සිප්පසුත්තං
3. 9.
3. 9.
සිප්පසුත්තං
ශිල්ප සූත්‍රය
1. එවං මෙ සුත:– එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි: “කො නු ඛො ආවුසො සිප්පං ජානාති, කො කිං සිප්පං සික්ඛි, කතරං සිප්පං සිප්පානං අග්ග”න්ති.
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසුබත් සෙමෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ මණ්ඩලමාළයෙහි එක්වැ හුන් එක්රැස් වූ මහණුන් අතුරෙහි “ඇවැත්නි, කවරෙක් නම් ශිල්ප දනී ද? කවරෙක් කවර ශිල්පයක් උගත්තේ ද? කවර ශිල්පයෙක් ශිල්ප අතුරෙහි අග්‍ර දැ?”යි මේ කථාව උපන.
2. තත්ථෙකච්චෙ එවමාහංසු. “හත්ථිසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “අස්සසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “රථසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ධනුසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ථරුසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “මුද්දාසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ගණනසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “සඞ්ඛානසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ලෙඛාසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “කාවෙය්යසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ලොකායතසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ඛත්තවිජ්ජාසිප්පං සිප්පානං අග්ග”න්ති. අයඤ්චරහි තෙසං භික්ඛූනං අන්තරාකථා හොති විප්පකතා.
2. එහි ඇතැම් කෙනෙක් ‘හස්තිශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි කීහ. සමහරු අශ්වශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි කීහ. රථශිල්පය ශිල්ප අතුරෙහි අග්රයැ’යි කෙනෙක් කීහ. ‘ධනුශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි ඇතැම්හු කීහ. ආයුධශිල්පය සිප් අතුරෙහි අග්‍ර යැ’යි සමහරු කීහ. ‘මුද්රාශිල්පය ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි සමහරු කීහ. ‘ගණනාශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි සමහරු කීහ. සඞ්ඛ්යානශිල්පය ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි සමහරු කීහ. ‘ලෙඛනශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි සමහරු කීහ. ‘කාව්යශිල්පය ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි කෙනෙක් කීහ. ලෝකායත (විතණ්ඩ) ශිල්පය ශිල්ප අතුරෙන් අග්‍රය’යි කෙනෙක් කීහ. ‘ක්ෂත්රවිද්යා ශිල්පය (නීතිශාස්ත්‍රය) ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි කෙනෙක් කීහ. ඒ භික්ෂූන් අතරැ මේ කථාව අඩාළ වූයේ වෙයි.
3. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන මණ්ඩලමාලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “කායනුත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරා කථා විප්පකතා”ති.
3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි සමවත් සුවෙන් නැගී සිටි සේක් මණ්ඩලමාළය කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩහිඳ ම භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, දැන් කවර නම් කථාවෙකින් එක් වැ හුන්නහු ද? තොපගේ කවර නම් කථාවෙක් අඩාළ වි දැ?”යි භික්ෂූන් අමතා වදාළ සේක.
4. ඉධ භන්තෙ අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: “කො නු ඛො ආවුසො සිප්පං ජානාති, කො කිං සිප්පං සික්ඛි, කතරං සිප්පං සිප්පානං අග්ග”න්ති. තත්ථෙකච්චෙ එවමාහංසු: “හත්ථිසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: ‘අස්සසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “රථසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ධනුසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ථරුසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “මුද්දාසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ගණනසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “සඞ්ඛානසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ලෙඛාසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “කාවෙය්යසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ලොකායතසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: ඛත්තවිජ්ජා සිප්පං සිප්පානං අග්ග”න්ති. අයං ඛො නො භන්තෙ අන්තරා කථා හොති විප්පකතා. අථ ඛො භගවා අනුප්පත්තොති.
4. “වහන්ස, මෙහි පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ මණ්ඩලමාළයෙහි එක් වැ හුන් එක්රැස් වූ අප අතරැ “ඇවැත්නි, කවරෙක් නම් ශිල්ප දනී ද? කවරෙක් කවර ශිල්පයක් උගත්තේ ද? කවර ශිල්පයෙක් ශිල්ප අතුරෙහි අග්‍ර වේ ද?”යි මෙසේ කථාවෙක් පහළ විය. එහි ඇතැම් කෙනෙක් ‘හස්තිශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි කෙනෙක් කීහ ... ක්ෂත්රවිද්යා ශිල්පය (නීතිශාස්ත්‍රය) ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි කෙනෙක් කීහ. වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ වූයේ වේ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ”යි ඒ භික්ෂූහු සැළ කළහ.
5. “නඛ්වෙතං භික්ඛවෙ තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං, යං තුම්හෙ එවරූපිං කථං කථෙය්යාථ. සන්නිපතිතානං වො භික්ඛවෙ ද්වයං කරණීයං, “ධම්මී වා කථා අරියො වා තුණ්හීභාවො”ති.
5. “මහණෙනි, තෙපි මෙබඳු කථාවක් කරන්නහුය යන යමෙක් ඇද්ද, සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ සසුන් වන් කුලදරු වූ තොපට මෙය නොසුදුසු ය. මහණෙනි, එක් රැස් වූ තොප විසින් දැහැමි කථාව හෝ ආර්ය තුෂ්ණිම්භාවය යන කටයුතු දැ දෙකෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
6. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
අසිප්පජීවී ලහු අත්ථකාමො යතින්ද්රියො සබ්බධි විප්පමුත්තො, අනොකසාරී අමමො නිරාසො හිත්වා මානං එකචරො ස භික්ඛූ”ති.
“ශිල්පයෙකින් දිවි නොරක්නා සැහැල්ලු පැවැතුම් ඇති, දෙවියන් සහිත ලෝවැස්සාට වැඩ කැමැති සංයත වූ ඉඳුරන් ඇති හැමතන්හි මිදුණු ෂඩායතනයන්හි නොහැසිරෙන මමායන රහිත වූ ආශාරහිත වූ මානය දුරු කොට (ගණ්සඞ්ගණිකාව හැර) එකලා වැ හැසිරෙන යම් ඒ මහණෙක් වේද, හේ (බුන් කෙලෙස් ඇත්තේ පරමාර්‍ත්‍ථ වශයෙන්) භික්ෂු නමි.”