සුප්පවාසාසුත්තං
2. 8.
2. 8.
සුප්පවාසාසුත්තං.
සුප්‍රවාසා සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා කුණ්ඩියායං විහරති කුණ්ඩධානවනෙ තෙන ඛො පන සමයෙන සුප්පවාසා කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙති සත්තාහං මූළ්හගබ්භා. සා දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වෙදනාහි ඵුට්ඨා තීහි විතක්කෙහි අධිවාසෙති:
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුණ්ඩියා (නම්) නගරය සමීපයෙහි කුණ්ඩධාන (නම්) වනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි සුප්පවාසා නම් කෝලිය දූහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගර්භයක් දරයි: සත්දවසක් මුළුල්ලෙහි මූඪගර්භ ව සිටියි. ඕ තොමෝ දුක් වූ තියුණු කර්කශ වූ කටුක වූ, වේදනාවන්ගෙන් ස්පර්ශ කරන ලද්දී ත්‍රිවිධ විතර්කයන් කරණ කොට ගෙන ඉවසනු හැකි වෙයි:
“සම්මාසම්බුද්ධො වත සො භගවා යො ඉමස්ස එවරූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දෙසෙති, සුපටිපන්නො වත තස්ස භගවතො සාවකසඞ්ඝො, යො ඉමස්ස එවරූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නො. සුසුඛං වත තං නිබ්බානං යත්ථිදං එවරූපං දුක්ඛං න සංවිජ්ජතී”ති.
“යම් කෙනෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධයහ. යමෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපන්නේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන්නේ ය. යම් නිවනෙක මෙබඳු මේ දුකෙක් නො මැත්තේ ද, ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම සුවය” යනු ත්‍රිවිධ විතර්කය යි.
අථ ඛො සුප්පවාසා කොලියධීතා සාමිකං ආමන්තෙසි: “එහි ත්වං අය්යපුත්ත, යෙන භගවා තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ: “සුප්පවාසා භන්තෙ කොලියධීතා භගවතො පාදෙ සිරසා වන්දති. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී”ති. එවඤ්ච වදෙහි: “සුප්පාවාසා භන්තෙ කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙති, සත්තාහං මූළ්හගබ්භා. සා දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වෙදනාහි ඵුට්ඨා තීහි විතක්කෙහි අධිවාසෙති: “සම්මාසම්බුද්ධො වත සො භගවා, යො ඉමස්ස එවරූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දෙසෙති. සුපටිපන්නො වත තස්ස භගවතො සාවකසඞ්ඝො, යො ඉමස්ස එවරූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නො. සුසුඛං වත තං නිබ්බානං යත්ථිදං එවරූපං දුක්ඛං න සංවිජ්ජතී”’ති.
ඉක්බිති සුප්පාවාසා කෝලිය දූහිතෘ තොමෝ හිමියා අමතා, “ආර්‍ය්‍යපුත්‍රය, මුබ (මෙහි) එන්නැ: භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නැ. එළැඹැ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ පා වඳින්නැ. ආබාධ නැති නියා ද රෝග නැති නියා ද, සැහැල්ලු පැවැතුම් ඇති නියා ද, (ශරීර) බලය ද, පහසු විහරණය ද විචාරන්නැ. “ස්වාමීනි, සුප්පාවාසා කෝලිය දුහිතෘ තොමෝ හිසින් භාග්‍යවතුන් වහන්සේගේ පා වඳියි. ආබාධ නැති නියා ද, රෝග නැති නිසා ද, සැහැල්ලු පැවැතුම් ඇති නියා ද (ශරීර) බලය ද පහසු විහරණය ද විචාරයි. ස්වාමීනි, සුප්පාවාසා කෝලිය දුහිතෘ තොමෝ සත්අවුරුද්දක් මුළුල්ලෙහි ගබක් දරයි. සත්දවසක් මුළුල්ලෙහි මූඪගර්භ ව සිටියි. ඕ තොමෝ දුක් වූ තියුණු වූ කර්කශ වූ කටුක වූ වේදනාවන්ගෙන් ස්පර්ශ කරන ලද්දී ‘යම් කෙනෙක් මෙ බඳු මේ දුක දුරු කරනු පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධයහ. යමෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපදින්නේ ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන් ය. යම් නිවනෙක මෙබඳු මේ දුකෙක් නො මැත් ද ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම යැ යන තුන් විතර්ක හේතු කොට ගෙන ඒ දුක් ඉවසනු හැකි වේ යැ යි සැළ කරන්නැ”යි කිවු ය.
3. පරමන්ති ඛො සො කොලියපුත්තො සුප්පවාසාය කොලියධීතාය පටිස්සුණිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො කොලියපුත්තො භගවන්තං එතදවොච:
3. ‘මැනැවැ’ යි ඒ කෝලිය පුත්‍ර තෙමේ සුප්පාවාසා කෝලිය දුහිතෘවට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නා වු ඒ කෝලියපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය:
“සුප්පවාසා භන්තෙ කොලියධීතා භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතීති. එවඤ්ච වදෙති: ‘සුප්පවාසා භන්තෙ කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙති සත්තාහං මූළ්හගබ්භා සා දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වෙදනාහි ඵුට්ඨා තීහි විතක්කෙහි අධිවාසෙති: ‘සම්මාසම්බුද්ධො වත සො භගවා, යො ඉමස්ස එවරූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දෙසෙති. සුපටිපන්නො වත තස්ස භගවතො සාවකසඞ්ඝො, යො ඉමස්ස එවරූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නො. සුසුඛං වත නිබ්බානං, යත්ථිදං එවරූපං දුක්ඛං න සංවිජ්ජතී”ති.
“වහන්ස, සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ හිසින් භාග්‍යවතුන් වහන්සේගේ පා වඳියි. ආබාධ රහිත නියා ද, රෝග රහිත නියා ද, සැහැල්ලු පැවතුම් ඇති නියා ද (ශරීර) බලය ද, පහසු විහරණය ද විචාරයි. මෙසේත් කියයි: ‘වහන්ස, සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ සත් අවුරුද්දක් මුළුල්ලෙහි ගබක් දරයි. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්භ ව ඕ තොමෝ දුක් වූ තියුණු වූ කර්කශ වූ කටුක වූ වේදනාවන්ගෙන් ස්පර්ශ කරන ලද්දී “යම් කෙනෙක් මෙ බඳු මේ දුක දුරු කරනු පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධයහ. යමෙක් මෙ බඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපදින්නේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන් ය. යම් නිවනෙක මෙ බඳු මේ දුක නැත් ද, ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම සුව යැ”යි ත්‍රිවිධ විතර්කයෙන් ඉවසා ය’ යනුයි.
“සුඛිනී හොතු සුප්පවාසා කොලියධීතා අරොගා, අරොගං පුත්තං විජායතූ”ති. සහ වචනා ච පන භගවතො සුප්පවාසා කොලියධීතා සුඛිනී අරොගා අරොගං පුත්තං විජායි.
“සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ සුඛිත වේවා, නීරෝග වේවා, නීරෝග පුත්‍රයකු වදාවා”යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචනය සමග ම සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ සුඛිත වූවා නීරෝග වූවා නීරෝග පුත්‍රයකු වැදුවා ය.
‘එවං භන්තෙ’ති ඛො සො කොලියපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන සකං ඝරං තෙන පච්චායාසි.
“වහන්ස, එසේ යැ”යි ඒ කෝලියපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන, නැවතත් සතුට ප්‍රකාශ කොට අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ පැදකුණු කොට ස්වකීය ගෘහය කරා ගියේ ය.
අද්දසා ඛො කොලියපුත්තො සුප්පවාසං කොලියධීතරං සුඛිනිං අරොගං, අරොගං පුත්තං විජාතං. දිස්වානස්ස එතදහොසි: “අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්ර හි නාමායං සුප්පවාසා කොලියධීතා සහ වචනා ච පන භගවතො සුඛිනී අරොගා අරොගං පුත්තං විජායිස්සතී”ති. අත්තමනො පමුදිතො පීතිසොමනස්සජාතො අහොසි.
කෝලියපුත්‍ර තෙමේ නීරෝග පුත්‍රයකු වැදුවා වූ සුඛිත වූ නීරෝග වූ සුප්පාවාසා කෝලියදුහිතෘ දුටුයේ ය. දැකැ ඔහුට “යම් බඳු වූ මේ කෝලියදුහිතෘ තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනයත් සමග ම සුව පත් වූවා, නීරෝග වූවා, නීරෝග වූ පුත්‍රයකු වැදූ ද, පින්වත්නි, ඒ තථාගතයන් වහන්සේ ගේ මහත් ඍද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යය. ඒකාන්තයෙන් අද්භූත යැ”යී මෙ බඳු සිතෙක් විය. හේ සතුටු සිත් ඇත්තේ අතිශයින් ප්‍රමෝදය ඇත්තේ, හටගත් බලවත් ප්‍රීතිය හා සොම්නස ඇත්තේ විය.
අථ ඛො සුප්පවාසා කොලියධීතා සාමිකං ආමන්තෙසි: “එහි ත්වං අය්යපුත්ත, යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, සුප්පවාසා භන්තෙ කොලියධීතා භගවතො පාදෙ සිරසා වන්දතී”ති. එවඤ්ච වදෙහි: “සුප්පවාසා භන්තෙ කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙසි, සත්තාහං මූළ්හගබ්භා. සා එතරහි සුඛිනී අරොගා, අරොගං පුත්තං විජාතා. සා සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං භත්තෙන නිමන්තෙති. අධිවාසෙතු කිර භන්තෙ භගවා සුප්පවාසාය කොලියධීතාය සත්ත භත්තානි සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති.
ඉක්බිති සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ හිමියා ඇමතුවා ය: “ආර්‍ය්‍යපුත්‍රය, මුඹ මෙහි එන්නැ. භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹෙන්නැ. එළැඹැ ‘වහන්ස, සුප්පවාසා කෝලියදුහිතෘ භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳී’ යන මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳින්නැ. මෙසේත් කියන්න. ‘වහන්ස, සුප්පවාසා නම් කෝලිය දුහිතෘ තොමෝ සත් අවුරුද්දක් මුළුල්ලෙහි ගබක් දැරුවා ය. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්භව සිටියා ය. ඕ දැන් සුඛිත වූවා, නීරෝග වූවා, නීරෝග වු පුත්‍රයකු වැදුවා ය. ඕ තොමෝ සත් දවසක් මුළුල්ලෙහි බුදුපාමොක් බික්සඟනට බතින් නිමතයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයාත් සමග සුප්පවාසා කෝලියදූහිතෘවගේ සත් බතක් ඉවසා වදාරන සේක්වා’යි කියන්නැයි”යී කිවු ය.
6. පරමන්ති ඛො සො කොලියපුත්තො සුප්පවාසාය කොලියධීතාය පටිස්සුණිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො කොලියපුත්තො භගවන්තං එතදවොච: “සුප්පවාසා භන්තෙ කොලියධීතා භගවතො පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදෙති: සුප්පවාසා භන්තෙ කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙසි. සත්තාහං මූළ්හගබ්භා. සා එතරහි සුඛිනී අරොගා අරොගං පුත්තං විජාතා. සා සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං භත්තෙන නිමන්තෙති. අධිවාසෙතු කිර භන්තෙ භගවා සුප්පවාසාය කොලියධීතාය සත්ත භත්තානි සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති.
6. ඒ කෝලියපුත්‍ර තෙමේ සුප්පවාසා කෝලිය දුහිතෘවට ‘මැනැවැ’යි පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නාවූ ඒ කෝලිය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳියි. වහන්ස, සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගබක් දැරුවා ය. සත් දවසක් මුළුල්ලෙහි මූඪ ගර්භ වූවා ය. ඕ තොමෝ දැන් සුඛිතවූවා, නීරෝග වූවා, නීරෝගවූ පුත්‍රයකු වැදුවා ය. ඕ තොමෝ සත් දවසක් මුළුල්ලෙහි බුදුපාමොක් බික් සඟනට බතින් නිමතයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා සමග සුප්පවාසා කෝලිය දූහිතෘවගේ සත් බත ඉවසා වදාරන සේක්වා යි මෙසේත් කියා ය” යි සැළ කෙළේ ය.
7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරෙන උපාසකෙන බුද්ධපමුඛො භික්ඛුසඞ්ඝො ස්වාතනාය භත්තෙන නිමන්තිතො හොති. සො ච උපාසකො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස උපට්ඨාකො හොති. අථ ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තෙසි: “එහි ත්වං මොග්ගල්ලාන, යෙන සො උපාසකො තෙනුපසඞ්කමෙය්යාසි: උපසඞ්කමිත්වා තං උපාසකං එවං වදෙහි: “සුප්පවාසා ආවුසො කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙසි, සත්තාහං මූළ්හගබ්භා. සා එතරහි සුඛිනී අරොගා අරොගං පුත්තං විජාතා. සා සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං භත්තෙන නිමන්තෙති. කරොතු සුප්පවාසා කොලියධීතා සත්තභත්තානි. පච්ඡා ත්වං කරිස්සති. තුය්හෙසො උපට්ඨාකො”ති.
7. එසමයෙහි එක්තරා උපාසකයකු විසින් බුද්ධප්‍රමුඛ භික්ෂුසංඞ්ඝයා හෙට දවස පිණිස බතින් නිමතන ලද්දේ වෙයි. ඒ උපාසක තෙමේ ද ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේගේ උපස්ථායක වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ අමතා, “මහාමෞද්ගල්යානයෙනි, තෙපි මෙහි එව. ඒ උපාසකයා වෙත එළැඹෙව. එළැඹ ඒ උපාසකයාට “ඇවැත්නි, සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගබක් දැරුවා ය. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්භව වූවා ය. ඕ තොමෝ දැන් සුඛිත වූවා, නීරෝග වූවා, නීරෝග වූ පුත්‍රයකු වැදුවාය. ඕ තොමෝ සත් දවසක් මුළුල්ලෙහි බුදුපාමොක් බික්සඟනට බතින් නිමතයි. සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් බතක් පවත්වාවා, පසු ව හේ දන් දෙනු හැකි වන්නේ යයි කියව. ඒ උපාසක තෙමේ තොපගේ උපස්ථායකයෙකැ”යි වදාළ සේක.
8. එවං භන්තෙ’ති ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො පටිස්සුණිත්වා යෙන සො උපාසකො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං උපාසකං එතදවොච: “සුප්පවාසා ආවුසො කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙසි. සත්තාහං මූළ්හගබ්භා සා එතරහි සුඛිනී, අරොගා, අරොගං පුත්තං විජාතා. සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං භත්තෙන නිමන්තෙති. කරොතු සුප්පවාසා කොලියධීතා සත්තභත්තානි, පච්ඡා ත්වං කරිස්සසී”ති. “සචෙ මෙ භන්තෙ අය්යො මහාමොග්ගල්ලානො තිණ්ණං ධම්මානං පාටිභොගො භොගානඤ්ච ජීවිතස්ස ච සද්ධාය ච, කරොතු සුප්පවාසා කොලියධීතා සත්තභත්තානි. පච්ඡා අහං කරිස්සාමී”ති. “ද්වින්නං ඛො තෙ අහං ආවුසො ධම්මානං පාටිභොගො භොගානඤ්ච ජීවිතස්ස ච. සද්ධාය පන ත්වංයෙව පාටිභොගො”ති. “සචෙ මෙ භන්තෙ, අය්යො මහාමොග්ගල්ලානො ද්වින්නං ධම්මානං පාටිභොගො භොගානඤ්ච ජීවිතස්ස ච, කරොතු සුප්පවාසා කොලියධීතා සත්තභත්තානි. පච්ඡා අහං කරිස්සාමී”ති.
8. මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ “වහන්ස, එසේයැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ උපාසකයා වෙත එළැඹියහ. එළැඹැ ඒ උපාසකයාහට “ඇවැත්නි, සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගබක් දැරුවා ය. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්භව වූවා ය. ඕ තොමෝ දැන් සුඛිත වූවා, නීරෝග වූවා, නීරෝග වු පුත්‍රයකු වැදුවාය. සත්දවසක් මුළුල්ලෙහි බුදුරජුන් ප්රමුඛ භික්‍ෂුසඞ්ඝයාට බතින් නිමන්ත්‍රණ කරයි. සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් බතක් පවත්වා වා, පසු ව තෙපි සඞ්ඝයාට දන් දීම කරව”යි කීහ. “ඉදින් ආර්‍ය්‍ය වූ මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ මගේ වස්තු ජීවිත ශ්‍රද්ධා යන කරුණු තුන පිළිබඳ ව ඇප වන්නාහු නම් සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් බත් පවත්වා වා. පසුව මම දන් දෙන්නෙමැ”යි කීයේ ය. “ඇවැත්නි, තොපගේ වස්තු ජීවිත යන කරුණු දෙක පිළිබඳ ව මම ඇපකාරයෙකිම් වෙමි. ශ්‍රද්ධාව පිළිබඳව වූ කලි තොපට තෙපි ම ඇප වව යි වදාළ සේක. වහන්ස, ඉදින් ආර්‍ය්‍ය වූ මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ වස්තු ජීවිත යන කරුණු දෙක පිළිබඳව ඇපවන සේක් නම්, සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ සත් බත් පවත්වා වා. පසුව මම දන් දීම කරන්නෙමැ”යි උපාසක තෙමේ කීයේ ය.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං උපාසකං සඤ්ඤාපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ ඒ උපාසකයාහට දන්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.
“සඤ්ඤත්තො භන්තෙ සො උපාසකො මයා, කරොතු සුප්පවාසා කොලියධීතා සත්තභත්තානි, පච්ඡා සො කරිස්සතී”ති.
“වහන්ස, මා විසින් ඒ උපාසකයාහට දන්වන ලද්දේ ය. සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් බත් පවත්වා වා. පසු ව හේ කරන්නේ යැ”යි.
9. අථ ඛො සුප්පවාසා කොලියධීතා සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි, සම්පවාරෙසි. තඤ්ච දාරකං භගවන්තං වන්දාපෙසි, සබ්බඤ්ච භික්ඛුසඞ්ඝං.
9. ඉක්බිති සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් දවසක් මුළුල්ලෙහි බුදුරජුන් ප්රමුඛ භික්ෂුසඞ්ඝයා ප්‍රණීත වූ ඛාද්‍යයෙන් ද, භෝජ්‍යයෙන් ද සිය අතින් සන්තර්පණය කළා ය. සම්ප්‍රවාරණය කළා ය. ඒ දරුවා ලවා භාග්‍යවතුන් වහන්සේ ද සියලු භික්ෂුසඞ්ඝයා ද වැන්දැවූ ය.
10. අථ ඛො ආයස්මා සාරිපුත්තො තං දාරකං එතදවොච: “කච්චි තෙ දාරක, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි න කිඤ්චි දුක්ඛ”න්ති. “කුතො මෙ භන්තෙ සාරිපුත්ත, ඛමනීයං. කුතො යාපනීය. සත්තවස්සානි මෙ ලොහිතකුම්භියං වුත්ථානී”ති.
10 ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඒ දරුවාට. “කිම, දරුව තොපට සැහිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම කිසියම් දුකෙක් නැත් දැ?”යි වදාළ සේක. “වහන්ස, ශාරිපුත්‍රයන් වහන්ස, මට සැහිය හැක්කෙක් කොයින් ද, යැපිය හැක්කෙක් කොයින් ද මා විසින් සත් හවුරුද්දක් ලේසැළියෙක වාසය කරන ලදී”යි දරු කී ය.
11. අථ ඛො සුප්පවාසා කොලියධීතා “පුත්තො මෙ ධම්මසෙනාපතිනා සද්ධිං මන්තෙතී”ති, අත්තමනා පමුදිතා පීතිසොමනස්සජාතා අහොසි.
11. එකල්හි සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ “මා පුතා දම්සෙනෙවි සැරියුත් හිමියන් සමග කථා කෙරේ යැ”යි සතුටු සිත් ඇත්තී, ප්‍රමුදිත වූවා හටගත් ප්‍රීති සෞමනස්‍යය ඇත්තී වූ ය.
12. අථ ඛො භගවා (සුප්පවාසං කොලියධීතරං අත්තමනං පමුදිතං පීතිසොමනස්සජාතං දිස්වා සුප්පවාසං කොලියධීතරං එතදවොච: “ඉච්ඡෙය්යාසි ත්වං සුප්පවාසෙ, අඤ්ඤම්පි එවරූපං පුත්ත”න්ති. “ඉච්ඡෙය්යාමහං භගවා අඤ්ඤානි’පි එවරූපානි සත්ත පුත්තානී”ති .
12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සතුටු සිත් ඇති ප්‍රමුදිත වූ හටගත් ප්‍රීති සෞමනස්‍යය ඇති, සුප්පවාසා කෝලියදුහිතෘ ව දැකැ, “සුප්පවාසායෙනි, තෙපි අන්‍ය වූ ද මෙ බඳු පුතකු කැමැත්තාව”යි වදාළහ. “භාග්‍යවතුන් වහන්ස, මම අන්‍ය වු ද මෙ බඳු සත් පුතුන් කැමැත්තමු”යි ඕ කිවු ය.
13. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ, ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“අසාතං සාතරූපෙන පියරූපෙන අප්පියං, දුක්ඛං සුඛස්ස රූපෙන පමත්තමතිවත්තතී”ති.
“අමධුර දෑ මධුරස්වභාවයෙනුත් අප්‍රිය දෑ ප්රියස්වභාවයෙනුත් දුක සුඛස්වභාවයෙනුත් ප්රමාදී පුද්ගලයා ඉක්මැ යේ.”