යෙදුමෙන් කියවන්න

දණ‍්ඩසුත‍්තං

2. 3.

2. 3.

දණ‍්ඩසුත‍්තං

දණ්ඩ සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක.

තෙන ඛො පන සමයෙන සම‍්බහුලා කුමාරකා අන‍්තරා ච සාවත්‍ථිං අන‍්තරා ච ජෙතවනං අහිං දණ‍්ඩෙන හනන‍්ති. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. අද‍්දසා ඛො භගවා සම‍්බහුලෙ කුමාරකෙ අන‍්තරා ච සාවත්‍ථිං අන‍්තරා ච ජෙතවනං අහිං දණ‍්ඩෙන හනන‍්තෙ.

එසමයෙහි බොහෝ කුඩා දරුවෝ සැවැත්නුවරටත් ජේතවනයටත් අතරෙහි දී නයකු දණ්ඩෙකින් පෙළත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳැ පෙරෙවැ පා සිවුරු ගෙනැ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරටත් ජේතවනයටත් අතරෙහි නාගයකු දණ්ඩෙකින් පෙළන ඒ බොහෝ කුඩා දරුවන් දුටු සේක.

අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ සේක:

“සුඛකාමානි භූතානි යො දණ‍්ඩෙන විහිංසති, අත‍්තනො සුඛමෙසානො පෙච‍්ච සො න ලභතෙ සුඛං.

“යමෙක් තමාහට සුව සොයන්නේ, සුව කැමැති සතුන් දඬුවමින් පෙළා ද, හේ පරලොවැ සුවක් නො ලබයි.

සුඛකාමානි භූතානි යො දණ‍්ඩෙන න හිංසති, අත‍්තනො සුඛමෙසානො පෙච‍්ච සො ලභතෙ සුඛ”න‍්ති.

යමෙක් තමාගේ සුව සොයන්නේ සුව කැමැති සතුන් දඬුවමින් නො පෙළා ද, හෙ තෙමේ පරලොවැ සුව ලබයි”.