යෙදුමෙන් කියවන්න

උද‍්ධතසුත‍්තං

4. 2.

4. 2.

උද‍්ධතසුත‍්තං

උද්ධත සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා කුසිනාරායං විහරති, උපවත‍්තනෙ මල‍්ලානං සාලවනෙ. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ භගවතො අවිදූරෙ අරඤ‍්ඤකුටිකායං විහරන‍්ති, උද‍්ධතා උන‍්නළා චපලා මුඛරා විකිණ‍්ණවාචා මුට‍්ඨස‍්සතිනො අසම‍්පජානා අසමාහිතා විබ‍්භන‍්තචිත‍්තා පාකතින්‍ද්‍රියා.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරානුවර සමීපයේ මල්ලරජුන්ගේ උපවර්‍තන නම් සල්වෙනෙහි වැඩ වසන සේක. එ සමයෙහි බොහෝ භික්‍ෂූහු නොසංහුන් වූවෝ, ඔසොවා ගත් මාන නළ ඇත්තෝ, පාසිවුරු සැරැසීම් ආදි වූ චපල බැවින් යුත් වූවෝ, පරොස් බස් ඇත්තෝ, (තිරිසන් කථා බහුල බැවින්) ව්‍යාකූල කථා ඇත්තෝ, මුළා සිහි ඇත්තෝ, සම්පජඤ්ඤ රහිතයෝ, අසමාහිතයෝ, විභ්‍රාන්ත සිතැත්තෝ, අසංයත ඉන්‍ද්‍රිය ඇත්තෝ, භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි අරණ්‍යකුටිකායෙක වෙසෙත්.

2. අද‍්දසා ඛො භගවා තෙ සම‍්බහුලෙ භික‍්ඛූ අවිදූරෙ අරඤ‍්ඤකුටිකායං විහරන‍්තෙ උද‍්ධතෙ උන‍්නළෙ චපලෙ මුඛරෙ විකිණ‍්ණවාචෙ මුට‍්ඨස‍්සතිනො අසම‍්පජානෙ අසමාහිතෙ විබ‍්භන‍්තචිත‍්තෙ පාකතින්‍ද්‍රියෙ.

2. භාග්‍යවතුන් වහන්සේ නොසංහුන් සිතැති, ඔසොවා ගත් මාන නළ ඇති, චපල බැවින් යුත්, පරොස් බසැති, ව්‍යාකූල කථා ඇති, මුළා සිහි ඇති, සම්පජඤ්ඤ රහිත, අසමාහිත විභ්‍රාන්ත සිතැති, අසංයත ඉන්‍ද්‍රිය ඇති නො දුරෙහි අරන්කිළියෙහි වසන ඒ බොහෝ මහණුන් දුටු සේක.

3. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“අරක‍්ඛිතෙන කායෙන මිච‍්ඡාදිට‍්ඨිගතෙන ච. ථිනමිද‍්ධාභිභූතෙන වසං මාරස‍්ස ගච‍්ඡති.

“මිථ්‍යාදෘෂ්ටිය වැද ගත්, තැනමිදුයෙන් මඬනා ලද, නොරක්නා ලද ෂඩ්විඥාන සංඛ්‍යාත කය හේතු කොට ගෙන සත්ත්‍ව තෙමේ මරහු වශයට යෙයි.

තස‍්මා රක‍්ඛිතචිත‍්තස‍්ස සම‍්මාසඞ‍්කප‍්පගොචරො, ථීනමිද‍්ධාභිභූ භික‍්ඛු සබ‍්බා දුග‍්ගතියො ජහෙ”ති.

එහෙයින් සම්‍යක්සඞ්කල්පනා ගොදුරු කොටැත්තේ, රක්නාලද සිතැත්තේ වන්නේ ය. සම්‍යග්දෘෂ්ටිය පෙරදැරි කොටැත්තේ (ස්කන්‍ධයන්ගේ) උදයව්‍යය දැන, තැනමිදු දෙක මැඩැලන මහණ තෙමේ සියලු දුර්‍ගතීන් දුරැ ලන්නේ ය.”