කොලිතසුත්තං
3. 5.
3. 5.
කොලිතසුත්තං.
කෝලිත සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො අවිදූරෙ නිසින්නො හොති, පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය කායගතාය සතියා අජ්ඣත්තං සූපට්ඨිතාය. අද්දසා ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය කායගතාය සතියා අජ්ඣත්තං සූපට්ඨිතාය.
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයේ දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ, උඩුකය ඍජු කොට පිහිටුවා සිය සතන්හි මොනොවට එළඹැ සිටි කය අරමුණු කොට පැවැති සිහියෙන් යුතු වැ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා සිය සතන්හි මොනොවට එළඹැ සිටි කය අරමුණු කොට පැවැති සිහියෙන් යුතු වැ නොදුරෙහි වැඩැ හුන් මහමුගලන් තෙරුන් දුටු සේක.
2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“සති කායගතා උපට්ඨිතා ඡසු ඵස්සායතනෙසු සංවුතො, සතතං භික්ඛු සමාහිතො ජඤ්ඤා නිබ්බාණමත්තනො”ති.
“යමක්හුගේ කය අරමුණු කොට ඇති සිහිය එළඹැ සිටියේ වේ ද, යමෙක් ස්පර්ශයට කාරණ වූ සදොරෙහි සංවෘත වූයේ ද, (සදොරෙහි ඉන්ද්රිය සංවරයෙන් සංවෘත ද) එසේ වූ නිරතුරු විපස්සනා සමාධියෙන් සමාහිත වූ මහණ තෙම තමාගේ (පසක් කිරීමෙන්) නිවන දන්නේ ය.”