බාහියසුත්තං
1. 10.
1. 10.
බාහියසුත්තං
බාහිය සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක.
තෙන ඛො පන සමයෙන බාහියො දාරුචීරියො සුප්පාරකෙ පටිවසති සමුද්දතීරෙ සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. අථ ඛො බාහියස්ස දාරුචීරියස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘යෙ ච ඛො කෙචි ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා, අහං තෙසමඤ්ඤතරො’ති.
එසමයෙහි (දරවැහැරි දරන හෙයින්) දාරුචීරිය නම් වූ බාහිය තෙමේ ජනයා විසින් සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායනය (යටත් පැවැතුම්) කරන ලද්දේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය බෙහෙත් පිරිකර ලබන සුලු වූයේ, මුහුදු තෙරැ සුප්පාරක පටුනෙහි වෙසෙයි. එකල්හි රහසිගත වූ, හුදෙකලා වූ, බාහිය දාරුචීරියහට “ලෝකයෙහි රහත් වූ හෝ රහත්මගට පිළිපන් හෝ යම් කිසි කෙනෙක් (වෙත් නම්) මම් ඔවුනතුරෙහි එකෙකිමි”යි මෙසේ චිත්තසංකල්පනාවෙක් පහළ විය.
අථ ඛො බාහියස්ස දාරුචීරියස්ස පුරාණසාලොහිතා දෙවතා අනුකම්පිකා අත්ථකාමා බාහියස්ස දාරුචීරියස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය, යෙන බාහියො දාරුචීරියො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බාහියං දාරුචීරියං එතදවොච: ‘නෙ ව ඛො ත්වං බාහිය අරහා. නාපි අරහත්තමග්ගං වා සමාපන්නො. සාපි තෙ පටිපදා නත්ථි යාය වා ත්වං අරහා අස්ස, අරහත්තමග්ගං වා සමාපන්නො’ති. ‘අථ කෙ චරහි සදෙවකෙ ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නො?’ති. ‘අත්ථි බාහිය උත්තරෙසු ජනපදෙසු සාවත්ථි නාම නගරං. තත්ථ සො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො. සො හි බාහිය භගවා අරහා චෙව, අරහත්තාය ච ධම්මං දෙසෙතී’ති.
එකල්හි ඒ දරවැහැරිසිවුරු දරන බාහිය පිරිවැජියාගේ පැරැණි සහලේ නෑ දෙවියෙක් අනුකම්පා කරනුයේ වැඩ කැමැත්තේ දාරුචීවරික පිරිවැජියාගේ චිත්තපරිවිතර්කය සිය සිතින් දැන, දාරුචීරිය පිරිවැජියා වෙත පැමිණියේ ය. පැමිණැ දාරුචීරිය බාහියහට මෙසේ කී ය; “බාහියය, තෝ රහතෙක් නො වෙහි. රහත්මඟට පිළිපන්නෙක් ද නො වෙහි. යම් ප්රතිපත්තියෙකින් තෝ රහත් හෝ වන්නෙහි නම්, රහත්මඟට පිළිපන්නෙක් හෝ වන්නෙහි නම්, ඒ ප්‍රතිපත්තිය ද තට නැතැ”යි කී ය. “එසේ නම් දෙවියන් සහිත ලෝකයෙහි දැන් කවරෙක් නම් රහත් හෝ රහත්මඟට පැමිණියේ හෝ වේ දැ?”යි හේ ඇසී ය. “බාහියය, උතුරුජනව්යෙහි සැවැත් නම් නුවරෙක් ඇත. එහි අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වසන සේක. බාහියය, ඒ භාග්‍යවතුන් වහන්සේ රහත් ද (වෙති) රහත්බව පිණිස ධර්මය ද දෙසති”යි කී ය.
අථ ඛො බාහියො දාරුචීරියො තාය දෙවතාය සංවෙජිතො තාවදෙව සුප්පාරකා පක්කාමි සබ්බත්ථ එකරත්තිපරිවාසෙන. යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අබ්භොකාසෙ චඞ්කමන්ති. අථ ඛො බාහියො දාරුචීරියො යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: ‘කහන්නු ඛො භන්තෙ එතරහි භගවා විහරති අරහං සම්මාසම්බුද්ධො? දස්සනකාමම්හා මයං තං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධ’න්ති. අන්තරඝරං පවිට්ඨො ඛො බාහිය, භගවා පිණ්ඩායා’ති.
ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ ඒ දෙවියා විසින් සංවේගයට පමුණුවන ලදු ව එකෙණෙහි ම සුප්පාරක පටුනෙන් පිටත් විය. සියලු තැන්හි එක්රැයක් (පමණක්) විසීමෙන් සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයට එළැඹියේ ය. එසමයෙහි බොහෝ භික්ෂූහු අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙති. ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ ඒ භික්ෂූන් කරා එළැඹියේ ය. එළැඹ ඒ භික්ෂූන්හට “ස්වාමීනි, ඒ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වාසය කරන සේක් ද? අපි ඒ අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තම්හ”යි කී ය. “බාහියය, ඒ භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ඇතුළුගමට පිවිසි සේකැ”යි ඒ භික්ෂූහු කීහ.
2. අථ ඛො බාහියො දාරුචීරියො තරමානරූපො ජෙතවනා නික්ඛමිත්වා සාවත්ථිං පවිසිත්වා අද්දස භගවන්තං සාවත්ථියං පිණ්ඩාය චරන්තං පාසාදිකං පසාදනීයං සන්තින්ද්රියං සන්තමානසං උත්තමදමථසමථමනුප්පත්තං දන්තං ගුත්තං යතින්ද්රියං නාගං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පාදෙ සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: ‘දෙසෙතු මෙ භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති.
2. ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ වෙළෙවි ස්වභාව ඇත්තේ ජෙතවනයෙන් නික්මැ සැවැත්නුවර පිවිසැ, සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නාවූ, ප්‍රසාදාවහ වූ, ප්රසාදාර්හ වූ, සන්හුන් ඉඳුරන් ඇති, සන්හුන් සිත් ඇති, උතුම් වු (ඉන්ද්රිය) දමනයට හා (ඉන්ද්රිය) ශමථයට පැමිණැ සිටි, (කයින්) දැමුණු (වචනයෙන්) රැකුණු (සිතින්) සංවර වූ ඉන්ද්රියයන් ඇති, (ඡන්දාදියෙන් අගතියට නොයන හෙයින්) නාග (ශ්‍රේෂ්ඨ) වූ භාග්‍යවතුන් වහන්සේ දිටී ය. දැකැ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේගේ දෙපාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යම් ධර්මයක් මට බොහෝ කාලයක් හිත පිණිස සුව පිණිස පවත්නේ ද, ඒ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මට දෙසත්වා. සුගතයන් වහන්සේ ධර්මය දෙසත්වා”යි කී ය.
එවං වුත්තෙ භගවා බාහියං දාරුචීරියං එතදවොච: ‘අකාලො ඛො තාව බාහිය, අන්තරඝරං පවිට්ඨම්හා පිණ්ඩායා’ති.
මෙසේ කල්හි භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියහට “පිඬු පිණිස ඇතුළු ගමට පිවිසියම්හ. එහෙයින් දැන් (බණ කීමට) නො කල්යැ”යි වදාළ සේක.
දුතියම්පි ඛො බාහියො දාරුචීරියො භගවන්තං එතදවොච: “දුජ්ජානං ඛො පනෙතං භන්තෙ භගවතො වා ජීවිතන්තරායානං, මය්හං වා ජීවිතන්තරායානං. දෙසෙතු මෙ භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
දෙවෙනි වරටත් දාරුචීරිය බාහිය තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අන්තරායකර ධර්මයන්ගේ හෝ මගේ ජීවිතයට අන්තරායකර ධර්මයන්ගේ ඇති බව හෝ නැති බව දැනගත නො හැකි ය. (එහෙයින්) වහන්ස, යම් ධර්මයෙක් මට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස, සුව පිණිස (පවත්නේ නම්) ඒ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මට දෙසත්වා. සුගතයන් වහන්සේ ඒ ධර්මය දෙසත්වා යැ”යි කී ය.
දුතියම්පි ඛො භගවා බාහියං දාරුචීරියං එතදවොච: “අකාලො ඛො තාව බාහිය. අන්තරඝරං පවිට්ඨම්හා පිණ්ඩායා”ති.
දෙවෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ දාරුචීරිය බාහියහට “ඇතුළු ගමට පිඬු පිණිස පිවිසියම්හ. බාහියය. දැන් (බණ කීමට) නො කල්යැ”යි වදාළ සේක.
තතියම්පි ඛො බාහියො දාරුචීරියො භගවන්තං එතදවොච: “දුජ්ජානං ඛො පනෙතං, භන්තෙ, භගවතො වා ජීවිතන්තරායානං, මය්හං වා ජීවිතන්තරායානං. දෙසෙතු මෙ භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
තුන්වැනි වරත් දාරුචීරිය බාහිය තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අන්තරායකර ධර්මයන්ගේ හෝ මගේ ජීවිතයට අන්තරායකර ධර්මයන්ගේ හෝ (ඇති නැති බව) දැනැගත නො හැකි ය. (එහෙයින්) වහන්ස, යම් ධර්මයෙක් මට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස, සුව පිණිස (පවත්නේ නම්) ඒ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මට දෙසත්වා, සුගතයන් වහන්සේ ඒ ධර්මය දෙසත්වා”යි කී ය.
තස්මාතිහ තෙ බාහිය, එවං සික්ඛිතබ්බ: “දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී”ති. එවං හි තෙ බාහිය, සික්ඛිතබ්බං.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: ‘එසේ නම් බාහියය, මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු ය: දක්නා ලද්දෙහි (රූපයෙහි) දක්නා ලද පමණක් වන්නේ ය. අසන ලද්දෙහි (ශබ්දයෙහි) අසන ලද්ද පමණක් වන්නේ ය. දන්නා ලද්දෙහි (=ගන්ධ රස පොට්ඨබ්බයන්හි) දන්නා ලද්ද පමණක් වන්නේ ය. සිතන ලද්දෙහි සිතන ලද්ද පමණක් වන්නේ ය. බාහිය, මෙසේ තොප විසින් හික්මිය යුතුය.
යතො ඛො තෙ බාහිය, දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති. විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති, තතො ත්වං බාහිය න තෙන. යතො ත්වං බාහිය න තෙන, තතො ත්වං බාහිය න තත්ථ. යතො ත්වං බාහිය න තත්ථ, තතො ත්වං බාහිය නෙවිධ, න හුරං, න උභයමන්තරෙන. එසෙවන්තො දුක්ඛස්සා”ති.
“බාහියය, යම් කලෙක්හි (නොහොත්) යම් හේතුවෙකින් තොපට දක්නා ලද්දෙහි දක්නා ලද පමණක් වන්නේ ද, අසන ලද්දෙහි අසන ලද්ද පමණක් වන්නේ ද, දන්නා ලද්දෙහි දන්නා ලද්ද පමණක් වන්නේ ද, විශේෂයෙන් දන්නා ලද්දෙහි විශේෂයෙන් දන්නා ලද්ද පමණක් වන්නේ ද, එකල්හි (නොහොත්) ඒ හේතුවෙන් තෝ ඒ (රූපාදිය) හා නො බැඳුණු තැනැත්තෙක් (වන්නෙහි ය). බාහියය, යම් කලෙක්හි (නොහොත්) යම් හේතුවෙකින් තෝ ඒ (රූපායතනාදිය) හා නොබැඳුණු තැනැත්තෙක් වන්නෙහි ද, එකල්හි (නොහොත්) ඒ හේතුවෙන් තෝ එහි නො බැඳුණු තැනැත්තෙක් (වන්නෙහි) ය. යම් කලෙක්හි (නොහොත්) යම් හේතුවෙකින් බාහිය ය, තෝ එහි (=රූපායතනාදියෙහි) නො බැඳුණු තැනැත්තෙක් වන්නෙහි ද, එකල්හි (නොහොත්) ඒ හේතුවෙන් බාහියය, තෝ මෙලොව ද නො උපදින්නෙහි, පරලොව ද නො (උපදින්නෙහි), දෙ ලොවෙහි ම ද නො (උපදින්නෙහි) දුක පිළිබඳ කෙළවර මෙය ම වන්නේ ය”යි යනු යි.
3. අථ ඛො බාහියස්ස දාරුචීරියස්ස භගවතො ඉමාය සඞ්ඛිත්තාය ධම්මදෙසනාය තාවදෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ මේ සංක්ෂිප්ත ධර්මදේශනාවෙන් එකෙණෙහි ම දාරුචීරිය බාහියයාගේ සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදිණි.
අථ ඛො භගවා බාහියං දාරුචීරියං ඉමිනා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදිත්වා පක්කාමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දාරිචීරිය බාහියහට මේ සංක්ෂිප්ත අවවාදයෙන් අවවාද කොට වැඩි සේක.
අථ ඛො අචිරපක්කන්තස්ස භගවතො බාහියං දාරුචීරියං ගාවී තරුණවච්ඡා අධිපාතෙත්වා ජීවිතා වොරොපෙසි.
භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වෙලාවෙකින් ළදරු වස්සකු ඇති දෙනක් දාරුචීරිය බාහියයා බිමැ හෙළා ජීවිතයෙන් තොර කළා ය.
අථ ඛො භගවා සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං නගරම්හා නික්ඛමිත්වා අද්දස බාහියං දාරුචීරියං කාලකතං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “ගණ්හථ භික්ඛවෙ බාහියස්ස දාරුචීරියස්ස සරීරකං. මඤ්චකං ආරොපෙත්වා නීහරිත්වා ඣාපෙථ. ථූපඤ්චස්ස කරොථ. සබ්රහ්මචාරී වො භික්ඛවෙ කාලකතො”ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිරැ බතින් පසු (පස්වරුවෙහි) පිණ්ඩපාතයෙන් වැළකුණු සේක්, බොහෝ භික්ෂූන් සමග නුවරින් නික්මැ, කලුරිය කළ දාරුචීරිය බාහියයා දුටු සේක. දැකැ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, දාරුචීරිය බාහියයාගේ ශරීරය ගනුව. ඇඳෙක නංවා බැහැර ගෙන ගොස් දවව. ඔහුට ස්තූපයක් ද කරව. මහණෙනි, තොපගේ සබ්රහ්මචාරියෙක් කලුරිය කෙළේ යැ”යි වදාළ සේක.
“එවං භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා බාහියස්ස දාරුචීරියස්ස සරීරකං මඤ්චකං ආරොපෙත්වා නීහරිත්වා ඣාපෙත්වා ථූපඤ්චස්ස කත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
‘ස්වාමිනී, එසේයැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, දාරුචීරිය බාහියයාගේ ශරීරය ඇඳෙක නංවා බැහැරැ ගෙන ගොස් දවා, ඔහුට ස්තූපයක් ද කොට, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෝ ය..
එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “දඩ්ඪං භන්තෙ බාහියස්ස දාරුචීරියස්ස සරීරං. ථූපො චස්ස කතො. තස්ස කා ගති? කො අභිසම්පරායො?”ති.
එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එක්පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගෙන් “ස්වාමීනි, බාහිය (නම්) දාරුචීරිය (භික්ෂූහු) ගේ ශරීරය දවන ලද්දේ ය. ඔහුගේ ස්තූපය ද කරන ලද්දේ ය. ඔහුගේ ගතිය කවර? අභිසම්පරාය (පරලොව) කවරේ දැ”යි මෙසේ විචාළහ:
“පණ්ඩිතො භික්ඛවෙ, බාහියො දාරුචීරියො පච්චපාදි ධම්මස්සානුධම්මං. න ච මං ධම්මාධිකරණං විහෙසෙසි. පරිනිබ්බුතො භික්ඛවෙ බාහියො දාරුචීරියො”ති.
“මහණෙනි, බාහිය දාරුචීරිය පණ්ඩිතයෙක (ලෝකෝත්තර) ධර්මය පිළිබඳ අනුධර්මයට (ශීල විශුද්ධි ආදි ප්රතිපද්ධර්මයට) පිළිපන්නේ ය. ධර්මය නිසා මා නො වෙහෙසී ය. මහණෙනි, බාහිය දාරුචීරිය තෙමේ පිරිනිවියේ යැ”යි වදාළ සේක.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදානය (ප්‍රීති වාක්‍යය) පහළ කළ සේක:
“යත්ථ ආපො ච පඨවී තෙජො වායො න ගාධති, න තත්ථ සුක්කා ජොතන්ති ආදිච්චො නප්පකාසති, න තත්ථ චන්දිමා භාති තමො තත්ථ න විජ්ජති. යදා ච අත්තනා වෙදී මුනි මොනෙන බ්රාහ්මණො, අථ රූපා අරූපා ච සුඛදුක්ඛා පමුච්චතී”ති.
“යම් නිර්වාණ ධාතුවෙක ආපෝධාතුව ද පෘථිවි ධාතුව ද තේජෝ ධාතුව ද වායෝධාතුව ද නො පිහිටා ද, එහි තාරකාවෝ නො බබළති, සූර්‍ය්‍යයා නො බබළයි, එහි චන්ද්‍රයා නො බබළයි, එහි අන්ධකාරය නැත. මෞන සඞ්ඛ්‍යාත මාර්ග ඥානයෙන් (යුක්ත හෙයින්) මුනි (නම්) වූ බ්‍රාහ්මණ තෙමේ යම් කලෙක්හි තෙමේ ම (නිර්වාණය) අවබෝධ කෙළේ ද, එකල්හි රූපලෝකප්රතිසන්ධියෙන් ද, අරූපලෝකප්රතිසන්ධියෙන් ද, සුඛ දුඃඛ සඞ්ඛ්‍යාත කාමාවචරප්රතිසන්ධියෙන් ද මිදේ”.
අයම්පි උදානො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
මේ උදානය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි මා විසින් අසන ලදී.
බොධිවග්ගො පඨමො.
පළමු බෝධි වර්ගය යි.
තත්රුද්දානං භවති:
එහි උද්දානය:
තයො ච බොධි නිග්රොධො තෙ ථෙරා කස්සපෙන ච. පාවාය සඞ්ගාමජි ජටිලා බාහියෙන තෙ දසාති.
බෝධි සූත්‍ර තුන ද, නිග්‍රෝධ සූත්‍රය, ස්ථවිර සූත්‍රය, කාශ්‍යප සූත්‍රය, පාවා සූත්‍රය, සඞ්ගාමජී සූත්‍රය, ජටිල සූත්‍රය, බාහිය සූත්‍රය යන මෙයින් ඒ සූත්‍ර දසයෙක් වේ.