යෙදුමෙන් කියවන්න

නාගසුත‍්තං

4. 5.

4. 5.

නාගසුත‍්තං

නාග සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා ආකිණ‍්ණො විහරති භික‍්ඛූහි භික‍්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත‍්තෙහි තිත්‍ථියෙහි තිත්‍ථියසාවකෙහි. ආකිණ‍්ණො දුක‍්ඛං, න ඵාසු විහරති.

1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොඹෑ නුවර සමීපයේ වූ ඝෝෂිතාරාමයේ වැඩවසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ගෙන් භික්‍ෂූණීන්ගෙන් උපාසකයන්ගෙන් උපාසිකාවන්ගෙන් රජුන්ගෙන් රාජමහාමාත්‍රයන්ගෙන් තීර්‍ත්‍ථකයන්ගෙන් තීර්‍ත්‍ථකශ්‍රාවකයන්ගෙන් ආකීර්‍ණ වැ (සම්බාධයට පැමිණි සේක් වැ) දුක සේ වසන සේක. පහසුවෙන් නො වසන සේක.

2. අථ ඛො භගවතො එතදහොසි: “අහං ඛො එතරහි ආකිණ‍්ණො විහරාමි, භික‍්ඛූහි භික‍්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත‍්තෙහි තිත්‍ථියෙහි තිත්‍ථියසාවකෙහි. ආකිණ‍්ණො දුක‍්ඛං, න ඵාසු විහරාමි. යන‍්නූනාහං එකො ගණම‍්හා වූපකට‍්ඨො විහරෙය්‍යං”ති.

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේට ‘මම් වූ කලි දැන් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා රාජ රාජමහාමාත්‍ර තීර්‍ත්‍ථක තීර්‍ත්‍ථකශ්‍රාවක යන මොවුන්ගෙන් ආකීර්‍ණ වැ දුක සේ වසමි. සුව සේ නො වසමි. මම් ගණයාගෙන් වෙන් වැ හුදෙකලා වැ වසන්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය.

3. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය කොසම‍්බියං පිණ‍්ඩාය පාවිසි. කොසම‍්බියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො සාමං සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරමාදාය අනාමන‍්තෙත්‍වා උපට‍්ඨාකෙ, අනපලොකෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝං, එකො අදුතියො යෙන පාරිලෙය්‍යකං තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන පාරිලෙය්‍යකං තදවසරි. තත්‍රසුදං භගවා පාරිලෙය්‍යකෙ විහරති, රක‍්ඛිතවනසණ‍්ඩෙ භද‍්දසාලමූලෙ.

3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කොසොඹෑනුවරට පිඬු පිණිස පිවිසි සේක. කොසොඹෑ නුවරෙහි පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් පෙරළා වැඩි සේක්, තමන් වහන්සේ ම සෙනසුන් සඟවා තබා, පා සිවුරු ගෙන, උපස්ථායකයන් ද නො අමතා, බික් සඟනට ද නොදන්වා, හුදෙකලා වැ, දෙවැන්නකු නැති වැ, පාරිලෙය්‍යක ගම බලා සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරා වඩනා සේක්, පාරිලෙය්‍යක ගමට පැමිණි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාරිලෙය්‍යක ගම සමීපයෙහි රක්‍ෂිත (ඇත්හු විසින් රක්නා ලද) වනලැහැබෙහි භද්‍රශාල වෘක්‍ෂමූලයෙහි (සොඳුරු සල්රුක් මුල්හි) වැඩ වසන සේක.

4. අඤ‍්ඤතරො’පි ඛො හත්‍ථිනාගො ආකිණ‍්ණො විහරති, හත්‍ථිහි හත්‍ථිනීහි හත්‍ථිකලභෙහි හත්‍ථිච‍්ඡාපෙහි. ඡින‍්නග‍්ගානි චෙව තිණානි ඛාදති. ඔභග‍්ගොභග‍්ගඤ‍්චස‍්ස සාඛාභඞ‍්ගං ඛාදන‍්ති. ආවිලානි ච පානීයානි පිවති. ඔගාහා චස‍්ස උත‍්තිණ‍්ණස‍්ස හත්‍ථිනියො කායං උපනිඝංසන‍්තියො ගච‍්ඡන‍්ති. ආකිණ‍්ණො දුක‍්ඛං, න ඵාසු විහරති. අථ ඛො තස‍්ස හත්‍ථිනාගස‍්ස එතදහොසි: “අහං ඛො එතරහි ආකිණ‍්ණො විහරාමි, හත්‍ථිහි හත්‍ථිනීහි හත්‍ථිකලභෙහි හත්‍ථිච‍්ඡාපෙහි.1 ඡින‍්නග‍්ගානි චෙව තිණානි ඛාදාමි. ඔභග‍්ගොභග‍්ගඤ‍්ච මෙ සාඛාභඞ‍්ගං ඛාදන‍්ති. ආවිලානි ච පානීයානි පිවාමි. ඔගාහා ච මෙ උත‍්තිණ‍්ණස‍්ස හත්‍ථිනියො කායං උපනිඝංසන‍්තියො ගච‍්ඡන‍්ති. ආකිණ‍්ණො දුක‍්ඛං, න ඵාසු විහරාමි. යන‍්නූනාහං එකො ගණම‍්හා වූපකට‍්ඨො විහරෙය්‍යං”ති.

4. එක්තරා ඇත් රජෙක් ද ඇතුන් ඇතිනින් ඇත්නහඹුන් ඇත්පොව්වන් විසින් සම්බාධයට පැමිණියේ වෙසෙයි. සුන් අග ඇති තණ ද බුදී. ඒ ඇත් රජු විසින් බිඳ බිඳ හෙළන ලද අතු කැබැලි සෙස්සෝ කත්. කැලත් දිය ද හේ බොයි. ඇතින්නෝ දියෙන් ගොඩ නැංගා වූ ඔහුගේ ඇඟ ඝටමින් යෙත්. හේ මෙසේ සම්බාධයට පැමිණියේ සැප නැති ව දුක සේ වෙසෙයි. ඉක්බිත්තෙන් ඒ ඇත්රජුට “මම් වනාහි දැන් ඇතුන් ඇතිනින් නහඹු ඇතුන් ඇත්පොව්වන් විසින් ආකීර්‍ණ වැ වෙසෙමි. සුන් අග ඇති තණ ද කමි. මා බිඳ හෙළු හෙළූ අතුකැබැලි මොහු කත්. මොවුන් නිසා බොර වූ දිය ද බොමි. පැන්තොටින් ගොඩ නැඟුණු මා ඇඟ ගහමින් ඇතින්නෝ යෙත්. මොවුන්ගෙන් සම්බාධයට පැමිණියෙම් දුකින් නො පහසුයෙන් වෙසෙමි. මම් ගණයාගෙන් වෙන් වැ හුදකලා වැ වෙසෙම් නම් යෙහෙකැ”යි මේ සිත විය.

5. අථ ඛො සො හත්‍ථිනාගො යූථා අපක‍්කම‍්ම යෙන පාරිලෙය්‍යකං රක‍්ඛිතවනසණ‍්ඩො භද‍්දසාලමූලං, යෙන භගවා තෙනුපසඞ‍්කමි. තත්‍ර සුදං සො හත්‍ථිනාගො යස‍්මිං පදෙසෙ භගවා විහරති, තං පදෙසං අප‍්පභරිතඤ‍්ච කරොති, අප‍්පහරිතං කරොති, සොණ‍්ඩාය භගවතො පානීයං පරිභොජනීයඤ‍්ච උපට‍්ඨපෙති.

5. ඉක්බිත්තෙන් ඒ ඇත්රජ රැළෙන් වෙන් වැ, පාරිලෙය්‍යක ගම යම් තැනෙක ද රක්‍ෂිත වනළැහැබ යම් තැනෙක ද, භද්‍රශාලාවෘක්‍ෂමූලය යම් තැනෙක ද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එහි එළැඹියේ ය. එහි ඒ ඇත් රජ, යම් පෙදෙසෙක භාග්‍යවතුන් වහන්සේ වසන සේක් ද, ඒ පෙදෙස තණපැලෑටි නැතියක් කෙරෙයි. (තණ පැළෑටි උදුරා අතු කැබැල්ලෙකින් හමදී.) සොඬින් භාග්‍යවතුන් වහන්සේට බොන පැන් ද සෙසු පරිභෝගයට දිය ද එළවයි.

6. අථ ඛො භගවතො රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: “අහං ඛො පුබ‍්බෙ ආකිණ‍්ණො විහාසිං, භික‍්ඛූහි භික‍්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත‍්තෙහි තිත්‍ථියෙහි තිත්‍ථියසාවකෙහි, ආකිණ‍්ණො දුක‍්ඛං, න ඵාසු විහාසිං. සො’ම‍්හි එතරහි අනාකිණ‍්ණො විහරාමි, භික‍්ඛූහි භික‍්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත‍්තෙහි තිත්‍ථියෙහි තිත්‍ථියසාවකෙහි. අනාකිණ‍්ණො සුඛං ඵාසු විහරාමී”ති.

6. ඉක්බිත්තෙන් එකලා වැ චිත්තවිවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට “මම් වනාහි පූර්‍වයෙහි සම්බාධයට පැමිණ විසීමි. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා රාජ රාජමහාමාත්‍ර තීර්‍ත්‍ථක තීර්‍ත්‍ථකශ්‍රාවක යන මොවුන්ගෙන් ආකීර්‍ණ වැ පහසු නැති වැ දුක සේ විසීමි. ඒ මම් දැන් සම්බාධ නැති වැ වෙසෙමි. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා රාජ රාජමහාමාත්‍ර තීර්‍ත්‍ථක තීර්‍ත්‍ථකශ්‍රාවකයන්ගෙන් අනාකීර්‍ණ වැ පහසුයෙන් සුව සේ වෙසෙමි”යි මේ චිත්තසංකල්පනාව පහළ විය.

7. තස‍්සපි ඛො හත්‍ථිනාගස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: අහං ඛො පුබ‍්බෙ ආකිණ‍්ණො විහාසිං, හත්‍ථිහි හත්‍ථිනීහි හත්‍ථිකලභෙහි හත්‍ථිච‍්ඡාපෙහි. ඡින‍්නග‍්ගානි චෙව තිණානි ඛාදිං. ඔභග‍්ගොභග‍්ගඤ‍්ච මෙ සාඛාභඞ‍්ගං ඛාදිංසු. ආවිලානි ච පානීයානි පිවාසිං, ඔගාහා ච මෙ උත‍්තිණ‍්ණස‍්ස හත්‍ථිනියො කායං උපනිඝංසන‍්තියො අගමංසු. ආකිණ‍්ණො දුක‍්ඛං න ඵාසු විහාසිං. සො’ම‍්හි එතරහි අනාකිණ‍්ණො විහරාමි, හත්‍ථිහි හත්‍ථිනීහි හත්‍ථිකලභෙහි හත්‍ථිච‍්ඡාපෙහි. අච‍්ඡින‍්නග‍්ගානි චෙව තිණානි ඛාදාමි, ඔභග‍්ගොභග‍්ගඤ‍්ච මෙ සාඛාභඞ‍්ගං න ඛාදන‍්ති. අනාවිලානි ච පානීයානි පිවාමි. ඔගාහා ච මෙ උත‍්තිණ‍්ණස‍්ස හත්‍ථිනියො න කායං උපනිඝංසන‍්තියො ගච‍්ඡන‍්ති, අනාකිණ‍්ණො සුඛං ඵාසු විහරාමී”ති.

7. ඒ ඇත්රජුට ද “මම් වනාහි පෙරැ ඇතුන් ඇතිනින් නහඹු ඇතුන් ඇත්පොව්වන් විසින් සම්බාධ ඇති වැ විසීමි. අගසුන් තණ කෑයෙමි. මා විසින් බිඳ හෙළු හෙළූ අතුකැබලි අන්‍යයෝ කෑහ. අනුන් නිසා බොර වූ පැන් ද පීමි. ඇතින්නෝ පැන් තොටින් ගොඩ නැංගා වූ මා ඇඟ ගහමින් ගියහ. සම්බාධ ඇති ව පහසු නැති වැ දුක සේ විසීමි. ඒ මම් දැන් ඇතුන් ඇතිනින් නහඹු ඇතුන් ඇත්පොව්වන් විසින් සම්බාධ නැති වැ වෙසෙමි. අග නොසුන් තණ ද කමි. මා විසින් බිඳ හෙළු හෙළූ අතු කැබලි අන් කෙනෙක් නො කත්. නො කැලඹුණු දිය ද බොමි. පැන්තොටින් ගොඩ නැගුනු මාගේ කය ඝටමින් ඇතින්නෝ නො යෙත්. එබැවින් සම්බාධ නැති වැ පහසු සේ වෙසෙමි”යි මෙසේ චිත්ත සංකල්පනාවෙක් පහළ විය.

8. අථ ඛො භගවා අත‍්තනො ච පවිවෙකං විදිත්‍වා තස‍්ස ච හත්‍ථිනාගස‍්ස චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

8. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ කායවිවේකය ද සලකා, ඒ ඇත්රජුගේ ද චිත්තසංකල්පය තමන් සිතින් දැන ඒ වේලෙහි මේ උදන් ඇනූ සේක.

“එතං නාගස‍්ස නාගෙන ඊසාදන‍්තස‍්ස හත්‍ථිනො, සමෙති චිත‍්තං චිත‍්තෙන යදෙකො රමතෙ වනෙ”ති.

“යම් හෙයකින් මේ ඇත් තෙම හුදෙකලා වැ වනයෙහි ඇලේ ද, එ කරුණින් රියඉස් වැනි දත් ඇති ඇත්රජුහුගේ මේ සිත බුද්ධනාගයාගේ සිත හා එක්බඳු වේ.”