යෙදුමෙන් කියවන්න

පිණ‍්ඩපාතිකසුත‍්තං

3. 8.

3. 8.

පිණ‍්ඩපාතිකසුත‍්තං

පිණ්ඩපාතික සූත්‍රය

1. එවං මෙ සුත:– එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම‍්බහුලානං භික‍්ඛූනං පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තානං කරෙරිමණ‍්ඩලමාළෙ සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අයමන‍්තරා කථා උදපාදි:

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහුගේ අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසුබත්සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණි, කරෙරිමණ්ඩලමාලකයෙහි එක් වැ හුන්, එක් රැස් වූ, මහණුන් අතරැ මේ කථාව පහළ විය:

“පිණ‍්ඩපාතිකො ආවුසො භික‍්ඛු පිණ‍්ඩාය චරන‍්තො ලභති, කාලෙන කාලං මනාපිකෙ චක‍්ඛුනා රූපෙ පස‍්සිතුං. ලභති කාලෙන කාලං මනාපිකෙ සොතෙන සද‍්දෙ සොතුං. ලභති කාලෙන කාලං මනාපිකෙ ඝානෙන ගන්‍ධෙ ඝායිතුං. ලභති කාලෙන කාලං මනාපිකෙ ජිව‍්හාය රසෙ සායිතුං. ලභති කාලෙන කාලං මනාපිකෙ කායෙන ඵොට‍්ඨබ‍්බෙ ඵුසිතුං. පිණ‍්ඩපාතිකො ආවුසො භික‍්ඛු සක‍්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො පිණ‍්ඩාය චරති. හන්‍දා ආවුසො මයම‍්පි පිණ‍්ඩපාතිකා හොම. මයම‍්පි ලච‍්ඡාම කාලෙන කාලං මනාපිකෙ චක‍්ඛුනා රූපෙ පස‍්සිතුං. මයම‍්පි ලච‍්ඡාම කාලෙන කාලං මනාපිකෙ සොතෙන සද‍්දෙ සොතුං. මයම‍්පි ලච‍්ඡාම කාලෙන කාලං මනාපිකෙ ඝානෙන ගන්‍ධෙ ඝායිතුං. මයම‍්පි ලච‍්ඡාම කාලෙන කාලං මනාපිකෙ ජිව‍්හාය රසෙ සායිතුං. මයම‍්පි ලච‍්ඡාම කාලෙන කාලං මනාපිකෙ කායෙන ඵොට‍්ඨබ‍්බෙ ඵුසිතුං. මයම‍්පි සක‍්කතා ගරුකතා මානිතා පූජිතා අපචිතා පිණ‍්ඩාය චරිස‍්සාමා”ති. අයඤ‍්චරහි තෙසං භික‍්ඛූනං අන‍්තරාකථා හොති විප‍්පකතා.

“ඇවැත්නි, පිණ්ඩපාතිකාඞ්ගය රක්නා මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ කලින් කලැ ඇසින් මන වඩන රූප දක්නට ලබයි. කලින් කලැ කනින් මන වඩන හඬ අසන්නට ලබයි. කලින් කලැ මන වඩන ගඳ ආඝ්‍රාණ කරන්නට ලබයි. කලින් කලැ මන වඩන රස ආස්වාද කරන්නට ලබයි. කලින් කලැ මන වඩන ස්ප්‍රෂ්ටව්‍යයන් ස්පර්‍ශ කරන්නට ලබයි. ඇවැත්නි, පිණ්ඩපාතික මහණ තෙම සත්කාර ලදුයේ ගෞරව ලදුයේ බුහුමන් ලදුයේ පුදන ලදුයේ යටත් පැවතුම් ලදුයේ පිඬු පිණිස හැසිරෙයි. එබැවින් ඇවැත්නි, අපි දු පිණ්ඩපාතිකාඞ්ගය රක්නමෝ වම්: අපි දු කලින් කලැ ඇසින් මන වඩන රූප දකින්නට ලබන්නමු, අපි දු කලින් කලැ කනින් මන වඩන හඬ අසන්නට ලබන්නමු. අපි දු කලින් කලැ ඝ්‍රාණයෙන් මන වඩන ගඳ ආඝ්‍රාණ කරන්නට ලබන්නමු. අපි දු කලින් කලැ දිවින් මන වඩන රස ආස්වාද කරන්නට ලබන්නමු. අපි දු කලින් කලැ කයින් මන වඩන ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කරන්නට ලබන්නමු. අපි දු සත්කාර ලදූමෝ ගුරුකාර ලදූමෝ බුහුමන් ලදූමෝ පුදන ලදූමෝ යටත් පැවතුම් ලදුමෝ පිඬු පිණිස හැසිරෙන්නමු” යනු යි. ඒ භික්‍ෂූන් අතරැ මේ කථාව අඩාළ වී ය.

2. අථ ඛො භගවා සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙන කරෙරිමණ‍්ඩලමාළො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “කායනුත්‍ථ භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා කා ච පන වො අන‍්තරා කථා විප‍්පකතා”ති.

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි චිත්තවිවේකයෙන් නැඟී සිටි සේක්, කරෙරිමණ්ඩලමාලය කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ ම භික‍්ෂූන් අමතා “මහණෙනි, දැන් තෙපි කවර නම් කථාවෙකින් හුන්නහු ද? තොපගේ කවර නම් කථාවෙක් අඩාළ වී දැ?” යි අසා වදාළ සේක.

3. ඉධ භන‍්තෙ අම‍්හාකං පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තානං කරෙරිමණ‍්ඩලමාළෙ සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අයමන‍්තරා කථා උදපාදි: ‘පිණ‍්ඩපාතිකො ආවුසො භික‍්ඛු පිණ‍්ඩාය චරන‍්තො ලභති කාලෙන කාලං මනාපිකෙ චක‍්ඛුනා රූපෙ පස‍්සිතුං ලභති කාලෙන කාලං මනාපිකෙ සොතෙන සද‍්දෙ සොතුං. ලභති කාලෙන කාලං මනාපිකෙ ඝානෙන ගන්‍ධෙ ඝායිතුං, ලභති කාලෙන කාලං මනාපිකෙ ජිව‍්හාය රසෙ සායිතුං ලභති කාලෙන කාලං මනාපිකෙ කායෙන ඵොට‍්ඨබ‍්බෙ ඵුසිතුං. පිණ‍්ඩපාතිකො ආවුසො භික‍්ඛු සක‍්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො පිණ‍්ඩාය චරති. හන්‍ද ආවුසො මයම‍්පි පිණ‍්ඩපාතිකා හොම මයම‍්පි ලච‍්ඡාම කාලෙන කාලං මනාපිකෙ චක‍්ඛුනා රූපෙ පස‍්සිතුං. -පෙ- මයම‍්පි ලච‍්ඡාම කාලෙන කාලං මනාපිකෙ කායෙන ඵොට‍්ඨබ‍්බෙ ඵුසිතුං. මයම‍්පි සක‍්කතා ගරුකතා මානිතා පූජිතා අපචිතා පිණ‍්ඩාය චරිස‍්සාමා”ති. අයං ඛො නො භන‍්තෙ අන‍්තරා කථා හොති විප‍්පකතා. අථ ඛො භගවා අනුප‍්පත‍්තො”ති.

3. “වහන්ස, පසුබත් සෙමෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ කරෙරිමණ්ඩලමාලකයෙහි එක් වැ හුන් එක් රැස් වූ අප අතරැ මේ කථාව පහළ විය. ඇවැත්නි, පිණ්ඩපාතිකාඞ්ගය රකිනා මහණ තෙම පිඬුපිණිස හැසිරෙන්නේ කලින් කලැ ඇසින් මන වඩන රූප දක්නට ලබයි ... අපිදු සත්කාර ලදුමෝ ගුරුකාර ලදුමෝ බුහුමන් ලදුමෝ පුදන ලදුමෝ යටත් පැවතුම් ලදුමෝ පිඬු පිණිස හැසිරෙන්නෙමු” යනු යි. වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ වූයේ වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ”යි ඒ මහණහු කීහ.

4. නඛ‍්වෙතං භික‍්ඛවෙ තුම‍්හාකං පතිරූපං කුලපුත‍්තානං සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතානං. යං තුම‍්හෙ එවරූපිං කථං කථෙය්‍යාථ. “සන‍්නිපතිතානං ඛො භික‍්ඛවෙ ද‍්වයං කරණීයං, ධම‍්මී වා කථා අරියො ව. තුණ‍්හීභාවො”ති.

4. “මහණෙනි, තෙපි මෙබඳු කථාවක් කියන්නහුය යන යමෙක් ඇද්ද, මෙය සැදැහෙන් ගිහිගෙන් නික්ම සසුන් වන් කුලදරු වූ තොපට නොනිසිය. මහණෙනි, එක්රැස් වූ තොප විසින් දැහැමි කතාව හෝ ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවය යන මේ කටයුතු දෑ දෙකෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

5. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි: –

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන, එවේලෙහි මේ උදන් ඇනූ සේක:

“පිණ‍්ඩපාතිකස‍්ස භික‍්ඛුනො අත‍්තභරස‍්ස අනඤ‍්ඤපොසිනො, දෙවා පිහයන‍්ති තාදිනො නො චෙ සද‍්දසිලොකනිස‍්සිතො”ති.

“යම් මහණෙක් තමා පිළිබඳ යසගීහඬ ඇසුරු නො කෙළේ නම් (නො පතා නම්) පිණ්ඩපාතිකාඞ්ගය රක්නා තමා ම පුස්නා අනෙකකු නො පුස්නා අටලෝදහමින් නො සැලෙන ඒ මහණහට දෙවියෝ (ද) ආදර කෙරෙත්.”