ගබ්භිනීසුත්තං
2. 6.
2. 6.
ගබ්භිනීසුත්තං
ගර්භිනී සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස පරිබ්බාජකස්ස දහරා මාණවිකා පජාපති හොති ගබ්භිනී උපවිජඤ්ඤා.
එ සමයෙහි එක්තරා පරිව්රාජකයකුගේ තරුණ වූ මෙණෙවියක් (බමුණුදුවක්) භාර්‍ය්‍යා වූවා, හටලත් දරුගප් ඇත්තී (අද හෙටැයි) එළැඹැ සිටි වදන කල්ඇත්තී වෙයි.
අථ ඛො සා පරිබ්බාජිකා තං පරිබ්බාජකං එතදවොච: “ගච්ඡ ත්වං බ්‍රාහ්මණ, තෙලං ආහාර, යං මෙ විජාතාය භවිස්සතී”ති. එවං වුත්තෙ සො පරිබ්බාජකො තං පරිබ්බාජිකං එතදවොච: “කුතො පනාහං, භොති තෙලං ආහරාමී”ති. දුතියම්පි ඛො සා පරිබ්බාජිකා තං පරිබ්බාජකං එතදවොච: “ගච්ඡ ත්වං බ්‍රාහ්මණ, තෙලං ආහර, යං මෙ විජාතාය භවිස්සතී”ති. දුතියම්පි ඛො සො පරිබ්බාජකො තං පරිබ්බාජිකං එතදවොච: “කුතො පනාහං භොති තෙලං ආහරාමී”ති. තතියම්පි ඛො සා පරිබ්බාජිකා තං පරිබ්බාජකං එතදවොච: “ගච්ඡ ත්වං බ්‍රාහ්මණ, තෙලං ආහර, යං මෙ විජාතාය භවිස්සතී”ති.
ඉක්බිති ඒ පරිව්‍රාජිකාව පරිව්‍රාජකයාහට, “බ්‍රාහ්මණය තෝ යා. යම් ඒ තෙලක් වැදූ මට උපකාර වේ ද එබඳු තෙලක් ගෙනැ එව”යි මෙ බස් කිවු ය. මෙසේ කී කල්හි ඒ පරිව්‍රාජක තෙමේ ඒ පරිව්‍රාජිකාවට “පින්වතිය, මම කොයින් තෙල් ගෙන එන්නෙම් දැ?” යි කී ය. දෙවෙනි වරටත් ඒ පරිව්‍රාජිකාව ඒ පරිව්‍රාජකයාට, “බ්‍රාහ්මණය තෝ යා. යම් තෙලක් වැදූ මට උපකාර වේ ද, එබඳු තෙලක් ගෙනෙව”යි කිවු ය. දෙවෙනි වරත් ඒ පරිව්‍රාජක තෙමේ ඒ පරිව්‍රාජිකාවට “පින්වතිය, මම් කොයින් තෙල් ගෙන එන්නෙම් දැ?” යි කී ය. තුන්වන වරත් ඒ පරිව්‍රාජිකාව පරිව්‍රාජකයාට “බ්‍රාහ්මණය, තෝ යා. යම් තෙලක් වැදූ මට උපකාර වේ නම් එබඳු තෙලක් ගෙනෙව”යි කිවු ය.
තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස කොට්ඨාගාරෙ සමණස්ස වා බ්රාහ්මණස්ස වා සප්පිස්ස වා තෙලස්ස වා යාවදත්ථං පාතුං දිය්යති නො නීහරිතුං.
එසමයෙහි පසේනදි කොසොල් රජුගේ කෝෂ්ඨාගාරයෙහි ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට ගිතෙල් හෝ තලතෙල් ආදි තෙල් හෝ ඇති තාක් බොන්නට දෙනු ලැබේ. බැහැරැ ගෙනැ යන්නට නො දෙනු ලැබේ.
අථ ඛො තස්ස පරිබ්බාජකස්ස එතදහොසි: “රඤ්ඤො ඛො පන පසෙනදිස්ස කොසලස්ස කොට්ඨාගාරෙ සමණස්ස වා බ්රාහ්මණස්ස වා සප්පිස්ස වා තෙලස්ස වා යාවදත්ථං පාතුං දිය්යති නො නීහරිතුං. යන්නූනාහං රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස කොට්ඨාගාරං ගන්ත්වා තෙලස්ස යාවදත්ථං පිවිත්වා ඝරං ආගන්ත්වා උග්ගිරිත්වාන දදෙය්යං, යං ඉමිස්සා විජාතාය භවිස්සතී”ති.
ඉක්බිති ඒ පරිව්‍රාජකයාහට “පසේනදි කොසොල් රජුගේ කෝෂ්ඨාගාර යෙහි ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ ගිතෙල් හෝ (තලතෙල් ආදි) තෙල් හෝ ඇති තාක් බොන්නට දෙනු ලැබේ. බැහැර ගෙනැ යන්නට නො දෙනු ලැබේ. යම් හෙයකින් මම පසේනදි කොසොල් රජුගේ කෝෂ්ඨාගාරයට ගොස් යම් ඒ තෙලක් වැදූ මැයට උපකාර වන්නේ නම්, ඒ තෙල් ඇති තාක් බී ගෙට අවුත් වමාරා දෙන්නෙම් නම් මැනැවැ”යි මෙබඳු සිතෙක් විය.
අථ ඛො සො පරිබ්බාජකො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස කොට්ඨාගාරං ගන්ත්වා තෙලස්ස යාවදත්ථං පිවිත්වා ඝරං ආගන්ත්වා නෙව සක්කොති උද්ධං කාතුං, න පන අධො. සො දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වෙදනාහි ඵුට්ඨො ආවට්ටති, පරිවට්ටති.
ඉක්බිති ඒ පරිව්‍රාජක තෙමේ පසේනදී කොසොල් රජුගේ කෝෂ්ඨාගාරයට ගොස් තෙල් ඇති තාක් බී ගෙට අවුත් වමාරන්නට ද විරේක කරන්නට ද නො හැකි වෙයි. හේ දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ, වේදනාවන්ගෙන් ස්පර්ශ කරන ලද්දේ ඔබ මොබ පෙරැළෙයි. හාත්පස පෙරැළෙයි.
අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා තං පරිබ්බාජකං දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වෙදනාහි ඵුට්ඨං ආවට්ටමානං පරිවට්ටමානං.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පෙරව පාසිවුරු ගෙනැ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ, වේදනාවන්ගෙන් ස්පර්ශ කරන ලද, ඔබ මොබ පෙරැළෙන, හාත්පස පෙරැළෙන, ඒ පරිව්‍රාජකයා දුටු සේක.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
සුඛිනො වත යෙ අකිඤ්චනා වෙදගුනො හි ජනා අකිඤ්චනා, සකිඤ්චනං පස්ස විහඤ්ඤමානං ජනො ජනස්මිං පටිබද්ධචිත්තොති.
“යම් කෙනෙක් (රාගාදි) පළිබෝධ නැත්තාහු ද (ඔහු) ඒකාන්තයෙන් සුඛිත වෙත්. (ආර්‍ය්‍ය මාර්ග සඞ්ඛ්‍යාත) වේදයෙන් (නිවනට) පැමිණි ඒ ක්ෂීණාස්රවයෝ තුමූ ඒකාන්තයෙන් (රාගාදි) පළිබෝධ නැතියව්හි. ජන තෙමේ (අන්‍ය) ජනයා කෙරෙහි බැඳී ගිය සිත් ඇත්තේ ය. (එහෙයින්) දුකට පැමිණෙන (රාගාදි) පළිබෝධ සහිත පුද්ගලයා බලව.”