අප්පායුකසුත්තං
5. 2.
5. 2.
අප්පායුකසුත්තං.
අප්පායුක සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති, ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “අච්ඡරිය! භන්තෙ, අබ්භුතං! භන්තෙ, යාව අප්පායුකා හි භන්තෙ, භගවතො මාතා අහොසි. සත්තාහජාතෙ භගවති භගවතො මාතා කාලමකාසි. තුසිතං කායං උපපජ්ජී”ති. “එවමෙතං ආනන්ද, අප්පායුකා හි ආනන්ද, බොධිසත්තමාතරො හොන්ති, සත්තාහජාතෙසු බොධිසත්තෙසු බොධිසත්තමාතරො කාලං කරොන්ති, තුසිතං කායං උපපජ්ජන්තී”ති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එකල්හි අනඳ තෙරණුවෝ සවස් වේලෙහි චිත්තවිවේකයෙන් නැඟී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළැඹ ඔබ සකසා වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් ම අනඳ තෙරණුවෝ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ මෑණියෝ අතිශයයෙන් අල්පායුෂ්ක වූ හු ය” යන්න ආශ්චර්‍ය්‍ය යි. වහන්ස, අද්භූතයි! භාග්‍යවතුන් වහන්සේගේ මෑණියෝ මුබ උපන් සත්දවසෙහි කලුරිය කළහ. තුෂිත දේවනිකායට (උත්පත්ති වශයෙන්) පැමිණියහ”යි භාග්‍යවතුන් වහන්සේට කීහ. “ආනන්දයෙනි, එය එසේ ය. ආනන්දයෙනි, බෝසත් මවුවරු අල්පායුෂ්ක වෙත්. බෝසතුන් උපන් සත් දවස වූ කල්හි බෝසත් මවුහු කලුරිය කරත්. තුෂිත දේවනිකායට පැමිණෙත්.”
2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යෙ කෙචි භූතා භවිස්සන්ති යෙ වාපි සබ්බෙ ගමිස්සන්ති පහාය දෙහං, තං සබ්බං ජානිං කුසලො විදිත්වා ආතාපියො බ්රහ්මචරියං චරෙය්යා”ති.
“යම් කිසි සත්හු කෙනෙක් පෙරැ වූවාහු ද, මතු ද වෙද් ද, යම් හැම කෙනෙක් මේ කය හැර දෙව්ලොවට යන්නාහු ද, ඒ සියලු පිරිහීම නුවණැත්තේ දැන කෙලෙස් තවන වැර ඇත්තේ බඹසර කරන්නේ ය.”