රාජසුත්තං
2. 2.
2. 2.
රාජසුත්තං
රාජ සූත්‍රය
එවං මෙ සුත: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
තෙන ඛො පන සමයෙන සම්බහුලානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං උපට්ඨානසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි:
එ සමයෙහි පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකුණු, දම්සබා මඬුවෙහි හුන්නාවූ, (ඒ ඒ තැනින්) රැස් වූ බොහෝ භික්ෂූන් අතර මේ අතුරු කථාව උපන:
“කො නු ඛො ආවුසො ඉමෙසං ද්වින්නං රාජූනං මහද්ධනතරො වා මහාභොගතරො වා මහාකොසතරො වා මහාවිජිතතරො වා මහාවාහනතරො වා මහබ්බලතරො වා මහිද්ධිකතරො වා මහානුභාවතරො වා රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො, රාජා වා පසෙනදි කොසලො”ති. අයඤ්චරහි තෙසං භික්ඛූනං අන්තරා කථා හොති විප්පකතා.
“ඇවැත්නි, මගධාපති සේනිය බිම්බිසාර රජ හෝ කෝශලාධිපති පසේනදි රජ හෝ (යන) මේ දෙ රජුන් අතුරෙන් කවරෙක් අතිශයින් මහද්ධන ඇත්තේ හෝ අතිශයින් මහද්භෝග ඇත්තේ හෝ අතිශයින් මහත් භාණ්ඩාගාර ඇත්තේ හෝ අතිශයින් මහත් විජිත ඇත්තේ හෝ අතිශයින් මහත් වාහන ඇත්තේ හෝ අතිශයින් මහත් බල ඇත්තේ හෝ අතිශයින් මහත් ඍද්ධි ඇත්තේ හෝ අතිශයින් මහත් ආනුභාව ඇත්තේ හෝ වේ ද?” යනු යි. ඒ භික්ෂූන්ගේ මේ අතුරු කථාව වූ කලි කොට අඩාළ වූයේ වෙයි.
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “කායනුත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නා සන්නිපතිතා, කා ච පන වො අන්තරාකථා විප්පකතා?”ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටි සේක්, දම්සබාමඩුව වෙත වැඩි සේක. වැඩැ පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ (එහි) වැඩැ හිඳැ, “මහණෙනි, (තෙපි) දැන් මෙහි රැස් වූවාහු කවර නම් කථාවෙකින් යුක්ත ව හුන්නහු ද? තොපගේ අඩාළ වූ අතුරු කථාව කවර දැ”යි භික්ෂූන් ඇමුතූ සේක.
ඉධ භන්තෙ අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං උපට්ඨානසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: “කො නු ඛො ආවුසො ඉමෙසං ද්වින්නං රාජූනං මහද්ධනතරො වා මහාභොගතරො වා මහාකොසතරො වා මහාවිජිතතරො වා මහාවාහනතරො වා, මහබ්බලතරො වා මහිද්ධිකතරො වා මහානුභාවතරො වා, රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො, රාජා වා පසෙනදි කොසලො”ති. අයං ඛො නො භන්තෙ අන්තරාකථා විප්පකතා, අථ ඛො භගවා අනුප්පත්තො?”ති.
ස්වාමීනි, මෙහි පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් වැළැකුණු, දම්සබා මඬුවෙහි ( ඒ ඒ තැනින්) රැස් වූ අප අතරැ, “ඇවැත්නි, මගධාපති සේනිය බිම්බිසාර රජ හෝ කෝශලාධිපති පසේනදි රජ හෝ (යන) මේ දෙ රජුන් අතුරෙන් කවරෙක් අතිශයින් මහද්ධන ඇත්තේ හෝ අතිශයින් මහද්භෝග ඇත්තේ හෝ, අතිශයින් මහත් භාණ්ඩාගාර ඇත්තේ හෝ, අතිශයින් මහත් විජිත ඇත්තේ හෝ, අතිශයින් මහත් වාහන ඇත්තේ හෝ, අතිශයින් මහත් බල ඇත්තේ හෝ අතිශයින් මහත් ඍද්ධි ඇත්තේ හෝ අතිශයින් මහත් අනුභාව ඇත්තේ හෝ වේ ද?” යි මේ අතුරු කථාව උපන. ස්වාමීනි, අපගේ මේ අතුරු කථාව අඩාළ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩැ වදාළ සේකැ”යි කීහු.
“න ඛ්වෙතං භික්ඛවෙ තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං, යං තුම්හෙ එවරූපිං කථං කථෙය්යාථ. සන්නිපතිතානං වො භික්ඛවෙ ද්වයං කරණීයං ධම්මී වා කථා අරියො වා තුණ්හීභාවො”ති.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “මහණෙනි, තෙපි මෙබඳු කථා කරන්නහුය යන යමෙක් ඇද්ද, එය ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්මැ ශාසනයට පැමිණි කුලපුත්‍ර වූ තොපට සුදුසු නො වෙයි. මහණෙනි, (යම් තැනකට) රැස්වූ තොප විසින් දෙකක් කටයුතු ය: දැහැමි කථාව හෝ ආර්‍ය්‍ය වූ තූෂ්ණීම්භාවය හෝ”යි.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලායෙහි මේ උදානය පහළ කළ සේක:
යඤ්ච කාමසුඛං ලොකෙ යඤ්චිදං දිවියං සුඛං, තණ්හක්ඛයසුඛස්සෙතෙ කලං නාග්ඝන්ති සොළසි”න්ති.
“ලෝකයෙහි යම් කාම සැපයෙක් වේ ද, යම් මේ දෙව්ලොව උපදනා (දෙවියන්ගේ ද මනුෂ්‍යයන්ගේ ද රූපසමාපත්ති) සැපයෙක් වේ ද, මේ (සියලු) සැප තෘෂ්ණාක්ෂය සඞ්ඛ්‍යාත නිවන් සැපයාගේ සොළොස් කලාවෙන් කලාවක් ද නො අගනේ ය”යනු යි.