උපාසකසුත්තං
2. 5.
2. 5.
උපාසකසුත්තං
උපාසක සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො ඉච්ඡානඞ්ගලකො උපාසකො සාවත්ථිං අනුප්පත්තො හොති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො සො උපාසකො සාවත්ථියං තං කරණීයං තීරෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං උපාසකං භගවා එතදවොච: “චිරස්සං ඛො ත්වං උපාසක, ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනායා”ති.
එසමයෙහි ඉච්ඡානඞ්ගල නම් බමුණුගමැ වැසි එක්තරා උපාසකයෙක් කිසි යම් කටයුත්තෙකින් සැවැත්නුවරට පැමිණියේ ය. ඉක්බිති ඒ උපාසක තෙමේ සැවැත්නුවර ඒ කටයුත්ත නිමවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ උපාසකයාට භාග්‍යවතුන් වහන්සේ උපාසකයෙනි, තෙපි බොහෝ කලෙකින් මෙහි පැමිණියහු යැ”යි වදාළ සේක.
“චිරපටිකාහං භන්තෙ භගවන්තං දස්සනාය උපසඞ්කමිතුකාමො, අපි චාහං කෙහි චි කෙහි චි කිච්චකරණීයෙහි ව්යාවටො. එවාහං නාසක්ඛිං භගවන්තං දස්සනාය උපසඞ්කමිතු”න්ති.
“ස්වාමීනි, මම් බොහෝ කලෙක පටන් භාග්‍යවතුන් වහන්සේ දකින්නට එනු කැමැත්තෙම් වීමි. එසේ වුවත් මම යම් කුදු මහත් කටයුතුවල යෙදී සිටියෙමි. මේ හෙයින් ම මට භාග්‍යවතුන් වහන්සේ දකින්නට එන්නට නො හැකි වී යැ”යි. උවසු කීය.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදානය පහළ සේක:
සුඛං වත තස්ස න හොති කිඤ්චි සඞ්ඛාතධම්මස්ස බහුස්සුතස්ස, සකිඤ්චනං පස්ස විහඤ්ඤමානං ජනො ජනස්මිං පටිබද්ධරූපොති.
“යමකුට (රාගාදි) පළිබෝධයෙක් නැත් ද, මනා කොට සිද්ධ කරන ලද (මාර්ග) ඇති, (එහෙයින්ම ප්‍රතිවේධ බහුශ්රැතත්වයෙන්) බහුශ්‍රුත වූ, ඒ ක්ෂීණාස්රවයාට ඒකාන්තයෙන් සුවෙකි. එහෙයින් ම පෙළෙන (රාගාදි) පළිබෝධ සහිත පුද්ගලයා බලව. ජන තෙමේ (අන්‍ය) ජනයා කෙරෙහි බැඳී ගිය ස්වභාව ඇත්තේ ය.”