සක්කාරසුත්තං
2. 4.
2. 4.
සක්කාරසුත්තං
සත්කාර සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජ-පරික්ඛාරානං. භික්ඛුසඞ්ඝො’පි සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද්දාහු, ගුරුකාර කරන ලද්දාහු, බුහුමන් කරන ලද්දාහු, පුදන ලද්දාහු, අපචායන කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන් ලබන සුලු වූවාහු වෙති. භික්ෂුසඞ්ඝයා ද සත්කාර කරන ලද්දේ, ගුරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායන කරන ලද්දේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන් ලබන සුලු වූයේ වෙති.
අඤ්ඤතිත්ථියා පන පරිබ්බාජකා අසක්කතා හොන්ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා, න ලාභිනො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චය-භෙසජ්ජපරික්ඛාරානං. අථ ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා භගවතො සක්කාරං අසහමානා භික්ඛුසඞ්ඝස්ස ච, ගාමෙ ච අරඤ්ඤෙ ච භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්ති.
අන්යතීර්ත්ථක පරිව්‍රාජකයෝ වු කලි සත්කාර නො කරන ලද්දාහු, ගුරුකාර නො කරන ලද්දාහු, බුහුමන් නො කරන ලද්දාහු, නො පුදන ලද්දාහු, අපචායන නො කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන් නො ලබන සුලු වෙති. යළි ඒ අන්යතීර්ත්ථක පරිව්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේට ද, භික්‍ෂුසඞ්ඝයාට ද (කරනු ලබන) සත්කාර නො ඉවසන්නෝ, ගමෙහි ද වෙනෙහි ද භික්ෂූන් දැකැ අසභ්‍ය වූ කර්කශ වූ වචනවලින් ආක්‍රෝශ කෙරෙති. තර්ජනය කෙරෙති. දොස් කියති. වෙහෙසති.
අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හුන්නෝ ය. එකත් පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට, මෙපවත් සැළ කළහ:
“එතරහි භන්තෙ භගවා සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං. භික්ඛුසඞ්ඝො’පි සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චය භෙසජ්ජපරික්ඛාරානං. අඤ්ඤතිත්ථියා පන පරිබ්බාජකා අසක්කතා අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා, න ලාභිනො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං.
“ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද සේක්, ගුරුකාර කරන ලද සේක්, බුහුමන් කරන ලද සේක්, පුදන ලද සේක්, අපචායනය කරන ලද සේක්, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන් ලබන සුලු සේක් වෙති. භික්ෂුසඞ්ඝයා ද සත්කාර කරන ලද්දේ, ගුරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායනය කරන ලද්දේ, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන් ලබන සුලු වෙයි. අන්යතීර්ත්ථක පරිව්‍රාජකයෝ වු කලි සත්කාර නො කරන ලද්දාහු, ගුරුකාර නො කරන ලද්දාහු, බුහුමන් නො කරන ලද්දාහු, නො පුදන ලද්දාහු, අපචායනය නො කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන් නො ලබන සුලු වෙති.
අථ ඛො තෙ භන්තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා භගවතො සක්කාරං අසහමානා භික්ඛුසඞ්ඝස්ස ච ගාමෙ ච අරඤ්ඤෙ ච භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසන්තී”ති.
වැළි දු ස්වාමීනි, ඒ අන්යතීර්ත්ථක පරිව්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේට ද, භික්‍ෂුසඞ්ඝයාට ද (කරනු ලබන) සත්කාර නො ඉවසන්නෝ ගමෙහි ද, වෙනෙහි ද, භික්ෂූන් දැකැ අසභ්‍ය වූ කර්කශ වූ වචනයෙන් ආක්‍රෝශ කෙරෙති, තර්ජනය කෙරෙත්, දොස් කියති, වෙහෙසති” යනුයි.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වේලාවෙහි මේ උදානය පහළ සේක:
ගාමෙ අරඤ්ඤෙ සුඛදුක්ඛඵුට්ඨො, නෙවත්තතො නො පරතො දහෙථ ඵුසන්ති ඵස්සා උපධිං පටිච්ච, නිරූපධිං කෙන ඵුසෙය්‍යු ඵස්සාති.
ගමෙහි හෝ වෙනෙහි සුව දුක් දෙකින් ස්පර්ශ කරන ලද්දේ (හෙවත්) සුව දුක් විඳින්නේ තමාගේ වශයෙන් හෝ මෙරමාගේ වශයෙන් හෝ නො සලකන්නේ ය. (සුව දුක් වශයෙන් වින්ද යුතු) ස්පර්ශයෝ (ඛන්ධ පඤ්චක සඞ්ඛ්‍යාත) උපධිය නිසා ස්පර්ශ කෙරෙති. ස්පර්ශයෝ උපධි රහිත තැනැත්තහු කිමෙකින් ස්පර්ශ කෙරෙත් ද, (නො කෙරෙත් ම ය.)