මුචලින්දසුත්තං
2. 1.
2. 1.
මුචලින්දසුත්තං
මුචලින්ද සූත්‍රය
එවං මෙ සුත: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ මුචලින්දමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති, විමුත්තිසුඛපටිසංවෙදී.
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා නදීතීරයෙහි මිදෙල්ල ගස මුල වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පලසමවත්සුව විඳුනා සේක්, සත්දවසක් මුළුල්ලෙහි එක්පලඟින් වැඩහුන් සේක.
තෙන ඛො පන සමයෙන මහා අකාලමෙඝො උදපාදි සත්තාහවද්දලිකා සීතවාතදුද්දිනී. අථ ඛො මුචලින්දො නාගරාජා සකභවනා නික්ඛමිත්වා භගවතො කායං සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිත්වා උපරි මුද්ධනි මහන්තං ඵණං විහච්ච අට්ඨාසි: “මා භගවන්තං සීතං, මා භගවන්තං උණ්හං, මා භගවන්තං ඩංසමකසවාතාතපසිරිංසපසරීසපසම්ඵස්සො”ති. අථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨාසි.
එසමයෙහි සිහිල්පවනින් වැලලි වූ සද්දා වදුලු ඇති මහ අකල් වැස්සෙක් උපන. ඉක්බිති මුදලිඳු නාරජ සිය බවනෙන් නික්මැ අවුත්, භාග්‍යවතුන් වහන්සේ කරා ශීතයෙක් නො පැමිණේවා. භාග්‍යවතුන් වහන්සේ කරා උෂ්ණයෙක් නො පැමිණේවා. භාග්‍යවතුන් වහන්සේ කරා මැසි මදුරු වා අවු දිග්දෑ (දීර්ඝජාතිකයන්ගේ) පහසෙක් නො වේ වා’යී භාග්‍යවතුන් වහන්සේගේ සිරුර සත්වරක් දරණවැලින් වට කොට, හිස මතැ මහත් පෙණය කොට, සිටියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත්දවස ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිටි සේක.
අථ ඛො මුචලින්දො නාගරාජා විද්ධං විගතවලාහකං දෙවං විදිත්වා භගවතො කායා භොගෙ විනිවෙඨෙත්වා සකවණ්ණං පටිසංහරිත්වා මාණවකවණ්ණං අභිනිම්මිනිත්වා භගවතො පුරතො අට්ඨාසි පඤ්ජලිකො භගවන්තං නමස්සමානො.
ඉක්බිති මුදලිඳු නාරජ පහ වැ ගිය වලාකුළු ඇති අහස පිරිසිදු වූවා දැනැ බුදුරදුන් සිරුරෙන් දරණවැල ඉවත් කොට ස්වකීය වේශය අතුරුදහන් කොට කුමරවෙසක් මවා ගෙන බුදුරදුන් ඉදිරියෙහි බැඳැඳිලි ව බුදුරජුන් දිසාවට වැඳ ගෙන සිටියේ ය.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදන් ඇනූ සේක:
සුඛො විවෙකො තුට්ඨස්ස සුතධම්මස්ස පස්සතො. අබ්යාපජ්ජං සුඛං ලොකෙ පාණභූතෙසු සංයමො.
(චතුර්මාර්‍ගඥානසන්තෝෂයෙන්) සතුටු වූ, පහළ කරන ලද (නිවන්) දහම් ඇති, (නුවණැසින්) දක්නා වූ රහතුන් වහන්සේට (නිර්වාණ සඞ්ඛ්‍යාත උපධි) විවේකය සැප යි. නො කිපෙන බව සැප යි. ලොවැ සතුන් කෙරෙහි අවිහිංසාව සැපයි.
සුඛා විරාගතා ලොකෙ කාමානං සමතික්කමො. අස්මිමානස්ස යො විනයො එතං වෙ පරමං සුඛන්ති.
ලෝකයෙහි කාමයන්ගේ (යම්) ඉක්මීමක් වේ නම් ඒ විරාගතාව සැප යි. අස්මිමානයාගේ යම් දුරු කිරීමෙක් වේ නම් මේ (රහත්බව) උතුම් සැපය යි.