පිලින්දිවච්ඡසුත්තං
3. 6.
3. 6.
පිලින්දිවච්ඡසුත්තං.
පිලින්දිවච්ඡ සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දක නිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා පිලින්දිවච්ඡො භික්ඛූ වසලවාදෙන සමුදාචරති. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ‘ආයස්මා භන්තෙ පිලින්දිවච්ඡො භික්ඛූ වසලවාදෙන සමුදාචරතී”ති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පිලින්දිවච්ඡ තෙරණුවෝ (‘එව වසලය, ඉවත යා වසලය’ යන ආදී වශයෙන්) වසල වාදයෙන් මහණුනට කතා කෙරෙති. එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූ ම ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ආයුෂ්මත් පිලින්දිවච්ඡයෝ භික්ෂූන්හට වසලවාදයෙන් කතා කෙරෙති”යි මෙ පවත් සැළ කළහ.
2. අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: එහි ත්වං භික්ඛු, මම වචනෙන පිලින්දිවච්ඡං භික්ඛුං ආමන්තෙහි: සත්ථා තං ආවුසො පිලින්දිවච්ඡ ආමන්තෙතී’ති. ‘එවං භන්තෙ’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා පිලින්දිවච්ඡො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං පිලින්දිවච්ඡං එතදවොච: ‘සත්ථා තං ආවුසො ආමන්තෙතී’ති. ‘එවමාවුසො’ති ඛො ආයස්මා පිලින්දිවච්ඡො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං පිලින්දිවච්ඡං භගවා එතදවොච: ‘සච්චං කිර ත්වං වච්ඡ, භික්ඛූ වසලවාදෙන සමුදාචරසී”ති. ‘එවං භන්තෙ’ති.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු බණවා “මහණ තෝ මෙහි එ. ‘ඇවැත්නි, පිලින්දිවච්ඡයනි, ශාස්තෲහු තොප කැඳවති’යි මා වචනයෙන් පිලින්දිවච්ඡදයා කැඳව”යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිලින්දිවච්ඡ තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ පිලින්දිවච්ඡ තෙරුන්ට ‘ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ මුඹ කැඳවති’යි කීහ. ‘එසේ ද ඇවැත්නි?’ යි කියා පිලින්දිවච්ඡ තෙරණුවෝ ඒ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හිඳ ගත්හ. එකත්පසෙක හුන්නාවූ ම පිලින්දිවච්ඡ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ වච්ඡයෙනි, තොප වසලවාදයෙන් මහණුන් අමතති යනු සැබෑ දැ?” යි අසා වදාළ සේක. ‘එසේ ය වහන්සැ’යි තෙරණුවෝ වදාළහ.
3. අථ ඛො භගවා ආයස්මතො පිලින්දිවච්ඡස්ස පුබ්බෙනිවාසං මනසි කරිත්වා භික්ඛූ ආමන්තෙසි: “මා ඛො තුම්හෙ භික්ඛවෙ වච්ඡස්ස භික්ඛුනො උජ්ඣායිත්ථ. න භික්ඛවෙ වච්ඡො දොසන්තරො, භික්ඛූ වසලවාදෙන සමුදාචරති. වච්ඡස්ස භික්ඛවෙ භික්ඛුනො පඤ්ච ජාතිසතානි අබ්බොකිණ්ණානි බ්රාහ්මණකුලෙ පච්චාජාතානි. සො තස්ස වසලවාදො දීඝරත්තං සමුදාචිණ්ණො. තෙනායං වච්ඡො භික්ඛූ වසලවාදෙන සමුදාචරතී”ති.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිලින්දිවච්ඡ තෙරුන්ගේ පෙර වුසූ කඳපිළිවෙළ මෙනෙහි කොට, ‘මහණෙනි, තෙපි වච්ඡ මහණනුට උජඣායන (පහත් කොට සිතීම) නො කරව. මහණෙනි, වච්ඡයෝ ද්වේෂ සහගත සිත් ඇති වැ මහණනුට වසලවාදයෙන් කතා නො කරති. වච්ඡ මහණුන්දෑගේ අතීත පන්සියක් ම අත්බව්හු අතරක් නැතිව ම බමුණු කුලයෙහි උපන්නාහ. ඔවුන්ගේ ඒ ‘වසලයා’ යන වචනය බොහෝ කලක් කියා ගෙන එන ලද්දෙකි. එහෙයින් මේ වච්ඡයෝ මහණනුට (‘වසලයා’යි) වසලවාදයෙන් (පෙර පුරුද්ද අනුව) කතා කෙරෙති.
4. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යම්හි න මායා වසති න මානො යො වීතලොභො අමමො නිරාසො, පනුන්නකොධො අභිනිබ්බුතත්තො, සො බ්රාහ්මණො සො සමණො ස භික්ඛූ”ති.
“යමක්හු කෙරෙහි මායාවෙක් නො පවත්නේ ද, මානයෙක් නො පවත්නේ ද, යමෙක් පහ වූ ලෝභය ඇත්තේ ද, මමායන රහිත ද, ආශා රහිත ද, මුල් සුන් කළ ක්‍රෝධය ඇත්තේ ද, (කෙලෙස් පිරිනිවනින්) නිවුණු සිතැත්තේ ද, බ්‍රාහ්මණයාත් හේ ම ය, ශ්රමණයාත් හේ ම ය, භික්ෂූවනුයේත් හේ ම ය.”