සඞ්ගාමජිසුත්තං
1. 8.
1. 8.
සඞ්ගාමජිසුත්තං
සඞ්ග්රාමජිත් සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සඞ්ගාමජි සාවත්ථිං අනුප්පත්තො හොති භගවන්තං දස්සනාය. අස්සොසි ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා ‘අය්යො කිර සඞ්ගාමජි සාවත්ථිං අනුප්පත්තො’ති. සා දාරකං ආදාය ජෙතවනං අගමාසි.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස සැවැත්නුවරට පැමිණියේ ය. ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්‍ය්‍යාව “සඞ්ග්රාමජිත් ආර්‍ය්‍යයන් වහන්සේ සැවැත් නුවරට වැඩියෝ ලු”යි ඇසුවා ය. ඕ තොමෝ දරුවා රැගෙන ජේතවනයට ගියා ය.
තෙන ඛො පන සමයෙන ආයස්මා සඞ්ගාමජි අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසින්නො හොති. අථ ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා යෙනායස්මා සඞ්ගාමජි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සඞ්ගාමජිං එතදවොච: ‘ඛුද්දපුත්තාම්හි සමණ, පොස ම’න්ති. එවං වුත්තෙ ආයස්මා සඞ්ගාමජි තුණ්හී අහොසි.
එසමයෙහි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිර තෙමේ එක්තරා රුකක් මුල දිවාවිහාරයෙහි හුන්නේ වෙයි. එකල්හි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන්ගේ පෙරබිරිය සඞ්ග්රාමජිත් ස්ථවිරයන් වෙත එළැඹියා ය. එළැඹැ ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරුන්හට “ශ්රමණයන් වහන්ස, කුඩා පුතකු ඇතියමු. මා පුස්නේ යැ”යි කීවා ය. මෙසේ කී කල්හි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිර තෙමේ නිශ්ශබ්ද විය.
දුතියම්පි ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා ආයස්මන්තං සඞ්ගාමජිං එතදවොච: ‘ඛුද්දපුත්තාම්හි සමණ, පොස ම’න්ති. දුතියම්පි ඛො ආයස්මා සඞ්ගාමජි තුණ්හී අහොසි. තතියම්පි ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා ආයස්මන්තං සඞ්ගාමජිං එතදවොච: ‘ඛුද්දපුත්තාම්හි සමණ, පොස ම’න්ති. තතියම්පි ඛො ආයස්මා සඞ්ගාමජි තුණ්හී අහොසි.
දෙවෙනි වරත් ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරුන්ගේ පුරාණ භාර්‍ය්‍යාව ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරුන්හට “ශ්රමණයන් වහන්ස, කුඩා පුතකු ඇතියමු. මා පෝෂණය කරන්නැයි”යි කීවා ය. දෙවැනි වරත්, ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරණුවෝ නිශ්ශබ්ද විය. තුන්වැනි වරත් ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිර තෙමේ තුෂ්ණීම්භූත විය.
අථ ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා තං දාරකං ආයස්මතො සඞ්ගාමජිස්ස පුරතො නික්ඛිපිත්වා පක්කාමි ‘එස තෙ සමණ, පුත්තො. පොස න’න්ති.
ඉක්බිති ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්‍ය්‍යාව ඒ දරුවා ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන් ඉදිරියෙහි දමා “ශ්රමණයන් වහන්ස, මේ තෙමේ තොපගේ පුත්‍රයා ය. මොහු පෝෂණය කරන්නැ”යි කියා නික්ම ගියා ය.
2. අථ ඛො ආයස්මා සඞ්ගාමජි තං දාරකං නෙව ඔලොකෙසි, නපි ආලපි අථ ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා අවිදූරං ගන්ත්වා අපලොකෙන්තී අද්දස ආයස්මන්තං සඞ්ගාමජිං තං දාරකං නෙව ඔලොකෙන්තං නපි ආලපන්තං. දිස්වානස්සා එතදහොසි: ‘න චායං සමණො පුත්තෙනපි අත්ථිකො’ති. තතො පටිනිවත්තිත්වා දාරකං ආදාය පක්කාමි. අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකාය එවරූපං විප්පකාරං.
2. එකල්හි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරණුවෝ ඒ දරුවා (දෙස) නො ද බැලූහ. (දරුවා හා) නො ද බුණූහ. එකල්හි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්‍ය්‍යාව නො දුරට ගොස් පෙරළා බලන්නී ඒ දරුවා (දෙස) නො බලන, (දරුවා හා) නො තෙපලන ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන් දුටුවා ය. දැකැ, ඇයට “මේ ශ්‍රමණ තෙමේ පුත්රයාගෙනුදු ප්‍රයෝජන නැත්තෙකැ”යි මේ සිත විය. ඕ එතැනින් පෙරළා අවුත් දරුවා රැගෙන ගියා ය. භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු වූ, මිනිසැස ඉක්මැ සිටියා වූ, දිවැසින් ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්‍ය්‍යාවගේ මෙබඳු වූ ඒ විප්‍රකාරය දුටු සේක.
3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙති:
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ සේක:
ආයන්තිං නාභිනන්දති පක්කමන්තිං න සොචති, සඞ්ගා සඞ්ගාමජිං මුත්තං තමහං බ්රූමි බ්‍රාහ්මණ’න්ති.
“එන්නියට ද සතුටු නො වෙයි. (බැහැරැ) යන්නිය දැක ද ශෝක නො කරයි. (රාගාදි පඤ්චවිධ) සඞ්ගයෙන් මිදුණු ඒ සඞ්ග්රාමජිත් භික්ෂු ‘බ්‍රාහ්මණයෙකැ’යි මම් කියමි”