කස්සපසුත්තං
3. 7.
3. 7.
කස්සපසුත්තං.
කාශ්‍යප සූත්‍රය
1. එවං මෙ සුත:– එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකස්සපො පිප්පලිගුහායං විහරති. සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති අඤ්ඤතරං සමාධිං සමාපජ්ජිත්වා.
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයේ කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මහසුප් තෙරණුවෝ පිප්ඵලීගුහායෙහි වැඩ වෙසෙති. (එසේ වැඩ වසනුවෝ) එක්තරා සමාධියකට සමවැද එක් පලඟින් වැඩහුන්නාහු වෙති.
2. අථ ඛො ආයස්මා මහාකස්සපො තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨාසි: අථ ඛො ආයස්මතො මහාකස්සපස්ස තම්හා සමාධිම්හා වුට්ඨිතස්ස එතදහොසි:– ‘යන්නූනාහං රාජගහං පිණ්ඩාය පවිසෙය්ය’න්ති. තෙන ඛො පන සමයෙන පඤ්චමත්තානි දෙවතාසතානි උස්සුක්කං ආපන්නානි හොන්ති, ආයස්මතො මහාකස්සපස්ස පිණ්ඩපාතපටිලාභාය. අථ ඛො ආයස්මා මහාකස්සපො තානි පඤ්චමත්තානි දෙවතාසතානි පටික්ඛිපිත්වා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි.
2. ඉක්බිති මහසුප් තෙරණුවෝ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැඟී සිටියහ. ඉක්බිති ඒ සමාධියෙන් නැඟී සිටි මහසුප් තෙරුනට ‘මම් රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත වී ය. ඒ සමයෙහි වනාහි පන්සියක් පමණ දේවතාවෝ මහසුප් තෙරුනට පිණ්ඩපාතය පිළිලබවනුවට (බොජුන් පිරිනමන්නට) උත්සුක බවට පැමිණියෝ වෙති. එ කල්හි මහසුප් තෙරණුවෝ ඒ පන්සියක් පමණ දේවතාවන් පිළිකෙවු කොට, පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන රජගහපුරයට පිඬු පිණිස පිවිසුණහ.
3. තෙන ඛො පන සමයෙන සක්කො දෙවානමින්දො ආයස්මතො මහාකස්සපස්ස පිණ්ඩපාතං දාතුකාමො හොති. පෙසකාරවණ්ණං අභිනිම්මිනිත්වා තන්තං විනාති. සුජා අසුරකඤ්ඤා තසරං පූරෙති.
3. එ සමයෙහි සක්දෙවිඳු මහසුප් තෙරුනට පිඬුපා දෙනු කැමැත්තේ වෙයි. හෙ පෙහෙර වෙසක් මවාගෙන හූ කටියි. අසුර දූ සුජා තොමෝ නඩාව (පිළී වියන සරස් දංඩ) පුරා ලයි.
4. අථ ඛො ආයස්මා මහාකස්සපො රාජගහෙ සපදානං පිණ්ඩාය චරමානො යෙන සක්කස්ස දෙවානමින්දස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. අද්දසා ඛො සක්කො දෙවානමින්දො ආයස්මන්තං මහාකස්සපං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ඝරා නික්ඛමිත්වා පච්චුග්ගන්ත්වා හත්ථතො පත්තං ගහෙත්වා ඝරං පවිසිත්වා ඝටියා ඔදනං උද්ධරිත්වා පත්තං පූරෙත්වා ආයස්මතො මහාකස්සපස්ස පාදාසි. සො අහොසි පිණ්ඩපාතො අනෙකසූපො අනෙකබ්යඤ්ජනො අනෙකසූපරසබ්යඤ්ජනො.
4.එ කල්හි මහසුප් තෙරණුවෝ රජගහනුවරැ ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙනුවෝ වෙස්වළා හුන් සක්දෙවිඳුහුගේ ගෙය කරා එළඹියහ. සක්දෙවිඳු වඩනා මහසුප් තෙරුන් දුර දී ම දිටී. දැක ගෙන් නික්ම පෙර ගමන් කොට අතින් පාත්‍රය ගෙන ගෙට වැද සැළියෙන් බත් ගෙන පාත්‍රය පුරා මහසුප් තෙරුනට දුන. එ පිණ්ඩපාත භෝජනය නොයෙක් සූප ඇත්තේ නොයෙක් ව්‍යාඤ්ජන ඇත්තේ නානාවිධ අග්‍රරස සහිත සූපව්‍යඤ්ජන ඇත්තේ විය.
5. අථ ඛො ආයස්මතො මහාකස්සපස්ස එතදහොසි: ‘කො නු ඛො අයං සත්තො, යස්සායං එවරූපො ඉද්ධානුභාවො’ති. අථ ඛො ආයස්මතො මහාකස්සපස්ස එතදහොසි: ‘සක්කො ඛො අයං දෙවානමින්දො’ති. ඉති විදිත්වා සක්කං දෙවානමින්දං එතදවොච: කතං ඛො තෙ ඉදං කොසිය. මාස්සු පුනපි එවරූපමකාසී”ති.
5. එ කල්හි මහසුප් තෙරුනට ‘යමක්හට මෙ බඳු ඍද්ධ්යනුභාවයෙක් වේ නම් ඒ මේ සත්ත්ව තෙම කවරෙක් නම් වේ දැ”යි මේ සිත විය. ඉක්බිති මහසුප් තෙරුනට ‘මේ වනාහි සක්දෙවිඳු යැ’යි මේ සිත විය. මෙසේ දැන, ‘කෝසිය ය, මෙය තා විසින් කරණ ලද්දෙක. යලිදු මෙ බන්දක් නො කරව’යි වදාළහ.
6. ‘අම්හාකම්පි භන්තෙ කස්සප, පුඤ්ඤෙන අත්ථො: අම්හාකම්පි පුඤ්ඤෙන කරණීය”න්ති. අථ ඛො සක්කො දෙවානමින්දො ආයස්මන්තං මහාකස්සපං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තළික්ඛෙ තික්ඛත්තුං උදානං උදානෙසි: “අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං, අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිත”න්ති.
6. “වහන්ස, අපටත් පිනෙන් වැඩ ඇත. අපටත් පිනෙන් කටයුතු ඇතැ”යි සක්දෙවිඳු කී. ඉක්බිති සක්දෙවිඳු මහසුප් තෙරුන් සකසා වැඳ පැදකුණු කොට අහස් නැඟ අහසෙහි දී, “ආශ්චර්‍ය්‍ය ය! කසුප් තෙරුන් කෙරෙහි සුපිහිටි දනෙකි! උතුම් දනෙකි! ආශ්චර්‍ය්‍ය ය! කසුප් තෙරුන් කෙරෙහි සුපිහිටි දනෙකි! උතුම් දනෙකි”යී තෙවරක් උදන් ඇනී ය.
7. අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය සක්කස්ස දෙවානමින්දස්ස වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තළික්ඛෙ තික්ඛත්තුං උදානං උදානෙන්තස්ස “අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං, අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං, අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිත”න්ති.
7. භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ ඇසුම් ඉම ඉක්මැ අසන්නට ඉවහල් වූ පිරිසිදු දිව කනින් “ආශ්චර්‍ය්‍ය ය! කසුප්තෙරුන් කෙරෙහි සුපිහිටි දනෙකි. උතුම් දනෙකි”යි අහස් නැඟ උදන් අනන සක්දෙවිඳුගේ වචනය ඇසූහ.
8. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අරුත දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“පිණ්ඩපාතිකස්ස භික්ඛුනො අත්තභරස්ස අනඤ්ඤපොසිනො, දෙවා පිහයන්ති තාදිනො උපසන්තස්ස සදා සතිමතො”ති.
“පිණ්ඩපාතිකාඞ්ගය පුරණ තමා ම පුස්නා අමිෂයෙන් අනුන් නො පුස්නා අටලෝ දහමින් නො සැලෙන උපශාන්ත වූ හැම කල්හි සිහි ඇති මහණහට දෙවියෝ ආදර උපදවත්.”