ජටිලසුත‍්තං
1. 9.
1. 9.
ජටිලසුත‍්තං
ජටිල සූත්‍රය
1. එවං මෙ සුත: එකං සමයං භගවා ගයායං විහරති ගයාසීසෙ. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා ජටිලා සීතාසු හෙමන‍්තිකාසු රත‍්තීසු අන‍්තරට‍්ඨකෙ හිමපාතසමයෙ ගයායං උම‍්මුජ‍්ජන‍්ති’පි, නිමුජ‍්ජන‍්ති’පි, උම‍්මුජ‍්ජනිමුජ‍්ජම‍්පි කරොන‍්ති, ඔසිඤ‍්චන‍්ති’පි, අග‍්ගිම‍්පි ජුහන‍්ති ඉමිනා සුද‍්ධී’ති.
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා පෙදෙසෙහි වූ ගයාශීර්‍ෂයෙහි වැඩ වසන සේක. එසමයෙහි බොහෝ ජටිලයෝ ශීත වූ හිම ඍතුව පිළිබඳ රාත්‍රීන්හි (නවන් මැදින් දෙමසැ ) අතරැ හිම වැටෙන අට දවසක් පමණ වූ කාලයෙහි ‘මෙයින් ශුද්ධිය වෙතැ’යි සිතා ගයා තීර්‍ත්‍ථයෙහි දියේ ගිලී උඩ ඊම ද කෙරෙති. (නැවත) දියේ ගිලීම ද කෙරෙති. (නැවැතැ නැවැතැ) දියේ ගිලීම හා මතු වීම ද කෙරෙති. දිය වත් කිරීම ද කෙරෙති. ගිනි පිදීම ද කෙරෙති.
අද‍්දසා ඛො භගවා තෙ සම‍්බහුලෙ ජටිලෙ සීතාසු හෙමන‍්තිකාසු රත‍්තීසු අන‍්තරට‍්ඨකෙ හිමපාතසමයෙ ගයායං උම‍්මුජ‍්ජන‍්තෙ’පි නිමුජ‍්ජන‍්තෙ’පි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොන‍්තෙ’පි ඔසිඤ‍්චන‍්තෙ’පි අග‍්ගිම‍්පි ජුහන‍්තෙ ‘ඉමිනා සුද‍්ධී’ති.
භාග්‍යවතුන් වහන්සේ ‘මෙයින් ශුද්ධිය වෙතැ’යි ශීත වූ හිම ඍතුවෙහි රාත්‍රීන්හි අතර අට දවසක් පමණ වූ හිම වැටෙන කාලයෙහි ගයාතීර්‍ත්‍ථයෙහි දියෙන් නැඟෙන්නාවූ ද දියෙහි ගිලෙන්නාවූ ද නැගීම හා ගිලීම කරන්නාවූ ද දිය වත් කර ගන්නාවූ ද, ගිනි පුදන්නා වූ ද ඒ බොහෝ ජටිලයන් දුටු සේක.
2. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
න උදකෙන සුචී හොතී බවෙහත්‍ථ න‍්හායතී ජනො යම‍්හි සච‍්චඤ‍්ච ධම‍්මො ච සො සුචී සො ච බ්‍රාහ‍්මණො’ති.
“මෙහි (ගයා තීර්‍ත්‍ථයෙහි) බොහෝ දෙනෙක් නාති. (එහෙත්) ජලයෙන් පිරිසුදු වීමෙක් නැත. යමකු කෙරෙහි සත්‍යයත්, ධර්‍මයත් ඇත් නම් හෙ තෙමේ පිරිසිදු ය. හෙ තෙමේ බ්‍රාහ්මණයෙක් වේ”