යෙදුමෙන් කියවන්න

8. සඞ‍්ගාමජිසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

8. සඞ‍්ගාමජිසුත‍්තවණ‍්ණනා

8. සඞ්ග්‍රාමජිත් සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ සඞ‍්ගාමජීති එවංනාමො. අයඤ‍්හි ආයස‍්මා සාවත්‍ථියං අඤ‍්ඤතරස‍්ස මහාවිභවස‍්ස සෙට‍්ඨිනො පුත‍්තො, වයප‍්පත‍්තකාලෙ මාතාපිතූහි පතිරූපෙන දාරෙන නියොජෙත්‍වා සාපතෙය්‍යං නිය්‍යාතෙත්‍වා ඝරබන්‍ධනෙන බද‍්ධො හොති. සො එකදිවසං සාවත්‍ථිවාසිනො උපාසකෙ පුබ‍්බණ‍්හසමයං දානං දත්‍වා සීලං සමාදියිත්‍වා සායන‍්හසමයෙ සුද‍්ධවත්‍ථෙ සුද‍්ධුත‍්තරාසඞ‍්ගෙ ගන්‍ධමාලාදිහත්‍ථෙ ධම‍්මස‍්සවනත්‍ථං ජෙතවනාභිමුඛෙ ගච‍්ඡන‍්තෙ දිස‍්වා “කත්‍ථ තුම‍්හෙ ගච‍්ඡථා”ති පුච‍්ඡිත්‍වා “ධම‍්මස‍්සවනත්‍ථං ජෙතවනෙ සත්‍ථු සන‍්තික”න‍්ති වුත‍්තෙ “තෙන හි අහම‍්පි ගමිස‍්සාමී”ති තෙහි සද‍්ධිං ජෙතවනං අගමාසි. තෙන ච සමයෙන භගවා කඤ‍්චනගුහායං සීහනාදං නදන‍්තො කෙසරසීහො විය සද‍්ධම‍්මමණ‍්ඩපෙ පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසීදිත්‍වා චතුපරිසමජ‍්ඣෙ ධම‍්මං දෙසෙති.

අටවැනි සූත්‍රයෙහි සංගාමජි යනු ඔහුගේ නාමයයි. මොහු සැවැත්නුවර සම්පත් ඇති මහා ධනවතකුගේ පුත්‍රයා ය. ඔහු වැඩිවියට පත්වූ පසු මව්පියන් විසින් සුදුසු බිරිඳක් කැඳවා වස්තුව පවරා විවාහය කරවන ලද්දේය. සැවැත්නුවර පෙරවරු දන්දී සිල්සමාදන්ව සිට සවස සුදුරෙදි හැඳ සුදු උතුරු සළුවලින් සැරසී සුවඳ මල් ගෙන ධර්මශ්‍රවණය සඳහා දෙව්රම් වෙහෙරට යන උපාසකයන් දැක ‘කොහි යන්නහුදැ’යි අසා ධර්මශ්‍රවණයට දෙව්රම් වෙහෙරට යන බව දැන ඔහු ද ‘මම ද එන්නෙමි’යි දෙව්රම් වෙහෙරට ගියේය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ රන් ගුහාවක සිංහනාද කරන කේශර සිංහරාජයකු මෙන් සද්ධර්ම මණ්ඩපයෙහි පනවන ලද අසුනෙහි වැඩහිඳ සිවුපිරිස මැද ධර්මය දේශනා කරති.

අථ ඛො තෙ උපාසකා භගවන‍්තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු, සඞ‍්ගාමජිපි කුලපුත‍්තො තස‍්සා පරිසාය පරියන‍්තෙ ධම‍්මං සුණන‍්තො නිසීදි. භගවා අනුපුබ‍්බිකථං කථෙත්‍වා චත‍්තාරි සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ අනෙකෙසං පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. සඞ‍්ගාමජිපි කුලපුත‍්තො සොතාපත‍්තිඵලං පත්‍වා පරිසාය වුට‍්ඨිතාය භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා පබ‍්බජ‍්ජං යාචි “පබ‍්බාජෙථ මං භගවා”ති. “අනුඤ‍්ඤාතොසි පන ත්‍වං මාතාපිතූහි පබ‍්බජ‍්ජායා”ති? “නාහං, භන‍්තෙ, අනුඤ‍්ඤාතො”ති. “න ඛො, සඞ‍්ගාමජි, තථාගතා මාතාපිතූහි අනනුඤ‍්ඤාතං පුත‍්තං පබ‍්බාජෙන‍්තී”ති. “සොහං, භන‍්තෙ, තථා කරිස‍්සාමි, යථා මං මාතාපිතරො පබ‍්බජිතුං අනුජානන‍්තී”ති. සො භගවන‍්තං වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා මාතාපිතරො උපසඞ‍්කමිත්‍වා, “අම‍්මතාතා, අනුජානාථ මං පබ‍්බජිතු”න‍්ති ආහ. තතො පරං රට‍්ඨපාලසුත‍්තෙ (ම· නි· 2.293 ආදයො) ආගතනයෙන වෙදිතබ‍්බං.

එකල්හි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසක හුන්හ. සංගාමජි කුලපුත්‍රයා එම පිරිස් කෙළවර ධර්මය අසමින් සිටියේය. භාග්‍යවතුන් වහන්සේ අනුපුබ්බී කථාව පවත්වා චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළහ. දේශනාව අවසානයෙහි දහස් ගණනක් පිරිසට ධර්මාවබෝධය විය. සංගාමජි කුලපුත්‍රයා සෝවාන්ඵලයට පත්ව පිරිස නැගීසිට ගියකල්හි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මා පැවිදි කරනු මැනවැ’යි පැවිද්ද ඉල්ලුවේය. ‘ඔබ මවුපියන්ගෙන් පැවිද්ද සඳහා අනුමතය ලබාගත්තෙහිද?’ ‘ස්වාමීනි, මම අනුමතය නොගත්තෙමි. ‘සංගාමජි, තථාගතයන් වහන්සේලා මවුපියන්ගෙන් අනුමතය නොගත් පුත්‍රයකු පැවිදි නොකරති. ‘ස්වාමීනි, මම එසේ කරන්නෙමි. මවුපියන්ගෙන් අනුමතය ලබාගන්නෙමි’යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගොස් මවුපියන් වෙත පැමිණ ‘මෑණියනි, පියාණෙනි, මට පැවිදි වීමට අවසර දෙන්නැ’යි කීයේය. එතැන්සිාට රට්ඨපාල සූත්‍රයෙහි සඳහන් වන පරිදි දතයුතුය.

අථ සො “පබ‍්බජිත්‍වා අත‍්තානං දස‍්සෙස‍්සාමී”ති පටිඤ‍්ඤං දත්‍වා අනුඤ‍්ඤාතො මාතාපිතූහි භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පබ‍්බජ‍්ජං යාචි. අලත්‍ථ ඛො ච භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං උපසම‍්පදඤ‍්ච, අචිරූපසම‍්පන‍්නො ච පන සො උපරිමග‍්ගත්‍ථාය ඝටෙන‍්තො වායමන‍්තො අඤ‍්ඤතරස‍්මිං අරඤ‍්ඤාවාසෙ වස‍්සං වසිත්‍වා ඡළභිඤ‍්ඤො හුත්‍වා වුත්‍ථවස‍්සො භගවන‍්තං දස‍්සනාය මාතාපිතූනඤ‍්ච පටිස‍්සවමොචනත්‍ථං සාවත්‍ථිං අගමාසි. තෙන වුත‍්තං – “තෙන ඛො පන සමයෙන ආයස‍්මා සඞ‍්ගාමජි සාවත්‍ථිං අනුප‍්පත‍්තො හොතී”ති.

ඉක්බිති හෙතෙම ‘පැවිදිව මවුපියන් දකින්නට එන්නෙමි’යි පොරොන්දුවක් දී මවුපියන්ගෙන් අනුමතය ලැබ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පැවිද්ද ඉල්වීය. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද හා උපසම්පදාව ද ලැබීය. පැවිදිව නොබෝ කලකින් හෙතෙම ඉතිරි මාර්ගඵල ලැබීම සඳහා උත්සාහ කරන්නේ එක්තරා ආරණ්‍යවාසයක වස් වසා ෂඩ් අභිඥාලාභීව, වස් පවාරනකොට භාග්‍යවතුන් වහන්සේ දැකීමටත්, මව්පියන්ට දුන් පොරොන්දුවෙන් මිදීම සඳහාත්, සැවැත්නුවරට ගියේය. එහෙයින් ‘තෙන ඛො පන සමයෙන ආයස්මා සංගාමජි සාවත්‍ථිං අනුප්පත්තො හොති’ යි කියන ලදි.

සො හායස‍්මා ධුරගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො ජෙතවනං පවිසිත්‍වා භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං කතපටිසන්‍ථාරො අඤ‍්ඤං බ්‍යාකරිත්‍වා පුන භගවන‍්තං වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා නික‍්ඛමිත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථස‍්ස මාතාපිතරො ඤාතිමිත‍්තා චස‍්ස ආගමනං සුත්‍වා, “සඞ‍්ගාමජි, කිර ඉධාගතො”ති හට‍්ඨතුට‍්ඨා තුරිතතුරිතා විහාරං ගන‍්ත්‍වා පරියෙසන‍්තා නං තත්‍ථ නිසින‍්නං දිස‍්වා උපසඞ‍්කමිත්‍වා පටිසන්‍ථාරං කත්‍වා “මා අපුත‍්තකං සාපතෙය්‍යං රාජානො හරෙය්‍යුං, අප‍්පියා දායාදා වා ගණ‍්හෙය්‍යුං, නාලං පබ‍්බජ‍්ජාය, එහි, තාත, විබ‍්භමා”ති යාචිංසු. තං සුත්‍වා ථෙරො “ඉමෙ මය‍්හං කාමෙහි අනත්‍ථිකභාවං න ජානන‍්ති, ගූථධාරී විය ගූථපිණ‍්ඩෙ කාමෙසුයෙව අල‍්ලීයනං ඉච‍්ඡන‍්ති, නයිමෙ සක‍්කා ධම‍්මකථාය සඤ‍්ඤාපෙතු”න‍්ති අස‍්සුණන‍්තො විය නිසීදි. තෙ නානප‍්පකාරං යාචිත්‍වා අත‍්තනො වචනං අග‍්ගණ‍්හන‍්තං දිස‍්වා ඝරං පවිසිත්‍වා පුත‍්තෙන සද‍්ධිං තස‍්ස භරියං සපරිවාරං උය්‍යොජෙසුං “මයං නානප‍්පකාරං තං යාචන‍්තාපි තස‍්ස මනං අලභිත්‍වා ආගතා, ගච‍්ඡ ත්‍වං, භද‍්දෙ, තව භත‍්තාරං පුත‍්තසන්‍දස‍්සනෙන යාචිත්‍වා සඤ‍්ඤාපෙහී”ති. තාය කිර ආපන‍්නසත‍්තාය අයමායස‍්මා පබ‍්බජිතො. සා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා දාරකමාදාය මහතා පරිවාරෙන ජෙතවනං අගමාසි. තං සන්‍ධාය වුත‍්තං – “අස‍්සොසි ඛො ආයස‍්මතො සඞ‍්ගාමජිස‍්සා”තිආදි.

ඒ ආයුෂ්මත් තෙමේ දුර ගමක පිඬු සිඟා වළඳා පස්වරු දෙව්රම් වෙහෙරට පිවිස භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ කරන ලද පිළිසඳර ඇත්තේ අනෙක් කාරණය ප්‍රකාශ කොට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම එක්තරා රුක්මුලක දහවල් කාලය ගත කෙළේය. ඉක්බිති ඔහුගේ මවුපියෝ ද ඥාති මිත්‍රයෝද ඔහුගේ පැමිණීම ආස සංගාමජි තෙර මෙහි පැමිණියේය යි සතුටු සිත් ඇතිව වහ වහා වෙහෙරට ගොස් සොයන්නෝ එහි හුන් ඔහු දැක සමීපයට ගොස් පිළිසඳර කොට දරුවන් නැති වස්තුව රජවරු අරගෙන නොයාම පිණිස, දායාද අල්වා නොගැනීම පිණිස දරුව එන්න, පැවිද්දෙන් ප්‍රයෝජන නැත. ගිහි බවට පත්වන්නැයි ඉල්ලා සිටියහ. එය අසා ස්ථවිර තෙමේ මොවුහු මට කාමවස්තූන්ගෙන් ප්‍රයෝජන නැති බව නොදනිති. අසූචි දරන්නන් මෙන් අසූචි සංඛ්‍යාත කම්සැපෙහි ඇලීම කැමති වෙති. මොවුන් ධර්මකථාවෙහි යොමු කරන්නට නො හැකිය යි නො ඇසෙන්නාක් හුන්නේය. ඔවුහු නොයෙක් අයුරින් ඉල්ලා සිටියත් තමන්ගේ ඉල්ලීම නො පිළිගන්නා බව දැක නිවසට පැමිණ ‘අපි නොයෙක් ආකාරයෙන් අයැද සිටියත් ඔහුගේ කැමැත්ත නොලබා පැමිණියෙමු. සොඳුර, යන්න ඔබගේ සැමියාට දරුවා පෙන්වා යාඥා කොට කැමැති කරවා ගන්නැයි ඔහුගේ භාර්යාව පිරිවර සමග පිටත් කළහ. ඔහු ඇතිවුනු ආසාව නිසා පැවිදි විය යි සිතා ඇය එය පිළිගෙන දරුවාද රැගෙන මහත් පිරිවර සමග දෙව්රම් වෙහෙරට ගියාය. ‘අස්සොච ඛො ආයස්මතො සංගාමජිස්සා’ ආදිය එහෙයින් කියන ලදී.

තත්‍ථ පුරාණදුතියිකාති පුබ‍්බෙ ගිහිකාලෙ පාදපරිචරණවසෙන දුතියිකා, භරියාති අත්‍ථො. අය්‍යොති “අය්‍යපුත‍්තො”ති වත‍්තබ‍්බෙ පබ‍්බජිතානං අනුච‍්ඡවිකවොහාරෙන වදති. කිරාති අනුස‍්සවනත්‍ථෙ නිපාතො, තස‍්ස අනුප‍්පත‍්තො කිරාති සම‍්බන්‍ධො වෙදිතබ‍්බො. ඛුද‍්දපුත‍්තඤ‍්හි සමණ, පොස මන‍්ති ආපන‍්නසත‍්තමෙව මං ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජිතො, සාහං එතරහි ඛුද‍්දපුත‍්තා, තාදිසං මං ඡඩ‍්ඩෙත්‍වාව තව සමණධම‍්මකරණං අයුත‍්තං, තස‍්මා, සමණ, පුත‍්තදුතියං මං ඝාසච‍්ඡාදනාදීහි භරස‍්සූති. ආයස‍්මා පන, සඞ‍්ගාමජි, ඉන්‍ද්‍රියානි උක‍්ඛිපිත්‍වා තං නෙව ඔලොකෙති, නාපි ආලපති. තෙන වුත‍්තං – “එවං වුත‍්තෙ ආයස‍්මා සඞ‍්ගාමජි තුණ‍්හී අහොසී”ති.

එහි පුරාණදූතියිකා යනු පෙර ගිහිකල සිටි භාර්යාවයි. අය්යො යනු ආර්යපුත්‍රය යි කිය යුතු වුවත් පැවිද්දන්ට සුදුසු පරිදි අය්‍යො යි කියයි. කිර යනු වනාහි යන අර්ථ ඇත්තේය. ඛුද්ද පුත්තාම්හි සමණ පොස මං යනු කුඩා පුතා ද මා ද පෝෂණය කරන්න. තිබුණු ආසාව නිසා මා අත්හැර පැවිදි වූවෙහිය. ඔබ වැනි කුඩා පුතා ද මා ද අත්හැර මහණදම් පිරීම යුතු නැත. එබැවින් ශ්‍රමණයන් වහන්ස, පුතාද මා ද ආහාරපාන හා වස්ත්‍රවලින් පෝෂණය කරන්න. ආයුෂ්මත් සංගාමජි තෙර ඇස් ඇර නොබලයි. කිසිවක් කතා නොකරයි. එවං වුත්තෙ ආයස්මා සංගාමජි තුණ්හී අහොසියි යි කීයේ එහෙයිනි.

සා තික‍්ඛත‍්තුං තථෙව වත්‍වා තුණ‍්හීභූතමෙව තං දිස‍්වා “පුරිසා නාම භරියාසු නිරපෙක‍්ඛාපි පුත‍්තෙසු සාපෙක‍්ඛා හොන‍්ති, පුත‍්තසිනෙහො පිතු අට‍්ඨිමිඤ‍්ජං ආහච‍්ච තිට‍්ඨති, තස‍්මා පුත‍්තපෙමෙනාපි මය‍්හං වසෙ වත‍්තෙය්‍යා”ති මඤ‍්ඤමානා පුත‍්තං ථෙරස‍්ස අඞ‍්කෙ නික‍්ඛිපිත්‍වා එකමන‍්තං අපක‍්කම‍්ම “එසො තෙ, සමණ, පුත‍්තො, පොස න”න‍්ති වත්‍වා ථොකං අගමාසි. සා කිර සමණතෙජෙනස‍්ස සම‍්මුඛෙ ඨාතුං නාසක‍්ඛි. ථෙරො දාරකම‍්පි නෙව ඔලොකෙති නාපි ආලපති. අථ සා ඉත්‍ථී අවිදූරෙ ඨත්‍වා මුඛං පරිවත‍්තෙත්‍වා ඔලොකෙන‍්තී ථෙරස‍්ස ආකාරං ඤත්‍වා පටිනිවත‍්තිත්‍වා “පුත‍්තෙනපි අයං සමණො අනත්‍ථිකො”ති දාරකං ගහෙත්‍වා පක‍්කාමි. තෙන වුත‍්තං – “අථ ඛො ආයස‍්මතො සඞ‍්ගාමජිස‍්ස පුරාණදුතියිකා”තිආදි.

ඇය තුන්වරක් එසේම කියා නිශ්ශබ්දව සිටින බව දැක පුරුෂයෝ වනාහි භාර්යාවන් කෙරෙහි අපේක්‍ෂාව නොදැක්වූවත් දරුවන් කෙරෙහි අපේක්‍ෂා සහිත වෙති. දරු සෙනෙහස පියාගේ ඇටමිදුළු විදගෙන යයි. එබැවින් දරු සෙනෙහසින් මාගේ වසඟයට පත්කරගන්නෙමියි සිතා ඇය පුතා තෙරුන්ගේ උකුලෙහි තබා එකත්පසින් බැහැරව ‘ශ්‍රමණය මොහු ඔබගේ පුත්‍රයාය. ඔහු පෝෂණය කරන්නැ’යි ‘එසො තෙ සමණ පුත්තො පොසන්ත ති’ කියා ටික දුරක් ගියාය. ඇයට ශ්‍රමණයන් වහන්සේගේ තේජසින් ඉදිරියෙහි සිටින්නට නොහැකි වූවාය. ස්ථවිරයන් වහන්සේද දරුවා දෙස නොබලති. දරුවා සමග කතා නොකරති. ඉක්බිති ඒ ස්ත්‍රියද නුදුරෙහි සිට මුහුණ හරවා බලන්නී තෙරුන්ගේ ඒ ආකාරය දැක ආපසු හැරී මේ ශ්‍රමණයාට පුත්‍රයාගෙන් ප්‍රයෝජනයක් නැතැයි දරුවා අරගෙන ගියාය. අථ ඛො ආයස්මතො සංගමජීස්ස පුරාණදුතීයිකා යි එහෙයින් කියන ලදි.

තත්‍ථ පුත‍්තෙනපීති අයං සමණො අත‍්තනො ඔරසපුත‍්තෙනපි අනත්‍ථිකො, පගෙව අඤ‍්ඤෙහීති අධිප‍්පායො. දිබ‍්බෙනාති එත්‍ථ දිබ‍්බසදිසත‍්තා දිබ‍්බං. දෙවතානඤ‍්හි සුචරිතකම‍්මනිබ‍්බත‍්තං පිත‍්තසෙම‍්හරුහිරාදීහි අපලිබුද‍්ධං දූරෙපි ආරම‍්මණසම‍්පටිච‍්ඡනසමත්‍ථං දිබ‍්බං පසාදචක‍්ඛු හොති. ඉදම‍්පි චතුත්‍ථජ‍්ඣානසමාධිනිබ‍්බත‍්තං අභිඤ‍්ඤාචක‍්ඛුං තාදිසන‍්ති දිබ‍්බං වියාති දිබ‍්බං, දිබ‍්බවිහාරසන‍්නිස‍්සයෙන ලද‍්ධත‍්තා වා දිබ‍්බං, මහාජුතිකත‍්තා මහාගතිකත‍්තා වා දිබ‍්බං, තෙන දිබ‍්බෙන. විසුද‍්ධෙනාති නීවරණාදිසංකිලෙසවිගමෙන සුපරිසුද‍්ධෙන. අතික‍්කන‍්තමානුසකෙනාති මනුස‍්සානං විසයාතීතෙන. ඉමං එවරූපං විප‍්පකාරන‍්ති ඉමං එවං විප‍්පකාරං යථාවුත‍්තං පබ‍්බජිතෙසු අසාරුප‍්පං අඞ‍්කෙ පුත‍්තට‍්ඨපනසඞ‍්ඛාතං විරූපකිරියං.

එහි පුත්තෙනපි යනු මේ ශ්‍රමණයා තමන්ගේ ඖරස පුත්‍රයා කෙරෙහිද ආදරයක් නැත. අනෙක් දරුවන් කෙරෙහි කියනුම කවරේද? යන අදහසයි. දිබ්බෙන යනු මෙහි දෙව්ලොව වූයේ දිබ්බ නම් වේ. දෙවියන්ට වනාහි යහපත් ක්‍රියා නිසා උපන් පිත් සෙම් ලේ අපවිත්‍ර නොවූ දුරසිටම බැලිය හැකි දිව්‍යමය වූ චක්‍ෂුප්‍රසාද ඇත. මෙයද චතුර්ථ ධ්‍යාන සමාධිය නිසා උපන් අභිඥා ඇසකි. එය දිව්‍යමය ඇසට සමාන බැවින් දිබ්බ නම් වේ. විසුද්ධෙන යනු නීවරණ ආදී කෙලෙස් නැති කිරීමෙන් අතිශය පවිත්‍රභාවයට පත් යන අර්ථයි. අතික්කන්තමානුසකෙන යනු මනුෂ්‍ය විෂය ඉක්ම වූ යන අර්ථයි. ඉමං එවරූපං විප්පකාරං යනු මෙම විප්‍රකාරය පැවිද්දන්ට නොසුදුසුය. ඇකයෙහි දරුවකු තැබීම නො සුදුසු ක්‍රියාවකි.

එතමත්‍ථන‍්ති එතං ආයස‍්මතො සඞ‍්ගාමජිස‍්ස පුත‍්තදාරාදීසු සබ‍්බත්‍ථ නිරපෙක‍්ඛභාවසඞ‍්ඛාතං අත්‍ථං සබ‍්බාකාරතො විදිත්‍වා. ඉමං උදානන‍්ති ඉමං තස‍්ස ඉට‍්ඨානිට‍්ඨාදීසු තාදිභාවදීපකං උදානං උදානෙසි.

එතමත්‍ථං යනු මෙය ආයුෂ්මත් සංගාමජි තෙරුන්ට අඹුදරුවන් ආදී සියලු දෙය කෙරෙහි අපේක්‍ෂාවක් නැති බව සියලු අයුරින් දැන යන අර්ථයි. ඉමං උදානං යනු එම තෙරුන්ගේ ඉටු අනිටු සියලු දෙය කෙරෙහි කම්පා නොවන බව ප්‍රකාශ උදානයක් පහළ කෙළේය යන අර්ථයි. එහි ආයන්තිං යනු එන්නීය. පැරණි අදහස් කෙරේ.

තත්‍ථ ආයන‍්තින‍්ති ආගච‍්ඡන‍්තිං, පුරාණදුතියිකන‍්ති අධිප‍්පායො. නාභිනන්‍දතීති දට‍්ඨුං මං ආගතාති න නන්‍දති න තුස‍්සති. පක‍්කමන‍්තින‍්ති සා අයං මයා අසම‍්මොදිතාව ගච‍්ඡතීති ගච‍්ඡන‍්තිං. න සොචතීති න චිත‍්තසන‍්තාපමාපජ‍්ජති. යෙන පන කාරණෙන ථෙරො එවං නාභිනන්‍දති න සොචති, තං දස‍්සෙතුං “සඞ‍්ගා සඞ‍්ගාමජිං මුත‍්ත”න‍්ති වුත‍්තං. තත්‍ථ සඞ‍්ගාති රාගසඞ‍්ගො දොසමොහමානදිට‍්ඨිසඞ‍්ගොති පඤ‍්චවිධාපි සඞ‍්ගා සමුච‍්ඡෙදප‍්පටිපස‍්සද‍්ධිවිමුත‍්තීහි විමුත‍්තං සඞ‍්ගාමජිං භික‍්ඛුං. තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණන‍්ති තං තාදිභාවප‍්පත‍්තං ඛීණාසවං අහං සබ‍්බසො බාහිතපාපත‍්තා බ්‍රාහ‍්මණන‍්ති වදාමීති.

නාභිනන්‍දති මා දකින්නට ආවා යයි සතුටු නොවෙයි. පක්කමන්ති මෝතෝ මා දැක අසතුටෙන් යන. නසෝමති සිත් තැවුලකට පත් නොවේ. යම් කරුණකින් වනාහි ස්ථවිර තෙමේ මෙසේ නො සතුටු වෙයිද එය දැක්වීමට සංගා සංගාමජිං මුත්තං යි සියලු ඇලීම්වලින් මිදුනේය යි කියන ලදි. එහි සංගා යනු රාග-දෝස-මෝහ-මාන, දිට්ඨි යන පස්වැදෑරුම් ඇලීම්වලින් සමුච්ඡේද පටිප්පසද්ධි විමුක්තීන්ගෙන් මිදුණු සංගාමජී භික්‍ෂුව තමහං බ්‍රහ්මි බ්‍රාහ්මණං යනු තාදී ගුණයට පත් ඒ ක්‍ෂීණාශ්‍රව යන සියලු පව් දුරුකළ බැවින් බ්‍රාහ්මණ යි කියමි.

අට‍්ඨමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අටවෙනි සූත්‍ර වර්ණනාව යි.

9. ජටිලසුත‍්තවණ‍්ණනා

9. ජටිල සූත්‍ර වර්ණනාව

නවමෙ ගයායන‍්ති එත්‍ථ ගයාති ගාමොපි තිත්‍ථම‍්පි වුච‍්චති. ගයාගාමස‍්ස හි අවිදූරෙ විහරන‍්තො භගවා “ගයායං විහරතී”ති වුච‍්චති, තථා ගයාතිත්‍ථස‍්ස. ගයාතිත්‍ථන‍්ති හි ගයාගාමස‍්ස අවිදූරෙ එකා පොක‍්ඛරණී අත්‍ථි නදීපි, තදුභයං “පාපපවාහනතිත්‍ථ”න‍්ති ලොකියමහාජනො සමුදාචරති. ගයාසීසෙති ගජසීසසදිසසිඛරො තත්‍ථ එකො පබ‍්බතො ගයාසීසනාමකො, යත්‍ථ හත්‍ථිකුම‍්භසදිසො පිට‍්ඨිපාසාණො භික‍්ඛුසහස‍්සස‍්ස ඔකාසො පහොති, තත්‍ර භගවා විහරති. තෙන වුත‍්තං – “ගයායං විහරති ගයාසීසෙ”ති.

නව වැන්නෙහි ගයාය යනු, මෙහි ගයා නමින් ගමක්ද තොටුපලක්ද ඇත. ගයා ගමට නුදුරුතැන්හි වාසය කරන බැවින් බුදුරජාණන් වහන්සේ ගයාවෙහි වාසය කරතියි කියති. ගයා තොටුපලට හා ගයා ගමට සමීපයෙහි එක් පොකුණක් ද ගඟක් ද ඇත. ලෞකික මහජනයා ඒ ස්ථාන දෙකම පව් සෝදා හරින්නේය යි විශ්වාස කරති. ගයාසීසෙ ඇත් හිසක් හා සමාන පර්වත මුදුනෙහි, එහි ගයාසීස නමින් එක් පර්වතයක් ඇත. යම් තැනෙක ඇත් හිසක් හා සමාන පර්වත මුදුනෙහි දහසක් භික්‍ෂූන්ට විසීමට පහසුකම් ඇත්තේද, එහි භාග්‍යවතුන් වහන්සේ වාසය කරති. එබැවින් ගයායං විහරති ගයාසසෙ යි කියන ලදි.

ජටිලාති තාපසා. තෙ හි ජටාධාරිතාය ඉධ “ජටිලා”ති වුත‍්තා. අන‍්තරට‍්ඨකෙ හිමපාතසමයෙති හෙමන‍්තස‍්ස උතුනො අබ‍්භන‍්තරභූතෙ මාඝමාසස‍්ස අවසානෙ චත‍්තාරො ඵග‍්ගුණමාසස‍්ස ආදිම‍්හි චත‍්තාරොති අට‍්ඨදිවසපරිමාණෙ හිමස‍්ස පතනකාලෙ. ගයායං උම‍්මුජ‍්ජන‍්තීති කෙචි තස‍්මිං තිත්‍ථසම‍්මතෙ උදකෙ පඨමං නිමුග‍්ගසකලසරීරා තතො උම‍්මුජ‍්ජන‍්ති වුට‍්ඨහන‍්ති උප‍්පිලවන‍්ති. නිමුජ‍්ජන‍්තීති සසීසං උදකෙ ඔසීදන‍්ති. උම‍්මුජ‍්ජනිමුජ‍්ජම‍්පි කරොන‍්තීති පුනප‍්පුනං උම‍්මුජ‍්ජනනිමුජ‍්ජනානිපි කරොන‍්ති.

ජටිල තාපසයෝය. ඔවුන් ජටා දරණ බැවින් ජටිලා යි කියන ලදි. අන්තරට්ඨ කෙ හිමපාතසමයෙ හේමන්ත සෘතුවට ඇතුලත් නවම් (පෙබරවාරි) මස අවසානයෙහි දින සතරක් හා මැදින් (මාර්තු) මස මුල දින හතරක් යන හිම වැටෙන සමයෙහි ගයාවෙහි උම්මුජ්ජන්ති දියෙහි ගිලී මතුවෙති. සමහරෙක් තිත්‍ථි සම්මත වූ එහි ප්‍රථමයෙන් සියලු ශරීරයම දියෙහි ගිල්වා දියෙන් මතු වෙති. නැගිටිති. පිහිනති. නිම්මුජ්ජන්ති හිස සහිතව දියෙහි ගිලෙති. උම්මුජ්ජ නිම්මුජ්ජම්පි කරොන්ති නැවත නැවතත් දියෙහි ගිලීම මතුවීම කරති.

තත්‍ථ හි කෙචි “එකුම‍්මුජ‍්ජනෙනෙව පාපසුද‍්ධි හොතී”ති එවංදිට‍්ඨිකා, තෙ උම‍්මුජ‍්ජනමෙව කත්‍වා ගච‍්ඡන‍්ති. උම‍්මුජ‍්ජනං පන නිමුජ‍්ජනමන‍්තරෙන නත්‍ථීති අවිනාභාවතො නිමුජ‍්ජනම‍්පි තෙ කරොන‍්තියෙව. යෙපි “එකනිමුජ‍්ජනෙනෙව පාපසුද‍්ධි හොතී”ති එවංදිට‍්ඨිකා, තෙපි එකවාරමෙව නිමුජ‍්ජිත්‍වා වුත‍්තනයෙන අවිනාභාවතො උම‍්මුජ‍්ජනම‍්පි කත්‍වා පක‍්කමන‍්ති. යෙ පන “තස‍්මිං තිත්‍ථෙ නිමුජ‍්ජනෙනෙව පාපසුද‍්ධි හොතී”ති එවංදිට‍්ඨිකා, තෙ තත්‍ථ නිමුජ‍්ජිත්‍වා අස‍්සාසෙ සන‍්නිරුම‍්භිත්‍වා මරුප‍්පපාතපතිතා විය තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපුණන‍්ති . අපරෙ “පුනප‍්පුනං උම‍්මුජ‍්ජනනිමුජ‍්ජනානි කත්‍වා න‍්හාතෙ පාපසුද‍්ධි හොතී”ති එවංදිට‍්ඨිකා, තෙ කාලෙන කාලං උම‍්මුජ‍්ජනනිමුජ‍්ජනානි කරොන‍්ති. තෙ සබ‍්බෙපි සන්‍ධාය වුත‍්තං – “උම‍්මුජ‍්ජන‍්තිපි නිමුජ‍්ජන‍්තිපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජම‍්පි කරොන‍්තී”ති. එත්‍ථ ච කිඤ‍්චාපි නිමුජ‍්ජනපුබ‍්බකං උම‍්මුජ‍්ජනං, නිමුජ‍්ජනමෙව පන කරොන‍්තා කතිපයා, උම‍්මුජ‍්ජනං තදුභයඤ‍්ච කරොන‍්තා බහූති තෙසං යෙභුය්‍යභාවදස‍්සනත්‍ථං උම‍්මුජ‍්ජනං පඨමං වුත‍්තං. තථා සම‍්බහුලා ජටිලාති ජටිලානං යෙභුය්‍යතාය වුත‍්තං, මුණ‍්ඩසිඛණ‍්ඩිනොපි ච බ්‍රාහ‍්මණා උදකසුද‍්ධිකා තස‍්මිං කාලෙ තත්‍ථ තථා කරොන‍්ති.

‘එක්වරක් පමණක් දියෙහි ගිලීමෙන් පාප ශුද්ධිය (ආත්ම ශුද්ධිය) වේ’යයි දෘෂ්ටි ගත් සමහරු එසේ ගිලීම් කොට යති. ගිලීම මතුවීම අතරෙහි වෙනසක් නැතැයි සමහරු දියෙන් මතුවීමෙන්ම පාපශුද්ධිය මේයයි එක්වරක් පමණක් දියෙන් මතුවී ගිලීමද කර ඉවත්ව යති. සමහරු තීර්ථයෙහි ගිලීමෙන් පමණක්ම පාපශුද්ධිය වේයයි ගිලී හුස්ම ගැනීම හා පිටකිරීම නවත්වා පර්වතයෙන් වැටුනාක් මෙන් ජීවිතක්‍ෂයට පත්වෙති. [missing trans] බහුම්පි ඔවුන්ගේ බොහෝ බව දැක්වීම පිණිස දියෙහි ගිලීම පළමුකොට කියන ලදි. ජටිලාති බොහෝ බව නිසා කියන ලදි. හිස මුඩුකළ බ්‍රාහ්මණයෝ ද උදක ශුද්ධිය සඳහා වරින්වර එසේ කරති.

ඔසිඤ‍්චන‍්තීති කෙචි ගයාය උදකං හත්‍ථෙන ගහෙත්‍වා අත‍්තනො සීසෙ ච සරීරෙ ච ඔසිඤ‍්චන‍්ති, අපරෙ ඝටෙහි උදකං ගහෙත්‍වා තීරෙ ඨත්‍වා තථා කරොන‍්ති. අග‍්ගිං ජුහන‍්තීති කෙචි ගයාතීරෙ වෙදිං සජ‍්ජෙත්‍වා ධූමදබ‍්භිපූජාදිකෙ උපකරණෙ උපනෙත්‍වා අග‍්ගිහුතං ජුහන‍්ති අග‍්ගිහුතං පරිචරන‍්ති. ඉමිනා සුද‍්ධීති ඉමිනා ගයායං උම‍්මුජ‍්ජනාදිනා අග‍්ගිපරිචරණෙන ච පාපමලතො සුද‍්ධි පාපපවාහනා සංසාරසුද‍්ධි එව වා හොතීති එවංදිට‍්ඨිකා හුත්‍වාති අත්‍ථො.

ඕසිඤ්චන්ති ගයා තීර්ථයෙහි ජලය අතින් ගෙන තමන්ගේ හිසෙහි හා ශරීරයෙහි වත්කර ගනිති. සමහරරෙක් කළවලින් වතුර ගෙන ඉවුරෙහි සිට එසේ කරගනිති. අග්ගි ජුහන්ති සමහරෙක් ගයා ගං ඉවුරෙහි මලුව පිළියෙල කොට දර කෙසෙල් ආදිය පූජාවස්තු ගෙනවුත් ගිනිපූජා කොට යාග කරති. විශේෂයෙන් වඩාත් යාග කරති. ගයා ගං ඉවුරෙහි දියෙහි ගිලීම් ආදියෙන්, ගිනි පූජා කිරීමෙන් පව්මල ශුද්ධියත් පව් අවසන් කිරීමෙන් සංසාර ශුද්ධියම වේ යයි මෙසේ දෘෂ්ටි ගත්තෝය.

උම‍්මුජ‍්ජනාදි චෙත්‍ථ නිදස‍්සනමත‍්තං වුත‍්තන‍්ති දට‍්ඨබ‍්බං. තෙසු හි කෙචි උදකවාසං වසන‍්ති, කෙචි උදකස‍්සඤ‍්ජලිං දෙන‍්ති, කෙචි තස‍්මිං උදකෙ ඨත්‍වා චන්‍දිමසූරියෙ අනුපරිවත‍්තන‍්ති, කෙචි අනෙකසහස‍්සවාරං සාවිත‍්තිආදිකෙ ජපන‍්ති, කෙචි “ඉන්‍ද ආගච‍්ඡා”තිආදිනා විජ‍්ජාජපං අව‍්හායන‍්ති, කෙචි මහතුපට‍්ඨානං කරොන‍්ති, එවඤ‍්ච කරොන‍්තා කෙචි ඔතරන‍්ති, කෙචි උත‍්තරන‍්ති කෙචි උත‍්තරිත්‍වා සුද‍්ධිකආචමනං කරොන‍්ති, කෙචි අන‍්තොඋදකෙ ඨිතා තන‍්තී වාදෙන‍්ති, වීණං වාදෙන‍්තීති එවමාදිකා නානප‍්පකාරකිරියා දස‍්සෙන‍්ති. යස‍්මා වා තෙ එවරූපා විකාරකිරියා කරොන‍්තාපි තස‍්මිං උදකෙ නිමුජ‍්ජනඋම‍්මුජ‍්ජනපුබ‍්බකමෙව කරොන‍්ති, තස‍්මා තං සබ‍්බං නිමුජ‍්ජනුම‍්මුජ‍්ජනන‍්තොගධමෙව කත්‍වා “උම‍්මුජ‍්ජන‍්තී”තිපිආදි වුත‍්තං. එවං තත්‍ථ ආකුලබ්‍යාකුලෙ වත‍්තමානෙ උපරිපබ‍්බතෙ ඨිතො භගවා තෙසං තං කොලාහලං සුත්‍වා “කින‍්නු ඛො එත”න‍්ති ඔලොකෙන‍්තො තං කිරියවිකාරං අද‍්දස, තං සන්‍ධාය වුත‍්තං – “අද‍්දසා ඛො භගවා…පෙ… ඉමිනා සුද‍්ධී”ති, තං වුත‍්තත්‍ථමෙව.

දියෙහි ගිලීම් ආදිය මෙහි නිදසුනක් වශයෙන් කියන ලදැයි දතයුතුය. ඔවුන් අතර ජලයෙහි වාසය කරති. සහරෙක් ජලයට වඳිති. සමහරෙක් ඒ ජලයෙහි සිාට සඳ හිරු දෙදෙනා නැවත නැවත පැමිණෙතියි දහස්වාරයක් ස්තෝත්‍ර ජපකරති. සමහරෙක් ‘දෙවිය එන්න’යි සිහිමුළා වී ජපකරමින් සිනාසෙති. සමහරෙක් ගෞරවයෙන් උපස්ථාන කරති. මෙසේ කරමින් සමහරෙක් එතෙර වෙති. සමහරෙක් එතෙරවී පසුව නැවතත් ගඟට පැමිණෙති. සමහරෙක් දියෙහි සිට වීණා වාදනය කරති. මෙසේ නොයෙක් විකාර කරමින්ම ජලයෙහි ගිලීම්, මතුවීම් කරති. මෙසේ කලබල පවතින කල්හි පර්වත මුදුනෙහි වැඩසිටි බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ මහා ඝෝෂාව අසා එය කුමක්දැයි බලන්නාහු එම විකාර ක්‍රියා දුටහ. එබැවින් අද්දසා ඛො භගවා -පෙ- ඉමිනා සුද්ධි යි කියන ලදි.

එතමත්‍ථං විදිත්‍වාති එතං අත්‍ථං උදකොරොහනාදිඅසුද‍්ධිමග‍්ගෙ තෙසං සුද‍්ධිමග‍්ගපරාමසනං සච‍්චාදිකෙ ච සුද‍්ධිමග‍්ගෙ අත‍්තනො අවිපරීතාවබොධං සබ‍්බාකාරතො විදිත්‍වා. ඉමං උදානන‍්ති ඉමං උදකසුද‍්ධියා අසුද‍්ධිමග‍්ගභාවදීපකං සච‍්චාදිධම‍්මානඤ‍්ච යාථාවතො සුද‍්ධිමග‍්ගභාවදීපකං උදානං උදානෙසි.

එතමත්‍ථං විදිත්‍වා යනු ජලයට බැසීම් ආදී අශුද්ධි මාර්ගය ශුද්ධි මාර්ගය යි පිළිගැනීම හා ඔවුන්ගේ නොදැනීම නිසා සත්‍ය ආදී ශුද්ධි මාර්ගය අවබෝධ කර නොගැනීම සියලු ආකාරයෙන් දැන ඉමං උදානං උදක ශුද්ධියෙන් අශුද්ධ මාර්ගය ඇතිවන බව හා ශුද්ධ මාර්ගය ප්‍රකාශ කිරීමට මෙම උදානය ප්‍රකාශ කෙළේය.

තත්‍ථ න උදකෙන සුචී හොතීති එත්‍ථ උදකෙනාති උදකුම‍්මුජ‍්ජනාදිනා. උදකුම‍්මුජ‍්ජනාදි හි ඉධ උත‍්තරපදලොපෙන “උදක”න‍්ති වුත‍්තං යථා රූපභවො රූපන‍්ති. අථ වා උදකෙනාති උම‍්මුජ‍්ජනාදිකිරියාය සාධනභූතෙන උදකෙන සුචි සත‍්තස‍්ස සුද‍්ධි නාම න හොති, නත්‍ථීති අත්‍ථො. අථ වා සුචීති තෙන යථාවුත‍්තෙන උදකෙන සුචි පාපමලතො සුද‍්ධො නාම සත‍්තො න හොති. කස‍්මා? බහ‍්වෙත්‍ථ න‍්හායතී ජනො. යදි හි උදකොරොහනාදිනා යථාවුත‍්තෙන පාපසුද‍්ධි නාම සියා, බහු එත්‍ථ උදකෙ ජනො න‍්හායති, මාතුඝාතාදිපාපකම‍්මකාරී අඤ‍්ඤො ච ගොමහිංසාදිකො අන‍්තමසො මච‍්ඡකච‍්ඡපෙ උපාදාය, තස‍්ස සබ‍්බස‍්සාපි පාපසුද‍්ධි සියා, න පනෙවං හොති. කස‍්මා? න‍්හානස‍්ස පාපහෙතූනං අප‍්පටිපක‍්ඛභාවතො. යඤ‍්හි යං විනාසෙති, සො තස‍්ස පටිපක‍්ඛො යථා ආලොකො අන්‍ධකාරස‍්ස, විජ‍්ජා ච අවිජ‍්ජාය, න එවං න‍්හානං පාපස‍්ස. තස‍්මා නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං “න උදකෙන සුචි හොතී”ති.

එහි න උදකෙන සුචිහොති මෙහි උදකෙන උදකම්මූජ්ජනා යන තන්හි පසුපද ලෝපයෙන් උදකං යි කියන ලදි. රූප භවෝ රූපං යන තැන මෙහි ජලයෙන් පව්මල සෝදා පිරිසිදු වූ සත්ත්වයෙක් නැත. කවර හෙයින් ද බහ්වෙත්‍ථ ත්හායති ජනො යම් ලෙසකින් දියෙහි ගිලීම් මතුවීම් ආදියෙන් කියන ලද පරිදි පාපසුද්ධියක් වේ නම් මව් නැසීම ආදී පාපකර්ම කළ අයද. ගව මීගව ආදීහුද යටත් පිරිසෙයින් මත්ස්‍ය හා කැස්බෑවෝද දියෙහි නෑම කරති. ඒ සියලු දෙනාගේම පාපශුද්ධිය විය යුතු නොවේද, එය නොවන්නේය. කවර හෙයින්ද යත්? නෑම කරන්නාගේ පව්වලට විරුද්ධ නොවන බැවිනි. යමක් විනාශ කරන්නේ නම් හෙතෙම ඔහුට විරුද්ධ වන්නේය. අන්‍ධකාරයට ආලෝකයත්, අවිද්‍යාවට විද්‍යාවත් මෙනි. නෑම කරන්නාට පාපය විරුද්ධ නොවේ. එබැවින් ජලයෙන් පිරිසිදු නොවේය යන මෙය පිළිගත යුතුය.

යෙන පන සුචි හොති, තං දස‍්සෙතුං “යම‍්හි සච‍්චඤ‍්චා”තිආදිමාහ. තත්‍ථ යම‍්හීති යස‍්මිං පුග‍්ගලෙ . සච‍්චන‍්ති වචීසච‍්චඤ‍්චෙව විරතිසච‍්චඤ‍්ච. අථ වා සච‍්චන‍්ති ඤාණසච‍්චඤ‍්චෙව පරමත්‍ථසච‍්චඤ‍්ච. ධම‍්මොති අරියමග‍්ගධම‍්මො, ඵලධම‍්මො ච, සො සබ‍්බොපි යස‍්මිං පුග‍්ගලෙ උපලබ‍්භති, සො සුචී සො ච බ්‍රාහ‍්මණොති සො අරියපුග‍්ගලො විසෙසතො ඛීණාසවො අච‍්චන‍්තසුද‍්ධියා සුචි ච බ්‍රාහ‍්මණො චාති. කස‍්මා පනෙත්‍ථ සච‍්චං ධම‍්මතො විසුං කත්‍වා ගහිතං? සච‍්චස‍්ස බහූපකාරත‍්තා. තථා හි “සච‍්චං වෙ අමතා වාචා (සු· නි· 455), සච‍්චං හවෙ සාදුතරං රසානං (සං· නි· 1.246; සු· නි· 184), සච‍්චෙ අත්‍ථෙ ච ධම‍්මෙ ච, ආහු සන‍්තො පතිට‍්ඨිතා (සු· නි· 455), සච‍්චෙ ඨිතා සමණබ්‍රාහ‍්මණා චා”තිආදිනා (ජා· 2.21.433) අනෙකෙසු සුත‍්තපදෙසු සච‍්චගුණා පකාසිතා. සච‍්චවිපරියස‍්ස ච “එකං ධම‍්මං අතීතස‍්ස, මුසාවාදිස‍්ස ජන‍්තුනො (ධ· ප· 176), අභූතවාදී නිරයං උපෙතී”ති (ධ· ප· 306) ච ආදිනා පකාසිතාති.

යම්ලෙසකින් පිරිසිදු වේ නම් එය ප්‍රකාශ කරන්නට යම්හි සච්චඤ්ච ආදිය කීයේය. මෙහි යම්හි යනු යම් පුද්ගලයකු කෙරෙහි සච්චන්ති වාග් සත්‍යය හා විරති සත්‍යයි. නොහොත් ඥාන සත්‍යය හා පරමාර්ථ සත්‍යයයි. ධම්මො ආර්යමාර්ග ධර්මය හා ජලධර්මයයි. ඒ සියල්ලම යම් පුද්ගලයෙකු කෙරෙහි පිහිටා නම් සො සුචි සොච බ්‍රාහ්මණො ඒ ආර්ය පුද්ගලයා විශේෂයෙන් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ. අතිශයින්ම පිරිසිදු වූ හෙතෙම සුචී ච බ්‍රාහ්මණද වන්නේය. කුමක් හෙයින්ද යත් මෙහි සත්‍ය ධර්ම වශයෙන් වෙන් වෙන් කොට අවබෝධ කරගත් බැවිනි. සත්‍යයෙන් බොහෝ උපකාර ඇත්තේය. එබැවින් ‘සච්චං භවෙ සාදුතරං’ සච්චෙන අත්‍ථෙ ධම්මෙච ආහු සන්තො පතිට්ඨිතා’ ‘සච්චෙ ඨිතා සමණ බ්‍රාහ්මණා’ ආදී නොයෙක් සූත්‍ර දේශනාවන්ගෙන් සත්‍යගුණ ප්‍රකාශ කරන ලද්දේය. සත්‍ය නො කියන්නා ‘එකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුතො’ ‘අභූතවාදී නිරයං උපෙතී’ ආදී දේශනාවන්ගෙන් විස්තර කරන ලදි.

නවමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නව වෙනි සූත්‍ර වර්ණනාව යි.