යෙදුමෙන් කියවන්න

පිණ‍්ඩොලසුත‍්තං

4. 6.

4. 6.

පිණ‍්ඩොලසුත‍්තං

පිණ්ඩෝල සූත්‍රය

1. එවං මෙ සුත: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා පිණ‍්ඩොලභාරද‍්වාජො භගවතො අවිදූරෙ නිසින‍්නො හොති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය, ආරඤ‍්ඤිකො. පිණ‍්ඩපාතිකො, පංසුකූලිකො, තෙචීවරිකො, අප‍්පිච‍්ඡො, සන‍්තුට‍්ඨො, පවිවිත‍්තො, අසංසට‍්ඨො, ආරද‍්ධවිරියො, ධුතවාදො අධිචිත‍්තමනුයුත‍්තො.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ ආරණ්‍යක වූවෝ, පිණ්ඩපාතික වූවෝ, පාංශුකූලික වූවෝ, ත්‍රෛචීවරික වූවෝ, අල්පේච්ඡ වූවෝ, සන්තුෂ්ට වූවෝ, ප්‍රවිවික්ත වූවෝ, ගිහියන් හා අසංසෘෂ්ට වූවෝ, සම්පූර්‍ණ කළ වීර්‍ය්‍ය ඇත්තෝ, ධූතවාද වූවෝ, රහත්පලසමවතෙහි යෙදුණෝ භාග්‍යවතුන් වහන්සේ නොදුරු තන්හි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා වැඩ හුන්නාහු වෙති.

2. අද‍්දසා ඛො භගවා ආයස‍්මන‍්තං පිණ‍්ඩොලභාරද‍්වාජං අවිදූරෙ නිසින‍්නං පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය, ආරඤ‍්ඤිකං, පිණ‍්ඩපාතිකං, පංසුකූලිකං, තෙචීවරිකං, අප‍්පිච‍්ඡං, සන‍්තුට‍්ඨං, පවිවිත‍්තං, අසංසට‍්ඨං, ආරද‍්ධවිරියං, ධුතවාදං අධිචිත‍්තමනුයුත‍්තං.

2. භාග්‍යවතුන් වහන්සේ තමනට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා හුන් ආරණ්‍යක වූ පිණ්ඩපාතික වූ පාංශුකූලික වූ, ත්‍රෛචීවරික වූ, අල්පේච්ඡ වූ, සන්තුෂ්ට වූ, ප්‍රවිවික්ත වූ, අසංසෘෂ්ට වූ, සම්පූර්‍ණ කළ වීර්‍ය්‍ය ඇති, ධූතවාද වූ, රහත්පල සමවත්හි යෙදුනු පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් දුටු සේක.

3. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“අනූපවාදො අනූපඝාතො පාතිමොක‍්ඛෙ ච සංවරො, මත‍්තඤ‍්ඤුතා ච භත‍්තස‍්මිං පන‍්තඤ‍්ච සයනාසනං. අධිචිත‍්තෙ ච ආයොගො එතං බුද‍්ධානසාසනං”ති.

“වචනයෙන් කිසිවකුට උපවාද නො කිරීම ද, කයින් කිසිවකුට පීඩා නො කිරීම ද, ප්‍රාතිමෝක්‍ෂයෙහි සංවරය කිරීම ද, බොජුන්හි පමණ දැනීම ද, භාවනාකූල ජනවිවිත්ත සෙනසුන ද, රහත්පලසිත උපදවනු සඳහා ශමථවිදර්‍ශනා වශයෙන් උත්සාහය ද යන මේ බුදුවරුන්ගේ අවවාදානුශාසන”යි.