1. මුචලින්දසුත්තවණ්ණනා අට්ඨකථා
1. මුචලින්දසුත්තවණ්ණනා
1. මුචලින්ද සූත්‍ර වර්ණනාව
මුචලින්දවග්ගස්ස පඨමෙ මුචලින්දමූලෙති එත්ථ මුචලින්දො වුච්චති නීපරුක්ඛො. සො “නිචුලො”තිපි වුච්චති, තස්ස සමීපෙ. කෙචි පන “මුචලොති තස්ස රුක්ඛස්ස නාමං, තං වනජෙට්ඨකතාය පන මුචලින්දොති වුත්ත”න්ති වදන්ති. මහා අකාලමෙඝොති අසම්පත්තෙ වස්සකාලෙ උප්පන්නමහාමෙඝො. සො හි ගිම්හානං පච්ඡිමෙ මාසෙ සකලචක්කවාළගබ්භං පූරෙන්තො උදපාදි. සත්තාහවද්දලිකාති තස්මිං උප්පන්නෙ සත්තාහං අවිච්ඡින්නවුට්ඨිකා අහොසි. සීතවාතදුද්දිනීති සා ච සත්තාහවද්දලිකා උදකඵුසිතසම්මිස්සෙන සීතවාතෙන සමන්තතො පරිබ්භමන්තෙන දුසිතදිවසත්තා දුද්දිනී නාම අහොසි. මුචලින්දො නාම නාගරාජාති තස්සෙව මුචලින්දරුක්ඛස්ස සමීපෙ පොක්ඛරණියා හෙට්ඨා නාගභවනං අත්ථි, තත්ථ නිබ්බත්තො මහානුභාවො නාගරාජා. සකභවනාති අත්තනො නාගභවනතො. සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිත්වාති සත්තවාරෙ අත්තනො සරීරභොගෙහි භගවතො කායං පරිවාරෙත්වා. උපරිමුද්ධනි මහන්තං ඵණං විහච්චාති භගවතො මුද්ධප්පදෙසස්ස උපරි අත්තනො මහන්තං ඵණං පසාරෙත්වා. “ඵණං කරිත්වා”තිපි පාඨො, සො එවත්ථො.
මුචලින්ද වග්ගයේ ප්‍රථම සූත්‍රයෙහි මුචලින්ද මූලේ මෙහි මුචලින්ද නම් මිදෙල්ල ගසය. එය නිචූලයිද කියනු ලැබේ. ඒ ගස සමීපයෙහි, සමහරු මුචලයිද කියනු ලැබේ. එය වනයෙහි ජ්‍යෙෂ්ඨ ගසක් බැවින් මුචලින්ද වූයේ යැයි කියනු ලැබේ. මහා අකාලමෙඝො යනු වර්ෂා කාලය නොපැමිණි කල්හි ඇතිවුන මහා වර්ෂාවකි. එය ගිම්හාන සෘතුවෙහි අවසාන මාසයෙහි මුලු සක්වලම පුරමින් හටගත්තේය. සත්තා භවද්දලිකා යනු එය උපන්කල්හි හත් දවසක් නොකඩවා වැසි වැටුණේය. ඒ වර්ෂාවද ජලය හා මිශ්‍ර වූ ශීතල වාතයෙන් යුක්ත වූයේය. මුචලින්ද නම් නාරජු, එම ගස සමීපයේ පොකුණෙහි යට නාග භවනයක් ඇත. එහි උපන් මහානුභාව සම්පන්න නාගරාජයෙකි. සකභවනාති තමන්ගේ නාගභවනයෙන් සත්තක්ඛත්තුංභොගෙහි පරික්ඛිපිත්වා යනු සත්වරක් තමාගේ ශරීරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය වටකොට උපරි මුද්ධනි මහන්තං ඵණං විහච්ච යනු හිස මුදුනෙහි පෙණය තබා, භාග්‍යවතුන් වහන්සේගේ හිස මුදුන් පෙදෙසට මත්තෙහි තමන්ගේ මහත් වූ පෙණය දිගහැර තබා. ඵණං කරිත්වා යිද පාඨයක් ඇත. එයද ඉහත කී අර්ථයමය.
තස්ස කිර නාගරාජස්ස එතදහොසි “භගවා ච මය්හං භවනසමීපෙ රුක්ඛමූලෙ නිසින්නො, අයඤ්ච සත්තාහවද්දලිකා වත්තති, වාසාගාරමස්ස ලද්ධුං වට්ටතී”ති. සො සත්තරතනමයං පාසාදං නිම්මිනිතුං සක්කොන්තොපි “එවං කතෙ කායසාරො ගහිතො න භවිස්සති, දසබලස්ස කායවෙය්යාවච්චං කරිස්සාමී”ති මහන්තං අත්තභාවං කත්වා සත්ථාරං සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිත්වා උපරි ඵණං කත්වා ධාරෙසි. “පරික්ඛෙපබ්භන්තරං ලොහපාසාදෙ භණ්ඩාගාරගබ්භප්පමාණං අහොසී”ති ඛන්ධකට්ඨකථායං (මහාව· අට්ඨ· 5) වුත්තං. මජ්ඣිමට්ඨකථායං පන “හෙට්ඨාලොහපාසාදප්පමාණ”න්ති (ම· නි· අට්ඨ· 1.284). “ඉච්ඡිතිච්ඡිතෙන ඉරියාපථෙන සත්ථා විහරිස්සතී”ති කිර නාගරාජස්ස අජ්ඣාසයො. භගවා පන යථානිසින්නොව සත්තාහං වීතිනාමෙසි. තඤ්ච ඨානං සුපිහිතවාතපානං සුඵුසිතඅග්ගළද්වාරං කූටාගාරං විය අහොසි. මා භගවන්තං සීතන්තිආදි තස්ස තථා කරිත්වා ඨානකාරණපරිදීපනං. සො හි “මා භගවන්තං සීතං බාධයිත්ථ, මා උණ්හං, මා ඩංසාදිසම්ඵස්සො බාධයිත්ථා”ති තථා කරිත්වා අට්ඨාසි.
භාග්‍යවතුන් වහන්සේ මාගේ භවන සමීපයෙහි ගසක් මුල වැඩවසති. දැන් හත් දවසක් වසින වැස්ස ඇත. එබැවින් බුදුරදුනට වාසයට සුදුසු ස්ථානයක් ලැබුනොත් යහපතැයි ඒ නාගරාජයාට අදහස ඇතිවිය. ඔහුට සත්රුවන්වලින් තැනූ ප්‍රාසාදයක් නිර්මාණය කරන්නට හැකිවූයේ නමුත් එසේ කළ කල්හි සිරුරෙන් ගතයුතු ප්‍රයෝජනය නොගත්තේ වන්නේය. දසබලයන් වහන්සේට කයින් වතාවතක් කරන්නෙමි යි මහත් වූ ශරීරයක් මවාගෙන ශාස්තෲන් වහන්සේ හත්වරක් දරණින් වටකොට හිසමත පෙණය තබා සිටියේය. දරණ ඇතුලත ලෝහමහා ප්‍රාසාදයක බඩු ගබඩාවක් පමණ විය යි අන්ධට්ඨ කථාවෙහි කියන ලදි. ශාස්තෲන් වහන්සේ කැමති කැමති ඉරියව්වකින් වාසය කරත්වා යනු නා රජුගේ අදහස විය. භාග්‍යවතුන් වහන්සේ හිඳගෙනම සත්දවස ගතකළහ. මා භගවන්තං සීතං භාග්‍යවතුන් වහන්සේට සීතලක් නොවේවා. හෙතෙම සීතද, උෂ්ණයද, මැසිමදුරුවන්ගෙන් වන හිරිහැර ද වැළැක්වීම සඳහා එසේ කෙළේය.
තත්ථ කිඤ්චාපි සත්තාහවද්දලිකාය උණ්හමෙව නත්ථි, සචෙ පන අන්තරන්තරා මෙඝො විගච්ඡෙය්ය, උණ්හං භවෙය්ය, තම්පි මා බාධයිත්ථාති එවං තස්ස චින්තෙතුං යුත්තං. කෙචි පනෙත්ථ වදන්ති “උණ්හග්ගහණං භොගපරික්ඛෙපස්ස විපුලභාවකරණෙ කාරණකිත්තනං. ඛුද්දකෙ හි තස්මිං භගවන්තං නාගස්ස සරීරසම්භූතා උස්මා බාධෙය්ය, විපුලභාවකරණෙන පන තාදිසං ‘මා උණ්හං බාධයිත්ථා’ති තථා කරිත්වා අට්ඨාසී”ති.
සත් දවසක් වැසි වසිනවිට උෂ්ණයක් නැත. එහෙත් වරින්වර වැස්ස නවතිනවිට උෂ්ණය ඇතිවන්නේය. එවිට උෂ්ණය නොවේවායි අදහස් කළ බව සිතිය යුතුය යි සමහරු කියති.
විද්ධන්ති උබ්බිද්ධං, මෙඝවිගමෙන දූරීභූතන්ති අත්ථො. විගතවලාහකන්ති අපගතමෙඝං. දෙවන්ති ආකාසං. විදිත්වාති “ඉදානි විගතවලාහකො ආකාසො, නත්ථි භගවතො සීතාදිඋපද්දවො”ති ඤත්වා. විනිවෙඨෙත්වාති අපනෙත්වා. සකවණ්ණන්ති අත්තනො නාගරූපං. පටිසංහරිත්වාති අන්තරධාපෙත්වා. මාණවකවණ්ණන්ති කුමාරකරූපං.
විද්ධං විනාස වූ වැසි වලා දුරුවූයේය යන අර්ථයි. විගතවලාහකං පහවූ වැසිවලාවන්. දෙව අහස, විදිත්වා දැන් සීත ආදී උවදුරු නැතැයි දැන. විනිවෙඨෙත්වා පහව ගොස් සකවණ්ණං තමන්ගේ නාගරූපය. පටිසංහරිත්වා අතුරුදහන්කොට මානවක වණ්ණං කුමාර රූපය,
එතමත්ථන්ති විවෙකසුඛප්පටිසංවෙදිනො යත්ථ කත්ථචි සුඛමෙව හොතීති එතමත්ථං සබ්බාකාරෙන ජානිත්වා. ඉමං උදානන්ති ඉමං විවෙකසුඛානුභාවදීපකං උදානං උදානෙසි.
එතමත්ථං මේ කාරණය සියලු ආකාරයෙන් දැන ඉමං උදානං මෙම විවේක සුවයේ උසස් බව ප්‍රකාශ කරන උදානය පහළ කළ සේක.
තත්ථ සුඛො විවෙකොති නිබ්බානසඞ්ඛාතො උපධිවිවෙකො සුඛො. තුට්ඨස්සාති චතුමග්ගඤාණසන්තොසෙන තුට්ඨස්ස. සුතධම්මස්සාති පකාසිතධම්මස්ස විස්සුතධම්මස්ස. පස්සතොති තං විවෙකං, යං වා කිඤ්චි පස්සිතබ්බං නාම, තං සබ්බං අත්තනො වීරියබලාධිගතෙන ඤාණචක්ඛුනා පස්සන්තස්ස. අබ්යාපජ්ජන්ති අකුප්පනභාවො, එතෙන මෙත්තාපුබ්බභාගො දස්සිතො. පාණභූතෙසු සංයමොති සත්තෙසු ච සංයමො අවිහිංසනභාවො සුඛොති අත්ථො. එතෙන කරුණාපුබ්බභාගො දස්සිතො.
තත්ථ සුඛො විවෙකො නිර්වාණ සංඛ්‍යාත උපධි විවේකය සැපය, තුට්ඨස්ස සතර මාර්ගඥානයෙන් සතුටු වූ සුතධම්මස්ස ප්‍රකාශ කරන ලද නිවන් දහම් ඇති. පස්සතො ඒ විවේකය තමන්ගේ වීර්යයෙන් ලබාගත් නුවණැසින් බලන්නහුට. අබ්යාපජ්ජං නො - කිපෙන ස්වභාවය මෙයින් මෛත්‍රී පූර්වභාගය දක්වන ලදි. පාණ භූතෙසු සංයමො සත්ත්වයන් කෙරෙහි හික්මුණු බව, අවිහිංසා බව සැපය යන අර්ථයි. මෙයින් කරුණා පූර්වභාගය දක්වන ලද
සුඛා විරාගතා ලොකෙති විගතරාගතාපි ලොකෙ සුඛා. කීදිසී? කාමානං සමතික්කමොති, යා කාමානං සමතික්කමොති වුච්චති, සා විගතරාගතාපි සුඛාති අත්ථො, එතෙන අනාගාමිමග්ගො කථිතො. අස්මිමානස්ස යො විනයොති ඉමිනා පන අරහත්තං කථිතං. අරහත්තඤ්හි අස්මිමානස්ස පටිප්පස්සද්ධිවිනයොති වුච්චති, ඉතො පරඤ්ච සුඛං නාම නත්ථි, තෙනාහ “එතං වෙ පරමං සුඛ”න්ති. එවං අරහත්තෙන දෙසනාය කූටං ගණ්හීති.
සුඛා විරාගතා ලොකෙ ලෝකයෙහි කාමයන්ගේ යම් ඉක්මවීමක් වේද, ඒ වීතරාගය සැපය වේ. මෙයින් අනාගාමී මාර්ගය කියන ලදි. අස්මිමානස්ස යො විනයො මෙයින් අර්හත් බව වනාහි අස්මිමානයාගේ සම්පූර්ණ විනාස කිරීමයි කියනු ලැබේ. මෙය හැර අනෙක් සැපයක් නැත. එවං වෙ පරමං සුඛං යි එහෙයින් කියන ලදි. මෙයින් අර්හත් බවේ උතුම් බව වේ.
පඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
ප්‍රථම සූත්‍ර වර්ණනාව යි.