යෙදුමෙන් කියවන්න

පාවාසුත‍්තං

1. 7.

1. 7.

පාවාසුත‍්තං

පාවා සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා පාවායං විහරති අජකලාපකෙ චෙතියෙ, අජකලාපකස‍්ස යක‍්ඛස‍්ස භවනෙ. තෙන ඛො පන සමයෙන භගවා රත‍්තන්‍ධකාරතිමිසායං අබ‍්භොකාසෙ නිසින‍්නො හොති. දෙවො ච එකමෙකං ඵුසායති. අථ ඛො අජකලාපකො යක‍්ඛො භගවතො භයං ඡම‍්භිතත‍්තං ලොමහංසං උප‍්පාදෙතුකාමො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතො අවිදූරෙ තික‍්ඛත‍්තුං ‘අක‍්කුලො පක‍්කුලො’ති අක‍්කුලපක‍්කුලිකං අකාසි, ‘එසො තෙ සමණ පිසාචො’ති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවානුවර අජකලාපක (නම්) චෛත්‍යය සමීපයෙහි අජකලාපක නම් යක්‍ෂයාගේ දෙවොලෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල් අඳුරුයෙහි අභ්‍යවකාශයෙහි වැඩ හුන් සේක. වැස්ස ද එක එක බින්‍දුව හෙළයි. එ කල්හි අජකලාපක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට බිය, තැති ගැන්ම, ලොමුදහ ගැන්ම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි තුන්වරක් “අක්කුල පක්කුල”යැ යි (අනුකරණ ශබ්දයක්) කෙළේ ය. “ශ්‍රමණයන් වහන්ස, මුබ වෙත මේ පිසාචයෙක් පැමිණියේ යැ” යි කීයේ ය.

2. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු දැන ඒ වෙලාවෙහි මේ ප්‍රීතිවාක්‍ය පහළ කළ සේක:

යදා සකෙසු ධම‍්මෙසු පාරගූ හොති බ්‍රාහ‍්මණො, අථ එතං පිසාචඤ‍්ච පක‍්කුලඤ‍්චාතිවත‍්තතීති.

“යම් කලෙක්හි (බාහිත පාප) බ්‍රාහ්මණ තෙමේ ස්වකීය ධර්‍මයන්හි පරතෙරට ගියේ (වේ ද), එ කල්හි (ඒ බ්‍රාහ්මණ තෙමේ) මේ පිසාචයා ද පක්කුල ශබ්දය ද ඉක්මැ සිටී.”