයන් වේද ඒවා මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙකල්හි නොනට ඤාණයන් වේද සිව් වැදෑරුම් පටිසම්භිදා ඤාණයන් ද සිවු වැදෑරුම් විසාරද ඤාණයන් ද පස් වැදෑරුම් ගති සීමාවන් පිළිබඳ ඤාණයන් ද සවැදෑරුම් අසාධාරණ ඤාණයන් ද සප්ත බෝධ්‍යංගයන් වැඩීමේ ඤාණයන් ද අටවැදෑරුම් මාර්ගාංග වැඩීමේ ඤාණයන්ද නව වැදෑරුම් මාර්ග අනුපූර්ව සමාපත්ති ඤාණයන්ද දසබල ඤාණයන් ද “තථ” භාවයෙහි ලා දත යුතුය.
තත්රායං විභාවනා – යඤ්හි කිඤ්චි අපරිමාණාසු ලොකධාතූසු අපරිමාණානං සත්තානං හීනාදිභෙදභින්නාසු අතීතාසු ඛන්ධායතනධාතූසු සභාවකිච්චාදි අවත්ථාවිසෙසාදි ඛන්ධප්පටිබද්ධනාමගොත්තාදි ච ජානිතබ්බං. අනින්ද්රියබද්ධෙසු ච අතිසුඛුමතිරොහිතවිදූරදෙසෙසුපි රූපධම්මෙසු යො තංතංපච්චයවිසෙසෙහි සද්ධිං පච්චයුප්පන්නානං වණ්ණසණ්ඨානගන්ධරසඵස්සාදිවිසෙසො, තත්ථ සබ්බත්ථෙව හත්ථතලෙ ඨපිතආමලකෙ විය පච්චක්ඛතො අප්පටිහතං භගවතො ඤාණං පවත්තති, තථා අනාගතාසු පච්චුප්පන්නාසු චාති ඉමානි තීසු කාලෙසු අප්පටිහතඤාණානි නාම. යථාහ –
මේ එහි විවරණයයි. යම්කිසි අප්‍රමාණ වූ ලෝක ධාතූන්හි අප්‍රමාණ වූ සත්වයන්ගේ පහත් ආදී වූ භේදයන්ගෙන් බිඳුනා වූ අතීත ස්කන්ධ ආයතන ධාතූන්හි ස්වභාව කෘත්‍යයන් අවස්ථා විශේෂයන්, ස්කන්ධයන් හා බැඳුනා වූ නාම - ගෝත්‍රයන් දතයුත්තේ ද, ඉන්ද්රියබද්ධ නොවූ ඉතා සියුම් බිත්තියෙන් එපිට පටන් ඉතා දුර දේශයන් හිද රූප ධර්මයන්හිද ඒ ඒ ප්‍රත්‍ය විශේෂයන් සමග හේතූන් නිසා උපන්නා වූ වර්ණය පෙනීම ගන්ධය රසය ස්පර්ශය ආදී විශේෂ වේද ඒ සියළු තන්හිම අත්තලයෙහි තබන ලද නෙල්ලි ගෙඩියක මෙන් ප්රත්යක්ෂයෙන් නොගැටුන ඤාණය භාග්‍යවතුන් වහන්සේගේ පවතී. අනාගත-වර්තමානයෙහිදී එසේම වේ යයි මෙසේ තුන් කල්හි නොගැටුන ඤාණයන් නම්වේ. යම් පරිද්දකින් කියන ලද්දේය.
“අතීතංසෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, අනාගතංසෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, පච්චුප්පන්නංසෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණ”න්ති (පටි· ම· 3.5).
භාග්‍යවත් වූ බුදුරදුන්ගේ අතීතයෙහි වූ අප්පටිහත ඤාණය. භාග්‍යවත් වූ බුදුරදුන්ගේ අනාගතයෙහි වූ අප්පටිහත ඤාණයයි. භාග්‍යවත් බුදුරදුන්ගේ වර්තමානයේ වූ අප්පටිහත ඤාණයයි.
තානි පනෙතානි තත්ථ තත්ථ ධම්මානං සභාවසරසලක්ඛණස්ස අවිසංවාදනතො තථානි අවිතථානි අනඤ්ඤථානි, තානි භගවා සයම්භූඤාණෙන අධිගඤ්ඡීති. එවම්පි තථානි ආගතොති තථාගතො.
ඒ මේවා ඒ ඒ තන්හි වූ ධර්මයන්ගේ ස්වභාවය ස්වකීය කෘත්‍යය ලක්ෂණය යන මේවායේ වෙනස් නොවූයෙන් තථ වූද අවිපරිත වූද නොවෙනස් වූද වේ. ඒවා භාග්‍යවතුන් වහන්සේ ස්වයම්භූඤාණයෙන් අවබෝධ කෙරේනුයි මෙසේ තත්පරිදි වූ ධර්මයන්ගේ අවබෝධ කළේනුයි තථාගත වේ.
තථා අත්ථප්පටිසම්භිදා ධම්මප්පටිසම්භිදා නිරුත්තිප්පටිසම්භිදා පටිභානප්පටිසම්භිදාති චතස්සො පටිසම්භිදා. තත්ථ අත්ථප්පභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්ථානකරණසමත්ථං අත්ථප්පභෙදගතං ඤාණං අත්ථප්පටිසම්භිදා. ධම්මප්පභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්ථානකරණසමත්ථං ධම්මප්පභෙදගතං ඤාණං ධම්මප්පටිසම්භිදා. නිරුත්තිප්පභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්ථානකරණසමත්ථං නිරුත්තාභිලාපෙ පභෙදගතං ඤාණං නිරුත්තිප්පටිසම්භිදා. පටිභානප්පභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්ථානකරණසමත්ථං පටිභානප්පභෙදගතං ඤාණං පටිභානප්පටිසම්භිදා. වුත්තඤ්හෙතං –
එසේම අත්ථ පටිසම්භිදා ධම්ම පටිසම්භිදා නිරුත්ති පටිසම්භිදා පටිභාග පටිසම්භිදා යයි පටිසම්භිදා ඤාණයෝ සතරක් වෙත්. එහි විවිධ වූ අර්ථයේ සැලකීම ප්‍රකට කිරීම වෙනස් කිරීම යන මෙයට සමාර්ථ වූ අර්ථ ප්රභේදගත ඤාණය අත්ථ පටිසම්භිදාව වේ. ධර්ම ප්රභේදයන්ගේ සැලකීම ප්‍රකට කිරීෟම වෙන් කිරීම යන මෙයට සමර්ථ වූ ඤාණය ධර්මපටිසම්භිදාව වේ. නිරුක්ති (පදසිද්ධිය) ප්‍රභේදයේ සැලකීම ප්‍රකට කිරීම වෙන් කිරීම යන මෙහි සමර්ථ වූ පද සිද්ධි ප්‍රකාශයෙහි වූ ඤාණය නිරුත්ති පටිසම්භිදා ඤාණය වේ. වැටහීම් ප්‍රභේදයේ සැලකීම ප්‍රකට කිරීම වෙන් කිරීම යන මෙහි සමර්ථ වූ වැටහීමේ ප්රභේදගත වූ ඤාණය පටිභාන පටිසම්භිදා ඤාණය වේ. මෙය කියන ලද්දේ වෙයි.
“අත්ථෙ ඤාණං අත්ථප්පටිසම්භිදා, ධම්මෙ ඤාණං ධම්මප්පටිසම්භිදා, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිප්පටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානප්පටිසම්භිදා”ති (විභ· 718-721).
අර්ථයන්හි ඤාණය අත්ථපටිසම්භිදා ඤාණය වේ. ධර්මයෙහි ඤාණය ධර්ම පටිසම්භිදා ඤාණය වේ. අර්ථ - ධර්ම - නිරුත්ති යන මෙය ප්රකාශනයෙහි ඤාණය නිරුත්ති පටිසම්භිදා ඤාණය වේ. වැටහීම් ඤාණයන්හි ඤාණය පටිභාන පටිසම්භිදා ඤාණය වේ.
එත්ථ ච හෙතුඅනුසාරෙන අරණීයතො අධිගන්තබ්බතො ච සඞ්ඛෙපතො හෙතුඵලං අත්ථො නාම. පභෙදතො පන යං කිඤ්චි පච්චයුප්පන්නං, නිබ්බානං , භාසිතත්ථො, විපාකො, කිරියාති ඉමෙ පඤ්ච ධම්මා අත්ථො. තං අත්ථං පච්චවෙක්ඛන්තස්ස තස්මිං අත්ථෙ පභෙදගතං ඤාණං අත්ථප්පටිසම්භිදා. ධම්මොති සඞ්ඛෙපතො පච්චයො. සො හි යස්මා තං තං අත්ථං විදහති පවත්තෙති චෙව පාපෙති ච, තස්මා ධම්මොති වුච්චති, පභෙදතො පන යො කොචි ඵලනිබ්බත්තනකො හෙතු අරියමග්ගො භාසිතං කුසලං අකුසලන්ති ඉමෙ පඤ්ච ධම්මා ධම්මො, තං ධම්මං පච්චවෙක්ඛන්තස්ස තස්මිං ධම්මෙ පභෙදගතං ඤාණං ධම්මප්පටිසම්භිදා. වුත්තම්පි චෙතං –
මෙහිද හේතූන් අනුසාරයෙන් පැමිණවිය යුතු හෙයින් ද අවබෝධ කටයුතු හෙයින්ද කෙටියෙන් හේතු - ඵලය යන අර්ථය නම් වේ. කොටස් වශයෙන් වනාහි හේතුවෙන් උපන් යමක් වේද එයද නිවාණය ද ප්‍රකාශිත අර්ථයද, විපාකයද ක්රියාවදැයි මේ ධර්මයෝ පස් දෙන “අර්ථය” වේ. ඒ අර්ථය සලකණු ලබන්නාහුට එම අර්ථයෙහි වෙන් වෙන් කොටස් හා බැඳුන ඤාණය අර්ථ පටිසම්භිදා නම් වේ. ධර්මය යනු කෙටියෙන් හේතුවයි. එය වූ කලී යම් හෙයකින් ඒ ඒ අර්ථය ප්‍රකාශ කෙරේද පවත්වයිද පමුණුවයිද එහෙයින් ධර්මය යයි කියනු ලබයි. ප්‍රභේද වශයෙන් වනාහි ඵලයක් උපදවන්නා වූ යම්කිසි හේතුවක් වේද එයද, ආර්ය මාර්ගයද ප්‍රකාශිත ධර්මයද, කුසලයද, අකුසලය දැයි මේ පස් වැදෑරුම් ධර්මයෝය. ඒ ධර්මය සලකනු ලබන්නහුට ඒ ධර්මයෙහි වෙන් වෙන් කොටස්ගත වූ ඤාණය ධම්මපටිසම්භිදා ඤාණය වේ. මෙයද කියන ලද්දේ වෙයි.
“දුක්ඛෙ ඤාණං අත්ථප්පටිසම්භිදා, දුක්ඛසමුදයෙ ඤාණං ධම්මප්පටිසම්භිදා, දුක්ඛනිරොධෙ ඤාණං අත්ථප්පටිසම්භිදා, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්මප්පටිසම්භිදා”ති (විභ· 719).
දුක පිළිබඳ ඤාණය අත්ථපටිසම්භිදා ඤාණය වේ. දුක ඇතිවීමට හේතුවෙහි ඤාණය ධම්මපටිසම්භිදා ඤාණය වේ. දුක දුරලීමෙහි ඤාණය අත්ථපටිසම්භිදා ඤාණය වේ. දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාවෙහි ඤාණය ධම්මපටිසම්භිදා ඤාණය වේ යනුයි.
අථ වා හෙතුම්හි ඤාණං ධම්මප්පටිසම්භිදා, හෙතුඵලෙ ඤාණං අත්ථප්පටිසම්භිදා. යෙ ධම්මා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා, ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථප්පටිසම්භිදා. යම්හා ධම්මා තෙ ධම්මා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා, තෙසු ධම්මෙසු ඤාණං ධම්මප්පටිසම්භිදා. ජරාමරණෙ ඤාණං අත්ථප්පටිසම්භිදා, ජරාමරණසමුදයෙ ඤාණං ධම්මප්පටිසම්භිදා. ජරාමරණනිරොධෙ ඤාණං අත්ථප්පටිසම්භිදා, ජරාමරණනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්මප්පටිසම්භිදා. ජාතියා, භවෙ, උපාදානෙ, තණ්හාය, වෙදනාය, ඵස්සෙ, සළායතනෙ, නාමරූපෙ, විඤ්ඤාණෙ, සඞ්ඛාරෙසු ඤාණං අත්ථප්පටිසම්භිදා, සඞ්ඛාරසමුදයෙ ඤාණං ධම්මප්පටිසම්භිදා. සඞ්ඛාරනිරොධෙ ඤාණං අත්ථප්පටිසම්භිදා, සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්මප්පටිසම්භිදා.
තවද හේතුවෙහි ඤාණය ධම්ම පටිසම්භිදාව වේ. හේතු ඵලයෙහි ඤාණය අත්ථ පටිසම්භිදා ඤාණය වේ. යම් ධර්මයෝ තුමු හටගත්තෝ ද සිදුවූවෝ ද උපන්නෝ ද නිපන්නෝ ද පහළ වූවෝද වෙත් නම් මේ ධර්මයන් පිළිබඳ ඤාණය අත්ථපටිසම්භිදා ඤාණය වේ. යම් හේතුවකින් ඒ ධර්මයෝ හටගත්තෝද සිදුවූවෝ ද උපන්නෝද. නිපන්නෝද පහළ වූවෝ ද වෙත් නම් ඒ ධර්මයන් පිළිබඳ ඤාණය ධම්ම පටිසම්භිදා ඤාණය වේ. ජරා මරණ පිළිබඳ ඤාණය අත්ථපටිසම්භිදා ඤාණය වේ. ජරාමරණ ඇතිවීමට හේතුව පිළිබඳ ඤාණය ධම්ම පටිසම්භිදා ඤාණය වේ. ජරා මරණ දුරු කිරීමේ ඤාණය අත්ථ පටිසම්භිදා ඤාණය වේ. ජරා මරණ දුරු කිරීමෙහි ප්‍රතිපදා ඤාණය ධම්ම පටිසම්භිදා ඤාණය වේ. ජාතියෙහි භවයෙහි උපාදානයෙහි තෘෂ්ණාවෙහි වේදනාවෙහි ස්පර්ශයෙහි ෂට් ආයතනයෙහි නාම රූප දෙකෙහි විඤ්ඤාණයෙහි සංස්කාරයන්හි ඤාණය අත්ථ පටිසම්භිදා ඤාණය වේ. සංස්කාරයන් ඇතිවීම පිළිබඳ ඤාණය ධම්ම පටිසම්භිදා ඤාණය වේ. සංස්කාරයන් දුරුකිරීමෙහි ඤාණය අත්ථපටිසම්භිදා ඤාණය වේ. සංස්කාරයන් දුරු කිරීමේ ප්‍රතිපදාවෙහි ඤාණය ධම්මපටිසම්භිදා ඤාණය වේ.
“ඉධ භික්ඛු ධම්මං ජානාති සුත්තං ගෙය්යං…පෙ… වෙදල්ලං, අයං වුච්චති ධම්මප්පටිසම්භිදා. සො තස්ස තස්සෙව භාසිතස්ස අත්ථං ජානාති ‘අයං ඉමස්ස භාසිතස්ස අත්ථො, අයං ඉමස්ස භාසිතස්ස අත්ථො’ති, අයං වුච්චති අත්ථප්පටිසම්භිදා.
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව සූත්‍ර-ගාථා -පෙ- වේදල්ල නම් වූ ධර්මය දනීද මෙය ධම්මපටිසම්භිදා ඤාණය වේ. හෙතෙම ඒ ඒ ධර්මයාගේ ප්‍රකාශිත අර්ථය දනීද මෙය මේ ධර්මයේ ප්‍රකාශිත අර්ථයයි. මේ මේ ධර්මයේ අර්ථයයි දනීද මෙය අත්ථපටිසම්භිදා ඤාණය වේ.
“කතමෙ ධම්මා කුසලා? යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං රූපාරම්මණං වා…පෙ… ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති…පෙ… අවික්ඛෙපො හොති…පෙ… ඉමෙ ධම්මා කුසලා. ඉමෙසු ධම්මෙසු ඤාණං ධම්මප්පටිසම්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්ථප්පටිසම්භිදා”තිආදි (විභ· 724-725) විත්ථාරො.
කුසල ධර්මයෝ නම් කවරහුද? යම් කලෙක්හි කාමාවචර කුසල් සිතක් උපන්නේ වේද සොම්නස් සහගත ඤාණ සම්ප්‍රයුක්ත රූපාරම්මණයක් හෝ -පෙ- ධර්මාරම්මණයක් හෝ උපන්නේ වේද යමක් යමක් හෝ අරභයා එකල්හි ස්පර්ශයක් වේද -පෙ- චංචල රහිත බවක් වේද මේ ධර්මයෝ කුසල්යැයි මේ ධර්මයන්හි ඤාණය ධම්ම පටිසම්භිදා ඤාණය වේ. ඔවුන්ගේ විපාකය පිළිබඳ ඤාණය අත්ථපටිසම්භිදා ඤාණය වේ. මේ ආදිය විස්තර වේ.
යා පනෙතස්මිං අත්ථෙ ච ධම්මෙ ච සභාවනිරුත්ති අබ්යභිචාරවොහාරො අභිලාපො, තස්මිං සභාවනිරුත්තාභිලාපෙ මාගධිකාය සබ්බසත්තානං මූලභාසාය “අයං සභාවනිරුත්ති, අයං අසභාවනිරුත්තී”ති පභෙදගතං ඤාණං නිරුත්තිප්පටිසම්භිදා. යථාවුත්තෙසු තෙසු ඤාණෙසු ගොචරකිච්චතො විත්ථාරතො පවත්තං සබ්බම්පි තං ඤාණං ආරම්මණං කත්වා පච්චවෙක්ඛන්තස්ස තස්මිං ඤාණෙ පභෙදගතං ඤාණං පටිභානප්පටිසම්භිදා. ඉති ඉමානි චත්තාරි පටිසම්භිදාඤාණානි සයමෙව භගවතා අධිගතානි අත්ථධම්මාදිකෙ තස්මිං තස්මිං අත්තනො විසයෙ අවිසංවාදනවසෙන අවිපරීතාකාරප්පවත්තියා තථානි අවිතථානි අනඤ්ඤථානි. එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
යම් හෙයකින් මේ අර්ථයෙහිද ධර්මයෙහිද ස්වභාව නිරුක්තිය සමීපාර්ථ ව්‍යවහාරය ප්රකාශනය යන යමක් වේද ඒ ස්වභාවය නිරුක්තිය සමීපාර්ථ ව්‍යවහාරය හා ප්රකාශනයෙහිලා සියලු සත්ත්වයන්ගේ මුල් භාෂාව වූ මාගධියෙහි මේ ස්වභාවය නිරුක්තිය යැයි වෙන් වෙන් වූ ඤාණය නිරුත්ති පටිසම්භිදා ඤාණය වේ. යට කියන ලද ඒ ඤාණයන්හි අරමුණු කාර්ය වශයෙන් හෝ විස්තර වශයෙන් පැවති ඒ සියළුම ඤාණය අරමුණු කොට නැවත විමසා බලන්නහුට ඒ ඤාණයෙහිලා වෙන් වෙන් පරිදි වූ නුවණ පටිසම්භිදා ඤාණය වේ. මෙසේ මේ සිව් වැදෑරුම් පටිසම්භිදා ඤාණයන් භාග්‍යවතුන් වහන්සේ විසින් තෙමේම අවබෝධ කරගත්තේ වේ. අර්ථ ධර්ම ආදී වූ ඒ ඒ තමා විෂයෙහි නොගැලපීම් වශයෙන් හෝ නොවෙනස් ආකාරයෙන් පැවතීම් වශයෙන් සත්‍ය වූයේ වෙයි. නොවෙනස් වූයේ වෙයි. අන් අයුරක් නොවූයේ වෙයි. මෙසේද භාග්‍යවතුන් වහන්සේ තත් පරිදි ව ධර්මයන් අවබෝධ කළේනුයි තථාගත වේ.
තථා යංකිඤ්චි ඤෙය්යං නාම, සබ්බං තං භගවතා සබ්බාකාරෙන ඤාතං දිට්ඨං අධිගතං අභිසම්බුද්ධං. තථා හිස්ස අභිඤ්ඤෙය්යා ධම්මා අභිඤ්ඤෙය්‍යතො බුද්ධා, පරිඤ්ඤෙය්යා ධම්මා පරිඤ්ඤෙය්‍යතො, පහාතබ්බා ධම්මා පහාතබ්බතො, සච්ඡිකාතබ්බා ධම්මා සච්ඡිකාතබ්බතො, භාවෙතබ්බා ධම්මා භාවෙතබ්බතො, යතො නං කොචි සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා “ඉමෙ නාම තෙ ධම්මා අනභිසම්බුද්ධා”ති සහ ධම්මෙන අනුයුඤ්ජිතුං සමත්ථො නත්ථි.
එසේම ඤෙය්‍ය(දතයුතු) යයි යම් කිසිවක් වේද භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ සියල්ල දන්නා ලදි. දක්නා ලදි. අවබෝධ කරන ලදි. තෙමේම අවබෝධ කරගන්නා ලදි. ඒ එසේමැයි අවබෝධ කටයුතු ධර්මයෝ අවබෝධ කටයුතු ලෙස අවබෝධ කරන ලද්දාහ. පිරිසිඳ දතයුතු ධර්මයෝ පිරිසිඳ දතයුතු ලෙස ද ප්රහාණය කටයුතු ධර්මයෝ ප්රහාණය කළයුතු ලෙසද ප්රත්යක්ෂ කටයුතු ධර්මයෝ ප්රත්යක්ෂ කළයුතු ලෙසද වැඩිය යුතු ධර්මයෝ වැඩිය යුතු ලෙසද අවබෝධ කරන ලද්දාහ. යම්හෙයකින් උන්වහන්සේට කවර හෝ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ “මෙනම් වූ ඒ ධර්මයෝ අවබෝධ නොකරන ලදහයි” දැහැමිව (සෘජුව) අභියෝග කරන්නට සමර්ථයෙක් නැත.
යංකිඤ්චි පහාතබ්බං නාම, සබ්බං තං භගවතො අනවසෙසතො බොධිමූලෙයෙව පහීනං අනුප්පත්තිධම්මං , න තස්ස පහානාය උත්තරි කරණීයං අත්ථි. තථා හිස්ස ලොභදොසමොහවිපරීතමනසිකාරඅහිරිකානොත්තප්පථිනමිද්ධකොධූපනාහ- මක්ඛපලාසඉස්සාමච්ඡරියමායාසාඨෙය්යථම්භසාරම්භමානාතිමානමදප්පමාදතිවිධා- කුසලමූලදුච්චරිතවිසමවිපරීතසඤ්ඤා- මලවිතක්කපපඤ්චඑසනාතණ්හාචතුබ්බිධවිපරියෙසආසවගන්ථ- ඔඝයොගාගතිතණ්හුපාදානපඤ්චාභිනන්දනනීවරණචෙතොඛිලචෙතසොවිනිබන්ධ- ඡවිවාදමූලසත්තානුසයඅට්ඨමිච්ඡත්තනවආඝාතවත්ථුතණ්හා- මූලකදසඅකුසලකම්මපථඑකවීසති අනෙසනද්වාසට්ඨිදිට්ඨිගතඅට්ඨසතතණ්හාවිචරිතාදිප්පභෙදං දියඩ්ඪකිලෙසසහස්සං සහ වාසනාය පහීනං සමුච්ඡින්නං සමූහතං, යතො නං කොචි සමණො වා…පෙ… බ්රහ්මා වා “ඉමෙ නාම තෙ කිලෙසා අප්පහීනා”ති සහ ධම්මෙන අනුයුඤ්ජිතුං සමත්ථො නත්ථි.
යම් කිසිවක් ප්‍රහීණය කළ යුත්තේ නම් ඒ සියල්ල බෝධිමූලයෙහිදීම ප්රහාණය කරන ලදි. නොඋපදින ස්වභාවය ඇත්තේ වීය. උන්වහන්සේට ප්රහාණය කළ යුතු දේ ප්රහාණය කිරීම සඳහා මත්තෙහි කළ යුත්තක් නැත. ඒ එසේමැයි. උන්වහන්සේ විසින් ලෝභ-දෝස-මෝහ විපිළිසර මනස්කාරයන් - ලජ්ජා නැති බව බිය නැති බව කායික මානසික අලස බව (ථීන-මිද්ධ) ක්‍රෝධය බද්ධ වෛරය, මකු බව, අනුන්ගේ දොස් දැකීම ඊර්ෂ්‍යාව - මසුරු බව - මායාව - කපටි බව - තද බව එකටෙක කිරීම - මානය අතිමානය මදය - ප්‍රමාදය. ත්‍රිවිධ අකුසල මූලය. දුශ්චරිතය විසම සංඥාව කිළිටි සහගත විතර්කය. ප්‍රමාදයට හේතු වන කෙලෙස් සෙවීම. තෘෂ්ණාව. සිව් වැදෑරුම් විපරිත සෙවීම. ආශ්‍රවය ග්‍රන්ථය. ඕඝය. යෝගය. ගැටය තෘෂ්ණා උපාදානය. පස් වැදෑරුම් අභිනන්දනය නිවාරණය. චෛතසික හුල් සිතෙහි බැඳීම්. සවැදෑරුම් විවාද මූලයන්. සත් වැදෑරුම් අනුසයන් අටවැදෑරුම් මිථ්‍යා බව නව වැදෑරුම් ආඝාත වස්තූන් තෘෂ්ණා මූලයන් දස අකුසල කර්ම පථයන් එක් විසි අනේසනයන් දෙසැටක් දුෂ්ටීන් අටසියයක් තෘෂ්ණා විචරිත ආදී ප්‍රභේද ඇති එක්දහස් පන්සියයක් කෙලෙස් වාසනා ගුණයද සමග ප්රහාණය කරන ලදි. මුලිනුපුටන ලදි. නසන ලදි. යම්හෙයකින් උන්වහන්සේට කිසියම් ශ්‍රමණයෙක් හෝ -පෙ- බ්‍රාහ්මණයෙක් හෝ මෙනම් වූ ක්ලේශයෝ ප්රහාණය නොකරන ලද්දෝ යයි දැහැමිව (සෘජුව) අභියෝග කරන්නට සමර්ථයෙක් නම් නැත.
යෙ චිමෙ භගවතා කම්මවිපාකකිලෙසූපවාදආණාවීතික්කමප්පභෙදා අන්තරායිකා වුත්තා, අලමෙව තෙ පටිසෙවතො එකන්තෙන අන්තරායාය. යතො නං කොචි සමණො වා…පෙ… බ්රහ්මා වා “නාලං තෙ පටිසෙවතො අන්තරායායා”ති සහ ධම්මෙන අනුයුඤ්ජිතුං සමත්ථො නත්ථි.
භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ කර්ම- විපාක- කෙලෙස් උපවාද- ආඥා විතර්ක ආදී ප්රභේදගත වූ යමක් වේද ඒවා සේවනය කිරීමෙන් ඒකාන්තයෙන් අන්තරාය පිණිස යෝග්‍ය වන්නේ යයි දේශනා කරන ලද ද යම්හෙයකින් කිසියම් ශ්‍රමණයෙක් හෝ -පෙ- බ්‍රහ්මයෙක් හෝ ඒවා ඇසුරු කිරීමෙන් ඒකාන්තයෙන් අන්තරාය පිණිස යෝග්‍ය නොවන්නේ යයි අභියෝග කරන්නට සමර්ථයෙක් නැත.
යො ච භගවතා නිරවසෙසවට්ටදුක්ඛනිස්සරණාය සීලසමාධිපඤ්ඤාය සඞ්ගහො සත්තකොට්ඨාසිකො සත්තතිංසප්පභෙදො අරියමග්ගපුබ්බඞ්ගමො අනුත්තරො නිය්යානිකො ධම්මො දෙසිතො, සො එකන්තෙනෙව නිය්යාති, පටිපන්නස්ස වට්ටදුක්ඛතො මොක්ඛාය හොති, යතො නං කොචි සමණො වා…පෙ… බ්රහ්මා වා “නිය්යානිකො ධම්මොති තයා දෙසිතො න නිය්යාතී”ති සහ ධම්මෙන අනුයුඤ්ජිතුං සමත්ථො නත්ථීති. වුත්තඤ්හෙතං – “සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධා”ති (ම· නි· 1.150) විත්ථාරො. එවමෙතානි අත්තනො ඤාණප්පහානදෙසනාවිසෙසානං අවිතථභාවාවබොධනතො අවිපරීතාකාරප්පවත්තිතානි භගවතො චතුවෙසාරජ්ජඤාණානි තථානි අවිතථානි අනඤ්ඤථානි. එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
යම්සේ භාග්‍යවතුන් වනහන්සේ විසින් සාංසාරික දුක් මුළුමනින්ම දුරලීම සඳහා ආර්ය මාර්ගය පෙරටු කර ඇති සීල සමාධි ප්‍රඥාවන්ගේ සංග්‍රහයක් කොටස් වශයෙන් සතක් වූ සත්තිස් ප්රභේදගත වූ නෛර්යාණික ධර්මයක් දේශනා කරන ලදද ඒ ධර්මය ඒකාන්තයෙන්ම නෛර්යාණික මාර්ගයට පිළිපන්නහුට සසර දුකින් මිදීම පිණිස වේ. යම් හෙයකින් ඒ ධර්මය කිසියම් ශ්‍රමණයෙක් හෝ -පෙ- බ්‍රාහ්මණයෙක් හෝ නෛර්යාණික ධර්මයයි. දේශිත වූ එයට නෛර්යාණික නොවේයයි දැහැමිව (සෘජුව) අභියෝග කරන්නට සමර්ථයෙක් නැත. මෙය කියන ලද්දේමැයි “විශේෂ ඥානයෙන් සියල්ල අවබෝධ කළ සම්මා සම්බුදුරදුන් විසින් මෙම ධර්මයේ අවබෝධ කරන නොලද්දෝ යයි කිව නොහැක යනු විස්තරය වේ. මෙය මෙසේ යයි තමාගේ දැනීම ප්රහාණය කිරීම් දේශනා විශේෂයෙන් අව්‍යාජ ස්වභාවයෙන් අවබෝධ කිරීමෙන් නොවෙනස් ආකාරයෙන් පැවති භාග්‍යවතුන් වහන්සේගේ චතුර් වෛසාරද ඤාණයන් අව්‍යාජ වේ. වෙනස් වන්නේ නොවේ. මෙසේද තත් වූ ධර්මයන් අවබෝධ කෙරේනුයි භාග්‍යවතුන් වහන්සේ තථාගත වේ.
තථා නිරයගති, තිරච්ඡානගති, පෙතගති, මනුස්සගති, දෙවගතීති පඤ්ච ගතියො, තාසු සඤ්ජීවාදයො අට්ඨ මහානිරයා, කුක්කුළාදයො සොළස උස්සදනිරයා, ලොකන්තරිකනිරයොති සබ්බෙපිමෙ එකන්තදුක්ඛතාය නිරස්සාදට්ඨෙන නිරයා, යථාකම්මුනා ගන්තබ්බතො ගති චාති නිරයගති, තිබ්බන්ධකාරසීතනරකාපි එතෙස්වෙව අන්තොගධා. කිමිකීටසරීසපපක්ඛිසොණසිඞ්ගාලාදයො තිරියං අඤ්ඡිතභාවෙන තිරච්ඡානා, තෙ එව ගතීති තිරච්ඡානගති. ඛුප්පිපාසිතත්තා පරදත්තූපජීවිනිජ්ඣාමතණ්හිකාදයො දුක්ඛබහුලතාය පාකටසුඛතො ඉතා විගතාති පෙතා, තෙ එව ගතීති පෙතගති, කාලකඤ්චිකාදිඅසුරාපි එතෙස්වෙවන්තොගධා. පරිත්තදීපවාසීහි සද්ධිං ජම්බුදීපාදිචතුමහාදීපවාසිනො මනසො උස්සන්නතාය මනුස්සා, තෙ එව ගතීති මනුස්සගති. චාතුමහාරාජිකතො පට්ඨාය යාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගාති ඉමෙ ඡබ්බීසති දෙවනිකායා දිබ්බන්ති අත්තනො ඉද්ධානුභාවෙන කීළන්ති ජොතන්ති චාති දෙවා, තෙ එව ගතීති දෙවගති.
නිරය ගතිය, තිරිසන් ගතිය ප්‍රේත ගතිය මිනිස් ගතිය දේව ගතියයි ගති (උපදනා තැන්) පසෙකි. ඒවා අතර සංජීව ආදී වූ අටමහා නිරයෝය. කුක්කුල ආදී වූ උසස්ද නිරයෝය. ලෝකාන්තරික නිරයෝය මේ සියල්ලම ඒකාන්තයෙන් දුක් ඇති හෙයින් සැප රහිත අර්ථයෙන් නිරයෝ වෙති. මොහුගේ කර්මය යම් පරිදි ද එසේ යා යුතු හෙයින් “ගති” නම් වන්නේනුයි නිරය ගති වේ. අබ්බුද ආදී අසූවක් නරකයෝ ද මේවායෙහිම ලා ඇතුලත් වූවෝ වෙති. තිමි නම් මත්ස්‍යයෝ ද කුඩා ප්‍රාණීහුද උරග පක්ෂි බලු සිවල් ආදීහු හරහට ඇවිදින හෙයින් තිරිසන්නු නම් වෙති. බඩ සය පවස ඇත්තා වූ පරදත්තූපජීවි නිජ්ඣාම තණ්හිත ආදිහු දුක් බහුල බැවින් ප්‍රකට සුවයෙන් පහව ගියෝ බැහැර වූවෝ ප්‍රේතයෝ වෙති. එබඳු ස්වභාව ඇත්තේනුයි “ප්‍රේතගති” වේ. කාලකඤ්ජිකා ආදී වූ අසුරයෝද මෙහිලා ඇතුලත් වූවෝ වෙති. කුඩා දිවයින් වාසීන් සමග දඹදිව ආදී වූ සිව්මහා දිවයින් වැස්සෝ අපාධිගත වූවන් වඩා මනසින් උසස් හෙයින් මිනිස්සු නම් වෙති. එම ස්වභාව ඇත්තේනුයි මනුස්ස ගති වේ. චතුර්මහාරාජිකයෙහි පටන් නේවසඤ්ඤානාසඤ්ඤායතන ගාමින් දක්වා මොවුහු සූවිසි දිව්‍ය සමූහයෝ වෙති. තමාගේ සෘද්ධිමහිමයෙන් ක්‍රීඩා කෙරෙත් සෙල්ලම් කෙරෙත් බැබළෙත්නුයි “දේව” වෙති. එම ස්වභාවය ඇත්තේනුයි “දේවගති” වේ.
තා පනෙතා ගතියො යස්මා තංතංකම්මනිබ්බත්තො උපපත්තිභවවිසෙසො, තස්මා අත්ථතො විපාකක්ඛන්ධා කටත්තා ච රූපං. තත්ථ “අයං නාම ගති ඉමිනා නාම කම්මුනා ජායති, තස්ස ච කම්මස්ස පච්චයවිසෙසෙහි එවං විභාගභින්නත්තා විසුං එතෙ සත්තනිකායා එවං විභාගභින්නා”ති යථාසකං හෙතුඵලවිභාගපරිච්ඡින්දනවසෙන ඨානසො හෙතුසො භගවතො ඤාණං පවත්තති. තෙනාහ භගවා –
ඒ මේ ගතීහු යම් හෙයකින් ඒ ඒ කර්මයන්ගෙන් හටගත් උප්පත්ති භව විශේෂයක් වේද ඒ ඒ විපාක ස්කන්ධයන්ගෙන් කළ හෙයින් රූපී වේ. එහි මේ නම් වූ ගතිය මේ නම් වූ කර්මයෙන් හට ගනී. ඒ කර්මයාගේ විශේෂය හේතු විශේෂයන්ගෙන් මෙසේ යැයි විපාක වශයෙන් වෙන් වූ හෙයින් මේ ගතීන්හි මේ සත්වසමූහයෝ මෙසේ විපාක වශයෙන් වෙන් වූවාහුයයි. තමා පිළිබඳව මෙන් හේතු - ඵල - කොටස් පිරිසිඳීම් (සීමාකොට වෙන් කිරීම) වශයෙන් මුළුමනින්ම භාග්‍යවතුන් වහන්සේගේ ඤාණය පවතී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“පඤ්ච ඛො ඉමා, සාරිපුත්ත, ගතියො. කතමා පඤ්ච? නිරයො, තිරච්ඡානයොනි, පෙත්තිවිසයො, මනුස්සා, දෙවා. නිරයඤ්චාහං, සාරිපුත්ත, පජානාමි නිරයගාමිඤ්ච මග්ගං නිරයගාමිනිඤ්ච පටිපදං, යථා පටිපන්නො ච කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තඤ්ච පජානාමී”තිආදි (ම· නි· 1.153).
ශාරිපුත්‍රයෙනි. මේ ගතීහු පහක් වෙති. කවර නම් පහක්ද? නිරය- තිරිසන්- යෝනිය ප්‍රේත විෂයය. මිනිස් - දේව යනු වෙති. ශාරිපුත්‍රයෙනි, මම නිරයද දනිමි. නිරයගාමී මාර්ගයද දනිමි. නිරයගාමී ප්‍රතිපදාවද දනිමි. යම් පරිදි පිළිපන්නේ කය බිඳී මරණයෙන් පසු සැප රහිත වූ දුගති සංඛ්‍යාත විපත්තිකර වූ අපායෙහි උපදී ද එයද දනිමි ආදී වශයෙනි.
තානි පනෙතානි භගවතො ඤාණානි තස්මිං තස්මිං විසයෙ අවිපරීතාකාරප්පවත්තියා අවිසංවාදනතො තථානි අවිතථානි අනඤ්ඤථානි. එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
භාග්‍යවතුන් වහන්සේගේ ඒ මේ ඤාණයෝ ඒ ඒ විෂයෙහි නොවෙනස් ආකාරයෙන් පවතින හෙයින් අසත්‍ය නොවන හෙයින් සත්‍ය වූයේ වෙයි. අසත්‍ය වූයේ නොවෙයි. නොවෙනස් වූයේ වෙයි. මෙසේද භාග්‍යවතුන් වහන්සේ තථ වූ ධර්මයන් අවබෝධ කළේනුයි තථාගත වේ.
තථා යං සත්තානං සද්ධාදියොගවිකලාවිකලභාවාවබොධනෙන අප්පරජක්ඛමහාරජක්ඛතාදිවිසෙසවිභාවනං පඤ්ඤාසාය ආකාරෙහි පවත්තං භගවතො ඉන්ද්රියපරොපරියත්තඤාණං. වුත්තඤ්හෙතං – “සද්ධො පුග්ගලො අප්පරජක්ඛො, අස්සද්ධො පුග්ගලො මහාරජක්ඛො”ති (පටි· ම· 1.111) විත්ථාරො.
එසේම සත්ත්වයන්ගේ ශ්‍රද්ධාදියෙහි යෙදීම් අඩු වැඩි බැව් අවබෝධයෙන් ස්වල්ප වූ රජස් (කෙලෙස්) ඇති බව හා බොහෝ රජස් ඇති බැව් මෙසෙසින් සැලකීම් සංඛ්‍යාත යම් නුවණක් වීද පනස් අයුරකින් පැවති එය භාග්‍යවතුන් වහන්සේගේ “ඉන්ද්රිය පරොපරියත්ත ඤාණ” යයි මෙසේ කියන ලදි. “ශ්‍රද්ධා සහිත පුද්ගලයා අල්පරජස්ක” වේ. ශ්‍රද්ධා රහිත පුද්ගලයා මහා රජස්ක වේ යනු විස්තරයයි.
යඤ්ච “අයං පුග්ගලො අප්පරජක්ඛො, අයං සස්සතදිට්ඨිකො, අයං උච්ඡෙදදිට්ඨිකො, අයං අනුලොමිකායං ඛන්තියං ඨිතො, අයං යථාභූතඤාණෙ ඨිතො, අයං කාමාසයො, න නෙක්ඛම්මාදිආසයො, අයං නෙක්ඛම්මාසයො, න කාමාදිආසයො”තිආදිනා “ඉමස්ස කාමරාගො අතිවිය ථාමගතො, න පටිඝාදිකො, ඉමස්ස පටිඝො අතිවිය ථාමගතො, න කාමරාගාදිකො”තිආදිනා “ඉමස්ස පුඤ්ඤාභිසඞ්ඛාරො අධිකො, න අපුඤ්ඤාභිසඞ්ඛාරො න ආනෙඤ්ජාභිසඞ්ඛාරො, ඉමස්ස අපුඤ්ඤාභිසඞ්ඛාරො අධිකො, න පුඤ්ඤාභිසඞ්ඛාරො න ආනෙඤ්ජාභිසඞ්ඛාරො, ඉමස්ස ආනෙඤ්ජාභිසඞ්ඛාරො අධිකො, න පුඤ්ඤාභිසඞ්ඛාරො න අපුඤ්ඤාභිසඞ්ඛාරො. ඉමස්ස කායසුචරිතං අධිකං, ඉමස්ස වචීසුචරිතං, ඉමස්ස මනොසුචරිතං, අයං හීනාධිමුත්තිකො, අයං පණීතාධිමුත්තිකො, අයං කම්මාවරණෙන සමන්නාගතො, අයං කිලෙසාවරණෙන සමන්නාගතො, අයං විපාකාවරණෙන සමන්නාගතො, අයං න කම්මාවරණෙන සමන්නාගතො, න කිලෙසාවරණෙන සමන්නාගතො, න විපාකාවරණෙන සමන්නාගතො”තිආදිනා ච සත්තානං ආසයාදීනං යථාභූතං විභාවනාකාරප්පවත්තං භගවතො ආසයානුසයඤාණං.
යම්හෙයකින් මේ පුද්ගල තෙමේ අල්ප වූ රජස් ඇත්තේ ශාස්වතදෘෂ්ටි ඇත්තේය. මෙතෙම උච්ඡේද දෘෂ්ටි ඇත්තේය. මෙතෙමේ පිළිවෙලින් ක්ෂාන්තියෙහි පිහිටියේය. මෙතෙමේ සත්‍ය ඤාණයෙහි පිහිටියේය. මෙතෙමේ කාමී හැඟීම් ඇත්තේය. නික්මීමේ හැඟීම් ආදිය නැත්තේය. මෙතෙම නික්මීමේ හැඟීම් ඇත්තේය. කාමී හැඟීම් ආදිය නැත්තේය ආදී වශයෙන් ද, මොහුගේ කාමරාග අතිශයින් බලවත් විය. කෝපය එසේ නොවීය. මොහුගේ කෝපය අතිශයින්ම බලවත් විය. කාම රාගය එසේ නොවෙයි ආදී වශයෙන් ද මොහුගේ පුණ්යාභිසංස්කාරයෝ අධිකයහ. අපුණ්‍යාභි සංස්කාරයෝ එසේ නොවේ. ආනෙඤ්ජාභි සංස්කාරයෝද එසේ නොවේ. මොහුගේ අපුණ්‍යාභි සංස්කාරයෝ අධිකයහ. පුණ්යාභිසංස්කාරයෝ එසේ නොවේ. ආනෙඤ්ජාභි සංස්කාරයෝද එසේ නොවේ. මොහුගේ ආනෙඤ්ජාභි සංස්කාරයෝද අධිකයහ. පුණ්යාභිසංස්කාරයෝ එසේ නොවේ. අපුණ්යාභිසංස්කාරයෝ එසේ නොවේ. මොහුගේ කාය සුචරිතය අධිකය. මොහුගේ වචී සුචරිතය අධිකය. මොහුගේ මනෝ සුචරිතය අධිකය. මෙතෙම උසස් අධිෂ්ඨාන ඇත්තෙකි. මෙතෙම පහත් අධිෂ්ඨාන ඇත්තෙකි. මෙතෙම කර්මාවාරණයෙන් යුත් අයෙකි. මෙතෙම ක්ලේශාවරණයෙන් යුත් අයෙකි. විපාකාවරණයෙන් යුත් අයෙක් නොවේ. මෙතෙම කර්මාවරණයෙන් යුත් අයෙක් නොවේ. ක්ලේශාවරණයෙන් යුත් අයෙක් නොවේ. විපාකාවරණයෙන් ද යුත් අයෙක් නොවේ ආදී වශයෙන් ද සත්ත්වයන්ගේ සිතේ පවත්නා ස්වභාවයෙන් තත් වූ පරිදි පැහැදිලි කිරීමෙහි පැවති භාග්‍යවතුන් වහන්සේගේ ආසයානුසය ඤාණය වේ.
යං සන්ධාය වුත්තං – “ඉධ තථාගතො සත්තානං ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත්තිං ජානාති, භබ්බාභබ්බෙ සත්තෙ ජානාතී”තිආදි (පටි· ම· 1.113).
“මෙහිලා තථාගතයන් වහන්සේ සත්ත්වයන්ගේ සිතේ පැවැත්ම දනී. සිතේ පවත්නා අප්‍රකට ස්වභාවයන් දනී. චරිතය දනී. අධිෂ්ඨානයද දනී. භව්‍ය අභව්‍ය සත්ත්වයන් දනී යයි ආදිය යමක් මුල්කොට කියන ලද්ද (ඒ මේ ඤාණය වේ)
යඤ්ච උපරිමහෙට්ඨිමපුරිමපච්ඡිමකායෙහි දක්ඛිණවාමඅක්ඛිකණ්ණසොතනාසිකසොතඅංසකූටහත්ථපාදෙහි අඞ්ගුලිඅඞ්ගුලන්තරෙහි ලොමකූපෙහි ච අග්ගික්ඛන්ධූදකධාරාපවත්තනං අනඤ්ඤසාධාරණං විවිධවිකුබ්බනිද්ධිනිම්මාපනකං භගවතො යමකපාටිහාරියඤාණං.
උඩ, යට, පෙර, පසු ශරීරයන්ගෙන් දකුණු - වම් ඇස කන නැහැය උරහිස අත්පස පාදයන්ගෙන් ඇඟිලි අතරතින් රෝම කූපයන්ගෙන් ද ගිනි කඳ දිය දහරා පැවැත්වීම් සංඛ්‍යාත අනිකෙකුට සාධාරණ නොවූ විවිධ වූ සෘද්ධිමය මවාපෑම් සිදු කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ යම් යමක මහා පාටිහාරිය ඤාණය වේ.
යං සන්ධාය වුත්තං – “ඉධ තථාගතො යමකපාටිහාරියං කරොති අසාධාරණං සාවකෙහි, උපරිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, හෙට්ඨිමකායතො උදකධාරා පවත්තති. හෙට්ඨිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, උපරිමකායතො උදකධාරා පවත්තතී”තිආදි (පටි· ම· 1.116).
“මෙහිලා තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට සාධාරණ නොවූ උඩු ශරීරයෙන් ගිනි කඳක් පවත්වයි. යට කයින් දිය දහරාවක් පවත්වයි. යට කයින් ගිනි කඳක් පවත්වයි. උඩ කයින් ජල දහරාවක් පවත්වයි යයි ආදී යමක් මුල් කොට කියන ලදද (ඒ මේ ඤාණය වේ).
යඤ්ච රාගාදීහි ජාතිආදීහි ච අනෙකෙහි දුක්ඛධම්මෙහි උපද්දුතං සත්තනිකායං තතො නීහරිතුකාමතාවසෙන නානානයෙහි පවත්තස්ස භගවතො මහාකරුණොක්කමනස්ස පච්චයභූතං මහාකරුණාසමාපත්තිඤාණං. යථාහ (පටි· ම· 1.117-118) –
රාග ආදි වූ ද ජාති ආදී වූ නොයෙක් දුක්ඛයන්ගෙන් උවදුරට පත් සත්ත්ව සමූහයා ඉන් බැහැර කිරීම් වශයෙන් නොයෙක් අයුරින් පැවති, භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාවට බැස ගැන්මට හේතු වූ යම් මහා කරුණා සමාපත්ති ඤාණයක් වේ. යම් පරිද්දකින් කියන ලදද? -
“කතමං තථාගතස්ස මහාකරුණාසමාපත්තියා ඤාණං? බහුකෙහි ආකාරෙහි පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති, ආදිත්තො ලොකසන්නිවාසොති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. උය්යුත්තො, පයාතො, කුම්මග්ගප්පටිපන්නො, උපනීයති ලොකො අද්ධුවො, අතාණො ලොකො අනභිස්සරො , අස්සකො ලොකො, සබ්බං පහාය ගමනීයං, ඌනො ලොකො අතිත්තො තණ්හාදාසොති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති.
තථාගතයන් වහන්සේ මහා කරුණා සමාපත්ති ඤාණය කවරීද? විවිධාකාරයෙන් බලන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ඤාණය සත්ත්වයන් වෙත බැස ගනීද ලොව හා එක්ව විසීම ගිනි ගන්නකැයි දක්නා වූ භාග්‍යවත් බුදුරදුන් වහන්සේලාගේ මහා කරුණා ඤාණය සත්ත්වයන් වෙත බැස ගනීද උත්සාහී වූ ඉදිරියට යන නොමගට පිළිපන් ලෝකයා සදාකාලික නොවන්නේ ඉදිරියට පමුණුවන්නේ වේ. රැකවරණ රහිත වූ ලෝකයා ආත්ම ප්‍රභූත්වයෙන් තොර වූයේ වේ. ලෝකයා සරණ රහිතය. ලෝකයා සියල්ල හැර යා යුතුය. ලෝකයා අසම්පූර්ණය. අතෘප්තිමත්ය. තෘෂ්ණාවෙහි දාසයෙක් වූයේ යැයි දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ඤාණය සත්ත්වයන් වෙත බැසගනීද
“අතායනො ලොකසන්නිවාසො, අලෙණො, අසරණො, අසරණීභූතො. උද්ධතො ලොකො අවූපසන්තො, සසල්ලො ලොකසන්නිවාසො විද්ධො පුථුසල්ලෙහි, අවිජ්ජන්ධකාරාවරණො කිලෙසපඤ්ජරපක්ඛිත්තො, අවිජ්ජාගතො ලොකසන්නිවාසො අණ්ඩභූතො පරියොනද්ධො තන්තාකුලකජාතො කුලගුණ්ඩිකජාතො මුඤ්ජපබ්බජභූතො අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති, අවිජ්ජාවිසදොසසංලිත්තො, කිලෙසකලලීභූතො, රාගදොසමොහජටාජටිතො.
රැකවරණ රහිත වූ ලොව වාසය කිරීම පිහිටක් නැත්තේය. අසරණය අසරණ වූයේය. නොසන්සුන් වූ ලෝක සන්සිඳුනේ නොවේ. පීඩා සහිතය. ලොව වාසය කිරීම බොහෝ හී වලින් විදුනා ලද්දේය. අවිද්‍යාව නමැති ආවරණයෙන් වැසී ගත්තේය. කෙලෙස් නමැති මැදිරියෙහි බහාලන ලද්දේය. අවිද්‍යාවෙන් පැමිණියේය. ලෝක වාසය අන්ධ වූයේය. වෙලන ලද්දේය. නූල් රුසක් මෙන් අවුල් වූයේය. මුජු (බට වැනි තෘණ වර්ගයක්) සැවැන්න මෙන් වූයේය. සැප රහිත වූ නපුරු පැවැත්ම ඇති පහතට හෙලන්නා වූ සසර නොඉක්ම වන්නේයයි දක්නා වූ (බුදුරජාණන් වහන්සේලාගේ යම් ඤාණයක් පවතීද) (ලෝවැසි තෙමේ) අවිද්‍යාවෙන් අපිරිසිදු වූයේය. කෙලෙස්වලින් මඩ වූයේය. රාග දෝස මෝහ නමැති ගැටවලින් ගැට ගැසුනේය.
“තණ්හාසඞ්ඝාටපටිමුක්කො, තණ්හාජාලෙන ඔත්ථටො, තණ්හාසොතෙන වුය්හති, තණ්හාසඤ්ඤොජනෙන සංයුත්තො, තණ්හානුසයෙන අනුසටො, තණ්හාසන්තාපෙන සන්තප්පති, තණ්හාපරිළාහෙන පරිඩය්හති.
තෘෂ්ණාව නමැති බැඳීම් වලින් සන්නද්ධ වූයේය. තෘෂ්ණා නමැති දැලෙන් වෙලනා ලද්දේය. තෘෂ්ණා නමැති දිය පහරින් උසුලන්නේය. තෘෂ්ණාව නමැති සංයෝජනයන්ගෙන් යුක්ත වූයේය. තෘෂ්ණාව නැමති අනුසයන්ගෙන් විසුරුවන ලද්දේය. තෘෂ්ණාව නැමති තැවිලියෙන් තවයි. තෘෂ්ණා නැමති දැවීමෙන් දවනු ලබයි.
“දිට්ඨිසඞ්ඝාටපටිමුක්කො, දිට්ඨිජාලෙන ඔත්ථටො, දිට්ඨිසොතෙන වුය්හති, දිට්ඨිසඤ්ඤොජනෙන සංයුත්තො, දිට්ඨානුසයෙන අනුසටො, දිට්ඨිසන්තාපෙන සන්තප්පති, දිට්ඨිපරිළාහෙන පරිඩය්හති.
දෘෂ්ටි නැමති බැඳීම්වලින් බැඳුනේය. අෂ්ටි නැමති දැලෙන් වෙළනා ලද්දේය. දෘෂ්ටි නැමති දිය පහරින් උසුලන ලද්දේය. දෘෂ්ටි නැමති සංයෝජනයන්ගෙන් යුක්ත වූයේය. දෘෂ්ටි නැමති අනුසයන්ගෙන් විසුරුවන ලද්දේය. දෘෂ්ටි නැමති තැවිලියෙන් තවයි. දෘෂ්ටි නැමති දැවීමෙන් දවනු ලබයි.
“ජාතියා අනුගතො, ජරාය අනුසටො, බ්යාධිනා අභිභූතො, මරණෙන අබ්භාහතො, දුක්ඛෙ පතිට්ඨිතො.
(ලෝ වැසි තෙමේ) ජාතියෙන් විසුරුවන ලද්දේය. ජරාවෙන් විසුරුවන ලද්දේය. ව්‍යාධියෙන් මඬනා ලද්දේය. මරණයෙන් පහර දෙන ලද්දේය. දුකෙහි පිහිටන ලද්දේය.
“තණ්හාය උඩ්ඩිතො, ජරාපාකාරපරික්ඛිත්තො, මච්චුපාසෙන පරික්ඛිත්තො, මහාබන්ධනබද්ධො, රාගබන්ධනෙන දොසමොහමානදිට්ඨිකිලෙසදුච්චරිතබන්ධනෙන බද්ධො, මහාසම්බාධප්පටිපන්නො, මහාපලිබොධෙන පලිබුද්ධො, මහාපපාතෙ පතිතො, මහාකන්තාරප්පටිපන්නො, මහාසංසාරප්පටිපන්නො, මහාවිදුග්ගෙ සම්පරිවත්තති, මහාපලිපෙ පලිපන්නො.
තෘෂ්ණාවෙන් එල්ලන ලද්දේය. ජරා නැමති පවුරෙන් වටකරන ලද්දේය. මරණය නැමති පුඩුවෙන් වට කරන ලද්දේය. මහත් වූ බැම්මකින් බඳනා ලද්දේය. රාග මෝහ මාන දිට්ඨි කෙලෙස් දුශ්චරිත නම් වූ බැමිවලින් බඳනා ලද්දේය. මහත් වූ ගැහැටට පිළිපන්නේය. මහත් වූ පීඩාවෙන් පීඩාවට පත් වූයේය. මහත් වූ ප්‍රපාතයෙහි වැටුණේය. මහත් වූ කතරකට පිළිපන්නේය.
“අබ්භාහතො ලොකසන්නිවාසො, ආදිත්තො ලොකසන්නිවාසො රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, උන්නීතකො ලොකසන්නිවාසො හඤ්ඤති නිච්චමතාණො පත්තදණ්ඩො තක්කරො, වජ්ජබන්ධනබද්ධො ආඝාතනපච්චුපට්ඨිතො, අනාථො ලොකසන්නිවාසො පරමකාරුඤ්ඤප්පත්තො, දුක්ඛාභිතුන්නො චිරරත්තං පීළිතො, ගධිතො නිච්චං පිපාසිතො.
ලොව වාසය කිරීම මහත් වූ පීඩාවකට පිවිසීමකි. මඩනා ලද්දේ වෙයි. ලොව විසීම රාග නැමති ගින්නෙන් ද දෝසය නැමති ගින්නෙන් ද මෝහය නැමති ගින්නෙන් ද ඉපදීමෙන් ජරාවට පත් වීමෙන් මරණයන්ගෙන් සෝකයන්ගෙන් වැලපීම්වලින් දුකෙන් දෝමනස්සයන්ගෙන් උපායාසයන්ගෙන් උවදුරට පත් වූයේ වෙයි. ලොව වාසය කිරීම නිරතුරුවම පිළිසරණක් නැත්තේ දඬුවමට පත් වූයේ පැවති පීඩා ඇත්තේ වද බැඳීම්වලින් බඳනා ලද්දේ එළඹ සිටි නැසීම් ඇත්තේය. ලොව වාසය කිරීම අසරණ වූයේ අතිශයින් කරුණාව ලද යුතු බවට පත් වූයේ දුකින් මැඩලූයේ බොහෝ කලක් පීඩාවට පත් වූයේ අතිශයින් පීඩාවට පත් වූයේ නිරතුරුව පවසින් පීඩාවට පත් වූයේ
“අන්ධො අචක්ඛුකො, හතනෙත්තො අපරිණායකො, විපථපක්ඛන්දො අඤ්ජසාපරද්ධො, මහොඝපක්ඛන්දො.
අන්ධ වූයේ ඇස් නැති වූයේ නසන ලද නෙත් ඇත්තේ නායකයෙක් නැත්තේ නොමගට පිළිපන්නේ වරදවාගත් මාර්ග ඇත්තේ මහත් වූ සැඩ පහරට පැමිණුනේ
“ද්වීහි දිට්ඨිගතෙහි පරියුට්ඨිතො, තීහි දුච්චරිතෙහි විප්පටිපන්නො, චතූහි යොගෙහි යොජිතො, චතූහි ගන්ථෙහි ගන්ථිතො, චතූහි උපාදානෙහි උපාදියති, පඤ්චගතිසමාරුළ්හො, පඤ්චහි කාමගුණෙහි රජ්ජති, පඤ්චහි නීවරණෙහි ඔත්ථටො, ඡහි විවාදමූලෙහි විවදති, ඡහි තණ්හාකායෙහි රජ්ජති, ඡහි දිට්ඨිගතෙහි පරියුට්ඨිතො, සත්තහි අනුසයෙහි අනුසටො, සත්තහි සඤ්ඤොජනෙහි සංයුත්තො, සත්තහි මානෙහි උන්නතො, අට්ඨහි ලොකධම්මෙහි සම්පරිවත්තති, අට්ඨහි මිච්ඡත්තෙහි නිය්යාතො, අට්ඨහි පුරිසදොසෙහි දුස්සති, නවහි ආඝාතවත්ථූහි ආඝාතිතො, නවවිධමානෙහි උන්නතො, නවහි තණ්හාමූලකෙහි ධම්මෙහි රජ්ජති, දසහි කිලෙසවත්ථූහි කිලිස්සති, දසහි ආඝාතවත්ථූහි ආඝාතිතො, දසහි අකුසලකම්මපථෙහි සමන්නාගතො, දසහි සංයොජනෙහි සංයුත්තො, දසහි මිච්ඡත්තෙහි නිය්යාතො, දසවත්ථුකාය මිච්ඡාදිට්ඨියා සමන්නාගතො, දසවත්ථුකාය අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො, අට්ඨසතතණ්හාපපඤ්චෙහි පපඤ්චිතො, ද්වාසට්ඨියා දිට්ඨිගතෙහි පරියුට්ඨිතො, ලොකසන්නිවාසොති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති.
දෘෂ්ටි ගතින් මෙහෙයවන ලද්දේ ත්‍රිවිධ දුෂ්චරිතයෙන් නොමගට පිළිපන්නේ සිව්වැදෑරුම් යෝගයන්ගෙන් යොදවන ලද්දේ සිව්වැදෑරුම් ගැටවලින් ගැටලන ලද්දේ සතර උපාදානයන්ගෙන් ගනු ලබයි. පස් වැදෑරුම් ගතීන්ට නැගුනේ පස්කම් ගුණයන්ගෙන් ඇලෙයි. නීවරණ පහෙන් මඬනා ලද්දේ සවැදෑරුම් විවාද මූලයන්ගෙන් වාද කරයි. සවැදෑරුම් තෘෂ්ණා කායයන්ගෙන් ඇලෙයි. සවැදෑරුම් දෘෂ්ටීන්ගෙන් මඬනා ලද්දේ සත්වැදෑරුම් රාගාදී අනුසයන්ගෙන් විසුරුවන ලද්දේ සත්වැදෑරුම් සංයෝජනයන්ගෙන් යුක්ත වයේ සත්වැදෑරුම් මානයන්ගෙන් උදම් වූයේ අෂ්ට ලෝක ධර්මයන්ගෙන් පෙරළෙයි. අටවැදෑරුම් මිථ්‍යාවන්ගෙන් පමුණුවනු ලබයි. අටවැදෑරුම් පුරුෂ දෝෂයන්ගෙන් දූෂණය වේ. නව වැදෑරුම් ආඝාත වස්තූන්ගෙන් ක්‍රෝධ සහගත වූයේ නවවැදෑරුම් මානයන්ගෙන් උඩඟු වූයේ නව වැදෑරුම් තෘෂ්ණාමූලික ධර්මයන්ගෙන් ඇලෙයි. දසවැදෑරුම් ක්ලේශ වස්තූන්ගෙන් කිලිටි වෙයි. දස කුසල කර්මපථයන්ගෙන් යුක්ත වූයේ දස සංයෝජනයන්ගෙන් යුක්ත වූයේ දස මිථ්‍යාවන්ගෙන් යුක්ත වූයේ දස මිථ්‍යාවන්ගෙන් මෙහෙයවන ලද්දේ දස වස්තුක මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූයේ අටසියයක් තෘෂ්ණාන ප්‍රපංචයන්ගෙන් ප්රමාදී වූයේ දෙසැටක් දුෂ්ටීන්ගෙන් මඩනා ලෝකවාසී තෙමේ මඩනා ලද්දේ යයි දක්නා වූ භාග්‍යවත් බුදුරදුන් වහන්සේලාගේ මහා කරුණා ඤාණය සත්ත්වයන් කෙරෙහි බැසගනී.
“අහඤ්චම්හි තිණ්ණො, ලොකො ච අතිණ්ණො. අහඤ්චම්හි මුත්තො, ලොකො ච අමුත්තො. අහඤ්චම්හි දන්තො, ලොකො ච අදන්තො. අහඤ්චම්හි සන්තො, ලොකො ච අසන්තො. අහඤ්චම්හි අස්සත්ථො, ලොකො ච අනස්සත්ථො. අහඤ්චම්හි පරිනිබ්බුතො, ලොකො ච අපරිනිබ්බුතො. පහොමි ඛ්වාහං තිණ්ණො තාරෙතුං, මුත්තො මොචෙතුං, දන්තො දමෙතුං, සන්තො සමෙතුං, අස්සත්ථො අස්සාසෙතුං, පරිනිබ්බුතො පරිනිබ්බාපෙතුන්ති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමතී”ති (පටි· ම· 1.117-118).
මම සතර තරණය කරන ලද්දේ වෙමි. ලෝකයා තරණය කළේ නොවෙමි. මම මිදුනේ වෙමි. ලෝකයා නොමිදුනේ වෙයි. මම දැමුනේ වෙමි. ලෝකයා දැමුනේ නොවෙයි. මම සන්සිඳුනේ වෙයි. ලෝකයා සන්සිඳුනේ නොවෙයි. මම සැනසුනේ වෙමි. ලෝකයා නොසැනසුනේ වෙයි. මම පිරිනිවියේ වෙමි. ලෝකයා නොපිරිනිවියේ වෙයි. සසර තරණය කළ මම ලෝකයා තරණය කරවීමට පොහොසත් වෙමි. මිදුනා වූ මම මුදවන්නටද දැමුනා වූ මම දමනය කරන්නටද සන්සිඳුනා වූ මම සන්සිඳුවන්නටද සැනසුනා වූ මම සනසවන්නටද පිරිනිවියා වූ මම අන්‍යයන් පිරිනිවන්නටද පොහොසත් වෙමියි දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා මහා කරුණා ඤාණය සත්ත්වයන් කෙරෙහි බැස ගනී යයි
එවං එකූනනවුතියා ආකාරෙහි විභජනං කතං.
මෙසේ අනූ එක් ආකාරයෙන් බෙදීම කරන ලදි.
යං පන යාවතා ධම්මධාතුයා යත්තකං ඤාතබ්බං සඞ්ඛතාසඞ්ඛතාදිකස්ස සබ්බස්ස පරොපදෙසනිරපෙක්ඛං සබ්බාකාරෙන පටිවිජ්ඣනසමත්ථං ආකඞ්ඛමත්තප්පටිබද්ධවුත්තිඅනඤ්ඤසාධාරණං භගවතො ඤාණං සබ්බථා අනවසෙසසඞ්ඛතාසඞ්ඛතසම්මුතිසච්චාවබොධතො සබ්බඤ්ඤුතඤ්ඤාණං තත්ථාවරණාභාවතො නිස්සඞ්ගප්පවත්තිමුපාදාය අනාවරණඤාණන්ති වුච්චති. එකමෙව හි තං ඤාණං විසයප්පවත්තිමුඛෙන අඤ්ඤෙහි අසාධාරණභාවදස්සනත්ථං දුවිධෙන උද්දිට්ඨං. අඤ්ඤථා සබ්බඤ්ඤුතානාවරණඤාණානං සාධාරණතා සබ්බවිසයතා ආපජ්ජෙය්යුං, න ච තං යුත්තං කිඤ්චාපි ඉමාය යුත්තියා. අයඤ්හෙත්ථ පාළි –
භාග්‍යවතුන් වහන්සේට යම්තාක් ධර්ම ධාතූන් පිළිබඳ යම් පමණ දතයුතුද සංස්කෘත අසංස්කෘත ආදී සියල්ල පිළිබඳව උනුන් ගැන අපේක්ෂා රහිතව හැම පරිද්දෙන් අවබෝධ කිරීමට සමර්ථ වූ කැමති වූ පමණකින් පිළිබඳ පැවැත්ම දක්නා වූ අනිකෙකුට සාධාරණ නොවූ යම් ඤාණයක් වේද (එය) හැම පරිද්දෙන්ම මුළුමනින් සංස්කෘත අසංස්කෘත යයි පිළිගැන්මට ලක් වූ යමක් වේද ඒ සත්‍යාවබෝධයෙන් ලබා ගත් සර්වඥතා ඥානය වේ. එහි ඇවිරීමක් නොමැති හෙයින් නිසඟව පැවැත්මට හේතුකොටගෙන අනාවරණ ඤාණය යයි කියනු ලබයි. එකක්ම වූ එම ඤාණය විෂයගතව පැවතීමේ යොමුවෙන් අන්‍යයන් හා සාධාරණ නොවන බව දැක්වීම් වශයෙන් දෙයාකාරයෙන්ම දක්වන ලදි. අන්පරිද්දකින් සර්වඥතා ඤාණය හා අනාවරණ ඤාණය යන මේවායේ අසාධාරණ බවද සියළු විෂයගත බවද පැමිණේ නම් එහි සුදුසු නොවේ. එසේ වුවද මේ යෙදීමෙහි, පෙළ මෙසේ වේ මැයි -
“සබ්බං සඞ්ඛතමසඞ්ඛතං අනවසෙසං ජානාතීති සබ්බඤ්ඤුතඤ්ඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං. අතීතං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤ්ඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං. අනාගතං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤ්ඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං. පච්චුප්පන්නං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤ්ඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණ”න්ති (පටි· ම· 1.119-120) විත්ථාරො.
සියළු සංස්කෘත අසංස්කෘතයන් මුළුමනින්ම දනීනුයි සර්වඥතා ඤාණය වේ. එහි බාධාවක් නැත්තේනුයි අනාවරණ ඤාණය වේ. ඉක්මුණා වූ සියල්ල දනීනුයි සර්වඥතා ඤාණය වේ. එහි බාධාවක් නැත්තේ නුයි අනාවරණ ඤාණය වේ. අනාගතයෙහි හා වර්තමානයෙහි සියල්ල දනීනුයි සර්වඥතා ඤාණය වේ. එහි බාධාවක් නැත්තේනුයි අනාවරණ ඤාණය වේ. යනු විස්තරය වේ.
එවමෙතානි භගවතො ඡඅසාධාරණඤාණානි අවිපරීතාකාරප්පවත්තියා යථාසකවිසයස්ස අවිසංවාදනතො තථානි අවිතථානි අනඤ්ඤථානි. එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ අසාධාරණ ඤාණ සය නොවෙනස් ආකාරයෙන් පැවැත්මෙන් යම් සේ සිය විෂයය නොගැලපෙන පරිදි නොවදාරන හෙයින් සත්‍ය වේ අසත්‍ය නොවේ - නොවෙනස් වේ. මෙසේ ද භාග්‍යවතුන් වහන්සේ සත්‍ය වූ ධර්මයන් අවබෝධ කළේනුයි තථාගත වේ.
තථා –
එසේම
“සත්තිමෙ, භික්ඛවෙ, බොජ්ඣඞ්ගා – සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, වීරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො”ති (පටි· ම· 2.17; සං· නි· 5.185) එවං සරූපතො, “යායං ලොකුත්තරමග්ගක්ඛණෙ උප්පජ්ජමානා ලීනුද්ධච්චපතිට්ඨානායූහනකාමසුඛල්ලිකත්තකිලමථානුයොගඋච්ඡෙදසස්සතාභිනිවෙසාදීනං අනෙකෙසං උපද්දවානං පටිපක්ඛභූතා සතිආදිභෙදා ධම්මසාමග්ගී, යාය අරියසාවකො බුජ්ඣති කිලෙසනිද්දාය උට්ඨහති, චත්තාරි වා අරියසච්චානි පටිවිජ්ඣති, නිබ්බානමෙව වා සච්ඡිකරොතීති, සා ධම්මසාමග්ගී බොධීති වුච්චති. තස්සා ‘බොධියා අඞ්ගාති බොජ්ඣඞ්ගා, අරියසාවකො වා යථාවුත්තාය ධම්මසාමග්ගියා බුජ්ඣතීති කත්වා බොධීති වුච්චති, තස්ස බොධිස්ස අඞ්ගාතිපි බොජ්ඣඞ්ගා”ති එවං සාමඤ්ඤලක්ඛණතො. “උපට්ඨානලක්ඛණො සතිසම්බොජ්ඣඞ්ගො, පවිචයලක්ඛණො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, පග්ගහලක්ඛණො වීරියසම්බොජ්ඣඞ්ගො, ඵරණලක්ඛණො පීතිසම්බොජ්ඣඞ්ගො, උපසමලක්ඛණො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, අවික්ඛෙපලක්ඛණො සමාධිසම්බොජ්ඣඞ්ගො, පටිසඞ්ඛානලක්ඛණො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො”ති එවං විසෙසලක්ඛණතො.
“මහණෙනි, මේ බෝධ්‍යංගයෝ සතක් වෙති. සති සම්බෝධි අංගය ධම්මවිචය සම්බෝධ්යංගය වීරිය සම්බෝධ්යංගය, පීති සම්බෝධ්යංගය, පස්සද්ධි සම්බෝධ්යංගය, සමාධි සම්බෝධ්යංගය, උපේක්ෂා සම්බෝධ්යංගය යනුවෙනි. මේ ආකාරයෙන් - ලෝකෝත්තර මාර්ග ක්ෂණයෙහි උපදිනු ලබන සැඟවුනු - ප්‍රකට වුන පිහිටීම් ඇති රැස් කිරීම් යන ස්වභාවයන්ගෙන් යුත් කාමසුඛල්ලිකානුයෝගය. අත්තකිලමථානු යෝගය. උච්ඡේද ශාස්වත යන දෘෂ්ටීන් හා ආශා කිරීම් ආදී නොයෙක් උපද්‍රවයන්ට විරුද්ධ වූ සති ආදී වශයෙන් කොටස් වූ යම් මේ ධර්ම සමූහයක් වේද? ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ යමක් කරණ කොටගෙන සත්‍ය අවබෝධ කෙරේද කෙලෙස් නින්දෙන් නැගී සිටීද චතුරාර්ය සත්‍යය අවබේධ කෙරේද නිවනම හෝ ප්රත්යක්ෂ කෙරේද ඒ ධර්ම සමූහයා තොමෝ බෝධි යයි කියනු ලැබේ. ඒ බෝධියෙහි අංගයෝනුයි “බොජ්ඣංග” වෙති. ආර්ය ශ්රාවකයා හෝ යට කියන ලද ධර්ම සමූහය කරණකොටගෙන අවබෝධ කෙරේනුයි “බෝධි” යයි කියනු ලැබේ. ඒ බෝධියේ අංගයන් යනුවෙන්ද “බොජ්ඣංග” නම් වේ. මෙසේ සාමාන්‍ය ලක්ෂණ වශයෙන් වැටහීමේ ලක්ෂණ සතිබෝධ්යංග වේ. විමසීම් ලක්ෂණය ධම්ම විචය බෝධ්‍යංගය වේ. උත්සාහී ලක්ෂණය විරිය බෝධ්‍යංගය වේ. පැතිරී සිටීමේ ලක්ෂණය ප්‍රීති බෝධ්‍යංගය වේ. සන්සිඳීමේ ලක්ෂණය පස්සද්ධි බෝධ්‍යංගය වේ. නොසසල ලක්ෂණය සමාධි බෝධ්‍යංගය වේ. නුවණින් සලකා බැලීමේ ලක්ෂණය උපේක්ෂා බෝධ්‍යංගය වේ. යනුවෙනි. විශේෂ ලක්ෂණ වශයෙන්,
“තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො? ඉධ, භික්ඛු , සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො, චිරකතම්පි චිරභාසිතම්පි සරිතා හොති අනුස්සරිතා”තිආදිනා (විභ· 467) සත්තන්නං බොජ්ඣඞ්ගානං අඤ්ඤමඤ්ඤොපකාරවසෙන එකක්ඛණෙ පවත්තිදස්සනතො, “තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො? අත්ථි අජ්ඣත්තං, භික්ඛවෙ, ධම්මෙසු සති, අත්ථි බහිද්ධා ධම්මෙසු සතී”තිආදිනා තෙසං විසයවිභාගෙන පවත්තිදස්සනතො. “තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමි”න්තිආදිනා (විභ· 471) භාවනාවිධිදස්සනතො. “තත්ථ කතමෙ සත්ත බොජ්ඣඞ්ගා? ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති…පෙ… තස්මිං සමයෙ සත්ත බොජ්ඣඞ්ගා හොන්ති සතිසම්බොජ්ඣඞ්ගො…පෙ… උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො? යා සති…පෙ… අනුස්සතී”තිආදිනා (විභ· 478-479) ඡන්නවුතියා නයසහස්සවිභාගෙහීති එවං නානාකාරතො පවත්තානි භගවතො සම්බොජ්ඣඞ්ගවිභාවනඤාණානි තස්ස තස්ස අත්ථස්ස අවිසංවාදනතො තථානි අවිතථානි අනඤ්ඤථානි. එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
එහි ලා සති සම්බෝධ්යංග නම් කවරීද? මේ ශාසනයෙහි භික්ෂුව සිහි ඇත්තේ වෙයි. උසස්ම නුවණැති බවින් යුක්ත වූයේ වෙයි. කලකට පෙර කළ දෙයද කලකට පෙර කී දෙයද සිහි කරන්නේ වෙයි. නැවත සිහි කරන්නේ වෙයි. ආදී ක්‍රමයෙන් සප්ත බෝධ්‍යංගයන් එකිනෙක සහය ලෙස එක් ඇසිල්ලක්හිදී පැවැත්මට දැකීම වශයෙන් වේ. එහි සති සම්බෝධ්යංගය කවරීද? ආධ්‍යාත්මික ධර්මයන්හි සිහිය ඇත. බාහිර ධර්මයන්හි සිහිය ඇතැයි ආදී ක්‍රමයෙන් ඔවුන්ගේ ගෝචර විෂයය සැලකීමෙන් පැවැත්ම දැකීමෙන් වේ. එහි සති සම්බෝධ්යංගය කවරීද? මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ අත් හැරීමට මුහුකුරා යෑම කොට ඇති සති සම්බෝධ්යංගය වඩයි. ආදී වශයෙන් භාවනා විධිය දැකීමෙන් වේ. එහි සප්ත බෝධ්‍යංගයෝ කවරහුද? මේ ශාසනයෙහි භික්ෂුව යම් සමයයෙක්හි ලෝකෝත්තර ධ්‍යාන වඩයිද -පෙ- එකල්හි සප්ත බෝධ්‍යංගයෝ වෙති. සති සම්බෝධ්යංගය -පෙ- උපේක්ෂා සම්බෝධ්යංගය යනුවෙනි. එහි සති සම්බෝධ්යංගය කවරීද? යම් සිහියක් -පෙ- අනුස්සතියක් ආදී වශයෙන් සානු දහසක් පිළිවෙලින් යයි. මෙසේ නන් අයුරින් පැවති, භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධ්යංගයන් ප්‍රකට කරවන ඤාණයන් ඒ ඒ අරුත් අසත්‍ය නොවන පරිදි දක්වන හෙයින් සත්‍ය වූයේ අසත්‍ය නොවූයේ නොවෙනස් වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ සත්‍ය වූ ධර්මයන් අවබෝධ කළේනුයි තථාගත නම් වේ.
තථා –
එසේම
“තත්ථ කතමං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං, සම්මාදිට්ඨි…පෙ… සම්මාසමාධී”ති (විභ· 205) එවං සරූපතො. සබ්බකිලෙසෙහි ආරකත්තා අරියභාවකරත්තා අරියඵලප්පටිලාභකරත්තා ච අරියො, අට්ඨවිධත්තා නිබ්බානාධිගමාය එකන්තකාරණත්තා ච අට්ඨඞ්ගිකො. කිලෙසෙ මාරෙන්තො ගච්ඡති, නිබ්බානත්ථිකෙහි මග්ගීයති, සයං වා නිබ්බානං මග්ගතීති මග්ගොති එවං සාමඤ්ඤලක්ඛණතො. “සම්මා දස්සනලක්ඛණා සම්මාදිට්ඨි, සම්මා අභිනිරොපනලක්ඛණො සම්මාසඞ්කප්පො, සම්මා පරිග්ගහණලක්ඛණා සම්මාවාචා, සම්මා සමුට්ඨානලක්ඛණො සම්මාකම්මන්තො, සම්මා වොදානලක්ඛණො සම්මාආජීවො, සම්මා පග්ගහලක්ඛණො සම්මාවායාමො, සම්මා උපට්ඨානලක්ඛණා සම්මාසති, සම්මා අවික්ඛෙපලක්ඛණො සම්මාසමාධී”ති එවං විසෙසලක්ඛණතො . සම්මාදිට්ඨි අඤ්ඤෙහිපි අත්තනො පච්චනීකකිලෙසෙහි සද්ධිං මිච්ඡාදිට්ඨිං පජහති, නිබ්බානං ආරම්මණං කරොති, තප්පටිච්ඡාදකමොහවිධමනෙන අසම්මොහතො සම්පයුත්තධම්මෙ ච පස්සති. තථා සම්මාසඞ්කප්පාදයොපි මිච්ඡාසඞ්කප්පාදීනි පජහන්ති, නිබ්බානඤ්ච ආරම්මණං කරොන්ති, සහජාතධම්මානං සම්මාඅභිනිරොපනපරිග්ගහණසමුට්ඨානවොදානපග්ගහඋපට්ඨානසමාදහනානි ච කරොන්තීති එවං කිච්චවිභාගතො. සම්මාදිට්ඨි පුබ්බභාගෙ නානක්ඛණා විසුං විසුං දුක්ඛාදිආරම්මණා හුත්වා මග්ගකාලෙ එකක්ඛණා නිබ්බානමෙව ආරම්මණං කත්වා කිච්චතො “දුක්ඛෙ ඤාණ”න්තිආදීනි චත්තාරි නාමානි ලභති, සම්මාසඞ්කප්පාදයොපි පුබ්බභාගෙ නානක්ඛණා නානාරම්මණා මග්ගකාලෙ එකක්ඛණා එකාරම්මණා.
‘එහි දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය’ කවරීද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය - කෙසේද? සම්‍යක් දෘෂ්ටිය -පෙ- සම්‍යක් සමාධිය යනුවෙනි. මේ අයුරින් සියළු කෙලෙස්වලින් මුළුමනින්ම උතුම් බවට පමුණුවන හෙයින් ද උතුම් වූ මාර්ගඵලයන් ලබා දෙන හෙයින්ද ආර්ය නම් වේ. අටවැදෑරුම් හෙයින් ද නිවන් අවබෝධ කිරීමට ඒකාන්ත කරුණු හෙයින්ද අංග අටකින් යුක්ත වේ. කෙලෙස් නසමින් යයි. නිවන් කැමැත්තන් විසින් අනුගමනය කරයි. තෙමේම නිවන සොයයිනුයි මාර්ගය වේ. මෙසේ සාමාන්‍ය ලක්ෂණ වශයෙන් වේ. මනාව දක්නා ලක්ෂණ ඇත්තී සම්මා දිට්ඨි වේ. ඇතුලට බැස ගැනීම් ලක්ෂණ ඇත්තී සම්මා සංකප්ප වේ. මනාව අල්ලා ගැනීම් ලක්ෂණ ඇත්තී සම්මා වාචා වේ. මනාව ඉපදවීම් ලක්ෂණ ඇත්තේ සම්මා කම්මන්ත වේ. මනාව කෙලෙසුන් දුරු කරන ලක්ෂණ ඇත්තේ සම්මා ආජීව වේ. මනාව ඔසවා තැබීම් (උත්සාහී) ලක්ෂණ ඇත්තේ සම්මා වායාම වේ. මනාව වැටහීම් ලක්ෂණ ඇත්තේ සම්මා සති වේ. මනාව නොසසල බව ලක්ෂණ කොට ඇත්තේ සම්මා සමාධියයි. විශේෂ ලක්ෂණ වශයෙන් වේ. සම්මා දිට්ඨිය තෙමේ තමාට සතුරා අන් කෙලෙස් සමග මිථ්‍යා දෘෂ්ටිය දුරු කරයි. නිවන අරමුණු කරයි. එය (නිවන) වසන්නා වූ මෝහය නැසීමෙන් නුමුළාව ඒ නිවන හා බැඳුන ධර්මයන් ද දකී. එසේම සම්මා සංකප්ප ආදීහුද මිථ්‍යා සංකප්ප ආදීන් දුරු කරත්. නිවනද අරමුණු කරත්. එකට උපන් ධර්මයන්ගේ මනාව අරමුණට යොමු කිරීම, අල්වා ගැනීම, හට ගැනීම, පිරිසිදු කිරීම, උපකාරී වීම, සමීපව සිටීම, මනාව අල්ලා ගැනීමේ ආදිය ද කරත්නුයි මෙසේ කෘත්‍ය වශයෙන් වේ. සම්මා දිට්ඨිය මුල් අවස්ථාවේ දී විවිධ අවස්ථාවෙන් වෙන් වෙන්ව දුක් අරමුණු කොට මාර්ග අවස්ථාවේ දී එක් ඇසිල්ලෙන් නිවනට අරමුණු කොට කෘත්‍ය වශයෙන් දුකෙහි ඤාණයයි ආදී සතර නාමයන් ලබයි. සම්මා සංකප්ප ආදීන් ද මුල් අවස්ථාවෙහි විවිධ අවස්ථාවෙන් විවිධ අරමුණු ලබයි. මාර්ග අවස්ථාවේදී එක් ඇසිල්ලෙන් එක් අරමුණු ලබයි.
තෙසු සම්මාසඞ්කප්පො කිච්චතො නෙක්ඛම්මසඞ්කප්පොතිආදීනි තීණි නාමානි ලභති, සම්මාවාචාදයො තයො පුබ්බභාගෙ මුසාවාදාවෙරමණීතිආදිවිභාගා විරතියොපි චෙතනායොපි හුත්වා මග්ගක්ඛණෙ විරතියොව, සම්මාවායාමසතියො කිච්චතො සම්මප්පධානසතිපට්ඨානවසෙන චත්තාරි නාමානි ලභන්ති. සම්මාසමාධි පන මග්ගක්ඛණෙපි පඨමජ්ඣානාදිවසෙන නානා එවාති එවං පුබ්බභාගපරභාගෙසු පවත්තිවිභාගතො, “ඉධ, භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිත”න්තිආදිනා (විභ· 489) භාවනාවිධිතො, “තත්ථ කතමො අට්ඨඞ්ගිකො මග්ගො? ඉධ, භික්ඛු, යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති…පෙ… දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො”තිආදිනා (විභ· 499) චතුරාසීතියා නයසහස්සවිභාගෙහීති එවං අනෙකාකාරතො පවත්තානි භගවතො අරියමග්ගවිභාවනඤාණානි අත්ථස්ස අවිසංවාදනතො සබ්බානිපි තථානි අවිතථානි අනඤ්ඤථානි. එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
ඒවා අතර සම්මා සංකප්පය නෙක්ඛම්ම සංකප්ප ආදී වූ ත්‍රිවිධ නාමයන් ලබයි. සම්මා වාචා ආදීන් මුල් අවස්ථාවේ දී බොරු කීමෙන් වැලකීම් ආදී කොටස් ඇති විරතීන්ද සිතුවිලිද වී මාර්ග අවස්ථාවෙහි විරති සිතුවිල්ලම වේ. සම්මා වායාම - සති දෙක කෘත්‍ය වශයෙන් සම්‍යක් ප්‍රධාන - සතිපට්ඨාන වශයෙන් සතරක් සතරක් නම් ලබත්. සම්මා සමාධිය වනාහි මාර්ග ක්‍ෂණයෙහිද ප්‍රථම ධ්‍යානාදී වශයෙන් වෙන් වෙන් වන්නේම යයි මෙසේ මුල් අවස්ථා පසු අවස්ථාවන්හිදී පැවති කොටස් වශයෙන් දී ‘මහණෙනි, භික්ෂුව මෙහිදී විවේකය ඇසුරු කළ සම්මා දිට්ඨිය වඩයි’ යි ආදී වශයෙන් භාවනා වශයෙන් “එහි අෂ්ටාංගික මාර්ගය කවරීද?” මෙහිදී භික්සුව යම්කලෙක -පෙ- දුක් සහිත ප්‍රතිපදා ඇති, ලාමක වූ අභිඤ්ඤායි ලෝකෝත්තර ධ්‍යානය වඩයිද එකල්හි සම්මා දිට්ඨි, සම්මා සංකප්පයි අෂ්ටාංගික මාර්ගය වේ. ආදී වශයෙන් අසූහතර දහසක් ක්‍රම විශේෂයන්ගෙන් වේ යයි. මෙසේ නොයෙක් ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය මාර්ගය දනවන ඤාණයන් අර්ථය මුවහ නොකරන හෙයින් සියල්ල සත්‍ය වූයේ වෙයි. අසත්‍ය වූයේ නොවෙයි. නෙවෙනස් වූයේ වෙයි. මෙසේ ද භාග්‍යවතුන් වහන්සේ සත්‍ය වූ ධර්මයන් අවබෝධ කළේනුයි තථාගත වේ.
තථා පඨමජ්ඣානසමාපත්ති යා ච නිරොධසමාපත්තීති එතාසු අනුපටිපාටියා විහරිතබ්බට්ඨෙන සමාපජ්ජිතබ්බට්ඨෙන ච අනුපුබ්බවිහාරසමාපත්තීසු සම්පාදනපච්චවෙක්ඛණාදිවසෙන යථාරහං සම්පයොගවසෙන ච පවත්තානි භගවතො ඤාණානි තදත්ථසිද්ධියා තථානි අවිතථානි අනඤ්ඤථානි . තථා “ඉදං ඉමස්ස ඨානං, ඉදං අට්ඨාන”න්ති අවිපරීතං තස්ස තස්ස ඵලස්ස කාරණාකාරණජානනං, තෙසං තෙසං සත්තානං අතීතාදිභෙදභින්නස්ස කම්මසමාදානස්ස අනවසෙසතො යථාභූතං විපාකන්තරජානනං, ආයූහනක්ඛණෙයෙව තස්ස තස්ස සත්තස්ස “අයං නිරයගාමිනී පටිපදා…පෙ… අයං නිබ්බානගාමිනී පටිපදා”ති යාථාවතො සාසවානාසවකම්මවිභාගජානනං, 0.ඛන්ධායතනාදීනං උපාදින්නානුපාදින්නාදිඅනෙකසභාවං නානාසභාවඤ්ච තස්ස ලොකස්ස “ඉමාය නාම ධාතුයා උස්සන්නත්තා ඉමස්මිං ධම්මප්පබන්ධෙ අයං විසෙසො ජායතී”තිආදිනා නයෙන යථාභූතං ධාතුනානත්තජානනං, අනවසෙසතො සත්තානං හීනාදිඅජ්ඣාසයාධිමුත්තිජානනං, සද්ධාදිඉන්ද්රියානං තික්ඛමුදුතාජානනං, සංකිලෙසාදීහි සද්ධිං ඣානවිමොක්ඛාදිවිසෙසජානනං , සත්තානං අපරිමාණාසු ජාතීසු තප්පටිබන්ධෙන සද්ධිං අනවසෙසතො පුබ්බෙනිවුත්ථක්ඛන්ධසන්තතිජානනං, හීනාදිවිභාගෙහි සද්ධිං චුතිපටිසන්ධිජානනං, “ඉදං දුක්ඛ”න්තිආදිනා හෙට්ඨා වුත්තනයෙනෙව චතුසච්චජානනන්ති ඉමානි භගවතො දසබලඤාණානි අවිරජ්ඣිත්වා යථාසකං විසයාවගාහනතො යථාධිප්පෙතත්ථසාධනතො ච යථාභූතවුත්තියා තථානි අවිතථානි අනඤ්ඤථානි. වුත්තඤ්හෙතං –
එසේම ප්‍රථම ධ්‍යාන සමාපත්තියෙන් නිරෝධ සමාපත්තිය යි මොවුන්ගේ අනුපිළිවෙලින් විස්තර කළයුතු අර්ථයෙන් ද සමවැදිය යුතු අර්ථයෙන් ද අනුපිළිවෙලින් විසිය යුතු සමාපත්තීන්හි පිළියෙල කිරීම ප්රත්යවේක්ෂා කිරීම් ආදී වශයෙන් සුදුසු පරිදි යෙදීම් වශයෙන් ද පැවති භාග්‍යවතුන් වහන්සේගේ ඤාණයන් ඒ අර්ථසිද්ධිය පිණිස සත්‍ය වේ. අසත්‍ය නොවේ. නොවෙනස් වේ. එසේම “මෙය මොහුට සුදුසුය. මෙය නුසුදුසු යයි” ඒ ඒ ඵලයේ කරුණු නොකරනු දැනීමද, ඒ ඒ සත්ත්වයන්ගේ අතීත ආදී වූ කොටස්වලට වෙන් වූ කර්මයන්ගෙන් යුක්ත වූවහුගේ ඒ ඒ විපාකයන් මුළුමනින්ම දැනීමද රැස් කිරීමේ අවස්ථාවෙහිදීම ඒ ඒ සත්ත්වයා පිළිබඳව මේ නිරයගාමී ප්‍රතිපදාවයි. මේ නිවන්ගාමී ප්‍රතිපදාවයි තත් වූ පරිදි ආශ්‍රම සහිත ආශ්‍රම රහිත වූවන්ගේ කර්ම විභාගයන් දැනීමද, ස්කන්ධ-ආයතනයන්ගේ අල්ලාගත්, අල්ලා නොගත් ආදී නොයෙක් ස්වභාවය ද විවිධ ස්වභාවය ද ඒ ලෝකයේ මෙනම් ධාතූන්ගේ අධික බව නිසා මේ ධර්ම සමූහයෙහි මේ විශේෂය උපදී යි ආදී වශයෙන් ධාතූන්ගේ විවිධත්වය ඇති පරිදි දැනීමද, මුළුමනින්ම සත්ත්වයන්ගේ ලාමක ආදී වූ අදහස් අධිෂ්ඨාන දැනීමද, ශ්‍රද්ධාදී ඉන්ද්රියයන්ගේ තියුණු-මෘදු බව දැනීම ද කිළිටි ආදී වශයෙන් ධ්‍යාන - මිදීම් ආදී විශේෂයන් දැනීමද සත්ත්වයන්ගේ අප්‍රමාණ ජාතීන්හි ඒ හා බැඳුනු බැඳීම් සමග මුළුමනින්ම පෙර විසූ ස්කන්ධයන්ගේ පරම්පරාව දැනීම ද, පහත් බව ආදී වූ විස්තරයන් සහිතව මරණය හා ප්රතිසන්ධිය ගැන දැනීමද, මේ දුකයයි ආදී වශයෙන් යට කියන ලද පරිද්දෙන්ම චතුරාර්ය සත්‍ය දැනීමද නොවෙනස් වූයේය. භාග්‍යවතුන් වහන්සේගේ මේ දසබල ඤාණයන් නොවරදවා තෙමේම විෂය වශයෙන් අවබෝධ කිරීමෙන්ද එසේම අපේක්ෂිත අර්ථ සාධනයෙන් ද තත් වූ පරිදි පැවැත්මෙන්ද සත්‍ය වූයේය. අසත්‍ය නොවූයේ ය. නොවෙනස් වූයේ ය. මෙසේ කියන ලද්දේමැයි -
“ඉධ තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාතී”තිආදි (විභ· 809; අ· නි· 10.21).
මෙහිලා තථාගතයන් වහන්සේ සුදුසු දෙය සුදුසු වශයෙන්ද නුසුදුසු දෙය නුසුදුසු වශයෙන්ද දනී යනු වෙයි.
එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
මෙසේද භාග්‍යවතුන් වහන්සේ සත්‍ය වූ ධර්මයන් අවබෝධ කළේනුයි තථාගත වේ.
යථා චෙතෙසං ඤාණානං වසෙන, එවං යථාවුත්තානං සතිපට්ඨානසම්මප්පධානවිභාවනඤාණාදීනං අනන්තාපරිමෙය්යභෙදානං අනඤ්ඤසාධාරණානං පඤ්ඤාවිසෙසානං වසෙන භගවා තථානි ඤාණානි ආගතො අධිගතොති තථාගතො. එවම්පි තථානි ආගතොති තථාගතො.
යම් පරිදි මොවුන්ගේ අවබෝධ කිරීම් වශයෙන් මෙසේ කියන ලද සතිපට්ඨාන - සම්‍යක් ප්‍රධානයන් ප්‍රකට කිරීමේ ඤාණයන් ආදීන්ගේ අනන්ත අප්‍රමාණ කොටස් ඇති. අනිකෙකුට සාධාරණ නොවූ ප්‍රඥා විශේෂයන්ගේ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ නිවැරදි වූ ඤාණයන් ලබන ලද්දේ අවබෝධ කරන ලද්දේනුයි තථාගත වේ. මෙසේද තථාගතයන් වහන්සේ සත්‍ය වූ ධර්මයන් අවබෝධ කළේනුයි තථාගත වේ.
කථං තථා ගතොති තථාගතො? යා සා භගවතො අභිජාති අභිසම්බොධි ධම්මවිනයපඤ්ඤාපනා අනුපාදිසෙසනිබ්බානධාතු, සා තථා. කිං වුත්තං හොති? යදත්ථං ලොකනාථෙන අභිසම්බොධි පත්ථිතා පවත්තිතා ච, තදත්ථස්ස එකන්තසිද්ධියා අවිසංවාදනතො අවිපරීතත්ථවුත්තියා තථා අවිතථා අනඤ්ඤථා. තථා හි අයං භගවා බොධිසත්තභූතො සමතිංසපාරමිපරිපූරණාදිකං වුත්තප්පභෙදං සබ්බං බුද්ධත්තහෙතුං සම්පාදෙත්වා තුසිතපුරෙ ඨිතොව බුද්ධකොලාහලං සුත්වා දසසහස්සචක්කවාළදෙවතාහි එකතො සන්නිපතිතාහි උපසඞ්කමිත්වා –
කෙසේ නම් ‘එසේ ගියේනුයි තථාගත’ වේද? භාග්‍යවතුන් වහන්සේගේ යම් ඒ ඉපදීම වීද බුදුවීම වීද ධර්ම-විනය පැනවීම වීද අනුපාදිසේස පරිනිර්වාණය වීද එසේම කියන ලද්දේ වෙයි. ලෝකනාථයන් වහන්සේ විසින් යම් කරුණක් පතන ලද ද යමක් පවත්වන ලද ද ඒ කරුණ ඒකාන්තයෙන් සමෘද්ධ වීමෙන් අසත්‍ය නොවීමෙන් නොවෙනස් ප්‍රතිඵල පැවැත්මෙන් සත්‍ය වීය. අසත්‍ය නොවීය. නොවෙනස් වීය. එසේමැයි. මේ භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ත්ව වූයේම බුද්ධත්වයට පදනම් වූ සමතිස් පාරමී පිරීම් ආදී කොට ඇති බුද්ධත්වය සඳහා වන හේතූන් හැම පරිද්දෙන් සම්පූර්ණ කර තුසිත පුරයෙහි සිටිායේම බුද්ධ කෝලාහලය අසා එකට එකතු වූ දස දහසක් සක්වල දෙවියන් විසින් එළඹ.
“කාලො දෙව මහාවීර, උප්පජ්ජ මාතුකුච්ඡියං; සදෙවකං තාරයන්තො, බුජ්ඣස්සු අමතං පද”න්ති. (බු· වං· 1.67) –
‘මහා වීරය, මේ ඔබට කාලයයි. මව්කුස උපදින්න. දෙවියන් සහිත ලෝකයා සසරින් එතර කරවන්නේ නිවන් පදවිය අවබෝධ කරන්න’ යයි
ආයාචිතො උප්පන්නපුබ්බනිමිත්තො පඤ්ච මහාවිලොකනානි විලොකෙත්වා “ඉදානාහං මනුස්සයොනියං උප්පජ්ජිත්වා අභිසම්බුජ්ඣිස්සාමී”ති ආසාළ්හිපුණ්ණමාය සක්යරාජකුලෙ මහාමායාය දෙවියා කුච්ඡිම්හි පටිසන්ධිං ගහෙත්වා දස මාසෙ දෙවමනුස්සෙහි මහතා පරිහාරෙන පරිහරියමානො විසාඛපුණ්ණමාය පච්චූසසමයෙ අභිජාතිං පාපුණි.
අයදින ලද්දේ උපන් පෙර නිමිති ඇත්තේ පස්මහබැලුම් බලා දැන් මම මිනිස් ජාතියෙහි ඉපිද බුදුවන්නෙමියි ඇසල පොහෝ දින ශාක්‍ය කුලයට අයත් මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳගෙන දසමසක් දෙව් මිනිසුන් විසින් මහත් වූ රැකවරණයෙන් ආරක්ෂා කරනු ලබන්නේ වෙසක් පොහෝදින අළුයම විශිෂ්ට වූ උපතට පැමිණුනි.
අභිජාතික්ඛණෙ පනස්ස පටිසන්ධිග්ගහණක්ඛණෙ විය ද්වත්තිංසපුබ්බනිමිත්තානි පාතුරහෙසුං. අයඤ්හි දසසහස්සී ලොකධාතු කම්පි සඞ්කම්පි සම්පකම්පි සම්පවෙධි, දසසු චක්කවාළසහස්සෙසු අප්පමාණො ඔභාසො ඵරි, තස්ස තං සිරිං දට්ඨුකාමා විය ජච්චන්ධා චක්ඛූනි පටිලභිංසු, බධිරා සද්දං සුණිංසු. මූගා සමාලපිංසු, ඛුජ්ජා උජුගත්තා අහෙසුං, පඞ්ගුලා පදසා ගමනං පටිලභිංසු, බන්ධනගතා සබ්බසත්තා අන්දුබන්ධනාදීහි මුච්චිංසු, සබ්බනිරයෙසු අග්ගි නිබ්බායි, පෙත්තිවිසයෙ ඛුප්පිපාසා වූපසමි, තිරච්ඡානානං භයං නාහොසි, සබ්බසත්තානං රොගො වූපසමි, සබ්බසත්තා පියංවදා අහෙසුං, මධුරෙනාකාරෙන අස්සා හසිංසු, වාරණා ගජ්ජිංසු, සබ්බතූරියානි සකං සකං නින්නාදං මුඤ්චිංසු, අඝට්ටිතානි එව මනුස්සානං හත්ථූපගාදීනි ආභරණානි මධුරෙනාකාරෙන රවිංසු, සබ්බදිසා විප්පසන්නා අහෙසුං, සත්තානං සුඛං උප්පාදයමානො මුදුසීතලවාතො වායි, අකාලමෙඝො වස්සි, පථවිතොපි උදකං උබ්භිජ්ජිත්වා විස්සන්දි, පක්ඛිනො ආකාසගමනං විජහිංසු, නදියො අසන්දමානා අට්ඨංසු, මහාසමුද්දෙ මධුරං උදකං අහොසි, උපක්කිලෙසවිමුත්තෙ සූරියෙ දිස්සමානෙ එව ආකාසගතා සබ්බා ජොතියො ජලිංසු , ඨපෙත්වා අරූපාවචරෙ දෙවෙ අවසෙසා සබ්බෙ දෙවා සබ්බෙපි නෙරයිකා දිස්සමානරූපා අහෙසුං, තරුකුට්ටකවාටසෙලාදයො අනාවරණභූතා අහෙසුං, සත්තානං චුතූපපාතා නාහෙසුං, සබ්බං අනිට්ඨගන්ධං අභිභවිත්වා දිබ්බගන්ධො වායි, සබ්බෙ ඵලූපගා රුක්ඛා ඵලධරා සම්පජ්ජිංසු, මහාසමුද්දො සබ්බත්ථකමෙව පඤ්චවණ්ණෙහි පදුමෙහි සඤ්ඡන්නතලො අහොසි, ථලජජලජාදීනි සබ්බපුප්ඵානි පුප්ඵිංසු, රුක්ඛානං ඛන්ධෙසු ඛන්ධපදුමානි, සාඛාසු සාඛපදුමානි, ලතාසු ලතාපදුමානි පුප්ඵිංසු, මහීතලෙ සිලාතලානි භින්දිත්වා උපරූපරි සත්ත සත්ත හුත්වා දණ්ඩපදුමානි නාම නික්ඛමිංසු, ආකාසෙ ඔලම්බකපදුමානි නිබ්බත්තිංසු, සමන්තතො පුප්ඵවස්සං වස්සි, ආකාසෙ දිබ්බතූරියානි වජ්ජිංසු, සකලදසසහස්සී ලොකධාතු වට්ටෙත්වා විස්සට්ඨමාලාගුළං විය උප්පීළෙත්වා බද්ධමාලාකලාපො විය අලඞ්කතප්පටියත්තං මාලාසනං විය ච එකමාලාමාලිනී විප්ඵුරන්තවාළබීජනී පුප්ඵධූපගන්ධපරිවාසිතා පරමසොභග්ගප්පත්තා අහොසි, තානි ච පුබ්බනිමිත්තානි උපරි අධිගතානං අනෙකෙසං විසෙසාධිගමානං නිමිත්තභූතානි එව අහෙසුං. එවං අනෙකච්ඡරියපාතුභාවප්පටිමණ්ඩිතා චායං අභිජාති යදත්ථං අනෙන අභිසම්බොධි පත්ථිතා, තස්සා අභිසම්බොධියා එකන්තසිද්ධියා තථාව අහොසි අවිතථා අනඤ්ඤථා.
එතුමාගේ උපන් ඇසිල්ලෙහි පිළිසිඳ ගැනීමේ අවස්ථාවෙහිදී මෙන් දෙතිසක් පෙරනිමිති පහළ වීය. මේ දස දහසක් ලෝකධාතුව කම්පා විය. මොනවට ප්‍රකම්පා විය. වෙව්ලීය. දස දහසක් සක්වල අපමණ ආලෝකයක් පැතිරුනි. ඔහුගේ එම ඓශ්වර්යය දකිනු කැමැත්තාහු මෙන් අන්ධයෝ ඇස් ලැබූහ. බීරෝ ශබ්ද ඇසූහ. ගොලුවෝ මනාව කථා කළහ. කුදු ඇත්තෝ සෘජු ශරීර ඇත්තෝ වූහ. කොරු පයින් ගමනය ලදහ. බැමිගත වූ සියළු සත්ත්වයෝ දම්වැල් බැමි ආදියෙන් මිදුනාහුය. සියළු නිරයන්හි ගිනි නිවුනි. ප්‍රේත ලෝකයන්හි සා-පවස් සන්සිඳුනි. තිරිසනුන්ට බියක් නොවීය. සියලු සත්ත්වයන්ගේ රාගය සන්සිඳුනි. සියළු සත්ත්වයෝ ප්‍රිය තෙපුල් ඇත්තෝ වූහ. මිහිරි ලෙස අශ්වයෝ හේසාරව කළහ. ඇත්තු ගර්ජනා කළහ. සියළු තූර්ය භාණ්ඩ සිය නාදයන් විදීය. නොගැටුනා වූම අත් ආදීන්ගේ පැළඳි නොගැටුනා වූම ආභරණයෝ මිහිරි ලෙස නාද කළහ. සියළු දිසාවෝ ඉතා ප්‍රසන්න වූහ. සත්ත්වයන්ට සැප එළවමින් මෘදු සීතල වායුව හැමීය. අකාල වර්ෂාවක් වැස්සේය. පොළොවෙන් ද ජලය මතු වී විසිරී ගලා ගියේය. පක්ෂීහු අහස් ගටන අත්හළහ. නදීහු නොගලා යමින් සිටියහ. මහ මුහුදෙහි ජලය මිහිරි විය. කිළිටින් මිදුන සූර්යයා පෙනෙන කල්හිම අහස්ගත සියළු තාරකාවෝ බැබලුනාහ. අරූපාවචර දෙවියන් හැර සියළු දෙවියෝ ද සියළු නිරිසත්තුද දක්නා ලබන රූප ඇත්තෝ වූහ. ගස් පර්වත කවුළු ගල් ආදීහු ආවරණ රහිත වූවාහුය. සත්ත්වයන්ගේ චුති උත්පත්ති නොවීය. සියළු අප්‍රසන්න ගන්ධය අභිබවා දිව්‍යමය සුවඳ හැමීය. ඵල දරන්නා වූ සියළු වෘක්ෂයෝ ඵල දරන්නෝ වූහ. මහමුහුද සියළු තැන පැතුරුන පස් පැහැයෙන් යුත් පියුමින් වැසුන තලාවක් විය. ජලයේ හටගන්නා වූද පොළොවේ හටගන්නා වූද සියළු මල් පිපිණි. වෘක්ෂයන්හි කඳමල්ද හාඛාවන්හි අතුමල්ද වැල්වල වැල්මල්ද පිපුණි. පොළොවෙහි ගල්තලාවන් බිඳ මතුමත්තෙහි සතක් සතක් වී දඬු පියුම් නම් පියුම් නික්මුණි. අහසෙහි එල්බෙන පියුම් උපනි. හාත්පස මල් වැස්සක් වැස්සේය. අහසෙහි දිව්‍යමය තූර්යයෝ වාදනය වූහ. සියළු දසදහසක් සක්වල කැටිකර විසුරුවා හළ මල් ගුලාවක් මෙන් කැටිකොට බඳනා ලද මල්කළඹක් මෙන් අලංකාරකොට සරසනලද මලසුනක් මෙන්ද එකට බැඳුන මල්මාලා ඇත්තී සැලෙන වල්විදුනාවක් වැනි වූවා මල් සුවඳින් හා සුවඳදුම් සුවඳින් සුවඳ කවන ලද්දී සෞභාග්‍යයෙන් අතිශයින් අගතැන් පැමිණියා වූවාය. ඒ පූර්වනිමිති මත්තෙහි අවබෝධ කටයුතු බොහෝ විශේෂ අධිගමයන්ට පෙරනිමිති වූයේම විය. මෙසේ නොයෙක් ආශ්චර්යයන් පහළවීමෙන් හොබනා වූ මේ උතුම් උපතක් වීද යමක් පිණිස මෙතුමා විසින් සම්බුද්ධත්වය පතන ලද ද ඒ සම්බුද්ධත්වයේ ඒකාන්ත සිදුවීම එසේම විය. වෙනස් නොවීය. අන් අයුරකින් නොවීය.
තථා යෙ බුද්ධවෙනෙය්යා බොධනෙය්යබන්ධවා, තෙ සබ්බෙපි අනවසෙසතො සයමෙව භගවතා විනීතා. යෙ ච සාවකවෙනෙය්යා ධම්මවෙනෙය්යා ච, තෙපි සාවකාදීහි විනීතා විනයං ගච්ඡන්ති ගමිස්සන්ති චාති යදත්ථං භගවතා අභිසම්බොධි අභිපත්ථිතා, තදත්ථස්ස එකන්තසිද්ධියා අභිසම්බොධි තථා අවිතථා අනඤ්ඤථා.
එසේම බුදුන් විසින් හික්මවිය යුතු අවබෝධ කටයුතු යම් ඤාති පිරිසක් වීද ඒ සියල්ලෝම භාග්‍යවතුන් වහන්සේ විසින් මුළුමනින්ම තෙමේම හික්මවන ලදහ. ශ්‍රාවකයන් විසින් හික්මවිය යුතු වූද ඒ ධර්මය විසින් හික්මවිය යුතු වූද යම් අයෙක් වූවාහුද ශ්‍රාවකාදීන් විසින් හික්මවන ලද ඔවුහු හික්මීමට යත්. පමුණුවනු ලබත් වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් සඳහා සම්බුද්ධත්වය ප්‍රාර්ථනය කරන ලදද ඒ අරමුණ සඳහා ඒකාන්තයෙන් සිදුවිය යුතු සම්බුද්ධත්වය එසේම විය. වෙනස් නොවීය. අන් අයුරකින් නොවීය.
අපිච යස්ස යස්ස ඤෙය්යධම්මස්ස යො යො සභාවො බුජ්ඣිතබ්බො, සො සො හත්ථතලෙ ඨපිතආමලකං විය ආවජ්ජනමත්තප්පටිබද්ධෙන අත්තනො ඤාණෙන අවිපරීතං අනවසෙසතො භගවතා අභිසම්බුද්ධොති එවම්පි අභිසම්බොධි තථා අවිතථා අනඤ්ඤථා.
තවද යම් යම් ඤෙය්‍ය (දතයුතු) ධර්මයක් පිළිබඳව යම් යම් ස්වභාවයක් අවබෝධ කටයුතුද ඒ ඒ කරුණ අත්ලෙහි තබන ලද නෙල්ලිගෙඩියක් මෙන් ආවර්ජනා ප්‍රතිබද්ධ වූ සිය නුවණින් නොවෙනස්ව මුළුමනින්ම භාග්‍යවතුන් විසින් අවබෝධ කරන ලද්දේනුයි මෙසේද සම්බුද්ධත්වය එසේ වීය. වෙනස් නොවීය. අන් පරිද්දකින් නොවීය.
තථා තෙසං තෙසං ධම්මානං තථා තථා දෙසෙතබ්බප්පකාරං තෙසං තෙසඤ්ච සත්තානං ආසයානුසයචරිතාධිමුත්තිං සම්මදෙව ඔලොකෙත්වා ධම්මතං අවිජහන්තෙනෙව පඤ්ඤත්තිනයවොහාරමග්ගං අනතිධාවන්තෙනෙව ච ධම්මතං විභාවන්තෙන යථාපරාධං යථාජ්ඣාසයං යථාධම්මඤ්ච අනුසාසන්තෙන භගවතා වෙනෙය්යා විනීතා අරියභූමිං සම්පාපිතාති ධම්මවිනයපඤ්ඤාපනාපිස්ස තදත්ථසිද්ධියා යථාභූතවුත්තියා ච තථා අවිතථා අනඤ්ඤථා.
එසේම ඒ ධර්මයන්ගේ එසේ දේශනා කළයුතු ආකාරයද ඒ සත්ත්වයන්ගේ සිතේ ස්වභාවය සිතේ අප්‍රකට ස්වභාවය චරිතය අධිෂ්ඨානය යන මේවා මනාව බලා ධර්මානුකූල බව නොහැර ප්රඥප්තිමය වූ ව්‍යවහාරය නොඉක්මවන්නා වූද හිංසනය වූ පරිදි අදහස වූ පරිදි ධර්මානුකූල පරිදි අනුශාසනා කරන්නා වූද භාග්‍යවතුන් වහන්සේ විසින් හික්මිය යුත්තෝ හික්මවන ලදහ. ආර්යභූමියට පැමිණවිය යුත්තෝද ධර්ම, විනය පැනවීමෙන් උන්වහන්සේගේ අර්ථ සිද්ධියෙන් ද තත්වූ පරිදි පැවැත්මෙන් ද එසේම වීය. වෙනස් නොවීය. අන් පරිදි නොවීය.
තථා යා සා භගවතා අනුප්පත්තා පථවියාදිඵස්සවෙදනාදිරූපාරූපසභාවවිනිමුත්තා ලුජ්ජනභාවාභාවතො ලොකසභාවාතීතා තමසා විසංසට්ඨත්තා කෙනචි අනොභාසනීයා ලොකසභාවාභාවතො එව ගතිආදිභාවරහිතා අප්පතිට්ඨා අනාරම්මණා අමතමහානිබ්බානධාතු ඛන්ධසඞ්ඛාතානං උපාදීනං ලෙසමත්තස්සපි අභාවතො අනුපාදිසෙසාති වුච්චති, යං සන්ධාය වුත්තං –
එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ (බුද්ධත්වයට) පැමිණෙන ලදද පඨවී ආදී වූද ස්පර්ශ-වේදනාදී වූද රූපී-අරූපී ස්වභාවයන්ගේ මිදෙන ලද ද බිඳීයාම ආදී ස්වභාවය නොමැති හෙයින් ලෝක සත්ත්ව ස්වභාවය ඉක්මවන ලද ද අවිද්‍යා අඳුරින් මෙන් වූ හෙයින් කිසිවෙකු විසින් බැබළවිය නොයුතු වූ ලෝක ස්වභාවයන් නොමැති හෙයින්ම ගති ආදිය ස්වභාවයන් රහිත වූ ප්‍රතිෂ්ඨා රහිත වූ අරමුණු රහිත වූ අමෘතමහා නිර්වාණ ධාතුව ස්කන්ධ සංඛ්‍යාත වූ අල්වා ගැනීම් මදකුදු නොමැති හෙයින් අනුපාදිසේසයයි කියනු ලැබේ.
“අත්ථි, භික්ඛවෙ, තදායතනං, යත්ථ නෙව පථවී න ආපො න තෙජො න වායො න ආකාසානඤ්චායතනං න විඤ්ඤාණඤ්චායතනං න ආකිඤ්චඤ්ඤායතනං න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නායං ලොකො න පරො ලොකො න ච උභො චන්දිමසූරියා, තත්‍රාපාහං, භික්ඛවෙ, නෙව ආගතිං වදාමි න ගතිං න ඨිතිං න චුතිං න උපපත්තිං, අප්පතිට්ඨං අප්පවත්තං අනාරම්මණමෙවෙතං, එසෙවන්තො දුක්ඛස්සා”ති (උදා· 71).
‘මහණෙනි, එබඳු ආයතනයක් ඇත. යම්තැනක පඨවි ධාතුව නැත්ද ආපෝ ධාතුව නැත්ද තේජෝ ධාතුව නැත්ද වායෝ ධාතුව නැත්ද ආකාසානඤ්චායතනය නොවේද විඤ්ඤාණඤ්චායතනය නොවේද? ආකිඤ්චඤ්ඤායතනය නොවේද නේවසඤ්ඤානාසඤ්ඤායතනය නොවේද, මෙලොව නොවේද, පරලොව නොවේද, සඳ-හිරු දෙදෙන නොවේද යයි යමක් අරබයා දේශනා කරන ලද ද මහණෙනි මම එය පැමිණීම යයි නොකියමි. යෑම යයි නොකියමි. පැවැත්ම යයි නොකියමි. චුතියයයි නොකියමි. උපත යයි නොකියමි. ප්‍රතිෂ්ඨාව යයි නොකියමි. මෙය නොපවත්නා වූ අරමුණු රහිත වූයේම වෙයි. මෙයම දුකෙහි කෙළවර වේ.
සා සබ්බෙසම්පි උපාදානක්ඛන්ධානං අත්ථඞ්ගමො, සබ්බසඞ්ඛාරානං සමථො, සබ්බූපධීනං පටිනිස්සග්ගො, සබ්බදුක්ඛානං වූපසමො, සබ්බාලයානං සමුග්ඝාතො, සබ්බවට්ටානං උපච්ඡෙදො, අච්චන්තසන්තිලක්ඛණොති යථාවුත්තසභාවස්ස කදාචිපි අවිසංවාදනතො තථා අවිතථා අනඤ්ඤථා. එවමෙතා අභිජාතිආදිකා තථා ගතො උපගතො අධිගතො පටිපන්නො පත්තොති තථාගතො. එවං භගවා තථා ගතොති තථාගතො.
එය සියළු උපාදානස්කන්ධයන්ගේ නැතිවීමයි. සියළු සංස්කාරයන්ගේ සන්සිඳීමයි. සියළු උපධීන්ගේ දුරුකිරීමයි. සියළු දුක්ඛයන්ගේ සන්සිඳුවීමයි. සියළු ආශාවන්ගේ නැසීමයි. සියළු සසර පැවැත්මේ සිඳ දැමීමයි. අතිශයින් ශාන්ති ලක්ෂණ ඇත්තේ වේ යයි යට කියන ලද ස්වභාවය කිසිවිටෙක අසත්‍ය නොවන හෙයින් එසේ වූයේ වෙයි. වෙනස් වූයේ නොවෙයි. අන් පරිදි වූයේ නොවෙයි. මෙසේ මේ අභිජාති ආදිය එසේ වටහාගන්නා ලදි. එළඹෙන ලදි. අවබෝධ කරන ලදි. පැමිණෙන ලදි. පත්වන ලදීනුයි තථාගත වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ එසේ ගියේනුයි තථාගත වේ.
කථං තථාවිධොති තථාගතො? යථාවිධා පුරිමකා සම්මාසම්බුද්ධා, අයම්පි භගවා තථාවිධො. කිං වුත්තං හොති? යථාවිධා තෙ භගවන්තො මග්ගසීලෙන ඵලසීලෙන සබ්බෙනපි ලොකියලොකුත්තරසීලෙන, මග්ගසමාධිනා ඵලසමාධිනා සබ්බෙනපි ලොකියලොකුත්තරසමාධිනා, මග්ගපඤ්ඤාය ඵලපඤ්ඤාය සබ්බායපි ලොකියලොකුත්තරපඤ්ඤාය, දෙවසිකං වලඤ්ජිතබ්බෙහි චතුවීසතිකොටිසතසහස්සසමාපත්තිවිහාරෙහි, තදඞ්ගවිමුත්තියා, වික්ඛම්භනවිමුත්තියා, සමුච්ඡෙදවිමුත්තියා, පටිප්පස්සද්ධිවිමුත්තියා, නිස්සරණවිමුත්තියාති සඞ්ඛෙපතො. විත්ථාරතො පන අනන්තාපරිමාණභෙදෙහි අචින්තෙය්යානුභාවෙහි සකලසබ්බඤ්ඤුගුණෙහි, අයම්පි අම්හාකං භගවා තථාවිධො. සබ්බෙසඤ්හි සම්මාසම්බුද්ධානං ආයුවෙමත්තං, සරීරප්පමාණවෙමත්තං, කුලවෙමත්තං, දුක්කරචරියාවෙමත්තං, රස්මිවෙමත්තන්ති, ඉමෙහි පඤ්චහි වෙමත්තෙහි සියා වෙමත්තං, න පන සීලවිසුද්ධියාදීසු විසුද්ධීසු සමථවිපස්සනාපටිපත්තියං අත්තනා පටිලද්ධගුණෙසු ච කිඤ්චි නානාකරණං අත්ථි. අථ ඛො මජ්ඣෙ භින්නසුවණ්ණං විය අඤ්ඤමඤ්ඤං නිබ්බිසෙසා තෙ බුද්ධා භගවන්තො. තස්මා යථාවිධා පුරිමකා සම්මාසම්බුද්ධා, අයම්පි භගවා තථාවිධො. එවං තථාවිධොති තථාගතො. විධත්ථො චෙත්ථ ගතසද්දො, තථා හි ලොකියා විධයුත්තගතසද්දෙ පකාරත්ථෙ වදන්ති.
කෙසේ නම් එසේ වූයේනුයි තථාගත වේද? පෙර සම්බුදුවරු යම් පරිදි වූවාහුද මේ භාග්‍යවතුන් වහන්සේද එපරිදිමයයි. කවරක් කියන ලද ද? යම් පරිද්දකින් ඒ භාග්‍යවතුන් වහන්සේලා මාර්ග සීලයෙන් ද ඵල සීල සීලයෙන් ද සියළු ලෞකික ලෝකෝත්තර ශීලයෙන් ද මාර්ග සමාධියෙන් ද ඵල සමාධියෙන් ද මාර්ග ප්‍රඥාවෙන් ද ඵල ප්‍රඥාවෙන් ද සියළුම ලෞකික - ලෝකෝත්තර ප්‍රඥාවෙන් ද දිනපතා පරිහරණය කළයුතු කෝටි සූවිසි ලක්ෂයක් සමාපත්ති විහරණයන්ගෙන්ද තාවකාලික මිදීමෙන්ද යටපත් කිරීමේ මිදීමෙන් ද මුළුමනින් සිඳලීමේ විමුක්තියෙන් ද සන්සිඳුන විමුක්තියෙන් ද නිදහස් වීමේ විමුක්තියෙන් ද (මිදුනේ යයි) කෙටියෙන් ද විස්තර වශයෙන් අනන්ත අප්‍රමාණ කොටස්වලින් යුත් නොසිතිය හැකි ආනුභාවයෙන් ද සියළු සර්වඥතා ගුණයන්ගෙන්ද මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ එබඳු වූ සේක. පෙර සියළු සම්මා සම්බුදුවරුන්ගේ ආයුෂ විවිධත්වය සිරුරේ ප්‍රමාණයෙහි විවිධත්වය කුලය පිළිබඳ විවිධත්වය, දුෂ්කර ක්‍රියා පිළිබඳ විවිධත්වය බුදුරැස් පිළිබඳ විවිධත්වය යයි මේ පස්වැදෑරුම් විවිධත්වයෙන් විවිධ වේ. සීල විශුද්ධි ආදී විශුද්ධීන් පිළිබඳව විවිධත්වයක් නොමැත්තේය. සමථ, විපස්සනා ප්රතිපත්තියෙහි තමා විසින් අවබෝධ කළ ගුණයන්හි කිසියම් වෙන් කිරීමක් ඇත. තවද ඒ භාග්‍යවත් බුදුවරු මැදින් බිඳින ලද රුවනක් මෙන් එකිනෙක වෙනසක් නැත්තාහ. එහෙයින් පෙර සම්මා සම්බුදුවරු යම් පරිදිද මේ භාග්‍යවතුන් වහන්සේ ද එපරිදි යයි තථාගත වේ. මෙසේ එපරිදි වේනුයි තථාගත වේ. මෙහි ‘ගත’ ශබ්දය ‘ආකාර’ යන අර්ථ ඇත්තේය. එසේමැයි. ලෞකික වූවාහු ආකාරයන්ගෙන් යුත් ‘ගත’ ශබ්දයන් ප්රකාරාර්ථයෙහි ප්‍රකාශ කෙරෙත්.
කථං තථා පවත්තිතොති තථාගතො? අනඤ්ඤසාධාරණෙන ඉද්ධානුභාවෙන සමන්නාගතත්තා අත්ථප්පටිසම්භිදාදීනං උක්කංසපාරමිප්පත්තියා අනාවරණඤාණප්පටිලාභෙන ච භගවතො කායප්පවත්තියාදීනං කත්ථචි පටිඝාතාභාවතො යථා රුචි තථා ගතං ගති ගමනං කායවචීචිත්තප්පවත්ති එතස්සාති තථාගතො. එවං තථා පවත්තිතොති තථාගතො.
කෙසේ නම් ‘එසේ පැවැත්තේ’ නුයි තථාගත වේද? අනිකෙකුට සාධාරණ නොවූ සෘද්ධි මහිමයෙන් යුක්ත හෙයින් ද අර්ථ පටිසම්භිදා ආදීන්ගේ උසස් පාරමීන්ට පැමිණීමෙන් අනාවරණ ඤාණය ලැබීමෙන් ද භාග්‍යවතුන් වහන්සේගේ කායික පැවැත්ම ආදීන්ගේ කිසිතැනක හැපීමක් නැති හෙයින් කැමති පරිදි පැමිණීම් - යෑම් ද කායික වාචසික පැවැත්මද මොහුට ඇත්තේනුයි තථාගත වේ. මෙසේ ‘එසේ පැවැත්තේ’ නුයි තථාගත වේ.
කථං තථෙහි අගතොති තථාගතො? බොධිසම්භාරසම්භරණෙ තප්පටිපක්ඛප්පවත්තිසඞ්ඛාතං නත්ථි එතස්ස ගතන්ති අගතො. සො පනස්ස අගතභාවො මච්ඡෙරදානපාරමිආදීසු අවිපරීතං ආදීනවානිසංසපච්චවෙක්ඛණාදිනයප්පවත්තෙහි ඤාණෙහීති තථෙහි ඤාණෙහි අගතොති තථාගතො.
කෙසේ නම් සත්‍ය වූ ධර්මයන්ගෙන් පැමිණියේනුයි තථාගත වේද? බුද්ධත්වය සම්පූර්ණන කිරීමෙහිදී ඊට විරුද්ධ පැවතීම් සංඛ්‍යාත ‘අනථ’ ධර්මයන් මුන්වහන්සේට නැත්තේනුයි තථ ධර්මයන්ගෙන් පැමිණියේ වෙයි. එය මෙහි ලා තථ භාවය වේ. ආශ්චර්යමත් දාන පාරමී ආදීන්හි නොවෙනස් බව, ආදීනව, ආනිසංස ප්රත්යවේක්ෂාව ආදී ක්‍රමයෙන් පැවති ඤාණයන්ගෙන් තථාගතයන් වහන්සේ පැමිණියේ වෙයි.
අථ වා කිලෙසාභිසඞ්ඛාරප්පවත්තිසඞ්ඛාතං ඛන්ධප්පවත්තිසඞ්ඛාතමෙව වා පඤ්චසුපි ගතීසු ගතං ගමනං එතස්ස නත්ථීති අගතො. සඋපාදිසෙසඅනුපාදිසෙසනිබ්බානප්පත්තියා ස්වායමස්ස අගතභාවො තථෙහි අරියමග්ගඤාණෙහීති එවම්පි භගවා තථෙහි අගතොති තථාගතො.
තවද ක්ලේශ-අභිසංස්කාර-ප්රවෘත්ති සංඛ්‍යාත වූ හෝ ස්කන්ධ ප්රවෘත්ති සංඛ්‍යාත වූම හෝ පස්වැදෑරුම් ගතීන්හි ගිය බවක් හෝ යන බවක් මොහුට නැතැයිනුයි ආගත වේ. සෝපධිසේස - නිරුපධිසේස නිර්වාණයට පැමිණීම පිණිස සත්‍ය වූ ආර්යමාර්ග ඤාණයන්ගෙන් තෙමේම පැමිණි බව වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සත්‍ය වූ ධර්මයන්ගෙන් පැමිණියේනුයි තථාගත වේ.
කථං තථා ගතභාවෙන තථාගතො? තථා ගතභාවෙනාති ච තථාගතස්ස සබ්භාවෙන අත්ථිතායාති අත්ථො. කො පනෙස තථාගතො, යස්ස අත්ථිතාය භගවා තථාගතොති වුච්චතීති? සද්ධම්මො. සද්ධම්මො හි අරියමග්ගො තාව යථා යුගනද්ධසමථවිපස්සනාබලෙන අනවසෙසතො කිලෙසපක්ඛං සමූහනන්තෙන සමුච්ඡෙදප්පහානවසෙන ගන්තබ්බං , තථා ගතො. ඵලධම්මො යථා අත්තනො මග්ගානුරූපං පටිප්පස්සද්ධිපහානවසෙන ගන්තබ්බං, තථා ගතො පවත්තො. නිබ්බානධම්මො පන යථා ගතො පඤ්ඤාය පටිවිද්ධො සකලවට්ටදුක්ඛවූපසමාය සම්පජ්ජති, බුද්ධාදීහි තථා ගතො සච්ඡිකතොති තථාගතො. පරියත්තිධම්මොපි යථා පුරිමබුද්ධෙහි සුත්තගෙය්යාදිවසෙන පවත්තිආදිප්පකාසනවසෙන ච වෙනෙය්යානං ආසයාදිඅනුරූපං පවත්තිතො, අම්හාකම්පි භගවතා තථා ගතො ගදිතො පවත්තිතොති වා තථාගතො. යථා භගවතා දෙසිතො, තථා භගවතො සාවකෙහි ගතො අවගතොති තථාගතො. එවං සබ්බොපි සද්ධම්මො තථාගතො. තෙනාහ සක්කො දෙවානමින්දො – “තථාගතං දෙවමනුස්සපූජිතං, ධම්මං නමස්සාම සුවත්ථි හොතූ”ති (ඛු· පා· 6.17; සු· නි· 240). ස්වාස්ස අත්ථීති භගවා තථාගතො.
කෙසේ නම් එසේ ගිය බැවින් තථාගත වේද? එසේ ගිය බැවින් යනු තථාගතයන් වහන්සේට සත් භාවයෙන් ප්‍රයෝජන ඇති බැවින් යන අර්ථයි. මේ තථාගත තෙමේ කවරෙක්ද? යමක් ඇති නිසා භාග්‍යවතුන් වහන්සේ තථාගත යයි කියනු ලැබේද? සද්ධර්මයයි. ආර්යමාර්ගය වූ කලී යම් පරිද්දකින් එකට බැඳී පවත්නා වූ සමථ - විදර්ශනා බලයෙන් මුළුමනින් ක්ලේශපාක්ෂික ධර්මයන් නසන්නාහු විසින් මුළුමනින් ප්රහාණය කිරීමෙන් අවබෝධ කටයුතු හෙයින් තථාගත වේ. ඵල ධර්මය යනු යම් පරිද්දකින් තමාගේ මාර්ගානුරූපී ලෙස සංසිඳුවීම් - ප්රහාණය කිරීම් වශයෙන් අවබෝධ කටයුතු හෙයින් තථාගත බව පැවතියේය යනුයි. යම්බඳු වූ නිර්වාණ ධර්මය ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද ද සියළු සසර දුක් සංසිඳුවීම පිණිස සපිරේද බුදුවරුන් විසින් එසේ ගියේය. අවබෝධ කරන ලද්දේය යයි තථාගත වේ. යම් සේ පෙර බුදුවරුන් විසින් පර්යාප්ති ධර්මය ද සූත්‍ර-ගාථා ආදී වශයෙන් පවත්වන ලද ද මුල යහපත් වූ පරිදි දේශනා කිරීම් වශයෙන් හික්මවිය යුත්තන්ගේ සිතේ ස්වභාවයන්ට සුදුසු ලෙස පවත්වන ලද ද එසේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින්ද පවත්වන ලදැයි තථාගත වේ. අවබෝධ කරන ලදි. දේශනා කරන ලදි. පවත්වන ලදි යයි තථාගත වේ. යම්පරිදි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ද එසේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් අවබෝධ කරන ලදි. වටහා ගන්නා ලදි යයි තථාගත වේ. මෙසේ සියළුම සද්ධර්මය තථාගත වේ. එහෙයින් දෙවියන්ට ප්‍රධාන වූ ශක්‍ර තෙමේ මෙසේ කීය. “දෙව් මිනිසුන් විසින් පුදන ලද්දා වූ තථාගත ධර්මය නමස්කාර කරමු. යහපතක් වේවා” යි යනුවෙනි. ඒ මේ දෙය ඇත්තේනුයි භාග්‍යවතුන් වහන්සේ තථාගත වේ.
යථා ච ධම්මො, එවං අරියසඞ්ඝොපි යථා අත්තහිතාය පරහිතාය ච පටිපන්නෙහි සුවිසුද්ධං පුබ්බභාගසමථවිපස්සනාපටිපදං පුරක්ඛත්වා තෙන තෙන මග්ගෙන ගන්තබ්බං, තං තං තථා ගතොති තථාගතො. යථා වා භගවතා සච්චපටිච්චසමුප්පාදාදයො දෙසිතා, තථාව බුද්ධත්තා තථා ගදනතො ච තථාගතො. තෙනාහ සක්කො දෙවරාජා – “තථාගතං දෙවමනුස්සපූජිතං, සඞ්ඝං නමස්සාම සුවත්ථි හොතූ”ති. ස්වාස්ස සාවකභූතො අත්ථීති භගවා තථාගතො. එවං තථාගතභාවෙන තථාගතොති.
යම්සේ ධර්මයද මෙසේ ආර්ය සංඝයාද, යම් පරිදි තමාගේ හිත පිණිස ද අනුන්ගේ හිත පිණිස ද පිළිපන්නවුන් විසින් අතිශයින් පිරිසිදු වූ පූර්වභාගී සමථ විදර්ශනා ප්‍රතිපදාව පෙරටු කර ඒ ඒ මාර්ගයෙන් යායුතු තැනට එසේම ගියේනුයි තථාගත වේ. යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ විසින් සත්‍යය. පටිච්ච සමුප්පාදය ආදිය දේශනා කරන ලද ද එසේ අවබෝධ කළ හෙයින් ද එසේ දේශනාකළ හෙයින් ද තථාගත වේ. එහෙයිාන් ශක්‍ර දෙව්රජු කියන ලදි. දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත සංඝයා නමස්කාර කරමු. යහපතක් වේවා යනුයි. ඒ ආර්ය සංඝයා මුන්වහන්සේට ශ්‍රාවක වූයේනුයි භාග්‍යවතුන් වහන්සේ තථාගත වේ. මෙසේ එලෙස ගිය බැවින්ම තථාගත වේ.
ඉදම්පි ච තථාගතස්ස තථාගතභාවදීපනෙ මුඛමත්තකමෙව, සබ්බාකාරෙන පන තථාගතොව තථාගතස්ස තථාගතභාවං වණ්ණෙය්‍ය. ඉදඤ්හි තථාගතපදං මහත්ථං මහාගතිකං මහාවිසයං, තස්ස අප්පමාදපදස්ස විය තෙපිටකම්පි බුද්ධවචනං යුත්තිතො අත්ථභාවෙන ආහරන්තො “අතිත්ථෙන ධම්මකථිකො පක්ඛන්දො”ති න වත්තබ්බොති.
මෙයද තථාගතයන් වහන්සේගේ තථාගත බව දැක්වීමෙහි පිවිසීම් පමණමැයි. සර්වප්රකාරයෙන් වූ කලී තථාගතයන් වහන්සේම තථාගතයන් වහන්සේගේ තථාගත භාවය වර්ණනා කරන්නේය. මේ තථාගත පදවිය මහත් වූවකි. මහත් වූ ස්වභාව ඇත්තෙකි. මහත් වූ විෂයයකි. ඒ අප්‍රමාද පදයාගේ මෙනි. ත්‍රිපිටක බුද්ධ වචනයද සුදුසු පරිදි අරුත් දැකීමේ අදහසින් පටන්ගන්නා වූ ධර්මකථික තෙමේ නොතෙටෙහි පිළිපන්නේ යයි කිවයුතුයි.
තත්ථෙතං වුච්චති –
එහිලා මෙය කියනු ලබයි.
“යථෙව ලොකෙ පුරිමා මහෙසිනො, සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා; තථා අයං සක්යමුනීපි ආගතො, තථාගතො වුච්චති තෙන චක්ඛුමා.
‘ලොවැ සර්වඥ බවට පත් මහර්ෂී වූ පෙර මුනිවරු යම් පරිද්දකින් මෙහි පැමිණියාහු ද මේ ශාක්‍ය මුනීන්ද්රයන් වහන්සේද එසේ පැමිණියේය. එහෙයින් පසැස් ඇත්තා වූ බුදුරදුන් තථාගත යයි කියනු ලැබෙයි.
“පහාය කාමාදිමලෙ අසෙසතො, සමාධිඤාණෙහි යථා ගතා ජිනා; පුරාතනා සක්‍යමුනී ජුතින්ධරො, තථා ගතො තෙන තථාගතො මතො.
පෙර බුදුවරු සමාධි නුවණින් කාමාදී කිළිටි මුළුමනින් දුරුකර යම් පරිද්දකින් පැමිණියාහුද ප්රභාවත් වූ ශාක්‍ය මුනීන්ද්රයන් වහන්සේද එසේ පැමිණියේය. එහෙයින් තථාගත යයි දන්නා ලදි.
“තථඤ්ච ධාතායතනාදිලක්ඛණං, සභාවසාමඤ්ඤවිභාගභෙදතො; සයම්භුඤාණෙන ජිනොයමාගතො, තථාගතො වුච්චති සක්යපුඞ්ගවො.
මේ ජිනෙන්ද්රියන් වහන්සේ සත්‍ය වූ ධර්මයද ධාතු ආයතන ආදී ලක්ෂණය ද සත්‍යය ඒ හා සමාන ආකාරයද යන අයුරින් ස්වයම්භූ ඥානයෙන් එක්තැන් වූ සේක. (එහෙයින්) ශාක්‍ය මුනීන්ද්රයන් වහන්සේ තථාගත යයි කියනු ලැබේ.
“තථානි සච්චානි සමන්තචක්ඛුනා, තථා ඉදප්පච්චයතා ච සබ්බසො; අනඤ්ඤනෙය්යා නයතො විභාවිතා, තථා ගතො තෙන ජිනො තථාගතො.
සමන්ත චක්ෂු වූ බුදුරදුන් විසින් තත් වූ පරිදි වූ සත්‍යයන්ද එසේම ප්‍රතීත්‍ය සමුත්පාදයද මුළුමනින්ම අනිකෙකු විසින් අවබෝධ කළ නොහැකි අයුරින් ප්‍රකාශ කරන ලදි. එහෙයින් එසේ අවබෝධ කළ ජිනයන් වහන්සේ තථාගත වන සේක.
“අනෙකභෙදාසුපි ලොකධාතුසු, ජිනස්ස රූපායතනාදිගොචරෙ; විචිත්තභෙදෙ තථමෙව දස්සනං, තථාගතො තෙන සමන්තලොචනො.
නොයෙක් කොටස්වලින් යුත් (විවිධ වූ) ලෝකධාතූන්හි රූප-ආයතනාදීන්ට ගොදුරු වූ විසිතුරු ප්රභේදයන්හි සත්‍ය වූම දැක්මක් ජිනයන් වහන්සේට විය. සියල්ල දක්නා වූ භාග්‍යවතුන් වහන්සේ එහෙයින් තථාගත වේ.
“යතො ච ධම්මං තථමෙව භාසති, කරොති වාචාය නුරූපමත්තනො; ගුණෙහි ලොකං අභිභුය්යිරීයති, තථාගතො තෙනපි ලොකනායකො.
ධර්මය යම් පරිද්දකින් වීද ඒ සත්‍ය වූවම දේශනා කරයි. ඊට ගැලපෙන පරිදිම තමාගේ කටයුතු කරයි. සිය ගුණයන්ගෙන් ලෝකය මැඩපවත්වා සිටී. එහෙයින්ද ලෝකනායකයන් වහන්සේ තථාගත වන සේක.
“තථා පරිඤ්ඤාය තථාය සබ්බසො, අවෙදි ලොකං පභවං අතික්කමි; ගතො ච පච්චක්ඛකිරියාය නිබ්බුතිං, අරීයමග්ගඤ්ච ගතො තථාගතො.
(එසේම) සත්‍ය වූ ධර්මයන් මුළුමනින් සත්‍ය ලෙස අවබෝධ කර ලොව හටගැනීම පිළිබඳව දේශනා කළේය. ලොව ඉක්මවීය. ප්රත්යක්ෂයෙන්ම නිවීමට ගියේය. තථාගත තෙමේ ආර්යමාර්ගය අනුව ගියේය.
“තථා පටිඤ්ඤාය තථාය සබ්බසො, හිතාය ලොකස්ස යතොයමාගතො; තථාය නාථො කරුණාය සබ්බදා, ගතො ච තෙනාපි ජිනො තථාගතො.
සත්‍ය වූ ධර්මයන් මුළුමනින්ම සත්‍ය ලෙස ප්‍රතිඥා කර ලෝකයාට හිත පිණිස යම්හෙයකින් පැමිණියේද ඒ නාථයන් වහන්සේ හැමකල්හි කරුණාවෙන් පිළිපන්නේය. එහෙයින් ද බුදුරදුන් තථාගත වේ.
“තථානි ඤාණානි යතොයමාගතො, යථාසභාවං විසයාවබොධතො; තථාභිජාතිප්පභුතී තථාගතො, තදත්ථසම්පාදනතො තථාගතො.
යම් හෙයකින් විෂයාවබෝධයෙන් සත්‍ය වූ ඤාණයන් එක්තැන් වීද එසේම විශිෂ්ට වූ උපතේ පටන් ඒ කරුණු සම්පාදනය කිරීමෙන් බුදුරදුන් තථාගත වේ.
“යථාවිධා තෙ පුරිමා මහෙසිනො, තථාවිධොයම්පි තථා යථාරුචි; පවත්තවාචා තනුචිත්තභාවතො, තථාගතො වුච්චති අග්ගපුග්ගලො.
ඒ පෙර බුදුවරු යම් පරිදි වූවාහුද මේ බුදුරදුන්ද එසේ වීය. යම් අභිලාසයන් වීද එයද එසේ විය. පැවැත්ම දේශනය හා චිත්ත ස්වභාවයෙන්ද එසේ වීය. එහෙයින් අග්‍ර පුද්ගල වූ බුදුරදුන් තථාගත යයි කියනු ලැබේ.
“සම්බොධිසම්භාරවිපක්ඛතො පුරෙ, ගතං න සංසාරගතම්පි තස්ස වා; න චත්ථි නාථස්ස භවන්තදස්සිනො, තථෙහි තස්මා අගතො තථාගතො.
මෙතෙමේ පූර්වයෙහි බෝධිසම්භාරයන් (පාරමිතා) අවුලට පත් කරමින් ගියේ නොවෙයි. අනාථනාථ වූ සසර කෙළවර දක්නා වූ මුන්වහන්සේට සසර ගමනක්ද නැත. එනිසා යථානුකූලව පැමිණියේ එහෙයින් තථාගත වේ.
“තථාගතො ධම්මවරො මහෙසිනා, යථා පහාතබ්බමලං පහීයති; තථාගතො අරියගණොපි සත්ථුනො, තථාගතො තෙන සමඞ්ගිභාවතො”ති.
ධර්මධර වූ මහර්ෂී වූ තථාගතයන් වහන්සේ යම් පරිද්දකින් හළයුතු කෙලෙස් මල ප්රහාණය කෙරේද ආර්ය මාර්ගාමී වූ ශාස්තෲන් හා එක්වූ හෙයින් ද තථාගත වේ යනුයි.
මහිද්ධිකතාති පරමෙන චිත්තවසීභාවෙන ච ඉද්ධිවිධයොගෙන ධම්මානුභාවඤ්ඤථත්තනිප්ඵාදනසමත්ථතාසඞ්ඛාතාය මහතියා ඉද්ධියා සමන්නාගමො මහිද්ධිකතා. චිරකාලසම්භූතෙන සුවිදූරප්පටිපක්ඛෙන ඉච්ඡිතත්ථනිප්ඵත්තිහෙතුභූතෙන මහාජුතිකෙන පුඤ්ඤතෙජෙන සමන්නාගමො මහානුභාවතා. යත්රාති අච්ඡරියපසංසාකොතුහලහාසපසාදිකො පච්චත්තත්ථෙ නිපාතො. තෙන යුත්තත්තා විජායිස්සතීති අනාගතකාලවචනං, අත්ථො පන අතීතකාලොයෙව. අයඤ්හෙත්ථ අත්ථො – යා හි නාම අයං සුප්පවාසා තථා දුක්ඛනිමුග්ගා කිච්ඡාපන්නා භගවතො වචනසමකාලමෙව සුඛිනී අරොගා අරොගං පුත්තං විජායීති. අත්තමනොති සකමනො, භගවති පසාදෙන කිලෙසරහිතචිත්තොති අත්ථො. කිලෙසපරියුට්ඨිතඤ්හි චිත්තං වසෙ අවත්තනතො අත්තමනොති න සක්කා වත්තුන්ති. අත්තමනොති වා පීතිසොමනස්සෙහි ගහිතමනො. පමුදිතොති පාමොජ්ජෙන යුත්තො. පීතිසොමනස්සජාතොති ජාතබලවපීතිසොමනස්සො. අථාති පච්ඡා, තතො කතිපාහස්ස අච්චයෙන. සත්තභත්තානීති සත්තසු දිවසෙසු දාතබ්බභත්තානි. ස්වාතනායාති ස්වාතනපුඤ්ඤත්ථං, යං ස්වෙ බුද්ධප්පමුඛස්ස සඞ්ඝස්ස දානවසෙන පයිරුපාසනවසෙන ච භවිස්සති පුඤ්ඤං තදත්ථං.
මහද්ධිකතා යනු උතුම් වූ සිත් වසඟ භාවයෙන් ද සෘද්ධිවිධයන්හි යෙදීමෙන් ධර්මානුභාවයෙන් අන් බවක් නිපදවනු සමත් වූ සංඛ්‍යාත වූ මහත් වූ සෘද්ධියෙන් යුක්ත වන හෙයින් මහිද්ධිකතා යනු වේ. බොහෝ කලක් පටන් ඇති වූ ඉතා අධික දුරක සිට සතුරු වූ අපේක්ෂිතාර්ථ සාධනයට හේතු වූ මහත් කාන්ති ඇති පින් තෙදින් යුක්ත වූ බව ඇති හෙයින් මහානුභාවතා වේ. යත්ර යනු ආශ්චර්යය, ප්‍රශංසාව කුහුල සිනහව ප්‍රසාදය යන අර්ථයන්හි නිපාතයයි. එයින් යුක්ත හෙයිනි. විජායිස්සති යනු අනාගත කාලික වචනයකි. අර්ථය වූ කලී අතීත කාලයෙහිම වේ. මේ මෙහි අර්ථයයි. යම්බඳු වූ මෝ සුප්පාවාසා තොමෝ එලෙස දුකෙහි ගිලුනී. අපහසුවට පත් වූවා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සමාන කල්හිම සුවපත්ව නිරෝගී වූවා නිරෝගී පුතෙකු වැදුවාය යනුයි. අත්තමනො යනු සිය සිතයි. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් කෙලෙස් රහිත සිත් ඇත්තේ යන අර්ථයයි. කෙලෙස්වලින් මෙහෙයවන ලද සිත තමා විෂයෙහි නොපවත්වන හෙයින් සතුටු සිත් ඇත්තේ යි. එලෙස සිටින්නට නොහැක යනුයි. තවද අත්තමනො යනු ප්‍රීති සොම්නස් බැවින් ගන්නා ලද සිත් ඇත්තේ. පමුදිතො යනු සතුටින් යුක්ත වූයේ. පීති සොමනස්ස ජාතො යනු හටගත්තා වූ බලවත් ප්‍රීති සොම්නස් ඇත්තේ. අථ යනු පසුව අනතුරුව කිහිප දිනක් ඇවෑමෙන් සත්ත භත්තානි යනු සත්දවසක් හි දිය යුතු බත්. ස්වාතනාය යනු හෙට දවසේ පිං පිණිස. හෙට බුද්ධප්‍රමුඛ සංඝයාට දන්දීම් වශයෙන් ද ඇසුරු කිරීම් වශයෙන් ද යම් පිනක් වන්නේ ද ඒ සඳහා.
අථ ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තෙසීති කස්මා ආමන්තෙසි? සුප්පවාසාය සාමිකස්ස පසාදරක්ඛණත්ථං. සුප්පවාසා පන අචලප්පසාදාව, උපාසකස්ස පන පසාදරක්ඛණං මහාමොග්ගල්ලානත්ථෙරස්ස භාරො. තෙනාහ “තුය්හෙසො උපට්ඨාකො”ති. තත්ථ තුය්හෙසොති තුය්හං එසො. තිණ්ණං ධම්මානං පාටිභොගොති මම භොගාදීනං තිණ්ණං ධම්මානං අහානියා අවිනාසාය අය්යො මහාමොග්ගල්ලානො යදි පාටිභොගො යදි පතිභූ, ඉතො සත්ත දිවසෙ අතික්කමිත්වා මම සක්කා දානං දාතුන්ති යදි අය්යෙන ඤාතන්ති දීපෙති. ථෙරොපි තස්ස තෙසු දිවසෙසු භොගානං ජීවිතස්ස ච අනුපද්දවං පස්සිත්වා ආහ – “ද්වින්නං ඛො නෙසං, ආවුසො, ධම්මානං පාටිභොගො භොගානඤ්ච ජීවිතස්ස චා”ති. සද්ධා පනස්ස චිත්තප්පටිබද්ධාති තස්සෙව භාරං කරොන්තො “සද්ධාය පන ත්වඤ්ඤෙව පාටිභොගො”ති ආහ. අපි ච සො උපාසකො දිට්ඨසච්චො, තස්ස සද්ධාය අඤ්ඤථාභාවො නත්ථීති තථා වුත්තං. තෙනෙව ච කාරණෙන භගවතා “පච්ඡාපි ත්වං කරිස්සසීති සඤ්ඤාපෙහී”ති වුත්තං. උපාසකොපි සත්ථරි ථෙරෙ ච ගාරවෙන සුබ්බචතාය තස්සා ච පුඤ්ඤෙන වඩ්ඪිං ඉච්ඡන්තො “කරොතු සුප්පවාසා කොලියධීතා සත්ත භත්තානි, පච්ඡාහං කරිස්සාමී”ති අනුජානි.
‘අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් ඇමතීය.’ යනුවෙනි. කුමක් හෙයින් ඇමතීද යත්, සුප්පවාසාවගේ සැමියාගේ ප්‍රසාදය රැකීම සඳහායි. සුප්පවාසාවගේ ප්‍රසාදය රැකීම සඳහා නොවේ. සුප්පවාසාව වූ කලී නොසැලෙන ප්‍රසාද ඇත්තීම වේ. උපාසකයාගේ ප්‍රසාදය රැකීම මහමුගලන් තෙරුන්ට භාරය. එහෙයින් කීය. ‘මෙතෙම ඔබගේ උපස්ථායකැ’යි යනුවෙනි. එහි තුය්හෙසො යනු තුය්හං එසො යන විසන්ධිය වේ. තිණ්ණං ධම්මානං පාටිභොගො යනු මගේ සම්පත් (භෝගයන්) ආදී වූ ත්‍රිවිධ කරුණුවල හානි නොවීම පිණිස විනාශ නොවීම පිණිස ආර්ය වූ මහමුගලන් තෙරුන් යදි පටිභාගො ඉදින් ඇප වූයේ සත් දිනක් නොඉක්මවා මට දන්දීමට හැකියයි ඉදින් ආර්යයන් වහන්සේ විසින් දන්නා ලදි යයි දක්වයි. තෙරුන්වහන්සේ ද එදිනයන්හි ඔහුගේ භෝගයන්ට ද ජීවිතයටද උපද්‍රව රහිත බව දැක මෙසේ වදාළ සේක. ඇවැත්නි, භෝගයන්ටද ජීවිතයටදැයි යන ඔවුන්ගේ කරුණු දෙකට ඇප වෙමි යනුවෙනි. ශ්‍රද්ධා තොමෝ ඔහුගේ සිත හා බැඳුනේ යයි ඔහුටම භාර කරමින් ‘ශ්‍රද්ධාව කරණ කොටගෙන ඔබම ඇප වවයි වදාළ සේක. තවද දක්නා ලද සත්‍ය ඇති ඒ උපාසක තෙමේ ඔහුගේ ශ්‍රද්ධාවෙහි වෙනස් බවක් නැත යනුයි එසේම කියන ලදි. ඒ කරුණින් භාග්‍යවතුන් වහන්සේ විසින් පසුවද ඔබ එබඳු වූවෙක් කරන්නෙහි යයි දක්වව යයි කියන ලදි. උපාසක තෙමේ ද ශාස්තෲන් වහන්සේ කෙරෙහිද තෙරුන් කෙරෙහිද ගෞරවයෙන් ඒ සුප්පවාසාවගේ පිනින් යහපත කැමති වන්නේ කෝලිධීතා වූ සුප්පවාසා සත්දිනක් දන් දීම කෙරේවා. මම පසුව කරන්නෙමියි අනුදත්තේය.
තඤ්ච දාරකන්ති විජාතදිවසතො පට්ඨාය එකාදසමං දිවසං අතික්කමිත්වා තතො පරං සත්තාහං බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං භොජෙත්වා සත්තමෙ දිවසෙ තං සත්තවස්සිකං දාරකං භගවන්තං භික්ඛුසඞ්ඝඤ්ච වන්දාපෙසි. සත්ත මෙ වස්සානීති සත්ත මෙ සංවච්ඡරානි, අච්චන්තසංයොගවසෙන චෙතං උපයොගවචනං. ලොහිතකුම්භියං වුත්ථානීති මාතුකුච්ඡියං අත්තනො ගබ්භවාසදුක්ඛං සන්ධාය වදති. අඤ්ඤානිපි එවරූපානි සත්ත පුත්තානීති “අඤ්ඤෙපි එවරූපෙ සත්ත පුත්තෙ”ති වත්තබ්බෙ ලිඞ්ගවිපල්ලාසවසෙන වුත්තං “එවරූපානී”ති. එවං සත්ත වස්සානි ගබ්භධාරණවසෙන සත්තාහං මූළ්හගබ්භතාය ච මහන්තං දුක්ඛං පාපෙත්වා උප්පජ්ජනකපුත්තෙති අත්ථො. එතෙන මාතුගාමානං පුත්තලොලතාය පුත්තලාභෙන තිත්ති නත්ථීති දස්සෙති.
තඤ්ච දාරකං යනු උපන්දින පටන් එකොළොස් දිනයක් නොඉක්මවා ඉන්පසු සත්දිනක් බුද්ධප්‍රමුඛ භික්ෂු සමූහයා වළඳවා සත්වන දිනයෙහි සත්අවුරුදු වයස් ඇති ඒ දරුවා භාග්‍යවතුන් වහන්සේවද භික්ෂු සංඝයාද වැන්දවීය. සත්තවස්සානි යනු අවුරුදු සතක්. මෙය අත්‍යන්ත සංයොග වශයෙන් යෙදූ වචනයකි. ලොහිත කුම්භියං වුත්ථාති යනු මව්කුසෙහි තමාගේ ගැබ තුළ වාසය කිරීමේ දුක අරබයා කියයි. අඤ්ඤානි පි එවරූපානි සත්ත පුත්තානි යනු අඤ්ඤෙපි එව රූපෙ සත්ත පුත්තෙ (මෙබඳු වූ අන් පුතුන් සත් දෙනෙකු) යයි කිවයුතු තන්හි ලිංග විපර්යාසයෙන් කියන ලදි. එවරූපානි යනු මෙසේ ගැබ් දැරීම් වශයෙන් සත් අවුරුදු සත්දිනක් මුළා වූ ගැබ් ඇති බැවින් මහත් වූ දුකට පත් කරවා උපදවන්නා වූ පුත්‍රයන් යන අර්ථයයි. මෙයින් ස්ත්රීන්ගේ ලොල්බව නිසා පුත්‍රයන් ලැබීමෙන් අතෘප්තිමත් බව යයි දක්වයි.
එතමත්ථං විදිත්වාති එතං සත්තදිවසාධිකානි සත්ත සංවච්ඡරානි ගබ්භධාරණාදිවසෙන පවත්තං මහන්තං දුක්ඛං එකපදෙ විසරිත්වා පුත්තලොලතාවසෙන තාය වුත්තමත්ථං විදිත්වා. ඉමං උදානන්ති ඉමං චිත්තසුඛප්පමත්තො විය පමත්තපුග්ගලෙ ඉට්ඨාකාරෙන වඤ්චෙත්වා තණ්හාසිනෙහස්ස මහානත්ථකරභාවදීපකං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු මේ සත්දිනක් අධික කොට ඇති සත් අවුරුද්දක් ගැබ් දැරීම් ආදී වශයෙන් පැවති මහත් වූ දුක එක්වරම දැක පුත්‍රයන්ට ලොල් කිරීම් වශයෙන් යට කියන ලද කරුණ දැන. ඉමං උදානං යනු චිත්තසුඛයෙහි මත්වූවෙක් මනෝඥ ආකාරයෙන් ප්රමාදී පුද්ගලයෙකු රවටන්නාක් මෙන් රවටා තෘෂ්ණා-ආලය ප්රහාණය කරන්නා වූ ආකාරය දක්වන්නා වූ මේ ප්‍රීිති වාක්‍යය ප්‍රකාශ කළේය.
තත්ථ අසාතන්ති අමධුරං අසුන්දරං අනිට්ඨං. සාතරූපෙනාති ඉට්ඨසභාවෙන. පියරූපෙනාති පියායිතබ්බභාවෙන. සුඛස්ස රූපෙනාති සුඛසභාවෙන. ඉදං වුත්තං හොති – යස්මා අසාතං අප්පියං දුක්ඛමෙව සමානං සකලම්පි වට්ටගතං සඞ්ඛාරජාතං අප්පහීනවිපල්ලාසත්තා අයොනිසොමනසිකාරෙන ඉට්ඨං විය පියං විය සුඛං විය ච හුත්වා උපට්ඨහමානං සතිවිප්පවාසෙන පමත්තපුග්ගලං අතිවත්තති අභිභවති අජ්ඣොත්ථරති, තස්මා ඉමම්පි සුප්පවාසං පුනපි සත්තක්ඛත්තුං එවරූපං අසාතං අප්පියං දුක්ඛං සාතාදිපතිරූපකෙන දුක්ඛෙන පුත්තසඞ්ඛාතපෙමවත්ථුසුඛෙන අජ්ඣොත්ථරතීති.
එහි අඝාතං යනු අමිහිරි, සුන්දර නොවන, මනෝඥ නොවන, ඝාතරූපෙන යනු මනෝඥ (ප්‍රිය) ස්වභාවයෙන්. පිය රූපෙන යනු ප්‍රිය කළයුතු බැවිාන් - සුඛස්ස රූපෙන යනු සැප සහිත බැවින් මෙය කියන ලද්දේ වෙයි. යම්හෙයකින් සැප රහිත වූ අප්‍රිය වූ දුක හා සමාන වූ සංසාරගත සියළු සංස්කාර සමූහය ප්රහාණය නොකිරීම හා වෙනස් වීමේ ස්වභාවය නිසා නුනුවණින් මෙනෙහි කිරීමෙන් මනෝඥ මෙන් ප්‍රිය වූ ප්‍රිය පහස් ඇත්තක් මෙන් වටහාගන්නා වූ, සිහියෙන් තොර බැවින් මත් වූ පුද්ගලයා ඉක්මවා පවතී. මැඩ පවත්වයි. වසාගෙන පැතිරෙයි. එහෙයින් මේ සුප්පවාසාවටද නැවත මෙබඳු සැප රහිත අමනෝඥ වූ දුක, සැප ආදියට සුදුසු වූ පුත්‍ර සංඛ්‍යාත වස්තු සුඛයෙන් වසා පැතිරෙයි.
අට්ඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
අටවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.