යෙදුමෙන් කියවන්න

එකපුත‍්තකසුත‍්තං

2. 7.

2. 7.

එකපුත‍්තකසුත‍්තං.

ඒකපුත්‍ර සූත්‍රය

එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක.

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස උපාසකස‍්ස එකපුත‍්තකො පියො මනාපො කාලඞ‍්කතො හොති. අථ ඛො සම‍්බහුලා උපාසකා අල‍්ලවත්‍ථා අල‍්ලකෙසා දිවා දිවස‍්ස යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නෙ ඛො තෙ උපාසකෙ භගවා එතදවොච: “කින‍්නුඛො තුම‍්හෙ උපාසකා, අල‍්ලවත්‍ථා අල‍්ලකෙසා ඉධූපසඞ‍්කමන‍්තා දිවා දිවස‍්සා”ති.

එසමයෙහි එක්තරා උපාසකයකු ගේ ප්‍රිය වූ මනාප වූ එක ම පුත්‍රයා කලුරිය කෙළේ වෙයි. ඉක්බිති බොහෝ උපාසකයෝ තෙත් වූ වස්ත්‍ර ඇත්තාහු තෙත් වූ කෙස් ඇත්තාහු මධ්‍යාහ්න වෙලාවෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නෝ ය. භාග්‍යවතුන් වහන්සේ එකත්පසෙක හුන්නා වූ ඒ උපාසකයනට “උපාසකයිනි, කවර හෙයෙකින් තෙපි මධ්‍යාහ්නවේලාවෙහි තෙත් වූ වස්ත්‍ර ඇත්තාහු තෙත් වූ කෙස් ඇත්තාහු මෙහි පැමිණියහු දැ?”යි අසා වදාළ සේක.

එවං වුත‍්තෙ සො උපාසකො භගවන‍්තං එතදවොච: “මය‍්හං ඛො භන‍්තෙ එකපුත‍්තකොසි පියො මනාපො කාලඞ‍්කතො. තෙන මයං අල‍්ලවත්‍ථා අල‍්ලකෙසා ඉධූපසඞ‍්කමන‍්තා දිවා දිවස‍්සා”ති.

මෙසේ වදාළ කල්හි ඒ උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මට ප්‍රිය වූ මනාප වූ එක ම පුත්‍රයෙක් විය. ඒ පුත්‍රයා කලුරිය කෙළේ ය. ඒ හේතුවෙන් අපි තෙත් වූ වස්ත්‍ර ඇත්තමෝ, තෙත් වූ කෙස් ඇත්තමෝ මධ්‍යාහ්නවේලාවෙහි මෙහි පැමිණියම්හ යි කී ය.

අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:

පියරූපස‍්සාදගථිතාසෙ දෙවකායා පුථු මනුස‍්සා ච, අඝාවිනො පරිජුන‍්නා මච‍්චුරාජස‍්ස වසං ගච‍්ඡන‍්ති.

ප්‍රිය ස්වභාවය ඇති රූපස්කන්‍ධාදීන්හි (සුඛ) වේදනාස්වාදයෙන් බැඳීගිය සිත් ඇති බොහෝ (චාතුර්මහාරාජිකාදි) දේවසමූහයෝ ද, මනුෂ්‍යයෝ ද (කායික චෛතසික දුකින්) දුඃඛිත වූවාහු (රෝගාදි විපත්තියෙන් හා යෞවනාරෝග්‍යාදි සම්පත්තියෙන් ද) පිරිහුනාහු මෘත්‍යුරාජයා ගේ වශයට යෙති.

යෙ වෙ දිවා ච රත‍්තො ච අප‍්පමත‍්තා ජහන‍්ති පියරූපං, තෙ වෙ ඛණන‍්ති අඝමූලං මච‍්චුනො ආමිසං දුරතිවත‍්තන‍්ති.

යම් කිසි කෙනෙක් දහවල්හි දු, රාත්‍රියෙහි දු අප්‍රමත්ත ද, ඔවුහු ඒකාන්තයෙන් ප්‍රියරූපය දුරු කෙරෙති. ඔවුහු මාරයාගේ ආමිෂය වූ (මේ ශාසනයෙන් පිටත කිසිවකු විසිනුත්) ඉක්මෙන්නට නොහැකි දුකට මුල් වූ තෘෂ්ණාව ඒකාන්තයෙන් සාරා දමත්.