යෙදුමෙන් කියවන්න

ජුණ‍්හසුත‍්තං

4. 4.

4. 4.

ජුණ‍්හසුත‍්තං

යක්ඛපහාර සූත්‍රය (ජුන්හ සූත්‍රය)

1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාමොග‍්ගල‍්ලානො කපොතකන්‍දරායං විහරන‍්ති. තෙන ඛො පන සමයෙන ආයස‍්මා සාරිපුත‍්තො ජුණ‍්හාය රත‍්තියා නවොරොපිතෙහි කෙසෙහි අබ‍්භොකාසෙ නිසින‍්නො හොති, අඤ‍්ඤතරං සමාධිං සමාපජ‍්ජිත්‍වා. තෙන ඛො පන සමයෙන ද‍්වෙ යක‍්ඛා සහායකා උත‍්තරාය දිසාය දක‍්ඛිණං දිසං ගච‍්ඡන‍්ති, කෙනචිදෙව කරණීයෙන. අද‍්දසංසු ඛො තෙ යක‍්ඛා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං ජුණ‍්හාය රත‍්තියා නවොරොපිතෙහි කෙසෙහි අබ‍්භොකාසෙ නිසින‍්නං. දිස‍්වාන එකො යක‍්ඛො දුතියං යක‍්ඛං එතදවොච: “පටිභාති මං සම‍්ම, ඉමස‍්ස සමණස‍්ස සීසෙ පහාරං දාතුං”ති. එවං වුත‍්තෙ සො යක‍්ඛො තං යක‍්ඛං එතදවොච: “අලං සම‍්ම මා සමණං ආසාදෙසි. උළාරො සො සම‍්ම සමණො මහිද‍්ධිකො මහානුභාවො”ති. දුතියම‍්පි ඛො සො යක‍්ඛො තං යක‍්ඛං එතදවොච: “පටිභාති මං සම‍්ම, ඉමස‍්ස සමණස‍්ස සීසෙ පහාරං දාතුං”ති. දුතියම‍්පි ඛො සො යක‍්ඛො තං යක‍්ඛං එතදවොච: “අලං සම‍්ම, මා සමණං ආසාදෙසි. උළාරො සො සම‍්ම, සමණො මහිද‍්ධිකො මහානුභාවො’ති. තතියම‍්පි ඛො සො යක‍්ඛො තං යක‍්ඛං එතදවොච: “පටිභාති මං සම‍්ම, ඉමස‍්ස සමණස‍්ස සීසෙ පහාරං දාතුං”ති. තතියම‍්පි ඛො සො යක‍්ඛො තං යක‍්ඛං එතදවොච: “අලං සම‍්ම, මා සමණං ආසාදෙසි. උළාරො සො සම‍්ම, සමණො මහිද‍්ධිකො මහානුභාවො”ති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි සැරියුත් තෙරණුවෝ ද මහමුගලන් තෙරණුවෝ ද කොබෝකඳුරෙහි වෙසෙති. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ පුරපසැ රැයෙක අලුත බෑ හිසකෙසින් යුතු වැ, එක්තරා සමවතකට සමවැදැ එළිමහන්හි හුන්නාහු වෙති. එ කල්හි යහළු වූ යක්කු දෙදෙනෙක් කිසි කටයුත්තෙකින් උතුරු දෙසින් දකුණු දෙසට යෙති. ඒ යක්කු පුරපසැ රැයෙහි අලුත බෑ හිසකෙසින් යුතු වැ එළිමහනැ හුන් සැරියුත් තෙරුන් දුටහ. දැක එක් යකෙක් දෙවෙනි යකු බණවා, ‘යහළු, මේ මහණහු හිසෙහි පහරක් දෙන්නට මට සිතේ’යැ යි කීය. මෙසේ කි කලැ ඒ යක්තෙම අනෙකාට ‘යහළු, කම් නැත, මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක. මහත් ඍද්ධි ඇත්තෙක. මහානුභාව ඇත්තෙකැ’යි කී ය. දෙවෙනි වරැ ද ඒ යක් තෙම අනෙකාට යහළු, මේ මහණහු හිසැ පහර දෙන්නට මට සිතේ’යැ යි කීය. දෙවෙනි වරැ ද ඒ යක් තෙම අනෙකාට, ‘යහළු’, කම් නැත. මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක. මහත් ඍද්ධි ඇත්තෙක. මහානුභාව ඇත්තෙකැ’යි කී ය. තෙවැනි වරැ ද ඒ යක් තෙම අනෙකා බණවා, ‘යහළු’, මේ මහණහු හිසැ පහරක් දෙන්නට මට සිතේ’යැ යි කීය. තෙවැනි වරැ ද ඒ යක් තෙම අනෙකාට, යහළු, කම් නැත. මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක, මහත් තෙද බලැත්තෙකැ’යි කී ය.

2. අථ ඛො සො යක‍්ඛො තං යක‍්ඛං අනාදියිත්‍වා ආයස‍්මතො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සීසෙ පහාරං අදාසි: තාව මහාපහාරො අහොසි, අපි තෙන පහාරෙන සත‍්තරතනං වා අඩ‍්ඪට‍්ඨරතනං වා නාගං ඔසාදෙය්‍ය මහන‍්තං වා පබ‍්බතකූටං පදාළෙය්‍ය. අථ ච පන සො යක‍්ඛො ‘ඩය‍්හාමි, ඩය‍්හාමී’ති තත්‍ථෙව මහානිරයං අවත්‍ථාසි.

2. ඉක්බිති ඒ යක් තෙමේ අනෙකාගේ බස නො තකා, සැරියුත් තෙරුන්ගේ හිසැ පහරක් දුන්නේ ය. එ පහරින් සත්රියන් හෝ සත්රියන් වියත් පමණ වු ඇතකු හෝ බිමැ ගැළහිය හෙන්නේ නම්, මහගිරිකුළක් හෝ පළා දැමියැ හෙන්නේ නම් ඒසා මහපහරෙක් විය. එතෙකුදු වුවත් ඒ යක් තෙම ‘දැවෙමි, දැවෙමි’යි කියමින් එහි ම (පොළොවෙහි ගැළ) මැරී මහා නිරයට වැටුණේ ය. (අවීචි නිරයෙහි උපන්නේ ය.)

3. අද‍්දසා ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන තෙන යක‍්ඛෙන ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස සීසෙ පහාරං දීයමානං. දිස‍්වාන යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “කච‍්චි තෙ ආවුසො ඛමනීයං? කච‍්චි යාපනීයං? කච‍්චි න’ කිඤ‍්චි දුක‍්ඛං?”ති “ඛමනීයං මෙ ආවුසො මොග‍්ගල‍්ලාන, යාපනීයං මෙ ආවුසො මොග‍්ගල‍්ලාන. අපි ච මෙ සීසං ථොකං දුක‍්ඛං”ති.

3. මහමුගලන් තෙරණුවෝ මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ සිටි පිරිසුදු වූ දිවැසින් ඒ යකු විසින් සැරියුත් තෙරුන්ගේ හිසැ දුන් පහර දුටහ. දැක සැරියුත් තෙරුන් කරා එළැඹියහ. එළැඹ සැරියුත් තෙරුන් අමතා, ‘ඇවැත්නි, කිම? මුබට සැහිය හැකි ද? කිම? යැපිය හැකි ද? කිම කිසි දුකෙක් නැද්ද?’යි අසා වදාළහ. ‘ඇවැත්නි, මුගලන් තෙරණුවනි, මට සැහිය හැක්ක: මට යැපිය හැක්ක. එහෙත් මා හිස මඳ රිදුමෙක් වේ’යි සැරියුත් තෙරණුවෝ වදාළහ.

4. “අච‍්ඡරියං ආවුසො සාරිපුත‍්ත, අබ‍්භුතං ආවුසො සාරිපුත‍්ත, යාව මහිද‍්ධිකො ආයස‍්මා සාරිපුත‍්තො මහානුභාවො. ඉධ තෙ ආවුසො සාරිපුත‍්ත, අඤ‍්ඤතරො යක‍්ඛො සීසෙ පහාරං අදාසි. තාව මහාපහාරො අහොසි, අපි තෙන පහාරෙන සත‍්තරතනං වා අඩ‍්ඪට‍්ඨරතනං වා නාගං ඔසාදෙය්‍ය මහන‍්තං වා පබ‍්බතකූටං පදාළෙය්‍ය, අථ ච පනායස‍්මා සාරිපුත‍්තො එවමාහ: “ඛමනීයං මෙ ආවුසො මොග‍්ගල‍්ලාන, යාපනීයං මෙ ආවුසො මොග‍්ගල‍්ලාන, අපි ච මෙ සීසං ථොකං දුක‍්ඛං”ති. “අච‍්ඡරියං ආවුසො මොග‍්ගල‍්ලාන, අබ‍්භුතං ආවුසො මොග‍්ගල‍්ලාන, යාව මහිද‍්ධිකො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො මහානුභාවො. යත්‍ර හි නාම යක‍්ඛම‍්පි පස‍්සිස‍්සති, මයං පනෙතරහි පංසුපිසාචකම‍්පි න පස‍්සාමා”ති. අස‍්සොසි ඛො භගවා දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය තෙසං උභින‍්නං මහානාගානං ඉමං එවරූපං කථාසල‍්ලාපං.

4. “ඇවැත් සැරියුත්නි, සැරියුත් තෙරණුවෝ කොතරම් මහර්ද්ධිමත් ද, කොතරම් මහානුභාව ඇත්තෝ ද! යනු ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. ඇවැත් සැරියුත්නි, එක්තරා යකෙක් මෙහි මුබ හිසැ පහරක් දුන්නේ ය. ඒ පහරින් සත්රියන් හෝ සත්රියන් හමාරක් පමණ වූ ඇතකු නමුදු බිමැ ගැළහිය හෙන්නේ නම් මහත් වූ පව්කුළක් නමුදු පළා ලියැ හෙන්නේ නම් ඒසා මහපහරෙක් විය. එතෙකුදු වුවත් සැරියුත් තෙරණුවෝ “ඇවැත් මොගල්ලානයෙනි, මට සැහිය හැක්ක. ඇවැත් මොගල්ලානය, මට යැපියැ හැක්ක, එහෙත් මා හිසැ මඳ රිදුමෙක් වේ යැයි මෙසේ කියති”යි මහමුගලන් තෙරණුවෝ වදාළහ. එවිට සැරියුත් තෙරණුවෝ, “අපි නම් දැන් මෙහි පාංශුපිහාචයකුදු නො දකුම්හ. එසේ වූ මෙ තන්හි යකකුදු දක්නා තරම් මහමුගලන් තෙරණුවෝ මහර්ද්ධිමත්ය මහානුභාව ඇත්තෝ ය. ආශ්චර්‍ය්‍ය ය, ඇවැත් මහමුගලන් තෙරුනි, අද්භූත ය, මහමුගලන් තෙරුනි”යි වදාළහ. භාග්‍යවතුන් වහන්සේ මිනිස්විසය ඉක්මැ පැවැති පිරිසිදු දිවකන්නුවණින් ඒ අගසවු දෙ නමගේ මේ මෙ බඳු කථාසංලාපය අසා වදාළ සේක.

5. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ උදන් ඇනු සේක:

“යස‍්ස සෙලූපමං චිත‍්තං ඨිතං නානූපකම‍්පති, විරත‍්තං රජනීයෙසු කොපනෙය්‍යෙ න කුප‍්පති, යස‍්සෙවං භාවිතං චිත‍්තං කුතො තං දුක‍්ඛමෙස‍්සතී”ති.

“යමකුගේ සිත ගල්පව්වක් මෙන් සිටියේ අටලෝදහමින් නො සැලේ ද, රාගය ඉපැත්මට හේතු වූ සියලු ත්‍රෛභූමක ධර්‍මයන්හි නො ඇලේ ද, කෝපය ඉපැත්මට හේතු වූ සියලු ආඝාතවස්තුයෙහි නො කිපේ ද, යමක්හුගේ සිත මෙසේ වඩනා ලද ද, ඔහු කරා දුකෙක් කොයින් එන්නේ ද? නො එන්නේ ම ය.”