මෙඝියසුත්තං
4. 1.
4. 1.
මෙඝියසුත්තං
මේඝිය සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා චාලිකායං විහරති චාලිකෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මෙඝියො භගවතො උපට්ඨාකො හොති. අථ ඛො ආයස්මා මෙඝියො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: ‘ඉච්ඡාමහං භන්තෙ ජන්තුගාමං පිණ්ඩාය පවිසිතු’න්ති. “යස්සදානි ත්වං මෙඝිය කාලං මඤ්ඤසී’ති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චාලිකා නුවරට නොදුරෙහි වූ චාලික පර්වතයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ උපස්ථායක වෙති. එ කල්හි මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ මේඝිය තෙරණුවෝ ‘වහන්ස, මම් ජන්තුග්‍රාමයට පිඬු පිණිස පිවිසෙන්නට කැමැත්තෙමි’යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. ‘මේඝියෙනි, තෙපි යම් ගමනකට කාලය යැ යි සිතවු නම් එය කරව’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
2. අථ ඛො ආයස්මා මෙඝියො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ජන්තුගාමං පිණ්ඩාය පාවිසි. ජන්තුගාමෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන කිමිකාලාය නදියා තීරං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කිමිකාලාය නදියා තීරෙ ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො අද්දසා කො අම්බවනං පාසාදිකං මනුඤ්ඤං රමණීයං. දිස්වානස්ස එතදහොසි: “පාසාදිකං වතිදං අම්බවනං රමණීයං. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානාය. සචෙ මං භගවා අනුජානෙය්ය, ආගච්ඡෙය්යාහං ඉමං අම්බවනං පධානායා”ති.
2. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පා සිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස පිවිසියහ. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිරැ පසුබත් කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු කිමිකාලා නදියගේ තීරය කරා එළැඹියහ. එළැඹ කිමිකාලා නදිය තෙරැ ජඞ්ඝාවිහාරය පිණිස සක්මන් කරනුවෝ හැවිදිනුවෝ සිත් පහදවන සිත්කලු අඹවනයක් දුටහ. දැකීමෙන්, “මේ අඹවනය ඒකාන්තයෙන් සිත පහදවන සුලු ය, සිත්කලු ය. මෙය ප්‍රධන්වීර්‍ය්‍ය වඩනු කැමැති කුලපුතක්හට ප්‍රධන් වඩනු පිණිස සුදුසු ම ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අනුදක්නා සේක් නම්, බවුන් වඩනු පිණිස මේ අඹවනයට එන්නෙමි”යි මේ සිත විය.
3. අථ ඛො ආයස්මා මෙඝියො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: “ඉධාහං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ජන්තුගාමං පිණ්ඩාය පාවිසිං. ජන්තුගාමෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන කිමිකාලාය නදියා තීරං තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා කිමිකාලාය නදියා තීරෙ ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො අද්දසං අම්බවනං පාසාදිකං රමණීයං. දිස්වාන මෙ එතදහොසි: ‘පාසාදිකං වතිදං අම්බවනං රමණීයං. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානාය. සචෙ මං භගවා අනුජානෙය්ය, ආගච්ඡෙය්යාහං ඉමං අම්බවනං පධානායාති. සචෙ මං භන්තෙ භගවා අනුජානාති, ගච්ඡෙය්යාහං තං අම්බවනං පධානායා’ති.
3. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් මේඝිය තෙරණුවෝ “වහන්ස, මෙහි මම් පෙරවරු යෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස පිවිසියෙමි. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිරැ බතින් පසු පිණ්ඩපාතයෙන් නැවතුණෙම්, කිමිකාලානදිය තෙරට එළැඹියෙමි. එළැඹ, කිමිකාලා නදිය තෙරැ ජඞ්ගාවිහාරයෙහි යෙදී සක්මන් කරනුයෙම්, හැවිදිනුයෙම්, ප්‍රසාද එළවන, සිත්කලු අඹවනයක් දිටිමි. දැකීමෙන් මට ‘මේ අඹවනය මහණදම් කරනු කැමැති කුලපුතක්හට ප්‍රධන් වඩනුවට ඒකාන්තයෙන් සුදුසුයැ’යි මේ සිත විය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම්, මම් ප්‍රධන් වඩනු පිණිස මේ අඹවනයට එන්නෙමි’යි මේ සිත විය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ අනුදක්නා සේක් නම්, මම් ප්‍රධන් වඩනු පිණිස මේ අඹවනයට යන්නෙමි”යී කීහ.
4. එවං වුත්තෙ භගවා ආයස්මන්තං මෙඝියං එතදවොච: ‘ආගමෙහි තාව මෙඝිය, එකකම්හා යාව අඤ්ඤොපි කොචි භික්ඛු ආගච්ඡතී”ති. දුතියම්පි ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: “භගවතො භන්තෙ, නත්ථි කිඤ්චි උත්තරි කරණීයං, නත්ථි කතස්ස වා පතිචයො. මය්හං ඛො පන භන්තෙ, අත්ථි උත්තරි3 කරණීයං, අත්ථි කතස්ස පතිචයො. සචෙ මං භන්තෙ, භගවා අනුජානාති ගච්ඡෙය්යාහං තං අම්බවනං පධානායා”ති. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං මෙඝියං එතදවොච: “ආගමෙහි තාව මෙඝිය, එකකම්හා යාව අඤ්ඤො කොචි4 භික්ඛු ආගච්ඡතී”ති. තතියම්පි ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: “භගවතො භන්තෙ, නත්ථි කිඤ්චි උත්තරි3 කරණීයං, නත්ථි කතස්ස පතිචයො මය්හං ඛො පන භන්තෙ, අත්ථි උත්තරි3 කරණීයං, අත්ථි කතස්ස පතිචයො. සචෙ මං භන්තෙ, භගවා අනුජානාති, ගච්ඡෙය්යාහං තං අම්බවනං පධානායා”ති.
4. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මේඝිය තෙරුනට, ‘මේඝියයෙනි, මම් හුදෙකලා වෙමි. අන් මහණකු එන තෙක් කුඩා තමක් බලව’යි වදාළ සේක. දෙවෙනි වර ද මේඝිය තෙරණුවෝ කියනුවෝ, ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මත්තෙහි කටයුතු දැයෙක් නැත. කළ දැයෙහි යලි රැස් කැරුමෙක් නැත. වහන්ස, මට වනාහි මත්තෙහි කටයුතු දෑ ඇත. කළ දැයෙහි යලි රැස් කැරුම් ඇත. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අනුදන්නා සේක් නම්, ඒ අඹවනයට ප්‍රධන් වඩනු පිණිස යන්නෙම්වා’යි කීහ. දෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ “මේඝිය තෙරුනට, ‘මේඝියයෙනි, මම් හුදකලා වෙමි. අන් කිසි මහණකු එන තුරු කුඩා තමක් බලව”යි වදාළ සේක. තෙවෙනි වර ද මේඝිය තෙරණුවෝ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මත්තෙහි කටයුතු දැයෙක් නැත. කළ දැයෙක හෝ යලි වැඩීමෙක් නැත. මට වනාහි වහන්ස, මත්තෙහි කටයුතු ඇත. කළ දැයෙහි වැඩුම් ඇත. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම්, ඒ අඹවනයට ප්‍රධන් වඩනු පිණිස මම් යන්නෙමි”යි කීහ.
5. “පධානන්ති ඛො මෙඝිය, වදමානං කින්ති වදෙය්යාම? යස්සදානි ත්වං මෙඝිය, කාලං මඤ්ඤසී”ති. අථ ඛො ආයස්මා මෙඝියො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන තං අම්බවනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අම්බවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො ආයස්මතො මෙඝියස්ස තස්මිං අම්බවනෙ විහරන්තස්ස යෙභුය්යෙන තයො පාපකා අකුසලා විතක්කා සමුදාචරන්ති. සෙය්යථිදං? “කාමවිතක්කො, බ්යාපාදවිතක්කො, විහිංසාවිතක්කො”ති. අථ ඛො ආයස්මතො මෙඝියස්ස එතදහොසි: “අච්ඡරියං වත භො, අබ්භුතං වත භො සද්ධාය ච වතම්හා අගාරස්මා අනගාරියං පබ්බජිතො අථ ච පනිමෙහි තීහි පාපකෙහි අකුසලෙහි විතක්කෙහි අන්වාසත්තා සෙය්යථිදං? “කාමවිතක්කෙන, බ්යාපාදවිතක්කෙන, විහිංසාවිතක්කෙනා”ති.
5. “මේඝියයෙනි, මහණදම් කරමි යි කියන තොපට අපි අන් කුමක් කිය හැක්කමො ද? යමකට දැන් තෙපි කල් යැ යි සිතවු නම් එය කිරීම තොප අයත් වැඩෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ හුනස්සෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදැකුණු කොට, ඒ අඹවනය කරා එළැඹියහ. එළැඹ ඒ අඹවනයට බැස ගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහාරය පිණිස හිඳගත්හ. ඉක්බිත්තෙන් (මෙසේ) ඒ අඹවෙනෙහි වසන මේඝිය තෙරුනට කාමවිතර්ක ව්යාපාදවිතර්ක විහිංසාවිතර්ක යන තුන් ලාමක අකුශල කල්පනාවෝ බෙහෙවින් පහළ වෙත්. එකල්හි මේඝිය තෙරුනට, “ආශ්චර්‍ය්‍යයෙක පින්වත්නි! නොවූවිරියෙක පින්වත්නි! මම් සැදැහැයෙන් ම ගිහිගෙන් නික්ම සසුන් වනිමි. එහෙත් කාමවිතර්ක ව්යාපාදවිතර්ක විහිංසාවිතර්ක යන මේ තුන් ලාමක අකුශල විතර්කවලින් ලැගුණමෝ වම්හ”යි මේ සිත විය.
6. අථ ඛො ආයස්මා මෙඝියො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, තස්මිං අම්බවනෙ විහරන්තස්ස යෙභුය්යෙන තයො පාපකා අකුසලා විතක්කා සමුදාචරන්ති. සෙය්යථිදං: කාමවිතක්කො, බ්යාපාදවිතක්කො, විහිංසාවිතක්කොති. තස්ස මය්හං භන්තෙ, එතදහොසි: “අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, සද්ධාය ච වතම්හි අගාරස්මා අනගාරියං පබ්බජිතො, අථ ච පනිමෙහි තීහි පාපකෙහි අකුසලෙහි විතක්කෙහි අන්වාසත්තා. සෙය්යථිදං – කාමවිතක්කෙන, බ්යාපාදවිතක්කෙන, විහිංසාවිතක්කෙන”’.
6. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ සවස් වේලෙහි පිළිසලනින් නැගී සිටියෝ, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, මෙහි ඒ අඹවෙනෙහි වසන මට කාමවිතර්ක ව්යාපාදවිතර්ක විහිංසාවිතර්ක යන තුන් ලාමක අකුශල විතර්කයෝ බෙහෙවින් පහළ වෙත්. වහන්ස, ඒ මට “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්ය්යයක. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතය. ඒකාන්තයෙන් මම් සැදැහැයෙන් ම ගිහිගෙන් නික්ම සසුන් වනිමි. එහෙත් මේ කාමවිතර්ක ව්යාපාදවිතර්ක විහිංසාවිතර්ක යන මේ තුන් විතර්කවලින් ලැගුණමෝ වම්හ”යි මේ පවත් සැළ කළහ.
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:)
7. අපරිපක්කාය මෙඝිය, චෙතොවිමුත්තියා පඤ්ච ධම්මා පරිපාකාය සංවත්තන්ති. කතමෙ පඤ්ච? ඉධ මෙඝිය, භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. අපරිපක්කාය මෙඝිය චෙතොවිමුත්තියා අයං පඨමො ධම්මො පරිපාකාය සංවත්තති.
7. “මේඝියයෙනි, නොමුහු කළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස ධර්මයෝ පස් දෙනෙක් පවතිත්. කවර පස් දෙනෙක යත්: මේඝියයෙනි, මෙහි මහණ තෙම කලණමිතුරන් ඇත්තේ කලණ යහළුවන් ඇත්තේ, කලණ පුඟුලනට නැමුණේ වෙයි ද, මේ පළමු දහම නො මුහු කළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී.
පුන චපරං මෙඝිය, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අපරිපක්කාය මෙඝිය, චෙතොවිමුත්තියා අයං දුතියො ධම්මො පරිපාකාය සංවත්තති.
තව ද මේඝියයෙනි, මහණ තෙමේ සිල්වත් වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වෙසේ ද, ආචාරගෝචර දෙකින් සම්පූර්ණ වේ ද, ස්වල්පමාත්‍රවූ ද වරදෙහි බිය දක්නා සුලු වේ ද, සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මේ ද, මේ දෙවෙනි දහම නොමුහු කළ චේතෝවිමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී.
පුන චපරං මෙඝිය, භික්ඛු යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. සෙය්යථිදං? අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවෙකකථා, අසංසග්ගකථා, වීරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා. එවරූපාය කථාය නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී; අපරිපක්කාය මෙඝිය චෙතොවිමුත්තියා අයං තතියො ධම්මො පරිපාකාය සංවත්තති.
තව ද මේඝියයෙනි, අල්පේච්ඡකථා සන්තුෂ්ටිකථා ප්‍රවිවෙකකථා අසංසර්ගකථා වීර්‍ය්‍යාරම්භකථා ශීලකථා සමාධිකථා ප්‍රඥාකථා විමුක්තිකථා විමුක්තිඥානදර්ශනකථා යන කෙලෙස් තුනී කරන, සිතේ ආවරණ දුරැලීමට (හෙවත් සමථවිපස්සනා වැඩීමට) සැප වූ යම් කථාවෙක් ඒකාන්තයෙන් සසර දුකෙහි කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සියලු කෙලෙස් සංහිඳීම පිණිස, දතයුතු දෑ දැනීම පිණිස, සම්බෝධය පිණිස, නිවන පිණිස පවතී ද, මෙබඳු කථාවෙහි නිකාමලාභී (මෙබඳු කථා කැමැති පරිදි අසන්නට ලබන සුලු) වේ ද, සුව සේ ලබන සුලු වේ ද, මහත් සේ ලබන සුලු වේ ද, මේඝියයෙනි, මේ තෙවෙනි ධර්මය නො මුහු කළ චිත්තවිමුක්තියගේ මුහුකිරීම පිණිස පවතී.
පුන චපරං මෙඝිය, භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. අපරිපක්කාය මෙඝිය චෙතොවිමුත්තියා අයං චතුත්ථො ධම්මො පරිපාකාය සංවත්තති.
තවද මේඝියයෙනි, මහණ තෙම අකුලස් දහම් දුරැ ලනු පිණිස, කුසල් දහම් සිය සතන්හි උපදවනු පිණිස සම්පූර්ණ කළ වීර්‍ය්‍ය ඇත්තේ වේ ද, කුසල් දහම්හි උත්සාහවත් වේ ද, දැඩි වීර්‍ය්‍ය ඇති වේ ද, නො බහාලූ වැර ඇත්තේ වේ ද, මේඝියයෙනි, මේ සතරවන ධර්මය නො මුහු කළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී.
පුන චපරං මෙඝිය, භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අපරිපක්කාය මෙඝිය චෙතොවිමුත්තියා අයං පඤ්චමො ධම්මො පරිපාකාය සංවත්තති.
මේඝියයෙනි, තව ද මහණ තෙම නිදොස් වූ නිර්වේධභාගික වූ, දුඃඛක්ෂයය (ආර්ය්යමාර්ගය) කරා මොනොවට යන, ස්කන්ධයන්ගේ උදයව්‍යය දෙක පිළිවිදුනා ප්‍රඥායෙන් සමන්විත වේ ද, මේඝියයෙනි,මේ පස්වන ධර්මය නො මුහු කළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී.
අපරිපක්කාය මෙඝිය, චෙතොවිමුත්තියා ඉමෙ පඤ්ච ධම්මා පරිපාකාය සංවත්තන්ති.
මේඝියයෙනි, නො මුහුකළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස මේ දහම් පස් දෙන පවතිත්.”
8. කල්යාණමිත්තස්සෙතං මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස යං සීලවා භවිස්සති, පාතිමොක්ඛසංවරසංවුතො විහරිස්සති, ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛිස්සති සික්ඛාපදෙසු. කල්යාණමිත්තස්සෙතං මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. සෙය්යථිදං? අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවෙකකථා, අසංසග්ගකථා, වීරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා. එවරූපාය කථාය නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී.
8. “මේඝියයෙනි, ‘සිල්වත් වන්නේ ය, ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත ව ආචාරගෝචරසම්පන්න ව, අල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නා වු ද සුලු ව වසන්නේ ය, සමාදන් කොට ගෙන ශික්ෂාපදයන්හි හික්මෙන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති කලණ පුගුලනට නැමුණු මහණහු විසින් ඒකාන්තයෙන් කැමැති විය යුතු. මේඝියයෙනි, අල්පේච්ඡකථා ය, සන්තුෂ්ටිකථා ය, ප්‍රවිවෙකකථා ය, අසංසර්ගකථා ය, වීර්‍ය්‍යාරම්භකථා ය, ශීලකථා ය, සමාධිකථා ය, ප්‍රඥාකථා ය, විමුක්තිකථා ය, විමුක්තිඥානදර්ශනකථා ය යන කෙලෙස් තුනී කරන, සිතැ ආවරණ දුරැලීමට (සමථවිපස්සනාවනට) සැප වූ යම් කථාවෙක් ඒකාන්තයෙන් සසර කලකිරෙනු පිණිස, දතයුතු දෑ දැන ගැන්ම පිණිස, සතරමග නුවණින් සිවුසස් අවබෝධ කරනු පිණිස, නිවන් පිණිස පවතී ද, මෙබඳු කථා කැමැති පරිදි අසන්නට ලබන සුලු වේ, සුව සේ ලබන සුලු වේ, මහත් සේ ලබන සුලු වේ යන මෙය කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුගුලනට නැමුණු මහණහු විසින් ඒකාන්තයෙන් කැමැති විය යුතු.
කල්යාණමිත්තස්සෙතං මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං1 කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස යං ආරද්ධවිරියො භවිස්සති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
මේඝියයෙනි, අකුසල් දහම් පහ කරනු පිණිස කුසල් දහම් වඩනු පිණිස ශක්තිමත් ය, දැඩි වැර ඇත්තේ ය, කුසල් දහම්හි නොබහාලූ වීර්‍ය්‍ය ඇත්තේ ය යන මෙය කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුගුලනට නැමුණු මහණහු විසින් කැමැති විය යුතු.
කල්යාණමිත්තස්සෙතං මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං1 කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස යං පඤ්ඤවා භවිස්සති. උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා.
මේඝියයෙනි, උදයව්‍යය පිළිවිදුනා නිදොස් වූ නිර්වේධභාගික වූ මොනොවට (දුක් නසන) ආර්ය්යමාර්ගයට පැමිණෙන ප්‍රඥායෙන් ප්‍රඥාවත් වන්නේ ය යන යමක් ඇද්ද, මෙය කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුගුලනට නැමුණු භික්ෂූහු විසින් අපේක්ෂා කටයුතු ය.
තෙන ච පන මෙඝිය, භික්ඛුනා ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උත්තරි භාවෙතබ්බා. “අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය, මෙත්තා භාවෙතබ්බා බ්යාපාදස්ස පහානාය, ආනාපානස්සති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය, අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතාය. අනිච්චසඤ්ඤිනො මෙඝිය, අනත්තසඤ්ඤා සණ්ඨාති, අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති, දිට්ඨෙව ධම්මෙ නිබ්බානං”ති.
මේඝියයෙනි, ඒ මහණහු විසින් මේ දහම් පසෙහි පිහිටා, මත්තෙහි සතර දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. රාගය පහ කරනු පිණිස අශුභභාවනාව වැඩිය යුතු. ව්‍යාපාදය පහ කරණු පිණිස මෛත්‍රිය වැඩිය යුතු. විතර්ක නසනු පිණිස ආනාපාන ස්මෘතිය වැඩිය යුතු. අස්මිමානය නසනු පිණිස අනිත්‍යසංඥාව වැඩිය යුතු. මේඝියයෙනි, අනිත්‍යසංඥාව ඇත්තහුට අනාත්මසංඥාව දැඩිව පිහිටයි. අනාත්මසංඥාව ඇත්තේ අස්මීමාන විනාශයට, මෙ අත්බව්හි ම අප්‍රත්‍යය පරිනිර්වාණයට පැමිණෙයි.”
9. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
9. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වෙලායෙහි මේ උදන් ඇනූ සේක:
ඛුද්දා විතක්කා සුඛුමා විතක්කා අනුග්ගතා මනසො උප්පිලාවා, එතෙ අවිද්වා මනසො විතක්කෙ හුරාහුරං ධාවති භන්තචිත්තො.
“(කාමවිතර්කාදි) කුඩා විතර්ක ද (ඥාතිවිතර්‍කාදි) සියුම් විතර්ක දැ යි සිතින් අනුවර්තති වූ චිත්තයාගේ උත්පලාවන කෙනෙක් (සිතේ මතුවීම්) වෙත් ද, මේ මනෝවිතර්‍කයන් නොදැන, අවිද්යාතෘෂ්ණාවන්ගේ වශයෙන් භ්‍රාන්තවූ සිතැත්තේ (මෙලෝ පරලෝ වශයෙන්) අනෙක් අනෙක් භවයට දිවෙයි.
එතෙ ච විද්වා මනසො විතක්කෙ ආතාපි යො සංවරතී සතීමා. අනුග්ගතෙ මනසො උප්පිලාවෙ අසෙසමෙතෙ පජහාසි බුද්ධො”ති.
සිහි ඇති වීර්‍ය්‍යවත් තැනැත්තේ සිතේ මේ විතර්කයන් දැන ඥානසංවරයෙන් වසා ලයි. සිවුසස් අවබෝධ කළ ආර්‍ය්‍යශ්‍රාවක තෙම තව ම නොපහළ වූ (එහෙත් පහළ වන්නට සුදුසු වැ සිටි) සිතේ මේ සියලු උත්පලාවයන් මුල්සුන් කෙළේ ය. (නැවැත නොපහළවන්නවුන් ම කළේ ය).”