3. දණ්ඩසුත්තවණ්ණනා අට්ඨකථා
3. දණ්ඩසුත්තවණ්ණනා
3. දණ්ඩ සූත්‍ර වර්ණනාව
තතියෙ කුමාරකාති දාරකා. අන්තරා ච සාවත්ථිං අන්තරා ච ජෙතවනන්ති අන්තරාසද්දො “තදන්තරං කො ජානෙය්ය, අඤ්ඤත්ර තථාගතා”ති (අ· නි· 6.44; 10.75), “ජනා සඞ්ගම්ම මන්තෙන්ති, මඤ්ච ත්වඤ්ච කිමන්තර”න්තිආදීසු (සං· නි· 1.228) කාරණෙ ආගතො. “අද්දසා මං, භන්තෙ, අඤ්ඤතරා ඉත්ථී විජ්ජන්තරිකාය භාජනං ධොවන්තී”තිආදීසු (ම· නි· 2.149) ඛණෙ. “යස්සන්තරතො න සන්ති කොපා”තිආදීසු (උදා· 20) චිත්තෙ. “අන්තරා වොසානමාපාදී”තිආදීසු වෙමජ්ඣෙ. “අපිචායං, භික්ඛවෙ, තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡතී”තිආදීසු (පාරා· 231) විවරෙ . ස්වායමිධාපි විවරෙ වෙදිතබ්බො. තස්මා සාවත්ථියා ච ජෙතවනස්ස ච විවරෙති, එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. අන්තරාසද්දයොගතො චෙත්ථ උපයොගවචනං “අන්තරා ච සාවත්ථිං අන්තරා ච ජෙතවන”න්ති. ඊදිසෙසු ඨානෙසු අක්ඛරචින්තකා “අන්තරා ගාමඤ්ච නදිඤ්ච ගච්ඡතී”ති එකමෙව අන්තරාසද්දං පයුජ්ජන්ති, සො දුතියපදෙනපි යොජෙතබ්බො හොති. ඉධ පන යොජෙත්වා වුත්තො.
තුන්වෙනි සූත්‍රයෙහි කූටාරකා යනු දරුවෝය. අන්තරාච සාවත්ථිං අන්තරාච ජෙතවනං තන්හි අන්තරා ශබ්දය ‘තදන්තරං කො ජානෙය්ය අඤ්ඤත්ර තථාගතා’ යි ද ජනා සංගම්ම මන්තෙති මඤ්ච ත්වඤ්ච කිමන්තරං’ යන ආදී තන්හි කාරණයෙහි සඳහන් වේ. ‘අද්දසා මං භන්තෙ අඤ්ඤතරා ඉත්ථි විජ්ජන්තරිකාය භාජනං ධොවන්ති’ යන ආදී තන්හි වේලාවෙහි ද ‘යස්සන්තරතො න සත්ති කොපා’ ආදී තන්හි සිත යන අර්ථයෙහි ද ‘අපිමායං තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡති’ යන තන්හි අවකාශයෙහි ද සඳහන් වේ. එබැවින් සැවැත් නුවරටද, ජේතවනයට ද අතරෙහි යි අර්ථගත යුතුයි.
අහිං දණ්ඩෙන හනන්තීති බිලතො නික්ඛමිත්වා ගොචරාය ගච්ඡන්තං කණ්හසප්පං ඡාතජ්ඣත්තං අනුබන්‍ධිත්‍වා යට්ඨීහි පොථෙන්ති. තෙන ච සමයෙන භගවා සාවත්ථිං පිණ්ඩාය ගච්ඡන්තො අන්තරාමග්ගෙ තෙ දාරකෙ අහිං දණ්ඩෙන හනන්තෙ දිස්වා “කස්මා කුමාරකා ඉමං අහිං දණ්ඩෙන හනථා”ති පුච්ඡිත්වා “ඩංසනභයෙන, භන්තෙ”ති ච වුත්තෙ “ඉමෙ අත්තනො සුඛං කරිස්සාමාති ඉමං පහරන්තා නිබ්බත්තට්ඨානෙ දුක්ඛං අනුභවිස්සන්ති, අහො අවිජ්ජාය නිකතිකොසල්ල”න්ති ධම්මසංවෙගං උප්පාදෙසි. තෙනෙව ච ධම්මසංවෙගෙන උදානං උදානෙසි. තෙන වුත්තං “අථ ඛො භගවා”තිආදි.
අහි දණ්ඩෙන හනන්තී යනු බිලයෙන් නික්ම ගොදුරු සොයා යන බඩගින්නෙන් සිටි කළු නයෙකු ලුහුබැඳ දඬුවලින් පහරදෙති. එකල්හි සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන බුදුරජාණන් වහන්සේ අතරමග ඒ දරුවන් දැක ‘දරුවෙනි, කුමක් නිසා මේ නයාට දණ්ඩෙන් පහර දෙවුදැ’යි අසා ‘ස්වාමීනි දෂ්ඨ කිරීමේ බියෙන්’ යි කී කල්හි ‘මොවුහු තමන්ට සැප කරන්නෝය. අහෝ අවිද්‍යාවෙන් මුලාකරන ලද මුන්ගේ දක්ෂකමෙකියි ධර්මසංවේගය උපදවූයේය. එසේ ධර්ම සංවේගයෙන් උදානය පහළ කළ සේක. එහෙයින් අථ ඛො භගවා ආදිය දැක්වීය.
තත්ථ එතමත්ථං විදිත්වාති “ඉමෙ දාරකා අත්තසුඛාය පරදුක්ඛං කරොන්තා සයං පරත්ථ සුඛං න ලභිස්සන්තී”ති එතමත්ථං ජානිත්වාති එවමෙකෙ වණ්ණෙන්ති. අඤ්ඤෙසං දුප්පටිපන්නානං සුඛපරියෙසනං ආයතිං දුක්ඛාය සංවත්තති, සුප්පටිපන්නානං එකන්තෙන සුඛාය සංවත්තති. තස්මා “පරවිහෙසාවිනිමුත්තා අච්චන්තමෙව සුඛභාගිනො වත මය්හං ඔවාදප්පටිකරා”ති සොමනස්සවසෙනෙවෙතම්පි සත්ථා උදානං උදානෙසීති වදන්ති. අපරෙ පන භණන්ති “එවං තෙහි කුමාරකෙහි පවත්තිතං පරවිහෙඨනං සබ්බාකාරෙන ආදීනවතො විදිත්වා පරවිහෙසාය පරානුකම්පාය ච යථාක්කමං ආදීනවානිසංසවිභාවනං ඉමං උදානං උදානෙසී”ති.
එතමත්ථං විදිත්වා යනු ‘මේ දරුවෝ තමන්ගේ සැප පිණිස අනුන්ට දුක් දෙන්නෝ පරමාර්ථ සුවයක් නොලබන්නාහයි යන මේ කරුණ දැන අනුන්ට වැරදි ලෙස පිළිපැද සැප සොයන්නට මතු දුක් ලැබෙන බවත්, යහපත් ලෙස පිළිපදින්නන්ට ඒකාන්තයෙන් සැප ලැබෙන බවත් දේශනාකොට අනුන්ට හිංසා කිරීමෙන් වැලකී ඒකාන්තයෙන්ම සැප ලැබිය යුතු බවත් බුදුරජාණන් වහන්සේ මේ උදානය පහළ කළ සේක.
තත්ථ සුඛකාමානීති එකන්තෙනෙව අත්තනො සුඛස්ස ඉච්ඡනතො සුඛානුගිද්ධානි. භූතානීති පාණිනො. යො දණ්ඩෙන විහිංසතීති එත්ථ දණ්ඩෙනාති දෙසනාමත්තං, දණ්ඩෙන වා ලෙඩ්ඩුසත්ථපාණිප්පහාරාදීහි වාති අත්ථො. අථ වා දණ්ඩෙනාති දණ්ඩනෙන. ඉදං වුත්තං හොති – යො සුඛකාමානි සබ්බභූතානි ජාතිආදිනා ඝට්ටනවසෙන වචීදණ්ඩෙන වා පාණිමුග්ගරසත්ථාදීහි පොථනතාළනච්ඡෙදනාදිවසෙන සරීරදණ්ඩෙන වා සතං වා සහස්සං වා ඨාපනවසෙන ධනදණ්ඩෙන වාති ඉමෙසු දණ්ඩෙසු යෙන කෙනචි දණ්ඩෙන විහිංසති විහෙඨෙති දුක්ඛං පාපෙති, අත්තනො සුඛමෙසානො, පෙච්ච සො න ලභතෙ සුඛන්ති සො පුග්ගලො අත්තනො සුඛං එසන්තො ගවෙසන්තො පත්ථෙන්තො පෙච්ච පරලොකෙ මනුස්සසුඛං දිබ්බසුඛං නිබ්බානසුඛන්ති තිවිධම්පි සුඛං න ලභති, අඤ්ඤදත්ථු තෙන දණ්ඩෙන දුක්ඛමෙව ලභතීති අත්ථො.
එහි සුඛකාමානි ඒකාන්තයෙන්ම සැප කැමති තමන්ට සැප බලාපොරොත්තු වෙති. භූතානි යනු ප්‍රාණීහුය. දණ්ඩෙන යනු දේශනා මාත්‍රයකි. දණ්ඩකින් හෝ ගල්කැටවලින් හේ ආයුධයකින් හෝ අත්වලින් හෝ පහරදීම, යමෙක් සැප කැමති මේ සියලු සතුන්ට ජාතිවාදයෙන් බැණීම් සංඛ්‍යාත වාග්දණ්ඩයෙන් හෝ අත් මුගුරු ආයුධ ආදියෙන් පෙළීම්, තැලීම්, කැපීම් ආදී වශයෙන් ශරීර දණ්ඩනයෙන් හෝ කහවණු සියයක් දහසක් තබාගැනීම් වශයෙන් ධන දණ්ඩනයෙන් හෝ යන මේ දණ්ඩනවලින් මෙම දණ්ඩන අතරින් යම්කිසි දණ්ඩනයකින් විහිංසති වෙහෙසට පත්කරයි. දුකට පත්කරයි. අත්තනො සුඛ මෙසානො පෙච්ච සො න ලභතෙ සුඛං ඒ පුද්ගලයා තමන්ගේ සැප සොයන්නෙ, ප්‍රාර්ථනා කරන්නේ පරලොව මිනිස් සැප දිව්‍ය සැප, නිවන් සැප යන ත්‍රිවිධ සුඛයම නොලබයි. ඒකාන්තයෙන් එම හිංසා කිරීම් නිසා දුකම ලබා යනු මෙයින් අදහස් වේ.
පෙච්ච සො ලභතෙ සුඛන්ති යො ඛන්තිමෙත්තානුද්දයසම්පන්නො “යථාහං සුඛකාමො දුක්ඛප්පටිකූලො, එවං සබ්බෙපී”ති චින්තෙත්වා සම්පත්තවිරතිආදීසු ඨිතො වුත්තනයෙන කෙනචි දණ්ඩෙන සබ්බානිපි භූතානි න හිංසති න බාධති, සො පුග්ගලො පරලොකෙ මනුස්සභූතො මනුස්සසුඛං, දෙවභූතො දිබ්බසුඛං, උභයං අතික්කමන්තො නිබ්බානසුඛං ලභතීති. එත්ථ ච තාදිසස්ස පුග්ගලස්ස අවස්සංභාවිතාය තං සුඛං පච්චුප්පන්නං විය හොතීති දස්සනත්ථං “ලභතෙ”ති වුත්තං. පුරිමගාථායපි එසෙව නයො.
පෙච්ච සො ලභතෙ සුඛං මෛත්‍රියෙන් යුක්ත වූ මම සැප කැමැත්තේ දුක් පිළිකෙව් කෙළේ මෙසේ සියල්ලෝම සිතත්වායි කියන ලද පරිදි කිසියම් හිංසාවකින් සියලු සත්ත්වයන්ට හිංසා නොකරයි. ඒ පුද්ගලයා පරලොව මිනිසකු වූයේ මිනිස් සැපද, දෙවියකු වූයේ දිව්‍ය සැපද, ඒ සැප දෙක ඉක්මවා නිවන්සැපද ලබයි යනු ප්‍රකාශකිරීම සඳහා ලභතෙ යි කියන ලදි.
තතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
තුන්වෙනි සූත්‍ර වර්ණනාව යි.
4. සක්කාරසුත්තවණ්ණනා
4. සත්කාර සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොතීති කප්පානං සතසහස්සාධිකෙසු චතූසු අසඞ්ඛ්යෙය්යෙසු පරිපූරිතස්ස පුඤ්ඤසම්භාරවිසෙසස්ස ඵලභූතෙන “ඉතො පරං මය්හං ඔකාසො නත්ථී”ති උස්සහජාතෙන විය උපරූපරි වඩ්ඪමානෙන සක්කාරාදිනා භගවා සක්කතො හොති. සබ්බදිසාසු හි යමකමහාමෙඝො වුට්ඨහිත්වා මහොඝං විය සබ්බපාරමියො “එකස්මිං අත්තභාවෙ විපාකං දස්සාමා”ති සම්පිණ්ඩිතා විය භගවතො ලාභසක්කාරමහොඝං නිබ්බත්තයිංසු. තතො අන්නපානවත්ථයානමාලාගන්ධවිලෙපනාදිහත්ථා ඛත්තියබ්රාහ්මණාදයො ආගන්ත්වා “කහං බුද්ධො, කහං භගවා, කහං දෙවදෙවො, කහං නරාසභො, කහං පුරිසසීහො”ති භගවන්තං පරියෙසන්ති. සකටසතෙහි පච්චයෙ ආහරිත්වා ඔකාසං අලභමානා සමන්තා ගාවුතප්පමාණෙපි සකටධුරෙන සකටධුරං ආහච්ච තිට්ඨන්ති චෙව අනුබන්‍ධන‍්ති ච අන්ධකවින්දබ්රාහ්මණාදයො විය. සබ්බං තං ඛන්ධකෙ (මහාව· 282) තෙසු තෙසු ච සුත්තෙසු ආගතනයෙන වෙදිතබ්බං. යථා ච භගවතො, එවං භික්ඛුසඞ්ඝස්සාති. වුත්තඤ්හෙතං –
සිව්වෙනි සූත්‍රයෙහි තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති යනු කල්ප ලක්ෂයකට පෙර සතර අසංඛෙය්‍ය තුල පුරන ලද පුණ්යසම්භාර ධර්ම නිසා ලද විපාක හේතුවෙන් මෙයින් මතු මට අවසරයක් නැතැයි වැඩි වැඩියෙන් උපන් සත්කාර ආදියෙන් භාග්‍යවතුන් වහන්සේ පුදන ලද්දාහ. සියලු දිසාවන්හිම මහා වර්ෂා දෙකක් ඇතිවී මහා ගංවතුරක් මෙන් සියලු පාරමී ධර්ම එකම ආත්මභාවයක දක්වන්නෙමුයි එක්වුනාක් මෙන් භාග්‍යවතුන් වහන්සේට ලාභසත්කාර මහා ගංවතුරක් පහළ විය. ඉක්බිති ආහාරපාන වස්ත්‍ර යාන වාහන, මල් ගඳවිලවුන් ආදිය ගත් ඇති ක්ෂත්රියයෝ ‘බුදුරජාණන් වහන්සේ කොහිද? භාග්‍යවතුන් වහන්සේ කොහිද? දේව දේවයන් වහන්සේ කොහිද? ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයා කොහිද? පුරුෂ සිංහයා කොහිද? යි භාග්‍යවතුන් වහන්සේ සොයති. ගැල් සියයකින් සිවුපසය ගෙනවුත් බුදුන් හමුවීමට ඉඩක් නොලබමින් හාත්පස ගව්වක් පමණ එකට වැටී සිටිති. සමහරෙක් අනුව යති. ඒ සියල්ල ඛන්ධක ග්රන්ථයෙහි ඒ ඒ සූත්‍රවල සඳහන් වන පරිදි දතයුතුයි.
“යාවතා ඛො, චුන්ද, එතරහි සඞ්ඝා වා ගණා වා ලොකෙ උප්පන්නා, නාහං, චුන්ද, අඤ්ඤං එකසඞ්ඝම්පි සමනුපස්සාමි එවං ලාභග්ගයසග්ගප්පත්තං, යථරිවායං, චුන්ද, භික්ඛුසඞ්ඝො”ති (දී· නි· 3.176).
යථාච ඛො චුන්ද එතරහි සංඝා වා ගණාවා ලොකෙ උප්පන්නා නාහං චුන්ද එතරහි අඤ්ඤං එකසංඝ සමනුපස්සාමි එවං ලාභග්ගයසග්ගප්පත්තා යථරිව චුන්ද භික්ඛසංඝො යි දේශනා පරිදි
ස්වායං භගවතො ච භික්ඛුසඞ්ඝස්ස ච උප්පන්නො ලාභසක්කාරො එකතො හුත්වා ද්වින්නං මහානදීනං උදකොඝො විය අප්පමෙය්යො අහොසි. තෙන වුත්තං – “තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති…පෙ… පරික්ඛාරානං, භික්ඛුසඞ්ඝොපි සක්කතො…පෙ… පරික්ඛාරාන”න්ති.
භාග්‍යවතුන් වහන්සේට හා භික්ෂු සංඝයාට උපන් ඒ මේ ලාභසත්කාරය එකතු වී මහා ගංගා දෙකක මහා ජලකඳ දෙකක් මෙන් අප්‍රමාණ විය. එහෙයින් කියන ලදි. තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති -පෙ- පරික්ඛාරානං භික්ඛුසංඝොපි සක්කතො -පෙ- පරික්ඛාරානං යි කී පරිදි
තිත්ථියා පන පුබ්බෙ අකතපුඤ්ඤතාය ච දුප්පටිපන්නතාය ච අසක්කතා අගරුකතා, බුද්ධුප්පාදෙන පන විසෙසතො විපන්නසොභා සූරියුග්ගමනෙ ඛජ්ජොපනකා විය නිප්පභා නිත්තෙජා හතලාභසක්කාරා අහෙසුං. තෙ තාදිසං භගවතො සඞ්ඝස්ස ච ලාභසක්කාරං අසහමානා ඉස්සාපකතා “එවං ඉමෙ ඵරුසාහි වාචාහි ඝට්ටෙත්වාව පලාපෙස්සාමා”ති උසූයා විසුග්ගාරං උග්ගිරන්තා තත්ථ තත්ථ භික්ඛූ අක්කොසන්තා පරිභාසන්තා විචරිංසු . තෙන වුත්තං – “අඤ්ඤතිත්ථියා පන පරිබ්බාජකා අසක්කතා හොන්ති…පෙ… පරික්ඛාරානං. අථ ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා භගවතො සක්කාරං අසහමානා භික්ඛුසඞ්ඝස්ස ච ගාමෙ ච අරඤ්ඤෙ ච භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්තී”ති.
තීර්ථකයෝ වනාහි පූර්වයෙහි පින් නොකළ බැවින් ද, දුෂ්ප්‍රතිපත්ති නිසාද, සකස් නොවූවෝ ගරු බුහුමන් නොලැබුවෝ බුද්ධෝත්පාදයෙන් පසු ලාභයන්ගෙන් පිරිහුනෝ හිරු උදාවෙන් පසු කණාමැදිරියන් මෙන් ආලෝකයක් නැතිව, තේජසක් නැතිව, පිරිහුනු ලාභසත්කාර ඇත්තෝ වූහ. ඔවුහු භාග්‍යවතුන් වහන්සේට හා සංඝයාට ලැබුණු එබඳු ලාභසත්කාර නො ඉවසමින් ඊර්ෂ්‍යාවට පත්වූ ඔවුහු මෙසේ ඵරුසවචනයෙන් බැණ පලවා හරින්නෙමුයි උසුලු විසුලු පාමින් ඒ ඒ තැන භික්ෂූන්ට ආක්‍රොෂ පරිභව කරමින් හැසුරුනෝය. එහෙයින් කියන ලදි. අඤ්ඤතිත්ථියා පන පරිබ්බාජකා භගවතො සක්කාරං අසහමානා භික්ඛුසංඝස්ස ගාමෙ ච අරඤ්ඤෙ ච භික්ඛු දිසා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්තීති
තත්ථ අසබ්භාහීති අසභායොග්ගාහි සභායං සාධුජනසමූහෙ වත්තුං අයුත්තාහි, දුට්ඨුල්ලාහීති අත්ථො. ඵරුසාහීති කක්ඛළාහි මම්මච්ඡෙදිකාහි. අක්කොසන්තීති ජාතිආදීහි අක්කොසවත්ථූහි ඛුංසෙන්ති. පරිභාසන්තීති භණ්ඩනවසෙන භයං උප්පාදෙන්තා තජ්ජෙන්ති. රොසෙන්තීති යථා පරස්ස රොසො හොති, එවං අනුද්ධංසනවසෙන රොසං උප්පාදෙන්ති. විහෙසෙන්තීති විහෙඨෙන්ති, විවිධෙහි ආකාරෙහි අඵාසුං කරොන්ති.
එහි අසබ්භාහි යනු සභාවට නුසුදුසු වූ, සභාවෙහි යහපත් ජනයා අතර කියන්නට නුසුදුසු නොමනා වචනයෝය. ඵරුසාහි යනු කර්කශ ලෝභ සහගත වචනයෝය. අක්කොසන්ති ජාති ආදී දස ආක්‍රෝශ වස්තුවෙන් ගටා බනිත්. පරිභාසන්ති කෝලාහල කිරීම් වශයෙන් බිය උපදවමින් තර්ජනය කරති. රොසෙන්ති අනුන්ගේ දෝෂයක් වේ නම් එය නැවත නැවත මතුකරමින් කතා කරති. විහෙසෙන්ති වෙහෙසට පත් කරවති. නොයෙක් ආකාරයෙන් අපහසුවට පත් කරති.
කථං පනෙතෙ සමන්තපාසාදිකෙ භගවති භික්ඛුසඞ්ඝෙ ච අක්කොසාදීනි පවත්තෙසුන්ති? භගවතො උප්පාදතො පහීනලාභසක්කාරතාය උපහතචිත්තා පථවිං ඛණිත්වා පක්ඛලන්තා විය අවණෙ වෙළුරියමණිම්හි වණං උප්පාදෙන්තා විය ච සුන්දරිකං නාම පරිබ්බාජිකං සඤ්ඤාපෙත්වා තාය සත්ථු භික්ඛූනඤ්ච අවණ්ණං වුට්ඨාපෙත්වා අක්කොසාදීනි පවත්තෙසුං. තං පනෙතං සුන්දරීවත්ථු පරතො සුන්දරීසුත්තෙ (උදා· 38) පාළියංයෙව ආගමිස්සති, තස්මා යමෙත්ථ වත්තබ්බං, තං තත්ථෙව වණ්ණයිස්සාම.
කුමක් නිසා මොවුහු සියලු දෙනාගේ ම පැහැදීම ඇති භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හා භික්ෂු සංඝයා කෙරෙහි වෛර කෙරෙමින් ආක්‍රොශ ආදියෙන් දොස් කීවෝ ද? භාග්‍යවතුන් වහන්සේට ලැබෙන ප්‍රණීත ලාභසත්කාර නිසා පලුදු කරගත් සිත් ඇත්තෝ පොළොව සාරමින් වෙහෙසෙන්නාක් මෙන්, පලුද්දක් නැති වජ්රමාණික්යයෙහි පලුද්දක් උපදවන්නාක් මෙන් සුන්දරිකා නම් පරිබ්රාජිකාවක් කැඳවා ඇය ලවා ශාස්තෲන් වහන්සේ ගේ හා භික්ෂූන්ගේ නුගුණ කියවා ආක්‍රොෂ ආදිය සිදුකළහ. එම සුන්දරිකා කතාව පසුව සුන්දරිකා සූත්‍රයෙහි සඳහන් වේ. එබැවින් මෙහි ලා යමක් කිය යුතු නම් එය එහිදීම වර්ණනා කරන්නෙමු.
භික්ඛූ භගවතො සන්තිකං උපසඞ්කමිත්වා තං පවත්තිමාරොචෙසුං. තෙන වුත්තං – “අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු…පෙ… විහෙසෙන්තී”ති. තං වුත්තත්ථමෙව.
භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ඒ පුවත සැළ කළහ. එහෙයින් කියන ලදි. අථඛො සම්බහුලා භික්ඛු යෙන භගවා තෙනුපසංකමිංසු -පෙ- විහෙසෙන්තීති. එහි අර්ථය කලින් කියන ලද්දේය.
එතමත්ථං විදිත්වාති එතං ඉස්සාපකතානං තිත්ථියානං විප්පටිපත්තිං සබ්බාකාරතො විදිත්වා. ඉමං උදානන්ති ඉමං තෙහි කතෙ විප්පකාරෙ පසන්නචිත්තෙහි ච පරෙහි කතෙ උපකාරෙ තාදිභාවානුභාවදීපකං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා මෙම ඊර්ෂයාවෙන් පෙළුණු තීර්ථකයන්ගේ නොමනා පැවැත්ම සියලු ආකාරයෙන් දැන, ඉමං උදානං ඊර්ෂ්‍යාවෙන් පෙළුණු ඒ තීර්ථකයන්ගේ විප්‍රකාර කෙරෙහි ප්‍රසන්න සිතින්ද, අනුන් විසින් කළ පුද පූජාවන්ගේ අනුභාවයෙන් ද ප්‍රකාශ කිරීම සඳහා මේ උදානය ප්‍රකාශ කළ සේක.
තත්ථ ගාමෙ අරඤ්ඤෙ සුඛදුක්ඛඵුට්ඨොති ගාමෙ වා අරඤ්ඤෙ වා යත්ථ කත්ථචි සුඛෙන දුක්ඛෙන ච ඵුට්ඨො සුඛදුක්ඛානි අනුභවන්තො, තෙසං වා පච්චයෙහි සමඞ්ගීභූතො. නෙවත්තතො නො පරතො දහෙථාති “අහං සුඛිතො , අහං දුක්ඛිතො, මම සුඛං, මම දුක්ඛං, පරෙනිදං මය්හං සුඛදුක්ඛං උප්පාදිත”න්ති ච නෙව අත්තතො න පරතො තං සුඛදුක්ඛං ඨපෙථ. කස්මා? න හෙත්ථ ඛන්ධපඤ්චකෙ අහන්ති වා මමන්ති වා පරොති වා පරස්සාති වා පස්සිතබ්බයුත්තකං කිඤ්චි අත්ථි, කෙවලං සඞ්ඛාරා එව පන යථාපච්චයං උප්පජ්ජිත්වා ඛණෙ ඛණෙ භිජ්ජන්තීති. සුඛදුක්ඛග්ගහණඤ්චෙත්ථ දෙසනාසීසං, සබ්බස්සාපි ලොකධම්මස්ස වසෙන අත්ථො වෙදිතබ්බො. ඉති භගවා “නාහං ක්වචනි, කස්සචි කිඤ්චනතස්මිං, න ච මම ක්වචනි, කත්ථචි කිඤ්චනතත්ථී”ති චතුකොටිකං සුඤ්ඤතං විභාවෙසි.
තත්ථ ගාමෙ අරඤ්ඤෙ සුඛදුක්ඛ පුට්ඨොති ගමෙහි හෝ වනයෙහි හෝ යම්කිසි සැපයකින් හෝ දුකකින් පෝෂිතව සැපදුක් අනුභව කරන්නවුන්ගේ සිවුපසයෙන් යුක්ත වූ නෙවත්තතො නො පරතො දහෙත මම සැපවත් වෙමි. මම දුක්ඛිත වමෙි. මාගේ සැපය, මාගේ දුකය, අන්‍යයා විසින්ද මට සුවදුක් උපදවන ලද්දේය. ඒ සුවදුක් තමන්ටද නැත. අනුන්ටද නැත. කුමක් නිසාද? මේ පංචස්කන්ධයෙහි මම ය කියා හෝ මාගේ ය කියා හෝ අනුන්ගේ කියා හෝ කිසිම දැකිය යුත්තක් නැත. හුදෙක් සංස්කාරයෝම හේතූන් පරිදි ඉපදී ක්ෂණයක් ක්ෂණයක් පාසා විනාශ වෙති. මෙහි දේශනාවට හේතුව සැපදුක් ග්‍රහණයි. සියලු ලෝකධර්මයට අනුව අර්ථය දතයුතුයි.
ඉදානි තස්ස අත්තතො පරතො ච අදහනස්ස කාරණං දස්සෙති “ඵුසන්ති ඵස්සා උපධිං පටිච්චා”ති. එතෙ සුඛවෙදනීයා දුක්ඛවෙදනීයා ච ඵස්සා නාම ඛන්ධපඤ්චකසඞ්ඛාතං උපධිං පටිච්ච තස්මිං සති යථාසකං විසයං ඵුසන්ති, තත්ථ පවත්තන්තියෙව. අදුක්ඛමසුඛා හි වෙදනා සන්තසභාවතාය සුඛෙ එව සඞ්ගහං ගච්ඡතීති දුවිධසම්ඵස්සවසෙනෙවායං අත්ථවණ්ණනා කතා.
මෙහි ඔහුට තමාගේ හා අන්‍යයාගේ රහත් බවට කරුණු දක්වයි. ඵුසන්ති ඵස්සා උපධිං පටිච්ච මේ සුඛවේදනීය වූ ද දුක්ඛ වේදනීය වූද ස්පර්ශයෝ පංච ස්කන්ධ සංඛ්‍යාත උපධිය (නැවත නැවත ඉපදීම) නිසා එම පංචස්කන්ධය ඇතිකල්හි තමාට හැකි පමණින් එම විෂයය ස්පර්ශ කෙරෙති. අදුක්ඛමසුඛ වේදනාව ශාන්ත ස්වභාවය නිසා සැපයේම සංග්‍රහයට පත්වේ යයි දෙවැදෑරුම් වේ. ස්පර්ශ වශයෙන්ම මේ අර්ථ වර්ණනාව කරන ලදි.
යථා පන තෙ ඵස්සා න ඵුසන්ති, තං දස්සෙතුං “නිරුපධිං කෙන ඵුසෙය්යුං ඵස්සා”ති වුත්තං. සබ්බසො හි ඛන්ධූපධියා අසති කෙන කාරණෙන තෙ ඵස්සා ඵුසෙය්යුං, න තං කාරණං අත්ථි. යදි හි තුම්හෙ අක්කොසාදිවසෙන උප්පජ්ජනසුඛදුක්ඛං න ඉච්ඡථ, සබ්බසො නිරුපධිභාවෙයෙව යොගං කරෙය්යාථාති අනුපාදිසෙසනිබ්බානධාතුයා ගාථං නිට්ඨපෙසි. එවං ඉමිනා උදානෙන වට්ටවිවට්ටං කථිතං.
යම්ලෙසකින් ඒ ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්ද එය දැක්වීම පිණිස නිරුපධිං කෙන ඵුසෙය්යුං ඵස්සා යනු කියන ලදි. සියලු ආකාරයෙන් ස්කන්ධයන්ගේ උත්පත්තිය නැති කල්හි කවර කරුණකින් ඔවුහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්ද? එයට කාරණයක් නැත. ඉදින් වනාහි තෙපි ආක්‍රොශ ආදි වශයෙන් උපදින සැපදුක් කැමති නොවව් නම් සියලු අයුරෙන් උපධීන්ගේ අභාවය ඇති කල්හිත් යෝග කරව් යි අනුපාදිසෙස නිර්වාණ ධාතුව පිළිබඳව ගාථාව අවසන් කෙළේය. මෙසේ මෙම උදානයෙන් වට්ට විවට්ට පිළිබඳ විස්තරය කියන ලදි.
චතුත්ථසුත්තවණ්ණනා නිට්ඨිතා.
සතරවැනි සූත්‍ර වර්ණනාව යි.
5. උපාසකසුත්තවණ්ණනා
5. උපාසක සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ ඉච්ඡානඞ්ගලකොති ඉච්ඡානඞ්ගලනාමකො කොසලෙසු එකො බ්රාහ්මණගාමො, තංනිවාසිතාය තත්ථ වා ජාතො භවොති වා ඉච්ඡානඞ්ගලකො. උපාසකොති තීහි සරණගමනෙහි භගවතො සන්තිකෙ උපාසකභාවස්ස පවෙදිතත්තා උපාසකො පඤ්චසික්ඛාපදිකො බුද්ධමාමකො, ධම්මමාමකො, සඞ්ඝමාමකො. කෙනචිදෙව කරණීයෙනාති උද්ධාරසොධාපනාදිනා කෙනචිදෙව කත්තබ්බෙන. තීරෙත්වාති නිට්ඨාපෙත්වා. අයං කිර උපාසකො පුබ්බෙ අභිණ්හං භගවන්තං උපසඞ්කමිත්වා පයිරුපාසති, සො කතිපයං කාලං බහුකරණීයතාය සත්ථු දස්සනං නාභිසම්භොසි. තෙනාහ භගවා – “චිරස්සං ඛො ත්වං, උපාසක, ඉමං පරියායමකාසි, යදිදං ඉධාගමනායා”ති.
පංචම සූත්‍රයෙහි ඉච්ඡානංගලකො යනු ඉච්ඡා නංගල නම් කොසොල් රට එක් බ්‍රාහ්මණ ගමෙකි. එම ගම වාසය කරන නිසා හෝ එහි උපන් නසා හෝ ඉච්ඡානංගලක නම් වේ. තුන්සරණය යාමෙන් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උපාසක බව ලබාගත් උපාසක තෙමේ පන්සිල් සමාදන් වූයේ බුද්ධමාමක, ධම්මමාමක, සංඝමාමක වේ. කෙනචිදෙව කරණීයෙනාති තබන ලද ණයක් නිදහස්කොට කිසියම් දෙවියකු විසින් කළයුතු බැවින්න තීරෙත්වා නිමවා, මේ උපාසකයා පෙර නිතර භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ආශ්‍රය කරයි. හෙතෙම කිසියම් කාලයක් කාර්යබහුල වීම නිසා බුදුරජාණන් වහන්සේ හමුවන්නට නොගියේය. භාග්‍යවතුන් වහන්සේ ඒ නිසා මෙසේ ප්‍රකාශ කළහ. චිරස්සං ඛො ත්වං උපාසක ඉමං පරියාය - මකාසි යදිදං ඉධාගමනායාති
තත්ථ චිරස්සන්ති චිරෙන. පරියායන්ති වාරං. යදිදන්ති නිපාතො, යො අයන්ති අත්ථො. ඉදං වුත්තං හොති – ඉධ මම සන්තිකෙ ආගමනාය යො අයං අජ්ජ කතො වාරො, තං ඉමං චිරෙන පපඤ්චං කත්වා අකාසීති. චිරපටිකාහන්ති චිරපටිකො අහං, චිරකාලතො පට්ඨාය අහං උපසඞ්කමිතුකාමොති සම්බන්ධො. කෙහිචි කෙහිචීති එකච්චෙහි එකච්චෙහි. අථ වා කෙහිචි කෙහිචීති යෙහි වා තෙහි වා. තත්ථ ගාරවං දස්සෙති. සත්ථරි අභිප්පසන්නස්ස හි සත්ථුදස්සනධම්මස්සවනෙසු විය න අඤ්ඤත්ථ ආදරො හොති. කිච්චකරණීයෙහීති එත්ථ අවස්සං කාතබ්බං කිච්චං, ඉතරං කරණීයං. පඨමං වා කාතබ්බං කිච්චං, පච්ඡා කාතබ්බං කරණීයං. ඛුද්දකං වා කිච්චං, මහන්තං කරණීයං. බ්යාවටොති උස්සුක්කො. එවාහන්ති එවං ඉමිනා පකාරෙන අහං නාසක්ඛිං උපසඞ්කමිතුං, න අගාරවාදිනාති අධිප්පායො.
එහි චිරස්සං බොහෝ කලකින් පරියායං වාරයක්, යදිදන්ති යනු නිපාතයකි. චිරපටිකාහං මම බොහෝ කාලයක සිට, බොහෝ කාලයක සිට සමීපයට පැමිණෙන්නට, කෙහිචි කෙහිචීති ඇතැමෙකු විසින්, ඇතැමෙකු විසින් හෙවත් යම් අය විසින් ඔවුන් විසින් බුදුන් කෙරෙහි ආදරයක් දක්වනු ලැබේ. ශාස්තෲන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණු අයට හෝ ශාස්තෲන් වහන්සේ ගේ දැකීමෙන් හෝ ධර්මශ්‍රවණයෙන් ලද ආදරයත් අන්තැනක ඇති නොවේ. කිච්චකරණීයෙහි අවශ්‍යයෙන් කළයුතු කටයුතු කුඩා හෝ ලොකු කළයුතුය. ව්යාවටො උත්සාවත් වූයේ.
එතමත්ථං විදිත්වාති දුල්ලභෙ බුද්ධුප්පාදෙ මනුස්සත්තලාභෙ ච සත්තානං සකිඤ්චනභාවෙන කිච්චපසුතතාය කුසලන්තරායො හොති, න අකිඤ්චනස්සාති එතමත්ථං සබ්බාකාරතො විදිත්වා. ඉමං උදානන්ති තදත්ථපරිදීපනමෙව ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා බුදුන්ගේ පහළවීම දුර්ලභ කල්හි හා මිනිසත් බව දුර්ලභ කල්හි සත්ත්වයන්ගේ කෙලෙස් ඇති බැවින් කුසලයට අනතුරක් වේ. කිසිම කෙලෙසක් නැත්තහුට යන මේ කාරණය සියලු අයුරින් දැන ඉමං උදානං මේ උදානය ප්‍රකාශ කෙළේය.
තත්ථ සුඛං වත තස්ස න හොති කිඤ්චීති යස්ස පුග්ගලස්ස කිඤ්චි රූපාදීසු එකවත්ථුම්පි “මමෙත”න්ති තණ්හාය පරිග්ගහිතභාවෙන න හොති නත්ථි න විජ්ජති, සුඛං වත තස්ස පුග්ගලස්ස, අහො සුඛමෙවාති අත්ථො. “න හොසී”තිපි පාඨො, තස්ස අතීතකාලවසෙන අත්ථො වෙදිතබ්බො. කෙචි පන න හොති කිඤ්චීති පදස්ස “රාගාදිකිඤ්චනං යස්ස න හොතී”ති අත්ථං වණ්ණෙන්ති, තං න සුන්දරං පරිග්ගහධම්මවසෙන දෙසනාය ආගතත්තා. රාගාදිකිඤ්චනන්ති පරිග්ගහෙතබ්බස්සාපි සඞ්ගහෙ සති යුත්තමෙව වුත්තං සියා අථ වා යස්ස පුග්ගලස්ස කිඤ්චි අප්පම්පි කිඤ්චනං පලිබොධජාතං රාගාදිකිඤ්චනාභාවතො එව න හොති, තං තස්ස අකිඤ්චනත්තං සුඛස්ස පච්චයභාවතො සුඛං වතං, අහො සුඛන්ති අත්ථො. කස්ස පන න හොති කිඤ්චනන්ති චෙ, ආහ “සඞ්ඛාතධම්මස්ස බහුස්සුතස්සා”ති. යො චතූහිපි මග්ගසඞ්ඛාහි සොළසකිච්චනිප්ඵත්තියා සඞ්ඛාතධම්මො කතකිච්චො, තතො එව පටිවෙධබාහුසච්චෙන බහුස්සුතො, තස්ස.
තත්ථ සුඛං වත තස්ස න හොති කිඤ්චීති යම් පුද්ගලයෙකුට කිසියම් රූපාදී වස්තුවක් මෙය මාගේය යි තෘෂ්ණාවෙන් අල්වා ගැනීම් වශයෙන් න හොති නැත. විද්‍යමාන නොවේ. එම පුද්ගලයාට ඒකාන්තයෙන්ම සැපයකි. ‘න හොසී’ යි ද පාඨයක් ඇත. එහි අතීත කාල වශයෙන් අර්ථය දතයුතුය. සමහරෙක් ‘න හොති කිඤ්චි’ යන පදයෙන් රාගාදී ක්ලේශයක් යමකුට නැත්තේ යයි අර්ථ ප්‍රකාශ කරති. එය සුදුසු නැත. යම් පුද්ගලයෙකුට කිසියම් ස්වල්ප වූ ද උවදුරු ලබා දෙන රාගාදී ක්ලේශයක් නැති බැවින් ඒකාන්තයෙන් සැපයකි යි අර්ථ ඇත්තේය. ඉදින් රාගාදී කෙලෙස් නැත්තේ කවරකු හටද? ඒ සංස්කාර ධර්මයන් අවබෝධ ඇත්තහුටය. යමෙක් සිවුමග පිළිබඳ වූ සොළොස්වැදෑරුම් කටයුතු අවසන්කොට ඇත්තේ ද හෙතෙම සංස්කාර ධර්මයන් පිළිබඳ කටයුතු අවසන්කොට ඇත්තේය. ඒ නිසා ප්‍රතිවේධය අවබෝධ කළ බැවින් බහුශ්‍රැත නම් වේ.
ඉති භගවා අකිඤ්චනභාවෙ ආනිසංසං දස්සෙත්වා සකිඤ්චනභාවෙ ආදීනවං දස්සෙතුං “සකිඤ්චනං පස්සා”තිආදිමාහ. තස්සත්ථො – රාගාදිකිඤ්චනානං ආමිසකිඤ්චනානඤ්ච අත්ථිතාය සකිඤ්චනං, සකිඤ්චනත්තා එව අලද්ධානඤ්ච ලද්ධානඤ්ච කාමානං පරියෙසනාරක්ඛණහෙතු කිච්චකරණීයවසෙන “අහං මමා”ති ගහණවසෙන ච විහඤ්ඤමානං විඝාතං ආපජ්ජමානං පස්සාති ධම්මසංවෙගප්පත්තො සත්ථා අත්තනො චිත්තං වදති. ජනො ජනස්මිං පටිබන්ධරූපොති සයං අඤ්ඤො ජනො සමානො අඤ්ඤස්මිං ජනෙ “අහං ඉමස්ස, මම අය”න්ති තණ්හාවසෙන පටිබන්ධසභාවො හුත්වා විහඤ්ඤති විඝාතං ආපජ්ජති. “පටිබද්ධචිත්තො”තිපි පාඨො. අයඤ්ච අත්ථො –
භාග්‍යවතුන් වහන්සේ මෙසේ කෙලෙස් ප්‍රහීණ කළ බැව්හි අනුසස් දක්වා කෙලෙස් ප්‍රහීණ නොකළ බැව්හි ආදීනව දැක්වීමට සකිඤ්චනං පස්ස යන මේ ආදිය වදාළහ. එහි අදහස මෙසේය. රාගාදී කෙලෙස් ඇතිවිට ඒ කෙලෙස් ඇතිබව නොදන්නහුට කාමය වස්තූන් සෙවීම, රැකීම හේතුවෙන් මමය, මාගේය යි ගැනීම නිසා විපතට පත් පුද්ගලයා බලන්න යි ධර්ම සංවේගයට පත් ශාස්තෲන් වහන්සේ තමන්ගේ හැඟීම ප්‍රකාශ කරති. ජනො ජනස්මිං පටිබද්ධ රූපො තෙමේ අනෙක් පුරුෂයකු සමානය යි තෘෂ්ණා වශයෙන් ඇලුණු සිත් ඇති බැවින් වැනසෙහි. විපතට පත්වෙයි. ‘පටිබද්ධචිත්තො’ පාඨයක් ඇත. එහි අර්ථය මෙයමය.
“පුත්තා මත්ථි ධනම්මත්ථි, ඉති බාලො විහඤ්ඤති; අත්තා හි අත්තනො නත්ථි, කුතො පුත්තා කුතො ධන”න්ති. (ධ· ප· 62) –
‘පුත්තා මත්ථි ධනම්මත්ථි ඉති බාලො විහඤ්ඤති අත්තාහි අත්තනො නත්ථි කුතො පුත්තා කුතො ධනං’
ආදීහි සුත්තපදෙහි දීපෙතබ්බොති.
මේ ආදී සූත්‍ර දේශනාවන්ගෙන් පැහැදිලි කළ යුතුය.
පඤ්චමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වැනි සූත්‍ර වර්ණනාව යි.
6. ගබ්භිනීසුත්තවණ්ණනා
6. ගර්භිනී සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අඤ්ඤතරස්ස පරිබ්බාජකස්සාති එකස්ස කුටුම්බිකස්ස පරිබ්බාජකස්ස. දහරාති තරුණී. මාණවිකාති බ්රාහ්මණධීතාය වොහාරො. පජාපතීති භරියා. ගබ්භිනීති ආපන්නසත්තා. උපවිජඤ්ඤාති අජ්ජ සුවෙති පච්චුපට්ඨිතවිජායනකාලා හොතීති සම්බන්ධො. සො කිර බ්රාහ්මණජාතිකො සභරියො වාදපත්ථස්සමෙ ඨිතො, තෙන නං සපජාපතිකං පරිබ්බාජකවොහාරෙන සමුදාචරන්ති. භරියා පනස්ස බ්රාහ්මණජාතිකත්තා බ්රාහ්මණාති ආලපති. තෙලන්ති තිලතෙලං. තෙලසීසෙන චෙත්ථ යං යං විජාතාය පසවදුක්ඛප්පටිකාරත්ථං ඉච්ඡිතබ්බං, තං සබ්බං සප්පිලොණාදිං ආහරාති ආණාපෙති. යං මෙ විජාතාය භවිස්සතීති යං තෙලාදි මය්හං විජාතාය බහිනික්ඛන්තගබ්භාය උපකාරාය භවිස්සති. “පරිබ්බාජිකායා”තිපි පාඨො. කුතොති කස්මා ඨානා, යතො ඤාතිකුලා වා මිත්තකුලා වා තෙලාදිං ආහරෙය්යං, තං ඨානං මෙ නත්ථීති අධිප්පායො. තෙලං ආහරාමීති වත්තමානසමීපතාය වත්තමානං කත්වා වුත්තං, තෙලං ආහරිස්සාමීති අත්ථො. සමණස්ස වා බ්රාහ්මණස්ස වා සප්පිස්ස වා තෙලස්ස වාති ච සමුච්චයත්ථො වා-සද්දො “අග්ගිතො වා උදකතො වා මිථුභෙදා වා”තිආදීසු (මහාව· 286; දී· නි· 2.152; උදා· 76) විය. සප්පිස්ස වා තෙලස්ස වාති පච්චත්තෙ සාමිවචනං, සප්පි ච තෙලඤ්ච යාවදත්ථං පාතුං පිවිතුං දීයතීති අත්ථො. අපරෙ පන “සප්පිස්ස වා තෙලස්ස වාති අවයවසම්බන්ධෙ සාමිවචනං. සප්පිතෙලසමුදායස්ස හි අවයවො ඉධ යාවදත්ථසද්දෙන වුච්චතී”ති වදන්ති. නො නීහරිතුන්ති භාජනෙන වා හත්ථෙන වා බහි නෙතුං නො දීයති, උච්ඡද්දිත්වානාති වමිත්වා, යංනූන දදෙය්යන්ති සම්බන්ධො. එවං කිරස්ස අහොසි “අහං රඤ්ඤො කොට්ඨාගාරං ගන්ත්වා තෙලං කණ්ඨමත්තං පිවිත්වා තාවදෙව ඝරං ආගන්ත්වා එකස්මිං භාජනෙ යථාපීතං වමිත්වා උද්ධනං ආරොපෙත්වා පචිස්සාමි, යං පිත්තසෙම්හාදිමිස්සිතං, තං අග්ගිනා ඣායිස්සති, තෙලං පන ගහෙත්වා ඉමිස්සා පරිබ්බාජිකාය කම්මෙ උපනෙස්සාමී”ති.
සවැන්නෙහි අඤ්ඤතරස්ස පරිබ්බාජකස්ස එක් කෙළෙඹි පරිබ්රාජකයකුගේ දහරා තරුණී මාණවිකා බ්‍රාහ්මණ දියණියකට ව්‍යවහාර කරන නමකි. පජාපතී භාර්යාව, ගබ්භනී දරුවකු ලැබීමට ආසන්න ස්ත්‍රියක්. විජඤ්ඤා අද ද හෙටදැයි දරුවකු ලැබීමට ආසන්න කාලය වේ. මේ බමුණා වනාහි ශක්තිමත් රූපයකින් යුක්ත විය. එබැවින් බිරිඳක සමග වූ ඔහුට පරිව්‍රාජක වහරින් හඳුන්වති. ඔහුගේ භාර්යාවද බ්‍රාහ්මණ කුලයෙහි වූ ඔහුට බ්‍රාහ්මණයි අමතයි. තෙලං තල්තෙල්ය. තල් තෙල් මිශ්‍ර වූ යම් යම් ඖෂධ වර්ග දරුවකු වදන කල්හි ප්‍රසව වේදනාවට ප්‍රතිකාර වශයෙන් අවශ්‍ය බැවින් ඒ ගිතෙල් තල්තෙල් ආදිය ගෙන්වනු මැනවැයි නියම කරයි. යං මෙ විජාතාය භවිස්සති යම් තල තෙලක් මා දරුවකු ලබන කල්හි එය පහසුවීම සඳහා වන්නේය. පරිබ්බාජිකාය යි පාඨයක් ද ඇත. කුතො කවර තැනකින් යම් ගෙදරකින් හෝ මිත්‍ර ගෙදරකින් හෝ තෙල් ආදිය ගෙන එන්නෙම් නම් එබඳු තැනක් මට නැත. තෙලං ආහරාමි දැනට සමීපයෙහි ඇති තැනකින් තෙල් ගෙන එන්නෙමි. ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ගිතෙල් හා තලතෙල් කැමති තාක් බොන්නට දෙනු ලැබේ. නො නහරිතුං භාජනයකින් හෝ අතින් බැහැර ගෙන යන්නට දෙනු නොලැබේ. උග්ගරිත්වා වමනය කොට හෝ දෙන්නෙම් නම් යෙහෙකැයි සිතුවේය. ඔහුට මෙසේ අදහසක් ඇතිවිය. මම රජුගේ කෝෂ්ඨාගාරයට ගොස් ඒ තෙල් කැමති තාක් බී එකෙණෙහිම ගෙදර පැමිණ එක් බඳුනක් තබා එහි වමනය කොට උදුනක් සකස් කොට ඒ තෙල් පිත හා සෙම නිසා අපවිත්‍ර වී ඇත්නම් ගින්නෙන් ඒවා පුලුස්සා දමමි.
උද්ධං කාතුන්ති වමනවසෙන උද්ධං නීහරිතුං. න පන අධොති විරිඤ්චනවසෙන හෙට්ඨා නීහරිතුං න පන සක්කොති. සො හි “අධිකං පීතං සයමෙව මුඛතො නිග්ගමිස්සතී”ති පිවිත්වා ආසයස්ස අරිත්තතාය අනිග්ගතෙ වමනවිරෙචනයොගං අජානන්තො අලභන්තො වා කෙවලං දුක්ඛාහි වෙදනාහි ඵුට්ඨො ආවට්ටති ච පරිවට්ටති ච. දුක්ඛාහීති දුක්ඛමාහි. තිබ්බාහීති බහලාහි තිඛිණාහි වා. ඛරාහීති කක්ඛළාහි. කටුකාහීති අතිවිය අනිට්ඨභාවෙන දාරුණාහි. ආවට්ටතීති එකස්මිංයෙව ඨානෙ අනිපජ්ජිත්වා අත්තනො සරීරං ඉතො චිතො ආකඩ්ඪන්තො ආවට්ටති. පරිවට්ටතීති එකස්මිං පදෙසෙ නිපන්නොපි අඞ්ගපච්චඞ්ගානි පරිතො ඛිපන්තො වට්ටති, අභිමුඛං වා වට්ටන්තො ආවට්ටති, සමන්තතො වට්ටන්තො පරිවට්ටති.
උද්ධං කාතුං වමන වශයෙන් බැහැර කරන්නට, න පන අධොවා ති විරේක වශයෙන් බැහැර කරන්නට නො හැකි වෙයි. හෙතෙම අධික වූ පිත තමන්ට මුඛයෙන් ඉවත් කිරීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක වී විරේක කිරීමෙන්ද පහ කිරීමට අසමත් වූ බැවින් හුදෙක්ම දුක් වේදනාවන්ගෙන් පෙළෙයි. ඔබමොබ පෙරළෙයි. දුක්ඛාහි දුක් ඇත්තහු විසින් තිප්පාහි තියුණු, කක්ඛලාහි කර්කශ කටුකාහි අතිශයින් දරුණු වූ ආවට්ටතීති එකම තැනෙක නොසිට තමන්ගේ ශරීරය ඔබ මොබ පෙරළෙයි. පරිවට්ටතීති හාත්පස පෙරළෙයි.
එතමත්ථං විදිත්වාති “සකිඤ්චනස්ස අප්පටිසඞ්ඛාපරිභොගහෙතුකා අයං දුක්ඛුප්පත්ති, අකිඤ්චනස්ස පන සබ්බසො අයං නත්ථී”ති එතමත්ථං සබ්බාකාරතො ජානිත්වා තදත්ථප්පකාසනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා මේ කරුණු සියලු අයුරින් දැන මේ උදානය පහළ කළ සේක.
තත්ථ සුඛිනො වතාති සුඛිනො වත සප්පුරිසා. කෙ පන තෙති? යෙ අකිඤ්චනා, යෙ රාගාදිකිඤ්චනස්ස පරිග්ගහකිඤ්චනස්ස ච අභාවෙන අකිඤ්චනා, කෙසං පනිදං කිඤ්චනං නත්ථීති ආහ – “වෙදගුනො හි ජනා අකිඤ්චනා”ති, යෙ අරියමග්ගඤාණසඞ්ඛාතං වෙදං ගතා අධිගතා, තෙන වා වෙදෙන නිබ්බානං ගතාති වෙදගුනො, තෙ අරියජනා ඛීණාසවපුග්ගලා අනවසෙසරාගාදිකිඤ්චනානං අග්ගමග්ගෙන සමුච්ඡින්නත්තා අකිඤ්චනා නාම. අසති හි රාගාදිකිඤ්චනෙ කුතො පරිග්ගහකිඤ්චනස්ස සම්භවො. එවං ගාථාය පුරිමභාගෙන අරහන්තෙ පසංසිත්වා අපරභාගෙන අන්ධපුථුජ්ජනෙ ගරහන්තො “සකිඤ්චනං පස්සා”තිආදිමාහ. තං පුරිමසුත්තෙ වුත්තත්ථමෙව. එවං ඉමායපි ගාථාය වට්ටවිවට්ටං කථිතං.
එහි සුඛිනොවත ඒකාන්තයෙන් සැපවත් වූ සත්පුරුෂයෝය. ඔවුහු කවරහුද? යෙ අකිඤ්චනා යම් කෙනෙක් රාගාදී කෙලෙස් නැත්තෝ ද ඔවුහු අකිඤ්චන නම් වෙති. වෙදගුනො හි ජනා අකිඤ්චනා යම් කෙනෙක් ආර්යමාර්ග සංඛ්‍යාත වූ වේදය අවබෝධ කළ බැවින් නිවනට පැමිණියහ. වේදගූ නම් ඒ ආර්යයෝ ක්ෂීණාශ්රව පුද්ගලයෝය. අප්‍රමාණ රාගාදී කෙලෙසුන් අග්‍ර වූ අර්හත් මාර්ගයෙන් විනාශ කළ බැවින් අකිඤ්චනා නම් වෙති. රාගාදී කෙලෙස් නැති කල්හි අල්වා ගැනීම් වශයෙන් කෙලෙස් හටගන්නේද? මෙසේ ගාථාවෙහි මුල් කොටසින් රහත් බව ප්‍රශංසා කොට පසුකොටසින් අන්ධ (බාල) පෘථග්ජනයන් නින්දාවට ලක් කරමින් ‘සකිඤ්චනං පස්සාති’ ආදිය ප්‍රකාශ කළහ. එය පෙර සූත්‍රයෙහි කී පරිදිම මෙසේ මේ ගාථාවෙන්ද සසර දුක හා නිවන කියන ලද්දේය.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
සවැනි සූත්‍ර වර්ණනාව යි.
7. එකපුත්තකසුත්තවණ්ණනා
7. ඒකපුත්‍ර සූත්‍ර වර්ණනාව
සත්තමෙ එකපුත්තකොති එකො පුත්තො, සො ච අනුකම්පිතබ්බට්ඨෙන එකපුත්තකො, පියායිතබ්බට්ඨෙන පියො, මනස්ස වඩ්ඪනට්ඨෙන මනාපො. සරීරසොභාසම්පත්තියා වා දස්සනීයට්ඨෙන පියො, සීලාචාරසම්පත්තියා කල්යාණධම්මතාය මනාපො. කලෙති සත්තෙ ඛෙපෙතීති කාලො, මරණං. තං කතො පත්තොති කාලඞ්කතො, කාලෙන වා මච්චුනා කතො නට්ඨො අදස්සනං ගතොති කාලඞ්කතො, මතොති අත්ථො.
සත්වැන්නෙහි එකපුත්තො යනු එකම පුත්‍රයෙකි. ඔහු ද අනුකම්පාව ලැබිය යුතු වූ එකම පුත්‍රයෙකි. ප්‍රියකළ යුතු බැවින් පියො නම් වේ. සිත සතුටු කළ නිසා මනාප නම් වේ. ශරීර ශෝභාවෙන් දැකුම්කළු බවින් හෝ දර්ශනීය බවින් පියො නම් වේ. සීලාචාර පැවැත්මෙන් හා කලණ දහම් ඇති බැවින් මනාපො නම් වේ. කාලය ගෙවෙන බැවින් කාලය නමි. මරණයයි. ඒ මරණයට පැමිණි බැවින් කාලංකතො කාලය නමැති මාරයා විසින් ග්‍රහණයට ගත් බැවින් නටුයේ නොදැකීමට පැමිණියේ කලංකතො කළුරිය කළේය. මළේය යන අර්ථයි.
සම්බහුලා උපාසකාති සාවත්ථිවාසිනො බහූ උපාසකා මතපුත්තඋපාසකස්ස සහසොකීභාවෙන යාව ආළාහනා පච්ඡතො ගන්ත්වා මතසරීරස්ස කත්තබ්බං කාරෙත්වා පටිනිවත්තා යථානිවත්ථාව උදකං ඔතරිත්වා සීසංන්හාතා වත්ථානි පීළෙත්වා අනොතාපෙත්වාව එකං නිවාසෙත්වා එකං උත්තරාසඞ්ගං කත්වා උපාසකං පුරතො කත්වා “සොකවිනොදනං ධම්මං සත්ථු සන්තිකෙ සොස්සාමා”ති භගවන්තං උපසඞ්කමිංසු. තෙන වුත්තං “අල්ලකෙසා”තිආදි.
සම්බහුලා උපාසකා සැවැත්නුවර වාසී බොහෝ උපාසකවරු මියගිය උපාසක පුත්‍රයාගේ මරණය නිසා සොවින් තැවෙමින් සොහොන දක්වා පසුපසින් ගොස්, මෘත ශරීරයට කළයුතු දේ කරවා අවසන්කොට නැවැත්වීමෙන් පසුව ජලය ගෙනැවිත් නහා වස්ත්‍ර හැඳ තෙත වස්ත්‍ර පිටින්ම එක නිවසකට ගොස්, එක් උතුරු සළුවක් කොට, ඒ උපාසකයා පෙරටු කරගනිමින් ශෝකය දුරුකරගැනීම සඳහා ශාස්තෲන් වහන්සේ සමීපයෙන් ධර්මය අසමුයි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. එහෙයින් කියන ලදි. අල්ලකෙසා ආදිය. එහි අල්ලකෙසා යනු තෙත් ඉසකෙස් සහිත.
තත්ථ අල්ලවත්ථාති උදකෙන තින්තවත්ථා. දිවා දිවස්සාති දිවසස්සපි දිවා, මජ්ඣන්හිකෙ කාලෙති අත්ථො. යස්මා ජානන්තාපි තථාගතා පුච්ඡන්ති , ජානන්තාපි න පුච්ඡන්ති. කාලං විදිත්වා පුච්ඡන්ති, කාලං විදිත්වා න පුච්ඡන්ති, තස්මා ජානන්තොයෙව භගවා කථාසමුට්ඨාපනත්ථං පුච්ඡන්තො “කිං නු ඛො තුම්හෙ උපාසකා”තිආදිමාහ. තස්සත්ථො – තුම්හෙ උපාසකා අඤ්ඤෙසු දිවසෙසු මම සන්තිකං ආගච්ඡන්තා ඔතාපිතසුද්ධවත්ථා සායන්හෙ ආගච්ඡථ, අජ්ජ පන අල්ලවත්ථා අල්ලකෙසා ඨිතමජ්ඣන්හිකෙ කාලෙ ඉධාගතා, තං කිං කාරණන්ති. තෙන මයන්ති තෙන පුත්තවියොගජනිතචිත්තසන්තාපෙන බලවසොකාභිභූතතාය එවංභූතා මයං ඉධූපසඞ්කමන්තාති.
එහි අල්ලවත්ථා ජලයෙන් තෙමුණු වස්ත්‍ර ඇතිව, දිවා දිවස්සා එදවස දහවල් කල, මධ්‍යාහ්න කාලය යන අර්ථයි. යම්හෙයකින් යමක් දැනගෙනම තථාගතයන් වහන්සේ විචාරත්. සමහර කෙනෙක් දැනගෙන නො විචාරති. කල් දැන විචාරති. කල් දැන නො විචාරති. එහෙයින් දැනගෙනම කථාව ආරම්භ කිරීම සඳහා විමසන භාග්‍යවතුන් වහන්සේ කින්නුතුම්හෙ උපාසකා උපාසකයෙනි, කිමෙක්දැයි විචාළ සේක. එහි අදහස මෙසේය. උපාසකයෙනි, තෙපි අනෙක් දවස්වල මා වෙතට එන්නේ, සුදු වස්ත්‍ර හැඳ පෙරවා සවස් කාලයේ එන්නෝ වෙති. අද වනාහි තෙත හිසකෙස් ඇතිව තෙත වස්ත්‍ර හැඳ දෙවෙන් දාවල මධ්‍යාහ්න කාලයේ පැමිණියාහුය. එයට හේතුව කුමක්ද? තෙන මයන්ති ඒ පුත්‍රයා ගේ වියෝගයෙන් ඇති වූ සිත් තැවුලෙන් දැඩි සේ ශෝකයෙන් මැඩපවත්වන ලද අපි එසේ මෙහි පැමිණියෙමු.
එතමත්ථං විදිත්වාති පියවත්ථුසම්භවා සොකදුක්ඛදොමනස්සාදයො, අසති පියවත්ථුස්මිං සබ්බසො එතෙ න සන්තීති එතමත්ථං සබ්බාකාරතො ජානිත්වා තදත්ථප්පකාසනං ඉමං උදානං උදානෙසි.
එතමත්ථං විදිත්වා යනු ප්රියවස්තුවක් නිසා හටගත් දුක්ඛ දෝමනස්ස ආදියෙහි ප්රියවස්තුවක් කෙරෙහි හටගත් මේ කාරණය අවබෝධ කරගෙන ඒ කාරණය ප්‍රකාශ කිරීම සඳහා මේ උදාන ප්‍රකාශය වදාළහ.
තත්ථ පියරූපස්සාදගධිතාසෙති පියසභාවෙසු රූපක්ඛන්ධාදීසු සුඛවෙදනස්සාදෙන ගධිතා පටිබද්ධචිත්තා. ගධිතාසෙති හි ගධිතාඉච්චෙවත්ථො. සෙති වා නිපාතමත්තං. පියරූපා නාම චක්ඛාදයො පුත්තදාරාදයො ච. වුත්තඤ්හෙතං – “කිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං චක්ඛු ලොකෙ …පෙ… ධම්මතණ්හා ලොකෙ පියරූපං සාතරූප”න්ති (චූළනි· හෙමකමාණවපුච්ඡානිද්දෙස 55).
එහි පියරූපා සාතගථිතාසෙ යනු ප්‍රිය ස්වභාව ඇති රූපස්කන්ධාදීන් කෙරෙහි සුඛ වේදනාවෙන් හටගත් පිළිසිඳ සිත් ඇත්තෝ යන අර්ථයයි. සෙති යනු නිපාත මාත්‍රයකි. පියරූපා යනු චක්ඛු ආදී ඉන්ද්රියයෝ ද, අඹුදරුවෝ ද වෙති. එය මෙසේ කියන ලදි. ‘කිඤ්චි ලොකෙ පියරූපං සාතරූපං -පෙ- ධම්මතණ්හා ලොකෙ පියරූපං සාත රූපන්ති’
“ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා, ගවස්සං දාසපොරිසං; ථියො බන්ධූ පුථු කාමෙ, යො නරො අනුගිජ්ඣතී”ති ච. (සු· නි· 775);
කෙත් වත් රන් රිදී ගව මහිෂ අශ්වයන් දැසි දසුන් හා තම නෑයන් කෙරෙහි බහුල වශයෙන් නැවත නැවත බැඳුණු සත්ත්වයෝ ලොල් වෙයි.
තස්මා තෙසු පියරූපෙසු අස්සාදෙන ගිද්ධා මුච්ඡිතා අජ්ඣාපන්නාති අත්ථො. කෙ පන තෙ පියරූපස්සාදගධිතාති තෙ දස්සෙති “දෙවකායා පුථුමනුස්සා චා”ති, චාතුමහාරාජිකාදයො බහුදෙවසමූහා චෙව ජම්බුදීපකාදිකා බහුමනුස්සා ච. අඝාවිනොති කායිකචෙතසිකදුක්ඛෙන දුක්ඛිතා. පරිජුන්නාති ජරාරොගාදිවිපත්තියා යොබ්බනාරොග්යාදිසම්පත්තිතො පරිහීනා. යථාලාභවසෙන වායමත්ථො දෙවමනුස්සෙසු වෙදිතබ්බො. අථ වා කාමඤ්චෙකන්තසුඛසමප්පිතානං දෙවානං දුක්ඛජරාරොගා න සම්භවන්ති, තදනතිවත්තසභාවතාය පන තෙපි “අඝාවිනො”ති “පරිජුන්නා”ති ච වුත්තා. තෙසම්පි වා පුබ්බනිමිත්තුප්පත්තියා පටිච්ඡන්නජරාය චෙතසිකරොගස්ස ච වසෙන දුක්ඛාදීනං සම්භවො වෙදිතබ්බො. මච්චුරාජස්ස වසං ගච්ඡන්තීති පියවත්ථුවිසයාය තණ්හාය අප්පහීනත්තා පුනප්පුනං ගබ්භූපගමනතො ධාතුත්තයිස්සරතාය මච්චුරාජසඞ්ඛාතස්ස මරණස්ස වසං හත්ථමෙව ගච්ඡන්ති.
එහෙයින් පියරූපයන් ආශ්වාදනයේ ගිජුවුනු සිහිවිකල් බවට පත් එහි ඇලුනු යන අර්ථයි. එම පියරූප ඇති සත්ත්වයෝ කවරහුද? ඔවුන් මෙසේ දක්වයි. දෙවකායා පුථුමනුස්සා යනු චාතුර්මහා රාජිකාදි බොහෝ දේව සමූහයා ද, දඹදිව් වැසි බොහෝ මිනිස්සු ද, අඝාවිනො යනු කායික මානසික දුකෙන් දුකට පත් පරිජුන්නා රෝගාදී විපත්වලින් යොවුන් බව ඔවුන්ගේ එම ස්වභාවය ප්‍රකාශ කරනු පිණිස අඝාවුතො පරිජුන්නා යන්න කියන ලදි. ඔවුන්ට ද පෙර කර්මානුකූලව වැඩුණු මහළු බව ද, මානසික රෝග ද වශයෙන් දුක් ආදිය හටගැනීම වූයේ යයි දැනගත්තේය. මච්ඡුරාජස්ස වසං ගච්ඡන්තී ප්‍රියවස්තු විෂයෙහි ඇති තෘෂ්ණාව ප්‍රහීන නොකළ බැවින් නැවත නැවත මව්කුස පිළිසිඳ ගැනීම් ආදිය සිහිකිරීම් මෘත්‍යුරාජ සංඛ්‍යාත වූ මරණයේ වසඟයට පැමිණෙන්නේ ය.
එත්තාවතා වට්ටං දස්සෙත්වා ඉදානි “යෙ වෙ දිවා”තිආදිනා විවට්ටං දස්සෙති. තත්ථ යෙ වෙ දිවා ච රත්තො ච අප්පමත්තාති “දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙතී”තිආදිනා වුත්තනයෙන දිවසභාගෙ රත්තිභාගෙ ච දළ්හං අප්පමත්තා අප්පමාදප්පටිපදං පූරෙන්ති. ජහන්ති පියරූපන්ති චතුසච්චකම්මට්ඨානභාවනං උස්සුක්කාපෙත්වා අරියමග්ගාධිගමෙන පියරූපං පියජාතිකං චක්ඛාදිපියවත්ථුං තප්පටිබද්ධඡන්දරාගජහනෙන ජහන්ති. තෙ වෙ ඛණන්ති අඝමූලං, මච්චුනො ආමිසං දුරතිවත්තන්ති තෙ අරියපුග්ගලා අඝස්ස වට්ටදුක්ඛස්ස මූලභූතං, මච්චුනා මරණෙන ආමසිතබ්බතො ආමිසං, ඉතො බහිද්ධා කෙහිචිපි සමණබ්රාහ්මණෙහි නිවත්තිතුං අසක්කුණෙය්යතාය දුරතිවත්තං, සහ අවිජ්ජාය තණ්හං අරියමග්ගඤාණකුදාලෙන ඛණන්ති, ලෙසමත්තම්පි අනවසෙසන්තා උම්මූලයන්තීති. ස්වායමත්ථො –
මෙසේ සංසාර දුක ප්‍රකාශකොට අනතුරුව, යෙ වෙ දිවා ආදී වශයෙන් නිවන දක්වන්නේ ය. යෙ වෙ දිවා ච රත්තො ච අප්පමත්තා එහි යම් කෙනෙක් දිවා රාත්‍රී දෙක්හි අප්රමාදී වූවෝ ය. දවස සක්මනෙන් ද, හිඳීමෙන් ද, කෙලෙස් ආවරණයන්ගෙන් සිත පිරිසිදු කෙරේනුයි කියන ලද පරිදි දිවා චතුරාර්ය සත්‍ය භාවනාව වෙසෙසින් සම්පූර්ණකොට ආර්ය මාර්ගයට එළඹීමෙන් ප්‍රිය රූප, ප්‍රිය උපදවන ප්‍රිය දේ, චක්ඛු ආදී ප්‍රිය වස්තු පිළිබඳව දැඩි ආසාව දුරු කරයි. තෙ වෙ ඛණන්ති අසමූලං මච්චුනො ආමිසා දුරතිවත්තන්ති ඒ ආර්ය පුද්ගලයෝ සියලු සසර දුක් මුලින් උදුරා මෘත්‍යු නමැති මරණ දුක නොදෙන බැවින් ආමිසය ද එයින් බැහැර වූ කිසිදු මහණ බමුණු ආදීන් විසින් නැවැත්වීමට අපොහොසත් වන්නේද, එබැවින් හා අන්තිම වශයෙන් අවිද්‍යාව හා තණ්හාව ආර්ය මාර්ගය නමැති උදැල්ලෙන් සාරති. ස්වල්ප මාත්‍රයක්වත් ඉතිරි නොකොට මුලින්ම සිඳිත් යන අර්ථයි. මේ එහිම අර්ථයයි.
“අප්පමාදො අමතපදං, පමාදො මච්චුනො පදං; අප්පමත්තා න මීයන්ති, යෙ පමත්තා යථා මතා”ති. (ධ· ප· 21) –
නොපමා බව නිවනට මගයි. පමාව මරණයට සසර නැවත නැවත ඉපදෙමින් මරණයට පත්වීමට මගයි. නොපමා වූවෝ නො මියෙත්. පමාවූවෝ මළාක් වැනියහ.
ආදීහි සුත්තපදෙහි විත්ථාරෙතබ්බොති.
ආදී සූත්‍ර පදයන්හි විස්තර කරන ලද්දේය.
සත්තමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත්වැනි සූත්‍ර වර්ණනාව යි.