විසාඛාසුත්තං
2. 9.
2. 9.
විසාඛාසුත්තං
විශාඛා සූත්‍රය
1. එවං මෙ සුත:– එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන විසාඛාය මිගාරමාතුයා කොචිදෙව අත්ථො රඤ්ඤෙ පසෙනදිම්හි කොසලෙ පටිබද්ධො හොති. තං රාජා පසෙනදි කොසලො න යථාධිප්පායං තීරෙති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්වාරාමයෙහි මෘගාරිමාතාප්රාසාදයෙහි වැඩ වසන සේක. එසමයෙහි මෘගාරිමාතෘ නම් වූ විශාඛාවට පසේනදි කොසොල් රජ්ජුරුවන් කෙරෙහි පිළිබඳ වු (පසේනදි රජුලවා කරවා ගත යුතු) කිසියම් කටයුත්තෙක් වෙයි. එය පසේනදි කොසොල් රජ ඇයගේ අදහස පරිදි තීරණය නො කරයි.
අථ ඛො විසාඛා මිගාරමාතා දිවාදිවස්ස යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා එතදවොච: “හන්ද කුතො නු ත්වං විසාඛෙ, ආගච්ඡසි දිවාදිවස්සා”ති.
ඉක්බිති මෘගාරිමාතා විශාඛා මධ්‍යාහ්න වෙලාවෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹුණු. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ එකත් පසෙක් හුන. එකත් පසෙක හුන්නා වූ මෘගාරිමාතෘ වූ විශාඛාවට භාග්‍යවතුන් වහන්සේ “විශාඛාවෙනි, තෙපි දැන් දෙවෙන් දහවලැ කොහි සිට එන්නහුදැ?”යි වදාළහ.
“ඉධ මෙ භන්තෙ කොචිදෙව අත්ථො රඤ්ඤෙ පසෙනදිම්හි කොසලෙ පටිබද්ධො හොති. තං රාජා පසෙනදි කොසලො න යථාධිප්පායං තීරෙතී”ති.
“වහන්ස, මට මෙහි පසේනදි කොසොල් රජ්ජුරුවන් අයත් කිසියම් කටයුත්තෙක් වෙයි. එය පසේනදි කොසොල් රජ මා අදහස පරිදි තීරණය නො කෙරේ යැ”යි සැළ කළා ය.
2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක.
“සබ්බං පරවසං දුක්ඛ, සබ්බං ඉස්සරියං සුඛං, සාධාරණෙ විහඤ්ඤන්ති යොගා හි දුරතික්කමා”ති.
“අනුන් අයත් සියල්ල දුක් ය. සියලු ලොවී ලොවුතුරා ඉසුරු බව සුව ය. සාධාරණය ඉටු කරවා ගැනීමෙහි ලා සියල්ලෝ දුකට පැමිණෙති.(කාමාදි) යෝගයෝ ඉක්මීමෙහි දුෂ්කර වෙති.