යෙදුමෙන් කියවන්න

ලොකවොලොකනසුත‍්තං

3. 10.

3. 10.

ලොකවොලොකනසුත‍්තං.

ලෝකව්‍යවලෝකන සූත්‍රය

1. එවං මෙ සුත: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ‍්ජා නෙරඤ‍්ජරාය තීරෙ බොධිරුක‍්ඛමූලෙ පඨමාභිසම‍්බුද‍්ධො. තෙන ඛො පන සමයෙන භගවා සත‍්තාහං එකපල‍්ලඞ‍්කෙන නිසින‍්නො හොති විමුත‍්තිසුඛපටිසංවෙදී.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙල්දනව්වෙහි නිල්දලාගංතෙරැ බෝරුක්මුලැ බුදු වැ පළමු කොට ම වාසය කරන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත් සුව විඳුනාසේක් සත් දවසක් එක්පලගෙකින් හුන්සේක් වෙති.

2. අථ ඛො භගවා තස‍්ස සත‍්තාහස‍්ස අච‍්චයෙන තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨහිත්‍වා බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙසි. අද‍්දසා ඛො භගවා බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙන‍්තො සත‍්තෙ අනෙකෙහි සන‍්තාපෙහි සන‍්තප‍්පමානෙ, අනෙකෙහි ච පරිළාහෙහි පරිඩය‍්හමානෙ රාගජෙහිපි දොසජෙහිපි මොහජෙහිපිති.

2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැඟි සිට බුදුඇසින් ලොව බැලූ සේක. භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් ලොව බලන සේක් රාගයෙන් උපන් ද, ද්වේෂයෙන් උපන් ද, මෝහයෙන් උපන් දැ යි නොයෙක් සතැව්ලියෙන් තැවෙන නොයෙක් දැවිල්ලෙන් දැවෙන සත්ත්‍වයන් දුටුසේක් ම ය.

3. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලෙහි මේ උදන් ඇනු සේක.

“අයං ලොකො සන‍්තාපජාතො ඵස‍්සපරෙතො රොගං වදති අත‍්තතො, යෙන යෙන හි මඤ‍්ඤති තතො තං හොති අඤ‍්ඤථා.

“මේ ලොව හටගත් සතැව්ලි ඇත්තේ වෙයි. (එහෙයින් ම) දුක් පහසින් මඩනා ලද්දේ ය. පහසින් උපදනා වේදනා නැමැති රෝගය (මම සුවපත් වෙමි, මම සුවපත් වෙමි ආදීන්) තමා වශයෙන් කියයි. යම් යම් අයුරෙකින් සිතන්නේ ද, එයින් අන් සැටියෙකින් ම එය වේ.

අඤ‍්ඤථාභාවී භවසත‍්තො ලොකො භවපරෙතො භවමෙවාභිනන්‍දති. යදභිනන්‍දති තං භයං යස‍්ස භායති තං දුක‍්ඛං. භවවිප‍්පහානාය ඛො පනිදං බ්‍රහ‍්මචරියං වුස‍්සති.

තමන්ගේ හිතසුවෙහි ම ඇලුණු සත් ලොව තමා සිතන සැටියෙන් අන් පරිද්දෙකින් ම වන සුලු ය. (එසේ ඇති කල්හි දු) ලෝවැසි තෙම (මඤ්ඤනා වශයෙන් කල්පනා කොට ගන්නා ලද (අභිවෘද්ධියෙහි ආශායෙන් මඩනා ලද්දේ අවිද්‍යාමාන වූ වෘද්ධියක් ම කැමැති වෙයි. යම් කාමාදිභවයක් (හෝ යසඉසුරු ආදි වෘද්ධියක්) කැමති වේ ද (සිතින් පිළිගනී ද) එය (අනිත්‍යාදි විපරිණාම ස්වභාව හේතුයෙන්) බියෙකි. (බිය උපදවන්නෙකි). යම් අනිත්‍යතාදියෙකින් බිය ගනී ද, එය දුකෙකි. කාමභවාදි භවයාගේ දුරැලීම පිණිස ම මේ මගබඹසර පුරනු ලැබේ.

යෙ හි කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා භවෙන භවස‍්ස විප‍්පමොක‍්ඛමාහංසු සබ‍්බෙ තෙ අවිප‍්පමුත‍්තා භවස‍්මාති වදාමි.

යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ භවයෙකින් භවයෙක (හෝ සියලු භවයෙන් ම හෝ) මිදීමක් කීහු ද, ඒ සියලු අන්තොටුවෝ භවයෙන් නොමිදුණාහ යි කියමි.

යෙ වා පන කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා විභවෙන භවස‍්ස නිස‍්සරණමාහංසු සබ‍්බෙ තෙ අනිස‍්සටා භවස‍්මාති වදාමි.

යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ උච්ඡේදදෘෂ්ටියෙන් භවයෙන් නික්මීම කීහු ද, ඒ සියල්ලෝ භවයෙන් නොමිදුණෝ යැ යි කියමි.

උපධිං පටිච‍්ච දුක‍්ඛමිදං සම‍්භොති සබ‍්බුපාදානක‍්ඛයා නත්‍ථි දුක‍්ඛස‍්ස සම‍්භවො ලොකමිමං පස‍්ස පුථූ අවිජ‍්ජාය පරෙතා භූතා භූතරතා භවා අපරිමුත‍්තා.

උපධිප්‍රත්‍යයයෙන් මේ දුක් හටගනී. සියලු උපාදානයන්ගේ ක්‍ෂයයෙන් දුක් හටගැන්ම නො වේ. මේ බොහෝ වූ ලොව බලව. අවිද්‍යායෙන් මඩනා ලද, කර්‍මක්ලේශයන්ගෙන් උපන්, අන් සතුන් කෙරෙහි තෘෂ්ණායෙන් ඇලුණු සත්ත්‍වයෝ භවයෙන් නොමිදුණෝ ය.

යෙ හි කෙචි භවා සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බෙ තෙ භවා අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා.

කාමභවාදි යම් භව කෙනෙක් වෙත් ද, ඒ හැම තන්හි (ස්වර්‍ගපාය මනුෂ්‍යාදි) සර්‍වභාවයෙන් ඒ සියලු භවයෝ (රූපවේදනාදි ධර්‍මයෝ) අනිත්‍යයහ, දුක්හ, පෙරැළෙන සුලුහ.

එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො භවතණ‍්හා පහීයති විභවං නාභිනන්‍දති සබ‍්බසො තණ‍්හානං ඛයා අසෙසවිරාගනිරොධො නිබ‍්බානං.

මෙසේ මෙය ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් දක්නහුගේ භවතෘෂ්ණාව පහ වෙයි. (උච්ඡේද දෘෂ්ටිය දුරැ ලූ බැවින්) විච්ඡෙදය නො පතයි. සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂයයෙන් නො ඉතිරි ව ආර්‍ය්‍යමාර්‍ගයෙන් නැවැත නොඋපදනා පරිදි නිරුද්ධ වීමෙක් වේ ද ඒ (සෝපාදිශේෂ) නිර්‍වාණ යි.

තස‍්ස නිබ‍්බුතස‍්ස භික‍්ඛුනො අනුපාදානා පුනබ‍්භවො න හොති, අභිභූතො මාරො විජිතසඞ‍්ගාමො උපච‍්චගා සබ‍්බභවානි තාදී”ති.

ඒ කෙලෙස් නිවීමෙන් නිවුණු මහණහට උපාදාන නැති බැවින් පුනර්‍භවයෙක් නො වේ. මරු මඩනා ලද්දේ ය. මෙසේ දිනූ මරයුද ඇති රහත් තෙම සියලු භවයන් ඉක්මියේ ය.”

නන්‍දවග‍්ගො තතියො.

තෙවෙනි නන්‍දවර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

කම‍්මං නන්‍දො යසොජො ච සාරිපුත‍්තො ච කොලිතො, පිලින්‍දි කස‍්සපො පිණ‍්ඩො සිප‍්පං ලොකෙන තෙ දසාති.

කම්ම නන්‍ද යසොජ සාරිපුත්ත කෝලිත පිලින්‍දිවච්ඡ කස්සප පිණ්ඩපාත සිපප ලෝක යන මෙයින් ඒ සූත්‍ර දශයෙකි.