භද්දියසුත්තං
2. 10.
2. 10.
භද්දියසුත්තං
භද්දිය සූත්‍රය
1. එවං මෙ සුත: එකං සමයං භගවා අනුපියායං විහරති අම්බවනෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා භද්දියො කාළිගොධාය පුත්තො අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙසි: “අහො සුඛං, අහො සුඛ”න්ති. අස්සොසුං ඛො සම්බහුලා භික්ඛූ ආයස්මතො භද්දියස්ස කාළිගොධාය පුත්තස්ස අරඤ්ඤගතස්ස’පි රුක්ඛමූලගතස්ස’පි සුඤ්ඤාගාරගතස්ස’පි අභික්ඛණං උදානං උදානෙන්තස්ස “අහො සුඛං අහො සුඛ”න්ති. සුත්වාන නෙසං එතදහොසි: “නිස්සංසයං ඛො ආවුසො ආයස්මා භද්දියො කාළිගොධාය පුත්තො අනභිරතො බ්රහ්මචරියං චරති, යං’ස පුබ්බෙ අගාරියභූතස්ස රජ්ජසුඛං, සො තමනුස්සරමානො අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙති: අහො සුඛං අහො සුඛ”න්ති
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අනුපියනුවර අඹවෙනෙහි වැඩ වසන සේක. එසමයෙහි කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වනයට ගියාහු ද, රුක්මුලට ගියාහු ද, ශූන්‍යාගාරයට ගියාහු ද, හැම විට ම “අහෝ සුවයෙක අහෝ සුවයෙකැ”යි උදන් අනන සේක. බොහෝ භික්ෂූහු වනයට ගියාවූ ද, රුක්මුලට ගියාහු ද ශූන්‍යාගාරයට ගියාවූ ද කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේගේ නිතර “අහෝ සුවයෙකි අහෝ සුවයෙකැ”යි පහළ කරන උදානය ඇසූහ. අසා ඔවුනට “ඇවැත්නි නිසැකයෙන් ම කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ (ශාසනයෙහි) නො ඇලුණාහු බඹසර හැසිරෙති. පෙර ගිහිගෙයි සිටි ඔහුට යම් රජසුවයෙක් වී නම් හෙ තෙමේ එය සිහි කරන්නේ වනයට ගියේ ද රුක්මුලට ගියේ ද ශූන්‍යාගාරයට ගියේ ද “අහෝ සුවයෙකි, අහෝ සුවයෙකැයි උදන් පහළ කෙරේ යැ”යි මෙබඳු සිතෙක් විය.
2. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “ආයස්මා භන්තෙ භද්දියො කාළිගොධාය පුත්තො අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙති: ‘අහො සුඛං අහො සුඛ’න්ති. නිස්සංසයං ඛො භන්තෙ ආයස්මා භද්දියො කාළිගොධාය පුත්තො අනභිරතො බ්රහ්මචරියං චරති. යං’ස පුබ්බෙ අගාරියභූතස්ස රජ්ජසුඛං, සො තමනුස්සරමානො අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙති: “අහො සුඛං අහො සුඛ”න්ති.
2. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිර තෙමේ වනයට ගිය ද, රුක්මුලට ගිය ද, ශූන්‍යාගාරයට ගිය ද, නිතර “අහෝ සුවයෙකි, අහෝ සුවයෙකැ”යි උදන් අනයි. වහන්ස, නිසැකයෙන් ම කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිර තෙමේ ශාසනයෙහි නො ඇලුණේ බඹසර හැසිරෙයි. පෙර ගිහිගෙයි සිටි ඔහුට යම් රජසුවයෙක් වී නම් හේ එය සිහි කරමින් වනයට ගියේ ද රුක්මුලට ගියේ ද ශූන්‍යාගාරයට ගියේ ද නිතරම “අහෝ සුවයෙක, අහෝ සුවයෙකැ”යි උදන් අනායි කීහ.
3. අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: –“එහි ත්වං භික්ඛු, මම වචනෙන භද්දියං භික්ඛුං ආමන්තෙහි: සත්ථා තං ආවුසො භද්දිය ආමන්තෙතී”ති.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමැතූ සේක. “මහණ තෝ (මෙහි) එ. ‘ඇවැත, භද්දියය, ශාස්තෲන් වහන්සේ තා අමතති’යි මාගේ වචනයෙන් භද්දිය භික්ෂු කැඳව”යි වදාළ සේක.
“එවං භන්තෙ”ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා භද්දියො කාළිගොධාය පුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං භද්දියං කාළිගොධාය පුත්තං එතදවොච “සත්ථා තං ආවුසො භද්දිය, ආමන්තෙතී”ති.
“වහන්ස, එසේ යැ”යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ කාළිගෝධාවගේ පුත්‍ර වූ භද්දිය ස්ථවිරයන් වහන්සේට “ඇවැත භද්දිය ය, ශාස්තෘන් වහන්සේ තා කැඳවන සේකැ”යි කීය.
“එවමාවුසො”ති ඛො ආයස්මා භද්දියො කාළිගොධාය පුත්තො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං භද්දියං කාළිගොධාය පුත්තං භගවා එතදවොච: “සච්චං කිර ත්වං භද්දිය, අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙසි: ‘අහො සුඛං, අහො සුඛ”න්ති. “එවං භන්තෙ”ති. “කිං පන ත්වං භද්දිය, අත්ථවසං සම්පස්සමානො අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙසි: ‘අහො සුඛං අහො සුඛ”න්ති.
“ඇවැත් එසේ යැ”යි කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූ කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ - “සැබව, භද්දිය ය, වනයට ගිය ද, රුක්මුලට ගිය ද, ශූන්‍යාගාරයට ගිය ද තෝ නිතර ‘අහෝ සුවයෙකි අහෝ සුවයෙකැ’යි උදන් අනයි? වදාළහ. “එසේය වහන්ස”යි හේ කී ය. “භද්දිය ය, වනයට ගිය ද, රුක්මුලට ගිය ද, ශූන්‍යාගාරයට ගිය ද තෝ කවර ප්‍රයෝජනයක් දකිමින් නිතර ම “අහෝ සුවයෙක අහෝ සුවයෙකැයි උදන් අනයි දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“පුබ්බෙ මෙ භන්තෙ අගාරියභූතස්ස රජ්ජං කාරෙන්තස්ස අන්තො’පි අන්තෙපුරෙ රක්ඛා සුසංවිහිතා අහොසි, බහි’පි අන්තෙපුරෙ රක්ඛා සුසංවිහිතා අහොසි. අන්තො’පි නගරෙ රක්ඛා සුසංවිහිතා අහොසි, බහි’පි නගරෙ රක්ඛා සුසංවිහිතා අහොසි. අන්තො’පි ජනපදෙ රක්ඛා සුසංවිහිතා අහොසි බහි’පි ජනපදෙ රක්ඛා සුසංවිහිතා අහොසි. සො ඛො අහ, භන්තෙ එවං රක්ඛිතො ගොපිතො සන්තො භීතො උබ්බිග්ගො උස්සඞ්කී උත්‍රාසී විහාසිං. එතරහි ඛො පනාහං භන්තෙ අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි එකො අභිතො අනුබ්බිග්ගො අනුස්සඞ්කී අනුත්රාසී අප්පොස්සුක්කො පන්නලොමො පරදවුත්තො මිගභූතෙන චෙතසා විහරාමි. ඉදං ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙමි: ‘අහො සුඛං අහො සුඛ”න්ති.
“වහන්ස, පෙර ගිහිගෙයි සිටි රජය කරන මට අන්තඃපුරයෙහි ඇතුළත ද ආරක්ෂාව සලසන ලද්දේ විය. අන්තඃපුරයෙහි පිටත ද ආරක්ෂාව සලසන ලද්දේ විය. නගරයෙහි ඇතුළත ද ආරක්ෂාව සලසන ලද්දේ විය. නගරයෙහි පිටත ද ආරක්ෂාව සලසන ලද්දේ විය. ජනපදයෙහි ඇතුළත ද ආරක්ෂාව සලසන ලද්දේ විය. ජනපදයෙහි පිටත ද ආරක්ෂාව සලසන ලද්දේ විය. වහන්ස, ඒ මම් මෙසේ රක්ෂිත ගෝපිත වූයෙම් ම බිය වූයෙම් බියෙන් සැලුනෙම් නැගුණු සැක ඇත්තෙම් තැති ගැනුම් ඇත්තෙම් වාසය කළෙමි. වහන්ස, දැන් වනාහි මම වනයට ගියෙම් ද, රුක්මුලට ගියෙම් ද, ශූන්‍යාගාරයට ගියෙම් ද, හුදකලා වූයෙම් ද, බිය නොවූයෙම් බියෙන් නො සැලුනෙම් නැගුණු සැක නැතියෙම් තැතිගැනුම් නැතියෙම් ලොමුදහ නැතියෙම් අනුන් විසින් දෙන ලද චීවරාදියෙන් යැපෙන්නෙම්, මුවාගේ සිත වැනි (කිසිවක් කෙරෙහි අපේක්ෂා නැති) සිතෙකින් (යුක්ත ව) වසමි. වහන්ස, මම මේ කාරණය බලමින් වනයට ගියෙම් ද, රුක්මුලට ගියෙම් ද, ශූන්‍යාගාරයට ගියෙම් ද, ‘අහෝ සුවයෙකි අහෝ සුවයෙකැ’යි උදන් පහළ කෙරෙමි”යි තෙරණුවෝ කීහ.
4. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“යස්සන්තරතො න සන්ති කොපා ඉති භවාභවතඤ්ච වීතිවත්තො, තං විගතභයං සුඛිං අසොක, දෙවා නානුභවන්ති දස්සනායා”ති.
“යමෙකුගේ අභ්‍යන්තරයෙහි කෝපයෝ නැත් ද, යම් හෙයෙකින් සම්පත් විපත් ආදි භවාභවතාව ඉක්මැ සිටියේ ද, මෙබඳු වූ පහ ව ගිය භය ඇති, සුඛිත වූ, ශෝක නැති, ක්ෂීණාස්රවයා දකින්නට දෙවියෝ අසමර්ත්ථ වෙත්.”
මුචලින්දවග්ගො දුතියො.
දෙවෙනි මුචලින්ද වර්ගය යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
මුචලින්දො රාජා දණ්ඩෙන, සක්කාරො උපාසකෙන ච. ගබ්භිනී එකපුත්තො ච සුප්පවාසා විසාඛා ච කාළිගොධාය භද්දියොති.
මුචලින්ද, රාජ, දණ්ඩ, සක්කාර, උපාසක, ගබ්භීනි, ඒකපුත්ත, සුප්පවාසා, විසාඛා, භද්දිය යී සූත්‍ර දශයෙකි.