යෙදුමෙන් කියවන්න

සුප‍්පබුද‍්ධකුට‍්ඨිසුත‍්තං

5. 3.

5. 3.

සුප‍්පබුද‍්ධකුට‍්ඨිසුත‍්තං

සුප්පබුද්ධකුට්ඨි සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ සුප‍්පබුද‍්ධො නාම කුට‍්ඨී අහොසි, මනුස‍්සදළිද‍්දො මනුස‍්සකපණො මනුස‍්සවරාකො.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි රජගහ නුවරෙහි මිනිසුන්ගේ ඉතා දිළිඳු වූ, මිනිසුන් අතරෙහි ඉතා ම දුගී වූ මිනිසුන් අතරෙහි ඉතා ම දීන වූ සුප්‍රබුද්ධ නම් කුෂ්ඨරෝගියෙක් විය.

2. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම‍්මං දෙසෙන‍්තො නිසින‍්නො හොති. අද‍්දසා ඛො සුප‍්පබුද‍්ධො කුට‍්ඨී තං මහාජනකායං දූරතොව සන‍්නිපතිතං. දිස‍්වානස‍්ස එතදහොසි: “නිස‍්සංසයං ඛො එත්‍ථ කිඤ‍්චි ඛාදනීයං වා භොජනීයං වා භාජීයිස‍්සති. යන‍්නූනාහං යෙන සො මහාජනකායො තෙනුපසඞ‍්කමෙය්‍යං. අප‍්පෙවනාමෙත්‍ථ කිඤ‍්චි ඛාදනීයං වා භොජනීයං වා ලභෙය්‍යන‍්ති”.

2. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහ පිරිසක් විසින් පිරිවරන ලදු වැ දහම් දෙසමින් හුන්සේක් වෙති. සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම රැස්ව සිටි ඒ මහජන මුළුව දුරැ දී ම දිටී. දැක ඔහුට “නිසැකයෙන් ම මෙහි කිසි කෑයුතු බිදියැ යුතු දැයෙක් බෙදෙයි. ඒ මහජන මුළුව කරා ගියෙම් නම් මනා මැ නු! මෙහි දී කිසි කෑයුතු බිදියැ යුතු දැයක් ලැබ ගත හැකි වීම් නම් මැනවැ”යි මේ සිත විය.

3. අථ ඛො සුප‍්පබුද‍්ධො කුට‍්ඨී යෙන සො මහාජනකායො තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො සුප‍්පබුද‍්ධො කුට‍්ඨී භගවන‍්තං මහතියා පරිසාය පරිවුතං ධම‍්මං දෙසෙන‍්තං නිසින‍්නං. දිස‍්වානස‍්ස එතදහොසි: “න ඛො එත්‍ථ කිඤ‍්චි ඛාදනීයං වා භොජනීයං වා භාජීයති, සමණො අයං ගොතමො පරිසතිං ධම‍්මං දෙසෙති. යන‍්නූනාහම‍්පි ධම‍්මං සුණෙය්‍යන‍්ති. තත්‍ථෙව එකමන‍්තං නිසීදි. “අහම‍්පි ධම‍්මං සොස‍්සාමී”ති. අථ ඛො භගවා සබ‍්බාවන‍්තං පරිසං චෙතසා චෙතොපරිච‍්ච මනසාකාසි “කො නු ඛො ඉධ භබ‍්බො ධම‍්මං විඤ‍්ඤාතුං?”ති.

3. ඉක්බිත්තෙන් සුප්‍රබුද්ධකුෂ්ඨි තෙම ඒ මහජන මුළුව වෙත එළැඹියේ ය. එහි මහපිරිසක් විසින් පිරිවරන ලදු වැ දහම් දෙසමින් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටී ය. දැක ඔහුට “මෙහි කිසි කෑයුතු හෝ බිදිය යුතු හෝ දැයෙක් නො බෙදෙයි. මෙ මහණ ගොයුම්හු පිරිසෙහි දම් දෙසති. මමත් දහම් අසම් නම් මැනැවැ”යි මේ සිත විය. මෙ තෙම ‘මමත් බණ අසන්නෙමි’යි එහි ම එක් පසෙක හිඳ ගත්තේ ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එකකුදු නො හැර මුළු පිරිස ම ඔවුන් සිත් සිය සිතින් පිරිසිඳ ‘මෙහි කවරෙක් නම් දහම් දැන ගන්නට (මාර්‍ගඵලාවබෝධයට) භව්‍ය දැ?”යි (උපනිඃශ්‍රය සම්පන්න දැයි) බැලූ සේක.

4. අද‍්දසා ඛො භගවා සුප‍්පබුද‍්ධං කුට‍්ඨිං තස‍්සං පරිසායං නිසින‍්නං, දිස‍්වානස‍්ස එතදහොසි: “අයං ඛො ඉධ භබ‍්බො ධම‍්මං විඤ‍්ඤාතුං”ති. සුප‍්පබුද‍්ධං කුට‍්ඨිං ආරබ‍්භ ආනුපුබ‍්බීකථං කථෙසි. සෙය්‍යථිදං? දානකථං, සීලකථං, සග‍්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සඞ‍්කිලෙසං, නෙක‍්ඛම‍්මෙ ච2 ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ‍්ඤාසි, සුප‍්පබුද‍්ධං කුට‍්ඨිං කල‍්ලචිත‍්තං මුදුචිත‍්තං විනීවරණචිත‍්තං උදග‍්ගචිත‍්තං පසන‍්නචිත‍්තං. අථ යා බුද‍්ධානං සාමුක‍්කංසිකා ධම‍්මදෙසනා තං පකාසෙසි, දුක‍්ඛං සමුදයං නිරොධං මග‍්ගං. සෙය්‍යථාපි නාම සුද‍්ධං වත්‍ථං අපගතකාළකං සම‍්මදෙව රජනං පතිගණ‍්හෙය්‍ය, එවමෙව සුප‍්පබුද‍්ධස‍්ස කුට‍්ඨිස‍්ස තස‍්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි: ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති.’

4. භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසෙහි හුන් සුප්‍රබුද්ධ කුෂ්ඨියා දුටු සේක. දැක උන් වහන්සේට ‘මේ තෙමේ ඒකාන්තයෙන් මෙහි ධර්‍මය අවබෝධ කරන්නට තරම් උපනිඃශ්‍රය සම්පත් ඇත්තෙකැ’යි මේ සිත විය. ඉක්බිති සුප්‍රබුද්ධ කුෂ්ඨියා ඇරැබ, දානකථා ද ශීලකථා ද ස්වර්‍ගකථා ද කාමයන්ගේ දෝෂ ද ලාමකබව ද කෙලෙසීම ද නෙක්ඛම්මයෙහි අනුහස් ද පැවැසූ සේක. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ සුප්‍රබුද්ධ කුෂ්ඨීහු කර්‍මක්‍ෂම සිත් ඇතියහු කෙලෙස් පහ ව මොළොක් සිත් ඇතියහු නීවරණ පහ වූ සිතැත්තහු., (මනා පිළිවෙත්හි) ඔදවැඩි සිතැත්තහු සැදැහැයෙන් පහන් සිතැත්තහු දුටු සේක් ද, ඒ විටැ දුක් යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ගය යැ යන බුදුවරුන්ගේ යම් සාමුතකර්‍ෂකී දේශනාවෙක් වේ නම් එය පැවසූ සේක. පහ වූ කළුබව් ඇති ශුද්ධ වස්ත්‍රය යම්සේ රඳන් පිළිගන්නේ ද, ඒ පරිද්දෙන් ම සුප්‍රබුද්ධ කුෂ්ඨියාහට ඒ ආසනයෙහි ම, ‘යමක් හටගන්නා ස්වභාවය ඇත් නම් ඒ සියල්ල නැසෙන ස්වභාවය ඇත්තේ යැ’යි පහ වූ කෙලෙස් රජස් ඇති, පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස පහළ විය.

5. අථ ඛො සුප‍්පබුද‍්ධො කුට‍්ඨී දිට‍්ඨධම‍්මො පත‍්තධම‍්මො විදිතධම‍්මො පරියොගාළ‍්හධම‍්මො තිණ‍්ණවිචිකිච‍්ඡො විගතකථංකථො වෙසාරජ‍්ජප‍්පත‍්තො අපරප‍්පච‍්චයො සත්‍ථුසාසනෙ උට‍්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සුප‍්පබුද‍්ධො කුට‍්ඨී භගවන‍්තං එතදවොච: “අභික‍්කන‍්තං භන‍්තෙ, අභික‍්කතං භන‍්තෙ, සෙය්‍යථාපි භන‍්තෙ, නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛන‍්තී”ති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං භන‍්තෙ භගවන‍්තං සරණං ගච‍්ඡාමි, ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භගවා ධාරෙතු, අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගත”න‍්ති.

5. එ කල්හි සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම දක්නා ලද සිවුසස් දහම් ඇත්තේ නුවණින් පැමිණි සිවුසස් දහම් ඇත්තේ, ප්‍රකට වූ සිවුසස් දහම් ඇත්තේ, නුවණින් බැසගත් සිවුසස් දහම් ඇත්තේ, ඉක්මි සැක ඇත්තේ, පහවූ විමති ඇත්තේ, ශීලාදිගුණයන්හි විශාරද බවට පැමිණියේ, බුද්ධශාසනයෙහි පරප්‍රත්‍යය නැත්තේ, හුනස්නෙන් නැගී සිටැ, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ ගත්තේ ය. එකත්පසෙක හිඳ ගත්තා වූ ම සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේ ය: “වහන්ස, දේශනාව අභිකාන්ත ය. වහන්ස, දේශනාව අභිකාන්ත ය. වහන්ස, යම්සේ මුණින් නමා තබන ලද්දක් උඩුකුරු කොට තබන්නේ ද, වැසුණු දැයක් හෝ විවර කරන්නේ ද, මංමුළා වූවකුට මඟ කියන්නේ ද, “ඇස් ඇත්තෝ රූප දකින්නාහ’හි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පවසන ලද්දේ ය. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යෙමි, භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවිහිම් කොට සරණ ගිය උපාසකයකු කොට සලකන සේක් වා” යනු යි.

6. අථ ඛො සුප‍්පබුද‍්ධො කුට‍්ඨී භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො, සමාදපිතො, සමුත‍්තෙජිතො, සම‍්පහංසිතො, භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

6. එකල්හි සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් දක්වන ලද්දේ, උත්සාහවත් කරන ලද්දේ, සතුටු කරන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ වචන පිළිගෙන, සතුටු ව, හුනස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

අථ ඛො සුප‍්පබුද‍්ධං කුට‍්ඨිං අචිරපක‍්කන‍්තං ගාවී තරුණවච‍්ඡා අධිපාතෙත්‍වා ජීවිතා වොරොපෙසි.

ඉක්බිත්තෙන් නික්මැ ගිය නොබෝ වේලා ඇති සුප්‍රබුද්ධ කුෂ්ඨියා පැටවස්සකු ඇති දෙනක් ඇන බිම හෙළා දිවියෙන් තොර කළා ය.

7. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: “යො සො භන‍්තෙ, සුප‍්පබුද‍්ධො නාම කුට‍්ඨී භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො, සමාදපිතො, සමුත‍්තෙජිතො, සම‍්පහංසිතො, සො කාලකතො. තස‍්ස කා ගති, කො අභිසම‍්පරායො”ති?

7. එ කල්හි බොහෝ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාහ. එකත්පසෙක හුන්නාවූ ම ඒ භික්‍ෂූහු “වහන්ස, යම් සුප්‍රබුද්ධ නම් කුෂ්ඨියෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු ලා දක්වන ලද්දේ ද, සමාදන් කරවන ලද්දේ ද, උත්සාහවත් කරන ලද්දේ ද, සතුටු කරවන ලද්දේ ද, හේ කලුරිය කළේය. ඔහුගේ ගතිය කවර යැ, පරලොවැ පැවැත්ම කවර යැ?” යි ඇසූහ.

8. “පණ‍්ඩිතො භික‍්ඛවෙ, සුප‍්පබුද‍්ධො කුට‍්ඨී. පච‍්චපාදි ධම‍්මස‍්සානුධම‍්මං, න ච මං ධම‍්මාධිකරණං විහෙසෙසි. සුප‍්පබුද‍්ධො භික‍්ඛවෙ, කුට‍්ඨී තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනො”ති.

8. “මහණෙනි, සුප්‍රබුද්ධ නම් කුෂ්ඨි තෙම පණ්ඩිත ය. ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වී ය. ධර්‍මාවබෝධ කාරණයෙන් මා නො වෙහෙසී ය. මහණෙනි, සුප්‍රබුද්ධ නම් කුෂ්ඨි තෙම තුන් සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් සෝවාන් වූයේ, අපායට නොවැටෙන ස්වභාව ඇත්තේ, සම්‍යක‍්ත්‍වනියමයෙන් නියත වූයේ, ඉදිරි මාර්‍ගත්‍රය (සම්බෝධිය) ප්‍රතිෂ්ඨා කොට ඇත්තේ වි යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

9. එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “කො නු ඛො භන‍්තෙ, හෙතු, කො පච‍්චයො යෙන සුප‍්පබුද‍්ධො කුට‍්ඨී අහොසි, මනුස‍්සදළිද‍්දො මනුස‍්සකපණො මනුස‍්සවරාකො?”ති.

9. මෙසේ කී කල්හි එක්තරා මහණෙක් “වහන්ස, යමෙකින් සුප්‍රබුද්ධ තෙම කුෂ්ඨ ඇත්තේ වී ද, මිනිසුන් අතුරෙහි ඉතා දිළින්දෙක්, මිනිසුන් අතරෙහි ඉතා දුගියෙක්, මිනිසුන් අතරෙහි ඉතා ම දීනයෙක් වී ද, එයට හේතුව කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ”? යි ඇසීය.

10. “භූතපුබ‍්බං භික‍්ඛවෙ සුප‍්පබුද‍්ධො කුට‍්ඨී ඉමස‍්මිං යෙව රාජගහෙ සෙට‍්ඨිපුත‍්තො අහොසි. සො උය්‍යානභූමිං නිය්‍යන‍්තො අද‍්දස තගරසිඛිං පච‍්චෙකබුද‍්ධං නගරං පිණ‍්ඩාය පවිසන‍්තං, දිස‍්වානස‍්ස එතදහොසි: “ක්‍වායං කුට‍්ඨී කුට‍්ඨිචීවරෙන විචරතී’ති, නිට‍්ඨුභිත්‍වා අපසබ්‍යතො කරිත්‍වා පක‍්කාමි. සො තස‍්ස කම‍්මස‍්ස විපාකෙන බහූනි වස‍්සානි බහූනි වස‍්සසතානි බහූනි වස‍්සසහස‍්සානි බහූනි වස‍්සසතසහස‍්සානි නිරයෙ පච‍්චිත්‍ථ. තස‍්සෙව කම‍්මස‍්ස විපාකාවසෙසෙන ඉමස‍්මිං යෙව රාජගහෙ කුට‍්ඨී අහොසි, මනුස‍්සදළිද‍්දො මනුස‍්සකපණො මනුස‍්සවරාකො. සො තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං ආගම‍්ම සද‍්ධං සමාදියි, සීලං සමාදියි, සුතං සමාදියි, චාගං සමාදියි, පඤ‍්ඤං සමාදියි. සො තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං ආගම‍්ම සද‍්ධං සමාදියිත්‍වා සීලං සමාදියිත්‍වා සුතං සමාදියිත්‍වා චාගං සමාදියිත්‍වා පඤ‍්ඤං සමාදියිත්‍වා කායස‍්ස භෙදා පරං මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නො දෙවානං තාවතිංසානං සහබ්‍යතං. සො තත්‍ථ අඤ‍්ඤෙ දෙවෙ අතිරොචති වණ‍්ණෙන චෙව යසසා චාති.

10. “මහණෙනි, පෙර වූවක් කියම්. සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම මේ රජගහ පුරයෙහි ම සිටුපුතෙක් විය. හේ උයන්බිමට යන්නේ නුවරට පිඬු පිණිස පිවිසෙන තගරසිඛී පසේබුදු දිටී. දැක ඔබට “සිවුරෙන් ඇඟ වසා හැවිදුනා මේ කුෂ්ඨියා කවරෙක් දැ?”යි මේ සිත විය. මෙසේ සිතා කෙළ එව අපසව්‍ය (නිගරු) කොට නික්ම ගියේ ය. හේ ඒ කර්‍මයේ විපාකයෙන් බොහෝ හවුරුදු, බොහෝ සිය ගණන් හවුරුදු, බොහෝ දහස්ගණන් හවුරුදු, බොහෝ සියදහස්ගණන් හවුරුදු නිරයේ පැසුණේය. ඒ කර්‍මයේ ම ඉතිරි විපාකයෙන් මේ රජගහ පුරයෙහි ම මිනිස්දිළින්දෙක් වූ මිනිස්දුගියෙක් වූ මිනිස්දීනයෙක් වූ කුෂ්ඨියෙක් විය. හේ තථාගතයන් දෙසූ ධර්‍මවිනය නිසා සැදැහැ සමාදන් කොට ගත්තේ ය. සිල් සමාදන් කොට ගත්තේ ය. බහුශ්‍රුත බව සමාදන් කොට ගත්තේ ය. ත්‍යාගය සමාදන් කොට ගත්තේ ය. ප්‍රඥාව සමාදන් කොට ගත්තේ ය. හේ තථාගතප්‍රවේදිත ධර්‍මවිනය නිසා ශ්‍රද්ධාව සමාදන් කොට ගෙන, ශීලය සමාදන් කොට ගෙන, ශ්‍රැතය සමාදන් කොට ගෙන, ත්‍යාගය සමාදන් කොට ගෙන, ප්‍රඥාව සමාදන් කොට ගෙන, කාබුන් මරණින් මතු සුගති සගලොව පැමිණියේ, තව්තිසාවැසි දෙවියන්ගේ සහභාවයට පැමිණියේ ය. හේ එහි පැහැයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක් මැ බබළා”යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

11. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

11. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූහ:

“චක‍්ඛුමා විසමානීව විජ‍්ජමානෙ පරක‍්කමෙ. පණ‍්ඩිතො ජීවලොකස‍්මිං පාපානි පරිවජ‍්ජයෙ”ති.

“නුවණැස් ඇති පණ්ඩිත තෙමේ කායික වීර්‍ය්‍ය පවත්නා කල්හි විෂම ඇත් අස් ආදීන් මෙන් මේ සත්ලොවෙහි පාපයන් දුරැ ලන්නේ ය.”